LightReader

Chapter 46 - 45

මඥ්ඥොක්කා කිලො දෙකක් ගත්තා...අපෙ එක්කෙනාගෙන් අහන්න ඕන එක්කො දවල්ට මඥ්ඥොක්කා තම්බලා ඌරුමස් උයන්නද කියලා....

කොල්ලට මුන් ඇටයි හරක් මසුයි....

ඒත් අපෙ වාහෙ කිව්වනෙ මාලු උයන්ඩ කියලා...නිකන් නෙවෙ මාලුවව කපලත් දීලනෙ ගියෙ.....

බඩු ගන්ඩ ආවා වගෙ නෙවෙ මේක අරගන යන්ඩත් ඕන.....ගෙදර ගිහින් ගේ දොර අස්පස් කරලා උයන්ඩ ලැහැස්ති කරන්ඩත් ඕන...ඒ අස්සෙ මාලුලෑල්ලෙ මාලුවිකුනන්නත් ඕන....

අම්මෙ....මේහ්.....මේ බෝලෙ ගන්ඩද....ඈ...මං මේ බෝලෙ අරගන්නවා....දෙවනි පසනටයි තාරුකටයි සෙල්ලම් කරන්ඩ එහෙනම් ගත්තා ඈ....අම්මෙහ්....අම්මෙ...ඇයි අඩෙ...කැතයො.....

ඇ...ඇයි යකො...ඇයි ...මොකද ආය.....??

මන් මේ බෝලෙ ගන්නවා...

බෝල...බෝල.මොකටද කන්ඩද ....අර ගෙදර ඕන තරම් බෝල තියෙන්නෙ...දාපු දාපු තැන්වල බෝල...තව බෝලගන්ඩ අහනවා.....හොද හිතින් ඕක ගිහින් දාපන් පසන්....(තියන බෝල මදිවට.....බෝලෙකින් දාපු හපන් කම්වලට මං මෙහෙ විදෝනවා...ඒකගෙ පුතා තව බෝල ගන්ඩ අහනවා...ගන්නවා බෝලම.....හහ්...)

ඇයි යකො ගෙදර කොහෙද බෝල තිබ්බෙ....ගෙදර කොහෙද බෝල තිබ්බෙ....ඔහෙගෙ වැඩේම ගන්ඩ එපා ගන්ඩ එපා ගාන එක...ඔහෙගෙ වැඩේම හැම එකටම ඇස් ලොකු කරලා රවන එක....අනෙ තාත්තේහ්...මං ඔහෙට කිව්වනෙ මේ අම්මව එපා කියල...මට මේක ඕනමයි....මට බෝලෙ ඕනමයි.....

පොඩි හැන්දා බිම පෙරලුනා.....දවල්ට උයන්ඩ සාගරේක තරමට මාලු ගෙනත් ගෙනත් දාපු හැන්දා ඒ මදිවට තව මාලු විකුනනන්ත් කියල ගියා කියන කාරනාව මතක් උනත් හරි ඩෙංගු හැදීගන එන එකා වගේ මාව යන්තමට වෙව්ලන්න ගත්තා.....

.උයන්න ඕන...කාපු බීපුවා එහෙම්ම වලන් පිගන් එහෙම්ම කුසිය අපාය වගේ...

එකින් එක එකින් එක මතක් වෙනවා මදිවට එකානෙ එකානෙ කිය කිය හදාගත්තු යකත් කොහෙ හරි මගුලක රින්ගලා බෝලයක් උස්සන් ඇවිත් ඒක ගන්නද අහනකොට ඒක එපා කිව්වා විතරයි අරූ මැරෙන්ඩ හැදුවා....

උඩ පැන්නා.....මාව එපා වෙන අම්මෙක් ගේන්ඩ ගගා උගෙ මහ එකාට කතා කරකර අඩනකොට හෙට ඉරිදා කඩෙ වහන හන්දද කොහෙද සූ ගාලා බඩු ගන්ඩ ඇවිදින් උන්න මිනිස්සු එහෙට යනකොටත් පසනා දිහා බැලුවා...මෙහෙට යනකොට මා දිහා බැලුවා....

මාව නිකන් ගිනි ගන්නවා වගෙ.....කොටින්ම මාව නිකන් භ්‍රමනය වෙනවා වගේ...අරකා අම්මෙ අරන් දියන්කො කැතයො ගගා බිම පෙරලෙනවා....

තාත්තා උන්නා නම් මෙහෙම නෑ කිය කිය මැරෙන්ඩ හදනවා....

තාත්තා උන්නා නන් පසනට....ප්...පසනට ඕක්කොම අරන් දෙනවා....අ..අනෙ.....ත්...තාත්තේ.....හ්.....

මල්ලි මඥ්ඥොක්කා කිලො දෙකයි තව මොනවද ....??

මං හිතන්නෙ මගෙ නාඩි වැටෙන්නෙත් නැද්ද කොහෙද...එන එන එකා හිනා වෙනවා...පසනගෙ උඩින් පැන පැන යන එකා හිනා වෙවී මගෙ දිහා බලනවා....කඩෙ කොල්ලා මඥ්ඥොක්කයි තව මොනවද ඕන අහනකොට කිරලා පැත්තක තිබ්බ පතෝල එක දිහා බලාගන උන්න මට ඉබේටම හුස්මක් පිට උනා.....

මේ රෙද්ද කරන්ඩ බෑ අඩෙ.....මට මේ පවුල කන්ඩබෑ...ඇයි යකො.....මේ මගුල නම් කරන්ඩම බෑ...ඇයි යකො ඇත්තු දහයක් පාගල වගේ මට මහන්සි ...ඇයි යකො අරකා එහෙන්....මහ එකා එහෙන්....මට මේ මගුල මට කරන්ඩ බෑ ...අනෙ අම්මෙ...හ්...අම්මියගෙ දරු පැටියට මේ දෙතිස් වදෙ විදින්ඩ බෑ අම්මෙ.....

අයියෙ මට මැකරල් ටින් දෙකකුත් දාන්න....

මැකරල් ලොකු එකද පොඩි එකද....

.හැන්නදිගෙ මැකරල් එක තියනවද....ඒකෙන් ලොකු දෙකක් දාන්න....අලත් කිලො එකක් විතර දාන්නකො.....

රට අලද ලන්කා අලද මල්ලි

.අනේ මූත් අම්මගෙ රෙද්දක් අහනව....රට අලද ලන්කා අලද අහන්නෙ...මං දන්නවද අඩෙ....මං දන්නවද.....ලන්කා අලද රට අලද කියලා...මොකො මෙච්කර කල් අම්මා තෙල් දාපු අල එක බෙදාගන කෑවෙ ලන්කා අලද රට අලද කියලා අහ අහද .....

මං කිව්වනෙ....මං කිව්වනෙ අනෙ..... මං කිව්වනෙ මේ මගුල මට කන්ඩ බෑ....

අම්මේ.....මේක ගන්නම් නේ අම්මෙ...

ගනින්...ගනින්...උඹට ඕන ඕන ලබ්බක් ගනින් උඹලටත් කඩේකට ගියහම කීයක් හරි කාබාසිනියා කරනකන් නින්ද යන්නෙ නෑනෙ ...ගනින්....අරගන ගිහින් විරෝගන ඉදින්.....උඹලට කන බොන ජාති වලට වඩා වෙන මගුල් ලොකුයිනෙ....ගන් ඕක

අලයක් හන්දම අලවේගන ආව මං තාමත් බෝලයක් හන්දා නාහෙන් අඩන පසනට බෝලෙ ගන් කියලා ඒකටත් බැනලා එහෙම්ම ඵෝන් එක අතට ගත්තා...වෙන මොකටවත් අරයට ගන්න.....

කෝල් එකක් දාන්නද....මැසේජ් එකක් දාන්නද...මැසේජ් එකක් දැම්මොත් ඕකට උත්තර කොයි වෙලේ එයිද ...එ එනකන් මං මෙතනට වෙලා ඉන්නද....

මැසේජ් එකක් වෙනුවට කෝල් එකක් ගත්ත මං එහෙම්ම ඵෝන් එක කනේ තියාගත්තා....රින්ග් වෙනවා....රින්ග වෙනවා....අනෙ හැදි පප්පෙ ආන්ස්වර් කරපන් සීදේවියට ලොකු කරදරයක් වෙලානෙ.....

යෝ...අද නම් සුදු චූචියට සොබාදහම සෑහෙන ලොකු පනිවිඩයක් කියයි වගෙ....මගෙ හැන්දා ඵෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑනෙ ...පැනලා ආව මදිවට අම්මට කෝල් කරලා අහන්න පුලුවන්ද ලන්කා අලද රහ රට අලද කියලා.....

අපෙ කම රැකගෙන අපේ දේ අරගන ආදර්ස පාටෙ යටතෙ ලන්කා අලගන්නත් හිතයි ....ඒත් කව්ද දන්නෙ අපෙ එක්කෙනා රට අලද කන්නෙ කියලා...අපෙ ගෙදරත් ඔහොමනෙ...මස්වලත් වර්ග තියනවනෙ ....අපෙ ඕඅයිසි කෑල්ලටයි මටයි හයිය මස් නැත්තන් ගිලෙන් නෑ...අම්මටයි කානුවටයි බ්‍රොයිලස් ඇර අරවා හපන්ඩ බෑ...

මං ඔලුව කැසුවා...අනිත් උන් එනවා හාල් ගෝනියට අත දානවා හාල් වල රහ ගුන කියනවා....ආය පරිප්පු එකට අත දානවා ...පරිප්පු ඇට දෙක තුනක් ගන්නවා.....කඩෙ කොල්ලා ඕක මයිසූර් පරිප්පු කියල කියනවා...මයිසූර් නෙවෙ අනෙ මටයි යකො දැන් සූර් .....

මේ කඩල තැම්බෙනවද දන්නෙ නෑනෙ මල්ලි.....

කඩල එක හොදයි අක්කෙ....තැම්බෙනවා.....පොල්කටු කෑල්ලක් දාන්නකො මරුවට් තැම්බෙනවා

මං තනිකරෝම අර පීකෙ ෆිල්ම් එකෙ ඉන්න අමීර් කාන් වගේ.....මෙච්චර කල් උයල දුන්න දෙ බිබික්කන් සවාන වගේ කෑව මිසක්ක මෙලෝම ලබ්බක් නොදන්න මට කඩල එකට පොල් කටු කෑල්ලක් දාන්න කිව්වත් හරි පොල් කටු කෑල්ල දාන්නෙ ලිපටද....නැත්තන් කඩල එකට කියලා හිතාගන්න බැරිව ගියපු මාව තවත් තක්කු මුක්කු වෙලා යද්දි දෙයියන්ටත් මං ගැන අනුකම්පා හිතිලද කොහෙද සුදු අයියගෙන් මට කෝල් එකක් ආවා...

හෙ...ලො....සුදු අයියෙ.......

මේ අනෙ ඔයා වැඩකද ඉන්නෙ ඒයි...??

මායි දරු පැටියයි තාම කඩෙ අනෙ.....ලුනු පොල්කට්ටෙ ඉදම්ම ගන්න එපැයි ...

හුම්.....

හා....රි.....හා....රි...හුම්...

මං දැන් ඇබරෙනවා....අහන්න ගියපු අලෙ කොහෙවත් වෙනකොට කඩල ගෝණිය ගාව හිටන් උන්න මං එහා පැත්තෙන් මගෙ සුදු අයියගෙ කටහඩ ඇහුනත් හරි මටත් නොදැනිම තනි අන්ඩෙන් හිටගැස්සුනා....කඩල ගෝනියම අතින් කූරු ගෑවා...කඩල ඇටයක් දෙකක් කටේ දාගත්තා.....පසනා එහෙන් අම්මෙ හුම්මෙ ගාන වාරයක් ගානෙම ඌ බෝම්බයක් අතේ තියන් ආවත් ගනින් කිව්වා....

.

පප්පෙ...මේ අනෙ...සුදු චූටියා අහන්නමයි උන්නෙ....සීදේවියා ඉතින් නුවරනෙ අනෙ ...වලව්වක සැපට හැදුන ...ය්...යෝහ්.....අහපියකො.....

නුවර කියලා කට වහන්නත් කලින් බයින්නෙ....

මෙච්චරවෙලාම ආදරෙන් මගෙ අම්බරෙ....මගෙ සුදු චූටි මගෙ සීදේවි ගගා අපූරුවට කතා කරකර උන්න මගෙ හැන්දට මොකාක් හෝ විපරියාසයක් උනා....අල කතන්දරෙ අහන්නත් කලින් දවසට සැරයක් වත් වන්සෙ කබල් නොගාම බැරි මම මොනරවිලලාගෙ පුරාජේරුව කියන්න කට ඇරියා විතරයි එහා පැත්තෙ උන්න හැන්දා මාව මූදට වීසි කරනවා කියාල බැනගන බැනගන යන්න පටන් ගත්තා....

.ආ යකො.....මූත් පුදූම දේසද්‍රෝහියෙක්නෙ බලාගන ගියහම....බැදගන්නකන් විතරයි ඔක්කොම කෝලන්...බැදගන්නකන් විතරයි මූගෙ ඔක්කොම නාඩගන්...හැබැයි ඉස්සර නම් මෙහෙම නෑ....මොනරවිල පරම්පරාව ගැන කියනකොට සෝක් එකට අහන් උන්නා....

ම්ම්ම්....සොබාදහම නොසෑහෙන්න ලොකු පයින්ඩයක් තියන්ඩ වගේ යන්නෙ.....පහු පහු වෙනකොට උඹට මාව කොහු කොහු වෙන්න වගේනේද යන්නෙ සමුද්‍ර.....ඔහොම යන්කො....ඔහොම යන්කො....මං උඹට දානවා වන්දි නඩු ..නිකන් නෙවෙ අපහස නඩුවකුත් සයිඩ් එකෙන් ඇටෑච් කරනවා.....මාලු මත්තෙයි බෝට්ටු මත්තෙයි නැහි නැහි උන්නා මිසක් රදල පරම්පරාවල් ගැන නිකන් වත් දන්නවද ...හහ්....

අම්මා අප්ප කොච්ච්ර කිව්වද.....මට හිතන්න තිබ්බා...මට හිතන්න තිබ්බා ....මගුල් විසේ ඉහට ගැහුවා මිසක් මට ඔව්වා අහන්න උවමනාවක් නිකන් වත් තිබ්බද ..දැන් හරිනෙ අමාකර පුකෙ අමාරුව....උඹටත් ස්වල්ප පුකෙ අමාරුවක් නෙවෙනෙ තිබ්බෙ පෞලක් කනකන් ..දැන් කාපන් පුතෙ පෞල්.....

මං කිව්ව්නෙ...මේක හරියන් නෑ.....මේක කන්ඩ පුලුවන් මගුලක් නෙවෙ...උඹ මහ පිස්සෙක් සමුද්‍ර.....මං උඹව ඩිවෝර්ස් කරනවා...මට ඩිවෝර්ස් එක දියන් සමුද්‍ර....වෙච්ච කැලලට මං ප්ලාස්ටික් සැත්කමක් හරි කරගන්නම්.....

මෙච්චරවෙලාම තනි අන්ඩෙන් හිටන් උන්න මං ආයම අඩු දෙකට මාරු උනා....මොනරවිල කියන්න කට ඇරියත් හරි අපෙ මිනිහා මට බැන්නෙම බලු බැනූම් වෙනකොට මෙච්චරවෙලාම රැස් වලල්ලක් විහිදෙන්නා හා සමානව විහිදන් උන්න මගෙ මොනර පෙදේ බලාගන ඉන්නකොට ඇකිලිලා ගියා...කොටින්ම යාර බාගයක් විතර දික් කරන් උන්න මොනර පුකත් පුත්තලන් පැත්තෙ අවුවෙ කර උන ගස් ලබ්බට අන්තව ඇකිලිලා ගියා...

හහ්...ඕකට ඔච්චරම නහුන්න ඕන නෑනෙ සමුද්‍ර....ඔයාට අගයක් නැති උනාට මට මගෙ පෞල වංශෙ නම්බුයි.....මොනරවිල කියලා කිව්වත් ඇති....නුවරම දෙදරනවා.....කොහෙද මාලුවෙක්ගෙන් තොර ලෝකයක් නෑනෙ උඹට...උඹ මාලු මත්තෙ නට නට හිටපන්...අපරාදෙ උඹට හැන්නදිගෙ නොකියා සමුද්‍ර ඉන්දීවර් සාවාලයා කියල්ල වාසගම තියන්ඩ තිබ්බෙ.....

මගෙ කට වහන්ඩ උඹට බෑ සමුද්‍ර.....මං මගෙ වංසෙ ගැන කියන එක කොහොමත් නවත්තන්නෙ නෑ...මාව මූදට නෙවෙ මූදු හතකින් එහාට විසී කෙරුවත් මං මොනරවිල පරම්පරාව ගැන කියන එක නවත්තන්නෙ නෑ...

මේක හොදට අහගනින් හැන්දෝ....වංශෙ කබල් ගාන එක කලාවක් නම් මං ඒකෙ පිකාසො....මට උඹත් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ...ලෙට්ස් ගෙට් ඩිවෝර්ස් සමුද්‍ර....මට උඹගෙන් ඩිවෝර්ස් වෙන්න ඕන....මං උඹට ගත්තෙ කන්න් ආස ලන්කා අලද රට අලද අහන්න...මං ගන්න අලයක් නෑ.....මට මේ කසාදෙ නම් එපාමයි.....

මගෙ කටෙ පොට නෑ වගේ...පපුව පුපුරන්න වගේ....එහා පැත්තෙ උන්න මගෙ මනුස්සයා මොනවා හරි කියන්න කට ගත්තත් හරි ඒකට මොකවත්ම කියන්න නොදි හුස්ම්ක් වත් නොගෙන බැනගන බැනගන ගියපු මං අනිත් පාර දික්කසාදෙ ඉල්ලුවා....ඒ විතරක් නෙවෙ මුනට ගහන්නා වගේ කෝල් එක කට්කරලා දැම්මා....

අම්මො...සැනසීම.....සැනසීමයි යකො.....ආවා මෙතන නුවර ලබ්බ දොඩන්ඩ එපා කියාගන........

මුලු දික්වැල්ලටම ඇහෙන්ඩ කෑගහපු මං හීන් සීරුවෙ හොරා වගේ වටපිට බලන ගමන් මගෙ පපුවට තට්ටුවක් දාගත්තා....හිතුවා වගේම බයිස්කෝප් එකක් උන මගෙ දිහාව කඩේට බඩුගන්න ආව එවුන් කන්න වගෙ බලාගන උන්නා...අතේ තිබුන ඵෝන් එක ආයම රින්ග් උනා....මං හිතන්නෙ මං ඩිවෝර්ස් එක ඉල්ලපු හන්දා අපෙ මිනිහා බය වෙලාද කොහෙද....

දැක්කනෙ....මිනිහව උනත් ගහලා බැනලා හදාගත්තෙ නැත්තන් ඔවුන් නටන්ඩ ලෑස්ති වෙනවා...ඔය කිව්වට මං මූව ඩිවෝර්ස් කරනවද අනෙ.....ගහ මරාගන හරි මේ පවුල කනවා මිසක්.....

.

අතෙ තිබුන ඵෝන් එකත් ඩිස්ප්ලේ එක උඩ වැටුන නම්බෙරෙත් දිහා යන්තන් හිනාවක් කට කොනේ තියාගන බලාගන උන්න මන් එහෙම්ම ඵෝන් එක ආන්ස්වර් කෙරුවා.....හැබැයි හෙලෝ වොතරයි ආය...ඕ අයිසි බෑනා මගෙ කටවහලම දැම්මා.....

" ඔය තරම්ම ඉල්ලනවා නම් දීලා දාන්නම්..."

..ඒ...ඒමේ.....හ්.....අම්මො අනෙ...ඔයාට හරියට තරහ යනවනෙ ඒයි ..විහිලු වෙනයි ඔව්වා වෙනයි අනෙ...බදින්ඩත් කලින් පවුල කඩාගන්නෙ තොට පිස්සුද අඩෙ....සුදු අයියෙ මේ අනෙ.......ඔයාට මං අල ටිකක් ටිකක් තෙල් දාලා තියන්නද.....???අනික ඔය මොනරවිල මුත්තත් මහ පිස්සෙක් අනෙ....නිකන් නෙවෙ ඕකා නම් මහ පිස්සෝත්තෙක් සුදු අයියෙ ...ඔවූ.....

මං ආයම තනි අන්ඩට මාරු උනා....මොනර පිලක් හන්දා උනු කැවුම වගේ තිබුන මගෙ කසාදෙ කැඩෙන්න නොදි මං අම්මගෙ පරම්පරාවෙ දිවන්ගත මොනරුන්ට දෙහි කප කප එහාටත් මෙහාටත් කැරකෙන ගමන් ලන්කා අලවලින් කිලෝ එකක් දාන්න කිව්වා....

පතොලවලට පරිප්පු දාන්නද අනෙ...නැත්තන් පතෝල මැදට සැමන් මලවලා දාන්නද....ආ.....ඔයා කාලා නැද්ද එහෙම....

මං මුකුලු කරන්න ගත්තා....මිදුල පහුරු ගාන කිකිලි වගේ හාල් ගෝනියත් පහුරු ගගා එහා පැත්තෙ උන්න මගෙ සුදු අයියට චාටු කතා කිය කිය හුරතල් වෙන්න්ස් ගත්තා විතරයි පසනවත්....පසනා ගාව හිටන් උන්න කොල්ලවත් දැක්ක මගෙ මූනෙ තිබුන අර හැම හිනාවක්ම ටිකෙන් ටික වාශ්ප වෙන්න ගත්තා

දොඩම්තැන්න බොසා...අඩෙ....ඔහෙත් ආවද ........මායි අපෙ අම්මයි බඩු ගන්ඩ ආව...ඊයෙ පාටිය මරු නේ අඩෙ....කොහෙද මෙයැයිට මැරුනා වගෙ නින්ද ගියානෙ...

ඩෙලාම්.....ඩෙලාම්...එයා කොහෙද මෙහෙ....????

මං බලාගන උන්නා...ඊටත් සරමක් පිටින්....මුලු කොන්ඩෙම අවුල් වෙලා ගිහින් තිබ්බස් මදිවට ඒ මූනෙ තවම නිදිමත පාට බේර්‍ර්න්න තිබුන සරමක් පිටින් උන්න ඩෙලාම් එයා ගාවට වෙලා මහ එකා වගේ කියවන් ඉන්න පසනගෙ කොන්ඩෙත් චුට්ට අවුල් කරගනම ෆ්‍රිජ් එක ගාවට ගිහින් මයිලො එකක් ගත්තා....එකක් නෙවෙ දෙකක්....එකක් පසනට....අනික එයාට...

සල්ලි දීම් අරක මේක මොකුත්ම නැතුව ඒකගෙ කඩේ වගේ ළඟ තිබ්බ පුටුවක් ඇදලා අරගන පුටුවෙ ඉදගන අර ගත්ත මයිලො එක එක හුස්මට බොන්න ගත්තා..... එක කකුලක් පුටුව උඩ....

මේ යකා මේ ලගපාතද...??

ඔහෙ දැන්ද නැගිට්ටෙ ...

පසනා කියවනවා....දැන්ද නැගිට්ටෙ අහනවා....වචන වලින් නැතුව ඔලුවෙන් උත්තර දුන්න ඩෙලාම් අනිත් පාර ආයම ෆ්‍රිජ් එක ඇරලා තව කිරි එකක් ගත්තා...කලින් පාර මයිලො මේ පාර ඩේලි චොක්ලට් එකක්.....ඒත් පසනගෙ එක එහෙම්මයි...ඌට දුන්නට මොකද ඌ නෙවෙ ඒක කැඩුවෙ.......

ඩෙලාම් මාව දැක්කෙ නැතුවද.....නැත්තන් දැක්කත් දැක්කෙ නෑ වගෙ ඉන්නවද...

මේ යකා මාව දැකල අරූට කියයිද...සුදු අයියත් නැති වෙලෙ ඒකත් ගෙදරට එයිද...

එහෙම උනොත් නම් අද මිනිමැරුමක් වෙන්නෙ....

හාල් හෝනි ගාව උන්න මන් මගෙ බඩු ගැනිල්ල අහවර කෙරුව...වෙනමොකටවත් නෙවෙ මට ඕන උනේමබඩුටික අරගන ළඟපාත ත්‍රීවිල් එකක් තියනවා නන් වීල් එකෙ නැගලා ගෙදර යන්න වෙද්දි පසනට තව ටිකක් කියවන්න දීලා කැශියර් එකට දුවපු මං බඩු ටිකට බිල් කරන්න දැම්මා....

.......ඉන්දික අයියෙ මයිලො දෙකයි ඩේලි මිල්ක් එකයි....

මගෙ කන්පෙත්තත් එක්ක රත් වෙලා ගියා....කන පිටිපස්සෙන් ඇහුන සද්දෙත් බෙල්ල පිටිපස්සට වැදුන සීතල හුස්මෙනුත් මගෙ කන් පෙත්ත විතරක් නෙවෙ මගෙ මුලු සර්වාංගෙම හිරිවැටිලා ගියා....ඒ එක්කම මං පිටිපස්ස හැරුනා....

.....ඩ්....ඩෙලාම්.....

හ්ම්ම්.....බය උනාද?

අ..අපො නෑ...මොකට බය වෙන්නද....බය වෙන්න ඩෙලාම් යකෙක් නෙවෙනෙ.....

ඒක ඇත්ත.....බය වෙන්න මං ය කෙ ක් නෙවෙනෙ...මං හිතුවා බය උනා කියලා ඒකයි ඇහුවෙ...බය උනා නම් සමාවෙන්න සිහත්

නෑ...නෑ...එහෙම දෙයක් නෑ ඩෙලාම්....බය උනෙ නෑ...

එහෙනම් ඇයි ගැස්සුනෙ???සිහත් දන්නවද මට සිහත්ගෙ පපුව ගැහෙන සද්දෙ පවා ඇහෙනවා කියන්න

මං ඩෙලාම් දිහා බලාගන උන්නා....කිව්වත් වගෙ මගෙ පපුව එක පිම්මට ගැහෙනවා....

මගෙ බිල මැදටම මයිලො දෙකයි ඩේලි එකයි කියපු ඩෙලාම් ඒකට සල්ලිත් එහෙම්ම කැශියර් එක උඩින් තියපු ඩෙලාම් හරියටම මගෙ පිටිපස්සෙම ඉදන් මගෙ දිහා බලාගන මගෙන් බය උනාද අහනවා....මෙච්චර ඉඩ තියාගනත් හිටගන්න තැනක් නැති එකා වගෙ හිටගන උන්නෙත් මට ඇලීගන වගේ මගෙ පිටිපස්සෙම්ම වෙනකොට පපුව ගැහෙන සද්දෙත් එයාට ඇහෙනවා කිව්වා විතරයි මං හුස්ම ගැනිල්ලත් නැවත්තුවා...

කොටින්ම මං හුස්ම හිරකරගත්තා.....

ඒ ඇස් රතු වෙලා....එක්කො නිදිමතට....නැත්තන් ඊයෙ බීලා....ඔය දෙකෙන් එකක්...බොරු කියන්නෙ මොකටද....ඊයෙ රෑ කොච්ච්ර මාත් එක්ක කතා කෙරුවා උනත්....මං වෙනුවෙන් මිනාල් එක්ක කතා කරන්නම් කිව්වත්...ඩෙලාම් කඩේ ඉන්න බව දැක දැක උනත් මගෙ පපුව ගැස්සුනා....

මිනාල් මන් උඹට ගෑවුන එකෙක් එක්ක කතා කරන්ඩ පවා බයයි මිනාල්.....උඹ ඊයෙ රෑ මොනතරම් හොදින් කතා කෙරුවා උනත්...උඹ මාව තේරුම් ගන්නම් කිව්වා උනත් මට උඹට ගෑවුන එකෙක් දැක්කත් බයයි මිනාල්.....

...හ්ම්....බොරු කියන්න ඕන නෑ ඩෙලාම් මං බය උනා....මාව ගැස්සුනා...ඔයා මෙහෙම පිටිපස්සෙන් ඇවිත් මං නොහිතන වෙලාවක කතා කරනකොට මට බය හිතුනා ....

සමාවෙන්න....බය කරන්න හිතුවෙ නෑ සිහත්....ඇරත් මට නැගිට්ට ගමන් පොඩ්ඩක් මෙහෙම ශෝට් ගතියක් එනවා....

හ්ම්ම්ම්ම්....එ...එහෙමද....ඔයා දැන්ද නැගිට්ටෙ....

ම්ම්...ඔව්.....මේ පේන්නෙ නැද්ද තාම සරම පිටින්.....සෑහෙන වෙලා ගිහින් ගෙදර ආවෙ....බිස්නස් කරන මිනිස්සුන්ට තැන වෙලාව අදාළ නෑ සිහත්.....ඒක නෙවෙ සිහත් කොහෙද මෙහෙ??

ම්..මේබඩු ගන්න ආවා....

බඩු ගන්න...මෙහෙට....?කො කා එක්කද ආවෙ අම්මා එක්කද?

නැ....පසන් එක්ක...පසනුයි මායි විතරයි...

මේ අපෙ පසනා එක්ක.....??ආ ඌ ඔයා එක්කද ආවෙ....මං හිතුවා පසනා සිතිජ අයියයි උන්ගෙ අම්මයි එක්ක වෙන්ඩ ඇති එන්න ඇත්තෙ කියලා.....ඌ කිව්වනෙ අම්මා එක්ක ආවෙ කියලා....

හරිද අයියෙ...

බඩු උර පහයි.....මගෙ ඇස් දෙක නලලෙ.....බඩු මලු පහටම සල්ලි දික් කරපු මට බිල දැකලා ඇස් නලලට ආවා...නලලට ආවා කියල සල්ලි ගෙවන්නෙ නැතුව ඉන්නද ....???

මෙච්චර පතෝල.....???ඔයා පතෝලවලට ආසද ??

මං හිතන්නෙ මෙච්චර වෙලාම නතර වෙලා තිබුන මගෙ පපුව මටත් නොකියම හීන් සීරුවට ආපහු හුස්ම ගන්න පටන් අරන් තිබුනා....වෙනමොකටවත් නෙවෙ ඊයෙ රෑ එයා අතින් මිනාල් ගැන කියවුන සමහරක් දේවල් වලට වගේම කොච්ච්ර උනත් ඩෙලාම් කියන්නෙත් මිනාල්ගෙම පන්තියෙ කොල්ලෙක් හන්දා මට මහ මොකක්ද බයක් ඩෙලාම් ගැනත් දැනෙන්න ගත්තා.....

ඒත්...ඒ බය තිබුනෙ තත්පර ගානයි.....කතා කරන වාරයක් පසාම ඩෙලාම් පසන්ට වගේම මගෙ සුදු අයියගෙ පවුලෙ අයට කතා කරනකොට මට ඒ වචන අස්සෙ අපේ කමක් ගෑවිලා තියනවා දැනුනා....පසන්ට නිකම්ම පසන් නොකියා මගෙ සුදු අයියා කියන්නා වගේම සිතිජ අයියා කියන්න වගේම අපෙ පසනා කියලා කතා කරනකොට බයටම ගැහෙන එක නැවතිලා තිබුන පපුව ආයම ගැහෙන්න අරන් තිබුනා...

ඔක්කොමත් හොදයි....පසනා අම්මා ආවෙ අම්මා එක්ක කිව්වට ඌ අම්මා කියන්නෙ මටයි කියන්නෙ කොහොමද...??ඊටත් මං දැන් ඉන්නෙ ගෙදර නෙවෙ...මායි සුදු අයියයි පැනලා ඇවිත් පවුල් කනවා කියන්නෙ කොහොමද...

නෑ...නෑ...සිහත් මෝඩයා වගෙ මෝඩකම එලියට නන් දාන්න එපා...උඹ රට හරකා වගේ ජෙලාම් මායි සුජු හුයියයි පැනලා ඇවිත් මගුල් නටනවා කියලා ජාතික වීරයා පදක්කම පදක්කම නොගෙන පාඩුවෙ ඉදින්...

ඩෙලාම් ගැන මගෙ හිතෙ ඇති වෙච්ච බය හිමිහිමීට අන්තරස් දාන උන කතාව ඇත්ත.....ඒත් මතක තියාගනින් සිහත් බිත්තිවලටත් කන් තියනවා....

අනික අප්පච්චි වත් අම්මවත් මොකෙක් වත් නිකන් වත් කතා කෙරුවෙ නෑ....පැනලා ගියා....ඒක හරි....ඒත් මගෙ ඵෝන් එක ඕෆ් වෙලාවත් මං එයාලව බ්ලොක් කරලවත් නෑ...එතනත් කොස්සක් තියනවා සිහත්....මං දන්නවා මං මොන නැටුම් දදා මෙතන පවුල් කෑවත් අම්මයි අප්පච්චියිසද්ද වහල ඉන්නවා කියන්නෙත්...මට හොද හෝටලේකින් කන්න වෙන වැඩක් අතගාවම වෙන්නත් පුලුවන් ...

සිහත්...

මං මගෙ නියපොත්තක් හැපුවා...මෙච්චරවෙලාම මට තිබුනෙ පවුල් කන විදිහ සම්බන්දව ප්‍රශ්න උනත් වතුර එක පැහෙනකන් නටාපු කක්කුට්ටා වගෙ මටත් ඩෙලාම්ව දැක්ක වෙලාවෙ ඉදන් වෙන වෙන මගුල් කල්පනාවට එනවත් එක්කම මං මගෙ නියපොත්ත ඇගිල්ල මුලින්ම කාලා දැම්මා.....

සිහත්.....ලමයො....

...අ..ආහ්....ආව්....හ්

මොන සිහියෙන්ද ඉන්නෙ ???

අ..ආ..ආහ්....නෑ ඩෙලාම්

නෑ....මොනවද නැත්තෙ....මං මෙච්චරවෙලාම කතා කෙරුවනෙ....

අම්මෙ.......අම්මෙ ඔහෙ කොහෙ.....යෝහ්....පසන ඔහේව හැමතැනම හෙව්ව අඩෙ....ආ....මේක....ඩෙලාම්මයියා අරන් දුන්නෙ...පසනා තනියෙන් බිව්වෙ නෑ ඔහේවත් මතක් උනානෙ පසනට ඉතින්....ඔහෙත් චුට්ටක් බීලා අපෙ තාත්තටත් ටිකක් තියනො හරිය ......

මට නෙවෙ දැන් කට උත්තර එන්නෙ...කොටින්ම මට කට උත්තර නෑ.....මෙච්චරවෙලාම තවමත් මට නිදිමතයි ගගා උන්න ඩෙලාම්ගෙ නිදිමත පවා වාශ්ප උනා...පුක උඩ දාගන පැනලා ආවට මොකද හිතන්න ඕන පැති කාරනා තේරුම් යන්න පටන් ගත්තෙ දැන් වෙද්දි මෙච්චරවෙලාම කොහෙ හරි මුල්ලක ඉදන් මතු උන පසනා ඩෙලාම්ගෙ හොද සිහියත් නැති කරගන මට අම්මා කිව්වා විතරක් නෙවෙ උගුරක් දෙකක් බීපු මයිලෝ එකත් මගෙ අතට දීලා ඉතුරු ටික තාත්තට දෙන්න කියනවත් එක්කම මං බලාගන ඩෙලාම්වත් යන්තමට සුදු මැලි වෙනවා...

මේ යකා තව මොනවා කියයිදෝ.....

අම්මා...පසනා අම්මා කිව්වෙ සිහත්ටද????

ඔව්.....කැතයට තමා....මෙයැයි දැන් මගෙ අම්මනෙ....අපෙ තාත්තා එක්කනෙ මෙයා යාලු.....අපෙ තාත්තා පසනට කිව්වනේ තාත්තලා දෙකක් එපා කියලා...ඔහෙ එනවයි අපෙ ගෙදර...මායි අපෙ තාත්තයි කැත අම්මයි රමනියක්කලාගෙ ගේ ගාව තියන ගෙදට්ට ආවනෙ.....අපි දැන් ඉන්නෙ එහෙ ....ඔහෙට මං දෙවනි පසනව පෙන්නන්....ඔහෙ එනෝද....අනෙ ඔහෙවත් එනෝකො...මට එපා වෙලා ඉන්නෙ අප්පා..මෙයැයිගෙ වැඩේමපාඩන් කරන්ඩ කියනවා...පසනා ආස නෑනෙ දොඩම් බොසා...ඔහෙ දන්නෝනෙ.....අනික ලොකු පප්ප පසනට කිව්වනෙ පසනා ලොකු උනාමපසනටත් හෝටලයක් දෙනෝ කියලා...පප්පා තාත්තත් පසනට බෝට්ටුවක් අරන් දෙනො කිව්වා...

ඔච්චර තියාගන මොකටද අඩෙ චක්කරෙ....මං අහන්නෙ දොඩම් බොසා.....ඔහෙම මෙයැයිට දොඩකො අඩෙ.....මට එපාවෙලා...අපෙ තාත්තට කිව්වට අහන් නෑන්‍ර්...අම්මව මාරු කරපන් කියලා...ඔහෙ එන්ඩකො...ඔහෙ ඉනෙත් එ අහලමනෙ.....

මේ ළමයා මොනවද සිහත් මේ කියන්නෙ????රමනි අක්කගෙ ගෙදර ගාව කියන්නෙ.....??එහෙ මොකද කරන්නෙ?

මං හිනා උනා...මට කරගන්න දෙයක් නැති කමටම මං හිනා උනා.... අරකගෙ කට තනිකරම වාන් දාපු වැවක් වගේ කියවන්න ඕන මොනවද නැත්තෙ මොනවද කියලා ගානක් නැතුව ඔහෙ කියවන් යනකොට මට කට උත්තර නැති උනා....

ඒත් මන් පසනට බැනලා කොහොමද.....ඌ කියන්නෙ ඌ ඇහට කනට දකින අහන දේ....ඌ කියපු කිසිම තැනක වැරද්දක් තිබුන් නෑ....මෙතන හොර හිත තියෙන්නෙ මගෙ විතරක්ම වෙනකොට මං ඌට කොහොම කියලා නම් බනින්නද ...

දෙන්න.....

නෑ කමක් නෑ ඩෙලාම් මට ගන්න පුලුවන් .....මහ බරක් නෙවෙනෙ.....මං ගන්නම්...

මෙහෙ දෙන්න...කිව්වම අහලා....ඔක්කොම ගන්න පුලුවන්ද ??

ඇයි ඩෙලාම්ට මාව ළඳක් වගේ පේනවද...???

ළඳක්....??

.හ්ම්....ළඳක්...ඩෙලාම්ට වඩා මං අගලක් දෙකක් මිටි ඇති හැබැයි මිටි මනුස්සයන්ට පාන්ඩුව නෑනෙ.....ඒකයි ...මං ගන්නම්....

මට යන්තමට වගෙ කේන්තියක් මෝදු උනා....ඩෙලාම් මට වරදක් කෙරුවෙ නැති උනත් බිම තිබ්බ බෑග් හතර අත් දෙකට දෙක ගානෙ ගන්න පුලුවන් කම තියනකොට ඩෙලාම් හැදුවෙ හතරම මගෙ අතින් අරගන්න වෙද්දි මට තරහ යාගන ආවා...සමුද්‍ර උන්නා නම් මං මේ එකක් වත් ගන්නෙ නැතිව ඉන්න ගියා ..එක්කො එයාට දෙකක් දීලා මං දෙකක් ගන්න ගියා ....හතරම සමුද්‍රට දුන්නත් ඒ දෙන්නෙත් මට උස්සන් යන්න බැරි කමකට නෙවෙ සමුද්‍ර මගෙ ගාව ඉන්න වාරයක් පාසාම මං සමුද්‍ර ගාවදි නොදරුවෙක් වෙන හන්දා....ඒ ආදරෙ ගාවදි මං බොලද වෙන්න හන්දා ...

ආදරෙ ගාවදි බොලද උනා කියල මගෙ පිරිමි කම ගිහින් නෑ...මගෙ අත්පය කොරවෙලානෑ.....

ඒ කියලා හැමෝටම මගෙ මල්ල උස්සන් යන්න දිලා අහක යන ප්‍රශ්න දාගන්නත් මං මෝඩ නෑ....

මෙච්චරවෙලාම ඩෙලාම් එක්ක හොදින් කතා කරපු මං සැරබාල කරලා වචනයක් දෙකක් කිව්වා විතරයි මගෙ අකමැත්ත දැනුන පලවෙනි තත්පරේම ඩෙලාම් මගෙන් සමාව ඉල්ලුවා.....

සමාවෙන්න ....මං ඒක හිතලා කරපු දෙයක් නෙවෙ සිහත්....

..........නෑ මං කැමති නෑ ඩෙලාම්....උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්නෙ.....ඔය ඔක්කොම දෙන්න මන් අරන් යන්නම් වගේ කියනකොට මට ඒක පොඩ්ඩක් සෙට් නෑ ඒකයි මන් එහෙම කිව්වෙ.....

නෑ..නෑ..මට තේරෙනවා....සමාවෙන්න කිව්වේ ඒකයි...

අවුලක් නෑ...පසනා...

මේ ඉන්නො....

මගෙ ටී ශර්ට් එකෙන් අල්ලගන්න.....

ඩෙලාම් දිහාවට යන්තන් හිනාව පා කරපු මං අනිත්පාර පසනවත් එල්ලන් එලියට ආවා.....හැබැයි ලත් තැනම ලොප් කියන්නත් වගේ එලියට ඇවිදින් බලපු මට එකම එක ත්‍රීවිල් කට්ටක් හොයාගන්න බැරිව යනවත් එක්කම මං බරට බර්‍ර්‍ර් එල්ලෙන උර හතරත් පසනා දිහාවත් බැලුවා...එනකොට ආව වගේ නෙවෙ මූ යනකොට නම් අනිවාරෙම්ම චර චුරු ගානවා...

හැබැයි මූට පගාවක් දුන්නොත්...

පසනෝ...

ම්ම්ම්ම්ම්....ඇයි ඔහෙට මේවා බරද...එකක් දෙනෝ....පසනට ගන්ඩ ඇහැක්..ඔහෙට මේවා බරයිනෙ අඩෙ...පසනට ඇහැක් හරිය...

නෑනැ ඕන් නෑ...ආ මේක...මේක ගන්නකො

සල්ලි...ඇයි....

අයිස් පලම් දෙකක් අරගන එන්න...පයින් යන්න වෙන්නෙ ත්‍රීවිල් නෑ....ඒකයි...පසනා ආස දෙකක් ගන්න...දෙකම පසනට.....

දෙක....ම....පස...නට....ඔහෙ කියන්නෙ......

පන්ඩිතයිනෙ.....උදව්වක් කරන්න ගියහමත් කියවනවා.....

.

ඩෙලාම්....

මේ වාහන අස්සෙ මේ බයික් අස්සෙ මේ කොල්ලවත් එල්ලන් යන්න පුලුවන්ද සිහත්....පිස්සුද එහෙම....මං ගිහින් දාන්නම්...මං ඉන්නෙත් ඒ ලග...

නෑ කමක් නෑ ඩෙලාම්

මන් තමුන් ගැන ඉන්ට්‍රෙස්ටින් නෑ සිහත්....

ම්..මොකක්....

නෑ...උදව්වක් කරන්න ගියත් බය වෙලා ගොත ගහන්නෙයි....හැම වෙලාවෙම අපි අතර පරතරෙ තියාගන්න හදන්නෙයි මමත් මිනාල් වගේ ඔයා ගැන හිතේ තියාගන ඉන්නවා කියලා හිතාගන නම්...මට ඔයා ගැන කිසි හැගීමක් නෑ.....

......

ඔයා මගෙ ටයිප් එකේ නෙවෙ....විකාර නොකර නගින්න...

මගෙ මූනම රත් වෙන්න ගත්තා...කොටින්ම මට වහකන තරමට ලැජ්ජාවක් දැනෙන්න ගත්තා....ඩෙලාම් ලගට එන වාරයක් පාසාමත් උදව්වක් දෙන්න හදන වාරයක් පාසාමත් ප්‍රතික්ශේප කරපු මට ඩෙලාම් කෙරුවෙම කන අතගාලා කනට ගහන්න හා සමාන වැඩක් වෙනකොට මටත් නොදැනි මගෙ යටිතොල මටම හැපුනා.....කොටින්ම මගෙ ඇහිබැම රැල් ගැහුනා.....අතේ තිබුන බෑග් හතරම බලෙන් වගෙ අරගත්ත එයා කඩේට චූටක්ක ඉස්සරහින් නවත්තලා තිබ්බ තනිම කලුපාට ජිප් එකට දාගත්තා....

ඒ ජිප් එක තනිකරම සමුද්‍රගෙ වගේම එකක් වෙනකොට තවම නිදි සරම පිටින් උන්න ඩෙලාම් දිහා මන් ඇස් හීන් කරගන බලාගන දත්මිටිකෑවා....තනි කලු සරමත් අවුල් උන කොන්ඩෙත් රතුපාට ඇස් දෙකත් ගෙනාවෙ වෙනම වයිබ් එකක් වෙනකොට කොච්ච්ර නිවිලා වගේ කතා කෙරුවත් මං ඩෙලාම්ගනුත් යන්තමට වගේ රතු එලි දකින්න ගත්තා....

එන්න....

පස්ස දොර ඇරලා උර හතරම පිටිපස්ස ශීට් එකට දාපු ඩෙලාම් අර අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ තවත් චුට්ටක් අතින් අවුල් කරගන්න ගමන් අර නිදිමත ඇස් දෙක සන්ග්ලාස් දෙකකින් වහගන්න ගමන් ජිප් එකෙ ඉස්සරහා දොර ඇරලා එන්න කියලා...

හහ්...උඹ එක්ක ඉස්සරහ ශීට් එකෙ යන්න....බලන් ඉදින්.....

නෑ ඩෙලාම් මං

පසනට කිව්වෙ....පසනා එනවද.....

පිට පිටම කම්මුල් පාරවල් දෙකයි...මූනටම මං උගෙ ටයිප් එකෙ නෙවෙ කිව්වා මදිවට ඉස්සරහා දොර ඇරියෙත් පසනට කියන ගමන් පසනා නැග්ගට පස්සෙ දොර වහපු එයා මගෙ දිහා සන්ග්ලාඑකට උඩින් බලාගන ඩ්‍රයිවින් ශීට් එකට යනවත් එක්කම මින් එහා වචනයක් නොකියපු මං එහෙම්ම තවමත් දොර ඇරල තියන පස්ස ශීට් එකට නැග්ගා....

ඊයෙ පාන්දර මට මිනාල් කතා කෙරුවා...

........

ජිප් එකට නැග්ගත් මං නෙවෙ වචනයක් කතා කෙරුවෙ...පසනා උන්නෙ උගෙම ලෝකක වෙනකොට තමුන්ගෙ අප්පගෙ වාහනෙ තමුන්ගෙ වගේ තනි අතින් ඩ්‍රයිව් කරන ඩෙලාම් මගෙ දිහා නොබලා උනත් මට ඇහෙන්න ඊයෙ පාන්දර මට මිනාල් කතා කෙරුවා කියනවත් එක්කම මෙච්චරවෙලාම බිම බලාගන උන්න මං ඔලුව ඉස්සුවා...

ඊයෙ පාන්දර මිනල් කතා කෙරුවලු...

මට එක දෙයක් දැනුනා.....

ඒ වචන අස්සෙ සතුට හැන්ගිලා තියනවා....මට ඩෙලාම්ගෙ සතුට දැනෙනවා...

ඊයෙ රෑ පාටිය ඇතුලෙදි මං එක්ක කතා කරපු වචනයක් ගානෙම තිබුනෙ මලානික හැගීම් උනත්....මේ තත්පරෙ ඇතුලෙ කතා කරපු හැම වචනයක් ගානෙම තිබුනෙ සතුටක් විතරක් වෙනකොට මට දැනුනෙම තමුන් ආසම කරන සෙල්ලම්බඩුව නැතිවෙලා තිබිලා කාලයක් ගිහින් ආපිට හම්බ උන පොඩි එකෙක්ගෙ හිත අස්සෙ තියන සතුටු හැගීම් ඩෙලාම්ගෙනුත් එලියට කාන්දු උනා වගේ දෙයක් වෙද්දි මං ඩෙලාම්ට බොහෝම කෙටියෙන් උත්තර බැන්දා....

ආ..හ් එහෙමද...එහෙනම් හොදයි.....

හ්ම්...හොදයි නම් තමයි.....ඒත්...මට තේර්‍ර්න්නෙ නෑ සිහත් මිනාල්ගෙ මේ හිතුවක්කාරකම් කවදා නවතින ඒවද කියලා....

හිතුවක්කාරකම්...

හ්ම්.....මං මගෙ ජීවිතේ කිසිම දවසක මිනාල් තරම් හිතුවක්කාරයෙක් දැකලා නෑ සිහත්...සෙක්ශන් එක මාරු කරගන්න වැඩේ හරිලු....මිනිහා සදුදා ඉදන් ආර්ට්ස් එකෙ....

එහෙමද.....

මිනාල් සදුදා ඉදන් ආර්ට් එකට එනවලු.....වරෙන්....ඕන මගුලක් මට වැඩක් නෑ....උඹ ආර්ට්ස් එකට බැරි අම් ආපිට ඕලේවල් පන්තියට මාරු උනත් මට වැඩක් නෑ මිනාල්....සදුදා ඉදන් මං නෑ.....

හ්ම්.....හැබැයි මට තව දෙයක් කිව්වා....

තව දෙයක්...

හ්ම්ම්ම්ම්ම්

මොකක්ද.....

සිහත්ට ආයම කරදර කරන්නෙ නෑ කිව්වා.....සෙක්ශන් එක මාරු කෙරුවට මිනාල්ගෙන් සිහත්ට බැල්මකින් වත් වරදක් වෙන්න දෙන්නෙ නෑ කිව්වා.....මං හිතන්නෙ ඊයෙ සෑහෙන වෙලා මිනිහා සිහත් එක්ක කතා කරලා තියෙන්නෙ අවංක හැගීම් වලින් වගේ...මිනාල් කියන්නෙ ලේසියට නිවෙන මනුස්සයෙක් නෙවෙ සිහත්...ඌට දෙයක් ඕන නම් ඕනමයි.....හොදින් අයිතිකරගන්න ප්‍රතිශතෙ බොහෝම අඩුයි...අනික ඌගෙ දෙයක් තියනවා ඌ කොහොමත් ලයින් එක අල්ලන්නෙම රිජෙක්ට් වෙන්න තියන ප්‍රසන්ටේජ් එක බලලා....ඌට ඕන අහපු ගමන් හා කියන කොල්ලෙක් නෙවෙ.....බෑම කියන එකෙක්...

ඇත්තට...මිනිහගෙ ටේස්ට් එක සෑහෙන වෙනස් වගේ නේ.....ම්ම්ම්...රිජෙක්ට් වෙන ප්‍රසන්ටේජ් එක බලන් confess කරනවා කියනවා කියන්නෙම මිනිහා වෙනස් කියන එකනෙ ....

ඩෙලාම් කියවගන ඉන්නවා...හැබැයි ආයම අර වචන අස්සෙ තියන හැගීම් මාරු වෙලා.....මිනාල් කතා කෙරුවා කියලා කියනකොට තිබුන අර සතුටුදායක හැගීම් ආයම සීතල වෙලා ගිහින් තිබුනා....මිනාල් හොයන්නෙම ඇහුව ගමන් හා කියන එකකෙක්ට වඩා එපාම කියන එකෙක්ව මිනාල්ගෙ කරගන්න කියනකොට මං ඒ කියන එකක්වත් ගානක් නෑ වගෙ උන්නා...

හ්ම්ම්.....ඒකයි මං කියන්නෙ මිනිහා වෙනස්...විලන් කැරක්ටර් එකෙ ඉදලා ඉදලා එකපාරම victim card එක ප්ලේ කරනවා කියන්නෙ.....ඌ villain කැරැක්ටර් එකෙ ඉන්නකොට නෙවෙ අවුල තියෙන්නෙ සිහත්.....එතකොට ගානක් නෑ...මූ මට කොයිවෙලෙත් හතුරුකම් කරනවනෙ කියලා හිතදන්නවා.....ඒත් මූ එකපාරම victim card එක ප්ලේ කරන්න ගන්නවා කියන්නෙම...අන්න එතන අවුල් සිහත්....he is fucking smart sihath....

ඇත්තට.....ඩෙලාම් දැන් කියන්නෙ ඊයෙ රෑ අර අච්චර අඩාගන දොඩාගන ඇවිත් කියවලා ගිය මිනාල්ගෙන් මං දැන් වැඩිපුර පරිස්සම් වෙන්න ඕන කියලද....????ඒක එහෙම නම්.....මෙහෙමයි ඩෙලාම්....නෑ එක්කො ඕන නෑ....අර කතාවක් තියනවනෙ පිච්චෙන බව දැන දැනම පලාගැටියා උනත් හොය හොය රින්ගුවෙම ගින්දර අස්සට කියලා....බොරු කියන්න ඕන නෑ...එක තත්පරේකට මට මිනල් ගැන දුක හිතුනා....එක විනාඩියකට මට මිනාල් ගැන අනුකම්පාවක් දැනුනා...හැබැයි ඔය කියන විදිහට මිනාල් දැන් ග්‍රීන් ෆොරෙස්ට් එකක් වගේ ඇක්ට් කෙරුවට ඇතුලාන්තෙන් ලාවා ගොඩක් නම්....සොරි ඩෙලාම්....මන් දැම්මම සමාව ඉල්ලනවා.....

සමාව....ඒ මොකටද සමාව?

පස්ස ශීට් එකෙ ඉදගන උන්න මං කටකොනකින් හිනා උනා....ඩෙලාම්ගෙ වචන අනුව මිනාල් කියන්නෙ තවමත් බැටලු හම පොරවගත්ත වෘකයෙක් නම්.....මට සිද්ද වෙනවා මිනාල් අතින් වෙන හැම මිස්ටේක් එකකටම මගෙ පැත්තෙන් එල්ලවෙන ප්‍රතිප්‍රාහර්‍ර්ට දැන් ඉදම්ම සමාව ගන්න එක.....

What am i to you delam....??මං අහන්නෙ ඩෙලාම්ගෙ ඇස් වලින් සිහත් සෝලංගාඅරච්චි කියන්නෙ මොන වගේ කැරැක්ටර් එකක්ද????ඩෙලාම් ඔය මට නොකියා කරන්නෙ වර්නින් එකක් දෙන එක නම්...මං වෙනුවෙන් මේ මැසේජ් එක මිනාල්ට පාස් කරන්න පුලුවන්ද ...නෑ එක්කො ඕන නෑ...ඒකත් මමම ඔහෙ කියලා දාන්නම්...මිනල් හදන්නෙ වික්ටිම් කාර්ඩ් එක ප්ලේ කරන්න නම්.....කරලා බලන්න දෙමු...අවුලක් නෑ....හැබැයි මං සමාව ඉල්ලපු කාරනෙ මොකක්ද අහනවා නම්.....ප්‍රහාරෙ තියන අශිශ්ටත්වෙ අනුව එල්ලවෙන ප්‍රතිප්‍රාහරෙ අශිශ්ටත්වෙ දෙගුනයක් වෙන්නත් පුලුවන් ....ඔයාගෙ ඇස්වලට දකින්න ලැබෙන දේවල් වලට මට වගකීමක් ගන්න බැරිවෙයි...ඒකයි මං සමාව ඉල්ලන්නෙ.....

මිනාල් රඹුක්වැල්ල....මිනිහගෙ නමින් රඹුක්වැල්ල කියන සර්නේම් එක අයින් කරපුවාම මිනිහා නිකම්ම නිකන් පුස්සක්....අප්පගෙ කෙරුවාවයි...අප්පගෙ නමයි ...ඌ කරපු ලබ්බක් නෑනෙ.....කමක් නෑ...ඔය කරන් ගියදෙන්....

මහ සද්දෙන් නොවුනත් ඩෙලාම්ට විතරක් ඇහෙන සද්දෙන් තදින් කතා කරපු මන් මිනාල්ට ඌ කැමති දෙයක් කැමති විදිහකට කරන් ගිය දෙන් කියනවත් එක්කම මං එහෙම්ම ශීට් එකෙ හරි බරි ගැහිලම ඉදගත්තා ...මං බලාගන මං කියන වචනයක් පාසාම අහන් උන්න ඩෙලාම් සන්ග්ලාස් දෙකට උඩින් කන්නාඩිය හරහා මගෙ දිහා බලාගන් ඉදලා හුස්මක් ගන්නවා.....

හොදයි මිනාල්...උඹ හදන්නෙ මගෙන් අනුකම්පාව ගන්න නම්.....මගෙ ඉස්සරහා ශුද්ධවත් චරිතයක් රගපාලා වෙන ගේමක් කෝල් කරන්න නම්....will see baby....will see mmmm...minal...minaal...minaa....l

you want to this war ,dont run when it's time to bleed !!!

ඒක එච්චර හිතන්න එපා.....මෑන්ටම දවසක තේරුම් යයි මේ කරන දේවල් වලින් වැඩක් නෑ කියලා....එකම අවුල මිනිහට තව වෙනකන් තමන්ට ආදර්‍ර් කරන මනුස්සයව පෙනුනෙ නැති එක සිහත්.....ඌට ගව් හතක් එහා දුරන් පිපුන මල පේනවා...හැබැයි පය පාමුල තියන මල දකින්න ඒ ඇස් අන්දයි...ඒකට උගෙ මෝඩකමද...නැත්තන් ඌට පන ඇරන් ආදරෙ කරන එකාගෙ පින මදිකමද මන්දා....ඒ කොහොම උන....තත්පරයක් දෙන්න සිහත්....

කතාව මග නැවතුනා.....මිනාල් ගැන වර්නින් නොදී වර්නින් එකක් දුන්න ඩෙලාම් අනිත්පාර ආයමත් මහ බරක් හිතේ හිරකරන් වගේ කතා කරන්න ගත්තා....ඌට ගව් හතක දුරින් පිපෙන මල් පෙනුනට පය පාමුල පිපෙන මල පේන්නෙ නෑ කියන ගමං මහ බරට හුස්ම අරන් තවත් දුර කතා කරන්න ගත්තා විතරයි අපෙ සන්වාදෙ තාවකාලිකව ඇනහිටවගනම එයාට කෝල් එකක් ආවා....ඒකත් මැසෙන්ජර් කෝල් එකක් .....

මං එහෙම්ම මගෙ අත් දෙක දිහා බැලුවා...මටත් නොදැනිම මං මගෙ ඇගිලි කිටි කිටියට නමාගන උන්නා....පසනගෙන් සද්දයක් නෑ....කොල්ලට නින්ද ගිහින් වත්දෝ.....වාහනේට නැග්ගත් හරි ඌ නෙවෙ වචනයක් කතා කෙරුවෙ....අඩමානේට ඇරලා තිබුන ශටර් වලින් ඇතුළට එන හුලන් රැල්ල හිතුමනාපෙට ජීප් එක පුරාවටම අරක් ගන්නකොට හාවක් හූවක් නැති පසන දිහාවට මං බෙල්ල දාලා බැලුව...මං හිතුවා හරි ..අනෙ ඌට නින්ද ගිහිල්ලා...කොල්ලගෙ බෙල්ල කඩා වැටෙනවා...

හෙලො......කොයි වෙලේද ආවෙ.....?

ඇයි මට එනවා කියලවත් නොකිව්වෙ??

හ්ම්ම්ම්ම්ම්.....එන්නත් ඉස්සර වෙලා අහන්නෙ ඒ මනුස්සයා ගැනද????මගෙන් කොහොමද කියලා වත් නාහම අහන්නෙ ඒ මනුස්සය ගැනද....??

පුදුමයි මට කතා කරන්නවත් මතක තිබුනා.....

......ඔයාට මං බැනලා තේරුමක් නෑ

ඩෙලාම් තවමත් කෝල් එකෙ...නින්ද ගියපු පසනගෙ බෙල්ල තියන විදිහ දැක්කත් ඇති මගෙ පපුව හෝස් ගාලා ගියා....උගෙ පොඩි හිතේ තියන ආදරෙ තරම කියන්නෙ කොච්ච්ර අන්කරේට ආවා උනත් ඌට බදාගන කන බොන පුරුද්දට වඩා බෙදාගන කන පුරුද්ද තිබ්බා....

ඌට උගෙ ගැන විතරක් නෙවෙ වටපිට ඉන්න මනුස්සයො ගැන සානුකම්පිතව බලන්න හොද පපුවක් තිබ්බා....

ඒක එහෙම වෙන්නම ඕන...වෙන මොකටවත් නෙවෙ...ඌව පපුවෙ තියාගන හදන්නෙ මේලෝකෙ ඉන්න හොදම තාත්තලාගෙන් එකෙක් වෙද්දි ඌ අනිවාරෙම්ම එහෙම වෙන්නම ඕන...

පසනගෙ බෙල්ල ඇමැට්ටි වෙයි කියන බයටම මං එහෙම්ම ඉස්සරහට බර උනා..බර උනා කියන්නෙ ඉදන් උන්න ශීට් එකෙන් අඩමානෙට නැගිටලා ලමයගෙ ඔලුව චුට්ටක් හරිගැස්සුවා.....ඩෙලාම් තවම කෝල් එකෙ වෙනකොට කොල්ලගෙ ඔලුව ආපිට හරියට තියලා ඉදගන්න හදනවත් එක්කම මං ඩෙලාම්ගෙ ඵෝන් එකෙ ස්ක්‍රීන් එක දැක්කා...

"ishitha roleen wendakduwa"

ඉශිත රොලීන් වෙන්දකඩුව ???????

වෙන්දකඩුව??????

සිහත්.....

......

සිහත්.....

ඩෙ...ඩෙලාම්....ස්..සොරි මං වෙනකල්පනාවක උන්නෙ...

කමක් නෑ...පසනට නින්ද ගිහින් මං එන්නද...නැත්තන් ඇහැරවන්නද.....

නෑ එපා ...මං මේ ටික බිමින් තියලා කොල්ලව ගන්නම් ඇහැරවන්න එපා...

මන් උන්නෙ වෙනම කල්පනාවක.... ඩෙලාම්ගෙ ඵෝන් ස්ක්‍රින් එක දැක්ක වෙලාවෙ ඉදන්ම ආපිට ශීට් එකට හේත්තු උන මං මහමුහුද දිහා බලාගන උන්නා...ඒත් මගෙ ඇස් තිබුනෙ මහමුහුද දිහාවට උනත් මගෙ හිත තිබ්බෙම වෙන දිහාවක....වෙන්දකඩුව කියන නම දැක්කත් ඇති මට මතක් උනේම අප්පච්චි එන්න කලින් උන්න හිටපු ඕඅයිසි වෙන්දකඩුවව වෙනකොට මං ඒ වෙන්දකඩුවයි මේ වෙන්දකඩුවයි දෙන්නා අතර සම්බන්දයක් තියනවද කල්පනා කෙරුවා....

සැක කරන්නත් බෑ...නොකරත් බෑ....මොකද එකම වාසගම තියන මිනිස්සු කොච්ච්ර ඉන්නවද.....

කල්පනාවෙ තරම කියන්නෙ ගේ ඉස්සරහටම ඇවිදින් ජීප් එක නවත්තලත් ඩෙලාම් දෙතුන් පාරක්ම කතා කරලත් මට ඇහෙන් නැති උනා....

ඩෙලාම්.....

ම්ම්ම්...ඔව් සිහත් කියන්න.....

ජිප් එකෙන් බැහැපු මං බඩු උර හතර මාලු ලෑල්ල ගාව බිමින් තිබ්බා....නිදාගන උන්න පසනව ඇහැරවන්න ඇහුවත් එපා කියපු....කොල්ලව ගෙට ගෙනත් දෙන්නද ඇහුවත් එ දෙකටම එපා කියපු මං යන්තන් කෙදිරියක් ගාපු පසනව වඩාගන ඒකගෙ පිටට හීන් සීරුවට තට්ටු කෙරුවා....

කරපු උදව්වට ස්තූතියි කිව්වත් මොකද මගෙ හිතට නෙවෙ නිදහසක් දැනුනෙ....හිත කිව්වෙම ඩෙලාම්ගෙන් අහපන් කියලම වෙද්දි යන්න හදාපු මං ආපිට නැවතුනා...

සොරි.....මෙහෙම අහනවට...අනුන්ගෙ දේවල් වලට ඇගිලි ගහනවා කියලා හිතන්න එපා....

.......නෑ අහන්න දෙයක් තියනව නම් අහන්න...

ඔයා මේ දැන් කතා කෙරුවෙ....

ඉශිත...ඇයි මිනිහව දන්නවද??

න්..නෑ..නෑ...දන්නෙ නෑ.....මං සර්නේම් එක දැක්කා...වෙන්දකඩුව කියලා තිබුනා...බැරිවෙලාවත් එයා

කලින් ඕඅයිසිගෙ පුතා....

වෙන්දකඩුවගෙ පුතා....

ම්ම්ම්...මං හිතුවා සිහත් දන්නවා ඇති කියලා....හැබැයි මිස්ටර් සෝලංගාඅරච්චි නම් දන්නවා ඇති....

වෙන්න ඇති....අප්පච්චි නම් දන්නවා ඇති....ස්ටේශන් එකෙ වෙන හැමදේම අප්පච්චි ගෙදර කියන්නෙ නෑ ඩෙලාම්...ඒකයි මං ඇහුවෙ....

..........ම්ම්...ඒකත් ඇත්ත හැබැයි...

මං ඔලුව වැනුවා...කොල්ලවත් වඩාගන උන්න මන් ඕන කරන ප්‍රශ්නෙටත් උත්තරෙ හොයාගන යන්නම් කියන එක යන්තමට මුමුනලා එන්න හැරුනා ඩෙලාම් ආයම කතා කෙරුවා....

සිහත්.....

......

කිව්වට විස්වාස කරයිද දන්නෙ නෑ...

මොනවද.....

ඉශිතට තියෙන්නෙත් සිහත්ගෙ ෆේස්කට් එක කිව්වොත්.....

ඉශිත මං වගේ???

(ඉශිත වෙන්දකඩුව )

*

*

*

Samudra pov

සුදු පුතා උඹ කියන්නෙ උඹ මාලු කරයෙක් විතරමයි කියල .....?

.........සෝලංගාඅරච්චි .....ඔය ඇස් වලට මන් මොනවගේ මනුස්සයෙක්ද.....?

.......උඹ හොද එකෙක්.....උඹ නරකයි නම් මං උඹගෙ හෙවනැල්ලවත් මගෙ පවුලට වැටෙන්ඩ දෙන්නෙ නෑනෙ සුදුපුතා.....

................හ්ම්ම්...හ්ම්....මට දෙන්න තියෙන්නෙත් කලින් උත්තරෙ විතරමයි සෝලංගාරච්චි ...මං මාලුකාරයෙක් විතරයි.....

මෙච්චරවෙලාම සිගරට් එකක් අවුලන් උන්න මං අනිත්පාර සිගරට් එකෙන් වේප් එකට මාරු උනා.....ජැටිය ගාවින් ආව මගෙත් සෝලංගාඅරච්චිගෙත් නැවතුම උනෙ වෙරල අයිනෙම තිබුන පොල් අතු වලින් වැඩකිඩ දාපු පොඩි පහෙ බාර් එකක් ඇතුළට වෙනකොට වෙරි වෙන්න උවමනාවක් නැති උනාට කට පාළුවට අරින්න බැරි කමට බේක් කරපු කජු ප්ලේට් එකක් එක්ක බියර් බෝතලයක් ගත්ත මාත් සෝලංගාඅරච්චිත් රැල්ල ගහන මහ මුහුද දිහාව බලාගන උන්නා....

වතාවක්.....දෙවතාවක් නෙවෙ තුන් හතර වතාවක්ම මගෙන් පිට පිටම උඹ මාලු කාරයෙක් විතරමද අහන්න අහන්න මට දෙන්න තිබුන උත්තරෙත් පරන උත්තර්‍ර්ම වෙද්දි අවසානෙදි ප්ලේට් එකෙන් කජු ඇටයක් අරන් කටේ දාගත්ත සෝලංගාඅරච්චි යන්තමට හිනා උනා...

උඹට දැන් කොහෙද යන්න ඕන....

රඹුක්වැල්ල ගාවට....

මොකටද.....?

මට විතරද හේතු තියෙන්නෙ....අරූගෙ තාත්තා හැටියට තමුන්ටත් ඌ ගාවට ගිහින් වචනයක් දෙකක් කතා කරන්න අයිතියක් තියනවා...එකට ගියාට තමුන්ට පුලුවන් තමුන්ගෙ ප්‍රශ්නෙ කතා කරන්න...මට පුලුවන් මගෙ ප්‍රශ්නෙ කතා කරගන්න...මගෙ දේවල් තමුනෙග් දේවල් එක්ක පටලවන්න හොද නෑ...හැබැයි.....රඹුක්වැල්ලයා මෙච්චර හොදින් කියලත් තාත්තෙක් හැටියට උගෙ පුතාට වචනයක් වත් කියන්නෙ නැතිව ගියොත්....???ඒකත් මං බලාගන්නම්...

කොහොමත් මේ වෙනකොටත් රඹුක්වැල්ලගෙ සාලෙ මැද පරන යාලුවො සෙට් එකක්ම ඇති.....සෝලංගාඅරච්චිට වගේම මාත් ආසයි හායි හෙලෝ කියලා ආචාර සමාචාර කරලා අර පරන මූනුටික පොඩ්ඩක් බලන්න.....

තමුන්.... සුදුපුතා උඹ මට තමුන් කියනවද...??උඹ තරහෙන් ඉන්නෙ.....

වේප් එක කටේ තියාගන මූද දිහා බාලාගන උන්න මං අවසානෙදි තව දුම් උගුරක් ඇදලා සම්පූරනම සර්වාංගෙත් එක්කම මං සෝලංගාඅරච්චි පැත්තට හැරුනා....

හ්ම්...මන් තරහෙන් ඉන්නෙ.....සෝලංගාඅරච්චි තවම අහනවා මං මාලුකාරයෙක් විතරමද කියලා...ඒ ඔක්කොම පැත්තක දාලා මේ නූගතාගෙන් එක වතාවක් අහන්ඩ බැරිද මං තමුන්ගෙ පුතාට මොනතරම් ආදරේද කියලා?????එක වතාවක්...????එකම වතාවක්??????

සෝලංගාඅරච්චි හරි....සීයට දාහක් හරි...බෙරිහන් නොදි කතා කෙරුවත් අඩුම ගානෙ මටවත් නෑහෙන ගානට කතා කෙරුවත් මං උන්නෙම සක්‍රීය උන ගිනිකන්දක් පපුව ඇතුලෙ තියාගන...සෝලංගාඅරච්චි ගේ ඇස් හීන් වෙනවා.....කොටින්ම මං බලාගන ඒ අතේ ඇගිලි කිටි කිටියට තද වෙනවා...ඊට වඩා වැඩි වේගෙකින් මගෙ අතේ ඇගිලි තද වෙනවා.....ඒ ඇස් වලට වඩා මගෙ ඇස් හීන් වෙනවා...ඒ ඇස් රත ගහනවට වඩා වැඩි වේගෙකින් මගෙ ඇස් රත ගහනවා....කැපුන දැලෙ කැපුම් පාර මතක් මතක් වෙන වාරයක් පාසාම මට දැනුනෙම මුලු ලෝකෙම හරි ගින්දර තියලා ඒ ගින්නට පනිනන් තරම් තරහවක් වෙනකොට මං සෝලංගාඅරච්චි දිහා යක්සාවේසෙන් වගේ බලාගන උන්නා....

...උඹමගෙ පුතාට කොච්චර ආදරෙ උනත් ...උඹ උඹගෙ නැති උන සීයට තරම් මගෙ පුතාට ආදරෙ නෑ කියන්න මං දන්නවා සමුද්‍ර.....හැබැයි මතක වලටත් යන්න දෙන්න වෙන කාලයක් එනවා...උඹ තවම ඉන්නෙ උඹවම වැරදි කාරයෙක් කරගන්න ගමන්....උඹ ඔය පුපුරන්නෙ උඹගෙ දැල කැපුවට නෙවෙ....

එහෙනම්...????

උඹට අත තිබ්බට.....ඊටත් වඩා උඹ ඔය පාලනයක් නැති තරමට තරහෙන් ඉන්නෙ උඹහිතන්නෙ උඹට අත තිබ්බා කියන්නෙ උඹව දෙපයින් නැගිට්ටවපු මනුස්සයට අත තිබ්බයි කියන කාරනාව උඩ...

...............

තේ...ජ...ක....

සුදු පුතා.....මං උඹට දෙයක් කියන්නද...මං උඹ වෙනුවෙන් මැරෙනවා කියන එකයි...මං උඹ හින්දා මැරුනා කියන එකයි වචන දෙකක්.....තේරුම් දෙකක්...බැලූ බැල්මට එක වගේ පෙනුනට...උඹ හන්දයි මං මැරුනෙ කියන වචනෙට වඩා....උඹ වෙනුවෙනුයි මන් මැරුනෙ කියන වචනෙ ගෞරවාන්විතයි....පක්ශපාතීයි..ආදරනීයයි.....තව දුරටත් උඹ උඹවම හිරකාරයෙක් නොකර නිදහස් කරපන් සමුද්‍ර....මොකද උඹගෙ සීයා මැරුනෙ උඹ හන්දා නෙවෙ....උඹ වෙනුවෙන්........උඹ මගෙ පුතාට කොච්චර ආදරේද????

මගෙ අතට තෙතක් දැනුනා...මටත් නොදැනිම මගෙ ඇස් තෙමිලා තිබුනා....සෝලංගාඅරච්චි ගෙ අත්ලෙන් ආව උනුසුම් ස්පර්ශය මගෙ උරහිසම උනුසුම් කරවනකොට ඒ වචන අවුරුදු ගානක ඉදන් ඇවිලි ඇවිලි තිබුන මගෙ හදවත නිවලා දැම්මා.....

මෙච්චරවෙලාම මගෙ හිත හදපු සෝලංගාඅරච්චි අවසානෙදි මගෙ අත අල්ලගත්තා....එක අතක් නෙවෙ...අත්දෙකම අල්ලගත්තා...

සමුද්‍ර............අප්පලා නැති ගෙදර අම්මලා අප්පලාගෙ තැනත් ගන්නවා...අප්පච්චි නැති ගෙදර අම්මා ඇවිදින් අම්මයි අප්පච්චි දෙන්නම වෙනවා....මං අප්පච්චි වෙන්නම්....උඹට බැරිද අම්මා වෙන්න.....???මන් දන්නවා...මගෙ ඉස්සරහින් තියන පාර ලේසි පාරක් නෙවෙ කියන්න....

..............ඒ කියන්නෙ මගෙ වචනෙ හරි....උඹ ආවෙ දඬුවම් මාරුවකින් නෙවෙ?

...............

...........මං උඹගෙ පුතාට ආදරෙයි සෝලංගාඅරච්චි .....මං උඹගෙ පුතාට මොන තරම් ආදරේද කියනවා නම්....තත්පරයක් තත්පරයක් ගානෙම මට උගෙ ආදරෙන් මාත්‍රාවක් ඕන වෙනතරමට මන් ඌට ආදරෙයි....කොටින්ම සිහත් සෝලංගාඅරච්චි කියන්නෙම මං තදින්ම ඇබ්බැහි උන මත්ද්‍රව්‍යක් සෝලංගාඅරච්චි ...

සමාවෙයන් ....අම්මගෙ කැරක්ටර් එක මට ගන්න බෑ...ඒකියන්නෙ උඹ ඉස්සරහා තියන පාර මොන තරම් අමාරු උනත්.....උඹ ඒක ඉවරකරන්නම ඕන සෝලංගාඅරච්චි ........උඹත් මාත් දන්නවා....අද හෙටම සටන පටන් ගන්නවා කියන්න.... .....හැබැයි අවසානෙදි උඹත් මාත් දෙන්නම අනිවාරෙම්ම ඉන්න ඕන....ඒ නැත්තන්.....ඒ නැත්තන් සටන අහවර වෙන්න ඕන...කාගෙවත් හුස්ම නොවැටි තියන්න ඕන....

සෝලංගාඅරච්චි .....

මෙච්චරවෙලාම කියෙව්ව මං අවසානෙදි මගෙ අත් අල්ලන් උන්න ඒ අත් දෙක මගෙ අත්වලින් අහකට කෙරුවා...හැබැයි ඒ තත්පරෙන්ම මන් ඒ අත් මගෙ අත්වලින් වහගත්තා...

මං උඹගෙ පුතාට වගේම....උඹටත් ආදරෙයි....මුලු අහසටම තියන අවසානම තරු කැටෙ පවා අහසින් කඩා වැටෙන දවස වෙනකම්ම මං උඹට ආදරෙයි සෝලංගාඅරච්චි .....එ වගේම උඹගෙ පුතාට....මහමුහුදට රැල්ල ගහන්න අමතක වෙන දවස එනකම්ම මං ආදරෙයි.....

ඔය දෙකෙන් එකක් වත් කවදාවත්ම වෙන්නෙ නෑ හැන්නදිගේ ....

........ඉතින් ඒක අස්සෙ උත්තරෙ නැද්ද එතකොට ම්ම්ම්ම්........

උඹ පිස්සෙක් සමුද්‍ර.....උඹ මට බෑනා නෙවෙ මගෙම පුතා තමා ආය....

සෝලංගාඅරච්චි හිනා වෙනවා.... උඹ මහ පිස්සෙක් කියපු කටින්ම උඹ මට බෑනා නෙවෙ මගෙම පුතා කියපු සෝලගංගාරච්චි කටකොනකින් හිනා වෙනගමන් අවසානෙදි ග්ලාස් එකෙ තිබුන අවසානම බියර් උගුරත් කටෙ හලාගත්තා....

එහෙනම්...මං උඹට සව්දිය පුරන්නද හැන්නදිගෙ .....

ම්න්....

Hannadige...battle was coming... let them come....hmmm.....උන්ට එන්න දෙමු....උන් මොනවද මේ සෝලංගාඅරච්චි ගෙන් බලාපොරොත්තු උනෙ කියන එක උන්ට බලන් ඉන්න දෙමු...

සෝලංගාඅරච්චි සව්දිය පුරනවා....සටන පටන්ගන්න හදන්නෙ කියන ගමන් ග්ලාස් එකෙ දාරෙ වටේටේම ඇගිල්ල ගෙනියනගමන් අනිත් ටික තමන්ට ඇහෙනකන් විතරක් කියාගන්නකොට ඕඅයිසි පට්ටමත්...උරහිස්වල තරු ගහපු ඇදුමෙ බරත් ඇතුලෙ හිරවෙලා උන්න මගෙ මමන්ඩියගෙ උරහිසට තට්ටුවක් දාපු මං ග්ලාස් එක ඒ අතින් අහකට කෙරුවා...

.............ඕක තද නැද්ද.....??මං අහන්නෙ ඔය දාගන ඉන්න පට්‍ටම....දෛවය විසින් උඹගෙ අත්වලින් මැරෙන්නම ඕනයි කියලා නියම කරාපු නරුමයන්ව මේලෝකෙට ඉතුරු කරලා ගෑනිට දරුවන්ට අප්පෙක් නැතිකරලා මැරිලයන දේශප්‍රේමියෙක්ට වෙනවට වඩා ලේසියි ඔය යුනිෆෝම් එක පැත්තකට දාන එක.....solangarachchi lets break some protocol hmmmmm???

*

*

උඹට උඹගෙ දැල කැපුවෙ මේකමයි කියන්න විශ්වාසද...මං අහන්නෙ උඹට මූ ඇරුනම වෙන කවුරුත් තරහා කාරයො ඇත්තෙම්ම නැද්ද......ඇතුළට යන්න කලින් මං උඹගෙන් මේ අහන්නෙ සමුද්‍ර....

වෙන්දකඩුවගෙ කැබ් එක....රඹුක්වැල්ලගෙ කැබ් එක.....හිටපු මන්ත්‍රිතුමාගෙ කැබ් එක...මං හිතන්නෙ රඹුක්වැල්ලගෙ ගෙදර අද පාර්ලිමේන්තුවද කොහෙද...

මමත් සෝලංගාඅරච්චි ත් උන්නෙ රඹුක්වැල්ලගෙ ගේට්ටුව ඉස්සරහා...තනිම සුදුපාට ගාපු රඹුක්වැල්ල මාලිගාව ඉස්සරගා දන්න කියන එවුන්ගෙ කැබ් වලින් රඹුක්වැල්ල මාලිගාවෙ ප්‍රයිවට් පාර්කින් එක පිරිලායද්දි කලු සල්ලි වලින් විතරක්ම බැබෙලන රඹුක්වැල්ලගෙ වාසභවන දිහා බලාගන උන්න මං මගෙ මාමන්ඩියා දිහාවට හැරුනා....

සෝලංගාඅරච්චි මගෙන් අවසානම වතාවටත් මගෙ දැල කැපුවෙ රඹුක්වැල්ලමයි කියන එක විශ්වාස කරනවද අහනවා.....

.........සෝලංගාඅරච්චි ....මොලෙ නැති එක මනුස්සයෙක්ට අපි මෝඩයෙක් කියනවා...ඔතනට තවත් මොලේ නැති එකෙක් ආවොත් අපි මෝඩයො දෙන්නෙක් කියනවා.....ඔතනට තව ඒ මානසිකමට්ටමම තියන දෙතුන් දෙනෙක් එකතු උනොත් අපි මෝඩයො කණ්ඩායමක් කියනවා.....ඒවගේම ඔතනට මෝඩයො සිය ගානක් එකතු උනෝතින් ..ඒක අනිවාරෙම්ම දේශපාලන පක්ශයක් වෙනවා....රඹුක්වැල්ල මොන ගේම් කාරය උනත්....උගෙ රැල මොඩයි...

සාක්කි මකන්ඩ උන්ට ඒ තරම් තේරුමක් නෑ.....මගෙ අහනවනෙ කොහොමද මං විස්වාස කරන්නෙ කියලා ම්ම්ම්...

ඊට කලින් මට සමාව ගන්න පුලුවන්ද ම්ම්ම්ම්???

සමාව...ඒ මොන මගුලටද උඹ සමාව ගන්න හදන්නෙ....

.................මට බෙදන හැන්දෙම්ම මං ආපිට බෙදනවා සෝලංගාඅරච්චි ....හැබැයි අවුල කියන්නෙ ඌ මට තේ හැන්දෙන් බෙදුවොත් මං පොල්කටු හැන්දකින් බෙදන එක....ඒකයි....සමාවෙන්න....තරහා ගන්න එපා....

උඹට පිස්සුද කියපන්....??

මෙන්න......

සරමට යටින් තිබුන කොටකලිසම් සාක්කුවට අතදාපු මං එහෙම්ම ඔරලෝසුවක් ගත්තා....අරගන සෝලංගාඅරච්චි ගෙ උකුලෙන් දැම්මා........

මේක.....උඹ කියන්නෙ මේක අරූගෙ කියලද???රඹුක්වැල්ලයගෙ...

.........පාවිච්චිය වෙන එකෙක්ගෙ.....සෝලංගාඅරච්චිම දන්නවා රැ බෝවෙන්න රෑ බෝවෙන්න පොලිස්මහත්තුරුන්ටයි මැති ඇමතිවරුන්ටයි සව්දිය පුරන්ඩ හේතු ඉබේ මතුවෙනවා කියන්න ....සාජන්ට වැඩේ බාර දුන්නා මට වර්නින් එකක් නොදී වර්නින් එකක් දෙන්න.....සාජන් කාරයා සල්ලි කොල දෙක තුනක් වීසි කරල එතනින් වෙන ඒකෙක්ට බාර දුන්නා මගෙ නාඩි වැටෙනවද බලන්න....අවුල කියන්නෙ සෝලංගාඅරච්චි ගෙ ස්ටේශන් එකෙ ඉන්න එවුන්ට අතේ තියන වොච් එක ගැලවිලා වැටෙනවා තේරෙන්නෙ නෑ කියන්නෙ හෙට අනිද්දා උන්ගෙ කාකි ඇදුම කොහෙ හරි තිබිලා හොයා ගන්නකන් වත් උන් දන්නෙ නැති වෙන්න උන්ගෙ සිහිය හොදයි කියන එක....

මේ වොච් එකෙ වටිනාකම එක්ක ඌට මේක ගන්නවා තියා කිට්ටු කරන්නවත් බෑ සෝලංගාඅරච්චි ..පියෝ ගෝල්ඩ්...පියො ඩයමන්ඩ්.....

ඔරලෝසුවෙ වගතුග ඕනද.....ම්ම්ම්ම්ම්....

මේක හයික්ලාස් වෙන්දේසියකින් ගත්ත වොච් එකක් සෝලංගාඅරච්චි ..... මොකද.....සමුද්‍ර හැන්නදිගේ කියන්නෙ මාලු කාරයා උනාට මෝඩයෙක් නෙවෙනෙ ම්ම්ම්ම්ම්ම්ම්

........

දැන් සෝලංගාඅරච්චි හිතනවා ඇති රඹුක්වැල්ලයට දෝදුද කියලා නේ.....හයික්ලාස් වෙන්දේසියකින් අරගත්ත මෙච්චර වටින ඔරලෝසුවක් මූ ගානක් නැතුව සාජන් කෙනෙක්ට දෙන්නෙ කියලනෙ.....නෑ....මෑන් මෝඩ නෑ සෝලංගාඅරච්චි ....ඒකත් රංගනේම කොටසක්...

මං කිව්වනෙ මිනිහා දුවන්නෙ අරක්කු වලින් විතරක් නෙවෙ කියල.....අරක්කු කාරයෙක්ට උනත් අරක්කු විතරක්ම පෙරලා හම්බ කරන්න පුලුවන් ගාන මෙච්චරයි කියලා අපිට උනත් ඇස්තමේන්තු කරන්න පුලුවන් හරි...හැලි අරක්කු උනත් කාල බාගෙ විකුනනවා මිසක් බෝතලෙ ගන්නෙ අඩුවෙන්....හැලි විකිනෙන්නෙම කාල.....

කාල ගැහුවම සද බොද නම්....බාගෙ ගහන්නෙ පකටද ආය....ම්ම්ම්ම්??

එතකොට රඹුක්වැල්ලට ගවමන්ට් එකෙන් දෙන සැලරි එකයි අරක්කු සැලරි එකයි මොන තරම්ද කියලා පොඩි දල අදහසක් ඔලුවට දාගත්තොත් උන්ගෙ බෑන්ක් එකවුන්ට් වල තියන ගාන අපිට හිතාගන්න පුලුවන් .....

හැබැයි එකවුන්ට් එක අසාමාන්‍යයි විදිහට තර වෙනවා නම්...එතන කොස්සක් හෑව්.....එකක් ඌට ...අනික අනිත් උන්ට.....

අනිත් උන්ට කියන්නෙ ඉතින් නීතිය අකුරට රකින එවුන්ට අනිත් උන්ට නෙවෙ...මූට කොහොමද මෙච්චර සල්ලි කියන එක අනිත් උන්ට ප්‍රශ්නයක් වෙනකොට....රඹුක්වැල්ලට ඉන්කම්ටැක්ස් එකෙන් කොස්සක් සෙට් වෙනවා හරි.....

කලු සල්ලි එකවුන් එකට බැර වෙන්න බැර වෙන්න ආදයම්බදු එකට නෝට් වෙද්දි මොකක්ද කරන්නෙ ම්ම්ම්ම්.....ඔය ටික අපි ආපිට වියදම් කරන්න ගන්නවා....හැබැයි ආවට ගියාට නෙවෙ....දවසක ආපිට ඔය වියදම මුදල් කරන බලාපොරොත්තුවෙන්....මිනිහට සිද්ද වෙනවා ඔය වගෙ හයිලක්සරි අයිටම්ස් ගන්න....ඒකත් සමහර විට රඹුක්වැල්ලම නෙවෙ වෙන්න පුලුවන් ...මිනහට ඔය පොඩි පොඩි පපට්ස්ලා ටිකක් ඉන්නවනෙ....ම්ම්ම්ම්ම්ම්...වෙන්දෙසියක් තියනවා කිව්වොත්.... ආ රයිට්.....මිනිහා මෑන්ලා දෙන්නෙක් යවනවා....කරන්න තියෙන්නෙ ගැම්මට ගිහින් එන්න.....

උදාහරනයක් ඕනා නම් මං දෙන්නම්...රඹුක්වැල්ල මම නම්...මං කරන්නෙ කෝටි දෙක තුනක ෆ්ලැට් එකක් අරන් සෝලංගාඅරච්චි ට දෙනවා....ඒ නැත්තන් කෙලින්ම රෙන්ට් කරනවා...ෆ්ලැට් එක රෙජිස්ට වෙන්නෙ සෝලංගාඅරච්චි නමට... සෝලංගාඅරච්චිටත් ආදායමක් එනවා....හැබැයි අපි අතර කන්‍ට්‍රැක් එකක් තියනවා...අහවල් කාලසීමාව ඇතුලතදි උඹ මගෙ දේපල ආපහු මට දෙන්න ඕන...නැත්තන් කෙලින්ම රෙස්ටුටන්ට් එකක් දාලා දෙනවා.....

බෑන්ක් එකවුන්ට් එකක් ක්ලියර් කරගන්න ඕන තරම් විදි තියනවා සෝලංගාඅරච්චි ....තේරුනාද...ඔය පොඩි එක්සාම්පල් එකක් විතරයි හරි....ඒ නැත්තන් අපිට පුලුවන් ටික කාලයක් අසරන මිනිස්සු ටිකක් බලලා ගෙයක් දොරක් හදා දෙන්න...ඒක එකපැත්තකින් අපිටම එන පබ්ලිසිටියක් හරි...කොච්ච්ර නෙගටවි අදහස් පිටින් ආවත් කක්කුසියක් නැති ගෙදරකට මං මගෙ ගානෙ කක්කුසියක් හදල දුන්නොත් මං මොන ජඩ වැඩෙ කෙරුවත් මට අර පොඩි මිනිස්සුන්ගෙ සපෝර්ට් එක තියනවා....මං වෙනුවෙන් මං තව වෙනම ෆෑන්බේස් එකක් හදාගන්නවා...

දැලට වැඩෙ දුන්නෙ මිනිහා.....මේක ඉන්ශුවරන්ස් එකට වඩා ශුවර් ...තෙරුනාද නැත්තන් මං තව තේරුම් කරලා දෙන්නද....ම්ම්ම්ම්ම්...

ඕක රඹුක්වැල්ලගෙන් නෙවෙ සාජන් කාරයගෙන් ඇහුවත් මිනිහා ගානට ඕක කියනවා....හැබැයි ගානට අහන්න ඕන.....

උඹ හිතන්නෙ ඌ ලේසියට කියයි කියලද....අනෙ ඔව් සර් මං තමයි කෙරුවෙ මට කරන්න සිද්ධ උනා කියලා තැටියක දාලා උත්තරෙ පුදයි කියලද....ඔය තරන් ලේසියට උත්තර දෙයි කියලා හිතනවා නම් ඉන්වෙස්ටිගේට් කරන්න ආව රොත්තක් ඉන්නවා...ගිහින් අහපන්කො....

මං හිතන්නෙ මගෙ මාමන්ඩියටත් ට්‍රැක පැනගෙන වගේ එන්නෙ නේ ම්ම්ම්...මං කිව්වනෙ ගානට අහන්න ඕන කියලා...මං මාලු කාරයා.....මගෙ මාමන්ඩියා තරු ගහන් ඉන්න ඕ අයිසි කාරයා.....ඒත් ඉදලා හිටලා පියුස් එක යනවා.....ඕන්න ඕකයි ප්‍රශ්නෙ.....මිස්ටර් සෝලංගාඅරච්චි ....if you want someone to reveal information simply repeat sentence they just said and frame it as a question , this is called isopraxism and it will make anyone reveal information without even realizing ...මේක හැන්නදිගේ අටවගත්ත කතාවක් නෙවෙ.....ප්ස්‍යිකලොජි ෆැක්ට් එකක්.....ට්‍රයි කරලා බලන්න පුලුවන් ....අත්දුටුවයි...ප්‍රත්ක්ශයි!!

බැහැපන්....බැහැපන්...මං කිව්වනෙ උඹ පිස්සෙක්...බැහැපන් කැරි හැන්දා.....

මගෙ මාමන්ඩියගෙ හුස්ම හිර වෙලා....ඇස් එලියට පනින්න ඔන්න මෙන්න....ඔරලෝසුව අරකගෙමයි කියන එක විශ්වාසද අහ අහ මගෙ ඉවසීමෙ සීමා නැති කරාපු සෝලංගාඅරච්චි ට එකින් එක එකින් එක කියලා දුන්න මං අවසානෙදි තව මොනවා හරි තේරුම් කරන්නද අහනවත් එක්කම මට සිද්ධ උනෙ අවසානෙදි කැරි කතා අහගන්න වෙනකොට මගෙ අතේ තිබ්බ ඵෝන් එක වයිබ්‍රේට් උනා....

වෙන කව්ද මගෙ අම්බරේගෙන්....

මැසේජ් එකක්...

"සුදු අයියෙ මේ අනෙ....පතෝල සලාද කනවද ඔයා???සුදු චූටියා පතෝලවලින් බඩ්ඩක් හදන්න යන්නෙ.....ඉක්මට එන්න ඒයි හර්ත...ඒක නෙවෙ දරු පැටව් දෙන්නට බත්ම ගිල්ලන්න බැ අනෙ....එනකොට පාමසියෙන් බලු කුක්කු එකක් ගේන්න...හාද ඒයි....තාරුකට විසේ අප්පා.....දෙවනි පසනගෙ වැඩේම ඌ එක්ක මරාගන්න එක......අනෙ මන්දා අනෙ මේ දරුපැටව් දෙන්නා...අපෙ නම්බුව එහෙන් පිටින්ම ඉවරයි අනෙ...ඔයා දන්නවනෙ....සුදු චූටියා නුවර මනුස්සයෙක්....අපිට මෙහෙම කෑකෝ ගහලා පුරුදු නෑ අනෙ....

සුදු පුතා...උඹ එන්නෙ නැද්ද බන්...???ගැම්මටකියවන් ආවට උඹ බයයිද මන්දා....

ඔහෙ මගුලක් කියනවා...රඹුක්වැල්ලයා අතින් මැරෙන එක සැපයි වගේ....

ඇයි.....ඒ පාර මොකද.....

රුපියල් දෙහහක් තුන්දක් නැද්ද ඔහෙ ගාව??

රුපියල් දෙදහක් තුන්දහක්...

ඔහෙ දැන් සීයා කෙනෙක්...ඒකයි.....යුතුකම්නෙ....

මො...සීයා....උඹට ඇත්තටම පිස්සුද සුදු පුතා....මං කිව්වෙ උඹට පිස්සු කියලා.....

සෝලංගාඅරච්චි බැහැල ගියත් මොකද මගෙ නුවර ලබ්බගෙන් ආව මැසේජ් එක හන්දම බිමට තියන්න හදාපු කකුල ආපිට උඩට ගත්ත මං එයා මට එවලා තිබ්බ හෑල්ල කියවගන කියවගන ගියා...හෑල්ලෙ තරම කොච්චරද කියනවා නම් හෑල්ලෙ අවසානට යනකොට මට මුල මතක නැති උනා....නුවර වන්නම දැක්කත් හරි බැරිම තැන මං එහෙම්ම ඵෝන් එක මහ මොනරට දුන්නා....

මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි.....අර මොනරට පිස්සු අඩෙ....

ඇයි...

ඔහෙම බලන එකයි....

.......මුගෙ වලව් වන්නම තව ඉවර නෑ...මොනාද බන් මුගෙ මේ රෙසිපි.....ආ සුදු පුතා මූ පතෝලවලට සැමන් පුරවන්නද අහල තියෙන්නෙ.....ම්ම්ම්....ම්ම්...මට පේන්නෙ අද උඹට සොබාදහමෙන් සෑහෙන ලොකු පනිවිඩයක් කියයි වගේ....

..........ඔහෙට පිස්සු....

පුකට පොල් මුඩ්ඩක් ගහන් යමන්....

*

*

*

ආ..ආහ්...මෙ අපෙ ඕඅයිසි මහත්තයනෙ.....

දයාසිරි මහත්තයා කෝ මන්ත්‍රිතුමා ඇතුලෙද.....???

එ..එහෙමයි ..ඇතුලෙ...පොඩ්ඩක් හිටින්ඩ මන් ගිහින් මන්ත්‍රී තුමාට කියන්නම් අපෙ ඕඅයිසි මහත්තය ඇවිත් කියලා....

නෑ....නෑ....කලබලයක් ඈ දයාසිරි...දයාසිරි පාඩුවෙ වැඩෙ කරගන්නකො ම්ම්ම්ම්ම්

.....ඕඅයිසිට කකුල් තියනවා...ඒක නෙවෙ දයාසිරි...කෝ දයාසිරිගෙ අර පුංචි බේබි ගෙදර ඉන්නවද...මං අහන්නෙ මිනාල්....????සාන්කාව වගේ පොඩ්ඩක්...මට ඒ මුනත් තහඩුව බලාගන්න ඕන.....අ..ආහ්....අර ඉන්නෙ...දැක්කෙ නෑනෙ...බලන්නකො දයාසිරි නේ....අව්වෙ ඉදලමයි.....මාලු දැල් අස්සෙ ඉදලමයි මගෙ ඇස් පේන්නෙ නෑ....මං හිතන්නෙ මගෙ ඇස් එන්න එන්නම දුර්වල වෙනවද කොහෙද....

මෙච්චරවෙලාම ගේට්ටුවෙන් පිට උන්න මාත් සෝලංගාඅරච්චි ත් උන්නෙ රඹුක්වැල්ලගෙ වත්ත ඇතුලෙ...වහලා නොතිබ්බ පොඩි ගේට් එක ඇරන් ඇතුළට එනවත් එක්කම දැක්කෙ කොච්චරවාත් බේබි බේබි ගගා කොදු කඩාගන මිනාලයා පස්ස පාර්‍ර් යන දයාසිරියව වෙනකොට ඒකා පුරුදු යුනිෆෝම් එක පිටින්ම රඹුක්වැල්ලයගෙ ගෑනිගෙ කාර් එක හෝදනවා.....

සෝලංගාඅරච්චි ව දැක්කත් හරි තක්කු මුක්කුවෙලා ගියපු දයාසිරියා රඹුක්වැල්ලයට පනිවිඩෙ අරගන යන්න හැදුවත් හරි දයාසිරිව අතින් අල්ලලා නවත්ත ගත්ත මං එහෙම්ම සෝලංගාඅරච්චි ට ගෙට යන්න කියලා ඵෝන් එකත් අතේ තියාගන කකුල් දෙකටත් මේසයක් උඩ තියාගන වත්තෙ කෙරවලක උන්න මිනාලයව දැක දැකම කෝ මිනාල් කියලා ඇහුවා....

මං බලාගන දයාසිරියා මැලවෙනවා...ඒකට බැනගන්න පුලුවන් නම් බනිනවා...ඒත් මගෙ හැටිත් කාපුපාරවල් වල සැර මතක් වෙලාද කොහෙද ඒකා දත්මිටි කාගන වගේ කාර් එක පිහ පිහ උන්න රෙදිකෑල්ල ඇහේම හයිය දාලා මිරිකනවත් එක්කම කෙවීගන ආව ඇහැ යන්තමට ඇගිලි තුඩින් කසාපු මං ආපිට සරමට යටින් තිබුන කලිසම් සාක්කුවට අත දාලා eye drop එක අරගන ඇස් දෙකටම බින්දු දෙකක් දාගන දයාසිරිගෙ උරහිසට තට්ටුවක් දාලා අරකා ගාවට ආවා...

..............අ..ආයිශ්...

අරූගෙ සිහිය ඵෝන් එකෙ....මේසෙ උඩ තියාගන උන්න පය පාමුල ක්ශේක්ස්පියර්ගෙ ශෝකාන්ත හතරක් කියන පොත...කොටින්ම උගෙ කකුලෙ බරට හැම්ලට් කුමාරයගෙ මූන තැලිලා තිබ්බා.....උගෙ ඵෝන් සිහිය කොයි තරම්ද කිහනවා නම් ලගට ගිහින් හිටගන්නකන්වත් ඒකට නෙවෙ කල්පනාවක් තිබ්බෙ වෙද්දි මං ඌවත් ගස්සවගනම පුටුවක් ඇදලා ඉදගත්ත මං එහෙම්ම කකුලක් පිට කකුල දාගත්තා.....

හැන්නදිගෙ .....හැන්නදිගෙ....සමුද්‍ර ඉන්දීවර් හැන්නදිගෙ.....මොකො ඕඅයිසිගෙ වෙන්ඩ බෑනට.....පාර වැරදිලා ආවද.....???

මෙච්චරවෙලාම ඔබ ඔබ උන්න ඵෝන් එක පැත්තකට දාපු මිනාලයා මේසෙ උඩ තියාගන උන්න කකුල පහලට දැම්මා...පහලට දැම්මා කියන්නෙ ඒකගෙ ඉස්සරහම කකුලක් පිට කකුලක් දාගන උන්න මගෙ දිහා බලාගනම උගෙ හයිරන්කාරකම පෙන්නන ඌත් මගෙ දිහා බලාගනම කකුලක් පිට කකුලක් දාගන්න ගමන් ඕඅයිසි බෑනට පාර වැරදිලාද අහන ගමන් හිනා උනා....

නෑ...මෙහෙටමයි ආවෙ....

ම්ම්ම්...ඇත්තට....කාව හම්බෙන්ඩද...මාවද...නැත්ත ඩැඩාවද.....

මාව හම්බෙන්න තරම් දෙයක් නම් උනේ නෑ හැබැයි.....

මිනල්ව හම්බෙන්න තරම් දෙයක් මිනාල්ගෙන් නම් උනේ නෑලු.....හ්ම්ම්ම්...හ්ම්ම්ම්.....මිනාල් හිතන්නනෙ මං මොනා සම්බන්දෙන් කාව හම්බෙන්න ආව කියලද එහෙනම්...

.....දිවැස් නෑ හැබැයි.....

ම්ම්ම්ම්ම්ම්ම්ම්....ගෙස් කරන්නවත් බැරිද...දිවැස් නැති එක ඇත්ත එහෙනම් මේ මුලු ලෝකෙම දිවැසිවරු වෙනවනෙ නේ....??

කටින් අහන්න පුලුවන් කම තියෙද්දි...මං උඹවගෙ නූගතෙක් වෙනුවෙන් මොකටද තත්පරයක් හරි අහක යවන්නෙ සමුද්‍ර...

ම්ම්ම්....ඒක ඇත්ත....මං වගේ නූගතෙක් වෙනුවෙන් තත්පරයක් වත් අහක යවන එක අපරාදෙ....හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ...උඹ වගෙ බුද්දිමතෙක්ට කොහොමද සිම්පල් සින්හල තේර්‍ර්න්නෙ නැත්තෙ කියලා...මං අහන එක උඹට තේරෙනවා...මං කල්පනා කරන්නෙ උඹට කොහොමද සිම්පල් දෙයක් තේරෙන්නෙ නැත්තෙ කියල.....ම්ම්ම්ම්ම්...

ඉතින් මිනාල්ගෙන් මොනවත්ම වෙලත් නැත්තන් මං ඇයි මිනාල්ව හම්බවෙන්න එන්නෙ.....ම්ම්ම්ම්ම්ම්ම්ම්

මං ඒකා දිහා බලාගන උන්නා...වැඩිසද්ද බද්ද මොකුත්ම නැතුව මූනෙන් කිසිම තරහවක් පෙන්නන්නෙත් නැතුව ඌම කියපු එක මං ආපිට හිමීට මිමිනුවා....

ඒ කියන්නෙ උඹ මාව ඊයෙ රෑ දැක්කා.....එහෙමනෙ... හොදයි මං හිතුවා හරි...උඹ දකින්න ඇති....එ වගේම මං බලාපොරොත්තු උනා උඹ කොයි වෙලේ හරිම එයි කියන්නත්.....මං දන්නවා...සමුද්‍ර උඹ දන්නවද....මට ඕනම උඹව රිදවන්න....මට ඕනම උඹව පුච්ච පුච්ච උඹව අපායකට තල්ලු කරන්න...උඹව මට පනපිටින් අපායට තල්ලුකරන්න ඕන සමුද්‍ර....

මං හිනා උනා.... ..හිනා වෙනගමන්ම අත දිගෑරලා මේසෙ උඩ තිබ්බ ශේක්ස්පියර්ගෙ පොත අතට ගත්තා...හැම්ලෙට්....ඩෙන්මාර්කයෙ කුමාරයා...තමන්ගෙ ජීවිතේම ට්‍රැජඩියක් වෙන බව නොතේර්‍ර්න මෝඩ කොල්ලා අනුන්ගෙ ජීවිත වල ශෝකාන්ත කියවනවා....ඌට මාව අපායකට තල්ලු කරන්න ඕනලු.....

උඹට මාව අපායකට තල්ලු කරන්න ඕනද.....

අනිවාරෙම්ම ...මට උඹගෙ මුලු ජීවොතේම අපායක් කරන්න ඕන හැන්නදිගෙ....

හේතුව...ම්ම්ම්...මං අහන්නෙ ඇයි හේතුව....??උඹට මාව අපායකට තල්ලු කරන්න තරම් හේතුව මොකක්ද මිනාල්....

උඹ ඒකට හේතුව දන්නවා....උඹ හේතුව දැන දැනම මගෙන් අහනවා....හේතු දැන දැනම උඹ තව තව ඌට ආදරෙ කරනකොට මට උඹව පනපිටින් අපායට වීසි කරන්න ත්ව හේතු ඕනද හැන්නදිගෙ ....නූගතා....උඹට මං වෛර කරන තරම මං වත් දන්නෙ නෑ හැන්නදිගෙ .....උඹගෙ හිනාවට උඹගෙසැනසීමට මං වෛරකරන තරම...ද්

ඒකියන්නෙ උඹගෙ ඇස්වලට මං දුශ්ටයෙක්...එහෙමද...???උඹ එක්ක මොන ඇරියස් එක දාගත්තා උනත් මං උඹට මේ වෙනකන් වෛර කරලා නෑ මිනාල්...උඹ දන්නවද ඒක.....ම්ම්....උඹ මගෙ සතුටට වෛර කරනවලු ..හිනාවට....උඹ මට වයිරබදිනවා කියන්නෙම මං උඹගෙ ඇස්වලට දුශ්ටයෙක් කියන එකනෙ.....ම්ම්ම්ම්... ...

උඹගෙ ප්‍රශ්න ඇතුලෙම උඹගෙ ප්‍රශෙනට උත්තර තියනවා...උඹ මගෙන් ආය ආය අහන එකම දේ ඇතුලෙ උඹ හොයන ප්‍රශ්නෙට උත්තර තියනවා.....

.....ශේක්ස්පියර්ගෙ ශෝකාන්ත හතරක්.....hell is empty and all the devils are here විලියම් ශේක්ස්පියර් මෙහෙම කතාවකුත් කියලා තියනවා...ශෝකාන්ත කියවන එක නවත්තලා සුඛාන්ත කියවන්න ගනින්...මොකද...එකම අපාය ඇතුලෙ යක්කු දෙන්නෙක්ට ඉඩක් නෑ මිනාල් තේරුනාද...උඹ කියනවා නම් මං දුශ්ටයෙක් කියල....මට පුලුවන් මගෙ පැත්තෙන් මාව සාදාරනෙ කරගන්න...මොකද උඹගෙ කතාව ඇතුලෙ තියෙනෙ උඹගෙ POV එක...වරදක් නෑ...මං උඹගෙ පොයින්ට් එෆ් වීව් එකෙන් දුශ්ටයි....ඒත් මගෙ කතාව ඇතුලෙදි මමයි VICTIM....තේරුනාද.....මං දුශ්ටටෙක් නෙවෙ...හැබැයි එ කියලා මං සාන්තුවරයෙකුත් නෙවෙ.....මිනාල් මං උඹට තවම කතා කරන්නෙ මනුස්සයෙක් විදිහට...මේක නවත්තපන්...

.......මං බෑමයි කිව්වොත්....එතකොට මොකද කරන්නෙ...හැන්නදිගෙ ....හැන්නදිගෙ...මේ මිනාල් කියන්නෙම මාව එපාමයි කියලා මහපොලවෙ හැපි හැපි මාව අහක් කරන උන්ව ලගට අරගන මගෙ කරගන්න එකෙක්ට....මේ මිනාල්ගෙ තේරිම වෙනස්...රිජෙක්ට් වෙන්න වෙන්න මට ඌව ඕන වෙන තරම වැඩිවෙනවා...කොටින්ම පිස්සු වැටෙන තරමට.....මාව එකපාරක් එපා කියපන්.....මං හෙම්බත් කරවනවා.....මගෙ හිතට එක පාරක් ඊර්ශියාවක් ඇති කරපන්.....වචන නාස්ති කරගන්න එපා හැන්නදිගෙ...මාව රිජෙක්ට් කරපු එකාව මං මගෙ උකුලට අරගනමයි පස්ස බලන්නෙ.....මේ මිනාල් රඹුක්වැල්ලට ඕන තරම් ක්‍රම තියනවා.....

මං මගෙ යටි තොල හපාගත්තා....සර්වාංගෙ ඇතුලාන්තෙන් සැපනින්දක නිදාගන ඉන්න යකා ඇහැරවන්නෙ නැතිවෙන්න මං මගෙ ඉවසීම පුදුමාකාර විදිහට ප්‍රගුනකරගන ඉන්නකොට මගෙ ඵෝන් එකට ඉවරයක් නැතුවම මගෙ වස්තුවගෙන් මැසේජ් එනවා......එකම මැසේජ් එකක් වත් ඕපන් නොකරපු මං හැම මැසේජ් එකක්ම උඩින් බල බල ඉදලා අවසානෙදි තවම සෙල්ලන් වයසෙ ඉන්න එකෙක් වෙනුවෙන් මගෙ කේන්තිය වියදම් කරගන්න එකත් අපරාදයක් කියලා හිතාගන නැගිට්ටා...මොකද අල්ලන්න ආවෙ මෝරෙක් වෙනකොට ලාබෙට විකිනෙන හාල්මැස්සො එක්ක මොන කතාද.....???

මං හිතන්නෙ හැන්නදිගේගෙ ලවර් වෙන්න ඇති ....ඉතින් සමුද්‍ර.....මගෙ වස්තුව හොදින් ඉන්නවද.....i mean සිහත්.....මගෙ වස්තුව හොදින් ඉන්නවද .....??

.......

උඹ මාව ඊයෙ රෑ දැක්කනෙ.....එහෙනම් උඹ අනිවාරෙම්ම දකින්න ඇති වෙනදා වගෙ නෙවෙ සිහත්ගෙ හැම මූව්මන්ට් එකක්ම කාම් වෙලා තිබුනෙ....වෙනදට කෑකෝ ගැහුවට ඊයෙ මං කියන වචනයක් ගානෙම අහන් උන්නා...ඉතින් හැන්නදිගෙ උඹට මොකක් වත් ප්‍රගතියක් පේන්නෙ නැද්ද...?????මං කිව්වනෙ ..මං උඹව පන්පිටින් අපායට වීසි කරනවා කියල...

මට හිනහයා යන්න ආවා.....කටකොනින් පටන් ගන්න වියුරු හිනාව කටකොනේම නවත්තගත්ත මං මගෙ දිහා බලාගන උගෙ හපන් කම් කියවන මිනාල් කාරයා දිහා කිසිම කඩාපැනීමක් නැතුව බලාගන උන්නා....

උඹ දකින්න ඇති මං දැනටමත් ඒ හිත අස්සට හීන් සීරුවට මං ගැන අනුකම්පාසාගත හැහීම් බීජෙන් බීජෙ වපුරන ගමන් ඉන්නවා කියන්න....සිහත් ලාමකයි....ඒ වගේම සන්වේදියි......මගෙ පුංචි රතු රෝස මල.....

මං දැන් ඒ ඇස් ඉස්සරහා ටිකෙන් ටික ධාර්මික ජීවිතයක් ගෙනියන්න පටන් ගන්නවා...කොටින්ම මන් උඹව ඒ ඇස්වලට වහකදුරු කරවනවා හැන්නදිගෙ ....උඹ බලාගනින් උඹගෙ ඔය අම්බරේ වැඩි කල් නොයා මගෙ වෙන හැටි...

මන් තවත් තත්පරයක් දෙකක් ඉවසන්න උත්සහ කෙරුවා.....ඒත් තවම ඇටෙන් පොත්තෙන් වත් නොගියපු පොඩි ගෝඩා බැරල් එක කෙරුවෙ මගෙ ඉවසීම තව තව පරික්ශා කරන ගමන් කොහෙන්දෝ ඇදලා අරගත්ත පිස්ටල් එකක් මේසෙ උඩින් තියාපු එක වෙනකොට මට හිනා ගියා...මෙච්චරවෙලාම තරහව කාගන උන්නත් මොකද සාන්තුවර චරිතෙට ආරූඩ වෙන්න හදන පොඩි රඹුක්වැල්ලයගෙ මේ සිගිති ආතල් එක දැක්ක මට හිනා ගියා.....

යන්න නැගිට්ට මං එහෙම්ම ආපිට මගෙ අත් දෙකම මේසෙට තියන ගමන් ඒකගෙ පැත්තට බර උනා..... .බර උනා කියන්නෙ කොච්චර දුශ්ටකම් කරන්න හැදුවත් ලස්සන හිනාවක් තිබ්බ ඒක මූන දිහා බලාගන ඉදලා ඉදල ඇගිලි තුඩුවලිමන් ඒ නිකට අල්ලගත්තා....

මොකද...victim card එක ප්ලේ කරනවද ම්ම්ම්ම්ම්....රතු රෝස....එහෙමද සිහත්ට කතා කරන්නෙ...හ්ම්ම්ම්...හ්ම්ම්...උපමාවත් හොදයි....ඒත් අමතක කරන්න එපා පොඩි ගෝඩ බැරල් එක....රෝසමලෙ කටු හෑව්.....උඹ මෙච්චර වන්නම් නටන්නෙ victim කාර්ඩ් එක ප්ලේ කරන්න නම්...කරපන්.....උඹට පුලුවන් උපරිම රංගන කුසලතාව එලියට දාපන් .....අඩුම ගානෙ රයිගම් සම්මානයක් වත් ගන්න පුලුවන් තරමට....තේරුනාද.....

මං බලාගන අරකගෙ මුනෙ ඉරියව්ව ටිකෙන් ටික වෙනස් වෙනවා ..ඇගිලි තුඩින් අල්ලන් උන්නත් මොකද මං ඒ නිකට අල්ලන් උන්නෙම ඌට රිදෙන තරමට මිරිකගන වෙද්දි මගෙ ඉස්සරහම මගෙ කොල්ලට රෝසමල කියාපු අවළං බඹරගෙ ලස්සන මූන දිහා තවත් චුට්ටක් බලන් උන්න මං මේසෙ හරහා තවත් ඉස්සරහට නැවුනා....කොටින්ම මං මිනාල්ගෙ කනගාවටම පහත් උනා.....ඒ කන්පෙත්තට මගෙ රැවුල පව වැදී නොවදින ගානට ළං උනා....මන් අහගන අරකට බරටම හුස්මක් පිට වෙනවා....

If i cant have him then no one can ,lay a finger on him i mean "mage ambare"and you will see what i am capable to do! Minal dont make me the villain baby ,you wanna know why because i am the devil!!!

.......සමු...ද්‍ර....උ...උඹ....

ශ්ශ්....ශ්ශ්....මං උඹ වගේ කිය කිය ඉන්නෙ නෑ.....එක්සෑම් එක ෆෝකස් කරපන්...හරි.....සර්නේම් එකයි අප්පගෙ කෙරුමයි විතරක් අරන් උඹට ජොබ් ඉනටර්වීව් ගියාට හම්බෙන ලබ්බක් නෑ....හොද කොල්ලා වගෙ වතුර එකක් බීපන් උඹගෙ හුස්ම් හිරවෙයි...අනික මේ පිස්ට්ල් එක...ම්ම්ම්...ම්ම්...මොකද ගිනි අවි සහ ගිනි කෙළිඳ ම්ම්ම්ම්...ගිගිරියක් අල්ලන වයසෙ තියන ළදරු අත්වලට මේක සෙට් නෑ...වයසට ඔබින වැඩ කරන් හිටපන් තේරුනාද....අදට කතා ඇති ....මගෙ පාරෙන් අහකට වෙයන්.....

එහෙම නොවුනොත්.....එහෙම නොවුනොත්.....එහෙම නොවුනොත්...

මං මගෙ ඔලුව දෙපැත්තට වැනුවා...මෙච්චර කියලත් කොටිවල්ගෙ එල්ලෙන මිනාලයගෙ දිහා බලාගන උන්න මගෙ අතෙ තිබුන ඵෝන් එක තවත් පාරක් වයිබ්‍රෙට් උනා වගේම සේව් නොකරපු unknown number එක දැක්කත් එක්කම මිනාලයගෙ කොන්ඩෙ මගෙ ඇගිලි තුඩුවලින් අවුල් කරපු මං හිනා උනා...

මං හිතුව හරි....උඹට සිම්පල් සින්හල වත් තේරුම් ගන්න බෑ....එහෙම නොවුනොත්.....උඹගෙ ඇස් දකින දර්ශන රාමුගැන මන් කිසිවගකිමක් ගන්නෙ නෑ කියන එක තමයි....

දයාසිරි.....දයාසිරි.....අයිසෙ

ස්...සර්....

කැබ් එක ගනින්.....

ක්...කැබ් එක....

ගොතගගහා මා දිහා බල බල ඉන්නෙ නැතුව කැබ් එක ගනින් මිනිහො.....

මං හිතන්නෙ සන්දර්දශනෙ පටන් ගත්ත....මංගල මල්වෙඩි අහුර අහසෙ පුපුරන්න ගන්නවත් එක්කම නිතර දෙවේලෙ තනිම සුදු නැශනල් කිට් ඇදන් ඉන්න මහ රඹුක් වැල්ලයා වෙඩිකාපු ඌරා වගෙ සුදු සරමත් පැත්ත්කින් උස්සගන අඩියට දෙකට මිදුලට බැහැලා දයාසිරිටත් කෑගහගනම කැබ් එකට යනකොට මං බලාගන ඒකගෙ ගාර්ඩ් එක රෙද්දෙ රෙවි රෙදි ඒකට කලින් එලියට දුවනවා.....

මිස්ටර් රඹුක්වැල්ල...

එකපැත්තකින් හිටපු ඕඅයිසි වෙන්දකඩුව.....තවමත් දොරකොඩ හිටන් ඉන්න දැන් ඉන්න ඕඅයීසි සෝලංගාඅරච්චි ...අනිත්පැත්තෙන් මන්ත්‍රී තුමා .....මේ ඔක්කොම බලාගන ඉන්නකොට යක්සාවේසෙන් වගෙ බෑරක් යන රඹුක්වැල්ලව නවත්ත ගත්ත මන් කෙලින්ම ඒකගෙ ඇස් ඉස්සරහා හිටගත්තා...

අපායක් ඇතුලෙ යක්කු දෙන්නෙක්ට ඉන්න බෑ ඒ වගේම කැලයක් ඇතුලෙදි රජ උන කේසර සින්හයො දෙන්නෙක් ඉන්නත් බෑ....

රඹුක්වැල්ලව වෙව්ලනවා....ඒ මූන තනිකරම පත්තරපිටුවකට අන්තව සුදුමැලිවෙලා යනකොට මං විතරක් හිනා උනා.....ඒකා වෙව්ල වෙව්ල දත්මිටි කනකොට මං විතරක් ගිනිපිටවෙන ඇස්වලින් බලාගන රඹුක්වැල්ල ඉස්සරහා හිටන් හිනා උනා...

රඹුක්වැල්ල...මරනයක් ණැති ජීවිතෙන් කිසිම තේරුමක් නෑ කියනවා....ඉතින්...මෙන්න ඉන්නවා සමුද්‍ර හැන්නදිගෙ.....මං උඹ වෙනුවෙන් මාරයා වෙලා උඹ ඉස්සරහට ආවා...උඹගෙ ජීවිතේට තේරුමක් අරගන...now tell me are you satisfied hmmmmmmm???

උඹ ...උඹ........හැන්නදිගෙ...උ...උඹ...මං මං....මං උඹව මරනවා....ම්න් උඹව මරන එක මරනවා...

මට එච්ව්රයි කියන්න හම්බ උනෙ...යකාරූඩෙන් උන්න රඹුක්වැල්ලයා තනිඅතින් මගෙ බෙල්ල මිරිකගන මාව පස්සෙන් පස්සට තල්ලු කරගන ගිහින් කෙලින්ම බිත්තියටකට හේත්තු කරගත්තා....ඒකා මගෙ බෙල්ල මිරිකගනම ඉන්නවා...තරහවෙ තරම කියන්නෙ ඒකගෙ ඇස් පවා ගින්දර හා සමානව රතේ රතගහන් එනකොට මගෙ බෙල්ලෙ නහර වැල් ඉලිප්පෙන්න මිරිකිලා තිබ්බත් මන් නෙවෙ දැගලුවෙ.....කරපු එකම් දේ හුස්ම හිරකරගන හරි හිනා උන එක වෙනකොට මගෙ හිනාව දැකපු ඒකට ඉහිලුම නැති උනා...තත්පරයයි දෙකයි මගෙ බෙල්ල අල්ලන් උන්න රඹුක්වැල්ල්ව මගෙ අත්වලින් ආපිට බිත්තියට තද වෙලා යනකොට මගෙ බෙල්ල මිරිකගත්තට ඒ බෙල්ලට අතක් නොතිබ්බ මන් මන් එකගෙ අත් දෙකම පිටිපස්සට තියලා කිටිකිටියට මිරිකන් එහෙම්ම බිත්තියට තදකරගත්තා....කොටින්ම මන් ඒකව මගෙ ඇගෙන් බිත්තියට තියාගන තද කෙරුවා...

රඹුක්.....වැල්ල....කැහ්...කැහ්....උඹ හිතනවද....උඹට ගැලවීමක් තියෙයි කියලා.....ම්ම්ම්.....උඹ හිතනවද.....වැහි පිට වැහි වැස්සත් උඹගෙ පව් හේදෙයි කියලා.....මංගල මලකද බාරගන්න පලයන්....උඹට මගෙන් ගැලවිමක් නෑ.....උඹට මගෙන් කොහොමත් ගැලවීමක් ඇත්තෙම නෑ........උඹ පටන් ගත්තෙ දැල් කුට්ටමෙන් උනාට.....මන් පටන් ගන්නෙ උගුරු දන්ඩකින්.....උඹගෙ පව් ගෙවන්න කාලෙ හරි......උඹට දුවන්න ඕන නම්...දුවපන්.....උඹට දුවන්න ඕන නම්....ඇති තරම් දුවපන්.....අමතක කරන්න එපා....උඹගෙ පව්කාර අත්වලින් වෙච්ච වැරදි වලින් උඹට ගැලවීමක් තියෙයි කියලා....උඹ හැන්නදිගේව දන්නෙ නෑ රඹුක්වැල්ල...උඹ මේ හැන්නදිගේගෙ කෙස් ගහක් වත් අදුන්න්නෙ නෑ...දුවපන්...පුලුවන් තරන් දුවපන්...දුවලා හැන්ගින්.....ඒත් අමතක කරන්න එපා...you cant hide from the nightmares you 've created !!

👉👈🥲🥲🥲🥲🥲

More Chapters