...........හිත වෙව්ලනවා...අත කොකියනවා...ඇස් දෙක නලියනවා...කොහොම පටන් ගෙන...මොනවා ලියන්නද .....නැත මට වැට..........හෙ....නේ......
හ්ම්ම්ම්....උක්තාඛාත සම්බන්ද....ආශිවාර්වාද වදන්....මේ ඔක්කොම ගැලපෙනවා......ම්හුක්...අම්මියෙ.....
පුතා යන්න යන්නෙ....පුතා ගිහින් එන්නම් අම්මියෙ .......පුතා පරිස්සමින් ගිහින් ලොකු මනුස්සයෙක් වෙලා එන්නම්.......
ඇඩෙන්න කදුලු එන්නෙත් නෑ....ඒ උනාට තනි ඇහැටත් ඇඩෙනවා.......කමක් නෑ....පවුලක් පන්සලක් වෙන්න ඉන්න එකෙක් උනාම මීට වඩා වයසින් මුහුකුරා යන්න ඕන.....මීට වඩා තලතුනා වෙන්න ඕන....නැත්තන් මට වෙන්නෙත් පවුල් ප්‍රශ්නයක් උනහම මට වෙන්නෙ අඩාගන මහගෙදරට දුවන් එන්න....එහෙම බෑ හිත හයිය කරගන්න ඕන...තලතුනා මනුස්සයෙක් වෙන්න ඕනා...
අද රෑ ඉදන් උඹ අලුත් මනුස්සයෙක් අමාකර.....හොදට හිතටගනින්.....ගෙයි ගිනි පිටට දෙන්න එපා....හොමතගයු පැංචො.....ගෙයි ගිනි නම් පිටට දෙන්න එපා...අපෙ එක්කෙනාට කියන්න ඕන අනෙ ඒයි මොන ප්‍රශ්නෙ උනත් මූනට නම්.ගහන්න එපා වෙන ඕන දිහාවකට ගහන්න කියලා....ඇයී ඉතින් පවුල් උනහම ගෑනු මිනිස්සු මරාගන්නවනෙ....අපෙ එක්කෙනත් එකපාරම යකා නැගලා මට අතක් පයක් උස්සයිද දන්නෙ නෑ....
ඇයි ඉතින් සීදේවියටත් තියෙන්නෙ එසේ මෙසේ කටක් නෙවෙනෙ අප්පා.....කොච්චරවාත් මොනර වන්නම කියවනවනෙ...ඒ උනාට අනෙ වලව් කාරයෙක් උනහම වන්සෙ කබල් ගාන්නෙ නැතුව පුලුවන්ද....
කොහොමත් මේ පවුල උනායින් පස්සෙ මාව ඩිපූටි ගෘගමූලික කමින් හෙඩ් එකට උසස්වීමක් ලැබෙන හන්දා...අපෙ එක්කෙනාට කියන්න ඕන අපෙ අම්මා අප්පච්චිගෙ වාසගම ගත්තා වගේ ඔයත් ඔය හැදිගෑවිල්ල නවත්තලා මගෙ එක ගන්න කියලා....මමනෙ ගෘගමූලික ඉතින්....
නිකන්ද සමුද්‍ර සෝලංගාඅරච්චි කියනකොට....එයාට ඒක මදිපුංචි කමක් වගේ නන් හැන්නදිගෙසෝලංගආරච්චි කියනවා......කිලෝමීටර් බාගයක් විතර දිගයි වාසගම....කමක් නෑ...කමක් නෑ.....
අච්චර දිග වාලම්පුරියක් එක්ක මට ඔට්ටු වෙන්න පුලුවන් නම්...උඹට මගෙ නම ගන්න බැරි කමක් නෑනෙ...නේ...ඔව්...වයි මං අහන්නෙ...බැරි කමක් නෑනෙ...
තව පැය බාගයයි ..එයා එනවා කිව්වා.......
තව පැයබාගයයි කියන්නෙ.......
දහසක් ජාති කලපනා කරපු මං අතේ තිබුන ලියුම දිග් අතට නවලා එහෙම්ම තනි සුදුපාට කවරෙකට ඔබලා රැල්ලක්වත් නොහිටින්න අතෙන් පිරිමැදපු ඇද උඩින් තියලා බෑග් එකත් කරේ දාගන හීන් සීරුවට දොරත් අඩවන් කරන් කාමරෙන් එලියට ආවා.....
ඇස් මානෙම අම්මලාගෙ කාමරෙ.......අම්මා අප්පච්චි සමනල් නැතුවට මොකද හිස් උන කාමරෙන් කාන්දු උනෙත් අම්මා අප්පච්චිගෙ වගේම මගෙ චූටි මල්ලි සමනල්ගෙ ඕඩික්ලෝන් සුවද වෙනකොට හීන් හිරියක් ආයමත් මගෙ පපුව හරහා ඇදීගන ගියා....
සමනල් අඩයිද...
මාව හොයයිද .....
තවමත් රතින්ඥ්ඥ කරදරෙ..... රතිඥ්ඥයක් පුපුරන පුපුරන වාරයක් වාරයක් පාසාම සැරින් සැරේම "ඖ....ඌ....."ගාගන එකම දිගට උඩු බුරන සාගරිකත් සාගරිකට පඩත්තරයා ගගා දෙහි කපන සුසංගතත් ගෙයි ඇතුලෙ මරාගන්නකොට බාගෙට ඇරුන ජනෙල් පියන් වලින් මට තවමත් සින්දු කියන අප්පච්චිගෙ කටහඩ ඇහුනා...
අප්පච්චිගෙ විතරයි...අප්පච්චි එක්ක සහයට සින්දු කියාපු මගෙ සුදු අයියා නෑ......
මට සමාවෙන්න අම්මෙ....මොනා කරන්නද...යෞවන හිත්වලට සින්හල කියන ජාතිය තේරෙන්නෙ නෑනෙ අම්මියෙ...එහෙම තේරුනා නම් අම්මියා උනත් අප්පච්චි එක්ක පැනලා යන්නෙ නෑනෙ නේද.....ඒ හන්දා පුතාට පොදු සමාව යටතෙ සමාව දෙන්න අම්මියෙ........
අම්මලාගෙ කාමරෙ බිත්තියෙ එල්ලා තිබුන අම්මගෙත් අප්පච්චිගෙත් පින්තූරෙ දිහාව බලාගන උන්න මං මගෙම හිත හදාගන්න නානාප්‍රාකාර කතා සීයක් කියවලා හිත හදාගන්න හැදුවා....
ඒත් බෑ.....ඒත් බෑ....මොන මගුලටද මන්දා හීනියට පුපුරු ගහන වේදනාවක් මගෙ පපුව සැරින් සැරේටම කොනිති ගහනවා.........පින්තූරෙ පුරාවටම හිනා වෙලා ඉන්න අම්මගෙත් අප්පච්චිගෙත් ඇස් තියෙන්නෙම මගෙ දිහාවට වගේ දැනෙනකොට කරෙ එල්ලන් උන්න බෑග් එක බිමට දාපු මං හිමින් හිමින් කාමරෙ ඇතුළට ගිහින් පින්තූරේ ඉස්සරහින් හිටගන හත්පරයක් දෙකක් බලාගන ඉදලා දනගහල වැන්දා .....
දනහලා වැන්දා විතරක් නෙවෙ...මම අම්මා අප්පච්චි වදින ගාතාවත් කිව්ව...
මං ගිහින් එන්නම් අම්මෙ.......දවසක මං ආයම එයා එක්කම ආවොත් මාව එලවගන්න එපා අප්පච්චි...හිතගිය තැනනෙ මාලිගාව...මට මේ මිනිහා නැතුව බෑ අප්පච්චි....අර රජකමට පයින් ඇනලා අශෝකමාලා ගාවට ගියපු සාලිය කුමාරයට හපන් අප්පච්චි මම......තියන සැපසම්පත් ඔක්කොටම පයින් ඇනලා මට ඕන සමුද්‍ර ගාවට යන්න....
මට ඒ මිනිහා එක්ක සතුටින් ජීවත් වෙන්න ආශිව්ව්
මෙච්චරවෙලාම කොනිති ගහපු හදවත් වේදනාව හීන් සීරුවට ඇස් වලින් කාන්දු වෙන්න ගන්නවත් එක්කම බර වෙවී...බර වෙවී තිබුන කදුලු බින්දුවක් ටයිල් කැටේ උඩට වැටිලා ගියා.....පින්තූරෙ ඉස්සරහා දනඔබාගන උන්න මං එහෙම්ම නැගිටලා එන්න ආවා....ඒ විතරක් නෙවෙ ආයම ඒ දිහාව බැලුවොත් ඇඩේවි කියන බයටම මං දොරත් වහල එලියට ඇවිදින් බිමට දාපු බෑගෙ එකත් කරේ දාගන පඩිපෙලත් බැහැගන ආව මං මහ දොරෙනුත් එලියට ඇවිත් ආව ගමන් දුවන්න බලාගන බෑග් එකත් මුල්ලක හන්ගලා මොකුත්ම නොවුන එකා වගේ ඉස්තෝප්පුව පුරාවටම එහා මෙහා ඇවිදින්න ගත්තා....
ආය ඔතනට යන්න බෑ....ඔතනට ගියෝතින් අම්ම මාව ලගින් ඉන්දවගන්නවා .....නැත්තන් සමනලයගෙ කුනු කොන්ත්‍රාත් එකකට අහුවෙනවා...
එයා පැය බාගෙන් එනවා කිව්වා....
එයා පැයබාගෙන් එනවා කිව්වා....
මට දැන් තදියම...ගෙවෙන විනාඩියක් ගානෙම මං හැසිරුනේම තහනම් උත්තේජක ගහලා පුක කඩාගන එහා මෙහා දුවන මොනරෙක් හා සමානව වෙනකොට හන්ගපු බෑග් එක ගාවට දුවපු මං ඒක සියවතාවක් විතර ඇර ඇර මොනවම හරි මග ඇරුනද බැලුවා.....
චාජරෙ තියනවා...ජොකා ඉන්නවා....අප්පච්ච්ගෙ සරම.....කෝප්ප සෙට් එක....අත්තම්මගෙ හවඩිය....හරි හරි...අම්මෙ ඇති යාන්තන් බඩු ඔක්කොම හරි...බුරුසුවත් හරි........
මං ආයම බෑග් එක වැහුවා...කොයි වෙලාවෙ හරි මේශිපර් එක කඩලා යනවා ඇරලා වහලම....
යෝහ්.....තව විනාඩි විස්සයි......
මං ආයම වටයක් කැරකුනා.....ඵෝන් එක අතට අරන් මැසේජ් එකක් දාන්න හිතුනත් එයාට මේ ඉන්න ටික වෙලාව එයාගෙ අය එක්ක ඉන්න දෙන්න ඕන කියලා හදවත මෙල්ලකරන් උන්න මට අවසානෙම මොහොතෙ ඉන්නම බැරි උනා.....
සුදු අයියෙ .....සීදේවියා රෙඩි පිට ඉන්නෙ හර්තේ ...
දිවත් පැත්තට දාගන උන්න මං ගේට්ටුව දිහාවත් එහාපැත්තෙන් ඇහෙන සින්දු කරච්චලෙත් ගැන හොද අවදානෙන් ඉන්න ගමන් සුදු අයියට මැසේජ් එකක් කෙටුවා......
එකක් නම්බැරි යෑ...දෙකක්....
මේ අනෙ .....එනකොට මොනවා හරි ඩින්ගිරිත්තක් ඔතාගන එන්ඩ ඒයි...රෑ හදිසියෙ බඩගින්නක් වත ආවොත්......ඒ ආවෙ නැති උනත් හෙට උදේට වත් කන්න පුලුවන්නෙ....කඩකෑමවලට සල්ලි නාස්ති කරන්න ඕනා නෑ ඒයි ....ඔයාකාර සල්ලි නහස්ති කරන්න මොකො සල්ලි ගස්වලින් කඩනවද නෑනෙ....
පරිස්සමින් එන්න අපෙ එක්කෙනා....සුදු චූටියා මගබලාගන ඉන්නෙ.....ආදරෙයි පප්පෙ...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වාහ්...
මීට ඔයාගෙ වයිපි පොජ්ජ!!
අල්මයනු කෝටියක විතර පත උම්මියාවකුත් යවපු මම අවසානෙදි වයිපො පොජ්ජ කියලටයිප් කරලා මගෙ වම් අතම කටෙ ඔබාගත්තා....
ලැජ්ජයි හනෙ....ව්...ලැජ්ජයි........
ඉව්...ඉව්....වයිපි පොජ්ජ...හෙහ්...හෙහ්...අද රෑට ජිගි ජිගි පොජ්ජ...හෙට උදේට කසාද පොජ්ජ......ආයම හෙට දවල්ට හනිමූන් පොජ්ජ...ලන්ච් පොජ්ජ....ආය හවසටත් ජිගි ජිගි පොජ්ජ.......තේ පොජ්ජ.....උම්මා පොජ්ජ....ඩිනර් පොජ්ජ...ආයමත්...ජිගි ජිගි පොජ්ජ.....!
මාව දැන් උනුවෙනවා.......විනාඩි විස්ස අවසානෙදි විනාඩි පහලව වෙනකොට රති කෙලිය ගැනත් හිතන්ඩ ගියපු මට ඉමර්ජන්සි කක්කි බරකුත් ලෝඩ් උනා මදිවට පස්සෙ හමයන්නම හෝදපු මං සබන් දැම්මා විතරයි රතියට කලින් සබන් සැර මාව ඇඩෙව්වා.....
ඌව්...හ්...දැවිල්ල.....අනෙ....අම්මට කියන්න ඕන ආය නම් ලයිප්බෝයි තියන්න එපා කියලා.....
විනාඩි දහයයි...
මගෙ බඩ දනවා...මොන මගුලක්ද මන්දා ....වෙලාව කිට්‍ටු වෙන්න කිට්ටු වෙන්න මට බඩයන ප්‍රතිශතෙ වැඩිවෙනවනෙ.....
මං ආයම ටොයිලට් එකට දිව්වා...රෙවෙන වාරයක් පාසාම සබන් අතුල්ලම ලයිප් බෝයි පවා මරාගන්න විසබීජයක් නැතුව කම්පියුස් උන්ගා බුන්ගා වෙලා යද්දි එයා එන්න තව විනාඩි පහක් ඉතුරු වෙලා තිබ්බා.....අනෙ දෙයියනෙ ආයමත් මට බඩගියා...
අද නම් ජිගි ජිගි පොජ්ජ නෙවෙ යාලුවෙ....අද නන් බඩඑලි පොජ්ජ...
අනෙ ඇයි දෙයියනෙ දෛවය මටම මෙහෙම කුරිරුකම් කරන්නෙ......මීට කලින් පාරත් කද බැදන් ගිහින් ඒකා ආවෙ නෑ....අද ඔක්කොම රෙඩි පිට තියනකොට මට බඩ යනවා...ඒ අස්සෙන් අනෙ මගෙ පුක දනවා දෙයියනෙ....
අපරාදෙ...කට්ලට් කෑවෙ...
අන්තීම විනාඩි දෙකතුනත් කොමඩ් එක උඩ ඉදගන උන්න මන් දැන් පන යයි...දැන් පනයයි වගේ ඉන්න මරනාසන්න එකා වගේ නැගිට්ටා...පසනට බෙදුම් කට්ට කිව්වත් මොකද වෙලා තියන විපතෙ හැටියට මටයි දැන් බෙදුම් කට්ටක් වගේ ඇවිදින්න වෙලා තියෙන්නෙ වෙද්දි මං මගෙ කකුල් දෙකම යාර බාගෙ යාර බාගෙ ඈත් කරන් දෙපැත්තට වැනි වැනි එලියට ඇවිදින් පස්සට හුලන් ට්කක් වදින්න මුහුද දිහාවට පුක හරවන් මං ආයම සුදුඅයියට මැසේජ් එකක් දැම්මා....
සුදු අයියෙ....වෙලාව හරිනෙ ...ඔයා කෝ.....
අන්තිම විනාඩි පහත් ගෙවුනා....තව වැඩිපුරත් විනාඩි පහක් ඒකට එකතු උනා...
ඒත් එයා නෑ...
මගෙ ඇස් දෙක දැන් නලියනවා...
උඹ ආයම මට බොරුවක් කෙරුවද සමුද්‍ර...උඹ ආයම මට බොරුවක් කෙරුවද කියපන්කො ....අද නම් හත්මුතු හැන්දන්ටම හමන්නනවා උඹ මේ පාර බොරුවක් කෙරුවොතින්.....
මං මැසේජ් පිට මැසේජ් දැම්මා........විනාඩියෙන් විනාඩිය වැඩියෙනුත් ගෙවෙනකොට මට නිකන් ඇඩෙන්නත් ආවා...කොටින්ම මේපාර නම් මොකක් හරි උනෝතින් ජම්මෙටට්වත් මං ඕකගෙ මුන බලන්නෙ නෑමයි හිතාගන පුලුවාන්තරන් එයාට බැන්නා.....අවසානෙදි හෑලි කොටලා...හෑලි කොටලා සම්බන්දෙ නවත්තලා සමාවත් අරන් ආයම අලුත් ජීවිතයක් පටන් ගමු කියලත් මැසේජ් එකක් දැන්මා.......
උඹ එන්නෙ නැද්ද සමුද්‍ර...??
ආ බන් අයියෙ ...තව ටිකෙන් අම්මලත් එනවා...මට උඹව ඕන නෑ බන්....මට උඹව ඕන නෑ....උඹගෙ මර්සි අහලා අහලා මට ඇති වෙලා....
සමුද්‍ර...මේ අහපන් මිනිහො...යකො...රකින්ඩ බැරි නම් බිත්තර දාන්ඩ එපා....
අයියෙ....දැන් විනාඩි හතලිස් පහක් ගෙවුනනෙ.....වරෙන්කො බන්........මටදැන් නන් පවුල් කෑම එපා වේගන එන්නෙ ...
මේක හරියන් නෑ බන්....මේක හරියන් නෑ......අපි මේ සම්බන්දෙ නවත්තමු බන් ...අපි මේක නවත්තමු....අගයක් නැති තැන රැදෙන්නෙ මොකටද...අනික මහ මුහුදට ඉන්නෙ එකම මාලුවෙක් විතරද බන්....නැනෙ.....??
කමක් නෑ...උඹ සතුටින් ඉදින් සුදු අයියෙ...මේ සුදු චූටියා තවත් පස්ස පාරෙ එන්නෙ නෑ...
සතෙක් උනත් බන් රැවටෙන්නෙ එක පාරයි....ඒකට මම...මම හැමපාරම උඹට රැවටෙනවා බන්....ඕන නෑ....මට මේ මගුල් හරියන් නෑ.....
ප්ලීස්.....මට දැන් හිත එක තැනක තියන් ඉගන ගන්න දියන්....."කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිනිස....."
එහෙනම් මේ සුදු චූටියා සදහටම උඹගෙන් ඈත් වෙනවා සුදු අයියෙ.......උඹට හරියන කෙනෙක් හම්බ උනදාට උඹගෙ කැදැල්ලත් සතුටින් පිරෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.......
කහටක් හිතෙ .....කොනකවත්.... නෑ...ඔබ කෙරෙ.....වෙන් වී ගියත් ලෝකෙන් මගෙ..... (ටහු...ඉතුරු කෑල්ල මතක නෑ.....)කමක් නැ....උඹට පුලුවන් නන් මාව පිටිහලනවටත් වඩා ලේසියෙ හලන්න....මට වචනයක් දෙකක් අමතක උනාට කමක් නෑ...පරිස්සමින් ඉදින් අයියෙ.... සතුටින් ඉදින්........උඹට කවදාවත් වරදින්න එපා......
මතු දිනක හමුවන්න යලි පතනෙමි...බොද වෙච්ච හිත අස්සෙ ඔබ සගවමි...අවුලක් නෑ බන්...අවුලක් නෑ....මෙව්වා ලාමක හිත් ඒකයි මෙච්චර දුක...
අද ඉදන් මගෙ ජාතික ගීය ශ්‍රීලංකා මාතා නෙවෙ සමුද්‍ර.....මතකයන් ඔබෙ...උඹට ඇහෙනවද....මතකයන් ඔබෙ....හිතේ තබාගන.....දුක් විදිනා මම ඔබගේ...පළමු පෙම්වතා....
ඔය කිව්වට උඹගෙ හිතෙ ආදරෙ මට විතරක්ම නෙවෙ වෙන්න ඇති බන්.....අර දීපිකත් කියන්නෙ.....රෑ අහසෙ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද.....මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද කියලා.....
මං උඹට යන්න දෙන්නම් සමුද්‍ර.......පරිස්සමින් ඉදින්.....
සුදුඅයියෙ....අනෙ බන් කොච්චර කිව්වත් මට උඹ නැතුව බෑනෙ අයියෙ.......මට උඹ නැතුව බෑනෙ මගෙ අයියෙ......
මං උඹට සමාව දෙන්නම්....හැමදේම අමතක කරලා අපි සතුටින් ඉමු බන්.......මගෙ හැම දේම උඹ බන්...
මං උඹට ආදරෙයි සමුද්‍ර....මට බැරි කමක් නෑ උඹව ඇස් දෙක වගේ බලාගන්න.....
ලුනුයි බතුයි හරි කාලා ඉමු බන්.....නන්දාමාලිනිත් කියන්නෙ යනවා නම් අනෙ මන් අරන්....යන තැනකට යන්න රත්තරන් හිගා කකා කොළපතක් අරන් ලුනුයි බතුයි කමුකො රත්තරන් කියලා.....මට ලුනුයි බතුයි කාලා ඉන්න පුලුවන් ...
රාජමාලිගා ඕන නෑ අයියෙ....දුගී දුප්පතෙක් විදිහට මට පොල් අතුපැලකත් ඉන්න පුලුවන්....උඹ ඉන්නවා නම් මට ඕන දුකක් උහුලන් ඉන්න පුලුවන් .....අර කතාවක් තියෙන්නෙ ආදරෙ කරන මනුස්සයා ඉන්නවා නම් පැමිනි දුකත් පැනි රහයි කියලා.....ඒ වගේ අයියෙ.....මට උඹව ඕන සමුද්‍ර.....මට උඹ නැතුව ජීවිතයක් නෑ....මට උඹ නැතුව කොහොමටත් ජිවිතයක් නෑ මගෙ අයියෙ.....මට උඹව ඕන.....මට උඹ එක්ක ජීවත් වෙන්න ඕන.....
මං හිත හදාගන්නම්....උඹ අදත් මට බලාපොරොත්තු දීලා ආපිට ගත්තා කියලා......ඒත් මං තරහා නෑ....මං ගාව තියන අදරෙ හැමදාම එහෙම්මයි.....මගෙ ගාව තියන ආදරෙ සදහටම එහෙම්මයි සුදු අයියෙ.....එහෙනම් සතුටින් ඉන්න මගෙ අයියෙ....
මගෙ ඇගිලි වෙව්ලනවා....අඩුම ගානෙ එයාට මැසේජ් එකක් සැනසීමෙන් කියවලා රිප්ලයි කරන්නවත් වෙලාවක් නෑ ....සම්බන්දෙ නවත්තනවා කියලා ඒ කට උඩටම මට උඹ නැතුව බෑ ගගා වැලපුන මං ඒ මැසේජ් ටික කොටපු කෙටිල්ලට මගෙ අතුත් වෙවිලුවා මදිවට පපුවත් බර වෙන්න ආව.......තත්පරයක් ගියෙ නෑ ඵෝන් එක වයිබ්‍රේට් උනා....වෙන කාගෙන් වත් නෙවෙ දෙයියනෙ එයාගෙන්....
ඔක්කොමත් හරි....දැන් මට බයයි.....මෙච්චර වෙලාම හෑලි කොටාපු මට දැන් බයයි මැසේජ් එක ඕපන් කරලා බලන්න බයයි ....යන්තමින් හොද වේගන ආව බඩෙ අමාරුව ආයම වැඩි වේගන එනවා වගෙ...
මං කොහොමද දෙයියනෙ මේක බලන්නෙ......
හෑලි කොටනකොට තිබුන හයිය නෑ....ඒ හයියට මොනා උනාද කියලා නෑ........තත්පර ගානක් ඵෝන් එක දිහාව බලාගන උන්න මං එහෙම්ම අහස දිහා බලලා බඩ පපුව පිරෙන්නම හුස්මක් අරගන මැසේජ් එක ඕපන් කෙරුවා....
"මොනාද මේ එවලා තියෙන්නෙ ම්ම්ම්ම්ම්??එන්න යන්නෙ...එලියට එනවා,අල්ලගන්නම් උඹව හරි"
එයා එනවලු .....එයා එනවලු....ගේට්ටුව ගාවට එන්ඩලු ......ය්..යෝහ්........
අල්ලගන්නම්ලුනෙ.......මොනාද මෙ එවලා තියෙන්නෙ අහනවා....ඉතින් අප්පා මගෙන් අහන්නෙ.....එයා බැලුවා නම් ඉවරනෙ......ඔහොම නේන්නම්...ඩාම් වෙනවා...ඩූම් වෙනවනෙ....
නියපොත්තක් කටෙ ගහන් උන්න මං අනිත් පාර බෑග් එක හන්ගපු තැනට දූවලා ගිහින් ඒ හන්ගපු තැනින් අරගන ගේට්ටුව ගාවට උස්සන් ඇවිත් ගේට්ටුව ගාවින් තිබ්බා....
එයා මේ දැන් එනවා කිව්වා.....එයා මේ දැන් එනවා කිව්වා...ජෙයියනෙ.....ජෙයියනෙ......
මන්දාරම් කතාවෙ සදකින්නරාවා....එනවා......
කෝ මේ නඩේ ගුරා.....කස්.....තුරි....මා...මා.....!!!.....ක්ක්....ක්........
මන් තනිකරම එවරෙඩි පූසා වගෙ......එයා මේ දැන් එන්නම් කියනවත් එක්කම බෑග් එකත් රෙඩි පිට තියාගන සින්දුවක් කියාගනම මන් ගේට්ටු පලුවෙන් බෙල්ල එලියට දැම්මා...
කලුපාට බයික් එකක්...හරියටම ගේට්‍ටුව කටේම......ගේට්ටු පියන ඇරගන යන එකා අහක බලන් ගියෝතින් අරකගෙ ඇගේ වැටෙනවා...
එයා එනවයි කියන සන්තෝසෙත් හිතේ තියාගන සින්දුවකුත් මුමුන මුමුන එලියට එබුන මාව ගැස්සිලා ගියා....කොටින්ම මගෙ හිත පුදුමාකාර විදිහට ගැස්සිලා ගියා......
සීයට දාහක් ඔට්ටුයි...මේ මගෙ සුදු අයියා නම් නෙවෙ.....සීයට දහ දාහක් ඔට්ටුයි.....මේ ඉන්නෙ මගෙ සමුද්‍ර නන් නෙවෙ ..එයා කොහොම කොයි විදිහට උන්නත් මට ඇස් වහන් හරි එයාව අදුනගන්න පුලුවන් කම තිබුනා...ඒත් මේක......නැ...මේ ඉන්නෙ වෙන කවුරු හරි....
තනිම කලු dukatiයක කලු ලෙදර් ජැකට් එකක් එක්ක කලුම ඇදගත්ත එකෙක්....ෆුල් ෆේස් හෙල්මන්ට් එක දාගන පපුවට අත් දෙක බැදගන බයික් එකට ජැක් එකත් ගහගන අපෙ ගෙවල් දිහාව බලන් ඉන්නවා...
එක්කො පාටියට ආව කවුරු හරිද.....ඒ නැත්තන් ගෙදර කවුරුත් නැති බව දැනගන ගෙදරට පනින්න ආව හොරෙක්ද....හොරෙක් නම් වර දෙන්නම් තොට ඇට කොස් ඇට වෙන්ඩ....
කලුම කලු ජගලාත්තු පොරවගන ඉන්න එකා මගෙ දිහාවත් ගෙයි දිහාවත් බලාගන ඉන්නවා ඇරුනම වචනයක් වත් කතා නොකරනකොට මොකටත් කියලා ලග තිබ්බ සිමෙන්ති පෝච්චියක ඉන්දවලා තිබ්බ බෝගන් විලා පැලෙ මැදින් අල්ලගනම මං බෙල්ල විතරක් එලියට දාගන ගේට්‍ටුව අවහිර කරන් ඉන්න එකාට කතා කරන්න කට ඇරියා විතරයි මෙච්චර වෙලාම ගල් ගිලලා වගේ උන්න එකා අර ෆුල් ෆේස් හෙල්මන්ට් එකෙ ග්ලාස් එක ඇරියා...මට ඉබේටම අර බෝගන්විලා පැලෙ අතෑරුනා...
අමාකර....
ම්...මි....ම්...ම්නාල්....??

දෙවියනෙ මිනාල්.....වෙන මොකාවත්ම නෙවෙ...කලුම පොරවගන ඇවිදින් උන්නෙ මිනාල් වෙනකොට ෆුල් ෆේස් හෙල්මන්ට් එකෙන් ඇස් හරිය විතරක් දැකපු මට දැනුනා මගෙ යටි බඩෙ එකපාරම පෙරදැනුන් දීම් නැතුවම ළැව් ගින්නකට වඩා සැර ගින්දරක් පැතිරීගන යනවා...
තව ටිකකින් එයා එනවා...මේ යකා මෙතන ඉදන් මොනවා කරනවද දෙයියනෙ.....කොච්චර හොද වෙලාවක් උනත් ඇයි මටම මෙහෙම අසුභ ලකුනුම පෙන්නන්නෙ ඇයි......මෙතනට දැන් එයා ආවොත්....
මිනාල් මගෙ දිහාව බලාගන ඉන්නවා ....අමකාර කියල එකම පාරක් කතා කරපු එයා ඉන් එහා මොකුත්ම නොකියා මා දිහාව බලාගන ඉදලා ඉදලා අවසානෙදි අර හෙල්මන්ට් එක ගැලෙව්වා...
මන්දා...මගෙ හිතට මහ පුදුමාකාර අමුත්තක් දැනෙනවා වෙනදට ඉන්න මිනාල් නෙවෙ....අද හාත්පසිම්ම වෙනස්....වෙනදට ඉන්න එකා මාව දැක්කත් ඇති බේබි බේබි ගගා බලෙන්ම ලගට ඇදලා අරන් මාව පුලුවන් තරම් රිදෙව්වත් දැන් මෙතන ඉන්න මිනාල් තනිකරම කනපිට ගහපු එකා වගේ මගෙ දිහාව බලාගන ඉදලා ඉදල අනිත් පාර මහ බරට වගේ හුස්මක් අරන් පාතට දැම්මා....
.ඔයා මෙතනද...ඇයි අරහෙ ගියෙ නැද්ද.....?
ග් ..ගියා....
ගියා නම් මෙතන....මුලු ගෙදරම ලයිටුත් නිවාගන...පිස්සුද එහෙම තනියෙන් ඉන්න?
අ..ආවා වැඩකට....ඔයා මේ කොහෙද මිනාල්...?
මිනාල් වෙනස් වෙලා...වෙනදට කතා කරන වචන දහයෙන් දහයම මගෙ ලේ කෝප කරන මිනාල්ට මොනවා වෙලාද....කොයි වෙලාවෙත් බේබිබේබි ගගා මගෙ ලේ කෝප කරන මිනාල්ට් මොනවා වෙලාද....
එයා මට බනිනවා පිස්සුද අහනවා තනියෙන් ඉන්න....වෙනදට මගෙ සුදු අයියට පුලුවන් තරන් අපහස කරන එයා අද එ වෙනුවට කෙරුවෙ අරහෙ ගියෙ නැද්ද අහපු එක....අඩුම ගානෙ එයා වෙනදට මගෙ සුදු අයියට කියන මාලු කාරයා කියන නමවත් කිව්වෙ නැති වෙනකොට මං එයා දිහා බලාගන උන්නා වගේම මට එකපාරම ඩෙලාම්ව මතක් උනා...ඩෙලාම් කියපු කතාව මතක් උනා....
එයා හුගක් හොද මනුස්සයෙක් කියපු එකත් මිනාල්ට තියන එකම අහේනිය ආදරෙ කියපු එකත් මතක් උනා...ඒත් උඹ ආදරෙ හොයන්නෙ වැරදි තැනකින් වෙනකොට මං කොහොමද බන් උඹට වචනයක් වත් හොදින් කතා කරලා උඹට මේක තේරුම් කරන්නෙ...උඹ මගෙන් ආදරෙ හොයන එකෙක්...උඹ මාවම බලාපොරොත්තුවෙන එකෙක්.....
එහෙව් උඹට මගෙන් පිට වෙන එක කරුනාවන්ත වචනෙත් ඇති ඒක ආදරේ කියල වරදවා තේරුම් ගන්න ....
කොහෙවත් නෑ...මං මෙහෙමයි ආවෙ...
මෙහෙ....
හ්ම්...බලන්න හිතුනා...මට ඔයාව බලන්න ඕන හිතුනා...ඒ ඇරෙන්න වෙන මොකටවත් නෙවෙ...මට ඔයාව බලන්න ඕන උනා......
.......මිනාල්.....මං ඔයාට එදත් කිව්වා...අදත් කියනවා...
මට ඔය කතාව ආය ආය කියන්න එපා අමාකර....මං දන්නව...උඹව මට කලින් මිස්ටර් හැන්නදිගෙ අයිතිකරගත්තා කියන්න මං දන්නවා.....ඒක ආය ආය මට කියන්න එපා......මං දන්නවා...ඒක ආය ආය මට මතක් කරන්න එපා අමාකර....යතාර්තෙදි උඹ මගෙ නොවුනට මගෙ ෆැන්ටසි එක ඇතුලෙදි උඹ මගෙ අමාකර...ඒ හන්දා ඒක මට මතක් කරන්න එපා.....
...................
මං ආවෙ මට බලන්නම ඕන හන්දා....ගෙදර බලු බල්ලෙක් නෑ....ඩැඩා පාර්ටි එකකට ගිහින්...මාම් කොහෙ තියන පාර්ටි එකකට ගියාද මන්දා.....දයාසිරි මාම්ව අරන් ගිහින්....මුලු ගෙදරම පාලුයි සිහත්...මට කියල මතක් වෙන්න ඉන්නෙ තමුසෙ විතරයි.....ඒකයි මං ආවෙ......මට යන්න කියන්න එපා...මං මෙච්චර වෙලා ඔයා එනකන් බලාගන උන්නා ....එක විනාඩි පහක් බලාගන ඉන්න දෙන්න....අඩුම ගානෙ මං තමුසෙව ඉඹින්න ඕනා කියලා වත් කියන්නෙ නෑ...කොටින්ම මං ආය තමුසෙව රිදවන්නෙ නෑ සිහත්......
මගෙ පපුවම ඇදුම් කනවා...මෙච්චර දවස් මගෙ හිතෙ මිනාල් ගැන තිබුනෙ පුදුමාකාර තරහවක් උනත් මේ තත්පර ගානට ඩෙලාම් කියපු දේවලුත් එක්ක මට මිනාල් ගැන පුදුමාකාර ආත්මානුකම්පාවක් දැනෙන්න ගත්තා.....කොටින්ම වෙනද වගේ නෙවෙ මිනාල්ගෙ කටහඩ පවා අද පුදුමාකාර විදිහට වෙනස් වෙලා තිබුනා කොටින්ම ඒ කටහඩ නිවිලා වගේම බරවෙලා තිබුනා....
මිනාල් කියවගන යනවා.....එයා එයාගෙ තනිකම කියවගන ගිහින් ගිහින් අවසානෙදි එයාව එලවගන්න එපා එයාට මගෙ දිහා බලන් ඉන්න දෙන්න...මන් ආය තමුසෙව රිදවන්නෙ නෑ කියනවා එක්කම
සමුද්‍ර වෙනුවෙන්ම තෙත්කන ඇස් දෙක මට හිතන්නවත් බැරි වේගෙන් තෙමීගන ගියා...
ඔයා දැන් ගෙදර යන්න මිනාල්......
ගෙදර ගියා කියලා මං එනකන් බලන් ඉන්න කවුරුත් නැතුව මං ඇයි ගෙදර යන්නෙ අමාකර...සමුද්‍ර එයි කියලද මට යන්න කියන්නෙ....?
ඔ..ඔව්....ඒ හින්දා.....
බයද....මං අහන්නෙ මං සමුද්‍රට ගහයි කියලා....නැත්තන් සමුද්‍ර මට ගහයි කියලා??
එයා ආවට ගියාට කාටත් අත උස්සන්නෙ නෑ මිනාල්....මගෙ අතිනුත් ඔයා ගුටි කෑවා...ඒත් ඒ හැම තැනකදිම මගෙ පැත්තෙන් මං සාදාරනයි මිනාල්.....මන් පුදුම තරම් සාදාරනයි....ඔයාට මං හුගක් තේරුම් කෙරුවා....ඔයා එකපාරක් මගෙ සමනල්ව අරන් ගියා.....මං දන්නවා මගෙ අතිනුත් වැරද්දක් උනා..මං මගෙ වැරදි වහන් ඔයාව විතරක් වැරදි කාරයා කරන්නෙ නෑ....මමත් වැරදි... . .ඔයාට බැරිද මාව මේතරම් නැහීගන බලාපොරොත්තු වෙන එක නවත්තන්න....?මාව හොය හොය මගෙ පස්සෙ පාරෙ එන්න එපා මිනාල්.....මන් මැරෙන තාක් මගෙ ආදරෙ අර මනුස්සයට විතරමයි ...ඒක දැන දැන ඔයාගෙ කාලෙ මං වෙනුවෙන් නාස්ති කරගන හිත රිදවගන්න එපා මිනාල්.........
...........................ඒත් මට උඹ දිහා බලාගන ඉන්න එකත් සැනසීමක් අමාකර...උඹ සමුද්‍ර එක්ක ඉන්නවා දැක්කම මට පුදුම තරම් රිදුනත් මං උඹ ඌ එක්ක ඉන්න විදිහ දැක දැකම මන් උඹ දිහා බලගන ඉන්නවා......මට රිදෙනවා ඒත් මං බලන් ඉන්නවා...
ඒත් මං ඔයාගෙ නෙවෙ මිනාල්....
......ඔව්..මගෙ නෙවෙ...ඒත් කවදම හරි මට අවස්තාවක් ආවොත්.....මට උඹව නොරිදවා ආදරෙ දෙන්න බැරි කමක් නෑ අමාකර.......ඉස්සර වගේ මට උඹව බලෙන් ඇදන් ගිහින් මට ආදර්‍ර් කරපන් කියලා මට කියන්න හිතෙන් නෑ අමාකර.....මන් දන්නවා මගෙ හැසීරිම අන්තිමයි....ආදරෙ වැඩිම තැන මං මහ මදාවියෙක් වෙනවා අමාකර...සමුද්‍ර තරම් මට මදාවිකම් කරන්න බැරිවෙයි....නැත්තන් මං කරට කර ඉදී...ආදරෙ ගාවදි ඕනම එකෙක් අපායෙ දොර ගාවට ගිහිනුත් හැරිලා එනවා...
මගෙ හැසීරිම අන්තිම නරකයි.....මට ඕක තවත් කෙනෙක් කිව්වා....මට ඕක....තවත් එක්කෙනෙක් කිව්වා......
මං නෙවෙ වචනයක් කිව්වෙ...කලුම පොරවන් උන්න එයා අද වෙනදා ඉන්න අර නාහෙට නාහන කොල්ලා වෙනුවට එකම දිගට කියවන් කියවන් ගිහින් එකපාරම කෙනෙක් ගැන නොකියා කියනකොට මං දැක්කා එයාගෙ බයික් එකෙ හැඩල් එක අස්සෙ ඉටිකොලේකින් කවර් කරාපු රෝසමලක් තිබුනා...
එයා ගැන තව කෙනෙක් කිව්වලු......ඒ ඩෙලාම් කියපු එක්කෙනාද...එයා මේ කියන්නෙ එයා ආදරෙ කරපු කෙනා ගැනද........
මිනාල්.....
හ්ම්.....
ඔ..ඔයාට ආදරෙ කරන්න කෙනෙක් ....මං දන්නවා මං මේවා අහන්න සුදුසු නෑ.....ඒත්....
උන්නා.....මං ආදරෙ කරපු මනුස්සයෙක් අමාකර.....මං පිස්සෙක්ට අන්ත ආදරෙ කරපු මනුස්සයෙක්....මේ ලෝකෙ උන්න වාසනාවන්තම මනුස්සයා මමයි කියලා හිතෙන තරමට මං ආදර්‍ර් කරපු කෙනෙක්....
එ...එයා කෝ...
ඉන්නවා...එයා ඉන්නවා...හැබැයි පිපුන ප්‍රේම මල් පරවෙලා ගිහින්......
මිනාල් හිනා උනා...එයා ඉන්නවා...එයා ඉන්නවා කියපු එයා ලාවට හින වේගන මගෙ දිහා බලනකොට සුදු අයියලාගෙ ගෙවල් පැත්තට මූන දාල හිටගන උන්න මං ඈතින් උන්න ඩෙලාම්ව දැක්කා....එයා ඈතින් ඉදන් මගෙ දිහාවත් මගෙ ළඟ ඉන්න මිනාල් දිහාවත් බලාගන උන්නා...හරියටම මිනාල් මට කරදරයක් කෙරුවොතින් අඩියට දෙකට මගෙ ගාවට එන්න වගෙ......ඈතින් උන්න ඩෙලාම්ට මිනාල්ට නොදැනෙන විදිහට යන්තමට ඔලුව වනාපු මං මගෙ දිහා බලලා යන්තමට හිනාවෙලා බිම බලාගත්ත මිනාල් දිහා බලාගන උන්නා....
උඹ එක අතකට පව්....ඒත් මට උඹගෙ දුක් මගෙ කරට ගන්න බෑ මිනාල්.....මට උඹට යාලුවෙක් වෙන්නත් බෑ....මට ඒක කරන්න කොහොමත් බෑ...උඹගෙ හිතෙ මගෙ ගැන තියන හැගීම් දැන දැන උඹට යාලුකම් ඇති කරන්න ගිහින් මට බෑ බන් මගෙ සුදුඅයියා රිදවන්න....සමහර හැගීම් ගාවදි මුහුකුරා ගියපු පිරිමිත් නොදරුවො වෙනවා....මට බෑ ඒක කරන්න....
අහල බලනවද....?
...මො...මොකක්ද.....
තත්පර ගානකට බිම බලාගන උන්න මිනාල් එයා කනට ගහන් උන්න airpod එකක් ගලවලා මගෙ දිහාවට දික් කෙරුවා
අහල බලන්න...මදාවියෙක් උනාට මගෙ සමහර චොයිස් වෙනස් අමාකර....
මං වැඩි කතා නැතුවම එයා මගෙ දිහාවට දික් කරපු airpod එක කනෙ ගහගත්තා....සින්දුවක් යනවා...මිනාල්ගෙ හැටියට මං හිතුවෙම අහනවා ඇත්තෙම එක්කො මෙලෝ රහක් නැති වැල් බයිලා සින්දු ඒ නැත්තන් පටන් ගත්ත තැන ඉදන් ඉවර වෙනකම්ම රැප් කරන සින්දු වෙන්න ඇති කියලා හිතුනා උනත් මට පුදුම හිතුනා...
එයා අහන්නෙ අමරදේව මාස්ටර්ගෙ සින්දුවක්....
විකසිත පෙම්...පොකුරු පියුම්.....
ඔබෙ පයට පොඩි වී ගියා දෙන්...
පතිකුලයට අද මට පිටුපා යන
මගෙ සොඳුරු ලදුනෙ...
මගේ සොඳුරු ලදුනෙ....
තනිකම රජයන පාළු විමානෙ....
ලස්සනද....
...........
පුදුමයිද.....නෑ මං අහන්නෙ මගෙ හැටියට මන් ඔව්වා අහන එක.....අමාකර....මගෙ වෙන්නම බැරිද??මං තමුසෙට කවමදාවත් දුකක් නොදි මලක් වගේ බලාගන්නම් අමාකර......මං තමුසෙව දරුවෙක් වගේ බලාගන්නම්....රිදවන්නෙ නෑ.......මං තමුසෙව මලකට වඩා පරිස්සමින් බලාගන්නම්...මගෙ වෙනවද.....මට තමුසෙට පිස්සුවෙන් වගේ ආදරෙ කරන එක නවත්තගන්න බෑ අමාකර...නරකකින් අයිති කරගන්න බැරි හන්දා මං තීරනෙ කෙරුවා උඹව හොදින් දිනාගන්න....ප්ලීස්....මගෙ වෙයන් අමාකර...මදාවිකම් කරලා අහුමුලු ගානෙ ඇදන් ගිහින් රිදව රිදව ආදරෙ කරනවට වඩා මන් තීරනෙ කෙරුවා හැන්නදිගේ වගේ තමුසෙව් දරුවෙක් වගේ බලාගන ආදරෙ කරන්න...
මං දැකලා තියනවා තමුසෙ දිහා බලනකොට ඒ මනුස්සයෙගෙ ඇස්වලට මොනවද වෙනවා......මට කලින් තමුසෙව ඌට අයිති උන එකට මට පුදුම තරන් රිදුනත්....හොද දේට හොද කියන්නම ඕන අමාකර..........
මට ආදරෙ කරන්නම බැරිද අමාකර.....මං පොරොන්දු වෙන්නම් ඕයි හුස්මකින් වත් රිදවන්නෙ නෑ කියලා........
..........මිනාල්....
හැන්නදිගෙ සින්දුවක් කිව්වා නෙ......?
මගෙ ඇස් ලොකු උනා....එයා අහනවා හැන්නදිගෙ සින්දුවක් කිව්වා නේද කියලා...ඒකියන්නෙ එයා ඒකත් අහන් ඉදලා...මෙතනට ඇවිදින් කොච්චර වෙලාද.....අප්පච්චියි මගෙ සුදු අයියයි සින්දුව කියනකොටමයි මං මෙතනට ආවෙ....එතකොට එයා....
හ්ම්...කිව්වා...එයා විතරක් නෙවෙ
අංකලුත් කිව්වා...
ඔව්....
තමුසෙගෙ තාත්තා උනත් ඌට මාර ආදරෙයිනෙ.......මං එතනිනුත් කැපෙනවා.....මං දන්නවා ඕඅයිසි කාරයා මට ජම්මෙට වත් කැමති වෙන්නෙ නෑ කියලා...මහ උන්ගෙ වැරදි වලට බාගෙට බාගයක් සාප වදින්නෙ මට ඕයි........මාව අදුනගත්ත එක බල්ලෙක් නෑ......ලෝකෙ හැටි තමයි.....
එහෙම දෙයක් නෑ මිනාල්...ඔයාට මගෙ අප්පච්චි වත් අම්ම වත් සාප තියල නෑ.....ඔයාගෙ අතින් උන සමහරක් දේවල් වලට දෙමව්පියො හැටියට සැර උනා මිසක මගෙ අම්මා අප්පච්චිගෙ හිත්වල ඔයාට මොනවත් වෙන්න කියලා කොතනකවත් ලියවිලා නෑ මිනාල්...අඩුම ගානෙ මගෙ සුදු අයිටගෙ හිතේ වත් උඹට කරදරයක් වෙන්න කියලා ලියවිලා නෑ මිනාල්......
............හ්ම්..,හැන්නදිගේට විතරක් නෙවෙ මටත් සින්දු කියන්න පුලුවන් හැබැයි........
ඔයාටත්?
හ්ම්...පුලුවන් ..හැබැයි මං කවදාවත් කාටත් ඇහෙන්න කියලා නෑ......කියලා තියනවා.....එක්කෙනෙක්ට .....
මං මිනාල් දිහා බලාගන උන්නා..... එයාටත් සින්දු කියන්න පුලුවන්ලු...කවදාවත් කියලා නෑලු ...ඒත් එක්කෙනෙක්ට විතරක් ඇහෙන්න සින්දු කිව්වලු....උඹ මොන තරම් දුශ්ටගති වලින් මට වද දුන්නත් මන්දා මිනාල් මේ හැසිරෙන විදිහ එක්ක උඹ වෙනදට වඩා හාත්පසිම්ම වෙනස් කියන්න මට ඕනාවටත් වඩා දැනෙද්දි මට උඹ ගැන මහ ආත්මානුකම්පාවක් දැනෙනවා.....
....ඔයා ආදරෙ කරපු එක්කෙනාටද....?
තත්පර දෙක තුනකට පස්සෙ මං මිනාල්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා...ඔයා ආදරෙ කරපු එක්කෙනාටද අහනවත් එක්කම එයා ලාවට හිනා උනා.....හිනා වෙලා ඔලුව වැනුවා...
හ්ම්....එයාට..........තමුසෙගෙ හැසිරිම එයාව මතක් කරනවා........වරදවා හිතන්න එපා අමාකර.....හැසිරීම මතක් කෙරුවට එයාගෙ හිස්තැන වහන්න තමුසෙව රීප්ලේස් කරන්න නෙවෙ මට ඕන....මට ඕන තමුසෙටත් පිස්සෙක් වගේ ආදරෙ කරන්න අමාකර.......මට ඕන චුට්ට ඇත්නම් තරහා යන මාව තමුසෙගෙ ඔය හුරතල් කටෙන් මොනවා හරි විකාරයක් කියලා මාව නිවනවා දකින්න.....
ඇයි ඕයි හැන්නදිගෙ කාරයා මට ඉස්සර උනේ....
................ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි මිනාල්..
සම්මත ගොන් කතාවක් ඕක,.....ඕක මං අහල තියනවා එයා කිව්වෙත් ඒකමයි.....මට වඩා හොද කෙනෙක්...ආදරෙ කරන්නෙ ඉන්න හොදම එකාට නම් මොකටද ඕයි ඊට වඩා තව හොද උන්...
ඒත් මං අයිති කෙනෙක් ඉන්නව මිනාල්....මං අයිති කාටද කියන්න දන්නවා........එහෙම උනහම මං මෙහෙම නොකියා කොහොමද කියන්න ඕන.....
...............සින්දුවක් කියන්නද.....?තමුසෙ වෙනුවෙන්???
ම්..මං වෙනුවෙන්.....?
හ්ම්...ඔව්, අහල බලනවා...මං තමුසෙට සැර වෙලා තියනවා විතරනෙ....
මං යන්තමට ඔලුව වැනුවා...එයා එක්ක කියවගන යන හැම මොහොතෙම මගෙ යටි හිත කිව්වෙම සමුද්‍ර දැන් එයි....දැන් එයි කියලා වෙනකොට එයා මගෙන් සින්දුවක්.කියන්නද අහනව එක්කම බඩෙ බිත්තර තැම්බෙන්න ගත්තා....මේකා මෙතන සින්දු කියන්න හදනව..අරක ආවොත් මාව කපලා මූදෙ දානවා.....
මං යනව අමාකර....මං දන්නවා තමුසෙ ඔය විදිහට බලන්නෙ හැන්නදිගෙ එයි කියන බයටනෙ....බය නොවී ඉන්නවා මං තව තත්පරෙන් යනවා...මට තමුසෙව බලන්න ඕනමයි කියලා හිතුන ඒකයි ආවෙ........මට දෙයක් ඕනා නම්....ඕනමයි අමාකර....ඒක ඕනමයි....ඒත් ඒක වැරදිලු නේ......
.......ඔයාට සින්දුවක් කියන්න ඕන කිව්වා...
අහන්න ඕනද ඒකියන්නෙ........
කියල යන්න...ඔයා කිව්වා වගේම සමුද්‍ර ආවොත් මෙතන ආයම රන්ඩු...හිත් රිදිම්....මං ආස නෑ මිනාල් සමුද්‍රට රිදවන්න.....ඒ මනුස්සයට රිදෙනකොට මට ඊට වඩා රිදෙනවා...ඔයා ආස නම් සින්දුව කියලා යන්න.....මං අහන් ඉන්නම්....කියෙව්වට....මරගත්තට මට ඒ තරම් අමානුශිය හිතක් නෑ මිනාල්........
තමුසෙ පුදුම තරම් ලස්සනයි අමාකර...
මිනාල් මගෙ දිහා බලාගන උන්නා...මට ඒ තරම් අමානුශීය හිතක් නෑ කියනවත් එක්කම මගෙ දිහාවට නැවුන එයා යන්තමට වගේ මං පුදුම තරම් ලස්සනයි කියලා මගෙන් නාහෙම මගෙ ඔලුව අතගෑවා...
මන් කියන්නම්...කියලා යන්නම්....සදුදා ඉස්කෝලෙ එනවා..මට බලන්න ඕන....ලගට වත් එන්නෙ නෑ...ඒ උනාට මට බලන්න ඕනා...
...............
ආදර මල් වල.....පාට කියන්නද...
මේ වගෙ ලස්සන....තව නෑ........
මේ වගේ ලස්සන.....තව නෑ....
මිනාල් සින්දු කියනවා....ඒකත් කසුන්ගෙ ආදරමල් වල.....පුදුමයි.....කිව්වත්වගේ මිනාල්ට පුලුවන් ඒ ගැඹුරු කටහඩින් සින්දු කියන්න....ඒත් කොච්චර ලස්සන උනත් මේක සින්දු අහන වෙලාවක්ද......ඊටත් යන්තමට රතු උන ඇස් දෙක....ඒ ඇස් බලාගන ඉන්නෙත් මගෙ දිහාව විතරක්ම වෙනකොට මට මීටත් වඩ බය හිතෙන දෙයක් තියනවද......
දේදුනු රේඛා.....දෑසම තවරා....
තවමත් මල් සිත .....බලා හිදිනවා...

ලස්සනයි මිනාල්...අවංකවම ලස්සනයි.....ඔයා කිව්ව වගේ ලස්සන දේට කියන්න ඕන....
.......................ස්තූතියි.....ඔය වගේම ඇයි අමාකර මටත් ආදරෙයි කියන්න බැරි.....?මං මාරම අසරනයි ඕයි.....මං තමුසෙව බලාපොරොත්තුවෙන තරම් මටවත් හිතාගන්න බෑ අමාකර...මං හරි ආදරෙයි බන්....
ආයම පරන තැනට......කොච්චර කිව්වත් මිනාල් අවසානම මොහොතෙ කැරකිලා ආවෙ අර පරන තැනට වෙනකොට මං අර කනෙ තිබ්බ airpod එක ගලවලා එයාගෙ අතට දෙන්න මගෙ අත එයාගෙ දිහාවට දික් කෙරුව...ඒත් ඒක එයාගෙ අතට දෙන්න කලින් බිම වැටුනා.....කිටි කිටියට ඉග වටේ එතුන අතකින් මාව පස්සට ඇදිලා ගියා...
මොකද මෙතන කරන්නෙ ම්ම්ම්ම්ම්....මං කිව්වෙ යන්න ලෑස්ති වෙන්නනෙ......මෙතන ඉදන් මොකද කරන්නෙ මගෙ වස්තුව ම්ම්ම්ම්ම්
ස්...සුදු අයියෙ....
මං ඉවරයි.....මං අද ඉවරෙටම ඉවරයි...අනෙ දෙයියනෙ සුදු අයියා.....යන්න එන්නම් ගගා ඉදලත් මේ වෙනකන් නාව මගෙ සුදු අයියා....වෙන කවුරුත් නෙවෙ මගෙ ඇස් වලටත් නොපෙනි මගෙ ගාවට ඇවිදින් මිනාල්ගෙන් හැතැප්මයක් විතර පස්සට ඇදලා අරන් තිබුනෙ මගෙ සමුද්‍ර වෙනකොට මේ වෙනකොටත් එයාගෙ අත් දෙකම මගෙ ඉග වටේ කිටි කිටියට එතිලා මගෙ උරහිස උඩට එයාගෙ නිකට තියාගන උන්නා.....මගෙ මුලු උරහිසම එයාගෙ නිකටින් බර උනා...
මං කිව්වෙ ලැහැස්ති වෙන්නනෙ...අර තරම් හෑලි එවල තවම මෙතන.....මොකද ඒ ම්ම්ම්ම්??යන්න බෑ වගේද ...බෑ කිව්වත් මං අරන් යනවා...එන්න බෑ කිව්වත් මං උස්සන් යනවා.....
න්..නෑ අයියෙ....මං එලියට...මං එලියට ආවෙ ඔයාව බලන්න....
ම්න්....ඇත්තට....මාව බලන්න ආවම මාව හම්බුන් නැද්ද මගෙ වස්තුවට........කමක් නෑ....මමම හොයාගත්තනෙ.....ආදරෙයි උඹට.....උඹ මගෙ තේරුනාද උඹට ම්ම්ම්...උඹට තේරුනාද උඹ කාගෙද කියන්න.....
අ...යියෙ...
සමුද්‍ර මාව මිරිකනවා...රිදෙන්නම නොවුනත් ඒ අත් දෙක එන්න එන්නම මාව ඒ ඇගට තියලා කිටි කිටියට තද කරගන්නකොට මං බලාගන මගෙ ඉස්සරහා ඉන්න මිනාල් බයික් හැඩල් එක ඊට වඩා තදින් මිරිකගන්නවා.......යටි තොල් හපාගන්නවා.......ඒ අස්සෙන් මාව පපුවට තියලා කිටි කිටියට මිරිකගන්න සමුද්‍ර තරහව පිට නොදා...ඒ තරහවට මුරන්ඩු ආදර හැගීම් කව කවා මගෙ කන්පෙතිවලට ඇහෙන්න උඹ මගෙ උඹ මගෙ කිය කිය ආදර මන්තර මතුරන්න ගත්තා.....තරහව අස්සෙන් එන ආදරෙ තරම දැනුන මගෙ සර්වාංගෙ පුරාවටම ලිහිල් කරලා ලියන්න බැරි හැගීම් කෝටි ප්‍රකොටි ගානක් ඉපදෙනවා එක්කම මං එහෙම්ම හැරිලා එයා දිහා බැලුවා....
ඒ ඇස් අන්තෙටම රතුවෙලා මදිවට නපුරු කමත් ඊරීසියාවත් උතුරනවා......
හැන්නදිගේ .....
.............රඹුක්වැල්ල අපිට කතා කරන්න මොනවා හරි තියනවද.....ඒ නැත්තන් මට මිස්ටර් රඹුක්වැල්ලගෙන් ප්‍රශ්නයක් අහන්න පුලුවන්ද ම්ම්ම්...
මාව වෙව්ලනවා....තව ටිකෙන් මං එනවා කියනකොට තිබුන අර සතුට පෑලදොරින් පැනලා දිව්වෙ ආය පස්සවත් නොබලා වෙනකොට මෙච්චරවෙලාම මාව මිරිකගන උන්න එයා අනිත් පාර මාව පැත්තකට කෙරුවා...ඒ පැත්තකට කෙරුවත් එයා ආයම මගෙ ඉන වටේ එක අතක් පටලවන් ආයම ඇගට හේත්තු කරගත්තා....
එයා ඇදුම් මාරු කරලා......අප්පච්චි අරන් දුන්න ශර්ට් එක වෙනුවට එයා ඇදන් උන්නෙත් මිනාල් ඇදන් ඉන්නවා වගේම කලුම කලුපාටලෙදර් ජැකට් එකක් එක්ක සම්පූර්නම කලු ඇදුමක් වෙනකොට මට එයාගෙ විලවුන් සුවද පවා කලින් පාරටත් වඩා තදින් දැනුනා...වෙන්න යන දේ මොකක් උනත් කාරි නෑ කියලා හිතපු මං ඔක්කොම පැත්තක දාලා එයාගෙන් කාන්දුවෙන සුවද ඉවකරන්න මගෙ නාහෙ එයාගෙ ඇගට තද නොකර තද කෙරුවා..සුවදයි....පුදුම තරම් සුවදයි......
සුවදද ම්ම්ම්??ජොර්ජියො අර්මානි.....පිලිහිඩි සුවද මගෙ රස්සාවෙ සුවද...ජොර්ජියො අර්මානි රස්සාවෙන් පිටදි මගෙන් එන සුවද........ හිතෙන් නැද්ද අර්මානි ගැලපෙන්නෙ හැන්නදිගේටම විතරයි කියලා
එයා මගෙන් සුවදද අහනවා.......පිලිහිඩි සුවද එයාගෙ රස්සාවෙ සුවද කියපු එයා රස්සාවෙන් පිටදි කියපු එයා කවදාවත්ම මට නොපෙන්නපු මහ අහංකාර ස්වරූපෙන් අර්මානි ගැලපෙන්නෙ හැන්නදිගේටම විතරයි නේද කියලා හිතෙන්නෙ නැද්ද අහන ගමන් බයික් එකට ජැක් එක ගහන් ඉන්න මිනාල් දිහා ඇස් යටින් බලාගන එක ඇහිබැමක් උස්සලා මාව තුරුල් කරන් ඉන්න අතින් නැතුව අනිත් අතින් නෙරලා තිබුන උගුරු ගැටෙ යන්තමට කොනිති ගහන්න ගත්තා ,ඒ එක්කම මිනාල් අපි දෙන්න ගාවට ආවා..කොටින්ම එයා ඇවිදින් මගෙ සමුද්‍රට මූනට මුනලා හිටගත්තා

කොච්චර තරහා උනත් ...මට මේක කියන්නම වෙනවා හැන්නදිගේ....තමුසෙ එක්ක මං අනන්තවත් තරහා පිරිමැහුවට තමුසෙ සරමටත් පට්ට හැන්ඩියා....ඊට වඩා ඩෙනිමටයි ජැකට් එකටයි පට්ට හැන්ඩියා........මේ කොල්ලා තමුසෙට වහ වැටෙන්ඩ තමුසෙගෙ ඔය රූපෙත් එක්තරා හේතුවක් හැන්නදිගෙ.....
ඇත්තට........රඹුක්වැල්ල මගෙ රූපෙ ප්‍රසංසා කරනවද........අවංකව නම් ඔය ප්‍රශංසාව මටත් පුලුවන් තමුන්ට අවංකව ස්තූතියි කියන්න...හැබැයි රූපෙට වඩා මගෙ කොල්ලා වහ වැටුනෙ මගෙ ආදරේට කියන එකයි ලොකුම හේතුව රඹුක්වැල්ල.......
....................හ්ම්...මොකක්ද අහන්න තියන ප්‍රශ්නේ....
මන් නැති විනාඩි ගානට මගෙ කොල්ලව රිදෙව්වද ම්ම්ම්.....එක වචනෙකින් වත්....එක බැල්මකින් වත්...?රිදෙව්වද......? ඔව් නම් ඔව්...නෑ නම් නෑ....මං රන්ඩුවට බර නෑ......දේශෙ හැටියට ඇදල පැදලා කතා කෙරුවට....හැන්නදිගේට ඕන බස්වහරක් කටට හුරුයි ...රිදෙව්වද ....ම්ම්ම්ම්...???
අයියෙ....මෙ...අහ...භ්භ්....
ශ්ශ්...ශ්ශ්....ඒක හොද කොලිටියක් නෙවෙ වස්තුව තේරුනාද...මං කතා කරන්නෙ රඹුක්වැල්ල එක්ක.....අදහස් ප්‍රකාශ කරන්න ඕන නම්...මගෙ වස්තුවට එක්ස්කියුස් කරලා අදහස කියන්න....ඒත් මං දැන් ගනුදෙනුව කරන් යන්නෙ මිස්ටර් රඹුක් වැල්ල එක්ක...මැදින් පනින්න එපා ඒක නරකයි....
සීතල යුද්ධයක්.....මෙතන සීතල යුධ්දයක් ඇතිවෙන්න යන්නෙ ....මෙච්චර වෙලාම මාව තුරුල් කරන් උන්න එයා මට මැදින් පදින්න එපා කියන ගමන් මාව අතෑරලා අත්දෙකම පපුවට බැදගන්නකොට මිනාල් අත් දෙකම සාක්කුවට ඔබාගත්තා...ඒ දෙන්නම ඉන්නෙ දෙන්නට දෙන්නෙග ඇස් දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් වෙද්දි කටින් වචන එලි නොපැන්නත් මං බලාගන ඒ දෙන්නගෙම ඇස් වලින් ගින්දර පිටවෙනවා.......

ආදරෙයි කිව්වා....මං කරපු එකම දේ අමාකරට ආදරෙයි කියපු එක........අයිතිය මගෙ නොවුනත්.....ඒකපාර්ශවීක ව හරි ආදරෙ කරන්න තහනම් නෑනෙ...
.............අයිතිය තමුන්ට නෙවෙ කියන්න දන්නව එහෙනම්........
හ්ම්...දන්නවා.....අමාකර මට අයිති නෑ කියන්න මං හොදාකාරවම දන්නවා....ඒත් දවසක් එයි
කවදාවත් නෑ.....කිසිම දවසක ඔය කියන "දවස "එන්නෙ නැ රඹුක්වැල්ල......අදත් මගෙ...හෙටත් මගෙ......සදහටම අමාකර මගෙ.....තේරුනාද ම්ම්ම්......සදහටම......මං ආදරෙ කරන්න ගන්න එකාට මන් පිස්සෙක්ට අන්තව ආදරෙ කරනවා...එතකොට ඔය කියන අර අමුතු දවස පිටින් ඉන්න කිසිම කෙනෙක්ට උදා කරගන්න චාන්ස් එකක් නෑ රඹුක්වැල්ල...
හ්ම්....කමක් නෑ...ඒත් උත්සහ කරන්න පුලුවන්නෙ ...නරකින් බැරි උන හින්ද මන් දැන් උපරිම හොදින් උත්සහ කරනවා හැන්නදිගෙ.......සීරිමක් වත් නොවෙන්න නොදි ආය මදි නොකියන්න ආදරෙ කර කර මන් උඹගෙ කොල්ලට උත්සහ කරනවා.....
අනිවාරෙම්ම ....තරගෙක උනත් දිනුම තියෙන්නෙ එකාට උනත් සහභාගීත්වයට අවස්තාව ඕනම කෙනෙක්ට තියනවනෙ......හොදින් බැරි නම් නරකින් හරි උත්සහ කරන එක රඹුක්වැල්ලගෙ කැමැත්ත.......හැබැයි.......හීරිමක් වත් උනොත්.........ඇස්වලින් කදුලක් හරි වැටුනා කියලා ආරංචි උනොත්......මන් තරම් නරක මනුස්සයෙක් උඹට ආය ජීවිතෙ කිසිම තැනක දකින්න වෙන්නෙ නෑ රඹුක්වැල්ල...අමාකර,
එයා එකපාරම මගෙ දිහාව බැලුවා...මොනවම හරි උනොත් එයා තරම් නරක මනුස්සයෙක් කිසිම තැනක දකින්න වෙන්නෙ නෑය කියපු මගෙ සුදු අයියා එකපාරම මගෙ දිහාවට හැරිලා හරි තදට මගෙ උරහිස්වලින් අල්ලගත්තා.....
Sure මද....ම්ම්...රිදෙව්වෙ නෑමද...???වචනෙකින් වත්....මට උත්තර ඕන බබෝ හරි.......තනි හේතු හදාන හේතු හන්ග හන්ග ඉදලා මට පහු කාලෙදි උඹ දුන්න උත්තර වලට සෑහෙන පරස්පර උත්තර මම විසින් හොයාගත්ත දාට.......
අනෙ නෑ අයියෙ..නෑ...මිනාල් වෙන්දා වගේ නෙවෙ....එයා...එයා මට වචනෙකින් වත් රිදෙව්වෙ නෑ...අඩුම ගානෙ උඹට අපහස කෙරුවෙත් නෑ අයියෙ...මට වැඩියෙම්ම රිදෙන තැන ඒකයි සමුද්‍ර....උඹට අපහස කරන එකයි මට වැඩියෙම්ම රිදෙන තැන...අද ඒකවත් කෙරුවෙ නැ අයියෙ....
ස්තීරද.....මං අහන්නෙ ඔය උත්තරෙ...??
විශ්වාසද ම්ම්?
ඔ..ඔව්....අයියෙ...මං කියන්නෙ ඇත්ත....
එයාගෙ ඇස් හීනි උනා....මං අහගන එයා ඇහෙන නෑහෙන ගානට දත්මිටි කනවා...දත්මිටිකාගනම මගෙ කන ගාවට පහත් උන එයා මගෙ කනගාවට කොදුරන්න ගත්තා....කවදාවත් නාහපු එයාගෙ කටහඩෙ ස්වරෙත් එක්කම මට ඉබේටම කෙල ගිලුනා...ඒ තරමටම එයාගෙ කටහඩ අද වෙනස් වෙලා තිබුනා...
උඹව රිදවන්නෙ සෝලංගාඅරච්චි උනත් මේ හැන්නදිගේට අදාල නෑ අමාකර.........මට අදාළම නෑ....එහෙම උනෝතින්.........කවුරුම හරි උඹව රිදෙව්වොතින්...මං මුලු ලෝකෙම උඹ වෙනුවෙන් අලු කරලා දානවා....උඹ වෙනුවෙන් මං මුලු ලෝකෙම උනත් නැත්තට නැති කරනවා....මොකද මගෙ ලෝකෙ අලු උනාට පස්සෙ....තව ලෝකයක් ඕන නෑ......... l'd let the world burn for you!!මගෙන් උඹව උදුරගන්න කාටවත්ම බෑ තේරුනාද ..කාටවත්ම...කාටවත්ම.......
හැන්නදිගෙ ......
අවසානෙදි එයා කෙලින් උනා....මං වෙනුවෙන් මුලු ලෝකෙම ගිනිබත් කරනවා කියපු එයා අනිත්පාර මගෙ කම්මුලට දැනෙන නොදැනෙන ගානට හාදුවක් තියාගනම කෙලින් වෙලා ආපහු අර ෆුල් ෆේස් හෙල්මන්ට් එක දාගන යන්න ලෑස්ති උන මිනාල් දිහාවට හැරුනා.....
ඔව්.....තව මොනවා හරි ඉතුරුද ?
හ්ම්....ෆිල්ම් එකක මෙහෙම කොටසක් තිබුනා.....ආදරෙ ඇතුලෙදි හිඩැස් තියෙන්න හොද නෑලු...හිඩැස් අස්සට යක්කු රින්ගනවලු......එකම හිස්තැනක් වත් නොතියා ආදරෙ කරපන්....අංශුමාත්‍රීක හිඩැසක් තිබුනොත්....
ඒක ඇත්ත.....ෆිල්ම් එක ඝරසර්ප......හැබැයි මට අදාළ නෑ....මොකද යක්කු ආදරෙ කරන තැන්වල හිඩැස් හිටින් නෑ අමුතුවෙන් එන යක්කුන්ට රින්ගගන්න........මාත් එක්තරා ආකාරෙක යකෙක් රඹුක්වැල්ල......
...................will c!
*
*
*
අ...අයියෙ...
යමුද...ම්ම්ම්??
මිනාල් යන්න ගියා...කසිංජි සුවදම දික්වල්ලෙන් අතුරුදහන් කරවන තරමට නානාප්‍රාකාර කෑම ජාතිවල සුවද කාන්දු කරවන හැන්නදිගෙ ගෙදරින් අහසට මල්වෙඩි අහුරක් නගිනවා එක්කම එයා මගෙ දිහාවට අත දික් කරලා යමුද අහනවා එක්කම මං අඩියට දෙකට හන්ගල තිබුන බෑග් එක අරන් එයා ගාවට දුවන් ආවත් එක්කම එයා මගෙ අතින් ඒ බෑග් එක අරගන අනිත් අතින් මගෙ අත අල්ලගත්තා.....
මේකෙද අපි යන්නෙ....
ම්න්....යන්න වෙන ආස එකක් තියනවද.....?
න්..නෑ..මේකෙ යන්......
එයා මාව එක්කන් ගියෙ එයාගෙ අර කලුපාට ජිප් එක ගාවට වෙනකොට තනිම කලු වීදුරු තිබුන ජිප් එකෙ ලයිට් ඇවිලෙන ගමන් තිබුනා....පස්ස දොරවල් වල වීදුරු වැහිලා තිබුනත් ඉස්සරහ දොර පලු දෙකේම කලු වීදුරු යන්තමට ඇරිලා තිබුනා වගේම ඇතුලෙ දාලා තිබුන සින්දුවත් එලියට ඇහුනා.....
Doechii ගෙ anxiety එක....
අම්බරෙ....
අයියෙ.....
එයයි මායි විතරයි.....
මේ පලාතටම දැන් ඉතිරිවෙලා උන්නෙ මමයි එයයි විතරක්ම වෙනකොට මෙච්චර වෙලාම එයා අතෙ එල්ලන් උන්න මගෙ බෑග් එක බිමට අතෑරියා...දහ් ගාන සද්දෙන් බෑග් එක බිම වැටෙනවත් එක්කම අම්බරෙ ගාන ගමන් ඇහෙන නෑහෙන ගානට මුමුනපු එයා මගෙ නිකටින් අල්ලගත්තා...අල්ලගත්ත විතරක් නම් කමක් නෑ.....මහපට ඇගිල්ලෙන් යන්තමට වගේ මගෙ මුලු දෙතොලම පිරිමැද්දා........
මං බලාගන ඒ උගුරු ගැටෙ දෙතුන් වතාවක්ම ඉහල පහල යනවා.......ඒ ඇස් මගෙ දෙතොල පුරාවම එහා මෙහා දුවනකොට මටත් නොදැනිම මගෙ අත්වලට මගෙ ටීශර්ට් එක පුලුවන් උපරිමේටම කිටි කිටියට මිරිකිලා යනවත් එක්කම මාව එහෙම්ම කැබ් එකට හේත්තු උනා...
මගෙ ද...ම්ම්ම්...
එයා මගෙන් මං එයාගෙද අහනවා...ඒත් කෝ කටහඩ.....ඒ තොල් විතරක් එහා මෙහා වෙනවා..ඇහෙන නෑහෙන ගානට මිසක් ඒ ගොරෝසු කටහඩ එලියට නෑවිදින් හැගීම් නම් වෙච්ච මහමුහුදක ගිලි ගිලි යනවා මගෙ දෑහින්ම දකින මට අද උත්තරත් අමතක වෙනව.....
මගෙද....නැද්ද...
අයි..යෙ........
ම්ම්ම්ම්........අයියගෙද........?අයියගෙ විතරමද...???මට අහන්න ඕන...
ම්..මං උඹගෙ විතරයි සමුද්‍ර.....
සමුද්‍රගෙ විතරමයි....ම්ම්ම්ම්....
ඔ..ඔව් අයියෙ ..මං උඹගෙ විතරමයි අයියෙ...
එයා හිනා උනා....ඇස් යටින් මගෙ දිහා බලාගන උන්න එයා මගෙ නලලට නලල හේත්තු කරගන ලොකූ හුස්මක් අරන් ඇස් පියාගත්තා.....
අමාකර.....කවදාවත් මගෙ හදවත බිදින්න එපා.....කවදාවත්ම එපා.....උඹ වෙනුවෙන් මං මුලු ලෝකෙම ගිනිතියනව...ඒක සත්තයි....හැබැයි මෙච්චර ආදර්‍ර් කරන මගෙ හදවත බින්දොත් උඹට කවදාවත් මාව දකින්න බැරිවෙයි අමාකර...මොකද උඹට මේ ලෝකෙ මොනවට ස්පෙයාර්පාර්ට්ස් හොයාගන්න පුලුවන් කම තිබුනත් බිදුන හදවතකට කවදාවත් උඹට කෑලි හොයන්න බැරිවෙයි ........
නෑ අයියෙ...කවදාවත් නෑ.....උඹ මගෙ පන සමුද්‍ර.....මගෙ සතුට සැනසීම හැමදේම උඹ ගාව........මං ආදරෙයි රත්තරන් උඹට.....
හුගක්?හුගක් ආදරේද ම්ම්ම්....
ඔ...ඔව් අ....යි....යෙ....හුගක් ආදරෙයි අයියෙ.......
එයා මගෙ දිහා බලාගන ඉන්නවා......ජීප් එකට හේත්තු උන මාව එයාගෙ සර්වාංගෙන් තව තවත් තෙරපෙන්න ගද්දි අර මහපට ඇගිල්ල මගෙ යටි තොල පුරාවටම එහා මෙහා ගිහින් ගිහින් අවසානෙදි තොල කොනනින් නැවතුනා වගේම සමුද්‍ර තවත් අගලක් මග් මූන දිහාවට නැවිලා කෙලින්ම මගෙ ඇස් දිහා බැලුවා .....
වයිෆි පොජ්ජ.....ම්ම්ම්....හොදයි...මං ආසයි..හුරතල්.....cuteness overload !Enjoy this moment before it becomes a memory ....damn, i wanna kiss you so bad amakara...
.ස්...ස්...සමු...භ්භ්.....අ..අයි........ම්ම්හ්...භ්භ්..............

මගෙ දෙතොලම ඇදුම් කනවා....නොහිතපුම වෙලාවක අමුතු වෙසක් පෙරලුන මගෙ සුදු අයියා දෙතොල් හාදුවක් තිබ්බා.....උඩු තොල යටි තොලට හීන් සීරුවට හාදුතිබ්බත් මොකද ඒ සර්වාංගෙන් මාව එන්න එන්නම ජීප් එකට තද වෙනවත් එක්කම එයා මගෙ මුනම අත් දෙකෙන් අල්ලගත්තා.......නාඹර බඹරෙක් හිතු මනාපෙට චන්ඩකම් කර කර මල් රොන් උරනවට අන්තව සමුද්‍ර නම් උන නාඹර බඹරා ආදරෙ චන්ඩකම් කරන යාමෙකදි මගෙ මෘදු දෙතොලෙන් හිතුමනාපෙට රොන් උරාගත්තා.....
ඕන දුකක් විදින්න පුලුවන් කිව්වා.....ම්ම්ම්...ලුනුයි බතුයි උනත් කමක් නෑ කිව්වා....ම්ම්ම්ම්...එහෙම නේ...
මගෙ පපුව හතිලානවා.....හාදුව එන්න එන්නම ගැඹුරු උන තත්පරේක සමුද්‍ර මාව ජිප් එකට තදකරගනම වඩාගත්තා වගේම හිතුමනාපෙටම හාදුව ඉවරකරාපු එයා මාව බිමින් තියලා මං අර මැසේජ් වලට යවපු ඔක්කොම ආය ආයම අහනකොට මං බිම බලාගත්තා.....
ඒ අස්සෙන් මට බඩගිනි....ඈනුන් යනවා...
බඩගිනිද ම්ම්ම්
ඔ..ඔව්නෙ....පප්පෙ....සුදු චූටියට බඩගිනීනෙ......
හුගක් බඩගිනිද.....ම්ම්
ඔ...ඔව්නෙ....හුගක්....බඩගිනීනෙ......
යන ගමන් කොත්තුවක් වත් අරන් යන් අනෙ....
කොත්තු...
ඔව්...ඩොල්පින් කොත්තුවක් අරන් යමුකො.......ඇ ඒයි.....
මං එයාගෙ ලෙදර් ජැකට් එකෙන් ඇද්දා.....යනගමන් ඩොල්පින් කොත්තුවක් අරන් යන් කියපු මගෙ දිහා බලන් උන්න එයා යටි තොල දිවෙන් පිරිමදින ගමන් ජිප් එකෙ දොර ඇරියා...
ලුනු තියනවා....හාල් තියනවා...බත් උයන්න දන්නවනෙ...ම්ම්....ලුනුයි බතුයි කමු කියල කොත්තු ඉල්ලනවද ....ම්ම්.......කීරි සම්බා තියෙන්නෙ....මටත් බඩගිනි ..මේ අත් වලින් උයපු බත් කටක් කන්න ඕන.....ලුනු පැකට් එකක් වෙනුවට මං ලුනු ලේවායක් හරු අරන් දෙනවා...වචන නම් වචන...ලුනුයු බතුයි නම් ලුනුයි බතුයි....කොත්තු නෙවෙ නෙ ම්ම්ම්.....??නගින්න පුලුවන්...
අ..අ...අනෙ...අනෙ...ඒයි...ඇයි යකො....කට වහරෙටනෙ....ඒ කට...භ්භ්....භ්භ්....
ශ්ශ්....ශ්ශ්..........ශ්ශ්......
ලුනු තියනවා හාල් තියනවා කිව්වා....නිකන් නෙවෙ කීරි සම්බා තියෙන්නෙ කියපු එයා මගෙ අත්වලින්ම බත් ඕනයි කියන ගමන් මගෙ අත් දෙකටම හාදුවක් තියන ගමන් මාව උස්සල වගේ ශීට් එකෙන් ඉන්දවනවා එක්කම පවුල් කන්නත් කලින් යකා ආවේස උන මං ලුනුයි බතුයි වෙනුවට කොත්තුවක් ඉල්ලන්න ගත්තා විතරයි එයා මගෙ කට මිරිකල වගෙ වහගත්තා වගේම එයාගෙම දෙතොලට දබැරාගිල්ල තියලා ශ්ශ් ගාන ගමන් පිටිපස්ස ශිට් එක දිහාව පෙන්නුවා....මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා මෙහෙක් වෙලා ගියා.....
ලමයා නිදි....
දෙයියනෙ පසනා...පසනා...මමියක් ඔතලා වගෙ බෙඩ් ශීට් එකකින් ඔතලා කටත් ඇරන් නින්ද ගිහින් උන්නෙ පසනා වෙනකොට මගෙ කට මටත් නොදැනිම මෙහෙක් වෙලා ගියා.....
අ...අයියෙ......ප...පසනා....පසනා එක්කද අපි යන්නෙ.....අපි ....
ම්ම්ම්...අනිවාර්‍ය්ම ....family කියන වචනෙ හැදිලා තියෙන්නෙ කොහොමද කියන්න දන්නවද.....ම්ම්...father and mother i love you.....මෙතන father ඉන්නවා...එතකොට mother ඉන්නවා......තේරුනාද.....ශීට් බෙල්ට් එක තද කරල දාගන්න....මං ළමයි අනාතක කරලා යන තාත්තෙක් නෙවෙ ..ඒ වගේම උඹයි මායි පවුලක් වෙන්නනෙ යන්නෙ....නිකන් වත් මගින් හැරෙන්න හිතන්ඩ එපා...තේරුනාද.....පවුල් අස්සෙ ළමයි අනාත වෙන්නෙත් නෑ...දෙමව්පියො වෙන් වෙන්නෙත් නෑ......තේරුනාද මගෙ වස්තුවට ...ම්ම්ම්.......happy honeymoon .....අදරෙයි!! හිගා කකා කොළපතක් අරන් ..ලුනුයි බතුයි කමුකො රත්තරන් ...ඔය කතාව කිව්වෙ මගෙ වයිෆි පොජ්ජමයි...
මං හිතන්නෙ මගෙ නාඩි වැටෙන එක නැවතුනා....තවත් පාරක් යටු තොල හපාපු එයා මගෙ ශීට් බෙල්ට් එකත් දාලා ළමයි අනාත වෙන්නෙත් නෑ...දෙමව්පියො වෙන් වෙන්නෙත් නෑ කියලා අවසානෙදි හැපි හනිමූන් කියනලා ජිප් එක ඉස්සරහින් කැරකිලා ඇවිත් ඩ්‍රයිවින් ශීට් එකෙ ඉදගන්නවා එක්කම තවත් පාරක් කටත් බෝක්කුව වගෙ ඇරන් උන්න පසනා දිහා බැලුව මං දැක්කා ශීට් එකෙ කොනක කීරි සම්බා කිලො පහෙ පැකට් එකක් එක්ක ලුනු පැකට් එකක් තිබ්බා...ඒ එක්කම ජිප් එක ඉස්සරහට ඇදෙන්න ගත්තා.....
යකො අපි එතකොට ලුනුයි බතුයිද සිරාවටම කන්නෙ????????
කොත්තු නෙවෙද....ලුනුයි බතුයි......???
ඕකෙ.....ඩිනර් පොජ්ජට ලුනුයි බතුයි කොටාදමාපන් කැතයො!!!