එයාගෙ අතින්ම අල්ලගෙන ශහිල් කිඳුරුව එක්කගෙන ගියේ ලොකු කාමරයකට. සුදු පාට බිත්ති එක්ක ඒ කාමරයෙත් අර වගේම ලස්සන සිතුවමක් එල්ලලා තිබුණා. කලින් ඒවා වගේමයි, ඒ සිතුවම දැක්ක හැටියෙම වගේ කිඳුරුගේ හිත ඒ සිතුවමට ඇදිලා ගියා.
කොළ පාට පිරුණු හරිත කඳු වැටියක්.. ඒ කඳු වැටියේ මුදුනෙන් පියාඹන පුංචි කුරුළු රෑනක්.. නිම්නයේ පිපිලා තියෙන සුදු පාට , රෝස පාට මල් පොකුරු.. ඒ මල්වල රොන් ගන්න ඇවිත් ඉන්න සමනල්ලු.. පසෙකින් තියෙන විල්තෙර.. ඒ විල්තෙරේ ඉන්න මුව පොව්වෙක්..
තනිකරම හරිත පාරාදීසයක් . ඒ කිඳුරු ආසම කරන විදිහේ තැනක්. කාමරය පුරාවටම වුණත් එයාට දැනුනේ හරිතමය බවක්. කාමරයේ සුදු පැහැති බිත්ති.. ඒවයේ ජනෙල් කවුළු ආවරණය කරලා තිබුණු ලා කොළ පාට තිර රෙදි..
කිඳුරු ඒ දිහා බලන් උන්නෙ හරි ප්‍රසන්න හැඟීමකින්. ඒ මූණේ තිබුණු ප්‍රසන්න පෙනුම නම් ශේන් හෙවත් ශහිල් හිමසරත් හොඳටෝම දැක්කා.
" මේ room එක තමුසෙගේ.. මං කිව්වා වගේම තමුසෙට කැමති කාලයක් මෙහේ ඉන්න පුළුවන්.. අනිත් දේ තමයි මං තමුසෙව මෙහේ නවත්තගන්න තමුසෙගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.. අන්න ඒක හොඳට මතක තියාගන්නවා... "
ශහිල් කිව්වෙ කිඳුරු දිහා බලාගෙනමයි . ඒ වචන ටිකක් රළු බව ඇත්ත. ඒත් ඒ වචන ඉස්සරහා කිඳුරුට දැනෙන්න වුණේ මහා ලොකූ ආරක්ෂාවක්. ඒ දැනෙන ආරක්ෂාවත් එක්ක කිඳුරු කිසිම විදිහකින් ඒ වචනවලට නොසැලී ප්‍රසන්න හැඟීමකින් බලාගෙනම උන්නා.
" ඇයි තමුසෙ silent ? "
එයා ඇහුවේ අර රළු ගතියෙන් මදකට මිදිලා. ඉස්සෙල්ලා නම් කිඳුරු ඒ වචනවලට ගැස්සෙන නමුත් ඒ පැයකටත් වඩා අඩු වූ කාල පරාසය තුළ ඒ තිගැස්සීමත් අඩු වෙලා ගිහින්. එයා ඒ වචන කිහිපයත් එක්කම ඇස් යොමු කළේ අර කාමරයේ එල්ලලා තිබුණු හරිත නිම්නයේ සිතුවම දිහාවට.
" අර චිත්‍රේ... "
එයා ඒ දිහා බලාගෙනමයි කතා කළේ.
" මොන...? "
ශහිල් ඒ දිහා බැලුවෙත් කිඳුරු එක්කමයි.
" අරක... "
කිඳුරු ඒ දිහා බලාගෙනම ආයෙමත් වතාවක් කිව්වා.
" ඉතින්... "
" ඒකත් ඇන්දේ ඔයාමද..? "
" හ්ම්.. ආයෙමත් අහන්න එපා. මේ ගෙදර තියෙන හැම drawing එකක්ම කරලා තියෙන්නෙ මම... "
ශහිල් හෙවත් නපුරු ශේන් සල්ගාදු ආයෙමත් රළු ස්වරයකින් කිව්වා.
" ලස්සනයි... "
එයා කතා කළේ ඒ දිහා බලාගෙනමයි .
" thank you... "
ශහිල් එයාට ස්තූති කළා.
ඇත්තමයි, කිඳුරුට අහන්න හිතුණෙම ඒ රළු හිතේ අයිතිකාරයාට කොහොමද එච්චර ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලමයි. ඒත් එයා ඒක අහන්න ගියෙ නැත්තේ ඒ නපුරා මොනා කියයිද කියලා හිතාගන්න බැරි නිසා.
