LightReader

Chapter 42 - 42

අග්නී...අනෙ මගෙ අග්නී...යන්න එපා අග්නී.....අනේ...නැවතියන් .....අනේ නැවතියන්...අනේ.... හ්.....

මං කෑගැහුවා ...යන්න එපා...දාලා යන්න එපා කියලා කකුල් ගාව වැද වැටුනා ..ඒත් එයා ගියා...එයා යන්න ගියා නිකන් නෙවෙ ...මාව නිවාස අඩස්සියෙ දාලා ...මාව ගෙයි ඇතුලෙම හිර කරලා ...

එයා දොර වැහුවා .සරනේරු ගැලවිලා යන තරම් වේගෙන් හුස්මක් කටක් ගන්න නොයිදම අග්නි දොර වහලා දැම්මා....

ඒ එක්කම මම ජනේලෙ එල්ලුන පාර මට තත්පරයක් වත් ඉන්න බැරි උනා...වහල උඩින් ආව උලු කැට පුපුරන සද්දයක් එක්ක පොර බදන අමනුස්ස හඩවල් එනකොට අනෙ මං නිදාගන උන්න ලමයවත් අරගන කාමරෙ මුල්ලක ගුලි ගැහුනා....

.

මෙතනින් එහාට මට දැනුන් හැගීම් බය විස්තරයක් කරන්න මට වචන නැති වෙනකොට මං බයේ වෙව්ලුවා ජීවිතේට අහලා නැති විලාප උඩු බිරුම් එක්ක පොර බදන සද්ද ඇහෙනකොට වහල උඩ පොර බදන අමනුස්සයන්ගෙ සද්දවලට මං හිතුවා වහල කඩාගන වැටේවි කියලා ...

ඉවරයක් නැතිවම පූසෝ කා ගන්නකොට එක පාරම පොල් වලු දහයක බරක් දග් දග් ගාල බිමට වැටෙන කොට යටගිරියෙන් හූතියන සද්දයක් ඇහෙන කොට මං කන් අඩි වහ ගත්තා ...

අනෙ දෙවියනේ...මගෙ අග්නිව රකින්න.....මගෙ අග්නිට කරදරයක් කරන්න එපා දෙවියනේ 

මම හිතින් දෙවියන්ට කන්නලව් කෙරුවා....අසුර ආත්මයක් වෙනුවෙන් සුරයෙක් ගෙන් මම පිහිටක් හෙව්වා....මම කන්නලව් කෙරුවා ....කතර ගම දෙයියන්ට ආව තේව කම් කරන මගෙ ආදර්ණියම අමනුස්ස ආත්මය රකින්ඩ කියලා මම දෙයියන්ට පලි ගැහුවා...

අනේඒත් අසුරයෙක් වෙනුවෙන් සුරයෙක් ඒවිද .....සුරයෙක් වෙනුවෙන් සක්කරයගෙ පුටුව රත් උනාට මගෙ අග්නි වෙනුවෙන් ඒ පුටුව රත් වෙලා මෙ අවනඩුව බලයිද .

අනේ ..සක්කර දෙයියනෙ...මෙ අවනඩුව බලපල්ලා...මාව රකින මගෙ කොල්ලගෙ අප්පච්චි වෙනුවෙන් ඒකට හයියක් වෙයල්ලා....එකා අසුරයෙක් උනත් ඌ කාචරගාමෙ වැඩ වාසය කරන කතරගම් දෙයි හාන්දුරුවන්ගෙ ආව තේව කාරයෙක්...මගෙ කොල්ලගෙ අප්පච්චිගෙ පන රැකපල්ලා අනේ.....

මම ඇඩුවා...නොවදිනා වැදුම් වැන්දා ..ගස් වල අතු මහ සද්දෙන් කඩාගන වැටෙනකොට මට මතක් උනේ ගෑනියක් හින්දා ගහ මරාගත්ත ගෝඨයිම්බරයවයි රිටිගල ජයසේනයා කියන මහසෝනවයි වෙනකොට මගෙ සර්වාංගෙම දාඩියෙන් නෑවිලා ගියා අග්නිගෙ වස්තුවට බැල්ම දාපු එකා මොකා උනත් ඌත් ලේසි පහසු එකෙක් නෙවෙ කියන්න ගස් කදන් පෙරලෙන හූ තියන විලාප තියන සද්දෙන් තේරෙනකොට මගෙ අග්නිගෙ වචන මතක් වෙලා මගෙ තුන් හිතම ඇවිලුනා....නාවොතින් හිත හදාගනින් අනේ දෙයියෝ නාවොතින් හිත හදාගන්ඩ කියන්නෙ.....

.ගෝඨයිම්බරයා ජයසේනයගෙ බෙල්ල ගැලෙව්වා වගේ මගෙ අග්නිගෙ බෙල්ලා ආව යක්ශ පරානෙ ගලවයිද...නැතිනම් ඒ යක්ශපරානෙගෙ බෙල්ල මගෙ අග්නි ගලවයිද කියන්න දන්නෙ උඩ ඉන්න දෙවියො විතරක්ම වෙනකොට එදා ජයසේනයගෙ පිහිටට උන්න සක්කරයට මම පලි ගැහුවා...

මම ජනේලෙ එල්ලුනා....සැරින් සැරේම මිදුල පුරාවටම එහා මෙහා යන කලු ජායාව වල් එහා මෙහා යනකොට එක පාරම ගොරක කැලේ පැත්තෙන් මගෙ අග්නිගෙ විලාපෙ ඇහෙනකොට අනේ දෙයියනෙ මගෙ ඔලුව හත් කඩකට පැලෙන්න ආවා.....

