මට උත්තර නැති උනා...
නල දරු....
ඒකත් බාප්පගෙ.....
මම ඉදගත්තා ....
නෑ මාව ඇද උඩ දඩස් ගාලා ඉන්ද උනා....
එතකොට ...තාත්තා කෙනෙක් වෙන්න උන්නෙ තාත්තා නෙවෙ ....බාප්පා ....
ඇත්තම කතාව ඒක නෙවෙද .....තාත්තා කෙනෙක් වෙන්න බලන් ඉදලා තියෙන්නෙ තාත්තා නෙවෙ බාප්පා.....
මං නලල මිරිකගත්තා ...එච්චර දේවල් වෙලත්....තාත්තා දැනන් ඉදලා නැද්ද ...??එච්චර දේවල් කරලත්....ඇයි අම්මට බැරි උනෙ අවසානෙ වෙනකන් ..මං නෙවෙ යකො වද උඹයි කියලා කන් ගැටෙ පුපුරලා යන්න ගහන්න....
මේක බොන්න....
එයා මගෙ අතට බටෙ දාපු වතුර වීදුරුවක් දෙනකොට මං වතුර එක.හෙමින් ඉරෙව්වා උනත් උඩට අදින වතුර උගුර ආපිට බටෙන් කෝප්පෙට ගියා .....ඇයි කට උල් කරන් උරවන්න අමාරුයි ...
ස්ස්...සංධීර් ....
ම්න්.....
මට...ම්ම්..මට....ත්ත්....තාත්තට ක...
තේරුමක් නෑ...
ඇ...ඇයි....
තේරුමක් නැති හන්දා.....මම තේරුමක් තියනව නම්....ඔයාට....කියනවා.....මං කැමති නෑ...ඔයාව පාවිච්චි කරපු මිනිස්සු ගාව.....නිස්කාරනෙ ගොත ගගහා අඩ අඩ නැහෙනව දකින්න....අනිත් මිනිස්සුන්ගෙ ඇස් වලට..උඹ මොකෙක් උනත්.....මගෙ ඇස්වලට උඹ ඇවිත් ලෝකයක් යෙවීන්...
අපරාදෙ ....
ඇ....ඇයි.....
එයා මගෙ ඔලුව අත ගෑවා...එපා කිව්වා තාත්ත එක කතා කරන්න...එයා එපා කිව්වට මට ඕනෙ තාත්තා එක්ක කතා කරන්න...මෙච්චර කැපකිරීම් කරපු අම්මට....සලකන විදිහ.....අදටත් මහන්තත කම අඩු නොවුන තාත්තගෙ වගේම ආච්චම්මගෙ කටවල් වැහිලා යන්න දෙකක් කියා ගන්න මට ඕනා උනත් එයා කිව්වා මාව පාවිච්චි කරන මනුස්සෙයෙක් ගාව මාව නිස්කාරනෙ ගොත ගස්සව ගස්සව අඩවන්න බැහැයි කියලා .....
ඒත්.....මට තාත්තගෙන් අහන්න දේවල් තියනව...මට බාප්පගෙන් අහන්න දේවල් තියනවා....ඔච්චර දේවල් තාත්තගෙන් හංගල කරන්න කලින් ඇයි තාත්තව ඇදගන හරි ගිහින් පෙන්නලා කියන්න බැරි උනෙ අම්මගෙ විතරක් නෙවෙ...තාත්තගෙත් වැරද්දක් තියනව කියලා ....ඇයි බප්පට බැරි උනේ අයියෙ උඹේ ගෑනිගෙ විතරක් නෙවෙ උඹගෙත් අඩු පාඩු තියනවා කියලා කියන්න....ඇයි බාප්පට බැරි උනේ....ඇයි අම්මට බැරි උනෙ...ඇයි තනියෙන් දුක් විද විද බලු කතා අහන් දික්කසාදෙ අරන් ඔච්චර තනි උනේ කියලා...
මගෙ හිතේ ප්‍රශ්න එක පිට එක පඩි පෙල වගෙ ගොඩ ගැහුනත් මට සංධීර් අහන්න එපා කිව්වා...මගෙ නලලට හාදුවක් තියපු එයා උඹ මට ලෝකයක් කියලා කිව්වා..මාව අඩවන්න බෑ කිව්වා...අවසානෙදි මගෙ ඇස් දෙක දිහා බලාගන අපරාදෙ කිව්වා...
ඇ..ඇයි....ස්..සංධීර් .....අ..පරාදෙ...ක්ක්..
කිවේ....
අපරාදෙ කියන්නෙ...චූටි කුකුල් පැටියට දාන්න තිබුනෙ යෙවීන් සංජාන කියල නෙවෙ...
එ..එහෙනම්...
ම්ම්...මොකක්ද දන්නවද....
න්න්.....නෑ.....
.
" විශ්ව....සංජාන" කියලා.....
අ..අනේ...ස්..සංධීර් ...
මගෙ ඇස් වලට කදුලු පිරුනා.....විශ්ව..... මට මාව ලෝකයක් කියපු එයා මට විශ්ව කිව්වා....මගෙ ජීවිතේට ...අම්මා තාත්තා ඇර මට වටිනා කමක් දුන්න කෙනෙක් උන්නා නම්...එ සංධීර්ම විතරයි ...
මගෙ ඇස්වලින් කදුලු වැටුනා..මගෙ පපුවට ඒක මහ වේදනාවක් ගෙනාවා...
දන්නවද.....
ඇබිත්තම .....
සංධීර් ගෙ...
ඕනම මලක් ලස්සනයි.....හැම මලක්ම ලෝකයක්...
හරියටම ....
ඔයා වගේ.....
එයා කිව්වා ඕනම මලක් ලස්සනයි කියලා ....ඒත්..මම ඇවිදින් පොඩි කාලෙ ඉදම්ම එක එකාගෙ ඇගිලි වලින් පෙති තලා ගත්තු මලක්.....
එයා කිව්වා හැම මලක්ම ලෝකයක් කියලා ...ඒකත් මම වගේ කිව්වා...ඒත්...ඒක තේරුම් ගත්ත මිනිස්සු උන්නෙ අතේ ඇගිලි ගානට වඩා අඩුව්‍ර්න් මගෙ සංධීර් ....
හැම මලක්ම ලෝකයක් ....
නිල්මානෙල් පව පිපෙන්න මඩ ගොඩක.....බාදුරාව පවා විස වැඩි කරගතෙ කොන් කරපු හින්දම නෙවේද...
කඩුපුල් පවා ආස ඇති උදේට පිපෙන්න...බිම වැටෙන බව දැන දැන...සේපාලිකා ආස ඇති වරුවක් වත් නටුවෙම රැදෙන්න..... මිනිමල් උනත්...මලවුන්ට හරි සුවදක් දුන්නෙම නැතිද.....මේ ලෝකෙට ඕන රෝසමල් විතරමද....
එහෙම බැලුවම හැම මලක්ම ලෝකයක් නෙවේද...
මම ලොකුම ලොකු හුස්මක් අරන් සංධීර්ගෙ බඩ මැදට මූන තද කරගත්තා ...නිකන් නෙවෙ....ඇදන් උන්න ටී ශර්ට් එක උස්සලම.....මට දැනුනා....
තුවාලෙට දාපු බෙහෙත් සුවද....ලාවට එන දාඩිය සුවද..ෆර්ෆියුම් එකක් වත් නැතිව එයා ගාවින් එන එයාගෙම සුවද.....
මගෙ ඇස් වලින් ආව කදුලු වලට එයාගෙ නිරුවත් බඩ තෙත් වෙනකොට එයා මගෙ මූන අත් දෙකෙම්ම අල්ලගත්තා .....අල්ලන් ඇස් වලින් ඇහුවා ඇයි කියලා ....
මට ඕන මෙච්චරයි ....අසම්පූරන කතාව සම්පූරනයෙම්ම අහගන්න...
මන් දන්නවා...සංධීර් කතා කෙරුවෙ විනාඩි පහලවක් උනාට..එයාගෙ හිත අස්සෙ...තව විනාඩි තිහක කතාවක් ඉතිරි වෙලා ඇති.....
ප්‍රනාන්දුපුල්ලෙ නම තිබුනට...මම කියන්නෙ....අවංකවම...අම්මා අප්පා මොකාද නොදන්න එකෙක්....ඒ උනත්...මාව අරන් තියෙන්නෙ කිරි සප්පයා කාලෙ....එදා ඉදන් මට අම්මා තාත්තා උනේ ඒ මිනිස්සු ....
මට අයිතියක් නැතිද දෙයියනෙ.....
ලේ නෑකම නැති උනත්....අම්මා මට අම්මගෙ වස්තුව කියන්නෙ ලෙ නෑකමටද......
ස්ස්...සංධීර් ....ම්ම්...මට...ම්ම්....මගෙ....ඔ..ඔලුව...ඇ...ඇතුලෙ....ප්..ප්‍රශ්න....
ම්ම්....දන්නවා....ඔයා තාත්තගෙන් අහන්න යන්නෙ...මෙච්චර කල්.ගිහිනුත්.....තාත්තා තාත්තගෙ අඩුපාඩුව දන්නෙ නැද්ද කියල....එහෙමනෙ...
තාත්තා දන්නවා යෙවීන් .....
මම කවදාවත් නිස්කාරනේ මිනිස්සුන්ට වචනවලින් දමලා ගහන මිනිහෙක් නෙවෙ යෙවීන්.....
මම කිව්වා තාත්තා උඹව පාවිච්චි කරනවා කියලා ...
ඔව්...මං දැනටත් ඒක කියනවා...
උඹ දැන් ගිහින් ගොත ගගහා අහන්න යන්නෙ.....අච්චර කැපකිරීම් කරපු අම්මව එලවගන්න තරම් උඹ දරුනු උනෙ කොහොමද කියල නම්....
අම්මගෙ අතේ නෙවෙ තාත්තෙ වරද තියෙන්නෙ උඹගෙ අතේ කියලා නම්...
රෙහාන් ප්‍රනාන්දු පුල්ලෙ ඒක ගැන දැනන් උන්නා.....
පලවෙනි දේ..තමන් වදයි කියන්න.....තමාට පිලිගන්න බැරි උනා.....
මිනිස්සු හරි දක්ශයි.....තමන්ගෙ අතෙ වැරද්දක් තියාගන තව එකෙක් පාගන්න.....
ඔව් යෙවීන්...උඹගෙ තාත්තා දැනන් උන්නා.....දැනන් උන්නා කියන්නෙ....උඹගෙ අම්මා ගැබ්බර උනාම ආයම ආව....වෙන හේතුවක් නිසා නෙවෙ...ඔය මහ උන්දමයි තකහනියෙ එක්ක යන්න ආවