"මොකද රවන්නේ සුදු අයියේ?"
"රවන්නේ? අර නැට්ටිච්චියෝ මගේ බෑන්ඩ් ලීඩර් ට කෙල හලන නිසා!" බෑන්ඩ් යුනිෆෝම් එකට රෙශඛ්‍ය පිස්සු හදවන තරම් ලස්සනයි. කාටත් දෙපාරකට වඩා බලන්න හිතෙන තරම්ම.
"හරි එහෙනම්," කියලා මගේ අත අරන් එයාගේ phone එකෙන් අපි දෙන්නගේ අත් දෙකේ photo එකක් අරන් එයාගේ instagram
එකට ගිහින් එයාම
'Taken' කියලා දාලා පෝස්ට් කරා.
"රෙශඛ්‍ය ඔයාට පිස්සුද? යුනිෆෝම් එකත් පේනවා!"
"කමක් නෑ. පේන්න තමයි දෑම්මේ!" කියලා මගේ නහයට ඇඟිල්ලෙන් ඇන්නා.
"ඔයාට නම් හොඳටම පිස්සු!"
'සවී.... මගේ සවී.... අනේ සවී මාව බේරගන්න!'
"ආශූ!!!"
"සවේන්! උඹ ආයේ හීනෙන් බය වුනාද?" තුර්ශ මාව උරහිස් වලින් අල්ලලා හොලවද්දි මන් පියවි සිහියට එනකොට මාව දාඩියෙන් නෑවිලා.
"තුර්ශ, ආශූ අනේ ආශුව බේරගමු තුර්ශ!"
"සවේන්!" තුර්ශ මාව බදාගත්තම මන් ආයේ ඇඬුවා
"බලහන් තුන් මාසේ දානේ හෙට. උඹ හැමදාමත් වගේ රෑට හීනෙන් බය වෙනවානේ"
"ආශූ මට කතා කරනවා තුර්ශ!"
"සවේන් හොඳ සිහියට වරෙන්. අයුශ් නෑ. මේ වතුර එක බීපන්!"
තුර්ශ මට වතුර එකක් පොවලා මූනට වතුර ටිකක් ගැහුවම තමයි මට හරි සිහිය ආවේ. අයුශ්ගේ මතකය තාමත් මාව හොල්මන් කරනවා. කොයි තරම් උත්සහ කරත් මට එයාව අමතක කරන්න බෑ. එයා නැති වුනේ මන් නිසා කියන වරදකාරී හැඟීම මට නොසෑහෙන්න වද දෙනවා.
"මේක හරියන්නේ නෑ සුදු චම්මට කියෝලා උඹට ගලේ පන්සලේ හාමුදුරුවොන්ගෙන් නූලක්වත් ගැටගස්සවන්න වෙනවා! කෝ දැන් නිදාගනින්!" තුර්ශ මගේ කොට්ටේ හැදුවම මන් කොට්ටෙට ඔලුව තියා ගත්තම තුර්ශ මාව බදාගත්තා. මන් ඌට තව ටිකක් තුරුල් වුනා.
හාමුදුරුවෝ 18ක් වඩම්මලා තුර්ශලා ගෙදර දානේ දුන්නේ අයුශ් නැති වෙනකොට වයස 18ක් වෙච්ච නිසා. දානේ ඉවර වෙලා හාමුදුරුවොන්ව ගලේ පන්සලට වඩම්මන්න රෙශඛ්‍ය එක්ක එයාගේ අම්මයි, තාත්තයි, අපේ අම්මයි, තාත්තයි, ඔක්කොමල්ලා ගියේ මට නූලක් ගැටගස්සවන්න. අපි හිටියේ රතු මැදලා තිබ්බ පරණ තාලේ ආවාස ගෙයි පිළිකන්නේ බිම ඉඳගෙන. හාමුදුරුවෝ ඇඳි පුටුවක වාඩි වෙලා උන්නා.
