LightReader

Chapter 28 - 28

සංජාන....මගෙ නම සංජාන කියපු මම ආය එකම විනාඩියක් වත් නොයිදම එන්න ආවා.....

ආවා....නෑ....නෑ.....ආවෙ නෑ දිව්වා....ඔක්කොටම කලින් බලන්න ඕනා මරනීය දන්ඩනේ ක්‍රියාත්මක කරලද නැද්ද කියලා .....??කෑම ගෙනත් දෙන්න ආවම සාමාන්‍ය දැනීම අහනවනෙ...මේ මොන මගුලක්ද මේ?.....

ගේට්ටුව ගාවට ඇවිත් මම ආපහු ගේ දිහා බැලුවා.....

මුස්පේන්තු පාටයි....ඌත් මුස්පේන්තුයි.....පිලිවලකට ඉන්නෙම නෑ වගේ ...

මම තනීයම ගේ දිහා බලාගන හිතින් බැන බැන ඉදලා එයා දුන්න පන්දහේ කොලේ අරන් පොඩ්ඩක් ඈත් කරලා බැලුවා

හොර නෝට්ටුවක්ද කව්ද දන්නෙ...අනික...පන්දහකට හරියනකන් කන්න දෙන්න කිව්වා....වේල් කීයද කන්ම පුලුවන්....එක්කෝ උයාගන කන්න ඕනා ...

නෑ ඒයකා උයන් කන්න ගියෝතින් අපේ අම්මටනෙ පාඩු වෙන්නෙ අම්මට කොයන්න උනෙ මුගෙ කෑම එකය අජිනමොටෝ හලන්න කියලා එතකොට රහ වැටෙනවනෙ.....

නෑ එක්කො ඕන් නෑ...පව්.....කනවා නම් කයි ..නැත්තන් වෙන කඩේකින් ගෙන්නගන කයි...ඔක්කොමත් හොදයි මුස්පේනුතුවා ටොපි කොලේ අල්ලන්න ගියහමනෙ සද්දෙ දැම්මෙ මහ පුදුම මිනිහෙක් තමයි....රුපියල් දෙකේ ටොපිකොලයක් හින්දා යකා නගින එකෙක් දැක්කමයි...හිටපන්කො තව දෙපාරක් තුන්පාරක් කෑම ඇදලා රටේම තියන ටොපිකොල උස්සන් ඇවිත් උඹගෙ ඔලුවට හැලුවා.....

කොච්චර උනත් කතා කරගන්න බැරි උනත්...පොඩ්ඩ බැරි වෙනකොට බය වෙනවා උනත්...හිටපු ගමන් යකාට වගේ තරහා යන මම කටින් බනින්න බැරි හැම වෙලේම හිතින් නම් පුලුවන් තරමට බැන්නා.....ටොපිකොලයක් හින්දා අලුත් කස්ටර්මර් ගෙන් නිස්කාරනේ කතාවක් අහගත්තු මට හිතට පොඩ්ඩක් හරි නැති වෙනකොට මම ගෙදර ඇවිත් සයිකල් එක පැත්තකට දාල අම්ම දකින්න කලින් කකුල හෝදන් වෙන කලිසමක් දාගන්න දිව්වා....

අම්මා දැක්කොත් රෝදෙ දෙකෙ සයිකල් එක අයින් කරලා මට රෝද තුනේ හිරමනයක් වගේ අර පොඩි බයිසිකලයක් අරන් දෙනවා...එහෙමට කෙනා අපෙ අම්මා....

ලමයෝ...

ඇ...ඇයී...ඔය සල්ලි....ම්ම්..මේසෙ උඩ...උ..ඌට.....ඕකට....ම...හරිය..න්ඩ.....ක්ක්...කන්ඩ....ද්දෙ...න්ඩ කිව්වා....

