LightReader

Chapter 68 - 68

අග්...නී....

"එපා....අල්ලන්න එපා මාව .....අල්ලන්න හිතන්නවත් ...එපා.....හරි....අල්ලන්න හිතන්නවත් එපා.....මරලා දානවා.....එක ඇගිලි තුඩකින් වත් මගෙ මූන ඇල්ලුවොත් මම උඹගෙ ඔලුව අර කලු ගලෙ ගහලා පොඩි පට්‍ටම් කරනවා...මොකද.....මැරුනත්...මට දුකක් නෑ....උඹගෙ බැදීම කොයි තරම්.ගැඹුරුද කියනවා නම්....මැරුනත්....උඹ අයිති මට....ඉතින්....උඹගෙ අම්මා තාත්තට උඹව නැති කරන්න ඕනෙ නැති නම්....පාඩුවෙ ඉදපන්....ම්ම්ම්"

එයා මගෙ අත අහකට කෙරුවා.....ඇත්තටම කෙරුවා කියනවාට වඩා....එයා මගෙ අත අනිත් අතට තල්ලු කෙරුවා කිව්වා නම්.....අන්න ඒකයි දෙන්න පුලුවන් හරිම වචනෙ....එයා මට කිව්වා මරලා දානවා කියලා .....අර කලුගලේ ගහලා කිව්වා කිව්වත්...ඇස් හරවන හැම තැනකම තිබුනෙ කලු ගල් වෙනකොට අග්නිට අහුවෙන්නෙ මොකේද මගෙ ඔලුව ඒකෙ ගහයි කියලා හිතුනා ....

මම අහක බැලුවා....එයා උන්නෙ ඒ සර්වාංගෙම බර මගෙ ඇගට දීලා වෙනකොට මට හුස්ම අල්ලන්නත් බැරි උනත් මට ඒ මූන දිහා බලලා අනේ අග්නි උඹ බරයි කියන්න....මට බෑ එ රතු වෙච්ච අස් දිහා බලන් අනේ අග්නි....මට සමාව දියන් කියන්න....

මම ඇස් කොන් හරවලා බැලුවා .....එයා මාදිහා බලන් ඉන්නවා.....එකම වචනයක්....එකම ඇස්පිල්ලමක් නොගහම ...

" මට තවත් අග්නි කෙනෙක්....තවත්.....කාලි කෙනෙක් මේ ලෝකෙට ගේන්න ඉඩක් තියන්න එපා ශිවන් ....මට ඕනෙ නිඛිල් කෙනෙක්.....හුරතලේට අප්පුච්චියේ ගගා වැටි වැටි දුවන එකෙක්.....කොච්චර බලගතු උනත්....මිනිස්සුන්ගෙ ඇස් වලට වහන් වෙන්න හදන එකෙක් නෙවෙ...මට ඕනෙ නිඛිල් කෙනෙක්....අනිත් උන් වගේම දුව පැනලා හිනා වෙන.... නැතුව මම වගේ එක තත්පරෙන් හැම දේම අලුවෙන්න ගින්දර තියන එකෙක් නෙවෙ..."

එයා මගෙ මූන දිහා බලලා ඇගෙන් බැස්සා....බැහැලා මට එහාපැත්තෙන් දිගා උනා ඉන පටිය ගැලෙව්වයින් එයාගෙ ඇදුම සම්පූරනම බුරුල් වෙලා හැම තැනම විසිරිලා තිබුනා ....මම නිරුවතින් ඉන්නකොට එයා අඩ නිරුවතින් උන්නා....

ඒ පපුව උස් වෙනවා පහත් වෙනවා..හැබැයි ඒ හැම හුස්මක්ම පුදුමාකාර තරම් බරයි...මං නිකන් තටු තිබිලත් පියාඹන්න තහනම් උන කුරුල්ලෙක් වගෙ....කට තිබුනත් කතා කරන්න අවසරයක් තිබුන් නෑ.....

"මං කල්පනා කරන්නෙ එක දෙයයි .....මෙච්චර ආදරේ දීලත්.....කොහොමද උඹට එක වචනෙකින් මාව අවිස්වාස උනෙ කියලා .....උඹ දෙවියෙක් නෙවෙ ..දෙයියන්‍ට උනත් ඔය කියන පමාවට තේරුම් ගන්න බැරිව ඇති.....ඒත්....උඹට මන එනකන් ඉවසන්න තිබුනා .....උඹ කොහොමද ශිවන් ...මම එන්නත් කලින්.....මම නැතිවම නඩුව විභහග කරලා තීන්දුව දෙන්න හැදුවෙ ...මම නැතුව උඹ කොහොමද මාව අතාරින්න හිතුවෙ වත්...???"

අනෙ අග්නි....

"නවත්තපන් ....උඹ දන්නෙ හැමදාම කදුලු වලින් ජය ගන්න...උඹ කරන්නෙ උඹගෙ කදුලු ඉස්සරහා මාව අසරන කරලා මගෙ ආදරේ උදුරගන්න එක.....මම හැමදාම තරහ යන වාරයක් ගානෙම කියනවා උඹව මරනවා කියලා .....ඒත්.....උඹ නොදන්නවා උනාට...උඹ මාව මරලා ඉවරයි ශිවන්...උඹ මට කලියෙන් ඉස්සර වෙලා ඉවරයි ..."

