LightReader

Chapter 40 - 40

ඉන්..ධර්...අනෙ...ඉන්ධර් අනෙ....තෙහස්....මේ අහන්නකො...

වර ඇතුලට....එලියෙ ඉදලා.....මට තෝවත් නැති කරන්ඩද හදන්නෙ...!

දඩාස්.....!!

මං දොර ගාව හිටගන කන් දෙක අත් දෙකෙන් වහගත්තා...මොකද ඒ තරම් තදේට ඉන්ධර් දොර වැහුවා...තවමත් බාල ගිරිදෝසෙ අද නෙවෙ හෙට කියලා ලියන්න පමා උන දොර උලු වැහි පවා හෙලවිලා ගියා....

හත් මුතු පරම්පරාවක්ම ලැග්ග මහ සෝබනේට තිබුන ඉරුගල්බන්ඩාර වලව්ව හෙන හතක් එක පිට පිපිරුව වගේ දොර උලු වහු හෙළවිලා ගියා....

මං දැකලා නෑ....මන් මගෙ ජීවිතේ කිසිම තැනක ඉන්ධර් මෙහෙම හැසිරෙනවා දැකලා තිබුනෙ නෑ....

මල් කැටයම් කපාපු අල්මාරියෙ පියන ඇරපු ඇරිල්ලට මල් පෙති ටික හැලිලා ගියා...ඇදන් උන්න තුවායට යටින් යට කලිසම ඇද ගත්තු ඉන්ධර් තුවාය ගලවලා ඇදට වීසි කරනකොට බය වෙලා උන්න මන් ඇස් වල කදුලු පුරවන් පපුව අල්ලන් උන්නා.....

බලාගන ගියහම මේ උලු වහු වල ගහන්ඩ ඕනෙ බාලගිරියගෙන් මයෙ පැටියව රැකගන්ඩ කියලා නෙව....මයෙ අම්මන්ඩිගෙන්ම පැටියව රකින්ඩ කියලනෙ....

උඹලගෙත් තියන මුරන්ඩු කමට...කොයි වෙලෙත් වින කටින්ඩ බලන් ඉන්න අම්මන්ඩි ඉන්න බව දැන දැනම මහ පාන්දර එලි බැස්සා.....මයෙ අම්මන්ඩි උනත්.....මහ දේව දත්තකෙනෙක් ...නාලගිරිට රා පොවලා එවාපු දේව දත්තයා වගේ.....සුරාවට පෙරේත කැතරියට බොන්ඩ දීලා ඒකිට කිව්වා නම් ඔයිට වඩා දෙයක් කරන්ඩ කියලා මං මොනවද බොල කරන්ඩ ඕනෙ...කියාපිය....!

මං මීක් නොගා උන්නා...මට දෙන්ඩ උත්තර නෑ....මට පුලුවන් උනේ නෑ තරහව දරා ගන්ඩ....ආදරේ අධිමාත්‍රාවෙන්ම දෙන.....දෙයක් ඇහුවොත් බඩ පපුව දාලා යන්ඩම ඇයි මයෙ අම්මෙ කියලා කට පුරාවටම කතා කරන ඉන්ධර්ගෙ තරහව මට උහුලන්ඩ අමාරු උනා...

පාරක ගියත් මග තොටක දැක්කත් බෝ ගහක් පින් කැටයකේට පනමක් දැම්මත් බුද්ද රූපය දකින හැම තැනකම මං කෙරුවෙ මයෙ මැනිකෙට පැටියෙක් දරන්ඩ පින් දෙන්ඩ කියලා .....මාසයක් තිස්සෙ උඹලව අඩව අඩව මාත් නැහුනෙ මට දරු පැටියෙක්ගෙ කිරි සුවදට ලෝබ හන්දා...එහෙව් ආව පැටියව මරාගන්නකන් ඉවසිල්ලක් නැති අම්මෙක්නෙ මට ඉන්නෙ....මේවා සංසාර කරුම....බීපු කිරිවල නයද ඔය මගෙන් පියවන්ඩ හදන්නෙ...???

ඉන්ධර් අදිනවා.....සරම් ගැටේ ගහපු ගැහිල්ලට මට හිතුනා ඒ අත් වලට සුගලගෙ බෙල්ල අහු උනා නම් ඒක අඹරවලම ගනී කියලා...ඒ තරම් තදට ඒ ගැටේ ගැහුවා...වෙනදට පිලිවලට අදින ඉන්දර් අද ඇදෙන්නෙ ගිනි කසෙ අතේ තියාගන වෙනකොට ඉන්ධර්ව නිවන්න පුලුවන් එකම කෙනා ඉන්ධර්ගෙ මැනිකෙ...ඉන්ධර්ගෙ දරුවගෙ අම්මා...ඉන්ධර්ගෙ මායියා....ඉන්ධර්ගෙ ඇහල මල උන මම ගිහින් ඉන්ධර්ව මට පුලුවන් විදිහට මං තුරුලු කරගත්තා...

මගෙ තෙහස්....ඇති....රත්තරන් ...ඔය....මං.ඒ තරම්...පව් කරලා නෑ...මගෙ....තෙහස්.....මාව රකින්ඩ...මහා පවුරක් වගෙ....මනුස්සයෙක් දෙයියො මට දීලා තියනකොට....මාර සේනාංකයක් ආවත්...ඒ පවුර කඩාගන එන්න බැරි බව මන් දන්නවා.....මගෙ තෙහස්...උඹල මයෙ වාහෙ රත්තරනෙ....මේ පැටියගෙ අප්පච්චි...

උඹල වගේ මිනිහෙකට ජාතක වෙන්ඩ මේ පැටියා නොසෑහෙන්ඩ පින් කරලා තියනවා.....උඹල වගේ මනුස්ස පරානෙකගෙ ආදරේ ලබන්ඩ.....උඹලගෙ මැනිකෙ වෙන්ඩ මං පින් කරලා තියෙනවා...මං කුරා කූඹියෙක්ට වත්....නිස් කාරනේ වද දීලා නෑ මයෙ තෙහස්....උඹලා විසි හතර පැයම දෙයියන්ට බුදුන්ට මෙ අත් වැද වැද මාවයි....උඹලගෙ පැටියවයි කියනකොට.....මොන යකාටද පුලුවන් තෙහස්...උඹට අයිති කිරි සුවද හෝදවන්ඩ.....

මං ඉන්ධර්ව නිවුවා....යක්ශාවේසෙන් උන්න ඉන්ධර් මගෙ වචන එක්ක චුට්ට චුට්ට නිවිලා ගිහින් මගෙ පොඩි අත් වලින් තුරුලු වෙලා ඉන්න ගමන් මගෙ මුන දිහා බැලුවා.....

දන්නවද...මයෙ ඇසල.....මෙච්චර...කාලෙකට....මං...අස්වද්දපු.....සරුසාරම කන්නෙ...උඹලයි මයෙ අම්මෙ.....මේ කන්නෙ....කවදාවත් නිස්සාර වෙන්ඩ බෑ.....උඹලා....හැමදාම.....ඉනධර්ගෙ නමින්....ඵල දාන්ඩ ඕනෙ...මං උඹලට නොසෑහෙන්න ආදරෙයි මයෙ රත්තරනෙ...

මං උඹලට නොසෑහෙන්න ආදරෙයි.....මට බය හිතුනා මැනිකෙ.....හැමදේම හරි ලස්සනට...අහවර වෙන්ඩ යන කතාවෙ...අවසානම පිටුවට මයෙ අම්මන්ඩි වින කරයි කියලා .....

මට මයෙ පැටියව පරිස්සමින් අතට ගන්ඩ ඕනෙ.....උඹලා....ටිකෙන් ටික මහත් වෙන හැටි...මේ බඩ ගෙඩිය මෝරන හැටි....මේන් මේ බඩ ගෙඩිය ඇතුලෙ...මගෙ කොල්ලා අත පය ගහන හැටි....මට බලන්ඩ ඕනා මයෙ ඇසල.....අප්පච්චු උන...මගෙ අතින් ඉදුල් උන...කෝපි මල්වලින් එරෙන රංකිරි බින්දුවෙන් මයෙ පැටියා බඩ පුරවගන්න හැටි මට බලන්ඩ ඕනෙ.....

මට දුක හිතුනා....ඉන්ධර් අඩනවා....ඒ ඇස් වලින් කදුලු බේරෙනවා.....ආදරේ උතුරන්ඩ දීපු පිරිමි අඩනකොට....හරිද වස්තුවට දරාගන්ඩම බැරි වෙනවා...මාව තුරුලු කරන් උන්න ඉන්ධර් මගෙ හිස් මුදුනට හාදුවක් තියලා මගෙ මූන ඒ මූන දිහාවට හරවගත්තා...

දන්නවද මයෙ ඇහල මල...උඹලගෙ ඉන්ධර්....මැරෙන්ඩ උනත් බය නෑ....ඒත් මයෙ අම්මෙ....මේ ඇස් වලට කදුලු උනන එක තමයි...මං බයම කාරනාව...කාරි නෑ මයෙ රත්තරනේ.... උඹලා....ඒ වලව්වට නොගියට....උඹලා හත් මුතු පරම්පරාවක් දරාපු මේ වලව්වට මයෙ මැනිකෙ වෙලා වරෙල්ලා.....පෝරු..අෂ්ඨක නැති උනාට කාරි නෑ....මයෙ රත්තරන්.....උඹලව මන් මැනිකක් වගේ මේ වලව්වට ගෙන්න ගන්නවා...ඒ යතුරු කැරල්ලට වඩා...මේ වලව්වෙ...යතුරු කැරල්ල බරයි මයෙ ඇසල....උඹලා මගෙ ඇහල මල.....

ඇසල...මං දෙයියො බුදුන්ට වදින මේ අත් දෙක එකට එකතු කරලා වැදලා ඉල්ලන්නම්.....මයෙ අම්මෙ.....අනේ.....පරිස්සම් වෙයල්ලා ..ඔය ඉන්නෙ...උඹයි..මායි .. ඉස් ඉස්සරෝම....වපුරාපු...පලවෙනිම කරල.. .රත්‍තරනේ.....

අනේ...තෙහස්.....එපා...මගෙ....තෙහස්...

මං ඒ අත් දෙක මිරිකගත්තා...දරු කැක්කුම පිටාර ගලන ඉන්ධර්ගෙ ඇස් වලින් හෝ ගාලා කදුලු වැටෙන මට වාවන්න බැරි උනා....

මං පරිස්සම් වෙනවා මගෙ තෙහස්...අනේ නාඩා ඉදින් පැටියගෙ අප්පච්චි උඹ......

මං ඉන්ධර්ගෙ කදුලු පිහදැම්මා...කස්තුරි පාට පපුව මැදටම හාදුවක් තිබ්බා...අවසානෙදි ඉන්ධර් අර අඩාපු ඇස්වලින්ම හිනා උනා...

අම්මලා මග එනවත් ඇති...මයෙ මැනික මූන කට හෝදගනිල්ලා...ආන් මං වතුර එකක් පැහෙන්ඩ තිබ්බා...උඹලා ලිපෙන් බාගන්ඩ ඕන් නෑ...මං ඇවිත් බාලා බේසමට දාලා දෙන්නම්....එතකන් දත් ටික මැදගනින්කො ම්ම්ම්ම්.....උඹලට බර උස්සන්ඩ හොද නෑනෙ රත්තරනෙ.....ම්ම්ම්...

මං හිනා උනා.....ඇති යන්තන්.....ඇවිලුන ගින්න නිවුනා....මං බලාගන උන්නා....ඉන්දර් හැඩ වෙනවා...ගිණි කසෙන් බැට කාපු එකා වගේ ඇදගත්තු ඉන්ධර් ආයම හිමි හිමින් පුරුදු පිලිවලට ඇදගන්නකොට මන් ඒ අක් බඹමරු ගැහුන කොන්ඩෙ ඇගිලි වලින් හදලා ගැට ගැහුවා....වෙනදට ඉන්ධර්ම උඩු අතට කරකවන උඩු රැවුල අද මං කැරකෙව්වා.....

ඇස්වහක් කටවහක් නෑ...ඉන්ධර් තනිකරම අඹාපු රූපයක් වගේ....

ඉතින් කියාපන්.....උඹලගෙ වාහෙ හඩද ම්ම්ම්ම්ම්ම්.....

හුගාක්...මගෙ තෙහස්.....හැඩට....වඩා....උඹල හරි ආදරනීය පිරිමි පරානයක් .....මගෙ වාහෙ උඹ...එ වචනම මේ හර්ද වස්තුවට ..හරි බරයි...ආඩම්බරයි...

මයෙ පුතා....මයෙ පුතා ඉන්ධර්....මේ දොර ඇරපල්ලා...

මමයි ඉන්ධරුයි දෙන්නම එකම වෙලාවෙදි දොර දිහා බැලුවා.....මයෙ මාමන්ඩියා.....දොරෙන් එපිට ඉදන් දොර කඩන්ඩ හැදුවෙ මහ පරිප්පුවා වෙනකොට ඉන්ධර් ගිහින් දොර ඇරියා.....

අප්පච්චි.....

මක්කද පුතා මේ උනාය කියන්නෙ....ඇරත් අම්මා තාම වැටුන තැන....මාව අටේ කෑල්ලෙ ඉදලා ගෙන්නවපු වෙලාවෙ....ඇයි මයෙ පුතා උඹලා උන්දව මහ වාට්ටුවට යැව්වෙ නැත්තෙ.....??

අප්පච්චි.....වෙච්ච දේ කෙටියෙන් කියනවා නම්... මයෙ අම්මන්ඩිට උනෙ....මේ ලෝකෙදිම විපාක පල දීපු එක...උන්දෑ හැදුවෙ නූපන් මයෙ දරු පැටියව මරලා දාන්ඩ....මොනවා උනත්....අන්තීමට සිද්ද උනෙ...ඇලිස් අම්මගෙ පැටියව මරාගත්තු තරප්පුවෙන්ම උන්දට බිම වැටෙන්ඩ....මයෙ අම්මන්ඩි වෙන්ඩ කලියෙන් උබලගෙ මායියා උනෙ...උඹලට කට්න් කියලා හදන්ඩ බැරි නම්.....දෙකක් තුනක් දීලා වත් හදා නොගත්තු එකෙන් අද අම්මන්ඩි තනිකරම වස්තුවට කෑදර උන කුම්බාන්ඩයෙක් වේගන එන්නෙ...

.ඉන්ධර්.....

අපෙ මැනිකෙ....අම්මලා දැන් ළඟ ළගම එනවා ඇති...ගිහින් දත් ටික මැදගත්තා නම්....

ඉන්ධර් අයියන්ඩි...මං මැනිකෙ මලයගෙ වතුර එක බෑවා....ඇල්වතුරත් හාමු කෙරුවා......

මන්දන්නෙ නෑ..අනේ මූන පුරාවටමත් දැලි නාගන කැතරියා ආවා...මොන දේ උනත්...අනෙ ඒකි හිත හොද එකී වෙනකොට මන් කැතරියා එක්ක හිනා උනා ඒකි මගෙ කන ගාවට ලන් උනා...

මැනිකෙ මලයො...මං අද යන්ඩ කියලා....යනකොට ...ආන් ..අර....

අක්කන්ඩිට මනාප බෝතලයක් අරගන යන්ඩ....උඹලට පින් අක්කන්ඩි....උඹලා නොදැන උනත්...මාව මරු කටෙන් බේරගත්තට.....අනේ...උඹලට ජාති ජාතිත් පින්...

මට කැතරියා පව් කියල හිතුනා...මහ තැන කොරාපු වීර ක්‍රියාව අකුරක් නෑරම මහ පරිප්පුවා ගාව ආයමත් ඉන්ධර් දිගාරිනකොට මදි අඩු පාඩු වෙන හරියට ඒකි ලුණු ඇඹුල් ඉහ ඉහ පාත රටින් ඒකිව තකහනක් ගෙනාව කාරනාව කියනවත් එක්කම පරිප්පුවා තුන් පාරක් කෙල ගැහුවා...

