LightReader

Chapter 56 - 56

අම්මියෙ.....මේ..අතිත...මේ...අතිත....

කෝ බලන්ඩ...තව ඕනා....

තව....තුත්තක්ත...

ඔව්....තව චූට්ටක් ගෑවනම් ඇති ...බලාගන අත ගෑවෙයි...

ම්ම්ම්ම්

අත...අත ඌයියා වෙයි....

ම්ම්ම්....ඔව්..නේ.....ඌයියා...වෙයි.....

අග්ගියත....ත්.....ඌයි...යා...කියන්න...

අම්මියෙ....

කාටද...

අග්..ගිය....ත...ඔව්.....ම්ම්....

කව්ද....අග්ගියා...මගෙ පුතාගෙ යාලුවද.....

ම්ම්ම්ම්ම්.....

හා....කෝ දැන් ඔය පොල් ගෑවා ඇති...අහකට වෙන්න අප්පච්චිට බයි ගෙනියන්න එපැයිනෙ.....

ම්ම්ම්....

අහකට වෙන්ඩෝ....

ම්ම්ම්...

යෝ...හ්...කෝ අර චුට්ටන් කෝ කියලා බලන්ඩ....

ම්ම්ම්

චුට්ටන්....ඔය හිරමනේ උඩින් නැකිටපල්ලකෝ....ඉතින්....ම්ම්ම්..ම්ම්ම්..ගගා කපටි කම් කර කර පොල් කනව නේද...ආ...

ම්ම්ම්ම්

යෝ.....හ්.....මයෙ පුතා මෙන්න මේකව ගනින් කියව කියව පොල් කනවා හොරා වගෙ

මගෙ හිත හරියටම දැන් සමනල පිහාටුවක් වගෙ ..ඒතරම්ම සැහැල්ලුයි...මගෙ වැලහින්න වැහිලා වගෙ අඩ අඩ උන්න මම අවසානෙදි කාපු වඩේකුත් නැතිව ආපිට ගෙදර එනකොට අර කලින් ඇඩුව මිනිහද කියල හිතන්නවත් බැරි උනා.....

මම ගෙයි ඇතුලෙන් නොයා කෙලිම්ම පිටිපස්සෙන් ඇවිත් කුසියට එනකොට මගෙ යක් පැටියා හිරමනෙ උඩ ඉදන් ඒකටත් වඩා ලොකු පොල් බෑවක් අරන් ගන්න හදනවා...පොල් ගාන්න හදනව කිව්වට මොකද අර පොල් බෑව වටේම අබිත්තන් දත් පාරවල් තිබ්බා...

නිඛිල්.....එන්න අප්පච්චි ගාවට...

ම්ම්ම්

කෝ එන්න අප්පච්චි ගාවට ...

අපානෙ....

ඇයි....

ම්හුක්....අප්පුච්චියා ..අපා...නෙ

හිරමනෙ උඩ ඉදන් අම්මට පොල් ගාන්න නොදෙන කොල්ල දිහාවට මම අත් දෙක දෙපැත්තට කරලා අප්පච්චි ගාවට එන්න කියනකොට මේ කපටි කොල්ලා මාව එපා කිව්වා...ඒකට මාව ඕනෙ කනකොට බයිය කරවගන්න ඕන වෙන තැනට විතරයි ....

අප්පච්චියව එපාද දැන් මගෙ පුතාට දැන්...

ඔව්නෙ....අපානෙ....නේ අප්පුච්චියෙ....මගෙ පුතාත අප්පුච්චියා එපානේත....

ආ.....ඇත්තද.....මගෙ පුතාට අප්පුච්චියව එපාද...කාවද ඕනෙ එහෙනම්....

අග් ....ගි....යවනෙ.....

ඇත්තද ...දීපන් මටත් කෑල්ලක්...

යෝහ්....මගෙ පුතා ඒ පාර ඔහෙත් බඩෙ කැක්කුම් හදාගන්ඩ තමයි...අප්පච්චිලා පුතාලා දෙන්නම එකයි පොල් ගිලිනවා.... ..

මාව එපා කියපු පුංචි එකා පොල් බෑව වටේට ආයම දත් වද්දව වද්දව ඉන්නකොට මම ඒකගෙන් පොල් බෑව ඉල්ලන් කෑල්ලක් හපා ගත්තා විතරයි අම්මා මාවයි ලමයවයි දෙන්නවම එලෙව්වා ...

සුදු පුතා...අප්පුච්චියව එපාද....ම්ම්...ආ බොල කොල්ලො.....ම්ම්ම්...

ම්ම්හුක්....ඕනනෙ....ඕනනෙ.....අප්පු...ච්චියෙ....ඕනනෙ....පුචාත....

කපටි කොල්ලා මගෙ...

මම ලමයව අරගන එලියට බැස්සා....වෙන මොකටවත් නෙවෙ...යන්න කලියෙන් මට මගෙ දරුවව....අග්නිගෙ පැටියව කාලිට පෙන්නන්න ඕනා උනා...කලිට හොරාවට මොනවහරි ගිහින් දෙන්න ඕනා උනා.....

අද අගහරුවාදා හන්දා වගේම අම්මා ආවා කියන පනිවිඩේ තවමත් මිනිස්සු දන්නෙ නැති හන්දා වෙද ගෙදර පාලුවට ගිහින් තිබ්බා ...ඒත්...හෙට....හෙට අම්මට ඔලුව උස්සගන්න තරම් වැඩ වැටේවි...

අගෙ අග්නි කිව්වා මද්දහන පහුවෙලා ගොම්මනට කලියෙන් යන්න කියලා ...දැන් දොලහටත් කිට්ටු ඇති....තුනට හතරට ගියා නම්.....