කිඳුරුට ඕනිම කෙනෙක්ව භාහිරත්වය බලලා කියවගන්න පුළුවන් වුනත් ශහිල් කියන්නෙ එහෙම කියවගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයාට ශහිල්ව දැනුනෙම මහා ගුප්ත සංකීර්ණ චරිතයක් විදිහට. කොහේ කියලා කියවන්නද.. නපුරු පාතාලයා එයාට හඳුන්වලා දීලා තිබුණෙත් වෙනම නමකින් නේ.
එයා ඉතින් ඔහේ නිස්කාරණේ බලන් ඉන්නෙ නැතුව ශහිල් එක්ක කතා කළා.
" ශහිල් අයියේ... "
" හ්ම්.. ඒ පාර මොකද..? "
එයා ප්‍රසන්න විදිහට කොල්ලගෙන් ඇහුවා.
" බනින්නෙ නැත්නම් දෙයක් අහන්නද....? "
එයා ඒ ප්‍රශ්නය ඇහුවේ හරි අහිංසක විදිහට. ඒ අහිංසක බැල්මත් එක්ක ශහිල්ගේ හිතත් චූට්ටක් විතර ගැස්සිලා ගියා.
" අහනවා අහනවා.. මං එහෙම මහ ලොකු නපුරු මිනිහෙක් නෙවෙයි. ඉතින් බය නොවී ඕනි දෙයක් කෙලින්ම අහනවා..."
එයා එහෙම කියද්දි නම් කිඳුරු දසන් පෙන්වලාමයි හිනා වුණේ.
" ෂා... මේ ලස්සන හිනාවක් තියෙද්දිනේ මූණ නරක් කරන් උන්නේ.. බලනවකෝ, ඔහොම හිනාවෙද්දි කොච්චර ලස්සනද කියලා.. හරි හරි, දැන් කියනවකෝ තමුසේ කියන්න හදපු දේ... "
වචන රළු වුනාට මොකද ඒ හැඟීම හරි ප්‍රසන්නයි. බාප්පා නිසා ජීවිතය විනාශ වෙන්න ගිහින් දෙයියෙක් වගේ මනුස්සයෙක්ව අහම්බෙන් මුණ ගැහුණු නිසා ජීවිතය බේරිලා තියෙන බව නම් එයාට සක් සුදක් සේ පැහැදිලියි.
කිඳුරුට ශහිල් ගැන දැනුනේ දේවතාවෙකු හා සමාන වූ හැඟීමක්. එයා ඒ හැඟීමෙන්ම එයා අහන්න ගියපු දේ නොසඟවා එයාගෙන් ඇහුවා.
" මං අහන්න හැදුවේ.. ඔයා.. මං කිව්වෙ ශහිල් අයියා කොහොමද මෙච්චර ලස්සනට චිත්‍ර අඳින්නේ...? "
එයා එක් වරම වගේ අහපු දෙයින් ශේන්ගේ ඇස් දෙකත් උඩ ගියා. එයා කොල්ලා දිහා බලන් උන්නේ පුදුම වෙලා.
" ඒ කිව්වේ...? "
" නෑ, මේ චිත්‍ර හරි ලස්සනයිනේ.. මං අහන්නෙ ඔයා වගේ කෙනෙක්....! මේ වගේ ඒවා අඳින්නේ...! "
" ඇයි මං චිත්‍ර ඇන්දොත් ඇඳෙන්නෙ නැද්ද..? "
" එහෙම දෙයක් නෙවෙයි ඉතින්.. මං අහන්නේ... "
" අහ් හරි හරි.. මට තේරුණා.. තමුසෙ අහන්නෙ මං වගේ නපුරු මනුස්සයෙක් කොහොමද drawings කරන්නෙ කියලා නේද..? "
එයා උත්තර දුන්නේ නෑ. අර පුරුදු සුපුරුදු බැල්මෙන්ම ශහිල් දිහා බලන් උන්නා විතරයි .
" රළු කළු ගලක් වුනත් ලස්සන පිළිමයක් කරන්න මිනිහෙක්ට පුළුවන්.. ඉතින් රළු හිතක අයිතිකාරයෙක්ට බැරිද කැන්වස් එකකට දිය සායමින් පණ දෙන්න... "
ශහිල් එහෙම කියද්දි කිඳුරු එයා දිහා බලන් උන්නෙ ඇහිපිල්ලමක්වත් නොගසා.
" ඔහොම බලන් ඉන්න එපා , ඇස් දෙකේ පොට යයි... "
" හ්ම්... "
" තමුසෙ හෙණ පණ්ඩිතයි.. මං ආසයි ඔය පණ්ඩිතකමට හැබැයි.. දැන් wash එකක් දාගෙන ලෑස්ති වෙනවා.. dinner අරන් නිදාගන්නවා.. මං කෑම අරන් උඩට එන්නම්... "
" හ්ම්... "
එහෙම්මම එයා යන්න හැරුණා. කිඳුරු බලන් උන්නෙ එයා දිහා.
" ශහිල් අයියේ... "
කිඳුරු කතා කළාම ශේන් එහෙම්මම ආපස්සට හැරිලා එයා දිහා බැලුවා.
" ඇයි..? "
" ඔයාට ගොඩක් පින්.. මාව මෙහෙම පරිස්සම් කරනවට... "
එයා අහිංසක විදිහට කිව්වම ශේන් , එහෙමත් නැත්නම් ශහිල් හිමසර එයත් එක්ක හරි ලස්සනට හිනා වුණා. මුණගැහුනු තත්පරයේ ඉඳන් ශේන්ගේ මූණේ ඒ තරම් ලස්සන හිනාවක් නම් මැවුණමද කොහෙද.. නැත්නම් ඉතින් රවන බනින ගොරවන ඔරවන එකනේ එයාගේ පරම පූජනීය රාජකාරිය .
" ඒ ගැන හිතන්න එපා.. මේ මොහොතේ ඉඳන් තමුසෙව පරිස්සම් කරන එක මගෙ වගකීමක්... "
එයා එහෙම්මම හැරිලා කාමරයෙන් එළියට ගියා. ඒත් එයා මොකක්ද ඒ කිව්වේ.. එයාව ආරක්ෂා කරන එක වගකීමක්ලු.. ඒ කියන්නේ මොකක්ද.. කොල්ලට හිතාගන්නවත් බෑ. කිඳුරු එහෙම්මම කාමරයේ සුදු පැහැති බිත්තිය මත තිබුණු සිතුවම දිහා මොහොතකට බලලා ඇස් අහකට ගත්තේ ලෝභකමෙන්.
කිඳුරු එක මොහොතකට එයා ගිලිලා උන්නු කල්පනා ලෝකයෙන් මිදිලා පියවි ලෝකයට ඇවිත් එහෙම්මම ගිහින් කාමරයේ දොර වැහුවා. ඉන් එහාට එයාට මොකක්ද කරන්න ඕනි කියන දේ ගැන නම් හරි හැටි තේරුමක් නෑ.
අරන් ආව රෙදි බෑග් එක කාමරේ ටයිල් පොළව මත තියලා තිබුණා. එයා හෙමින් සැරේ බෑග් එකත් උස්සගෙන ඇවිත් ඇඳ උඩින් තිබ්බා. හෙමින් සැරේ ඇඳේ වාඩි වෙලා එයා බෑග් එක විවර කරලා එළියට ගත්තේ short එකකුයි , ටී ෂර්ට් එකකුයි. ඒකත් පැත්තකින් තියලා කිඳුරු අරන් ආව ටවල් එකකුත් අතට අරන් පැත්තකින් තිබ්බා.
බෑග් එක වහලා පැත්තකින් තියපු කිඳුරු ටවල් එක අරගෙන එහෙම්මම bathroom එක ඇතුළට ගියේ wash එකක් දාගන්න කියලා.
ජීවිතේ හැම මොහොතක්ම අහම්බකාරකයක් වගේ. ඒ අහම්බය තුළ මිනිස්සු ජීවත් වෙන්නේ එයාලට ඕනි විදිහටත් වඩා භාහිර සාධකයන්ට ඕනි විදිහට. ජීවිතේට එන සමහර මිනිස්සු ජීවිතේ වෙනස් කරන අපූරුව..
එයාටත් ජීවිතේ දැනුනේ අහම්බයක් වගේමයි. බාප්පා කරදර කරන්න හදපු හැටි, ගෙදරින් පැනලා ආපු හැටි , ජීවිතේ නැති කරගන්න පාරට පැනපු හැටි , බයික් එකක හැප්පෙන්න ගිහින් අනූනවයෙන් බේරුණු හැටි , ඒ බයික් කාරයා එයාව ගෙදර එක්කගෙන ආව හැටි.. ඒ හැමදේම අහම්බයක් තමයි.