අනේ...මාමන්ඩි....ඔහෙ දන්නවනෙ....සුරාව ජූංඩියක් කට තිබ්බට මොකද.....මට ඔය පවුකාර කම් පේන්ඩ බෑය කියලා...නැන්දම්මා නම්...මගින් මගටම කිව්වෙ...ඉන්ධර් අයියන්ඩිගෙ ඇගේ නැගපන්..ඇගෙ නැගපන් කියලා ....මං කොහොමැයි....අප්පා.....අයියන්ඩිගෙ ඇගෙ නගින්නෙ....ඇරත්...මේ..බලපියව්කො...මැනිකෙ මලයගෙ රූපෙ.....මං වගේ කොරල දාපු බකල කකුල් නෑනෙ.....ඉටි රූපයක් වගේ...මට පුලුවනිද... නැන්දම්මා කියාපු විදිහට මේ කුරුලු කූඩුව කඩන්ඩ....

තුහ්.....තුහ්.....තුහ්....විතරක්...මාත් ගෙනාව මායියා....මයෙ අප්පොච්චා මේකිලාගෙ සල්ලි වලට වහ වැටිලා මේකිව ගන්ඩ කිව්වා....අපරාදෙ.....මං අර ගෑනිව මැනිකෙ කමට ගත්තා නම්...මේ.....මොකුත් නෑ....කැතරියා....වරෙන් උඹලගෙ නැන්දම්මව වාහනේට දාගන්ඩ....මට ආම්බාන් කරන්ඩ පුලුවන් ගෑනියෙක් නෙවෙ ඒ...ඉන්නෙ...

ඒ පැත්ත පලාතෙ එනඩ තහනම් නියෝග ලබාපු මට පුලුවන් උනෙ දොදොලිව හරි අමාරුවෙන් උස්සගන යන ඉන්ධර්ලා දිහාව ජනෙල් තිර අස්සෙන් බලන් ඉන්න එක වෙනකොට මං අහගන දොදොලි මර ලතෝනි ගහනවා...ගමම හෙළ වෙන්ඩ කෑ ගහනවා.....

ඉන්ධර් කිව්වත් වගෙ...දොදොලිට උනේ....කරාපු කරුම වලට විපාක ගෙවන්ඩ වෙන එක වෙනකොට මං කැතරියගෙ කාමරෙ ඇද උඩින් මෙන්ඩිස් අරක්කු දෙකක් එක්ක රට අරක්කු බෝතල් දෙකක් තිබ්බා....ඒකිගෙ ආසාව මේවා තොල ගාන එකනෙ.....

කැතරියා කිව්වත් වගේම වතුර එක බේසමට දාලා...අනේ මට පව් කියලා හිතුනා.....ඒකි මද රස්නෙ වතුර එකට සමන් පිච්ච මල් පොඩි කරලා දාලා..සුරාවට පෙර්තකම් කෙරුවට මොකද... අනේ ඒකිට තියෙන්නෙ හොද හිතක්.....

කැතරියා කියන්නෙ....හිත හොද බේබද්දියක්...!!!

ඇලිස් අම්මෙ.....

මං උන්නෙ නාගන එනගමන් ඒ පෝරුවටම තෙත කොන්ඩෙ පිටින්ම මං කුසියට ගියා.....

ඇලිස් අම්මෙ.....

පොඩි මැනිකෙ.....අනෙ රත්තරනේ....උඹල මේ තෙත කොන්ඩෙ පිටින්ම....පිහදගනිල්ලා විගහට.....බේබි හාමු උඹලව පරිස්සම් කරන හැටියට කිවිසුමක් වත් ගියෝතින් ඉදලා හමාරයි....

මං ලාවට හිනා උනා...ඇත්ත....ඇලිස් අම්මා කියනවා වගේම...ඉන්ධර් මාව රැක්කෙ ඇහෙ මූනෙ තියාගන වෙනකොට මං මගෙ කොන්ඩෙ අතින් ගැසුවා...

ඇලිස් අම්මෙ.....නැන්දම්මව....

අනේ..ලොකු මැනිකෙ ගැන නම් කතා අරන්ඩ එපා මයෙ මැනිකෙ.....ඕන්..මහ හාමු ගිය පයින්ම උන්දව වාට්ටුවට ඇතුල් කරල ඇවිල්ලා...අනේ මන්දා...ගියපු විදිහට නම්...උන්දට...අද හෙටම නම්...නැගිටගන්ඩ බැරිවෙනවා....කොන්ද කැඩිලය කියන්නෙ.....ඇරත්.....දකුනු කකුලට වැලි කොට්ටා බදින්ඩ ඕනලු...සුලුපටු උසකින්ද මැනිකෙ උන්දා වැටුනෙ....පඩි...විසි පහ තිහක් වත් ඇතිනෙ...

මං පපුව පිරෙන්න හුස්මක් ගත්තා....මං මහා මාරකේකින් ගැලවිලා...ඉන්දර් දෙයියො බුදුන්ට කියන හන්දමද මන්දා මාව පරිස්සම් උනේ.....කරුමෙට හරි මාත් ඔය සොල්දරේ උඩට නැග්ගා නම්...අනෙ දෙයියනේ.....හීනෙකදි වත් එහෙම වෙන්ඩ එපා...

උන්දට....ඔය...පලදුන්නෙ...මට කරාපුවා මයෙ මැනිකෙ... නිස්..කාරනේ...මාව සැක හිතෙව්වා...ලොකු හාමු...මට දුන්නෙ....දොලදුක් බත් පතක් මිසක්.....හාමුගෙ හාද කමක් නෙවෙ.....අයියො....හය මාසෙ බඩ ගෙඩිය මගෙ....අනෙ...ඒකාව මං වැදුවෙ මලළඳක් විදිහට පොඩි මැනිකෙ....උන්නා ..නම්...බේබි හාමුගෙ....වයස...අපූරු....කොලු....පැටියා...මගෙ...ඔය උන්දට පඩිසන් දුන්නෙ ඒ පව්....මැනිකෙ.....

මං ඇලිස් අම්මගෙ කදුලු උනාපු ඇස් දෙක දිහා බලාගන උන්නා...අනේ ඉතින් හය මාසෙක කියන්නෙ...මොන අම්මටද උහුලන්න පුලුවන් ...කිව්වත් වගෙ....ඒ පැටියා උන්නා නම්.....මගෙ ඉන්ධර්ගෙ වයසෙනෙ....

මයෙ මැනිකෙ....තකහනක් කුසියට ආවෙ....නෑව හන්දා බඩගින්නක් වත් ඇල්ලුවද...ඉඹුල් කැටයක් දෙන්ඩද මයෙ මැනිකෙට.....

එපා.....ඇලිස් අම්මා...මං ආවෙ.....කැතරින් අක්කන්ඩිට.....පාර්සලයක් ඔතල දෙන්ඩ කියන්න....ඒකි අද ආපහු යනවලුනෙ.....

බේබද්දි උනත් ..ඒකිගෙ මෝඩ මොලේට හරි ඒකි උඹලව බේරලා මැනිකෙ.....මං ඒකිට ඔතලා දෙන්නම්...

ම්ම්ම්....හොදමයි....

මං ඇදගන්න බලාගන කාමරේට එන්න ආවා වගේම කැතරින් අක්කන්ඩිගෙ කාමරේ පහු වෙනවත් එක්කම මං නිකමට ඒකිගෙ කාමරේ දිහා බෙල්ල හරවල බැලුවා...ඒකි ඇද උඩ ඉදගන මං ඇද උඩින් තියාපු අරක්කු බෝතල් වල ලේබල් දිහා බලනවා....ඒව එක්ක හිනා වෙනවා...අත ගානවා.....

ඒකිගෙ ජීවිතේම අරක්කු...හරියටම ...මගෙ අත්තම්මා...වගේම...සීයා වෙච්ච...ඉහල වලව්වෙ ධර්මසේන හාමුයි....අනුලා මැනිකෙයි මගෙ අම්මගෙ පවුල කඩන්ඩ....අප්පච්චිව කාලකන්නියෙක් කරන්ඩ පොවාපු විසෙන් පස්සෙ අරක්කු වලට වහ වැටුන මගෙ අප්පච්චි වගේ...

මං එන්න ආවා...ඉන්ධර් නෑ...හැබැයි....කාමරෙ ඇද උඩ සුදු ඇදුමක් තිබ්බා....අලුත්ම කොස්පට්ටා සෙරෙප්පු දෙකක් තිබුනා....

එහෙනම්....එයා මේක තියලා යන්න ඇති.. ...

ඇදන් උන්න තුවායට යටින් යටකලිසම ඇදපු මං ඉනට වඩා.....අගලක් විතර ඉන ලොකු කලිසම ඇදගත්තු මං හිමින් හිමින් ඇදුම් අදින්න ගත්තා. ..... අවසානෙදි මං දිහාම මම කන්නාඩියෙන් බලන් උන්නා....

අව්වට කරවෙලා...කරන්ගැට්‍ටි උන ඇසල කෙනෙක් වෙනුවට.....මස් දාපු ඇසල කෙනෙක්ව මං කන්නාඩියෙන් දැක්කා...

ගුනේ මාමා ගාව ගල් වැලි එක්ක ඔට්ටු වෙවී නර දුක් විදපු ඇසල වෙනුවට....ඉන්ධර්ගෙ තුරුලේ...ඒඋනුහුම මැද සැපට හැදෙන ඇසලගෙ වෙනස මං කන්නාඩියෙන් දැක්කා...ලෑල්ල වෙල ගියපු බඩ ඇතුලෙ...දැන් සැපට නිදියන පුංචි පැටියෙක් ඉනන් හැටි මන් දැක්කා...

අපෙ මැනිකෙ....

අන් හැරුනා....වහල තිබුන කාමරේ දොර ඇරගන ඇතුලට ආවෙ ඉන්ධර් වෙනකොට මං හිටපු තැන ඉදම්ම ඉන්ධර් දිහාවට හැරුනා .....ඉන්ධර් ඇහැපිල්ලමක් වත් නොගහම මා දිහා බලන් උන්නා.....

මයෙ ඇහල මල...කියන්ඩද...මයෙ...පින්න මල කියන්ඩද...ම්ම්ම්ම්.....මයෙ...අම්මෙ....

උඹලා.....හරි...ලස්සනයි...මයෙ ඇසල...ඒ හිනාවෙ....හරි...සාරවන්තයි ඇසල.....මෙ ඇස්...මේ මූන කට...උඹ තනිකරම.....අසෝකමාලාවක් වගේ මයෙ අම්මෙ...ඒ තරමටම ලස්සනයි....

මන් හිනා උනා....ඉන්ධර් මට අශෝක මාලා කිව්වා....සාලිය කුමාරයා වහ වැටුන අශෝක මාලාව කියලා මගෙ නිකටින් අල්ලන් මගෙ නලලට හාදුවක් තිබ්බා...ආදරෙ පිටාර ගලන.....සුරක්ශාව පිටාර ගලන...හැගීම් උතුරාපු හාදුවක් මගෙ නලලෙන් තියාපු ඉන්දර් මහ ලෝබ කමින් මා දිහා බලන් උන්නා...

ඉස්සර...මහ දවාලක උනත්...හද පායන රැයක් කියන්නෙ කවියෙක්‍ට හති හලන්ඩ හොදම රැයක් කිය කිය වචනෙන් මාව බඩ කරාපු ඉන්ධර්....අවසානෙදි...ඒ ලේ ධාතුව මගෙ ගාව තැම්පත් කරායින් පස්සෙ....ඒ කවියව නිදි කරවලා දැම්මා.....ඇග හිරිවැටෙන බඩ කැලතෙන....මහ වැලිය වාංදාන වචන වෙනුවට ඉන්ධර් වැපිරුවෙම ආදරෙ කවාපු වචන විතරක්ම වෙනකොට....වෙලාවකට ම්ම්ම්ම් කියන වචනෙත් මට නිවෙන්න ඇති උනා....

මයෙ රත්තරන් .....උඹලා....ඇවිදින්....මගෙ සීලෙ බින්දා විතරක් නෙවෙ.....මගෙ ආත්මෙත් සින්නකර කර ගත්තා ඇසල....මේ මූනෙ..මේ හිනාව...හැමදාම මේ විදිහටම තියෙන්ඩ ඕනා.....දවසක්...උඹලා කිව්වා .....මයෙ තෙහස්....ආදරෙ පරිසමාප්තිය උඹ කියලා ....ඉතින් මගෙ ඇසල...උඹ මගෙ පුන්කලස...මං ආදරේ පරිසමාප්තිය නම්....උඹල ඇවිදින් ඒ මනුස්සයගෙ සරුසාරෙ...

දුක් විදගන...පවුලෙ බර කරට අරන් ඉඩෝරෙට අහුවෙලා හුස්ම ගත්තු උඹට..අම්මා නගාව බඩගින්නෙ තියන්ඩ බෑ කියලා හිතුන එකම ඇති මයෙ අම්මෙ තව කන්න දහයක්ම සතුටින් ඉන්ඩ.....

මං උඹලට ආදරෙයි මයෙ ඇසල.....වරෙන්...මෙ අත් වලින්ම....පහන් පැලේ පහන තියන්ඩ....මයෙ නොදරුවා උඹලට කවදාවත් වරදින්නෙ නෑ...

මං ඉන්දර් දිහා බලාගන උන්නා....ඒ තරමට ඉන්ධර් ආදරනිය වෙනකොට එලියෙ තිබුන පහන් පැල ගාව මං ඉන්ධර් එක්ක පහන තියන්ඩ ලෑස්ති වෙනකොටම ධර්මසේන හාමුගෙ කාර් එක වලව්වට ආවා....ඒ එක්කම මගෙ මාමන්ඩියගෙ කාර් එකත් ආවා...නිකන් නෙවෙ.....මගෙ අම්මගෙ අම්මා අප්පා උන ඉහල් වලව්වෙ මැනිකෙයි හාමුයි බැස්සෙම උජාරුවට ඇද පැලදගන වෙනකොට අනේ මම මොන තරම් වාසනාවන්තද හිතුනා.....

පන්සලේ ලොකු හාමුදුරුවො කිව්වා හරි...රාහුල්....පුතේ....උඹල නම් පින් කදක්....

ගනිල්ලා මැනිකේ...අවුලපල්ලා....ඉන්ධර් මගෙ අතට හදුන් කූරු අහුරක්ම දෙනකොට පැන් ඉහාපු කෝපි මල් අහුරක්ම බුදුන් ගාව නිවන් බලන් යන්ඩ පේ විලා උන්නා....උතුම් වූ ශාක්‍යසිංහ බුදුන් ගාව අත් දෙක වැදගත්තු මං ඉන්ධර් එක්ක ගාතා කියනකොට....නවදැලි හේනෙ අවසානෙදි අලුතෙන් අස්වද්දන්න හැම වස් දොසක්ම හමාරයි කියන්නද කොහෙද ..ඉහල වලවේ හාමුලත් ඒ ගාතාවට අත් වැල් බැන්දා...ඇලිස් අම්මා....කැතරින් අක්කන්ඩි විතරක් නෙවෙ...සුගලා නැති උනත්....මාමන්ඩිත් දෙයියො බුදුන් සිහි කරනවත් එක්කම අද මහ පාන්දරම අම්මලව එක්ක එන්ඩ ගියපු ඉන්ධර්ගෙ කලු කාර් එක වලව් වත්තට දානවත් එක්කම මගෙ ලග උන්න කැතරියා එක පාරම ගවුමත් උස්සන් කොහෙටද දිව්වා....

ආවා නේද....ගිනිපෙරෙල්ල කොහෙ තිබ්බදෝ....?

ගිනි පෙරෙල්ල...???කැතරියට ආයමත් වෙරි වත්දො.... ...