එයාගෙ වචන ඉස්සරහා මට යන එනමන් නැති උනා..... එයාගෙ වචන ඉස්සරහ මගෙ ආත්මයම නන්නත්තාර වෙලා ගියා .....මට වචනයක් කතා කරන්න ඉඩ නොදුන්න එයා දිගටම කතා කෙරුවා ...මං එයාව මරලා දාලා ඉවරයි කිව්වා ...

"උඹ හිතන්නෙ මැරෙනවා කියන එකේ තේරුම ගැහෙන හදවතට නතර වෙන විතරමයි කියලද ශිවන් ....??උඹ මැරුන තැනම මමත් මැරුනා ....උඹ ආයම ඉපදෙනකන් බලන් ඉදලා මම මැරුනා ...උඹ තව එකෙක්ට ආදරෙ කරන හැටි බලන් ඉදලා මං ආය ආය මැරුනා ....එහෙම බලන් ගියහම මන් උඹව මරලත් මදි මගෙ ශිවන් ...."..

මම ගොළු උනා .....ඉවසීම නැති කම හැම දේම මගෙන් උදුර ගන්න හදනකොටම මං ඉක්මනට එයාගෙ පැත්තට බර වෙන්න හැදුවත් එයා නෙවෙ ඒකට ඉඩක් දුන්නෙ ...එයා නෙවෙ මගෙ හුස්මක් එයාගෙ ඇගට වදින්න දුන්නෙ.....එයා නෙවෙ මාව ලගට ගත්තෙ....වෙනදට මගෙ හෙලුව ඉස්සරහ උමතු වෙන එයා අද ගැගීම් මැරුන ගානට උන්නා .....වෙනදට කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද හිතෙන තරමට හාදු තියන එයා අද හාදුව පවා ප්‍රතික්ශේප කෙරුවා .....

මට අහන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනකොට මගෙ ඇස් අඩන්න හැදුවා ...

"මං උඹට මැරීගන ආදරේ කෙරුවා ශිවන් ...."

අග්නි .....

ඒ ඇස් කොන්වලින් කදුලු බින්දුවක් කඩාගන වැටෙනකොට අනෙ මං නොසෑහෙන්න බය උනා ....මගෙ පපුව ගැහෙන්න ගත්තා .....එයා වෙනදට කියන්නෙ මං උඹට මැරෙන්න තරම් ආදරෙයි කියලා උනත්.....අද කිව්වෙ ආදරේ කෙරුවා කියන එක වෙනකොට මගෙ හිත ගැස්සුනා ...එයා තව දුරටත් මට ආදරේ කරන්නෙ නැද්ද ...?????

මෙච්චර වෙලාම ඇද වියල දිහා බලන් උන්න එයා මගෙ දිහා බැලුවා ....රතු වෙච්ච ඇස් කොන්වල වේදනා නහර ඉලිප්පිලා තියනකොට එයා මගෙ මූන දිහා මිසක් බෙල්ලෙන් පහලට නිකමට වත් ඇස් ගෙනිච්චෙ නැති වෙනකොට එයා ලාවට හිනා උනා...වේදනාත්මක හිනාවක් ...වේදනාව ඉහලටම ගියපු වේදනාත්මක හිනාවක් ...

උමතුවෙන් ආදරේ කරපු අග්නිගෙ වේදනාවෙන් උමතු උන හිනාවක්....මට ඒක දරන්න අමාරුම තැන මම නැගිට්ටා ...නැගිටලා ඉදගත්තා ....

අග්නී.....ඇයි....අග්නි...

" මම උඹට මැරීගන ආදරේ කෙරුවා ශිවන්....මම උඹට හිතන්න අමාරු වෙන තරමට ආදරේ කෙරුවා ....මම උඹට පිස්සුවෙන් ආදරේ කෙරුවා ....මම උඹව මරාගන්න තරම් ආදරේ කෙරුවා ....ඒත්.....ඒත් දැන් මට මහන්සී ... .."

අ....ග් ...නී...

ඒ ඇස් වලින් ආයමත් කදුළු බින්දුවක් වැටුනා ...එයා හිනා උනා....මෙච්චර වෙලාම වේගෙන් උස් පහත් උන පපුව අවසානෙදි සැරින් සැරේ ගැඹුරුන් ගැඹුරටම හුස්ම අල්ලනකොට මට බය හිතුනා.....මට කෑ ගහන්න හිතුනා...

" දැක්ක පලවෙනි දවසෙම නොදන්න ගානට ගියා නම්...හොදයි කියලා හිතෙනවා... ..උඹ මගෙ නෙවෙ කියලා හිතෙනවා නම්...හොදයි කියලා හිතෙනවා.. .උඹව මම දන්නෙ නැහැයි කියලා හිතෙනවා නම් හොදයි කියලා හිතෙනවා ...කොටිම්ම....උඹ මගෙ කවුරුතම නෙවෙ කියලා හිතෙනවා නම්...හොදයි කියලා හිතෙනවා...මොකද...මේ ආදරෙ යකෙක්ට උනත් උහුලන්න බැරි තරන් බර වැඩියී...උඹ මාව ආය ආයම මරා ගත්තා ශිවන්..."

