LightReader

Chapter 88 - 88EXTRA(BOL)

අම්මා එක්ක කතා කරපු මම ඵෝන් එක පැත්තකින් දාලා දලදාව දිහා බලන් උන්නා....හෙට අවුරුදු ...මිනිස්සු පිරේවි...

ඒත් හෙට කියලා වෙනසක් නෑ....

මං හිතන්නෙ දලදාව පාලුවට යන්නෙත් නෑ.....

මම හිතන්නෙ බෞද්දයො විතරක් යන්නෙත් නෑ.....

මිනිස්සු කී දෙනෙක්ගෙ ඉල්ලීම් එක්ක දලදාවෙ මැටි පහන් ඇවිලෙනවා ඇතිද.....

කී දෙනෙක්ගෙ ප්‍රාර්තානාවන් එක්කදුන් කූරු ඇවිලෙනවා ඇතිද...

පල්ලියකට ගියත් ඉටිපන්දම් අහුරක් අවුලන මිනිස්සු ප්‍රාර්තනා කරනවා....

කෝවිලකට ගියත්....කපුරු පෙත්තක් අවුලන මිනිස්සු ප්‍රාර්තනා කරනවා....

මස්ජිද් එකකට ගියෝතින් ....ඒක මන් දන්නෙ නෑ....

ඒත්...හැම ප්‍රාර්තනාවක්ම පටන් ගන්නෙ ඇවිලීමකින්ද????

මම මගෙම්ම ඇහුවා....වැව රවුම එන්න එන්න පාලුවට යනවා...මිනිස්සුන්ට අද නවතින්න වෙලාවක් නෑ.....

මමයි වැව රවුමෙ එක එක දේවල් විකුනන මිනිස්සුයි ඇරුනම කවුරුත් නෑ....

මගෙ තාත්තත් මෙතන උන්නලු...

නිතේස්ග්ගෙ අප්පච්චිත් මෙතන උන්නලු....

තාත්තා නොකියපු කතා අම්මා මට කියලා දෙනවා....

වලව් කාරයො එක්ක අපි කොහෙ පෑහෙන්නද ?? ඇරත්.....පිරිමි පිරිමි.....

මම හිතන්නෙ....අනිත්.මිනිස්සු කෙසේ වෙතත්..උඩරට රදලයො එක්ක....

මගෙ ඔලුව ඇතුලෙ ප්‍රශ්න ගොඩක් කැරකෙනවා...

දහම් පහන් කියල හැබෑ නොවුන හීනෙ....විතේන් නිතේශ් හරි යතාර්තයක්ක් කරන්න ඕනා....

මගෙ උරහිස් දෙක උඩ උන්න දේව දූතයො දෙන්නා මරාගන්නවා.....

එකෙක් කියනවා මේක හරියන් නෑ කියලා ..අනිකා කියනවා නෑ මේක හරියනවා කියලා ....

මම දන්නවා...අම්මා කිව්වා වගේම තාත්තා මෙක දැනගත්තොතින්....මට ඇදිවත පිටින් එන්නම ටිකට් කරාවි.....

ඒත්....එහෙමයි කියලා මම කොහොමද අතාරින්නෙ...

අතාරින්න බලාගන මොන මිනිහද ආදරේ කරන්නෙ...

.මම වලාකුලු බැම්මෙනුත් එහාබලන් උන්නා... රැලි ගගහා..රැලිගගහා...වැව දිලිසෙනවා........

මට ඈනුමක් ගියා බඩ ගිනී.....උදේ ඉදන් වතුර උගුරක් නෑ....මෙච්චර වෙලාම තිබුන් නැති බඩගින්නක් දැනුනා.....ඒත් බඩගිනි උනත් මම උන්නෙ මහ ඔතෑනි ගතියෙන්....සරමක් ඇදන් උන්න එයා සැරින්සැරේම මගෙ හිතටවද දෙනවා....

.දෙන්න තියන හැම ආදරේ බින්ංදුවම ඒකිට දුන්නම...මට දෙන්න ආදරයක් උඹ ගාව ඉතිරි උනාද මගෙ අග්නි....??

මම අහස දිහා බලාගන ලොකු හුස්මක් ගත්තා....වලාකුලු පාවෙනවා.....වලාකුලු වලටත් අවුරුදුද මන්දා.....ඒවත් වෙනදට වඩා අද සුදුපාටයි....

මුලු නුවරටම අවුරුදු තිබුනත්....

මගෙ අග්නිගෙ හිතේ ගින්දර ඇවිලෙනවා දලදාහාමුදුරුවනේ ....ඒකා අදරයක් හන්දා විරහව විදිනවා.....

පින් අයිතිවෙයි ...මට ඒ මුනට හිනාවක් ගෙනත් දෙන්න...මට ආපහු මගෙ ආදරේ ලංකරන්න හාමුදුරුවනේ .....

මම දලදාව දිහා බලාගන ප්‍රාර්තනා කරනකොට හිස් වෙලා තිබුන සිමෙන්ති බංකුවක හිස් කමක් තවත් කෙනෙක් ඇවිදින් පුරවන හැටි මම පැත්තෙන් දැක්කා....

මම එහෙම්ම හැරිලා බැලුවා.....

.

මගෙ අප්පච්චි ...දහම් අංකල්.....

ඔව්.....මයි...දෙයියනේ ඒ ඉන්නෙ දහම් අංකල්...අච්චර අරහෙ වැඩතියනකොට එයා මෙහෙ මොකද කරන්නෙ....

.මම බලන් උන්නා...කාලෙකදි මට අප්පච්චි උන....දැන් අග්නිගෙ අප්පච්චි උන දහම් අංකල් ඇවිදින් වැව රවුමෙ ඉදගත්තා...

ඉදගත්තු එයා වට පිටවත් බැලුවෙ නෑ...ඔහේ වැව දිහා බලන් උන්නා...

එයත්....තවමත් මගෙ තාත්තා ගැන හිතනවා ඇතිද.....මම හිතන්නෙ නෑ....අනීතා එක්ක...කවදාවත් සතුටක් ඇතියි කියලා ...වැරදි කෙනාව බැන්දා උනත් ..මගෙ අම්මා තාත්තට ජීවිතේ විදින්න දුන්නා...ඒත්...තාත්තගෙ මූනෙ තියන සැහැල්ලුව...අප්පච්චි ගෙ මූනෙ නෑ.....ඒ මුන සම්පූරනම අදුරු වෙලා ගිහිල්ලා...ඒ මුන සම්පුර්ණයෙන්ම මැලවිලා ගිහිල්ලා....