අනේ අග්නි...උඹට කරදරයක් වෙන්න එපා මගෙ අග්නි....උඹ යහතින් ආවොතින් මේ මෝඩයව මරලා දාපන් අග්නි.....මම හැම දාම කෙරුවෙ උඹව අමාරුවෙ දාපු එක....මම.හැම දාම කෙරුවෙ මුරන්ඩු කම් කරපු එක....අනේ....උඹ මගෙ පනත් අරන් ජීවත් වෙයන් මගෙ අග්නී.....

මම ඇඩුවා ..නිදාගන උන්න කොල්ලව පපුවට තද කරන් ඇඩුවා . ... .පැයෙන් පැය ගෙවිලා යනකොට අහසෙ හෙන පුපුරනවා හා සමානවම අමනුස්ස ලතෝනි ඇහෙනකොට මගෙම කරුමෙට අද උලලේනියො පවා ඇඩුවා ....මට එලියට බැහැ ගන්න බෑ...එයා මට එන්ඩ එපා එපා කියලා සිය පාරකට වඩා කියලා යනකොට මම ජනෙල් කූරුවල එල්ලීගන එයා වෙනුවෙන් ඇඩුවා....ඇස් පුපුරනකන් අඩ අඩ එයා එනකන් බලන් උන්නා...

අනේ අග්නි ආයම ඇවිදින් මගෙ මැනික කියලා තුරුල් කරගනින් .....මගෙ මැනික...මගෙ කොටමගුල.....මගෙ කොටබරියා කියල මාව තුරුල් කරගනින් මගෙ රත්තරනේ ...

මම ලමයව තොටිල්ලට දාලා රෙදි සීයකින් විතර පෙරෙව්වා.....අඩ අඩම කොල්ලව පෙරෙව්වා ...පපුවෙ තියන වේදනාව දන්නෙ මම විතරක් වෙනකොට සැරින් සැරේ ඈතින් ඇහෙන උලලේනියගෙ ඈඩියාව මගෙ පපුව අවුල අවුල මාව නොමරා මරන කොට මම ආයම ගිහින් ජනේලෙ ගාව එල්ලෙනකොට අගුව ගාව පූසෝ කාගන්න සද්දයක් අහුනා .අනේ චුට්ටන්ලගෙ කුප්පමේනියද .....නෑ...නෑ..මගෙ අග්නි කිව්වා උන් අපිව එලියට ගෙන්නව ගන්ඩ එක එක පරික්ශා තියනවා කියලා...

අපිව එලියට ගන්ඩ උන් එක එක වේසෙන් එනවා ...එක එක කටහඩින් කතා කරනවා ....කුප්පමේනියා මෙවෙලේ කාලා බුදිත් ඇති...ඔය මාව මුලා කරනවා

මම ඉතිපිසෝව කිය කිය ජනෙල් කූරුවල එල්ලිගන ඉන්නකොට මගෙ ඇස් පනාපිට කජු පුහුලන් කාලෙට බර වෙන අත්තක් මහ හයියෙන් කඩන් වැටුනා වගේම ආයම විලාපයක් ඇහුනා....ජීවිතේට අහලා නැති භාශාවක් එක්ක ගුටිමුරයක් යනකොට එක පාරම පොල් අතු ගොඩක් එක්ක තද කලු ලොකු ගුලියක් බිමට වැටුනා ....

මගෙ දෙවියනේ ....අනේ ..අග්නීහ්.....අනේ...මගෙ ..අග්නී ..හ් ...

එයාව යක්කු රැලක් වහගන.....අනිත් උන් රැලම උන්නෙ හරහට වෙනකොට මගෙ අග්නි තනියෙන් උන්නා.....උන් එයාව පොලවෙ ගැහුවා....අනේ දෙයි හාමුදුරුවනෙ...ඇයි මේ අවනඩුව පේන්නෙ නැත්තේ ....මගේ එකාව උන් වටකරගන්නවා.....

තොයිලෙන් එලවපු.....තොයිලෙ දොල පිදේනියට ඇදිලා ආව යක්ස සනුහරේම අවසානෙදි ඇවිත් තිබුනෙ අපේ ගෙදරට වෙනකොට උන් මගෙ අග්නිව වහගත්තා ....

මට හිත හදාගන්න තිබුනා..මේක හින්දි චිත්‍ර පටියක් නම්...මට හිත හදාගන්න තිබ්බා මේකෙ නලුවා කොච්චර ගුටි කෑවත් මැරෙන් නැත්තන්....අනේ දෙයියනෙ ...ඉෆ්‍රිත්ගෙ පුතා උනත් යක්කු රැලක් වටකරගත්තම ඌ ඔලුව උස්සන්න මේකා හින්දි ෆිල්ම් එකක නලුවෙක් නෙවෙනේ .....

මම කැ ගැහුවා....මම කෑ මොර දුන්න.....මම ගිරියෙන් හූ තිබ්බා....මගෙ ඇස් වලින් වැටෙන කදුලු තනිකරම උනුම උනු ලෝ දිය වෙනකොට එක පාරම ජනෙල් කූරු ගාවට ඇවිදින් හිටගත්තු මල යකින්නගෙ මූන දැකපු මට සිහි නැති වෙන්න ආවා.... 