පිස්සට හැතැප්ප නෑ වගෙ දිව්වෙ කැතරියා...අනේ...එත් කලු කාර් එක දැක්කම පපුව ගැහෙන්නෙ මගෙ....සන්තෝසෙ වැඩි කමටම මට ළඟ උන්න ඉන්ධර්ගෙ අත මිරිකෙනකොට වාහනේ එලවන් ආව ඇලිස් අම්මගෙ මහ තැන කාර් එකෙන් බැහැල බොහෝම ගරු සරුව ගිහින් කාර් එකෙ දොර ඇරියා වගේම රත්තරන් පාට පටි ගියපු හරි උජාරු ගෑනු සපත්තුවක් දාපු දකුනු කකුලක්....හත්මුතු පරම්පරාවකට හුස්ම ගන්ඩ ඉඩ දුන්න මහ පොලවට පය ගැහුවා....!!!!

මගෙ දෙවියනේ....අම්මා...

අදහන්න.....මගෙ කටෙ කෙල හිදිලා ගියා...හරියම....මහ කාස්ටකේට අහු උන වැවක් බලාගන ඉන්නකොට හිදිලා යනව වගේ.....

මෙච්චර කල් මං දැක්කෙ...නන්දා කියලා රූකඩයක්....ලෑල්ලක්....කොයි වෙලෙත් අවුල් උන කොන්ඩෙයි....ඉහලට හීල්ලුන ඇස් දෙකයි එක්ක පරඩැල් ගෑනු සරීරයක් උනත් මෙතන ඉන්නෙ කොන්දඩෙ මැදින් බෙලා...කනෙන් බාගෙකුත් කොන්ඩෙන් වහන් ගෙඩිය බැදපු....අහස්තිමාල විතරක් නෙවෙ...කන් වල පාලුව යන්ඩ කරපිංචා නැටි ඔබනවා වෙනුවට කන් පෙති පවා ඉරන්ඩ හදන තරම් බර කර්ණාභරන එල්ල ගත්තු හරි උජාරු මැනිකෙ කෙනෙක් වෙනකොට

මං ජීවිතේ පලවෙනි පාරට.....නන්දා වෙනුවට.....ඉරුගල්බන්ඩාර මහා හාමුගෙ එකම මිනිබිරි උන අරුන්ධති මහාමයා ඉරුගල්බණ්ඩාර පොඩි මැනිකෙව දැක්කා....

අම්මා මා දිහා බැලුවා....මාව ගැස්සුනා...ඒ තරම් තේජසක් එ ඇස් වල තිබුනා.....

අම්මගෙ රූපෙ ගාව සුගලා මොකෙක්ද හිතුනා.......සුගලා නිකන් නවදැලි හේනෙ ගින්නට අහු උන වැදිරියක් කියල මට හිතුනා...

ඒ එක්කා අනිත් පැත්තෙ දොර ඇරුනා....

දෙවියනෙ මගෙ එකම නංගි....මේකි මේ තරම් ලස්සනද....??

කොච්චරවාත් දූවිලි නාගන බට්ටා පනින.....පාට ගියපු චීත්ත ගවුම් ඇදපු මගෙ සුද්දියගෙ ලස්සන...අනෙ එකිට ඇස් වහක් වදින්ඩ එපා...ඒකි දැන් චූටි මැනිකෙ කෙනෙක්.....!

ඔක්කොමත් හරි....අවසානෙටම බැස්සෙ...උඹගෙ බර...මගෙ කර උඩ නොතියා පලයන් කියලා මං එලවපු අප්පව්චි.....

ඇයි මාව රෙද්දෙ නොපිහ ජාතක කෙරුවෙ කියලා මං කෑ ගහපු අප්පච්චි...

වයලටාගෙ අරක්කු වඩි ගාව අරක්කු වලටම තැම්බුන....කාලෙකට කලින් මගෙ අම්මට පන වගෙ ආදරෙ කරලා ඒ ආදරේම හූනියමක් කරන් මාව...මගෙ අම්මව නංගිව නොමරා මරාපු අප්පච්චි වෙනකොට අද නැශනල් ඇදුම ඇදන් මනුස්සයෙක් වගෙ ඉන්න හැටි දැක්කම මට සන්තොසෙ වැඩි කමට ඇඩෙන්න වගේ ආවා වගේම ... ,

ඉරුගල්බන්ඩාර පෙලපත් නාමෙ තියන පිරිමි පරාන තුනක් බලාගන ඉන්නකොට සෙනවිරත්න කියන බේබද්දා අවසානෙදි හැම සාපෙකින්ම ගැලවිලා දරු පවුලත් එක්ක ඉරුගල් බන්ඩාර වලව්වට හරි ගහම්බිරෙට පය ගහනකොට එක පාරම රතින්ඥ්ඥා වැලක් චට බට ගාගන පුපුරන්න ගත්තා.....

දෙවියනෙ කැතරියා ගිනිපෙරෙල්ල ඉල්ලුවෙ මේකට....

මයෙ අම්මා...

මං මිමිනුවා...එදා අනන්ත දුක් විදපු මගෙ අම්මා කාටත් කලින් මැනිකෙක් විදිහට හිටගත්තෙ මගෙ ඉන්ධර් ගාව වෙනකොට කල්ප කාලාන්තරේකට පස්සෙ....කුසින් නොවදා අම්මෙක් උන ඇලිස් අම්මට තමන්ගෙ පොඩි මැනිකෙ දැක්කා විතරයි කදුලු වලට උන්දට වැටවල් බදින්ඩ කාලයක් නැති උනා...උන්දා ඇඩුවා....උන්දට ඒ කදුලු වාවන්ඩ බැරි උනා....

මගෙ...අයියන්ඩි .....

ඉන්ධර් ඉස්සරහට ඇවිදින් අම්මා මිමිනුවෙ එච්චරයි ....අම්මා අප්පටත් කලින් අම්මා වැන්දෙ ඉන්ධර්ට වෙනකොට මෙච්චර කාලයක් පොල් බිබික්කමා ගගා අච්චර අරියාදු කරලා තියෙන්නෙ තමුන්ගෙ මාමට කියලා දැනගත්තු සුද්දියගෙ කට පූට්ටු වෙලා ගිහින් තිබුනා 

තුරුණුවන්ගෙම සරනයි මයෙ නගාට ..

ඉන්ධර් මගෙ අම්මව උරහිස් වලින් අල්ලන් නැගිට්ටෙව්වා ...වගේම මගෙ දිහාත් බැලුවා ..අනෙ දෙයියනෙ මගෙ අම්මා අද පුදුම තරම් ලස්සනයි....

මගෙ පුතෙ ...

නගා ...උඹලට අඩන්ඩ කාරි නෑ අරුන්ධති.....උඹලා අඩාපු කාලෙ අහවරයි....උඹලාට තව කාරනාවක් මං මෙතනම කියන්නම්කො....

අයියන්ඩි.....

අම්මා හැදුවෙ මාව තද කරලම තුරුලු කරගන්ඩ වෙනකොට ඉන්දර් ඉක්මනට මගෙ අම්මව චූට්ටක් ඈත් කෙරුවා...කරලා ...උඩු රැවුල කරකවන ගමන් උගුර පෑදුවා....

අරුන්ධතී....උඹලා.....අත්තම්මෙක් වෙන්ඩ!!!

උඹලගෙ පුතන්ඩියා ගාව....ඉරුගල්බන්ඩාර ලේ ගැහෙනවා ....

අයි....යන්ඩි...මගෙ ....ප්...පු....

මයෙ මැනිකෙට දරු සම්පතක් ලැබෙන්ඩ නගා.....මං අප්පච්චි කෙනෙක් වෙන්ඩ...මයෙ....රත්තරන් ....අම්මෙක් වෙන්ඩ....උඹලට....දැන් ඉතින්....ඉස්සරහට....නැලවිලි කවි කියන්ඩ වේවි...අයමත් පාරක්....

අම්මගෙ ඇස් දෙක කදුළු වලින් වැහිලා ගියා....අම්මගෙ විතරක් නෙවෙ මගෙත් ඇස් වලට කදුළු කැට ඉනුවා....ඉන්ධර් ඒ තරම් ආදරේකින් කතා කරනකොට සුද්දියා බය වෙලා වගෙ මගෙ මූනයි මගෙ බඩයි දිහා මාරුවෙන් මාරුවට බල බල අවසානෙදි අප්පච්චි දිහා බැලුවා....

ඇහුනද අප්පච්චි....."මාමණ්ඩි" කියනවා.....අපෙ ඇසලයට...බබුච්චෙක් හම්බෙන්ඩ කියලා...

කදුළු අස්සෙම්ම මට බකස් ගාලා හිනාගියා.....ඒකි බිබික්කම් හාමු ගගා පිටට කතා කරලා...මූනට බේබි හාමු කියලා...අද පලවෙනි වතාවට ඒකිට උරුම හරි නෑකම දීලා මගෙ ඉන්දර්ට කතා කෙරුවත්...මං ඒකිගෙ අයියා හන්දා මට පුරුදු ඇසලයම කියලා බඩ දිහාව බලලා මට බබුච්චෙක් හම්බෙම්ඩ කිව්වා...ඒකිගෙ කෙලි කම.....

මයෙ දූ....

අපෙ අම්මා....

මාමන්ඩිට වැන්දා නම්...අපෙ මහත්තයා.....

මැනිකෙ ...

අයියන්ඩිට කතා කෙරුවා නම්.....අපෙ මහත්තයා...ඔහෙලා සීයෙක් වෙන්ඩලු....

මගෙ ඇගේ හිරිගඩු පිපුනා...ඒවා ලේ වලින්ම එන පුරුදු....ඒ කතා විලාසෙ.....ඒ ගමන...ඒබැල්ම..... ඒ ඔක්කොම මෙච්ච කාලයක් මගෙ අම්මා කොහොම හන්ගන් උන්නඩ මන්දා...අම්මා සුද්දියට මයෙ දූ....මගෙ අප්පච්චිට අපෙ මහත්තයා කියනකොට..සත්තයි මගෙ සර්වාංගෙම හිරිගඩු පිපුනා....

මාමන්ඩී...

ම්ම්ම්...තුරුනුවන්ගෙ සරනයි මයෙ කෙලීට....

අයියන්ඩි...

ම්ම්....රත්නපාල මලයා...දැන් ඉතින්.....උඹලගෙ.....හැම වේදනාවක්ම අහවරයි.....මයෙ නගාව ආපිට උඹලට බාරයි....ම්ම්ම්ම්..මං උඹලගෙ ඇගට කාවද්දපු හැම විසක්ම ඇද්දෙව්වා...දැන් ඉතින්.....අර පුරුදු රත්නපාල වගේ...මයෙ නගාට ආදරේ දීපන්.....ඒකි....මේ දවස එනකන් බලන් උන්නා.....උඹලා මොන දුක වේදනාව දුන්නත්....ඒකි දැනන් උන්නා....උඹලත්.....දවසක ආපිට අර පුරුදු මනුස්ස පරානෙම වෙනවා කියලා...ම්ම්ම්ම්...

එහෙමයි...අයියන්ඩි...වෙච්ච ....වැරදි නම්....බොහෝමයි....ඒත්....මං මයෙ මැනිකෙට මයෙ දෝනියන්දට වචන දීලා හමාරයි....මේ තාක් දුන්න දුකට ....ඒ දුක අමතක වෙලා යන්ඩම මං උන් දෙන්නටම අප්පච්චි කෙනෙක් වෙනවා කියලා ....මං....මයෙ මැනිකෙට ආදරේ කරාපු හැටි...ඉන්ධර් අයියන්ඩි...නොදන්න කාරනාවක් නෙවෙ ....ඒත් ....පූරුවෙ පවක් මට ගෙවන්ඩ තිබුනා.....

ම්ම්ම්ම්...ම්න්.... දැන් ඒ පව් ගෙවිලා හමාරයි....සෙනවිරත්න මලයා.....උඹල වදන් දුන්නා නම්....එහෙනම් එච්චරයි.....ම්ම්....

.සුද්දියා වැන්දා....මෙතන උන්න මහ තැන් වලට කලින් අම්මා ඇවිත් වැන්දේ මගෙ ඉන්ධර්ට....සුද්දියා ඇවිදින් මාමන්ඩි කියලා වදිනකොට ඉන්දර් ඒකිගෙ ඔලුව අත ගෑවා...වෙදට කට ගොන්නක් බීගන කෙලින් කටින් ඉන්ඩ බැරි අප්පච්චිගෙ ලස්සන....ඒ කතාබහ දැක්කම ඇත්තටම මේ ඉන්නෙ මගෙ අප්පච්චිමද හිතුනා....අම්මගෙ ඔසරියෙ පාටටම ගැල පෙන්න නැශනල් ඇදුමක් ඇදන් උන්න අප්පච්චි මගෙ ඉන්ධර් එක්ක හරි ගරු සරුව කතා කරනකොට මම අම්මා දිහා බැලුවා...අප්පච්චි මගෙ අම්මට කට පුරාවටම මයෙ මැනිකෙ කිව්වා.....වෙනදට තෝ බොල වර පල ගාන අප්පච්චි අද අම්මට මයෙ මැනිකෙ කියනකොට මං ඒ ඇස් වල පවා ආදරේ උතුරන හැටි දැක්කා....සුද්දියට මයෙ දෝනියැන්දා කියලා කිව්වා...

මං හිතන්නෙ...මං හොයා ගත්තා...අම්මා මෙච්චර දුක් විදගනත් අප්පච්චිව අත අරින්නෙ නැති වෙන්ඩ එකම හේතුව මං අප්පච්චිගෙ ඇස් වලින් දැක්කා.....වෙන මොකුත් නෙවෙ.....අප්පච්චි කියන්නෙත්...කාලෙකට කලින්...තවත් ඉන්ධර් කෙනෙක් හන්දා.....!!!වෙනදට අරක්කු සැරට ඇස් තැම්බුන් පාට ගැහුවට....ඒ ඇස් අද කිරි පාට වෙලා...තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ට පින් දෙන්ඩ...මයෙ ඉන්ධර් මගෙ අප්පච්චිට ආයන පන කවලා...!!!!

මයෙ...රත්තරනේ....

අනෙ....අප්.....

මට ඇඩුනා...මෙච්චර වෙලාම ඉවසන් බලන් උන්න අප්පච්චිගෙ කටින් ඇසලයා...තෝ හුත්තිගෙ පුතා කියනවා වෙනුවට...මයෙ රත්තරනේ කියනවත් එක්කම මට ඇඩුනා....විස්වාස කරන්න....මං අවුරුදු ගානකට පස්සෙ මගෙ අප්පච්චිගෙ පපුවෙ සුවද ඉව කෙරුවා...

අප්පච්චි කෙනෙක්ගෙ උනුසුම වින්දා...ඒ කකුල් අල්ලා වදින්ඩ වත් ඉඩ නොදුන්න අප්පච්චි මාව තුරුලු කරගත්තා ....

උඹලට ජාති...ජාතිත් පින් මයෙ දෙයියො.....අප්පච්චි කෙනෙක් වගේ..මයෙ රත්තරන් පවුල් බර කරට ගත්තට...මේ අප්පච්චිට සමාව දියන් මයෙ පුතේ...මේ අප්පච්චිට සමාව දියන්....මයෙ....රත්තරන්...උඹ මේ කරාපු පිනම ඇති ඇති රත්තරනේ...උඹලට උතුරුන්ඩ හරියන්ඩ.....මයෙ රත්තරන්...උඹලට....තව තව දරු සම්පත් ලැබෙන්ඩ ඕනා..මයෙ පුතෙ...

