LightReader

Chapter 30 - 30

වේවැල වදිනවා ඇති.....පාර වදින වදින ගානෙ යන්න බෑ කියන පෙරේතයො හූ තියනවා...

පෙරේතයො එහෙමයි...ශරීර කූඩුවට අරක් ගන්නෙ යන්න බලාගන නෙවෙ.....උන් මේ හැම තැනම කැරකෙනවා...සමහර උන් අපි ඇවිදිනකොට අපේ ඇග ඇතුලෙන් පවා එහා මෙහා යනවා..හරිටයටම අපි දුමක් ඇතුලෙන් එහා මෙහා යනවා වගේ.....

අග්නි මේ හැම දේම දකිනවා...දවසක මාත් දකීවි....පහල කජු අත්තෙ එල්ලුන රූපසේන තවම ඒ කජු අත්තෙ ඉන්නවලු.....ඉහට උඩින් නය කන්දරාව ගොඩ ගැහෙනකොට මිනිහට සහනයක් දුන්නෙ මරනෙම විතරක් වෙද්දි ඒකා කෙරුවෙ කජු අත්තක එල්ලුන එක...මැරෙන්ඩ සිද්ද උනාට ඒ මිනිහා ජීවත් වෙන්ඩ ආසාවෙන් ඉන්ඩ ඇති....කරන්ඩ දෙයක් නැතිම කමට ලනුවට බර දෙන්ඩ හිතෙන්න ඇති ...

උත්තර නැති ප්‍රශ්න මේ ලෝකෙ කොහෙත් නෑලු.....ඒත් සමහර ප්‍රශ්නවල උත්තරේ තියෙන්නෙ අනන්තෙටත් වඩා දුරින්.....ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නෙ ඒ මනුස්සයා මැරුනටත් පස්සෙ....ඒත් සමහරක් උත්තර තියනවා....අද වෙනකන් වත් හම්බුන් නැති....

දුක....දුක...දුක....දුක.....

මේ සංසාරෙම දුකක්....

මම කල්පනා කරනවා...ඉපදීම දුකක් කියලා දේශනා කරන හාමුදුරු නමම කියනවා කුසල් රැස් කරන්න.....ඊලග ආත්මෙට ගෙනියන්න කියලා ....ඉපදීම දුකක් නම්....ඇයි ආයම ඉපදෙන්න බලන් කුසල් රැස් කරන්නෙ.....ඒක....ඒ දුක අපි වටේ කැරකෙනවා නෙවෙද....මට තේරෙන්නෙ නෑ...මමත් තවම සන්සාරෙ.....මම පලි ගහලා එයාගෙම වෙනවා කියලා ...ඉතින්....මම එයා වෙනුවෙන් දීපු පොරොන්දු රකින්න ආත්මයක් ආත්මයක් පාසාම ඉපදි ඉපදි මැරිලා ගිහිල්ලා ...

දෙයියනේ මම යකෙක්ට පවා විදවන්න දීලා.....

.ඇගිලි තුඩු හිස කෙස් අස්සෙ එහා මෙහා ගිහින් සබන් බෝල මතු කෙරුවා කොන්ඩෙ එහා මෙහා කරන වාරයක් වාරයක් ගානෙම මැරුන කෙස් ගහක් ඇගිලි තුඩුවල පැටලිලා වතුර පාරත් එක්ක යන්න ගිහින් අලුත් කෙස් ගහකට ඉඩක් දීලා තිබුනා .....

දේවාලෙ පැත්තෙන් යාතිකා කරන සද්ද....තාලම්පටක සද්ද.....ආයම හක් ගෙඩියෙ සද්ද...මේ හැම දේම සැරින් සැරෙ ඇහෙනකොට මම ඔලුවෙ තිබුන ශැම්පු නැත්තටම නැති වෙනකන් හෝදගන අවසානෙදි ටවල් එක ඉනට පටලවන් එලියට ආවා....

අර මනුස්සයා තාම අඩනවා ....අම්මගෙ කටට නිවනක් නෑ....ඒකගෙන් මොනවද ඕනෙ අහනවා ...

උඹලට මොනවද ඕනෙ....උඹලට මොනවද ඕනෙ....මේකව අතෑරලා යන්ඩ නම් උඹලට මොනවද ඕනෙ.....

ඔන්න ඔය වචන ටික මං අහන්නෙ ඉපදුන දාක ඉදන් වෙන්න ඇති...සමහර පෙර්තයන්ට තිබුනෙ මහ බොලද ආසාවල්....සමහරු...උන්ට...ඇත්තටම උන්ට තිබුනෙ මහ නපුරු ආසාවල් .....

මට මතකයි....එකෙක්ට තිබුන ආසාව පාට පෙට්ටියක් ....ඒත් ඒක ඇහුවම හිනා යන්ඩ තිබුනා...ඒත් ඒ පාට පෙට්ටිය පිටිපස්සෙ තිබුනෙ හරි දුක හිතෙන කතාවක්.....

වයස තිස් ගානක තාත්තට අවුරුදු හතක්....නැත්තන් අටක පුංචි එකෙක් වැහුනා... ....තාත්තට වැහුන පුතාගෙ ආත්මෙ...පුංචි එකා නැතිවෙලා තිබුනෙ පාට පෙට්ටියක් ගේන්න කඩේට ගිහින් එන ටිකට කාලකන්නියෙක් කොලුවව යටකරන් ගිහින් තිබුනා .....

