LightReader

Chapter 22 - 21

උඹගෙ වෙන්ඩ .....?මං උඹ මට පාවඩ දානකන් ඉන්නෙ උඹගෙ වෙන්ඩ.....කිව්වම අහලා අතගනින්.....

මිනාල් මට උඹ එක්ක ඇරගන්න බෑ ...අතගනින්....උඹ කියනවනෙ මේක දකුන මේක දකුන මේකෙ රගන්නෙ උඹලා විතරයි පිටින් අව අපි වගේ උන්ට බෑ කියලා .....උඹලම අපිට රගන්න ස්ටේජ් එක දීලා අපි රගන්න ගත්තට පස්සෙ කෙදිරි ගාන්ඩ එපා හරි.....කිව්වම අහලා අතගනින්.....උඹට අදාල නැති මගුල් හොයන්නෙ නැතුව පාඩුවෙ ඉදින්...ඒක මටයි උඹටයි දෙන්නටම හොදයි....නැත්තන් මෙතන උඩරටයි පාත රටයි ඇරගන්න ගත්තම උඹලට දුවන්න පාර නැතිවෙයි....අත ගනින් ...!

නොගත්තොත්...අනික මේ මිනාල් රඹුක්වැල්ල ආවට ගියාට හැම එකාටම අත තියන්නෙත් නෑ...තිබ්බොත් ඒ අත ආපිට හිස් අතින් ගන්නෙත් නෑ.....ඔය තරම්ම අර මාලු කාරයට පන ඇරලද...එක වචනෙට කොච්චිකරල වගේ පුපුරන්නෙ...මං මහ දෙයක් කිව්වද .....මං කිව්වෙ මේ අහිංසක නපුරව මගෙ කරගන්න ඕන කියන එක...කොච්චර කියෙව්වත්....උඹ අහිංසකයි අමාකර ...කොච්චර කටින් බතල හිටෙව්වත්.....උඹ ඇවිත් පිස්සු හැදෙන හුරතලයක්....

මං වෙන උන් අතේ පනිවිඩ එව එව චාටර් වෙන්නෙ නෑ....මට තමුසෙව ඕන කියලා හිතුනා....ඕනා කියන්නෙ....මට තමුසෙව මගෙ කරගන්න හිතුනා...මං ඇහුවා....තමුසෙ කොච්චර බෑ කිව්වත්.....මට ඕනා කියන්නෙ ඕනමයි...නිකන් වචන නාස්ති කර කර පුපුරන්න එපා.....

අහල තියනවනෙ බල්ලො එක්ක ලැග්ගම නැගිටින්න වෙන්නෙ බලු මැක්කො එක්ක කියලා....ඒ වගේමයි...මාලුකාරයෙක් එක්ක ලැග්ගම වෙන්නෙ පිලිහිඩි පිටින් නැගිටින්න...තමුසෙ නැ කියන්න එපා....හරකෙක්ට උනත් තේරෙනවා තමුසෙ හැන්නදිගේ කාරයගෙ ඇගේ එල්ලි එල්ලි හුරතල් උන හැටියට....

තමුසෙ හිතනවද මහ හැන්නදිගෙ කාරයා තමුසෙට ඌව දෙයි කියලා.....??

උන් බිස්නස්මන්ලා ...උන්ට හරියන්නෙ බිස්නස් කරන උන්ව....මාලුකාරයෙක් කරගහයිද මේ ලාමක කොල්ලෙක්ව???? පිස්සු බබා තමුසෙට...නිකන් අඩන්න තමයි.....අනික බලනවා උගෙ වයස ...තමුසෙව හරියන්නෙ නාකියෙක්ටද ඕයි...පිස්සු කෙලින්නෙ නැතුව ඕක නවත්තනවා අමාකර...ගැලපෙන මිනිස්සු ආස්‍රේ කරනවා බබා....නිකන් දුක් විදින්න...තමුසෙ තාම සැප කියන එක වත් දන්නෙ නෑ අමාකර.....

මං උන්නෙ පුපුරන්න ඔන්න මෙන්න..... කොටින්ම මගෙ පපුව ඇටමස් ඉරාගන එලියට පනින තරමට පපුව ගැහෙනවා...ඒතරම් මට තරහව.....

එක පැත්තකින් මාව හොයන්ඩ එන කිරියා ආයම නිලමෙ ගාගන එනවා....අනිත් පැත්තෙන් මිනාලයා මාව උගෙ ඇගට එන්න එන්න තද කරගන්නවා...ඒ මදිවට මදනෙ ඉහට ගහලා වගේ මිනාලයා මගෙන් උගෙ වෙනවද උගෙ වෙනවද අහන්න ගත්තා.....

මං ඒකත් ඉවසුවා.....ඉන්නෙ ඉස්කෝලෙනෙ කියලා මං ඒකත් අමාරුවෙන් ඉවසන් උන්නා...හැබැයි ඊලග තත්පරේදි මට මිනාලයගෙ කතාව ඉවසන් ඉන්නම බැරි උනා...කොටින්ම කිරියා එන එක පවා මට පේන්නෙ නැති තරමට මගෙ ඉවසීම බින්දුවට වැටුනා.....මාව ඇගට හිරකරන් උන්න මිනාලයව මට පුලුවන් උපරිම වේගෙන් තල්ලු කරපු මමම ඒකව අනිත් පාර කොලර් එකෙ මුලින්ම කිටි කිටියට අල්ලගන ඇදලා ගත්තා...

මොකක්ද....මොකක්ද හුත්තො උඹ කියන්නෙ.....???නාකියෙක්.....???ඉතින්....ඉතින් තොට පුකද....මං නාකියෙක් නෙවෙ ඇන්ටි කෝස් එකක් කෙරුවත් තොට මොකද....???මට මහ හැන්දා කැමති උනත් එකයි නැතත් එකයි....මහ එකාව එක්ක නෙවෙනෙ මං දැන් යාලුවෙලා ඉන්නෙ ...අනික උඹ කියනවා නන් මාලු කාරයන්ට හරියන උන් ඉන්නවා කියලා මං හෙට ඉදන් ඉස්කෝලෙ නොයා කරෝල වේලන්ඩ ඉගන ගන්නම්...එතකොට කොහොමත් හරිනෙ.....???

ඇරත් උඹ කියන්නෙ ඊලග පාර ඇමතිකමට ඉල්ලන්න ඉන්න උඹගෙ පවුලට හරියන්නෙ අපෙ පවුල කියලද.....ඇයි එතකොට උඹගෙ මහ එකා කරන හොර වේස පක්කලි කම් මගෙ අප්පච්චි වහල දෙයි කියලද....හීන.....ඔව්වට කියන්නෙ හීන කියලා...නැගිටපන්.....නැගිටලා වටපිට බලපන්....අම්මගෙ රෙද්දක් කියනවා....යකො හොදින් ඉන්ඩ දෙන්නෙම නෑනෙ කොහෙන් හරි එනවනෙ.....පිස්සු හුත්තෙක්නෙ අයිසෙ....අනික උඹ හිතන්නෙ උඹ මගෙ වයසෙ වෙලා...සමුද්‍ර වැඩිමල් උනා කියලා ඒ මිනිහට ආදරෙ කරන්න දන්නෙ නෑ කියලද ....

හිතන්ඩ එපා....වයස වැඩිම උන් තමයි පැලෙන්ඩ ආදරෙ කරන්නෙ...අනික උඹත් මේ වැල්ලෙ එකෙක්නෙ.....මට කියපන් කවදාවත් උඹ දැකලා තියනවද කක්කුටු පැටව් කෙලින් යනවා....නෑනෙ....ඒ වගෙමයි .....අපෙ අම්මටත් බැරි උනා සමවයස් කෑල්ලක් ටෝක් කරන්න...අම්මා එහෙම නම් මට එහෙම නොවී බෑනෙ....

මං මිනාලයව අතෑරුයා.....මාව වෙව්ලනවා....මං ඌව කොලර් එකෙන් ඇදලා ගත්ත උනත්...හොලව හොලව බැන්නා උනත් මිනාලයා නෙවෙ වචනයක් කිව්වෙ....ඌ කරපු එකම දේ මගෙ මුන දිහා බලාගන ලාවට හිනාඋන එක විතරක්ම වෙනකොට අවසානෙදි මගෙ ඇස් වල කදුලු පිරුනා....

මං හිතන්නෙ මිනාලයවත් නොහිතන්න ඇති මට ඇඩෙයි කියලා.....ඌ කොහොමත් හිතන්න නැතුව ඇති මං අඩයි කියලා...

නිලමෙ.....ටම....අඩා..මුන් ආයම බල්ලො බලල්ලු වගේ කාගන්නවා නේද ....මිනාලයා මචන් උඹට කිව්වනෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉදින් කියලා....උඹ ආය ආයම මොකක්ද කරන්නෙ කියපන් ..නිලමෙ මෙහෙ වරෙන්...ටම...සිරි ...අඩා...නිලමෙ....ඒ..ඒ...සිහත්....මචන් ඇයි මේ.....උඹ මොකක්ද මූට කිව්වෙ කියපන්....ඒ සිහතා...අඩෙ...ඇයි බන් අඩන්නෙ....ටම...හැමනිලා...නිලමෙ....නිලමෙ...මේ අහපන්....ඇයි අඩන්නෙ කියපන්....මොකටද අඩන්නෙ....

සිහත්...

මගෙ ඇස් වලින් කදුලු වැටෙනව....මා පුතා කියලා මගෙ සමුද්‍ර මාව හුරතල් කරපු අරලිය මල් යාන්ගෙ යට මගෙ කදුලු හැලෙනවා...

මිට ටික වෙලාවකට කලින් මිනාල්ගෙ කොලර් එකෙන් අල්ලගන චන්ඩි පාට දාපු මමම දැන් නොදරුවෙක් ගානට අඩනවා....

මට ඉකි ගැහෙන්න එනවා...හිරකරන් ඉන්න හැදුවා උනත් කිරියා මාව හොලව හොලව ඇයි මචන් ...ඇයි නිලමෙ ඇයි සිහතා ගගා මගෙ ඇස් තෙත්වෙන්න හේතු අහනකොට මං මගෙ දිහාම විතරක් බලාගන උන්න මිනාල් දිහා බලාගනම උන්නා...අවසානෙදි ඒකත් මගෙ ගාවට අඩියක් ලන් වෙලා සිහත් කියලා මුමුනනවා එක්කම මමම අර පොඩි උන ශර්ට් එක අතින් හැදුවා...ගානට මැදලා තිබුන ශර්ට් එකෙ මං අල්ලපු පාර හන්දා හතර අතට ඉරිමතුවෙලා තිබුනා...

ආයමත් ඒ රැලි පාරවල් හදන්න බැරි බව දැන දැනම මං පිස්සුවෙන් වගේ උගෙ පොඩි උන ශර්ට් එක අතින් හැදුවා....බුරුල් උන ටයිපටිය ආයම තද කෙරුවා...කොටින්ම මං මගෙ අතින් උන වරද වහගන්න ඌව ආපිට හිටපු විදිහටම පිලිවල කරන්න හැදුවා....මගෙ අත් වෙව්ලනවා....

මගෙ ඇගිලි වෙව්ලනවා...එක පැත්තකින් මට මගෙ අම්මාමතක් වෙනවා...තව පැත්තකින් මගෙ අප්පච්චි මතක් වෙනවා...මගෙ සුදු අයියා.....සමනල්...මෙ හැමෝම හතර පැත්තෙන් මගෙ ඔලුවට එනකොට මන් මිනාල්ව හිටපු විදිහට ගන්න ඌව අතගෑවා....

මේ හැම දේම වෙන අතරෙ මගෙ ඇස් අමතක නොකර එකම දිගට කදුලු හැලුවා....

දෙයියන්ගෙ නාමෙට උඹට අඩන්න මොකක්ද උනෙ කියපන් නිලමෙ...උඹ මොන ලබ්බටද අඩන්නෙ....මිනාල් මං උඹට කිව්වා....පාඩුවෙ ඉදින් කියලා.....උඹලා කියලත් පෙරාපු රත්තරන් නෙවෙනෙ ....උඹගෙ මහ එකා වැරද්දක් කෙරුවා...ඒකට විදින්නඕන දඩුවම් විදලා උන් එලියට එයි ....හැබැයි උඹ ඒ මගුල් මෙතනට වද්දගන්න එපා.....මූ නෙවෙනෙ උඹගෙ මහ එකාව ඇල්ලුවෙ...අනික උඹත් නෙවෙනෙ හැලි පෙරුවෙ.....නේ...පාඩුවෙ ඉදපන්...හරි...පාඩු වෙ ඉදින්...මූ ඇවිත් උඹලගෙ ඔය රෙස්පට් වලට තැලෙන්නෙ පුලුවන් එකෙක් නෙවෙ...පාඩුවෙ ඉන්න මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දියන්....

