LightReader

Chapter 85 - 85EXTRA (BOL)

මිස්ටර් බන්ඩාර ...

මිස්ටර් සිල්වා ....

මං ගිහින් මිස්ටර් බන්ඩාරට අතට අත දුන්නා ඒත් මගෙ ඇස් දෙක හෙව්වෙ ශෙනෝන්ව ....

අර උන්නෙ අග්නි නම්...මේ ඉන්නෙ අනිවාර්යයෙන්ම භෛරව් වෙන්න ඕනා...

අර ඉන්නෙ...බන්ඩාරට අතට අත දුන්න මං ඕනා නම් වචන තුනක් හතරක් කතා කරන්න ඇති ....මට එයත් එක්ක කතා කරනවට වඩා ශෙනෝන්ව අල්ලගන්න ඕනා....

නලින්.....

මිස්ටර් විතේන් ....

විනාඩි පහක් දහයක් දෙන්නම්...මට බන්ඩාරගෙ පුතා ගැන විස්තර ඕනා....

බ්බ්...බන්ඩා...රගෙ

අමාරු නම්....බස් එකේ නැගල ගෙදර ගිහින් අවුරු සතිය

නෑ මිස්ටර් විතේන් ....

ම්ම්ම්....අන්න රයිට්...බේබි බෝයි යන්න.....කලින් පාර වගෙ මේ පාරත් වැඩ ඇනුනොත්...ලෑස්තිවෙලා ඉන්නවා අද රෑට මගෙ අපාර්මන්ට් එකට යන්න ....මොකද මගෙ රට් එක ලගයි.....පේනවනෙ හදත් පායලා ම්ම්ම්....

.......

මං සුදු මැලිවෙලා ඉන්න නලින් දිහා බලලා ඔලුවම කුරුවල් වෙන කතාවක් කිව්වා .....කලින් ආත්මෙ මිනිහා යකෙක් උන හින්දමද මන්ද මට මනුස්ස ආත්මයක් එක්ක යක්ශ ගති ඇවිත් තිබුනා ....ඉස්සර හද පායන කෙම්මුරක් කියන්නෙම සංසාරෙම එපා උනා කියලා කෑගහන දවසක් .....

එත්...දැන්.....එයා මාව හොයා ගත්ත වගේම මට එයාව හොයාගන්න වෙලා...එයා මගෙ හිත වෙනස් කෙරුවා වගේම මටත් එයාගෙ හිත වෙනස් කරන්න උනෝතින් .....

මං හිතන්නෙ මට සෑහෙන්න කට්ටක් කන්න වෙයි....

..කමක් නෑ....ගියපාර කරපු ගොන් කම් වලට හරියන්න මේ පාර ඒවා හදාගන යමු විතේන් .....

නලින් අතුරුදහන් උනා ...කොහෙවත් යන ලයිකන් කෙනෙක්ගෙ මගුලක් අල්ලන් කියවපු මම නලින්ව බය කරනකොටම එයා ශෙනෝන්ගෙ වගතුග හොයන්න සෙනග අස්සෙ අතුරු දහන් වෙනකොට මං ශැම්පේන් ග්ලාස් එකක් එක්ක තනි උනා....

විතේන් ඩි සිල්වා ....විතේන් ඩී සිල්වා ...

මං මගෙම නම මුමුන මුමුන ගමං මගෙ එෆ් බී එකවුන්ට් එකේ උඩට පහලට ගියා.....ගැලරි එකේ තිබුන තවත් හොදම ඵොටෝ දෙකක් තුනක් අප්ලෝඩ් කරපු මං සට සට ගාලා වැටෙන ලයික් කමෙන්ට් බැලුවා වන් කේ පනිනවා ඉතින්.....

මූට නම් කෙල්ලො ඇති ගමකට...

කීදෙනෙක් නම් මගෙ ඵොටෝ දැකලා එ විදිහට හිතනවා ඇත්ද ...ඒත්....අවංකවම මන් එකම එකෙනෙක් පස්සෙ පිස්සුවෙන් දුවනවා...එකම හදවතක් ගැන මං රැයක් දවාලක් නැතුවම කල්පනා කරනවා...

උඹෙන් හම්බෙන හාදුවට පවා ලෝභ කම් කරන මට උඹ නැතුව පුලුවන්ද මගෙ අග්නි...