එයා ජලමල යටට වෙලා වැටෙන සීතලම සීතල දිය බිඳිතිවලට එයාගෙ මුළු නිරුවත් සිරුර සිප ගන්න ඉඩ දුන්නා. දැවෙමින් තිබුණු හිතත් ඒ දිය බිඳිතිවලට තෙත් වුණා වගේ..
එයා නාගෙන ඉවර වෙලා අර ටවල් එකත් ඇඟ දවටගෙන bathroom එකෙන් එළියට ආවා. එයාට දැනුනේ එයාගේ ගතින් හමන චෙරි සුවඳ.. ඒ සුවඳත් එක්ක අතරමං වෙලා කාමරයට ඇවිත් කිඳුරු තෙත හිස කෙස් ටික තුවායෙන් පිස දාන්න වුණා.
ඉන් අනතුරුව එයා අරන් පැත්තකින් තියලා තිබුණු ඇඳුම අරන් දාගෙන ඇඳෙන් බිමට බැස්සා. හෙමින් සීරුවේ එයා අඩි තිය තියා ඇවිදගෙන ගියේ ලා කොළ පාට තිර රෙදිවලින් ආවරණය කරලා තිබුණු ජනෙල් කවුළුව ළඟට.
ඒ ගිහින් එයා ඒ තිර රෙද්ද මෑත් කරලා ජනේල් කවුළුවෙන් පිටත බලන්න වුණා. ඒත් එයා ජනෙල් පියන් දෙක විවර කළේ නම් නෑ. විනිවිද පේන වීදුරු ජනෙල් පියන් අතරින් එයා බලන් උන්නේ ඈත අහස දිහා. ඒ අහසේ ලස්සනට හඳ පායලා තිබුණා.
එයා ඉන් අනතුරුව කළේ ඒ ඇස් දෙක පොළව දිහාවට යොමු කරපු එක.. උඩු මහලේ ඉඳන් බලා ඉද්දි පහළ මිදුලේ හිටවලා තියෙන විසිතුරු පැළවලට වැටිලා තිබුණු බල්බ් එළියෙන් ඒවා බබළන හැටි එයා හොඳටම දැක්කා.
මූණේ සිරියාවන්ත හිනාවකුත් පුරවගෙන එයා තිර රෙද්දෙන් ආයෙමත් ඒ ජනෙල් කවුළුව ආවරණය කරලා දාලා ආපස්සට හැරුණා. එයාගෙ ඇස් ඒත් එක්කම වගේ යොමු වුණේ අර නපුරා සිත්තම් කරලා තිබුණු හරිත නිම්නයේ සිතුවම දිහාවට .
එයා හෙමින් සීරුවේ එතනට ගියා.
ඒ හරිත නිම්නය හරි මනරම්. එයාට ඒ සිතුවම මැවි මැවී පේන්න වුණේ සජීවිකරණය වුණු සිනමා රූ පෙළක් ගානට.
මීදුමෙන් බර වෙලා කුරුල්ලන් පියාඹන , රොන් ගන්න සමනලුන් පොර කන මල් පොකුරු වලින් ගැවසී ගත් කොළම කොළ පැහැති හරිත නිම්නය.. එයා මොහොතකට ඒ හරිත නිම්නයේ අතරමං වුණා. ඒ කල්පනාවේ ගිලිලා ඉද්දි එයාට දැනෙන්න වුණේ සීතලම සීතල මද සුළඟකින් ඒ සිරුර සිප ගන්න අයුරු. එයාගෙ ගතේ හැපී දැවටී ගෙන යන මද සුලඟින් එයාගේ සිරුරේ තැවරෙන් පිනි බිඳිති.. වලාකුළු වියන් යටින් ගිරි ශිඛරය මුදුනතේ සිට ඉගිළෙන සියොත් කැල නගන කිචි බිචිය..
එයා හෙමින් සීරුවේ ඇස් පියන් වහගෙන ඒ හරිත පාරාදීසයේ අතරමං වුණා. ඒ කොළ පැහැති ලෝකයේ අතරමං වෙලා ඉද්දි එයාට දැනුනේම හරිත පැහැ තැවරුණු තණ බිස්සක් මත එයා වැතිරිලා ඉන්නවා වගේ හැඟීමක්.. ඒ වැතිරිලා ඉද්දි අර නිල් පැහැ වලා වියන එයාට සැතපෙන්න ඇඳ වියන් බඳිනවා වගේ.. දෙසවන් සනහන කුරුලු ගී මැද්දෙන් එයා වැතිරිලා ඉන්න තණ බිස්සෙ පිපිලා තිබුණු පුංචි පුංචි හීන්දෑරි මල් කුළුඳුලේ පිනි පොද සිප ගන්න අරන්..
