LightReader

Chapter 82 - 82

ආහ්... ව්....

මාව වැටුනා...හරියටම ...කතරගම....කදසුරිදුගෙ අඩවියෙ ගේට්ටු කද පාමුලට....කුවන්නා එනවා...මෙච්චර ඉක්මනට කොහොම ආවද...නැත්තන් අනුරූපයක් එව්වද කියන්න මම දන්නෙ නෑ...කුවන්නා එනවා...කෙස් කඩාගන ....තරහවෙන් වෙව්ල.වෙව්ල්.....මම තාමත් ගේට්‍ටුවෙන් එපිට වෙනකොට මට ගේට්ටු කනු පහු කරගන්නවත් පනක් තිබුන් නෑ....

මම....බඩගෑවා.....

අහු උනෝතින් මාව මෙතනින් අරන් යන බව දන්න හින්දම....මාව මරාගන්න බැරි උනත් නොමර හරි මරන දන්න මම බඩගෑවා....

අත පය සීරිනෙවා...මගෙ දනහිස්වල ලෙලි නෑ...මගෙ වැලමිටවල් වල ලෙලි නෑ.....දනහිස් වලින් පහල වෙව්ලනකොට මම අත් වලින් බඩ ගගා....බඩගගා ඇතුලට යාගන්න මම පුදුම විදිහට දත කෑවා....කුවන්නා එනවා....කුවන්න එනවා.....කුවන්නගෙ ඇස්වල තරහව එන්න එන්නම වැඩිවෙනකොට මම දේවාලෙ දිහා බැලුවා.....සංසාරගත ආදරයක් ඉපදුන කද සුරිදු අඩවිය දිහා බැලුවා...මාව මරලා දාපු කද සුරිදුගෙ අඩවිය දිහා බැලුවා.....

නැවතියන්...උඹ යන්න හිතන්නවත් එපා ...නැවතියන් ශිවන් ...නැවතියන්.....උඹට යන්න දෙන්න බෑ....උඹට යන්න දෙන්න බෑ......

අඩියෙන් අඩිය...අඩිය ලන් වෙන කුවන්නා ඇතුලට බඩගාන මා දිහා බලාගන පුපුර පුර මට යන්න දෙන්න බෑ කිය කිය මා ගාවට එනවත් එක්කම මට හීනෙන් වගේ දම්වැල් සද්දයක් ඇහුනා.. ....

දම්වැල් සද්දයක්...

ඔව්..දම්වැල් සද්දයක් ... ....

සීනු සද්දයක් එක්ක කුංචනාදයක්.....

 

https://www.youtube.com/watch?v=BdiUf3qH_mc

මම ඔලුව උස්සලා බැලුවා ඒක හරි....එක හරි.....දම්වැල් සද්දයක්.....

සීනු සද්දයක්.....කන්පට හොලව හොලව තාලෙට අඩිය තිය තිය එන දල ඇතාව දකිනකොට මට කදුලු පිරුනා වගේම මම බලාගන කුවන්නා නෑ...නෑ...ඒක වෙන්නබෑ කියන්නද කොහෙද ඔලුව වන පස්සෙන් පස්සට යන්න පටන් ගත්තා 

.නෑ....නෑ....ඒක වෙන්න ....බෑ....එක....ඒක....වෙන්න බෑ.....

..ඒක වෙන්නබෑ නෙවෙ....ඒක වෙන්න පුලුවන් ....ඒක වෙන්න පුලුවන්...කුවන්නා....ඒක....වෙන්න පුලුවන් ....

මම අත්වලට අහුවෙන වැලි අහුරු කිටි කිටියට මිරිකගන ඒක වෙන්න පුලුවන් කියලා කුවන්නට කියනකොට කුවන්නග්ව් මූන සුදු මැලිවෙලා ගියා.....පත්තර පිටුවකට එහා ගියා.... මෙච්චර වෙලාම කදුලු හලපු මම කට කොනකින් හිනා උනා.....මෙච්චර වෙලාම පන ඇද ඇද උන්න මම හිත හයිය කරන් නැගිට ගත්තා ....

දල දෙක මතු උන ඇතා දේවාලෙ ඉස්සරහට ඇවිදින් වැදගන එලියට එන්න එනකොට කුවන්නා පිස්සුවෙන් වගේ කෑ ගහන්න ගත්තා නෑ...නෑ....එපා...එපා...ගාගා...කෑගහන්න ගත්තා අත් දෙකෙන්ම ඔලුව බදාගන්න ගත්තා...

උඹට දැන් මරන බය දැනෙනවද කුවන්නා.....උඹට දැන්...මරන බය කොයන්නෙ මොකක්ද කියන එක දැනෙනවද කුවන්නා.....

කාටත් වරදක් නොකරපු මාව අමු අමුවෙම මරලා දම්මන්න තරම්...උඹ වෛරකරපු එකම හේතුව...උඹගෙ දෝනියැන්ද බලාපොරොත්තු වෙච්ච දේ මට ලැබුන එක හින්දා...මාව මරලා දාන්න උඹ එදා තීරනේ කරපු එකම පවක් කුවන්නා...

මයෙ....පුතා...මයෙ....පුතා... අම්මව....අම්මව බේරගනින් ....මයෙ පුතා....

.කුවන්න ඔලුව බදාගන කෑ ගහනවා.....අම්මව බේරගනින් ගගා අඩා වැලපෙනවා.....මගෙ ඔලුව පොඩි කරලා දානකන් බලන් උන්න කුවන්නා අද ඔලුව බේරගන්න මගෙම්ම පිහිට ඉල්ලුවා.....මෙච්චර වෙලාම මාව මරලා දාන්න නැහුන කුවන්නා දෙයියන්ගෙ අඩවියෙදි උමතුවෙන් ලතෝනින්ගහන්න ගත්තා.....

ඒත්...ඇත්තම දේනම්....එ දම්වැල් සද්දෙ....ඒ සීනු සද්දෙ. ....ඒ හැම දේම මායාවක්....ඇස් බැන්දුමක්...එදා නිදහස් වෙලා ගියපු "ලවන්"අවසාන වතාවට කෘතගුන දෙන්න ඇවිදින් ඉන්නකොට උමතුවෙන් කෑ ගහන කුවන්නා ගේට්‍ටුව ඉස්සරහා ඉදන් හූ කියන්න ගත්තා. සාප තියන්න ගත්තා... 

උඹට...හොදක් වෙන්නෙ නෑ . .... .

උඹව මම අතාරින් නෑ...

උඹට කවදාවත් ඒකගෙ වෙන්න දෙන්නෙ නෑ.....

..වැලි අහුරක් අරන් ඔලුවට දාගත්තු කුවන්නා සාප කරනකොට මම නොන්ඩි ගගහා...නොන්ඩි ගගහා දේවාලෙට ඇතුලට එන්න එනකොට අදත් මුරුතැන් බතට අත ගහන සාමිලා උන්නා...මෙතනින් පස්සෙ හෙට දවස වෙනකන් තියෙන්නෙ මට පේ වෙන එක වෙනකොට මම යටි බඩට අත තියාගන හෙමින් හෙමින් ගාටන්න ගත්තා...

කුවන්නා උමතුවේවි....

කුවන්නට දරාගන්න බැරිව පිස්සු හැදේවි.....

මයෙ පුතා.....අම්මා ගාවට වරෙන්....අම්මා...ගාවට වරෙන්...මයෙ පුතා....

තියන අඩියක් අඩියක් පාසාම සර්වාංගෙම වේදනා දෙනකොට මම බලාගන දේවාලෙ ස්වාමිලා පූජාව තියනවා...හදුන් කූරු සුවද සාම්බ්‍රානි සුවද...මේ ඔක්කොම එක්ක මම එහෙම්ම මැනික් ගග දිහාව බැලුවා.....

හෙටින් මේ හැම දේවල් ඉවරයි.....

ඇටගැහුන මම ඇස් දෙක පියාගන හුස්මක් ගත්තා......

.එයා දගලනවා.....

..චුට්ටක් එහාට යනවා....ආයම චූට්ටක් මෙහාට යනවා ...හරියටම ගෙබිපැටියෙක් වතුරෙ පීනනවා වගේ....

ඔයාට එලියට එන්න හදිස්සිද ???

මම මිමිනුවා.....

මට මහන්සී.....

මට දරන්න බැරි තරමට මහන්සී....

බඩ පපුව වේදනා දෙනවා..... ...

මගෙ...අග්නි.....

මම ඉන්නෙ උඹයි මමයි....හම්බුන තැන...

.මගෙ අග්නි...මම ඉන්නෙ....උඹයි...මායි....ආදරෙ කරපු තැන.... ....මම ඉන්නෙ....උඹට මාව නැති උන තැන...මම ඉන්නෙ....ආයමත් උඹගෙම වෙන්න ඕනා කියලා ප්‍රාර්තනා කරපු තැන......

මගෙ අග්නි....මං ..ඉන්නෙ...සංසාරගත ආදරයක්....පටන් ගත්තු තැන....තනියම නෙවෙ...උඹගෙම වස්තුවත් එක්ක.....

.තව පැය ගානයි ...උඹගෙ හිතේ තියන ප්‍රාර්තනාව ඉශ්ට වේවි...අග්නි....

එක හෝරාවක් මට දියන්.. .හුස්මක් කටක් අරගන ..මම උඹ වෙනුවෙන් පේ වෙන්නම්.....

