අග්නි ගෙ වචන අහපු මම ඊලග තත්පරේ වතුර පොදක් ගේන්ඩ දිව්වා ..එයා කිව්වා මට දේවාලෙ ඇතුලට එන්ඩ එපාය කියලා . .ඇත්ත ...සංසර්ගයක් නොවුනත් මම අපිරිසිදුයි...මං කොහොමද පය ගහන්නෙ....අම්මගෙත් කිලි දවසට පහන තියන්නෙ අපි...එහෙව් රකින දේවාලෙ ...
තවත් නම් බෑ මට අකීකරු කම් කරන්ඩ....
මන් කුස්සියට ගිහින් වතුර ටිකක් ගෙනත් කලන්තෙ දාපු මනුස්සයගෙ මූන තෙමලා කම්මුල් වලට තට්ටු කරලා මන් කේඩෑරි උන මනුස්සයගෙ සිහිය ආපිට ගන්නකොට මං බලාගන අග්නි ආකාසෙ දිහා බලලා ඉර හොයනවා ...ඕක අම්මත් කරනවා...අම්ම විතරක් නෙවෙ වෙද ගෙවල් වල සිරිතක් ..වැලපිල්ලක් කියාගන එන ලෙඩෙක් ගැන කියාගන එන මනුස්සයෙක් දිහා බලල එයාලා නිමිත්තක් හිතනවා... ...
මං මැදි වයසෙ මනුස්සයගෙ කම්මුල් වලට තට්ටු කරල ඒකගෙ ඇස් ඇරව ගත්තා ....දුක උහුලන්ඩම බැරිම තැනද කොහෙද මනුස්සයට ඉකි ගගහා හීල්ලෙනකොට අග්නි කියපු විදිහටම වැල් වටාරම් නැතිව ඇබිත්තම්ම ඇබිත්තන් සාක්කියක් විතරක් ගත්තා ....වෙන මොකුත් නෙවෙ ඒකිගෙ සුවද විතරක් ....
බඩින් උන්න වැස්සිලු.....
අවුරුදු ගානක් කිරි දුන්න අම්මලු.....
ඉපදුන ගමන් වහු පැටියා කොල්ලෙක් නම් මස් කඩේට දක්කනවා වෙනුවට ඒකි වදාපු හරක් බාන් තුනහතරකුත් දරුවො වගෙ හදනවලු....කිරි ටික ගන්ඩ ඇරුනම ඒකිගෙන් වෙන වැඩ ගන්නෙ නෑමලු...ඒකිගෙම හරක් පැටව් ලව්වා කුරහන් අබරනවා ඇරෙන්ඩ ඒකලාව කරත්තෙට වත් දුන්නෙ නැත්තෙ නාස් ලනුව බදින හන්දලු....
දුප්පත් ගොවියෙක් .....දරු පවුල බලන් කුඹුරක් හේනක් කරන් හුස්ම ගන්න එකෙක්..මහ පොලව එක්කලම ඔට්ටු වෙලා ඒකගෙ උරහිස් ඇට පෑදිලා .....ඒකගෙ ගෑනිත් බඩින්ලු. ...ගෙදර වැස්සිත් බඩින්ලු....බඩින් උන්න වැස්සිට මොකක් හරි උනා කියන්නෙ බඩින් උන්න ගෑනිට මොකක් හරි උනා වගේය කියලා අහිංසක මනුස්ස පරානෙ දේවාලෙ ඉස්සරහ වැද වැටෙනකොට නැති උනෙ බඩින් උන්න කිරි එළ දෙනක් උනත් මිනිහා හොදට වගේම නරකටත් ඉන්න ශිවට පලිගහන්ඩ ගත්තා ....මම කියන්ඩ ඕනා ටික අග්නිට කියලා දේවාලෙ ඉස්සරහා කදුලු හලන මනුස්ස්‍යා දිහා බලාගන දොරකොඩ ගාව ඉන්නකොට දේවාලෙ ඇතුලෙන් සුවද දුම් කූරු වල සුවදක් නාහෙට දැනුනා....
"ඒකගෙ එලදෙනව හම ගහලා කාලට් ඉවරයි....බඩින් උන්න ඒකිගෙ හම කුර වලදාලත් ඉවරයි . ...ලොද ලොද කියල නොබලා බඩේ උන්න කිරි සප්පයා පවා මස් කරලා ඉවරයි.....ඒකගෙන් අහපන් මොකදැයි කරන්ඩ ඕනෙ කියලා...පය පාමුලට ගෙන්නඩද අහපන්...ලගම එකෙක්....ඒකගෙම එකෙක් හදිය කරලා තියෙන්නෙ...."
අග්නි ඇතුලෙ ඉදන් රහස් මුමුනකොට මම අඩන මනුස්සයා දිහා බැලුවා.....දැන් මොකද කියන්නෙ මනුස්සයා කිරි වැස්සි නැතුව පොලවෙ පස් කනවා ....මගෙ පපුව මොකක්ද උනා...මිනිස්සු මොන තරම් තිරිසන්ද ...බඩෙ උන්න නොදරුවව පවා මස් කරලා කියන්නෙ....ලොද ලොද කියලා නොබලා කිරි සප්පය මස් කරල කියනකොට අවංකවම, අප්පච්චි කෙනෙක් උන මට මහ වේදනාවක් දැනුනා මගෙ එකා මොකද තිරිසනාගෙ පැටියා මොකද කියලා හිතුනා ...ම්
අග්නි අහනවා දෙපා මුලට ගෙන්නලා දෙන්නද කියලා ....දෙපා මුලට ගෙන්නුවට සාදාරනයක් වෙනවද .....දෙපා මුලට ගෙන්නුවාම වැස්සිට පන එනවද . ..දෙපා මුලට ගෙන්නුවාම මේ මනුස්සයගෙ ඇස් වල කදුලු පපුවෙ වේදනාව නිවෙනවද.....නෑ....කොටිම්ම නෑ....මං අග්නි දිහා බැලුවා ....එයා මට ඉක්මන් කරපන් කියලා ඇස් වලින් කියනවා ...
උන්නැහෙ...අරන් ගිය එකාව දෙපා මුලට ගෙන්නන්ඩද.....
ම්..මට...මට කියාපල්ලා....ඒකි.....ඒකි හොදින්දැයි කියලා ...අනෙ අහිතක් නැතුව කිරි දුන්න ඒකි අම්මෙක්.....ඒකි යහතින් ඉන්නවදැයි කියාපල්ලකො.....
මං අග්නි දිහා බැලුවා ....ඒයා ඇස් හීනි කරන් බලන් ඉදලා බිම බලා ගත්තා....

අග්නී....මේකට සාදාරනයක් කරපන් අග්නි....ඒකව පය පාමුලට ගෙන්නුවට මේ අසරනයගෙ වේදනාව ...ඇරත් ගැබ්බරියෙක්.....පෙරේත කම ඉහ,වහ ගිහින් බඩේ උන්න කිරි සප්පයව කන්න තරම් ඒකට තිබුන බඩ ජාරි කමට ණය පියවන්ඩ මොකක් හරි කරපන් අග්නි....
මම දේවාලෙ දොරකොඩ ඉදන් අග්නිට මුමුනනකොට එයා අත් මිට මොලවන් අහන් උන්නා...ඒකගෙ හුස්ම උදුරන එක අග්නිට අකැප උනාට නර දුක් විදින්ඩ හරි කාපුවා ආපිට යන්ඩ හරි මොකක් හරි කරපන් කියලා මම අග්නිට කන්නලව් කෙරුවා ...
මට අර මනුස්සය්ගෙ ගිලා බැහැපු ඇස් දෙක දකිනකොට ....රතු වෙලා ගියපු ඇස් වලින් වැටෙන කදුලු දකිනකොට ...මහ පොලව එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා දිරලා ගියපු ශරීර කූඩුව දැක්කම හ ඒකව පය පාමුලට ගෙන්නලා නිකන් අතෑරලා බැ කියලා හිතුනා.....මොකද මේ මනුස්සයා නඩු කියන්ඩ යන්ඩද....පොලිසියට ගියහම පැමිනිල්ලා ලියාගන්නෙ මිනිස්සුන්ගෙ වත් පොහොසත් කම් අනුව...ඇදුම අනුව....කිසිම තෙතමනයක් නෑ.. අරහෙට යනවා.මෙහාට් යනවා කියනවා..සාදාරනයක් බලාපොරොත්තුවෙන් ගියෝතින් ඒ මිනිහට ජීවිතෙත් එපා කරලා එලියට එවන්නෙ.....
අතවර උන කෙල්ලෙක් ගෑනියෙක් පැමිනිල්ලක් දාන්න ගියෝතින් ඒ ගෑනි අතරවර උන හැටි කැන්ටිමේ ඉන්න එකාගෙ ඉදන් නඩුකාර හාමුදුරුවො ගාවට යනකම්ම කියන්ඩ ඕනා....ඒ වෙන කොට අර කෙල්ල...අර ගෑනි සිය දහස් වතාවක් අහන උන්ගෙ හිත් වල ආය ආය අමු අමුවෙම දූශනේ වෙලා ඉවරයි....
අග්නී....මේකට සාදාරනයක් කරන්ඩ අග්නී...මේ කදුලු බල බල හිස් අතින් යවන්ඩ එපා අග්නි..මිහිපිට මිනිස්සුන්ගෙන් පිහිටක් නැති එකේ..සුරයන්ගෙන් බැරි නම් අසුරයෙක් ලව්වා හරි මේ මිනිහගෙ ඇස් වල කදුලු වලට සාදාරනයක් කරපන් "මගෙ දරුවගෙ අප්පච්චි ."...පින් අයිති වෙයි...
මම අග්නිගෙ දුර්වල තැනටම පහර එල්ල කෙරුවා....මම බලාගන ඉදලා හොදම තැන හරි හිමින් අත ගෑවා...අග්ගියෙ...අග්ගියෙ ගාන දරුවව අල්ලලා " මගෙ දරුවගෙ අප්පච්චි "කියන නම ඉස්සරහට දානකොට අග්නි මගෙ දිහා බලලා දෙවියන්ට කන්නලව් කරන අසරනයා දිහා බැලුවා....
මගෙ වැස්සි....ඒකි හුස්ම අල්ලන්නෙ නැතිනම්....පින් අයිති වෙයි....ඒකිව මරපු එකාට විදව්න්ඩ දීපල්ලා....අහිතක් නැතිව කිරි බිද දුන්න එකී....ඒකිලාගෙ සනුහරේ එකෙක්ම නේද දෙයියනේ...දෙයියන්ගෙ වාහනේ.....ඒකිලාගෙම රැහෙ එකෙක් වෙච්ච එකෙ.....මගෙ එකීගෙ හුස්ම පොද උදුරගත්තු ඒකට හොදක් නම් වෙන්ඩ එපාය.....ඒකිගෙ දරු ගැබ එක්කම කාලා නම්...ලේ මහ ලේ යන්ඩ මතුරපල්ලා දෙයි හාන්දුරුවනේ...