" ඉතින් නපුරෝ..කොහොමද ඔය හිත ඔච්චර ලස්සන වුණේ.. රළු පාට නපුරු ඇස් දෙකෙන් මෙච්චර මනරම් වර්ණයෙන් කොහොමද ලෝකෙ දිහා බලන්නේ.. මේ හරිත නිම්නය සිත්තම් කළේ ඔයාමද.. හිතන්නවත් බෑනේ.. ඔය රළු හිතේ අයිතිකාරයා රළු දෑත්වලින් මෙච්චර මොලොක් සිත්තමක් කරලා කියලා කොහොම නම් විශ්වාස කරන්නද මං.. ඒ ඔයාමද.. හැබැයි අවුකන ප්‍රතිමාව කියන්නෙත් ඉස්සර දවස්වල රළු ගල් පර්වතයක් වෙච්චි කොට ඇයි ඔයාට බැරි නේද.. මෙච්චරයි දන්නේ.. ඔයා මතුපිටින් පේන ඒ රළු මනුස්සයා නෙවෙයි.. ඔයා කියන්නෙම ඇතුළාන්තයෙන් සියුමැලි පිටතින් රළු පෙනුමක් තියෙන හරිත පැහැ සිත්තරෙක්... "
කිඳුරුට නම් දැන් පිස්සු වගේ. පිස්සු කියන්නෙ හොඳටම පිස්සු. එයා හෙමින් සීරුවේ ඇස් පියන් විවර කරලා බැලුවා. එයා ඉස්සරහා තිබුණේ අර හරිත නිම්නයේ සිතුවම මයි.
ටිකෙන් ටික ඒ හිත ඒ නපුරු සිත්තරා ගාව වෙලෙද්දි කිඳුරු ඇස් එහෙම්මම අනිත් පැත්තට හරවා ගත්තේ දොර විවර වෙන හඬින්. එයා එහෙම්මම පිටිපස්ස හැරිලා දොර දිහා බැලුවා.
සුදු පාටට හුරු ප්ලේට් එකක බත් එකකුත් තියාගෙන එයා දිහා බලන් උන්නේ ශේන් සල්ගාදු.
" ශහිල් අයියේ... "
එයා කතා කළ හැටියෙම වගේ ශේන් දොරත් වහගෙන හෙමින් සීරුවේ එයා ගාවට ආවා. එයාගේ මූණේ තිබුණේ හරි ප්‍රසන්න පෙනුමක්. නපුරුම නපුරු රළු පෙනුමැති මූණකට හිමිකම් කිව්ව ශේන් සල්ගාදුගේ ඒ තිබුණු රළු ගතියත් දැන් නම් අතුරුදන් වෙලා ගිහින්.
එයා හෙමින් සීරුවේ කිඳුරු ගාවට එද්දි කිඳුරු එයා දිහා බලන් උන්නේ හිනාවකුත් මූණේ පුරවගෙන . ශේන් එයා ගාවට ආවා.
" මං කෑම ගෙනාවා... "
එයා හිනාවකුත් මූණේ පුරවගෙන කිඳුරුගේ අතින් අර අරන් ආව කෑම ප්ලේට් එක තිබ්බා. ඒ ප්ලේට් එකත් අරන් කිඳුරු එයාගේ ඇස් අර නපුරගේ ඇස් එක්ක පටළවා ගත්තා. ඒ ඇස්වල අර තිබුණු නපුරු පාට නම් දැන් පේන්න නෑ. ඒත් මොකක්දෝ දඩබ්බර ගතියක් ඒ ඇස්වල හැංගිලා තිබුණා.
" බඩගින්නෙ ඉන්නැතුව කනවා.. මදි වුනොත් පල්ලෙහාට එන්න.. මට කතා කරන්න ඕනි නෑ.. kitchen එකට ගිහින් ඇති වෙනකන් බෙදාගෙන කන්න... "
එයා ඒ ටික කියන තුරුම කිඳුරු බලන් උන්නෙ ඒ ඇස් දිහා. ඒ ඇස් හරි මායාකාරි පෙනුමකින් පිරිලා. ඇස් දෙකේ තිබුණේ දුඹුරු පාටත් රතු පාටත් මුහු වෙච්චි පැහැයක්..