ගිනි පාගපන්ලු.....

කාවඩි නටපන්ලු...

පැහෙන කිරි කල ඔලුවෙ හලාගනින්ලු.....

මේ හැම දේම උඹ හින්දයි මගෙ අග්නි.....

..මේ හැම දේම.....උඹ වගෙම මම හින්දයි .... . ....

.උඹගෙ ප්‍රාර්තනාව මොකක් උනත්....මගෙ ප්‍රාර්තනාව....ආය ...ආයම මම උඹගෙ වෙන එක.....ආය ආයම....මම උඹට ආශරේ කරන එක.....

රන්ඩු කර කර ගහ මරන් හරි....ආයමත් උඹ ගාවින් ඉන්න එක මගෙ අග්නි.....

අග්නී...උඹගෙ...කොට මගුලට මහන්සී....උඹගෙ කොට මගුලට...නොසෑහෙන්න මහන්සී මගෙ.....අග්නී....මැරෙන්න තරම්...මහන්සී...ඒත්....මම...ඉල්ලුවා.....මට අවසානම හුස්ම යවන්න ඕනා උඹ ගාවදි කියලා.....මට අවසානම හුස්ම යවන්න ඕනා උඹට තුරුල් වෙලා කියලා .....

අග්නි....මම..එනකන්....මගෙ නිඛිල්ව බලාගනින් අග්නි.....

මගෙ.....සුදු මහත්තයට කියපන්...අප්පච්චි සමාව ඉල්ලුවා....කියලා ...

මගෙ...සුදු මහත්තයට කියපන්..මෙ...අප්පච්චි ...මැරෙන තරම් ආදරෙයි කියලා ....

මම යටි බඩට වගෙම කොන්දට අත තියාගන මාව පොලවෙ ගහපුතැන...කඩවර දේවාලෙ දිහා බලාගන මිමිනුවා...මට මහන්සී...මට මැරෙන්න තරම් මහන්සී.....මට හුස්ම අල්ලන එක පවා මහන්සී......හිටගන ඉන්නකොටම ඇස් දෙක පියවෙන්න එනකොට මගෙ ඇස් දෙකට තවත් කිසිම දෙයක් බලන්න තරම් මගෙ ඇස් වලට හයියක් නැතිවෙනකොට මං බලාගම කෙහෙවල්ල කඩාගන යටිගිරියෙන් හූ තිය තිය පපුවට ගහගන්න ගැනියක්ව මිනිස්සු දහ දොලොස් දෙනෙක් විතර අල්ලන් යනවා .....එච්චරම තමා මට බලන්න හම්බ උනෙ....යක්කු එක්ක අඩව් අල්ලපු යක්කු එක්ක හුස්ම බේරගන්න පොරබදපු මට තවත් එක තත්පරයක් වත් ඇස් ඇරන් ඉන්න බැරි වෙනකොට මට වටේ පිටේ තියන ඔක්කෝම ගස් කොලන් මගෙ වටේ කැරකෙන්න ගන්නවා වගේ පේනකොට මාව වීසිවෙලා ගියා....

අප්පිලැත්තො ...මේන් මේ හූරව.....

අල්ලගනින්!!!!

ටොක්...ටොක්...ටොක්.....ටොක්...

ටොක්.....ටොක්...

අප්පිලැත්තො ....මේන් මේ හූරගෙ දනහිස් පොල්කට්ටට බදින්ට....

ඉදා...

ම්ම්....හ්.....න්...නි...ඛි....ල්.....

හූරා ....

න්..නිඛිල්.....මගෙ....න්..නිඛි....ල්...

ඇගට දැනෙන උනුසුමත් එක්ක වගේම නන්නාදුනන කටහඩ එක්ක මං කෙදිරි ගාගන ඇහි පියන් අරින්ඩ හැදුවා ...

බෑ...ඇහිපියන් වලට ගම් ගාලා වගෙ...පුපුරන්න එන ඔලුවෙ කැක්කුම එක්ක සර්වාංගෙම තලා දාපු වේදනාවත් මාව නොමරා මරනකොට මට ඒ වේදනා එන්නෙ කොහෙන්ද කියලා කියන්න තේරුමක් නැති උනා....මොක මගෙ සර්වාංගෙම එකනම වනයක් වෙලා ඉවරයි...

හූරා ...

........

හූරා.....උඹලා ඇහැ ඇරිය නම්...මල ඉරත් යන්ඩ ගිහින්...හෝරා තුන හතරක් ගෙවිලා ...

මගෙ කම්මුල පුරාවටම ගොර හැඩි අතක් එහා මෙහා ගියා වගේම ගොරහැඩි කටහඩක් එක්ක කියන වචනයක් ගානෙම බුලත් කහට සුවදක් මගෙ නහයට දැනෙන කොට මං හරි අමාරුවෙන් ඇහැ ඇරියා ...

රතු පාටයි..... 

ඇස් ඇරපු පල්වෙනි තත්පරේදිම මං දැකෙ ගිනි ගොඩක් .....රතුම රතු පාර ගිනි පුපුරු විසිවෙන ගින්දර ගොඩක් .....

ගින්දර ..."අග්නි...." මට මගෙ අග්නිව මතක් උනා ...අග්නි කියන්නෙම ගින්දර වලට.....කොහෙ ඉන්නවද ..මගෙ දිහා බලන් ඉන්නවද .....මේ මොකුත් නොදන්න මම ඇහැ ඇරපු ගමන් කල්පනා කරන්න ගත්තෙ ඒක වෙනකොට මගෙ මූනට එබීගන උන්න කහ ගැහුන දත් තිබුන කහ ගැහුන රැවුලක් වැවුන කොන්ඩෙ ගෙඩියක් බැදපු වයස උන්දැ ගැන ගානක් නැතිව ගියා ... ...

මහත්තයා...

එක පාරක් හූරා කියලා කතා කරපු වයසක මනුස්සයා ඊලග පාර මහත්තයා කියනකොට මං මගෙ අතක් හෙලෙව්වා ..හූරා කිව්වා....ඒ කියන්නේ...ඒ කියන්නෙ... .

ආයමත්....වැද්දෙක්ද???අර කලින් පාර වගේම .... .

ඔය ඇත්තො නැගිට්ටා නම්.....හෝරා ගානක් දැන් ඇහැ පියෙව්වා ....යක්කු ගස් නගින වෙලාවටත් කිට්ටුයි.....ඔය ඇත්තො ගාව ඉන්න කැකුලා හාමත් වෙයි.....

කැකුලා...මං ගාව් ඉන්න?ඒක...ඒක එයා දන්නෙ කොහොමද ...ඇරත්.....යක්කු ගස් නගින වෙලාවටත් ලගයි කියන්නෙ...ඒ කියන්නෙ....මහ රෑ...දැන් මහ රෑ වෙලාද...මම එච්චර වෙලාවක් නිදාගත්තද.....???

ම්ම්..මම...මම....

හාහා....ප්‍රවේසමෙන්....ප්‍රවේසමෙන්...ඔය ඇත්තට බෙහෙත් කොරලා තියෙන්නෙ.....

ඇගේ අමාරු කෙසේවෙතත් කියලා දඩි බිඩි ගාලා නැගිට ගන්න හදපු මාව ලග උන්න වයසක උන්දා ආයම හාන්සි කරවන්න හැදුවා.. ඒත් මට හාන්සි වෙන්න බෑ.....මට හාන්සි වෙන්න පුලුවන්ද.....තව පැයකීයද ... රෑ දොලහත් එක්ක කෙම්මුර පටන් ගන්නවා...

ඔය ඇත්තා ඔය හැටි කම්පා වෙන්ඩ කාරි නෑ...ම්ම්....මං දන්නවා...හිතේ ගින්දර නම් අහස උසට.....බඩෙ ඉන්න එකා ගැනත් හිතන්ඩ එපැයිනෙ....ඒකගෙ පන කෙන්දත් රකින්ඩ එපැයිනෙ....ම්ම්ම්.....ඒ කැකුල විසේ කාරයා.....ඒකගෙ මහ එකා වගේම කේන්ති කාරයා....ඔය ඇත්තා ඇස් දෙක කාරිය වහගන ඉන්නකොට ....යටි බඩට අත තිබ්බයි කියලා...ඕන් ඕක අමනාප කම් කොරන්ඩ තියා ගත්තා... 

මොනවද දෙයියනේ මේ වැද්දා කියවන්න.....

මගෙ ඔලුවත් එක්කල කුරුවල් වෙන්න ආවා....බඩක් කියන නාමයක් නැති මට දරුවෙක් ලැබෙන්න කියලා කොහොමද දන්නෙ....ඇරත්....කැකුලෙක්ලු...ඒ කියන්නෙ...මට...මට පුතෙක්ද...අග්නිට පුතෙක්ද.... ...ඇරත් හිතට දැනෙන දේ අකුරක් වරදින් නැතුව මේ මනුස්සයා කියන හැටි දැක්කම.මට තවත් ඔලුව අවුල් වෙන්න ගත්තා.....

ඉරි වැටුන සරම කැහපට ගහන් උන්න උන්දගෙ උරහිසේ කෙටේරියක් තිබුනා....සැරින් සැරෙම එබිකන් කර කර ගිය ගැටිස්සි මගෙ දිහා බල බල හැංගුනා.....මම මේ ඉන්නෙ කොහෙද ...මම ගියේ දේවාලෙටනෙ.....