මං අප්පච්චිගෙ පපුවට තුරුලු වෙලා ඉකි ගැහුවා....මං හිතන්නෙ මගෙ ඉන්දර් අද මට අඩන්ඩ අවසර දුන්නද කොහෙද...අප්පච්චිගෙ සුවද...ඒ උනුහුම කවදාවත් විදලා නෑකිය කිය ඉන්ධර් ගාව් ගතු කියාපු මං අද පපුව පිරෙන්න අප්පච්චිගෙන් එන අරක්කු සුවද වෙනුවට පිය සෙනෙහෙස වින්දා.....

අරුන්ධතී.....

මයෙ....අප්...පච්චි....

මම හිතන්නෙ මේක තමයි වෙලාව...මෙච්චර වෙලාම අත් දෙක පිටිපස්සට බැදගන වෙන දේවල් බලන් උන්න ඉහල වලව්වෙ ධර්මසේන හාමු මගෙ අම්මට අරින්ධතී කියලා කතා කරද්දි අවුරුදු විස්සකට විතර පස්සෙ මගෙ අම්මගෙ කටින් අප්පච්චි කියලා කියවුනා වගෙම ඒ කකුල් අල්ලලා වැදපු අම්මට ඇඩුනා....

බඩදරු මට මේ දේවල් ඉවසන්ඩ හරි අමාරු උනා.....අම්මගෙ උරහිස් වලින් උස්සපු ධර්මසේන හාමු අවසානෙදි අපේ අයිතින් අපිට දුන්නා.....

තව දුරටත් ...නන්දෙක් වත්...ඉදුලෙක්වත් නෑ....මෙච්චර දුරක් අපිව ගෙනාව ඉන්ධර් මගෙ පැටියගෙ රත්තරන් අප්පච්චි අයියෙක් විදිහට කරන්ඩ ඕන යුතුකම් කරලා පැත්තකට වෙලා බලන් උන්නෙ හරි සන්තෝසෙකින් වෙනකොට ධර්මසේන ඉරුගල්බන්ඩාර අවුරුදු විස්සකට පස්සෙ තිබුන හැම පරහක්ම නැති කරලා දැම්මා වගේම සුද්දියට මට....අත්තම්මෙක්ගෙ....සීයෙක්ගෙ සුවද විදින්ඩ දුන්නා වගේම...මගෙ ඉන්ධර් කියාපු විදිහටම සීයා තාත්තා .....ධර්මසේන හාමු අවසානෙදි මගෙ අප්පච්චිගෙන් සමාව ඉල්ලුවා..නිකන් නෙවෙ...සෙනවිරත්න ලමයො කියලම සමාව ඉල්ලුවා.....

මගෙ...තෙහස්....

ඇයි මයෙ අම්මෙ.....මයෙ රත්තරන්ට සතුටුයිද ම්ම්ම්ම්.....

මට දෙන්ඩ උත්තර නැ.....හත්මුතු පරම්පරාවක උජාරුව උහුලපු මහ ඉරුගල් බන්ඩාර වලව්වෙ මිදුලෙ ඉදන් වාන් දාන සතුට දිහා බලන් උන්න මං අවසානෙදි මගෙ හිත හොදටම අදුනන ඒ ආදරනීයම මනුස්ස පරානෙගෙ අත්ගොබේට හාදුවක් තියනකොට මගෙ අම්මා ඇලිස් අම්මව බදාගන උන්නා....

ඇලිස් අම්මා අඩනවා.....ඉකි ගහනවා....මගෙ මැනිකෙ චූටි මැනිකෙ.....අනේ උඹලව මට මග ඇරුනා මැනිකෙ ගගා ඇලිස් අම්මා අඩනකොට රතිඤ්ඤා අවුලන්ඩ දුවාපු කැතරියත් මං බලාගන වලව්වෙ කනුවක් බදාගන හේතු නැතුවම අඩලා හොටු හූරනවා.....

නගා අරුන්ධතී ....

අයියන්ඩි.....

නැකත ලග එකේ.....ගියා නම්.....

ඇත්ත.....නවයයි දහයයි.....නවයයි කාලට නැකත.....

සැරින් සැරේම මගෙ දිහා බලන සුද්දියා මොනවා හරි අහන්න කුරුමානම් අල්ලන බව ඉවෙන්ම දැනුන මම අනිත් හැමෝටම ඉස්සර වෙන්න දීලා ඒකි එක්ක පස්ස ගැහුවා...

මගෙ...අම්මෙ.....අයියෙ....මේ වලව්වෙ ලොකු බන්.....

හ්ම්.....

මෙ බන්...අයියෙ...මං දැන් චූටි මැනිකෙක් උනාමත් ඉස්කොලේ එහෙම යන්ඩ ඕනෙද...

නැතුව...උඹ ගෙදර ඉදන් බත් තම්බන්ඩද....

හ්ම්....කමක් නෑ.....අවුරුදු දාසය වෙනකන් විතරනෙ මේ ජවුසන් ඉස්කෝලෙ ඔක්කොම.....

ඇයි.....උඹට දාසයෙන් පස්සෙ මහ ඒජන්ත කම ඉබේ පහල වෙනවද....

අනිත් හැමෝම අම්මගෙ වලව්වට යනකොට මා එක්ක ආව සුද්දියා කුටු කුටු ගාන්ඩ ගත්තා.....ඒකිට තාම ඉස්කෝලෙ පේන්ඩ බෑ...

නෑ.....ඇයි ..දාසයෙන් පස්සෙ මාව බන්දන්නෙ නැද්ද? උඹ කියන්නෙ මට හැමදාම ඉස්කෝලේ යන්ඩද???අම්මලා මටත් හානු කෙනෙක් හෙව්වම මාත් මේවා දාලා යන්ඩ එපැයි.....

යකො සුද්දියා...!

ඌව්හ්.....අනින්නෙ.....

මගෙ ඇස් දෙක එලියට පනින්ඩ ආවා....මේකි වටපිට බලලා ඒකිටත් දාසයෙන් බදින්ඩ ඕනා කියනවත් එක්කම මන් ඒකිගෙ ඔලුවට ඇන්නා.....

අනින්නෙ කියන්නෙ....තොට දැම්ම මගුල් විසේද...

ඉතින්...හැම මැනිකෙම බැදලා තියෙන්නෙ ඒ වයසෙන්නෙ....උඹත් දැන් ඔය විස්සට කලින් දීග ගිහින් බබුච්චෙකුත් හදන් ඉන්නෙ....ඇයි මට විතරක් තහංචි...?

උඹට හාමුවෙක් නෙවෙ....උඹව පාත රටට යවන්ඩවා කැතරියා එක්ක අරක්කු පෙරන්ඩ.....එතකොට හරි....ආව මෙතන....හිටපන්කො අම්මට කියන්ඩ....විසේ ගහල කියලා ඇටෙන් පොත්තෙන් බේරෙන්ඩත් කලින්ම...

ඉතින්...මං දැන් කොටහලු වෙලත් ඉවර එකෙ....ආය මොනා ඇටෙන් පොත්තෙන් බේරෙන්ඩද...

මං අහක බලාගත්තා...මේකිගෙ කට හින්දා මට කුනුහර්ප කියවෙන්ඩ එනවා මේ සුභ දවසෙම....මිනිස්සු එක්ක යන්ඩ හදිස්සිය.....තාම ගැට දෙකක් වත් නෑ....පුකත් ලෑල්ල...මැස්සො බීලා වගෙ....ඔක්කොටම කලින් මේකිට කන්ඩ දෙන්ඩ වෙනවා.....හිටපන්කො මං උඹව බන්දන්නෙ ...විසිපහත් පැන්නම...ආවා මෙතන....

ඉස්කෝලෙ යන්ඩ බෑ හාමුවෙක් ඕනයි කියපු සුද්දියා තවත් ඩෑස් පාරක් කාගෙන වලව්වට දුවනකොට මම හිමින් හිමින් සිමෙන්ති පඩි ටික නැගලා අම්මගෙ වලව්වට ගොඩ උනා....

මයෙ දූ....අරුන්ධතී...

අපෙ අම්මා...

ඉදා....ගනිල්ලා....මේන්....උඹලගෙ උරුමෙ.....අපෙ මහත්තයා.....යතුරට අත ගැහුවා නම්...

මං උන්නෙ ඉන්දර්ට හේත්තු වේගන...අත්තම්මා....ඔව්...මට දැන් හාමු මැනිකෙ නොකියා කට පුරාවටම මගෙ නෑකම කියන්ඩ වරම් තිබුනා...නෙලුමක් උනත්..ඉපදෙන්නෙ මඩක උනත්...කවදා හරි....යන්න පුලුවන් උතුම්ම තැනට ගිහින් නවතිනවා වගේ.....මඩෙ පිපුන අපිත් අවසානෙදි ඒ මඩ ගොහුරෙන් එලියට ආවා.....

අත්තම්මයි...සීයගෙයි අතේ තිබුන බරම බර යතුරු කැරැල්ලට අත තිබ්බෙ මගෙ අම්මත් අප්පච්චිත් වෙනකොට නමෝවිත්තියෙන් දොර අරිනවා එක්කම කැතරියා කොස් ගස් අස්සෙ ඉදන් බීරංග පත්තු කෙරුවා ගස් වල වහලා උන්න කාක්කො කුරුල්ලො රෑනක්ම ඒ සද්දෙට බය වෙලා ඈත ආකාහෙට පියෑඹුවා....

තුරුණුවන්ගේම සරනයි මැනිකෙලාට....

ඒ ඇලිස් අම්මා...හතර පැත්තම සරුසාර කරවගන උතුරාපු කිරිමුට්‍ටිය දිහා බලන් උන්නෙ බුදුන්ට වදින අත් එකතුකරලා වැදගන ඉන්නකොට හැමදාම ගරා වැටුන මැටි බිත්ති එක්ක පුටු කබලක් තිබුන ගෙදර වෙනුවට මහ සෝභනේට ආඩම්බරේට ඉරුගල්බණ්ඩාර ඌස්නෙ දරන් ඉන්න වලව් කුලුනු දිහා තියන බඩු මූට්ටු දිහා සුද්දියා කටත් ඇරගන බලාගන උන්නා.....

ඇසල...මයෙ අම්මට කිරිබත් කෑල්ලක් කවන්ඩද.....

මං උන්නෙ කට අකුලගන. ....අනෙ ඉතින් මට හරි සැල්කිලි.....පරම්පරාවට එන්ඩ ඉන්න අලුත්ම ඉරුගල්බන්ඩාර ලේ හන්දා.....

මෙතන අඩුවකට උන්නෙ දොදොලි විතරක් උනාට....ඒ වග කාටවත්ම ගානක් ගියෙ නෑ....විශේෂයෙන්ම මගෙ ඉන්ධර්ට...අම්මා උනත් මොකද සංසාර තරහවල් අත මිටමොලවන් ඉන්ධර්ගෙම ලේ ධාතුව නහන්ඩ හදපු කාරනාවට ඉන්ධර් උන්නෙ මහ අම්මන්ඩිට කවදාවත් සමාව දෙන්නෙ නෑ කියන තීරනේ විතරක් නෙවෙ...ඉන්ධර්ගෙ පැටියව කිසිම දවසක ඒ මූනට මුනිච්චි කරන වචනෙ උඩ.....

ඉන්ධර් කිව්වොත් කිව්වා...ආය වචන දෙකෙ කතා නෑ...දොදොලිට පින නැති උනා....තමන්ගෙ දරුවන්ගෙ දරු පැටියෙක් නලවන්ඩ....ඒ වචන ඉතින් සක්කරයගෙ පුතා වයිමටවත් ආපහු හරවන්ඩ බැරි වෙනකොට මමත් මොකුත් නොකියම උන්නා....

අයියන්ඩි.....ලමයට මොනවද ඕනෙ අහන්ඩ...

ඒ මගෙ අම්මා.....අද වලව්වෙ එක මගුලයි...ඇලිස් අම්මට කතරගම දෙයියො වැහිලා වගේ....වලව්වෙ ගට්ටි මූට්ටි එක්ක ඔට්‍ටු වෙන්නෙ තනිකරම යෝද බල යෝද හයිය ලැබිලා වගේ වෙනකොට අම්මා ලා පාට කපු ඔසරියකට මාරු වෙලා උන්නා..අත් දිගට මහපු බෝරිච්චි කරාපු අත් එක්ක තනි සුදු ඔසරියට ලා රෝස තනි පාට කපු ඔසරියට ගෙඩි කොන්ඩෙ බැදන් උන්න අම්මා මට කටක් දෙකක් කවා ගන්ඩ ඔට්ටු වෙන ඉන්ධර්ගෙන් මොනවද ඕනෙ අහන්ඩ කියනකොට මට ආසාවෙන් කාපු මාබල් කේක් කෑල්ල පවා වහ වෙගන ආවා...

අනෙ....කන්ඩ....බෑ....තෙහ....ස්....ඇති....මට..වමනෙට....වගේ... ..

මං මගෙ කට අකුලගත්තා.. නාඹර කැකුලු හාලට පොල් කිරි යහමට දාපු සුදුම සුදු කිරිබතට ගලේ අඹරාපු ලුණු මිරිස වගේම හත් මාලුව දැක්කම ඕනම යකෙක්ගෙ කටට කෙල බේරුනත් මට කාගන්න බැරි උනා...මං මගෙ කට අත් දෙකෙන්ම වහගත්තා....

ඉන්ධර් පුතා ..

ලොකු අම්මන්ඩි....

එපා අපුලෙන් ඉන්නකොට කවන්ඩ....හෙම්බත් වේවි... ...

අත්තම්මා ඇවිදින් ඉන්දර් අතේ තිබුන කිරිබත් පිගාන ඉල්ලගන මගෙ දිහා බැලුව .එදා මගෙ ඔලුවට අත වත් නොතියපු උන්දට අවසානෙදි කරපුවා තේරිලාද කොහෙද...මොන මිනිහා එක්ක ලැග්ගා උනත් . අනුලා කියන්නෙ වංසෙම්ම ඉහල පැලැන්තියක හන්දදො සුගලගෙ කුරුලු මොලේට නොතේරෙන හුගාක් දේවල් අනුලට තේරුනා....

උඹලට මං හෙට උදේට වලව්වෙන් බත් ගෙඩියක් එවන්න.....කැකුලු හාලට...පොල්සම්බෝලයක් එක්ක.....වැව් මාලුවක්.....තුන් මහ යනකන් ඔහොම තමයි මැනිකෙ...අපිත් වැදුවා නේන්නම්...රගේ නොදන්නවා නෙවෙනෙ .....කට අපුලන නම්..අඹ ගැටයක් වත් ලෑටි ගාපල්ලා.....ඒව අගුන නෑ...

මං ඉන්ධර් දිහා බැලුවා...මේ ඉන්නෙ ගස් ලබු එවාපු...අලකොල මැල්ලුම එක්ක බලමාලු අන්නාසි අච්චාරු එවාපු අනුලමද හිතෙන තරමට අනුලා වෙනස් වෙලා උන්නා...කොටින්ම ....දැන් මෙතන සුගලෙක් කියලා පරානයක් අමතක වෙන තැනටා බඩ දරු මාව ඉලිප්පිලා පෙනුනා.....මං නිකන්.....රජ වාසලේ අග බිසව වගේ...ඒතරන් සැලකිලි....

ඇලිස් අම්මා...

අපෙ හාමු.....

.උඹලා මනාප වෙලාවක් ඔහෙ ඉදලා වරෙල්ලා...මයෙ මැනිකෙට තෙහෙට්ටුව.....පව්....උදේ කාපු එකත් ගියා දවල් කාපු බත් කටත් ගියා ....මේ මූනත් එක්ක මැලවිලා....උඹලා මනාප වෙලාවක වරෙල්ලා...

එහෙමයි අපෙ හාමු.....මං මේ ටික අස්පස් කරලා එන්නම්.....

ම්න්....