එයා එහෙම්මම යන්න හැරුණා. ඉන්නෙ එක වහලක් යට බව ඇත්ත. ඒත් කිඳුරුගේ හිතේ ඉපදුණේම එයාට යන්න දෙන්න බැරි තරමේ ලෝභකමක් . ශේන් හෙමින් සීරුවේ දොර හරියට යනවත් එක්කම වගේ කිඳුරු එයාට කතා කළේ අහිංසක කට හඬකින්.
" ශහිල් අයියේ... "
ඒ හඬින් එයා යාන්තමට හිස හරවලා එයා දිහා බැලුවා. මොන මොනවදෝ කියන්න කිඳුරුගේ හිත පෙරළි කරනවා. ඒත් කියන්න ඕනි දේවල් කියන්න තරම් ඒ හිත සවිමත් නෑ. ඕනි දෙයක් වෙච්චදෙන් කියලා හිතලා එයා එහෙම්මම කටට ආව වචන දෙක තුන කියලා දැම්මා.
" ඔච්චර නපුරු වෙන්න එපා.. ඉක්මනට වයසට යයි... "
" කළු ගල්වලට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි... "
" හැබැයි කාලෙත් එක්ක කළු ගල් පවා මල් පෙති වගේ මුදු වෙනවා.. එහෙම නේද..? "
" ඒත් ඔය සිනිඳු මල්වලට කොහෙත්ම අයිතියක් නෑ කළු ගල් එක්ක හැප්පෙන්න තරම්.. ඒ නිසා පරිස්සමින්.... "
" කළු ගල් පිළිම ඉස්සරහා සිනිඳු මල් පූජා නොකර තවත් කළු ගල් පූජා කරන්නද..... "
" ඒත් කළු ගල් එක්ක තියෙද්දි මල් පෙති තැලෙනවා.. ඒකයි පරිස්සමින් කිව්වේ..."
ශේන් එහෙම කියාගෙනම කාමරයෙන් එලියට ගියේ දොරත් වහගෙනමයි.
' මේ මනුස්සයා කොහෙද කොළ පාට සිත්තරෙක් වෙන්නෙ.. රතු පාටයි , කළු පාටයි එකතු වෙලා හැදුණු මහම මහා දුෂ්ඨයෙක්... '
ඒ කිඳුරුගේ හිත. එයා එහෙම්මම ඇඳ උඩ වාඩි වෙලා කෑම කන්න පටන් ගත්තා. ඒ අස්සෙත් අර නපුරු පාතාලයා ගැනමයි ඒ හිත මුමුණන්නෙ නම්.
අර හරිත නිම්නයේ සිතුවම දිහා බලාගෙන මුමුණපු චපල කතන්දර ගොන්න එහෙම ඒ නපුරාට ඇහුණා නම් කිඳුරුට කිඳුරෙක් වෙන්නම තිබුණා. එහෙනම් ඉතින් මුහුදට ගිහින් පීන පීනා ඉන්න තිබුණා.
එයාට කෑම කන අතරේදීත් හිනා යන්න එනවා. ඒ දේවල් මතක් වෙද්දි එයාට හිනා නාවොතින් තමයි පුදුම. ශේන් පහළට ගිහින් සෝෆා එකේ වාඩි වෙලා කල්පනා කරන්න වුණේ ඒ අහම්බයෙන් වගේ මුණ ගැහුණු කොල්ලා ගැන..
අනේ ඇත්තමයි. මෙච්චර නපුරු විදිහට කතා කරලත් ඒ කොල්ලා දඟකාර විදිහට කතා කරන අපූරුව. ශේන්ටත් පුදුමයි. ඒ කොල්ලගේ අර අමුතු අමුතු විදිහේ පණ්ඩිත කතා එක්ක ශේන්ගේ හිතටත් මොන මොනවදෝ වෙන්න අරන්..
ඒත් ශේන්ට හිතාගන්න බැරි ඒ මොකක්ද කියලා. කවදාවත්ම මිනිහෙක් එක්ක වචන දෙකකට තුනකට වඩා කතා නොකරන තමා මෙච්චර මේ කොල්ලත් එක්ක කතා කරන්නෙ ඇයි කියලා නම් ශේන්ටත් හිතා ගන්න බෑ. එයා සිවිලිම පැත්තට ඇස් යොමාගෙන මූණේ ආඩම්බරකාර හිනාවකුත් පුරවගෙන බලන් උන්නේ ඒ කල්පනාව පිටින්මයි.