.අනේ .. අග්නී...අනේ...අග්නී.....ඇයි...අග්නි....අනෙ මට සමාවෙයන්කො මගෙ අග්නි ...අනේ....මට...මට...සමාවෙයන්...මගෙ අග්නි...අනේ....අග්නී...හ්.....අනෙ ඇයි මගෙ අග්නි මේ....ඇයි ඇයි....අයි කියපන්කො.....ඇයි කියපන්කො.....ඇයි ....

මම අග්නිට ගැහුවා ....මම අග්නිගෙ පපුවට ගැහුවා . ඇයි ඇයි කියලා අහන ගමන් අත මිට මොලවලා ගැහුවා ....එයා ඊලගට කියන්න හදන වචනෙ අහන්න බැරි බයටම මන් අග්නිගෙ ඇගට පුලුවන් තරම් අත මිටිමොලව මොලව ගැහැව්වා ....ඒත් එයා

නෙවෙ වචනයක් කිව්වෙ ....එයා නෙවේ මගෙ කදුලු මායිම් කෙරුවෙ ....එයා මට ඇති තරමක් ගහන්න දුන්නා ....ගහන්න දීලා දීලා අවුරුදු මාව ඇදලා අරන් තුරුල් කරගත්තා ....

"උඹට මෙච්චර ආදරේ කරන මාව අවිස්වාස කරලා ඇයි මාව මරා ගත්තෙ.....උඹ එනකන් බලන් උන්න මාව ඇයි අතාරින්න ඕනා කිව්වෙ..."

පෙම් කරපු හිත් දෙකක අවුළුවා

දුක් ගින්න

උඹ හින්දා උනේ මට කල්පයක්

තනි වෙන්න

ආදරෙන් ඌ රැකගත්තු ඇතුට දී

රා බොන්න

මරා දැම්මෙ මගෙ ආදරෙ

හිතාගෙන දුව දෙන්න...

යකෙක් උනු මං යැද්දා දෙවියන් ,

උගේ පණ යලි ගන්න

එකෙක් නෑ බං ඇහුවෙ මගේ දුක,

උනේ කදුලැලි බොන්න

මැරෙන්නට පෙර ඉල්ලුවේ ඌ

ඉපදිලා යලි මගෙ වෙන්න

දුටුව මොහොතෙම ඌට දුන් හිත,

මං මලත් බෑ යලි ගන්න....

යකෙක් වූ මට මිනිසෙක්ව ඔහු

මුළු හදින් පෙම් කරන්

පෙරුම් පිරුවා මගෙ වෙන්න ඔහු

හීන කඳු ගොඩ ගහන්

බොරු කලේ නෑ මමත් ඇත්තට

පෙම් කලා තුරුලේ හොවන්

ඒකමයි දිවුරුවේ මට මං බලන්

ඉමි ඔහු එනතුරු හොයන්

(අග්නි)

(අග්නිගෙ ආදරේ ආදරනීයව අකුරු කරපු නෙතූ අමන්දා නංගි ස්තූතියි ඔයාට ගොඩාක් 😘😘😘❤️❤️❤️❤️❤️)

අග්...නි. ...ඇයි මගෙ අග් ..නි මේ.....අනෙ ...ඇයි අග්නි...

එයා මාව තුරුල් කරන් ඉන්න ගමන් මගෙ ඔලුව අතගෑවා ...මාව ඕනාවටත් වඩා තද කරගත්තා ....එයාගෙ මේ හැසිරීම මාව පිස්සෙක් කරන්න එනකොට බැරිම තැන මං එයාගෙ උරහිස පවා හැපුවා .....

"ශිවන්.....උඹට මාව අතාරින්න ඕනා කිව්වා නේද.....ම්ම්ම්...."

අග්නි.....න්....නෑ....නෑ අග්නි.....අග්නී....නෑ....අග්නීහ්....මට උඹ නැතුව ඉන්න බෑ...අග්නී...මට මට....

මට හුස්ම අල්ලන්න බැරි උනා එයාගෙ එක වචනයක් හින්දා හින්දා මට හුස්ම අල්ලගන්න බැරි උනා....එයා මගෙන් මට එයාව අතාරින්න ඕනා කිව්වා නේද අහනකොට මං අග්නිව පෙරලගත්තා .....

"ශිවන්.....මේක නවත්තමු.....මට මහන්සී .....කල්පයක් බලන් උන්නත්.....උඹ මාව අවිස්වාස කරන තැන මට ජීවිතයක් නෑ...අපි මේක නවත්තමු....උඹ නිදහස් ..උඹට ඕන නිදහස මේකනෙ...උඹව මං අතාරිනවා ...මගෙ ආදරනීයම අධීර.....මගෙ ආදරනීයම ශිවන් ....මං උඹව නිදොස් කොට නිදහස් කරනවා .....අදින් පස්සෙ අග්නි අමරේන්ද්‍රන් එක්ක උඹට සම්බන්දයක් නෑ...."

අග්නී...හ්හ්...

අනේ අග්නී...අනේ අග්නී....අග්නී...අග්නි....මගෙ රත්තරන් ...අනේ මගෙ වස්තුව ... අග්නි මාව. ....අනෙ....වදින්නම් ...වදින්නම් වදින්නම්.....අනේ අග්නි ..