......

හැබැයි උඹලා පාඩුවෙ ඉන්න උන්ව අවුස්සන් උන් පන්න පන්න කන්ඩගත්ත දාට අඩන්න කදුලු මදි උනා කියන්ඩ නම් එපා....පාඩුවෙඉදින් කිව්වම....නිලමෙ....ඇති ඔය ලබ්බෙ ඇතිල්ලිල්ල වර මෙහාට....උඹ මුගෙ බෙල්ලෙන් අල්ලන්ඩ ඇත්තෙ මුගෙන් මොකක් හරි වරදක් උනහන්දනෙ.....ඔය මගුල නවත්තල වරෙන්...

තවමත් වචණයක් නොකියා මගෙ මූන දිහා බලාගන උන්න මිනාලයට කිරියා දෙහි කපන්න ගත්තා.....ඒ බැන බැන...තවමත් අඩ අඩම මිනාලයගෙ ඇද අරින මාව අදිනවා....

මං කිරියගෙ අත ගසලා දැම්මා...කියන්න ඕන හැම කතාවක්ම කියපු මිනාලුත් ගොලුවෙලා ...හිතෙ කොනකවත් තරහවක් වත් නැති ලේ බැදීම් නැතුවම උනත් මං වෙනුවෙන් ඉස්සරහට පැන්න කිරියව පවා තල්ලු කරපු මං මගෙ ඇස්වලින් වැටුන කදුලු පිහදගත්තා...එකපාරක්....දෙපාරක්.....

තුන්පාරක් ...

මං අසාර්තක උනා...මගෙ අප්පච්චි හරි...අප්පච්චි මට පන ඇරියත් මට බැරි උනා අප්පච්චි ගෙ ඇස් දෙක අරන් ඉපදෙන්න....මට තිබුනෙම කදුලු උල්පත් දෙකක්...අම්මට හා සමාන අඩන්න බලන්න ඉන්න ඇස් දෙකක්...

ම්....මචන්...උ..උඹගෙ අප්පච්චි ....තව....ප්..පැයෙන් එලියට එයි.....ක්...කේස්....එක එතනින් ඉවර කරපන්...වැරදි....ක්..කෙරුවා නම්...දඩුවම...අනිවාර්‍යයි....හැබැයි....ප්..පස්සෙන් ඇවිත්....පිහියෙන් අනින්න....එපා...හරි...

මට ඇඩෙනවා....විදින්න පුලුවන් නරකම අත්දැකීම් තිබුන මං හයිරම් කම් පෑවෙම හිතේ හයියට වඩා හිතේ බයඋපරීමෙටම ආවම වෙද්දි ස්ලැබ් එක උඩදි හිටපු අමාකර මමමද කියලා මටම හොයාගන්න බැරි උනා....

මගෙ අප්පච්චි දවස් ගානක් ආගිය අතක් නැති උනා....මට දුවන්න පල්ලි පන්සල් නැති උනා...ආයමත් මාරුවීමක් ආවොත් මට පන පිටින් මූදෙ පැනලා දිවි නහගන්න තරමට මං සමුද්‍රට බැදිලා...

එක පැත්තකින් මගෙ බඩදරු අම්මා....අනිත් පැත්තෙන් එක පාරක් ඔලුව අතගෑවොත් ඒ අතේ එල්ලිලා හිනා වෙන මගෙ චූටි මල්ලි සමනල්...

උඹලව මං මරනවා කිය කිය කෑගැහුවට මොකද....මගෙ ආත්මෙම වෙව්ලුම් කනවා...

ඊලග කාවඩිය නටන්න කකුල් නැතිවෙයි කියනවා.....රෑ වෙන්න රෑ වෙන්න මං හැමදාම මහ මුහුද දිහා බලාගන මුලු දකුනෙම අප්පච්චි ලාව රකින්න කිය කිය දන්න හැම දෙවියන්ටම කියනවා...

මං ඇඩුවා...මට ඉකිගැහෙනවා....එක පැත්තකින් කිරියා.....උ බයවෙලා වගෙ බලාහන ඉන්නවා....මගෙ ඉස්සරහින් මාව ඉල්ලන මිනාල්....මං දන්නවා....උඹගෙ තුන් හිත කොනකවත් ආදරයක් නෑ මිනාල්....උඹගෙ වචන හැම දේම සහේතුකයි.....සමුද්‍රට තිබුනෙම මගෙ අප්පච්චි වගේ අහේතුක ආදරයක්...

ස්..සමාවෙයන්....මිනා...ල්...

මං....මං කියපු.....හ්...හැම.....වචනෙටම.....ස්...සමාවෙයන්...ම්..මිනාල්.....

මිනාලයා දිහා බලාගන උන්න මං අනිත් පාර අත් දෙක එකට එකතු කරලා වැන්දා .....මං මගෙ ජීවිතෙ දෙවියන්ට බුදුන්ට අම්මට අප්පච්චි ට මගෙ සමුද්‍ර ට විතරක් එකතුකරලා වදින්න තියාගන ඉන්න අත් දෙකෙම්ම මිනාල්ට වැන්දා ..කොටින්ම මට ඒ කකුල් ඉස්සරහා දැනගැස්සෙන්න ආවා.....ඒ එක්කම කිරියා මාව අල්ලගත්තා...මට තව දුරටත් මගෙ ජීවිතකතාව ඇතුලෙ තිත්ත පිටු පෙරලන්න බැරු කමට මං ඒ කකුල් ගාව වැද වැටෙන්න ගියා.....

රඹුක්වැල්ල කියන්නෙම සල්ලි වෙනුවෙන් බලේ වෙනුවෙන් බල්ලො උනත් මරන එකෙක් වෙනකොට මිනාල්ගෙ වචන මගෙ පපුව හූරන්න ගත්තා...

.එ..ඒ....න්...නිලමෙ....නිලමෙ....න්..

නැගිටපන්.....සිහත්.....

මිනිස්සු.....ආදරේ කරන්නෙ...එක වතාවයි....ආදරෙයි කියලා දාහකට උනත් කියනවා.....හ්...හැබැයි....හරියටම....අ...

ආදරෙ කරන්නෙ එකපාරයි.....ක්...කරුනාකරලා ....මගෙ....ආදරෙ....මැදට.....එන්නවත්.....ම්....මට...

ල්..ලන් වෙන්නවත්.....හිතන්න...එපා...එහෙම...උනොත්.....මං ....මරාගන...මැරෙයි....මං....උඹවත්....මරාගන...මැරෙයි...

මිනාල්...ක්..කරුනාකරලා...මට...මාව....න්...නැති කරන්න එපා...මට...මගෙ...පවුලට පාඩුවෙ ඉන්න දියන්.....උඹට....උඹගෙ අප්පච්චි ....ව්..වගේම....මට....මගෙ අප්පච්චි .....ව්....වටිනවා...හ්...හිර ගෙදර....හ්..හුගක්...නරක.....ත්...තැනක්....ම්...මගෙ අප්පච්චි මට කියනවා.....ම්...මාව.....හිරගෙදරට...යන තැනට ....වැඩකරන්න එපා මිනාල්....මටමගෙ අප්...ප්පච්චි නැති කරගන්න බෑ....උඹට මාව ඕනම....නම්....මට පුලුවන් උඹට මාව දෙන්න...හ්...හැබැයි හුස්ම වැටෙන එකක් නෑ.....ක්..කරුනාකරලා මගෙ පවුලෙන් ඈත්වෙයන්.....

මෙන්න මෙහෙ වරෙන් සිහත්....උඹට පිස්සුද....උඹට මොකක්ද වෙලා තියෙන්නෙ කියපන්...යකො මොලෙ කොහෙද අරූට වදින්න යන්නෙ.....???පිස්සුද උඹට එහම වත් අහන්න.....

........

උඹගෙ මහ එකා සෝලංගආරච්චි ....උඹට පැල්බැදන් ආදර්‍රෙ කරන එකා ස්කීපර් අයියා....එහෙව් පිරිමි දෙන්නෙක්ට අයිති උන උඹට මොන්ගලෙ ගහලද දෙකට නැවෙන්න හදන්නෙ....???උඹට මොකක්ද සිහත් එකපාරම ගහපු පිස්සුව...???

කිරියා කෑ ගහනවා....මිනාලයා ගාව උන්න මාව ඒකා මට දිගින් දිගටන බැන බැනම ඇදගන ආවා...කොටින් මං තනිකරම පරඩැල වගේ ....ඌ කොහෙටද මාව ඇදගන ගියෙ ....මං ඇදිලා ගියා ...

මිනාලයගෙ ගාව හිටගන උන්න මාව බැන බැනම ඇදගන ආව කිරියා කෙලින්ම නැවතුනෙ මහෝගනි ගහ යට තිබුන ටැප් පේලිය ගාව වෙද්දි ඒකගෙ බැනුම් වල තියෙන්නෙ මොනවද කියන්නවත් තේරුම් ගන්නෙ නැතුවම මං ඔහේ බිම ඉදගත්තා...

ඌ මට බනිනවා....මගෙ අප්පච්චි සෝලංගආරච්චි නේද අහනවා...මන් ආදරෙ උන්ගෙ ස්කීපර් අයියට නේද අහනවා...ඒත් මට ඌට කියන්න බැරි උනා මගෙ අප්පච්චි ගෙදර ආවෙ නිල් වෙච්ච පාරවල් එක්ක කියලා....

මට ඌට කියන්න බැරි උනා.....මගෙ අප්පච්චි ගෙදර ආවෙ ඉහෙ එක කෙස් ගහක් වත් නැතුව කියලා...

මට ඌට කියන්න බැරි උනා මගෙ අප්පච්චි ගෙ ඇස් වලට ලේ බැහැල තිබුනා කියලා.....

මට ඌට කියන්න බැරි උනා මගෙ අප්පච්චි ගෙ පිට මැදම කවදාවත් මැකෙන්නෙ නැති කැලලක් තියනවා කියල...

මරාගන මැරෙනවා කියල කෑ ගැහුවත් මොකද මගෙ පපුවඅමු සුසානට වඩා අන්තෙට පාලුවට ගිහින් තිබුනා.....ඒතරමට මගෙ පපුව අන්දකාර වෙලා ගිහින් තිබුනා....

සිහත්....

මේ බලපන්කො බන්....ඇයි බන් උඹ ඔහොම වචනයක් නොකියා බලාගන ඉන්නෙ.....

ඔහොම ඉන්න එපා බන්....අඩුමගානෙ....අඩුම ගානෙ උඹගෙ නුවර වන්නම වත් වනපන්කො....

මට.....ඉන්...නෙ....එච්චරයි....කල්ප....මට.....ඉ...න්නෙ..එච්චරයි.....ඒ මගෙ පන...බන්......කාට ජගතෙක් උනත්.....මට ඒ මගෙ අප්පච්චි බන්....මං හරි බයයි....මාව මැරෙයි...බන්...මාව...ම්..මැරෙයි....මාව අප්පච්චි ගාවට ගිහින්...දාපන්කො....මට යන්න ඕන.....

අවසානම මොහොතෙදි මං කිරියගෙ උරහිසෙ එල්ලුනා...සිහත් කතා කරපන්කො....කතා කරපන්කො ගගා මගෙ ගාව නොවදිනා වැදුම් වැන්ද කිරියගෙ උරහිසෙ මන් දෙපාරක් නොහිතම එල්ලුනා.....පපුවෙ ඇවිලෙන ගින්දර එලි දාන්න නොදී දරාගන හිරකරගන ඉන්න හැදුවත් අවසානම මොහොතෙ ඒ ගින්දර එලි බහින්නෙ හදවතම අලුකරගන වෙනකොට මං කිරියට හිතන්නවත් කාලයක් නොදී ඒ උරහිස් වල එල්ලිලා අඩ අඩම මට අප්පච්චි ගාවට යන්න ඕන කිය කිය අඩන්න ගත්තා....