ඒක ඒ තරම්ම භයානකයි ...බලන්න බැරි තරම් භයංකාරයි...

මං කෑ ගැහුවා ....කෑ ගගහා ඉතිපිසෝ භගවා අරහන් සම්මබුද්දෝ ඇගේම හයිය අරන් කෑ ගගහ පිරිත් කියනකොට කෙම්මුර අහසට වැහි වලාකුලු එන්න ගත්තා ....පායලා තිබුන හද බලාගන ඉන්නකොට වැහිලා යද්දි උන් ඇස් පනා පිටම මගෙ අග්නිව පොලවෙ ගහන හැටි මං බලන් උන්නා ...මෙතනින් පස්සෙ උනේ මොනවද වෙන්නෙ මොනවද කියන්න නොදන්නවා උනත් ඒ ඇස්වලින් වැටුන කදුලු එක්ක අග්නිගෙ ධාතු මගෙ ඇගට උරාගන තිබුන හන්දදෝ මාව ගිනි ගන්න වගේ පටන් ගත්තා ...ඇස්වල ලේ නහර ඉලිප්පිලා සර්වාංගෙම හිරිවට්ටන හිරියක් යනකොට මගෙ උරහිසට කාගෙ හරි සීතලම සීතල අතක් තිබ්බා

.කව්ද කින්ද මන්ද නොදැන ඉන්නෙ මොකාවද දෙකඩ කරලා දාන්ඩ හිතාගන මං ලේ නහර ඉලිප්පිලා රතුම රතු පාටට හැරුන ඇස්වලින් බලනකොට උන්න එකාව මට බලාගන්ඩත් කලියෙන් මගෙ පපුවම ගස්සන් කලු හෙවනැල්ලක් ඇවිදින් මාව වහගත්තා .....

මං හිතන්නෙ එතනින් පස්සෙ උන්නෙ මම නෙවේ වෙන්න ඇති ....

මං එලියට ආවා ....වහලා තිබුන දොර දෙපලු කරගන මං එලියට ආවා....ඇගට වැහුනෙ මොකාද නොදන්න මම එලියට ආවා ....වලාකුලෙන් වහගත්තු හද ආයමත් එලි බහිනකො අසුරයන්ගෙ පිට්ටනිට මැද මම උන්නා වගේම මටත් නොදැනිම මගෙ කකුල් එහා මෙහා වෙන්ඩ ගත්තා .....

එකම එක හෙනයක් පලාතම හොලවගන පුපුරලා යනකොට මම මගෙ ඇස් වහලා ඔලුව පොඩ්ඩක් ගැසුවා ...සර්වාංගෙම ලෝදිය හැලියක් ගානට ගොජ ගොජ ගගා පිටාර ගලන්ඩ හදනකොට මන් යක්කු වහගන උන්ම අග්නිට යටිගිරියෙන් කෑ ගහනකොට එයා මගෙ දිහා බැලුවා ...

අග්නී....අමරේන්ද්‍රන් ....!!!!

මන් කෑ ගැහුවා ...සක්වල ගලටත් එහායින් මගෙ කටහඩ යන්ඩ ඇති...මහමෙරු පර්වතය පවා මගෙ කටහඩ එක්ක හෙලවෙන්ඩ ඇති....එතනින් පස්සෙ මාව පාලනෙ කරන්නෙ මොකාද කියන්ඩ මං දන්නෙ නෑ....මම එයාට කෑ ගහගන කෙලිම්ම ගියෙ දේවාලෙට.....තාම කෙම්මුරෙ....නවයෙ හෝරාව පහු වෙලා විනාඩි පහලවක් ගිහින්...සූනියම් අප්පච්චිගෙ වෙලාව මේක වෙනකොට මන් හක්ගෙඩිය අතට ගත්තා ....සීනුව අනිත් අතට ගත්තා .....ඉන්නෙ කව්ද....ගම්භාර...කදසුරිදු...විශ්නු ශිව කාලි මේ හැමෝටම මං ආරාදනා කරන්ඩ හිතාගන හක්ගෙඩිය පිම්බා....

උඩ ඉන්න තිස්තුන් කෝටියටම මගෙ අසුරයව බේරන්ඩ කියන්ඩ මම හක්ගෙඩිය පිම්බා දුම්මල වරම අතට ගන්ඩ කලියෙන් මං හක් ගෙඩිය පිම්බා .....අව්ලපු පහන් වල දැල්ල එන්න එන්නම වැඩි වෙනකොට සුවද කූරුවල සුවදින් මුලු දේවාලෙම වැහිලා ගියා පිටපිට පුපුරන හෙන පාරවල් එක්ක පලාතම දෙදුරුම් කනකොට මූසල ඇඩියාවල් තව තව එන්න එන්නම වැඩි උනා.....මම කතරගම දෙවි හාමුදුරුවො දිහා බැලුවා.....මගෙ අග්නි ආවතේවකම් කරන්නෙ කතරගම දෙයියන්ට වෙනකොට මම කතරගම දෙයියන්ගෙන් කන්ලව්ව් පටන් ගත්තා .....

සාධු! සාධු!! දොහොත් මුදුනෙ තබා වැන්දෙමි, දෙපා වැන්දෙමි ,ශ්‍රීමට්ජ් තේජෝබල පරාක්‍රමාන්විත් රණමයුර වාහනා රූඪව රක්ත වර්ණ දේහකින්ද මුහුණු සයකින් විචිත්‍ර......

