LightReader

Chapter 63 - 63

ම්ම්හ්හු...

ම්ම්.....

අශාන්‍යා...කොල්ලට කතා කරන්න.....අර මනුස්සයා උදෙම්ම වාහනෙ මෙහෙ දාලා ගිහින්

කව්ද...

කව්ද ඉතින් ....ඔය අපේ එකා නැට්ට වගේ එල්ලි එල්ලි යන එකා නේන්නම්....හිනාව කලදක් වත් නෑ..... දෙයක් ඇහුවම උත්තර දෙන්නෙත් නෑ..අරූට ගොත මදිවට දැන් ගොලු වෙනවා ඒකගෙ පස්සෙම්ම ගියොත්...අනිකා අර බාප්පා කාරයා....මූව හැංගුවනන් ඉවරයි උන් ටික මේකව නාස්ති කරනවා..මූ මේ නාහට නාහන්නෙ ඔවුන්ව හම්බුන දා ඉදන් තමයි....

ම්ම්ම්හ්...

කෑ ගහන්න එපා අනෙ උදෙම්ම....ළමයා නිදා ගත්තු දෙන්.....

.නිදාගන්න නෙවෙ ඔකව ඇහැරවලා අහනවා අරකගෙ වාහනෙට මොන ලබ්බද වෙල තියෙන්නෙ කියලා.....

කට අනෙ කට....මං කතා කරන්නම් ....

යෙවීන්....සුදු පුතා...ලමයෝ.....

ම්ම්ම්හ්...ම්ම්හ්...යෝ....උ..උදෙම්ම....ඇ..ඇයි.....ස්ස්....සංධී...ර්

දෙවි හාමුදුරුවනෙ...පාන්දර යන්නම් කියපු මිනිහා නේද මේ මාව බදාගන බුදියන් ඉන්නෙ...

මාව උඩ ගියා ....මෙච්චර වෙලාම ඇබරි ඇබරි තවත් ගුලි වෙවී නිදාගත්තු මට උඩ ඉන්න තිස්තුන් කෝටියම සිහි උනා...එහෙන් තාත්තා මගෙ මිනිහටයි බාප්පටයි දෙන්නටම පලු යවනකොට මෙහෙන් අම්මා දොරට ගහනවා...

යෝ....තාත්තෙ බෑනා බුජිනේ...ඔහොම බයින්ඩ එපා අප්පා....ඔහොම බයින්ඩ එපානෙ....අනේ බාප්පෙ...බාප්පගෙ කොල්ලගෙ නෝයි පෙන්ට තාත්තා බයිනවනෙ .. 

තාත්තා සංධීර්ට ගල් ගිලලා වගේ කිය කිය බනිනකොට මම ඉක්මනට එයාගෙ කන්දෙක වැහුවා....

නින්ද ගිහුන් උනාට ඇහුනොත් එහෙම .....පව්නෙ.....ම්හුක්...

යෙවී.....න්...

ඇ...ඇයි....අ..ම්මෙ....හ්...න්..නිදි..නේ...

දෙලොව රත්වෙලා උන්න මම නින්දෙනුත් මාව ඇදලා තුරුල් කරගන්න සංදීරයව ඔලුවෙ ඉදන් පෙරෙව්වා ...පොරවලා ගොත ගගහා ඇයි....ගෑවා

අර මනුස්සය වාහනේ දාලා ගිහින් පොඩ්ඩක් අයි කියලා අහන්න ලමයො...

යෝහ්....මං මොකෙන් කතා කරන්නද සැන්සුන් එක කුඩුනෙ...ම්හුක්....අනික ඇයි අනේ එයාට කතා කරන්නෙ....කතා කෙරුවොත් එහෙම...යෝ.....හ්.මෙතන තියන ඵෝන් එක කෑ ගහන්න ගනීවි....ඇරත් තාත්ත නිකන් වන් ශොට් වගේනෙ...ඇස් දෙක වහන් උනත් ලෙඩෙ හොයන්න පුලුවන් නෙ. . 

යෝ....අම්මෙ...ම්හුක්.....එයා වාහනේ දාන්න ආවෙ නෑනෙ ..ලමයව බලන්න ඇවිදින් නේ කාමරේ තාම නිදිනේ....

මම ඔලුව කස කස එක එක විකාර හිතල ආයම අම්මට කතා කෙරුවා ...

අ...අම්මෙ...

ඇයි....

ඉ..ඉතින්....ත්ත්...තාත්තා....බ්බ්...බාස්.නෙ.....බ්බ්..බලන්ඩ...ක්ක්..කියන්නකෝ...ඒ..එමනුස්සයා....ව්ව්.....වැඩකද දන්නෙ නෑනෙ.....

මම ආයම අපි දෙන්නව බේර ගන්නගුලියක් ඇඹරුවා...ලෝකෙ පෙරලුනත් සංධීර් නෙවෙ දන්නෙ....

ස්ස්..සංධී.....ර්...

න්න්..නැකිටි...න්න්..නකො....එ..එලි වෙලා...නෙ...

ස්ස්..සංධීර් ....ය්..යෝ....ඔ..ඔයා...පි...ද්..දෙන්නවම...මාට්ටු කරනවා...ද්...දරුවෝ.....

මම එයාව හෙලෙව්වා...

කොහෙ....නෑ මැරිලා වගේ නින්ද ගිහිල්ලා...මුනින් අතට නිදාහන් උන්න සංධීර්ගෙ ආග උඩ නැගපු මම පස්ස උඩින් ඉදගන කද කොටසෙ දිගා උනා....උරහිස බෙල්ලට මැදිවෙන්න මූන තියාගත්තු මම සංධීර්ගෙ කනට කෙදිරුවා .....ඒත් එයා නෙවෙ ඇස් ඇරියෙ.. එයා ඇහෙන නෑහෙන ගානට...ම්හ්...ගාලා ආයම නිදා ගන්නකොට මම එයාගෙ කම්මුලක් උඩට හාදුවක් තිබ්බා....