' තමුසෙ කවුද ඕයි.. හරි පණ්ඩිතයි.. හැබැයි අහිංසකයි.. තමුසෙට සම කරන්න මට උපමා නෑ ඕයි.. මං දන්නෙ තමුසේ පුංචි කැලෑ මලක් කියන්න විතරයි.. මේ හෝරාව අස්සෙදි මුණ ගැහුණු තමුසේ මගෙ හිතත් හොල්ලලා වගේ.. ඒත් ඒ සිතුවිල්ලට වචන නෑ ඉලන්දාරියෝ.. ඇත්තමයි, තමුසෙ හරි පව් ඕයි.. කැලෑවේ පිපිලා කැලෑවටම පරවෙලා යන්න නොදී ඔය පුංචි කැලෑ මලේ සුවඳ බලන්න මං හරි ආසයි.. ඒත් දැන් ඒ කැලෑ මලේ සුවඳ බලන්න මං ලෝභයි.. මට බයයි එහෙම කරන්න ගිහින් ඔය මල මගේ අතින්ම පොඩි වෙයි කියලා... '
එයාගේ සිතුවිලි එහෙම මුමුණද්දි එහෙම්මම ඒ ඇස් පියවුණා.
රැයේ සීතලට ගත වෙවුලනවා වුනත් ක්ලෙයාරා අර උණුසුම මතක් කරගෙනම නින්දට ගියා. ඇඳ රෙද්ද මත තිබුණු ලා පාට පැල්ලම් ටික නිසා එයා ඒ ඇඳ රෙද්ද අයින් කරලා දැම්මා.
එහෙම්මම night dress එකකුත් දාගෙන ඇඳේ ඇලවෙලා ඉන්න ගමන් එයා අතරමං වෙලා උන්නේ ජේකබ්ගේ සිහින ලෝකයේ. ජීවිතේ කවදාවත්ම නැති විදිහේ ආදරයකින් හිත පිරිලා ගිහින්. සැමියා ගැනවත්, වෙන කිසිම පිරිමියෙකු ගැනවත්.. අඩු තරමින් සයනයේදී ගැහැණියක සතුටු කිරීමේ නියම කලාව දැන උන්නු ඩිනෝ මිගාන් සමරදිවාකරටත් වඩා ජේකබ් ගැන හිතේ ඇති වෙලා තියෙන අපූරු හැඟීම.. ඒක නම් ආදරයම වෙන්න ඕනි. ක්ලෙයාරා ඇස් පියන් පියාගෙන , දෙතොල් පෙති හපාගෙන සිහින් වූ මන්දස්මිතයක් මුව රඳවගෙන සිහිපත් කළේ ඒ අනගි මොහොත..
ඒ මොහොත තුළ ජේකබ්ගේ තිබුණු රළු පෙනුම.. ඒ ඇස් දෙකේ උතුරන සරාගී රළු ගතිය.. ඒ මූණේ කඩවසම් පෙනුම.. කළු පැහැති සමත් එක්ක තිබුණු දරදඬු පෙනුම.. මාංශ පේශී කැපිලා හැදිලා තිබුණු කඩවසම් පිරිමි සිරුර.. ශක්තිමත් අත් බාහු.. හොඳින් කැපී වැඩිලා තිබුණු කලවා.. ඒ හැමදේම ඒ අප්‍රිකානු පෙනුමැති පිරිමි සිරුරට එක්කහු කරලා තිබුණේ කඩවසම් බව ගැබ් වුණු සරාගී බවක්.
ඒ කළු පිරිමියා සයනයේ හොවාගෙන එයාට රිද්දවපු හැටි.. ඒ රිදවීමෙන් පවා ලබා දුන්නු මිහිර.. ඒ හැමදේම හරියට උමතුවක් වගේ.
දැන් දැන් ජේකබ් ගැන හිතන හිත හරි අකීකරුයි . ඒ හිත දැන් ජේකබ්ට හරියට ලෝභ කරන්න අරන්. ඒ ලෝභකම අස්සේ තිබුනේ ආදරයක් බව ක්ලෙයාරාට දැනෙන්න වුණා. ඒත් ඒ හැඟීම වුනත් ඇති වුණේ රාගයෙන් බව නම් එයාට සිහිපත් වුනේ නෑ.
වෙච්චි හැමදෙයක්ම එයාට හොඳටෝම මතකයි. ඒත් හිත කියන්නෙම ජේකබ්ට එයා ආදරේ කරන්න අරන් තියෙන බව..