කාමරේ උන්න මම ඇදේ පෙරලීගන ඵෝන් එක කකා උන්නා...හෙට ඉස්කෝලේ ...තව චුට්ට කාලයයිනෙ.....මම සීසීකඩ තිබ්බ පොත් ටික ඔක්කොම එකතු කරලා පොත් ටික බෑග් එකට දාගත්තා...හෙට තියෙන්නෙ පද්‍ය රචනා...සිංහල සාහිත්‍ය දවස...genaral english පොත ඉස්කෝලෙ ඩෙස්ක් එක ඇතුලෙ...ඔව්වා ගෙදර ගේන්න ඕන් නෑ....රාජ්‍ය දේපල.....

මම අදාල පොත් ටික බෑග් එකට දාල සපත්තු දෙකට කලු පාට පොලිශ් පාරක් දැම්මා...පිලිවලට යන්න එපැයි ...

නෑ...මම කොහොමත් පිලිවලයි....වැඩි කතා බහක් නැති.....පොදු විහිලුවකට හිනා උනොත් ඇරෙන්න යාලුවො යාලුවො කට්ටි ගැහිලා කතා කරන තැන්වලින් මම හැමදාම ඈත් උනා.....එකක්...මට එහෙම හරි හරියට කතා කරන්න ටිකක් අමාරුයි .ඉස්සර කොන් කරපු හැමෝම දැන් දැන් කතා කරන්න බලන් උන්නා උනත්... කිසිම දෙයක් කරගන්න බැරි කාලෙදි මාව පාගපු උන්ව මට දෙයක් කරගන්න පුලුවන් කාලෙදි ඇත්තටම ඕන කමක් තිබුන් නෑ....

කතා බහ කරලා ඉන්න ලෝකෙට වඩා මට හුදකලාව රසයි හිතුනා...මනඃකල්පිත චරිත මවාගන උන් එක්ක හිතින් කතා කරන එක වෙලාවකට මට රසයි හිතුනා.....මොකද...අවංකවම ෆැන්ටසි අස්සෙ හිත් රිදීම් නෑ....යතාර්තය වගේ වේදනා බර නෑ.....ඒකයි මිනිස්සු ෆැන්ටසිය තදින්ම බැදිලා යතාර්තය ප්‍රතික්ශේප කරන්නෙ....මිනිස්සුන්ට ඕනෙ තැලෙන හිත් ෆැන්ටසි එකකින් හරි සුව කරන්න.....

අවංකවම මම ආසයි මමම ගොඩනගා ගත්තු සමහර මනඃකල්පිතයන්ට...ඒක මට නිදහස් ...යාලුවෙක් ඉන්නම ඕනා කියලා හිතුන කාලෙදි....යාලුවෙක් නැත්තටම නැති වෙනකොට මම තනියෙන් මා එක්කම කතා කෙරුවා ...අවසානෙදි .....සංජාන වෙච්ච මම හුදකලාවට තදින්ම ඇබ්බැහි උනා කිව්වොත්....ඒක හරි.....හැබැයි....ඒක ටිකක් හරි අඩු උනේ ප්‍රනීත් නිසා කිව්වොත් ඒකත් හරි ...ඒත්...එයා ඉන්නෙ පිට...මම ඉන්නෙ ඉස්කෝලේ ඇතුලෙ.....

.බෑග් එකේ ශිපර් එක මම වහලා දැම්මා....

තාත්තා ප්‍රවෘති බලනවා....හතේ එක අටේ එක.....දහයෙ එක.....හැම චැනල් එකේම යන හැම එකම බලනවා....මේ කාලෙ යන්න දෙයක් නෑ...කොය් වෙලෙත් ජන්දෙ...ජන්දේ....ජන්දෙ විතරමයි .....

අශාන්‍යා .....ඒයි මෙහෙ එන්ඩකෝ.....මේ...

ඵෝන් එකෙ උඩට පහලට යන ගමන් උන්න මට ප්‍රනීත්ගෙන් ආව මැසේජ් එක එක්ක අනිත් හැම දේම අමතක වෙලා ගියා ...මොකද කරන්නෙ කෑවද බිව්වද හෙට ඉස්කෝලේ යනවද නේ ඔක්කොම අහනකොට කිසිම දෙයක් හන්ගන්නෙ නැති මම අර අමුතු මනුස්සයගෙ විස්තරත් කිව්ව ගමන් එයා කිව්වෙ නොයා ඉන්න කියලා .....

ඒත් එහෙම කොහොමද .....මම නොයා උන්නොත් අම්මා යන්නද?? තාත්තා උන්නොත් යයි.....ඇරත් මම කොල්ලෙක්නෙ.....

ටීව් බලන තාත්තා අම්මට අඩගහනවා ඇහි ඇහි මම මම කොල්ලෙක්නෙ කියන මැසේජ් එක ප්‍රනීත්ට යැව්වා .

"නොයා ඉන්න කියන්නෙ....මම නොයා කවුරු යන්නද...මම කොල්ලෙක්නෙ....."

එයා ඒක සීන් කෙරුවා ....සාලෙන් අම්මගෙයි තාත්තගෙයි කටහඩ ඇහෙනවා....මොකාක් හරි එකෙක් තව එකෙක්ට ගහලා ඇති.....ඒක තමයි....ජන්දෙ කාලෙට කාගන්නවා...කා ගන්නවා ඉවරයක් නෑනෙ . අපි අලියට දැම්මොත් සාටකේ උන් අපිට උන් අපිට ගහන්න එනවා කොටිම්ම කිව්වොත් අපේ තාත්තගෙ තාත්තලා අලි...ඒත් සීයා තාත්තාල උන්න කොලනියම සාටක කාරයො.....අනිත් හැම ගෙදරටම එන පාරට තාර දැම්මා....සීයා තාත්තලා අලි කියලා ඒ අඩි දෙක තුනට තාර දැම්මෙ නෑනෙ....ඒකට මොකද.මුන් ස්ටේජ් ගානෙ නගින්නෙ නම් අපි එන්නෙ රටට සේවයක් කරන්න.....

අනේ මට පේන්නම බැරි කතාව තමයි ඕක....උන්ට පුදුම කැහියාවක්නෙ තියෙන්නෙ රටට සේවයක් කරන්නබලන් ගියහම දියවන්නාවෙ ඉන්න හරක් රැලටම වියදම් කරන්නෙ මෙ පොඩි මිනිස්සු....ජන්දෙ දෙන්න කලින් ලැට් බාල්දියක් ටකරමක්...සිමෙන්ති කොට්ටයක් උස්සන් අපේ කකුල් ගාවට එන උන් දින්නට පස්සෙ අපිව තඹේකට ගනන් ගන්නෙ නෑ...

තාත්තා කිව්වා මේ පාර එකෙක්ට දෙන්නෙ නෑ ඔක්කොම කපලා එනවා කියලා ...අම්මා නම් කොහෙන් කැපුවත් සාටකේටලුනෙ . .අනේ...අම්මෝ...මගෙ මනාපෙ නම් අර ට්‍රැක්ටර් එකෙන් ඉල්ලන හාමුදුරුවන්ට දීලා එනවා....පව් නැත්තන් පවුලෙ ජන්ද විතරක් තියෙයි.....

ගිනි තියලා නේද ඒයි....

අනෙ මන්දා....හප්පලා ගිනි අරන්ද...ගිනි තියලද හොයන්න බැ.....ඒ උනාට මේ කාලෙ ඔවුන් විපක්ශෙ එක්ක තරහවට උන්ගෙ උන්වම දාලා ගිනි තියවගන්නවනෙ...

" කොල්ලෙක් උනාට ප්‍රවේසන් වෙන්න ...කොල්ලො කෙල්ලො කියලා නෑනෙ...හැමෝම එකයි දැන්...හදිස්සියක් උනොත් කෑගහගන්නවත් පුලුවන්ද ...?"

ටින්...!....

මැසෙන්ජර් එකට ආව මැසේජ් එක එක්ක මම ආයම බැලුවා ...එයාගෙන් ආයම දේශනාවක්....මම උන්නෙ කාමරෙන් එලියට එනම තැන....උලුවැස්ස යට.....අම්මයි තාත්තයි දෙන්නමටීවි එක ගාව...ඇමතියෙක්ගෙ කාර් එකක් හප්පලා....ඔව්වා සාමාන්‍ය දේවල්....අනික ඉතින් ඔව්වා උන්ගෙ කාරුත් නෙවෙ වෙන්න ඇතිනෙ....