"අනේ ලොකු හාමුදුරුවනේ අපේ මේ පුතා හැමදාම වගේ රෑට හීනෙන් බය වෙනවා අර නැති වෙච්ච දරුවා හීනෙන් දැකලා" රෙශඛ්‍යගේ අම්මා ගොඩක් වයසක ගලේ පන්සලේ නායක හාමුදුරුවන්ට කිව්වම හාමුදුරුවෝ තට්ටේ අත ගාලා මගේ දිහා හොඳට බැලුවා,
"සරස්වතී...."
"හාමුදුරුවනේ?" රෙශඛ්‍යගේ අම්මා ඇහුවම
"කොල්ලට සරස්වතී බැල්ම තියෙන්නේ" හාමුදුරුවෝ පඩික්කම අරන් බුලත් කෙල ගැහුවා.
"කොල්ලෝ ආන් අර බුලත් අතේ කැමති තැනකින් මට අරන් දීපන්!" මන් පිරිත් පැන් කලේ එක්ක තිබ්බ බුලත් හුරුල්ලේ මැද හරියෙන් මන් බුලත් කොලයක් අරන් හාමුදුරුවන් අතට දුන්නම,
"පොඩි නම..." කිව්වම අවුරුදු 12ක විතර පොඩි සාදු කෙනෙක් වැඩියම
"තෙල් කුප්පිය ගෙනාවනම්"
"එහෙමයි!" කියලා පොඩි සාදු එලියට බැහැලා දේවාලේ පැත්තට ගිහින් පොඩි තෙල් කුප්පියක් ගෙනැවිත් හාමුදුරුවොන්ගේ අතේ තිබ්බම හාමුදුරුවෝ ඒකෙන් තෙල් ටිකක් අරන් මන් දුන්නු බුලත් කොලේ මොනාදෝ මුමුන මුමුන රවුමට ගාලා පිරිත් පැන් කලේ එක්කම තියලා තිබ්බ පහනට අල්ලලා ඇස් පුන්චි කර කර ඒක දිහා බැලුවා.
"ම්ම්ම් යසයි යසයි! ගිහින් නෑ නේ බොලව්!" එහෙම කිව්වම රෙශඛ්‍යගෙ අම්මා මගේ දිහා බය වෙලා බැලුවා. මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.
"කවුදෑ උඹව ඔය අල්ලන් ඉන්න මල පෙරේතයා?" හාමුදුරුවෝ තවමත් බුලත් කොලේ දිහා බලන් දොඩෝනවා.
"අප්පච්චි?"
"මොනෑද උන්දැලට ඕනෑ?"
"සවී?" හාමුදුරුවෝ එහෙම කිව්වම මන් විතරක් නෙමේ රෙශඛ්‍යත් ගැස්සුනා. මන් රෙශඛ්‍යගේ මූන දිහා බැලුවම එයාත් මන් දිහා බලන් හිටියේ මන් තරම්ම බයකින්.
"කොල්ලෝ උඹද සවී?" හාමුදුරුවෝ මගෙන් ඇහුවම මගේ සරුවාංගෙම ගැහෙන්න ගත්තාම අම්මා මාව අල්ලගත්තාම මන් 'ඔව්' කියලා ඔලුව වැනුවා.
"උඹේ යාලුවා උඹෙන් උදව් ඉල්ලනවා. මන් ටක්කෙටම කිව්වා නේ?" හාමුදුරුවෝ කහට ගැහිච්ච දත් පෙන්නලා හිනා වුනත් මටනම් ඒ අහපු ප්‍රශ්නයේ කිසිම හාස්‍ය රසයක් නෑ.
"මේ ළමයා එක්ක නැති වෙච්ච ඒ කොල්ලගේ අප්පට උඹලා පින් දුන්නද?"
"නෑ හාමුදුරුවනේ. තාත්තා වැඳගෙන කිව්වම"
"හං! ඒක තමයි කාරණාව! ඔය කොල්ලා! ටික දොහක් යනකන් රෑට තනිපංගලෙම එලි නොබහිනවනම් ඇඟට හොඳා. දෙහි ටිකක් කපමු. මේ මල පෙරේත ආත්මයක් උඹේ යාලුවාව අල්ලන් ඉන්නේ ඌට උඹලා දෙන පින් වලට කෙල හල හල. ඌට සැනසීමක් ලැබෙන්නේ නෑ මේ පෙරේත ආත්මේ උගෙන් අහෝසි කරන්නේ නැතුව." හාමුදුරුවෝ ආයේ බුලත් කොලේ බැලුවා
"අලු?"