තව චුට්ට වෙලාවකින් මිනාලයගෙ මහ එකා එලියට එනවා....ඔය කිව්වට මේ වෙනකොට ඇවිල්ලත් ඇති....

ඌ එක රැයක් හිටියට මගෙ අප්පච්චි ව රැයවල් කීයකට අතුරු දහන් කරයිද ...

අනේ....දෙවොල් දෙවියනෙ....මගෙ රත්තරන් අප්පච්චි ව බේරන්න .....මට ඉන්නෙ ඔච්චරයි මට ඉන්නෙ ඔච්චරයි....මගෙ පවුල මට නැති කරන්න එපා.....

නිලමෙ...කෝ ඔලුව උස්සපන්...ඔහෙ නොදරුවා වගේ අඩනවනෙ..... බොසාට එහෙම මොකුත් කරනකන් අපෙ දඹානෙ කැකුලිගෙ කැකුලා නිකන් බලන් ඉන්නෙ නෑ පිස්සුවක් ඇතෑ ඔහෙට ....ඇයි...බල....බලකෝ...මූ...ඇසුත් ඉදිමෙන්න අඩලනෙ...නිලමෙ....මේක උන්ට ගිය දකුන නෙවෙ හරිය.....ඔහොම අහිංසක වෙන්ඩ එපා නිලමෙ....ආ මේන් ලේන්සුව.....අපෙ සුකුවගෙ ලේන්සුව මේක....කාරිනැ....ඔහෙත් පිහින්ඩ.....

එපා.....කිරියා....මට...කෝලක් ගහන්න ඕන....

අප්පච්චි ගැන තියන අම්ම ගැන මගෙ මල්ලි.....සමුද්‍ර ..... කොටින්ම මං ආදරෙ කරන මනුස්ස පරාන ගැන අසීමාන්තිකව වද වෙන මගෙ පපුවට දැනුන වේදනාව බය හන්දම වරුවක් විතර කදුලු හලාපු මං මගෙ පිට අල්ලෙන් ඇස් පිහදගත්තා.....අඩලා උන්න මාව නලවගන්න දාහක් කතා කියපු කිරියා අවසානෙදි ලෝබකමක් නැතුවම සුකුමල්ගෙ ආදරෙ තැවරුන ලේන්සුව මගෙ දිහාවට දික් කෙරුවා මං ආපිට ඒක ඌ දිහාවටම තල්ලු කෙරුවා.....

තව ආදර කතාවක් උඩට මං කොහොමද මගෙ කදුලු වල බර වැටෙන්න දෙන්නෙ....

නිලමෙ....බොසාට කෝලක් ගහන්න ඕන කියලද කියන්නෙ දැන්.....?

....ඔව්....කිරියා...ඔයාට බැරිද සර්ගෙන් ඵෝන් එක පොඩ්ඩක් ඉල්ලා දෙන්න....

සර් මොකටද....වරකො යන්ඩ...ඔක්කොටම කලින් ඔය බිබික්කන් මූන පිහාගනින්....මන් උඹට දෙයක් කියන්නම්...උඹ ඔය කොච්චර කියවන් ගියත් උඹ මාර අහිංසක කොල්ලෙක් සිහත් ...දුකට බයට කියවන එක වගෙ නෙවෙ හැම වෙලාවෙම කෑ ගහන එක...හැමවෙලාවෙම කෑ ගහන එකා වගේ නෙවෙ අහිංසක උන්ට තරහා ගියහම....

ඇවිලෙන මිනිස්සුන්ට ඕන නිවුන මිනිස්සු ....ස්කීපර් අයියා උඹ ගාව පෙරාගන උන්නට ඌ යකා...යක්කු දෙන්නෙක් පෑහෙන්නෙ නෑ...මං කියන්නෙ....මචන් ඔය අහිංසකයව මරාගන්න එපා....මලකරච්චලේ උනත් ....ස්කීපර් අයියා වන්නම අහන්ඩ ආසයි.....මිනිස්සු ආදරේ කරනකොට එහෙම තමයි.....ඒ මනුස්සයව නැති කරගන්න එපා...මිනාලයා විසබීජයක් තමා.....ඒත් උඹ තනිවෙලා නෑනෙ නිලමෙ.....උගෙ අම්මත් ඇමතියෙක්ගෙ දුවෙක්...ඒ හයිය තියනවා....ඒ කියලා උන්ට ගිය රටද මේක?

අපි උඹට පට්‍ටා ආදරෙයි ....උඹ...ටිකිරියා.....සුදු අක්කා..බොසා.....බඩෙ බත් ටික වගේ ආය....මොනවා හරි උනොත් අපි ඉන්නවා..හරිය ....ඇට සව් ඇට වෙයි..එක නැංගුරම් පාරක් කැවම හරි යයි පුකෙ අමාරුව...

හ්ම්....උඹලට තේරෙන්නෙ බෑ කිරියා....

වෙච්ච දේවල් එක්ක බලනකොට ....මං කනාමැදිරි එලියටත් බයයි කල්ප...ඔයාට තේරෙන්නෙ නෑ.....මට ආය පිස්සෙක් වෙන්න බෑ....මන් මැරෙයි...

නෑ නෙවෙ තේරෙනවා.....හැබැයි මං අද කියන්නම්.....බොසාටත් කියපන් අපෙ ලියනගේව වගෙ හැම එකාවම විස්වාස කරන්න එපා කියලා....උන් එකාට එකා නෑ.....වරකො යන්ඩ....

තත්පර ගානක් කිරියා දිහා බලන් උන්න මං අනිත්පාර යන්නම් වාලෙ උගෙ පස්සෙ ගියා ....යන්නෙ කොහෙද .....මේ මොකුත් ඇහිලි නෑ....ඇවිදිනවට වඩා ඇදුමෙ ස්ටයිල් එක රකින කිරියා නිකන් අනුර සහෝදරයා වගේ....මූ ව දකින කෙල්ලො එකාට එකා මුමුනගන්නවා..... ඒතරම් ගැම්මකින් කිරියා යන්නෙ...කොටින්ම හිච්චි පිනා නෙවෙ ඌයි පිනා වගේ.....එක සද්දෙන් ඉස්කෝලෙම සද්දෙ වස්සන්න පුලුවන් ඩයල් එකක්.....ඒ උනාට වැඩක් නෑ...කිරියා සුකුවගෙ යට ලීයනෙ....මන් වගේ සම තැන නෙවෙ...කිරියට තාම ඩිපියුටි ගෘහමූලික කමවත් හම්බෙලා නැද්ද මන්දා.....

නිලමෙ...ආ....ඔහෙට ගන්ඩ ඕන එකෙක්ට ගන්ඩ.....අපායට ඇරුනම් ඕන එකකට ගන්ඩ ඇහැක්...

ම්....මේක....කල්ප මෙක....මේක ඔයාගෙද.....????මෙච්චර වටින එකක් ඇයි මේ ටොයිලට් එක ඇතුලෙ ලැට් බාල්දියකින් වහලා...?මේක ඔයාගෙමද....

නැතුව ඉතින්...වෙන උන්ගෙ ඈ....දහය මාරට විතර සුකුවට කෝලක් ගහන එක මගෙ පුරුද්ද...මන් එලියෙ ඉන්නම්....දෙන්නම කක්කුසියෙ ඉදන් එකට එනව දැක්කොත් හෙට වෙනම ගලක් කැපෙයි....ඔහෙ වැඩිය සද්දෙ නොදා වැඩේ කරගන්ඩ.....හරිය...

මං ඔලුව වැනුවා...

මං උන්නෙ කටත් ඔහෙක් කරගන අඩලා ඉදිමුන ඇසුත් මෙහෙක් කරගන.....කිරියගෙ දිලිසෙන ගල්බාගෙත් අත් දෙකෙම්ම අල්ලන් උන්න මන් උන්නෙ ඉස්කෝලේටම තිබුන පට්ටම පරන ටොයිලට් එකක් අස්සෙ වෙද්දි නහයෙන් එලියට වැක්කෙරුන හොටු රැල්ලත් ඉහලට ඇදපු මං එහෙම්ම අප්පච්චි ගෙ ඵෝන් එකට කෝල් එකක් අරන් ඵෝන් එක කනේ තියාගත්තා....

රින්ග් වෙනවා....පලවෙනි පාර....දෙවනි පාර.....තුන්වෙනි පාර...තවම නෑ.....මගෙ හිත හදන්න සක්කරයගෙ පුතා වයිම ඇවිදින් දාහක් කතා කිව්වත් අප්පච්චි ගෙ කටහඩ අහනකන් ඔය මොන ජගතටවත් මගෙ හිත හදන්න බැරිව යන තරමටම මන් උන්නෙ වේදනාවෙන් වෙනකොට මන් එහෙම්ම මගෙ නලල බිත්තියට ගහගන අප්පච්චි ආන්ස්වර් කරනකන් බලන් උන්නා.....

මගෙ හිත දෙයියො බුදුන් යදිනවා...කොච්චර හිත හදාගන්න හැදුවත් ගැස්සුන ගැස්සිලි එක්ක මට තිබුනෙම වීදුරු වලින් හදාපු හිතක් වෙනකොට ආදරෙ බරම තැන්වලත් මගෙ හිත පිපිරුවා...වේදනාව වැඩිම තැන්වලදි කෑලි එකතු කරලා අලවන්න බැරි තරමට බිදිලා ගියා.....

අනෙ මගෙ අප්පච්චි .....උඹ හොදින් නේද අප්පච්චි .....මට ඕන එච්චරයි ...මට ඕන මගෙ අප්පච්චි හොදින් ඉන්න විතරයි ....අම්මගෙ සතුට....අපෙ සැනසීම තියෙන්නෙ උඹ ගාව විතරයි අප්පච්චි ...ආදරෙ කරන්න තව මනුස්සයෙක් හොයාගත්තා කියලා මට උඹගෙන් ලැබෙන සැනසීම නැතිකරගන්න ඕන නෑ....මට උඹවත් ඉස්සර වගේම ඕන අප්පච්චි ....දුවෙක් ඕනමයි වයසට යනකොට වතුර ටිකක් දෙන්න කිව්වට....මට පුලුවන් අප්පච්චි දුවෙක්ටත් වඩා අප්පච්චිලාව ආදරෙන් බලාගන්න.....

මං දන්නෙ නෑ අප්පච්චි .....අම්මා කියනව උඹ හැමරෑකම මට නින්දයනකන් ඉදලා ඉඹලා යනවා කියලා...උඹගෙ හාදුව මොන තරම් ආදරනීයද කියලා බලන්න මං කොච්චර ඇහැරන් උන්නත් වැඩක් නෑ අප්පච්චි මටත් නොදැනිම නින්ද යනව...එහෙව් උඹට හීරුමක් වත් උනොත් මට තව දරාගන්න නම් හයියක් නැතිවෙයි අප්පච්චි .....

අඩපු කදුලු වේලෙන්න වත් කාලයක් නැති උනා.....මගෙ ඇස් ආයම අඩන්න ගත්තා...කටු සිමෙන්ති බිත්තියට නලල ගහගත්ත මන් හුස්ම හිරකරන් අඩන්න හදන ඇස්වලට බැන බැන හූල්ලගන වගේ ඉන්නකොට කට් වෙන්න ඔන්න මෙන්න තිබ්බ කෝල් එක අනිත්පැත්තෙන් ආන්ස්වර් කෙරුවා....අඩන්න හදපු ඇස් මිරිකගත්ත මං අනිත්පාර ගොත ගගහම අප්පච්චි ට කතා කෙරුවා.....

හ්...හෙලෝ....අප්..පච්චි.....

"අයිසෙ....ඔය බස් එකේ යනකොට පුකවල් මිරිකලා ගුටි කාලා ගෙනාව එකා....ඔය කියවිල්ල නවත්තනවා ඕයි...වනචරකම් කරලා තව කියවන් එනවා...."

"සර්.....මන්ත්‍රිතුමා යන්ඩ හදන්නෙ....සර් එක්ක කතා කරන්නඕනලු...."

මා එක්ක මොනවා කතා කරන්නද ...සුභ පැතුවා කියනවා .....ලියනගේ.....ලියනගේ....කෝ මේ ලියනගේ...?

ලියන්ගේ අද නිවාඩු සර්.....