මම සීනුව හොලව හොලව කතරගම කන්නලව්ව කිය කිය අග්නිගෙ අත්වලට හයිය ඉල්ල ඉල්ල දේවාලෙ ඇතුලේ ආවේස වෙන්ඩ ගත්තා... ..සුරිදුනි කතරගම මේ වෙන අවනඩුව බලලා මගෙ අසුරයව රැක දෙන්ඩ ගගා මම කන්නලව්ව කරන්න පටන් ගත්තා හක්ගෙඩිය පිඹිනකොට සීනුව ගහනකොට මෙච්චර වෙලාම හෙන පුපුරපු අහස අනිත් පාර වහින්ඩ ගත්තා ... කතර ගම කන්නලව්වෙන් පස්සෙ මම කදසුරිදුගෙ ස්තෝත්‍ර ගිරිය පලාගම අකුරු වලට පන පොවලා කියන්ඩ ගන්නකොට එලියෙන් ඇහුන ලතෝනිය තව තව වැඩි වෙනකොට ගස් පිට ගස් කඩාගන වැටෙන්ඩ ගත්තා අහස පොලව කම්පාවෙනවා හා සමානව දෙදුරුම් කන්න පටන් ගත්තා....

මම ස්තෝත්‍ර කියන්ඩ පටන් ගත්තා....මහප්‍රාන....ලගුගුරු වල පන පිහිටලා මම කියන්ඩ ගත්තා....

චක්‍රං මුඛ රසංඛමණ්ඩල

ධබූර් භාගින්දාහොගොකුලං

බානුර් බරිත ශ්‍රී නිවාස පුථුලංවෂස්ථලං

රංජිතං

විෂ්ණුවාංශ සුජාතව්හන ශි,වර්

සර්වණෝජ්වලං

වන්දේ ස්කන්ද කුමාර කුන්දවරණංතං

පාහිමෙ මංගලම්...

මම අකුරු වලට පන පොව පොව සම්පූරනම කන්නලව්වම කෙල පිඩක් නොගිල එක හුස්මට එකම හුස්මට කියාගන යනකොට මෙච්චර වෙලාම නෑහුන කටහඩවල් විලාප තියන්ඩ ගත්තා...මෙච්චර වෙලාම යට වෙලා උන්න අග්නි උඩට මතු වෙන්ඩ ගත්තා අසුර භාශාව අසුර හුස්ම...අසුර කුයිලෙ...මුලු වෙදගෙදරම වහගන්නකොට මම මන්තර ජපකරනගමන් දුම්මල වරම හෙව්වා...

මෙච්චර වෙලාම කතරගම දෙයියන්ට වැන්ද මම අනිත් පාර විශ්ණු දෙයියන්ට කන්නලව් කරන්ඩ ගත්තා අඩි ගගහා ආවේසෙන් මම මගෙම වෙලාවට අමනුස්ස කුයිලෙ යන්ඩ අග්නි මාව අවසානෙදි කහ වලිනුත් නෑව්ව හන්දා මට ආයම අමුතුවෙන් කහ නාන්ඩ ඕන නැති වෙනකොට මම විෂ්ණු කන්නලව්ව පටන් ගත්තා ....මගෙ ඇග පුරාවටම ගිනි ගන්නවා...මටවත් පාලනය කරගන්ඩ බැරි කවුරු හරි ගොත නොගහා කතුර වගේ කන්නලව්.මන්තර ජපන කරනකොට හොද සිහියට එන මම තත්පර ගානෙන් අවසිහියට ගියා...

ශංඛාධර දක්ෂිනාස්ථ වාම හස්ත චක්‍රම්

ගංගා ධර ප්‍රියංගනා හාතෘ ඩ්ජේව රාඥම්

ශාරිරික නීලංජන වර්ණජ්‍යෝති වර්ණම්

පුණමාවිත විෂ්ණු දේව ශාන්ති නිත්‍යම්

මම.විශ්ණු කන්නලව්ව පටන් ගත්තා...උන්වහන්සේගෙ ශරීර අංගවලින්ම පටන් ගන්න කන්නලව්ව මම අකුරු වරදින් නැතිව මතුරන්න ගත්තා... එන්න එන්න මගෙ අග්නිගෙ පැත්තට වාසි වෙනකොට මම අවසානෙදි සූනියන් අප්පච්චිගෙ පැත්ත හැරුනා....

මම උන්නෙ හිද සිහියෙන් ..මෙච්චර වෙලාවම මම නොදන්න මට ඇතුල් උන කලු හෙවනැලි බලෙන් මන්තර කන්නලව් යාදිනි හක්ගෙඩි පිඹපු මම සූනියන් අප්පචි දිහාවට හැරෙනකොට මම උන්නෙ මමම වෙලා වෙනකොට ...මම මගෙ කන්නලව්ව කියන්ඩ ගත්තා...