උඹගෙන් හම්බෙන හදවතටත් බර ආදරේ ගැන උමතුවෙන මට උඹ නැතුව පුලුවන්ද අග්නි...

මං ග්ලාස් එක හිමීට රවුමට හොලවලා ඉතුරු ශැම්පේන් උගුරත් කටේ හලාගත්තා .....

මිස්ටර් විතේන් .....

ම්ම්ම්ම්

විනාඩි ගානකට කලින් අතුරු දහන් උන නලින් හොරෙක් වගෙ මගෙ ගාවට ඇවිත් හොරගල් අහුලනකොට මං ඇයි කියන එක කටින් නාහා ඇස් වලින් ඇහුවා ...

ගෙදර නෙවෙලු ඉන්නෙ ,කොල්ලෙක් එක්කලු...ගෙදරින් අයින් කරලලු ඉන්නෙ ඔන්න දැන් ටිකක් සමාදානයිලු.....පොඩි කොල්ලෙක් එක්ක පවුල් කනවා කියලා තමයි කියන්නෙ....

ම්ම්ම්...එහෙමද

ඔව්.....

හරි.....

මිස්ටර් විතේන්

ඔව්...මොකක් හරි ප්‍රශ්නයක්ද ?

මං ගෙස් කරපු සමහරක් දේවල් හරි යනකොට නලින් කියපු දේවල් එක්ක මේ ඉන්නෙ කාලිමයි කියලා මට හිතුනා ...සෙනග ගොඩ මග ඇරලා ඵෝන් එක කන ශෙනෝන්ව දැක්කම මට කාලිවම මතක් උනා...තවමත් ඵෝන් පිස්සුව ගිහින් නෑ .....මං එහෙම්ම නලින් දිහා බැලුවා ...

ස්..සර්...ර්..රට් එක කියන්නෙ මොකක්ද ...

මං මනුස්සයෙක් නෙවෙ නලින්....

මනුස්සයෙක් නෙවෙ....

ම්ම්ම්...මං ලයිකන් කෙනෙක්....ටිකක් ප්‍රවේසමෙන් .....තේරුනාද ?

......

ඔච්චර ඇස් දෙක බෝල කරන්න එපා එහෙම උනාම මුල්ලකට ඇදන් යන්න හිතෙනවා .....ඔන්න ඉතින් සුදුමැලි උනානෙ...හොදට බබා වගෙ මොනවා හරි බොන්න....ම්ම්

හ්හ්...හ්...

ඒකා ගොත ගහනවා...මගෙ ගල්පැලෙන බොරුවලට සුදුමැලි උන නලින්ට වයින් එකක් අරන් දීපු මං ඵෝන් එක ඔබන කාලි දිහ බලලා එයා යන පස්සෙන් ආවා...

.

උඹට විතරක් උක්කුවව එක පාර හම්බෙන්න නම්....උඹට අනිවාර්යයෙන්ම මතක ඇතිනෙ කාලි නේ...ම්ම්ම්ම්ම්

මං ශෙනෝන් පස්සෙන් ගියා ....එයා ගියෙ වොශ් රූම් එකට ...මාත් ඒ පස්සෙම්ම ගියා මට කලින් ගියපු එයාව මං දැක්කට හෝන් එකෙ සිහියෙන් උන්න එයා මාව දැක්කෙ නෑ.....

හෙලෝ...ඩියෝන් බබා....මොකද කරන්නෙ ....

........

අද එන්න වෙන්නෙ නෑනෙ.....ඩැඩා ටිකක් ශේප් උන එකේ මං අද ගෙදර යන්නම්.....

......

අදට විතරක් නිතේශ් අයියගෙ ගෙදර ගිහින් දොයියනවද ම්ම්ම්ම්....

........

හා හා නෑ...

ඇතුලට ගිහින් දොරවහගත්තු එයා ඵෝන් එක කනෙ ගහගත්තා ....අදට විතරක් නිතේශ් අයියා ගාව දොයියන්න..ඒ මොන මගුලටද ???එයා ඇතුලෙ ඉදන් අර පොඩි ඇටයව හුරතල් කරනකොට මං සින් එක ඇරන් පුලුවන් තරම් අත් දෙක හේදුවා මූ වෙන එකෙක් සෙට් කරල මදිවට තව එකෙක් නිදාගන්නත් යන්නලු...ඇයි තනිකන්දෝසෙද?

එයා එලියට ආවා .....මං උන්නෙ තවමත් ඔලුව පහතට කරන් අත් හෝද හෝද.....

ශෙනෝන් බන්ඩාර ...

සොරී....ඔයා මොකක් හරි කිව්වද....

මං එයාට ඇහෙන නෑහෙන ගානට එයාගෙ නම කියනකොට එහා මගෙ දිහා හැරිලා බැලුවා .රූපෙ වෙනස් උනාට ඒ ගැම්මමයි....

උඹට මතක තියනවා කාලි.....මං මිමිනුවා ...

ශෙනෝන් ...

ඔව්....ඔයා....

මාව අදුනන්න බැරිද....නැත්තන් අදුනන්න බැ වගෙ ඉන්නවද ??

?????

තමුන්ගෙ කෙනාව එක පාරම හොයා ගන්න පුලුවන් නම්....අනිත් දේවල් අමතක වෙන්නෙ කොහොමද ශෙනෝන්.....?

ඔයා මොනවද කියන්නෙ.....මට තේරෙන්නෙ නෑ මිස්ටර් ....

මම කියන එක තේරෙන්නෙ නැද්ද කාලි භෛරව් ....ම්ම්ම්

එයාගෙ මූන දිහා බලන් වහෙන් ඔරෝ කතා කරපු මං ඊලග පාර එයාට කාලි භෛරව් කියනකොට ඒ ඇස් දෙක ගැස්සුනා...අල්ලන් උන්න සින්ක් ගැට්ට තවත් ටිකක් තදින් අල්ල ගත්තා .....මං එයාගෙ චූටි වෙනස්කම් පවා හොදටම බලන් උන්නා.....

මට එයාව අතෑරෙන්න ඕනයි කියලා කියපු උඹට දැන් මාව අදුනගන්න බැරිද කාලි ම්ම්ම්ම්ම්...

.......

අදුනගන්න බැරිද....ම්ම්ම්

එයා තවමත් උන්නෙ කටවහන් වෙනකොට මං ඇදන් උන්න බ්ලේසර් එක ගැලෙව්වා ....ගලවලා ...ඇදන් උන්න ශර්ට් එකත් ගලවලා දැම්මා...ගලවලා දාලා මගෙ පිටේ තිබුන පාර පෙන්නුවා....මොකද අග්නි මට අත උස්සපු තරම එයා දන්නවා ...

"ශි....ව..න්"

මං හැරුනා...හැරිලා ඒ මූන දිහා බැලුවා ...

මොකීද ඒකි???

...ඒකි...

ඔච්චර හූල්ලන් ඉන්න තරම් ....ඌ හෙත්තු උන එකී මොකීද ??

මං දත්මිටි කන්න ගත්තා ...

"අඹු සිගිත්ත .....දැන් එතකොට උඹ කාටත් හේත්තු උනේම නැද්ද ..."

කාලි මට උනෙ වැරදීමක්...මට උනේ වැරදීමක් හරි ...මම අග්නිට වෙන කෙනෙක් පටලව ගත්තා...

" මතකෙ ලාවට තිබිලා උඹ අග්නිට වෙන කෙනෙක් පටලව ගත්තා නම්...මෙලො සන්සාරයක් නොදන්න අග්නිට වෙන එකෙක්ට හේත්තු වෙන්න බැරි කමක් නෑ....."

ඇත්තට.....එහෙමද උඹ කියන්නෙ.....එතකොට ඌ මෙලෝ සන්සාරයක් නොදැණ හේත්තු වෙන්නයි .උඹ හැම සන්සාරෙම දැනගන හේත්තු වෙන්නෙයි...ඒක හරි.....එතකොට ඔය ඉන්නෙ මම නෙවෙ කියන්න උඹ දන්නව නම්..මට කියපන්....ඇයි උඹට බැරි උනේ ඒක නවත්තන්න??? ආ....ඒක නවත්තන්න බැරි උනේ මොකද කියපන් කාලි ..ආ??

මට ආවෙස උනා....මට නහුතෙටම නගිනකොට මම කාලිගෙ බෙල්ල මුලින් අල්ලගත්තා.....මට අත්වැරදීමක් උන එක පැත්තක දාලා මම කාලිව කන්න හැදුවා...

" ඇයි නැවැත්තුවෙ නැත්‍ය්හෙ කියන්නෙ...මට අග්නිව හම්බෙනකොටත්.....අග්නිට ඒකි උන්නා...අනික ....."