මොන දුකක්ද....සමහර මිනිස්සුන්ගෙ හීන කොච්චර ලාබද....මිලකරන්ඩ බැරි හීන අස්සෙ ලාබ හීන කීයක් නම් ඇත්ද....කුලී වැඩ කරපු තාත්තා සතියක් තිස්සෙ නැහිලා නැහිලා පුංචි එකාගෙ ආසාව යතාර්තයක් කරන්ඩ සල්ලි මිට මොලවනකොට පාට පෙට්ටියෙ පාට කූරූ එක්ක හිනාවෙන්නත් කලිම්ම ඒ හිනාව මග මග මැරිලා ගියා.....දේව දත්තලා පාර පුරාවටම ...බුද්ද රූපෙ ඩෑශ් බෝර්ඩ් එකේ තිබුනට ඩ්‍රයිවින් ශීට් එකේ උන්න දේව දත්ත කෙනෙක් ඒ හීනෙ අමු අමුවෙන් මරලා දැම්මා

පාට කූරු කැඩිලා ගියා....පාට පෙට්ටියෙ තිබුන රතු පාට පාට කූරටත් වඩා මහ පාර පුරාවටම ගලාගන ගියපු නොදරුවගෙ ලේ රතුපාට උනා....ඒකගෙ පාට කූරු ටයර් වලට පොඩි පට්ටම් වෙලා ගියා ...ඒ ඇස් වලින් වැටුන කදුලු අස්සෙ ඇස් පනාපිට දිය වෙලා ගියපු හීනවල වේදනාව තිබුනා ....

තාත්තට වැහුනෙ පුංචි එකා ඉල්ලුවෙ පාට පෙට්ටියක්.... ..උඹට මොනවද ඕනෙ කියලා ඇහුවම ඉල්ලුවෙ පාට පෙට්ටියක් ..වෙන මොකූත්ම නෙවෙ ....පාට කූරු දොලහෙ පෙට්ටිය අතට ගත්තු මනුස්සයා මුලිම්ම කෙරුවෙ ඒක පපුවට තුරුල් කර ගත්තු එක...පස්සෙ සුවද ඉව කරපු එක....අවසානෙදි එයාම අපේ ගේ පුරාවටම ඇවිදලා පත්තර පිටුවක් හොයාගන අගු පිලෙ ඉදන් අර පත්තර පිටුව වැහෙන්නම පාට කෙරුවා ...පාට කූරු ඉවර වෙන්නම පාට කෙරුවා ..අවසානෙදි පැයක් දෙකක් ඇතුලත මුලු පාට පෙට්ටියම ඉවර කරලා කොල්ලගෙ අම්මගෙ දිහාවට හැරිලා ලස්සනද අහනකොට ඒ ඇස් වලින් කදුලු වැටුනා ඒ ටිකලිම්ම ඒ මනුස්සයට සිහිය නැති උනා...

"මොකද උඹ මෙතන යක්කුන්ට හෙලුව පෙන්නනවද...."

අග්..නී....

මගෙ කල්පනාව බිදුනා....එයා මගෙ කල්පනාව සම්පූරනම බිදලා දැම්මා....එයාගෙ කටහඩ ආයමත් තරහවකට පෙරලිලා තිබුනා....අග්නි....අවංකවම විනයභාර සර් කෙනෙක් වගේ...එයා මාව ඇදලා අරන් එයාගෙ පැත්තට හරවගත්තා .....අම්මගෙ ඇස්වලට හොරෙන් මගෙ ගාවට ආව අග්නිගෙ මූන දැන් පිපිරෙයි දැන් පිපිරෙයි කියන තරම් රතු වෙලා තියනකොට මං තෙත උනපු තුවාය ඇගට ඇලිලා තියන හැටි බලලා ඉක්මන තුවාය එහා මෙහා කරගත්තා 

"උඹ කාව කුලප්පු කරන්ඩද ශිවන් මේ නැහෙන්නෙ....?? උඹ හිතන්නෙ ගෑනු පරානවලට විතරයි යක්කු ඉව අල්ලන්නෙ කියලද....??? උඹට ඕනා ඒකිව මහ රෑට බඩ උඩට නග්ගගන්ඩද....??"

අග්..නි...අනෙ...

" නෑ නෑ කියපන්....කියපන් ඉතින්.....යක්කු පෙරේතයො කැරකෙන බව දැන දැන උඹ මෙහෙම සමයන් වෙන්නෙ මොන මගුලටද කියපන් ශිවන් .....ආහ්....කට නැද්ද....උත්තර දීපන්.....උත්තර දීපන් මට...."

අග්නී...අනෙ එහෙම නෑ දෙයියනෙ ...එහෙම නෑ...එහෙම නෑ...

"එහෙම නෑ...ඔව්..උඹට එහෙම නෑ...උඹට එහෙම නෑ.....ඒ උනාට....උඹ දන්නවද උඹ දන්නවද උව වටේ....මේ එම උන් වටෙ කීයක් කෙල හලාගන ඉන්නවද කියලා....??"

එයා මගෙ අත් ගොබේ නියපොතු වලින් හිල් කරන්ඩ හැදුවා ....එයා නමනොකියා කියන්නෙ කවුරු ගැනද කියන්න මම දැනගන උන්නා...ගෑනු හෙලුවට වහ වැටුන කලු කුමාරයා වගේම පිරිමි පස්සෙ පන්නන " මුලා කරන්නි".....මෝහිනිය ගැන කියන්නෙ කියන එක මම දැනන් උන්නා....මද්දහන වෙලේ මම ඇගට ඇලුන ටවල් එක පිටින් ඉන්නකොට අග්නිට තවත් ආවේස වෙන එක සාදරනයි ...

අග්නි මාව අතෑරියා ....අතෑරලා ආයම යන්ඩ ගියා ..හැබැයි නිකන් නෙවෙ...යන යාමටම එන මග තිබුන සබ්බ සකල මනාවටම පයින් ඇන්නා....එහෙම් පිටිම්ම සමන් පිච්චි වැල ඇදලා දැම්මා.....

අප්පුච්චියේ...අප්පුච්චියෙ.....

සුදු පුතා....කොහෙද මේ දුවන්නෙ.....

අග්නි යන්ඩ ගියා ....අපහු හැරිලා බලන්නෙ නැතිවම....ඒ ඇස් තරහට මිරිස් කුඩු ගැහුවා වගේ රතු පාට වෙලා තිබුනා....සුදු මැලි පාට තොල් තරහටම වෙව්ලුවා.....

මම බලන් උන්නා....තියන සබ්බ සකලමනාවම පොඩි පට්ටම් කරන් ගියපු අග්නි දොර රෙද්දත් ඇදගන වගේ දේවාලෙ ඇතුලට යනකොට මං මගෙ ඇගෙ එල්ලුන නිඛිල්ව වතුර බින්දු පිටිම්ම වඩාගත්තා ....

අප්පුච්චියේ ..

ම්ම්ම්...

ම්හුක්...

ඇයි....මගෙ පුතා මොකද කෙරුවෙ ...කෝම්පිට්ටු හැදුවද....ම්ම්ම්...සීයා තාත්තා එක්ක....

ම්ම්...ඉදී....යන්...කිව්වානෙ....

ඉදීයන් කිව්වද....

ම්ම්ම්ම්කෝම් පිත්තු....

මං ලමයව තනි අතකට අරගන ගෙට ඇතුල් වෙනකොට සිමෙන්ති දාපු අගු පිල උඩ වැලි පිරුන පොල් කටු දෙක තුනක් එක්ක උඩින් රත් මලක් ගහපු කෝම්පිට්ටු තිබුනා .....

මගෙ පුතා අප්පච්චි ඇදගන්න කන් ඉන්න....

ම්ම්ම්.....කාතමත...

ඔව්නෙ....

මං කොල්ලව ඇද උඩින් තියලා ඇගට තව ටවල් එකක් ඔතාගන අනිත් ටවල් එක ගලවලා දැම්මා...දාලා ඇදුමෙන් ඇදුම ඇදන් ඇදන් ලමයා දිහා බලනකොට කොලුවා රෑ කටේ ගහපු සූප්පුව හොයාගන ආයම කටේ ඔබාගන කකුල් පොඩි දෙක බිත්තියට හේත්තු කරන් උන්නා...මං ඒ අතරෙ තෙත තුවා දෙක වැලට දැම්මා.....

අග්නී...

මං දේවාලෙ දිහා බැලුවා ...සැරින් සැරේ ඇහෙන විලාප සද්ද ඇරුනම වෙද ගෙදරට කසාය ගන්ඩ ආව දෙතුන් දෙනෙක් උන්නා....ඒ ඇරෙන්ඩ අග්නිගෙ සේයාවක් වත් නැති වෙනකොට මං ආයම කාමරේට ඇවිදින් පුංචි එකා ගාවින් දිගෑදුනා.....ඒකට නින්ද යන්ඩද කොහෙද ...

සුදු පුතා ...අප්පච්චිගෙ පන බයියන්ඩද යන්නෙ ....

කාලා බීලා සීයා තාත්තා එක්ක නටලා උන්න එයාට නිදා වැටෙනකොට ලමයව මං මගෙ ගාවට ඇදලා අරන් අත් අස්සෙ හංගන් තුරුල් කරගත්තා ...

අග්නි.....

මට මිමිනුනා ...මං දන්නවා මට විසුමක් වෙන්නෙ නෑ....එයා ඇහුවෙ කාව කුලප්පු කරන්ඩද කියලා ...පිරිමින්ට ඉව අල්ලන්නෙ කව්ද ...මෝහිනි මිසක්.....

මං මේ ගිනි මද්දහනෙ මෝහිනී ගැන කල්පනා කෙරුවා ...කලු කුමාරයා ගෑනු පරාන වලට ඉව අල්ලන්නෙ කොහොමද ඒ හා සමානවම ඒකි පිරිමි වටේ කැරකෙනවලු....ඒකත් නිකන් උන් ගාවට නෙවෙ කාමාශාව ඉහට ගහපු උන් ගාවට ලු...කාමාශාව ඉහට ගහන පිරිමි ලගට මහ රෑට යන මෝහිනි නින්දෙන් ඉන්න උන්ගෙ ඇග උඩ නගිනවලු....අත පත ගානවලු...හරියට කලු කුමාරයා ගෑනුන්ගෙ ඇගට නැගලා අතපත ගානවා වගේම ....

පිටිමින්ගෙ ඇගට ගොඩ වෙන මෝහිනි නිදාගන ඉන්න එකාගෙ ඇහට නැගලා අත පත ගාන ගමන් ඒකත් එක්ක නිදිවදිනවලු ...නින්දෙම්ම ධාතු පිට කරවනවලු.....නැත්තන් ඇවිදින් කනට කොදුරනවලු.....කොදුරවලා ඒකා ලව්වා වහපු දොරවල් ඇරවලා එලියට අරන් ගිහින් බය කරවනවලු... බෙල්ල අඹරවලා මරලා දානවලු.....

ඒත් ඔය එක කතාවක් ...ඒත් තවත් තැනක කියනවා මෝහිනි කියන්නෙ විශ්ණු දෙවියන්ගෙ ස්ත්‍රී අවතාරය කියලා .....ඒක සද රාහු කතාවට අයිතියි කියනවලු.....

කතාව ගැන කෙටියෙන් කියනවා නම්

රාහු කියන්නෙ ග්‍රහයෙක්...රාහුගෙ අම්මා සංහිතා වෙච්ච හින්දා එයා සෛංහිකේය නම් උනාලු...මේ සෛංහීකේය ඉර වගේම හඳ දෙන්නවම අල්ලගන්නවලු...කිරි සයුර කලතවලා ගත්තු අමෘතය දෙවියන් අතර බෙදලා දෙනකොට රාහු අසුර වෙස් අරගන ඇවිත් අමෘත බිදක් අර ගත්තලු..

ඉතින් මේ හොරකම ගැන ඉර වගේම හඳ මේ දෙන්නම ඒ හොරකම ගැන විශ්ණු දෙවියන්ගෙ ස්ත්‍රී අවතාරය වෙච්ච "මෝහිනීට" කිව්වලු...මේ හේතුව නිසා තරහ ගියපු මෝහිනි චක්‍රායුධය අරගන රාහුගෙ හිස කදි න් වෙන් කෙරුවෙ අර ගිලපු අමෘතය උගුරෙන් පහලටත් යන්න කලින්ලු.ඒත් ඊට කලින් රාහුගෙ කටේ මේ අමෘතය තිබුන නිසා රාහුගෙ හිස අමරනීය උනාලු...කද කොටස කේතු උනාලු..ඉතින්ඒ හේතුවෙන් ඒ කෝපයෙන්ලු සැරින් සැරේ රාහු ඉර හද අල්ලනවයි කියන්නෙ....කවීන්ගෙ කාලෙදි චන්ද්‍රග්‍රහනය හඳ රාහු ඇල්ලීම කියලා ලිය උනාලු....

(රුක්මනි දේවිගෙ හද රාහු මුඛයේ)

මේක එක කතාවක් වෙනකොට මෝහිනී කියන්නෙ විශ්නු දෙවියන්ගෙ ස්ත්‍රී අවතාරය කියන්න තවත් කතාවක් තියනවලු...

"මෝහිනියාටම්" කියලා කේරලයේ සාම්ප්‍රාදායික නැටුමක් තියනවලු...හැබැයි නටන්නෙ ගෑනු පරාන විතරයි ...මේක හැදිලා තියෙන්න "මෝහින්" එහෙම නැත්තන් නරඹන්නන් වශී කරකරන වගේම "ආටම්" එහෙන නැතිනම් ශරීරයෙ රිද්මය එකතු කරගනලු මෙතනින් විශ්නු දෙවියන් මෝහිනී විදිහට වෙස් ගත්තු කතාවක් තියනවලු..

ඒකෙ පලවෙනි එක වෙන්නෙ මෝහිනී විදිහට් වෙස් අරගන යක්ශ ආත්ම එලවලා දාන එකලු....දෙවමි එක වෙන්නෙ මෝහිනි විදිහට වෙස් අරන් ශිව දෙවි බ්‍රහ්මපුර යක්ශාවේශයෙන් ගලව ගන්නවා කියලලු..

මූලික චලන හතලිහක් ඇතුල් උන ස්වාධි පිරුනාල් රජ සමයේ පටන් ගත්තු විශ්නු දෙවියන් ඇසුරෙන් කෙරෙන මෝහිනියාටම් දෙවියන් කෙරේ බැඳීමක් වගේම මූලිකම අරමුන මනස මෝහනේට පත් කරන එකලු....

ඊටත් අමතරව අපෙ සිංහල වෙද කමේ නිර්වින්දනේ කරන්න "මෝහිනී"නමින් චූර්නයක් තිබුනලු...

ඒ කොහොම උනත් ඉන්දියාවෙන් ආව එක එක පලහිලව් එක්ක ලංකාව ඇතුලෙත් මෝහිනී සම්බන්ද එක එක දේවල් ...එක එක රැලි හැදිලා තිබුනා.....ඒක ගැන කියනව නම් කළුතර දිස්ත්‍රික්කෙ ඉදන් කළුන්දාවට යන කදු පාරෙදි දිය ඇල්ලක් හම්බවෙනවලු ....මේ දිය ඇල්ල ගාව මෝහිනි උන්න හන්දා මෝහිනි ඇල්ල කොයන තැනට එනකන් එක එක පෙරලි සිද්ද උනාලු...

මේ හැම දෙයක්ම එක එක කාල වකවානුවල මිනිස්සු මිනිස්සු මවාගත්තු ගොඩනගා ගත්තු දේවල්...එක තැනකදි කියනවා මෝහිනි මන නන්දනය කරන...හිත් වශී කරන වගේ නානාප්‍රකාර වචන වලින් රූප සොබාව ගැන වර්නනා කරලා අද කාලෙ මෝහිනී කියන්නෙ සුන්දර භූතාමයකට හැඩගස්සවලා තියනවා ....

මෝහිනී ගැන...කව්ද මේ මෝහිනී කියන්නෙ කියලා හොයපු මනුස්සයො පවා උන්නා....(කැලනිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයෙ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා)

මේ මහේන්ද්‍ර මහත්තයා එක තැනකදි කියනවා මේ මෝහිනී ගැන මෝහිනීගෙ ප්‍රතිරූපය ගැන මුලිම්ම කියවන්න හම්බ උනේ වදික සාහිත්‍යයේ එන කෘතිවලින් කියන එක දැනගත්තෙ වෙරිටේල් මහත්තයගෙ සංස්කෘත නාට්‍ය කලාව කියන පොතෙන් කියලා.... කෙනෙක් වසගයට ගන්න පුලුවන් බලයක් රංගන ශිල්පියෙක්ට තියනවයි කියලා නාට්‍ය සාත්තරේට ආවෙ මේ වේද සාහිත්‍යයෙන් කියලා ...