සූනියන් අප්පච්චි ...උඹලා හැමදාම ගත්තෙ හරි පැත්ත...මෙතන මගෙ එකා අසුරයා...මෙතන මගෙ එකා අශුද්දයා...ඒත් ඒකා දෙයියන්ට දර දිය අදින එකා...ඒකා මගෙ කොලුවගෙ අප්පච්චි ...උඹලා ඉස්සරහා මේ වැටීගන යාදිනි කියන මම ගිය කෙම්මුරේදි ඒකගෙ අඹුව උන එකා.....කල්පෙකට කලින් ඒකට ආදරේ කරපු නරයා.....කල්පෙකට කලින් ශ්‍රි සිද්දාර්ත ගෞතමයො පය ගහපු කාචරගාමේ උන්න ඇත් ගොව්වා....රා පොව්වලා මගෙ එකා ලව්වම මාව පාගවලා මගෙ හුස්ම ගත්තු අධීර.....අධීර මහේන්ද්‍රන් ....ඒකා...මගෙ අග්නි....ඉතින් පින් අයිති වෙන්ඩ සූනියම් අප්පච්චියෙ අවසර මේ යාදින්නට.....අවසර මේ කන්නලව්වට....අවසර නමැදීමට....අවසරයි ...හාන්දුරුවනේ...

අවසරයි.....මගෙ අසුරයා වෙනුවෙන් අවසරයි...

ශිව නමස්තු නමෝ රාමඃ

කන්ද සේනා සමාගමඃ

වඩිග තන්ත්‍ර මණි කණ්ඨඃ

ඔඩ්ඩි මංගල නමෝ නමඃ

අග්නි ඛනඤ්ච හස්තේත හස්තේන

වඩිග කර්ගතෙ

මුඛේන විෂ සර්පේන

ශිර්ෂේ පංච කේෂක්වෙ

උදරෙ නාග බන්දාමි

නීලෝත් තුරඟ වාහනං

සූනියන් දේවතා නම

මහියං පාදතේ නමෝ නමඃ

මම සූනියන් දෙයියන් නැමදලා යාදින්න කරන්ඩ ගත්තා...එතනින් පස්සෙ මගෙ අතට ආවෙ හල්ගෙඩිය වෙනකොට මම පාර්වතිගෙ වල්ලභයට ඇහෙන්ඩම හක්ගෙඩිය පිඹ පිඹ අනිත් අතෙන් සීනුව ගහන්ඩ ගත්තා .....ආයම මාව ආවෙස වෙන්ඩ ගත්තා...අතේ තියන සීනුව...හක්ගෙඩිය පිඹ පිඹ මම යාදින්න කර කර අවසානෙදි අසුරන්සේනාකෙ පරදන්ඩ රාවනාගෙ අත්දහයෙ හයිය ඉල්ලන ගමන් ශුව දෙවියන්ගෙන් සමාව ඉල්ලන්ඩ රාවනා කියපු තාන්ඩව් කිය කිය මම පිහිට ඉල්ලුවා....

මම ශිව දෙවියන්ගෙන් සමෘදිය ඉල්ලුවා ....

ගංගා නදියෙ දිය රැල් හිස මතින් ගලා යන නළල මතුපිට ගිනිදැල් තියන තමන්ගෙ හිස මත චන්ද්‍රයා පැලද ඉන්න ශිව දෙවියන්ට මම මගෙ ප්‍රණාමය ප්‍රනාමය පුද කරන ගමං වලාකුලුවලින් වහගත්තු හද ආපිට එලියට දාන්න කියන ගමන් මම දුම්මලේ අරන් එලි බැස්සා...

ලාටවී ගලඃ ජලඃ ප්‍රවාහ පාවිතථලේ

ගලේවලම්භ්‍ය ලම්බිතාම් භුජංගතුංග මාලිකාම්

ඩමඩ් ඩමඩ් ඩමඩ්ඩම නිනාදවත් ඩමර්වයම්

ජකාර චණ්ඩ තාන්ඩවම් තනොතුනඃ

ශිවඃ ශිවම්....

ජටා කටාහ සම්බ්‍රමබ්‍රම නිලිම්ප නිර්ජරී

විලෝලවීචි වල්ලරී විරාජ මාන මුර්ධනී

ධගද් ධගද් ධගද් ජ්වලල්ලලාට පට්ට පාවකේ

කිශෝර චන්ද්‍ර ශේකරේ රති ප්‍රති ක්ශනම් මමා...

අග්නි....

මම අග්නිට කතා කෙරුවා ...අග්නි....සම්පූරනම ගින්දරෙන් දැවෙන අග්නි උන්නෙ අත්දෙකට අසුර හිස් දෙකක් අරගම...එයා උනෙ බිම බලාගන ඒ අත් දෙකෙම්ම තිබුනෙ කදින් වෙන්කරපු යක්ශ ඔලු දෙකක් වෙනකොට එයා මා දිහා බලලා කට කොනකින් හිනා උනා....

නලලෙ රතුපාට සලකුන ගින්දරින් පිච්චෙන කොට එයා අතෙ තිබුන යක්ශ ඔලු දෙක කෙලිම්ම අහසට විසික් කරලා එයාගෙ පිටිපස්සෙන් මොකක් හරි ගත්තා....

දෙයියනේ....

මගෙ අග්නී....

ඒක ඊතල දෙකක්....ඒක ඊතල දෙකක්...සම්පූරනම ඉස්සරහා මුදුනින් ගින්දර විසික් වෙන ඊතල දෙකක් වෙනකොට දුම්මලේ අතට අරන් තාවකාලිකව අවසිහියෙන් හොද සිහියට ආව මන් දිහා බලලා එයාගෙ පැත්තට අත දික් කරනකොට මම ආයම ආවේ සෙන් මතුර මතුර දුම්මල ගගහා එයාගෙ ගාවට යනකොට එයා මාව ඇදලා එයාගෙ ලගට ගත්තා වගේම එයාගෙ පපුවට මාව හේත්තු කරගත්තු අග්නි එයාගෙ අත්වලට මාව මැදි කරන් ලොකුම ලොකු දුන්නක් ගත්තා.....හරියටම රාවනාගෙ දුන්න හා සමාන ලොකුම ලොකු දුන්නක් වෙනකොට එයා උඩට විසික් කරපු යක්ශ ඔලු දෙකට එක පාර ඊතල දෙකක් යැව්වා...නිකන් නෙවෙ...ඒ ඊතල වලට එයා මගෙත් අත් ගැස්සෙව්වා.....