මම...මමමේ....මම...මේ ඉන්නෙ කොහෙද උන්නැහෙ...ඇරත්...ඔය...උන්නැහෙ ක්..කව්ද.....

කතා කරගන්නකොටත් වචන පැටලෙන මම හරි අමාරුවෙන් වචන ගලපගන්න කොට බුලත් චප්පයක් කටේ ගහන් උන්න වයසක මනුස්සයා ඇගිලි දෙකක් කටට තියලා බුලත් කෙල පාරක් ගහල මා දිහා බැලුවා. 

ඔය ඇත්තො....හිතේ ගින්දර අවුලගන්ඩ කාරි නෑ...සංසාරෙ...කොහෙ හරි වංගියක හම්බුන එකක් හරි හම්බෙන්ඩ ඉන්න එකෙක් ය කියලා හිත හදගත්තා...නම්...අහවරයි...

ඒ..ත්...ඒත්....

ඔය ඇත්තටන්ට මහන්සී....ආව කාරනාව....බලසම්පන්නයි....හිස් වෙලා තියන බඩගෙඩිය පුරවගත්තා නම්...ඒකගෙ මහ එකා වගේ මුරන්ඩු කම් කොරන කැකුලටත් ඇගට හයිය එයි..ඔය ඇත්තො කන බොන දෙයක්නෙ කැකුලට අල්ලන්නෙ.....

ඒකගෙ මහ එක වගේම මුරන්ඩු කම් කොරන කැකුලා....ඒ වචන කියනවත් එක්කම මගෙ අත බඩ උඩ නැවතුනා...ඒකගෙ මහ එකා...මගෙ පැටියා අග්නි වගේමද.....

මෙච්චර දේවල් වෙලත්...හෙන විතරක් නොගහපු මගෙ මූනට හිනාවක් ආවා....මම ආසයි....එයා අග්නි වගේ වෙනවා නම්... ඒ නපුරු ඇස්ම.....එ නපුරු සීතල මූනම...එ අහංකාර ගතිම.....ඒ මොන දේ උනත්.....උමතුවෙන් ආදරේ කරන හදවතක් තියනවා නම්.....මම හිමීට එයාව අතගෑවා....මෙච්චර වෙලාම හැංගි හැංගි උන්න කෙල්ල මැටි මඩක්කුවක් වගේම සුද්දකරපු පොල් කටුවක් මගෙ ගාවින් ගෙනත් තියල ආය දිව්වා....

මැටි මඩක්කුව අස්සෙ තිබුනෙ පුච්චපු අල ගෙඩි දෙක තුනක්...පොල්කටුව ඇතුලෙ තිබුනෙ නම් වතුර නෙවේද කොහෙද ....මම ඒ දිහා බලලා වයසක උන්දා දිහා බලනකොට ඒ ඇස් හීනි වෙලා තිබුනා...බර කල්පනාවක උන්නා....

ඔය ඇත්තා...ඕක ඉව කර කර කල් නොමරා කොටාබෑව නම්.....සුනංගු වෙවි ඉන්ඩ බෑ....කොරන්ඩ දේවල් බොහෝමයි.....

ආයමත් පාරක් බුලත් කෙල ගහපු උන්දා පුච්චලා තිබුන අල දිහා බලාගන ලතවෙවී උන්න මට බල බල ඉන්නෙ නැතිව කන්න කියනකොට මම තවමත් දුම් දාන අලගෙඩිය එක අතකින් අනිත් අතට මාරු කර කර පොතු ගලව ගලව කටෙ ඔබාගන්න ගත්තා....

ලුණු කියන නාමයක් නෑ....කන්නත් බෑ...ඒත්....දැන් ඉන්න තත්වෙ එක්ක නොකත් බෑ.....මම හෙමින් හෙමින් කන්න ගත්තා.....අග්නිගෙ කැකුලා සැරින් සැරේම වසකම් කරනකොට මම තවත් අල කෑල්ලක් කටේ ඔබා ගන්න හදනවා එක්කම ටිකක් ඈතකින් ඇහුන ලතෝනිය එක්ක මාව ගැස්සිලා ගියා.....ඒක වෙනකාගෙවත් නෙවෙ...කුවන්නගෙ.....අම්මගෙ....මෙ මහරෑත් කෑ මොර ගහනවා...මහ රෑ දොලහටත් කිට්ටු වෙලා....තවමත්....කෑ මොර ගහනවා....මයෙ පුතා...මයෙ පුතා ගගා අඩ ගහනවා....

එපා....මම....ඕක...කරන්න..දෙන්නෙ....නෑ....මයෙ...පුතා....උඹලා..කොහෙද ඔන්නෙ...මයෙ....පුතා.....මේ...අම්මා..අම්මා...උඹව...හොයනවා...මයෙ....පුතා...

අම්.....මා

අම්ම වෙන්නෙ කොහොමද ....ඔය ඇත්තන්ගෙ අම්මා උනා නම්...ඔහොම කොරාවිද....ඒකි ඔය උමතුවෙන් ...ඒකි කෑ ගහන්නෙ පිස්සුවෙන්...ඒකි ඔය දැන් ඉන්නෙ උමතුවෙ අන්තෙ.....

.මයෙ....පුතා.. ..උඹලට...අම්මා ගාවට එන්ඩ බැරුවද.....මං....අම්මනෙ...මං...උඹගෙ...අම්මනෙ....

මම.අහනගන උන්නා...එ කටහඩ තනිකරම මායවක් වගේ.....කිව්වත් වගේම කුවන්නා උන්නෙ පලිගැනීමෙ චේතනාවෙන් උමතු වෙලා වෙනකොට දම්වැල්.දාලා ගැටගහලා තිබුනත් ඒවා කඩාගන මාව හොයන් එන්න හැදුවා.. .වෙලාවකට.මයෙ පුතා ගගා ආදරෙන් කතා කරන කුවන්නම....ඊලග තත්පරේදි මම උඹව මරනවා....ගගා මාරා අවේශෙන් කෑගහනවා.....උඹට තනියම මැරෙන්න බය නම්...වරෙන් අපි මරාගන මැරෙමු කියනවා.....අග්නි උඹගෙ නෙවෙ ගගා සක්වලම හොලවනවා...

ඔය ඇත්තො ..හිත ගස්සගන්නෙ නැතුව කෑවානම්.....අපිට තිබුනා...ඉතුරු රාජකාරි අහවරක් කොර ගන්ඩ.....හෙට දවසෙම වරම් ගන්න උන්ගෙන් දේවාලෙ පිරේවි...නටන උන් නටාවි....ගිනි පාගන උන් පාගාවි....කිරි නාන උන් කිරි නාවි.....හෙට බර දවසක් .....

මගෙ අම්මා උන කුවන්නගෙ කට හඩ අහන් ඉදල කාරලා කෙල පාරක් ගහපු මනුස්සයා අනිත් පාර ආය ආයම මට ඉක්මං කරන්න කියනකොට මම ලුනු රහ නැති මෙලෝ රසක් නොදැනෙන අල ගෙඩි තුන හුස්මක් නොගෙම බීගන බීගන ගිහින් අර පොල්කටුවෙ තිබුන කාඩි රස කසාය එකත් එක හුස්මට ගහලා දානකොට වයසක උන්දා සරමෙ ගැටගහන් උන්න මුලක් මගෙ අතට තිබ්බා.....

මොනවද ඒ.....

.මම වචනවලින් නාහා ඇස්වලින් මොනවද මෙ කියලා අහනකොට උන්දත් මට ඇස්වලිම්ම උත්තර දුන්නා....මම එහෙම්ම එව් මුල ලෙහලා බැලුවා....

ත්...තින්නරු.....??

මගෙ ඇස් දෙක ලොකු උනා....ඒ මුලේ තිබුනෙ තින්නරු කුඩු... තින්නරු කුඩු ගන්නෙ කාවඩි ණැටුවම ගාන්න...ඒකත් එසෙ මෙසෙ නටන කාවඩියට නෙවෙ...පපරෙ දාගන ආතල් එකට නටන කාවඩියට නෙවෙයි...ඒක කදිර දෙව්යන් වෙනුවෙන් නටන පරවා කාවඩි නටපුවාම ගාන කුඩු එකක්.....

පරවා කාවඩි....

මගෙ ඇගෙ හිරිගඩු පිපුනා...පරවා කාවඩි කියන්නෙ සර්වාංගෙ හිල් කරගන කටු ඇනගන නටන එකට.....

ම්ම්..මං...

ම්ම්ම්....වෙලා තියන පවක් ගෙවෙන්ඩත් එක්කලා නටපන්.....

මට ගිලපු කෙල පිඩ පවා හිර වෙලා යන්න එනකොට බඩ පිරෙන්න කන්න දීපු මාව වයසක උන්දා මේ මහ රෑ...මෙ සීතලේ නාන්න එක්ක ගියා.....වතුර බේසම පුරාවටම තිබුනෙ බෙහෙත් බඩු හරියටම කොටහලු උන කෙල්ලෙක්ව නාවන බෙහෙත් කලේ වගේ.....තනිකරම බෙහෙත් මන්ගල්ලයක්.....

ඔය ඇත්තො ඉදගත්තා නම්.....

