LightReader

Chapter 1 - පළවන අවශේෂය

බැඳිම්.. හැම කෙනාගෙම ජීවිතේ තියෙනවා නැවත කවදාවත් ආදේශයක් වෙන්නේ නැති බැඳිම්.. අපි කොහොම ඒ හිස් තැන් පුරවන්න හැදුවත් හිල් වුන කළයකට වතුර පුරෝනවා වගේ අපතේ යන බැඳිම්..

මගේ ජිවිතෙත් ඒ වගේ බැඳිමක් තියෙනවා.. වෙනස ඒ බැඳිමට නමක් නෑ..

පුස්තකාලේ කොනේම පුටුවකට වෙලා පොත දිග ඇරන් හිටියට මගේ ඇස් තිබුනේ ජනේලෙන් එයා පේන වැස්ස දිහාට.. පුංචි පුංචි වැහි බිංදු බිමට වැටෙද්දි අහසට දුක හිතුනාද, නැත්තන් දරාගත්ත බරකින් නිදහස් වුනා කියලා හිතුනද...

"එකම පිටුවක් පෙරලන් පැයක් තිස්සේ උඹ මගුලක්ද බන් කරන්නේ.. එක්කෝ ඕක කියොපන් නැත්තන් මනෝ ගහන්ම ඉදපන්.."

ඒ කොහේ වුනත් අඳුරගන්න පුලුවන් කටහඬ වෙන කාගෙත් නෙමෙයි මගේ ඉස්සරහ පුටුවට වෙලා පොතක් අතේ තියන් ඉන්න ගමන් මගේ දිහාවට බැල්මක් දැම්ම කෙනෙක්ගෙන්,

නමින් ගෞෂි සිනුර්යා සිංහවංශ...

මගේ කව්ද කියලා ඇහුවොත් හ්ම්ම්.. ඒක හිතන්න ඕන ප්‍රශ්නයක්...

"මේ වගේ වහින වෙලාවක උණුම උණු රෝල් එකක් එක්ක ඉගුරු ටී එකක් බොන්න තිබ්බානම් මරු සීනු..

මගේ ආසම පොතත් අතේ.. හැමදේම සම්පුර්ණයි වගේ.."

අහ්.. ඔව් සීනු මන් එයාට කතා කරන්නේ එහෙමයි..

"උඹගේ විකාර ලෝකේ තේරුම් ගන්න මට බෑ බන්.. උඹට ඕනේ නම් මන් ගිහින් කන්න රෝල්‍ස් අරන් එන්නම්.. ඔලුව කුරුවල් කරගන්න එපා මනස්ගාත පොත් කියොලා.."

හැමදාම වගේ එයාට බෑ මන් කියන ඒවා තේරුම් ගන්න.. එයා ඒවා තේරුම් ගන්න ඕනේත් නෑ..

"නෑ නෑ ඔයාව තනියම යවන්න බෑ.. මාත් එන්නම්..

ඊටපස්සේ එතන ඉන්න කඩේ ගෑනි එක්කත් උඹ මුකුළු කරන්න තියාගනී..

මතකනේ ගිය පාර ඒ කෙල්ලට සල්ලි ගන්නත් අමතක වුනා උඹගේ කතාවට අහු වෙලා.."

"අනෙහ් උඹට පිස්සුද බන්.. ඒ කෙල්ලගෙන් මං නිකන් විස්තර ඇහුවා විතරයි.. ඒකීනෙ අනේ... අක්කේ ඔයාගේ අරක මෙහෙමයි, මේක මෙහෙමයි ගගා වැළලෙන්න ගත්තේ.. අනික කෙල්ලෝ කියන්නේ මල් වගේ ජාතියක්.. ආදරෙන් වතුර පොහොර දාලා බලාගන්න ඕනේ.."

"අනෙහ් බලාගෙන උන්‍ට හෙම්බා හැදෙයි.. වැඩිය වතුර එහෙම දාන්න එපා.. හහ්.. උඹත් කෙල්ලෙක් කියලා උඹට මතක නැද්ද බන්..!!? මට පේන්න බෑ ඒ නැට්ටිච්ව... උඹටම හොදයි ඒ ගෑනුන්ව..."

"අනෙහ් ගෑනියේ.. උඹ නිකන් මගේ ගෑණි වගේනේ බන්.. බයයිද උඹට ඒකි මාත් එක්ක ඇලෙන්න එයි කියලා.. මාව නොදන්න එකෙක් වගෙනේ උඹේ කතාව...."