මගෙ ඔලුව විකාර වෙන්න වගේ ආවා ...මෝහිනි ගැන හිතල....මමහිතුවා..මගෙ පපුවෙ රස්නෙට තුරුල් වෙලා නිදාගන උන්න කොලුවව තවත් තුරුල් කරන් මම ඇස් පියාගන කල්පනා කෙරුවා ....කව්ද හරි...කව්ද වැරදි කියලා...මොකද මම තවම උන්නෙ වැට උඩ...මගෙ අග්නි කියන දේ පැත්තත් මම හිතුවට...මට සමහර වෙලාවට කියවපු පොත පතේ තිබ්බ දේවල් ඔලුවට වැටෙන්න ගත්තා.....

කොහොම උනත්...මෝහනය කියන්නෙ ආකර්ශනේ කරගන්න එකට.....මෝහනයක් නැති තැන නිර්මෝහනය තියනවා....බන පොත්වල පවා තියනවා තට්ට තනියම පාලු පාරවල් වල යන මිනිස්සුන්ට උන්ගෙ තනිකම පාලුව නැති කරන්න හම්බෙන මෝහනේ වෙන ගෑනු පරාන ගැන.....

පරන කවි කාලෙදි අස්පු ගාව පිපෙන තවුසන්ගෙ සිල් බිදින නාරි රූපෙ ගත්තු ලියතඹරා ගැන ලියවෙනවා....හැබැයි මේවල විද්‍යාත්මක පැත්තක් ගැන ඔප්පුවෙලා නෑ....කවි කාරයො කරන්නේ හිතින් මවාගත්තු දෙයක් සුන්දර කරන එක....නිකන් හීන ලෝකයක් අපි ඉස්සරහා දිගාරින එක.....එ මිනිස්සුන්ගෙ වචන වල බලේට පුලුවන් ඉතින් පන නැති දේට පවා පන දෙන්න...මේලෝකෙ මොන මුල්ලක වත් නැති දෙයක් මවලා පෙන්නන්න....වෙයි කියලා හිතන්න බෑමයි කියන්න පුලුවන් දෙයක් වචන ගොඩක් අමුනලා මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා අපිව පිස්සු වට්ටවන්න.....ඒ විදිහිට මෝහනයන කියන්නෙ ගෑනු පරානයක් කියලා ඒ මිනිස්සු ලියලා තියනවා...වචනෙකට ගෑනු හුස්මක් පිඹලා තියනවා.....

ඉන්දියාවෙ කතා අහුරක් ජනශ්‍රැතියට එකතු වෙලා තියනවා ඒ බලපෑම ලංකාවට විතරක් නෙවෙ ප්‍රාචීන රටවල් වලට පවා තියනවා..ඒවලින් කියවෙන්නෙ තනිපන්ගලමෙ යන මිනිස්සුන්ගෙ හිතේ ඇතිවෙන එක එක ගති සොබාව ගැන ...පුංචි එකෙක් අතින් අරගත්තු ඇස් වසග කරවගන්න උන් හිටි තැන් අමතක වෙන තරම් ලස්සන ගෑනු රූපයක් මවලා තියනවා.....

ඒක එක පැත්තකින් මෝහිනි ගැන ලියවෙන විදිහ උනත් භූත විද්‍යාව ඇතුලෙ වෙනම දෙයක් ලියවෙනවා ...

මෝහිනි කියන්නෙ කාමයෙන් මත් කරන්න පුලුවන් පිරුන සර්වාගයක්...කොටිම්ම අමු සිංහලෙන් කියනවා නම් මෝහිනී කියන්නෙ සැප කදක් තියන තාලෙට උස් පහත් වෙන සැලෙන දෙතනක්...තාලෙට නැටවෙන නලියන නිතඹක් ගැස්සෙන වෙව්ලන දෙතොලක් වගේම රසග දෙපැරැන්ද විනිවිද පේන දුහුල් කඩක් ඇද ගත්තු මේ මෝහිනී රෑ කාලෙ තදිම්ම නින්දගියපු තරුන පිරිමි පරාන වලට ලන් වෙලා අත පත ගාන්න ඉඹින්න වගේම ඇග උඩ වැතිරිලා නිදාගන අවසානෙදි රමනය කරනවලු...ඒකෙන් වෙන්නෙ නිදාගන ඉන්න කොල්ලට නින්දෙම්ම ධාතු පිටවෙන එක...මේ විදිහට හොර රහසෙම පිරිමි පරාන එක්ක නිදිවදින මේ මෝහිනී කරන්නෙ උන්ව ලෙඩ කරන එක..ඒකව දර හැවක් කරවන එක....

නින්දෙම්ම මොහිනි එක්ක නිදි වැද්ද්ස් එකාව ඒ මතෙම්ම එලියට අරන් ගිහින් යක්ශාවෙශෙන් බය කරවනවා.....නැත්තන් තුන්මන් හන්දි ...පාලු තැන් කැරකොප්පුවට අරන් ගිහින් බෙල්ල අඹරලා මරලා දාන එක....

වෙලාවකට මනක් කල්පිතයක් කියලා හිත හදාගන්ඩ පුලුවන් උනත්...අම්මා ගාවට මෝහිනි දෝසෙට අහු උන අරන් ආව හැටි මතක් වෙනකොට මට සිද්ද උනේ අග්නිගෙන් ගුටි කකා වැට උඩ ඉන්ඩ ....ඇත්ත බොරුව මැද හිර වෙන්න....

මගෙ ඇගෙ උනුසුමට තවත් ගුලි උන පුංචි එකා කෙදිරි ගානකොට මන් එයාගෙ පස්සට හිමින් තට්ටු කෙරුවා හැබැයි මන් මගෙ ඇස් ඇරියෙ නෑ මොකද මට ඇහෙනවා එයා සූප්පුව උරන සද්දෙ මම දන්නවා එයා නින්දෙන් කෙදිරි ගාන්නෙ කියලා ...ඉතින් මම කෙරුවෙ මගෙ ඇස් වහගනම එයාව නලවපු එක වෙනකොට මට දැනුනා මගෙ ටී ශර්ට් එක ඉස්සෙනවා ...ඒ ඇතුලෙන් සීතලම සීතල අතක් යනවා ...මගෙ බෙල්ල පිටිපස්සට වැදෙන සීතල හුස්මක්....ඒ එක්කම බෙල්ල පිටිපස්සට සීතල හාදුවක් ....