මම වතුර එක දිහා බලන් ඉන්නකොට උන්දා මට ඉදගන්න කිව්වා....දෙයියන්ගෙම පිහිටයි ආශිර්වාදයයි කියල සර්වාංගෙම හිරිවට්ටවන් පලවෙනි වතුර කලේම ඔලුවට හලනකොට කුවන්නා හූ තිබ්බා.....ගම් හතක් හෙළ වෙන්න හූ තිබ්බා....

ඔලුවට දාන වතුර බින්දුවක් ගානෙම මට කිව්වෙම යහපතක් වෙන්න ප්‍රාර්තනා කරන්න කියලා....හැම දේම හොදින් කරගන්න පිහිට ඉල්ලන්න කියලා .....ඒ කිව්වත් වගෙ උන්දගෙ අතින් වැටෙන වතුර බින්දුවක් බින්දුවක් ගානෙම මම ප්‍රාර්තනා කෙරුවෙ කල්පයක් බලන් උන්න මගෙ අග්නි වෙනුවෙන් සාදාරනයක්....කලපයක් ආදරේ කරලා.....ඇස්වල කදුලු පුරවන් අතෑරුන ආදරේ වෙනුවෙන් සාදාරනයක් ......

අනේ...කඩවර අප්පච්චි .....අසරන මට පිහිට වෙන්න.....

අසරන මගෙ ඉල්ලීම්වලට ඇහුම් කන් දෙන්න...

.අසරන මගෙ කදුලු දිහා බලන්න.......

මම ඇස් දෙක පියාගන ප්‍රාර්තනා කරනකොට කඩින් කඩ මට කුවන්නගෙ හීල්ලුම ඇහුනා....

මේ හැම දේම හීනයක් වගේ.....

මෙහැම දේම හීනයක් වගේ....පැය ගානක්....යනකන් දෙවියො ඉස්සරහ යාතිකා කියපු...දෙවියො ඉස්සරහා කන්නලව් කරපු මගෙ පිට හරහා යකඩ කූර පමස හිල් කරගන යනකොට මට වේදනාවක් දැනුන් නැති වෙනකොට එකම එක ලේ බින්දුවක් වත් පහලට එන්නෙ නැතිව තිබුනා.....වරම්.තිබුන මිනිස්සුන්

ආවේසෙන් නටනකොට මාවත් ටික ටික ටික ටික කැරකෙන්න ගත්තා....

සම්පූරනම පිටම උල්වෙච්ච කූරු වලින් හිල්වලා යනකොට මගෙ තැනින් තැන කෙස් හැලුන කොන්ඩෙ ඉතුරු ටික මටත් නොදැනිම ලෙහිලා ගියා.....

කපුවන්ගෙ යාතිකා පටන් ගන්නවා එක්කම කෙම්මුරේදි මම නටන්න ගත්තා ....මමවත් නොදන්න මොන මොනවදෝ මම කියවන්න ගත්තා... එක විදිහලට නෙවෙ.....මම දන්නෙ නෑ...ජීවිතේට නටන්නෙ නැති මම එවෙලාවෙ නටන්න ගත්තා...ඒ නටන අඩි මම වත් දන්නෙ නෑ...ඒ නටන තාල මම වත් දන්නෙ නෑ....ඔලුව ගසන ගැස්සිල්ලට ඉන කඩන කැඩිල්ලට....කකුල් ගහන ගැහිල්ලට බලන් ඉන්න මිනිස්සුන්ටඇග පත රිදෙනවා ඇති.....

මම නටනවා....නට නට කියෙව්වා...මොනවා කියවනවද කියන්න අහන් ඉන්න....මිනිස්සුන්ටවත් තේරුමක් නැති උනත්...සමහර වෙලාවට...කඩින් කඩ මට තේරුනා...ඒත් ආයම නොතේරුනා...

මිනිස්සු කෑගහනවා....සීනු සද්දෙ එකාකාරෙට...

ගෙජ්ජි සද්ද එකාකාරෙට...රතුම රතු දුම් දානගිනි අගුරු උඩ පවා මම දිව්ව...වින්නඹු අම්මා කිව්වෙ මොනවද...ඒ එකක් නැරම මම කෙරුවා....මට හති....මම දන්නවා...අවසානෙදි මට මැරෙන්න තරම් වේදනාව දැනේවි.....ඒත්.....මට නවත්තන්න පුලුවන් කමක් නෑ...මේක මම බලන් උන්නා...මගෙ අග්නි බලාපොරොත්තු උනා....මගෙ ජීවිතේ අවසානම කෙම්මුර වලින් එකක් අශින් ගෙවිලා යනකොට එන කෙම්මුරත් එක්ක මම මැරිලා යාවි.....

බර දවසෙ ඉදන් ඊලග බර දවසට තියෙන්නෙ තව දවස් දෙකක් විතරක් වෙනකොට අන්තීම කෙම්මුරෙත් එක්කම.පොරොන්දු රැකපු මම යන්න යාවි.....

ඉතින්...අග්නිගෙ කොට මගුල...කල්පයක් බලන් උන්න අග්නිගෙ ආදරේ....වෙච්ච මම....අවසානෙදි අග්නිත් නැතුවම පොරොන්දු ඉෂ්ට කරන ගමන් බෙර පදවලට අවසානෙට නටාගන...නටාගන...නටාගන...යන්න පටන් ගත්තා.....

අග්නි....මාව දාලා යන්න හිතක් නැතුව මට වහ වැටුන මගෙ ආදරනීයම යක්ශ ආත්මය.....

මගෙ සම්පූරනම ආත්මයම සින්නක්කරව ලොයා ගත්තු මගෙ යක්ශ ආත්මය...

මෙච්චර කල්ම ආල අඩ්ව්වට නටපු මගෙ ආදරනීයම යක්ශ පරානය.....

මං උඹට මැරෙන්න තරම් ආදරෙයි.....කියන මගෙ යක්ශ පරානය.....

මැරුනත් උඹ මගෙ මගෙ...මගෙ විතරමයි කියන උමතුවෙන් ආදරෙ කරන මගෙ යක්ශ ආත්මය....

ඉතින්....පිලිගනින්.....මම උඹ වෙනුවෙන්....ඒ වරම ගත්තා.....!!!!!.

පැය ගානක් එක දිගට නටලා ..නටලා...නටලා....බෙරකාරයන්ගෙ ඇගිලි පවා පැලිලා ගිහින් ලේ මතුවෙනකනුත් නටපු මගෙ ඇහි පිහාටු අස්සෙන් කදුලු බින්දුවක් බිමට වැටෙනකොට මම කඩවර අප්පච්චි ට පේ වෙලා..බාර වෙලා...බාර වෙලා...අවසානෙදි අර පැහෙන කිරි කලේ ඔලුවෙ හලාගත්තා...ඒ එක්කම...ඈත කොනකින් ගෑනියෙක්ගෙ හීල්ලුමක් එල්ල මූසල ඈඩියාවක් ඇහුනා...මාව එහෙම්ම කලන්තෙ දාගන බිම වැටුනා.....

මයෙ පුතා.....

අ...ප්පච්චි ...අප්...පච්චි ...අනේ...මගෙ...අප්පච්චි ....උඹ ..හොදින්ද මගෙ...අප්පච්චි ...

මම ඇහැරුනා....කලන්තේ දාගන වැටුන මම ආයම ඇස් ඇරියා....හැබැයි.....දවසක් පහු වෙලා....ඇග පත වේදනා දෙනවා...නටපු නැටිලි වල වේදනාව දැන් දැන් ඇගට දැනෙනකොට මම ඇහැරුනේ අප්පච්චි ගෙ කටහඩත් එක්ක හරි අමාරුවෙන් ඇස් ඇරලා බලපු මම දැක්කෙ ගිලා බැහැපු ඇස් තිබුන.....හකු ඇතුලට ගිලුන ඇටසැකිල්ලක් හා සාමාන වෙලා ගියපු මගෙ අප්පච්චිව වෙනකොට අප්පච්චිට මාවත්...මට අප්පච්චිවත් දැකල වාවගන්න බැරි උනා....

ඇයි...අප්පච්චි ....ඇයි....එ..මගෙ....අප්පච්චි .....අම්මා...ඇයි...අප්පච්චි ...එහෙම කෙරුවෙ....අනේ...අප්පච්චි ...

මම අප්පච්චි ගෙ ගිලා බැහැල තිබුන හකු අත ගෑවා.....නහර පෑදුන අත් දෙක අත ගෑවා...එදා කැරකොප්පුවෙදි මාව බේරගත්තු එකම කෙනා...වෙන කවුරුත් නෙවෙ...මගෙ අප්පච්චි .....පන පිටින් වලලන්න ගිය තැන මාව බේරගත්තෙ කවුරුත් නෙවෙ...මගෙ අප්පච්චි ....එදා ඒ බිම වැටිලා තිබුනෙ වෙන කාගෙවත් සුරයක් නෙවෙ...මගෙ අප්පච්චි ගෙ සුරෙ.....

මට...ඒකව...මතක් වෙනවා...මයෙ...පුතා....මගෙ...අහිංසකයා.....අප්පුච්චියේ...ගගා...පස්ස....පාරෙ එන...නොදරුවා...උඹලා...වැඩට ගියහම....ඇස් ගෙවෙනකන් බලන් ඉන්න නොදරුවා...

අම්මා...මරාගත්තා.....