මං අග්නිගෙ අත් දෙකෙම්ම අල්ලගත්තා .....එයා මේක නවත්තමු කිව්වා .. .මාව නිදහස් කරනවා කිව්වා අදින් පස්සෙ අග්නි අමරේන්ද්‍රන් එක්ක සම්බන්දයක් නැ කියනකොට මට මගෙ ලෝකෙම කකුල් දෙක ගාව කඩන් වැටුනා හා සමාන වේදනාවක් දැනෙනකොට මට කතා කරගන්න වචන නැති උනා...එයා මගෙ අත අතෑරලා ඇදෙන් බැස්සා.....

අනේ අග්නී...අනේ...දාලා යන්න එපා...දලා යන්න එපා අග්නී..මං උඹ නැතුව කොහොමද ඉන්නෙ මගෙ අග්නී....මමඋඹ නැතුව කොහොමද ඉන්නෙ....

"........"

අනේ...අග්...අග්නී...එපා....යන්න එපා...හ්..අනේ...අග්නී...අහපන් යකො....මාව දාලායන්නෙ ඇයි...ඇයි කියපන්.....ඇයි...මට මෙහෙම කරන්නෙ ඇයි කියපන්...අග්නී....

අඩලා විසදගන්න බැරිම තැන මම කෑගැහුවා.....මම යටගිරියෙන් බෙරිහන් දුන්නා....ඉවසගන්න බැරිම තැන ඒ කම්මුල් පුපුරන්න තරන් වේගෙන් ගැහුවා....ඒත් අග්නි නෙවෙ....අග්නි නෙවෙ මගෙ වේදනාව මායිම් කෙරුවෙ ....අග්නි නෙවෙ මගෙ කදුළු මායිම් කෙරුවෙ ...ඇගේ ඇදිවත නැති මම එයා මාව දාලා යයි කියන බයටම ඇද රෙදි පටලන් අවසානෙදි පිස්සෙක් ව්ගේ ගහපු කම්මුල් අත ගෑවා...අත ගගා උමතුවෙන් වගේ අඩ අඩ හාදු තිබ්බා....

අග්නී...අග්නී..මේ අහන්නකො...මේ අහපන්කො...මගෙ රත්තරන්...මේ අහපන්කො ...මගෙ වස්තුව...උඹගෙ....කොට මගුලට.....උඹගෙ....කොට...කොට මගුලට.....උඹ නැතුව....ඉන්න බෑ....ඉන්න බෑ....කියන්න උඹ දන්නවා....උඹ...දන්නවා නේද...මගෙ....රත්තරන් ....අග්නි.....

........

මම ඇඩුවා...අඩ අඩ ඉකි ගගහා ඒ මූන අත ගගා කතා කෙරුවා ....ගහපු තැන් හපපු තැන් පිස්සෙක් වගේ අත ගෑවා...එයාව ඇදගන ඇදට යන්න හැදුවා ....එයාව තුරුල් කර ගත්තා .....එයාගෙ ඇගේ නගින්න හැදුවා ....ඒත් ඒ අත් අද මගෙ වටේ එතුන් නෑ... .....ඒ ඇස් අඩුම ගානෙ මා දිහා බලලා ගැස්සුනේ වත් නෑ...

අග්නී....මං...මං...මගෙ පන වගේ ආදරෙයි ....මගෙ පන ඉල්ලපන්.....අග්නි...මං දෙන්නම්.....මට...උඹව නැති කරන්න එපා....වදින්නම්....වදින්නම්...මාව....අතාරින්න එපා...අතාරින්න....එපා...අග්නී....අනේ.....රත්තරන් ....වදින්නම්...බුදුන්ට එකතු කරන අත් එකතු කරලා වදින්නම්....

මන් උඹට ආදරෙයි.....

මං උඹට නොසෑහෙන්න ආදරෙයි.....

මම..අනේ.....

ඉවසලා ඉවසලා...බැරිම තැන.....දරගාන ඉදලා උහුලලා බැරිම තැන මම අත් එකතු කරල වැන්දා....දාලා යන්න එපා ගගා වැද වැටුනා...

මාව දන්නෙ නැති විදිහට උන්නා නම් හොදයි කියන වචන මතක් වෙනකොට මට උහුලන්නම බැරි වේදනාව එක්ක මම අග්නිගෙ අත් අල්ලගත්තා ...අත් එකෙතු කරලා වැන්දා....අවසානෙදි ඒ කකුල් ගාව වැද වැටුනා... 

මගෙ....අග්නි.....මට උඹ නැතුව බෑ....අග්නි...

අග් ....නී...දාල....යන්න...එපා....මගෙ....අග්නී....

මම ඉකි ගැහුවා...පපුවටත් දරාගන්න අමරු තරන් ඉකි ගැහුවා.....අදින් පස්සෙ උඹ නිදහස්.....

ඒ වචන මාව නොමරා මරනකොට මම මාව දාලා යන්න එපා කියලා වැද වැටුනා...

ඇස්වලින් වැක්කෙරෙන්නෙ කදුලුද නැති වතුරද ....???

ඇරුනෙ කදුළු නාලිකද...නැතිනම්.....වතුර බටයක්ද.....????

මේ හැහීම් හරි බරයි දෙවියනෙ.....