" හරි...හරි...මම ප්‍රවේසන් වෙන්න දන්නවා...ඔයා කලබල නොවී ඉන්නකො"

.මම තාත්තා ගාවින් ඉදගන්න ගමන් ආයම එයාට මැසෙජ් එකක් දැම්මා....දාලා ඵෝන් එක පැත්තකට දාලා ටීවි එක දිහා බැලුවා.....මගෙ ඇස් දෙක තිබුනෙ ටීව් එක ගාව උනත් ප්‍රනීත්ගෙ මැසේජ් වල තිබුන සමහර වචන....අනේ මන්දා ඒවා හරි....හිතට සතුටක්.....සතුටක්ම කියන්න බෑ.....ඒක මට කියන්න තේරෙන්නෙ නෑ.....අම්මා තාත්තා ඇරුනම අවංකවම අපි ගැන හිතන කවුරුත් නෑ...ඒක මම ඕනවටත් වඩා දන්නවා ඒ උනත්....අම්මා තාත්තා ඇරුනම...තව කෙනෙක් අපි ගැන වද වෙනවා කියන්න දැනුනම හිතට දැනෙන හැගීම මට හරි අමුත්තක් ගෙනාවා....

අමුත්තක් කිව්වට මට ඒක කියන්න තේරෙන්නෙත් නෑ.....ඒක මහ මොකක්දෝ....අමුතු හැගීමක්.....

මුන් මේ පාරත් මරා ගනී වගේ අනේ....

ඔව්වා ඉතින් ඒ කාලෙ ඉදන් වෙන දේවල් නේ.. ආණ්ඩුව පෙරලුනොත් ඉතින්...විපක්ශෙ උන්ට රස්සාව කොහොමත් නැති වෙනවා....කා කොටා ගන්නවා....අවසානෙදි අපිට හම්බෙන මගුලකුත් නැති වෙනවා...

අ...අ...අපි හම්බ කෙරුවොත්...අපි...ක්ක්..කනවා....නේද තාත්තෙ. .

ඒකනෙ.....මම හම්බ කෙරුවොත් උඹලා කනවා...කොහෙද උඹලගෙ අම්මට තේරෙන්නෙ නෑනෙ ....

ආ...ඔව්...ඔව්...මම ගෙදරට වෙලා නිකන්නෙ ඉන්නෙ...හරි පව්....මම නැත්තන් ඔහොම වත් ඉදි.... දවසෙම යකඩ කෑල්ලක් තලලා තුන්වේලම පානුයි පරිප්පුයි ගිල ගිල ඉන්න ගියා.....

යෝ....හ් ආයම පටන් ගත්තා.....මේක පාර්ලිමේන්තුවට හපන්....අම්මයි තාත්තයි ආන්ඩුවයි විපක්ශෙයි වගේ....කොයි වෙලෙත් කා ගන්න හදනවා....කතා නායක මම උනාට මට පුලුවන්ද කතා කරගන්න.....තාත්තගෙ වැඩේම අම්මට මොකක් හරි කියන එක...අම්මටත් මේ මනුස්සයා එක්ක මෙච්චර කල් ජීවත් වෙලා මේ කට ගැන තේරුම් ගන්න බැරි උනාද මන්දා...

මම කකුල් දෙකම සෝෆාව උඩට අරන් රිමෝර්ට් එකට අත තියන්න හැදුවා විතරයි මටත් පාරක් වැදුනා

තියපන් ඕක මම නිව්ස් බලනවා.....

ද්ද්...දැන්...කීයෙ ඉදන්ද....තාත්තෙ එකම එක බලන්නෙ....

ඇයි උඹටත් අම්මට වගේ දෙවනි ඉනිම බලන්ඩද ....ඒක පටන් ගත්තෙ උඹ පොඩි කාලෙ ... ..තාමත් ඉවරයක් නෑ.....පලයන් පලයන්.....

තාත්තා ඒ පාර දෙවනි ඉනිමට බනින්න ගත්තා වෙනමොකටවත් නෙවෙ .තාත්තට දෙවනි ඉනිම පේන්න බැරි එකම හේතුව අපේ සීයා...අම්මගෙ තාත්තා ...සීයා තාත්තා තාත්තට කතා කරන්නෙ ගැරජ් ආනන්ද කියලා ...ඒකයි...

ග්ග්...හැරජ් ආනන්ද...

මම තාත්තා දිහා බලාගන ගැරජ් ආනන්ද කිව්වා...කියලා ඉක්මනටම මගෙ අත් දෙකෙම්ම ඔලුව වහගත්තා ...

උඹට් පලයන් උඹලගෙ සීයා තාත්තා එක්කම ගම්මිරිස් කඩන්ඩ...ඒක තමයි ගම්මිරිස් ඇට කියලා ගස්ලබු ඇට වේලලා දෙන්නෙ....ඔය...ඔය...දැක්කෙ....ඇත්ත කියනකොට යනවා අමාරුයි...දෝනියට අමාරුයි...

මගෙන් මොකුත් නාහා ඉන්නවා හොද්ද කරවෙන හින්දා යන්නෙ....

ඔව්...ඔව්.....අපිත් දන්නවනෙ.....කව්ද දන්නෙ නෑ.....බුලත්කොල අස්සට ගම්මිරිස් කොල ඔබලා මේ කොල්ලව අල්ලගත්තෙ.....

මගෙ මුන රතු උනා.....ඉක්කෙ....අම්මගෙයි තාත්තගෙයි පරන ලව් ස්ටෝරිය අහන හැම දාකම මට බඩ රිදෙන්න ගත්තා .....අම්මා ඇත්තටම තාත්තට ගම්මිරිස් කොල ඔබලා දීලා තිබුනා.....ජන්දෙ අස්සෙ අම්මගෙ තාත්තගෙ පටි දෙන්නම රෝල් කරගන්න හදනකොට මගෙ මුන රතු වෙලා ගියා අම්මා හොද්ද පිටින් දාලා කුසියට දිව්වා...

සැනසීමයි....

මට හිනාව තද කරන් ඉදල අවසානෙදි ලොකු හුස්මක් පිට උනා...මං ආදරෙයි .....අම්මගෙයි තාත්තගෙයි මේ විකාර ආදරේට.....මම ආදරෙයි....රන්ඩුවක් පටන් ගන්න හදන හැම වෙලේම තාත්තා මොකක් හරි කියලා ඒක විහිලුවකට පෙරලන තැනට....මං ආදරෙයි ....හිත රිදෙන තැන් වලදි අම්මා වෙනදටත් වඩා තාත්තට ආදරෙන් සලකන දවසට....

කොච්චර කොහොම අනම් මනම් කිව්වත්....මං දන්නවා...මගෙ අම්මා තාත්තට තාත්තා අම්මට මටත් හිතා ගන්න බැරි තරන් ආදරේ දුන්නා කියලා .....

ආයමත් බ්‍රේකින් නිව්ස් එකක්.....සැරින් සැරේම දාන්නෙ ඇමතියගෙ කාර් එකේ ප්‍රවෘතිය වෙනකොට තුවාල උන ඇමති හෙන්ච්චයියන්ව ඉස්පිරිතාලෙ ගෙනියන හැටි පෙන්නුවා....

ක්ක්...කව්ද....තාත්තෙ ඇමතියා....?

සිල්වගෙ අනිකා.....රඹුක්වැල්ලයා....

ම්ම්ම්.....