මගෙ අත් වෙව්ලන්න ගත්තා....අප්පච්චි මගෙ නොදරුවා ගැනකිය කිය පපුව අල්ලගන්නකොට මම දත් මිටි කාගනම අම්මා මරා ගත්තා කියලා කියනකොට අප්පච්චි මේසෙ උඩ තිබුන අම්මගෙ ඵොටෝ එක උස්සලා පොලවෙ ගැහුවා....

එතනින් පස්සෙ අප්පච්චි වගේ මම අතරත් තිබුනෙ නොසෑහෙන්න දිග හිස්තැනක් විතරක් වෙනකොට අප්පච්චි ගෙ උනු කදුලු නාස් පොල්ල දිගේ ගලාගන ඇවිදින් පොලවට වැටිලා යනකොට ගෙයි පිටිපස්සෙන් .වැල් සද්දයක් වගේම උමතුවෙන් හිනා වෙන සද්දයක් ඇහෙනකොට මම අප්පච්චි දිහා බැලුවා....අප්පච්චි බිම බලගත්තා ...

ඒකියන්නෙ...ඒ ඉන්නෙ අම්මා....

ගනින්න බැරි තරම් යක්කු ගොඩක්....එ ඇග ඇතුලෙ ඉන්නවා මයෙ පුතා....ඒකට...උඹටවත්...මටවත් කරන්න දෙයක් නෑ...බන්දගන්න පුලුවන් හැම අමනුස්සයෙක්ම බන්දගන ඉන්න උන්දට...ගැලවීමකුත් නෑ.....ඒ පාර තෝර ගත්තෙ උන්දමයි මයෙ පුතා.....ඒ පාර තෝර ගත්තෙ....උන්දමයි .....

......

මයෙ පුතා ...

මං ඔහේ බලන් උන්නා...අප්පච්චි ගෙ ඇස් රතු වෙලා....ඒ කටහඩ පවා වෙව්ලනවා .....

මං ජීවත් වෙන්නෙ අදයි හෙටයි විතරයි ....

මං යන්න යනවා ...

මගෙ අප්පච්චි ...අම්මා ගැන ඇබිත්තන් දුකක් වත් නොතිබුනත්.....මට මගෙ අප්පච්චි මහ මෙරක් තරම් උනා...මට අම්මා ගැන දැන් ඉතුරු සම්පූරනම කලු ලපයක් එක්ක අසීමිත කලකිරීමක් ...

මාත් එක්ක තිබුන තරහව කොයිතරම්ද කියනවා නම් මගෙ හිනාවට මගෙ සැනසීමට ඊරිසියා කරපු එකම කෙනා මගෙම අම්මා උනා...නිස්කාරනේ බඩ දරු ගෑනි මැරෙව්වා....ඉපදිලත් නැති තමන්ගෙ දුවෙක් හින්දා මොකා විදිහට ඉපදුනත් ලේ කිරි කරලා පොවපු මාත් එක්ක ඉහල පහල දාන හුස්මක් ගානෙම වෛර බැන්දා .....මාත් එක්ක උන්න මිනිස්සුන්ව විහින් ලෙඩ කෙරෙව්වා ....ආරන්‍යගෙ පවුලට වෙච්ච කෙරිච්ච දෙයක් නැති උනා. ඒ හැම දේම පිටිපස්සෙ උන්නෙ අම්මා...

මිරිස් ගල හිතලම කකුලට වට්ටන් නිස්කාරනේ දැහැමිනීලට මං ලව්වා වස්වැද්දුවත්....මේ හැම දේම කරන්නෙ අම්ම බව මට දරන්න අමාරුවෙයි කියලා අග්නි මං ඉස්සරහා මවා පෑම් කෙරුවා ...

දැහැමිනි සාරාන්‍යා ජපුරෙ උන්නෙ එයත් එක්ක කිව්වා වගේම එයා ගැන කියලා නැද්ද අහනකොට මට නොතේරුම් ගියාට එතන උන්න අම්මගෙ මූනකට වෙනස් වෙලා ගිහින් තියෙන්නෙ මාව බදින එක නවත්තන්න....මගෙත් එක්ක තියන සම්බන්දෙ කඩන්න ඉහෙ කෙස් ගානට අම්මා සාරන්‍යව හම්බෙන්න ඇවිත් තියනකොට ඒ හැම දේම දැහැමිනී අහන් ඉදලා තියන නිසා ....

බැන්දත් අවුරුදු ගානක් ළමයි නැතුව දුක් විදින්න හේතුව පවා අම්මයි කියන එක දැනගන්න කොට මම ජීවත් වෙන්නෙ ඇයි හිතුන දාමයි මං අග්නිගෙ රන්ඩුව පිට දාලා කොළඹට ආවෙ.... 

මට සමා වෙයන් මගෙ අග්නි ....උඹ මාව බේරන්න මගෙන් ඈත් උනා වගේමයි...මමත් උඹව බේරන්න උඹගෙ පපුව පාරවන වචන කිව්වෙ.....

එත්.... යක්කුන්ට ඉවසීම නෑ කියන්නෙ නිකන් නෙවෙ මගෙ අග්නි....කාලිගෙ සාපෙ තරම මං දැන් දන්නවා ...උඹ මගෙ මරන මොහොතේ ඇරෙන්න මගෙ ගාවට එන්නෙ නැහැයි කියන්න මං දන්නවා මගෙ අග්නි ........

මගෙ ඇස්වලින් කදුලු කැට නැවතුමක් නැතිවම කඩා වැටුනා...මගෙ අප්පච්චි හුස්ම අල්ලන මලකදක් වගේ ඉන්නකොට මං වෙද ගෙදර දොර පියන් අරින්න ලැහැස්ති උනා...ජීවත් වෙන දෙදවසට තඹසතයක් නොගෙන වෙදකම් කරන මම ඒ හැම පිනක්ම කාලිට වගේම අග්නි වෙනුවෙන් බෙදන්න පොරොන්දු දුන්නා ....ඉතින් ...පොරොන්දු තියෙන්නෙ රකින්න නෙවෙද ...???

මං මගෙ ගාව උන්න අප්පච්චි ගෙ අත් දෙක තද කරලා අල්ලගත්තා ....

මයෙ පුතා ...

මං දන්නවා ...මට මීට වඩා දේවල් ඒ හිතට තවත් ඔබලා තව අඩවන්න බෑ.....නිඛිල් ගෙ මරනෙ...අම්මගෙ ගුනමකු කම් එක්ක අප්පච්චි උන්නෙ අන්තෙටම කඩා වැටිලා වෙනකොට මමත් නැති වෙලා අප්පච්චි තනි වෙනවා කියන එක ...ඒ හිතට තවත් දරා ගන්න බැරි වෙයි කියන බයත් එක්ක මං අප්පච්චිව තද කරලා බදා ගන්න ගමන් මගෙ හිතින් මං සමාව ඉල්ලුවා ......

මයෙ පුතා ...

මම ආදරෙයි අප්පච්චි ....

.ටොක්...ටොක්.....ටොක්...ටොක්...

චස්...

ගිනි කූර ගහපු මං පහන් පැලෙ පහන තිබ්බා ...

කට්ටකුම්ංජල් සාම්බ්‍රානි හදුන් කූරු සුවද හතර අත යනකොට බුද්දපූජාව තියපු පහන් පැල ගාව වැදගන උන්න මං වෙනදට අම්මගෙ අතින් එහා මෙහා වෙන දේවාල දොර රෙද්ද මගෙ අතින් එහාට කරලා ඇතුලට ගිහින් පලවෙනි පාරට කන්නලව් කරන්න ගත්තා ....

වීරසේකර වෙදහාමිනේ අසනීපෙන් කියන කට කතාව ලැව් ගින්න වගෙ පත්තු වෙනකොට හුස්ම අල්ලන දවස් දෙකට මං පනමක් නොගෙන වෙදකම් කරන්න ගත්තා...මමම බෙහෙත් කෙටුවා...මමම බෙහෙත් ඇඹරුවා ....

දින ලන් වෙන හින්දද කොහෙද සැරින් සැරේ අල්ලන කොන්දෙ කැක්කුම එක්ක උනත් මං කසාය මුට්ටි ගනන් තම්බනකොට වෙනදට බුලත් දීලවත් ගෙන්න ගන්න බැරි චුට්ටමා අද කරන්න වැඩක් නැතිව උනත් අපෙ ගෙදර ඇවිදින් මගෙ කොල්ලගෙ සෙල්ලම් බඩුවක් අතෙ තියන් ඔහේ බලන් උන්නා...

දුක් වෙන්න එපා චුට්ටන්...මගෙ මැනික අග්නි ගාව ඇති....

චුට්ටන්ව දකින වාරයක් ගානෙ මගෙ ඇස් තෙමෙනකොට මම හිතින් චුට්ටන්ගෙ හිත හැදුවා .....

ශිවන් අයියෙ මේක කොටන්නද ...

එපා චුට්ටන් මං කොටන්නම්...

මට සල්ලි ඕන් නෑ....

.....

මම හිනා උනා....ගෙයින් අඩියක් බැස්සත් සල්ලි ඉල්ලන චුට්ටමා අද සල්ලි එපා කියනකොට මට හිනාවක් මතු උනා...හැබැයි එ හිනාව හරිම අසරනයි ...

එපා චුට්ටන්.....අර පත්තු බදින්න ඉන්න කෙනාව එවන්න...