මං එන්න ආවා....අම්මගෙ වලව්වෙ ඉදන් අපේ වලව්වට අඩි පහ දහයෙ දුර වෙනකොට මගුල් මේසයක් හා සමාන සරුවට තිබුන දවල් මේසෙනුත් බත් කටවල් දෙක තුනකට එහා මට කා ගන්න වරම් නැතු උනා....කලුවට හදාපු ගම් කුකුලු මස....ඇට වෙන්කරලා ගන්ඩ පුලුවන් වෙන විදිහට උයාපු පරිප්පුව.....වම්බොටු මෝජුව....සිංහල අච්චාරුව....අල බැදුම.....පපඩම් එක්ක තව කීයක් ජාති නම්.තිබුනද ..අනේ.....මට මයෙ අම්මා අතින් බත් කන්ඩ පින තිබුනෙ කටවල් දෙක තුනයි....ඉන්ධර්ගෙ චන්ඩි පැටියා ඒ ටික ආපිට උඩට එව්වා.....

ඇසල....උඹලගෙ මූන ටිකක් හෝදවන්ඩ මයෙ අම්මෙ....මේ මුනත් එක්ක මැලවිලා ගිහින් රත්තරනෙ...

මන් ඔලුව වැනුවා....ආපහු ඉන්ධර්ගෙ පපුවට මුන ඔබා ගත්තා...මට තෙහෙට්ටුයි....මූන කට හෝදගන්ඩවත් බැරි තරමට මට තෙහෙට්ටුයි....

හෙට ඇසල පෝය.....මයෙ අම්මට පුලුවන්ද දලදාවට යන්ඩ...තෙහෙට්ටුයි නම්...කාරි නෑ...ළඟ පන්සලට යමු.....ම්ම්ම්ම්ම්.....

යන්න...ඕනා...

මං උන්නෙ මේ අවු පූටකේ උනත් ඉන්ඩරට තුරුලු වේගන....සරමක් විතරක් ඇදන් උන්න ඉන්ධර් මාව අත් දෙකෙම්ම ඒ නග්න පපුවට තෙරපන් උන්නා....මොන තෙහෙට්ටුව උනත්....ඉන්ධර්ගෙ ආදරේ ගාවදි හැම තේහෙට්ටුවක්ම දිය වෙලා යන්නෙ ඉර අව්වට දිය වෙන පිණි බින්දු වගේ වෙනකොට මන් ඒ කස්තුරි කහ පාට පපු කදේ තිබුන ආදරේ මරමස්තානෙට හාදුවක් තිබ්බා...

අතට අහුවෙන තරමට මස් දාපු පිරිමි තනට යටින් තිබුන ඉන්දර්‍ර්ගෙ ආදරේ උල්පතට...ආදරේ මර්මස්තානෙට මං හාදුවක් තිබ්බා....

මගෙ....තෙහස්.....

කියාපන් රත්තරනෙ...මං දන්නවා..මයෙ අම්මා ඉන්නෙ.....අද උතුරන්න සතුටින් කියලා ...ඒ පිටටම...ඇසලෙන් පස්සෙ...උඹගෙයි...මගෙයි...නියම කසාදෙ....මයෙ ඉරුගල්බන්ඩාර මැනිකෙ.....ඉන්ධර් මැනිකෙ....මයෙ පැටව්ගෙ අම්මන්ඩි.....!!!!

මගෙ ලේ නහර පවා හිරිවැටිලා ගියා....හැමදාම කියනවා වගෙ...ඉන්දර් කියන්නෙ මනුස්ස හර්ද වස්තුවකට උහුලන්න පුලුව පරිමාවකට ධාරිතාවකට ආදරේ කවන්න පුලුවන් මනුස්සයෙක් නම් නෙවෙ....නිකම්ම නිකන් මැනිකෙ නොකියා....ඉන්ධර් මැනිකෙ කියලා හරි බරේට කියනකොට "මගෙ මිනිහා"කියන පට්ටම හරි ලස්සනට ඉන්ධර් සින්නක්කරේට අරන් තියනකොට ඒ පතතිරුවල එකම සාක්කිය...මගෙ බඩ ගෙඩියෙ ස්තර හතකට යටින් පන ගහන ගමන් උන්නා.....!....

ඇසලෙන් පස්සෙ...මන් නියම මැනිකෙක්....ඉන්ධර් මැනිකෙක්...සුගලට වරම් නැති උනා....මේ දේවල් විදලා හිනා වෙලා හිත සතුටින් මැරිලා යන්ඩ සුගලට වරම් නැති උනා.....

මයෙ අම්මට නින්ද යනවා නේද ම්ම්ම්....

ඉන්ධර් හරි.....මට නින්ද යනවා...ඒත් නිදා ගන්ඩ ලෝබ හිතුනා...ඉන්ධර්ගෙ ඇගිලි තුඩු මගෙ තෙහෙට්ටු සර්වාංගෙ පුරාවටම ගියා විතරක් නෙවෙ....හොර හොරාවට කෝපි මලක පෙත්තක් දෙකක් දිග අරිනකොට මං නිදා වැටි වැටි ඉන්ධර් දිහා බලන් උන්නා උනත්.....

මල් පෙත්තක් දිගාරිනවට එහා සුවදක් වත් බලපු නැති....රැවුල් ගහකින් මල් පෙත්තක් කිති කැව්වෙ වත් නැති ඉන්දර් කෙරුවෙ.....අයිති නැති වස්තුව උඩින් අත අර අරගන මගෙ නලලට හාදුවක් තියාපු එක....ආදරෙයි මයෙ රන්කදට කියාපු එක...අවසානෙදි ...ස්වර්න විමානෙක ස්වර්න වර්න රන් එලිය දකින්න ඔරුව උඩුගම් බලා හබල් ගානවා වෙනුවට...ඒ පපු කද මැද මාව තියාගන නිදි කුමාරිව හොයන් ගිහින් ඒ අත් වලට පරිස්සමින්ම මාව බාර කරාපු එක....

නිදියපල්ලා මයෙ රත්තරන් ....!

*

*

*

*

අපෙ මැනිකෙ ඇසල.......උඹලා ලෑස්තිද ...

ඇසල හද පායලා...අනේ...මට බැරි උනා....පෙරුම් පුරාගන උන්නත් මට පෝයටම ධන්තදාතුවට යාගන්න වරම් නැති උනා.....බඩ දරු මං උදේ ඉදම්ම වමනෙ හලලා දවසම ඇදට උනත්...අනේ දෙයියො බුදුන්ට පින් දෙන්ඩ මට පහුවදා ඔලුව උස්සගන්ඩ පුලුවන් උනා...

බුදු හාමුදුරුවො තරහා වෙන්නෙ නෑ මයෙ අම්මෙ....මයෙ මැනිකෙගෙ හිතේ ස්‍රද්දාව පවා...ඒ උත්තමයට පේනවා.....පෝයටම වැදගන්න බැරි උනාය කියලා කාරියක් නෑනෙ...ම්ම්ම්ම්ම්...

මුලු දවසම ඉන්ධර් මගෙ හිත හැදුවෙ ඔය වචන ටික කියලා ....ඒත්.....ඊයෙ පායපු ඇහල හදම අදත් පායලා තිබුනා...

පැන් ඉහාපු මල් අහුරයි ....හැබැයි...කෝපි මලුත් තිබුනා...

කෝපි මල්....කෝපි මල් ගැන කියනවා නම්....ඉන්ධර්ට ඇහල මල් වගේම...මට කෝපි මල් විශේශ උනා...මේ කන්නෙ පුරාවටම කෝපි මල් මා එක්කම පිපුනා.....මන් වෙනුවෙන් සුවද ගැහුවා....අපුලක් නොදැනුන එකම රහ ඉදුන කෝපි ඇට වල පැනිරහ වෙනකොට ...අනෙ මං කෝපි මල් කොහොම කියලා නම් අත අරින්නද.....?

ඇසල.....

මං උන්නෙ වැව රවුමෙ ඉදන් සෙංකඩගල ඒ උතුම් මාලිගාව දිහා බලාගන....බෞද්දයන්ගෙ භක්තියෙ පපු කද උන ධන්තදාතුන් උහුලන මාලිගාව දිහා බලාගන...සුගලගෙ තැන අදත් හිස් වෙනකොට ....අනිත් ඉරුගල්බන්ඩාරලාට මැදි උන මං බෝගම්බරෙ වට කරාපු වලාකුලු බැම්මට හේත්තු වේගන මං කහපාට ලයිට් එලිවලින් වැහුන දලදාව දිහා හරි ස්‍රද්දාවෙන් බලාගන උන්නා....

ඇහල ආකාහෙ උහුලන් උන්න ඇහල හද කිරි මූද උන බෝගම්බරෙ හැඩ කරනකොට ඉන්දර් මගෙ ඔලුව අත ගාලා පැන් ඉහාපු මල් වට්ටිය දුන්නා....

අප්පච්චි අද පිලිවලයි.....පන්සලක පස් නොපාගපු මගෙ අප්පච්චි මගෙ අම්මා පස්සෙ වැටීගන අපෙ මැනිකෙ මේන් තෙල් එක....මේන් හදුන් කූරු ගානකොට තනිම සුදු ඔසරියට එක අගස්තිමාලයක් දාන් උන්න අම්මා ලමා සාරිය ඇදන් වගේ වගක් නැතුව ඔහේ කට ඇරන් මිනිස්සු පරාන දිහා කට ඇරන් බලන් උන්න සුද්දියගෙ අත අරගන අප්පච්චිගෙ අතට මිට මෙලේව්වා...

අපෙ මහත්තයගෙ දොනියන්දට දැන් සිහි මද වෙනවා එන්ඩ එන්ඩම....මේන් මේකිව මිරිකලා වත් අල්ල ගන්ඩ...

මට මේ හැම දේම පේනවා...කාගෙවත් ඇගක හැප්පෙන්නෙ නැතිව මහ පරිස්සමට මාව එක්ක එන ඉන්ධර් එක්ක පස්සෙන් ගාටන මට මේ හැම දේම ලස්සන රූප රාමුවක් විදිහට පේනවා....

නමො....තස්ස..භගවතෝ.....අරහතෝ....සම්මා...සම්බුද්ධස්ස........

මං උන්නෙ අත් දෙකම වැදගන.....එකම ප්‍රාර්ත්නාව...මගෙ ගාව පනගහන ඉන්ධර්ගෙ පුරුක...ආදරනියම දරු පැටියෙක් කරන්ඩ කියන එක වෙනකොට මගෙ ඉන්ධරුත් වරුව විතර වැදගන ඒ ප්‍රාර්තනාව කෙරුවා.....

ත් එකතු කරලා දෙවියන්ට බුදුන්ට වැන්ද අපි එලියට ආවා....සෙංකඩගල ස්වර්ණමය කාර්තුව...සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලගෙ ධාතූන් වඩම්මන කාර්තුව...ලොවට අග්‍රවූ...තතාගතයානන්ගෙ ධාතුන් වඩම්ම කාර්තුව...

කහපාට ලයිට් එලි අස්සෙන් මං ඉන්ධර්ගෙ ඇගට හේත්තු වෙලා බලාගන උන්නා....හේවිසි....කස....සේසත්...තම්මැට්ටන්....තාතත...විතත...විතතාත...ඝන සුශිරයො පෙරටු කරගන ගජමුතු දරන්නො පෙරටු කරගන යන ඒ ඇසල පෙරහැර දිහා මං හරි ස්‍රද්දාවෙන් බලාගන උන්නා....

මගෙ හිත නිවුනා..හතර වියනක් මැද රෑ දොලොස් පැයක නිදි කඩුලු කඩාගන හති හල හල අත් විදපු ලෞකික නිවනට වඩා....බුදුන්ගෙ පාමුල මගෙ අද්‍යාත්මය ලබාපු නිර්වානය එක්ක මං නිවුනා.....ලැබෙන්න ඉන්නෙ කවුරුන් උනත්....උපදින රාහුල් ..බෝසත් පැටියෙක් කරන්න කියලා මං අත් වැදගන ප්‍රාර්තනා කරනකොට හීනියට වගේ ඇහල වැහි පොදක් මුලු සෙන්කඩගලම තෙමන් යනකොට මං හිතුවා එක ස්වර්ගෙන් ආව ආශිර්වාදයක් කියලා....!!!

ඇලිස් අම්මා....හ්....

ඇලිස් අම්මා.....

අපෙ මැනිකේ...

ඉන්ධර්ට රතු හාල ලිපේ තියන්ඩ....එන්ඩ එන්ඩම තර වෙනවා.....දැන් මටත් වඩා බඩ දාලා.....කොයි වෙලෙ හරි පිපිරෙනව....පැටියා ලැබෙන්න ඉන්නෙ මට....ඒත් ගිලින්නෙ ඒ බිබික්කම.....

ඇලිස් අම්මට හිනා ගියා ..එත් මම නෝක්කාඩු කිව්වා.....වමනෙ හලාපු කාර්තුව අහවර වෙනකොට මට හම්බ වෙන හැම දොලදුක් පිගානටම වග කිව්වෙ මයෙ ඉන්ධර්...

තුන්මහක් පහු උනා.....කිව්වත් වගේම...මේ වලව්වෙ මගුල් මේසයක් පිලිවල උනා.....ධර්මසේන හාමුගෙ වලව්වෙන් මහ උජාරුවට ඉරුගල්බන්ඩාර මහ වලව්වට ඉන්ධර් මැනිකෙ විදිහට ගොඩ බහිනකොට මගෙ ඉන්ධර් මහ වලව්ව ඉස්සරහ හිටගන මහ උජාරුවට බලාගන උන්නා...

දෙයියන් පල්ලයි...මට එදා ඉන්ධර්ව දැක්කම ලෝබ කමේ බැරි උනා....ධර්මසේන හාමුලා...මගෙ අම්මා අප්පච්චි එක්ක ඒ වලව්වෙන් ආව මාව භාරගන්න බලන් උන්න ඉන්ධර්ව මට දැකලා ලෝබ කමේ බැරි උනා.....

ඉන්ධර්ගෙ පැත්තට උන්නෙ ධර්මේන්ද්‍රන් හාමු වගේම ඇලිස් අම්මා වෙනකොට .....එදා තරප්පු පේලියෙන් වැටුන සුගලට සිද්ද උනේ කරාපු පව් වලට වන්දි ගෙවන්ඩ වෙද්දි ඇදට වැටුන සුගලට ඒ පිටටම අංසබාගෙට ඇවිදින් අච්චර උජාරුවට උන්න මහ දොදොලිව සදහටම රෝද පුටුවක් උඩට වැටුනා.....

ඉබ්බා දියට දානකොට දැන් නෑවේ කියන්නා වගෙ....සුගලගෙ උජාරුව අවසානේදි බලන් ඉද්දි දිය වෙවි යනකොට...මහ පරිප්පුවට ගෑනු අතකින් බත් කටක් කාගන්ඩ බැරිව යන කරුනු කාරනා වගේම...රෝද පුටුවට වැටිලා...මෙච්චර දවසකට නූපන් දරුවට පවා පව් කාර කතා කියපු ඒ කක්කුස්සි කට පැත්තට ගියපු.....අතක් වගේම පයකුත් පනනැතිව ගියපු මහ මැනිකෙගෙ සාත්තුවට ඕනෙ ගෑනු පරානයක්මයි කියාපු මහ පරිප්පුවා අවසානෙදි යාය අටේ උන්න ඒකා මුලු හර්ද වස්තුවෙම්ම ප්‍රේම කරාපු අර සෙලෙස්තිනා මායියව වලව්වට වඩම්මගත්තා.....

අනේ සුගලා...මහ හාමුගෙ බේත් තෙල් ගද කාමරේටම අවසානෙදි සුගලගෙ හුජ්ජ ගදත් හාමු උනා.....කක්කුස්සි ගදත් හාමු උනා.....සර්ව පිත්තල පටවන් උන්න.උන්දට විසි හතර පැයම නිදි ඇදුමට වැටෙන්ඩ වෙනකොට ඒ උඩටම ඩෙටෝල් සැරත් එක්ක ඉස්පිරිතාල සුවදත් එකතු උනා විතරක් නෙවෙ...සුගලගෙ හතර වියන අස්සෙ සුගලා තනි උනා....බැල මෙහෙවරේ මුවාවෙන් ගෙනාව සෙලෙස්තිනා මායියගෙ ඇද උඩ හැමදාම මහ පරිප්පුවගෙ තාමත් පුරුකකට පන ගහන්ඩ පුලුවන් තිත්ත පැටව් ඔහේ මැරිලා ගියා.....