මට මතකයි...එයාට තිබුනෙ පිරුන කම්මුල්...ඒත් දැන් ඒවා..ඇකිලිලා යනවා.....

මගෙ සංධීර් වයසට යනවා....

..කමක් නෑ... අපි හැමෝම වයසට යනවා...අපි හැමොම කවදා හරි මැරෙනවා.....එයාගෙ පිට උඩ දිගා වෙලා උන්න මම එයාගෙ කැලැල් හිටපු පිට දිහා බලාගන උන්නා.....

අනේ මේ හන ගලවනකොට එයාට කොච්චර රිදෙන්න ඇතිද.....??

පිච්චුන ගිනි තියා ගත්තු මනුස්සයන්ව ඉස්පිරිතාලෙ ගෙනිච්චම ඒ මිනිස්සු නම් කටින්ම මැරෙන්න ඕනෙ කියල කියන තැනට විදවනවා.....රස්නෙට ඇකිලුන හමට තෙත තුවායක් තියල මැලවිලා ඇකිලුන හම ගැලවිල යන්න පිහිනකොට ....ඇල්වතුරට අමු අමුවෙම අල්ලනකොට ...සත්තයි...මං හිතන්නෙ එ මනුස්සයා එතන මැරෙනවා....

මගෙ සංධීර් මට කියපන්...තනි උඹ අපි හැමෝගෙම්ම වෙන්වෙලා ඒ වේදනාව වින්දෙ කොහොමද කියලා ...

මට උබ එක්ක තරහ වෙන්න බෑ නලුවො...උඹයි මට අකුරු වරද්දන්නෙ නැතුව නම කියපු එකම කෙනා....රහස් ඉයන්න කියලා පොතක් දුන්න එකම කෙනා...වීදුරුවක් කුඩු කරලා...හදවතත් බිදුනම ආයම කවදාවත් එකතුන්කරන්න බැහැයි කියල උගන්නපු කෙනකා.....චිත්‍රයක් පාට කරන්න එකම එක හුනුකූරක් විතරක් ඇතියී කියල මට කියල දීපු කෙනා.....

සංධීර් ...මේක...තෝර ගැනීම නෙවෙ...මේක දෛවය.....උඹට මාව ආයම මුන ගැස්සුවෙ දෛවය මගෙ සංධීර් .....

.එයගෙ පිට උඩ ගෙඹි පැටියෙක් වගේ දිහා වෙලා ඉදන් හුගාක් දේවල් හිතනකොට අම්මා ආයම කතා කෙරුවා වගේම එයාගෙ ඇග උඩ උන්න මාව ආයම ගැස්සිලා ගියා....

ලමයෝ....

.....

යෙවීන්.....

මම නිදි වගෙ උන්නා ...අම්මා දොරට ගගහා දෙපාරක් තුන් පාරක්ම කතා කරනකොට මම නිදිවගෙ ඉදලා ආයම කතා කෙරුවා ....

..ඇ.....යි....අ...අනෙ....ඇ..ඇයි....ඇයි....

අර මනුස්සයා ඵෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑලුනෙ...

.

.ය්ය්..යෝ....එ...ඒමිනිහා....බ්..නිදි.....අම්ම්..මේ.....ත්ත්...තාම...

ඇයි උඹ හිතුවද උඹ වහෙ ඔක්කොම පුකට අව්ව වැටෙනකන් බුදියනවා කියලා...

.අ..අනේ....ත් ...තාත්තේ.. ....

නිදි හින්දනෙ නිදි කියන්නෙ මේ යස අගේට අපෙ ගෙදරනෙ නිදියන් ඉන්නෙ....ඇයි වදේ...

....අම්මා එහෙන් සංධීර්ට ගන්නකොට මම මෙහෙන් අම්මා කෝල් කරනවා බලන් උන්නා...යෝ...එක්කො....ඩෝන්ට් ඩිස්ට් මී මැසෙජ් එකක් දන්න හිතනෙවා...ඕක දාල ඔය මැසේක් එක අම්මා තාත්තට පෙන්නුවොත්...සංධීර් ගෙ බත් කාර්ඩ් එක සදහටම නැති වේවි....

.

යෝහ්....බාප්පෙ.....බාප්පගෙ කොල්ලගෙ කොල්ලා බුදිනෙ.....ම්හුක්...යෝ..බාප්පා කෙල්ලො ගැන ඉගැන්නුවට කොල්ලො ගැන ඉගැන්නුවෙ නැත්තෙ ඇයි අප්පා....

මම සංධීර්ගෙ සයිලන්ට් කරපු ඵෝන් එක දිහා බලලා අතට ගත්තා.....

 " yeye f" කියලා තිබ්බෙ....යෙයෙ...කියන්නෙ නම්...ඉතින් කුකුල් පැටියනෙ....එෆ් කියන්නෙ.....ෆාදර් ට වෙන්න ඕනා...ම්හුක්....අනික...ye ye m තිබ්බෙ.....

යෝ දෙන්නම කෝල් අරගනනෙ.....කරන්න දෙයක් නෑ...අම්මට මැසේජ් එකක් දානවා.....

සංධීර්ගෙ ඇග උඩ ඉදන් ඉන්න මම දිවත් පැත්තට දාන් කොටන්න ගත්තා...

ගුඩ් මෝර්නින්ග්...අක්කෙ...මම හදිසි වැඩක ඉන්නෙ....පස්සෙ ගන්නද....?

ම්හුක්...එකයි....

ඔන්න ඊලග එක....

වහනෙ ඇතුලෙන් කට කටස් ගාන සද්දයක් එනවා පොඩ්ඩක් අය්යට බලන්න කියන්නවද....

මම දෙවනි මැසේජ් එකත් දාලා දපනෙ දාන් ඉන්න සංධීරයව අත් දෙකෙම්ම හෙලෙව්වා....අවසානෙදි කම්මුල හැපුවා....එයාගෙ නම කිය කිය එයාව හොලවනකොට එයා ලාවට ඇස් ඇරියා...

ය්..යෙ....

යෙ..යෙ...ත්ත්...තමයි....ස්ස්..සංධීර් නැගිටපන් ..එ...එ..එලි වෙලා...ස්ස්....සංධීර් .....

..මම එයාගෙ කනටන්කර කර නැගිටපන් එලි වෙලා කිව්වා විතරයි නින්දෙන් උන්න සංධීර් තත්පරෙන් දෙකෙන් නැගිටල වට පිට බලලා නලලට අත ගහගත්තා...

එලි වෙලානෙ...

..එ..එලි ...ව් .වෙලා න්න්..නෙන්නම්.....ත්ත්...ත්තා.....ග්. ගරාජ්...එ..එකේ....අම්මත්...න්න්..නැගිටලා...ද්ද්..දැන්...ම්ම්..මොකද...ක්ක්..කරන්නෙ....ස්ස්...සංධීර් ...ය්..යෝ...ද්..දරුවෝ....

මම ඇද උඩ ඉදගන මූන අත් දෙකෙන් වහන් උන්න සංධිර්ව හොලව හොලව පුලුවන් තරම් පන්ඩිත කතා කියනකොට එයා මා දිහා බැලුවා වගේම ආපිට ඇදට පෙරල ගත්තා ...

ස්...සංදීර් .....අ .අම්මලා..ඉ..ඉන්නවනෙ .....

අම්මලා ඉන්නවනෙ....කියපු මං එයාගෙ කම්මුල් දෙකෙන් අල්ල ගත්තා ....

අපි දෙන්නා මේ උදෙම්ම ඒක කරන්නද යන්නෙ??

ස්ස්...සංධීර් ....ම්ම්..මේ....උ...උදෙ...ම්ම්...ම ....අ..අපි....එ..ඒක...ක්ක්...

විකාර....

එයා විකාර කිව්වා....මං මෙහෙන් හොරගල් අහුලනකොට එයා විකාර කිව්වා...ඒ කියපු එයා ආයම මගෙ ඇග උඩ නිදා ගත්තා ...

තාත්තා කොහෙවත් යන එකක් නැද්ද ....

විනාඩියක් දෙකක් උන්න එයා මගෙ කනට කරලා තාත්තා කොහෙවත් යන්නෙ නැද්ද අහනකොට මං දන්නෙ නෑ කියන්න ඔලුව වැනුවා ....

බබා...

ය්...යෝ....ස්..සංධීර්

මගෙ බඩත් එක්ක මොකක්ද උනා....හැම වෙලේම නම කියන එයා ඉදලා හිටලා මාගෙ යෙවීන් කුකුල් පැටියො කියන හැම තැනකම මට නිකන් ලෝකයක් දිනුවා වගෙ හැගීමක් දැනුනා .....

සංධීර් ....එයා කිව්වා ආදරේ තේරුම කියන්නෙ යෙවීන් කියලා ....

යෙවීන් උන මම කියනවා....ජීවිතේ පරිසමාප්තිය කියන්නෙ සංධීර් කියලා ...

මං.එයාගෙ උරහිස උඩට මූන ගහගත්තා ...

මං යන්න ඕනනෙ.....ඇයි ඉතින් මාව ඇහැරෙව්වෙ නැත්තෙ ....

එයා මගෙ කන ගාවට වෙලා මුමුනනවා..කොහෙ ඇහැරවන්නද...එයාගෙ අත් දෙජ අස්සට හිර උනහම....මොනවා නම් දැනෙනවා කියලද....

ස්ස්...සංධීර් .

ම්න්...

ඔ..ඔයා....ක්ක්..කිව්වනෙ....අ..අද.....දවසම...

ඉන්නම්....

එයා මගෙ ඔලුව අත ගෑවා කට කොනට හාදුවක් තිබ්බා ...තාත්තා උදේට කන්න ගෙට එනකන් මට එයා ගාව තුරුල් වෙලා ඉන්න පුලුවන් වෙනකොට මං එයාට යට වෙලා ඉදන් මට කරන්න පුලුවන් ලොකුම වැඩේ කරනකොට එයා මගෙ දිහා ඇස් හීනි කරන් බලන් උන්නා....හැබැයි ඒ ඔක්කෝම තිබ්බෙ තත්පරයයි දෙකයි.....අම්මා ආයම දොරට ගහනකොට මං ම්හුක් ගෑවා එයා හිනා උනා...

පොඩි කෝලම....

මගෙ....

යෙවීන්.....

....

ලමයෝ...

........

නැගිටින්නෙ නැද්ද ....කන්නෙ බොන්නෙ නැද්ද ආ.....නවයත් පහු වෙන්ඩ එනවා ....

මං සංධීර් දිහා බැලුවා ....දැන් ඉතින් තාත්තා ගෙට ආවම එයා යනවනෙ...කමක් නෑ මාත් එහෙ යනවනෙ....ම්හුක්....එයාගෙන් අහන්න ඕනෙ අදරෑටත් එනවද කියලා .....

තාත්තා ගෙට ආවද බලන්න...

ම්ම්ම්....

කෝ ඉතින්...මං නොයා කොහොමද ම්ම්ම්....මං ගියහම එන්න.....

ම්ම්ම්....එ...එ...එතකොට ....ව්...වාහනෙ...

තිබ්බ දෙන්...

ඔ..ඔව්....ත්ත්....තිබ්බ....ද්ද්...දෙන්....එ..එතකොට ආය ප්ප්...පරක් එන්න ප්ප්...පුලුවන්නෙ...

කපටියා....

මං හිමීට දොර ඇරියා ...දොර ඇරලා ආයම වහල සද්ද නැතුව කුසියට යනකොට තාත්තා කනවා ....

ජිමියත් ගිලිනවා...මං හැරෙන තැපෑලෙන් කාමරේට දුවනකොට සංධීර් මොකූත් නොදන්න එකා වගෙ හරි පිලිවලට හිටන් උන්නා වගේම තාත්තා කනවා කියලා කියනවත් එක්කම තිස්ස එලවපු මුවා වගේ එලියට දිව්වා ...

යෝහ්....මේ මිනිහා උම්මා එකක් වත් නොදීනෙ ගියෙ...ම්හුක්...මගෙ පිස්සු කෝච්චියනෙ ඉතින් ....

සංධීර් ගියාට පස්සෙ මුලු කාමරේම හිස් උනා...ඒත් මුලු කාමරේ පුරාවටම එයාගෙ සුවද ඉතුරු වෙලා තියනකොට අනෙ මං එයා නිදාගත්තු කොට්ටෙ අයම පාරක් තුරුල් කරගත්තා ...

ම්හුක්....බාප්පගෙ කොල්ලව බන්දලා දුන්නා නම් මට මෙහෙම කොට්ටා ඉඹ ඉඹ ඉන්න ඕන් නැනෙ....යෝහ්.....මේ ප්‍රතම ප්‍රේමෙ නම් හරි බරයි අප්පා.. 

එයාගෙ කොට්ටෙ තුරුල් කරන් උන්න මම මොකූත් නොදන්න මේ දැන් ඉපදුන එකා වගෙ කුසියට ගියා වගේම තාත්තගෙ එහාපැත්තෙන් ඉදගත්තා ...

තාත්තා මා දිහා බලනවා එක්කම ඊයෙ රෑ දුන්න ඩෑස් මතක් උන මං ගස්සලා අහක බලාගත්තා ....

මං.තාම තරහයි...

අයියො පව්....උඹගෙ ඔය ගැස්සිලි පැද්දිලි නොතිබ්බ නම් වෙලහට බල්ලොත් ඇදන් ගිහිල්ලා ....

ක්ක්..කම....ක්...න්න්...නෑ.....ඇ..ඇදන්...ග්..ඉය දෙන්. 

ඒකට මොකද එකට එක කියන්න කටනම් තියනවා ..අද එහෙම ගෙදරින් උඹ හෙලවෙන්නෙ නෑ ආ....

මං කට ඇරගන තාත්තා දිහා බලන් උන්නා.....පිස්සු හැදෙයි ...

.අනෙ තාත්තෙ තාත්තගෙ කොල්ලා අද සංධීර් එක්ක date එකකට යනවනෙ...

ඇ...ඇයි..යෙ....බ්..බෑ...

බෑ...බෑ පෙන්නන්නම් උඹට.....කොහෙ යන්නද උඹ....

ම්..ම්ම්..මට...ස්ස්...සංධීර්...ල්ල්..ලාගෙ....ය්ය්..යන්න ඕනා....

ඔය ඔය ඇහුනද මන් කිව්වෙ මූ නැට්ට වගෙ රිංගන්නෙම එහෙ. ..යන්නෙ නෑ උඹ අද ගෙදර ඉන්ඩ ඕනා....

තාත්තා අම්මා දිහා බල බල මට බනිනකොට මමත් ගොත ගගහා ඇයියෙ හුයියෙ මම යනවා ගගා මැරෙන්ඩ හැදුවා වගේම මට හදිස්සියේම කුකුල් පැටියව මතක් උනා ...

ම්..මං යන්නෙ ..ම්...මගෙ...ක්ක්..කුකුල්....ප්ප්..ප්පැටියට ක්...කන්ඩ දාන්ඩ...ස්ස්...සෙනසුරා...ව්..විතරයි ...ග්..ගෙදර ..ඉ..ඉන්නෙත්.....

ඇයි අනිත් දවස්වලට උඹ කැලේ පනිනවද....

ඇති අනෙ ඇති.....ඔයත් පොඩි එකෙක් වගෙ ළමයා එක්ක එල්ලෙනවා....

එ..ඒකනෙ....ල්ල්..ළමයා ...එ..එක්ක....එල් .ලෙන්න එ එපා...ත්ත්...තාත්තෙ ..ම්හුක්....

සංධීර් ගියාට පස්සෙ දතක් කටක් මදින්නෙ කරන්නෙ නැතුව ඌරු පැටියා වගෙ ඊයෙ රෑ ඉතුරු කොත්තුවයි රයිස් එකයි රත් කරවගන ඒකට කොට කොට කාපු මං තාත්තා එක්ක තිබ්බ යුද්දෙන් දිනලා ප්‍රේම කුරුල්ලව බලන්න යන්න ඇගපත හෝදගන්න දිව්වා....

ම්හුක්.....රැවුල වැවෙන්න මොකද දන්නෙ නෑ පරක්කු....

යෝ තාත්ත කොස්ස උරුක් කරන හන්දද දන්නෙ නෑනෙ....

ඇයි කොස්සෙන් ගැහුවමත් රැවුල එන්නෙ නෑ කියනවලුනෙ.....ම්හුක්..සංධීර්ගෙ නම් තියනවා...උගුරු ඇටෙත් පැනලා....ඇරත්...මගෙ මතු වෙලාවත් නෑ...

යෝ.....ඒක නැතුව කොහොමද අප්පා කසාද බදින්න යන්නෙ....තෙරුවන් සරනයි කියලා අස්සන් කරන්න දෙයිද ඉතින්.....නෑනෙ...

දත් මැද මැද උන්න මං අම්මගෙ සුදුවෙන්න ගාන ක්‍රීම් එකක් මූනට උලාගන ඉන්න ගමන් මගෙ අඩුපාඩු හෙව්වා.....

මෘදු සමකට ගස්ලබු සාරය සම දිදුලයි කියන්නෙ..කෝ දිදුලන්න එපැයිනෙ....අවුරුදු ගානක් තිස්සෙ අම්මා උලන ඔක්කොම මාත් උලනව නේන්නන්....ආ අර ගෝල්ඩන් පර්ල්ද ගෝරිද මොකක්ද මන්දා අගෝස්තු වෙ ගෑවා ඒකට නම් තවත් ටිකක් පාට උනා තමා...හැබැයි තාත්තට නම් ගෙඩි දැම්මා .....

අම්මට කියන්න ඕනෙ චාකෝල් මාස්ක් ගේන්න කියලා හෙටානිද්දා දීගව්‍යන්න ඉන්න ලමයනෙ.

අනේ බාප්පෙ උඹ බදින්නෙ නැත්තන් මට දේපල ටික ලියපන්...

ස්ස්....සංධීර්....

.....

මං ආවා...

ස්ස්...සංධීර් ....

ම්ම්...මේ ....ච්..චුචුල්....පැටියා ..ආවා.....

ඇගපත හෝදන් තාත්තා බනින ඒවා අහන් ඉන්නවා වගෙ රගපාපු මං අවසානෙදි සංධීර්ව හොයාගන එයාගෙ ගෙදර ආවා....

වෙනදා නම් දොර වහලා තියන ගෙදර දැන් මං එන හින්දම එයා අගුල ඇරලා තියනකොට දොන්තයා වගෙ කෑ ගගපු මං ගෙට ඇතුල් වෙනකොටම කුකුල් බෙට්ටක් තිබුනා..

ය්...ය්ය්..යෝ.....ස්ස්...සංධී.....ර්‍රර්.....!!

මං බෙරිහන් දුන්නා...පියෝනියා චුයික් චුයික් ගගා මුලු ගේ අස්සෙම රිරී යනකොට සංධීරයා පොල් මුඩ්ඩක් උස්සන් බෙටි උඩින් පැන පැන උන්නා....

ම්ම්..මෙයා....ජරා කරනවනෙ.....

ඉ..ඉතින්.....ක්ක්..කුකුල්ලු....බ්බ්..බෙටි....ද්ද්....දානවා . .න්න්...නේන්නම්....ය්ය්..

යෝ....ස්ස්...සංධීර් ...ම්ම්.

මෙහෙට....ද්ද්....දීපන්...ඔ..ඔය ...ම්ම්..

මුඩ්ඩ්....

එයාගෙ මූන දෙක වෙලා තිබුනා...පියෝනියා පොඩි කමට උනත් සංධීර් යන යන පස්සෙ චුයික් චුයික් ගගා දිව්වා වගේම පුටුවක් අදින සද්දෙටත් එකි බෙට්ටක් දැම්මා වගේම මුඩ්ඩ අතේ තියන් උන්න මට යක්සා වේස වෙලා කුකුල් පැටියව අල්ලා එලියට වීසි කෙරුවා ...

ප්ප්....ප්...පල....

යෙවීන්....!!!

ක්ක්...කට....ව්ව්...වහපන්...ම්ම්.මේක....අ..අපායක්...ව්ව්..වගෙ....ස්ස්...සිගරට් ...ග්..ගද...ම්ම්..මදිවට ක්ක්ක්....කුකුල්...ගූ....ග්..ගදත් එන්නද....???

උඩින් ගියපු කුකුල් පැටියා බම්ප් වෙලා බිමට වැටෙනකොට සංධීර් කෑ ගැහුවා වගේම මන් අනිත් අතට කෑ ගහන ගමන් කොස්ස අතට ගන්නකොටම සංධීර් මීක් නොගා බලන් උන්නා....එලියට වීසි උන පියෝනියා චුයික් චුයික් ගගා තනකොල වලට් කොට කොට පනුවො හොයනකොට මං බලාගන කුකුල් තාත්තා එබිකම් කරනවා...

ම්ම්..මේක ...ප්ප්..පෙරේත ...ග්ග්..ගුහාව....වගෙ.....ප්ප්...පිලිවලකට....ඉ...ඉන්න....බ්බ්..බෑ....මේ.ජ්ජ්..ජොක්කු.....හ්හ්..හැම....ත්ත්...තැනම....ස්ස්...සංධී.....රයා....

අතු ගාන්න ගත්තු වෙලේ ඉදම්ම මං මැරෙන්න හැදුවා ...වේලපු රෙදි ගොඩක් තවමත් පුටුව උඩ තියනකොට එයාට කෑ ගගහා උන්න මං එයාව හොයන්න ගියා ...

ය්ය්...යෝ...මං මෙහෙ....ම්ම්.....මැරීගන....ව්ව්...වැඩ....ක්ක්..කරනවා.....උඹ ප්ප්...පප්පා....ම්ම්..මහත්තයා වගෙ....ඕක...උර...උර....ප්ප්..පත්තර....බ්බ්.බලපන් ....

මට එබෙන්නවත් නොදෙන කාමරෙ අද ඇරලා දාලා තියනකොට එයා සිගරට් එකක් කටෙ ගහන් පත්තර බලනවා. අතේ තිබුන එයාගෙ යටකලිසම කොන්ඩයක් වගේ හිටින්න ඔලුවෙ දාගත්තු මං එයා ගාවට ගිහින් බෙල්ල දාලා බලනකොට එයා මීට අවුරුදු දහයකට කලින් පත්තරයක් දිහා බලන් උන්නා...

ස්සංධීර් ...

ම්ම්ම්...

ඇ ...ඇයි.....ඔය

එයා තාම මාව දැක්කෙ නෑ....එයා පත්තරේ දිහා බලාගන ම්ම්ම් ගෑවා ඇරෙන්න මාව නොදකිනකොට මටත් පත්තරේ තියන දේවල්හොයා ගන්න බැරි හින්දම මාත් පත්තරේ ඇදලා ගන්නවා එක්කම එයා මා දිහා හැරිලා බැලුවා .....

දරුවො.....!!!!

මෙහෙ දෙනවා

ය්..යෝ....ස්..සංධී...ර් ..උ..ඌව්හ්...ක්..කොන්ඩෙ...ත් .. ග් ගැලවුනාද මං..දා....

එයා කෑ ගැහුවා ..නෑ...නෑ...මාව දැකපු එයාට කෑ ගැස්සුනාද කොහෙද...එයාගෙ යටකලිසම දැක්ක ගමන් එයා ඒක ඇදලා ගත්තා .නිකන් නෙවෙ මගෙ කොන්ඩෙත් එක්කම ගැලවිලා එන්න....ඒකෙ එහෙම්ම සාක්කුවෙ ඔබාගත්තු එයා අහක බලාගත්තා ...

.

යෝ.....අර බලපියකො...කනක් රතු වෙලා නේත ..... .

ම්හුක්...ඉතින් අනේ ඔව්වා මාත් අදින්නෙ ...ආයිස් එකෙන් චූට්ටක් පොඩි උනාට මටත් තියෙන්නෙ ඕකක් තමා ඇයි අපේ බාප්පා යෝ බාප්පා ගාව කොච්චර තියනවද ඇයි අපේ තාත්තා ඇයි රොබිනා යහපතා .ඇයි දෙයියනෙ . .මේ ලෝකෙම්ම ජොක්කු අදින්නෙ සංධීර් විතරද නෑනෙ 

ය්ය්..යෝ....ස් ස්..සංධීර් ...ල්ල්..ලැජ්ජා ව්ව් .වෙන්න ..එ..එපා අන් ..නෙ....මම....ඕ..ඕක...

කට වහනවා.....

ආ..ආ....ඔ..ඔයාට ..ල්ල්.ලැජ්ජා....ම්ම්..මං...ඕක...ද්ද් .දැක්කම...මම...ඔ..ඔයාව....ඕක....න් ....න්න්..නැතුවත් ...ද්ද් ..දැකලා

යෙවීන්.....!!!

ඉතින් ඇත්තනෙ වදේ ..මං දැන් එයා මොකුත් නැතුව ඉන්නකොටත් දැක්කෙ අනික....මං..මොනාද එයාගෙ නොදැක්කෙ.....යෝ....මගෙ නාකි බඹරට තියන ලැජ්ජාව...ඔහොම නම් බෑ අනේ ...ඔහොම කොහොමද පවුල් කන්නෙ....අපි කවද හරි පවුල් කන්න එපැයි....ඒඋනාට බාප්පා කියනවනෙ....මම තමයි අපේ පවුලම කෑවෙ කියලා ...යෝ...මං කෑවෙ කොහොමද .....ආච්චම්මා නේන්නම් කෑවෙ අර අලුත් ගෑනි එක්ක එකතු වෙලා....

.

.යෙවීන්.....

ම්ම්ම්....

එන්න...

මම ඉනට අත් දෙක තියාගන අලුත් ගෑනි ගැන කල්පනා කර කර ඉන්නකොට සංධීර් මාව ලගට ගත්තා....අරන් එයාගෙ කකුල් දෙක උඩ ඉන්දව ගත්තා 

මොනවද කල්පනා කරන්නෙ ඇබිත්තම

මගෙ.....

එයා ඇබිත්තම කිව්වා..කියන ගමන් මගෙ ඔලුව අත ගෑවා....මම උන්නෙත් එයාගෙ කකුල් දෙක උඩ හරහට ඉදගන වෙනකොට කැරකෙන පුටුවෙ පුටුපත්තෙන් එලියට මම මගෙ අඩුදෙක දාගන පද්දන්න ගත්තා...

ස්ස්...සංධීර් .....

ම්ම්ම්

ඔයා...අ..අරක හ්හ් හොයා ගත්තද.....

මොකක්ද...

මම ඔලුව කැසුවා කසලා අරක හොයා ගත්තද ඇහුවා...

...අර.....ත්ත්.....

ම්ම්ම්....

මම අහන්නත් කලින් ම්ම්ම් ගාපු එයා ලාච්චුව ඇරලා සුදුපාට සාමාන්‍ය සයිස් ලියුම්.කවරයක් ගත්තා..අරන් මගෙ අතට තිබ්බා....

බලන්න....

මම ඒක ඇරියා.....ඇතුලෙ තිබුනෙ පොටෝ වගයක්...

දෙයියනෙ...මේ අලුත් ගෑනි...??

.ස්ස්..ස්ස්...සංධීර් ....

.බලන්නකො....බලන්නකො ....

මම එකින් එක බැලුවා...එකින් එක බැලුවා..මේකි ඇමතියා එක්ක යනවා නේන්නම්...යකො අර කෙල්ල තනිකරම ඇමතියා වගේ....තාත්තගෙ ළඟින් වත් තියන්න බෑ....

ශික්කෙ....තාත්තා පුතා දෙන්නම තියන් ඉන්නවද මන්ද....

මේ මගුල් අපේ තාත්තා දන්නවද දන්නෙ නෑ.....දැනගන්න ඕනා මං නම්.කියන්නෙ....අම්මට බාප්පව පාවා දෙන්න ගිහින් නිකන් පව් පුරවන් අම්මට රිද්දුව නම් මම.කියන්නෙ තාත්තට රිදෙන්නම ඕනෙ....

මම සංධීදිහා බැලුවා...මට මේ ඵොටො ඕනා...

ම්ම්..මං...මෙ..මේවා....

කැමති දෙයක් කරන්න පුලුවන් ....ඔයා ඉල්ලුවා....මම ගෙනත් දුන්නා...ම්ම්ම්....

මම එගෙම්ම එයාගෙ ඇගට හේත්තු උනා...පවුලක් කඩන එක පවක්....ළමයෙක් ඉන්න පවුලක් කඩන එක ඊටත් වඩා ලොකූ පවක්...ඒ උනත්....ඒක...දැන් අදාල නෑ...දැන් නම් අදාලම නෑ....උන් කැඩුවෙ අපෙ පවුල...අම්මා තාත්තා මම...අපි හිනා වෙලා උන්නා.....අපි ආදරෙන් උන්නා...අම්මට තාත්තා සැලකුවා.....ඒත්...හැම දේම අනිත් අත පෙරලෙන්න ගත්තෙ මේ ගෑනි හින්දා....

ආච්චම්මා හින්දා...

අනුන්ගෙ...අනුන්ගෙ...උඹගෙ නෙවෙනෙ හදා ගන්න ගත්තු එකෙක්ගෙනෙ ගගා අර හය හතර නොතේරෙන මගෙ හිත කඩපු උන්ගෙ පපුව හත් කඩකට පැලෙන්න ඕනා....

කොහෙද යන්නෙ....

එයාගෙ කකුල් දෙක උඩ ඉදන් උන්න මම බහින්න හදනවා එක්කම එයා මාව අල්ල ගත්තා..

ම්ම්..මට.....

ශ්ශ්.....කලබල උනාම....මොකුත් ක‍ර ගන්න බෑ තේරුනාද කුකුල් පැටියට .....

ම්ම්...

එකටම පටන් ගන්න ඕනෙ.....ඔයාට....වැඩියෙම්ම රිදවපු කෙනාගෙන්....

එයා මගෙ ඔලුව අත ගෑවා...අත ගාලා එකටම පට ගන්න ඕනා මට වැඩියෙම්ම රිදවපු කෙනාගෙන් කියනකොට මම සංධීර් දිහා බැලුවා....

ආච්චම්මා...එයා කියන්නෙ ආච්චම්මා ගැන....

දැන් අද දවසම මගෙ ගාව ඉන්න ඕනා කිව්වා නේද.....ම්ම්ම්....

ඔ..ඔව්නෙ....ඔව්නෙ...

.මම හිනා උනා....එයා මා දිහා බලල හිනා වෙනකොට මාත් හිනා උනා වගේම මම අයම එයා දිහා බැලුව...

ස්ස්..සංධීර් ....

.ම්ම්

ප්ප්..පාටියක් තියනවලු...

ම්ම්....

.ඒ...ඒකට....ය්..යන්නෙ....අ...අපේ.....ත්ත්....තාත්තගෙ...කේටරින්...එ..එකලු....

ම්ම්ම්....

ඒක...ඒක ..ත්ත්...තියෙන්නෙ....

මම ඔලුව කැසුවා...අපරාදෙ ඒක කියන්න ගියෙ.....තාත්තගෙ කේටරින් එක කිව්වට...දැන් තියන තැන කියන්නෙ...යෝහ්.....

කොහෙද ඒක තියෙන්නෙ ම්ම්ම්....

එයා මා දිහා බලාගන උන්න...මං දන්නවා...මං දන්නවා..මේ මිනිහට හොරෙන් අර යකාට ඈනුමක් වත් අරින්න බෑ....මම බොරුවට හචිමක් ඇරියා...හරියටම කතාව වෙන පැත්තකට හරවන්න වගේ එයා බලාගන ඉදලා පිට අල්ලෙන් මගෙ කට පිහදැම්මා....යෝහ්.....

.කොහෙද....ඒක....තියෙ...න්...නේ....ම්ම්ම්

ප්ප්...ප්ප්....

ම්ම්ම්....හරි....තාත්තගෙ කේටරින් එකේ යුනිෆෝම් එක් මොකක්ද??

.අ..අපි...අපි..යන්නද අනේ යන්නෙ....ඈ...සංධීර් ...ප්ප්....පාටියට....

අපි නෙවෙ ම ම ...

අ...අපි...ම්ම්..මේ...ස්ස්...සංධීර් ම්ම්....මායන්....න්න්..නම්....ව්ව්...වෙන්න....එ..එපා.....ඔ..ඔයාට....ඕ..න...නම්...මම....ඇදුම්....හ්හ්..හොරකන්....ක්..කර්ලා...ද්..දෙන්නම්.....ප්ප්..ප්‍රනීත්...ගෙන්....බ්බ්..බැ

මගෙ ගාව ඒ ඔක්කොම.තියනවා කුකුල් පැටියො.....

ය්ය්..යෝ...හ්....සංධීර් .....උ...උඹ...න්න්..නම්....ය්..යකෙක්....අ..අඩේ....

එයා හිනා උනා...ඇදල අරන් මගෙ කටටම උම්මා එකක් දෙනකොට මායන් වෙවී කූරු ගගා උන්න මම හොරා වගේ එයාගෙ ශර්ට් එක අස්සෙන් අත දාගත්තා ....

මේ ..ඉන්නෙ.....!!

එයා.මොකූත් කිව්වෙ නෑ..හැබැයි කල්පනා

කෙරුවා .....මම හිතන්නෙ...ඔය පාර්ටි එක ඇතුලෙ තව තව දේවල් වේවි.....මම දන්නවා....මේ හැම දේම අවසානෙදි උන් දෙන්නට අමුවෙන් පිච්චෙන්න වෙනවා....

ඔයාට කොහෙ හරි යන්න ඕනද.....

එය මගෙන් කොහෙට හරි යන්න ඕනද ඇහුවා.....කොහෙටද...ඇවිදින්නද දන්නෙ නෑ....

කුකුල් පැටියට මොනව හරි කන්න ගන්න ඕනෙද...

..එයා මගෙ ඔලුව අත ගගා මට මොනවා හරි ඕනෙද අහන ගමන් ඵෝන් එක කනේ තියා ගත්තා .

විනාඩි පහකින් ගේ ගාවට වරෙන්...සැලොන් එකට යන්නත් එක්ක...

ක්ක්..කව්ද...ඒඑයි???

එයා ඵෝන් එක තියනවත් එක්කම මම කව්ද කියලා ඇහුවා....

රොමේන්....

..මේ...අපෙ ර්..රොමේන් ....??

උඹ රොමේනයගෙ ගෑනිද....නම කියන්නෙ... ?....

යෝ...හ්හ්.....ඌ .යීහ්.....න්න්..නෑ....ම්..මං ..ඔ..ඔයාගෙ ...ග්ග් ගෑනි.....

යෝ.....තියන ඊරිසියාව .....වයසට ගියත් ඊරිසියාව...

මම රොබිනට රොමේන් කිව්වා විතරයි එයා මගෙ කම්මුල හපලා රොමේනයගෙ ගෑනිද අහනකොට මම එයාගෙ ගෑනි කිව්වා විතරයි ආයමත කනක් රතු උනා වගෙම ගෙයී ඉස්සරහුන් ඇහුන හෝන් සද්දෙ එක්ක එයා මාව කකුල් දෙක උඩින් බස්සලා හිට ගත්තා එ එක්කම මම එයාගෙ සාක්කුවට අත දාලා ඇතුලෙ උන්න ජොකාව ගත්තා.....නැත්තන් මේකත් දාගන යයි.....

....

.සංධීරයා....ආ....මේ ...කෑල්ලත් ඉන්නෙ... 

චුයික්....චුයික්....චුයි.....ක්.....

රොබිනගෙ ජීප් එකේ සද්දෙ ඇහුනත් එක්කම එයා මාවත් එක්කන් එලියට එනකොටම රොබිනා කෑ ගැහුවා...යෝ....මොකක් හරි වැටහිලා වත්ද මන්දා....කෑල්ලත් ඉන්නවා කිව්වා...මම හිමීට සංධීර් දිහා බැලුවා...එයා නෙවෙ ඒවා ගානකට ගත්තෙ... උඩින් ගියපු පියෝනියා සංධීර්ව දැක්කා විතරයි ඒකගෙ කහපාට චූටි තටු දෙකත් උස්සන් දුවගන එනකොට මම ඒකව උස්ස ගත්තා....

ආ.....කුකුල් පැටියෙකුත් ඉන්නවා...

එ..එයාගෙ න්න්..නම....ප්ප්..පියෝනි....

කිකිලියෙක්ද ...

ද්ද්. .දන්නෙ නෑ.....අපේ....ස්...සංධීර්.....ත්ත් .තමා....න්න්..නම...දැම්මෙ...

මසටද හදන්නෙ.....??

.

...ය් ..ය්...යෝ.....හ්....ර්...රොමේ.....න්...එපා....අ..අනේ....ඔ..ඔව්වා...ක්..කොයන්න....ඕ..පියෝනිට....ඇ .ඇහුනොත්....ම්..මොනවා...හ්..හිතේවිද....?

මම කුකුල් පැටියගෙ මූන අතින් වහගත්තා...ඇහුනොත් එහෙම....කුපාඩි කතා කියපු රොබිනා හිනා වෙනකොට මම සංධීර්ටත් ඔරවන් ඒකගෙ ජීප් එකට නැග්ගා..නිකන් නෙවෙ.....පියෝනිවත් අරගනම...ගෙට දැම්මොත් මූ රෙනවා....එලියෙ දාලා ගියෝතින් පූස් වරත්තුවො කනවා....අනික කොයි වෙලාවෙත් රට බේර ගන්න අන්තීම චාන්ස් එක් ගාගන එන උන් ගෙට්ටුව ඇරන් ඇතුලට එනවා .....

ඕකා රෙයි ආ.....

න්න්...නෑ.....

නෑ නෙවෙ.....රිව්වොත් කපනවා...

ය්ය්..යෝ....හ්...නෑ....එයා....ජී දාලා ඉ..ඉන්නෙ....

නැග්ග වෙලේ ඉදන් රොමේනයගෙ බයිට මම වෙනකොට මම පියෝනියව කන්නාඩියෙන් එල්ලුවා...එල්ලලා තරහ වෙලා අහක බලාගත්තා .....

අර ලමයට මොකද උනේ 

මම ආයම හැරුනා...මොකද එයා අනිවාර්යයෙන්ම ලමයා කිව්වෙ අපෙ පන්තියෙ කෙල්ලට.....

තාම උදාන ආවෙ නෑ....කියපු විදිහට නම් ...කෙල්ල කොල්ලා එක්ක ගිහින් තියෙන්නෙ කැමැත්තෙන්....ඒක කෙල්ල පිලිගත්තා....මූ තනිකරම කුඩ්ඩෙක්....ගංජා කාරයෙක්...අනේ මන්දා....මේ ළමයි ඇයිද කියලා....මූ කෙල්ලගෙ සල්ලිවලට.....කියන විදිහට කෙල්ලට සල්ලි තියනවා.....තාත්තා බිස්නස් කරන එකෙක්.....බිස්නස් කියන්නෙ...කොහුබත් බිස්නස් කරන එකෙක්.....සල්ලි වලින් නම් අඩුවක් නෑ.....අම්මත්....අනේ මන්දා...අම්මගෙ ගාතෙ.....කොහොම හරි ඔය ලමයා විතරයි ඉන්නෙත්...

මම අහන් උන්නා...එයාලා කතා කරන්නෙ සෙව්වන්දි ගැන....ඒකිට සල්ලි තියනවා තමයි...ගංජා කාරයෙක් නම්...අනිවාර්යයෙන්ම මේකිගෙන් සල්ලින්ගන්න ඇති..තාත්තා බිස්නස් මත්තෙ නැහෙනවලු.....අම්මට දවස පුරා පාර්ටිලු....එහෙනම් ඉතින් කෙල්ල අම්ම තාත්තගෙන් පිට ඕන එකෙක්ගෙන් ආදරෙ හොයන් ගිය එක සාදාරනයි...

මම සංධීර් දිහා බැලුවා...මට එයා කියපු කතාව මතක් උනා.....ආදරේ කෙරුවට කමක් නෑ....ආදරේ කරන්න හරි කෙනාව තෝර ගන්න කියපු එක මතක් උනා....කොච්චර උනත්...මගෙ සංධීර් කියපු කතාව හරි ... .....

එයාලා දෙන්නා තවත් මොනවද.මොනවද කියවගත්තා..ඒත් මම උන්නෙ සෙව්වන්දිගෙ සිහියෙන් වෙනකොට රොබිනා කාර් එක කාගීල් එක ගාවින් නැවැත්තුවා.....නවත්තලා මාවත් එක්කන් බැස්සා...සංධීර් ඩ්‍රයිවින් ශීට් එකට ගියා 

..ඉදා මේ කාර්ඩ් එක...ළමයා ඉල්ලන දෙයක් අරන් දියන්....

පිස්සුද ...වරෙන් ඇබිත්තම යන්න උඹේ මිනිහට පිස්සු....

😊ආයම එන්නම්.....

තිත්ත කැකිරි පන්තියෙ ජොබීත නිදහාස්....

මම....

Ferdeesha ❤️💚😘 .....

More Chapters