.....මදැයි...මට සාංකාව වගේ....තමුසෙලා එකෙක් වත් ලියනගේ වගේ පනක් ඇතුව වැඩක් කරන්නෙ නෑඕයි....

මං හිතන්නෙ මං ගොතගහපු එක අප්පච්චිට ඇහුන් නෑ...ආපිට හෙලෝ නොකිව්වත් මොකද මං හිතන්නෙ මගෙ පපුවට සැනසීමක් දැනුනා...නොදන්න දෙවියන්ට මල්පහන් තිබ්බට මොකද දේව පිහිට ඉල්ලන්නත් කන්නලව් කරන්න ඕන තැන්වල කන්නලව්වක් නැතුවම ආශිර්වාදෙ දීපු එකම දෙවිවරු උනෙ මගෙ අම්මා අප්පච්චි විතරක් වෙනකොට අප්පච්ච්ගෙ පුරුදු ගොරනාඩුවම ඇහෙනකොට මං මගෙ පපුව පුරවලම හුස්මක් ගත්තා....

හෙලෝ...

හ්...හෙලෝ...අ...අප්පච්චි ...මේ මම....

මම....සුදු මහත්තයා ....??මේ උඹද.....??

ඔ..ඔව්...අප්පච්චි ...මම.....

..සුදු මහත්තයා පුතෙ උඹට සනීප නැද්ද???

මං හොදින් අප්පච්චි ....

නහය බරවෙලා තියෙන්නෙ ...??උඹ අඩලද....මොකෝ සීන් එක...ඇයි ඇඩුවෙ කියපන්...අප්පච්චි එන්ඩ ඕනද?

න්...නෑ...අප්පච්චි .....මගෙ නහයට මොකක්න්හරි ගිහින් කිඹුහුම් ගොඩක් ගියා.....ඒකයි....

මටදුක හිතුනා...දුක හිතුනට වඩා මං හිතන්නෙ මගෙ පපුව ඇවිලුම් කෑවා.....ස්ටේශන් එකේ උන්න මිනිස්සුන්ට යකාට වගේ කෑගහපු සෝලංගආරච්චිම අනිත් පාර පුතෙ උඹ අසනීපෙන්ද කියලා අහපු විදිහටම මගෙ බඩ පපුව දාලා යන්න ආව....අප්පච්චි එන්නද අහපු විදිහටම අනෙ මං උඩ ඉන දෙවියො බුදුන්ට මගෙ දොරෙ බුදුන්ව රැක දෙන්න කියකිය කන්නලව් කෙරුවා.....

ඒක මිසක්.....ඇයි ගත්තෙ...කාගෙද බන් මෙ නම්බර්.....

කිරියගෙ ....එයාට එයාගෙ සුකු....කැහ්...කැහ්....ටම....කැස්සක් ආවා අප්පුච්චියෙ නහයට රොඩ්ඩක් ගුයා ගියා මදිවට කැස්සක් ආවනෙ....පුතාට ..ඔවු.....කැස්සකුත් ආවා....

මගෙ කට ඔහෙක් වෙලා ගියා....මෙච්චර වෙලාම අඩන හිරියා වගේ උන්න මං අප්පච්චිගෙ කට හඩ ඇහුන තත්පරෙ ඉදන් උන්නෙ රටක් ලෝකයක් දිනපු එකා ගානට වෙද්දි නොකියන්න ඕන තැනුත් කියන්න ගිහින් කෙහෙල් ගහෙ හොටපටලගත්ත කොට්ටෝරුවා වගේ හොට අඹරන් ඒක කැස්ස්කට හරවගන ජාමෙ බේරගත්තා...

කාට කතා කරන්න??මොකක්ද උඹ කිව්වෙ...සුකුමලා කාට කතා කරන්න ගෙනාව එක කියලද...

කාට කතා කරන්න ගෙනාව එකද අප්පච්චි....මූ මෙක ගෙනත් තියෙන්නෙ කාටහරි කතා කරන්නද අනේ...??බලන්නකො අප්පච්චි මුන් ඉස්කෝලෙ ඇවිල්ලත් කරන දේවල් නේ.....අනේ මන්දා...අප්පච්චි ඔයා දන්නවනෙ ලියන ගෙ නැන්දා ඇවිත් මොන තරම් වැදගත් පවුලක නැන්දෙක්ද....ඇරත් අප්පච්චි ආරච්චිල කියන්නෙ නිකන්ද...?

සිහත් මේ.....උඹ ගත්තෙ මොකටද කියපන්....ඌ ඵෝන් එකක් හොරාවට හරි ඉස්කෝලෙට ගේන්න ඇත්තෙ උගෙ කෑල්ලට කතා කරන්න වෙන්න ඇතිනෙ....උඹ.....ඒකට උඹට හොරවැඩක් කරන්නවත් කැල්ලක් ඉන්නවද....නෑනෙ....??උඹ නම්බුව වන වන ඉදින්...පුක පුපුරන්ඩ ගහන්ඩ කලින් කියපන් ගත්ත කාරනාව නැත්තන් තියලා යමන්....

මං හිතන්නෙ මට කට උත්තර නැති උනා.....කට බොරු කියන්නෙ නැති උනාට දිව බොරු කියන්නෙ නැ කියන්නෙ කට කහනවට නෙවෙනෙ සොදුරිය....!!ඌට ඵෝන් එක ගේන්න එහෙමවත් හේතුවක් තියනවා මටඑහෙමවත් එකෙක් නෑ කියාපු අප්පච්චි අනිත්පාර මගෙ පුක පලන්න හදනකොටම මට මගෙ ස්පීකර් පප්පා මතක් උනා...

ම්හුක්....ඒකට පප්පා ඉන්නවනෙ අප්පුච්චියො....ඔව්...පුතාගෙ පලන්න එයා ඉන්නවනෙ....!

...අප්පච්චි ....

ම්ම්ම්.....සුදු මහත්තයා අප්පච්චි වැඩ පුතෙ ..කියපන් ඇයි ගත්තෙ ...මොකක් හරි හදිස්සියක්ද.....කෝ පොඩි ගස්බල්ලා ඉන්නවද....ඌට පනුබේත් පොවන්ඩ ඕනා කිව්වා...අනන් මනන් කව්වන්නෙ නැතුව බනිසක් අරන් දියන්....

හ්ම්....

මං හූමිටි තිබ්බා....මීට තත්පර ගානකට උඩින් ඇවිලුන පපුවම අප්පච්චි ගෙ වචනත් එක්ක නිවීගන යනවත් එක්කම මං හරි සැහැල්ලුවෙන් හුස්මක් ගත්තා...

අප්පච්චි ...පරිස්සමින් ඉන්න අප්පච්චි ...මං හදිස්සියෙම ගත්තෙ...අප්පච්චි ට පරිස්සමින් ඉන්න කියන්න.....

කනුත් ගොඩ වෙන්න එන්නෙ බන්...උඹලගෙ අම්මත් දැන් සියපාරක් ගත්තා.....මං පරිස්සමින් තමයි ඉන්නෙ.....

අපිට ඉන්නෙ අප්පච්චි විතරනෙ.....ඒකනෙ ....

ම්ම්....අප්පච්චි ට ඉන්නෙත් උඹලා විතරනෙ....සුදු මහත්තයා අප්පච්චි තියන්ඩද....උඹටත් තව ගන්ඩ කෝල් එහෙමත් ඇතිනෙ....නේ?

ම්..මොකක්ද අප්පච්චි ...

නෑ....ඉගනගනින් කියලා කිව්වෙ...

අප්පච්චි ඔයා මොනවා හරි කිව්වා...

නෑ බන්....නෑ...අප්පච්චි තියන්නම්...පරිස්සමින් ඉදින් ආදරෙයි.....

අප්පච්චි .....

ම්ම්ම්....

ආදරෙයි කියල කෝල් එක කට් කරන්න හදාපු අප්පච්චි ව මං ආයම නවත්තගත්තා .....

අප්පච්චි ....රඹුක්වැල්ල.....

ඌ ගියා ....

.............................අප්පච්චි ...මට මාව නැතිවෙයි උඹට මොනවා හරි උනෝතින්.......අම්මටයි මටයි සමනල්ටයි උඹ නැතිව ජීවත් වෙන්න දන්නෙ නෑ අප්පච්චි ....

සුදු මහත්තයා ....පුතේ උඹ අඩනවද.....මට මොකුත් වෙන්නෙ නෑ බන්....කෝ හොද.කොල්ලා වගේ කදුලු පිහදාගන යමන්කො...

........

හවසට පන්සල් යන්ද....සුදු පුතා හැන්දගෙනුත් අහපන්කො එනවද කියලා.....

අප්...පච්චි.....

නෑ....ඉතින් උඹයි හැන්දයි අඹුඩෙයි පුකයි වගේනෙ....ඒකයි....මං තියන්නම් ..පරිස්සමින් පොඩි මොනරා....ඕන් උඹාලගෙ නුවරවලව්වෙනුත් අද ගොඩ බහිනවලු...දැන් ඉතින් ඒ මගුලුත් අහන් ඉන්ඩ එපැයිනෙ....හා හා...අප්පච්චි තිබ්බා.....ආදරෙයි....පරිස්සමින් ඉදින්.....

බීප්...බීප්...

කෝල් එක කට් උනා...මට තේරෙනෙ නෑ...හිස් උන පපුව ආයම බර වේගන එනවද මන්දා...මං හිතන්නෙ මට තියෙන්නෙම සන්සාර ගානක ඉදන් අඩන ඇස්දෙකක්ද කොහෙද....අප්පච්චි කවදාවත් නැතුව පන්සල් යමුද අහනවා...සමුද්‍රව ඇල්ලුවෙ නැති අප්පච්චි අද සමුද්‍රට අඩගහනවා...

මොන දේ උනත් හැමදේම හොදින් සිද්ද වෙනවා නම්....මට ඇති....

තත්පර ගානක් උන්න මං අනිත් පාර එලියට යන්න ලැහැස්ති උනා....උර සීයකින් විතර ඔතලා තිබුන ඵෝන් එක ආයමත් ඔතන්න හදාපු මට එයාගෙ මූන මතක් උනා....

ම්හුක්.....යෝහ්...මහ සෝලන්ගයට සුතු පුතා නැතුවම බෑ අප්පා...මාලු වල බලේ තමයි ඔය ....දැන් සුතු පුතා කියලමනෙ කියන්නෙ....

දිවත් පැත්තට දාගත්ත මං අනිත්පාර අප්පච්චිගෙ හැදි පුතාගෙ මූන පොඩ්ඩක් බලාගන්න හිතාගන ෆේස් බුක් පැත්තෙ ගියා විතරයි මගෙ මූන හමගහපු කොරලියෙක් වගේ උනා....

වෙන මොකටවත් නෙවෙ.....වෝල් එකට ගොඩ වෙනවත් එක්කම මං දැක්කෙ මගෙ හැදි පප්පගෙ මූන වෙනකොට ඒකට වැටිලාතිබුන කමෙන්ට් එක මොනරවිල මහ බෑනගෙන් උනා....

.අපෙ මිනිහගෙ පරන ඵොටෝ ඔක්කොම අප්පච්චි උඩට අදිනවා...

යෝහ්....අම්මියෙ.....පුතාගෙ මිනිහට ඔයාගෙ මිනිහගෙන් කරදරයිනෙ.....

Thejaka solangaarachchi❤

Cudda laccanai mamata adambarai🦚

Vihara solangaarachchi❤️

Handsome malli🌸

ටම හිකෙ නිලමෙ....ඔහෙ ඕකෙ මුල් ඇදලද....?තාම අහවර නැද්ද....ඒ හොද වැඩෙ මෙයැයි බලකො තාම ඇතුලෙ.....රෙන්ඩ ගියත් ඔච්චර වෙලා යන්නෙ නෑ...ඔහෙට කලන්තෙ දැම්මද.....

කිරියා කෑ ගහනවා....කොහෙ කියලා උත්තර බදින්නද.....මං උන්නෙ අතින් මගෙ කට තද කරගන...මාමන්ඩියි නැන්දම්මයි දෙන්නම බෑන පොඩ්ඩට හාර්ට් එකක් දම්මා මදිවට කමෙන්ටුත් කරලා ..අප්පච්චි සුද්දා ලස්සනයි ආඩම්බරයි කියලා මොනරෙක්ව දාලා තියෙද්දි අම්මා ඊට යටින්ම හැන්ඩ්සම් මල්ලි කියලා මලක්දාලා...