අප්පුච්..චියේ.....

ම්ම්ම්ම්....

කෝත නන්නෙ...මේ...

ගමනක්.....

මගෙ පොඩි ඇටයා මගෙ මුන අත් දෙකෙම්ම අල්ලන් කොහෙද මේ යන්නෙ ඇහුවම මම එයාගෙ පොල් කිරි සුවද එන ඇබිත්තන් කටට හාදුවක් තිබ්බා පුංචි එකාගෙ දත දත මතු වෙනවා ...අනේ එයා හරි ඉක්මනට ලොකු වෙනවා.....

අවංකවම මම ආස නැ මගෙ නිඛිල් ලොකු වෙනවට....අප්පුච්චියෙ ගගා අකුරු එකතු කරලා කතා කරන එයා ආයාසයක් නැතිවම එක පාරම අප්පච්චි කියලා කතා කරනවට මම ආස නෑ.....මට ලෝබයි....

තුතාන් වෙනුවට චුට්ටන් කියන දවස එනවට මම ආස නෑ....

අග්ගියෙ වෙනුවට කෙලිම්ම අග්නි කියන දවස එනවට මම ආස නෑ...

මට ලෝබයි.....කොටිම්ම මම පුදුම තරම් ලෝභයි...පුතාත....පුචාතත.....ඔව්....නානේත....අපානෙ.....ඒ වචන...ඒ හිනාව....අහිංසක හුරතලෙ මටත් හොරාවට පරිනත වෙනකොට මම ලෝභයි.....

මම ලමයව වඩාගන දේවාලෙ ගාවට ඇවිදින් ගේ දිහා බැලුවා.....ඉස්සර හිතේ බයක් හැකක් නැතිව ඕන වෙලාවක දේවාලෙට රිංගන මට දැන් දේවාලෙට යන්න කලින් දහ අතේ බලන්න ඕනා උනා....අම්මා මම දේවාලෙට යනවා දැක්කා උනත් වචනයක් නොකියා ඉදීවි...ඒත් මගෙ හොර හිත හන්දම මට දේවාලෙට යනකොට වෙලාවකට බඩ රිදෙන්න ගත්තා ...බඩ රිදෙන්න කියන්න් අර සමනල්ලු පියඹන හැගීම....

කොච්චර ළඟ උන්නා උනත්....පිස්සුවෙන් වගේ ආදරේ කෙරුවා උනත්...මට අග්නිගෙ ආදරේ හැමදාමත් නැවුම් හැගීමක් වෙනකොට ....අග්නි වෙනුවට අග්නිගෙ වේසෙන් ඉන්න කාලිව බලන්න යන්න මම හොරා වගේ දේවාලෙ අස්සට රිංගුවා.....

කාලී....

...

භෛරව් ....

අප්පුච්චියෙ...ම්ම්හුක්..බත්තන්න...

පොඩ්ඩක් ඉන්නකො...පොඩ්ඩක් ඉන්නකො.....

මම.උකුලෙ ඉදගන උන්න පොඩි එකාව අනිත් උකුලට මාරු කරලා ආයම හොරාවට භෛරව්ට අඩගහනකොට මගෙ ගාව උන්න පුංචි එකා එක පාරම මගෙ බෙල්ල අස්සට මූන ගහගත්තා ...අඩන්න හැදුවා....

ම්හුක්.....අප්...අපුච්චි...යෝ....

ඕ...ඕ...භෛරව් ....ඒඔයාද....ඒඔයා නේද.....

මම මිමිනුවා....අග්නිට හුරු උනත් අනිත් කාටත් හුරු නැති මගෙ පුංචි එකා බය වෙලා තියනකොට අනේ ඒකා අත් දෙකෙම්ම මගෙ බෙල්ල බදාගන කෙදිරි ගානක් අග්නිගෙ වේශෙන් උන්න කාලි මතු උනා....ඒ එක්කම මගෙ උරහිසෙ මූන ගහන් උන්න නිඛිල් ඒ අග්නි කියලා හිතාගන අත් දෙකෙ දෙපැත්තට දික් කරලා අග්ගියේ අප්පුච්චියෝ ගාලා කෑ ගැහුවා...

අග්ගියේ....අප්පු...ච්චියේ.....

"මේ.....අප්පු...ච්චා ....ම..ම?"

භෛරව් තවමත් අග්නිගෙ ස්වරූපෙන්....අනේ මගෙ පුංචි එකා රැවටිලා බලෙන් භෛරව්ගෙ අතට පනිනකොට එයා පුදුම වෙලා බලන් උන්නා.....

අග්නිගෙ....

භෛරව් උන්නෙ බය වෙලා වගේ...පුංචි එකා අප්පුච්චියේ ගාලා එයාගෙ ඇගට පනිනකොට කොච්චර උනත් එයා ඉන්නෙ අග්නිගෙ වේශෙන් කියලා එයාටම තත්පර ගානකට අමතක වෙලා එයා එකපාරම අප්පච්චි කෙනෙක් උනේ කොහොමද කියලා බය වෙලා උන්නා ....මම ඒ එක්කම අග්නිගෙ කියනකොට එයාට මතක් උනාඑයා ඉන්නෙ අග්නිගෙ ස්වරූපෙන් කියලා ....

අග්ගියෙ.....අග්...ගියේ.....ම්හ්හුක්...අප්පුච්චියෙ....

"...ඔ...ඕ...ඇ..ඇයි.....ල...ම...යෝ"

මම.බලන් උන්නා...මට හිනා යන්න ආවා....අග්නිගෙ වේසෙන් උන්න භෛරව් ගෙ මූන සුදුම සුදු මැලි වෙලා ගිහින් තිබුනා....එයා පුංචි එකාට බය වෙලා..ඒක නිකන් ලොකු බල්ලො චූටි කුක්කන්ට බයයි වගේ එකක් වෙනකොට කවදාවත් ළමයෙක් හුරතල් කරලා නැති කාලි අකුරින් අකුර අද්ද...අද්ද...කතා කෙරුවා .....