අග්නි....

මගෙ අග්නි ....

ඒ ඉන්නෙ මගෙ අග්නි කියන්න මම දන්නවා ...එයාගෙ සීතල අත් මගෙ උඩු ඇග පුරාවටම දුවලා දුවලා අවසානෙදි බඩ උඩ නැවතුනා .....මං සද්ද නොකර උන්නා .....එයා කතා කරනකම්ම මාත් මීක් නොගා උන්නා .....

"මට උඹ ගැන බය වෙන්න තරහා ගන්න අයිතියක් නැද්ද මගෙ ශිවන්...."

අවසානෙදි තත්පර ගානකට පස්සෙ එයාගෙ කටහඩ ඇහෙනකොට මං ඒ අත උඩින් මගෙ අත තිබ්බා ....එයා මගෙන් අහනවා එයාට අයිතියක් නැතිද කියලා ...

අග්නී.....

"ම්න් ...."

තරහ ගන්න එපා අග්නී...

."තරහා ගන්නෙ නෑ.....ඒත් උඹට වඩා මම දකින දේවල් වැඩීනෙ මගෙ ශිවන් "

මම සද්ද නැතිව උන්නා...එයා මගෙ ඇගට කකුලක් දැම්මා ...ඒ කකුල බරයි...ඒත් මම නෙවෙ මොකුත් කිව්වෙ .....මෙච්චර වෙලාම එක තැන තිබුන අත ආයමත් උඩ කය දිගෙ ඉහල පහල යන්න ගන්නකොට මගෙ සර්වාංගෙම පුරාවටම කරන්ට් එක වදින්නා හා සමාන හැගිමක් දැනෙන්න ගත්තා ...."යක්කුන්ටත් හැගීම් තියනවා " එයාගෙ වචන ආයමත් මගෙ කන් අස්සෙ දෝන් කාරදෙනකොට මටත් නොදැනිම මගෙ කටින් කෙදිරියක් පිට උනා 

.අ ..ග්...නී....හ්....

"ම්ම්ම්ම්....."

අනේහ්...ඔය ..මොකද කරන්නෙ අග්නී ..

"මොනවා කරනව වගේද පේන්නෙ.....ම්ම්ම්'

එපා අග්නී .අනෙ.. ලමයා නිදි 

"මං දන්නවා....ඇහැරන් උන්නා නම් මට මේ මොකුත් කරන්න බෑනෙ....."

අනේ ...අග්...නීහ් ..

"ම්ම්ම්....."

එයා නෙවෙ කනකට ගත්තෙ ....එයා හිතුවක්කාර වෙලා .... එයාගෙ අකීකරු ඇගිලි මට මාවම පාලනෙ නැති කරනකොට මං මගෙ පපුවට තුරුල් වෙලා උන්න මගෙ නිඛිල්....නෑ මට එහෙම කියන්න බෑ ...අපේ නිඛිල්ව හිමීට බිත්තිය අයිනට කෙරුවා ...

"එයාව පොරවන්න..."

මගෙ ඇගට උඩින් ඇස් දෙක දාපු එයා ලමයව පොරවන්න කියනකොට මං කොල්ලව පෙරෙව්වා ....හැබැයි එච්චරයි .....එයා මාව උඩ බෙලි අතට හරවගන යට කරගත්තා ....ඒ ටිකකිම්ම එයාව මාව දෙන්නවම වැහෙන්න ඇද රෙද්දක් වැටුනා ....මාව යට කරන් උන්න එයාගෙ ඇස් දැකපු මට ඉබේටම කෙල ගිලෙනකොට එයා කටකොනකින් හිනා උනා.

"ගලවන්න..."

ම්..මො...මොනවද ....

"මේක .."

ඇයි ...

"කරන්න හදන දේ මං අකුරෙන් අකුර කියන්න ඕනෙද ..."

එයා මගෙ ටී ශර්ට් එක ඇස් වලින් පෙන්නන ගමන් ගලවන්න කිව්වා....මට ඇද උඩම පන යන්න ආවා..මොකද ඒ වචන තනි කෙලින්....ඊතල වගෙ.....

අග් නී....මේ...අහ...

"ගලවන්න"

අනේ...අග්නී...මේ..අහ....

"ගලවන්න...."

මගෙ....අග්

"ගලවන්න .. නැත්තන් මට සිද්දවෙයි ඉරන්න....කෝකද හොද....ම්ම්ම්...".

ඔච්චර මුරන්ඩු....කම්

බරාස්.....

"මන් තුන් පාරක්ම හොදින් කිව්වා ...හතර වෙනි පාරත් කියලා බැලුවා ....තවත් නම් බෑ මගෙ ශිවන් ...."

එතනින් එහා මට කතා කරගන්න බැරි උනා....එයා මගෙ ටීශර්ට් එක ඉරලා දැම්මා....මෙච්චර වෙලාම සීතලට උන්න අග්නි ටිකෙන් ටික උනුසුම් වෙන්න ගත්තා . ..ඒ ඇස් බාගෙට අඩවන් වෙන්න ගත්තා .....

."කෙදිරි ගෑවට කමක් නෑ....කෑ ගහලා ලමයව ඇහැරවන්න එපා මැනික ....අද ඉදන් පුරුදු වෙයන් මාව දරා ගන්න "

අ...ග් ... නි....