අග්නි -ශිවන්....

අදීර අග්නි....

මෙතන ඉදන් තනිකරම තිබුනෙ අසුර නර සටනක් වෙනකොට සම්පූරනම අසුර රොත්තකටම විරුද්ද පාර්ශවේට උන්නෙ එයයි මායි විතරක් උනා....තත්පර ගානක් හොද සිහියෙන් උන්න මාව ආයමත් අර නන්නාදුනන කලු හෙවනැල්ල පාගගන්නකොට මම අවේසෙන් දුම්මල ගගහා මන්තර ජප කරනකොට දොලපිදේනි පස්සෙ වහ වැටුන යක්ශ නඩයක්ම අග්නිව වහගත්තා ...අග්නි එක්ක මරාගත්තා ....

දුම්මල වදින වදින වාරයක් පාසා යක්කු බෙරිහන් දෙනකොට මෙච්චර වෙලාම කාකොටා ගත්තු අපි උනෙ අනිත් පාර ගොරකා කැලේ මැද වෙනකොට ගස්වලට නැගපු යක්කු පවා බය වෙලා උන්නා....

ගහන දුම්මල පලාතම එලිය කරන් වදින කොට හූ හත තියන් ගස් ගල් පෙරලන් යක්කු ආපිට දුවනකොට නර.ආත්මෙ වෙච්ච මට පොරකන අසුරයන්ව අග්නි පොලවෙ ගැහුවා...සමහරක්ව දෙකට ඉරුවා....සමහරක් වෙලවට අග්නිව උන් යට කර ගත්තා ...සමහරක් තැන්වලදි උන් මාව අල්ල ගත්තා ....

අග්නී...හ්....

මං කෑ ගැහුවා...උන් මාව ගොරකා කැලේ මැදින් ඇදගන යනකොට මම විලාප දුන්නා...අතින් විසිවෙලා ගියපු දුම්මලෙ නිවිලා යනකොට අග්නිහෙ අත් දෙකෙම්ම තවත් උන් අල්ලන් උන්නා....මෙච්චර වෙලා ආවෙසෙන් උන්න මාව ආයම පියවි සිහියට එනකොට උන් මාව අල්ල ගත්තා ....පොලවෙ ගැහුවා බිම දිහේ ඇදන් ගියා...අග්නිත් පොලවෙ ගහපු මාව උන් ආයම පොලවෙ ගහනකොට මම ලතෝනි ගැහුවා....

අග්....නීහ්...

මම ඇඩුවා....උන්ගෙ අත් වලින් බේරෙන්න ආයම බුදු ගුන කිය කිය වැටි වැටි දුවන්න ගත්තා .....

අනේ....හ්...අග්නී ....

මම අග්නිට කෑගහනකොට එයා සම්පූරනම ගොරකා ගහක් ගලවලා ගත්තා...වලාකුලු වලින් වැහිලා ගිය හද එලි බැහැලා මුලු පලාතම එලිය කරනකොට අග්නිගෙ මූන සම්පූරනම වීරූපි වෙලා ගියා...කොටිම්ම මෙතන උන්නෙ මම දන්න අග්නි නෙවෙ...මෙතන උන්නෙ මගෙ අග්නි නෙවෙ....මෙතන උන්නෙ මගෙ දරුවගෙ අප්පච්චි නෙවෙ.....කොටිම්ම මෙතන උන්නෙ ඉෆ්‍රිත් ගෙ හෙවනැල්ල වෙනකොට මම පවා බය උනා...ආවෙසෙන් උන්න මම පවා හූ කිව්වා.....එයා එනවා...ගොරා ගහා ගලවලා පොලාවෙ ගහපු පාරට එයා වටේ උන්න අසුර සෙව්නාංකෙ සමහරක් බලාගන ඉන්නකොට කුඩු පට්ටම්.වෙලා යනකොට මගෙ ඇගට වැහුන එකා මාව අරන් යන්න හැදුවා .....

" නැවතියන් .....".

..අග්නි එනවා...

කජු ගස් අස්සෙන්...ගොරකා ගස් අස්සෙන් ...කටුදිවුල් ගස් අස්සෙන් යක්කු හූ තියාගන දුවනකොට උන්ගෙ පස්සෙන් මාවත් ඇදිලා ගියා වගේම අග්නි මං දිහ බලලා ඔහොම නැවතියන් කියනකොට මම තවත් හයියෙන් දිව්වා....

"ඔහොම නැවතියන්...."

එයා ආයම කෑ ගැහුවා...කොහෙ නවතින්නද....කොහෙ නවතින්නද.... මගෙ ඇගට වැහුන එකා.මාව ඇදගන යන්නෙ කෙලිම්ම කැරකොප්පුවට වෙනකොට ...මගෙ කකුල් දෙක මැශිමක් වගෙ...දුවන දිවිල්ලෙ සීමාවක්.නැතිවෙනකොට මෙච්චර වෙලාම.මගෙ පස්සෙන් පැන්නුව අග්නි අනිත් පාර කෙලිම්ම ඉස්සරහින් මතු වෙනකොට මම කෑගැහුවා...හැබැයි ඒ කෑගැහුවෙ මමම නෙවෙ.....එයා එනවා...මම ආයම පස්සෙන් පස්සට යනවා...