මං හුස්මක් ගත්තා.....ඇගිල්ලටත් වඩා බඩ කසාද මුදුව දිහා බලන් උන්න මං කෝපි ගහයට පුටුව තියාගන නිල්පාට කොට්ට උරේකට බැරි බැරි ගාතෙ මල් මහන ගමන් පරන දේවලුත් මතක් කරකර උදේ පාන්දරම මෝලට දුවන මගෙ බිබික්කමට රතු බත් හදන්ඩ කිය කිය ආඩපාලි කිව්වා...

අනේ...අම්ම්හෙ...කකුල්...දෙක....ඇයිද මන්දා...යන්තන් මාස තුන පැන්නා විතරනෙ.....පස්මාසෙක බඩනෙ...ඊටත් කකුලුත් ඉදිමිලා...මට පෙන්නෙ...චූටි පොල් බිබික්මම චූටිම නෑ වගේ....

ඇදන් උන්න ඉන්ධර්ගෙම කමිසෙ උස්සලා මං මෝරන් එන බඩ ගෙඩිය දිහා බැලුවා...

උඹලා එලියට එන්ඩත් දැන් දැන් ලන් වෙනවා නේ රත්තරනෙ.....

මං හිමීට අත ගෑවා...අනේ...දෙයියනේ.....!!!

එයා දැගලුවා...මේ තුන් මහට පස්සෙමට මගෙ පැටියව දැනුන පලවෙනි වතාව.....

අප්පච්චිගෙ...රා....හුල්.....පුතේ....උඹට...

අම්මව....ඇහෙනවද...

අම්මෙක්ගෙ සෙනෙහස හරියටම අදුනන්න නම්...අම්මෙක් වෙන්නම ඕන කියන කතාව බොරුවක් නෙවෙ වෙනකොට පපුව මැද්දෑව පිරෙන්ඩ එන මව් සෙනෙහෙස හිමාලෙටත් වඩා වැඩි වෙනකොට මං මගෙ අත් දෙකෙම්ම ඉන්ධර්ගෙ පනව අත ගෑව....එක පාරයි....එයින් එහා සද්ද නෑ....මහ කපටියෙක්ද කොහෙද.....!!!

මයෙ මැනිකෙ.....ඇසල...

තෙහ...ස්...

ඔහොම ඉදිල්ලා.....කාරි නෑ...මක්කද මයෙ අම්මා මේ කරන්නෙ....

මේ....මලක් මහනවා....

ම්ම්ම්...අපූරුයිනෙ...ඔය මහලා තියෙන්නෙ...අගේට.....මයෙ කපටි මායියට දැන් මැහුන් ගෙතුනුත් පුලුවන් ම්ම්ම්...

අනේ....නිකන් ඉන්නකො....තෙහස්...හරි නරකයි දැන්....

මං ඉන්ධර්ගෙ අතට ගැහුවා....

ම්ම්ම්...ඉදල්ලා....මේන් මේක මයෙ මැනිකෙට...

මොනවද...අපෙ මහත්තයා මේ....

පොල් මෝලෙ..මායියෙක් දුන්නෙ..මයෙ මැනිකෙට දෙන්ඩය කියලා....පැනි පොරි.....දෙයියන්ගෙ පිහිටෙන්....උඹලට දැන් කන්ඩ පුලුවන් එකේ...කාපන් රත්තරනෙ...ඒ තුන් මහම මට මහ හිසරදයක්....ඉල්ලපන්...මනාප ඕන දෙයක්....අරන් දෙන්නම්..කීය ගියත් කාරි නෑ..මයෙ අම්මා කාල බීලා ඉන්නවා නම්...ඒ ඇති....ම්ම්ම්ම්.....

ඉන්ධර් හිනා උනා...මගෙ ඔලුව අත ගෑවා...බ්‍රවුන් පේපර උරේකින් එකක් පැනි පොරි...මං අහුරක්ම අරන් කටේ ඔබා ගත්තා.....

ඒ ගෙවෙන්නෙ ඉල් මාසෙත් අග.....ලාවට වගේ උදුවප් සීතල ගහනකොට ගඩා ගෙඩි විමානයක් උන වලව්ව පුරාවටම කැරකුනේ සනීප හුලන් රැලි වෙනකොට මං කකුල් ඈත් කර කර කොන්දට අත තියාගන.....රෑ එලිවෙනකම්ම....බිම් කරුවල වැටෙනකම්ම ඒ වලව්වට මේ වලව්වට ඇවිද්දා...

මයෙ මැනිකෙ....

ම්ම්ම්.....

ඉදල්ලා....

මන් උන්නෙ පැනි පොරියක් හපන ගමං....

ඉන්ධර් මගෙ දිහාවට කිරිපබලු අහුරක් දික් කෙරුවා....

ඇයි අපෙ මහත්තයා මේ ආයමත් .....අපෙ අම්මා එදා ගෙතුවනෙ...

ම්න්....ඒත්...ඔය ඇව්දින විදිහයි...බඩ ගෙඩියයි දැක්කම....මට හිතෙන්නෙ නම් නෑ මයෙ අම්මෙ.....කකුල් හතරකටයි....අත් හතරකටයි.....ඒ ගොතාපුවා ඇති කියලා...

ත්.....තෙ....හ....ස්.....

මගෙ කට ඇරුනා...කටේ තිබුන බාගෙට හපාපු පැනි පොරිය බිමට වැටුනා.....ඉන්ධර්....මොනවද මේ කියන්නෙ...

මන් හිතන්නෙ....දෙයියො බුදුන්....මගෙ ප්‍රාර්තනාව.....මං හිතුවට වඩා...සරුසාර කරලා වගේ ඇසල...මෙතන....එක පැටියෙක් නෙවෙ.....පැටව් දෙන්නෙක්ම ඉන්නවා මයෙ අම්මෙ.....දොස්තර මහත්තයා.... කියන්ඩ කලියෙන් මං උඹලට කිව්වා....තුන් මහ පනිනකන් ඔව්වට යන්ඩ එපා ගගා තහංචි දැම්මත් මොකද.....මට දැන් නම්...ඉවසුම් නැතුවා මයෙ ඇසල...මගෙ හිත කියන්නෙම...මං පැටව් දෙන්නෙක්ට අප්පෙක් වෙනවා කියලා....රත්තරනේ....

මට කතා කරගන්න වචන නැති උනා...ඒ එක්කම නටුවෙන් ගිලිහුන කෝපි මලක් ඇවිදින් මලක් මහපු කොට්ට උරේට වැටෙනවත් එක්කම අප්පච්චිගෙ කිම සනාත කරාපු පැටියෙක් අතක් පයක් ගැසුවා මට කෑ ගැස්සුනා....

ත්...තෙහස්...මේ...අනේ...මේ....හ්...

....තෙහ්ස්....

මම ඉන්ධර්ගෙ අත අරගන මගෙ බඩ උඩින් තිබ්බා....අනේ දෙයියනේ....ඉන්ධර්ගෙ මුන....ඒ හිනාව.....

මැනිකෙ...මේ..දගලන්නෙ..මයෙ...පැටව්නේද...රත්තරනේ.....

මං හිනා උනා....සතුට වැඩිකමය මන් ඇඩුවා...ජීවිතේ පලවෙනිම අත් දැකීම.....එකට පෑහිලා....අස්වද්දපු පලමු අස්වැන්නෙ ගැස්ම !!!ඉන්ධර් කෙරුවෙ එකම දෙයයි...සතුට වචන කරගන්ඩ අමාරුම තැන..මගෙ ගැහෙන බඩ ගෙඩියට හාදුවක් තිබ්බා.....

ස්වප්න...ස්වප්න රාහුල් අභිමේන්ද්‍රන් ඉරුගල්බණ්ඩාර....!!!

ඉන්ධර් නම් දුන්නා....ස්නේහගෙ....ඉතුරු පලුවට....ඉන්ධර්ගෙ නමින් දරන් ඉන්න ඉතුරු ධාතුවට ඉන්ධර් නමක් දුන්නා.....

"ස්නේහ.....ස්වප්න...."

ඇසල....මයෙ අම්මට....තෙහෙට්ටුයිනෙ.....රත්තරනේ ම්ම්ම්...උඹලට දාඩියත් දාලා.....මට...මීට වඩා නම්....බයයි මැනිකෙ.....මයෙ පැටව් පව් .....උඹලත් පව්....

ඍතු ගෙවුනා.....සීතල උදුවප පහු උනා....දුරුතු හද පෑව්වා.....නවම් හද...මැදින්....විතරක් නෙවෙ....බක්මහ අහස යට එරබදු මල් පිපිලා....බක්මහ වැහිත් වැස්සා....කාලෙකයට පස්සෙ.....මන් බක්මහෙ හද එලියට මගෙ නිරුවත පෙන්නුවා...ආරපු තට්ටම් රවුම් වෙනකොට ...ඉනධර්ගෙ පැටව් ගුලි උන පැස දැන් පුපුරන්න කිට්ටුවෙන් තිබුනා.....රුපියල් දෙකෙ කාසි සයිස් කෝපි ලප අවසානෙදි ඉන්ධර් හන්දම කෝපි මල් වෙලා ඒ කෝපි මල්ම ඉන්ධර්ගෙ පැටව් වෙනුවෙන් දැන් කිරි කදුලු හලන්න බලන් ඉන්න ගමන් තිබුනා.....

මං උන්නෙ ඉන්ධර්ගෙ දාඩියෙන් නෑවුන කස්තුරි කහ පාට අමු හෙලුවට යට වෙලා ඒ උරහිස් මිරිකගන....

කාලෙකට පස්සෙ....යන්තමට වගේ...නිදියන් උන්න කවියව මහ පාන්දරක ඇහැරෙන හැටි අහම්බෙන් වගේ දැකපු මට මටත් හොරාවට එලියට යන්ඩ ගියපු ඉන්ධර්ව මං අල්ල ගත්තා...

උඹලා...කාර්තු කියක්...මෙව මගෙන් වහන් කෙරුවද....මයෙ තෙහස්....

මං අප්පච්චි කෙනෙක් රත්තරනෙ.....අප්පච්චිලාට...දරුවො වෙනුවෙන්...ඔන දෙයක් කැපකරන්ඩ පුලුවන් එකේ...මේක මොකක්ද..මයෙ අම්මෙ...ම්ම්ම්....ඇරත්..මං සද්දන්තයා.....මයෙ අම්මා බඩින්.....කාරි...නෑ...උඹගෙ වාහෙට පුලුවන් ....තනියෙන් කාරිය කොරගන්ඩ...මං අහිතක් හිතන්නෙ නෑ රත්තරනෙ .....ආදරෙයි උඹලට.....

ඉන්ධර් මට අමුවෙන්ම කියල දුන්නා...ඒත්....කනින් කොනින් මන අහල තිබුනා..කලබල නැති රතිය ගැබ්බර කාර්තුවට අගුන නෑය කියලා....මට ඉන්ධර්ව යවන්ඩ දුක හිතුනා.....හද එලිය යටම මගෙන් වහන් වෙන්ඩ හදාපු ඉන්ධර්ගෙ සරම් ගැටෙ ලෙහාපු මං ඉන්ධර්ට ඇස්වලින් කතා කෙරුවා....කාලෙකට පස්සෙ මං ඉන්ධර් එක්ක ස්වරන වර්න ගැනුන ගග දිගෙ උඩුගම් බලා පීනන්ඩ හැදුවත්...බඩ දරු හද හන්දා හබල් ගාන කවියා හරි ඔතෑනි වෙලා උන්නා.....හබල හයිය උනාට මොකද..කවියට හබල් ගාන්ඩ බයක් දැනිලා තිබුනා...වෙනදට ගන්පතුලට පවා රිදවන අද කෙරුවෙ ගන් පතුල අතගාගන ගිය එක වෙනකොට උඹලට තෙහෙට්‍ටුයි කියාපු ඉන්ධර් වෙනදටගන් පතුලෙ හංගන හබල ආපිට ඔරුවට අරගත්තා වගේම...මේ පාර තිත්ත පැටව්ට ස්වරන විමානෙට පීනගන්න බැරි උනා.....උන්ට ඇද රෙද්දත් අකැප උනා....අවසානෙදි මං බලාගනම ඉන්නකොට තිත්ත පැටව් අහුරක් වක්කඩක් ගාව නැතුව ඉන්ධර්ගෙ අල්ල උඩ මැරිලා ගියා....

තෙහස් .....

නිදාගනිල්ලා මයෙ අම්මෙ....උඹලව දැන් තුරුලු කරග්න්ඩත් හරි අමාරුයි....වදිනවනෙමේ බඩගෙඩිය....බයයි තැලෙයි කියලා...ඊටත් මං නිදියනවට වඩාකරන්නෙ උඹලව පරිස්සම් කරන එක.....තාම නොදරුවා වගේ අත පය ගහනවා..මුනින් අතට හැරෙන්ඩ බලනවා.....මගෙ චන්ඩ මායියා උඹලා....නිදාගනින් මයෙ අම්මෙ.....මං තරහා නෑ...ඇරත්...නව මහකින් උඹලා හෑල්ලු උනාම...බැරියෑ...මට ආයම කවි ලියන්ඩ...ම්ම්ම්.....වරෙන් මයෙ රන්කද උඹ...

රතිය නැතුවට කාරි නෑ....උඹල මගෙ ලේ ධාතු දරන එකම ඇති මට.....

මං ඉන්දර්ට තුරුලු උනා....තුරුලු උනා කියන්නෙ....දැන් ඉතින් හැමදාම ඉන්ධර් මාව තුරුලු කරගන්නෙ පිටිපස්සෙන් වෙනකොට අදත් මං මගෙ පිට ඒ පපුවට හේත්තු කරන් ඇහැපියෙව්වා...

.

ගිලෙම් ඔබෙ ගුණ මූදේ.....

විදිම් ඔබේ දම් සා...දේ....

වදිම් වදිම් ඔබෙ පා...දෙ....

තිලො අග බුදු සමිදේ...

තිලො අග බුදු සමිදේ....

වෙසක් කැකුලු පිපිලා.....වෙසක් හද පායන්ඩ තව ටික දොහයි...

මං උන්නෙ හරි අමාරුවෙන්...වලව්වෙ ඉස්සරහා පුරාවටම බට පතුරු.....ඉන්ධර්ට වෙලාවක් නැති හන්දා අප්පච්චි අපේ වලව්වටත් වෙසක් කූඩු හදනවා...

මයෙ පුතා....මේ අටපට්ටමට මොන පාටද.....

ඉදගන ඉදලා බැරිම තැන මං හිට ගත්තා...අමුතුවෙන් පාට නෑ.....ඉන්ධර් ආස කහ පාට....වෙසක් හදත් කහ පාටයි.....ඇහල මලුත් කහ පාට හන්දා මං අප්පච්චිට කහපාටම අලවන්ඩ කිව්වා.....

ඉන්ධර් සුගලව බලන්ඩ ගිහින් තවමත් නෑ....සුගලට දැන් අමාරුයිලු....පරිප්පුවගෙ හොර මායියටත් සුගලව තනියෙන් ආන්බාම් කරගඩ බැරි හන්දා උන්දව නාවලා දෙන්ඩ ඉදරුත් ගියා...කොච්චර වෛර බැන්දා උනත්....බීපු කිරිවල ණය වලට ඉන්ධර් එන්ඩ කියන පමාවට ගියා...හැබැයි..මට දාපු වාරණ නම් එහෙම්මයි....මං හිතන්නෙ කැතරින් අක්කන්ඩිව ආයම ගෙන්නයි වගේ...සාත්තුවට වත්...