ඇත්ත, කොහොම අමතක කරන්නද සීනු කියන්නේ කව්ද කියලා. කාට අමතක වුනත් මට ඒක අමතක වෙන්නේ නෑ..

පොතත් වහලා මන් එයා එක්ක යන්න නැගිට්ටේ ඇත්තටම එයාව තනියෙන් යවන්න බැරි කමටම වඩා එයා කතාවට අහු වුනාම මගේ රොල්ස් ටික නිවෙයි කියන බයටම.. ඔව් ඒ නිසාමයි..

පුස්තකාලේ කියන්නේ මන් ආසම තැන් වලින් එකක්, සීනුට නම් ඒක වධකාගාරයක් වගේ.. පාඩම් කරන දෙවල් වලට කොච්චර දක්ෂ වුනත් එයාට එක තැනක වාඩි වෙලා කතාවක් කියවන්න බෑ.. ඒත් අකැමති වුනත් එයා හැමදාම මාත් එක්ක එනවා මාව තනියෙන් යවන්න බෑ කියලා...

"නංගී බබා.. කෝ අද අම්මා නැද්ද කඩේ.. අපිට දෙන්නකෝ උණුම උණු රෝල්ස් හතරකුයි ගානට ඉගුරු පදම දාපු ටී දෙකකුයි.. ඔයාගේ අතින් හැදුවා කියන්නේ ඉතින් කෙලින්ම සුර ලෝකේ තමා..."

යැයි යැයි... අනේහ් කෙලින්ම උඩටම යවන්න හිතයි.. අම්මපා අහින්සක කෙල්ලෙක්ට ඉන්න නෑනෙ මේකි එක්ක.. හිතුවට ඕවා කියන්න යන්නේ නෑ මන්..

"මොකද උඹ නිකන් මූණ ගොම ගොඩ කරගෙන, බලපන් මන් උඹ ඉල්ලපු මගුලත් අරන් දුන්නා.. තව මොනවද බන් කරන්න ඕනේ මං.."

හැමදාම මේ වගේ කතා අපිට නුපුරුදු දෙයක් නෙමෙයි...

"මාත් එක්ක හවසට සරසවි එකට යන්න එනවද??"

කියන්න දේවල් ඉල්ලන්න දෙවල් ගොඩක් අතරින් මන් එයාගෙන් ඇහුවේ එයාට කරන්න පුලුවන් දේවල් විතරයි..

"හ්ම්ම්.. අදම යන්න ඕනේද උඹට.. මන් හවස සැලොන් එක පැත්තේ යන්න හිටියේ.. කොන්ඩේ කලර් එක වෙනස් කරන්න ඕනේ කියලා හිතුනා..

අව්ලක් නෑ මන් එන්නම් උඹව ගන්න..."

"ආයෙත්!!!.. මාස තුනක්වත් ගියේ නෑනේ බන් ආපහු ෆුල් බ්ලැක් කරලා.. උබට එක හිතක් නෑ.. මන් තනියම යන්නම්.. මට කොහොමත් පොත් අස්සේ හිර වුනාම වෙලා යනවා දන්නේ නෑ.. කලින් ඉවර වුනොත් මාව ගන්න එන්න..."

සීනුගේ සමහර වැඩ කොල්ලෙක් වුනාට එයා ආසම එන ඕනම ෆැෂන් එකක් කරලා ඉන්න.. එයාගේ උරහිස ගාවට තියෙන සිනිදු කොන්ඩේ කොච්චර එක එක විකාර කලත් හරිම නීරෝගී කොන්ඩයක්..

මටත් ආසයි ඒ ගානට කොන්ඩේ කපන්න.. ඒත් අපේ අම්මාටවත් නැති අමාරුවක් මේකිට මගේ කොන්ඩේ ගැන තියෙන්නේ..

"කාලා ඉවරනම් යමන් ගෙදර.. උඹ අද ආවා කියලා කරපු දේකුත් නෑනේ.. කනවයි බොනවයි මනෝ ගහනවයි ඇරෙන්න පුස්තකාලේ ඇවිත් වෙන මොන මගුලක්ද උඹ කරන්නේ..!?"