අප්පුච්චියෙ....යන්...යන්....ම්හුක්.... ..

එයාව අග්නි කියලා හිතන් ඉන්නෙ භරව්....මේ ඉන්නෙ...අග්නිගෙ...පන්...කොටිම්ම....මම අප්පච්චි උනත්....මට වඩා දැන් අයිතිය තියෙන්නෙ අග්නිට

මම ,අප්පච්චි උනත් දැන් එයාගෙ වැඩි අයිතිය තියෙන්නෙ අග්නිට හින්දා මං කාලිට අග්නිගෙ කියලා කියනකොට අර සුදු මැලි මූන චුට්ට චුට්ට පාට වැටෙන්න ගත්තා .....පුංචි එකා වෙනදා අග්නිට කරන කෝලම්ම භෛරව්‍ට කරනකොට මං බලාගන දෙපාරක් තුන් පාරක්ම ලමයව හොරාවට ඉඹින්න හදපු භෛරව් අවසානෙදි කම්මුලට හාදුවක් තියලා කොල්ලව අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා ....

භෛරව් .....එයාව බලාගන්න...මං...අද යනවා ...

"ම්ම්ම්ම්ම්ම්ම්ම්"

මං ගිහින් එනකන් අපේ පුතාව බලා ගන්න....

එයා ලමයගෙ සිහියෙන් .....මාව එපා කියපු පුංචි එකා අග්නිගෙ රූපෙන් උන්න කාලිට අප්පුච්චියෙ ගගා රටේම තියන මොන මොනවද කේලම් ගොඩක් දිගාරිනකොට එයාට මම කියපුවට ආපිට උත්තර බදින්න මතකයක් තිබුන් නෑ...එයා කොල්ලව උඩ දැම්මා....හොරාවට හොරාවට ඉඹපු එක හිතුමනාපෙට ඉඹින්න ගත්තා ...

මම බලන් උන්නා...ආපිට ඉල්ලන්න ඕනා උනත් ඉල්ලන්නත් පව් කියලා හිතුනා.....ඉල්ලන්න ලෝභයි වගේ හිතුනා...අග්නිගෙ කිව්වා විතරයි එයා කොල්ලව අත් දෙකෙන් තුරුල් කරගත්තා .....අවසානෙදි නලල වහගන උන්න කොන්ඩෙ පස්සට කරලා එයා එයාගෙ මහපට ඇගිල්ලෙන් නලල පිරිමැද්දා ...ඒ චුට්ට වෙලාවකින් පුංචි එකාගෙ නලල මැද අග්නිගෙ සලකුන මතුවෙනකොට භෛරව් මා.දිහා බැලුවා...

" හිතේ කහටක් නැතිව ගිහින් වරෙන්...මම ඉන්නම්....."

ඒ භෛරව්ගෙ වචන....ඒ කාලි භෛරව්ගෙ වචන...මම බලන් උන්නා...හැබැයි මම මෙතනට එන්න එකම හේතුව ලමයව පෙන්නන එකමත් නෙවෙ...මගෙ අග්නි වෙනුවෙන් එයා සමාව ඉල්ලපු එකට වචනයක් කියන්න....අවංකවම ඒ සහෝදර කැක්කුමට....ඒ බැදීමට මට කවදාවත් ස්තූතියි කියන වචනෙ කියන්න බෑ....එදා එයා එවෙලෙ එහෙම නොකිව්වා නම්...මගෙ අග්නිගෙ හිස කදින් වෙන්න වෙන්න ගියා....එහෙම උනානම්....අද අග්නි කෙනෙන් නැතුව මෙලෝ දෙයක් නොදන්න ශිවන් කෙනෙක් විතරක් ඉන්න ගියා.....මුලු ජීවිතේම හිස් පිටුවක් වෙලා ගියපු ශිවන් කෙනෙක් ඉන්න ගියා....

භෛරව් .....

පුංචි එකා එක්ක කොන්ඩ කැරැල්ලක් අල්ලන් කෝලම් කර කර උන්න භෛරව්ට මම කතා කෙරුවා.....එයා මාදිහා බැලුවා...බලලා කොල්ලව බිමින් තිබ්බා....

අප්පුච්චියෙ...පුචාත....නේ...පුතා...ත නේ ..

" ඔ....ඔව්....පු...පුචා...ත...තමයි"

ලමයගෙ අතේ තිබුනෙ කොන්ඩ කටුවක්...භෛරව්ගෙ මුලු කොන්ඩෙම ලෙහිලා තිබුනා....ඉන ගාවට තිබුන කොන්ඩෙ තැන් තැන් ලාවට රැලි ගැහිලා තිබුනත් භෛරව්ට තිබුනෙත් මගෙ අග්නි වගේම කඩා හැලෙන කොන්ඩයක් වෙනකොට එයා කොල්ලගෙ අතට කොන්ඩ කට්ට දීලා එයාගෙ කොන්ඩෙ ඔක්කෝම අල්ලලා මුරුච්චියක් ගැටගහන් මා දිහා බැලුවා හරියටම දැන් කතා කරපන් කියන්න වගේ...

මම ඒ වෙනුවෙන් මොනවද....ඔයාට දෙන්න ඕනා භෛරව් ....

".මොනවා වෙනුවෙන්ද....."