"කෑලණියට?"
"හොඳා!"
"මේ කොල්ලගේ අලු කොයි?" හාමුරුවෝ තාත්තගෙන් ඇහුවම,
"හාමුදුරුවනේ අපි තාම මුකුත් කරේ නෑ. ගෙදර තියනවා."
"හොඳයි එහෙනම්, අලු ටික මේ කොල්ලගේ අතින් කැළණි ගඟට දාන්න. අහවරයි නොවැ?" හාමුදුරුවෝ මාව පෙන්නලා කියලා
"මල පෙරේත ආත්මේ කපන්න කෙම්මුර දවසක් කැපයි. ඊට කලියෙන් අලු ටික කැළණියට දාලා, මේ නැති වෙච්චි කොල්ලගේ අප්පාගේ නමින් දානයක් දීලා පින් දෙන්න ඕනෑ."
"හොඳමයි හාමුදුරුවනේ!" රෙශඛ්‍යගේ තාත්තා කිව්වම,
"මන් ලියා දෙන බඩු ටික එක්කාසු කොරන් එන සෙනසුරාදා රෑ 8 වෙනකොට වරෙල්ලා! මේ කොල්ලා එන්ටම ඕනෑ." හාමුදුරුවෝ මට ඇඟිල්ල දික් කරාම මන් 'හා' කියලා ඔලුව වැනුවා.
"ආත්ම දෙකම ජය සිරි මහා බෝදියට භාර කරමු. මන් කොහොමත් ඔය හිර කොරන වැඩ වලට මානාප නෑ!" හාමුදුවෝ තට්ටේ අත ගගා කිව්වම
"එහෙමයි එහෙමයි හාමුදුරුවනේ" රෙශ්ඛ්‍යගේ අම්මා හාමුදුරුවොන්ට වැන්දා.
"අහ් මෙහෙට ආවනම් කොල්ලෝ!" හාමුදුරුවෝ මට කතා කරාම මන් දණ ගහගෙනම හාමුදුරුවෝ ලඟට ගිහින් ඉඳගත්තා.
"පොඩි නම..., දෙහි ගෙඩි හතක් දේවාලේ කහ වතුර මුට්ටියට දාලා හෝදලා ගිරෙත් එක්ක ගෙනාවනම්!"
"එහෙමයි!" පොඩි හාමුදුරුවෝ ආයේ එලියට වැඩියාම හාමුදුරුවෝ ආයේ මන් දිහා බලන් හිටියා
"නටනවා?"
"එහෙමයි හාමුදුරුවනේ!"
"කොල්ලෝ, උඹේ නැති වෙච්ච එකා උඹව අත අරින්නේ නෑ!"
"අනේ හාමුදුරුවනේ!" අම්මා කෑ ගැහුවම,
"බය වෙන්ට කාරි නෑ. කොල්ලට කරදරයක් වෙන්නේ නෑ."
දෙහි කපලා ඉවර වෙලා පිරිත් නූලකුයි තව මොනාදෝ කහපාට, රතු පාට නූල් දෙකකුයිත් මගේ අතේ බැඳලා,
"සෙනසුරාදා වෙනකන් මස්,මාලු, පිලී තහනම්, තෙල් කෑම, බැදුම් අකැපයි. තේරුනාද?"
"එහෙමයි හාමුදුරුවනේ!"