"ඉතින් මං උබට කිව්වද එන්න කියලා ඒ මගුල් බලන් ඉන්න.. අනික එහෙම නැතුව උඹ එක්ක මගුල් කරන්නද කියන්නේ..."

හිතට ආපු නොරිස්සුමත් එක්ක මන් කියලා දැම්මේ අනවශ්‍ය තොරතුරක්..

"මගුල්?? මාත් එක්ක..! උඹ විහිලුත් දන්නවනේ සුදුනෝනා.. අදාල නැති ඉලව් කියවන් නැතුව නැගපන් බයික් එකට.."

පුස්තකාලෙන් එලියට ඇවිත් අපි නතර වුනේ සීනුගේ හුච්චක්කුව ගාව.. එහෙම කිව්වට මේක කවසාකියක්.. මේකිට මේක ගන්නකන් පුදූඌඌම ඇම්මක් තිබ්බේ... බැන්නට මාත් ආසයි.. ඕවා කියලා මේකිව උඩ යවන්න හොද නෑ..

"හරියට අල්ලගනින් බන්.. උඹත් නිකන් ළඳ වගේ..

වැටුනාට පස්සේ කියවන්න එපා.. හරිනම් මේ සීට් එක අයිති වෙන්නෙ ඕනේ කියුට් කොල්ලෙක්ට.."

"ඉතින් දාන් පලයන්කෝ... මන් එපා කිව්වද?! මට පුලුවන් බස් එකේ එන්න.. උඹේ මේ හුච්චක්කුවේ නැගලා යනවට වඩා සැපයි ඒක... අඩුම කොල්ලෙක් දිහා හරි බලන් යන්න පුලුවන්.."

මේකීයි මේකීගේ කියුට් කොල්ලෝයි.. සුවර් තව මොකෙක් හරි අල්ලන් ඇති මේ පාරත්.. සීනුට කොල්ලො කියන්නේ එයාගේ කම්මැලිකම යවාගන්න ජිවිතේ කික් එකක් ගන්න පුලුවන් සත්ව කොට්ඨාශයක් විතරයි.. මොනා වුනත් ඒ එකෙක්වත් එන්නේ නෑ මේකි එක්ක නාඩගම් නටන්න.. උන් පණ බයයි..

"මගෙන් හුප්පද අහගන්නෙපා ගෑනියේ.. මාත් එක්ක ආවානම් ආපහු යන්නත් ඕන මාත් එක්කමයි.. යන්න ඕන මගුලක ඊට පස්සේ පලයන්.. අනික උඹට ලැජ්ජ නෑ, කලින් වුන දේවල් ආපහු මතක් කරලා ඕනේද..??"

"බොරුවට කේන්ති ගන්න එපා ගෞෂියෝ.. ප්ලිස්.. මන් ආස නෑ ඔයා ඔහොම කේන්‍ති ගන්නවට.. අනික මට හැමදේම මතකයි.. දැන් පරිස්සමට යන්.. හරිද?! "

මේ ලෝකේ මන් බයම දේවල් වලින් එකක් තමා සීනුගේ කේන්තිය.. මොකද එයා ඒ වෙලාවට වෙනම කෙනෙක්.. හැබයි මට ඒ කේන්තිය අලුත් දෙයක් නෙමෙයි..

සීනු හැදුනේ එයාගේ ආච්චම්මා එක්ක.. එයාගේ මුළු ලෝකෙම ඉතින් එයා තමා ඒ වුනාට ඕක ජිවිතේට එයාගේ කටින් නම් කියවෙන එකක් නෑ.. එයා එහෙමයි.. සීනුගේ අම්මයි තාත්තයි සීනු පොඩි කාලේම වෙන් වෙලා එයාලගේ ලෝකවල් හොයන් ගියා.. දෙන්නා රටවල් දෙකක.. මගේ කෙල්ල එයාගේ ආච්චම්මා එක්ක තනි වුනා..

බැංකූ පොත පිරෙන්නම සල්ලි වැටුනත් ආච්චම්මා කැමති සීනූගේ හැම පොඩි දේම එයාගෙ වියදමෙන්ම කරන්න.. බයික් එකත් කෙල්ලගේ උපන් දිනේට ආච්චම්මා අරන් දුන්නේ..

දාහක් දෙවල් ඔලුව අස්සේ වැඩ කරද්දි අපි ගේ ගාවටම ඇවිත්.. ගෙවල් ගාවම පයින් යන දුර තියෙන පුස්තකාලෙට යන්නනේ මේ මේකි අර දුර ඉදන් මාව ගන්න එන්නේ..

"හවසට මන් එන්නම් පුලුවන් ඉක්මනට, බස් වල ගාටන් නැතුව වීල් එකක යන්න.. ගිය වැඩේ විතරක් කරන් ඉදපන්.. වටේ ඉන්න උන්ට මදර් තේරේසා නොවී.."

"හරි හරි ආච්චි අම්මේ... උඹත් පරිස්සමට යන්න.. මන් බලන් ඉන්නවා එනකන් එහෙනම්..

බුදු සරණයි!!!.."

අන්තිම වචන ටික ඇහෙන නෑහෙන ගානට කියලා මන් ගේට්ටුවෙන් ඇතුලට ආවේ ඒ වචන අහන්න සීනු කොච්චර අකැමතිද කියලා මතක් කරගන්න ගමන්..

-

-

-

සීනු කිව්වා වගේම මන් uber එකක් දාගෙනම one galle face mall එකේ හතරවෙනි තට්ටුවේ තියෙන සරසවියට ආවේ මන් ආසම පොතක් හොයාගන්න බලන්.. ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුලුවන් උනත් පොත් අස්සේ රිංගලා ඒ පිටුවලින් එන නැවුම් සුවද විදින්න මන් ආසයි..

අනික මෙතන තියෙන වයිබ් එකට මන් මාරම ආසයි.. කොළ පාටින් කාපට් දාලා වාඩි වෙලා පොතක් කියවන්න පුලුවන් විදියට මෙතන හදලා තියෙන නිසාමයි ටිකක් දුර වුනත් මෙතනටම එන්න කැමති.. මං දුවලා ගිහින් නතර වුනේ poetry collection ගාව.. මගේ මනෝ ලෝකේට නැතුවම බැරි කවි..

හොය හොයා හිටපු පොත් ටිකත් අරන් මන් ගිහින් කොල පාට කාපට් එක උඩින් වාඩි වුනේ කනේ ඈබ දෙකත් ගහගෙනමයි.. සින්දුවක් අහන් කවියක් කියොන එක වෙනම පිස්සුවක්.. මන් spotify එකේ මගේ ආසම playlist එක ඕපන් කරන් ගැලපෙනම සින්දුවක් දාගත්තා..

මම පැතුවේ ඔබ ලගම

හැමදාම නවතින්න

මතකයට ඉඩ දෙන්න

තියෙනවා තව දුර යන්න

හිත ඇතුලේ ආදරය

සඟවා ගෙන බෑ ඉන්න

ආදරයෙන් ඔබේ ලගට වී

ඔබටම අත දෙන්න...

"හායි.. මන් මෙතනින් වාඩි වුනාට කමක් නැද්ද.. If you don't mind.."

කෑවානේ මූඩ් එක.. මොන බුරුවෙක්ද අප්පා පව් දෙන්න මෙතනටම ආවේ.. ඔලුව උස්සලා බැලුවාම හිටියේ උස කොල්ලෙක් පොතකුත් අතේ තියන්.. මට මගේ අතේ තියන පොත දිහා බැලුනා.. මෙයත් මන් ගාවම තියෙන එක අතේ තියන් හිටියේ.. නැගිටලා යන්නත් හරි නෑ.. මන් ඔලුව වැනුවා කමක් නෑ කියන්න...

අහ්හ්!! සීනු දැන්මම ආවොත් මාව ඉතුරු කරන එකක් නෑ.. අනෙහ් බුදු මල්ලියේ උඹටත් යන්න වෙන තැනක් තිබ්බේම නැද්ද? නිදහසේ තිබ්බ මගේ හිත යකාගේ කම්මල වුනා..

" වොහ්.. ඔයත් ආසයිද එයාගේ කවි වලට.. මාත් මාරම ආසයි... නොකියන ආදරේ.. ඒක මහ අමුතුම දෙයක් නේද.. ඔයා මොකද ඒ ගැන හිතන්නේ..."

ආහ්හ් මේ කොල්ලා මටද කතා කරන්නේ.. නොකියන ආදරේ මට ඉක්මනටම මැවිලා පෙනුනා.. වචනයක්වත් නොකියා ඒ කොල්ලට හිනාවක් විතරක් දීලා මන් නැගිටින්න හැදුවේ පොතට සල්ලී ගෙවලා පල්ලෙහා food court එකට යන්න හිතන් සීනු එනකන්..