ඔයලගෙ විකර හන්දා සුදු මහත්තයට දැන් මල පහවෙනවා අම්මියෙ....ම්හුක්...ඔන්න ඔහෙ මාත් දානවා.....අම්මයි අප්පච්චි දෙන්නම ඉන්න තැන මං දැම්මම මොක වෙනවද ආය.....

හැබැයි...අම්මති ඉන්න එකේ දෑවැද්ද ගැනත් මතක් කරා නම් තමයි වටින්නෙ.....පප්පා දෑවැද්ද එපාකිව්වට වලව් ඈයො කවදාවත් එහෙම හිස් අතින් යනවද එහෙම අපි නුවර වල්ව්කාරයො ...පැනලා ගියත් නම්බු ඇතිව ...

Sihath amakara solangaarachchi😯

ලස්සනයි හැන්නදිගෙ අයියෙ☕🪑🛏️🛋️

ටමසිරි...නිලමෙ ඔහෙ අහවර උනයි...මං හිතුවා ඔහෙට මුල් ඇදලා කියලා ...ඇයි බල.....දැන් අර් සර්කාරයා බලාගනත් ඇති ඔහෙ එනකන්.....ඔහෙ ඵෝන් එක ආයම ඔතල දැම්මයි නිලමෙ ඈ.....

මං එලියට බැස්සා ...මෙච්චර වෙලාම ඇතුලෙ උන්න මං කිරියගෙ ඵෝන් එකත් ආපිට තිබ්බ විදිහටම ඇතුලට දාල එලියට ආවා....කිරියා තනිකරම තමිල්නාඩු දෙමලෙක් වගෙ අරක කරාද මේක කරාද අහනකොට මම උන්නෙ කමෙන්ට් එකට දෑවැද්දෙ ඉමෝජි ටිකක් දාගත්තත් අල්මාරියකුයි මේසෙකුයි කනප්පුවයි සයිබෝට්ටුවකුයි දාගන්න බැරිව ගියපු තරහෙන් වෙනකොට මෙච්චර වෙලා දුකින දුකින් උන්න මං දුකට පුන් පාරක් ගහගන් තටු හැලිලා තිබුන මොනර පෙදෙත් ගසා බසාදාගන කිරියා ඉස්සරහට පැනලා ඉනට අත්දෙක තියාගන අර මොනපුක පස්සට දාගන පපුව ඉස්සරහට දාගත්තා...

හරි සෝක් ඈ...අනේ...අනෙ...කිරියො....ඔහෙ මේකෙ හිච්චි පිනා නේද....මගෙන් අහන්නෙ ආපිට පරිස්සමින් ඕක දැම්මද කියලා ....දාන එක නම් පරිස්සමින් දැම්මා...ඔහෙ හදන්නෙ හැමදාම ඔය කෙරුවාව කරන්නද....ඈ කිරියො....ඔහෙ දන්නවනෙ...ඔහෙලගෙ අම්මාගෙ පවුල ආරච්චි භ්භ්භ්.....භ්භ්.....

කටවහපිය!පට ගත්තා...පටන් ගත්තා...පුදුම හැමනීමක් තමයි මේක....කිව්වම අහල කටවහකො නිලමෙ....නුවර ලබ්බ මදිවට දැන් දඹානෙ කොරහත් අටන්න අරන්....මගෙ කනුත් එක්ක කැක්කුමයි ..ඒ අස්සෙන් ඕන් දඹානෙ මහ කැකුලියි කැකුලයි අපේ අහ එනවා කිව්වා....මටයි ලියනගේටයි යන්ඩ ගෙවල් හොයන්ඩ වෙනවා.....ඇයි යකො....

ඉතින් අනේ මං කියන්නෙ ඒක නෙවෙනෙ.....කිරියා...මේ අහන්ඩකො...ඒහ්...අඩේ.....අඩා....ඇයි අඩා මං කියන එක ඇහෙන්නෙ නෑ වගේ ඉන්නව නේත...ඒහ්....මං කියන්නෙ අනේ ඔයා මෙහෙම අයාලෙ යන්ඩඑපා ඒක හොද නෑනෙ....අනික සුකු අයියත් දැන් රස්සාව කරන වෙලාවනෙ....ඔයාගැන ආරච්චි මහත්තයා මොන තරම් බලාපොරොත්තු තියාගනද ඇත්තෙ අපෙ අම්මගෙ අප්පච්චි ඔය දන්නවනෙ මොනරවිල වලව් හාමුදුරුවො.....ඈකිරියා....ඔය දන්නවනෙ....

ටම.....ඇයි බල.....අම්...මේ.....මේ මොන වලව් වන්නමක්ද....ඇත්තමයි නිලමෙ ඔහෙට ඔය වලව් වන්නම ඇරුනම වෙන එකක් නැද්ද හැබෑටම....කන් කැක්කුමයි අඩා.....නවත්තකො.....ස්කීපර් අයියට කියන්ඩ ඕන කිරල ඇබදෙකක් ගන්ඩ කියලා...ඇයි අඩා මුගෙ වරුනෙ අහවරක් නෑනෙ..වර තව දෙඩ්ඩොත් අම්මපා මං ඊලග බස්සෙකෙ නුවර ගිහින් වලව්වම බිමට සමතලා කරල එනවා....ඇයි යකො...

ආ..හරි සෝක්....හරිම සෝක්.....වලව් සමතලා කරන්න කාටත් බෑ හරිය!

*

*

හරිද....නිලමෙ...හෙට ඉදන් ඔහෙත් අර ගෙදර තියලා ආව ගිටාර් එක අරන් එනෝ හරිය...අද පැනියා නැති හන්දා ශේපක් දාගත්තෙ...ඕක පැනියගෙ .....කෝ අපේ කිරියා ....මා පුතා කිරියා ..

..සර්.....

දැන් ලිස්ට් එක හරිනෙ .අඩා ...අඩා..අඩ හද වගේ ඉන්ඩ කිව්වම කව්ද අඩා හදට වැදිලා වගේ ඉන්ඩ කිව්වෙ...??හද බෑව වගේ ...ඔක්කොගෙම මූන පේනඩ ඕන...හරි ...හරි...දැන් හරි...

නුවර වන්නම් අහවරයි ...එකොලහ සී එකේ ඉන්න පැනියගෙ ගිටාර් එක තියාගන උන්න මං නට් එකක් තද කර කර තත ටියුන් කරන ගමන් සර් කියන කියන අතට හැරුනා..අඩ හද වගේ ඉන්න කිව්වට මොකද සර් කිව්වා වගේම අඩහද තනිකරම වැලේ වනාපු ජංගිය වගේ වක ගැහිලා තිබුනා...අවසානෙදි එහාට මෙහාට වෙලා කොහොම කොහොම හරි ඉන්ඩ ඕන පිලිවලට ඉදගත්තු අපි නොටේශන්ස් පෙරලගත්තා.....ඒ චුට්ටකින්ම කන්ඩක්ටර් උන කිරියා ඇවිල්ලා කවුන්ට් කෙරුවා ..බොරු කියන්න ඕන නෑ මුගෙ කට කොහොම උනත් ඇයි බල....ගාල ඇදලා ගත්තා උනත් කිරියා කියන්නෙම පට්ටම ඕලරවුන්ඩර් කෙනෙක්...බැට් එක අතට දුන්නම ඕන අතට මැච් එක ගහලා ගේම ගොඩ දාලා දෙන සුපිරි බුවෙක්....

සුකුමලගෙ වාසනාව තමයි...

මුලින්ම තියෙන්නෙ දඹානෙ වන්නමක්....!!!

මහ හූරො සාහෙට ගන්ඩ හැදුවාට

යන්ට එපා....

නුඹ යන්ට එපා....හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා...//

බැද්දට සද වගේ....

ගෝමරී මල් මද කැකුලියෙ ....

අරලිය මල් සුවද දැනෙනවා...හිතෙ තිබුන දුක වේදනාව එක්ක මැරීගන ගිය සංවේදි නාල ආය ආයමත් මේ අරලිය මල් සුවද එක්ක පන ගහන් එනකොට මගෙ හිතම අයිති කරගන උන්න සමුද්‍ර නම් වෙච්ච අරලියාව මේ ඔක්කොටම වඩා ප්‍රේම සුවද විහිදනවා.....

ඈත මූදු කරෙන් එන මුහුදු සුවද දැනෙනවා....ඒ ඔක්කොමත් එක්ක මියුසික් රූම් එකෙන් බැද්දෙ සුවද කාන්දු වෙනවා...!!

මං උන්නෙ සතුටින්...මං විතරක් නෙවෙ....මං හිතන්නෙ ගුරු මුශ්ටිය වත් නොතියා අකුරු කරන ගුරුන්ව හම්බෙන්ඩ පින් ඇත්තො කවුරුත් උන්නෙ සතුටින්...පැත්තක උන්න මැදිවයස් සර් අත් දෙකත් පිටිපස්සෙ බැදගන අහක බලාගන උන්නා....

ඒ ඇස් තිබුනෙ අපි ගාවට නොවුනත් මොකද මම වගේම මෙතන ඉන්න හැමෝම දන්නවා ඒ හිත තියෙන්නෙ අපි ගාව කියලා...අපි දිහා බැලුවෙ නැති උනත් මොකද පස්සට බැදගන උන්න අත් වල ඇගිලි එහා මෙහා වෙන හැටියෙන්ම කියන්න පුලුවන් සර් උන්නෙ තෘප්තියකින් කියල.....

මහ හූරො සාහෙට ගන්න හැදුවාට කියලා පටන් ගන්නකොටම අහන් ඉන්න එකාගෙ ඇගම හිරිවැටීගන යන තරමටම උස්සලා දුන්න ගැම්ම තවමත් එහෙම්ම වෙනකොට මං බලාගන කොරිඩෝවෙ එහා මෙහා ගිය ලමයි කොටු කොටු දැලේ එල්ලීගන අපි දිහා බලන් ඉන්නවා...

ඉස්කෝල කාලෙ....මං හිතන්නෙ ලමයෙක්ට උරුම සුන්දරම කාලෙ වෙන්න ඕන...ඉද හිටක එපා උනාට මේ ජීවිතෙ තරන් සැහැල්ලු කලයක් මං හිතන්නෙ නෑ මෙතනින් එහා ලැබෙයි කියලා....

බැද්දට පායපු හදේ චන්ද්‍ර කාන්තිය හීන් සීරුවෙ නිවීගන ගියා....සමනලියා...මනලොලියා හීන් සීරුවට සබේට වැදුනා.....!!එක තත්පරේකින් මුලු මියුසික් රූම් එකම වෙනම ලෝකයක් මැවුවා...හැබැයු දොරකොඩ ගාව උන්න රූපෙ දැකපු මට ආයම මගෙ සතුට දියවීගන යනවා වගේදැනුනා...

https://www.youtube.com/watch?v=3ueHmY-_9-4

*

*

10.25....

වෙලාව හරියටම දහයයි විසිපජයි....ඉන්ටර්වල් එකට බෙල් එක වැදුනා....

සින්දුත් කියාපු මම ආයම උන්නෙ පන්තිය අස්සෙ....ඉන්ටර්වල් පීරියඩ් එක කිට්ටු හින්දද මන්දා මගෙ කට ඉරෙන තරම් ඈනුම් දෙකතුනක් ගියා වගෙම මං සැරින් සැරේම මගෙ අත් ඔරලෝසුව දිහා බැලුවා...වෙන මොකටවත් නෙවෙ ගෙදරින් එනකොටත් බාගෙට කාලා ආව සමනල්ව මතක් වෙලා....

නිලමෙ ඔහෙ ටිකිරියගෙ පන්තියට යන්ඩයි ඔය.....

ඔව් මං මල්ලිට මොනවා හරි අරන් දීලා එන්නම්.....ඔයා එන්න ඕන නෑ කල්ප මං අරන් දීලා ඉක්මනට එන්නම්...

එලම...ඔහොම්ම කොමස් එකට වරෙන් හරිය...

හරි...