මම මනුස්සයා දිහා බලලා අග්නි දිහා බැලුවා ඒ මූන තිබුනටත් වඩා සුදු මැලි වෙලා ගිහිල්ලා...අම්මා නැතුව දේකට අත ගහන්නත් බයයි...ඒත්.....පිහිටක් සරනක් හොයන් ආව මනුස්සයා වෙනුවෙන් සාදාරනයක් නොකර ඇඩූ කදුලින් ගෙදර යවන්න මගෙ හිත ඉඩක් නොදෙනකොට මම අග්නි ගාව බැගෑ පත් උනා...ඒ මනුස්සයා ලේ මහ ලේ යන්ඩ කිය කිය අත් දෙක නලලෙ ගහන් දේවාලෙ දිහා වගේම හතර වටටම වැන්දා.....ඒකා පලි ගහනවා....
ලේ මහ ලේ යවපල්ලා....
මට මනුස්සයගෙ වේදනාව දකින දකින වාරයක් ගානෙම මතක් උනේ රැපියල් තෙන්නකෝන් මහත්තයගෙ කුකුලු හැවිල්ල.....තමන්ගෙ කුකුලව මරපු එකාව ඊලග කෙම්මුර ගෙවෙනකන් තියන්ඩ එපාය කියලා පලි ගහනවා...කද දෙවියන්ගෙ කොඩියම පාලුවට ගිහින් ...කිය කිය අඩ අඩ විලාප ගහපු මනුස්සයා ඒකහෙ බෙල්ල මුලටම අනින්ඩ කියලා ඉල්ලනවා.....
දුදොනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙවි රද
සාමිනේ.....
මගෙ කුකුලා නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා..
බලා එල්ල
හෙලුව එල්ල
මුලම බෙල්ල
මරු තැනෙ....
" ඒකට කියපන්....හැන්දෑවෙ යක්කු ගස් නගින්ඩ කලියෙන්...ඒකගෙ පය පාමුලය අරන් ගියාපු එකා ඒවි කියලා ...."
අග්..නි..ඒකව නිකම්ම...
" කතා එපා...ඇස් කන් ඇරලා මං කියන දේ අහගනින්...මං දැන් මේ කියන මන්තරේ හරියට අහගන ඒකගෙ කනට කියපන්....."ඕම් නමො භගවතේ රුද්‍රායි" කහ වතුරෙන් නාලා....ජප කරන්ඩ කියාපන් එකසිය අට වංගියක්.....හලන්ඩ එපාය කියපන් එක කෙල පොදක්..ගිලින්ඩ එපාය කියපන් එක කෙල පොදක්...ඒකට මේ එන කෙම්මුරේදි කෝවිලට ගිහින් ....ශිව දෙයියන්ට පූජාවක් ඔප්පු කරන්ඩ කියාපන්....උන් වහන්සෙගෙ වරිගෙ එකෙක්ගෙ පන ගත්තට ඌ මං ලව්වා පලි ගස්සනවා නම්...මේවා අකුරට කරන්ඩ කියාපන්...හුම්...දැන් පලයන්.....අකුරු අඩු නොකර අකුරු බර කරන්ඩ ඕන තැන බර කරලා එකසිය අට වංගිය ජප කරන්ඩ කියාපිය....ඒ කියලා ඒකට යන්ඩ කියාපන්...උඹ ඔය දොරකොඩින් දරුවත් අරගන පැත්තට වෙයන්"
එ..එහෙමයි....
මට අග්නිගෙ වෙනසක් දැනුනා.....එයාගෙ කතා බහ වෙනස් කියලා දැනුනා...එයා වචන බර කරලා කියවනකොට අවංකවම මට බය හිතුනා...මං ඉක්මනටම අඩන පලිගහන මනුස්සයා ගාවට දුවල අග්නි කියපු වචනයක් නෑරම මං අර මනුසයගෙ කනට කොදුරලා ඒකව පිටත් කරලා ලමයව වඩාගන ගෙයි ඉස්තෝප්පුවටම දිව්වා.....
අප්පුච්චියේ ...ම්ම්හ්...මේ...මේ...සිදි ..නානෙ.....සිදෙනානේ....අප්පු...ච්චියෙ...
බත්තන්හ්හ.... බත්තන්ද ...අග්ගියේ .
පොඩ්ඩක් ඉදපන් නිඛිල්...අදත් ගිහින් අප්පච්චිගෙන් ගුටි කන්ඩද ...
මගෙ උකුල උඩ ඉදගන උන්න නිඛිල් කකුල් දෙක දෙපැත්තට වන වන ඔලුවෙ ගාගන උන කොහොල්ලෑ ඇද ඇද කෑ ගගගා බස්සන්න කියනකොට මම කොල්ලට සැර උනා ඒ එක්කම දේවාලෙ ඇතුලෙන් කුරුමිනියෙක් ඉගිල්ලිලා ගියා...
"මැනිකෙ...."
අනේහ්....!!
මට කෑ ගැස්සුනා .....මම උන්නෙ දේවලේ දිහා බලාගන වෙද්දි අග්නි මගෙ පිටිපස්සෙන් මතුවෙයි කියලා මම කීයටවත්ම හිතුවෙ නැති වෙනකොට එයාගෙ සීතල කටහඩ කන් පෙති තෙමනකොට මම ලමයවත් බදාගන කෑ ගැහුවා.....
"මගෙ ශිවන්...මේ මම...."
අනේ...අග්නීහ්....
මම කොහොල්ලෑ නාගන උන්න යක් පැටියවත් තුරුල් කරගනම අග්නිගෙ පපුවට හේත්තු උනා....
*
*
*
අග්නී...
ම්ම්.....මේකට තව පොල්තෙල් ට්කක් අතට දාපන් මැනිකෙ.....
මම උන්නෙ එයා කකුලෙන් පාගන්ඩ පුලුවන් සයිස් එකට ගාපු පොල් එකෙන් බාගයක් අඹර අඹර...පොරොන්දු දුන්නා නම් රැකපන් කියලා ඊලග පාර එයා මාව ලිප් බොක්කට එලවනකොට අතේ උන්න කොහොල්ලෑ බබාව ඉල්ල ගත්තු එයා වචනයක් නොකියා දරුවගෙ ඔලුවෙ මුනෙ තිබුන කොහොල්ලෑ යවන්න ගත්තා ...පැය කාලක් බාගයක් යන්ඩ ඇති....මට තව බැරි උනා අග්නිගෙන් මොකක්ද උනේ අහගන්ඩ...එයා නෙවෙ ඒක ගැන කියන්නෙ...ඒක අහන වාරයක් වාරයක් ගානෙම අග්නි කෙරුවෙ මගෙ වචන මග අරිනකොට මම මිරිස් ගල පැත්තක තියලා ආයම පාරක් අග්නි කියලා අහන්න කට ගන්නකොටම එයා පොල් තෙල් ඉල්ලුවා.....
මූ මිනිස්සු එක්කම ඉදලා කපටි වෙලා...නිකන්ද දකුනෙ උන් කියන්නෙ...මාත් දකුනෙ තමයි...ඒත් මූ....මූ දකුනෙ යකෙක්නෙ...මහ වෙට්ට පිත්තලයෙක්...
අනේ ඔය නිකන් තියන්න අග්නි..මං ලමයගෙ කොන්ඩෙ කප්පන් එන්නම්...දැන් කීයෙ ඉදන් ඕකගෙ කොන්ඩෙ තිබ්බ කොහොල්ලෑ ඉදිරුවද.....කොන්ඩෙත් වැවිලා....
" උඹට මන්නා පාරක් එහෙම කන්ඩ ආසද ශිවන්??"
ඇයි...මම මොකට මන්න පාරක් කන්ඩද ..මං ඇහුවෙ ලමයගෙ කොන්ඩෙ කපන්ද කියලා ....
" උඹට නම් මසක්කන්.....මම කොන්ඩෙ කපන් නැත්තන් මගෙ කොල්ලා කොන්ඩෙ කපනවද.....? කොන්ඩෙ එහෙම කපලා මැරුම් කන්ඩ තමයි...උඹ දන්නවනෙ....උඹට මැරෙන්ඩ අයිති නැති උනාට මට හිතෙන වෙලාවක උඹව මරල දාන්ඩ පුලුවන් .....ඒකට අයිතිය තියෙන්නෙ මටම විතරයි ..ඒත් එහෙමයි කියලා ...ඇරලා බලන් ඩතියන මල්ල ඔබල බලන්ඩ ඕන් නෑනෙ...."
මම රවාගන උන්නා....මට අනම් මනම් කියපු අග්නියා පොඩි ඇටයගෙ කොන්ඩෙ තිබ්බ කොහොල්ලෑ ගලවනකොට ඒකා හරි අපූරුවට අග්නිගෙ උකුලෙ ඉදන් උන්නා...මීක් ගෑවෙ නෑ....මම ගත්තා නම් තමා බලන්ඩ ඕනේ ඈඩියාව...අප්පගෙම මායන් ඌටත් ගිහින් තියෙන්නෙ.....
මම හිතින්බැන පොල් ටික අබරන් කුසියට ආවා.....
ඇයි අග්නි මේ වලදවත් හෝදනවකො ඒයි....දහසක් වැඩ කරන්ඩ මම කතර ගම දෙයියොද....අත් දෙකයි තියෙන්නෙ....
" ආ..ආ...ඒවා හරියන් නෑ පුතේ...පවුලක් පන්සලක් උනා නම් මීක් නොගා ඔව්වා කරපන්...කරවල කෑල්ලක් පුලුටු කරවන් කන්න උන්න මටනෙ උඹ අහස උසට පෙරේතකමක් ගොඩ ගැස්සුවෙ....දැන් ඉතින් උය උය හෝදපන්...හෝද හෝද උයපන් ... අර කොටි හපුවයි ගමරාලයි වගෙ තමා ..ගිනි පිඹපන් හොරි කහපන්...ගිනි පිඹපන් හොරි කහපන්...නේ සුදු පුතා....අප්පුච්චියට කියන්ඩ.....ගිනි පිඹපන්...හොරි කහපන්."
ගිනි...කහපන්...හොරි.....පිඹපන්...අප්පුච්චියෙ...කියන්ද ...ඔව්...හොරි....
පිඹපන්...අප්පුච්චියෙ....
උඹටත් මම පිම්බනවා දැන්
මට මාරා වේස වෙලා උන්නා.....පන්ඩිත කමට අරක කරන්නම් මේක කරන්නම් කියල අග්නියට දහසක් බලාපොරොත්තු දුන්න මම ලිපේ තිබුන කරවල හොද්ද කැටි ගැහෙන්නෙ නැති වෙන්න කූරු ගගා ඉදලා කැන්ද් කොලේ උඩ තියලා තිබ්බ රොටිය පුච්චන්ඩ හදපු රොටි ගුලිය වඩ වඩ උන්න මම අවසානෙදි ඉවසන්ඩ බැරිම තැන අමු රොටියෙම්මෙ අග්නියට දමලා ගහනකොට ඒකා මා.දිහා තත්පර ගානක් බලන් උන්නා...බොරු කියන්ඩ ඕන නෑ මටත් බය හිතුනා....
" උඹ ඔය නම් කන්ඩ තමයි..."
දහසක් වැඩ කරන්ඩ මට රාවනාගෙ අත් දහය නෑනෙ අග්නි....පොඩ්ඩක් උදව් වෙනවකො මනුස්සයො....මම දැන් කීයක් කෙරුවද .ගෑස් ඉවරයි....ඒ කියල දුම්.කාගන උයන්ඩයි...කොස් තම්බම්ඩයි....රොටි පුච්චන්ඩයි...කරවල බදින්ඩයි.....
" ඇයි මැනිකෙ ත්‍රී පෝශ"
අනෙ අම්මගෙ රෙද්ද...
කාගෙත...අප්පුච්චියෙ ..සෙද්ද ....අග්ගියගෙත ...ආ...අප්පුච්චියො.....
නිඛිල්....
"බලන්ඩ ගහපන් ලමයට....උනු තෙල් එක වක්කරනවා ඔලුවෙ ඉදන්...."
මම පැත්තකට උනා....පැත්තකට උනා කියන්නෙ මට කරවල බදින්ඩ කියල ලිපේ තිබුන තෙල් තාච්චිය අල්ලා පොලවෙ ගහන්ඩ හිතුනා.....ලමයට වචනයක් කිව්වත් අග්නි මාව මරන්ඩ හැදුවා.....උයන්ඩ ගත්තු බාජන එකින් එක එකින් එක සින්ක් එකේ අහස උසට ගොඩ ගැහෙනකොට ලිප් කන්ද උඩ තිබුන කරවල හොද්දට මිරිකපු එකේ පොල් කුඩු බාජනේ පොඩි යකා පෙරලුවා....දැන් කුසියෙන් එකයි පොල් කුඩු....
මම නෙවෙ වචනයක් කිව්වෙ....මම කරපු දෙ පොල් කටු හැන්ද අතට මිරිකන් ලිප් කන්දෙ එල්ලීගන ඉන්න නිකිල් දිහා වෙනුවට කරවල කෑල්ලක් දත් වලින් හපන් ඉන්න අග්නි දිහා දත් මිටි කාගන බලන් උන්න එක....
"මැනිකෙ.....ඉදගන්න...මහන්සි ඇතිනෙ උයලා...මං හෝදන්නම්...."
මම දත් මිටිකාගන බලාගන ඉන්නවා දැකපු අග්නියා ඊලග තත්පරේදි හපන් උන්න කරවල කෑල්ලත් එලියට දාලා අඩියට දෙකට සින්ක් එක ගාවට ගිබින් පිගන් හෝදනකොට මම වැද්දෙක් වෙලා උන්න නිඛිලගෙත් පුකට දෙකක් දුන්න වගේම ලමයට ගහන්ඩ එපා කියපු අග්නියටත් අල්ලන් ගැහුවා....ගහල කොල්ලව වඩාගත්‍තා ....
අප්පු...ච්චියෙ....ගානව...නෙ...ම්හුක්.... ඒ...අපානෙ....අග්ගියෙ....අපානේ.....
කට....ඔක්කොම වනසලා මෙතන.....
" එපා මැනි...."
උඹත් කට වහපන් අග්නි...ඊලග පාර උඹ....
"අම්මො අනෙ ඔයාට යන තරහා..."
මං මෙ කොල්ලව නාවන්ඩ යනවා ...මං එනකොට මේ ඔක්කොම අස් කරලා තියන්ඩ ඕනා හරි....
".....!?"
කෝ...ඇස් වහන්ඩ ඉතින් ජෝ දාන්ඩ යන්නෙ.....
ම්හුක්...අප්පුච්චියො...අපානෙ.....ජෝ නාන්ඩ අපානෙ.....
එපා කියලා කොහොමද නාන්ඩ ඕනා...උඹ ඇවිල්ලා යකෙක්ගෙ ලමයෙක් මිසක් පෙරෙතයෙක්ගෙ ළමයෙක් නෙවෙනෙ....කෝ...හොද පුතානෙ...අග්ගියා කුසිය ගිනි තියලද දන්නෙත් නෑ.....කෝ...ඉතින්....
මං ලමයගෙ බේසමට වතුර පුරවලා බංකුවෙ ඉදන් කොල්ලව හරහට ගත්තා...අරන් මුල්ටික හරහට තියන් නාවලා අවසානෙදි එයාව බේසම අස්සට ඉන්දවලා නෑව්වා ..... නාවන්න ගත්තු වෙලේ ඉදලා පුංචි එකා ගිරවෙක් වගේ කියවනකොට ඒකගෙ එකම ප්‍රශ්නෙට මට උත්තර දීලා විසේ ගියා වගේම අවසානෙදි නාවලා නාවලා නාවර පැටියව මං වඩාගන ගෙට එනකොට මගෙ අග්නි අර වලන් පට්ටලේම හෝදලා මුලු කුසියම අස් කරලා තිබුනා.....
අග්නී....
"ම්න්..."
මට බඩ ගින්නක් දැනුනා....අග්නිගෙ උකුලෙ උන්න පුංචි එකාට මං චූටි චූටි බත් ගුලි කවනකොට මං බලාගන අග්නි දරුවව සිය පාරකට වඩා ඉම්බා....පුංචි එකාගෙ වැවුන කොන්ඩෙ එයා ඇගිලි වලින් එහා මෙහා කර කර ආය දරුවගෙ කොන්ඩෙ කපන්න එපා කියනකොට මම හා කියලා කියන්න ඔලුව වැනුවා ....
අග්නි...ඔයා මොකක්ද අග්නි කෙරුවෙ...
ඉදලා ඉදලා අවසානෙදි මං අර අහන්න ඕන ප්‍රශ්නෙ අහනකොට එයා පුංචි එකාගෙ කට වටෙ ගෑවිලා තිබුන ඉදුල් පිහිදලා මා දිගා බැලුවා ...
"කාලා බීලා ඉවර වෙයන්කො...."
එයා ආයමත් මට කාලා බීලා ඉවර වෙයන්කො කියනකොට මන් එයාට කීකරු උනා....පොරොන්දු තියෙන්නෙ රකින්න කියන හන්දා මං කතර ගම දෙවියො වගෙ එයාට දෙන්නම් කියපු ඔක්කොම හැදුවා ...පුලුටුත් තිබුනා ....රොටි...කරවල හොද්ද....කරවල බැදුම.....බත්...කොස්...පොල්සම්බෝලා මේ ඔක්කොම ....මං බලාගන මගෙ අග්නි බලන් ඉන්නවා ....

'මගෙ ශිවන් ....."
එයා මා දිහා බැලුවා බලලා මගෙ අත් දෙක අරගන අත් වලට හාදුවක් තිබ්බ....ඉදලා ඉදලා හිතන්නෙ නැති තැන්වලදි ආදරනීය එනකොට අවංකවම මට දරා ගන්න බැරි උනා...
එයාට වගේම වටේ උන්ගෙ පංගුව අයින් කරපු මං හිමින් හිමින් කන්න ගත්තා ...නාලා කාලා බඩ පිරුන හින්දම වසකම් කරන පුංචි එකා අග්නිගෙ උරහිස උඩම නිදා වැටෙනකොට මමත් ඉක්මනට කාල ඇගපත හෝදන් කාමරේට ආව...
"අනෙ මැනිකෙ මේ කකුල් පොඩි දෙකට කොට්ටයක් තියපන්....ගේ පුරාවටම ඇවිදලා කකුල් රිදෙනවා ඇති මගෙ කොල්ලගෙ ...."
අග්...ගි....යේ...
"ඕ අම්මෙ...බයියන්ඩ....මගෙ....පුතා..."

මේ ඉන්න මගෙ අග්නිගේ ආදරනීම පැත්ත....හිතන්ඩ වත් බැරි වේගෙන් මාරාවේස වෙන මගෙ අග්නිගෙ ආදරනියම පැත්ත ...
අග්ගියේ ගාපු නිඛිල්ගෙ කටට සූප්පුව දෙනවත් එක්කම පුංචි එකාට නින්ද යනකොට ඊලග තත්පරේදි මං අග්නිට තුරුල් උනා ....
ආදරනීයම හාදුවක් ඇවිදින් නලල උඩ නවතිනකොට මං සීතල අගනිගෙ උනුසුම් පපුවට තුරුල් වෙලා තත්පර ගානක් ඇහැ පියවනකොට එයා මටත් නොදැනිම මගෙ වැවුන කෙස් අස්සෙන් එයාගෙ ඇගිලි අරන් ගියා .....දැන් ඉතින් මටත් කොන්ඩෙ කපන්න තහනම් වේවි....
අග්නී.....මට දැන් වත් කියන්නකො අග්නී.....
"ම්න්....කියන්නම්...."
මං හරි බරි ගැහුනා....අග්නි කිව්වා කියන්නම් කියලා ....ඒ එක්කම මං එයාගෙ ඇගට කකුලක් වගේම අතකුත් දාගන්නකොට එයා මගෙ ඉන වටෙ අත යවලා තවත් මාව ලන් කර ගත්තා .....
"උඹ දන්නවද ශිවන්....සත්තුන්ටත් ආගමක් තිබ්බා නම්.....උන් අනිවාර්යයෙන්ම උන්ගෙ යක්ශයා වෙන්නෙ උඹලා..."
.අග්නී...
"මට කියපන්....තන බුරුල්ල දැක දැක...බර උන බඩ දැක දැක කාටද මැනිකෙ කිරි අම්ම්මෙක් මරලා දාන්ඩ පුලුවන් .....ඒක කරලා තියෙන්නෙ ඒකගෙම එකෙක්. ...."
මං අග්නි දිහා ඇස් පිල්ලම් නොගහන බලන් උන්නා ....එයා කියවනවා...පෙනෙන නොපනෙන ගානට තියන අග්නිගෙ ලකුන.....රත් අදුන් ගාපු ඇස්.....සුදු මැලි පාට මූන ...මම ඒ මූන දිහා බලාග ඉන්නකොට එයා ලොකු හුස්මක් ගත්තා ....
"මං ඒකට පිල්ලියක් යැව්වා...කුරුමිනියෙක් ..."
අග්නි...ඒකා මැරෙයිද අග්නී....
" නෑ...."
එහෙනම්....
"ඒකව ගිහින් ඕකා අද කන බොන කෝප්පයක් අස්සට වැටේවි ....එතන ඉදන් ඕකට වෙන්නෙ අර කිව්වත් වගේ ලේ දානකන් වමනේ දාන්න.....ගොම්මන පහු වෙනකොට ඒකව අරගන ඒවි....තැඹිලි ගෙඩියක් පොවපන්..."
ම්ම්ම්.....
එයා කිව්වා...ඒකා ලේ දානකම්ම වමනෙ කරාවි කියලා ....එයා පිල්ලියක් යවලා....හැබැයි මැරෙන්න නෙවෙ....මැරෙන්න යවන කුරුමිනි පිල්ලිය යැව්වා නම් අනිවාර්යයෙන්ම ඒකා මැරෙනවා...
අග්නී....
" ම්න්..."
මට පිල්ලි ගැන කියාලා දෙන්නකො ....
" ම්න්....."
මම තවත් චුට්ටක් එයාට ලන් උනා....දැන් නම් මම උන්නෙ එයාගෙ ඇගට ඇලීගම වෙනකොට අග්නිගෙ පපුව හුස්ම අල්ලන පිට කරන වේගෙට ඉහල පහල ගියා වගේම සැරින් සැරේම උඩ පහල යන උගුරු ගැටේ ගාව මගෙ ඇස් නැවතුනා....
" මොකද...."
ඊරිසියයි....
" ඇයි...."
මගෙ හින්දා...මට ලෝභයි අග්නි....මම උඹට මහ හුගක් ආදරෙයි අග්නි....
" මං නොදන්නවා නෙවෙනෙ .....ම්ම්....."
එයා මගෙ ඔලුව අත ගෑවා...ආයම නලලට හාදුවක් තිබ්බා....අග්නිගෙ ඇගිලි මගෙ පිට පුරාවටම ගිහින් ගිහින් අවසානෙදි අග්නිගෙ වස්තුව උඩ නවතිනකොට මට ලාවට කෙදිරි ගෑවුනා වගේම එයා මගෙ යටි තොල හිමින් සූප්පු කරන්න ගත්තා ....පිල්ලියක් ගැන අහපු මට ඊලග තත්පරේදි උනේ ඒ හැඩි දැඩි ඇගට යටවෙන්න වෙනකොට අග්නි මගෙ උඩු සර්වාංගෙම පුරාවටම හාදු තියන්න ගත්තා ....ඉනෙන් පහලට නොගියපු අග්නි ඉනෙන් උඩ පිස්සු වැටීගන ඉන්නකොට මම යටි තොල ගපාගන ඇද රෙද්ද මිරිකන් ඉන්නකොට අග්නිගෙ කෙල මගෙ පපුවම වහගත්තා ....අවසානෙදි ආයමත් ආදරනීය හාදුවක් එක්ක මගෙ අග්නි හති අරිනකොට එයාම කිව්වා බදාදා වෙනකන් ඉවසන් ඉන්න අමාරුයි කියලා ....ඒත් ඉතින් මොනවා කරන්නද....එයාගෙ තහංචි පහ වෙනකම්ම ඉන්නම වෙනවා නම්.....
" උඹලට දැන් මොනවද දැනගන්න ඕනා කියපල්ලකො....ම්ම්ම්"
ඔක්කොම....
"උගන්නන්නෙ කොහොමද උඹ ඉතින් පෙරේතකම් අරන්න පටන් අරන් නෙ මැනිකෙ....."
.ම්හුක්...දැන් මගෙ වාරෙනෙ....
"මගෙ කොට මගුල...ඔන්න එහෙනම් අහගනිකො...."
මම කට උල් කරගත්තා ....පිරුන පපුව අතකින් අල්ලන් මගෙ නිඛිල්ටත් වඩා පුංචි එකෙක් උන මම එයාගෙ කතාව අහන්න ලක ලෑස්ති වෙලා ඉන්නකොට එයා මගෙ නහයට තටුවක් දාලා කතාව පටන් ගත්තා .....
"උඹලා ඔය භූත විද්‍යාව කියන එක දන්නවනෙ.....ඔන්න ඔය සාත්තරේ ...හොද පැත්තක් වගේම නරක පැත්තක් තියනවා මගෙ ශිවන්....ඒකෙ විතරක් නෙවෙ...ඕනම පැත්තක.....හොද නරක තියනවා...ඒක උඹල දන්නවා....සැප වගේම දුක.....සතුට වගේම කදුල....සුදු වගේම කලු....ම්ම්ම්ම් අන්න ඒ වගේම ඔය සාත්තරෙත් නරක පැත්තක් තියනවා.....ඒ සාත්තරේ අෂ්ඨ කර්ම වලට මාරණ,උච්චාටන, විද්වේශන,ස්ථම්බන කියල හරුඉ භයාන කර්ම තියනවා මැනිකෙ .. උඹලගෙ වරිගෙ උන්ට වින කරනවා...."
එයා මගෙ ඔලුව අත ගගා හොමින් හිමින් කියලා දෙනකොට මම එක වචනයක් වත් අහක නොදා අහන් උන්නා..මොකද...ආදරේ දෙන තැන ආදරේ උතුරන්ඩ දෙන....තරහා යන වෙලේට ඒකෙත් උපරීමෙටම තරහ යන අග්නි උගන්නන වෙලෙත් ගුරුමුශ්ටියක් වත් නොතියම උගන්නන හන්දා මම අහන් උන්නා.....
"මං උඹලට එකටම හූනියම් ගැන කියලා දෙන්නම්....මැනිකෙ .හූනියම් කියන එකේ තේරුම...හූනියම...නැත්තන්..සූනියම කියන එකේ තේරුම වෙන්නඅ මොනව හරි දෙයක් නැති වෙන්ඩ...ඔය උඹලගෙ උන් කියන්නෙ හැදි ගෑවෙන්ඩ කියලා.....නැති බංගස්තාන වෙන්ඩ කියන්නෙ...ආන්න ඒ වගෙ ....හූනියම කියන එකේ තේරුම වෙන්නෙ "ශූන්‍යයි" කියන අදහස...හරි ....ඔන්න ඕකෙන් ..පුලුවන් කාට හරි නරයෙක්ට සුලුවෙන් හරි ..මහා පරිමානෙන් හරි .... හානි කරන්ඩ.....මරණය...රෝගබිය....දේපල පාලු....ධනය ...ඔය හරකා බාන....අඹු දරුවන්ට පවා වස් වැදෙන්ඩ පුලුවන් ....."