වලව්ව කියන්නෙම තනිකරම පුහුමාන්නෙ විතරක් පිරුන අපායක්ද කොහෙද .....

මම් ඒ මුජ්න දිහා ඈත ඉදන් බලන් උන්නා...විනාඩියක් දෙකක්...තුනක්.....එයා නෙවෙ බලන් ඉන්න පැත්ත වෙනස් කෙරුවෙ .....බලාගත්තු පැත්ත බලන් උන්න එයා සමහරක් වෙලාවට ඇස් පිහනකොට මම එයාගෙ ඵොටෝ එකක් අරන් අම්මට යැව්වා...

ආදරෙ විදින මිනිස්සු අස්සෙ හුගක්ම ඉන්නෙ විදවන මිනිස්සුද මන්දා.....

නැත්තන් මොකටද මිනිස්සු ඔය තරම්ම විරහ ගීතම ලියන්නෙ....මිනිස්සු මොකටද ඔය තරම්ම විරහවට තනු දාන්නෙ....

මම බලන් උනා...විනාඩියෙන් විනාඩිය ගෙවිලා ගිහින් විනාඩි තිහක් එකතු වෙලා පැය භාගයක් හැදෙනකොට එයා නැගිට්ටා.....නැගිටල ඇදන් උනන් ඇදුම ගසා ගත්තා.....නිකන් වත් වටපිට බැලුවෙ නෑ.....

කාලෙකට කලින් ආදරෙන් උන්න මිනිස්සු ...කාලෙකට කලින් හිනා වෙච්ච මිමිස්සු....අද ජීවත් වෙන්නෙ ආදරේ කියන එකේ වත් හිනාවෙවත් තේරුමක් නොදන්න උන් ගානට....

මම හැරිලා බැලුවා....කාර් එකට නැගපු එයා යන්න ගියා...ආපහු වලව්වටම වෙන්න ඇති....

තේශී...උඹ හොදින් නේද මගෙ අග්නි...

වලව්වෙ ඉදන් විදවන එයාට වැව රව්මෙ තනියෙන් ඉන්න මම තනියෙන් කතා කෙරුවා.....

තව ටික දවසක් දියන් මගෙ නිතේශ් ...මේ හැම දේම හරියාවි ....මේ හැම දේම හරියාවි .......

බඩගින්නට තවත් ඈනුමක් ගියපු මම උදේටයි දවල්ටයි දෙකටම කන්න වැව රවුම පහුන් කරන් ගියහම හම්බෙන කෑම කඩේට ගියා.... උදේට දවල්ට බත් කමු කියල තියනවා...ශෝර්ට් ඊට්ස් වග කියලා තියනවා....කුරුදු වත්තෙ ෆ්‍රයිඩ් රයිස් ගිලින මට ගමේ ගොඩේ කෑම ගාවදි කෙල ගිලුනා...

මගෙ තාත්තටයි මටයි දෙන්නටම එකම පෙරේත කමක් තියනවා...මාතර බත් කඩෙන් බත් කන්න...ඒකෙ තියන මාලු ඇඹුල්තියල් එක කන්න අපි දෙන්නම පෙරෙතයි.....තාත්තා ඒකෙන් කන්න ආසයි කියන එක....නිතේශ්ගෙ අප්පච්චි පවා දන්නවලු....

ආදරේ කරපු මිනිස්සු නොදැන ඉදීද...?එයාට තවමත් මතක තියනවද දන්නෙ නෑ.....

මතක ඇති නේද....අමතක වෙන්නෙ කොහොමද .....මගෙ අග්නියා ත්‍රීපෝශ පෙරේතයා කියන්න මම තවටත් දන්නවනෙ....අනේ ඒකා මගෙ කොල්ලගෙ ඒවත් ගිලපු තරමක්.....ඒකට තවමත් ඒ පිස්සුව තියනවද දන්නෙ නෑ....

බුෆේ එක ගාවට ගිහින් පදම් කරපු මැටි පිගානට ඇට වෙන් වෙන්ව හිටින්න උයපු බත බෙදාගන්න ගමන් මම කල්පනා කෙරුවා ....මිරිස් අච්චාරු තියනවා.....රතුම රතුපාටට ගම් කුකුල් මස් තියනවා දැක්කම නම් කටට කෙල උනනවා..ඒත්..උකුවෙන්න කියලා කෝන් පිටිදාල තිබ්බොත් තමයි වැඩේ....

උදෙටත් නැති එකේ ....දවල්ට වත් බඩපිරෙන්න කනවා.....

කුකුල් මස් එක දිහා බලන් උන්න මම අවසානෙදි පොල්කටු හැන්ද වැව් මාලු එකට දැම්මා...

පලවෙනි බත් කට...ඇගිලි තුඩුවලින් ඇනනු පලවෙනිම බත් කට මට උගුරෙන් පහලට යනවත් එක්කම හිර උනා...අනේ එයා කන්න ඇතිද....

නැත්තන් හූල්ල හූල්ල ඇතිද.....මට කන්න හිතක් නැති උනා...අර බඩ ගින්න වාශ්පන්වෙලා යන්න හදනකොටම මම ශෙනෝන්ට කෝල් එකක් ගත්තා...ආයමත් අර දොන්තයා ආන්ස්වර් කෙරුවොත් තමයි වැඩේ තියෙන්නෙ.....

මම ශෙනෝන්ගෙ නම්බර් එක ඩයල් කරලා ආන්ස්වර් කරන කන් බලන් උන්නා...

හලූ...

මම කිව්වෙ ..මේ මු තමයි...එහා පැත්තෙන් ආව දොන්ත කටහඩ එක්ක මම උගුර පාදගත්‍තා ....මූව තරහ කරන් බෑ....අර පාන්කිරිත්තව අල්ල ගන්නම්...මූව අල්ලගන්න ඕනා...මු තමයි මගෙ නිතේශ් ගෙ පස්ස පාරෙ යන්නෙ...

හෙලෝ..මෙ ඩියෝන් බබාද...

ඔව්....ඩියෝන් බබා තමයි....හැබැයි සෙනෝන්ගෙයි අපේ නිතේස් අයියගෙයි විතරයි....හරිතේ....

.හ්හ්...හා...හා...

මුගෙ කන පලන්න ඇත්නම්....

හරි ...ඔයා කව්ද කියන්න කො...අපේ සැලුන් එකට එන පාරිබෝගිකයෙක්ත....නැත්තම්...

සෙනෝන්ගෙ පක් ජී එකේ එකෙක්‍ත.....??

ම්ම්හු...නෑ...අනේ...මං ඔය පබ් ජී වලට ආස නෑ...මහ වාත...

මම දන්නවා....මේකට අරූ ඵෝන් එක කනවා පේන්න බැහැයි කියලා ...තැනේ හැටියට ටිකින් ටික ඇනේ ගහන්න ගත්තු මම අවසානෙදි අර පොඩි ඇටයව මට ඕන තැනටම මම නම්ම ගත්තා...කොටිම්ම මගෙ විතේන් අයියෙ කියන තැනටම මම ඒකව නමා ගත්තා....

ඒකනෙ මගෙ විතේන් අයියේ.....අපේ සෙනෝන්ට ගානක් නෑ.....ඇහේ මුනෙ තියන් හදපු කොල්ලව ආවට ගියාට දෙන්න බෑනෙ පුතේ....

ඩියෝන් බබා...

සෙනෝන්....මේ අපේ නිතේස් අයියගෙ අලුත් මිනිහා කතා කරනවා...

මම යටි තොල හපාගත්තා...දැන් ඉතින් නිතේශ් උඹට මාව බැදලම මිසක් මුන්ගෙනුත් බේරුමක් නැති වෙනවා..මොකද ...දැනටමත් මම දැල එලලා ඉවරයි.....ම්ම්ම්ම්

එහෙනන් චූටි මැනික....නිතේස් අයියට කෝල් එකල් දීලා බලන්න හොදද....

හා ඒයි ..පරිස්සමින් ඉන්න අපේ විතේන් අයියෙ.....මං අපේ සෙනෝන්ටත් කියන්නම්...ඉයා අපිට පරිප්පු වඩ කන්න සල්ලි දෙන්නම් කිව්වා කියලා....

මම කෝල් එක කට් කරලා දැම්මා...බිබික්කමව කඩචෝරුවක් දීලා රවට්ගන්න පුලුවන් නිකම්ම....එහෙනම් මගෙ නිතේස් අයියා පරිස්සමින් ඉන්න....

මෙච්චර වෙලාම හිතේ තිබුන ගින්දර ඩියෝනයා හින්දා නැතිවෙලා යනකොට මම දෙයියනේ කියල ගත්තු බත් එකේ ඇටයක් ඉතිරි නැතිවෙන්න කාලා දැම්මා...

දැන් ආය යන්න බෑ...එයා ඇතුලට ගියා...අනික මල හොලමන වගෙ කොහෙ ඉන්නද...ඒත් නැත්තන් යකු ගස් නගින වෙලාවෙ අර පැත්තක තියන කැරකොප්පුවට රිංගුවා නම්...ඒත් හරි ඔක්කොම පේනවා...ඒත් ඒක මුසලයිනෙ.....??

මොන මගුලටද බය වෙන්නෙ ...යකෙක් එක්ක නිදියලා ළමයි හදපු මට මොන මගුලට බය වෙන්නද...කරන්න දෙයක් නෑ..සිංහල අවුරුද්ද ලබනකොට මට මැරිච්ච උන් එක්ක ඉන්න වෙන්න...ඒ ඉදලා හරි මට එයාව බලන්න ඕනා...

කාපු මම බිල් එකත් ගෙවලා දවස් දෙකකට තුනකට ඉන්න රූම් එලක් ගන්න තැනක් හෙව්වා...ඒකත් එයාලාගෙ වලව්ව ලගපාතිම්ම වෙනකොට අනේ...දෙයියනේ කියලා එ ලගම ඇනෙක්ස් එකක් තිබ්බා....හැරෙන්න පෙරලෙන්නත් බෑ...හැබැයි කාමරේට කන්ද උඩ තියන වලව්ව ටිකක් ඈතින් තියලා හරි පේනවා...මට ඒකම ඇති ...

උඹ ගිය ආත්මෙ මාව බලන්න ගස් ගල් අස්සෙ බඩ ගගා උන්න වගේ මාත් මේ ආත්මෙ අහු මුලුවල බඩගානවා තේශි...මොනවා කරන්නද....එහෙමයි කියලා අතාරින්නද...බෑනෙ...

ජනෙල් පියන ගාවට වෙලා වලව්ව දිහා බලන් උන්න මම ආයම එයා එලියට එන පාටක් නැහැයි කියලා හිතුන හන්දා එහෙම්ම ගිහින් ඇබිත්තට නැති ඇදේ පෙරලුනා....

අම්..මහ්....!!

ගෙදර තියන හයිබ්‍රිඩ් මෙට්ටෙ උඩට පෙරලෙනවා කියලා හිතාගන පැනපු මට තරු පෙනුනා යකෝ...කොහු මෙට්ටයක්.....

මේ කාලෙ තවමත් කොහු මෙට්‍ටා තියනවද???

..විතේන්...විතේන් ..විතේ ....න්...උඹට හිතන්න තිබ්බා....තියෙන්නෙත් බීරලු කකුල් තියන ඇදක්...ඕකට හයිබ්‍රිඩ් මෙට්‍ට එන්නෙ නෑනෙ කියලා ....

මම අනිත් පැත්ත හැරුනා....

ජිර්....බිරි.....ස්

.ඇද කෙදිරි ගෑවා.....

ඇන්ටික් බාන්ඩයක්ද කොහෙද .....මේ මගුල නිදාගන ඉන්නකොට කැඩුනොත් ඒක ඊටත් හපන් ...රෑට ....බිම වත් නිදාගන්නවා...ඒත් සීතයිනෙ.....

යෝ ...හ්...නිතේශයෝ....එක්කො මාවත් ගනින් උඹගෙ ඇදට.....

මම ඔහෙ කල්පනා කෙරුවා ...අනිවාර්යයෙන්ම එයාගෙ ගෙදර තියෙන්නෙත් මේ වගේම පරන භාන්ඩ වෙන්න ඇති කියලා හිතුවා.....

ඇත්තටම එහෙම වෙන්න ඇති....වලව්වක්නෙ...මොල්ලිගොඩ පරම්පරාවෙ හවඩියෙ ඉදන් ඇති....

මොකාගෙ හවඩිය තිබ්බත් මට මොකො...මම ආදරේ මොල්ලිගොඩ උන්ට නෙවෙනෙ ....දිසානයකටනෙ.....

දිසානායක ....නිතේශ් ...සෙයෝන්...දිසානයක ....

ලස්සනයි...ඒ නම....ඒ නම දාල තියෙන්නෙ මගෙ තාත්තා බැදෙන්න කොහෙන් හරි තවත් බැදිමක් තියනකොට උඹයි මමයි හම්බ නොවී කොහොමද මගෙ නිතේශ් .....

*

*

*

බ්‍ර....ර්......

ම්ම්ම්...

බ්‍ර.....ර්.......

කොට්ටෙ දෙදුරුම් කන්න ගත්තා....නිතේශ් ගැන හිත හිත උන්න මට මටත් නොදැනිම නින්ද ගිහින් තිබුනා වගේම කොට්ටෙ යට තිබුන ඵෝන් එක දෙදුරුම් කනකොට මම අතපත ගාලා ඩිස්ප්ලේ එක බැලුවා....

" තාත්ති"

අනේ...නෑ නෑ...ඕන් නෑ.....

ඩිස්ප්ලේ එකේ වැටුන නම්බරේ තාත්තගෙ වෙනකොට මම ඒක කට් කරල දැම්මා...මට බයයි.....තාත්තා මොන මගුල කියයිද කියලා මට බයයි...අඩුම ගානෙ එයාව කැමති කරගන්නකන් ඉදලවත් බැනුම් අහන එක හිතට සැනසීමයි...පටන් ගන්නත් කලින් බැනුම් ඇහුවොත් ඒක මගෙ හිතට වේදනයි.....

.මම දෙපාරක් තුන්පාරක්ම එක දිගට රින්ග් උන ඵෝන් එකදිහා බලන් ඉදලා ආපහු ජනේලෙ ගාවට ආවා.....

රෑ බෝවෙලා.....

මම පැය කීයක් නිදියලද???

පැය තුනහතරක් ...

.ටාං....ටාං...ටාං.....

මම උන්නෙ වලව්ව දිහා බලාගන....රට හුනු ගාපු වලව්වෙ කහපාට ලයිට් එලිත් එක්ක අවංකවම මොල්ලිගොඩ වලව්ව ලස්සනට පෙනුනා.....

ඒකෙ ඉන්න එකම බේබි හාමු මගෙ නිතේශ් නේද කියලා හිතෙනකොට අනේ කියන්න තේරෙන්නෙ නෑ....අත පත ගාන්න පුලුවන් දුරක තියෙන්නෙ ගින්දර ගොඩක් උනත්...මම දිසානායක හාමුගෙ ආදරේ වෙන්නෙ කියන වචන ටිකම මගෙ හිතට ආඩම්බරයක් ගේනකොට මේ හැන්දෑ යාමෙත් ඈතින් ඇහුන යකඩ තලන සද්දයක් එක්ක මගෙ අවදානෙ බිදිලා ගියා...

කම්මලක් තියනවා වගේ...

ගරාජ් එකක් වෙන්න බෑ...කම්මලක් වෙන්න ඕනා...

මම යකඩ තැලෙන සද්දෙ එක්ක වලව්ව දිහා බලන් උන්නා.....

බේබි හාමු මොනවා කරනවද දන්නෙ නෑ...වලව්වෙ මේසෙ පුරාවටම හෙට කැවිලි ජාති පෙවිලිජාති වලින් නම් අඩුවක් නැතිවේවි....

මට හුස්මක් පිටඋනා....කැවිලි පෙවිලි දාස් ගානක් පිරුනත් වැඩක් නෑ..එයාගෙ හිත සතුට නැත්තන් ඔතනින් එක දෙයක් වත් එයා රහබලන එකක් නෑ...

....

.....

...

තව චුට්ටක් ඉවසන් ඉමු මගෙ තේශී ....මම විශ්වාස කරනවා හොදම දවස් එන්නෙ තව ඉස්සරහට කියලා...

....

බිත්තර ආප්ප....ඉගුරු දාපු තේ....

වෙලාව රෑ දහය පහු වෙන්න ඇති...

ඇස් ගෙවෙනකම්ම වලව්ව දිහා බලන් උන්න මම අවසානෙදි ආයම පහලට ඇවිත් පොඩි අතුකඩයක් ගාවින් නැවතුනා....මේ නුවර පාරෙ...කෑගල්ලඅග දිගට තියන ආප්ප කඩවල...පොඩි..පොඩි පොල් රොටි කඩවල තියන ආප්ප රොටි අනේ මන්දා...මිනිස්සු මේවට මොනවා දාලා හදනවද කියලා ....ඇලුමීනියම් මුට්ටියක් අස්සෙ තැම්බෙන ඉරිගු කරල්.....තැඹිලි වල්ල...හංගලා උයන් තියාගන ඉන්න වල් ඌරු මස....

ඒක වෙනම රසක්....

මම උන්නෙ ලෑලියි වියපු අතුවලිනුයි හදපු ලන්තැරූම් එලියෙන් පාට උන පොඩි කඩයක් අස්සෙ දැන් දාලා දුන්න බිත්තර ආප්පෙ මැඩ්ජින් කඩනවත් එක්කම ලාවට අමු ගතිය තිබුන බිත්තරේ සාරුව ගලාගන ආවා...කට දැවිල්ල ගන්න ලුනු මිරිස් තලියක් එක්ක ආප්ප වාටියක් කටේ දාගත්තු මම කරස් කුරුස් ගාලා හපන ගමන් වතුර උනුවෙන්න තියලා තියන බොයිලේරුව දිහා බලන් උන්නා. ..

එදා වේල හොයන මිනිස්සු . .

ප්‍රශ්න ඇති....ප්‍රශ්න නැති මිනිස්සු කොහෙද .....ඒත් ඒ මූනෙ හිනාවක් තිබුනා....ඒ හිනාව සැහැල්ලුයි...

මටත් ඒ මුනෙ හිනාවක් බලන්න ඕනා.....කටින් විතරක් නෙවෙ....ඇස්වලින් පවා එයා හිනා වෙනවා දකින්න ඕනා....කොයි වෙලෙත් බුම්මගන ඉන්න මූනට මට හිනාවක් ගේන්න ඕනා.....

මම කෑවා.....බිත්තර ආප්ප දෙකක් එක්ක නිකන් ආප්පයක් කාපු මම අවුරුද්ද හින්දම ඒ මනුස්සයගෙ මූනට හිනාව ගේන්න තවත් කොල දෙකක් තුනක් අත මිටමෙලෙව්වා...තියන කාලෙදි දෙන්නෙ....නැති කාලෙදි මටත් නැති කමේ වේදනාව දැනුන හින්දා...මටත් නැති කාලයක් තිබ්බා...නැතුව නෙවෙ...

.කහට බැදුන දත් වලින් හිනා උන මනුස්සයගෙ ඇට ගැහුන ශරීර කූඩුව දැකපු මගෙ හිතම මැලවිලා යනකොට මමත් එ මනුස්සයට ආපිට හිනාවක් දීලා එන්න ආවා....

.හිනා උනා කියලා සල්ලි වියදම් වෙන්නෙ නෑ.....

ම්ම්ම්...ම්ම්ම්.....මිනිස්සු එහා යනවා..මෙහා යනවා..මගෙ බිබික්කම් තේශියා මොනවා කරනවද දන්නෙ නෑ...

..කාල ආව මම ඇගපත හෝදගන ආයම මුලු රැයෙන් බාගයක්ම ජනෙල් පියන ගාව ඉදන් මදුරුවො තල තල ගෙවන්න ගත්තා...

..........

.......

රතිඤ්ඤා පුපුරනවා.....

චට ..පට....චට....පට....

වලව්වට අවුරුදු ලැබුවා.....

වලව්වට විතරක් නෙවෙ ..මුලු නුවරටම

මුලු රටටම.....

ඇගපුරාම මදුරුවො කාපු රතු ලප බතික් රෙද්දක් එලුවා වගේ තියනකොට රැයෙන් බාගයක් ජනෙල් පියන ගාව ඉදන් බලන් උන්න මම ඉරටත් කලියෙන් මොල්ලිගොඩ සුසානෙට බඩගෑවා....

කොන්ද කුදු මනුස්සයා උදේ පාන්දරම කිරි බෝතල් තුන හතරක්...නෑ ඊටත් වැඩියිද කොහෙද ...අහුරක් .....ඔව්...තනි සුදුපාට කිරි පිරුන වීදුරු බෝතල් අහුරක් අරන් යන හැටි මම බලන් උන්නා....එයාගෙ කාමරෙ මට පේනවා.....තවමත් ජනෙල් පියන් වහලා....ඒකියන්නෙ එයා තවම නිදි ...

ගෙයි ඉස්සරහම තිබුන උගුරැස්ස ගහ යට රබන් කකුල් වගේම පොඩි බංකු තියලා තිබුනා....තවත් පැත්තකින් පහන් පැලක් හදලා තිබුනා....

තේශී ....තේශි ....උඹ දනන්වා නම්...මම උඹව සෙට් කරගන්න කන කට්ට මට අතින් කීයක් හරි දෙනවා....

හැංගිලා උන්න ඉර ටිකෙන් ටික ටිකෙන් එලියට මතුවෙනකොට මම බලාගන කව්ද මන්දා ගෑනු කෙනෙක් හරි හරියට මිදුල අතු ගානවා...

කව්ද එ...එච්චරම වයසත් නෑ...වෙලහට වලව්වෙ වැඩකරන අය වෙන්න ඇති ....මහ හාමුවගෙ මොරිස්මයිනර් එක ගාවම එයාගෙ කාර් එක.....තව දහම් අංකල්ගෙ.....

අංකල්ද අප්පච්චි කියන්නද????

අංකල් කියන්නෙ කොහොමද මේ ඉන්නෙ මගෙ අප්පච්චි බව දැනදැනම????අප්පච්චි ...අංකල් කියනවට වඩා....අප්පච්චි කියන නම කොයි තරම් ලගද ...

අප්පච්චිගෙ කාර් එක වගේම තවත් කාර් තුනහතරකම තිබුනා.....

මම උන්නෙ සිමෙන්තියෙන් හැදුව පාසි බැදුන මිනි කන්දක් උඩ වෙනකොට කවුරු හරි දැක්කොත් අනිවාර්යයෙන්ම මල පෙරේතයෙක් කියලා බයවෙනවා...

රන්මලී...රන්මලී ....

ලොකු මැනිකෙ ..

මැනිකා...කෝ කෙල්ල....?

අනෙ...කෙලී තාම නිදි මැනිකෙ .....

මේ අවුරුදු දවසෙ...යසයි බුදිය බුදිය උන්නම....

අනේ. නෑ..අපෙ මැනිකෙ .ඒකිට ඊයෙ පිටි

කොටලා කොටලා ඇගපත අමාරුයි කිව්වා...ඒකයි මම ඇහැරෙව්වෙ නැත්තෙ...

මං අහන් උන්නා....මොල්ලිගොඩ මහ මැනිකෙගෙ උජාරුව ....ඒ කෙල්ල පව්නෙ....මගෙ නිතේශ් බනින එක සාදාරනයි ..ලී වංගෙඩියෙන්ද දන්නෙ නෑ පිටිකෙටෙව්වෙ ඇයි යකො හාල් ටික දීලා මෝලට යවකො....ඒකත් කුම්මැහි කම...මට දුන්න නම් මෝල් ගහෙම්ම කෙලලා අරිනවා...මැරිලම පල කියලා...කුවන්නගෙ අම්මා කියන්නෙ එසේ මෙසේ එකියකුත් නෙවෙ වෙන්න ඇතිනෙ....

මම බලන් උන්නා....මැනිකා කියන ගෑනු කෙනා අතු ගාගන අතුගාගන යනවා.....මොල්ලිගොඩ මැනිකෙ අතුගාන එකෙ ඇද කුද කොයනව...

මැනිකෙ....

අපෙ මහත්තයා ....

අම්මටම සිරි....අර ඉන්නෙ...අර ඉන්නෙ හාමුවා.....

මම බලන් උන්නා...ඉර පායන්නත් කලින් මේ යකා රත්තරන් බොත්තන් අල්ලපු කෝට් බෑග් එකක් දාන් කොහෙ මගුලෙ යන්නද?

මම බලන් උන්නා.....සැරින් සැරේම ඔසරි ඇදපු මැනිකෙලා සරම් ඇදපු හාමු ලා එලි බැස්සා....

රතිඤ්ඤා සද්දෙ.....එක්ක නුවරට අවුරුදු එනකොට ගහක අත්තක වහපු කොහෙක් පැත්තටම ඇහෙන්න කෑ ගහනකොට කම්බායවල් ඇදන් පන් මලු කිහිල්ලෙ ගහන් ආව වයසක උන්දැලා දහයක් විතර වලව්වට ගොඩ වැදුනා වගේම උන්දලාටත් වඩා බාල අර පට්‍ටන්දර හාමුවා ගාව දෙකට නැවුනා...

තූ විතරක් .....අනේ...අනේ....තේශි ...මං ලව්වා නම් ඔය හාමුවට වන්දන්න හදන්න එපා...උට ඕනා නම් මට වදින්න කියපන්.....මම නම් වදින් නෑ....

.ඒ මිනිහා මට කරපු වරදක් තිබුන් නෑ..හැබැයි....මට දැන් දැන්ම මොල්ලිගොඩ වලව්වෙ ඉන්න උන්ගෙ උජාරු කම් එක්ක එකා එකාව පේන්න බැරි උනා.....

මම බලන් උන්නා...පායපු ඉරත් එක්ක රටහුනු ගාපු වලව්ව ලස්සනට පේනකොට පහන් පැල ගාවට ගියපු මහ මැනිකෙ මොන මොනවදෝ කෙරුවා වගේම වලව්ව පිටිපස්ස පැත්තෙන් මම බලගන තවත් කවුරු හරි කෙල්ලෙක් කටට අත තියාගන දුවනවා...

කව්ද ඒ....

ඔසරි කාරියක් ....

හොයන්න බෑ...මොකට දිව්වද දන්නෙ නැ...

..

මොල්ලිගොඩ කැරකොප්පුවට වලව්වෙ හතර දිග්බාගෙම හොදට පේනකොට මම වලව්ව ඉස්සරහා උන්න උන්ව ගනන් නොගෙන පිටිපස්සට දිව්ව කෙල්ලව හොයන්න ගත්තා...

අප්පට සිරි කෙල්ල වමනෙ කරනවා නේද....මං හිතන්නෙ අලුත බැදපු මැනිකෙක් වෙන්න ඇති...අවුරුදු දවසෙම කෙල්ලට සුභයි වගේ...

අනේ ඉතින් මටත් උන්නනෙ.....පොඩි මැනිකක්...අප්පුච්චියේ .පුතාත.....පුතාත...ඔව් ..අයි...ඔව්....

අහන හැම එකටම ඔව්...අයි....ඔව් ගාන මගෙ නොදරුවා.....ඒකව අර යකින්න මරාගත්තා....

මගෙ ඇස් වලට කදුලු පිරුනා.....වලව්වෙ වමනෙ කරන කෙල්ල දිහා බලන් උන්න මට මගෙ නොදරුවව වගේම බඩදරුව ඉන්නකොටම මැරිලා ගියපු සාරන්‍යව මතක් වෙනකොට මම ඈතින් උන්න අනීතා මැනිකෙ දිහා බැලුවා...

.උඹව නම් වැවේ ඔබලත් මදි කුවන්නා...

.

සුදු දුව......විනීතා...කෝ සුදු දුව....කෝ සුදු පුතා??...කීපාරක් අඩ ගැහුවද...ගෙටවෙලා ඉන්නවා...අනීතා....

මගෙ කලපනාව බිදුන...මොකෙක් හරි එකෙක් සුදු දුවවයි සුදු පුතාවයි හොයනකොට වයසක උන්දලා රබාන තලන්න ගත්තා....අනීතා කියලා කතා කරපු මහ මැනිකේ ආයම වලව්ව අස්සට ගියා...ආයම ආවා....

දොන්ත බබක්කට

දෙන්න දෙයක් නැත

පෙට්ට ගමක් උඩ

තුට්ටු දෙකක් ඇත.....

..රත් කරපු රබානට නහර පෑදුන අත්වලින් තලන වයසක උන්දලා වලව්වට අවුරුදු ගේනකොට මෙච්චර වෙලාම වලව්වෙ ගහක් බදාන වමනෙ කරපු මැනිකෙ මගෙ තේශිත් එක්ක ඉස්සරහට ආවා....

බතික් සරමක්.....

එයාගෙ ලස්සන....

මම ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා.....එයා ලස්සනයි .ඒත්....උන්නෙ හිටගන්නවත් පන නැති එකා වගේ...උඹ ඔහොම ඉන්නකොට මම උඹ කොයො තරම් ලස්සනයිද කියලවත් බලන්නෙ කොහොමද මගෙ නිතේශ් ???

චට පට ගාලා රතිඤ්ඤා පුපුරනකොට රබාන රත් වෙන නැකත් වෙලාවෙඩ්ජි කොහා අඩනකොට මොල්ලිගොඩ වලවේ උන්න එකම මුනුබුරා ..දිසානයක හාමුගෙ නිතේශ් දිසානායක පහන් පැලේ පහන තියන හැටි මම ඈත ඉදන් බලන් උන්නා...එයා අත් දෙක එකතු කරලා මොනවදෝ ප්‍රාර්තනා කෙරුවා ...එයා එහෙන් ප්‍රාර්තනා කරන කොට මම මෙතන ඉදන් ප්‍රාර්තනා කෙරුවා ....

හැම වේදනාවක්ම ගෙවිලා ගිහින් මටයි උඹටයි හිනා වෙන දවසක් උදා වෙන්න කියලා මම ප්‍රාර්තනා කෙරුවා .... ඒඑක්කම මගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා..

ශෙනෝන්....

මම ආන්ස්වර් කෙරුවා ....

හෙලෝ....කියන්න ශෙනෝන්...

විතේන් ...මම දැන් නිතේශ්ට කතා කෙරුවා ...

මේ දැන්?

ම්ම්ම්....දැන්.....විනාඩි පහකට කලින්....

මම අහන් උන්නා...එය එහා පැත්තෙ ඉද වෙච්ච දේ කියනවා.....නලියගෙ දුවව මට ගේන්නම වෙනවා.....හැබැයි හෙට අනිද්ද ගන්නත් එපා කිව්වලු...ම්ම්ම්..ම්ම්....

හරි ..හරි ශෙනෝන්....තැන්කිව්

මම කෝල් එක කට් කරලා දානකොට මැනිකෙලා ඔක්කොම වලව්වට රිංගන් තිබුනා.....

දැන් ඉතින් ගිලිනවා ඇති....බඩත් ගිනී....මැද අමු කැවුමක් වත් කන්න තිබ්බා නම්👉👈

මගෙ බිබිකමත් ගිලිනවද දන්නෙ නෑ....

අනේ ඒකා අඩනවලු.....

..උඹට අදවගේ දවසක වත් සැනසීමක් නැද්ද මගෙ නිතේශ් .....

මම බලාගන උන්නා...විනාඩි...පහක්..දහයක්ගියා.....

අන්න .....එයා ආයම එනවා....

එයාගෙ මුනෙ හිනවක් නෑ....ඒ හිනාව මැරිලා ගිහිල්ලා.... ...එයා ආව....ටික් වෙලාවක් රබන් තලන වයසක උන්දලා දිහා බලන් ඉදලා එයාගෙ කාර් එක ගාවට ඇවිදින් සරමට යටින් අත දැම්මා.....

මේකා ඩෙනිමක් ඇදන් ඉන්නෙ...මම ඇන්දොත් නම් අඩියක් තියනකොට ඕක බිම....

අනේ...මෙ උදෙම්ම සිගරට් බොනවා නේද....

මම බලන් උන්නා....කිසිම සතුටක් හිනාවක් නැති මූනෙ හැගීම් මැරිලා ගිහින් තියනකොට එයා ඔහේ බලාගන සිගරට් දුම උරවන්න ගත්තා .....

එයා අහස දිහා බලනවා....ඇස් පිහිදනවා....මම බලන් උන්නා..එයාගෙ හැම ඉරියව්වක්ම මම බලන් උන්නා....ඒමූනෙ විරහවක් ඇර වෙන කිසිම හැගීමක් තිබුන් නෑ....

සුදු පුතා.....

මම දත්මිටි කෑවා...කොටිම්ම ඒ ගෑනිගෙ හුලගක්වත් මගෙ නිතේශ් ගෙ ඇගේ වදිනවට කැමති නැති උන මම අත් මිටිමොලවන් රවාගන බලාගන උන්නා.....

චටාස්!!

කම්මුල් පාරක් ....

මගෙ ඇගේ ලේ රත් වෙන්න ගත්තා දුවගන ගිහින් අර ගෑනිගෙ බෙල්ල මිරිකල මරන්න හිතුනා.....

අනේ...මගෙ යක්ශ අග්නි කෝ දෙයියනෙ...වචනයක් කිව්වත් මරන්න හදන අග්නියෙක් වෙච්ච එයා දැන් අහිංසක කෙනෙක් වෙලා...මොන මොනවා හරි කිවයවගත්ත ඒ දෙන්නාදිහා බකන් උන්නා මගෙ නිතේශ් අට්ත පය වන වබ කතා කරනකොට එයාට අනීතා කම්මුල් පාරක් ගැහුවා... .

...එයා ආයම මොනව හරි කියෙව්වා...ආය ආයම කියෙව්වා ...කාර් එකේ බොනට් එකටත් ගැහුවා...අනේ මගෙ කොල්ලට තව කන්මුල් පාරක් වැදුනා.....

අන්න...අන්න...අඩුවට උන්නෙ ඒකි විතරයි....

මම මෙතන ඉදන් දත්මිටිකාගන බලන් උන්නා...මැනිකෙලා දෙන්නෙක් ගාව උන්න මගෙ නිතේශ් අවසානෙදි ඇදන් උන්න සරම ගලවලා අනීතගෙ කරට දාලා කාර් එකට ගිහින් නැග්ගා.....

.හරියන් නෑ....මේකා මේ ආවේගෙන් කොහෙ යයිද දන්නෙ නෑ....මේකා දකින්න කලින් දුවා ගන්න ඕනා.....

ඒත් මම දැන් දිව්වොත් අහුවෙනවා.....

ඒයා යන්න හදනවා

මගෙ ඔලුව යකාගෙ කම්මල වෙනකොට මම එයාගෙ කාර් එක යනකන් බලන් ඉදලා මම ඉක්මනට මගෙ කාර් එකට ආවා.....

මේකා කොහෙද යන්නෙ ...

.එයා යනවා .....

යෝහ්...පරිස්සමින් පකො....අවුරුදු දවසේ...

එයාගෙ කාර් එක යන වේගෙ එක්ක මම මෙහෙ ඉදන් කෑගැහුවා.....

එයා යනවා ....

නුවර වැව රවුම.....

මගෙ හිතට සැනසීමක් දැනුනා.....

අවසානෙදි එයා නැවතුනා....

එයා කාර් එකෙන් බැහැල යනකන් මම බලන් උන්නා...

ඇති යාන්තන් .....

කාර් එකෙන් බැහැපු එයා අවසානෙදි සිමෙන්ති බංකුවක ඉදගන ඔහේ බලන් උන්නා.....රතිඤ්ඤා එල්ල ගත්තු මිනිස්සු වගේම එදා කඩල කාපු කඩල කරත්ත කාරයා තවම ඉන්නකොට මම එයා දිහා බලන් උන්නා....

එයා ඇස් පිහිදනව ....

අනේ මට ලගට ගිහින් උඹට රිදෙනවද මගෙ තේශි කියලා අහන්න හිතුනා.....

අඩන්න ඕනානම්...ඕන තරමක් අඩපන් මම උරහිස දෙන්නම් කියන්න හිතුනා....

කම්මුල් පාර වැදිලා පුපුරු ගගන කම්මුල් අත ගාන්න හිතුනා...

එයා අද හෙට ගන්න එපාය කියලා කිව්වලු.....බෑ...

එයා මෙහෙම ඉන්නව දැක දැක මට ඉන්න බෑ....බනිනවා නම් බැනපු දෙන්.....

මම එහෙම්ම එයාගෙ නම්බර් එක ඩයල් කරලා බලන් උන්නා....

දෙපාරක් තුන්පාරක්ම රින්ග් වෙනකොට එයා ඇස් වල කදුලු වගෙම නහයත් පිහිදගන ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ....මම කතා කෙරුවා ....

.ඒ අපේ පලවෙනිම කතා බහ.....

"හෙලෝ...මිස්ටර් නිතේශ් "

ඔව්....කව්ද මේ...

එයා මගෙන් කව්ද අහනවා...ඒ කටහඩ බරයි .. මගෙ පපුව ඇදුම් කනවා...

"මම විතේන්....විතේන් ඩි සිල්වා...."

එයාට මම මගෙ නම කිව්වා විතරයි එයා කනෙ තියන් උන්න ඵෝන් එක අහකට කෙරුවා .....කට් කරාවිද.....?? නෑ.නෑ....ඔන්න ආයම කනෙ තියා ගත්තා

කියන්න මිස්ටර් විතේන් ...

මම කතා කෙරුවා ...මට කතා කරන්න පුලුවන් උපරිම තැම්පත් කටහඩින්...

" අනේ සොරි මිස්ටර් නිතේශ්මට මිස්ටර් ශෙනෝන් කිව්වා ඔයා දවස් දෙකකට විතර ටිකක් බිසී මොකද ඔයා ඉන්නෙ කැන්ඩි කියලා.."

ඔව්....ඒක නම් එහෙම තමයි...කමක් නෑ...දැන් ගත්ත එකේ කතා කරමුකො.....

ඇති යාන්තන්....බැන්නෙ නෑ....මම හිමින් සැරෙ මගෙත් පපුව අතගාගත්තා...අඩල හින්ද වෙන්න ඇති එයගෙ නහය බර වෙලා හොටු දියර ගලනවද කොහෙද එයා ඉහලට ඇද්දා.....

කියන්න මිස්ටර් විතේන් ...

"ඔයාට අසනීප තියනකොට කතා කරන්න අමාරුයිනෙ...කමක් නෑ මිස්ටර් නිතේශ් ඔයා ටිකක් නිදාගන්න.....රෙස්ට් කරන්න මං පස්සෙ ගන්නම්...."

අඩලා ඉන්නෙ බව දැන දැනම මම එයා අසනීපයි කියල හිතාගන නිදා ගන්න කිව්වා..රෙස්ට් කරන්න කිව්වා...පස්සෙ ගන්නම් කියලා තව පාරක් කතා කරන්න චාන්ස් එකක් හදාගන්න හැදුවා...එකක් මට එයාව ගෙදර යවාගන්න ඕනා හිතේ තියන වේදනාවට වැවට වත් පනී කියලා හිතුනා...

නෑ..නෑ. මට අසනීප නෑ... අනික මම දැන් එලියෙ ඉන්නෙ...

එයා අසනීප නෑ කිව්වා ..සැරින් සැරේම නහය පිහ පිහ අසනිප නෑ කියනකොට මම ඇස් පිල්ලම් නොගහා බලන් උන්නා....

එලියෙ කියන්නෙ....එලියෙ කොහෙද ...?

ම්ම්ම්ම්..හරියටම නුවර වැව රවුම ගාව....

ඇත්තටමද ....?

එයා ඉන්නෙ නුවර වැව රවුම ගාවලු ...ඉතින් ඔව් දෙයියනේ ඔව්...මට කියන්න හිතුන...මගෙ වස්තුව උඹ ඉන්නෙ මග්ව් ඇස් පනා පිට කියලා.....ඒත් මම ඇත්තටම ද කියලා ඇහුවා....

ම්න්.....ඔව්.....ඇත්තටම ඔව්..

නුවර ලස්සනම

හවසට ...

මට හිනා ගියා ඇස් පනාපිට ඉන්න එයගෙන් නුවර ගැන අහනකොට මට හිනා ගියා . වෙනමොකටවත් නෙවෙ..මම නුවර ලස්සනම කියනකොට එයා අනිත් පැත්තෙන් ඒක සම්පූරන කරනකොට අනේ ඇත්තටම මගෙ පපුවට හරි සැහැල්ලුවක් දැනුනා....ඔයවගේ අපි අනිත් හිස්තැනුත් සම්පූරන කරමු නිතේශ් ....

ඔයා නුවර වැව ගාව නම් ඉන්නෙ වම් අත පැත්තෙ කඩල කරත්තයක් තිය මනුස්සයෙක් ඇති.....කඩදාසි බෑග්වලට තම්බපු කඩල දෙන්නෙ...මං කියනවට එකක් අරන් කාලා බලන්න....

එයා කාලා නැතුව ඇති...මගෙ හිත කියනවා....කන්න ඇතියි හිතුවත් එයා කාලා නැතුව ඇති කියලා හිතෙනකොට මම එයාට කඩලකරත්ත කරයගෙන් කඩල ගොට්ටක් ගන්න කිව්වා....

හා....

මතක් කරලා අර කූනිස්සො දාගන්න...

හා....

මං ලයින් එකේ ඉන්නම් යන්න....

හා....

පාර බලලා පනින්න ...

හා.....

අනේ එයා කියන වචනයක් ගානෙම අහනවා.....අග්නි....අග්නි...උඹ යකෙක්...මට කියපන් මගෙ ආදරනීයම අග්නී....උබ මොකට.මේ තරම් අහින්සක උනාද....උඹගෙ ඔට මගුලගෙ මෝඩ මොලේ මෙ පර උඹට ආවද මගෙ අග්නි...

මම බලන් උන්නා...බෙංච් එකෙන් නැගිටපු එයා මම ලයින් එකේ ඉන්නකොටම පාර දෙපැත්ත බලලාපාර පැනලා කරත්තෙ ගාවට ගියා....

ගත්තද...

ඕ....ඔ...ව්....ගත්තා .....

සෑහෙන වෙලාවකට පස්සෙ මම ගත්තද අහනකොට එයා ගැස්සිලා ගියා.....මගෙ බිබික්කම...ආදරෙයිනෙ මම.....

රසද...

ම්ම්ම්.....

යෝ.....මගෙ මෝඩයා.....එක ඇටයක් වෙනුවට එයා කට පුරවන් උන්නා....රසද අහනකොට උත්තර දෙන්නවත් බෑ....උඹ අහිංසක වෙලා මගෙ අග්නි.....කමක් නෑ....අහිංස වෙයන්...හැබැයි ..ඕනම තැනදි අංගුලිමාල වෙයන් අග්නි.....මොකද...උඹ ඉන්නෙ එසේ මෙසේ උන් ගාව නෙවෙ.....

කැහ්..කැහ් ...කැහ්.....

කඩල අහුරක් කකා උන්න එයාට පිට උගුරෙ ගියා.....වතුර බෝතලයක් මගෙ ළඟ තිබුනත් මට ඒක එයාට දෙන්න විදිහක් තිබුන් නෑ...

මං හිතන්නෙ මිස්ටර් නිතේශ්ට වැව රවුමෙ කඩල සැර ඇති...හෙමින් කන්න ...මම දවස් දෙකකින් ගන්නම්.....

ම්න්.....

🤭ජෝබී පුතුකිත නිදහස දෙන්න.....👉👈

.ආයම යෙ යෙ එක්ක එන්නම්...

පයිස්සමින් ඉන්ඩෝ...

මම යනවෝ.....

තටා.....

බායි.....

ලයි යූ....

ආතරෙයි....

සරංහෙ ....

අයි ශිතෙරු ...

අයි නී.....

😘😘😘❤️😂😂😂

Ferdeesha ❤️💚😘 ....

More Chapters