මගෙ කොදු නාරටිය දිගේම සීතලක් ගියා ...මගෙ ඇග උඩ උන්න එයා කනට කොදුරපු වචන එක්ක මටත් නොදැනි ඇද රෙදි මිරිකෙනකොට එයා මගෙ මුන දිහා බැලුවා .....

"එච්චර දෙයක් දැන් කරන් නෑ....අද හවසට අම්මලා...මුන්නේශ්වරම් යනවා....මං නවතිනවා .....මගෙ ශිවන් ....මං මේ දවස එනකන් බලන් උන්නා ...මං උඹට ආදරෙයි මගෙ මැනිකෙ.....මං ....දන්නවා .....උඹට....බැරි..වේවි ...ඒත්.....මට...මේ පාර නම් උඹව නැති කරගන්න බෑ ....හැම දාම නැති උනත්...කෙම්මුරේකදී වත්...මට යටවෙයන්...මං...උඹ වෙනුවෙන් මේ හැමදේම ඉවසන් උන්නා මගෙ ශිවන් .....මද කිපුන ඇතෙක් දම් වැල් දාලා හිර කෙරුවම...ඌ මොන වෙදනාවක් විදිනවද උඹ දන්නවා.....රැලේ යන්න ඕන කාලෙට බල්ලෙක් කූඩු කෙරුවම ඌ කොච්චර විදවනවද උඹ දන්නව.....

ශිවන් ...මාත් ඇතෙක්....දම් වැල් දාලා ගැටගහපු.....ඒත්....තවත් නම් බෑ....."

අග්නී.....අනේ මගෙ..අග්නී....

එයාගෙ ඇස් දෙක කදුළු වලින් පිරිලා තිබුනා ..දරුවෙක් ඉන්න අප්පච්චි කෙනෙක් උන මම මොකූත් නොදන්න තොත්ත බබෙක් නොවුනකොට එයා කියන්නෙ මොනවද කියන්නෙ තේරුම් ගත්තා උනත් මට එක ප්‍රශ්නයක් හිතට වද දෙන්න ගත්තා ....

"කියපන් මැනිකෙ...."

උඹ මන් වෙනුවෙන් බලන් උන්නා ....කල්පයක් තිස්සෙ මන් දිහා බලන් උන්නා.....උඹට...මාව...උඹගෙ කර ගන්න බැරි උනාද මගෙ අග්නි.....

"......."

මං එයාගෙන් කෙලිම්ම ඇහුවා .....වෙන්න යන්නෙ මොනවද කියන්න දන්න මම එයාගෙ මූන මගෙ අත් දෙකෙම්ම අල්ලගන්නකොට ගැට ගහන් උන්න කොන්ඩෙ ලෙහිලා එයාගෙ උරහිස් පහු කරන් පහලට වැටුනා.....

"මං තවම පිරිසිදුයි "

අනේ...අග්නී....

මට මහ වේදනාවක් දැනුනා.....සෘංගාරය විදපු මට ඒ හැගීම් හිර කරන් ඉන්න එක මොන වෙදනාවක්ද කියන්න අමුතුවෙලා කියන්න ඕන නැතිවෙනකොට අද දවස එනකන් කල්පයක් තිස්සෙ මන් වෙනුවෙන් වේදනා වින්ද අග්නි ගැන මට මහා වේදනාවක් දැනෙනකොට මෙච්චර වෙලාම මිරිකන් උන්න ඇද රෙද්ද මට ඇතෑරුනා ...මගෙ අත්දෙක ආයම පාරක් ඒ කම්මුල් දෙපැත්තෙන් නවතිනකොට එයා මගෙ මූන දිහා බලන් ඉදල හෙමීට පහත් උනා ....උනුසුම් වගේම ආදරනීයම . හාදුවක් ....ආදරෙ පිටාර ගලන හාදුවක් මගෙ නලල උඩ නවතිනකොට අගිනිගෙ අතින් ඉරිලා ගියපු උඩ ඇදුම එයාම උරහිස් වලින් පැන්නුවා .කම්මුල් වලට වගේම නිකටට ගනින්න බැරි තරම් හාදු තියපු එයා ඊලග පාර මගෙ අත් දෙකම එයාගෙ අත් වලට පටලවන් දෙතොල් හාදුවක රස බලන්න පටන් ගන්නකොට මං ඇද රෙද්ද කකුලෙ ඇගිලි වලින් තද කර ගත්තා ....

කල්පයක් මං වෙනුවෙන් බලන් උන්න මගෙ අග්නි ....හැමදාම නැතත් කෙම්මුරේකදි වත් මට යටවෙයන් කියඖ මගෙ නොයිදුල් අග්නි ...හරි හිමීට මාව රස බලන්න ගන්නකොට මටත් නොදැනි මට ආයම කෙදිරි ගෑවෙන්න ගත්තා ....දිගැටි ඇගිලි වලින් තද වෙන පපුව ....බෙල්ල පුරාවටම වදින නොවදින ගානට දත් පාරවල් එක්ක අකීකරු ඇගිලි හන්දම රනහංස තුඩුයි කියලා කියන්න බැරි උනත් මෙතුවක් කාලෙකට ඉලිප්පුන් නැති තනපුඩු වලට අද ඉලිප්පෙන්න හිතෙනකොට මං යටි තොල හපාගන මගෙ අග්නිට මගෙ රෝම කූපයක් ගානෙම අයිති වෙන්න ඉඩ දුන්නා.....

අනෙ අග්....නීහ්....

අවසානම මොහොතේ මට කෙදිරි ගෑවුනා ...ඇගිලි වලින් තැලුන තනපුඩු අග්නිගෙ දෙතොල් වලින් වැහිලා යනකොට සීතල වෙනුවට උනුසුම් කෙලවලින් නෑවිලා යනකොට මටත් නොදැනිම මාව් පපුවෙන් උඩට ඉස්සුනා ....