අනික....ඇයි ..අනික කියන්නෙ.....මොකද....??

ඌ ගේ කාරයෙක් නෙවෙ .....ඌ තනි කෙලින් එකෙක්...ඌට මේ වගේ රිලේශන් ශිප් ගැන මෙලෝ අදහසක් උනන්දුවක් නෑ.... ...

ආ....ඇත්තට... .එහෙමද එයා දැන් ....තනි කෙලින්ද....තනි කෙලින් උනත් හරහට උනත්. මට ඌව ඕනා...හරි...මට ආයම මගෙ අග්නිව ඕනා.....උඹයි සාප කෙරුවෙ මට ඌව නැති වෙන්න ඕනා කියලා ...උඹයි සාප කෙරුවෙ කාලි....උඹයි සාප කෙරුවෙ.....උඹයි....ඒ උඹමයි....අවසානම මොහොතෙදි උඹයි සාප කෙරුවෙ ....

මම එතන තිබුන මල් වාස් එකක් අරන් දඩාස් ගාලා කන්නාඩියට ගැහුවා.....මට අග්නිව නැති වෙන්න ඕනා කියලා කාලි සාප කරපු එක මතක් කර කර මම කාලිව නොමරා මරන්න හැදුවා....මට ඉවසීමක් නෑ...අර ඔතෑනි ශිවන් වෙනුවට මම ඉපදිලා තිබුනෙ තනිකරම නහරකාරයෙක් විදිහට වෙනකොට මට කාලිව මරන්න තරම් තරහවක් ආවා....එයා එ මදිවට ....මම කාලි දිහා රවාගන බලන් උන්නා....එයා අහක බලන් උන්නා..මොනවා හරි කියන්න කට හදනවා.....ඒත් නොකියා ඉන්නත් හදනවා.....

කියන්න තියන ලබ්බක් කට ඇරලා කියපන් කාලි....මොකද ...මට අවසානම මොහොතේ මොකුත්ම නැති උනා.....දැනුත් එහෙමයි...හැබැයි...මේ පාර එහෙම නෑ..පරම්පරාවක් මරාගන හරි...මට මගෙ එකා ඕනා..මට මගෙ අග්නිව ඕනා...මාව පිස්සෙක් කරන්න එපා...

සාක්කුවට අත දාපු මම මගෙ සිගරට් බොක්ස් එක් හෙව්වා....ඒ මගුලත් නෑ....

ඔලුවත් චුට්ටක් කසපු මම එහා මෙහා ඇවිද්ද....උඹයි සාප කෙරුවා කියන එක මම දැන් ගනින්න බැරි තරම් වාරගනක් මම ජපකරනකොට එයා මා දිහා බලන් උන්නා.....

මම උඹට සාප කෙරුවා ...හැබැයි....උඹ දන්නවද ...උඹගෙ අග්නි මට ආපිට සාප කෙරුවා කියන්න...උඹව අඩවලා එදා මං අග්නිව එක්කන් ආවට පස්සෙ උඹගෙ අග්නි මට සාප කෙරුවා ...

අග්නි එයාට සාප කෙරුවලු.....මට අග්නිව නැතිව යන්න ඕනයි කියලා සාප කරපු කාලිට අග්නි සාප කෙරුවලු....මම ඇහි බැම රැලි කරන් කාලි දිහ බලන් උන්නා..එයා අතට ගත්තු ටිශූ එක කිටි කිටියට මිරිකගත්තා....

මොකක්ද.....?මොකක්ද කාලි??කියපන් ....කට පියන් ඉන්නෙ..කියපන් ..උඹ මට සාප කෙරුවට පස්සෙ මොකද උනේ.....

මම කාලිව හෙල්ලුවා....මම ශෙනෝන්ගෙ උරහිස්වලින් අල්ලන් හෙලෙව්වා.....

මට කවදාවත් අප්පච්චි කෙනෙක් වෙන්න බෑ ශිවන් .....

එයාගෙ උරහිස් අල්ලන් උන්න මගෙ අත් දෙක එක පාර දෙපැත්තට කඩාගන වැටුනා....ඒතරම් ලොකු සාපයක්.....??

එදා මම අග්නිව ගෙනාව මොහොතෙමයි...

.....ඇති...

මම අහක බලාගත්තා ...මට එතනින් එහා දෙයක් කරන්න කියන්න ඉතුරු නෑ...මම සින්ක් එකෙ ගැට්ට අත් දෙකෙම්ම මිරිකගත්තා ...

ශෙනෝන්...මට මගෙ නිතේශ්ව ඕනා....මොන දේ කරලා හරි මට ආයම ඕනා...උඹ මට සාදාරනයක් කරනව නම්...මම...අනිවාර්යයෙන්ම උඹට සාදාරනයක් කරනවා....එතකොට කවුරුත් කාටත් ණය නෑ.....මම දන්නවා..එයාට මෙලෝ දෙයක් මතක නෑ...මට තේරෙනවා..එයාව නම්මගන්න එක ඒතරම් ලේසිත් නෑ....අනික.....අග්නි අහිවන් කතාව කිව්වත් එයා මේ ආත්මෙට ඕක පිලිගන්නෙ නෑ....මටත් හැම ශේම අමතක වෙලා යන්න කලින් මට එයාව ආපහු ඕනා....එච්චරයි මට කියන්න තියෙන්නෙ....

මම සෑහෙන වෙලාවකට පස්සෙ කතා කෙරුවා ....එයා අහන් උන්නා.....මොකුත් නොකියම මගෙ අතට කාර්ඩ් එකක් තිබ්බා.....

"Saloon niyo"

එයා හෙට අනිද්දා ගෙදර යාවි....

ගෙදර....කොහෙ.....

කැන්ඩි..... 

ම්ම්ම්...

මම උඹ එක්ක ඉන්නම්...මගෙන් උන වැරද්ද මම හදන්නම්.....

මම අග්නිගෙන් උන වැරද්ද හදන්නම්....මට මේකට එක පාර කතා කරන්න බෑ.....මොකක් හරි කරන්න.....

මම එයා අතට දුන්න කාර්ඩ් එක දිහා බලාගන එයාට මොකක් හරි කරන්න කියාගන එන්න ආවා....

සැලෝන් නියෝ...

කුරුදුවත්ත .....

මම කල්පනා කෙරුවා ...කුරුදුවත්ත කියන්නෙ...මේක..මේ.....ඒකියන්නෙ.....අතගාවමයි ඉන්නෙ.....ම්ම්ම්ම්...ම්ම්ම්ම්....උඹට මෙලෝපන් දෙයක් මතක නැතිනම්...මට උඹ මාව නම්මගන්න කාපු කට්ටම කන්න වෙනවද මගෙ අග්නී.....

කාර්ඩ් එක දිහා බලාගන මම ආය ආයම කල්පනා කෙරුවා ....එයා නුවර යනවලු...ඒකියන්නෙ මට අවුරුදු දවසට කරන්න වැඩක් තියනවා...

නලින්...එලියට එන්න.....

ආපහු ඇතුලට නොගියපු මම ඊළඟ තත්පරේදි නලින්ට කතා කෙරුවා ....මට යන්න ඕනා...මට මේ දැම්ම ඒ සැලෝන් එක ගාවට දුවන්න ඕනා.....මෙවෙල වහලා තිබ්බත්. එයාලා හැමෝම ඉන්නෙ ඒ බිල්ඩින් එකේලු....මට ඒ මූන බලන්න ඕනා...මට ඒ මූන දිහා බලන් ඉන්න ඕනා......

මිස්ටර් විතේන්.....

යමු...

ආ...

ඇයි.....මොකද...මෙතනට වෙලා ඉදන් ඒක බාර් නටන්නද??

මම නලින්ට රැව්වා.....රවලා එන්න හැරුනා...නලියට දුවෙක් ඉන්නවා...අද හෙට බදින්න ඉන්න කෙල්ලෙක්.....ලස්ස්නයි.....ම්ම්ම්...ම්ම්ම්....හරි අපි බලමුකො....නේ.....

නලින්වත් දාගත්තු මම එයාගැන කල්පනා කර කර එන්න ආවා....දැන් ඉතින් මට නින්ද යන එකක් නෑ.....මට දවසම බැල්කනි එකට වෙල ඉන්න වෙයිද.....ඒ උනත් මොකද....එයාව මට හම්බෙනවා නම්....

නලින් ගල් ගිලලා වගේ බලන් ඉදලා සැරින් සැරේම මගේ දිහා බැලුවා..මිනිහා බය වෙලාද මන්දා මම ලයිකන් කෙනෙක් කියලා...අනෙ මං ඔවුන් ගැන දන්න රෙද්දක් නෑ...සැරින් සැරේම හද දිහාත් බල බල මා.දිහාත් බලනවා....පව් හැබැයි.....

නලියෝ.....

...

මට හිනා යන්න ආවා....මිනිස්සු මිනිස්සුන්ගෙ ලෝකවල ඉදන් උන් උන්ගෙ වැඩකරගන්න ගමන් උන්නා. ....කොළඹ අහසට කවදාවත් පාලු නැතිව ඇති...කොළඹ මහපොලවටත් කවදාවත් නිවනක් නැතුව ඇති...උදෙ ඉදන්.....රෑ එලිවෙනලකම්ම මහපාර පුරාවටම ටයර් පාරවල් වදිනවා ඇති....මම බයවෙලා ඉන්න නලින්ට නලියො කියලා පොඩ්ඩක් අදින ගමං කතා කරලා එයාගෙ කලවයක් උඩින් අත තිබ්බා විතරයි මිනිහා අතින් කට වහගත්තා...මේක මහ බිබික්කමක්...

නලින්.....ගෙදර කීයක් ඉන්නවද?

මායි නෝනයි...දුවලා දෙන්නයි....

ම්ම්ම්...නෝනයි....දුවලා දෙන්නයි....එක දුවෙක් නම්.මැරිකරන්න ඉන්න වයසෙ නේද?

ඔව්....ආන්‍යා...

ආ....න්...යා.....ලස්සන නමක්නෙ.....කව්ද දැම්මෙ...මගෙ බේබි බෝයිද...නැත්තන්....

ප්ල්ලීස්ස්...මිස්ටර් විතේන්

ඇයි???

.....

හරි හරි.....කව්ද නම දැම්මෙ....ඔයාද....නැත්තන් නෝනද.....

නෝනා.....

ම්ම්ම්...හා..හා.....

ටැෆික් ලයිට් එක ගාව නැවතුන මම නලියගෙන් දුවගෙ නම අහන් ඔහේ බලන් උන්නා...නයිට් කඩ පුරාවටම සුදු පාට ටියුබ් ලයිට් ඇවිලෙනවා....මිනිස්සු කනවා.....බොනවා...හිනා වෙනවා....හිගන මිනිස්සු කඩ පිල් වලට වෙලා ඉදන් ඉන්නවා...සමහරෙක් දොරකොඩ ගාව ඉදන් ඇතුලට යන මිනිස්සුන්ටත් අත් දික් කරනවා...ඇතුලෙන් ඉදන් එන මිනිස්සුන්ටත් අත් දික් කරනවා.....

අනේ...මන්දා....වෙලාවකට දුකයි....වෙලාවකට තරහයි...වෙලාවකට පව් කියන්න නැවෙන දිවම වෙලාවකට බනින්න දිගෑරෙනවා.....ඕක තනිකරම බිස්නස් එකක්...

හදුන්කූරක්...පොතක් පතක් විකුන විකුන යන මිනිස්සු නෙවෙ ලමයි වදාගන කිලිටි පෙරාගන මිනිස්සුන්ට අත පාන උන් දැක්කම අවන්කම දුක හිතෙන්නෙ ලමයි ගැන.....එක්කො නොවදා ඉන්න ඕනා...ඒකත් වදන්න ගියහම පඩි පෙල වෙනවා....අනේ මන්දා ...ඇයිද කියලා....කන්න බොන්න දෙන්න බැරි නම්...ඇයි ඔයතරන් ළමයි හදන්නෙ....

මගෙ ඇස් දෙක පාර දෙපත්තෙ තිබුන කඩපිල් උඩ උන්න හිගන්නො ගාවට ගිහින් නැවතුනා...සමහර් උන්ට බැනලා බෑ.....අනේ මන්දා ...පොතක කවරෙන් සමහරක් මිනිස්සු ගාව අහන්න කතාවක් තිබ්බා....වයසට ගිහින් නහර පෑදුන අත් දික් කරනකොට නම් බඩ පපුවත් එක්ක දාලා යන්න එනවා....සමහරුන්ගෙ නම් දරුවොමයි මහපාරට ගෙනත් අතෑරලා තියෙන්නෙ ...

ඇත්තටම මිනිඅසු කියන තරම්ම අම්මා තාත්තට ආදරේ උනානම්....කොහෙන්ද ඔච්චර මහලු මඩම්...මිනිස්සු ඔය කියන විදිහටම ලමයිට ආදරේ උනා නම්..කොහෙන්ද ඔච්චර අනාත මඩම්....

මට ඒකෙන් එක පැත්තක් ගන්න බෑ...මොකද නොන්න කතා හුගක් තියනවා.....

වැටෙයි.....යෝ....වැටෙයි... හෙමින්.....හෙමී....න්

අම්....මියේ........

මගෙ ඔලුවට පොලු පාරක් වැදුනා....සිග්නල් ලයිට් වැටෙනවත් එක්කම පාරෙ වාහන වල සද්දෙ ඇතුලෙන් ඇහුන කටහඩ එක්ක මගෙ ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ උනා...අම්මියෙ....

නි....ඛි.....ල්...

මම බෙල්ල එලියට දැම්මා...බැලුමක් උස්සන් දුවන හිගන පැටියෙක් ....

ගෑනු කෙනා හිනා වෙවී පොඩි එකා පස්සෙ දුවනකොට අනේ අරකා කඩමාලු වෙච්ච ඇදුමක් අරන් බැලුම අතේ තියන් දුවනවා....

මගෙ පුතා....අම්මියේ අප්පුච්චියේ ගෑව මගෙ පුතා.....මම එයාට ඉන්න කිව්වා....

මිස්ටර් විතේන් ..... මිස්ටර් විතේන්

මටත් නොදැනිම මගෙ ඇස් වලින් කදුලු වැටුනා.....මට වාසනාවක් තිබුනොත් ....ආයමත්....

මම අත් දෙකෙම්ම සිටියරින් වීල් එක මිරිකගත්තා ....මට ආයම මගෙ පුතාව ඕනා...අනේ මට උඹව ආයම හම්බෙයිද ??

මිස්ටර් විතේන් .....

ආ...ප්‍රශ්නයක් නෑ ඇහැට රොඩ්ඩක් ගියා....නලින් ඔයා කාර් එක අරන් යන්න මම මෙතනින් බහිනවා

මෙතනින්....

පොඩි එකා ඇවිදින් මගෙ ඇස් වලට කදුලු දීලා යනකොට මට මගෙ නිතේශ්ව...මගෙ තේශිව ....බලන්නම ඕනා උනා...අනේ. ...මගෙ අග්නි....අනේ මගෙ තේශි..අපි ආයම පටන් ගමු කියලා බදාගන්න තරම් මට පිස්සු හැදෙන්න ආවා...

මොන කට්ට කාලා හරි මට උඹව ආයම ඕනා නිතේශ් ....නම වෙනස් උනත් ...උඹ හැමදාම මාව ප්‍රාර්තනා කෙරුවා ...කමක් නෑ.....හැම ආදරේම හරිම කෙනා වෙන්නෙ නෑනෙ.....මට අමතක වෙයි . .උඹටත් මතක් නොවෙයි...ඒත්...මම උඹට දුන්න..උඹ මට දුන්න පොරොන්දු රකින්න ඕනා....ඒ ඇති...

මම සැලෝන් නියෝ එක ගාව්න් බැස්සා....මොකද කාර් එක මගෙ උනත්...මට නලින්ව මෙතන ඉදන් ආයම මගෙ අපාර්මන්ට් එක ගාවට පයින් යවන්න හිත දුන්නෙ නෑ...කොච්චර කෑ ගැහුවා උනත් මම ඒතරන් බලු උනේ නෑ..මොකද නැති කාලෙදි...දැනුන දුක මට මතකයි ....එයාව යවලා සැකොන් එක ගාවින් බැහැගත්තා ....සැලෝන් එක තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ .මම ඉන්නෙ මෙහා පැත්තෙ. . එයා ඉන්නෙ හතරවෙනි තට්ටුවෙලු.....පහල තට්ටු තුනම අන්දකාරයි.....අනිවාර්යයෙන්ම අර පොඩි ඇටයා මගෙ අග්නිව අල්ලගන්න යන්න ඇති...

මම බලන් උන්නා...අඩුම ගානෙ කර්ට්න් එක්ක වත් ඇරෙයි කියලා .....

මම බලන් උන්නා...එයා බැල්කනි එකට එයි කියලා ....නෑ.....දාලා තිබුන ලයිට් එක ඇරෙන්න වෙනමොකුත් වෙනසක් උනේ නෑ...