එදා ගෝකන්නෙදි...මගෙ අග්නිගෙ වේදනාව ඉහවහ ගියපු තැන...දෙවියන්ට පවා සාප කරපු තැන දේවකෝපෙ ඉස්සරහ මගෙ අග්නි වෙනුවෙන් කියපු කරපු දේවල් වලට...මම...මම මොනවද භෛරව් කරන්න ඕනෙ....

"මොකුත් නෑ..."

භෛරව් .....ඒත්...

" ඒක හදවතින් එන හැගීම් මිසක්...දෙයක් ගන්න බලාගන කරපු දෙයක් නෙවෙ ශිවන් ....."

මම බලන් උන්නා එයා කිව්වා ඒක හදවතින් ආව හැගීමක් කියලා....දෙයක් බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නෙවෙ කියලා ....." හදවතින් ආව දෙයක්"නිකම්ම නිකන් වචන ටිකක් වගේ පෙනුනට බඩවැලක් නැතිව එලියට එන ඉෆ්‍රිත්ගෙ දරුවෙක්ගෙ හිතක හැගීම් පහල වෙනවා කියන්නෙ...එයා මගෙ අග්නි වගේ...එයාටත් අම්මගෙ හැගීම් ගිහින් තිබුනා....තාත්තගෙ තරහව...දරදඩු කම නපුරු කම මේ ඔක්කොම තිබුනත්....අම්මගෙන් හැගීම් ගිහින් තිබුනා....

" දෙයක් ඉල්ලගන්න බලාගන දෙයක් කෙරුවා නම්....මෙ වෙනකොට උඹට අග්නි කෙනෙක් නැති වෙන්න තිබුනා....."

එයා බිම ඉදගන කොන්ඩකට්ට එක්ක තනීයම කියවන ළමයා දිහා බලන් කියෙව්වා ....ඇත්ත.....එවෙලේ වාද කර කර උන්නා නම්...මගෙ අග්නි මට සදහටම නැති වෙන්න තිබුනා...

" උඹට මං වෙනුවෙන් දෙයක් කරන්නම ඕනා නම්....හෙට කඩවර පූජාවෙදි මගෙ නමත් මතක් කරපන්.....එ ඇති....මම ප්‍රාර්තනා කරන දේත් මට ලැබෙන්න කියපන්...ඒ ඇති...මොකද ....අග්නිට උඹ උන්නට....මටයි කියන්න කවුරුත් නෑ ශිවන්"

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා....භෛරව්ගෙ වචන එක්ක මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා....අග්නිට මම උන්නට...එයාටයි කියන්න කෙනෙක් නෑ කියනකොට මගෙ පපුව මොකක්ද වෙලා ගිය...මම ලමයට එන්නවත් නොකියා පුංචි එකාව කාලිගාවින් තියලා එන්න ආවා....

හැබැයි යන්න ගියපු මාව එයා ආපහු අල්ල ගත්තා ....එයා මගෙ මැනික් කටුව ගාවින් මගෙ අත අල්ලගන්නකොට මම හැරිලා බැලුවා...

මම එහෙම්ම එයා දිහාවට ඇරුනා....

"මේක...උඹට ශිවන්...."

එයා මගෙ අතේ අල්ලට මොනවා හරි තිබ්බා.....ඒක මාලයක්....නිකන් නෙවෙ.....රුද්‍රාක්ශ මාලයක්...

"එකසිය අටක් අමුනපු ශිව කදුලු මාලයක්...රුද්‍රාක්ශ මාලයක්....ප්‍රවේසම් කරගනින්...උඹට පිහිට වේවි....දේව බැල්ම වැටේවි...භාවනා කරනකොට උඹගෙ හිත කය මනස ආත්මය විශුද්ද කරාවි....ඒත්...දැන්ම මේක දාන්න එපා....උඹ පිරිසිදු වෙන්න ඕන....උඹලගෙ උන් මේවට තැනක් නොදි ඔහේ දානවා....ඉතින්....අග්නිගෙ අඹු සිගිත්තගෙ දොල දුක පහ උනාද.ම්ම්ම්...."

.මම බිම බලාගත්තා ....මොකද එයා ඇහුවා මගෙන් දොල දුක පහ උනාද කියලා .....මම කටින් ඔව් නොකියා එයා දිහා බලලා ඇස් පිල්ලමක් ගහනකොට එයා ලාවට ඔලුව උඩ පහල කෙරුවා ....

"වරදක් නෑ...එක පලතුරකට වඩා ඖශධයක් ශිවන්.....දියවැඩියාව ...තෙල(කොලොස්ටරෝල් ) උණ ගැනීම සුව කරන්න උඹලගෙ උන්ට ඔය හැම වෙලේම හැදෙන රුධිර පීඩනේට මානසීක රෝග වලට...උගුරේ අමාරුවලට වගේම ස්නායු ආබාධ සුවකරන්න නිල් වෙරලු වලට පුලුවන් .....

එයා මට කියලා දෙනවා.....නිල් වෙරලුවක් දොල දුක හැදුන එකෙක් වගේ ඉල්ලුවට ඇත්තටම නිල් වෙරලු වල ගුන ගොඩාක් තිබුනා...අත් දෙක පිටිපස්සට බැදගත්තු භෛරව් මට නිල් වෙරලු ගැන කියලා දීලා ඉතිරි ටික මගෙ අග්නිගෙන් අහගන්න කිව්වා

"" ඉතිරි ටික උඹේ ආදරනීය වල්ලභයගෙම්ම අහගනින්....මොකද ...මම උගන්නනවට වඩා...අග්නි උඹට උගන්නකොට ඒ වචනවලට ආදරෙත් කවලා උගන්නන්නෙ....මට තේරෙන්නෙ නෑ....මට තේරෙන්නෙ නැති කම නෙවෙ....මට බෑ වෙන කෙනෙක් වෙනුවෙන් ප්‍රවේසම් කරන වචන අයියගෙ අඹුව වෙනුවෙන් වියදම් කරන්ඩ...මොකද.....අග්නි වගේම මාත් ආදරේට පෙරේතයි...ඒක හන්දා....ඒකගෙම්ම අහගනින්....දැන් පලයන්...පුංචි එකා උන්න දෙන්..."

