LightReader

Chapter 44 - 43

සුදු චූටි....අමාකර

මං එලියට දිව්වා....පසනව බලන්නම් කියලා එයාට බොරුවක් කියන් ආවත් මොකද අනෙ මට තව දුරටත් ඒ බොරුව රකින්ඩ බැරි උනා....අනෙ දෙයියනෙ මට මගෙ අම්මා අප්පච්චි මතක් වෙනවා....

අප්පච්චිගෙ සරම දකින වාරයක් වාරයක් පාසාම මට අප්පච්චි සුදු මහත්තයා කොල්ලා ගාගන එන හැටිත් අම්මා මං දිහාව බලාගන ඉන්න හැටිත් පිට පිට මතක් වෙන්නත් එක්කම හිතේ හන්ගන් උන්න දුක ඉහිලුම් නැතිවම ගියා....

අනෙ අප්ප....ච්චි....මට සමාවෙයන්කො අප්ප...ච්චි....මං හිතුවෙ මට සැනසීමෙන් ඉන්න පුලුවන් කියලා අප්පච්චි...අනෙ අම්මෙ....මං හිතුවෙ මට ගෙදරට වඩා සතුටින් ඉන්න පුලුවන් කියලා අම්මෙ.....

මං ඇඩුවා.....එලියටම දුවපු මං අනිත්පාර ටොයිලට් එක පිටිපස්සෙ ඉදන් හැන්ගීගන ඉකිගැහුවා....

සුදු අයියගෙන් අල්මාත්‍රීක වරදක් රිදවුමක් නැති උනත් මං අර හිතන් ආව තරන් මහාපරිමාන සතුටක් මට දැනෙන් නැති උනා....අනෙ මේ මොන කරුමයක්ද දෙයියනෙ....

පසනව දකින වාරයක් පාසාම ගෙම්බෙක් උස්සන් පස්ස පාරෙ දුවන සමනල්ව එකාකාරෙට මතක් වෙනවා....

මං ආවෙ සතුටින් ඉන්න...

මං ආවෙම හැම දේම අමතක කරලා මං පිස්සුවෙන් වගේ ආදරෙ කරන මනුස්සයා එක්ක ආදර ලෝකෙක ඉහවහ ගියපු සතුටක් එක්ක ජීවත් වෙන්න.....ඒත් ඇයි මට ඒ සතුට දැනි දැනී මැකි මැකි යන්නෙ....

අනෙ ඇයි සුදු අයියගෙ ආදරෙ ඉහවහ යන්න තිබ්බත් මගෙ පපුව කැක්කුම් ගන්නෙ....

අනෙ අම්මෙ උඹ අඩනවද....මං නෑය කියලා උඹ නොකා නොබී අඩනවද මගෙ අම්මෙ....

මට ඉකිගැහෙනවා....මගෙ පපුව පුපුරන්න එනවා....මට ඉන්න බැරි උනා...අප්පච්චි අම්මා අච්චර කියලත් ඇයි දෙයියනෙ මං මුරන්ඩු කම් කෙරුවෙ...මගෙ සුදු අයියා අච්චර කියලත් ඇයි මං හා කියලා ගෙදර නොගියෙ....

අමාකර උඹ මොන ජාතියෙ මෝඩයෙක්ද අමාකර....අම්මයි අප්පච්චියි සුදු අයියට අකමැති උන් නෑ බන්....අම්මයි අප්පච්චියි සුදු අයියට සැලකුවෙත් අප්පච්චිගෙම ලොකු පුතා විදිහට....කියපු එකම දේ ඉගනගන ඉවරකරපන් කියලා....

අනෙ ඇයි බන්...ඇයි අමාකර....ඇයි...???උඹ සතුටින් ඉන්න ආවා නම් ඇයි බන් අම්මා අප්පච්චි මතක් වෙවි පපුව රිදව ‍රිදව අඩන්නෙ....ඇයි කියපන්....

අමාකර...සුදු චූටි.....උඹ කොහෙද අමාකර....දරුවො.....

මං මගෙ අත් දෙකෙම්ම කට තද කරගත්තා...අප්පච්චිගෙ සරමත් සමුද්‍රව දකින වාරයක් පාසාම මතක් වෙන්නෙත් අප්පච්චිවම විතරක් වෙනකොට ටොයිලට් එකෙ ගාව තිබුන පොල් අතු වැට අස්සෙ රින්ගන් අඩ අඩ උන්න මං එයා මට කතා කර කර මාව හොයනකොට එයාට ඇහෙයි කියන බයටම අනෙ මං මගෙ අත් දෙකෙම්ම කට වහගත්තා....

මං ආපිට උඹව දාලා අම්මා අප්පච්චි ගාවට යන්නද සමුද්‍ර???

ඒ ගියත් මට සැනසීමක් තියෙයිද අයියෙ...අනෙ බන් ආයම ගියත් මට ජීව්තයක් නෑ අයියෙ....ගෙදර ගිය වෙලේ ඉදන් මට උඹ මතක් වෙයි අයියෙ....අල්ලපු වැට උනත් මට බර්ලින් තාප්පෙ වගේ දැනෙයි සමුද්‍ර...

සුදු චූටි.....අමාකර උඹ කොහෙද දරුවො....

එයා ආයම කතා කරනවා....පොල්කටු හැන්ද අතේ තියාගන එහා මෙහා යන එයාව දැකපු මෙච්චරවෙලාම අත් දෙකෙම්ම කට වහන් උන්න මං අනිත්පාර බිත්තියට පිටදීගනම රූටලා වගෙ අර වැල්ලෙ ඉදගත්තා.....

අනෙ එකපාරක් මට අම්මට කතා කරන්න ඇති නම්...

එකම එකපාරක් අම්මගෙ කටහඩ අහන්න ඇතිනම්...අනෙ අම්මෙ අඩ අඩ හරි හෙලෝ කියනවා අහන්න ඇති නම්....සමනල් කානුවෝ ගගා මට කතා කරනවා අහන්න ඇති නම්....

පපුව පුපුරන දුක එක්ක මං තට්ට තනියෙන් ඉකිගැහුවා...

එලියට ආව එයා දෙතුන් පාරක්ම මගෙ නම කියල අඩගහලා අඩගහලා අවසානෙදි පසනගෙ බෙරිහමත් එක්ක ආපිට කුසියට යන්න ගියා වගේම මෙච්චරවෙලාම කට හිරකරන් උන්න අත අහකට කරලා නවාගන උන්න දනහිස් දෙක උඩ මං මගෙ ඔලුව තියාගත්තා.....

මගෙ ඇස් වලින් කදුලු වැටෙනවා...ඉස්සරහට ගත්ත අඩිය ආයම ජම්මෙට වත් පස්සට ගන්න බැරි බව දන්න මම තනියෙන්ම අර ඇස්වලින් කඩා වැටෙන කදුලු තනියෙන්ම පිහදගන ඔහේ බලාගන උන්නා.....

ජීවන්තයා...ජීවන්තයා.....අඩෙ ජීවා.....ඔහෙ ක්ලාස් යන්නෙ නැද්ද....??

විනාඩි පහක් දහයක් නෙවෙ...අඩුම පැය බාගයක් වත් යන්න ඇති....දෙපාරකට වඩා මගෙ නම කියපු සුදු අයියා නෙවෙ ආයම ආවෙ....මං කොහෙද කියල හෙව්වෙ...හිතේ දුකතුනි වෙලා ඇස්වල කදුලු වෙලිලා යනකම්ම මටත් නෙවෙ ආපිට ඇතුළට යන්න ඕන උනේ.....මං කරපු එකම දේ නම් බලාගත්ත අත බලාගන උන්න එක....

මුහුදු හුලන් වැදිල වැදිලම ඇස්වල කදුලු වේලුම් කෑවත් මොකද පපුව නන් තවමත් යන්තමට ඉකි ගැහුවා.....

මං ඔහෙ ඉදන් උන්නා...වැල්ලෙන් එන සද්දෙත් කාක්කන්ගෙ කරච්චලෙත් ගොඩ අරින බෝට්ටුවල සද්දෙත් වාහන වල හෝන් සද්දෙත් එකාකාරෙට මේ මුලු මූදු කරේම ගිලගන්නකොට වියාපු පොල් අතු පැලලි අස්සෙන් මං බලාගන ගෙට අල්ලපු ගෙදරට ආව කොල්ලෙක් කෑ ගහනවා....

පෙනුමෙන් ඒකට වයසද පහලවක් දාසයක් කියන්න පුලුවන් ලාමක මුනක් තිබ්බට ඒකගෙ උස මාවත් පහු කරන් ගිහින් තිබුනා....ලා නිල්පාට ඩෙනිම් කලිසමත් කහපාට අත්කොට ටී ශර්ට් එකක් වගේම ඔලුව නැතිව ගියත් කොල්ලන්ට නොදාම බැරි කැප් එකත් හරහට තනි පටිය ආව ස්පෝර්ට් සැඩල් දෙකත් දාගන උන්න ඒකගෙ කරෙ ඩෙනිම් කලු රෙද්දෙන් ආව ඩීසල් බෑග් එකක් තිබුනා.....

ඒකා අල්ලපු ගෙදර කොල්ලට කෑ ගහනවා....මහ රෑ ආවට එහා ගෙදර ඉන්නෙ මොකාද කියන්නවත් නොදන්න මං බලාගන උන්නා....

අරකා ජීවා ජීවා...ජීවන්තයා ගගා මැරෙන්ඩ හදනවා....

පන්ති යන්ඩ එන්නෙ නැද්ද අහනවා....

රමනි නැන්දෙ....රමනේ......හ්හ්...අරූ පන්ති යන්ඩ එන්නෙ නැද්ද .....රමනෙ....

"බෞ...හ්"

ටමහුකලා...සිකුරුලියා මට කෙලියා...රමනෙ....අනෙ මේ ගෙරි බල්ලා ලෙහාගන....අඩෙ...මූව අල්ලපියව්කො.....ඇයි යකො මූව බැදලා කියලනෙ අර පරයා මට එන්ඩ කිව්වෙ....සිකුරු ලියා ....දුහ ...දුහ.....රමනෙ.....හ්....ජීවා ඇයි යකො වරකො...වර බලන්ඩ...දෙන්නෙ තොට ඇන්දම ලෙෆ්ට් වෙන්ඩ.....පල...පල....පලකො....

සිකුරුලියා පලකො....යකො මං චානකයා...තොට චානව අදුනන්ඩ බැරිද...

මට හිනා යන්න ආවා මෙච්චරවෙලාම අඩ අඩ උන්නත් එක තත්පරේකට මට හිනා යන්න ආවා...ඒත් බුරාගන ආව බල්ලගෙ පාට දැක්ක ගමන් සාගරිකව මතක් උන මගෙ හිනාව මටවත් හිතාගන්න බැරි වේගෙන් මැකිලා ගියා....

ඒකා කලුම කලු බල්ලෙක්....මේස් හතරක් දැම්මා වගේ අත් දෙකයි කකුල් දෙකයි සුදුම සුදු උනා මදිවට ඒකගෙ නැට්ට අගත් සුදු වෙලා තිබ්බා ...ජීවා ජීවා ගගා ගෙදර එකාට කතා කරපු කොල්ලගෙ කටහඩ ඇහුනා විතරයි අරකා බුරාගන එන ඒමටම කොල්ලගෙ ඇගටපනින්ඩ යනවත් එක්කම ඒකා ඒ ක්ශනිකවම දෙකට නැවිලා ඒ ළඟ තිබ්බ රතුගල් බාගයක් ඇහිදන් බල්ලට උරුක් කෙරුවා 

ඔක්කොමත් හරි ඒකගෙ නම....සිකුරුලියා...

බල්ලෙක් බල්ලෙක් කිව්වට බිජ්ජක් පේනතෙක් මානෙක නෑ...බලු කටහඩක් ආව බැල්ලියෙක්ද කොහෙද...බල්ලෙක් නම් මේකගෙ බලු බිජ්ජ එල්ලෙන්ඩ එපැයි....

මං එබිකම් කෙරුවා...අරූ බුරාගන ඉන්නවා.....අරකා රතු ගල් උරුක් කරනවා...

බෞ.....හ්හ්හ්හ්...

ඇත්තමයි.....තොට ගහන එක ගහනවා...පලකො ගෑනියේ....අනෙ රමනෙ...හ්...මේන් මේකිව ගන්ඩකො...ජීවා...ජීවා.....

මූසලයො වරකො හුත්තියෙ....යස්සනීගෙ වස.. .පලකො....

මං කටට අත තියාගත්තා...යකොඩො සිකුරුලියා බල්ලෙක් නෙවෙ නේන්නම්.....කනපිට ගහපු තොප්පි වැලක් වගෙ අර තියෙන්නෙ කුක්කු ....මේකි ලගදි පැටව් ගහලද කොහෙද.....අරූ මැරෙන්ඩ හදනවා...දිවෙ කටෙ නොගෑවි කුනුහර්ප පලනව.....කාටද මන්දා හුත්තිත් කිව්වා...ඒත් ඌ උගෙ යාලුවට නේද හුත්ති කිව්වෙ....එක්කො ජීවන්ත කියන්නෙ කෙල්ලෙක්ද????

නැත්තන් හුත්ති කියන් නෑනෙ....???

සිකුරුලියා....!!

ඇති යන්තන්...අරකව බේරගන්ඩ රමනි ආවා .....

ගුලිවෙලා උන්න මන් තවත් බෙල්ල දික් කෙරුවා....ජීවා ජීවා අවසානෙදි රමණී ගාලා දහවතාවක් විතර බෙරියන් දුන්නට පස්සෙ ගෑනු පරානයක් එලියට ආවා....ගෑනු කෙනෙක් කිව්වට නේවි එකෙ නැවක් සයිස් පත ගැනියෙක්....රමනි තාම නයිටිය පිටින්...ඒකත් අර පොලෙ තියන මේ පැත්තෙන් බැලුවොත් එහා සක්වලත් පේන තරම් සිනිදු රෝස පාට නයිටියක්.....නයිටියෙ පාලු යන්ඩද කොහෙද ඒකට උඩින් චීත්තයක් පටලවන්

සිකුරුලියා ඉදා ඉදා...මෙහාට වර...ඊයෙ ඉදන් මගුලෙ යනවා.....දුවපිය කනුවට....ලහිරුවා අපෙ එකා දැන් නැගිට්ටෙ ලැට් එකට ගියෙත් දැන් වර ගෙට....කොහෙද ඔය යන්නෙ.....සිකුරුලියා...වරකො.....දුහ් හුත්තිගෙ පුතා කනුවට.....මේකිත් එකයි මහ එකත් එකයි.....

යකො...මූ ලැට් ගියෙ දැන්ද....මෙතනම කීයද වෙලාව...ටික්කා කෑ ගහනවා පරක්කුවෙලා යනකොට...අයියො...අද නම් මිල්ටන් සර් එලෝනවා....මූට හැමදාම කියනව වේලාසන ඇදගන ඉදු කියලා.....ඇත්ත තමයි රමනි..අපෙ මිල්ටා කියපු එක හරි..ජීවා හැසිරෙන්නෙ මට නැත්තන් තොටත් එපා සංකල්පෙ....මූ වෙලා යනවා මදිවට මටත් වෙලා යනවා...ඒ අස්සෙන් පඩන් කරන් එන්න කියලා නෝට් වගේකුත් දුන්නා....අරකා පාඩන් කෙරුවද රමනි??

ඒකගෙ පාඩන් කෙරිල්ලයි මගෙ නිකන් ඉදිල්ලයි දෙකම එකයි...චානකයා රොටි පිච්චුව...කනවද...කාලා පල...

රොටි.....?රොටියි මොනාද.....

මාලු හොදි තියනවා...ජීවා...තෝ ඕකෙ බුදිද.....මේ චානා පන්ති යන්ඩ ඇවිත් තොට හැමදාම කියනවා වේලාසන බුදියපිය කියලා ඔබ ඔබ ඉන්නවා...ඕක කොයිවෙලෙ හරි මං මූදට විහික් කරනවා....ඇයි යකො....චානා ගිහින් කා...මං අරකිව බැදලා එන්නම්...ඇයි යකො...එලි උන වෙලේ ඉදන් නිදහසක් නෑනෙ....

අම්මෙ.....

මොකද බන්.....

තාත්තාගෙ තෙප්පම ගොඩෑරියා...

අර තේ බෝතෙලෙ වහලා ඇති අරන් යමන් මං එන්නම් මෙහෙම යන්ඩෑ වැල්ලට.....ජීවා....කන ඇහුනද උඹට.....මූ රෙන්ඩ ගිහිනුත් බුදි...එක්කො ඉස්කෝලෙ ගිහින් ඉගනගනියව් නැත්තන් මූදට පලයව්...මුන්‍ට කිසි උනන්දුවක් නෑනෙ.....

මැරෙන්ඩ එපා අනෙ..එනවා..එනවා..මං ලෑස්ති උනා.....චානා වරෙන්.....

පොඩ්ඩක් හිටු....රොටිය කටෙ...

මං නෙවෙ ඇහිපිල්ලමක් ගැහුවෙ....උන් ඕලෙවල් කරන උන්.....මෙච්චරවෙලාම ටොයිලට් එකේ ගගා උන්න කොල්ලත් ඒකගෙ බෑග් එක හද හද එලියට එනහැටිත් මෙච්චරවෙලාම හුවමාරු උන දෙබසුත් අහන් උන්න මට ඉබේටම හුස්මක් පිට උනා.....උන් පන්තියනවා....මං ..???එතකොට මං ...

මං තව ටිකෙන් මාලු ලෑල්ලට යන්න ඕන...සුදු අයියා එන්න කලියෙන් උයන්න ඕන.....පසනව බලාගන්න ඕන...මේ ගෙවල් දොරවල් අස් කරන්න ඕන...

මගෙ පපුව ආයම ගැස්සෙනව....දෙකට ඉරාගත්ත රොටියක් දෙන්නා බාගෙ බාගෙ කකා පන්ති යන කොල්ලො දෙන්නා දිහාව බලාගන උන්න මට ඉහ උඩ හෙනයක් පිපිරුවා වගෙ එකපාරම අම්මගෙ වචන මතක් උනා.....

අනිත් උන් පොත් පත් තුරුලු කරන් යනකොට අම්ම බඩක් උස්සන් ක්ලිනික් ගියා කියපු හැටි මතක් උන මගෙ පපුව පුදුමාකාර විදිහට ඇදුම් කන්න ගත්තා....

අමාකර...අමාකර....දැන් ඉතින් උඹ ඇඩුවයි කියල වැඩක් නෑ අමාකර...මොකො උඹව කවුරුත් බලෙන් එව්වද....නෑ .....උඹව සමුද්‍ර බලෙන් උස්සන් ආවද ඒත් නෑ...උඹම ඇවිදින් උඹම අඩනවා.....

බලපන් අමාකර...බලපන් .....පැය විසිහතරක් ගෙවුනද ....විසි හතර පැයක් ගෙවුනද ...නෑ....උඹම තෝරගත්ත පාරක ඇවිදින් උඹම කදුලු බොනවා....උඹට මේ මනුස්සයා ගාවට ලස්සනට එන්න තිබ්බා බන් ... උඹව නම්බු පිටින් අම්ම අප්පච්චි මේ මනුස්සයට දෙන්න ගියා බන් .....

මං මගෙ ඉහම මිරිකගත්ත....දෑතින්ම කොන්ඩෙ බැදගත්තා...එකම රොටිය දෙකට ඉරාගන කකා පන්ති යන කොල්ලො දෙන්නා දිහාව කදුලු පුරවන් බලාගන උන්න මන් තවම කරගැටයක් වත් නොදාපු අත් දෙක දිහාව බලාගන ඉදලා ඉදලා පපුව පුරවලම හුස්මක් ගත්තා....

කමක් නෑ.....උඹගෙ දුක තුනී වෙයි බන්....මොන දේ උනත් උඹට අප්පච්චි වගෙ පිරිමියෙක් හම්බ උනානෙ..... ඒ මිනිහා උඹට රිදවන්නෙ නෑනෙ.....අප්පච්චිම නොවුනත් ඒ ඇස් වලත් අප්පච්චිගෙම ආදර් තියනවනෙ උඹට දැන් ඉතින් අර පරන අමාකර වෙන්න බැරිවෙයි.....

ලාමක ,හැමදේම විහිලුවට ගන්න අමාකර වෙන්න බැරිවෙයි.....උඹට දැන් ඉස්සරට වඩා හුගක් දේවල් කරන්න වෙයි අමාකර.....කරන්න දෙයක් නෑ ....උඹමනෙ මේ පාර තොරගත්තෙ...දැන් ඉතින් ඔය කදුලු පිහදාගන ඒ මූන දිහා බලන් හිනා වෙයන්....උඹ දුකෙන් උන්නොත් තවත් හිතක් දුක් වෙනවා අමාකර...උඹගෙ වචන හින්දා උඹ එක්ක ආව ඒ මනුස්සයව රිදවන්න එපා අමාකර....උඹ හිනා වෙලා ඉදින්...

මෙච්චර වෙලාම හිතින් හිතපු දේවල් අවසානෙදි මං මටම ඇහෙන්න කටින් කියාගත්තා....හුගාක් ජාති හිතින් විතරක්ම හිතපු මන් අවසානෙදි ඒ හැම දේම කටින් විතරක්ම කියන්න ගත්තා....ඇස්වලින් කදුලු කැට කඩා වැටි වැටිත් යනකොට මං මටම අඩන්න එපා කිය කිය ඇඩුවා ...අවසානෙදි උන්න තැනින් නැගිට්ට මන් මගෙ දෑතින්ම හැම කදුලු කැටයක්ම පිහදාල දෙතුන් වතාවක්ම හිනා වෙන්න හැදුවා....

කිව්වට විස්වාස කරපන් හිනා වෙන ඇස් දෙකක් එක්ක ඉපදුන මට අද කවරදාටත් වඩා හිනා වෙන එක අමාරු උනා.....හිනාවක් පේනතෙක් මානෙක නැතිවෙද්දි බොරුවට හිනා වෙලා මගෙ මස් පිඬු පවා රිදෙන්න ගත්තා....අවසානෙදි පුදුමාකර අමාරුවකින් කදුලුත් හිරකරන් මං එන්න හැරුනා....

හැබැයි....,

එන්න හැරුනා විතරයි හැරුන මාව හිටි තැනම ගල් වෙලා ගියා...මාව ගල් ගැහුනා.....

පපුවට අත් දෙක බැදන් ටොයිලට් එකේ බිත්තියට හේත්තුවේගන මගෙ දිහාව ඇහිපිල්ලමක් වත් නොගහම මගෙ දිහාව බලාගන උන්න මගෙ සමුද්‍රව දැක්ක ගමන් මාව ගල් ගැහුනා.....

...ස්....සුදු....අයියෙ.....

මට ගොත ගැහුනා....මෙච්චරවෙලාම හිතින් කියවපු මං අවසානෙදි කටිනුත් කියවනකොට කිසිම ගොතයක් නැතිව කියවන් ගියපු මට එයාව දැක්කා විතරයි ගොත ගැහුනා...

තුරුල් වෙන්න ඕනද....??ඕන තරම් අඩන්න මේ පපුවෙයි උරහිසෙයි ඉඩ තියනවා අමාකර.....

මගෙ ඇස් කට නලියන්න ගත්තා...අමාරුවෙන් හිනාවක් මවාගන එන්න හැරුන මට එයාගෙ වචන තනිකරම අඩන්න ඉන්න ඇහැට ඇගිල්ලෙන් ඇන්න හා සමාන වෙද්දි පපුවට බැදන් උන්න අත් දෙකම දෙපැත්තට දික් කරගන තුරුල් වෙන්න ඕනද අහනවත් එක්කම කෙවි කෙවි තිබුන ඇස් වලින් කදුලු කැට පෝලිම කඩාගන වැටුනා විතරයි මන් එයා ගාවට දිව්වා දූවලා ගිහින් ඒ පපුවෙ එල්ලුනා...

ස්...සුදු අයියේ....

.....

මට ඉකි ගැහෙනවා...හිතේ දාහක් ජාති වචන තිබ්බත් මගෙ කටින් එලියට ආවෙ සුදු අයියෙ කියන එක විතරක්ම වෙද්දි මන් සුදු අයියෙ කිය කියම ඉකි ගැහුවා.....ඒ චුට්ටකින්ම අනෙ එයා අඩන පසනව වඩාගන නලවන්නා හා සමානව මාව වඩාගත්තා විතරයි මං ඒ බෙල්ල මගෙ දෑතින්ම බදාගන කකුල් දෙකත් ඒ ඉන වටේ තදකරගන මගෙ මූන ඒ උරහෙට තියලා තද කරගන හිතේ හැටියට ඇඩුවා....

ඉකි ගැහුවා.....ඒ උරිස්ස මගෙ කදුලින් කෙලවලින් හොටු වලින් දියබත් වෙලා යනකම්ම මං ඇඩුවා...ඒත් එයා නෙවෙ වචනයක් කිව්වෙ....එයා නෙවෙ දැන් ඇති ඕක නවත්තපන් කිව්වෙ....කරපු එකම දේ නන් අඩන මගෙ පිට දිගෙ අත ගගා උන්න් තැනම ඉදන් එහ මෙහා උන එක විතරක් වෙනකොට අඩල අඩල අවසානෙදි අඩන්න තව කදුලු හිග වේගන එද්දි මං ඇඩිල්ල නවත්තලා එහෙම්ම ඒ උරිස්ස උඩම ඇස් පියාගත්තා...

සුදු මැනික....

හු.....ම්ම්

අඩලා ඉවරද ම්ම්ම්ම්ම්...

.....හ්...හුම්ම්...

සුදු අයියට මූන බලන්ඩ ඕන.....රත්තරන්ව චුට්ටකට බස්සන්ඩද...

......

ම්ම්ම්ම්.....බස්සන්නද.....මට මූන බලන්ඩ ඕන.....

......

ම්න්....තව චුට්ටක් මෙහෙම්ම වඩාගන ඉන්නද එහෙනම්...

හුම්.....

මං නෙවෙ වචනයක් කිව්වෙ...මෙච්චරවෙලාම අඩපු හන්දදො....මගෙ ඇස්වලට තෙහෙට්ටුව අල්ලලා නිදිමතකුත් අල්ලගන එද්දි සුදු අයියා මාව බස්සවන්න අහනවා.....මගෙ මූන බලන්න ඕනයි කියනවා....ඒත් ඒකිසිම දේකට උත්තරයක් නොදුන්න මම කරපු එකම දේ නන් ඇස් පියාගන උන්න එක විතරක්ම වෙද්දි එයාම තව චුට්ටක් ඉන්න කියල මගෙ පිට කොන්ද දිගෙ හීන් සීරුවට අතගාන්න ගත්තා .ආයම නින්ද යාගන එන නොදරුවෙක් නලවන්නා හා සමානව මගෙ තට්ටමට තට්ටු කරන්න ගත්තා.....අවසානෙදි ඉදලා ඉදලා බැරිම තැන මන් මගෙ මූන කෙලින් කරන් එයා දිහාව බැලුවා.....මගෙ ඇස් දැක්කා විතරයි අනෙ එයාට මහ බරට හුස්මක් පිට උනා....මෙච්චරවෙලාම එල්ලීගන උන්න මමම ස්වකැමැත්තෙම්ම බ්මට බැස්සා....

අ...යියෙ....

මේ මූනම තඩිස්සි වෙලා අමාකර.....මේ ඇස්.....මූනකට ඔක්කොම තඩිස්සි වෙලා...

......ආය අඩන් නෑ අයියේ...

එයා මගෙ මූන අත ගානවා.....ඇස් අතගානවා.....අවසානෙදි ආය අඩන්නෙ නෑ කියලා පොරොන්දු දෙනවත් එක්කම මං බලාගන හයියම හයිය හිතක් මෙලෙක් වෙලා යනවා....

.අමාකර...දන්නවද.....උඹගෙ සමුද්‍රට ඕනම යකෙක් ගාව හැගීම් හන්ගන් ගහක් ගලක් වගෙ ඉන්න පුලුවන් .ඒත් මට උඹ ගාව බෑ අමාකර්...මේ ඇස් දකිනකොට රිදෙන්නෙ මට ...උඹ හොර හොරාවට හැන්ගි හැන්ගි අඩනකොට රිදෙන්නෙ මට....

.සීදේවි....උඹ ඉන්නෙ දුකෙන් නම්...භ්භ්භ්.....භ්භ්...

මන් ඉක්මන්ටම එයාගෙ කටට අත තිබ්බා .....වෙන මොකටවත් නෙවෙ....ඊලගට කියන්න යන වචනෙ එයාටත් කලින්ම දන්න මං ඉක්මනට ඒ කට වැහුවා ...

නෑ....මං සතුටින් ඉන්නෙ....දුක හිතෙනවා....අම්මවයි අප්පච්චිවයි මල්ලිවයි මතක් වෙනවා අයියෙ .....චුට්ටක් නෙවෙ ගොඩක් මං නෑ කියල කියන්නෙ නෑ...ඒත්.....ඒත් මං උඹගාව ඉන්නෙ සතුටින් අයියෙ...මං උඹට ගොඩක් ආදරෙයි සුදු අයියෙ....මං හුගක් ආදරෙයි අයියෙ.....

තත්පර ගානකට පස්සෙමන් ඒ කටම තද කරන් තිබුන මගෙ අත අහකට ගත්තා...මගෙ අතින් ඒ කට වහන් උන්නට මොකද එයාගෙ අත් තිබුනෙම මගෙ ඉග වටා එතිලා මාව ඒ පපුවට තුරුල් කරගන වෙනකොට මං එයා එක්ක ඉන්නෙ සතුටින් කියනවත් එක්කම එයා කට කොනින් වගෙ යන්තමට හිනා උනා...අවසානෙදි මගෙ ඔලුව අතගෑවා...

හ්ම්ම්ම්.....සතුටින් නම් ඉන්නෙ...මන් ඒ වචන පිලිගන්නම් .....ම්න් උඹට තව අවස්තාවක් දෙන්න ගියේ.....දෙන්නෙක් වෙන් වෙනව් කියන්නෙ කරපු ආදරෙ මැරෙනවා කියන් එක නෙවෙ...උඹ එනකන් මට කල්පයක් වගේම කාලාන්තයක් බලන් ඉන්න පුලුවන් අමාකර...මේ ආදරෙ හැමදාමත් එහෙමයි....ඒත් හැගීම් උනත් කල්පනින්න දෙන්න හොද නෑ කියන හන්දා මං මගෙ අමාකරගෙ වචන පිලිගන්නම්.....

අමාකර...දෙයක් කියන්නද.....සීදේවි...මගෙ වස්තුව දන්නවද....අපි අතින් වෙන පුංචිම පුංචි සිද්දියකට පුලුවන් අමාකර මුලු අනාගතේම වෙනස් කරන්න .....එක පුංචි සුදුවීමකට පුලුවන් අමාකාර හුගාක් දේවල් වෙනස් කරන්න...

උඹ මගෙ ගාව සතුටින් නම්...මන් ආය ආය අහන්නෙ නෑ....රත්තරන් ඒත් හැන්ගි හැන්ගි ඉකිගහන්ඩ එපා බන් ..පපුව ගිනිගන්නවා...අඩවන්න රිදවන්න එක්ක ආවෙ නෑ උඹව....උඹගෙ සතුට තියෙන්නෙ මගෙ ගාව කියලා පුන පුනාම කියලා මෙහෙම් හැන්ගි හැන්ගි ඉකිගහනකොට මට රිදෙනවා අමාකර....

ම්...මට සමාවෙන්න....ම්..මට සමාවෙයන්....අ...අයියෙ....අනෙ මං උඹට රිදවන්න ...හ්...හිතුවෙ නෑ අයියෙ....

මං එයාගෙන් සමාව ගත්තා..හැන්ගි හැන්ගි ඉකිගහනකොට එයාටයි වේදනාව කියනවා එක්කම මං එයාගෙ මූනම අත් දෙකෙන් අල්ලගන සමාව ඉල්ලුවා...

ම්න්.....සීදේවී....උයන්න දන්නෙ නැත්තන් කමක් නෑ...ගෙදර වැඩ කරන්න දන්නෙ නැත්තන් ඒත් කමක් නෑ...

මං...මං ඉගනගන්නම් අයියෙ...මං දන්නෙ නැති දේවල් ඉගන ගන්නම්....මට පුලුවන් අයියෙ...

.........දවස කවදා උනත්....උඹ බත් එකෙන් කැද හරි හදලා දුන්නත් මං කන්නම් ආමාකර..... කැද හදලා හදලා දවසක උඹ බතක් හරියට උයාවිනෙ...ඒ දවස වෙනකන් මං වචනෙකින් වත් උඹට රිදවන්නෙ නැතුව ඉන්නම්....වෙන මොකටවත් නෙවෙ රත්තරන් බෙරි බත කෑවයි කියලා මිනිස්සු මැරෙන් නෑ...හැබැයි බෙරිබතක් හන්දා පිටවෙන වචනවලට මිනිස්සුන්ව මරන්ඩ පුලුවන් ..මං මොනවත් කියන් නෑ.....

මා එක්ක ආවා කියලා....උඹ උදෙම්ම නැගිටින්න ඕන නෑ.....හිතුනොත් මට නැගිටින්නවත් තේ එකක් වක්කරන්නවත් බැහැයි කියලා...කමක් නෑ.....හිතුනොත් අද උයන්න බැ කියල ඒත් කමක් නැ...මං උඹගෙ නිදහස මරන්නෙ නෑ අමාකර....

මං ඒ ඇස් දිහා බලාගන උන්නා...මෙච්චරවෙලාම අඩ අඩ දුක කියපු මට මේ වචනත් එක්ක අර තිබ්බ දුක හීන් සීරුවට වාශ්ප වෙලා යන හැටි මටම තේරෙනකොට මං අර දැල්වලට වගේම අයිස් ඇදලා ඇදලා ගොරෝසු උන අත් දෙකම අල්ලගත්ත මං වචනයක් නොකියම ඒ අල්ල ඉඹගත්තා.....

වෙන මොනවටවත්ම නෙවෙ...සමුද්‍රගෙන් මං අඩුවක් නැතුවම මගෙ අප්පච්චිගෙ ආදරෙ දැකපු හන්දා...

මං හුගක් ආදරෙයි සුදු අයියෙ....

සුදු චූටි විතරද ආදරෙ .....ම්ම්ම්....එතකොට මේ රන් කදට සුදුඅයියා ආදරේ නැද්ද.....සුදු අයියා මේ වස්වතුවට ආදරෙ නැද්ද ...මොනර පැටියා සමුද්‍රගෙ....මේ ඇස්වලට රිදවන්න එපා අමාකර....මටයි රිදෙන්නෙ බන්....

ආය අඩන් නෑ අයියෙ....

ම්න්....ඉඹගන්නද එහෙනම් රත්තරන්ව.....චුට්‍ටක් විතර ඉදිමිලා.....මේක....උඹ හන්දද .....නැත්තන්. ....සුදු අයිය හන්දා ඉදිමුන එකක්ද?රෝස පාට චූටි කට මගෙ .....ඉඹින්න ඕන අමාකර.....

මෙච්චරවෙලාම මට හුස්ම හිර උනේ අඩලා....

මෙච්චරවෙලාම මට වචන නැති උනේ අඩලා....ඒත්...හැම හැගීමක්ම මිලි තත්පරයක් ඇතුලත කන්පිට ගැහුව වේගෙ මටම හිතාගන්න බැරිවෙද්දි ඒඅත් අස්සෙ හිරවෙලා උන්න මාව මටත් නොදැනෙන්නම පාට හුනු කූරු වලින් බලි කුරුටු ඇදලා ඇදලා කැටපත් පවුරක් කරලා තිබුන ටොයිලට් එකෙ බිත්තියට හේත්තු වෙලා යනවත් එක්කම සමුද්‍රගෙ එක අතක් මගෙ ඉහට උඩින් වගේම අනිත් අත මගෙ නිකටට යටින් නවතිනකොට මං පුලුවාන් තරන් මගෙ කකුලෙ ඇගිලි දහයෙන් මහපොලවෙ වැල්ල මිරිකගත්තා...

නික....න්...ඉන්න අනෙ.....ම්හුක්.....යෝ....සුජු චූචියට ලැජ්ජ හිතීගන එන්නෙ...

..ඇත්තට....මගෙ වස්තුව උඹ....රිදෙනවද හුගක්....

අ...අනෙ ..අයියෙ....

ම්න්...සුදු අයියා රිද්දෙව්වද වස්තුවව ගොඩක්...

මට නිකන් ආයම දිවන්ගත හැගීම් දැනෙනවා වගේ ...මෙච්චරවෙලාම අදරෙන් කතා කරපු නිල් ඇස් යන්තමට වගෙ අඩවන් වේගන එනව මදිවට අර පැතලි කම්මුල් එකට තද වෙලා යන්තමට වගෙ දත් කූරු එකට එක පූට්ටු වෙන සද්දෙ ඇහෙනවත් එක්කම උනුසුම්ම උනුසුම් හුස්මක් ඇවිදින් මගෙ මූනම වහගත්තෙ බෙල්ල පාමුලත් උනුහුම් කරගන වෙද්දි එක් තත්පරේකින් මට මගෙ යටි බඩේ සමනල්ලු පියාඹන්න හදන හැහීම් ආය ආයම දැනෙන්න ගත්තා ...

.එයා මගෙන් රිදෙනවද අහනවා...සුදු අයියා රිදෙව්වද අහනවා....අහන්නෙ වේදනාව උනත් ඒ වචන මට ඇහුනෙම ලැජ්ජාවක් වගේම ආය ආයමත් ඒ වේදනාත්මක හැගීම් විදින්න ඇතිනම් කියන ආසාවත් හන්ගනන වෙනකොට මං බිම බලාගත්තා....

ඒ ඇස් මගාරින්න හැදුවා....

ඇයි මේ ම්ම්ම්ම්....සමුද්‍රගෙ පනට ලැජ්ජද....

ල්....ලැජ්ජයිනෙ.....අයියෙ....

ඇහුවෙ රිදෙව්වද කියලනෙ.....මගෙ සිහත්....

සුදු අයියෙ...

ඇස් දිහා බලන්න බැරිද....මට ඇස් දිහා බලන්න ඕන...මට උඹගෙ ඇස් දිහා මගෙ අඩවන් ඌන ඇස් වලින් බලාගන ඉන්න ඕන සිහත්.....

මං දන්නවා....මේ රෝස පාට තොල්පට ඉදිමෙන්න හේතුව මං කියන්න......මං නිකන් එක රැයින් ට්‍රැක් පැනපු උන්මන්තකයෙක් ගානට වැටුනා සිහත්....මං උඹ හින්දා උමතුවෙන් කිව්වොත් වස්තුවට....මගෙ වස්තුවට පුලුවන්ද පිලිගන්න...ම්ම්ම්....

අනෙ දෙයියනෙ මට නිකන් හිටගන ඉන්නත් පන නෑ වගේ....එයා මුමුනවා...කියවන වචන වලින් මට ඇහෙන්නෙත් හරි අඩයි වෙනකොට එයා මගෙ තඩිස්සි වෙලා තිබුන යටි තොල උඩ අර රළු මහපට ඇගිල්ල එහා මෙහා ගෙනියන ගමං උත්තර ඉල්ලනකොට මං හරි අමාරුවෙන් හූමිටි තියාගත්තා...

හ්....හ්ම්ම්....

ආදරෙයි...උඹ ඇවිදින් සමුද්‍රගෙ අම්බරේ සිහත්....උඹ මගෙ චූටි මැනික....රිදවන්නෙ නැහැයි කියල පොරොන්දු දුන්නොත්....මට තව පාරක් උඹව ඉඹින්න දෙනවද වස්තුව.....මගෙ ආදරෙ වැව් බැමි පහු කරන් වැව් වතුර ගොඩ ගලන්නා වගේ උඹ වෙනුවෙන් පපු බිත්ති පහු කරන් වාන් දානවා මගෙ සිහත්.....

චූටි මැනික.....සුදු අයියා ඉඹින්නද?

උත්තර කෝ....???මං කොහෙ කියලා නම් උත්තර දෙන්නද ....හදවතට ගැහෙන එක පවා ගැහෙන්න අමතක වෙලා යන තරමට එයාගෙ ආදර වචන බර වෙනකොට මං ඇස් පිල්ලමක් ගහලා උත්තරයක් දෙනවත් එක්කම එයා මගෙ මූනට පහත් උනා.....ඒ එක්කම මගෙ ඇස් පිය උනා....

තාත්තේහ්....පප්පෙ..... ....කැතයො....කැත තාත්තෙ ඔහෙ කොහෙද ....මේ පසනා හොයනෝ.......

තාත්තේහ්...පප්පා තාත්තේ....කැත තාත්තෙ...

ඉ ..ඉද්ද...කින්...අන්න උඹගෙ පුතා කෑ ගහනවා....තාත්තේලු...කිරි ඉල්ලලද කොහෙද අඩන්නෙ...ඇයි යකො...වැඩක් කරගන්න දෙන්නෙම නෑනෙ...කැත තාත්තෙලු...අනෙ ඒයි ඇත්තමයි මන් ඕකගෙ කට අතුල්ලනව බිම.....කැත කොහෙද.....මට කැත තැනක් නෑ...මූ හැදෙන්නෙම උඹ විදිහට....ජොකා ගැලෙව්වොත් ගලවපු තැන....මහ එකාගෙ ජඩ ගති කොපිපේස්ට් කරලා......

මාව පුපුරන්න ගත්තා...එක තත්පරයයි ....ආදර හැගීමුයි සාමකාමි හැගීමුයි....සෘංගාර හැගීමුයි...එකි මෙකි නොකි ඔක්කොම දෙවනි වතාවටත් සුන්නත්දූලි කරන් නියන් කාක්කා කෑ ගහන්නා වගෙ දරු පැටියා ගිරියෙම්ම තාත්තෙ තාත්තෙ ගගා නහින්න හදනකොට මං සමුද්‍රගෙ කට ඇතුලෙ තිබුන මගෙ යටි තොල උදුරගන ඒකවත් තල්ලු කරලා දාලා අලුගොඩෙ ලැගන් ඉදලා කිකිලි පුක ගසන කිකිලියෙක් වගේ ගස ගස මැරෙන්ඩ හැදුවා....

මගෙ විතරද ළමයා...කිරි ඉල්ලනවා නම් දෙන එකයි තියෙන්නෙ....තාත්තට නම් රෑ එලිවෙනකන් හම්බුනානෙ...දැන් පුතාගෙ වාරෙ...

අනෙ මේ ඒයි....මගෙන් වදුරු කුනුහර්ප නාහ ඉන්නවද ....???මූටත් තාත්තෙ ගගා නහින්ඩ ඕනම මේ වගේ වෙලාවටමනෙ.....

තාත්තේ...පසනට බඩගිනි අප්පා...

අන්න බඩගිනිලු...

ඉතින්....

ඉතින් කියන්නෙ...අම්මා නෙවෙද තාත්තටයි පුතාටයි බෙදල දෙන්නෙ ම්ම්....?

මගෙ මුන තනිකරම මුඩුම කාරල්ලෙක් වගේ....හාච්චිය මිස් උන තරහට පුපුර පුපුර උන්න මාව හැන්දා තවත් විහිලුවකට අරන් තියනකොට මං ඒ මූන දිහා අර කලුපාට පූසා වගේබලාගන ඉදලා ඉදලා ගස්සන් එන්න ආව...

අද රෑට ජවුසන් කෙලිලි නෑ සමුද්‍ර..... ඔලුවෙ ඉදන් පොරවන් නිදාගනින්....

.....??පිස්සු...වට්ටක්කා කිලෝ එකක් ගෙනාවම ඇතිද සීදේවි....

ඇයි මලබතක් දෙනවා කියලා හිතුවද වට්ටක්කා කිලෝ එකක් ගේන්නෙ....තුන්දෙනයි කන්ඩ ඉන්නෙ...පුදුම මිනිහෙක් ඔහොම වියදම් කෙරුවොත් හොදට ඉදි...හත්සිය පනහක් විතර තිබ්බම ඇති තුන්දෙනාට....

ම්න්...එකාට දෙසිය පනහා ගානෙද ???

තාත්තේ....හ්.....

ඇයි යකො ...ඇයි මේ එනවා.....කොයි වෙලෙත් තාත්තේ ගානවා....උඹට කිරි ඕනවෙලාද ලමයො එහෙමවත් උඹගෙන් අහන්න...එයි මේ කොල්ලගෙ අත් දෙක හෝදවන් එනවා...අතක් හෝදන්නෙ නෑ...මහ එකාටත් එක්ක මං මේ කියන්නෙ.....ඔහෙ ඉදගන්නවා...ඔහෙ ගිලිනවා....මේ අනික.....ඒයි....මේහ්....ඇහුනද ....

ම්න්....

බිම වැටීගන ඇතිලිවල ගිලින්ඩ ලෑස්ති වෙන්ඩ හදන්ඩ එපා තේරුනාද...මං නුවර වලව් කාරයෙක්....ඔයා දන්නවනෙ ....වලව්කාරයො කවදාවත් බිම වැටීගන ගිලින් නෑ තේරුනාද ....ඔය කොහෙද බලන්නෙ...කන ඇහුනද ඔහෙට.....

ලැජ්ජහෙ බැ.....බිම වැටීගන කන්ඩ මෙතන කූතාඩි රැලක් ඉන්නවද .....මං වලව් කාරයෙක්...එතකොට මං දීග ආව මනුස්සයයි ලමයයි වලව් කාරයො...

මං මැරෙන්ඩ හැදුවා...අර අඩපු ඇඩිලි අහවරයි.....හූල්ලපු හීල්ලීම් අහවරයි...මේව වචන විතරයි.....ඒ වේදනාවන් සුව වෙන්න කාලෙට බාරෙදෙනවා මිසක් තව දුරටත් එකම වේදනාවක එල්ලීගන ඉදලා ඒ හිත් රිදවන්න බැරිකමට මං පුරුදු විදිහටම අර පිස්සු අමාකර වෙනගමන් මගෙ වලව් වන්නම නටන්න ගත්තා ..මන් බලාගන තාත්තයි පුතයි දෙන්නම කටත් ඇරන් මගෙ දිහාව බලාගන ඉන්නවා....

මන් බැනගම ඉන්නවා.....මගෙ බැනුම අහන් ඉන්න අපෙ මනුස්සයා වට පිට බලනවා.....කාක්කෙක් වගෙ කට ඇරගන උන්න දරු පැටියා උගෙ ඉහම අත් දෙකෙන් කසාගන කසාගන ගිහින් කටත් නිකන් පුලුන් කාරල්ලෙක් කරගන අපෙ මනුස්සයගෙ සරමෙන් ඇද්දා...

මූ හදන්නෙ මගෙ මිනිහගෙ සරම කඩන්ඩ

තාත්තෙ .....

ම්න්....

කූතාඩි කියන්නෙ මොකාද ඔහෙ දන්නවද.....තක්කලි ජාතියක්ත තාත්තේ ඈ....ඔහෙ දන්නවද....??

මං කියපු එකක් නෙවෙනෙ පසනා .....ඔය අම්මගෙන් අහගනින්.....

අ...අම්මා....???මොකක්...මං අම්මද....මම අම්මද.....?

ම්න්.....ඕඅයිසි කාරයගෙ ගෑනිගෙ කට කොපි පේස්ට් කරල උඹට...පසනා වරෙන් අත හෝදන්ඩ උඹලගෙ අම්මගෙ කට එක්ක ඉහගහන්ඩ බෑ.....

අම්මෙ....මොකාද කූතාඩි කියන්නෙ.....

උඹට පැහුන කතා වලින් වැඩක් නෑ ලමයො.....ගිහින් අත හෝදන් වරෙන්....

තාත්තෙ.....ඔහෙට ඇහුනයි...අපෙ මහ එකීට කැත අම්මට දන්නෙ නෑලු....මට වලව් කාරයෙක් නම් වෙන්ඩ බෑ තාත්තෙ...ඔහෙට ඇහුනයි පප්පෙ....පසනට වලව් ලබ්බෙක් වෙන්ඩ බෑනෙ.....මගෙ ටිකිරියත් ආස නෑලුනෙ.....පසනත් ආස නෑ...

ම්න්.....වලව් කාරයෙක් වෙන්ඩ ඕන නෑ...කෝ අල්ලපන් අත් දෙක...අරක ආය මැරෙන්ඩ හැදුවොත් තාත්තගෙ ඉහ පුපුරයි....

මට අම්ම පට්ටම දුන්න තාත්තයි පුතයි මොන මොනවදෝ මුමුන ටැප් එක ගාවට යනකොට මං එහෙම්ම කුසියට ආවා.....

අනෙ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.....කුස්සි පොඩ්ඩෙන් එකයි සුවද.....

මෙච්චරවෙලාම අඩපු මට බඩගින්නක් දැනුනා....බිම වැටිගන කන්ඩ බෑ ගගා නැහුනට මොකද කුසිය හරියෙ මේසයක් තිබුන් නැති වෙද්දි මං ඔලුව කස කස බලාගන උන්නා...එයා පානුත් ගෙනල්ලා.....කොයිවෙලාවෙද පාන් ගෙනාවෙ.....??? පත්තර පිටු බාගෙකින් ඔතලා තිබුන තැටි පාන් රාත්තල් දෙක ඇබිත්තකට නැ.....

අපෙ අප්පච්චි කියනවා එයාලා කාපු තැටි පාන් වලින් ගහල මරන්න පුලුවන් තරම් ලොකුයි කියලා....අප්පච්චිගෙ අප්පච්චිගෙ ....මගෙ අනිත් සීයත්තලා සත ගානටත් පාන් කෑවලු....අපෙ අප්පච්චිත් කදු හෙල් මහ මුහුදු දෙබෑකරන් ඉස්කෝල ගිය කාලෙ පාන් කෑවෙ රුපියල් දෙකටලු...

මගෙ අම්මෙ....අපෙ තේජක බොසා ඉගනගන්ඩ පුදුමා...කාර දුකක් නෙ විදලා තියෙනෙ....නිකන්ද ලාම්පු අවුලන් කදු හෙල් තරනෙ කරනවා කියන්නෙ....අප්පයක් දෙකට කඩාගන කාලා සීනි ඇට දෙක තුනක් අතට අරන් කහට බිව්වලු....

ඒක නම් පොඩ්ඩක් අර අපිටත් දවසක ඉරපායාදො එකෙ කතාවට සමානයිද මන්දා.....අමොර්...අමොර්...තේජක උතුමානො සිරියාවතිගෙන් ඉන්ස්පයර් වෙලාද කොහෙද....

තත්පර දෙක තුනක් අප්පච්චි ගැන කල්පනා කරලා

පිගන් රාක්කෙන් පිගන් තුනක් ගත්ත මන් බත් මුට්ටිය ඇරියා...

සුවදයි....

මැටි නෑඹිලිය අරිනවත් එක්කම බතෙන් ආව සුවද මගෙ නාස් කුහර හරහා යනවත් එක්කම ඇට වෙන් වෙන්න ඉදිලා තිබුන රම්පා කොලෙත් එක්කම මං මුට්ටියෙ මැදින් නැතුව පැත්තකින් බත් හැන්දක් ගත්තා.....

අත හෝදන්ඩ ගියපු තාත්තයි පුතයි තාමනෑ.....

මගෙ යටි හිත මුනු මුනු ගානවා....

වැල්ලෙන් එන කෑ කෝ සද්දෙත් ඉස්සරහ පාරෙන් එන වාහන වල සද්දෙත් අහගනම මං පිගන් තුනටම බත් බෙදුවා.....වැඩිම එක සමුද්‍රට .....

පසනා මෙච්චර කයිද මන්දා...නොකා නම් ඉන්නෙ නැ...ඕකගෙ ඇග හැදෙන්ඩ නම් හොදට කන්ඩ දෙන්න ඕන.....

පසනගෙ පිගානට තවත් බත් හැදි බාගයක් දාපු මං බත් මුට්ටිය වහලා දැම්මා....

කාක්කො මැරෙන්ඩ හදනවා ..බල්ලො බල්ලො කාගන්නවා අහවරක් නෑ...ඒ ඔක්කොම එක්ක පලාතම දෙදරලා යන්ඩ තරම් සද්දෙන් අල්ලපු ගෙදරින් සින්දුවක් ඇහෙන්ඩ ගත්තා....යකො බපල් දෙක එලියෙ තියලද මන්දා සද්දෙ...

රමනිලාගෙ ගෙදරින්....

මෙහෙම සද්දෙ ආවොත් නම් දරු පැටියෙක් පොතක් පතක් අල්ලන්නෙ කොහොමද...රමනි අක්කට කියන්ඩ ඕන දාන මගුලක් තමන්ට විතරක් ඇහෙන්ඩ දාගන්ඩ කියලා.....ලමයට පොතක් පතක් අල්ලන්ඩ විදිහක් නෑ කියලා.....

කමක් නෑ...අහන් ඉන්ඩ පුලුවන් සිදුවක් දැම්මනෙ අර ටින් බෙලෙක්ක් සක්ක බක්ක නොදා.....

හිත පුරා....මල්...පිපෙන වසන්තය....ම්ම්ම්...ම්ම්.....

හිත පුරා.....මල් පිපෙන වසන්තය ඇවිදින්...

හිස පුරා මල් හලන

වසන්තය ඇවිදින්.....

රන් ඕවිල්ලක පා වේ...

රන් ඕවිල්ලක පා වේ.....

චමත්කාර යෞවනයෙ...

රමනි අක්කලගේන් ඇහෙන සින්දු සද්දෙත් අහගනම සින්දුවත් අතරින් පතර මුමුන මුමුනම මම අර තැටි පාන් රාත්තල් දෙකෙ කබල ගහන්ඩ ගත්තා...ඒ චුට්ටකින්ම මන් අහගන එකා යකා කියලා උන්න දරු පැටියා මැරෙන්ඩ හදනවා....

අම්මෙහ්.....කැතයො...ඔහෙ කොහෙද......මෙ අපෙ තාත්තා ඔහෙව එක්ක එන්ඩ කිව්වා....අම්මෙ.....මැරිලද මන්දා...අම්මෙ.....

මොකද බන් කෑගහන්නෙ..මොකද....??අම්මෙ හුම්මෙ ගානවා ඉවරයක් නෑ....ඇයි....කෝ උඹලගෙ තාත්තා....අත හෝදන් එන්ඩ නේ බන් කිව්වෙ....??අත හෝදන් එන්ඩ කිව්වම අප්පලා පුතාලා මොන මගුලෙද ගියෙ.....තොපි කන්නෙ බොන්නෙ නැද්ද...කන්ඩ බෙදුව වෙලේ ඉදන් මුන්ට කටෙ කෙල හිදෙනකන් අඩගහන්ඩ ඕනා...ඇල් උනාම කන්නෙ නැ.....

අම්මෙ....

ඇයි යකො....සැරයක් ඇයි ඇහුවම ඇයි කියපන්කො...

.අපෝ.....ඔහෙගෙ කරච්චලෙ.....අනෙ තාත්තෙ මට මේ අම්මා එපා වෙන අම්මෙක් ගෙනත් දියල්ලකො....

ආ...ආ...පසනා...පසනා...මේ පේනවනෙ අම්මගෙ අතෙ තියෙන්නෙ මොකක්ද කියලා....

පිහිය.....ඉතින්

කට කපනවා උඹගෙ ...කෝ දැන් මහ එකා....

අර ඉන්නෙ...

අර ඉන්නෙ කියන්නෙ....අඩගහපන් කන්නෙ නැද්ද.....පසනා කාලා බීලා එන්ඩ ඕන උඹට චක්කරෙ පාඩම් කරවන්ඩ තියනවා...

අනෙමේහ්.....ඔහෙට මොන්ගල්‍ය....අද සෙනසුරාදා....පසනා සෙනසුරාදා ඔව්වා කරන් නෑ....

ආබොල...සෙනසුරාදා කියලා නොකා නොබී ඉන්නවද.....??තාම තුන්වරක් චක්කරෙ බැ....තාත්තා පස්සෙ දුව දුව උන්නම හරියනවනෙ....ගුටි මිටි මිටි කන්නෙ නැතුව කාලා වර පැයක් වත් උගන්නඩ....

මං කිව්වෙ..මං කිව්වේ....ඔහෙව එපා අප්පා...ඔහෙගෙ වැඩේම පසනට උගන්නඩ යන එක....මං තාත්තට කියනො වෙන කැත අම්මෙක් හොයාගන්ඩ කියලා....

පාන් රාත්තලෙ කබල ගැහිල්ල පැත්තකින් තියාපු මං පිහියත් අත තියාගනම ඉනට අත් දෙක තියාගත්තා.....පුකත් පස්සට දාන් පපුවත් ඉස්සරහට දාන් උන්න මං තනිකරම හොට දිග සාවාලයෙක් ගානයි වෙද්දි මට දැනුනා මගෙ මොනරපෙද නලියනවා....

සන්තා.....නම්...මෑනියනෙ.....ආ පසනා.....උඹට ලැජ්ජා නැද්ද පවුල් කඩන්ඩ යන්නෙ...උඹ පුදුම දරුවෙක්නෙ....උඹට ඉගන ගන්ඩ කියන්නෙ මට කටකහනවටද....??

කව්ද දන්නෙ කහනවද කියලා...ඔහෙ එනෝද නැද්ද අප්පා.....අපෙ තාත්තා ඔහෙ එනකන් බලන් ඉන්නවා....

කොහෙ මගුලෙද උඹලගෙ තාත්තා.....කරන්ඩ කියන දේ නෙමේ දෙයියනෙ මේ අප්පයි පුතයි කරන්නෙ...කොහෙද දැන්

ආන් අරහෙ....

ආන් අරහෙ කියන්නෙ මං දන්නවද...

අයො...යෝහ්...එපා වෙනො....මගුල..අරහෙ කියන්නෙ අරහෙ...

පසනා නටනවා...මූට මගෙ ප්‍රශ්න වලට උත්තර බැදලම යකා ආවේස වෙලා තිබුනා....අරහෙ කියන්නෙ අරහෙ කියපු ඒකා උගෙ තරහටමද කොහෙද ඉස්සෙක් වගෙ කුස්සිය පුරාවටම එහා මෙහා පැනපැන අඩි ගැහුවා....අයියො එපා වෙනවා කියන ගමන් කොන්ඩෙ ඇදගත්තා....ඔක්කොටම හපන් මගෙ ටිශර්ට් එකක් ඇදන් උන්න පසනා තනිකරම කැලනි හිගන්නෙක් වගේ පේද්දි මං ඒකව ලගට ඇදල ගත්තා.....ඒකවත් පරඩැල වගෙ මගෙ ගාවට ඇදිලා ආවා...

ඇයි....අ...ප්පා...ඇයි...

වරෙන් මෙහාට කිව්වම....හිගන්නෙක් වගේ....උඹලගෙ තාත්තා වස්තරයක් ගෙනල්ලා නෑ.....ඉදින් මේකට පැත්තෙන් ගැටයක් දාන්න.....

මහ මගුලක් අප්පා.....පසනට සෙල්ලම් කරන්ඩ යන්ඩ වෙලා යනෝ...මගෙ ටිකිරියත් නැ.....පසනට එපාවෙලා ඉන්නෙ....ඔහෙට බෑද අප්පා අපෙ ටිකිරියට කෝලක් ගහන්ඩ....ඔහෙ සුදුගෙ නොම්බරෙ දන්නවනෙ.....

කොහෙ සෙල්ලම් කරන්ඩද ...යන මගුලක කාලා යමන්....නටන්ඩ විතරයි ඇගක් පතක් කියන නාමයක් නෑ...පේනවනෙ...පීරපු කොන්ඩෙ හැටි බලපන්....

පසනාගෙ පොඩි කමට ඌ කියවන් ඉන්නවා.....මගෙ සමනල්ව මතක් කරන්වා.....අම්මට කෝල් එකක් අරන් බපන්නලු...අනෙ පසනො මං කොහොමද බන් කියන්නෙ ඊයෙ ඉදන් මගෙ ඵෝන් එක පාළුවට ගිහින් කියලා...උඹට මං කොහොමද කියන්නෙ සමනල්ව් මටත් ඕනයි කියලා....

ආයමත් පපුව හරහම හිරියක් වැටීගන යනවත් එක්කම බැන බැන් උන්න මං පසනගෙ අවුල් උන කොන්ඩෙ මගෙ අතින් හදලා උගෙ කම්මුල් දෙකම අතින් පිහ දැම්මා.....කොටින්ම මගෙ ගාව ඉදන් සමනල් ගැන කියවන පසනව හරව හරව මං උගෙ අඩු පාඩු වැහුවා...දනිස් වල වැලි පිහදැම්ම....බැරිම තැන් මං සමනල්ව ඉඹින්නා වගේ පසනගෙ කම්මුල් දෙකම ඉඹගත්තා...

කැත අම්මෙ...

හ්ම්....

ඔහෙ ඇයි මූන පුක කරන් ඉන්නෙ.....ඔහෙට මොනා හරි වෙලාද.....

නෑ....

ඔහෙ ඇයි දැන් පසනට බයින එක නැවැත්තුවෙ....?අනික ඔහෙ ඇයි දැන් පසනට උම්මා දෙකක් දුන්නෙ...අපෙ තාත්තා පසනව එව්වෙ ඔහෙට වද දෙන්ඩ එපාය කියලනෙ ....ඔහෙට බඩෙ අමාරුවක් වත් තියෙනෝද.....??පසනට වගෙ කක්කා යන්නෙ නැද්ද ...අපෙ තාත්තට කියලා ගස්ලබ්බක් ගෙනල්ලා දෙන්ඩද ..පසනටත් ඒක බිව්වම හරියනෝනෙ....

එහෙම නෑ...පසන්...

එහෙනම්...කොහොමද...ඔහෙ පසනට බොරු කරනෝ නේ....පසනා දන්නවා හරිය ..අපෙ පප්පා තාත්තත් මුන පුක කරගත්තම් පසනා දන්නෝනෙ...

ඇයි...තාත්තත් මෙහෙම ඉදලා තියනවද පසන්...

මං පසනා ගාවින් දන ඔබාගත්තා...ඒකා පොඩි කමට නොතේරුම් කමට ඒකට තේරෙන විදිහට මගෙ හදිසි විපරියාසෙට දාහක් හේතු අහනකොට මං පසනා ගාවින් දන ඔබාගන ඒකගෙ කෙසගඇග වටේ අත් දෙක යැව්වා...

හුම්ම්ම්....උන්නා නේන්නම්....ඔහෙට මතකද අර අරක්කුවව....

අරක්කුවව...මිනාල්ද.....

ඔව්...ඔව්...ඌ අපෙ පප්පට බැන්නනෙ ..ඔහෙත් අපෙ පප්පා එක්ක තරාවෙලා උන්නනෙ.....එදා තාත්තත් උන්නෙ මෙහෙම.....

පස....න්

ඔහෙට අපෙ තාත්තා බැන්නද කැතයො...

නැ...පසන්...

ඒනම්.....ඔහෙ අඩන්ඩ යන්නෙ ඇයි ..ඔහෙගෙ කොන්ද රිදෙනෝද....නැත්තන් ඔලුව...රිදෙනොනන් කියන්ඩ හරිය....පසනට ඇහැක් අතගාන්ඩ....අපෙ පප්පගෙත් ඔලුව පැලෙන්ඩ කැක්කුම ආවම පසනනෙ අතගාන්නෙ...පසනා තාත්තට හුගක් ආදරේනෙ....අපෙ තාත්තට කොන්දෙ කැක්කුමත් එනෝනෙ අයිස් ඇදලා.....පසනා තමා තාත්තට බාම් ගාන්නෙ....පසනා තාත්තට ආදරෙයිනෙ...ඔහෙටත් රිදෙනෝනම් කියන්ඩ හරිය.....පසනා ඔහෙටත් ආදරෙයිනෙ...

තාත්තා කිව්වනෙ ඔහෙට අම්මා කියන්ඩ කියලා .....පසනා ඔහෙට කැතයා කිව්වට ආදරෙයි හරිය...අවුලක් නම් කියන්ඩ පසනා ගහගන්ඩත් දන්නො...අපෙ ලොකු පප්පා පසනට ගහගන්ඩ ඉගැන්නුවා.....ඌට නම් වෙලාවකට පිස්සු අඩෙ...පසනට පුලුවන්ද ලොකු උන්ට ගහන්ඩ...

දරන්ඩම බැරි තැන මං බිම බලාගත්තා...පසනා කියවන් යන වේගෙට වඩා වෙගෙන් මට රිදෙන්න ගත්තා....

පසන්.....

හුම්...

මං පසන්ව තුරුල් කරගන්නද.....

ඔහෙට ඇහැක්ද...මන්දා ඔහෙගෙ කැමැත්ත....අපෙ ටිකිරියා තරා වෙයිද ....ටිකිරියා හිතුවොත් මන්දැන් ඔහෙ එක්ක යාලුයි කියලා...පව්නෙ ටිකිරියට යාලුවෙක් නැතිව යනවනෙ....

නෑ මං කියන්නෙ නෑ...

හ්ම්...හ්ම්...ඔහෙගෙ කැමැත්ත අප්පා...බදාගන්ඩකො.....ඔහෙත් මට ආදරෙයිද ඈ...

හ්ම්.....හුගක්...පසනට කැත තාත්තා හුගක් ආදරෙයි...

ඔහෙ කැත අම්මද...කැත තාත්තද හරියට එකක් කියනො අප්පා.....

ඕන එකක්....මොකා උනත් මං පසන්ටත් හුගක් ආදරෙයි....

පසනත් ලව් යූ හරිය

*

*

*

කොහෙද ලමයො මේ යන්නෙ.....මුන්ගෙ ගෙදර බල්ලෙක් ඉන්නවා පසනා....උඹලගෙ තාත්තත් මොන මගුලෙ යනවද මන්දා...පසන් ඔහොම ඉදින් උඹව වඩාගන්ඩ අර බල්ලා ඇගට පැන්නොත් උඹව දෙකට ඉරයි....

නෑ ඒකිව ගැටගහලා...ඔහෙ සිකුරුලියාව දැක්කයි.....

ඔව්...

පසනා මාවත් ඇදන් රමනිලාගෙ ගෙදර දිහාවට යනවා.....මේක මට ඉස්සර වෙනකොට මට මතක් උනේම අර බැල්ලිව වෙද්දි මං පසනව වඩාගන්න හැදුවා...ඒත් මූ නෙවෙ ලගට ආවෙ...ඒවෙනුවට කෙරුවෙ මාව දාලා ඉස්සරහින් ගිය එක වෙනකොට මේකා අවසානෙදි කුසිය පිටිපසේ අගුවෙ නැවතුනා....

සීදේවි මේන්...

අයි..යෙ....අනෙ කුක්කෙක්....

සමුද්‍ර ඉන්නවා....නිකන් නෙවෙ පුහුල් කුට්ටියෙක් සයිස් බලු පැටියෙක් වඩාගන.....අර කොල්ලට කඩා පැන්න සිකුරුලියා මේ වෙනකොටත් ඒකිගෙ කනුවෙ දන්වැල් දාගන වල්ගෙත් අකුලන් ඉහත් තට්ටෙ කරන් සමුද්‍ර වටෙ කැරකි කැරකි කැරකි අතෙ ඉන්නෙ පැටියා දිහාව බල බල කැරකෙනකොට බල්ල ගාවට යන්න බය හිතුන මං ඈතින් නැවතුනා...

හපන් නෑ එන්න.....

තාත්තෙ මේ...දුඹුරුපාට එකෙක්....

බලු පැටව් මන්ගල්ලයයි.....පුහුල් කුට්ටියො විමානයයි....ඔක්කොටම වඩ අනෙ කිරිසුවද සාගරයයි....සිකුරුලියා පුහුල් කුට්ටියො ගොඩකගෙ අම්මෙක්....

හපන්නෙ නෑ එන්න කියනවත් එක්කම බයෙන් බයෙන් මන් සමුද්‍ර ගාවට ගියා...මේකත් සිකුරුලියා වගේම අතපය හතරටම මේස් දාපු ඇබිත්තමෙක්....

අනෙ කිරිසුවදයි අයියෙ....

එයාගෙ අතෙ උන්න පැටියව ඒ අතේ ඉන්නකොටම මං වෙන කොහේවත්ම ඉඹින්නෙ නැතුව කට විතරක් ඉඹගත්තා.....ඒ කට පුරාවටම තිබුනෙ කිරි සුවද විතරක්ම වෙද්දි මං පැටියව දහ දොලොස් වතාවක් ඉඹගත්තා....

ඕනද....

අනෙ අරගමු ...

තාත්තෙ...මේහ්....පප්පෙ...පසනට දුඹුරුපාට පැටියෙක් හම්බුනා...තාත්තෙ මුගෙ බලු ජුන්ඩා නෑ...මූ ගෑනියෙක්ද කොහෙද.....පප්පෙ පසනා මූව ගන්නද තාත්තෙ ඈ....මේකව ගන්ඩද පප්පෙ...

.......

පසනා එහෙන් පැටියෙක් අරන් ...මෙච්චරවෙලාම එයාගෙ අතෙ උන්න පැටියව අතට ගන්නවත් එක්කම තවමත් නැශනල් කිට් එක පිටින් උන්න රමනි නැව අපි ගාවට ආවා....

රමනෙ අක්කෙ....ශුවර් නේ ...පැටව් බත් කනව කියලා...පව් නොදරුවො

ගන් සමුද්‍රයා ගන්.....මේකාලා බත් මරුවො.....අපෙ ජීවගෙ වැඩේම කන්ඩ දෙන එක....ගන් ඔක්කොම හරි.....

දෙන්නෙක් ඇති....ඔක්කොම අරන් කවුරු හදන්ඩද.....

පප්පෙ....පසනට මේකව ගන්නවා

මං උන්නෙ පැටියව නලව නලව්...කලුපාට කලු මැනික කෙදිරි ගගා මගෙ බෙල්ල අස්සෙ රින්ගනකොට මය සිකුරුලියාගෙ මූන දැකල පව් කියල හිතුනා..ඒත් මුන් ලොකු වෙනකොට කව්ද බලු පට්ටියකට කන්න දෙන්නෙ ...

නමක් හිතුවද....

මගෙ වැඩේම ගෙදර එනකනුත් පැටියව ඉඹපු එක...අත හෝදපන් ගගා බැන්නට මොකද ගෙදර ආව වෙලේ ඉදන් මට සිහියක් නෑ.....පසනා එහෙන් අර බැල්ලි පැටියා එක්ක මායන් වෙනකොට මන් බලු පැටියව පුලුවන් තරන් ඉම්බා .එහෙන් එයා නමක් අහනවා....අපෙ ගෙදර එකාගෙ නම සාගරිකා.....අරූ සුසංගතා .....දැන් ඉතින් සුදු අයියනෙ මුගෙ තාත්තත්.....මමනෙ අම්මා.....ම්ම්ම්....සමුද්‍ර කියන්න එන්නෙත් සයන්න...අමාකර කියන්න එන්නෙ අයන්න ..නම් දෙකක් දැම්මා නම්...

එක්කො වෙන නමක් දාමුද...බලු කුක්කගෙ ඇස් දිලිසෙනවා.....පැටියගෙ වැඩේම ඇබිති වල්ගෙ වන වන දගල දගල මගෙ මූන ලෙවකන්න එන එක....

තාරුක ...අයියෙ අපි මේකට තාරුක තාරුක කියලා දාමු.....

තා...රුක.....???

ඔව්.....මෙ ඇස් දෙක තරුවගේ....දිලිසෙනවා...තාරුක හැන්නදිගෙ.....හාද ...

හැන්නදිගේ .....???

.ආ නැතුව ඔයානෙ තාත්තා...අනෙ මේ....උප්පැන්නෙ පියාගෙ නම ලියන තීරුවෙ පියාගෙ නම ඉරක් කරන්නද හදන්නෙ...තාරුක හැන්නදිගෙ...

.....පසනගෙ නම මොකක්ද....

මං හිතන්නෙ අපෙ මිනිහා සුලු මොහොතකට කම්පියුස් උන්ගා බුන්ගා උනාද කොහෙද ....පැටියගෙ නමකිව්වත් හරි මන් බලාගන බලු මූන දිහා බලාගනම එයා හැන්නදිගෙ කියලා ඇස් හීන් කරගත්තා.....ඒ චුට්ටකින්ම පසනගෙ කික්කිගෙ නම ඇහුවා....

තාත්තෙ.....මං මේකිට පයන්නෙන් දාන්නද...??

පයන්නෙන්....??

මං පසන්නෙ.....මේකි කෙල්ලෙක්නෙ....තාත්තෙ මං මේකිට පවනි කියලා දාන්නද ඈ.....පවනි හැන්දිගෙ .....???මන්නෙ මුගෙ තාත්තා ඈ තාත්තෙ...නැත්තන් දෙවනි පසන් කියලා දාන්ඩද තාත්තෙ .....ඈ....දෙවනි පසන් හැන්නදිගෙ කියල දාන්ඩද .ඒක දාන්නම් නේ....??

උඹලා දෙන්නටම මොන්ගල්!!උඹද එතකොට පලවෙනි පසන්??

ඔව්...මං එක වෙනි පසන්....මූ දෙවනි පසන්

ඕන මගුලක්....සීදේවි පැටියා දාලා ආව නම් මට යන්ඩ වෙලා යනවා....

*

*

*

සුදු අයියේ ....

ම්ම්ම්ම්...රත්තරන්.....මොනවද ඕන මගෙ වස්තුවට.....සුදු අයියා ගිහින් එන්නම් අම්බරෙ.....

එයා යන්න යන්නෙ.....පිගන් තුනකට බත් බෙදුවත් මොකද බලු පැටවන්ගෙ සිහියෙන් උන්න පසනටත් මටත් දෙන්නටම කැව්වෙ එයාම වෙනකොට පලවෙනි පාරට කවනකොට තිබුන ඒ ආදර හැගීමම අදටත් ඒ ඇස්වල තියන හැටි හොදාකාරවම මං දැක්කා.....

කුසිය අස්සෙන් ඇහෙන තාරුකගෙ සද්දෙත් පලවෙනි පසන්ගෙත් දෙවනි පසන්ගෙත් සද්දෙ ඉස්සරහා පිලටම ඇහෙනකොට යන්න හදපු එයාගෙ පස්ස පාරෙ ගියපු මං පඩිය ගාවින් නැවතුනා...ගෙයි ඉස්සරහම තිබුන ලෑල්ලෙමේ වෙනකොටත් බිස්නස් පටන් අරන් තියෙද්දි තවම ඉදලක් වත් වැදුන් නැති මිදුල පුරාවටම ඇස් කරකවපු මං යන්න හදපු එයාගෙ අතින් අල්ලගත්තා....

පරිස්සමින් ගිහින් එන්න මගෙ සමුද්‍ර...

මං මිමිනුවා....මොනවද ඔන අහනවත් එක්කම මං කිව්වෙ පරිස්සමින් ගිහින් එන්න කියලා වෙනකොට එයා හිනා උනා....ඒ එක්කම මට අම්මව මතක් උනා....අප්පච්චිගෙ වැඩට යන හැම දාකම අප්පච්චිගෙ කකුල් අල්ලලා වදින....පරිස්සමින් ගිහින් එන්න අයියෙ තෙරුවන් සරනයි කියලා නලල ඉඹින අම්මව මතක් උනා...ඒ එක්කම මන් ඒ කකුල් ගාව දනගහල වැන්දා.....

පරිස්සමින් ගිහින් එන්න මගෙ අයියෙ....මගෙ සමුද්‍රට දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි සුදු අයියෙ....

සීදේවී.....

පරිස්සමින් ගිහින් එන්න අයියෙ...

ඔය තරම්ම ආදරෙයිද අමාකර....

...ගොඩක් අයියෙ...

රත්තරන් මගෙ...සුදු අයියා පරිස්සමින් ගිහින් එනකන් සමුද්‍රගෙ වස්තුව පරිස්සමින් ඉන්න...

මං ඔලුව වැනුවා ...ඒ කකුල් ගාව වැද වැටුන මං අවසානෙදි නැවතුනෙ ඒ නලලට හාදුවක් තියලාවෙද්දි සමුද්‍ර මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා.....පරිස්සමින් ගිහින් එනකන් සමුද්‍රගෙ වස්තුව පරිස්සමින් ඉන්න කිව්වා.....

ආ මේක...

ඇයි... අයියෙ මේ.....

සීදේවි පසනා එක්ක ගිහින් ඇහැක් දෙයක් අරගන්ඩ.....මන් යන්ඩ ඕන රත්තරනෙ....දැනටමත් වෙලා ගිහින්....මේ ඉස්සරහා එලවලු කඩයක් තියෙ ඔහෙට මනාප දේ ගන්ඩ ....

එයා මගෙ අතට පහෙ කොල දෙකක් තිබ්බා...යකො මෙච්චර සල්ලි.....එහා ගෙදරටත් වට්ටකා කැල්ලක් දෙන හින්දා කිලෝ එකක් ගත්තා කියමු...ඒත් මෙච්චර....කමක් නෑ....ලමයටත් අඩුපාඩු ගොඩයි.....බලමුකො....

තාත්තෙ....තාත්තේ.....හ්..ඔහෙ යනවයි...ඔහොම ඉන්ඩෝ....තාත්තෙ...පසනා එනෝ......

පසනා තාත්තට වෙලා යනවා....

මේ එනෝ...තාත්තෙ...

ඔය බල්ලො දෙන්නා එක්ක දුවලා වැටෙයි පසනා.... ....කෝ වරෙල්ලා...පසනා දගලන්නෙ නැතුව කියන දේ අහන් ඉන්ඩ ඕනා.....තේරුනාද...

හුම්....තාත්තෙ....තාරුකටයි දෙවනි පසන්ටත් උම්මා දෙකක් දෙන්ඩකො.....පසනට විතරක් දුන්නම දුක හිතෙයිනෙ....දෙවනි පසනා පසන වගේ නේ තාත්තෙ...???

තාත්තෙ.....ඔහෙට ජයවේවා හරිය...අම්මෙ....දෙවනිපසන්ටයි තාරුකටයි කුක්කු ඕනා.....