ඉන්ටර්වල් එක මෙහෙම්මයි...ආර්ට් එකේ උන් කොමර්ස් එකට යනවා...එක්කො ඒකෙ උන් මේකට එනවා....එක්කො ඔය දෙකම මැදට සයන්ස් එකේ මැත්ස් එකෙ උන් එනවා.....ඒලේවල් එක්ක සෙක්ශන් වලට බෙදුනත් මොකද එකොලොස් අවුරුද්දක්ම මේ ඔක්කොම උන්නෙ එකම පන්තියක වෙනකොට කොහොම කියලා නම් ඒයාලු කම් අමතක කරන්නද...

කොමර්ස් එකට වරෙන් කියාගන කිරියා කොමර්ස් එක දිහාවට දුවනකොට මං එහෙම්ම සල්ලිත් සාක්කුවෙ දාගන සමනල්ගෙ පන්තියට දිව්වා....

සමනල්....බබා...??

කැන්ටින් එක ගාව තනිකරම හතර අපාය වගේ ....ඇන්ටේ ...අයියෙ.....රෝස් එකාක්...පාන් කාලක්...අයියෙ ජෑම් පාස් එකාක් ගාන ළමයි මැදින් රින්ගපු මං කිරියගෙ පට්ටමට පිහිට වෙන්නකලින් වෙන් කරන් තිබුන ක්‍රීම් බනිස් පැකට් එකත් එක්ක සීනි බෝල පැකට් එකකුත් අරන් එකම පිම්මට මං එක වසරට දිව්වා.....

ඒත්...සමනල් නෑ....

ඒ මේසෙ හිස්...මුලු පන්තියෙම උන්න ඇහැට පේන්නෙ නැති චූටි චූටි උන් උන් ගෙ කෑම පෙට්ටි දිගෑරන් එහා පැත්තෙ එකාගෙනුයි මෙහා පැත්තෙ එකාගෙනුයි බෙදාගන කනගමන් උන්නා...ඒත්....මගෙ චූටි මල්ලි....

ඒ පුටුව විතරක් හිස්...

මං හතර වටම බැලුවා...අඩුම වෙන මේසෙකට වත් ගිහින්ද....ඒත් නැත්තන් මං එන්න පරක්කු හින්දා දුක හිතිලා කොහෙ හරි මුල්ලක ඉදන් අඩනවද කියලා ...

ඒත් නෑ....

මුලු පන්තියෙම නෑ....

මල්ලි ,බබො ඔයා සමනල්ව දැක්කද....

සමනල්ගෙ පුටුවට එහා පැත්තෙ උන්නකොලු පැටියා කඩල අහුරක් තව එකෙක්ගෙ පෙට්ටියට දාන ගමන් මගෙ දිහා බැලුවා.....ආයම වට පිට බැලුවා.....ඒචුට්ටකින්ම එයාටත් එහා පැත්තෙ උන්න කොලුවට ඇනලා සමනල්ව දැක්කද ඇහුවා.....

සිතාර ඔහෙ සමනල්ව දැක්කද .....නෑලුනෙ.....අයියෙ සමනල්ව දැක්කෙ නෑලුනෙ.....

ඔහෙ සමනල්ගෙ අයියද....

ඔව්...ඔයා කවුරුත් සමනල්ව දැක්කෙ නැද්ද....??

මල්ලි සමනල්ව දැක්කද.....

බබො සමනල්ව දැක්කද.....

පසන්.....පසන්...සමනල්ව දැක්කද....??.

නෑනෙ.....ඔහෙ මේ දුව දුව හොයන්නෙ මගෙ සමනල්වද....??ඇයි එයා කෝ....ඔහෙ සමනල්ව නැති කරගත්තද...???

මං හිතන්නෙ මං මුලු එකේ පන්ති හතරම පීරුවා.....ඉස්සරහට හම්බෙන්නෙ කව්ද...ඔන ලමයද....මං මගෙ මල්ලිව ඇහුවා.....ඒත් ඒ හැමෝම දුන්නෙ එකම උත්තරයක් විතරක්ම වෙනකොට මගෙ ඔලුව ගිනිගන්න ආවා....

මං ආයම එයාගෙ පන්තියට දිව්වා...කොයිම වෙලෙ හරි මගෙ චූටි මල්ලි දොරෙන් ඇතුලට මතුවෙයි කියල මං බලාගන උන්නා...ඒත් නෑ...ඉන්ටර්වල් එක ඉවර වෙන්නත් එනවා....

මගෙ සමනල් නෑ...

මුලු එක වසර පුරාව දුවාපු මං අනිත් පර මට පසනව මතක් වෙලා මං තුනේ පන්තියට දිව්වා....

මං යනකොට පසනා සපත්තු නැතුව මේස් පිටින් මේස උඩින් පැන පැන දුවනවා...පියරු ගාලා ශර්ට් යට කරවන් බබා වගේ එක්ක ආවට මොකද පසනා තනිකරම යක් පැටියා වගේ දාඩිය නාගන හති දාගන තව එකෙක් පස්සෙ දුවනවා...මගෙ ගාවින්ම දුවන් ආව පසනව අල්ලගත්ත මං ඒකගෙන් මගෙ සමනල් ව ඇහුවා...කවුරුත් නැති උනත් අනිවාර්යයෙන්ම පසනා ගාවට හරි එන්න ඇති මගෙ යටි හිත එහෙම කියනව....

ඒත්....ඒත්....පසනා මගෙන් අහනවා ඔහෙ මගෙ සමනල්ව නැති කරගත්තද කියලා.....

මට මගෙ කකුලුත් එක්ක පන නැතිවේගන ආවා....මගෙ ඉහ උඩ අකුනු පිට අකුනු පුපුරන් ආවා....මිනාල්ගෙ වචන ආය ආයම මගෙ කන් අස්සෙන් දෝන්කාරෙ දෙන්න ගන්නකොට මං මගෙ කකුල් වලට නැති හයියත් හොයාගන එලියට දිව්වා...

සමනල්...සමනල් උඹ කොහෙද අනෙ උඹව අයියා හොයනවා සමනල්.....අනෙ මගෙ චූටි මල්ලි...අයියා උඹව හොයනවා....උඹගෙ කැතයා උඹව හොයනව මගෙ සමනල්.....

එකම තත්පරයයි.....පසනත් මගෙන් කෝ සමනල් අහනවත් එක්කම මං පසනගෙ පන්තියෙන් එලියට දිව්වා.....වෙනකොහෙටවත්ම නෙවෙ මිනාලයා ගාවට....මැත්ස් එකට.....වෙන කොහෙ බැලුවත් වැඩක් නෑ...බලන්න ඕන එකම එකාඌ ගාව විතරක් වෙනකොට මං ලමයිවත් පෙරලන් මැත්ස් එකට දිව්වා...

මිනාල්.....මං..මං මරාගන මැරෙනවා...මං උඹවත් මරාගන මැරෙනව මගෙ කොල්ලව උඹ අඩවලා වත් තිබ්බොත් මං උඹව මරාගන මැරෙන එක මැරෙනවා මිනාල්...

ම්...මිනාල්....මිනාල් ඉන්නවද....ම්..මිනාල්...උඹ කොහෙද ...???

මන් දිව්වා....මං එකම වේගෙන් දුවපු මට මගෙ වේගෙවත් පාලනෙ කරගන්න බැරිව මාව ගිහින් යන යාමටම බ්ත්තියක හැප්පුනා...ඒ හැප්පුන හැප්පිල්ලට මගෙ නාස් පොල්ලත් එක්කම හිරි වැටීගන ගියත් මට ඒ වේදනාව දැනුන් නෑ...මට ඕන උනෙ මගෙ චූටිමල්ලිව විතරක්ම වෙනකොට මුලු පන්තියම දෙදරන්න මිනාල් උඹ කොහෙද ඇහුවත් මට මිනාල්ව හොයා ගන්න බැරු උනා.....

බැරු උනා නෙවෙ.....ඌ නෑ.....

දෙයියනෙ...මිනාල්.....උඹ මොන ලෝකෙද යකො ඉන්නෙ...උඹ මොන ලෝකෙද....උඹ මොන ලෝකෙද.....??

මං ආයම දිව්වා..... පන්තිය පීරුවත් මිනාල් නැතිම තැන මං දිව්වා.....මට ඌව හොයාගන්න පුලුවන් එකම තැන ස්ලැබ් එක විතරක්ම දන්න මං ආපිට හුස්මක් වත් නැතුවම ස්ලැබ් එකට දිව්වා....එචුට්ටකින්ම ඉන්ටර්වල් එක අහවර කරන් බෙල් එක වැදුනා....

ස්..සමනල්....මං එනකන් ඉදපන් සමනල්....අයියා එනව...උඹගෙ කැතයා එනවා සමනල්....

බෙල් ගැහුවා.....ඒත් මට මොන බෙල්ද.....සෙල්ලම් කරන ළමයි මැදින් කඩාගන බිදගන මං කෙලින්ම ස්ලැබ් එකට දිව්වා...කිව්වට විස්වාස කරන්න...මගෙ කකුක් මොන තරන් වේගෙන් දිව්වද කියනවා නම් එක සපත්තුවක් මගෙ කකුලෙන් ගැලවිලා වීසි උනා .....ඒත් මං නෙවෙ නැවතුනෙ...එක කකුලක සපත්තුවක් පිටින් මං හති දාගන අර පඩිපෙල දිගෙ උඩට දිව්වා....ගැහෙන පපුව ඩිගි ඩිගි ගාන වේගෙට් මගෙ හදවත කටින් එලි පනින්න තරන් ගැහුනා...

ඒත් .....ඒත් මං නෙවෙ නැවතුනෙ.....උඩටම නගින්න පඩි දෙක තුනක් තියලා මාව වැටුනා...මාව මුනින් අතටම වැටුනා....අත පය වැලමිටි ඇනුනා...

කොන්ක්‍රීට් පඩි පෙලෙ ඇනුන ඇනිල්ලට වැලමිටෙ ලෙලි යන්න ඇති....ඒත් මං නෙවෙ නැවතුනෙ.....

මං දිව්වා.....වැටුන මං ආයම බඩගාගන දිව්වා.....

ස්..සමනල්.....මං හිතුවා හරි....මගෙ මල්ලි ඉන්නවා...කොල්ලො රොත්තක් මැද මගෙ චූටි මල්ලි ඉන්නවා...අනෙමගෙ කොල්ලගෙ මූන රතු වෙලා....වෙනදට කච පච ගානපොඩි එකා බය වෙලා...එක අතක බාගෙට කාපු රෝල්ස් එකක් තියාගන මිනාලයගෙ කකුල උඩ ඉදගන මගෙ සමනල් ඉකි ගහනවා....

මං මගෙ පපුවට අත තියාගත්තා ...මට හුස්ම නෑ....ඉහ මුදුනින් ඉපදුන දාඩිය බින්දු ඉහින් කනින් බේරීගන පහලට රූටනවා...

ඇ...තිනෙ...ප්..පුතාට....ද්..දයියනෙ .....කන්න.බෑනෙ...ප්...පප්පෙ....පුතාව එක්ක යන්නකො....ප්....පප්පියෝ.....ඇ..ඇතිනෙ...අප්පුච්චි....යේ....අයි...යෙ....හ්හ්.....

ප්..පසනෝ....ප්..පුතාව.....එක්ක.....යමල්ලකො.....ඇ..ඇතිනෙ...අනෙ...පප්පේ.....

පප්පා....මොන පප්පා....???බලහන්කො මිනාලයා....මේ පොඩි පොලිසයි මහ පොලිසයි හැන්නදිගෙ කාරයට වහ වැටිලනෙ....

මාලුවල රහ තමයි ආය...මං හිතන්නෙ ඕකා තුන්වේලමටම මාලු දෙනවා ඇති....අම්ම්ලා පුතාලා ඔක්කොටම...මුන්ගෙ අම්ම පට්ට ලස්සනයි ..අර නාකි පොලිසව මොකට බැදලද මන්දා.....මිනිහා වයසයිලු...සෑහෙන ගැපක් තියනවලු....

කව්ද උඹට කිව්වෙ...

කවුරුත් කියන්නෙ මොකටද අඩෙ...මුලු පොලිසියම රගන්නෙ මේ අත උඩ නම්...අහන්නද උන් නැත්තෙ....නැද්ද මිනාලයා...පොඩි බබා ඔහෙ පප්පෙ ගගා නැහුනට පප්පා එන්නෙ නෑ.....හොද බබා වගෙ කදුලු පිහන් ඔය මිනාල් අයියා අරන් දුන්න එක කන්ඩ.....ඔහෙලට පප්පා එක්ක ගියා කියල මොනවත් හම්බෙන්නෙ නැ...මේ අයියලාට ලොකූ ගෙයක් තියෙනවා.....කාර් තියනවා.....වාහන තියනවා.....බබාට ඕන තරම්චොක්ලටුත් හම්බෙයි...ඔය පප්පා කාරයා වැඩක් නෑ....

න්...නෑ....නෙ...වැඩක්.....ත්...තියනවනෙ.....ප...ප්පා....ත්...තාත්තෙ...

සමනල්!!මගෙ ලමයව දියන් මෙහාට.....

ක්...කැතයො.....අ...අයියෙ....

හරි....හරි...අයියා ආවා.....අයියා ආවා.....මගෙ පුතාගෙ අයියා ආවනෙ...

අඩියයි දෙකයි...අරුන්ගෙ කතා ලේ කෝප කරගන අහන් උන්න මං තවත් ඉවසන්න තරම් හයියක් නැතිම තැන එතනම තිබුන යකඩ කූරත් ඇදගනම මිනාලයා ගාවට ගිහින් උගෙ කකුල උඩ ඉදන් කට දනවා ගගා අඩ අඩ උන්න් මගෙ මල්ලිව ඇදල ගත්තා විතරයි ලේසියකට අයියෙ කියන්නෙ නැති මගෙ නොදරුවා අයියේ ගාගනම මගෙ බෙල්ලෙ එල්ලුනා....

ඒ මූන රතුවෙලා...පොඩි කටට ඔරොත්තු නොදෙන සැරක් කාපු මගෙ කොල්ලගෙ චූටි ඇස් වල කදුලු පිරිලා රතුවෙලා මදිවට හුස්ම ගන්න බැරි තරමට නාහෙට හොටු පිරිලා තිබුනා.....

මං උන්නෙ ඇස් වල කදුලු පුරවන්....තරහව ඉවසගන්න බැරිම තැන මං උන්නෙ තරහව ඉහවහ ගිහින්...ඕන මගුලක් කියපන් මං අහන් ඉන්නම්...

මට ඕන මගුලක් කරපන් මං ඉවසන් ඉන්නම්...ඒත් මගෙ මිනිස්සුන්ට...මගෙ අම්මා අප්පට...මගෙ මල්ලිට ...මගෙ සමුද්‍රට වචනයක් කියපන්.....සත්තයි මං තරන් නරක එකෙක් නැතිව යයි....

කිරියා කියනවා මං අහිංසකයා කියලා.....ඔව්....මං අහිංසකයා...හැබැයි පෙනේ අකුලන් ඉන්න තාක් වෙන්නෙ දර මිටි ගැටගහන්නත් ගන්න එක...

ආදරෙ ගාවදි අන්තයක් නැතුවම ආදරෙ දෙන්න පුලුවන් මමම...මගෙ තරහව ගාවදි හැසිරෙන්නෙම ට්‍රැක පැනන් වෙනකොට මං පුලුවන් තරන් මගෙ අහිංසක ආත්මෙටමැරෙන්න නොදී හුස්ම පිඹින්න හැදුවා....

මචන් .....මං උඹගෙන් සමාව ඉල්ලුව...මං...උඹගෙ ...ගාව අත්දෙක වැදල සමාව ඉල්ලුවා...හරි....මට මගෙ පවුලට පාඩුවෙ ඉන්න දියන් කියලා මං සමාව ඉල්ලුවා....

කොටින්ම මං උබ ඉස්සරහා දන ඔබාගන්න ගියා...මං උඹට මේක නවත්තමු කිව්වම නවත්තලා පාඩුවෙ ඉදින්...දිගින් දිගටම තියාගන්න එපා...

සමනල් අඩනවා...කට දනවා ගගා ඉකි ගගහා මගෙ ශර්ට් එකෙන් කට පිහනවා...එක අතකින් ලමයව වඩාගන උන්න මං අනිත් අතෙන් යකඩ කූරත් මිරිකගන අනිත් උන් ඔක්කොම හිටගන ඉන්නකොට ඒකා විතරක් ගවනර් වගෙ ඉදගන උන්න මිනාල් දිහා බලාගන මං ඌට විතරක් කතා කෙරුවා...

මං ඌට හොදින් කතා කෙරුවා....බනින්න වත් කෑගහන්නවත් ගියෙ නෑ.....අනික මට ලමයව වඩාගන කැගහල බය කරවලා අඩවන්නත් බෑ....අනිත් උන් ඔක්කොම මගෙ දිහා බලාගන ඉන්නකොට මං මිනාලයට විතරක් කියන්න ඕනටික කියල අඩන ලමයවත් වඩාගනම එන්න හැරුනා.....හැබැයි මට එන්න බැරි උනා...

හිත හදාගන තරහව දරාගන එන්න ආවත් මට එන්න බැරි උනා...මිනාලයා උන්නෙම ගොලුවත රැක් රැක වෙද්දි කටු කන බල්ලෙක්ට විතරක් කටපියාගන ඉන්න බැරි උනා....ඒකා බිරුවා....ලමයව අරගන ඉස්සරහට ආව මං ආයම නැවතුනා...නැවතුනා විතරක් නෙවෙ හැරිලා එක දිහා බැලුවා...

ඉතින් මූ උඹගෙ මල්ලිට මොනවත් කෙරුවද.....??ගැහුවද....බැන්නද.....නෑ....ඌ අනාගත මස්සිනා පොඩ්ඩව පොඩ්ඩක් හුරතල් කෙරුවා...නැද්දමිනාලයා....

මං බලාගන උන්නා...යටි තොල කටින් වෙන් වෙන තරම් තදේට හපාගන උන්න මං අනිත්පාර අර අතේ තිබුන යකඩ කූර අරන් කෙලින්ම උගෙ ඇගට තිබ්බා...වෙන කොහෙටවත් නෙවෙ....මං අර යකඩ කූර ඒකගෙ උගුරට තිබ්බා...මන්දා...දරාගන්නම බැරි උනොත් මං මේකෙන් ඒකගෙ උගුර හිල් කරල මරලා දාලා මගෙ අම්මා අප්පව පිසසො කරන් හිරබත් කන්ඩ යයි....

පුක දෙන එක සීමා සහිත කරපන්..හරි ...සීමා රහිතව දෙන්ඩ ගත්තොත් වන වෙයි...උඹ කව්ද.....මොකාද මං දන්නෙත් නෑ....හැබැයි මට අදාලත් නෑ...පාඩුවෙ ඉදින්.....උඹලා හැමෝම එකතුවෙලා මගෙ මල්ලිව අරන් ඇවිත් ආතල් ගත්තා....මං ඒකත් හරි අමාරුවෙන් ඉවසන් මෙ කතා කරන්නෙ.....හැබැයි දෙවනි පාරක් ගැන හිතන්න එපා...උඹගෙ ලොක්ක මගෙ මල්ලිට ගැහුවෙ නෑ.....ඒක හරි ....හැබැයි උඹලා මගෙ පොඩි එකාව ආතල් එකක් කරන්නෙ....ම්ම්ම්...උඹට මේවා ආතල්ද?????

අනික උඹ...උඹට අදාල නෑ...මගෙ අප්පච්චි නාකිද...තරුනද.....උඹට අදාල නෑ...මගෙ අම්මා අප්පච්චි හොදට පවුල් කනවා....නිකන් නහින් නැතුව ඉදින්.....පජාත කතා කියලා අවසානෙදි මගෙ කටින් හොද හුප්පදෙන් අහගන ජාතක කරපු උන්ට බැනුම් අස්සවගන්න එපා...ඔව්වා වස් වදිනවා......හරි...පාඩුවෙ ඉදින්...

මිනාල්...මං උඹට කිව්වා...මං උඹගෙන් සමාව ඉල්ලුවා.....මං උඹ ගාව අත් දෙක එකතු කරලා සමාව ඉල්ලුවා....ආය ආය කියන්න තියන්න එපා...මට ඉස්කෝලේ එන්න ඕන...පාඩුවෙ ඉදපන්...

මං එන්න ආවා....අරූගෙ බෙල්ලට තියාගන උන්න යකඩ කූරත් අතෑරපු මම ලමයව වඩාගන අඩන කොල්ලව පරක් කරගන්න පිට අත ගගා පහලට එන්න ආවා...ඒත්...,

"අමාකර පුතා"

මෙච්චර වෙලාම් වචනයක් නොකියම ගොලුවෙලා වගේ උන්න මිනාලයා අන්තිම මොහොතෙ එකපාරම හරි සද්දෙය වගේම....මහ ගැඹුරට අමාකර පුතා කිව්වා....ඒ එක්කම මට සුදු අයියගෙ බෝට්ටුව මතක් උනා....

අමාකර පුතාට වඩා.....ආමාකර වෙන විදිහකට ගැහුවොත් සෙට් නැද්ද....රන්දික ඕක පෙන්නපන්....මං හිතන්නෙ මගෙ බබා හිතාගන ඉන්නෙ මාලු කාරයගෙ මහබෝට්ටුව විතරයි තියන එකම වාහනෙ කියලා....

"AMAKARA MINAL"

මිනාලයා කියවන් ඉන්නවා....ඒ මදිවට ඌ උගෙ තෝල්කයෙක් අතෙ ඵෝන් එකක් එව්වා....කාර් එකක්....තනිම සුදුපාට කාර් එකක්.....අමාකර පුතා කියන එක සෙට් නෑ කොයපු මිනාලයම අනිත්පාර උගෙයි මගෙයි නම් දෙක එකට එකතු කරලා ලියපු කාර් එකක පින්තූරයක් පෙන්නලා සාක්කුවට අත දාලා ආයමත් ලොලිපොප් එකක් ලෙහාගන කටේ ඔබාගත්තා...කාර් එකත් මිනාලුත් දිහා බලපු මං කරපු එකම දේ කට පියාගන එන්න ආවා..

දවසක උඹට ලොලි පොප් උරන්න කටක් නැතිව යනවා...උඹ බලාගන ඉදින්...මට උඹ එක්ක ඇරගන්න බැරි එකම දේ මගෙ අම්මා අප්පච්චි හන්දා....උඹලා තිරිසන්නු.....උඹලා තිරිසන්නුන්ට අන්ත තිරිසන්නු .....

සමනල්....

ක්..කැතයො.....ප්..පුතාගෙ....කට...ද්...දයියනෙ....

අයියා සුදු පුතාට ක්‍රීම් බනිස් ගත්තා...ඒක දෙන්නද...

ක්..කීම්...බනිස්....

ඔව්...එතකොට කට දන්නෙ නෑනෙ...සීනිබෝලත් ගත්තා.....

හ්...හුම්...

සමනල්....

ම්ම්ම්.....

ආය කවදාවත් අයියා හරි ....පප්පා හරි...කිරියා හරි ඇරුනම වෙන කවුරුත් අඩගැහුවට යන්ඩ එපා තේරුනාද...

ප්...පසනා අඩගැහුවොත්....පුතාගෙ පසනාඅඩගැහුවොත් යන්නම්....නෙ..කැතයො...

හා....පසන කමක් නෑ...වෙන කවුරුත් අඩගැහුවට යන්න එපා.....කවුරුත් මොනවත් දුන්නොත් ගන්නත් එපා තේරුනාද අයියගෙ චූටි මැනිකට.....

මං උන්නෙ සමනල්ගෙ පන්තිය පේන මානෙ.....වඩාගන ආව මං අර කොනකට වීසි උන සපත්තුවත් දාගන පන්තිය ඇතුලට යවන්න කලින් අඩපු මූනෙ කදුලු පාරවල් ඔක්කොම පිහල ලමයා ගාව දන ඔබාගන අරක මේක කරන්න එපා කියනකොට ඒකා හා හුම්ගෑවා....මොනවත් දුන්නොත් ගන්නත් එපා කියනකොට ඒකා මගෙ දිහාබලාගන ඔලුව කසන්න ගත්තා....

කැතයො....

ම්ම්ම්...

කවුරු හරි පුතාට තේ දුන්නොත්.....ගන්නම් නේ....ඈ..ගන්න....යන්නම්...නේද.....තේ දුන්නොත්..ගන්නම්නෙ....