අපෙ..අප්පච්චි...අම්මට ඩිංගක් අඩගහන්ඩකො.....

මයෙ පුතා ඇසල.....උඹලට.....ඔහොම ඉදිල්ලා...මැනිකෙ.....අරුන්ධතී....

මං මගෙ කොන්දට තට්ටුවක් දාගත්තා....විඩින් විඩේම අල්ලන බඩ කැක්කුම් ගතිය එන්ඩ එන්ඩ වැඩි වෙනකොට අප්පච්චිට මං අමාරුවෙන් ඉන්න බව තේරුන ගමන් අම්මව හොයන් දුවනවා එක්කම අනේ මොන වාසනාවකටද මන්දා ඉන්ධර් ආවා...මං බඩ අල්ලන් දෙකට නැවුන.....

මැනිකෙ....ඇසල.....ඇසල....උඹලට අමාරුද මයෙ අම්මෙ...

අනෙ....ත්...ත්..තෙ....හස්...වේ.....ද..නාවයි.....

මන් ඒ උරහෙ හපාගන්නවත් එක්කම වලව්වෙ බිම උනුසුම් වතුරෙන් තෙමිලා ගියා ඉන්ධර් මාව හරහට ගත්තා.....

ජා ගොඩ මහත්තයා..මට ඇසල ළඟ ඉන්ඩ ඕනෙ...

මං උන්නෙ වේදනාවෙ උපරිමේ.....ඉන්ධර්ගෙ ඇස් රතූ වෙලා.....මාව බලාපු ජාගොඩ මහත්තයගෙ අවසරෙත් එක්කම ඉන්ධර් මගෙ තනියට සූතිකාගාරෙට එනකොට දුන්න දිනේට කලින් එලි බහින්ඩ හදන ඉන්ධර්ගෙ පැටව් හන්ද මං විලිරුදාවෙන් අම්මෙ....අනේ....අම්මෙ....හ් කියලා කෑ ගැහුවා...

මට කියන්න වචන නැ....ඉන්ධර්ගෙ පැටව් ව එලියට ගන්නෙ නිර්වින්දනෙ මැදස්තර හතක් කපාගන උනත්...අනෙ මගෙ අම්මා තට්ට තනියම මාව වැදුවෙ මහ වැස්සල බලු බල්ලෙකුත් නැතුව නේද මතක් වෙනකොට අම්මගෙ අගෙ උපරීමේට දැනෙන සූතිකාගාරෙදි මං ඉන්දර්ව මිරිකන් කදුලු හලනකොට මගෙ කොන්ද පසාරු කරගන නිර්විනදන කටුව ඇතුලට බැස්සා....

ත්...තෙහස්.....

මයෙ රත්තරනේ...මයෙ අම්මට....අංගුලිමාල රහතන්ගෙම පිහිටයි.....

ඉන්ධර් උන්නෙ අංගුලිමාල පිරිත මුමුන මුනුන.....මගෙ ඇස් වලින් වැටෙන කදුලු මොනවද හිතුනා....ඉන්ධර් අඩනවා...පැටියෙක් ගැන මටත් වඩා හීන දැකපු පිරිමි පරානෙ සූතිකාගාරෙ අස්සෙ අමුලේ සුවදින් හිත පාරවගන ඉකිගහලම අඩන්න ගත්තා....

පිරිමො අඩනව දරන්න අමාරුයි.....එතනිනුත් ...ආදරනීයම පිරිමි ආත්ම අඩන එක නම්....උහුලන්නම අමාරුයි....කොල පාට රෙද්දට එහා...යටි බඩ පුරාවටම දැනෙන දේවල් එක්ක මං ඉන්ධර්ගෙ අත මිරිකගත්තා....

අඩන්න එපා...පැටව්ගෙ අප්පච්චි...මං.....දරාගන ඉන්නෙ....වේදනාව...හැම දේම.....හේදිලා යාවි.....උඹලගෙ පැටව්ව දැක්කම....

.

මං එක තත්පර ගානකට ඉන්දර්ට අම්මෙක් වෙනවත් එක්කම මගෙ වම් පැත්තෙ කෝපි මලක් ඇදුම් කන්න ගත්තා...හරියටම ...තනපුඩු පුපුරන් කිරි කදුලු එලියට පනින්න එනව වගේ...අම්මලට දරුවන්ගෙ ඇඩිල්ලට කිරි එරෙන්නා වගේ මගෙ පපුව ඇදුම් කන්න ගන්නවත් එක්කම ඉන්ධර්ගෙ ඇස්වලට සතුටු කදුලු හලාගන ස්නේහ.....ඉන්ධර්ගෙ ස්නේහ රාහුල් ඉරුගල්බන්ඩාර එලියට එන නිමිත්ත දුන්න කෝපි මලෙන් කිරි එරුනා.....

මැනිකෙ...අනේ....මයෙ...අම්මෙ...මං අප්පච්චි කෙනෙක්!!!..

ඉන්ධර් කෑගැහුවා....අවුරුදු විස්සකට කලියෙන් ලේ පිටින්ම මාව තුරුලු කරගත්තු ඉන්දර් අද ස්නේහව තුරුලු කරන් කෑගහනකොට මෙච්චර වෙලාම අඩාපු මං හිනා වෙනකොට ස්නේහව මගෙ පපුව උඩින් තිබ්බා...

ඉන්ධර් හරි.....ඝණ රැවුලකින් කෝපි මල් තැලෙනකොට මට කෙදිරි ගෑවුනත්...ළපටි වීදුරු මහකින් තැලෙන කෝපි මලක් කෙරුවෙ තවත් ක්ශීර උල්පතට පන ගස්සවපු එක වෙනකොට .....ස්නේහ වෙනුවන් වගේම ස්වපන වෙනුවෙන් කෝපි මල් පුරාවටම කිරි කදුලු වෑස්සෙනකොට සෘංගාරය අදුනපු තන පුඩුම හරි සීරුවට අම්මෙක් උන ඉන්ධර් මැනිකෙගෙ ආදරේ බෙදුවා......

පැටව් දෙන්නෙක්...හරි හරියට අඩ අඩෝම කිරි උරනකොට....විලි රුදා මැද අඩාපු මං අවසානෙදි ඉන්ධර් දිහා බලාගන හිනා වෙනකොට ඉන්ධර් මගෙ නලලට හාදුවක් තිබ්බා....

මයෙ අම්මා මතු බුදුවෙන්ඩ ඕනා....!!!!

ස්නේහ....ස්නේහ...ඇලිස් අම්මා....ස්නේහ නෑනෙ.....ස්වප්න.....කොල්ලො.....රාහුල්....ලමයෝ...හ්....

ස්නේහ....පුතේ.....අනේ මේ චූටි බිබික්කම් දෙක මොන ලෝකෙ අතරමන් වෙලාද මන්දා...මුන් දෙන්නා මගෙ ලේ පුච්චනවා.....

..වෙලව දොලහත් වෙන්ඩ එනවා....ප්ලාස්ටික් බත් පිගාන තියන් වලව්ව වටේම කිලෝමීටර් ගානක් ඇව්දපු මට පන යන්න ආවා...

අවුරුදු තුනක්...මං දන්නෙ නෑ....ඉන්ධර්ගෙයි මගෙයි ලෝකෙට ස්නේහයි ස්වපනයි ආව දා ඉදන් කාලෙ වාශ්ප උනාද මන්දා...බාලගිරිදෝසෙඅද නෙවෙ හෙටයි කියලා උලුවහුවල පාලු ඇරලා තුන් අවුරුදු ගෙවුනා....ඉන්ධර්ගෙ මුලු ලෝකෙම කොලු පැටව් දෙන්නා....ඒ මනුස්සයව ආදරෙන් දිය වෙලා යන තරන් ඉන්ධර් ආදරනීයම අප්පච්චි කෙනෙක් උනා....

කියන්න සතුටුයි...මං කරලා තියෙනෙ නවමහක් බඩ බැදපු එකයි...අදටත් කිරි දෙන එකයි විතරයි.....අප්පච්චිගෙ ලේයි...අප්පච්චිගෙ නමයි අරන් ආව පොඩි බිබික්කම් දෙක මහ බිබික්කමගෙම පිටපතක් වෙනකොට අම්මා උන මගෙයි කියන්න මොනවත්ම නැති උනා....

ස්නේහ...ස්වපන....ඇත්තමයි..මං...ආවොත් දෙනවා...මෙ බයි කන්නෙ නැද්ද බොලව්...වරෙව්කො...

මට මල පැන්නා.....කිරි වලටම හුරු උන ඇට්ටර බිබික්කන් දෙක බත් කවන වෙලාව එනකොට හැමදාම වාශ්ප උනා.....මේ ඔක්කොම ඉන්ධර්ගෙ වැරදි....මං මෙ කිරි වරන්ඩ හැදුවෙ මීට අවුරුදු දෙකක ඉදන්...කොච්චර කොහොඹ ඇතිල්ලුවත්...ලමයිට කලින් ඇඩෙන්නෙ අප්පච්චිට.....ලමයිට කලින් පිහන්නෙ අප්පච්චි...අනේ මැනිකෙ පව් මගෙ නොදරුවනට ගාන ඉන්ධර්ම මං එල්ලන වරා අත්ත පවා අල්ලා විසික් කෙරුවා.....ගාන කොහොඹ තලිය පිහදැමා...දැන් උන් දෙන්නට බත් ඇටයක් කවන්ඩ මට බොරු මවන්ඩ වෙලා...

අප්පිච්චියේ.....

ඇයි මයෙ අම්මෙ....අප්පච්චිගෙ පන මේ කොහෙද යන්නෙ...ම්ම්ම් අම්මා හොයනවා ඇති...

අපානෙ...තාරියක්...නෑ..නෙ....මයෙ....ඇතල.....

ආ...ආ....ආ.....ඒවත් පුරුදු වෙලා.....චන්ඩයො දෙන්නා...

මං ඉනට අත තියාගත්තා....මහ එකාට වගෙම පොල් පිස්සුව ගහලා...

පහල කෑල්ලෙන් කඩාපු පොල් කරත්තකයම බාලා තිබුන තැන උන්න පොඩි බිබික්කන් දෙක පොල් ගෙඩි දෙකක් උඩ ඉදගන මහ බිබික්කමා එක්ක හරි හරියට කතාව මදිවට උන් දෙන්නා මහ එකා වගේ ඒකගෙම වචන අල්ලන් කියෙව්වා....

කාරි නෑනෙ ඇසල.....කාරි නෑනෙ ඇසල තමයි....ඇසල කව්ද....??අක්ක්ද නංගිද...අනෙ අනේ.....අම්මට කතා කරන හැටි....නේ.....ආ කොල්ලො....

මං බත් එක අරන් යනවත් එක්කම මුන් දෙන්නම ගිහින් ඉන්ධර්ගෙ සරම් බොක්කට රිංගුවා....හරියටම උගුඩු පැටව් දෙන්නෙක් වගේ...

පුතේ ඔන්න එනවා කපටි මායියා...අප්පච්චිගෙ කපටි මායියා එනවා.....

අප්පිච්චියගෙ....තපති....මා....යියා.....

එනවා.....ඇතල...

නිකන් ඉන්ඩකො තෙහස්...ඔයා මුන් දෙන්නව නරක් කරනවා.....

මං බත් ගුලියක් අතට ගත්තා...එර් එක්කම ඉන්ධර් සරම් බොක්කෙ හැංගුන බිබික්ක දෙක වත් දෙකෙන් වඩාගන හිට ගත්තා.....

කෝ ආගාන්ඩ අම්මා පව්නෙ රත්තරනේ ම්ම්ම්ම්.....අපි දන්නෙ නෑ...බයි නොකෑවොත්....හැමදාම චූටියටම ඉදී....ආ.

තූ....තියත.....අප්පිච්චියෙ....තූතියතත.....

ඔව්.....චූටියට ඉදී...නේ.....මගෙ ස්වප්න පුතා අස නෑනෙ.....චූටියට ඉන්ඩ...ස්නේහ අයියා ඔය උන්න දෙන්...මයෙ රත්තරන් ආ ගන්ඩ...හබුන් කන්ඩ....

ම්හ්...තා...රියක්....නෑ....තූ....තියත...

තාරිය....ක්...නෑ...නෙ...මැනිතෙ.....

මැනිකෙ....ඔව්...ඔව්...මැනිකෙ...කාරියක්නෑනෙ මැනිකෙලු ඔහෙට ඇහෙනවද අපෙ මහත්තයා....දැන් ඉතින් කවාගන්න එකයි.....ළමයි හදන්ඩයි....උන්ගෙන් කතා අහන්ඩයි දෙකක් බෑ.....අප්පච්චිලා පුතාලා ඕන එකක්....මං යනවා යන්ඩ...

මං රවාගත්තා.....පොඩි බිබික්කම් දෙක තනිකරම කපටි නරි දෙන්නෙක් වෙනකොට මගෙ ඉන්ධර් හිනාව කාගන අහක බලන් ඉන්නකොට මල පැනපු මං බත් එක ඩග් ගාලා එතන තිබුන පුටුවෙන් තියලා එන්ඩ හැරුනා එක්කම කපටි ඉන්ධරයා අර නරින්ගෙ කනට මොනවදො මිමිනුවා.....

අන්න අම්මට තරහා ගිහින්...යන්ඩ එපානෙ මයෙ අම්මෙ කියන්ඩ....

නන්න....අපානෙ...අප්පිච්චිගෙ....

අම්මෙ...

මට හිනා යන්න ආවා...ඒත් මං හැරුන් නෑ...යන්ඩ එපානෙ අප්පච්චිගෙ අම්මෙ කියාපු ස්නේහ කෙදිරි ගෑවා.....මගෙ බිබික්මා ආයම ලමයිට මොනව හරි මිමිනුවා...උන් දෙන්නත් බැරි බැරි ගාතෙ ඒවම කියෙව්වා....

කපති...මායියෙ....මයෙ.....ඇතල.....නන්න....අපානෙ...තත්තලනෙ.....

අපෙ...මැනිතෙ.....අමනාතයක්...

නැච්චන්.....හා.....චුවක්...තියන්..නත....

අපෙ...මැනිතෙ.....හාචුවක්...

තිය..න්නත...

මදෙ.....ඇහල...මල.....ම්හුක්....ඇතිනෙ....අප්පිච්චියෙ.....කුක්කි.....ම්හුක්.....

තෙහස්...

මන් හැරුනා.....ඉන්ධර් හිනා උනා.....තියාපු බත් එක ආයම අතට ගත්තු මං පැටව් දෙන්නටම කැව්වා..... ඉන්ධර්ටත් එක්කම බත් කැව්වා....

ඔන්න..මේ...අප්පච්චිත් ආ ගානවා....කෝ...අප්පච්චි ආගන්ඩ....

ආ...

දැක්කනෙ...දැන් මගෙ පුතාත් අප්පච්චිට පේන්ඩ ආගන්ඩ.....

බත් ගුලියෙන් ගුලිය ගිලලා ගිලලා අවසානෙදි ඉන්ධර්ගෙ කොලු පැටව්ගෙ බඩ ගෙඩි දෙක පිරුනත්...ලමයිට දෙන සැර නැති..ලුනු අඩු බත් කාපු අප්පච්චිගෙ මුන නම් දෙක වෙලා තිබුනා.....

මැනිකෙ...

මං උන්නෙ හතර වියන යට ස්නේහව තුරුලු කරගන.....දගලලා දගලාල.....කෑ ගහලා....මටත් මොන මොනාදෝ කියල බැන්න මදිවට මගෙ ඇස් වලට කදුලු උනන කන් කෝපි මලක් හපලා ගුටියකුත් කාපු ස්වප්නට ඇගිල්ලත් කටේ ගහන් නින්ද ගිහින් තිබුනා.....