ඔව් මන් එහෙම හිතුවට කරුමේ කියන්නේ කාපට් එක උඩ ලිස්සලා මාව අරූගේ ඇඟ උඩටම වැටෙන්න ගිය එක..

"මොකො මේ හදිස්සිය, තව ටිකෙන් වැටෙනවා.. හොඳ වෙලාවට මන් හිටියේ මෙතන අල්ලගන්න"

කට කොනේ හිනාවක් ඒ කොල්ලා කියද්දීම මට සොහොන් ලකුණු පෙනුනා.. දෙයියෝ මාව බේ...

"යුහස්වී...!!!!!!"

ෆකේ ෆක්... දෙයියනේ ඇයි මෙහෙම මටම කුරිරුකම්.. පෆෙක්ට් ටයිමින්..

මන් ඉක්මනට අරූගේ අතත් අයින් කරලා බෑග් එකයි ගත්ත පොත් ටිකයි අරන් කැෂියර් එක ගාවට ගියේ සීනුගේ කේන්‍තියට රතු වෙලා තියෙන මූණ දිහා ආපහු බලන් නැතුවම..

එක වචනයක් කියලා බැන්නානම් දුකක් නෑ.. ඔහොම ඉද්දී මට තව බය හිතෙනවනේ..

"සීනූ.. මේ අහන්නකෝ.. ඔයා හිතනවා වගේ දෙයක් නෙමෙයි එතන වුනේ.. ඒ ලමයා එතනින් වාඩිවෙන්න ඇහුවා... ඉතින්..."

"මන් දැන් ඇහුවද මොනාහරිම.. මන් උබට කට කැඩෙනකන් කියලා ඇති මාත් එක්ක ඉන්නවානම් ඉන්න ඕන විදිය.. ඒත් උබ කරන්නේම උබට ඕන දේවල්... අනික මන් වුන දේ ඈතදිම දැක්කා.. ඒකයි ඌ අද බේරුනේ..."

"උඹට තිබ්බා ඌ වාඩි වෙද්දිම එතනින් නැගිටලා යන්න.. ඔච්චරම අමාරුද නෑ බෑ එපා කියන වචන කියන්න.. මන් නැති දවසක උබ කොහොමද පරිස්සම් වෙන්නේ..."

අහේතුකව ඇස් අග්ගිස්සට කදුලක් ආවේ සීනු මට බැන්නට වඩා එයා නැති දවසක් ගැන මට හිතන්නවත් ඕන කමක් තිබුන් නැති නිසා..

"කදුලු පිහදාගනින්.. මට පේන්නම බැරි මගුල් කරලා ඇස් කදුලෙන් පුරෝගත්තා කියලා උබ හිතනවද මගෙන් සමාවක් ලැබෙයි කියලා.. ගන්න ඕන කිව්ව පොත ගත්තානම් යන් දැන්.. උඹව හුරතල් කරන්න වෙලාවක් මට නෑ..."

"අනෙහ් සීනු... බැරිද යන්න කලින් මාව මුහුද ගාවට එක්කන් යන්න. මට මේ පොත මුහුද ගාවට වෙලා බලන්න ආසයි... ප්ලිස්.."

සීනු එක්ක තරහා වෙලා ගෙදර ගිහින් සැනසිල්ලේ නිදාගන්න බෑ කියලා දන්න නිසාම මට ඕන වුනේ එයා එක්ක තව ටික වෙලාවක් ඉන්න... කොච්චර හිත රිදෙන වචන එයාගෙන් පිට වුනත් මන් දන්නවා එයා මන් ආස දේවල් ගැන හිතනවා... ඉතින් ඒ වගේම එයා මාව එක්කන් ගියා වැල්ලවත්තේ රැල්ල පාගන්න පුලුවන් හරියටම...

"සීනු.. ඔයත් මේ මහ මුහුද වගේ.. වෙලාවකට හෙමින් රැළි ගහන ඒ මුහුදම ලොකු රැල්ලක් වෙලා වෙරළට එනවා...

එතකොට මං මේ වෙරළ වගේ මොන වගේ රැල්ලක් ආවත් ඒ දරාගෙන ඉන්නවා.. රැල්ල නවත්තගන්න බෑ කියලා දැන දැනම ඒත් බලන් ඉන්නවා.."

බුම්මන් ඉන්න සීනු දිහා බලන් මං ඒ ටික කිව්වේ කවි පොත අතේ තියාගෙනමයි..

"මං උඹට කියලා තියෙනවනේ මට උබේ විකාර කතා තේරෙන් නෑ කියලා.. තේරෙන සිංහලෙන් කතා කරපන්, මං උඹ වගේ කවිකාරියෙක් නෙමෙයි.."

තේරෙන් නෑ කියලා දන්න නිසාමනේ කිව්වේ කියලා කියන්න හිතුනත් මං නිහඩ වුනේ කලින් කේන්තිය තාම නිවිලා නෑ කියලා දන්න නිසා... ෆොන් එක අරන් එයා ෆෙස්බුක් යන්න කලින් මන් එයාව නැවත්තුවේ ඉන්න ටිකේ එයාගේ අවදානේ මගෙන් අයින් වෙනවට අකැමත්තට..

"සීනු වෙනසකට වගේ ඔයා කැමති නැද්ද මේක කියොලා බලන්න.. මන් වෙනුවෙන්වත්.."

මන් එයාගේ චෙරි රෙඩ් පාටින් අව්වට දිලිසෙන කොන්ඩේ සුලග එක්ක පොර බඳින් දිහා බලන් ඒක ඇහුවේེ. එයාහේ අලුතෙන්ම පාට වුන ඒ කොන්ඩේ එයාගෙ හමේ පාට තවත් කැපිලා පේන්න හේතුවක් වුනා.. සීනු වචනයේ පරිසමාප්තියෙන්ම ලස්සන කෙල්ලෙක්.. හැබයි ඒ ලස්සන දෙපැත්ත කැපෙන පිහියක් වගේ.. ඒ ඇස් වලින් ඕනම කෙල්ලෙක් වගේම කොල්ලෙක් උනත් දණ ගස්සන්න බැරි කමක් නෑ..

"මට කම්මැලි බන් ඔය ලබු කියවන්න.. වෙනදා වගේම උඹ කියපන්.. මං අහන් ඉන්නම්.."

ඇත්ත සීනු ඔයා මේ මහ මුහුද වගේමයි.. ඔයා ලෑස්තිද අහන් ඉන්න මන් හැමදේම කියනවානම්..

පොතේ මන් ආසම කවිය ගාවට මගේ ඇස් ගියේ හමන සීතල හුලඟින් මගේ ඇඟම හිරි වැටිලා යද්දි.. ඉරත් ඈත කොනකින් මුහුද අස්සටම ගිලිලා යන්න ලඟයි.. අහසත් රතට හුරු තැඹිලි පැහැයෙන් හැඩ වුනේ මන් කියන්න යන කවිය අහන්න ලෑස්ති වෙලා වගේ..

"ඇයි උඹලා යාලුවුණේ නැත්තේ?"

සීනුගේ ඇස් මගේ පැත්තට හැරුනෙයි මගේ අතින් පොත තද වුනේ එකම වෙලාවක.. ඔව් ඒ ඇස්වල කුතුහලයක්.. අමුතු තිගැස්මක්..

"මම ඒක දැනගෙන හිටියා..

එයත් ඒක දැනගෙන හිටියා..."

සීනු තාමත් මන් දිහා බලන් ඉන්නවා.. මේ නිහඬ බව මාව වෙව්ලලා යැව්වා.. මුහුද එක්කම එන සුලඟේ සද්දෙයි.. රළ බිදෙන හඬයි එක්ක ඒ අභිබවා සීනු හයියෙන් හුස්ම ගන්න සද්දේ මට අද වෙනදාට වඩා ඇහුනා..

"එයා ඒක දන්නවා කියලත් මම දැනගෙන හිටියා..

මම ඒක දන්නවා කියලා එයත් දැනගෙන හිටියා..

මන් කවිය ඉවර කරන්නත් කලින් සීනු එකපාරටම නැගිටලා මුහුද පැත්තට හයියෙන් ඇවිදගෙන ගියේ මගේ අතේ තිබ්බ පොතත් බිමට වට්ටගෙනමයි.. හරියටම ඒ එක්කම මගේ ඇස්වලින් කදුලු බිංදුවක් වැටුනා...

"ඉතිං අපි එහෙම්මම හිටියා ! "

More Chapters