විරහව හරි බරයි....

හිතා ගන්න බැරි තරමට මගෙ ඇස් වලින් කදුලු වැටුනා...මාව මරපන්...මම දාලා යනවා....මට යන්න දෙන්න කියපන් කියපු මමම අවසානෙදි අග්නිගෙ කකුල් ඉස්සරහා මාව දාල යන්න එපා අග්නී...මාව දාලා යන්න එපා අග්නී ගගා අඩනකොට අග්නි ගහක් ගලක් වගේ උන්නා....

අඩලා දොඩලා බැරි තැන මම අග්නිට කෑ ගහන්න ගත්තා බනින්න ගත්තා....වේදනාව ...තරහවකට පෙරලෙනකොට මම අග්නිට නොහොබිනා කතා කියන්න පටන් ගත්තා ...හරියටම දැන් කාලෙ යාලුවෙලා ඉන්න කොල්ලො කෙල්ලෙ තරහා උන ගමන් බ්ලැක් මේල් කරනවා වගේ...ඵොටෝ ලීක් කරනවා වගේ.....එක එකාට පාවා දෙනවා වගේ මම කෑ ගහන්න ගත්තා ...උමතුවෙන් බෙඑඉහන් දුන්නා.....මුලු කාමරේම බඩු මුට්ටු පහන් පොලවෙ ගැහුවා....ඒත් අග්නි නෙවෙ වචනයක් කිව්වෙ....

මාව දාලා යනවා කියන වේදනාව...මාව අතාරිනවා කියනකොට අග්නි නැතිව ජීවත් වෙන්න තියන බය මාව උන්මන්තකයෙක් කරනකොට මාව දාලා තෝ අරකි එක්ක මගුල් අහන්න යනවද කියන එක මම දත් මිටි කාගන ඇහුවා....

මට කියපන්...උඹ මාවයි ලමයවයි දාලා අර අම්මන්ඩි ගාවට යන්න යනවද.....

.......

උත්තර දිපන්....උත්තර දීපන් යකො.....උඹ අරකි එක්ක මගුල් අහන්ඩද මාව දාලා යන්න හදන්නෙ... යමන්.....කමක් නෑ...යමන්.....උඹට මාව මදිනෙ....එක පාරක් මරාගත්තු එකේ...මේ පාරත් මරගනම පලයන් අග්නි....මේ පාර මාව පොලවෙ ගහන්න එකෙක් නැත්තන්...මට වහ ටිකක් කවපන්.....ඔය අත් වලිම්ම මගෙ බෙල්ල.මිරිකපන්...අවලමා....උඹ මාව මාව.....රැවැට්ටුවා .....උඹ මාව...රැවැට්ටුවා අග්නී...උඹ...මාව

මම ආයම එයාට ගැහුවා...එකක් නෙවෙ ගනින්න බැරි තරම් ඒ කම්මුල් වලට ගැහුවා...උහුලන්න බැරි කතා කිව්වා.....අමනයා අවලමා....කියකියම බැන්නා....වෙසගනක් එක්ක යන්න තරම් මගෙන් උන අඩුපාඩුව මොකක්ද අහ අහ බැනපු මම අවසානෙදි බිම ඉදගත්තා .....ඉදගන ඔහේ උන්නා...

කෑ ගහලා...කෑ ගහලා ...හිතේ දුක වේදනාව පිට කරගන්න තැනකන් නැති මම එයාට බැනලා බැනලා අවසානෙදි පිස්සෙක් වගේ බිම.ඉදගත්තා .....

මාව දාලා යන්න තරම් ...මගෙන් උඹට මදි උනේ ..මගෙ....අදරේද මගෙ අග්නී.....?

මගෙ...අග්නි....මට..මට..සමාවෙයන් ....කියපු...කියපු ..හැම වචනෙකටම මට සමාවෙයන්....අනෙ.....අනේ...දාලා යන්න එපා...අග්නි....මම උඹට ගැහුවනෙ....උඹත් ගහපන්...උඹත් මට ඇති තරම් ගහපන්....උඹත්..මට ඇති තරම් ගහලා....වේදනාව පිට දාගනින්...උඹ මට ඕන දඩුවමක් දීපන්...මම විදින්නම්...මාව දාලා යන්න එපා...මගෙ පුතාව...උඹගෙ පුතාව...අපේ...පුතාව....අනේ ඌව අඩවන්න එපා...රත්තරන් ....

මම එයගෙ මූන අත ගෑවා...ගහපු තැන් නිල් වෙල තියනකොට මම එයාගෙ මූන මූනම අතගෑවා.....අවසානෙදි එයාගෙන් හැල හොලමනක් නැති තැන මම මටම ගහගත්තා ....

එයාට ගහපු පාරක් ගානෙම මම මගෙ කම්මුල් වලට ගහගත්තා .....යටි තොල පිපිරුවා.....අල්ල පුපුරු ගගන්න ගත්තා ...එයාගෙ කකුල් ගාව වැටුන වාරයක් ගානෙම මගෙ කකුල් වල දනහිස් වල ලෙලි ගියා .....

ඒත්...අග්නි නෙවෙ එක බැල්මකින් වත් මා දිහා බැලුවෙ.....අවසානෙදි මම මඅ ගහගන....මටම ගහගන හෙම්බත් උන තැන මම හුස්ම ඇල්ලුවා ...