මං අවසානම ලෙඩාට පත්තුව බදින්න ගත්තා .....සැරින් සැරේම අල්ලන කොන්ද කැක්කුම එක්ක මට සමහර වෙලාවට හිටගන ඉන්න බැරි වෙනකොට සැරින් සැරේම එහා මෙහා දගලන එයා එක්ක මං කාටත් හොරෙන් කතා කෙරුවා ....

අප්පච්චි ඔයාව බලන්න ඉක්මනටම ඒවි...මගෙ පුතා....අප්පච්චි එක්ක....මේ අප්පච්චි එනකන් ඉන්න...

මං හිමින් සැරේ එයාව අත ගෑවා.....

ටික්.....ටික්...ටික්...ටික්...

ඔරලෝසුවෙ කටු නැවතීමක් නැතිවම කැරකෙනවා .....විනාඩියෙන් විනාඩිය.....පැයෙන් පැය ගෙවිලා ගිහින් උදේ පායපු ඉර බැහැලා ගිහින් මං ජීවත් වෙන අන්තීම කෙම්මුරේට පායන්න බලනුන්න පෝය හද මතුවෙන්න බලන් උන්නා.....

ගෙයි පිටිපස්සෙ කාමරේක උන්න අම්මා එන්න එන්නම දුර්වන වෙවී ගියා....ඒ කොච්චර උනත් කෑ ගැහුවෙම...මයෙ පුතා.....මං උඹව ඉතුරු කරන් නැ කියන එක වෙනකොට අප්ප මට අම්මගෙ මූනවත් දකින්න යන්න දුන්නෙ නෑ.....

රෑ බෝ වෙලා.....බ්‍රහස්පතින්දා රෑත් ඉවරයි ...මං වෙරලු ගහ දිහා බැලුවා ....

මැනිකෙ.....

මගෙ කොට මගුල ....

මං උඹට මැරෙන්න තරම් ආදරෙයි කියන කටහඩ නැතිව මං දවස් ගානක් හුස්මඇල්ලුවා.....

මං එහෙම්ම වෙරලුගහ යටට ගියා.....අත්තක් වත් හෙලවුන් ණැති වෙනකොට මං ගගෙ අත්තකට අත තියන්න ගිහින් ගොරකා කැලේ දිහාවෙන් ආව උඩ බිරුම එක්ක ගැස්සිලා ගියා වගේම අම්මගෙ විලාපෙ එක්ක තවත් බය උනා.....

මයෙ පුතා...

වරෙන්....

මයෙ...පුතා ....අම්මා...ගාවට .....වරෙන් ....මං අම්මනෙ.....මේක ඇවිත් ඇරපන් මයෙ පුතා.....අම්මට බඩගිනීනේ...

මයෙ....පුතා....

ඈතින් ඇහෙන උඩබිරුම අහන් ඉන්න බැරි තරම් මූසල වෙනකොට අම්මා මාව ගෙන්න ගන්න එක එක කටහඩවල් වලින් කතා කරනකොට මං හොරෙන් හොරෙන් ගෙයි පිටිපස්සෙ අම්මා උන්න කාමරේට ගියා....

මයෙ පුතා.....උඹලා ආවද....

වරෙන්.....

ලගට වරෙන්....

මම අම්මනෙ .....

මයෙ....පුතා...

මම බලන් උන්නා...යක්කු දුසිම් ගානක් වහන් ඉන්න අම්මා ලගට එන්න කිඋඅන්නෙ මගෙ බෙල්ල කන්න බව දන්න හින්දම මං ඈතට වෙලා බලන් ඉන්නකොට අම්මා එක පාර කටහඩ වෙනස් කෙරුවා .....

උඹට....එන්න බැරිද අග්නිගෙ වස්තුව ....

වරෙන්....

ලගටවරෙන්...

ලගට.....

ලගට. ..

ලගට වරෙන් ....

අග්නිගෙ අඹුව...වරෙන් මෙහාට...වරෙන්....වරෙන්...

මං උමතුවෙන් හිනා වෙවි කෑ ගගහා කොන්ඩෙන් ඇදගන්න අම්මා දිහා බලලා එන්න ආවා ...

උඹ තව තව පව් එකතු කරගන්නවා කුවන්නා.....

බුද්දන්....සරනන් ගජ්..ජා...මී.....

මගෙ යටි බඩම කොර වෙනවා.....මුල්ජ් රැයක් එලිවෙනකන් නිදි මරපු මං ඉරටත් කලින් නැගිට්ටා ....ජීවත් වෙන අවසානම දවස වෙනුවෙන් .....

රෑ ඉදන් පටන් ගත්තු වේදනාව විලි රුදාවකට හැරෙනකොට පහන් පැල ගාව උන්න මට අත් දෙක වත් වැදන් ඉන්න බැරි උනා...

අනේ....හ්....අග්...නීහ්.....

මට කෙදිරි ගෑවුනා....

හෙටයි දවස ....

ඒත්....අද ඉදම්ම.....අද ඉදම්ම...අනෙ...එපා...එපා...

මට කෙලින් ඉන්න පන නැති උනා....පහන තියපු මං පුදුමාකාර අමාරුවෙන් ගිහින් දේවාලෙ පහන තියා ගත්තා ....

මයෙ පුතා...ඇයි...

න්න්....නෑ අප්පච්චි ...මෙ කොන්ද පොඩ්ඩක් ඇවි....ලි...ලා....

අනෙ මං කොහොම කියා ගන්නද...අම්මගෙ දේවල් ....අග්නිගෙ දේවල් දැනන් උන්නා උනත් මේ වෙනකන් අග්නි ගැන වචනයක් නාහපු අප්පච්චිට කොහොම කියන්නද.....අප්පච්චිට පිස්සු හැදේවි ....

අනේ...අග්...නීහ්....මට වේදනාවයි අග්නීහ්.....

මට ඉන්න බැරි උනා...කලව වල මස් පිඩු ගැහෙන්න ගත්තා .....විදපු දුක් වේදනා එක්ක මගෙ ඇගෙ හයියක් නැති වෙනකොට තෙල් ගාවලා අතගාව ගන්න ආව ලෙඩා ගාවදි මගෙ ඇස්වලින් කදුලු වැටුනා ....

ශිවන් ...

මං උන්නෙ කොන්දට අත තියාගන .....අවසානම දවසෙ මට ඒ ප්‍රාර්තනා බාගෙට ඉවර කරන්න බැරි හන්දා මං ඉවසගන්න වෙදකම් කෙරුවා වගේම මෙච්චර කාලෙකට උඩින් හතුරුකම් කරපු දැහැමිනි අවසානෙදි වැටෙන්න ගිය මාව අල්ලගත්තා ....

තව හෝරා කීයද ...කොහොම හරි ඉවසමු.....

ද්....දැහැමිනී...

අලුත් ප්‍රශ්නයක් ....හැමදේම ඉවරවෙන්න ඔන්න මෙන්න තියනකොට දැහැමිනීත් මේක දන්නවද කියන එක දැනගත්තු මට අර වේදනාව තව දෙගුන වෙන්න ගත්තා ...

අග්නි ඒවි...

ද්ද්....දැහැමිනී....ඔ...ඔයා....

ඒ ගැන හිතන්න එපා...හෙට වෙනකන් ඉවසන්න .....

බෙහෙත් අඹරන්න ගත්තු මං බෙහෙත් ගල අල්ලන් ඉස්සරහට පස්සට තල්ලු වෙනකොට මගෙ යටි බඩ වේදනා දෙන්න ගත්තා ...මගෙ ගාව උන්න දැහැමිනී ඉවසන් ඉන්න කියලා යන්න යනකොට අදත් හෝරා ගානක් වෙදකම් කරපු මං අවසානෙදි දීපු පොරොන්දු ඒ විදිහටම රැකලා තව දොයිදුවක් බලාපොරොත්තු නොවී දුන්න පින් මං අග්නි ගෙ නමට වගේම කාලිගෙ නමට හරවන ගමන් මෙට්ටෙ උඩ දිගා උනා....

මයෙ පුතා....උඹලා කන්නෙ නැද්ද ...

එ...එපා...අප්....

මං උන්නෙ විලිරුදාවෙන් ...

රෑට කන්නෙ නැද්ද අහපු අප්පච්චිටවත් හරි හමන් උත්තරයක් දීගන්න බැරි උන මං උන්නෙ ඉවසන්නම බැරි වේදනාවෙන් වෙනකොට මං ඇඹ රෙන්න ගත්තා ....

ඇද රෙදි මිරිකගන වේදනාව පිට නොදා ඉන්න හැදුවා ....

අ....ව්හ්.....අනේහ්.....අග්....නීහ්...

මන් එක පැත්තකින් අග්නිට අඩගහනකොට අනිත් පැත්තෙන් කුවන්නා මට අඩගහනවා...

ටික්....

ටික්....

ටික්....

.

ඔරලෝසුවෙ කටු කැරකෙනවා...තත්පර 57:58:59: 00:00!!!

කෙම්මුර ...

කෙම්මුර ලැබුවා....

අනේ.....හ්...අග්....නීහ්...

මහ රෑ දොලහා වෙනවත් එක්කම මෙට්ටෙ උන්න මං කොට්ටා හපාගන යටි උගුරෙන් බෙරිහන් දෙනකොට ගොරකා කැලෙන් සද්දයක් ආවා වගේම මෙච්චර වෙලා හෙලවුන් නැතුව තිබුන වෙරලු අතු හෙලවෙන්න ගත්තා .. .