"උඹ මොකාද කියපන්...."

එයා කතා කරනවා..මගෙ අග්නි අහනවා උඹ මොකාද කියලා ..මෙච්චර වෙලාම එයාගෙ සහේට යක්කු එලවපු මම අනිත් පාර හිනා උනා...කැරකොප්පුවට දුවන්න හදපු මම ඊලග තත්පරේදි ආයම අග්නෙ ඇගෙ ඉල්ලුනා...ඒ සර්වාංගෙම අතපත ගෑවා ...අවසිහිය...වගේම අසහනෙන් වගෙ ඒ මූන ඉව කෙරුවා ...

"කියපන්....උඹ කව්ද....."

එයා ආයම මාව අල්ලගත්තා ...මම හිනා උනා....නිකන් නෙවෙ.....මගෙ හිනාව හරියටම තනිකරම අමු අමුවෙම ගෑනු හිනාවක්....මිනි කින්කිනියක් වෙනකොට අග්නි මා දිහා ඇස් හීනින්කරන් බලන් උන්නා....ඒත් මම කෙරුවෙ අග්නින්වටෙ කැරකි කැරකි ඇතිල්ලුන එක.....

" මේ ශරීර කූඩුව උඹට අයිති නැනෙ....අනුන්ගෙ සර්වාංග මොකටද උඹට..."

අනුන්ගෙ සර්වාංගෙක ඉදන් හරි මට උඹගෙ වෙන්න ඕනා.....

"කීයටවත් නෑ...."

මම.අග්නිගෙ අතින් අල්ලගත්තා ...අග්නිට මට රිදවන්න බෑ...එකක් ආත්මයක් වැහුනත් සර්වාංගෙ අයිති එයාගෙ ශිවන්ට වෙනකොට අග්නි දත් කූරු හපාගන බලන් උන්නා....මම අග්නිගෙ ඇගේ එල්ලුනා...අග්නිව ඉම්බා....ලෙවක් කෑවා....මෙච්චර වෙලාම ගිනිගත්ත අග්නි ආයම අර මගෙ ඇස් වලට පේන්න එන අග්නිගෙ වෙස් ගන්නකොට එයා දත් මිටි කාගන අවසිහියෙන් උන්න මා දිහ් බලන් උන්නා.....

"උඹ මොකී උනත් කමක් නෑ...උඹට දැන් යන්ඩ වෙනවා...."

බැ...මං කිව්වනෙ.....

" උඹ යන්ඩ ඕනා...උඹ යන්ඩම ඕනා..."

ම්ම්ම්හ්හ්...බෑ....මම යනවා...හැබැයි...එක පාරක්...එක පාරක් මා එක්ක උන්නොතින් ..අග්නී ...අනේ...මං උඹට වහ වැටිලා...මං උඹට වහ වැටිලා අග්නී....

"උඹ එක්ක මම එක පාරක් උන්නොතින් වෙන්නෙ උඹ සදහටම නවතින එක...උඹ යන්ඩ ඕනා...උඹ මොකී උනත් උඹ යන්ඩ ඔනා....."

බෑ...මං කිව්වනෙ...මට...ඕන....දෙනකන්...මං...යන්නෙ නෑ....

මම එයාගෙ ඇදුම් වල එල්ලි එල්ලි එයාව් නිරුවත් කරන්න හැදුවා ....එයාගෙ කතාව හරි ..එක පාරක් හරි අග්නි මා එක්ක උන්නොතින් ඒ හැම හැගීමක්ම දැනෙන්නෙ අර ආත්මෙට.....ඒකින්කරන්නෙ පස්සෙ මාව දාලා නොයා ඉන්න එක....අග්නි මා දිහා බලන් උන්නා...එයාගෙ තරහව ආයම පාලනේ.කරගන්න බැරි තැන ඇදුම් ගලව ගලව නිරුවත්වෙන මා දිහා බලන් ඉදලා අත දිගෑරලා කම්මුලට ගහනකොට මාව ගිහින් ගස් කදක වැදුනා ..මං කෑ ගැහුවා....ඒත් ඒ කෑ ගැහුවෙ මම නෙවෙ....අග්නි ආවා...ගස් කදෙ හැප්පුන මගෙ ගාවට ආවා....බාගෙට හෙලුවෙන් උන්න මහෙ ගාවට ආවා...මෙච්චර වෙලාම යක්කු එලවන්න අඩව් අල්ලපු මා ගාවට එයා ආව.....

" ඒකියන්නෙ උඹ මගෙ අහිංසකයගෙ ඇගට වැහුනෙ මේ දේ බලාගන...එහෙමනෙ...."

ඔව්.....මන් උඹ වෙනුවෙන් ඒ හැම දේම කෙරුවෙ මේක වෙනුවෙන් අග්නි....

"උඹ දන්නෙ නැද්ද උඹ ඔය අරක් අරගන ඉන්නෙ අග්නිගෙ පනව කියලා ..ම්ම්ම්...උඹ ඔය අරක් අරන් ඉන්නෙ අග්නිගෙ වස්තුව කියලා ...ම්ම්ම්....උඹ ඔය අරක් අරගන ඉන්නෙ...අනාගත ඉෆ්‍රිත්ගෙ අඹුව කියලා ...ආ..හ්....උඹ දන්නෙ නැද්ද ....ඔය ඉන්නෙ අග්නිගෙ අධීර කියලා .... ආ යකෝ..."...