සමනල්...අපි නුවර මිනිස්සු....උඹට මොලෙ හොද නැද්ද....අපි ආවට ගියාට එක එකාගෙ තේ බොන්ඩයන්නෙනෑ...

පුතා යනවනෙ...කැතයො පුතා ආවට ගියාට තේ බොන්ඩ යනවනෙ....

උඹ අපෙ අප්පච්චි ගෙ නම්නෙවෙ..තේ වත්තක සුපිරින්ටන් කෙනෙක්ගෙද කොහෙද....පල...යන්ඩ පන්තියට...

ම්හුක්....ඌ...උයියා...ගාන්නෙ.....හැමනෙ...භ්භ්භ්.....භ්භ්.....

*

*

*

*

මෙච්චර හුත්තක් වෙලත් ඇයි උඹ කිව්වෙ නැත්තෙ....මන් හිතුවෙ උඹ ටිකිරියා එක්ක කන්න නැවතුනා කියලනෙ....උඹත් තනිකර පිස්සෙක්නෙ නිලමෙ....බලපන්...අස්සයා ගියාට පස්සෙද උඹ මෙ ඉස්තාලෙ වහන්නෙ...

ඒක දැන් ඉවරයි කිරියා...සුදු අයියා ඇවිත් මල්ලිව එක්ක ගියානෙ....දැන් ඒක ඉවරයි....

ඉවරයි....ඉවරයි කියන්නෙ මොනාද...ඔය දහය සී එකෙ කොල්ලො ටික...උඹලා වමට හැරිලා යන උන් නෙ...දකුනට යන පෝලිමෙ ඉදන් මායන් වෙනවද.....???එකොලහ බී....උඹලා ක්ලාස් යනකොට හරියට පලයව් ඈ...ටවුමට ගියගමන් අයියා ගැම්මගන්නෙ නැතුව .....යකො මුන් ටවුමෙ අයියල නෙවෙනවලුනෙ....

පොඩ්ඩක් ඉදින් නිලමෙ...ඔය දිල්හාරයා...ආ...පැටියො....කොහොමද.....???උඹ මොකද බාලිකාව ගාව මුරකරනවා කියන්නෙ...ඉස්කොලෙ ටයිඑක බැදගන...??? මොකාද ඕයි ඔය ආ..ආ...සුමනා මිස් ...දැක්කෙ නෑ හරිය....කොහෙද ...මිසුත් මුන්ගෙ ගානනෙ....කොහෙ හොයන්ඩද...කුඩයක් ගත්ත හත්තක් වගෙනෙ...

බස් එක ගියොත් යන්ඩ වෙන්නෙ නෑ කොල්ලා....

ඔය මිස්ට යන්ඩ ඉඩදියල්ලා....බස් එක ගියොත් ඉවරයිනෙ ආය....

ඉස්කෝලෙ ඉවර උනා.....වෙච්ච කෙරිච්ච දේවල් හිතට වද දෙන අමාරුම හෝරාගානකට පස්සෙ ඉස්කෝලේ ඉවර උනා.....

පන්ති පිලිවලට පෝලිම් ගැහුන ලමයි එකා ගානෙ මහ ගේට්ටුව ගාවට යනකොට දේවකාරිය වගේ රාජකාරිය කරන කිරියා මටත් දෙහි කප කප ඒ ගැම්මෙනම් ලමයිටත් කෑගහලා ඔෆිස් එකෙ වැඩකරන සුමනා මිස්ටත් බනින්න හැදුවා....

ඒකා..මට බනිනවා...හන්ගන් උන්නෙ ඇයි අහනවා...මං කොහොම නම් කියන්නද.....ඌට කිව්ව ගමන් ඌ ඒක ගෙදර යන්න කලින් සමුද්‍රට කියනවා.....

මේක මෙතනින් එහා ගියොත්.....?උගෙන් මොන කරදරේ උනත් අනෙමට ඕන මේ මගුල් අපි අපි අතරෙම්ම විසදගන ඉවරයක් කරගන්න....ඒකගෙ අප්පගෙන් මගෙ අප්පච්චි ට වෙන්න තියන කරදර මදිවට මට බෑ තවත් දේවල් වෙන්න දිලා ගිනි පිට ගිනි මවන්න...උඹගෙ තරහව සාදරනයි කිරියා....

යාලුවෙක් විදිහට උඹගෙ තරහව සාදාරනයි....ඒත්...සමාවෙයන් .....මං හැන්ගුවෙ හුගක් දෙනෙක්ගෙ ආරක්ශාවට...

නිලමෙ....ඔහෙව ගන්ඩ ස්කීපර් අයියා එනවයි කිව්වා???

ඔව්.....

හරි.....ඔහෙ ඩිංගක් ඉන්ඩහරිය.....මං සුටුස් ගාලා ෆ්‍ර්ෆෙක්ට් රූමට දුවලා යතුරු සෙට් එක දාලා එන්නම්...

මුලු ඉස්කෝලෙම හිස්වෙලා ගියා.....බිම හැලුන අරලියාවන් සපත්තු සිය ගානකට පෑගිලා පෑගිලා අවසානෙදි හෙම්බත් වෙලා හති අරින යාමෙක මුලු ඉස්කෝලෙම හිස් වෙලා ගියා....

බෑග් එකත් කරේ එල්ලන් උන්න මං උන්නෙ ආයම ගේට් එකට මෙහා පැත්‍තෙන් හිටගන....මට ටිකක් ඉන්න කියපු කිරියා උගෙ දිග කකුල් වලින් කගවේන වගේ දුවනකොට එයාගෙ ලොරිය දැන් එයි..දැන් එයි කිය කිය බලාගන උන්න මං මගෙ පය පාමුල තිබුන අරලිය මල ඇහිදගත්තා....

පව්.....කොච්චර පින්වන්ත කුලෙ මලක්ද...මේ ලෝකෙ මොන ජාතියෙ මල් පිපුනත් මොකද.....බුදුන්ව දකින්න වැඩියෙන්ම පින් තිබුනෙ අරලිය වලට...

මලක්...දිහා බලාගන අතරමන් වෙලා ඉන්න ලස්සන මලක්.....!කාගෙද ඉතින්.....අනාගත රඹුක්වැල්ල ඇමතිගෙ බෑනා පොඩ්ඩ තමයි...

ම්....මිනාල්.....

මගෙ හිත සීසිකඩ ගියා...මැද හරිය කහ ගැහුන අරලිය මල දිහා බලාගන උන්න මගෙ ඇස් වල තිබුන නිවනට ගිනිගත්තා.....මුලු ඉස්කෝලෙම හිස් උන මොහොතක මිනිස් වෙස් ගත්ත මාරයා ගත්තකොහෙන්ද ඉදන් ඇවිදින් මගෙ නිවන සීසිකඩ කෙරුව...

මිනාල් රඹුක්වැල්ල....වෙන.මොකාවත් නෙවෙ...මගෙ දැහැන ගිනිතියන්නෙම මේ නහර කැරයා උන මිනාල් රඹුක්වැල්ල වෙද්දි මං ඒකගෙ අතින් ගැලවෙන්න හැදුවා...

කිව්වම...අහලා....අතැරපන් මිනාල්....අයිස් මේක මොන වදයක්ද.....

මේක ආ...

පිස්සුද ඕයි...අත ගනින් යකො...උඹට පිස්සුද....

හ්ම්.....මං දැන් උඹ හින්දා පිස්සු වැටීගන...මේක ගිහින් මගෙ මස්සිනාට දෙනවා...මස්සිනා කිව්වට ....පොඩි එකාව අපෙ දරුකමට ගන්න හොදයි.....

තමුසෙ පිස්සෙක් අයිසෙ....ලෙඩෙක්...!!!

මං දැගලුවා.....මාව ආයමත් ඇගට හිරකරගත්ත මිනාල් කෙරුවෙ අනිත් පාර රෙවෙල්ලො චොකලට් එකක් දෙනගමන් ඒක සමනල්ට දෙන්න කියපු එක වෙනකොට ඒකට පිස්සෙක් ලෙඩෙක් කිය කිය දගලනවත් එක්කම අර චොක්ලට් එක බිම වැටුනා....උගෙ මූන අමුතුවෙලාගියා...

.......ඔය ඇස් අඩනකොට මට රිදෙනවා....හැබැයි මං ලව්වා රිදෙන තැන ට වැඩකරගන්න එපා සිහත්...කරුනාකරලා තමුසෙ අරකා එක්ක තියන පලහිලව්ව නවත්තනව....

උඹට පිස්සු ....උඹ හදන්නෙ මින්ස්සුන්ව බලෙන් අයිති කරගන්නද උඹ...භ්භ්.....භ්භ්...භ්භ්....

ආදරෙයි...

මං හිතන්නෙ මගෙ සර්වාංගෙම එක මොහොතක ගල් ගැහිලා ගියා...මට හිතන්නවත් බලන්නවත් කාලයක් නැති තරමට මගෙ කකුල් පවා පනනැතිවෙලා ගියා....

හාදුවක්.....උහුලන්න බැරි අප්‍රසන්නම හැගීම් හොඩක් එක්ක මිනාල්ගෙන් මට ලැබුනෙ මින්ට් රස හාදුවක් වෙනකොට මගෙ ඇදුන් වලින් පවා මිනාල්ගෙ සුවද එනකොට පිස්සුවෙන් වගෙ මං මගෙ අත පය ගස ගස උගෙ සුවද එලවන්න හැදුවා...

උ..උඹට...පි...පිස්සු ..උඹට....පි....ස්සු...උඹට....උඹට...සහලවලා..ම...ප්....ප්..පි..ස්සු...

මං කියෙව්වා....හිතට දැනුන බය පිලිකුල එක්ක මට මගෙ වචන පවා හරි හමන් විදිහට එලි දාගන්න බැරි වෙද්දි ගොත ගහගහම මං පිස්සුවෙන් වගේ මාවම පිහ පිහ දගලනවත් එක්කම මං අහම්බෙන් වගේ තවත් ඇස් දෙකක් දැක්කා...

ගින්දර පිට වෙන තරමට රතු උන තරහව ඉහවහ ගියපු හීන් උන ඇස් දෙකක්....

මං හිතන්නෙ මගෙ කටේ කෙල හිදුනා...

සුදු චූටි...මගෙ සීදේවි කියන වාරයක් පාසාම ආදරෙන් පාටවෙන මූන තනිකරම කලු ගහලා....නිස්කලන්ක නිල්වන් සාගරේ තනිකරම උතුරු මුහුදක් හා සමානව චන්ඩ මාරියා ව ගහනවා....

එයා දත්මිටි කනවා.....අතේ ඇගිලි කිටි කිටියට තඩ වෙලා තියන තරමය අත්වල නහර පවා ඉලිප්පීගන එනකොට මං එයාගාවට දිව්වා...

ස්..සුදු....අ..අ..අයියෙ....අ.අනේ...අහන්නකො...

මොකුත් කතා එපා...නැගපන් වාහනේට....

...අ.අනේ..අයියෙ.....

නැගපන්...නැගපන්....මං උඹට කිව්වෙ මොකුත් කතා එපා කියලනෙ....නැගපන්.....කතා එපා කියන්නෙ...කතා එපා කියන එකට...නැගපිය.....

අ....අනේහ්.....

මාව වීසි වෙලා ගියා.....සුදු අයියෙ ගාගන ලගට ආව මගෙ අත් ගොබෙ මස එලියට එන තරම් ගොරෝසුවට අල්ලපු සමුද්‍ර ලොරියෙ දොර ඇරලා කතා එපා කිය න ගමන් මාව ඇතුලට තල්ලු කරලා දැම්මා....

අනේ එය දැක්කා...දෙයියනෙ....එයා දැක්කා......

මට බය හිතුනා...ඒ තරහවෙ තරම දැකපු මට ඒඇස් වල තිබුන කෙන්තියෙ තරම වචන කරන්නදන්නෙ නැති උන මට ඇඩෙන්න ආවා....

අ.අනේ....හ්....අයියෙ.....අයියෙ අහන්න....අයියෙ....අහන්නකො...

බ්‍රාස්...!!

මැ රු ම් නො කා ඔය ශීට්...බෙල්ට්....එක....දා ග නි න් 

හ රි!!!!!

🙂🙂🙂🙂 ඔබ හීනයක් වගේ....හ්හ්

More Chapters