අග්...නීහ්...අනෙ....අග්..නිහ්....එන්නකෝ.....අග්..නීහ්.....

මට ඉන්න බෑ....බට කපා ගන්න තරම් වේදනයි.....කකුල් දෙක එක විදිහකට තියාගන්න බැරි මම අවසානෙදි දමහිස් වලින් නවාගත්තා .....

ටිකෙන්ටික ගස් කොලන් හෙලවෙන සද්ද එන්න එන්නම වැඩි වෙනකොට මගෙ කාමරේ දොර රෙද්ද හෙලවුනා.....

ශිවන් .....

අන්...අනේ...හ්....අම්....අමේහ්....

ඇවිදින් උන්නෙ වින්නඹු අම්මා....දොලහෙ කනිසම පනිනවත් එක්කම ඇවිදින් උන්නෙ වින්නඹු අම්මා වෙනකොට මං වේදනාවටම අනේ අම්මෙ කියන ගමන් අතේ එල්ලුනා .....

අන්...අනේ ...අග්...අගින්ට ....අග්නිට අඩ....ගහන්න .....

මගෙ ඇස්වලින් කදුලු වැක්කෙරුනා .....ඒත් එයා නෙවෙ මොකුත් කිව්වෙ...මගෙ මරන මංචකේදී වත් අග්නිට මගෙ ගාවට එන්න බැරිද... ...විලිරුදාවට වඩා මට මගෙ හිත් වේදනාව තදිම්ම දැනෙන්න ගත්තා .....

අන්තීම මොහොතවත්....මගෙ ගාවට එන්න බැරිද මගෙ අග්නීහ් .....

උඹගෙ කොට මගුල දිහා අවසානම වතාවට වත් උඹට එන්න හිතක් නැතිද මගෙ අග්නී .....

පැයෙන් පැය....පැයෙන් පැය ගෙවිලා යන්න ගත්තා .....සැරින් සැරෙ අල්ලපු විලිරුදාව දැන් ළඟින් ළඟින් අල්ලන්න ගන්නකොට වින්නඹු අම්මගෙ පිහිටෙන් ගොරකා කැලෙ අස්සෙ තිබුන හැංගුන ඉෆ්‍රිත්ගෙ දෙවොලට යන තැන ගහක් පාමුල උන්න මං වේදනාවට ගස් කද බදාගන කෑ ගැහුවා .....

අනේ....අග්නී ....හ්හ්....කිව්වා .....අග්නී...අනෙ ..වරෙන්කෝ....කියලා කෑ ගැහුවා ...ඒත් නෑ....ඒත් නෑ.....

මං මුනින් අතට හැරුනා....දන්හිස් වලට වගේම අතේ අල්ලට ඇගේම බර දීලා මං හුස්ම ඇල්ලුවා ...මගෙ සර්වාංගෙම බඩ බොකු නහරවැල් එලියට එන්න හදනවා වගේ හැගීමක් එක්ක මම ආයම බිම පෙරලෙනකොට වින්නඹු අම්මා මගෙ කොන්ද අත ගෑවා...අග්නි ඒවි කිව්වා...

අනේ...අග්නී.....හ්...අග්....නී.....අග් ..නීහ්......

පය ගානක්.....වටුන් ගොඩින් එලිය වැටෙන්නත් ලගයි.....ආයමත් ගස්කොලන් හෙලවෙන සද්දයක් එක්ක ඔලුව බිමට ගහන් උන්න මම ඔලුව උස්සලා බලනකොට මන් ගාව උන්න වින්නඹු අම්මා පවා නැගිටිනකොට මම බලාගන ගස් අතු දෙබෑ වෙනවා...

ඒ එන්නෙ ඉෆ්‍රිත් දෙවොල් ඉෆ්‍රිත්ගෙ දරුවො....මෙච්චර කාලෙකට ඇස්වලට නොදැකපු අග්නිට පහලින් ඉන්න කාලිට පහලින් ඉන්න උන් එන්නෙ අග්නිගෙ වස්තුව ගෙනියන්න....අග්නිගෙ වස්තුව බලන්න කියලා දැනෙනකොට මම ඒ හැමෝම දිහා කදුලු හලාගන බලන් උන්නා....අග්නී.....අනේ...කෝ...අග්නී.....අග්නී...කෝ....

අග්නී...හ්...

මම ඇඹරුනා .....

මම කෑගැහුවා......

ආව උන් හැමමෝම දෙපැත්තට වෙලා හිටගත්තා ..හරියටම තව කාටහරි ඉද දෙන්න වගේ වෙනකොට මම යටි බඩ අල්ලන් ගුලි උනා...මට තවත් දරන්න බෑ....මට තවත් දරාගන ඉන්න බෑ....

අප්පුච්චියේ.....අප්පුච්චියත කාලියේ...ඔව්.....පුතාගෙ.....

" ම්ම්....පුතාගෙ....තමයි...කිව්වනේද....නම කියන්නෙ නෑ කියලා.....මාමලාට....."

ඔව්නේ.....කිව්ව...නේත.....කාලියේ.....

" යෝහ්..."

න්...නිඛිල්....මගෙ....මගෙ....පුතා...අනේ..ඔව්....ඒඇහුනෙ මගෙ නිඛිල්ගෙ වගේම කාලිගෙ කටහඩ.....විලිරුදාව අස්සෙ උනත් මම මගෙ ලමයව හෙව්වා...

" අග්නිගෙ වස්තුව..."

අප්පුච්චියේ...හ්

න්න්..නි...නිඛිල්....මගෙ....පුතා....

කාලිගෙ අතේ උන්නෙ මගෙ නිඛිල් ....කාලිගෙ වගේම...අග්නිගෙ වගේම.....නලල මැද සලකුනක් තිබුන නිඛිල් උන්නෙ කාලිගෙ අතේ වෙනකොට අනේ මගෙ පුංචි එකා මගෙ ගාවට එන්න හැදුවා උනත් කාලි බහින්න දුන්නෙ නෑ වගේම එයා මා දිහා බලලා ආපිට පිටිපස්ස බැලුවා....හරියටම තවත් එක්කේක් ඉන්නවයි කියන්න වගේ.....

"අග්නී.....අමරේන්ද්‍රන් ....!!!"

මම බලන් උන්නා....මෙච්චර වෙලාම ඔලුව කෙලින් කරන් උන්න හැමෝම ඔලුව පහත් කරගත්තා .....කාලි පවා....මගෙ නිකිලා විතරක් ඇගිල්ලක් කටේ ගහන් කාලිගෙ කොන්ඩෙ ඇද ඇද උන්නා වගේම මම බලන් උන්නා.....මම බලන් උන්නා... මගෙන් ඈට්බ් උන අග්නි එනලන් මම බලන් උන්නා....

අ.....ග්...නි.....

පුදුමාකාර තරම් ලස්සනයි...

ඇස් අහකට ගන්න බැරි තරමටම ලස්සනයි......

ලෝභ කමේ මැරෙන තරමට ලස්සනයි...

අග්...නී....

වේදනාවෙන් උන්න මම කෙදිරි ගානකොට මගෙ අග්නි ලගට ආවා.....හැගීම්.මැරුන ඇස් දෙක මාව දැක්කා විතරයි වේදනාවෙන් බර වෙලා ගියා වගේම මම හිනා උනා...හිනා වෙලා අත් දෙක දික් කෙරුවා ....මාව තුරුල් කරගන්න කියන්න..මම අත් දෙක දෙපැත්තට දික් කෙරුවා ....

එන්න එන්නම මගෙ හුස්ම හිර වෙනකොට එයා මගෙ ලගට ඇවිදින් තුරුල් කරගත්තා .....මම ඉල්ලුවා වගේම මාව පපුවට තුරුල් කරගත්තා .....

" අග්නිගෙ රත්තරන් ....."

ඒ අග්නිගෙ වචන...මට මග ඇරුන අග්නිගෙ ආදරනීයම කටහඩ.....බඩවැල නැතිව ආව ඉෆ්‍රිත්ගෙ අනිත් මයි ගාවදි මුල්ම තැන තිබුනෙ කාලිට වගේම අග්නිට විතරක් වෙනකොට ඒ හැමෝම අග්නිගෙ දරුවව බලන්න බලාගම උන්නා.....

අග්...නී.....

" උඹට නොසෑහෙන්න තෙහෙට්ටුයි මගෙ ශිවන්....."

එයා මාව අට ගානවා....

විලිරුදාව එන්න එන්නම වැඩි වෙනකොට මගෙ යටි බඩ හරහා කැපුම් පාරක් වගේම උනුසු ලේ දාරාවන් ගලනවා වගේ දැනෙනකොට මම මගෙ වෙව්ලන අට්බ් වලින් අග්නිගෙ අත අල්ලගත්තා ...

අග් ....නි... මම....පරි...ස්සම්....ක්..කෙරුවා...අග්..නි....මම....උඹගෙ....වගේ...ම...ක්ක්....ක්ක්...කාලිගෙ.....ප්ප්....රාත්නාවන්.....ය්ය්...යතාර්තයක් ....ක්ක්..කෙරුවා....ම්ම්...මං...ද්ද්...දැන්...නිද...හස්...න්න්..නේද....ම්ම්...මගෙ....අග්..නී...