අග්නි.....උඹට මාව දාලා යන්නම ඕනද???

........

කතා කරපන්.....කතා කරපන්....උඹට මාව දාලා යන්නම ඕනද....??

අතුල් පාරවල් වැදුන කම්මුල් පුපුරු ගහලා යටි තොලෙන් එන් ලේ රස කටට දැනෙනකොට අඩලා අඩලා හෙම්බත් උන මම නැගිට්ටා නැගිටලා අග්නි ගාවින් හිටගත්තා ...අඩලා අඩලම...ඉකි ගහලම තැලුන පපුව අමාරුවෙන් හුස්ම අල්ලනකොට .....මම හිනා උනා....මම.අනිත් පාර කෑ ගහලා හිනා උනා ආදරයත් වෛරයත් අතරෙ තියන්නෙ කෙස් ගහක වෙනසක් වෙනකොට මම අවසානෙදි කෑ ගහලා හිනා උනා.....

අග්නි අමරේන්ද්‍රන් ...එහෙනම්.....උඹට මාව දාලා යන්න ඕනා.....හරි .....යමන්....එක පාරකුත් මාව මරාගත්තු උඹගෙ වෙසඟන ගාවට නම් උඹ යන්න හදන්නෙ.....මං ප්‍රාර්තනා කරනවා...

අධීර මහේන්ද්‍රන් උන මම ප්‍රාර්තනා කරනවා....උඹගෙ හීන යතාර්තයක් වෙන දවසට....අනිවාර්යයෙන්ම ඒකි ඉඹ ගාව ඉන්න ඕනෙ කියලා .......

අධීර මහේන්ද්‍රන් උන මම අද...මෙතන ඉදන් ප්‍රාර්තනා කරනවා...උඹගෙ හීන යතාර්වෙන දාට....මම වෙනුවට ඒකි ඉන්න ඕනා කියලා ........

මම උඹට උමතුවෙන් ආදරේ කෙරුවා .....ඒ වගේම....අදින් පස්සෙ.....මම උඹගෙ හීනෙට පන දෙන්න ජීවත් වෙනවා.....මම උඹ ඉල්ලපු නිදහස උඹට දෙනවා අග්නි අමරේන්ද්‍රන් ....

කල්පයක් තිස්සෙ බලන් ඉදපු ආදරෙට කමාවක් නැතුව සදහටම තිතක් තියපන්........

අහලා තියනවද....ආදරේ කරනකොට කවදාවත් හිඩැස් තියන්ඩ එපාය යක්කු පෙරේතයෝ රිංගනවා කියලා ....ඉතින්...උඹගෙ කුවන්නට කියපන්...උඹගෙ ආදරනීයම නැන්දම්මට කියපන්...මේ අධීර....මේ ශිවන්.....උඹගෙ අත අතෑරියා කියලා .......ගිහින් කියපන්.....ඒකි බලන් උන්නා වගේම ඒ අත පටලවන්න පුලුවන් කියලා ...

මම අග්නිට කෑ ගැහුවා....මම අග්නිට තර්ජනේ කෙරුවා .....මම කියන වචනයක් වචනයක් ගානෙම ඒ ඇස් හීනි වෙනකොට මම එයාගෙ හීනෙ යතාර්තයක් වෙනදාට මම වෙනුවට ඒකිව ප්‍රාර්තනා කරනවා කියනකොට එයා දත්මිටි කාගන අහන් උන්නා...

එයා බලන් උන්නා....එයා අහන් උන්නා...කොච්චර වීරයා වගේ කෑ ගැහුවත් පපුව ඇතුලෙ තනිකරම මලගෙයක් වෙනකොට මම අග්නි ඉස්සරහා හයියට ඉන්න හැදුවා.....

අග්නි...උඹ නිදහස්.....වචනයක් කිව්වත් මහ දුරක් හිතන මගෙන් උඹ නිදහස්...

කටට එන හැම දේම කියන උඹ ගාව හුරතල් වෙන්න හදන....ආදරේ කියන දේ ඕනාවටත් වඩා හොයන මගෙන් උඹ නිදහස්.......

උඹට මහන්සී කිව්වා....උඹව මැරුනා කිව්වා.....උඹට අමතක උනා....මුලිම්ම මැරුනෙ මම කියලා .....උඹට අමතක උනා...මුලින්ම උඹව ප්‍රාර්තනා කෙරුවෙ මම කියලා ....

අග්නි...

මම කදුලු පිහිදගත්තා.....පිහිදගන අග්නිගෙ මුලු මූනම අත් දෙකෙන් අල්ල ගත්තා ...

දන්නවද.....අග්නි....සූරිය කාන්ත මල...ඉරට කොච්චර ආදරේ කෙරුවත් ..ඉර හැරෙන හැරෙන පැත්තට හැරුනත්....අවසානෙදි මලට වෙන්නෙ බෙල්ල කඩාගන්න.....හරියටම ...උඹ දැන් මට කෙරුවා වගේ....

උඹ මාව ප්‍රාර්තනා කෙරුවා ..මම....උඹව ප්‍රාර්තනා කෙරුවා ....ඒත්....එක තැනකදි උඹටයි මටයි දෙයක් මග ඇරිලා....හම්බෙන්න ප්‍රාර්තනා කෙරුවට....හිමි කරගන්න ප්‍රාර්තනා කරන්න අමතක වෙලා...කමක් නෑ.....

උඹ යන්න ඕනා කියනවා නම්... යමන්....මම උඹට වැරදි කියන්නෙ නෑ...මොකද ...උඹගෙ පැත්තෙන් උඹ හරි...මගෙ පැත්තෙ මම හරි .....අදින් පස්සෙ කවදාවත් මගෙ හීනවලදි මම වේදනාවක් විදින එකක් නෑ....පහයි කාල වෙනකොට බයේ ගැහෙන මම අදින් පස්සෙ ගැහෙන එකක් නෑ....මට පුලුවන් .....උඹ ප්‍රාර්තනා කරන දේ යතාර්තයක් කරන්න උඹ වෙනුවෙන් වැඩ කරන්න...

ස්තූතියි ....නොසෑහෙන්න...මෙච්චර කල් මාව බලාගත්තට....ආදරෙ කියන වචනෙට හුස්ම පිම්ඹට....මගෙ පුතාට අප්පච්චි කෙනෙක් උනාට....එයාව ආයම ජීවත් කෙරෙව්වට.....

ඉතින් අග්නි...ආයමත් කවදාවත් මාව මේ දෙවොල අස්සෙ දකින්න ලැබෙන්නෙ නෑ....උඹගෙ හීන යතාර්තයක් වෙනදාට....මගෙ ඇස් පනාපිටම මේ අතට ඒ අත පටලවන් ඒකි ඉදීවි.....අන්න එකයි මගෙ ප්‍රාර්තනාව.....

කියවලා කියවලා අවසානෙදි මම.ඇගිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ නලලට හාදුවක් තිබ්බා....

සතුට ප්‍රාර්තනා කරනවා අග්නි....!!!

එයා තවමත් ගල් ගැහිලා ඉන්නකොට මාව දාලා යන්න ගියපු අග්නිව එයාගෙ කාමරේ තනිකරලා මම වහලා තිබ්බ දොර ඇරගන එලියට එනකොට භෛරව් උන්නා...

මාව ගිහින් ඇරපන්...

මම එච්චරයි කිව්වෙ....එතනින් එහා වචනයක් වත් නොකියපු එක බැල්මකින් වත් හැරිලා නොබලපු මම එන්න ආවා

....භෛරව් මගෙ ඉස්සරහින් යනකොට මම එයාගෙ පස්සෙන් ආවා....

" ශිවන්..."

මම හිතන්නෙ හැම දේම වෙලා ඉවරයි.....උඹටයි මටයි කියලා ආය කතා කරන්න දෙයක් නැති වේවි...

මම භෛරව්ව නැවැත්තුවා....මොකද මට ආයම අහන්න දේවල් නෑ....මට කියන්න දේවලුත් ඉතිරි නෑ.....

මග දුරක් ආව භෛරව් මගෙ දිහා හැරිලා බැලුවා...මම උන්නෙ ඇද රෙද්දක් පටලවගන වෙනකොට එයා උඩට ඇදන් උන්න සලුව ගලවලා.මට පෙරෙව්වා ....

" අග්නිගෙ වස්තුව ඉදා වහගනින්....."

උඹට අමතක උනාද.....මම අග්නිගෙ නෙවේ....

".....මුරන්ඩුයි....උඹලා දෙන්නම එකයි..."

.

ඒ ගැන හිතන්න එපා භෛරව් ...අතාරින්න ඕනා කියනකොට මම නවත්තන්න හැදුවත් එයාට මගෙ වේදනාව නිවන්න එක වචනයක් කියන්න බැරි උනා.....මට සමාවෙයන් මටත් උඹව ඕනා කියලා කියන්න බැරි උනා....ඉතින්...කල්පයක් ප්‍රාර්තනා කෙරුවත්....අවසානෙදි කුවන්නා ඇවිදින් කිරි කලේට ගොම බින්දුවක් දැම්මා .....

මම හිනා උනා .....ගෙදර ගිහින් කෑ ගහලා අඩාගන්න ඕන වෙනකොට මම භෛරව්ට මාව අරන් යන්න කියලා අශ්වයගෙ පිටේ ඉදගනම මම එහෙම්ම ඇස් පියා ගත්තා ...

යතාර්තයත් මායාවත් එකට හාමු උන පාරක ගස් කොලන් වගේම අන්දකාර මූසල ගතිය පිරුන පාලු පාරක භෛරව් මාවත් අරන් එන්න එනකොට මට දරන්නම බැරි තැන අවසානෙදි භෛරව්ගෙ පපුවට ඔලුව ගහගත්තා .....

ඇයි ....මට මෙහෙම...කෙරුවෙ ....භෛරව් ....ඇයි...මට ...මට මෙහෙම වේදනාවක් දුන්නෙ ...

අඩලා අඩලා අඩන්න කදුලු නැති තැන අවසානෙදි මං ඒ පපුවට මූන ගහන් මුමුනලා මුමුනලා අවසානෙදි ආයමත් පියවිලෝකෙදි ඇස් ඇරියා .....රෑ වෙලා.....

ගොරකා කැලේ වැටමායිමේදි මං ගේ දිහා බැලුවා ...

"දවසක හැමදේම හරි යාවි .....".

.

හැම දේම හරියන දවස එනකොට මගෙ හුස්ම නැති වේවි.....ආදරෙන් උන්න කට පුරා හිනා උන දවස් විතරක් මතක තියා ගන්නන්.. .අදින් සතියකට පස්සෙ තියන නැකතින් මං වරම ගන්නවා ....එතන ඉදන් මං උඹ වගේම අග්නි වෙනුවෙන් ප්‍රාර්තනා කරන්නම්....දැන් යන්න පුලුවන් ....

මම ඉන් එහා වචනයක් නොකියම හැරුනා ...පයට පෑගෙන තනකොල වල තෙත ගතිය එක්ක මං ඇවිදින මලකදක් වගේ එන්න ආවා.කොච්චර කොහොම උනත් අග්නි ඉන්න දේවාලෙ ගාවදි මගෙ පපුව හත් කඩකට පැලිලා යන්න එනකොට අසනීපෙන් ඉන්න අම්මා අප්පච්චිගෙ ඇස් වලට වහන් වෙලා ගෙට වැදුන මම වරුවෙ තිස්සෙ ශවර් එක යටට වෙලා මගෙ කදුලු වලට එලියට එන්න දුන්නා....

කෝ.....අප්පච්චි දැන් එනවා ඇති මයෙ පුතා අද තාම දොයියෑවෙ නෑ.....අර අත්තම්මාත් බෙයියා බීලා දොයිය පුතා උනා.....

ම්ම්ම්හු...අප්පුච්චියා කෝ.....ත...තීයා.....තා....ච්...චෙ.....

දැන් එනවා ඇති....කෝ මේ කුක්කු එක බීපල්ලකෝ...

..ම්හුක්.....

ඇයි ඉතින් .....

තුත්තා ....න්.....තු...ත්....තාන්...

චුට්ටමා බයි ඇති .

ම්ම්ම්....

චුට්ටමා බයි ඇති 

නාන කාමරෙ ඉදන් ඉදිමුන ඇස් දිහා බකන් ඉන්න මට අප්පච්චිගෙයි මගෙ පුංචි එකාගෙයි කටහඩ ඇහෙනකොට මගෙ පපුව ආයම ගැහෙන්න ගත්තා ....මාව අසරන වෙන් ඒ නම කියාවි කියලා ....අග්ගියෙ කියන නම ඇහුනත් තුන් හිතම ඇවිලිලා යනකොට මම යටි තොල්.හපාගන උන්නා...

ඇති යාන්තන් කිව්වෙ නෑ.....කිව්වෙ නෑ......

ළමයා ආපිට අග්ගියේ ගෑවෙ නැති කොට මම එලියට ආවා...හැබැයි....එක තත්පරයයි අනේ මගෙ කොල්ලා පුරුදු විදිහටම අප්පුච්චියේ අග්ගියේ...හ්හ් ගානකොට සත්තයි මගෙ ඔලුව බිත්තියක ගහගන්න හිතුනා...

අප්පු....ච්චියේ.....අග්..ගියේහ්....

අප්පච්චි ...

මයෙ පුතා...උඹලා කොයි වෙලේද ආවෙ...

අප්...අප්....අප්පුච්චියා....අප්පු....ච්චියේ...ම්හුක්..පුතා...ගෙ....පුතා...ගෙ...ම්හුක්.....අප්පු....ච්චියේ...ඇයි...ලා...නෙ...පුතා...ගෙ

.ලමයව වඩාගන කිරි එකක් ඔට්ටු වෙවී උන්න අප්පච්චි ගාවට ගිහින් කතා කෙරුවා විතරයි අනෙ....මගෙ කොල්ලා මාව කල්ප කාලාන්තරේකින් දකිනවා වගේ පුතාගෙ ගගා වඩා ගන්න කිය කිය අත් දෙක දෙපැත්තට කරනකොට මම ලමයව වඩා ගත්තා ...

උඹලා කොයි වෙලෙද මයෙන්පුතා ආවෙ....ඇහුනෙත් නෑ.....

ආව.ගමන්....නාගන්...න..ගියා අප්පච්චි ....පුදුම තරන් මහන්සී අප්පච්චි බාගෙට මැරෙනවා....

.නැත්තන් දෙයියනෙ....උඹ ඉතුරු වෙයිද.....හිටින් මං කන්ඩ බෙදන්ඩ...කාලා බුදියපන්...

මම උන්නෙ බාගෙට මැරිලා කියලා හිතපු අප්පච්චි කොල්ලව මගෙ අතට දීලා ඉක්මන් අඩි තිය තිය කුසියට යනවත් එක්කම මන් අප්පච්චිට ආපිට කතා කෙරුවා ....

අප්පච්චි ...

මයෙ පුතා .....

මං හෙට ලමයවත් අරන් යනවා

කොහෙද

මං....කොළඹ යනවා අප්පච්චි .....ආය එන්නෙ නෑ...

.......

🙂ජොබික්කා දොයි!!!!

.ආයම කොටසකින් එන්නාම්

මුව පැතියත නින්ද ගීන්ලූ🤭🤭🐷🐷🐷🐷

...

මම

...Ferdeesha ❤️💚😘 ...

More Chapters