ඉතින් මට දෙන්ඩ කියලද කියන්නෙ....ඔය බල්ලන්ට වද නොදි බිමින් තියපන් පසනා.....

නෑ...මුන් ඒකට කැමතියි...

පසනා...

යෝහ්...ඇයො වදෙ.....ඇයි....අම්මෙ කුක්කු හදා දෙන්ඩකො....

*

*

*

Smudra pov...

මගෙ පුංචි පව්ල තනිකරපු මන් එහෙම්ම පාර දිගේ ඉස්සරහට ඇවිදින් ඩබල් ෆීසර් ලොරිය ගාවට ආවා.... හිතු මනාපෙට ඕන දෙයක් ගන්න කියල සල්ලිත් දීලා ආවට මොකද කොච්චර උනත් මට මගෙ කොල්ලව දාලා එන්න ලෝබ හිතුනා...ඒකව තනිනොකර මට මගෙ කොල්ලව තුරුල් කරන් ඔන්න හිතුනා....

ඔක්කොමටත් එහා...මන් දැන් මාමන්ඩියව හම්බෙන්න යන්න ඕන...මන්දා.....තේජක....මට උඹට දැන් මූන දෙන්න විදිහක් නෑ.....ඒත් මට උඹට මූන නොදිත් බෑ.....මොන දේ මොන මගුල කිව්වත්....උඹ මට ගැහුවත් කමක් නෑ....බනින එකක් අහගන.....ගහන පාරක් කාගන කරබාගන ඉන්නව ඒ ඇරෙන්ඩ කරන්න දෙයක් නෑ...

හැබැයි ඒ ඔක්කොටම කලින් මට වෙන ගමනක් යන්න තියනවා......

ලොරිය ගාවට ආව මම අනිත්පාර මහ සද්දෙන් අදින දොර ඇරියා.....දොර් ඇරියත් හරි ඇතුලෙ තිබුන දැල් කුට්ටම දැක්ක මට මෙච්චරවෙලාම මගෙ අම්බරේ ගාව තිබුන අර හැම සමකාමි හැගීමක්ම ආදර හැගීමක්ම මන් හිතන්නටත් වඩා වේගෙන් නැතිවෙල ගියා....

මගෙ ඇස් දෙකම හීන් වෙලා ගියා...කොටින්ම අතේ ඇගිලි දහයම එකට කිටි කිටිවෙලා යනකොට මන් දත්මිටි කාගනම වාහනෙ දොරට එකක් ගැහුවා.. .

උඹ දැල් කුට්ටම කැපුවට උඹ අත තිබ්බෙ මටයි රඹුක්වැල්ල.....උඹ කුට්ටම කැපුවට මට පාඩු උනෙ නෑ .....හැබැයි උඹ අත තිබ්බෙ මටයි....උඹ මේ හැන්නදිගේට අත තියන්ඩ පුලුවන් කියලද නොකියා කියන්නෙ ම්ම්ම්ම්.....උඹ මට නොකියා කියන්නෙ හැන්නදිගේට අත තිබ්බ කියලද....ම්ම්ම්.....

හොදයි ..හොදයි....බොහොම හොදයි.....කක්කුට්ටා උනත් නටන්නෙ වතුර රත්වෙනකන් විතරයි කියනවනෙ.....

තත්පර ගානක් දැල්කුට්ටම දිහාව ඇස් හීන් කරන් බලාගන උන්න මං එහෙම්ම ලොරියට නැග්ගා ..නැගලා එහෙම්ම මුල්ලෙ තිබුන දැල් ගොඩට ගාවට ගිහින් එහෙම්ම ඇනතියාගන දැල්ගොඩ ඇවිස්සුවා...දැල් ගොඩ යටම තිබුන පිස්ටල් එකත් පැත්තක තිබ්බ නැන්ගුරමත් දිහාව බලපු මං එහෙම්ම සිගරට් එකක් අවුලවගන කෝල් එකක්ගත්තා....

ඒ කෝල් එක ගන්න ගමන්ඩ මං ලොරියෙ බිත්තියට හේත්තු වේගනම ඉදගත්තා....ඵෝන් එක රින්ග් වෙන වාරයක් වාරයක් පාසාම මගෙ ඇගිලි නැන්ගුරම් කොකු වල එහා මෙහා ගියා.....රින්ග් වෙන වාරයක් වාරයක් පාසාම දැල්පංගුවෙ කපපු කැපුම් මතක් වෙන වාරයක් පාසාම මං අර නැන්ගුරම් කොකු වලට මගෙ ඇගිලි තද කෙරුවා කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියනකොටම එහා පැත්තෙන් ඵෝන් එක ආන්ස්වර් කෙරුවා....

සෝලංගාරච්චි ඇරුනම...මට ස්ටේශන් එකෙ ඉන්න එවුන්ගෙ රිපෝර්ට් එකක් ඕන....රෑ අට වෙනකන් කාලෙ දෙන්නම්...සෝලංගාඅරච්චි ස්ටේශන් එකට එනවට අකමැති උන් දෙතුන් දෙනෙක් උන්නනෙ...ම්න්..ම්න්....අනික.....මං දැන් වොච් එකක් එවන්නම්...අදුනනවද බලලා ඔව් නම් ඔව් කියන්ඩ පුලුවන් ..නැත්තන් නෑ කියන්ඩ පුලුවන් ...ඔව් නම්...ඔව් විතරයි....ඔව් මේ අහවලා කියලා මගෙ ආතල් එක කඩන්ඩ එපා තේරුනාද ම්ම්ම්ම්ම්.....ඒ ආතල් එක මගෙ...

.......

ම්න්...ම්න්...

සෝලංගාඅරච්චි කොහෙද??

ලොරිය ඇතුලෙ ඉන්නෙ මං විතරක් උනත් මං කතා කෙරුවෙත් ඇහෙන නෑහෙන ගානට වෙනකොට මේ වෙනකොට මගෙ වට්සැප් එකට මගෙ පොඩි වස්තුවගෙන් කෝල් තුනකටවඩා ආවා....

"සුදු අයියෙ ..සාලයගෙ අනිකා පැතලි එකා...ඌ කියද. . ..??මං පසනා එක්ක කඩේ යනවා....පසනටයි මටයි කඩචෝරුවක් ගත්තට කමක් නෑනේද අනෙ . .?"

නොදරුවා මගෙ.....

යටි හිතින් ආයම වතාවක් මටම මුමුනපු මන් එහාපැත්තෙන් ඉදන් කතා කරන මනුස්සයට ආයම වතාවක් වෙලාව ගැන මතක් කරනවා එක්කම තවත් වතාවක් මගෙ වට්සැප් එකට කෝල් එකක් ආවා.....

මාමන්ඩියා...සුදු චූටිගෙ කෝල් එක ආන්ස්වර් නොකරපු මං ඒක මිස් වෙන්න නොදි එක තත්පරේට ආන්ස්වර් කෙරුවා..

හෙලො.....

"හෙලො සුදුපුතා....ගුඩ් මෝනින් රන්කද .....තාම නිදිද.....??"

පිස්සුවක් කෙලිනවා ඔහෙ...මෙවෙලෙ වෙනකන් නිදියන්න ඔහෙ මගුල් කතා කරනව අනෙ....

මං හිතුවා උඹට පැනලා ඇවිත් අමාරු ඇති කියල.....මට උඹ හම්බෙන්ඩ ඕන වරෙන් ...

ම්න්...එන්නම්....

සමුද්‍ර....

ම්න්.....

මගෙ දරුවා.....?මගෙ දරුවා හොදින්ද බන්...??

මෙච්චරවෙලාම අතගගා උන්න නැන්ගුරම මටත් නොදැනිම අතෑරුනා...මීට විනාඩියකට උඩදි කතා කර කර උන්න මගෙ කටහඩ පුරාවටම තිබුන තද ගතිය ඵෝන් තිරේ උඩ තිබුන නම දකිනවත් එක්කම වාශ්පවෙලා යනකොට මං එහා පැත්තෙන් ඉදන් කතා කරන සෝලංගාඅරච්චිට උත්තර බැන්දෙම මගෙ පොඩි වස්තුවට උත්තර බදින තරම් සුමටව වෙනකොට මගෙ දරුවා හොදින් ඉන්නවද අහනවත් එක්කම මට මගෙ කොල්ලගෙ අඩලා ඉදිමුන ඇස් මතක් උනා...

...සුදු පුතා උත්තර දියන්කො...මගෙ කොල්ලා හොදින්ද.....ඌ අහුමුලු ගානෙ රින්ගන් අඩනවද බන් .....

ම්න්...අඩනවා.....

පිස්සු යකෙක් බන් ඌ...සමුද්‍ර....උඹට මන් ඌව සදහටම දීලා තියෙන්නෙ ...ඒත් උඹට මේ පාර ඌව දුන්නෙ දවස් දෙකකට විතරයි පුතෙ....උඹ මගෙ වචනෙ රකින්ඩ ඇතිනෙ.....???මන් උඹ එක්ක ඌව එව්වෙ උඹ කියන්නෙත් මගෙම කොපියක් හන්දා සමුද්‍ර...උඹට මං කියන දේ තේරෙනවා.....වචනෙ කඩලා නම් පුතේ .....ඒක මං බලාගන්නම්....

මගෙ වචන නම් ..වචන උඹ සෝලංගාඅරච්චි ගෙ බෑනනෙ.....ඌ ජෙනුයින් වෙන්ඩ ඕන...ඌ මටත් වඩා ජෙනුයින් වෙන්ඩ ඕන...රත්තරන්ට මං කියපු දේ පැහැදිලිනේ ????මං බල්ලෙක් නන්.....උඹ ජඩ බල්ලෙක් වෙන එක වෙනම ලෙවල් එක මට වෙනම ගටක්....මං එකක් ගහනකොට උඹ දහයක් ගහනකොට මට වෙනම ගැම්මක්....

හැබැයි මං රහත් වෙන ලයින් ඇල්ලුවොත් ....උඹ බුදුවෙන ලයින් අල්ලන්ඩ ඕන....

....ම්ම්ම්ම්....බුදු වෙන්ඩ වෙන්නෙ නෑ...මං දේවදත්ත වෙලා අහවරයි....මං එන්නම් ...ඔහෙ කොහෙද ඉන්නෙ??

බාර් එක ගාව.. .දේවදත්ත වෙලා අහවර නම්....හරි වරෙන්කො....වරෙන්කො ...රත්තරන් උඹ කන්ඩ ඔය හදනෙ මගෙන් මඩි නොකියන්ඩ...විහිලු කරපන් සීමාවකට සුදුපුතා . ...

ම්න්....එන්නම්....

පරිස්සමින් වරෙන් ආ....ඉන්නෙ උඹ විතරයි ආය...පරිස්සමින් වරෙන්....මූන දකින් නැතුව සාංකාවට වගෙ බන්...වරෙන්...

ඔහෙගෙත් විකාර අනෙ ....පාරෙ අයිනකට වෙලා ඉන්ඩ ....ඵෝන් එකෙ සිහියෙන් ඔහෙ ඉන්නවා....පරිස්සමින් මං එන්නම්....ම්න්..මං තියන්නම්

🙂🙂🙂.....තෙමුජ්ජ 👉👈...

දෙවන පසන් රජ්ජුරුවොයි තාරුක හැන්නදිගෙයි පව් නේත අනෙ....

More Chapters