වෙලාවකට දත් වලින් තද වෙන...වෙලාවකට හාදු වලින් නෑවෙන උඩ කය මගෙ අග්නිට මෝහනෙ වෙලා ඉන්නකොට මන් මගෙ අත් දෙකෙම්ම එයාව තුරුල් කරගත්තා ...

අග්නී...

මට කෑ ගැස්සෙන්න ආවා.....මෙච්චර වෙලාම ඇරිලා තිබුන මගෙ ඇස් දෙක අඩවන් වෙලා යනකොට මම මගෙ කට අත් දෙකෙම්ම තද කරගත්තා .....මම උන්නෙ පිස්සු වැටිලා.....දරුවෙක් වඩාගන ඉන්න ගෑනියෙක් මෙ තාක් ඇහැට නොදැක්කා උනත් මම මාව යටකරන් උන්න අග්නිට මෝහනේ වෙලා උන්නා.....කොටිම්ම මම අග්නිගෙන් මත් වෙලා උන්නා....

විනා ඩිගානක් ...පැයක් හමාරක් ....මම එයාට උනා....රෝස පාට තන පුඩු අවසානෙදි උගුරැස්ස පාට ගන්නකොට එයා මගෙඇගෙන් බැහැලා මාව තුරුල් කරන් කම්මුලට හාදුවක් තියලා මා දිහා බලනකොට මෙච්චර වෙලාම කෙදිරි ගාගා අග්නී ගාපු මට මේ ලෝකෙ නැති ලැජ්ජාවක්.මතු උනා වගෙම මම් මගෙ මුන හංග ගත්තා ....

" යෝ.....හ්.....තියන ලැජ්ජාව..."

අනේ...නිකන් ඉන්ඩකො අග්නීහ්...

" නිකන් තමයි ඉන්නෙ...අනෙ බොරුව නොකර ඉදින් මැනිකෙ....."

එයා මාව ඇවිස්සුවා....මාව කූර් ගෑවා...මහ ඕන් නැති විදිහට හිනා උනා....ආයමත් රෑට කියලා කියනකොට මම මුනින් අතට හැරුනා....

" හොදට කාලා බීලා ඉදින් මැනිකෙ...යක්කු ගහනවා කියන්නෙ ලේසි නෑනෙ....."

චික්කෙ....අග්නි...මොන කතාද අග්නි මේ කියන්නෙ....මොන කතාද මේ කියන්නෙ.....

" මොන කතාද අහන්නෙ....අනේ නිකන් ඉදින් බන්....බොරුව නොකර...උඹ කාටද බන් ඔය බොරු කරන්නෙ....?අක්කරයක් සයිස් පුකක් තියන් බොරුව දානවා..."

අග්නීහ් .....

" ඇයි....හ් මොකද බන්..."

එයා මාව එපා කෙරෙව්වා ...ලමයා ඇහැරෙයි කියන බයට මම හොරාවට කැෑ ගගහා එයාව කෙනිත්තුවා....අවසානෙදි ආයම එය ගාවට රෝල්වෙලා ගිහින් මම තුරුල් උනා...

"ඇයි මැනිකෙ...."

මං ආදරෙයි අග්නි.....

" දන්නවා ඒක.....නැත්තන් මං බලන් ඉන්නෙ නෑනෙ...."

එයා මගෙ ඔලුව අත ගෑවා...අලපතෙ නිල් උන පාර අත ගෑවා....අවසානෙදි අත් දෙකෙම්ම මාව තුරුල් කර ගත්තා...හැබැයි එයාට වත් මට වත් විනාඩි පහක් එහෙම ඉන්න බැරි උනා....වැට කඩුල්ල පැනන් ආව බෙරිහන් දීමක් එක්ක අග්නි හිනා උනා.....

"ගිහින් බලපන් මැනිකෙ මොකීද හූ තියන්නෙ කියලා ...."

එයා මගෙ දිහා බලලා මොකීද හූ තියන්නෙ කියලා බලන්ඩ කියනකොට මං ඇදෙන් පැන්නා එයා ආයම මාව කන්ඩ ගියා.....

."දැන් උඹ ඔහොමද යන්ඩ යන්නෙ දාගන් ඇදුමක්"

ඇත් දල පාට හමෙ යක්ක පුතාගෙ දත් පාරවල් රතුපාටින් දිලිසෙනකොට මං ආයම අතට අහුවෙන ඇදුම් කෑල්ලක් පටලවගන එලියට දිව්වා ..... ..

මොනවා බලන්නද....තුන් මූනින් දාඩිය දාන් හූ තියන ගෑනු පරානෙ දැකපු මට ඉබේටම බිත්ති ඔරලෝසුව දිහා බැලුනා....

"ඒකි ගැස්සුවෙ අග්නිගෙ ශිවන්ට.....ගස්සලා ඔහොමනම්.....එයිට වඩා දෙයක් කෙරුවොත් කොහොමද කියලා හිතාගනින් මැනිකෙ....."

අග්නී....

"දැන් ගෙට පලයන් ....නැත්තන් ඊලග පාර හූ කියන්නෙ උඹ...."

😶ගුත් මෝනිම් තූ...යූ ....ගුත් මෝනිම් තූයූ.....ගුත් මෝනිම් ඩියර් කායයියො....ගුත් මෝනිම් තූ...යූ.....

මහුක්....ජැක්ක්නෙ....ඩොබී නිදහා...ස්!!

කායයියත තාම හතරයි....මේ ලමයා බයින්ඩ යන්නෙ ...ඔය ලමයිනුත් බයියන්ඩ🤓🤓🤓

😴😴😴😴😴😴😴😴😴😴😴😴

Ferdeesha ❤️💚😘 .....

More Chapters