හෙමින් සීරුවේ එයා phone එක unlocked කරලා dial කළේ ජේකබ්ගේ number එක. මූණේ හිතුවක්කාර ලැජ්ජාබර හිනාවකුත් පුරවගෙන එයා පෝන් එක කණේ තියාගත්තා. එහා පැත්තෙන් phone එක ring වෙන හඬ ඇහෙද්දි එයාගෙ හදවත තිගැස්සෙන්නේ හරියට භූ තැටියක් වගේ..
ජේකබ් උන්නේ පාර අයිනක ජීප් එකත් නවත්තගෙන. ඒ හරිය හරි පාළු පාටයි. දෙපැත්තම තරමක් කැලේ වැවිලා. හයිලෙවල් පාර වුනාට මොකද ඒ ඉසව්ව ඒ මොහොතෙදි නම් හරි පාළු පාටයි.
එන ගමන් ගත්තු බියර් bottle එකෙන් උගුරක් දෙකක් බීලා ඒක එක අතක. අනිත් අතේ සිගරට් එකක්. එළියට වෙලා ජීප් එකට හේත්තු වෙලා සිගරට් එකේ දුම් වළල්ලක් පිට කරලා එයා ඒක පැත්තකට විසි කළා. ඉන් අනතුරුව ආයෙමත් වතාවක් අර උගුරක් දෙකක් බීලා තියන් උන්නු බියර් bottle එකෙන් තවත් උගුරක් කටට හලාගත්තු ජේකබ් කල්පනා කරන්න ගත්තේ දැන් සුළු වෙලාවකට කලින් සිද්ද වෙච්ච දේවල් ගැන.
හිත අස්සේ කාලාන්තරයක් තිස්සෙ ඇවිලෙමින් තිබුණු නුරා ගින්න නිවා ලූ ක්ලෙයාරාව ජේකබ්ට දැනුනෙම සරාගී දෙව්දුවක් වගේ..
කලිසම් සාක්කුවේ vibrate වෙන phone එක ජේකබ් අතට අරන් බැලුවා. ක්ලෙයාරාගෙන් missed calls තුනක් ඇවිත්. ඒත් එක්කම වගේ ජේකබ්ගේ මූණේ ඇඳුණේ ජයග්‍රාහී සිනහවක්. ඒ සිනහව ඇවිත් රටේ ඉන්න ජනප්‍රියම සුන්දරම ගැහැණිය එයා නතු කර ගැනීමේ සතුට වෙනුවෙන් වගේ.
ජේකබ් එක අතකින් බියර් bottle එක අල්ලගෙන අනිත් අතින් phone එක අල්ලගෙන ක්ලෙයාරාට call back කළා. තත්පර දෙකක් හෝ තුනක් යන්නත් ඉස්සර ක්ලෙයාරා answer කළා.
" හෙලෝ..ජේකබ්... "
එයා කතා කළේ රහසින් වගේ. හැබැයි ඒ හඬේ තිබුණේ අර සුපුරුදු සරාගී බවමයි.
" මැඩම්... "
" ආයෙත් මැඩම්ලු.. මට මැඩම් කියන්න එපා අනේ.. මං ක්ලෙයාරා.. ක්ලෙයාරා තොම්සන්.. ඒ නිසා නම කියන්න ජේකබ්... "
" හ්ම්... "
එයා තවත් බියර් උගුරක් බිව්වෙ ඒත් එක්කමයි .
" ඔයා ගියාද ජේකබ්..? "
" ම්හ්.. තාම මඟ... "
" එහෙනම් පරිස්සමින් යන්න ජේකබ්.. i love you... "
" ඔයත් පරිස්සමින්.. i love you too... "
ජේකබ් එහෙම කියද්දි ක්ලෙයාරා හිනා වුණේ දෙතොල් හපාගෙන . ජේකබ් තවත් බියර් උගුරක් ගිල දැම්මා.
" ජේකබ්... "
" ම්... "
" මේ දේවල් ඩිනෝට දැනගන්න තියන්න එපා.. මේ හැමදේම රහසක්.. හරිද...? "
" හ්ම්, හරි... "
" ඔයාට ඕනිම වෙලාවක මං ගාවට එන්න ජේකබ්.. මං දැන් ඔයාගෙනේ... "
එයා එහෙම කියලා එහෙම්මම call එක cut කළා. ජේකබ් phone එක සාක්කුවට දාගෙන බියර් බෝතලේ ඉතුරු වෙලා තිබුණු බියර් උගුරු දෙක තුනත් එක හුස්මට බී ගෙන බී ගෙන ගිහින් මුළු bottle එකම හිස් කරලා දැම්මා.
මීළඟ කොටසට ...