අග්....අග් ..අග්...

"එයාව අතෑරපන්....එයාව අයිති මට....මට..මට කියන්නෙ අග්නිට විතරමයි.....එයාව අතෑරපන්.....උඹට මාව දරාගන්ඩ වත් හයියක් නෑ... උඹට මගෙ එකම එක පාරක් වත් දරා ගන්ඩ හයිය නෑ...මාව දරා ගන්ඩ පුලුවන් එකෙක් නම්.....ඒ ඉන්නෙ...මගෙ....ශිවන් ...මගෙ...ශිවන් විතරම විතරක් .....මයි....."

චටාස් ...!!!!

අග්...අග්...නීහ්.....

"ඇයි....උඹට මා එක්ක නිදා ගන්ඩනෙ ඕනා කිව්වෙ ....උඹ්ට කම්මුල් පාරක් දරාගන්ඩ බැරිව කොහොමද මගෙ අහවල් කාරනාව දරා ගන්නෙ....ම්ම්ම්ම්.....පලයන් .....මං මේකවත් මරාගන මැරෙනවා ..ඒක හන්දා....පලයන්....."

කම්මුල් පාරක් ...ඒ ගහපු කම්මුල් පාර කොච්චර සද්දෙද....කොච්චර සැරද කියනවා නම් කජු අත්තෙ වහලා උන්න වවුල්ලු පවා ඉගිලිලා ගියා ඒතරම් වේගෙකින් එයා මගෙ කම්මුලට ගැහුවා මාව වහ ගත්තු එකී ලතෝනි දුන්නා ...

බෑ. ..මං යන් නෑ ..මං...මං...යන්නෙ..නෑ.....මං කිව්වනෙ ...මම යන්නෙ මට උඹෙන් ඒ සැප හම්බුනෝතින් ...මං යනවා ....

"ඇත්තට....උඹ යනවද .....හරි..."

දත්මිටි කකා උන්න අග්නි එයා ඇදන් උන්න සාලුව එකින් එක ගලවනකොට එයාට වහ වැටුන පෙරේත ආත්මෙ වැහුන මම ඒ ඇග අත පත ගගා ඉදලා මේ කැලේ මැද යක්කුන්ගෙ හෝරාවෙ මං ඇදන් උන්න ඇදුම් ඔක්කොම ඉරලා දාලා අග්නි ඉස්සරහා සරාගි වෙනකොට අග්නි බලන් උන්නා....එයා සැරින් සැරේම අහස දිහා බැලුවා ...හද දිහා බැලුවා ...අවසානෙදි අමු හෙලුවෙන් උන්න මාව බිමට තල්ලු කෙරුවා ....

"උඹ යනවා කියලා පොරොන්දු උනා .....උඹ යනවා කියලා පොරොන්දු උනා..."

අග්නි මගෙ ඇගෙ උන්න ගෑනු පරානෙට එකම දේ ආය ආයම මතක් කරනකොට අග්නිගෙ අඩ නිරුවතට වහ වැටුන පෙරේත ආත්මෙ අග්නිව ලේව අන්න වගේම අග්නිව අතගාන්න පටන් ගන්නකොට අග්නි මගෙ මූන දිහ බලන් ඉදල එක පාරම.මගෙ කකුල් දෙක පලල් කෙරුවා වගේම ඇග ඇතුලේ ඉන්න පෙරේත ආත්මෙ පිස්සුවෙන් දගලන්න උමතුවෙන් කෑ ගහන්න.....අසහනෙන් දගලන්න අග්නිව හදිස්සි කරන්න ගන්නවා එක්කම පායලා තිබ්බ හද වලාකුලකින් වහන් වෙලා යනකොට බලාපොරොත්තු දුන්න අග්නි එක පාර මගෙ නලල මැදට මොකක් හරි තදකරනවා එක්කම මගෙ ඇගේ උන්න ගෑනු පරානේ වේදනාවෙන් කෑ ගහන්ඩ ගත්තා .....

ඒක කාසියක්....ඒක මතුරපු කාසියක් ....එයා මගෙ නලලට තද කරලා තියෙන්නෙ මතුරපු කාසියක් වෙනකොට වචන වලින් රවට්ට රවට්ට වෙලාව එනකන් උන්න අග්නි අවසානෙදි කෙරුවෙ මතුරපු කාසිය මගෙ නලල උඩට තද කරපු එක වෙනකොට මම මර ලතෝනි ගැහුවා ..කටින් සෙම පෙරාගන ගැහෙන්ඩ ගත්තා . ...පිච්චෙනවා ගගා කෑ ගැහුවා....අතෑරපන් කියලා කෑ ගැහුවා ..අවසානෙදි දගලලා දගලා කලුම කලු පාට සෙම තලියක් බිමට හලාගන උන්න මම එයාගෙ අත් දෙක යටම ඇස් පියා ගන්නකොට එයා මගෙ නම කියනවා මට නින්දෙන් වගේ ඇහුනා....

"මගෙ ශිවන්..."

...

🥺ගුත් මෝනිම් තූයූ ..

ජොබී නිදහස්!!!...

ම්හුක්....මුව පැතියා බුජි...ඔය ලමයිනුත් බුජියන්න....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters