LightReader

Chapter 78 - 78

මම සංධීර් දිහා බැලුවා....මෙච්චර වෙලාම පොතක් බල බල උන්න සංධීර් පොත පැත්තකින් තිබ්බා වගේම එහෙම්ම එයා රෙහාන් තාත්තා දිහා වගේම අකිල තාත්තා දිහා බැලුවා..

අයියෙ.....මං හිතන්නෙ උඹ ආවෙ කොල්ලව බලන්න මිසක්.....

ම්ම්..මගෙ....අ..අයිතිය...ග්..ගැන...ක්....කතා...ක්..කරන්න....ආව...ක්ක්..කෙනෙක්...ඉ..ඉන්නවා..නම්....අපි....ඒක...ග්ග්..ගැන...උසාවියෙ....ක්..කතා කරමු....

යෙවීන්...

මට මලපැන්නා...සංධීර් ට කතා කරපු මම ඊලග පාර උසාවියක් ගාව ගන්නකොට බාප්පා මට කෑගැහුවා.....

එයාට දහ අට පිරිලා තියෙන්නෙ.....වැඩිහිටියෙක් .....

ඒ සංධීර් ....මම වැඩිහිටියෙක් කියපු සංධීර් ආයම එයාගෙ ඔලුව පහත් කරගන්නකොට මම අකිල තාත්තා දිහා බලලා තාත්තෙ කියලා ගොත ගහනකොට අනිත් තාත්තා බලන් උන්නා...දුක ඇති....දුකක් නැතුව නෙවෙ වෙන්න ඇති....ඒ උනාට.....දුක කියන දේ දරාගන්න වත් බැරි කාලෙක එයා මට දුකක් දුන්නෙ....

කතා කරගන්නවත් බැරිම කාලෙකයි තාත්තා මට දුකක් දුන්නෙ.....මට තාත්තෙක් අම්මෙක් ඕනෙම කාලෙකයි තාත්තා මාව අසරන කෙරුවෙ...මං ඉස්සාරහමයි තාත්තා අම්ම්ට වදගෑනි කිව්වෙ....මං ඉස්සරහමයි ආච්චම්මා මම පිට එකා කිව්වෙ...ඉතින්...එහෙම එකේ ආය මොනවද....තව මොනවද කියවන්නෙ....මට එහෙම සහෝදර කම් ඕන් නෑ.... ඕනම කලෙ ළඟ නොයිද.....දැන් මොකටද....

මම තාත්තට කතා කෙරුවා ...ඒත් තාත්තා එන්න් පැන්නුවෙ නෑ...එයා උන්නෙ මහ වේදනාවක....එයාට මගෙ ගාවට එන්න ඕනා උනත්...එයා එන්න පැන්නුවෙ නෑ... 

මම ඉදගත්තා ....උදානගෙ වාරුවෙන් මම ඉදගත්තා .....තාත්තා මාව දාලා යයි කියන බය එක්ක මම ඉදගත්තා ...

මට ඇඩෙන්න වගේ...මගෙ පපුවම වේදනා දෙනවා.....ඇගේ තුවාල වලට වඩා හිතේ තුවාල වැඩි වෙනකොට මම මගෙ මූනට අටවලා තිබුන මාස්ක් එක ගලවලා පැත්තකය දානකොට බාප්පත් බය් උනා වගේම අම්මා ගැස්සිලා ගියා....

ද්..ද්...දැන්...මාව...මගාරින්නද....ඔ..ඕනා....තාත්තෙ....

මං කෑ ගැහුවා...මට තිබුන වේදනාවටම මම තාත්තගෙන් මාව මගාරින්නද ඕනෙ අහනකොට තාත්තා මොකුත් නොකියම යන්න කියලා පිටිපස්සට තියපු අඩියම ආපිට ඉස්සරහට තියලා මා ගාවට ගාවට ඇවිදින් මාව තුරුල් කරගත්තා...

අනෙ මට මෙච්චරයි ඕනෙ...මට ආයම අවුරුදු දහයක් පස්සට යන්න වරමක් හම්බුනොත්...මං කවදාවත් යන්නෙ නෑ...මට වැරදුන තැන් හදනවට වඩා.....විසික් වෙච්ච බොරලු කැටයක් මැනිකකට හරවපු මගෙ තාත්තා වටිනවා...මට මගෙ අම්මා වටිනවා...ඒ ඇති....එ ඇති...එ ඇති...කියන්නෙ...එ හොදටම ඇති.....අනෙ ඒ හොදටම ඇතිනෙ....

තනිවීමම ප්‍රේමයක් කිව්වට....කව්ද තනිවෙන්න බලාගන ප්‍රේම කරන්නෙ...

හැම හමුවීමක් අස්සෙම...වෙන්වීමක් ලියවිලා තියනවා කිව්වත්....කව්ද වෙන්වෙන්න බලන් එකතු වෙන්නෙ.....

තාත්තා කෙරුවෙ ....අම්මගෙ වගේම මගෙ හිතේ තිබුන ආදරේ බෙදන මහ රූස්ස ගහ පොලව ඉරිතලාගන මුල් පිටින් ගලවනවා හා සමානව අපෙ පපු දෙදරවන්...අපිව අසරන කරපු එක...ආච්චමා කෙරුවෙ කොවුල් පැටියෙක් උනත්...කපුටු අම්මෙක් උනුහුම් කරපු බිත්තර අතින් පොඩි පට්ටම් කරපු එක....

තාත්තා අවසිහියෙන් උන්න කෙනෙක් නෙවෙ ....මං අදටත් විශ්වාස කරනවා...තාත්තා ....එදා දික්කසාදෙට අත්සන් කෙරුවෙ සීයට දාහක් හොද සිහියෙන් .....

තාත්තට තාත්තගෙ ඇදෙ අම්මගෙ අඩුව පුරවන්න ගැනියෙක් හම්බ උනාට... අදටත් අම්මගෙ ඇදෙ තාත්තගෙ තැන මේ මොහොතෙත් හිස් වගේම අම්මගෙ පපුවත්...මේමොහොතෙත් හිස්...

එහෙම තාත්තෙක් එපා....

එහෙම අවස්තාවාදි තාත්තෙක් එපා.....

දරුසෙනෙහස වැහෙන තරම් එක එකාගෙ වචන වලින් අන්ද උන තාත්තට.. මෙතනින් එහ ඇයි දරු කැක්කුම්..

....

මම රෙහාන් තාත්තා දිහා බලාගන මගෙ තාත්තව අත් දෙකෙම්ම තුරුල් කරගන්නකොට රෙහාන් තාත්තා හිමින් හිමින් මගෙ ගාවට ආවා...

යෙවීන්....

ක්ක්....කිය..න්න.....

උඹ...මගෙ යෙවීන්ද....උඹ....මගෙ....පුතා...ද.....යෙවීන්....

රෙහාන් තාත්තා එයාගෙ රත්තරන් බ්‍රේස්ලට් වලින් බර උන අතෙන් මගෙ කම්මුල අත ගානකොට මාව තුරුල් කරන් උන්න තාත්තගෙ අත්වල තිබුන කරගැට වල හයිය මගෙ පිට හමට දැනුනැ .. 

සෙනහසක තේරුම කියන්නෙ.....තමන්ට තියබ උපරිමයම දෙන එක.....ඉස්සරහට තියබ ගමන කොයි තරම් රලු උනත්...බාධා කොච්චර ආවාඋනත්..... අල්ල ගත්තු අත අත අරින්නෙ නැතුව ඉන්න එක.....

තාත්තා සෙනෙහස කියන එකෙ තේරුම දන්නෙ නෑ..එහෙනම් ...ලේ සුවද යන්නත් කලින්.....අම්මගෙ කිරි වේලෙන්නත් කලින්...බාලගිරිදෝසෙ අද නෙවෙ හෙට කියලා ලියපු කොල කෑලි ගලවන්නත් කලින්....තාත්තා අම්මගෙ දරුවා දැකලත්...කසාදෙ කටු ගාන්න හදන්නෙ නෑ ...

අම්මා නෙවෙයි වද....

තාත්තයි වද....

වද ගෑනුන්ට කිරි එරෙන්නෙ නෑ...

තාත්තා මගෙන් අහනවා මම යෙවීන්ද කියලා ....තාත්තා අහනවා මම තාත්තගෙ පුතා යෙවීන්ද කියලා ...

මට ඔතනින් එක ප්‍රශ්නෙටයි උත්තර බදින්න පුලුවන් ...තාත්තා අහනව නම් ම මම යෙවීන්ද කියලා ...ඔව් මම යෙවීන් ...හැබැයි...තාත්තා අහනවා නම්.....මම තාත්තගෙ පුතා යෙවීන් ද කියලා ....මට දෙන්න තියන උත්තරෙ ...තාත්තගෙ පුතා....එදා විත්ති කූඩුවෙ මැරුනා කියලා ....

සෙනෙහස දන්න කවුරුත් අයිතියට පොර කෑවෙ නෑ....තාත්තා කෙරුවෙ හුනුවටේ කතාවට පන දීලා මගෙ අත් ගලවගන තාත්තා ගාවට ඇදල ගත්තු එක.....

මම මලක් නම්....අම්මා මට වතුර දැම්මා....තාත්තා මල නටුවෙන් ගලවගත්තා ....

වෛරයක් හිතේ කොනකවත් නෑ...ඒත්...වේදනවට කවදාවත් මියදීමකුත් නෑ....මිනිස්සු මැරුනත්....කවදාවත් කිසිම කෙනෙක්ට බැරි උනා...මතක මරන්න ක්‍රමයක් හොයා ගන්න....

ඔ..ඔව්....ම්...මං...ය්....ය්....යෙ...යෙ....

මගෙ ඇස් වලට තත්පරයක් යන්නත් කලින් කදුලු පිරුනා....පුරුදු විදිහටම ...යෙවීන් කියන නම ගාවදි මට ගොත ගැහෙනකොට මම මගෙ තාත්තගෙ බඩ මැදට මගෙ මූන තද කරගන මගෙ ඇස් වලට තරවටු කෙරුවා ....එපා අඩන්න....වට්ටපු පාගපු උන් හැමෝටම පේන්න කෙලින් ඉදපන් කියලා මම මගෙ ඇස් වලට කුටු කුටු ගගා බැනලා ආයම රෙහාන් තාත්තා දිහා බැලුවා ..

ඔව්....ම්ම්....මං...යෙ...යෙවින්....හ්හ්...

හැබැයි ...අ..අවුරුදු ....ද්...දහයකට....

උඩදි....උ..උන්න....අනාතයා....න්..නෙවෙ .....

යෙවීන්.....

මම මගෙ හිත ගල් කරගත්තා .....දහ අවුරුද්දකට කලින්....කසාදෙ කටු ගාපන් රෙහාන් කියපු කටින්මයි මහ උන්දා මට අනාතයා කිව්වෙ..ලා නිල්පාට බෙඩ් ජැකට් එක එරුන කිරි වලින් තෙත් වෙලා යන හැටි දැක දැකමයි මහ උන්දා අම්මට වදගෑනි කිව්වෙ ...

ඒ කිරි වලට මක් උනාද මන්දා...

ගල් උනාද.....

නෑ....ආච්චම්මා ගෙ වචනත් එක්ක.....අට අවුරුද්දකට පස්සෙ අම්මට එරුන කිරි හිදිලා ගිය....මට අම්මගෙ පුතා වෙන්න....අම්මගෙන් කිරි බිදක් බොන්න වාසනාව නැති වෙනකොට අම්මට "අම්මෙක් "වෙන්න තාත්තා හන්දා පින නැති උනා...

ආච්චම්මා දන්නෙ නැතිව ඇති.....මුලු ලෝකෙටම හොරෙන් පිපෙන කඩුපුල පවා ඉර එලිය දකින්න ආස විත්තිය.. 

කමක් නෑ....මම තව දුරටත් කඩුපුලක් නෙවෙ ....

මගෙ පෙති දිගෑරුනා....

කැඩුන සමනල පියාපත් ආයම හයි උනා...

මහ දුරක් පියඹන්න බය....මට පුලුවන් තරමට පියාඹන් මං ඉන්නවා කියන්න....මාව වැටුනොත් අල්ල ගන්න හයිය අත් දෙකක් ඉන්නවා....

ඒ වෙනකවුරුත් නෙවෙ ... කාගෙද කින්ද මන්ද නොදැන මට තාත්තා උන මේ රත්තරන් මනුස්සයා ....

මගෙ තාත්තා කවදාවත් ...මගෙ අඩුපාඩු ගැන කතා කෙරුවෙ නෑ...මගෙ තාත්තා කවදාවත් මාව අනිත් අය එක්ක සැසදුවෙ නෑ....මගෙ තාත්තා මගෙන් දැකපු එකම දේ නම් මගෙ හදවත විතරයි ....

සමහරුන්ගෙ ඇස්වලට කාලකන්නියා උන මාව .....තාත්තගෙ ඇස්වලට වාසනාවන්ත විදිහට පෙනුනා 

මන් තාත්තව මිරිකගත්තා .....මිරිකන් රෙහාන් තාත්තා දිහා බැලුවා .....

ක්ක්...කෑ ගහලා....ප්ප්..පලක්...න්න්..නෑ....ත්ත්...තාත්තෙ ...මං....න්..නොදරුවෙක් ...න්න්..නෙවෙ...

මං මිමිනුවා.....මං නොදරුවෙක් නෙවෙ කියලා මගෙ තාත්තගෙ රැවුල් කොට වැවුන මූන දිහා බලලා කදුලු පුරවන් හිනා වෙනකොට ඒ ඇස් මට "මගෙ පුතා" කිව්වා ....

නෙහාන් ....එතකොට...උඹත්...දන්නවා මේ ඉන්නෙ මගෙ කොල්ලා කියලා ....

මං බාප්පා දිහා බැලුවා ...බාප්පා තාත්තා දිහා බැලුවා ...

මම මගෙ ජීවිතෙ කිසිම දවසක මගෙ තාත්තා අසරන වෙනවා දැකලා තිබුන් නෑ.... තාත්තා මගෙ කොල්ලා කියන එක කිව්වෙ තදේට ...මං දන්නවා එ තාත්තට ආස ඇති....සතුටු ඇති....ඒත්.....දැන් එයාට හැරෙන්න කාලයක් නොතියම අපි ඒ ජීවිතෙන් පිටමන් වෙලා ඉවරයි ....

හැරිලා බැලුවා උනත්....ඒඇස්වලට පේන්නෙ නැති දුරකට අපි ඇවිදලා ඉවරයි ....

ඔව් මං දැනන් උන්නා.....

එහෙනම් නොකිව්වෙ .....

නොකිව්වෙද....මට හම්බ උනෙ උඹගෙ කොල්ලා නෙවෙ හින්දා අයියෙ...

මගෙ කොල්ලා නෙවෙ....මගෙ...කොල්ලා නෙවෙ කියන්නෙ.....

උඹගෙ කොල්ලා නෙවෙ කියන්නෙ..උඹගෙ නෙවෙ හින්දා රෙහාන් ...උඹගෙ කොල්ලව උඹ නැතිකරගත්තෙ එදාමයි....

මම කවදාවත් මගෙ ලමයව එපා කිව්වෙ නෑ...

"එපා කිව්වෙ නෑ.....හැබැයි...ආදරෙ කරන එකයි....පාවිච්චි කරන එකයි කියන්නෙ දෙකක් මිස්ටර් රෙහාන්....."

මොකක්...මොකක්ද කිව්වෙ...පාවිච්චි ...කරනවා....

මෙච්චර වෙලාම මගෙ ගාව උන්න තාත්තා දිහා වගෙම මම දිහා බලන් උන්න තාත්තා අනිත් පාර බාප්පට ඇගිල්ල දික් කරනකොටම අනෙ බාප්පා මගෙ තාත්තගෙ පැත්ත ගත්තා.... එයා කිව්වා එයාට හම්බුනෙ රෙහාන් තාත්තගෙ ළමයා නෙවෙ කියලා ...

ඇමතියා දෙක කරල ගියපු කාමරේ ආයම තත්පර ගානකින් ඇවිලෙන්න ගත්තා...

තාත්තා කවදාවත් මගෙ ලමයව එපා කිව්වෙ නෑ කියනවත් එක්කම මට මගෙ පිටිපස්සෙන් උන්න සංධීර්ගෙ කටහඩ ඇහුනා....එයා පුරුදු විදිහමයි.....කිසිම කලබලයක් නැති කටහඩ ඇතුලෙ කිසිම හැගීමක් තිබුන් නැති උනත්....එයා මගෙ තාත්තට පක්ශපාතියි කියන්නද කොහෙද ලාවට ඔලුව නැවුවා වගේම රෙහාන් තාත්තා එක පාරම සංධීර් දිහා බැලුවා.....

පාවිච්චි කෙරුවා ....තමුන් මොකාද කියන්න මම දන්නෙ නෑ....හැබැයි.කතා කරනකොට වචන ගැන හිතලා කතා කරනවා....මම කවදද මගෙ ලමයව පාවිච්චි කෙරුවෙ ....

මම මොන ප්‍රශ්නෙටද මිස්ටර් ෆර්නෑන්ඩොපුල්ලෙ මුලින්ම උත්තර දෙන්න ඕනෙ....ම්ම්ම්...

හරියටම.හරි...අනේ බාප්පෙ.....මගෙ මිනිහයි....තාත්තයි ඇවිලෙන්න යන්නෙ....සෙල්ලන්නෑ...මාමන්ඩිලා දෙන්නයි.....

සංධීර් ඇහුවා මොන ප්‍රශ්නෙටද උත්තර දෙන්න ඕනෙ කියලා....ඇත්තටම මගෙ සංධීර් කවදාවත් තේරුමක් නැතුව වචනයක් පිටකරන කෙනෙක් නොවෙනකොට මම තාත්තා දිහා බලලා අම්මට මගෙ ඉදිමුන අත දික් කෙරුවා .....දික් කරලා අත අතගාවගන්න ගමන් වලිය බලන්න පටන් ගත්තා...

මම කව්ද කියල නම් අහන්නෙ...මට පුලුවන් මිස්ටර් ෆ්‍රොෆෙශනල් විදිහට.....මිස්ටර් අකිලගෙ නීතීඥ්ඥයා කියන්න...එතකොට .....දෙවනි ප්‍රශ්නෙට මම උත්තර දෙනවා නම්....පාවිච්චි කෙරුව කියන්න...මට...ඕනාවටත් වඩා සාක්ශි තියනවා..හැබැයි...මම කවදාවත් මගෙ සාක්ශියක කෙල බිදක්වත්.....හිතුමනාපෙට බිම දාන්නෙ නෑ.....

මොකක්....එයා කිව්වෙ අපේ තාත්තගෙ නීතීඥ්ඥයා කියලනෙ...ඒක වෙන්නෙ කොහොමද...මගෙනෙ...මගෙනේ...

ම්හුක්...බාප්පෙ.....මිනිහට වැරදීලානෙ.....

තාත්තගෙ නීතීඥ්ඥයා කියපු සංධීර් දෙවනි ප්‍රශ්නෙ මගෑරියා....එයා මගෑරියෙ නිකන් නෙවෙ...එයා හේතු ඇතුව...එයා කිව්වා එයා කවදාවත් නිස්කාරනේ එයාගෙ සාක්කි එලියට දෙන්නෙ නෑ කිව්වා.....හැබැයි මම දන්නවා....සංදීර් වහල කියන්නෙ මොකක්ද කියන්න මම දැනන් උන්නා...

සාක්කි එලියට දාන්නෙ නෑ කියන්නෙ.....සාක්කි එලියට දාන්න බැරි කමද...නැති නම් නීතිඥ්ඥ මහත්තයට දෙන්න සාක්කි නැද්ද....මම කවදාවත් මගෙ දරුවව පාවිච්චි කෙරුවෙ නෑ....

මිස්ටර් රෙහාන්....මිස්ටර් රෙහාන්.....තමන් වරදක් කරනකොට කවදාවත් ....ඒක වැරදි කියලා කවදාවත් අල්පමාත්‍රෙකින් වත් දැනෙන්නෙ නෑ....මිස්ටර් රෙහාන් කියනව දරුවව පාවිච්චි කෙරුවෙ නැහැ කියලා ...මං එකම එක ප්‍රශනයක් අහන්නම්...එකම එක ප්‍රශ්නයක් අහන්නම්...යෙවීන්ව පාවිච්චි කෙරුවෙ නැහැයි කියලා කියනව නම්..මම එකම එක දෙයක් අහන්නම්....

මම යටි තොල හපා ගත්තා.....සංධීර් උන්නෙ තරහෙන්.....එයා උන්නෙ තාත්තා එක්ක තරහෙන් ...තුවාල තියන් ඇදට වෙලා නොයිදපු සංධීර් එකම එක ප්‍රශ්නයක් අහන්නම් කියපු සංධීර් මගෙ ගාවට ඇවිදින් හිටගන තාත්තා දිහා බැලුවා ..මං දන්නවා..මං දන්නවා.....ඔය අනිවාර්යයෙන්ම අහන්න හදන්නෙ ළමයෙක් හදාගන්න පුලුවන් කියල දැන දැන ඇයි මාව උදුරගත්තෙ කියල ....අම්මා නම් වද...ඇයි තාත්තා මාව තියාගත්තෙ කියලා .....තාත්තට නම ගෙනියන්න කෙනෙක් නැතිව යන හින්දා මාව පාව්ච්චි කරන්න තියාගත්තා නේද අහන්න හදනකොටම මම සංධීර් ගෙ අතින් අල්ල ගත්තා ....හරියටම අනෙ සංධීර් දැම්ම එපා කියන්න කියන්න වගේ....

මං දන්නවා...අම්ම නෙවෙ වද....තාත්තයි වද....ඔය හැම දේම එලියට දාන්න හොදම වෙලාව මෙතන නෙවෙ....තාත්තගෙ ඇමති හුරතලීගෙ වැඩත් එක්ක තමා ඔය ඔක්කොම එලියට දාන්න ඕනෙ.....

සංධීර් කට පියා ගත්තා ....රෙහාන් තාත්තා අවසානෙදි කට පියාගන ඉදලා මගෙ දිහා බලලා මගෙ ලගට ආවා....ඇවිදින් මගෙ ඔලුව අත ගෑවා....

මං උඹව පාවිච්චි කෙරුවද යෙවීන්...තාත්තා උඹව පාවිච්චි කෙරුවද කියපන් පුතේ...

තාත්ත මගෙන් අහනව තාත්තා මාව පාවිච්චි කෙරුවද කියලා.....ඇත්තටම ...කතාව...තාත්තගෙ ආදරෙ පැත්තකින් තියලා අනිත් පැත්තෙන් බැලුවොත් තාත්තා මාව පාවිච්චි කෙරුවා වගේ තමයි.....ඒත්.....තාත්තා දන්නව නම් තාත්තට ළමයි නෑ කියලා ...තාත්තා අර කෙල්ලට පන වගේ ආදරේ කරන්නෙ කොහොමද ....??තාත්තගෙ නම දුන්නෙ කොහොමද ...???…තාත්තගෙ මූනුවර ඇල්පෙනෙති තුඩක් වත් නැති කෙල්ලට ආච්චම්මලා පවා ඔච්චර අදරේ කරන්නෙ කොහොමද .....

මම අහක බලාගත්තා ....මෙතන මොකක් හරි ලොකු දෙයක් තියනවා.....තාත්තා පරසක්වල ගැහුවත්.....ඔය ඉන්නෙ තාත්තගෙ ලමයෙක් නෙවෙ.....එක්කො...තාත්ත දන්නවා...ඒත්....කරගන්න දෙයක් නැති කමට තාත්තා කරබාගන ඉන්නවා...තාත්තට තව ළමයෙක් හදන්න බැරි කමක් නෙවෙ.....තාත්තට පීනන්න සල්ලි තියනකොට එක්ට දහයක් උනත් හදන්න පුලුවන් ....

තත්තා මගෙ මූන අල්ලන් මාව තාත්තා පාවිච්චි කෙරුවද අහනකොට මම ඒ ඇස් දිහා බලන් උන්නා...කන දුන්න අත හපා කන තරම් තිරිසන් ගති නැති හන්දා වගේම....තවමත් මම තාත්තෙ කියන හින්දා මම නැහැයි කියලා ඔලුව වනනකොට තාත්තා හිනා උනා හැබැයි මම තාත්තගෙ අතින් අල්ල ගත්තා ...

ත්ත්...තාත්තා...මාව...ප්ප්...පාවිච්චි කෙරුවෙ...නෑ...හ්..හැබැයි.....ත්ත්....තාත්තට...බ්..බැරි....උ..උනා...මාව....ත්ත්...තේරුම්..ගන්න...

ත්ත්...තාත්තා ...තාත්තගෙ...සතුට.....හ්...හොයාගත්තා.....හ්හ්...හැබැයි....මගෙ.....

හිත....කඩලා....බ්..බිදලා....දැම්ම.....ත්ත්....ත්ත්...තාත්තට....අම්මගෙ....අ..අඩුව...ප්..පුරවන්න...ග්..ගෑනියෙක්....හ්..හම්බුනා....හ්..හැබැයි...ම්ම්...මට....අ...ම්මයි....ත්ත්....තාත්තයි දෙන්නම නැති උනා.....

යෙවීන්...

ශ්ශ්.....අ..අහන්...ඉ...ඉන්න....ත්ත්...

තාත්තෙ...අ..අහන්...ඉ..ඉන්න....ත්ත්

.තාත්තා ...ඇස්....ඇස් දෙකටම....දැක්කා...ඒ...ගෙදර..මට....ද්..

දුන්න...වේදනා...ත්ත්...තාත්තා මට ආදරෙ කෙරුවලු.....ක්ක්...කෝ....එක...

ය්..යෙවීන්....

ත්ත්....තාත්තා...මට...ආදරෙ...ක්..කෙරුවනම්...ක්...කෝ..මගෙ..මූනෙ....හ්..හිනාව....ඒක....ත්ත්...තිබුනද.....න්න්..නෑ.....

ත්ත්....තාත්තෙ...අ..ආදරේ....ක්..

කියන්නෙ.... දෙපැත්තට....අදින එක නෙවෙ....ත්ත්...තාත්තෙ.....අත්..

හතරෙම්ම....ර්....රැකගන්න....එ..එක.....

එ..එපා...කවදාවත් ...අ..ආයාම....ම්..මාව..උදුරගන්න....හ්..හදන්න...

අ...අම්මට...මාව....න්..නැති...කෙරුවා වගේ.....මාව.....ආයම...ක්..කාටවත් නැති...කරන්න...එපා....ම්....ම්..මං..මගෙ....ල්ල්..ලෝකෙ...හ්..හදාගන...ඉ..ඉවරයි....ක්ක්..කරුනාකරලා .....ම්...මෙච්චර කල්...හිතන්....උන්නා...වගේ.....ම්ම්..මං....ම්..මැරුන....විදිහටම....ඉන්න...

යෙවින්....!!!

පාවිච්චි කෙරුවෙ නෑ කියල කිව්වා උනත්...මම කියන්න ඕන අනිත් ටික කියන්න ගත්තා... මට ආදරෙ කෙරුවට වැඩක් නෑ තාත්තට මාව තේරුම් ගන්න බැරි උනා කියන එක මම කිව්වා...අවසානෙදි මම මැරුන කියලා හිතාගනම ජීවත් වෙන්න කියනකොට තාත්තා කෑ ගැහුවා...මම හිනා උනා....නිකන් නේවෙ...කට කොනකින්.....

මම තාත්තගෙ අත අරගන මගෙ පපුව උඩින් තියාගත්තා ....තියාගන ඒ මූන දිහා බැලුවා.....

ම්ම්..මෙතන....ග්..ගැහෙන...එ..එක...න්න්..නවතිනම...එක...නෙවෙයි....ම්ම්..

මැරෙනවා...ක්ක්..කියන්නෙ....

ත්ත්...තාත්තෙ...ආ..ආච්චම්මා...අවුරුදු ...ග්ග්..ගානකට...ක්ක්..කලින්...මාව....මරාගන්නකොට.....ත්ත්....තාත්තා..ක්ක්..කොහෙද උ....උ...උන්නෙ....???

අවුරුදු ...ග්ග්..ගානට...ක්..කලින්.....අම්ම්....මා....යන්න...යනකොට ...මාව...මැරිලා

.ය්..යන...හැටි...දැ...දැක...දැක.....ත්ත්....

තාත්තා...කොහෙද...උ...උන්නෙ...

ම්ම්...මෙතන....උ..උන්න...පුංචි...ලමයව....ත්ත්...තාත්තලා එකතුවෙලා...ම්ම්..මරාගත්තා තාත්තෙ....

ද්ද්...දන්නවද.....ම්ම්....ම්ම්..මිනිස්සු....හ්..හැමදාම....ම්ම්..මැරෙනවා....හ්හ්..

හැබැයි...එක....ද්..දවසක.....වලලනවා.....ද්ද්..දවස....ග්..ගානෙ...ම්..මැරි...මැරි...උ...උන්න...මාව.....ප්ප්..පන...පිටිම්ම.....

වලල...ග්ග්...ගන්නකොට ....ත්ත්...තාත්තා.උන්නෙ ඇස් ...ක්ක්..කන්....පියාගන...ත්ත්....තාත්තා...හොයන....යෙ...වීන්.....තව දුරටත් නෑ....තාත්තෙ.....

මං හුස්මක් ගත්තා ....තාත්තා හොයන යෙවීන් තව දුරටත් නෑ කියපු මම තාත්තගෙ අත අතෑරලා දාලා ආයමත් මගෙ මාස්ක් එකදා ගත්තා ....ඒ එක්කම ආයම දොර ඇරුනා..... අම්මා .....

ඒ ඇවිදින් තිබුනෙ අම්මා...

අම්මා එනවත් එක්කම මං අම්මා එක්ක හිනා උනා වගේම රෙහාන් තාත්තා අම්මා ගාවට ගියා ගිහින් අවසරයක් නැතිවම අම්මගෙ අත අල්ලගන්නකොට අම්මා ගැස්සිලා ගියා ...

ර්...රෙහාන් ....

රොවිනා...අපෙ පුතා ....අපෙ යෙවීන් .....

මං බලන් උන්නා....අම්මා මොකක් කියයිද කියලා ..අම්මා ගාවට ගියපු තාත්තා එතනත් කිව්වෙ අපෙ පුතා කියලා .....

එයා එයාගෙ අම්මා තාත්තා එක්ක හොදින් ඉන්නවා රෙහාන් ....

ඇති යාන්තන් ...අම්මට කට පන ආවා....මං හිතුවෙ තාත්තට තාමත් ආදරේ එකෙ අම්මා දුක් ගන්නා රාල වේවි කියලා ...

එයාගෙ අම්මා තාත්තා එක්ක හොදින් ඉන්න හින්දද රොවිනා දරුවට මෙහෙම උනේ. ...

එයා අපි දෙන්නා එක්ක හොදින් උන්න නිසාද රෙහාන් අපිට එයාව නැති උනෙ....???කරුනාකරලා ....ලමයව බලන්න ආවානම් බලලා යන්න රෙහාන් ...මගෙ දරුවා ඉන්නෙ සතුටින්...ඒ හිත පාරන්න කවුරුත් නෑ....මටත් වඩා ආදරේ දෙන්න අම්මෙක් වගේම .....ඔයාට වඩා ලමයව තේරුම් ගන්න තාත්තෙක් ඉන්නවා ....

රොවිනා

අයියෙ.....මේක ඉස්පිරිතාලෙ ..උඹට රන්ඩු වෙන්න ඕනා නම්....එලියට පලයන් .....උබ මෙතන සතියක් තිස්සෙ වෙඩි කාපු ඌරා වගෙ නටන්නෙ කොල්ලව අරන් යන්ඩ නම්...උඹට ඒක හීනයක් රෙහාන් .....කවදාවත් උඹට එයාව අයිති වෙන්නෙ නෑ.....

බාප්පා කෑ ගැහුවා ...අම්මා ගාවට ගියපු තාත්තා හෙමින් හෙමින් නෝක්කාඩු කියවන්න ගන්නකොට බාප්පා සැර උනා කවදාවත් තාත්තට ආයම මාව දෙන්නෙ නෑ කියනකොට මං බලාගන තාත්තා අම්මා දිහා බලාගන ඉන්නවා ....

අම්මා අද ලස්සනයි.....

මං අම්මගෙ ලස්සන දැක්කෙ දැන් ....අත් දෙක පුම්බපු තනි සුදු මහ අමුතු පැටන් ඒ ගවුමක් ඇදන් උන්න අම්මා පොඩි කෙල්ලෙක් වගෙ පෙනුනා....වයස හතලිස් ගානක් කියලා කියන්නත් අමාරු තරමට අම්මා අද ලස්සන ඇත්තටම ලස්සනට ඉන්නකොට තාත්තා අම්න දිහා බලන් උන්නෙ එයාට අතෑරුනෙ හොදම ජාතියෙ මලක් හ සමනව බලන් ඉන්නකොට තාත්තා දිහා බලපු අම්මා පැත්තට උනා ...

තාත්තා නැතිකරගන තියෙන්නෙ ආදරනීයම ගැහැනියක්ව.....තාත්තා නැතිකරගන තියෙන්නෙ සතුටින්ම ඉන්න පවුලක් ...

කර්න්න දෙයක් නෑ තාත්ත්ව්.....මේ එකක් වත් දෛවය නෙවෙ ....තාත්තා තෝර ගත්තු පාරවල්.....

රොවීනා.....මට චුට්ටක් කත කරන්න පුලුවන්ද ...

ඉදලා ඉදලා තාත්තා අම්මගෙන් කතා කරන්න පුලුවන්ද අහනකොට මගෙ අම්මා ගෙනාව සුප් එක බාගෙ බාගෙ දත් කඩාගන උන්න මායි සංධීරුයි දෙන්නම බැරි බැරි ගාතෙ ගිලින්න ගත්තා .....

අම්මා යයිද ??...

තාත්තා හදන්නෙ ආයන අම්මට හේත්තු වෙන්නද ...

නෑ නෑ .....එහෙම වෙන්න ඕන් නෑ....මගෙ අම්ම එයාව දාලා යන්න එපා එපා කිය කිය කොච්චර ඇඩුවද ....අපි වෙන ගෙදරකට යමු යමු කියලා කොච්චර කිව්වද ....

ඒත් තාත්තට උවනනාවක් තිබුන් නෑ ..තාත්තට ඕන උනෙ අම්මව තාත්තගෙ ජීවිතෙන් ඈත් කරලා අර ගෑනි එක්ක පවුල් කන්න....

එයාට ඕබ උනෙ ආච්චම්මගෙ හිත හදන්න මිසක් .....දික්කසාදෙ ගාව අසරන අම්මගෙ හිත හදන්න නෙවෙ 

.

ඔයට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ රෙහාන් ...

ඉදලා ඉදලා අම්මා තාත්තගෙන් මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ අහනකොට මං බලාගන තාත්තා මොනවා හරි ලොකු දෙයක් කියන්න හැදුවා වගේම බාප්පා ඉක්මනට අම්මව ඇදලා බාප්පා ගාවට ගත්තා තාත්තා ගල් ගැහිල වගෙ බලන් උන්නා....

මං හිතන්නෙ තාත්තට අම්මගෙ අඩුව දැනෙන්නෙ දැන්ද කොහෙද ...

තාත්තට අම්මව අතෑරියෙ අපරාදෙ කියන එක දැනෙන්නෙ දැන්ද කොහෙද .....

අතෑරියට පස්සෙ මොකටද .....

වැරදුනාට පස්සෙ මොකටද .....

මං අම්මා තාත්තා දිහා බලන් උන්නා.....තාත්තා සෑහෙන්න වෙලා අම්මා දිහා බලන් ඉදලා එයා එලියෙ ඉන්නවා කියලා මා දිහාවත් නොබලම එලියට යනවා එක්කම මං බලාගන අම්මා ලොකුම ලොකු හුස්මක් ගන්නවා....

දකින්නට මිස සිඹින්නට බැරි

දුර ඇති සඳ ගැන මිස

රැයක් ගැබ ලියු කවක් තිබුනිද

සුවද විදි කඬුපුල් ගැන

තුරුල් කරගන හාදු දුන් දින

නොවෙයි වැරදුන පසු මග

බොහෝවිට ප්‍රේමයන් දැනුනේම

අත හැරුණු පසුවයි අත....

(උපුටා ගැනීමකි....හීන විත් ශශී...)

සංධීර් ....

ම්න්...