මයෙ පුතා...මේ හොදි එක වෙන වෙනම එතුවෙ.....

හරී...

උඹලට බත් කටක් කවන්ඩද....

..එපා අම්මා....

නොකා කොහොමද උඹ උදේට කාලත් නෑනේද...

භෛරව් ගාව පුංචි එකාව දාලා ආව මම අනිත් පාර ඇවිත් නාගත්ත ...නිකන් නෙවෙ.....අමු කහ කොහොඹ හාමු කරපු වතුරෙන් නාලා.අනිත් පාර ඇල්මැරුන ඇල් වතුරෙන් නාගත්තා .....නාගන ඇවිදින් ඇදගත්තා ....වැවිලා තිබුන කොන්ඩෙත් එක මිටක ගත්තු මම එහෙන් මෙහෙන් පනින කෑලිත් හදාගන බැදගත්තා ....

මයෙ පුතා...

ඕ....

ඒ අම්මා....ඒ අම්මගෙ කටහඩ.....එයා ආයමත් බත් කටක් කවන්න අහනවා....මට මහ වේදනාවක් දැනුනා.....දඩිබිඩි ගාලා දුව දුව ඉව්වෙ මම වැඩට යන්න යනවා කියල හිතා ගන උනත් මම අයන්නෙ අම්මගෙත් කනෙන් රිංගලා වෙන ගමනක් වෙනකොට මට මහ වේදනාවක් දැනුනා....

අම්මා ආය අහනවා මට බත් කටක් කවන්නද කියලා ....උදේටවත් කෑවෙ නෑනේද අහනවා.....ඇත්ත.....මට කනවා තියා කෑම මතක් කරනකොටත් බඩ දගලනවා....වෙනදට අම්මා තෙලට දාලා තෙම්පරාදු කරන දේවල් වලට ගිහින් හොට දාදා පොඩ්ඩක් කාලා රස බලන මට අද ඒ සුවදට පවා දෙපාරක් තුන් පාරක්ම වමනෙ යනකොට අවසානෙදි බඩත් බුරුල් වෙලා යන්න ගත්තා .... අප්පච්චි මට දැන් තුන් හතර පාරක්ම දෙහි වතුර පෙව්වා .....

.ඇගට පන නෑ...මගෙ ඇගම තලා දාලා...ඒත් ඇගට පන නැති ගතිය පෙන්නන්නත් බෑ...අම්මට දැහැමිනීව මතක් වෙන වෙන පාරට දැහැමිනීට දෙහි කපනකොට මට බය හිතුනා අම්මා ගිහින් දැහැමිනීට ගහාවි කියලා ...

මයෙ පුතා...උඹල වමනෙ හලලා හලලා ඇගට පනවත් නෑනෙ....

අනේ අම්මා කන්න බෑ අම්මා....

යෝ.....හ්...නොදන්න මගුල් අවේලාවෙ කන්න ගියේ මොකටද කියපන්කො...

අනේ අම්මා දානයක් කිව්වම අහක දාන්න පව්නෙ...

අහක දාන්න පව්....උඹ දැක්කද ඕක මලපෙරේත ගොටුවකට තියපු එකක්ද කියලා ...නෑ...ඒ මොකුත් නෑ....ආ ගාපන්...දැන් හිස්බඩ ගියහම උඹට කෙලින් ඉන්ඩ බැරි වෙයි ...උඹලගෙ ලොකු මහත්තයා දැන් ඉතින් උඹට හුස්ම ටිකක් ගන්ඩ වත් නිදහස් කරන එකක් නෑ....

අම්මා බත් පිගාන අතේ තියන් මගෙ වටෙ කැරකෙනවා....මම ඇදුමෙන් ඇදුම බෑග් එකට ඔබා ගන්නව...

කෝ.....ආ ගාපල්ලකො...

මට අම්මා පව් කියලා හිතුනා කාලා වමනෙ ගියත් ඇදි වතේ බඩගියත් කමක් නෑය කියලා මම බත් කටක් කන්න කටාරිනකොට අප්පච්චි ආවා...

හාමිනෙ මේන් තැඹිලි ගෙඩිය....

අම්මා මගෙ කටට බත් කටක් ඔබලා අප්පච්චි දිහා බැලුවා...

උඹලා බය නොවි කාපන් මයෙ පුතා මම යන්ඩ කලියෙන් ඕක මතුරලා දෙන්නම්.....උන් මොනවා හරි මලජරාවක් කරලා ..ආන් අර කොලුවටත් අඩුවක් නෑලු තාම.....

....

උඹගෙ අම්මට ඔවුන්ව ආපිට මට්ටු කරන්ඩ බැරුව නෙවෙ මයෙ පුතා...ඒත් පොරොන්දු දීලා ගත්තු වරම සාපෙකට හරවන්ඩ බෑ .. ....බැම්ම කපනව මිසක්කා මට ආපිට උන්ට හරවන්ඩ බෑ...මං උඹලට කිව්වා රත්තරනෙ පරිස්සන් වෙන්ඩය කියලා .....

අම්මා කියවනවා...බඩ බුරුල් වෙයි කියලම අම්මා කැව්වෙත් මට වැඩියෙම්ම සුදු බත් වෙනකොට මට චුට්ටමා ගැන දුක හිතුනා.....වෙනදට මොකාක් හරි කියන් එන චුට්ටමාගෙ කටහඩ අද අපෙ ගෙදරින් ඇහෙන් නැති උනා.....වෙනදට උන්ගෙ අක්කලා දෙන්නව කන්ඩ හදන චුට්ටමාගෙ කටහඩ අද ඇහෙන්න නැති උනා....

අම්මා.....චුට්ටමා ආවොත් මේන් මේ දෙසීය දෙන්ඩ ඕකා කඩචෝරු කන්ඩ ආසයි.....

මට චුට්ටමා ගැන දුක හිතුනා ඇගේම හයිය කටට ගියා උනත් ඌ හරි හුරතල්...

මයෙ පුතා....

බ්වෑ....ක්...බ් ...වෑක්.....

අම්මගෙ අතින් කවාගත්තු බත් පිඩවල් දෙක තුන උගුරෙන් පහලට ගිය උනුහුමවත් ගියෙ නැද්ද කොහෙද ....මද්දහන පහුවෙලා හෝරා දෙකකුත් ගෙවිලා ගිහින් තියනකොට මට තුනේ කෝච්චියට යාගන්න බැරි වෙයි කියන බයට මම ඉක්මන් කෙරුවා උනත් පවක් පඩිසන් දෙන්න ගත්තා වගේ මට ආය මවමනෙ යන්න ගත්තා ...

මම හිතන්නෙ මට අප්පච්චිගෙ බයික් එකේ ඉදගන්න හම්බුනා විතරමද කොහෙද .....

වෙරලු ගහ යට කාපු බත් ඇට බීපු වතුරත් එක්ක හාමු වෙලා නහයෙන් කටෙන් එලියට එනකොට අම්මා බැරිම තැන වතුරත් පිරිත් කරල පෙව්වා .

අනේ...අම්...මා...

මයෙ පුතා උඹලා අද ඉදපල්ලා....උඹට තෙහෙට්ටුයිනෙ ...

හාමිනේගෙ කරුනාව වැඩී.....ඒකිට දෙකක් ගිහින් කියන්ඩ දුන්නා නම් අහවරයිනෙ.....

.අප්පච්චි බනිනවා...මාව ස්ටේශන් එකට ගිහින් දාන්න හදපු අප්පච්චි දැහැමිනිලාගෙ ගෙවල් පැත්ත බලන් බනිනකොට අම්මා ආයම ගෙ පැත්තට ගියා ඒ යනවා එක්කම මගෙ පිට කොන්ද දිගේ සීතලයක් ගියා....

" උඹලව වලක්කනවා.....මෙන්න මේ පැගිරි ගෙඩිය කටේ ඔබාගනින්....."

.භෛරව් ....ඒ කටහඩ භෛරව්ගෙ...එයාගෙ සීතල අත මගෙ පිට කොන්ද දිගේ යනකොට එයා කියනවා මම යනගමන වලක්කනවා කියලා ...ඒත් මම යන ගමන දන්නෙ මම.විතරනෙ.....වෙන කව්ද දන්නෙ...

අප්පච්චි අඩි හප්ප හප්ප එහා මෙහා යනකොට අම්මා වමනෙ නවත්තන්න කියලා ගුලි ගේන්න ගියා.....මේ මොකුත් නොදන්න මගෙ පුංචි එකා චුට්ටමාලගෙ කුප්පමේනියා එක්ක ඉන්නකොට කොල්ලා පූසව අත් දෙකෙම්ම මිරිකන් වඩාගන උන්නා...පූසගෙ හොදේ කියන්නෙ ඌත් අල්ලන අල්ලන ඕන අතකට ඉන්න එකෙක් උනා මිසක්කා වෙන එකෙක් නම් මේකව සූරලා කාලා....

මයෙ පුතා...ගිලපන් මේක....තුරුනුවන්ගෙම පිහිටයි කියලා ගිලහල්ලා....මං ගිහින් බලන්ඩ අරකිලා උඹට ගිල්ලෙව්වෙ දොල පිදේනි ගොටුවකට තිබ්බ එකක්ද කියලා...

අම්මා එනවා එක්කම මගෙ අතට නාරන් ගෙඩියක් මිටමොලවපු භෛරව් අතුරුදන් උනා...අතට තිබ්බ අරලු පෙත්තෙ පාට ඔලිද ඇටයක් සයිස් ගුලිදෙක මම තුරුනුවගෙම පිහිටයි කියලා ගිල දලා අප්පච්චි එක්ක එන්න ලැහැස්ති උනා.....

අම්මා....මං එන්ඩ අනිද්දා පාන්දර වෙවි .. අනේ මගෙ කොල්ලව බලාගන්ඩ....

මේකා ගැන බය නොවී උඹලා පරිස්සමින් ගිහින් වරෙල්ලා.....මයෙ අම්මට තුරුනුවන්ගෙම පිහිටයි...

මම අම්මගෙ කකුල් ගාව නැවෙනකොට අම්මා මගෙ හිස් මුදුන ඉම්බා....පුංචි එකා උන්නෙ පූසගෙ සිහියෙන් වෙනකොට මාව එපා කිව්වත් මම කොහෙ හරි යන්න යනකොට ඒකා මා එක්ක එන්න අඩන හින්දම දරුවා දිහා ඈත ඉදන් බලන් උන්න මම දේවාලේ හෙලවුන දොර රෙද්ද දිහාත් බලපු මම දෙයියනේ කියලා අප්පච්චිගෙ බයික් එකට නැගලා එන්න ආවා...

ඒ එනකොට දැහැමිනිලාගෙ ගේ පාස් වෙනවා එක්කම මං බලාගන දැහැමිනි දුම් කබලක් අරන් දේවාලෙ අස්සෙ ඉදන් එලියට එනවා....

 මගෙ පුතා.....

මම ස්ටේශන් එක ගාව.....අම්මගෙ බෙහෙත් වලට වගෙම කාගෙත් ඇස් වහලා භෛරව් මගෙ අතට මිටිමොලවපු නාරන් ගෙඩියෙ පිහිටෙන් මට බඩ කලතන ගතිය අඩුවෙලා යනකොට මාව ස්ටේශන් එක් ගාවින් බස්සලා යන්න ගිය අප්පච්චි ආයම ආවා.....

ඇයි අප්පච්චි ....

ඉදල්ලා...උඹට ආයම.වමනෙ යාවි....

රත්තරන් පාට කොලේ එතුන සියඹලා ටොපි....මගෙ පපුව හෝස් ගාලා ගියා.....අවංකවම මම අග්නි වගේම අම්මා තාත්තා මැද පුදුම විදිහට අසරන වෙලා උන්නා....මම යන්නෙ වැඩට කියලා හිතපු අම්මා දඩි බිඩි ගගා උයපු විදිහ දැකලා.මට මැරෙන්න හිතුනා....ඒත් මගෙ අග්නි කිව්වා මට දරාගනින් කියලා .....සමහර ගස් මැරුනත් පොලව බදාගත්තු මුල් හයිය නම්...ආයම.පන ගහනවා කියලා ....අන්න ඒ වචන ටික විතරක් මගෙ අම්මගෙ හුස්ම ගන්නෙ නෑ කියන්න පොරොන්දුවක් වෙනකොට මම හිත හදාගත්තා ...

මොකද...වෙන්න තියන දෙයක් සක්කරයට වත් නවත්තන්න බැරි හන්දා...

මොකද මම අත් පොත් ගහන්න නම්...අම්මා.අයින් වෙන්න ඕන හන්දා....

වරමක් දුන්නට වඩා වේදනයි වරමක් අයින් කරන්න වෙන හන්දා...

ඒ ඔක්කොම පැත්තකින් දැම්මත් සංසාරගත බැදීමක පුරුක් දෙකක් එකට පෑස්සෙන්න යන වෙලාවෙදි ඒක නවත්තන්න හැදුවොත් ඒක ඊටත්න්වඩා වේදනාවක් කියපු හන්දා මම දරාගත්තා ....

සත විසි පහෙ රතු පාට ග්‍රොසරි උරෙ තිබුන සියඹලා ටොපි අහුරෙන් දෙකක් තුනක් ගත්තු මම ඉතිරි ටික ආපිට අප්පච්චි අතට ගුලිකෙරුවා ...

මේක කොල්ලට ගෙනියන්න අප්පච්චි ....අනේ අප්පච්චි අම්මට කියන්නකො අද රෑට එකාට පනුබේත් දෙන්න කියලා ...අම්මා නැති හන්දා මං දරුවට දුන්නෙ නෑ ...

යන්න හදපු අප්පච්චිට මං ආයම කිව්වා පුංචි එකාට පනු බේත් දෙන්න කියලා ...අම්මත් නැති තැන කැම වලින් කොල්ලව පරිස්සම් කරන්න නොතේරුම් කමට මම නොදී උන්නා.....

අවසානෙදි ටොපි දෙකතුනක් අතට දුන්න අප්පච්චි යන්න යනකොට ටිකට් කවුන්ටර් එකෙන් කොටුවට ටිකට් එකක් ගත්තු මම කෝච්චිය එනකන් බලන් උන්නා.....

අග්නි.....

රත්තරන් පාට ටොපි කොලේ ඇගිලින් වලින් ලෙහිලා යනකොට මට අග්නිව මතක් උනා...එයා කිව්වා මට යන්න එයා එන්නම් කියලා ....එත් කොහෙන් එයිද ...කොහොම එයිද.....මොන වේසෙන් එයිද .....

මගෙ හිත ඇතුලෙ ආයමත් ප්‍රශ්න වැලක් දලු දානකොට මං බලාගන රතු පාට යකඩ යකා දෙපැත්තට පැද්දි පැද්දි ලැසි ගමනෙන් එනවා ....

ටකස් ටකස්.....ටකස් ටකස්.....

කන් බීරි කරවන සිල්ලූඩි හෝන් සද්දෙ මාව පහු කරන් යන්න ගිහින් නවතිනකොට මං කෝච්චියට නැගලා ඉදගත්තා ....

එයා ඒවි....

එයා කොයි මොහොතේ හරි ඒවි.....

එයා කොහෙන් හරි ඒවි....

එයා කොහෙන් හරි ඇවිදින් මගෙ මැනික....මගෙ ශිවන් කියලා මාව තුරුල් කර ගනීවි කියන සිතුවිල්ල මගෙ හිතම වහගන්නකොට වමනෙ හලලා තෙහෙට්ටුවෙන් උන්න මට දෙපැත්තට පැද්දි පැද්දි ගෙන්දගම් පොලවට ඇදෙන කෝච්චියෙ ජනෙල් වලින් ආව හුලගට මගෙ ඇහි පිහාටු පහලට බරවෙන්න ආවා...

මෙච්චර වෙලාම පායලා තිබ්බ ඉර වලාකුලු අස්සෙ හැංගීගන යනකොට මම නිදා වැටුනා...කෝච්චි පෙට්ටියෙ උන්න සෙනග එකා දෙන්නා....එකා දෙන්නා අඩු වැඩි වෙවී ඉදලා අවසානෙදි මම ඉතිරි වෙන්න මුලු කෝච්චි පෙට්ටියම හිස් වෙලා යනකොට ඉස්සරහා පැත්තෙන් ඇහුන හෝන් සද්දෙ එක්ක මෙච්චර වෙලාම නිදා වැටුන මම ඇස් දෙක පියා ගත්තා .....