ම්ම්ම්...
"හැබැයි ශිවන්....ඔව්ව ආවට ගියාට බෑ....හරි...උඹලා හූනියම් නොකෙරුවත් ..මේවා දැනගන ඉන්ඩ ඕනා.....මේ හූනියම් වලටම කැප උන විශේශ අසුරයන් යක්ශ ,භූත කොට්ඨාස සම්මත වගේම අසම්මත විදිහට ඉන්නවා....හරි ...උඹ අහගනද ඉන්නෙ...?"
ඔ.....ඔව්....
"නවත්තපිය ඔය බොලද වැඩෙ ...."
අනේහ්...
"එහෙනම් අහගන්...පෙරේතකම් කර කර ඉන්නවා අහනකොට මොකුත් දන්නෙ නෑ පස්සෙ මගෙන් ගුටි කාල මැරෙනවා..ඕක සූප්පු කර කර ඉන්නෙ අහගන් මේක"
එයා මගෙ කම්මුලක් මිරිකනකොට මම ආයම එයාගෙ මූන දිහා බැලුවා...එයා පටන් ගත්තා. ..
"ඔන්න ඔතනින් සම්මත අසුරයන්ට....ඔඩ්ඩි, රීරී, කඩවර, මහසොහොන් ,කම්බිලි, සන්නි කියන යක්කු වගේම සොහොඹ කාලි කියන යක්ශනියො වගේම තව බලවේග ඉන්නවා....හරි....මෙන්න මේ කර්ම වලට මේ සූනියම් කෙරුවාවට අදින්ඩ පලදින්ඩ ගන්න දේවල් විදිහට මිනි ඔලු,ඇට කැබලි....මිනී අළු...හරි.....තව ගෙරිපස් ,මිනී, ඌරු තෙල්,ඉබි කටු..තව පාලු දේවාල වල තියන හක් ගෙඩි,ත්‍රිශූල..ඩෝබිගල් වගේ නානා ප්‍රකාර හුගක් ජාති ගන්නවා මැනිකෙ..... ම්මේ වගෙ මහ දරුනු සූනියම් ගොඩක් තියනවා...උඹලට මම දැනට දෙකක් තුනක් කියල දෙන්නම්.මැනික්.....හොදට අහගනින් මේවා...උඹළට මේවා අදුනගන්ඩ වෙනවා..හරි...."
මම කර කර උන්න වැඩේ නැවැත්තුවා..මොකද ඒක හුරතල් වෙන වෙලාවක් නෙවෙ හන්දා.....පපුවෙන් අගල් දෙකක් තුනක් පහල උන්න මම ආයාම උඩට ඇවිදින් එයා කියන දේවඒ ඒ මූන දිහා.....ඒ කට දිහා බලන් අහගන ඉන්නකොට එයා දිගටම කියෙව්වා....
" මරලු පැන්නුම... මෙන්න මේ කාරනාව කරපුවාම මානසීක රෝග එනවා.....විකාර වචන...ඔල්මාද කතා .....තැන නොතැන නැතිව ලැජ්ජ නැති වචන කියවනවා.....මුලු සර්වාංගෙ පුරාවටම දාඩිය .....පිච්චෙන ගතිය ඇති වෙනවා.....කොයි වෙලෙත් කෑ ගහනවා...අඩනවා.... වතුර හොයන් දුවනවා.....සර්වාංගෙ තියන හන්දි....වගෙම ඇට.....අඩපන කර්ම්නවා...සම්පූරනම හිර කරනවා....."
" අනික...මහසොහොන් ගිනි මරලුව මේකෙන් වෙන්නෙ ගමෙ ඉන්න නර වරිගෙට ලෙඩ රෝග හැදිලා මැරිලා යන එක....ගම්බිම් බාලු වෙලා යන එක....."
මේඝ පාතාල ඔඩ්ඩි දැහැන.....මේක මැනිකෙ සිහිය නැති වෙලා වැටෙනවා..ලේ වමනෙ ගිහින් එතනම මැරෙනවා.....මේ වගේ තව දේවල් තියනවා..උඹලා බය වෙන්ඩ කාරි නෑ...මං ඉන්නවා...හෙමින් හෙමින්...කල්පනාවෙන් ඉගන ගනින් ශිවන්...මෙ සාත්තරේට බොරු කරන්ඩ බෑ....කේරුවොත්..කපුවා ..කපෝති...ආවට ගියාට පිල්ලි යවන්ඩ බෑ...අනිත් පැත්තෙ එකා කෙරුමෙක් නම්...ඒකට පුලුවන් ආපිට පිල්ලිය කපලා කපුවට එවන්ඩඒ හන්දා....උඹ නම් බොහෝම ප්‍රවෙසමෙන් මැනිකෙ....."
එයා මගෙ ඔලුව අත ගාල මට ප්‍රවේසමෙන් කියනකොට මම එයාගෙන් තවත් අහන්ඩ යනකොට එයා මේ ගිනි මද්දහනෙ ඔව්වා කියන්නෙ නෑ කියලා මට නිදා ගන්ඩ කිව්වා වගේම මම ආයමත් අගලක් දෙකක් පහලට රූටනකොට මං බලාගන මගෙ අග්නියා යටි තොල හපාගන ඇස් පියා ගන්නවා....
*
*
*
🙂ආයම.එන්නම්.....
ජොබි බයියන්න යන්නෙ..ඔය ලමයිනුත් බයියන්න...
මම
ජොබී.....
Ferdeesha ❤️💚😘 ....