අම්මා තාත්තා ගිය....බාප්පා වගේම අනිත් අම්මත් යන්න ගිය අවසානෙදි ඉතිරි උනෙ අපි දෙන්නා විතරක් වෙනකොට මම ආයම මගෙ අතින් සංධීර්ව අල්ල ගත්තා ....අල්ලන් එයා දිහ බලාගන උන්නා...

ඇයි ඇබිත්තම ....ම්ම්ම්...

එයා මිමිනුවා ....එයා වගේම මම ඇදෙ දිගා වේගන එයා දිහා තත්පරයක් දෙකක් බලන් ඉදලා ආයම කතා කෙරුවා ...

ඇත්...ඇත්....ඇත්තටම .....ත්ත්....තාත්තා ....ම්ම්...මාව....පාවිච්චි ක්ක්...කෙරුවද...ස්ස්.....සංධීර් .....?

මං එයාගෙන් උත්තර ගන්න අමාරු ප්‍රශ්නයක් අහනකොට සංධීර් ටිකක් වෙලා අහන් බලන් උන්නා ....

ඇබිත්තම .....

එ...එහෙම.....ද්දෙයක්...ත්තමයි.....ස්ස්....සංධීර්...උ..උනෙ....අ..ආදරෙ.....ප්ප්....පැත්තකින් .....ද්දැම්...මම....

දැන් ඔය කතාව ඇති...ඔක්කොටම කලින් සනීප වෙන්න....

ස්ස්...සං

සැරයක් කිව්වනෙ.....මොකා අයිතිවාසිකම්කිව්වෙ කියන් ආවත්....

....

දැන් අයිති මට....එච්චරයි.....

එයා මට නවත්ත්තන්න කිව්වා ....මොකා අයිතිවාසිකම් කියන්න ආව උනත්.....දැන් අයිති මට කියලා එයා කතාව නවත්තනකොට මන් කට පියාගත්තා ....

එහෙන් අම්මලා...අනිත් පැත්තෙන් ඇමතියා .....ගැලවීමක් නැතිවේවි .. 

ස්ස්...සංදීර් ....

ම්න්..

ම්...මට....උ...උදව්වක් .....ඔ..ඕනෙ ...

සෑහෙන වෙලාවක් කල්පනා කරපු මං එයාගෙන් උදව්වක් ඕනෙ කියනකොට අතේ තිබ්බ ෆයිල් එක වහපු සංධීර් මගෙ දිහා බලලා අත දිගෑරලා මගෙ ඔලුව අත ගෑව....එයාට මාවවත් මට එයාව වත් තුරුල් කරගන්න බෑ.....අපි දෙන්නගෙම ඇගෙ තුවාල .....

මොකක්ද .....

බබා....

එයා බබා කිව්වා ...මන් ආසයි.....අනෙ මං ආසයි.....එකපාරම බබා නොකියා එයා තත්පර ගානකට පස්සෙ බබා කියනකොට ....අනෙ ඒක ඔක්කොටම වඩා මට දැනෙනවා ....

ස්ස්...සංධීර් ...ඔ..ඔයා...ර්‍ර...රට උන්නා...න්..නේද ....

ම්න්....

එ...එතකොට ...අ..අපේ....අ...අම්මා...ම්ම්..මං...කියන්නෙ.....ර්...රොවිනම්මා....එ...එයාලත්....උන්නා නේද...

ම්ම්ම්....උන්නා කියනවා .....හම්බවෙලා නෑ...

එ...එතකොට ...බ්බ්....බාප්පා ....

උන්නා....

බ්බ්බ්...බාප්පව හම්බුනාද....

ඔව්....

මං අහක බලාගන ටික වෙලාවක් කල්පනා කෙරුවා ...

තත්පර ගානක් .....අම්මයි තාත්තයි...බාප්පයි තුන්දෙනාම රට ඉදලා තියනවා ....පස්සෙ තාත්තා රට ගිහින් ආවර පස්සෙයි කේටරින් එක කරන්න ගත්තෙ.....

පස්සෙ මාව ගෙනත් තියනවා ....

මගෙ ඔලුව යකාගෙ කම්මල වගෙ....

බාප්පව අම්මට දෙන්නම ඕනෙ....

තාත්තා අම්මට කතා කරන්න ඕන කිව්වෙ මොන හේතුවටද .....

ස්ස්...සංධීර් ...බ්බ්...බාප්පට...

ඇබිත්තම .....උඹ ඉල්ලන කිසිම දෙයක් මං නොදී ඉදලා නෑනෙ....ඔක්කොටම කලින් සනීප වෙන්න.....ඊට පස්සෙ අපි බලමු....ම්ම්...

ඇත්ත ....ඔක්කොටම කලින් සනීප වෙලා තාත්තගෙ ඇමති කික්කිගෙත් ඵොටො ටික යවලා තාත්තට වඩා ආච්චම්මට පෙන්නන්න ඕනෙ වද ගෑනි අම්මා නෙවෙ ...වද එකා තමන්ගෙ පුතා කියලා...

තාත්තා තවමත් ඒ ගැන දන්නෙ නැති නම්....සමාව දෙන්න පුලුවන් හැබැයි තාත්තා තමනුයි වඳ කියලා දැන දැන නම්.....අම්මව එලවලා අර ගෑනි ගෙනාවෙ....

ජීවිතෙ කිසිම තැනක මගෙන් සමාවක් නෑ...

🥺ජොබී නිදහාස්....

පන්තියක් නෑ යාලුවනෙ....අපි හැමෝම නිර්ධන පන්තියෙ😂😂😂

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters