LightReader

කඳුළු හාදුව

Calyxia_Iris
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
498
Views
VIEW MORE

Chapter 1 - කඳුළු හාදුව

සීතල සුළඟ කපාගෙන ඉස්සරහට යන්නෙ මොකක් නමුත් හයිකැපෑසිටියක්. හවස පහට කිට්ටුයි වෙලාව. කිලෝමීටර එකසිය ගානක් පල්ලම්බැස්ස ආඩම්බරකාර කළු කුමරිය තමංගෙ ගමනාන්තයට ළං වෙලා හිටියෙ.

මේ වෙද්දි ජනාකීර්ණ කොළඹට කිට්ටු කරලා හිටිය බයිසිකලය වේගය මදක් අඩුකලා. එන්න එන්න වාහන තද බදය වැඩී. එහෙම මෙහෙං දාලා ඉඩතියන විදිහට ඉස්සරහට ඇදෙන්නෙ තදම තද තනි කළු පාට ස්ටිකර් නොකරපු Kawasaki ninja zx - 10r එකක්.

අඩි හයකට කිට්ටු උසක් තියෙනවා කියලා ලාවට ගෙස් කරලා කියන්න පුළුවං තරමක් කෙට්ටු බයික් එකේ අයිතිකාරයා පවා ඇඳලා හිටියෙ තද කළුපාටම විතරක් වෙද්දි මගීන්ගේ සම්පූර්ණම අවධානය ගියේ බයික් එකටයි රයිඩ(ර්)ටයි.

ගාලුපාරට එන්නම සෑහෙන වෙලාවක් ගියා. දැං මෙතන ඉඳනුත් කළුතරටම යාගන්න එපැයි. ඔෆිස් ටයිම් ට්‍රැෆික් එක වැඩී. මොන පාරෙං ගියත් ට්‍රැෆික් එක. රයිඩ(ර්) කල්පනා කලේ ට්‍රැෆික් එක ගැන.

"බයික් එකේ ආවම මෙහෙමනම්. වාහනේ යන්න එන්න ගිහාම එපාවෙයි."

සඳුදා ඉඳං රාජකාරියට වාර්ථාකරන්න අවශ්‍යයි නේද කියලා මතක් වුණේ ගාලුපාරෙ ට්‍රැෆින් එක දැකලා. හරියට වැඩ නොකරන ට්‍රැෆික් ලයිට්. අම්මගෙ පාර කියලා හිතාගෙන පාර පනින මිනිස්සු.

දෙහිවලිං ගාලුපාරට දාපු බයික් එක මේ විනාඩියේ තිබුණෙ ගල්කිස්ස හන්දියේ ට්‍රැෆික් ලයිට් වලට නවත්තලා.

විනාඩි දහයකටත් වැඩිය තිබ්බ රතු එලිය කොළ වෙන්නත් කලිං වාහන පෝලිම ඉස්සරහට ඇඳුණා. බස්වල පොළ් පටවලා වගේ මිනිස්සු. මිදි පොකුරු එල්ලලා වගේ දොරවල වල අමාරුවෙං එල්ලිලා යනවා. හරිම අන්තරා දායකයි.

මේ හරියටම පල්ලං බැස්සෙ අවුරුදු හතරකට පස්සෙ නේද ? රයිඩ(ර්) ගෙ කල්පනාව ආයි පට්ටිපොළට ඇඳිලා ගියා. මකලා දාපු අතීතයට උඩට එන්න නොදී පොදි ගහලා පොදි ගහලා යටට දාගන්න හැඳුවට ඒකෙං අංශු මාත්‍රයකවත් ප්‍රයෝජනයක් නෑ.

අවුරුදු හතරාමාරක් ගිහිල්ලත්. තවම වෙවුලගෙන එන අතපයවල පාලනේ නැති වෙනකොට රත්මලානට කිට්ටු කරලා තිබ්බා. එහෙම්මම පාර මාරු කරලා බයික් එක පාකිං එකට දාලා බර්ගර් කින්ග් එකට ඇවිදගෙන යන්න හිත හදාගත්තෙ අතීතෙ එක්ක බයික් එකේ ගියත් අතප්පය වෙවුලගෙන ආවොත් වැඩේ සීරියස් වෙන නිසා.

ෆුල්ෆේස් එක ගලවලා අතට ගත්ත රයිඩර් හොඳ හුස්මක් අරගෙන ඇතුළට ගියා. කවුන්ටර් එක ගාව ටිකක් සෙනග. මෙනූ එක දිහාවත් හරියට නොබලා. අතට අහුවුණ දෙක තුනක් ටච් පෑඩ් එකේ ටච් කල්ලා . කාඩ් එක කැෂියර් එකට දීලා. ඕඩර් එකත් අරගෙන කොණේම ටේබල් එකක පුටුව ඇදලා කළුම කළුපාට ජැකට් එකත් ගලවලා පුටුවෙ වනනගමන් වාඩි වුණා. ෆුල් ෆේස් එක එහෙම්මම බිමිං තතියලා බිත්තිය පැත්ත බලාගෙන් කන්න ගත්තෙ වැඩිය සෙනඟ දකිද්දි ඉන්න අමාරු නිසා.

ඒ එක්කම වගේ ඇහුණෙ කුණුහරුප වරුසාවක්.

"මොන හුත්තක්ද බං ඒක.?"

"මොකක්ද බං ඒකිගෙ නම උඹ හොයාගත්තද ? "

"මේ තියෙන්නෙ සම්පූර්ණ විස්තරේ."

"මේකි මේ පාට එක දැම්මට ආතක් පාතක් නැති , අම්මෙක් අප්පෙක් නැති මඟුලක්නෙ බං."

කවුරු කාට කතාකරනවද කියලා වැඳගත් නැති උණත් මේ වෙද්දි ගාලගෝට්ටිය තියෙන්නෙ රයිඩ(ර්)ගෙ පිටිපස්සෙ.

"ටියානා චවිනි ඩි සිල්වා"

නම ඇහෙනවත් එක්කම ඇඟේ අකුණක් පුපුරලා යනවා වගේ දැණුනෙ. එහෙම්මම ගත්ත වතුර බෝතලෙං වතුර ටිකක් බීපු රයිඩ(ර්) ඒ පැත්තට හොඳට කන් දෙන්න ගත්තා.

"මේකට ඔක්කෝටම එබෙන්න බෑනෙ පක්කුණේ. හිටහං මම කියවන්නම්."

එකෙං මහ සද්දෙං කිවුවා.

"යකෝ අවුරුදු 28යි. අපිට වැඩිය පට්ට නාකී බං. අවුරුදු නවයක්. ළමානිවාසෙක. ඔය මොකෙක් හරි වටේ යන එකියෙක්ගෙ වෙන්නැති. ලංකාවෙ පාටට හම තිබ්බට."

"යකෝ ළමයි දාහක් දෙදාහක් මැද්දෙ ඕකි මගේ කනට ගැහුවෙ. "

"උඹනෙ වරද කලේ"

"යකෝ. මම කරපු වරදක් නෑ"

"උඹ මොකටද කුපාඩි කතා කියන් ගියේ. "

"ඒකි ටීච කෙනෙක්, උඹ ළමයෙක්"

"අනේ උපදෙස් දෙන එකා මරු. අනේ පලයං පකෝ යන්න. උබත් යාළුවෙලා ඉන්නෙ සර් කෙනෙක් එක්කනෙ. "

"හුත්තක් කියවන්නෙපා යකෝ. ආ.....ඩෝ මේ පෙට්ටි කඩේට රිංගුවෙ ඇයි පකෝ. හොටෙල් එකට නොයා. "

"හොටෙල් එකට ගියානම් එක එකාගෙ ගෙවල වලට පණිවිඩේ ගිහිං තියේයි. නයිට් රයිඩ් වානා එහෙනම්."

මේ වෙනකොටත් ගත්ත කෑම වලිං බාගෙකට වඩා කාලා ඉවර කරලා හිටිය රයිඩ(ර්)ට ඕනෙ උණේ ටියා ගැන මුං කතාකරන්නෙ ඇයි කියලා හරියටම හොයාගන්න.

"දැං උඹ මොකක්ද කරන් හිතාගෙන ඉන්නෙ."

"රුකාගෙ අයියට කියලා දෙකක් කියෝවනවා. ආයෙ කට පුක පියාගෙන ඉන්න."

"ඇයි රුකාගෙ අයියට කියලා කියවන්න උඹ ඌගෙ අම්මද ?"

"ඕක අතෑරලා දාපං"

ඒපාර ඇහුණෙ හිතාගන්න බැරි තරං ගොරෝසු කටහඩක්. බොහොම සංයමයක් තිබ්බා ඒ කටහඬේ.

"ඒ කියන්නෙ රුකා උඹ මට උදව් කරන් නැද්ද?"

උත්තරයක් නෑ.

"ඈ රුකා.. කතාකරපං පකෝ."

"ඌට කන්න දීපං නවයා."

වැඩි වෙලා මෙතන ඉන්න එක ඇඟට ගුණ නෑ වගේ දැනුණ නිසා රයිඩ(ර්) හෙල්මට් එකත් එතන ඉදංම දාගෙන. ජැකට් එකත් දාගෙනම නැඟිට්ටා.

ඊට පිටිපස්සෙ මේසෙ හතර දෙනෙක් වාඩි වෙලා හිටියා. මෙච්චර වෙලා නොදැක්කා ගගනගාමිය දිහා බැලුවෙ තුන් දෙනෙක් විතරයි. රුකා ෆෝන් එකට කොටනවා. සෙනියත් බැලුවට වැඩිය කෙයා කරේ නෑ.

"කෙල්ලෙක්"

රයිඩ(ර්)ට යන්න ඇරලා වාචාල කටක් තිබ්බ නවයා හොරෙං වගේ මිමිණුවා.

"උඹ මූණ දැක්කද ?"

නවයා කෙල්ලෙක් කියද්දි මූණ රෝස්පානක් කරගත්ත අරා එහෙම ඇහුවා. මොකද ඒ ෆුල් ෆේස් එක එසේ මෙසේ එකක් නෙමෙයි.

"මූණ දැක් නෑ බං. "

"එහෙනම් උඹ පුකක් කියවනවද ?"

"අනේ පකක් කතාකරන්න එපා අරා. ඒකි කොණ්ඩ දෙකක් ගොතලා හිටියෙ. බිත්තිය පැත්ත බලාගෙන"

"අනේ පලයං බං යන්න ."

"අනේ උඹ පිළිගන්නවනම් පිළිගනිං බං නැත්තං උබොකාපං"

ඒ එක්කම වගේ ඒ හතර දෙනා ගාවට ආවෙ හය දෙනෙක් ඉන්න ගෑංග් එකේ ඉතුරු ජෝඩුව. පෙම් කුමාරයයි පෙම් කුමාරයයි. පෙම් කුමාරවරු දෙන්නා.

"අර කවසාකිය කෙල්ලෙක්ගෙ බං. "

"අන්න දැක්කද ආන්න දැක්කද. ඒ මෙතනිං ගිය කෙල්ලගෙ වෙන්නැති. හෙල්මට් එකේ රතු ඉරක් තිබ්බා නේද ? "

ඇතුළට ආව චරා එහෙම කියද්දි නවයා උඩ පැන්නා.

"අපි ඒක එක්ක ෆොටෝස් ගගහා හිටියෙ. ඒකි එද්දි අපි අයිං වෙන්න හැඳුවා. මූ බයික් එකේ නැගගෙන හිටියෙ. ඒකි අතිං කිවුවා අවුලක් නෑ කියලා. මුගෙත් ෆොටෝ එකත් අරං මගේ එක ගනිද්දි ඒකි රස්නෙ නිසා වෙන්නැති ජැකට් එකේ සිප් එක ගැලෙවුවා. "

"වූ... තොපිත් කුම්කුවක් දැක්කොත්"

"අනේ මේ අරා. මගෙ මිනිහා කාගෙවත් කුක්කු බලන්න ගියේ නෑ. අනික ඒකි යද්දි අපිට තම්සප් කරගෙන හෝන් එකකුත් ගහගෙන ගියේ. කපලා ගත්තා ගැනිල්ලක්... රුකාට වඩා කොන්ෆිඩන්ද මන්දා"

විරා දොඩවන්න ගත්තා. මේ කතා මැද්දෙ තවමත් සද්ද නැත්තෙ සෙනියයි, රුකායි විතරයි.

සෙනියා, එහෙමත් නැත්තං ශරුක සෙනිත් මුතුලියද්ද, චරා, චරුක විනාත් මුතුලියද්ද,

විෂම නිවුන්නු. එහෙමයි කියලා දෙන්නට දෙන් ගොඩාක් වෙනස් නෑ. සමානත් නෑ. මුතුලියද්ද ජුවලර්ස් වල අයිතිකාරයා වෙච්ච මුතුලියද්ද මුදලාලිගෙ මුණුපුරෝ දෙන්නා. එකෙක් වාචාලයි (චරා) අනිකා කපටී (සෙනියා). පාසලේ රග්බි ප්ලේයර්ස්ලා දෙන්නෙක්. ආයෙ කැපී පෙනෙන ශිෂ්‍යයො.

විරා, තේජාන් විසුල් රණසිංහ,

සදාදරණීය චරාගෙ වාහෙ. විරා ස්විමර් කෙනෙක්, හරිම අහිංසකයි ගෑන්ග් එකේ කොටම එකාදත් මන්දා. එහෙම කියන්නත් හොඳ නෑ. ඉක්මනට කේන්ති යනවා. මෙයා ගෑන්ග් එකේ ඔක්කෝටම වඩා අවුරුද්දක් බාලයි. තාම 12 හ වසරෙ. රණසිංහ ගෘප් ඔෆ් ෆැමිලි එකේ දෙවෙනි පුතා.

මෙතන ඉදං පටංගන්නෙ තනිකර පවුල් සංස්ථාවක් . මෙයාලා ඔක්කෝගෙම අම්මලා ෆොරිනස්ලා. චරාගෙ, සෙනියගෙ, විරාගෙ. අනිත් තුන්දෙනාගෙත් එහෙමයි. හැබැයි ටිකක් විශේෂයි. එයාලගෙ අම්මලා සහෝදරියො. හරියටම කිවුවොත් අරා, නවයා, රුකා ක්ලෙයි කියන බ්‍රිටිශ් පවුලක බාල දුවලා තුන්දෙනාගෙ ළමයි.

අරා, යශ්මිත කෙවින් අරෝරා,

චරයි, සෙනියයි වගේම පාසලේ රග්බි ටීම් එකේ කැපී පේන චරිතයක්. අරෝරා මහත්තයාගෙ ආඩම්බරේ. කොයිතරං ආඩම්බරද කියනවනම් අරෝරා මහත්තයට කොල්ලෙක් නැති ගාණට තමයි අරෝරා මහත්තයා හැසිරෙන්නෙ. ඒ තරං පුතා කොලිටියි. අම්මා තමයි මිනිහව නරක්කරන්නෙ. බොන්න කියාපු මිනිහා.

නවයා, නවිදු කෙශාල් ඩි සොයිසා,

ගෑන්ග් එකේ ඉන්න පිස්සුම හුප්තා කිවුවොත් සාධාරණයි. නවයා කොතනද එතන වලි. ක්‍රිකටර්කෙනෙක්. ස්කූල් ටීම් එකේ. සොයිසා මහත්තයා පණ ඇරලා. නිවාඩුවටවත් ගෙදර ගෙන්න ගන් නෑ. ඒතරං වටිනාකියන පුත්තර රත්නෙ. දැනුත් මේ වටිනාකියන ගමනක් යන ගමන් ඉන්නෙ.

මේ හය දෙනාගෙං හතර දෙනෙක් පිස්සුවෙං වගේ කියව කියව කෑම ගනිද්දි සද්ද නැතුව හිටියෙ සෙනියයි, රුකායි විතරයි. සෙනියනම් අඩුම රිඇක්ශන් එකක් දෙනවා. ඒත් රුකා. කෙලිංම මලමිණියක්.

රුකා, අරුණ් මේඝාෂ්වර වික්‍රමසිංහ,

රුකා, වයසට වඩා පෙනුමයි. හේතුව තාත්තගෙ ජාන. වික්‍රමසිංහ පරම්පරාවෙ ඉන්න දෙවෙනි උරුමක්කාරයා. මිනිහා ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්. රග්බි ටීම් එකෙත් ඉන්නවා. වැඩිය පැහැදිලි නැති මනුස්සයෙක්. කලිං මිනිස්සු පස්දෙනාව වගේම මෙයාවත් ගෙදර අම්මට ඇරෙන්න අනිත් අයට කරදර මවන මැෂිමක් වගේ.

හයදෙනාම ව්‍යාපාර අධ්‍යනය තමයි උසස්පෙළට කරන්නෙ. කොළඹ ප්‍රධන පිරිමි පාසලක ළමයි. ඒ වගේම බොහොම කැපීපෙනෙන චරිත. ගෙදර මිනිස්සු ආදරේ නැතුව නෙමෙයි. හරිම ආදරෙයි. ඒත් කොලු වයස නිසා කරන වැඩ උණත් පවුලෙ මිනිස්සු මෙයාලට උඩගෙඩි දෙන්න ගියේ නෑ.

මීට මාස හයකට විතර කලිං බේරුවල මහා විශාල බිම්ප්‍රමාණයක හදපු Vk ට්‍රැක් එකට තකහනියේ කොළඹ ඉදං බඩගානගමන් ඉන්නෙ. හයදෙනාම වීකේන්ඩ් එකේ යන්නෙ හොරගමනක්. Vk ට්‍රැක් එක රුකාගෙ අයියා තනි වියදමින් හැඳුවෙ. මේ වෙද්දි ආදායම හිතාගන්න බැරිතරං.

ගෑන්ග් එකේ කොල්ලො හයදෙනා බයික් තුනක බේරුවල බලා පිටත් වෙද්දි. කලු කුමාරිගෙ අයිතිකාරි කළුතරට කිට්ටු කරලා හිටියෙ.

" සෞරී, අරකි දැං එන්න ඕනෙ. ඇයි දන්නෑ තාම නැත්තෙ. "

"කිට්ටුව ඇති බං. උඹට අඟුලානෙදි මැසෙජ් එකක් දැම්මා කිවුවා නේද ?"

සෞරි, ටියාගෙ හිත සනසන්න පටංගත්තා, ටියා පොඩ්ඩ ඇත් කලබලවෙන කෙනෙක්. වගේම ගොඩක් නීති ගරුක කෙනෙක්. 

සෞරි, සෞභාග්‍යා රත්සරී ඉරුගල්බණ්ඩාර

වුර්තීයමය වශයෙන් නර්ථන ගුරුවරියක් වෙන සෞරි අවුරුදු 28ක තරුණියක්. දුෂ්කර සේවාව කැමැත්තෙංම අවුරුදු හතරක් විතර කරලා යාපනේ ඉඳලා දැං සතියකට විතර කලිං තමයි කළුතරට ආවෙ. අළුත් පත්වීමත් හදාගෙන. නුවර මැණිකෙ කෙනෙක්. වලව්ව එක්ක වැඩි ඇයිහොදැයියක් නෑ. සෞරිව දකින් මොන තප්පරේද අම්මයි, අප්පච්චියි කියවන්නෙම මංගල්ලයක් ගැන.

සෞරී, ටියාට හදපු තේක ගෙනත් දුන්නෙ දොර දිහා බලාගෙනමයි. මොකද විනාඩි ගානකට කලිං වත්ත ඇතුළට ආව වාහනේ නෙතීගෙ.

"නෙතීත් ආව බං. දැං අරකි එන්නම ඕනෙ වෙලාව. ඒකි අඟුලානෙ කියද්දි. නෙතී හිටියෙ හොරණ."

ටියා, කලබලයි. ටියානා චවිනි ඩි සිල්වා,

ටියා, උසස්පෙළ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරියක්. කැමැත්තෙංම ගත්ත දුෂ්කර සේවා ඉවර කල්ලා දැං මාස දෙකකට කලිං තමයි කළුතර පරණ ගෙදරට ආවෙ. මාස දෙකක ඉදං කෙල්ල උගන්නන්නෙ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක. වැඩේ ලේසි නෑ. කෙල්ලගෙ දෙමව්පියො දෙන්නා රට. ඇත්තටම කිවුවොත් කෙල්ල ළමානිවාසෙක හැඳුනෙ. ඇඩොප්ට් කරන්න ගත්ත පේරන්ට්ස්ලා තමයි කෙල්ලට හිටියෙ.

"එලී ආවද ?"

එහෙම අහගෙන ගෙට ආවෙ නෙතී. නෙතීගෙ ප්‍රශ්නෙට ඔළුව වනලා නෑ කියපු සෞරි ආයෙ කිචන් එකට ගියේ නෙතීටත් තේ එකක් හදන්න.

නෙතී, තාරි නේත්‍රා කුරේ,

නෙතීත් අනිත් දෙන්නම වගේ ගුරුවරියක්. උගන්නන්නෙ ඉංග්‍රීසි සාහිත්‍ය, ඉංග්‍රීසි කියන විශයන්. නෙතී ලංකාවට ආවෙ ළඟදි. අවුරුදු හතරකට පස්සෙ. නෙතීත් ටියා එක්කම ළමානිවාසෙ හැඳිලා ඇඩොප්ට් විදිහට පේරන්ට්ස්ලා ලැබුණු ළමයෙක්.

තුන්දෙනාම තේ කෝප්ප තුන තියාගෙන ඇරලා තියන ගේට් එක දිහා බලාගෙන හිටියෙ එලී එනකම්. තවත් විනාඩි පහළවකිං විතර වත්ත ඇතුළට ආවෙ කවසාකි කළු කුමරිය.

එලී, අප්සරා රාශි එලිස් විමංසා ඩි මෙල්,

එලී, ටියා, නෙතී වගේම ගුරුවරියක්. ෆිසික්ස් තමයි උගන්නන්නෙ. නුවර එළියෙ දුෂ්කර සේවා ඉවර කරලා. ආයෙ කළුතරට එන්නෙ මැරෙන්න තරං රිදෙන මතක ගොඩක් එක්ක. මේ වෙනකොට බොහොම නිශ්ෂ්‍යබ්ධ චරිතයක්. නම ගැන ණම කතාකරන්න හොඳනෑ. තිබ්බ නම මැද්දට ඇඩොප්ට් කරපු පේරන්ට්ලා එලිස් කෑල්ලක් රිංගවුවා. එතනම තක්කාලියි බෝල්ට් ඇණයි වගේ. අවුරුදු 26 යි.

සෞරි ඇරෙන්න අනිත් තුන්දෙනාම ලමානිවාසෙක හැඳුනු දරුවො. එයාලා කොහොමත් ලංකාව පෙනුමක් තිබ්බ අය නෙමෙයි. ලංකාවෙ හමේ පාට යාන්තම් තුන්දෙනාට තිබ්බා ඇරෙන්න අනිත් ඒවා වෙනස්. කොණ්ඩවල පාට, ඇස් වල පාට. මේ හතර දෙනා එකවසරෙ ඉදං අටවසරට වෙනකම් ඉගෙන ගත්තෙ නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක. ඒත් ඇඩොප්ශන් වලට තුන්දෙනාව රටවල තුනකට විසිවෙද්දි සෞරි ලංකාවෙ තනි උණා. ඒත් ඒ යාළුකම කොයිතරං බලවත්ද කියනවනම් මේ හතර දෙනාට අවුරුදු විසි තුන වෙද්දි ලංකාවට ඇවිත් කළුතර ලස්සන තැනක ගෙයක් අරගෙන ඒ ඒ අයගෙ රැකියාවල නිරත උනා. ඒත් හරියටම අවුරුද්දක්වත් යන්න ලැබුනෙ නෑ. ඒ මහා විපර්‍යාසය වෙන්න. හතර දෙනා ආයෙ හතර අතට කැඩිලා ගියේ ඒ ඒ අයගෙ ප්‍රොෆෙශන් ලයිෆ් වලිං අයිං වෙලා ටීචස්ලා විදිහට.

ඉතිං ආයෙ හතර දෙනා එකට එකතු උණා. හැබැයි ඒ එකතුවෙද්දි ගොඩක් දේවල වෙනස් වෙලා.

පැය ගානක් එක දිගට නැතත් රයිඩ් එක නිසා එලීට නිදිමතයි. මඟදි කාපු නිසා එලී තේ එකක් විතරක් බිවුවා. හතර දෙනාටම ගොළු සන්නිය ඉවරයක් කරන්න ඕනෙ උණේ නෑ. මොකද එලී කෑම මේසෙ පුටුවක බාගෙට නිදි.

"එලී, මැණිකෙ.... අපි යමු නිදාගන්න,"

ටියා එලීව එක්කගෙන ගියේ පරණ මතක එක්ක ආපු දුකයි. එලීගෙං බේරෙන මහන්සියයි දැකලා.

මොනදේ නැතත් ගොඩක් දේවල පැහැඳිලිවම වෙනස් වෙන්නයි යන්නෙ. අහසට මේ තරං කාලයක් දරාගෙන ඉද ඇති උන නිසාද මන්දා මුලු කලුතරම හෙල්ලිලා යන්න අකුණු ගහන්න ගත්තා. අවුරුදු විසි අටක කෙල්ලො හතර දෙනෙක් විදපු ඒ අප්‍රමාණ දුක්කන්දරාව තව දුරටත් දරාගෙන ඉන්න අහසට බැරි උණා.

ගේ ඇතුළෙ ඉන්දැද්දි ඒ වෙච්ච දේ නැවත නැවතත් මතක් වෙද්දි කෙල්ලො හතර දෙනාට වාවන්නෙ නැති උණාට, ඒක ඉවසගෙන දරාගෙන ඉස්සරහට මූණදෙන්න සිද්ධ වෙලා තිබ්බා.

මේ බෝණික්කියො හතර දෙනා දැං ඉස්සරටත් වඩා පිරිපුන්. හරිම ලස්සනයි. සෞරි ඇරෙන්න අනිත් තුන්දෙනාම අඩි පහයි අඟල් අටකට වඩා උසයි. ඒ එයාලගෙ ජාන ලංකාවෙ නොවෙන නිසා වෙන්නැති.

සෞරි පහයි පහයි. දිඟ කළු කොණ්ඩයකට උරුමකම් කිවුව සෞරිට තිබ්බෙ කෝපි පාට ඇස් දෙකක්. කුරුඳු පාට පැහැදිලි හමක් , නැටුමටම උපන් හැඬ ඇඟක්. වයස නොපෙනෙන තරම තරුණ ලස්සන උඩරට මැණිකෙ කෙනෙක්.

ටියා, අළු නිල් මිශ්‍ර වෙච්ච ඇස් දෙකක් , උපතිංම තබපාට උණ කොණ්ඩයක්. පුදුම ආකර්ශනයක්. ඒ ඕරා එක, කෙල්ල ගොඩක් ෆිට්නස් තියන කෙනෙක් වගේම ඉක්මනට ඇටෙන්ශන් එක ගන්න පුළුවං තරං ඇටිටියුඩ් තියන කෙල්ලෙක්.

නෙතී. බ්ලොන්ඩ් කෙටි කොණ්ඩයක් තියන එලීගෙ ඇස් ආමන්ඩ් පාටයි. ටිකක් විතර චබී. කෙල්ලො හතර දෙනාගෙං ගොඩක්ම ලොකු අක්කා වගේ තීන්දු තීරණ ගන්නෙ කෙල්ල. කෙල්ල ගොඩක් ලස්සනයි. නපුරු පාටකුත් තියනවා.

එලී, කෙල්ලො හතර දෙනාගෙං ඉහටත් ඉඩිං ට්‍රැක් පැනපු කෙල්ල. දණහිසටත් වඩා දිඟ කැරලි තඹපාට කොණ්ඩයක් තියන, තදම තද කලුත් නැති කොළපාටත් වගේ පේන ඇස් දෙකක් තියන ග්‍රීක දේවතාවියක් වගේ කෙල්ලෙක්.

මොනදේ තිබ්බත් දැං එලී කලිං හිටපු පිස්සු කෝච්චිය නෙමෙයි. උණ දෙයිං වැඩිපුරම ශොක් උණේ එලී. එලී තාම ඒ දේවල වල අතුරු පළවලට මූණ දෙන්වා.

දන්නවද සල්ලි බලය තිබුණට වැඩක් නෑ ආරක්ෂාව නැත්තං. එදා එයාලට අන්තිම මොහොතෙ උදව් කරන්න හිටියෙ එකම එක්කෙනෙක් විතරයි. ඒත් එයත් අද වෙද්දි ජීවතුන් අතර නැහැ.

බලවත් ධනවත් මිනිස්සුංටත්, දුප්පත් අසරණ මිනිස්සුංට වගේ හෙනගහනවා. හෙණ වදින්නෙ මේ ආත්මෙ පව් වලට විතරක්ම නෙමෙයි.

පහුවෙනිදා. ඒකියන්නෙ සෙනසුරාදා. හතර දෙනාම එකට ගෙවන පළවෙනි දවස. වෙලාව උදේ හයයි. මේ ගෙදර සුපුරුදු විදිහට සිද්ධ උණේ එක දෙයක් විතරයි. අනිත් තුනම ඇහැරලා උයලා ගෙවල අස්කල්ලා අතුගාලා ඔක්කොම ඉවරයි හැබැයි එලී තාම නිදි.

ටියා කෝෆි එකත් අරගෙන එලීව නැඟිට්ටවන්න යන්න හැරුණා.

"ටියා මේ අහන්න. එලීව නැඟිට්ටගෙන ඔයා එන්න. නැත්තං කෝපි එක බීලා ආයෙ නිදාගනී."

නෙතී අම්මා වගේ කතාකරද්දි ටිකක් කල්පනා කරපු ටියා කොෆි මග් එක ඩයිනිං ටේබල් එක උඩිං තියලා ආයෙ හැරිලා ගියා.

"එලී.......... නැඟිටිමුද ?"

දොරත් ඔහේ ඇරලා දාලා කොට්ට හතරකට පහකට මැඳ ඟුලි වෙලා එලී සනීපෙට නිදි.

"එලී....... බඹා නැඟිටින්න"

"ම්ම්ම්...."

ටියා එලීගෙ අතක් අතගානගමන් ආදරෙං කතාකලේ මොකද එලී ටියාලට වඩා අවුරුදු.දෙකක් බාලයි. ඉස්සර කෑකොස්සං දීගෙන පිස්සෙක් වාගෙ අක්කලා තුන්දෙනාව අවුස්ස අවුස්ස ඉදිය එලී දැං එහෙම පිටිංම ලොක් එකක් දාපු පෙට්ටගමක්.

"නැඟිටිමු නේද, කොෆි එකත් පහළ නිවෙනවා."

කෙදිරිගාලා ඇස් ඇරගත්ත එලීව වෙනදා වගේ වඳෙං පොරෙං ඇහැරවන්න ඕනෙ උණේ නෑ. එයා ඇඳේ ඉඳගත්තා.

"පහළට එන්න. කොෆි එක බීලා ටග්ගාලා රෙඩි වෙන්න. අපි අළුත් සාරි ටිකක් එහෙම ගමු. ම්ම්ම්....."

තාම නිඳිගැට කඩන එලීගෙ ඔළුව අතගාපු ටියා රුම් එකෙං ගියා.

--------------------------------------------------------------

කළුතර ටවුන් එකේ තිබ්බ හොඳම ඉන්දියන් රෙස්ටොරන්ට් එකේ VIP සෙක්ශන් එකේ වාඩි වෙලා හිටිය ටියාගෙ මූණ ඇඹුල් වෙලා ගිහිං කට ඇඳ උණා..

"පුකද බලන්නේ.......... "

හතර දෙනෙක් ඉඳගන්න පුළුවං ටේබල් එකේ . පුරුදු විදිහට එලී ඉදගත්තෙ බිත්තිය පේන විදිහට . ටියා හිටියෙ බිත්තිය පැත්තෙ ඉඳගෙන එලීගෙ පැත්තට මූණ දාලා. අනිත් දෙන්නා හතරැස් මේසෙ අනිත් දෙපැත්තෙ.

එයාලට පිටිපස්සෙං ආපු පක බලන සද්දෙට එලී ඇර අනිත් තුන්දෙනත් හැරිලා බැලුවෙ කට තැලිච්ච කජු වාගෙ කරගෙන. එලී හිටියෙ ඉයර් බඩ්ස් දාගෙන හුඩී එකෙං ඔළුවත් වහගෙන.

ටියාට ඕඩර් කරපු කෑම එපා බිල් එක පේකල්ලා යන්න තරං හිතුනා. මොකද පිටිපස්සෙ ටේබල එකට තව ටේබල් එකක් ළං කරගෙන හිටියෙ ඉස්කෝලෙම ඉන්න නසරාණි වසවර්ති මාරයො හය දෙනා. ඒ මඳිවට ටියාව දැකපු නවයා උගෙ ලැට් ලටත් ඇරගෙන ඉවරයි.

ටියා ඔළුව දෙපැත්තට වනලා ෆෝන් එක දිහා බලාගත්තා.

"ඇයි නංගි බයද ?"

සෙනියයි, රුකයි පාඩුවේ ෆෝන් එකට කොටද්දි අනිත් වාචාලයො හතර දෙනා කින්ඩි පාට දාන්න පටංගෙන තිබ්බා.

"ඔයා උංව අඳුනනවද ?"

"අනේ ඔව්.. මොකට කියනවද ?.... ඔය උබලා යන්න ඉන්න මහා ලොකු කොළඹ හතේ පිරිමි පාසැලේ ආඩම්බර කාර රටේ අනාගතේ. "

සෞරිගෙ ප්‍රශ්නෙට දිවට නොදැනි උත්තරයක් දුන්න ටියා එලී දිහා බැලුවා. ගේම් එකක් ගහන පාටයි. ටියා මොනවත් කියන්න ගියේ නෑ.

"මොනවා නැතත් මිස් පට්ට ලස්සනයි නේද ?"

ඒපාර නවයා පැණි පෙරන්න පටං අරං.

"ආපෝ සක්කිලියා උබත් මහ පාට මාරුකරන කටුස්සෙක්නෙ බං"

"ලස්සන දේට ලස්සනයි කියන්න ඕනෙ නැද්ද අරා."

චරාගෙ කතාවට නවයට උත්තර දුන්නෙ. මේ වෙනකොටත් ලස්සන ටීචර් එක්ක හිටිය කොණ්ඩෙ කොට ටීචගෙ යාළුවා දිහා බ්ලාගෙන ඉන්න අරාටත් අතින් අනින ගමන්.

"ම්ම්ම්"

"දැක්කනෙ ලස්සන දේවල තියෙන් බලන්න. "

සැරිං සැරේ කලු දිඟ කොණ්ඩයක් තියන අනිත් තුන්දෙනාට වඩා ටිකක් මිටී කෙල්ල දිහා සැරෙං සැරේ හොරෙං බලන සෙනියවත් ඇස් වලිං පෙන්නන ගමන් නවයා ආයෙ කියෙවුවා.

රුකත් සැරෙං සැරේ ඒ දිහා බලන සෙනියව නෝට් උණේ මෙතනට ඇවිත් ඉඳගෙන් විනාඩි පහකිං විතර. නවයට නෝට් වෙන්නත් කලිං.

"උඹ ඒකිට කැමතිද ?"

රුකාගෙ පට්ට ඩීප් වොයිස් එක ටේබල් එකේ පස්දෙනාවම එකපාර රුකා පැත්තට හරවගන්න තරං පවර්ෆුල් උනා.

සෙනියා හැරිලා බලද්දි රුකා සෙනියා දිහා බලාගෙන හිටියෙ.

"කෙල්ල ලස්සනයි"

සෙනියා ඔහේ කියලා දාලා ආයෙ ෆෝන් එකට ඔළුව ඔබාගත්තා.

"මේ මිස් චවිනී....... "

නවයා ආයෙ සද්දෙං කතාකලා. ටියා බැලුවා නිකම්ම නෙමේ ආයෙ චූ බර හැදෙන තරං ඔරවගෙන.

"අම්මෝ පිච්චෙනවා වස්තුවේ..."

ටියාට පුළුවං කමක් තිබ්බනම් මුගෙ කට කඩනවා. මොනවා නැතත් ටියා දෙවියන්ට ස්තූති වන්ත උනා එලීට මේ කිසි දෙයක් ඇහෙන්නෙ නැති එක ගැන. සෞරිටනම් යන්න එන හිනාව නවත්තගෙන ඉද චූබරකුත් ලෝඩ් වෙලා හිටියෙ.

"ඒක නෙමෙයි මේ ඔයාගෙ යාලුවොද? නැත්තං නංගිලද ?"

මෙතන සුළි කුණාටුවක් වෙන්න කලිං නවයට මේසෙ යට්ං කකුලක් දාලා ගහපු විරා ටියාගෙං හරි ලස්සන හිනාවක් දාලා ඇහුවා.