ටකස්....ටකස්....ටකස්....ටකස් .....

ම්ම්ම්ම්ම්.....හ්.....ම්ම්..

"මගෙ පැටියා දොයියෑවද ම්ම්ම්ම්...."

අග්.....දෙ....වියනෙ....අග්...නී..

මගෙ උගුරකට වේලිලා ගියා ....කොටිම්ම මාව කරකවලා ඇතෑරියා වගෙ උනා ....

අග්නි.....ඒ වෙන් කවුරුත් නෙවෙ අග්නී...

ගොම්මනත් පහු වෙලා.....කෝච්චි පාරක්....මහ පාරක් ....මනුස්ස පුලුටක් මොකුත්ම නැති කට්ට කලුවරේක ඉදන් කෙදිරි ගාන් ඇස් ඇරපු මම කෝච්චි පෙට්ටියෙ ඉදන් ඇහැරෙනවා වෙනුවට අහැරුනෙ අග්නි ගාව ඉදන් ...අභාගෙ පිටෙ ඉදන් වෙනකොට සත්තයි මට පිස්සු හැදෙන්න ආවා.....

අග්නී....අනේ....අග්නී..

"....."

ඔයා....ඔයා කොහෙන්...කොහොමද ...අග්

..නිමාව ගත්තෙ....අනෙ...

අග්නිගෙ සීතලත් ඒ හුස්මත් අඹාගෙ කුර සද්දෙත් ඇරුනම වෙන මොකුත්ම නෑහෙන කොට මොකුත්ම නොපෙනෙනකොට මං කෑ ගැහුවා ...

"උඹව වැටේවි ..."

ඒ අග්නිගෙ වචන එයා කියන් නෑ....එයා කටක් හොලවන්නෙ නෑ මාව කොහෙන් කොහොම ගත්තද කියන්න එයා කටක් හොලවන්නෙ නැතිවෙනකොට එහා මෙහා ගිය මාව වැටෙන්න යනවා එක්කම මෙච්චර වෙලා අශ්වයගෙ තෝන් ලනුව අල්ලන් උන්න අග්නි එයාගෙ හයිය අතක් මගෙ ඉන,වටේ යවලා මාව තුරුල් කර ගන්න ගමන් මොකුත් නොකියම මගෙ බෙල්ල පිටිපස්සට හාදුවක් තිබ්බා ...

"උඹගෙ මනුස්සයා අග්නි කියලා අමතක උනාද...තව චුට්ටක් නිදියපන් මැනික...ගමන දුරයි....උඹට තෙහෙට්ටුයි ...මහ රෑ දොලහා පහුවෙන්ඩ කලියෙන් මං උඹව අරන් යන්නම්...."

අනෙ...හ්...අග්..නි....වැටේවි...

"මං උඹව කවදාවත් වට්ටවනවද මගෙ ශිවන් ....?"

එයා මගෙ කනට කෙදිරුවා ...මහ රෑ දොලහා පහුවෙන්න කලියෙන් මාව අරන් යන්නම් කියපු එයා මාව පුලුන් කැටියක් වගෙ එක පාරම එයාගෙ පැත්තට මූන හරවලා ඉන්දවගන්නකොට මට කෑ ගැස්සුනා ....

අග්නී.....

"ම්ම්ම්...."

මූන නොපෙනුනත් අග්නිගෙ සුවද මගෙ නාස් කුහර අස්සෙන් එයාගෙ පැත්තට මූන දාලා ඉන්දවන් උන්න මාව එයා එක අතකින් තුරුල් කරගන්නකොට මං මගෙ අත් දෙකෙම එයාගෙ අත් යටින් දාලා තුරුල් කර ගත්තා ....

පායලා තිබුන හදේ එලිය වලා කුලු අස්සෙන් එලි බහිනකොට නමක් ගමක් නොදන්න මහ කැලෑවට දෙබෑ කරන් අභාගෙ කුර මහපොලවෙ හැප්පුනා ...

මම ඉන්නෙ යතාර්තෙ ඇතුලෙද...මනක්කල්පිතයක් අස්සෙද කියලා හිතා ගන්න බැරි උනත් අග්නි ඉන්න හැමතැනකම හුස්ම ගන්න ආස මම එයාගෙ පලල් පපුවට මගෙ මූන හේත්තු කරගන්නකොට මට නිදියපන් මගෙ මැනික කියපු මගෙ ආදරනීයම යක්ශ ආත්මය හෙට කෙම්මුර මගෙ මැනික කියන ගමන් මට ඇහෙන්න මුමුනන ගමන් අභාට ජහප් ගාලා කෑ ගැහුවා .....

"හෙට කෙම්මුර මගෙ මැනික....

ජහප්....!!!!"

මේ...ජොබීත තෑගි දෙකක් හම්බුනානෙ...

අයි අයි....

සෙනාරි නංගිට වගේම තාරක්කට ස්තූතියි ගොඩාක් ඔය දෙන්නගෙ වෙලාව අග්නි වෙනුවෙන් ව්‍ර්න් කෙරුවට වගේම ආදරනීය තෑග්ගක් දුන්නට

ජොබී පුතාත හරී....යට සතුටුයි අප්පා...

හෙට යෙවීන් එක්ක එන්නම්...මේ ලමයට අද වැඩ තිබ්බනෙ නොසෑහෙන්න...

ගුත් නයිත් මගෙ කාවයි පැන්ඩම් එකට.....

ජොබී බුජි....ඔය ලමයිබුත් බුජියන්න.....

මම

ජො.බි.මු.ක.හ.කැ.පියෝනියා🤭🤭

Ferdeesha ❤️💚😘 ..

.

More Chapters