අනේ මන්දා...මුන්ට දරු පවුල් නැද්ද මන්දා...බොරුවට කොහෙවත් ඉන්න උන් හන්දා මැරෙන්න හදනවා...අරක්කු කාලකට බත් පැකට් එකට...දවසට හම්බෙන රුපියල් දාහාට නෙ මේ මුන් නහින්නෙ.....බලපන්කො...වෙන රටවල ජන්දයක් තිබ්බොත් හොයන්න වත් බෑ ජන්දයක් තියනවද කියලා ..මෙහෙයි ඉන්දියාවෙයි උන් තමා මේ නහිනේ උඹ ජපන් යන්නත් ආසයි කිව්වනෙ...බලපන්.....නිකමට ඔය උන්ගෙ රටවල ජන්දයක් තියනකොට කොහොමද කියලා .....

මම තාත්තා කියන කතාව අහන් උන්නා...ඇත්ත....දවසක් අබේ සන් ආවා....පොඩි ස්පීකර් එකක් තියාගන කතාවක් කෙරුවා යන්න ගියා.....එච්චරයි ...මෙහෙ වගේ ස්ටේජ් ගැහිලි නෑ...බක්කො නැටිලි නෑ..අර දැක්ම මේ දැක්ම නෑ...අනික.....හුගක් රටවල කැබිනට් මන්ඩලේ ඉන්නෙ ඒ ඒ තනතුරට සුදුසුම එකා....සෞඛ්‍ය ඇමති නම් ඒ මනුස්සයා ඒ රටේ ඉන්න හොදම කෙනෙක්.....අධ්‍යාපන ඇමති නම් ඒකත් රටේ හොදම එකෙක්.....ඒත් අපේ රටෙ????

මම එහෙම්ම දිගා වෙලා තාත්තගෙ උකුලෙ ඔලුව තියාගන අඩු දෙක පුටුපත්තෙන් එලියට දැම්මා.....දාල එහෙම්ම ඵෝන් එක අරන් ආයම "භාරත ගී වින්දන" කියන එක සර්ච් කරලා මම අදටත් අම්මගෙ කටහඩින් අහන්න ආසම සින්දුව දාගත්තා .....lag jaa gale.....

මම ඒ සිංදුවට පුදුම තරම් ආසයි....අඩන්න ඕන කියන වෙලාවක ඇස් දෙක පැලෙන්න කදුලු එන තරම් අඩන්න පුලුවන් සින්දුවක්...ආදරේ හිතෙන වෙලාවක ඕනාවටත් වඩා ආදරේ හිතට දැනෙන සිංදුවක් .....මට තවම මතකයි...අම්ම මාව නිදිකරවනකොට ඔය සින්දුව කියනවා...මම අම්මගෙ කට දිහා බලන් ඉන්නවා...අවසානෙදි මට නින්ද යනවා....අදටත් මට ඒ සින්දුව අහනකොට අම්මගෙ සුවද තවමත් ඒ විදිහටම දැනෙනවා....

මම ඵෝන් එක පැත්තට දැම්මා...තාත්තව මගෙ වදෙන් නිදහස් කරලා හොද්ද කිපේ කියලා දුවපු අම්මව මට හොයන් යන්න ඕනා උනා....

මම එහෙම්ම කුසියට ගියා පව්...අම්ම මේ රෑත් ගොටුකොල මිටි ගොඩක් තියන් සුද්ද කරනවා....

ඇයි බඩගිනිද....

ම්හ්.....

එහෙනම්....

න්න්..නිකන්.....

හෙට දවල් කෑමට අනිවාර්යයෙන්ම ගොටුකොල ඇති...අපේ අම්මට උදව්ව්ට එන්නේ එක ගෑනු කෙනයි.....වැඩි හරියක්ම උදව් කරන්නෙ තාත්තා ....පාන්දරට හැමදාම පොල් ගෑවෙ තාත්තා ....ළඟ තිබුන පොඩි ගාම්න්ට් එකටත් කෑම දුන්නෙ අම්මා....උදේට රොටි හදන දවසක් නම් තාත්තා අනිවාර්යයෙන්ම අම්ම ගාව මහ පාන්දරට ඉන්නවා...මොකද රොටි පුලුටු....මහ පාන්දර තනියෙන් පුච්චම්ම හොද නෑලු...මමත් නැකිටපු දවසකට තම්බපු බිත්තර වල කටු ගලවලා දෙනවා....මගෙ අම්මා තාත්තා හොයපු හැම සතේකම එයාගෙලගෙ දාඩිය සුවද තිබුන හන්දමද මන්දා...මම.මේ වෙනකන්...අම්මෙ මට අරක...තාත්තෙ මට මේක කියලා ඉල්ලලා නෑ....මට එහෙම හිතෙන්නෙත් නෑ....

ම්ම්..මේක....කඩන්නද?

වේලුන හාල්මැස්සන් උරේ දැකපු මම ඒල.කඩන්නද අහනකොට ගොටු කොල සුද්ද කරපු අම්මා ඔලුව උස්සලා බලලා ඔව් කියලා ආයම ඔලුව පහතට කරගන්නකොට මම වට්ටියක් අරන් ඉදගත්තා ...

හ්..හ්...හෙට උදේට මොනවද...අම්මෙ....

බත් තියනවා.....කඩල...තියානවා...වෙනදා ඒවමයි.....කාන්ති ඇන්ටිත් කඩේට කැම දානවනෙ.....

ම්ම්ම්ම්ම්...

මම හල්මැස්සගෙ බෙල්ල ගාවින් කඩ කඩ වට්ටියට දාලා ඔලු ටික පත්තර කොල කෑල්ල උඩට දානකොට නන්නත්තාර වෙලා ඉදල ගෙදරට ගෙනාව බලු කෑල්ල ඇවිත් හාල්මැස්සො බෙලි වලට ඉව කරන්න ගත්තා ....

යෝ....අහ...කට පල....ව්...වමනෙ දාන්ඩද...

මම බල්ලගෙ කනකින් ඇද්දා.....ඌත් අම්මා තාත්තා නැති එකෙක්.....හරියටම මම වගේම....දැන් ඌ හිතන්නෙ උගෙ අම්මාත් අපෙ අම්මා කියලමයි...ගේනකොට ඇට ගැහිලා මයිල් නැතුව කනාටු වෙලා උන්න බල්ලා අද බූල් වැවිලා මහත් වෙලා උන්නා..හරියටම මේකා ජීවිතේට හොරිකඩ වෙලා උන්නයි කියල හිතන්න බැරි තරමට.....

සමහර විට....මාවත් හම්බුනේ එහෙමද දන්නෙ නෑ.....

ජිමියා වගේම මාත් උන්නෙ නන්නත්තාර වෙලාද දන්නෙ නෑ.....

කොහොම උනත්....දෛවය අපිට කරුනාවන්ත වෙලා තිබුනා ජිමියටයි මටයි හොද අම්මෙකුයි තාත්තෙකුයි දීලා.....

අහ...කට පලයන්කෝ....ප්ප්..නු..බෙත් බීලා නේද බල්ලො ඉ..න්නෙ...

මම ආයම අරූට ඇන්නා...ඌ නෙවෙ උගෙ බෙල්ල ගැලෙව්වත් කන්න හදන්නෙ...හොරා වගේ ඉදගන ඌ එක එක බෙල්ල කටෙ දාගන ඉදල හපන්නෙ නැතුව ගිලින්න ගත්තා ..හරියටම හැපුවොත් අපිට අහුවෙයි කියලා වගේ....

අම්මෙ...ම්...මේ ඇතිද....තව ඕනද....

ඔය ඔක්කොම කඩන්න....

ගොටුකොල එක හෝදලා ලියන්න ගත්තු අම්මගෙන් මම ඉතුරු ටිකත් කඩන්න ඕනද අහලා කඩන්න ගන්නවත් එක්කම අම්මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා.....මම එහෙම්ම බෙල්ල දැම්මා....

සෙව් නොකරපු නම්බර් එකක්....

කව්ද බලන්න

ප්..පන්සිය පනහා....කාගෙද....??

සේව් නොකරපු.නම්බර් එකේ අවසානම අංක ටික කියපු මම අම්මගෙ මුන දිහ බලනකොට අම්මා කල්පනා කෙරුවා ...

මතක නෑ...චුට්ටක් අරන් බලන්නකො...

අම්මට මතක නෑලු...සමහර විට මේක මේ එන පලවෙනි කෝල් එකද දන්නෙ නෑනෙ.....මම එහෙම්ම ආන්ස්වර් කෙරුවා .....

හ්හ්..හෙලෝ...

.......

හෙලෝ.....ක්ක්...කව්ද කතා කරන්නෙ.....??

....

න්න්...නෑනෙ....අම්මෙ....

දෙපාරක් කතා කරලත් මීක් නොගානකොට මම අම්මා දිහා බලල නෑනෙ කියනකොට අම්මා උරහිස් ඇකිලුවා....

එහෙනම් වැරදිලා වෙන්න ඇති.....එක පාරක් ආය කතා කරලා බලන්නකො...

ම්ම්

මම ආයම පාරක් කතා කෙරුවා .....

හ්හ්...හෙලෝ....කව්ද....මේ....

" කෑම හදන ගෙදරින් නේද?"

ඔ..ඔව්....කව්ද මෙ.....

" සංජාන....?"

ඔ...ඔව්...

හෙට උදේට හයහමාරට කෑම එකක් ගේන්න....හයහමාරෙන් පස්සෙ එපා.....

හෙ..හෙලෝ.....හෙලෝ.....

........

මේ මොකාද...මේ.....

එහා පැත්තෙ උන්න කෙනා අනක් දුන්නා..මොකාද මූ....තවමත් ලයින් එක වැඩ කරනකොට මම ආයම ඵෝන් එක කනේ තියා ගත්තා ....ඇයි යකො හෙට උදේට කැම එකක් කිව්වට මොනවද...කාගෙ ගෙදරටද නොකියා මම මොන බිබික්කම.ගිහින් දෙන්නද??

.හෙලෝ...ඔයාට...මොනවද ඕනෙ.....

......

යෝහ්...මූ නම් පිස්සෙක්ද කොහෙද

ඇයි පුතා.....

මම හිතින් බැන බැන ඉන්නකොට අම්මා එහා පැත්තෙ ඉදන් කුටු කුටු ගානවා.....ලයින් එකේ උන්න එකාගෙ කටහඩ නැති උනත් දාලා තියන ටීවි එකේ සද්දෙ ඇහුනා....සිරසද කොහෙද දාන් ඉන්නෙ.....බ්‍රේකින් නිව්ස් එකක් යන සද්දෙ එක්කම " මේ දැන් ජීවත්ක්ශයට පත් වී ඇති අතර...." කියන කොටස ඇහෙනවත් එක්කම එයා මට ආයම කතා කෙරුවා ....

හවස කෑම එක ගෙනාව ගෙදර .....තියෙන්නෙ මොනවද හොදයි කියල හිතෙන දේ ගේන්න...

හ්හ්...හ්හා...ආප්ප...ගේන්නද.....??

ම්න්....

බි...බි...බිත්

ටීක්...ටීක්.....ටීක්.....

කට් කෙරුවා .....!!!!

බිත්තර ආප්ප ගේන්නද අහන්න " බි බි" ගානකොටම ඒකා ඵෝන් එක කට් කෙරුවා ....මම ඵෝන් එක පැත්තකට දැම්මා....මටත් තරහා ගියා...අතේ උන්න හාල්මැස්සව දෙකට මැදිම්ම කඩලා දැම්මා

කව්ද පුතා....?

අර මුස්පේන්තුවා!!!!

බි...බි....බිත්තර...ආප්ප😂😂👉👈

ජොබිකියා...නිදහාස්.....

මේ ළමයා නාන්න යන්නෙ...ඔය ලමයිනුත් නාගන්න😂😂😂🤭🤭

ආතරෙයි අප්පාවේ...ම්ම්ම්ම්ම්වාහ්හ්😘😘😘

ආයම අග්ගියා එක්ක එන්නාම්ම්ම්ම්...

මම

Ferdeesha ❤️💚😘

More Chapters