විනාඩි පහක්...දහයක් ගියා ....රෑ හින්දාමද කොහෙද චුට්ටක් සීතලත් දැනෙනවා...

විනාඩි විස්සක්....පැය භාගයක්....මම බලන් උන්නා ...නෑ....ඒත් නෑ....

මම යන්න හැදුවා.....ඒත්..එ.එත් එක්කම ජනෙල් තිරේ හෙල උනා...මගෙ පපුවට් එක්ක ගැහෙන්න ගත්තා....බැල්කනි එකේ ජනෙල් පියන ඇරුනා.....මෙච්චර වෙලාම වාහන එකා කාරෙට ගිය පාරෙ වාහන එකින් එක අඩුවෙන්න ගත්තා....

මම බලන් උන්නා...අන්න අර පොඩි ඇටයා....

මම බලන් උන්නා..කාලියගෙ උක්කුවා ආවා...අත් දෙකෙම්ම ඔලුව කැසුවා....ගේ දිහා බලාගන මොන මොනවදෝ කිව්වා...ආයම අඩි හැප්පුවා....අත් දෙකම ඉනට තියා ගත්තා...

කිඹුහුම් යැව්වා.....

ඒ එක්කම එයා ආවා...මගෙ තේශි....මගෙ නිතේශ් ..මගෙ අග්නී....මග්ව් අග්නි ආවා...මගෙ ආදරනීයම යක්ශ පරානෙ ආවා...

සාක්කුවට අත් දෙක දාන් උන්න මම බලන් උන්නා.....අරූ කිඹුහිම් යවලා යවලා නහය පිහිදගත්තෙ මගෙ නිතේශ් ගෙ ටී ශර්ට් එකෙන්..මූව උස්සලා පොලවෙ ගහන්න ඇත්නම්....

ඒකා මොන මොනවදෝ කියවනවා....කට පියවන්නෙම නෑ...එයා ඇතුලට ගියා ....ආයම ආවා...නිකන් නෙවෙ...අරූගෙ ඔලුවට තොප්පියක් දැම්මෙව්වා....

ආ...හා..හා.....හොර ගෑනිට කිඹුහුම් යනවට වෙන්න ඇති....හිටපන්...හිටපන් ...දිසානායක හාමු....උඹ හාමුවෙක්ලු නේ.....හිටපන්...

පාරෙ වාහනත් අඩු එකේ මම හෙමින් හෙමින් පාර අයිනෙම්ම ගිහින් එහෙම්ම පාර පැනලා එයාලට නොදැනෙන්න එයාලගෙ බිල්ඩින් එක යටම තිබුන තිවංක ස්ටෝර් කියල ගහපු සිල්ලර කඩේ ගාව නැවතුනා ...

අනේ ...නිතේස් අයියේ....ඇයි පුතේ මේ....රෑට කෑවෙත් නෑ....අනේ මන්දා...අපේ සෙනෝන් පාටියට ගිහින් මොන මගුල වෙලාද දන්නෙ නෑ....මම ඒ මිනිහා ගැන හිතන්නත් ඕනා...ඔයා ගැන බලන්නත් ඕනා....ගෙදර ඉයුම් පිහුම් ගැන හිතන්නත් ඕනා.....මේ සැලුන් එකට එන උන් ගැනත් හිතන්න ඕනා.....මට හරියට වැඩ!!

........

මගෙ නිතේස් අයියේ....

...

මම අහන් උන්නා. .අරූ...නිතේස් අයියෙ.. නිතේස් # යියෙ ගගා නැහෙන්න හදනවා...මූට අරූගැනවත් නැති කැක්කුමක් මගෙ එකා ගැන තියෙන්නෙ අම්මන්ඩි වගේ....බලන් ගියහම උටනෙ වැඩ තියෙන්නෙ....

බත් කන්න බැරි නම්....චුම්චු චුට්ටක් වත් දෙන්නද පුතේ....ඈ නිතේස් අයියෙ....

ආ...ආ....ඒ නම් උක්කුවා බොත්තම ගලවගන්න තමයි!!

🤭ආයම හෙත එන්නම් ඈ....

ජොබීත නිදහාස්ස්....

යෙයෙ එක්ක එන්නම්.....

මම

Ferdeesha ❤️💚😘

More Chapters