"පුතේ මේ ටික ඔහෝම්මම හලලා කලේ ගඟටම දාන්න!" අම්මා මට ආශුගේ අලු මුට්ටිය දුන්නම මට වාවගන්න බැරි වුනාම රෙශ්ඛ්‍ය මගේ උරහිසට තට්ටු කරලා "හැමදේම හරියයි අයියේ!" කිව්වම මන් අලු ටික පාලමෙන් පහලට හලනකොට හුළඟට අහු වෙච්ච අලු මගෙන් ඈතට පාවෙලා යනකොට වැඩිපුර අලු වතුරට වැටිලා ගහගෙන යනවා මන් බොඳ වෙච්ච ඇස් වලින් බලන් හිටියා. මුට්ටිය හිස් වුනාම රෙශඛ්‍යයි මමයි දෙන්නම කලේ ගඟට විසික් කරා. රෙශඛ්‍ය මගේ උරහිස වටේ අත යවලා,
"අයුශ් අයියේ... ඔයා සැනසීම හොයාගන්න. මන් ඔයාගේ සවීව ඔයාටත් වඩා හොඳට බලාගන්නවා. මන් පොරොන්දු වෙනවා." රෙශඛ්‍ය ගහන් යන කලේ දිහා බලන් කියනකොට මන් එයාගේ පපුවට ඔලුව තියා ගත්තා.
"අපි යන් සුදුමහත්තයා!" තාත්තා කතා කරාම අම්මයි, මමයි, රෙශඛ්‍යයි කාර් එකට නැග්ගා.
"පුතා රෙශඛ්‍ය ඉස්සරහට එන්න!" තාත්තා කිව්වම රෙශඛ්‍ය හිනා වෙලා ඉස්සරහා පැසෙන්ජර් සීට් එකෙන් ඉඳගත්තා.
"පුතා දැන් මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ? E soft එකටම වැඩට යන්නද කල්පනාව?" තාත්තා ඇහුවම රෙශඛ්‍ය හිනා වුනා
"අංකල් මන් London A/Ls කරන්න ඉන්නේ Commerce stream එකෙන්. ඒ නිසා E soft යන්න වෙන්නේ නෑ!" රෙශඛ්‍යයි තාත්තයි දෙන්නම හිනා වුනා.
"ඊටපස්සේ UK යන්න තමයි හිතන් හිටියේ. ඒත්..." කියලා රෙශඛ්‍ය පිටිපස්ස හැරිලා මන් දිහා බැලුවම තාත්තා,
"අයියා ගැන වද වෙන්න එපා. එයා නීතිය කරන්න නේ කැමති. එහෙමයිනේ සුදුමහත්තයා?" තාත්තා rear mirror එකෙන් මන් දිහා බලලා හිනා වුනාම, මන් 'ඔව්' කියලා ඔලුව වැනුවා.
"සුදුමහත්තයා එංගලන්තේ යන්න කැමතිද?"
"තාත්තේ?"
"දෙන්නම හොඳට විභාග කරගන්න. ඊටපස්සේ අපි බලමු" කිව්වම අම්මාත් හිනා වුනා.
"රෙශඛ්‍ය පුතාගේ ගෙදරින් දන්නවද මේ ගැන?" තාත්තා ඇහුවම
"තාම නෑ අංකල්, නෑ මන් කියන්නේ අංකල් ලට වගේම එයාලටත් තේරෙන්න ඇති. ඒත් මන් නිල වශයෙන් දැනුම් දීලා නෑ තාම" කියලා රෙශඛ්‍ය හිනා වුනාම මන් හතර අතට ඇඹරුනා. මගේ මූන රතු වෙන නිසා මන් අම්මගේ උකුලට වැටිලා මූන අම්මගේ බඩ අස්සේ හංගගත්තම අම්මා තව හිනා වුනා.
"කවදද දැන් කියන්න හිතන් ඉන්නේ?" තාත්තා ඇහුවම,
"Results ආපු ගමන් කියනවා අංකල්! හෙට එනවා කියලා තියෙන්නේ. ආවොත් හෙටම කියනවා!"
"හොඳයි. කිව්වට පස්සේ වජිරට කියන්නකෝ මට කෝල් එකක් දෙන්න කියලා. කොහොමත් දැන් සෙනසුරාදා එහේ එන්න එපැයි."
"හරි අංකල්!"
"රිවිර, මිහිරි ඔය දෙන්නට ස්තූතියි කරන්න අපිට වචන නෑ! අපේ පුතාව තමන්ගේ වගේ බලා ගත්තා මාස තුනක්ම! කිසිම බයක් අපිට දැනුනේ නෑ මෙහේ ඉන්න නිසා පුතා!" තාත්තා කියද්දි තුර්ශ මගේ ලගේජ් එක අරන් පහලට ඇවිත් මාව බදාගත්තම මට ඇඬුනා. ඌටත් ඇඬුනා.