මොකද විරා දන්නවා. මිස් ටිකක් හරි සෙට විරයි , චරයි එක්ක විතරයි කියලා.

"මේ මගෙ නංගිලා පුතේ."

"ගම කනවනෙ නන්දනී"

නවයට ටිකක් තරහා ගියා. ඒ මදිවට හයියෙං කියවුණ එක අහලා ටියා තවටිකක් ඔරවලා නවයා දිහා බැලුවා.

"පුචේ පුචේ ගාන්නෙපා මේක ඉස්ක නෙමෙයිනෙ."

ටියා ආයෙ රැවුවා

"අනිත් එක අපේ සයිස් එකයි ඔයාලගෙ සයිස් එකයි ගත්තහම කොහොමටවත් ඔයාට වටින්නෑ සුන්දරී අපිට එහෙම අපහස කරන්න."

"මාත් එකඟයි ඈ. නම කියලා කතාකරන්නකො ඒයි"

අරාත් නවයට එකතු උණා. දැං මෙතන යන්නෙ වෙනම සන්නියක් චරාට හිනාව කාගෙන ඉන්න පුලුවං උපරිම කරන ගමන් හිටියෙ.

ඒ අස්සෙ මෙච්චර වෙලා සෞරි හිරකරගෙන හිටිය හිනාව පැන්නෙ අක්කලා නංගිලා ගෙ සායම දියවෙලා දෝරෙ ගලං යද්දි. මේසෙ උඩ තිබ්බ එලෝගෙ අතක් මිරිකගෙන බඩත් අල්ලගෙන කිංකිණි සද්දෙං හිනාවෙද්දි සෙනියගෙ පපුවත් හිර උනා වගේ උණා.

ටියා බයෙං හිටිය දේ. එලී. එලී එකපාරම ඔළුව උස්සලා බැලුවෙ සෞරි ඇයි හිනාවෙන්නෙ කියලා. ඒ එක්කම නෙතීගෙ පැත්ත හැරිලා බලපු එලීට පෙනුනෙ හිනාව ගිලගෙන ඉන්න නෙතීව ටියා... ටියා කාටහරි දාගෙන රවනවා.

එලී ආය සෞරි දිහා බැලුවෙ සෞරි තව තව එලීගෙ අත තද කරන නිසා. සෞරිගෙ මූණ දිහා බලපු එලී කෙලිංම ඔලුව විතරක් පිටිපස්ස හැරුණා.

කෙල්ල හිනාවෙන්න ගත්තා විතරයි සෙනියා පිස්සට හැතැම්මෙ නෑ වගේ කෙල්ල දිහා බලන්න ගත්තා. රුකා කෙල්ල දිහා බලද්දිම වගේ මෙච්චර වෙලා පිටුපාල හුඩී එකක් දාගෙන හිටිය අනිත් කෙල්ල බෙල්ල විතරක් හැරෙවුවා.

ඒ තදම තද කොළ මිශ්‍ර කළු ඇස් රුකාගෙ කොළපාට ඇස් එක්ක පැටලුණා. රුකාට වුණේ මොකක්ද කියලා එකපාර හිතාගන්න බැරි වුණා. රුකාගෙ වගේ කළබල නොවිච්ච ඒ ඇස් දෙක එහෙම්මම සෙනියා ගාවට ගියා.

කෙල්ලට වැඩේ මාට්ටු. සෙනියා බලාගෙන ඉන්නෙ හිනාව නවත්තගන්න බැරුව ඉන්න කෙල්ල දිහා කියලා. ඒ එක්කම ඒ කෙල්ල මුලු මේසෙ වටේම ඇස් ගෙනිච්ච කෙල්ලගෙ ඇස් නැවතුනේ නවයා ගාව, ආයෙම අරා ගාව.

ඔළුව හරවපු එලීට වෙන්නෙ මොකක්ද කාට කාට කාගෙ ඇස්ද වැටිලා තිඹ් කියලා කියවගන්න වැඩි වෙලාවක් ඕනෙ උනේ නෑ. ආයෙම චරා විරා හිටපු විදිහෙං ඒක කපල් එක කියලා දැනගන්නත් ඒ තරං වෙලාවක් ගියේ නෑ. එතන හිස් මොනවත් නැති හිස් ඇස් දෙකක් තිබ්බෙ රුකාට විතරයි.

එලී කෙලිංම ටියා දිහා බැලුවා. ටියාට කේන්තියි. ටියා සාමාන්‍යෙං මෙහෙම මඩවන කොල්ලො හම්බුනාම උංව මඩවලා උංට ෆ්ලට් කරලා ආයෙ කරකවලා අතාරින ජාතියේ කෙල්ලෙක්. එලී තේරුං ගත්ත දේ තමා ටියා මේ සෙට එකව අඳුනනවා.

තමං දිහා ප්‍රශ්නාර්ථ බැල්මකිං බලං ඉදපු එලීට ටියා උත්තර දුන්නා.

"ඉස්කෝලෙ ජරාගොඩ ඔය"

එලී මොනවත් නොකිය ආයෙ ඉයබඩ්ස් කනේ ගහගෙන කර කර හිටිය වැඩේට ඔලුව දාගත්තා.

--------------------------------------------------------------

සීත සුළඟක් හමා ගියා .

පළමු කොටස සමඟ නැවත හමුවෙමු ❤

මම Iris ,

- Calyxia Iris 💜️ -