හුස්ම ගන්න තියා කතා කරගන්න එකත් අමාරු වෙනකොට මම අග්නිගෙන් දැන් නිදහස් නේද අහද්දි අග්නිගෙ ඇස්වලින් වැටුන කදුලු බින්දු මගෙ මූන තෙමුවා.....මම අග්නිගෙ ඇදුම මිරිකගත්තා....එන්න එන්නම වටපිටාව සම්පූරනම අන්දකාර වෙලා යන්න යනකොට මම අග්නි ඩිහා බැලුවා...බලලා හිනා උනා.....

අග්නී....

"වස්තුව....."

ම්..මට.....එක....ප්ප්...පාරක්.....ආදරෙයි ...ක්..කියන්න...ම්ම්..මගෙ....අග්....නී...මට....එක....ප්ප්...පාරක්.....ආද

" මම...උඹට මැරෙන්න තරම් ආදරෙයි....මම උඹට ජාති.....ජාතිත්....ආදරෙයි....මගෙ....ශිවන්...."

අග්නි මාව කිටි කිටියට තුරුල් කරගන ආදරෙයි කියනවා එක්කම මෙච්චර වෙලාම වේදනා විදපු මම මෙච්චර දවසක් රැකගත්තු අග්නිගෙ වස්තුවගෙන් නිදහස් උනා කියන්නද කොහෙද ඇබිත්තකට නැති ඈඩියාවක් එනවත් එක්කම කාලි දුවගන ආවා වගේම අග්නිත් ඒ දිහා බැලුවා....

" අග්නි...අග්..නි....ද්..දෙන්නෙක්....."

ද්දෙ ...න්නෙක්....??

දෙන්නෙක්.....මට....මට....

අග්..නී.....

"මගෙ....ශිවන්...ස්තූතියි .....මගෙ....අවසානම ප්‍රාර්තනාවත්...යතාර්තයක්...කෙරුවට...උඹට....පින්...මගෙ....ශිවන් ...ඒ ප්‍රාර්තනාවන් යතාර්තයක් කෙරුවට..."

අග්නිගෙ වෙව්ලන කටහඩ වගේම හාදු වැස්සක් මගෙ මූන වහගන්නකොට එක බඩවැල කඩාගන එලිබැස්ස අග්නිගෙ කුඩා වස්තු දෙක කාලිගෙ අතේ උන්නා වගේම ඒ හැමෝටම පිටිපස්සෙන් තවත් පුරුදු මූනක් උන්නා....

ද්දැහැමිනී.....

අග්..නි....ද්ද්...දැහැමිනී.....

"කියන්න පුලුවන් දේවල් තියනවා..කියන්න බැරි දේවල් තියනව මගෙ ශිවන් ....."

ආයමත් පුරුදු වචනම එලියට එනකොට මං අවසානම පාරට ඒ ඇබිතම් මූනු දෙක දැක්කා.....

අග්නි වගේමයි...

අග්නිගෙ මූන කටමයි . . ...

අප්පුච්චියෙ ....

මං උන්නෙ අග්නිගෙ පපුවට හෙත්තු වෙලා....මේ ගෙවෙන්නෙ මගෙඅවසානම විනාඩි ගාන....දරන්න අමාරු නිදිමත එක්ක මගෙ ඇග ට්කෙන් ටික සීතල වෙලා යනකොට හැමෝම මැද අග්නි මාව තුරුල් කරන් ඉන්නකොට මගෙ නිඛිල් මගෙ ගාවට ආවා..මාව දාලා ගියපු මහෙ පුතා..අග්නිගෙ පලවෙනි වස්තුව ...

නි...ඛිල්.....

මං කෙදිරි ගෑවා.....මං අග්නිට මාව වගේම නිඛිල්ව තුරුල් කරගන්න කියනකොට බාගෙට මරුන මගෙ දිහා බලන් උන්න අග්නි කදුලු හිර කරන් මා දිහා බලන් ඉදලා මාව තුරුල් කරගත්තා ....

"අග්නිගෙ වස්තුව ...

අග්නිගෙ කටහඩ වෙව්ලනවා.....ඇයි අහන්නවත් පනක් නැති මං හුස්ම ගන්න කට ඇර ඇර අග්නි දිහ බැලුවා ....

"අහන්නෙ නැද්ද...අග්නිගෙ ප්‍රාර්තනාව මොකක්ද කියලා ....."

.......අග්....නි...

"මනුස්ස ආත්මයක් ......!!!....ඒ වගේම ....හැමදාමත් ...එකම ආදරයක් ....ඒ උඹ...."

මගෙ ඇස් කොන්වලින් කදුලු වැටුනා....මගෙ අග්නි කිව්වා එයාගෙ ප්‍රාර්තනාව මනුස්ස ආත්මයක් කියලා ඒ වගේම එකම ආදරයක් ඒ මම කියලා ...එහෙම්ම එයා මාව තුරුල් කරගත්තා ...

"මගෙ අධීර .....උඹයි මගෙ සංසාරගත ආදරේ.... ස්තූතියි .....මගෙ ප්‍රාර්තනාව යතාර්තයක් කෙරුවට.....උඹගෙ අග්නි...උඹ එනකන්...බලන් ඉන්නවා .....මේ පාර....මට කලින්..මාව හොයාගනින්.....මං උඹට මැරෙන්න තරම් ආදරෙයි මගෙ මැනිකෙ....අග්නිගෙ මැනික....ප්‍රවේසමෙන් අග්නි බලන් ඉන්නවාඒ වගේම....උඹව රිදවපු අය වෙනුවෙන්...මම...මගෙ අතිම්ම මිනිවල කපනවා...ඒක....පොරොන්දුවක් ....ඒක මෙ අග්නි...අමරේන්ද්‍රන් ගෙ පොරොන්දුවක් ...

ආදරෙයි....මැරෙන්න තරම්...."

අග්නී...අග්...නී....හ්.....

අග්.....නී....හ්හ්!!!!!!!!!!

අනේ....අග්නීහ්හ්!!!!!!!.....

අග්....නී...හ්හ්හ්.....

.

අග්නී.....හ්...

මයෙ පුතා...

මයෙ...පුතා.....ඇස් ඇරපන්...මයෙ....පුතා.....අනේ...අනේ...අප්පච්චි දිහා බලපන්.....අප්පච්චි දිහාබලපන්.....රත්තරන් .....උඹට..හතුරුකම් කරපු අම්මත් යන්න ගියා.....උඹත් මාව දාලා යන්නද යන්නෙ....

ශිවන්.....ඇස් ඇරපන්.....ඇස්...ඇරපන්.....රත්තරනේ....

අප්පච්චි ට ඔහොම කරන්න එපා.....

ඒ හැම දෙයක්ම නැති උනා....ඒ හැම දේම.....අග්නි...නිඛිල්.....කාලි...ඒ හැම දේම නැත්තටම නැතිවෙලා ගියා....මනුස්ස ආත්මයක් ප්‍රාර්තනා කරපු මගෙ අග්නි වගේම කාලි...ඒ හැමෝම.මගෙ ඇස් පනාපිටම ගින්දර ගොඩක් වගේ රතුම රතුපාටින් ඇවිලිලා නැත්තටම නැතිවෙලා යනකොට මම ඉස්පිරිතාලෙ ඇදක් උඩ පන අදින ගමන් උන්නා.....

එයාගෙ පපුවට ඔලුව තියන් හුස්ම අරින්න හදපු මට එයාව මගෙ ඇස් පනාපිටම නැතිවෙලා යනකොට කාලි කිව්වාවගේම මම මගෙ මරනය කොයි තරම් වේදනාත්මකද කියන්න අග්නි නැතිව අත්වින්දා.....

අප්පච්චි කෑ ගහනවා.....

ටීක්...

ටීක්....

ටීක්...

වෙලාව පහයි කාලයි....කෙම්මුරක් ඉවර වේගන යනකොට මමත් මගෙ අවසාන විනාඩි ගාන ගෙව්වා...

නහයෙන් කටෙන් බට ගහපු මට මැශින් එකෙ ටීක්.....ටීක්....ටීක් ගාන සද්දෙ එක්ක අප්පච්චි ඇස් ඇරලා බලපන් මයෙ පුතා කියන වචන ඇහෙනවත් එක්කම මම අවසානම වතාවට අප්පච්චි දිහා ඇස් ඇරලා බලලා අප්පච්චි කියන්න කට අරිනවත් එක්කම මගෙ ඇස් කොනකින් වැටුන කදුලු බින්දුවක් සුදු පාට කොට්ටෙ තෙමනකොට නහයට දාලා තිබුන මාස්ක් එකේ මගෙන් පිට උන අවසානම හුස්ම පොද මීදුමක් හා සමානව බැදිලා ගියා........!!!!!

........

.....

...

.....

තව චුට්ටයි අම්මා.....

අනේ...අම්මා...අනේ....අනේ...හ්.....

දහ.....ම්ම්....අනේ.....හ්හ්.......

තව චුට්ටම චුට්ටයි....බබාව අපිට පේනවා....බබාව අපිට පේනවා....

අනේ....අම්....මා....හ්හ්.......!!

ඔහෑ......

දරුවගෙ නම..... නිතේශ් සෙයෝන් දිසානායක...

උපත් වෙලාව....5:15උදෑසන.....

උපන් ස්තානය මහනුවර රෝහල....

 ....සමාප්තයි...

...

....

නිදහස්...🥺🥺🥺👉

ජොබී!!!

More Chapters