ඇද බර උනා...කාමරේම එ සුවදින් පිරිලා ගියා....ස්නෙහ තවමත් අඩ නින්දෙන් කෝපි මලක එල්ලිලා...ඉන්ධර් ඇවිදින් මගෙ අත උඩම නින්ධ් ගියපු ස්වප්නව තුරුලු කරන් හාදුවක් තිබ්බා වගේම ස්නේහවත් හීමීට මගෙන් ඈත් කෙරුවා...ගලාගන ආව කිරි බින්දුවක් ඇද රෙද්ද තෙමුව...

මයෙ මැනිකෙට මහන්සී...යමල්ලා රත්තරනෙ ගිහින් කාපල්ලා...මන් කොලුවව නිදි කරවන්නම්...

ඉන්ධර් මගෙ තෙහෙට්ටු පාට මූන දිහා බලාගන මට යන්න කියනකොට මං කමක් නෑ කියන්න ඔලුව වනලා ඉන්ධර් ගාවටම තුරුලු උනා...

මයෙ පැටව් තුන්දෙනා.....

ඉන්ධර් මිමිනුවා....

උලුවැස්සෙ අලවලා තිබුන බාලගිරියව නවත්තපු අකුරු වල පාට ගිහිල්ලා...තුන් අවුරුද්දක් ගෙවුනෙ කොහොමද කියන්ඩ දන්නෙවත් නැති උනා....කාගෙ කාගෙත් පන තිබුනෙ ස්නේහ ගාවයි ස්වප්න ගාවයි වෙනකොට දොදොලිගෙ අවසානම දවස් ටිකෙ ඉන්ධර් අවසානෙදි මාවයි පැටව් දෙන්නවයි එක්ක වලව්වට ගියා....

මිනිස්සුන්ට කරාපු වැරදි තේරෙන්ඩ නම් මරන මන්චකේම ලන් වෙන්ඩ ඕනා වෙනකොට ඉන්ධර්ගෙම ලේ වල ජාතකෙ අතපත ගාන්න වත් සුගලට අත පය පන නැති උනා..ඒ වෙනුවට ඒ ඇස්වලින් කදුලු වැටුනා.....

අපෙ මහත්තයා ...

ම්ම්ම්....

අම්මගෙ දානෙ ලගයි ....

ම්න්....දන්නවා මැනිකෙ....උන්දා පව්....ඒත් මයෙ අම්මෙ....උන්දා නැති කරන්ඩ හැදුවෙ....මේ පැටව් දෙන්නව...

මන් ඉන්ධර්ගෙ පපුවට ගුලි උන ස්නේහවයි ස්වපනවයි දිහා බලලා ඇද රෙද්ද්න් පොරවන ගමන් ඇදෙන් බැස්සා....මොකද ....ඉන්ධර්ට කල්පනා කරන්න හේතුවක් තියන බව ඒ ඇස්වලින් දැකපු මන් කිරි කහට වැදුන ඇදුම මාරු කරන් ඇදෙන් බැහල ඉන්ධර්ගෙ ලියන මේසෙන් ඉදගත්තා.....

අවුරුදු තුනක් ගෙවිලා....මට දැන් විසිතුනයි.....පැටව් දෙන්නෙක්ගෙ අම්මෙක්...ඉන්ධර් කියන්නෙ ජීවිතෙ හරි අඩක් ගෙවපු මනුස්සයෙක් ....රතු මැනිකෙගෙ පූන් බෝලත් දැන් ලොකු වෙලා...ඇලිස් අම්මා වයසට ගිහිල්ලා......

වයසක මනුස්සයෙක්ගෙ සිල් බිදපු මං කටු ගාන්ඩ බලන් කසාදෙකට අත්සන් කෙරුවා උනත්...ඒ තාක් නරදුක් විදපු මගෙ ජීවිතේට ඉන්ධර් කියන්නෙම ආශිර්වාදයක් උනා....විදින්න පුලුවන් රහම රමනෙ විදින ....ආදරේ මර්මස්තානෙ ට තුරුලු කරන් ජීවිතේ කියා දෙන ඉන්ධර් කියන්නෙම...කල්ප කාලාන්තරේකට උනත්.....සාරවත්ම සංසාර කන්න අස්වද්දන්න පුලුවන්.....මැරෙන තුරාවටම ඒ නමින්ම පතිවෘතා දම් පුරන්න පුලුවන් මනුස්ස පරානයක් වෙනකොට මම මගෙ ජීවිතේ ස්වර්ණමය කාර්තුව ගෙවන ගමන් උන්නා...

වාරණ දාපු කවියා ආය ආයම පම ගහනකොට.....කිරි සුවද පුරවන පැටව් නිදිගත්තු මහ රෑක හතර වියන උන්ට සින්නකර කරලා සීතල මහපොලව රතියෙන් උනුහුම් වෙලා ගියා....දා බින්දුවලින් සීතල මහ පොලව ගිනියම් උනා...ගණ රැවුලෙන් බැට කන කෝපි මල් පවා කොච්චර උනත් ඉන්ධර්වම හෙව්වා....!!!!

ඉන්ධර් කියන්නෙම උල්පතක්.....ආදරෙ උතුරන මනුස්සපරානයක්....ආදරේ පරිසමාප්තියක්.....බඩෙන් බාගෙට කකා ඉදුල් හෝදපු ඇසලට...ඉන්ධර් කියන්නෙම ඉශ්ට දේවතාවෙක් වෙනකොට මං එහෙම්ම හැරිලා ඉන්ධර් දිහා බැලුවා.....

කස්තුරි කහපාට පැටව් දෙන්නෙක් පපු මැද්දෑවෙ තියන් මගෙ ආදරනීයම ඉන්දර් කල්පනා කරනවා.....පුංචි උන්ට අම්මගෙ පපුව මතක් වෙන්නෙ බඩගිනි වෙනකොට උනුත් දිව්‍ය සැප හෙව්වෙම අප්පච්චි ළඟ...

මට හුස්මක් පිට උනා....මේ කන්නෙ සරුසාර වෙලා අහවරයි...දොදොලිට පින් මදි උනත්...අනිත් උන්ට නම්....මගෙ පැටව් දිහා බලන් වයසට යන්ඩ පින තිබුනා...සුද්දියා නැන්දම්මෙක්...හැබැයි තාම බට්ට පනින මගෙ පැටව්ටත් හොර කර කර බට්ට පනින කපටි නැන්දෙක්...මයෙ අප්පච්චිගෙ ඇත්ත ආදරෙ මං දැක්කෙ මෙ වලව්වට ආවට පස්සෙ වෙනකොට මගෙ අම්මගෙ ඇට ගැහුන සරීර කද බලාගන ඉන්නකොට පාට වැටුනා.....ඒ වලව්වෙත් හිනාව උතුරුනවා....

මං ඈතින් පේන පහන් පැල දිහා බලලා මගෙ ඉන්ධර් දිහාව බැලුවා....

අවසානෙදි ඉන්ධර් ගනන් හිලව් ලියාපු පොතක් අතට අරන් අවසානම පිටුව පෙරලුවා.....මගෙ ජීවිතේ ආයම මට කරන්න ප්‍රා‍ර්තානා මොකුත් නෑ...දෙවියො බුදුන් මට දෙන්න පුලුවන් ලොකුම සම්පත දීලා අහවරයි.....

මගෙ හිත පුරාවටම සතුට දෝරෙ ගලනකොට රාහුල් පැටව් දෙන්නව තුරුලු කරන් ඇහෙන නෑහෙන ගානට නැලවිලි කවි කියන ඉන්ධර් වෙනුවෙන් මං හැගීමක් අකුරු කෙරුවා.....

මයෙ තෙහස්.....

ජීවිතේට මල් නොපිපුනට මොකද...ගස් වල හරි මල් පිපෙනවනෙ කියපු මගෙ ආදරනීයම මනුස්ස හර්දවස්තුවටයි මේ වචන ටික....,

මයෙ තෙහස්....මයෙ ඉන්ධර්....පැටව්ගෙ අප්පච්චි....

නුඹ ඍතුවක්.....ඉඩෝරෙක පවා මල් පිපෙන...!!!තවත් සංසාර කන්න සරාසංඛ්‍ය කල්ප ලක්ශෙකටම.....ඒ ඍතුව මගෙම වෙයන් .....!!

මං උඹලගෙ ඇහල මල...ඇසල ධනුද්දර ඉරුගල්බන්ඩාර...

මයෙ මැනිකෙ...

මං පොත වහල දැම්මා.....පැටව් දෙන්නවමේ ලෝකෙ තියන හොදම සුව යහනෙ නිදි කරවපු අප්පච්චි මගෙ ගාවට ඇවිදින් මාව තුරුලු කරගන්නකොට මන් ඉන්ධර් දිහාවට හැරුනා....

තෙහස්.....

ම්ම්ම්..කියාපල්ලා...මක්කද මයෙ අම්මා මේ අහසපොලව ගැටගහන තරමට කල්පනා කරන්නෙ....

මම මොකුත් නෑ කියන්න 

ඔලුව වනන කොට ඉන්ධර් මගෙ නලලට හාදුවක් තියල් ඇදේ උන්න ඉන්ධර්ගෙම අනු රූප දෙක දිහා බලලා ආපිට මගෙ දිහා බැලුවා....

මයෙ අම්මට පුලුවන් දැන් වරා අත්තක් එල්ලන්ඩ....මට ලෝබ හිතුනා මැනිකෙ...උන්ගෙ කිරි කදුලු වේලවන්ඩ.....දැන් මයෙ පැටව් කන වයසෙ...මයෙ අම්මා ලේ දිය කෙරුවා ඇති....

අන් හිනා උනා....කෝපි මල් වලය විශ්‍රාම යන්න කාලෙ හරී කියාපු ඉන්ධර් මගෙ දිහා බලලා හිනා උනා...හැබැයි....ඒ හිනාවෙන් මහ හුගාක් දේවල් කිය වෙනකොට මං ඇයි කියල අගෙ ඇස් වලින් අහනකොට ඉන්ධර් මගෙ අතට රත්තරන් පාට වී අහුරක් දුන්නා...

තෙහස්.....ඇයි...මේ.....

දැන් ඉතින් ...අලුත් කන්නයක් පටන් ගන්න කාලෙ හරියි කියලා මයෙ මැනිකෙට හිතෙන් නැද්ද ම්ම්ම්ම්ම්....බාලගිරියට වාරණ දාපු අකුරු වල තීන්ත මැරිලා ගිහිල්ලා...

මගෙ මූන රතු උනා...ඉන්ධර් අලුත්ම වී අහුරක් අතට දීලා ආයම මට කියපු කාරනව අනුව..කෝපි මල් වලට වැඩි කල් නම් විශ්‍රාම සුව විදින්ඩ බැරි කමක් දැනුනා වගේම....අදින් පස්සෙ පායන හදට නම්....කවියගෙන් බේරුමක් නැති වෙයි කියලා හිතුනා.....

මං ඉන්දර් එක්ක හිනා උනා...හිනා උනා කියන්නෙ.....ඉන්ධර් නොකියා ඉව අල්ලන කිරි සුවදට මනාපයි කියන එක වෙනකොට ඉන්ධර් මාව තුරුලු කරගත්තා.....

මයෙ ඇහල මල උඹ...එක පැංචට...පැංචො දෙන්නෙක්ම දුන්න මට....පුලුවනිද මයෙ අම්මට....පැංචියෙක් ගෙනත් දෙන්න?

ඉන්ධර්ගෙ ආදර්‍ර් උතුරුනවා....

විස්වාසයි මට....මයෙ පැටව් දෙන්නා උන්ගෙ එකම නගාට පන අරීවි...හරියටම ඉන්ධර් අරුන්ධතීට වගේ.....ඇසල.....සුද්දියට වගෙ.....ඉතින් මයෙ අම්මට පුලුවන්ද.....ආයමත් වංගියක්...මාව අප්පච්චි කෙනෙක් කරන්ඩ.....

මන් ඔලුව වැනුවා...කෙලි පොඩ්ඩක්....මාත් ආසයි...ඉන්ධර්ගෙ අත්වලට තුරුලු වෙලා උන්න මං නිස්සාර කන්නෙ ඇස්වහක් නැතිවම සරුසාර කරාපු ඉන්ධර් දිහා බැලුවා....

මයෙ තෙහස්.....

කියාපන් මයෙ අම්මෙ...මක්කද කාරනාව.....

ස්නේහ රාහුල් මනමේන්ද්‍රන් ඉරුගල්බණ්ඩාර....

ස්වප්න රාහුල් අභිමේන්ද්‍රන්

ඉරුගල්බණ්ඩාර...

ඉතින් අප්පච්චි...කෙලි පැටියට නමක හිතුවද....??

ඉන්ධර් තුරුලු කරන් උන්න මාව උස්සලා මෙසෙ උඩින් ඉන්දවලා මගෙ නලලට හාදුවක් තිබ්බා...

 නෑ....මේ පාර...අප්පච්චි නම් තියන්නෙ නෑ....මයෙ අම්මා නොදන්නවා උනාට...උඹලත් එක්ක...මේ සංසාර කන්නෙ මං විදපු සතුටම.....උඹට මං දෙන ආදරේම විදපු....මං වගේම පිරිමි පරානෙකගෙ ආදරයක් ප්‍රාර්තනා කරාපු තවත් මනුස්සපරාන අහුරක් ඉන්නවා...

උඹලා නොදන්නව උනාට....ඉස් ඉස්සරෝම....උඹලා මගෙ වෙනකොට උඹට මට වඩා සතුටු උනෙ උන්...

උඹල අම්මෙක් වෙනකොට ...උඹට මට වඩා සතුටු කදුලු හැලුවෙ උන්.....

දන්නවද මයෙ ඇසල....උන්ටයි මේ කන්නෙ අයිති.....උන්ටයි මේ ඊලග සුභ නිමිති පෙන්න ඍතුව අයිති.....ඉතින්...

මේපාර...ඉන්ධර් ඉරුගල්බන්ඩාරගෙයි.....ඇසල ඉරුගල්බණ්ඩාරගෙයි....ඊලග ලේ ධාතුවට උන් නම් තියාවි....!.....

උඹලා මගෙ සතුටෙදි සතුටු උන....දුක් උන....උන්ට.....උඹට මට වගෙම....උන්ගෙත්....ඉඩෝරවල පවා මල් පිපෙන්ඩ කියලා ප්‍රාර්තනා කරපන් මයෙ අම්මෙ...!!!....

මං හිනා උනා....ඉන්ධර් කරාපු ප්‍රාර්තනාවම ප්‍රාර්තානා කරපු මන් ....ඉන්ධර්ගෙයි මගෙයි කෙලි පැටියගෙ නම හැදිල්ල ඒ මනුස්සපරාන වලට බාර කරලා හිනා වෙනකොට ...ඉන්ධර් ජනෙල් පියන් වහන ගමන්...හතර වියනෙ තිර රෙදි ටික ලෙහල දැම්මා....

ආයමත්...කිරි හීන දකින වාසනාවන්තම කාර්තුවක පටන් ගැන්ම...එක්ක මං හිමින් සැරේ ඇදට නැගලා....ස්නේහව වගේම ස්වප්නව තුරුලු කරන් අම්මා ඒ දෙන්නට නංගි කෙනෙක් ගේන්නයි යන්නෙ කියලා කනට මුනුනනකොට අනේ මගෙ කුඩා ස්නේහ නින්දෙන් හිනා උනා...!!!

ඉතින්....ස්නේහගෙ හිනාවෙන් මං තේරුම් ගත්තෙ එක දෙයයි.....

ලස්සනම ඍතු කවදාවත් අහවර උනෙ නෑ...ආය ආයම දලු දානවා මිසක්කා...

සමාප්තයි.....!!!

මම

ජොබි.....

Nedeesha....🌼🌼🌼🌼🌼🌼

More Chapters