"මට උඹ නැතුව දැන් නින්ද යන එකක් නෑ සවේ!"
"මටත් එහෙමයි මගේ පන!"
"අංකල් මන් සවේන් වෙ තියා ගන්නම්කෝ!" තුර්ශ කඳුලු පිහිද පිහිද කියද්දි,
"අනේ පුතේ අපිටත් ඉන්නේ ඉතින් ඔච්චරයිනේ. මේ මාස තුනේ ගෙදරම මුස්පේන්තුයි. අර රෙක්ස්! ඌටත් සාංකාවනේ" අම්මා කිව්වම මන් තුර්ශගේ ඔලුව අත ගෑවා.
"මන් උඹේ birthday එකට ඉන්නම එනවනේ බන්! තව සතියයිනේ" එහෙම කිව්වම තුර්ශ්‍යා නංගිත් ඇවිත් මාව බදාගත්තා
"මට පාලුයි අයියා නැති වුනාම! සුකුරුත්තන් කෑම හදන්න වෙන්නේ තනියෙන් දැන්!" කියලා මූන අකුලගත්තා.
"ආයේ ආවම හදමුකෝ සුදු නංගි!"
රිවිර අංකල් ටයි, මිහිරි ආන්ටිටයි බිම පෙරලි පෙරලි වැන්දත් මදි. ආච්චි අම්මාටත් එහෙමයි. ආච්චි අම්මා මාව හොඳටෝම ඉම්බා. ඉතින් මාස තුනක් ලැගුම් ගත්ත සදාධරණීය සිරිවර්ධන නිවසට ටික දවසකට ආයුබෝවන් කියලා මන් ආයේ ගෙදර ආවම රෙක්ස් මාව බිම දමාගෙන ලෙව කෑවා.
"මැලිබන් මුදලාලිට මන් ක්‍රීම් ක්‍රැකර් ගෙනාවා" කියලා බිස්කට් පහක්ම දැම්මමා කලු සුදු මහත්තයා පිස්සෙක් වගේ ඒවා බර බර ගාලා කෑවා.
"රෙශඛ්‍ය!!! ඔයාගේ results!" වීඩියෝ කෝල් එක ගත්තම මන් කෑ ගැහුවා.
"I KNOW RIGHT!!!!"
"A9ක්!"
"ඔව්! සුදු නංගිටත්!"
"සිරාවට? අම්මෝ පිස්සුයි වගේ!"
"හෙලෝ හෙලෝ සවේන් පුතා රෙශඛ්‍යට A9ක්!"
"ඔව් ඔව් ආන්ටී! මන් දැක්කා!!!"
"හෙලෝ නුවනි නංගි! අනේ කොච්චර දෙයක්ද නේද? ඔහොම ඉන්න සාගරට දෙන්න!"
"හා හා නිමාලි අක්කේ!"
"හෙලෝ ආහ් නුවනි, වජිර, රෙශ්ඛ්‍ය පුතාගේ results දැකලා අපිට බොහොම සතුටුයි!"
"අනේ අපිටත් හිතා ගන්න බෑ සාගර අයියේ. මූ මේ මජං නාගෙන ඕන වෙලාවක, එක්කෝ හොරෙන් වාහනයක් රෝන්දේ ගිහින්"
"කොහොමහරි කොල්ලා වැඩේ ගොඩ දාන් නේ!"
"ඒකනේ ඒකනේ සාගර අයියේ!"
"තාත්තේ මේ සාගර අංකල් ලට අද මෙහේ එන්න කියමුද?"
"ආහ් ඔව් ඔව් මොකෝ බැරි? හවසට මේ පැත්තේ එන්න සාගර අයියේ!"
"හැමෝම අහගන්න!!! අද තාත්තා වෙනුවට මන් කතාවක් කරන්න යන්නේ!" රෙශඛ්‍ය මයික් එකත් අරන් පැමිණ සිටින සියලු මයුරවංශලාට සහ පෙරේරලාට කතාවක් පවත්වන්න යද්දි මගේ ඇඟ හීතල වෙලා ගියා. මන් තුර්ශගේ අත තද කරලා අල්ලගත්තම ඌ මගෙන් 'මොකෝ' කියලා ඇහුවම මන් 'මුකුත් නෑ 'කියන්න ඔලුව වැනුවා.
"මගෙයි සුදු නංගිගෙයි ප්‍රතිඵල දැකලා හැමෝම සතුටෙන් ඉන්නේ කියලා දන්නවා. ඉතින් මට අද තව සතුටු ආරංචියක් හැමෝටම කියන්න තියනවා. තාත්තයි අම්මයිනම් දන්නවා. මන් එයාලට උදේම කිව්වා. මන් සවේන් අයියගේ තාත්තට පොරොන්දු වුනා වගේම!" රෙශඛ්‍ය තාත්තගේ මූන දිහා බැලුවම තාත්තා හිනා වුනා.
"අම්මටයි තාත්තටයි මන් ස්තූති කරනවා මගේ හැඟීම් තේරුම් ගත්තට. ඒවගේම ලොකූ ඔයාටයි රුක්මනීටයිත්! ඔයාලා නිසා අපිට වැඩේ ලේසි වුනා!" ආයේ ඔක්කොම හිනා වුනා.
"සුදු අයියේ මෙහේ එන්නකෝ!" කිව්වම මන් උඩ බිම බලන්කොට තුර්ශ මාව ඉස්සරහට තල්ලු කරා. රෙශ්ඛ්‍ය මගේ අතින් අල්ලන් ළඟට කරගත්තම තුර්ශ විසිල් එකක් ගැහුවම ඔක්කොමලා හිනා වුනා. අපි දෙන්නා නම් දාපු "අයාන් නෙලීශ" පුංචි බටු ඇටෙත් කෙල පෙර පෙර හිනා වුනා.
"පළවෙනි වතාවටයි මයුරවංශලාට කියන්නේ, මට සවේන් අයියව යාලුවෙක්ට වඩා දැනෙනවා කියලා"
මට ලැජ්ජයි!
"මන් හිතන්නේ ඔයාටත් එහෙමයි නේද සුදු අයියේ?" කියලා මගේ දිහා බැලුවම මන් 'ඔව්' කියලා ඔලුව වනලා එයාගේ පිටිපස්සට ගිහින් හැංගුනා.
"අපි දැනන් හිටියා! හැබැයි කිව්වේ නෑ!" කියලා නුවී නංගි කිව්වම ඔක්කොමලා හිනා වුනා!
"හොඳයි එසේනම් පිලිගන්න වේදිකාවට අපේ කොලොප්පන්දූවේ මහරජතුමා සහ අගබිසවුන් වහන්සේ!"
"නෑ නෑ එකම බිසවුන් වහන්සේ!" රෙශඛ්‍ය ගෑ ගැහුවම තුර්ශ,
"ආ සොරි වෙන්න ඕනා! වන් ඇන්ඩ් ඔන්ලි බිසවුන් වහන්සේ!"
පලැවෙනි පාර නෙමේ මයුරවංශලා ඉස්සරහා නටන්නේ. හැබැයි රෙශඛ්ය එක්ක නටන්නේම පලවෙනි වතාවට. ඒකත් කපල් ඩාන්ස් එකක්. හැබැයි මන් තාලෙට අඩිය තියන් එනකොට ප්‍රතිචාර උණුසුම්! ඒ නිසා නිකන්ම නැටවෙනවා.
රෙශඛ්‍ය බිමට නැවිලා කකුල් තිබ්බම මන් එයාවේ දණිස් උඩින් කකුල් මාරුවෙන් මාරුවට තියද්දි එයා දණිස් වලින් මාරුවෙන් මාරුවට ඉස්සරහට ආවා
Endhuku Puttindho Puttindhi
Emo Nuvvante
Mucchatha Puttindhi
"ආහ්!" තුර්ශ කම්මුලට අත් දෙක තියාගෙන මැද්දට පැන්නම ඔක්කොමලා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා!
Pudataane Nee Pichchi Attindhi
Nee Peru Pettindhi
Vayyaaram Voni Kattindhi
Goranta Pettindhi
ආයේ තුර්ශ "ආහ්!"
Saamiki Mukkulo Kattindhi
රෙශක්‍ය මගේ අත එක අතකින් අල්ලන් අනික් අත ඉන වටේ යවලා තාලෙට යනකොට විනුකයි, ලිනුකයිත් ඒ විදිහටම නටන්න ගත්තා.
Chuttamalle Chuttestandhi,
Haa Chuttestandhi
Chuttamalle Chuttesthandhe,
Arere
Chuttamalle Chuttestandhi
Thuntari Choopu
Oorike Undadhu Kasepu
සෙනසුරාදා ගලේ පන්සලේ වතාවත් ඉවර කරලා හාමුදුරුවෝ අයුශ්ටයි එයාගේ අප්පච්චිටයි පින් දීලා නිදහස් කලා. හාමුදුරුවෝ කිව්ව විදිහට ආයේ බය වෙන්න දෙයක් නෑ. පිරිත් කියලා වැඩ ටික ඉවර කරාම හිතට සහනයක් දැනුනා. ඊටපස්සේ දවසේ ඉඳන් මන් රෑට බය වුනේ නෑ. හොඳට නින්ද ගියා.අම්මා කිව්වේ හාමුදුරුවොනම් නියම වැඩ්ඩෙක් කියලා.
"ඔහොම ඉන්න මන් දාන්නම්" රෙශඛ්‍ය නැමිලා මගේ කකුල් වලට සිලම්බු ඇන්දුවේ සමස්ථලංකා නැටුම් තරඟයට මාව ලෑස්ති කරලා ඉවර වෙලා
"සවේන් අයියේ ඔයා අනිවාර්යයෙන් දිනනවා!" රෙශඛ්‍ය මගේ උරහිස් වලින් අල්ලලා හිනා වුනා.
"දින්නොත් ඒ ඔයා නිසයි රෙශඛ්‍ය" එහෙම කියලා මන් වේදිකාවට ගියා. මන් මේ සැරේ නැටුවේ රෙශඛ්‍ය වෙනුවෙන්. එයා මන් දිහා හරිම ආසාවෙන් බලන් හිටියා. එයා, තුර්ශ නැත්තම් මේ දවස නිකන්ම නිකන් හීනයක්.
"කෝ එන්න මන් ගලවන්නම්!" නටලා ඉවර වෙලා ජයග්‍රාහී සහතික පතරයත් අරන් ඉඳගත්තම රෙශඛ්‍ය මගේ සිලම්බු ගලවලා මගේ ඇඟිලි කැපුන තැන් වලට ප්ලාස්ටර් අලවලා බිම දනගහන් මන් දිහා බැලුවම මට හරියට ලෝභ හිතෙනවා.
"ඇඳුම් මාරු කරන් එන්න සුදු අයියේ.... මන් ඔයාව අද එලියට අරන් යනවා ඔයා දින්නන්නේ!"
"හ්ම්ම්! කොහෙද එක්කන් යන්නේ මාව?"
"එහෙම කිය කිය අරන් යන්න බෑ!"
"හ්ම් හරි! තුර්ශ?" මන් බැල්කනි එකට වෙලා අහස දිහා බලන් ඉන්න තුර්ශ දිහා බලන් ඇහුවම,
රෙශඛ්‍ය නැගිටලා මන් ඉඳන් හිටපු පුටු ඇන්දට අත් දෙක තියලා මගේ මූණට පහත් වෙනකොට පායින් පත් එයාගේ නලලේ වැදුනා. එයා නෙත්ති මාලය යටින් ඇඟිල්ල ගෙනිහින් මගේ නලලේ තිබ්බ දාඩිය පිහිදැම්මම මට ආශුව මතක් වුනා.
"ඔයාව මන් එක්කන් යන්නේ ඔයත් එක්ක 'තනියම' ඉන්න"
"අහ්?"
මතු සම්බන්ධයි...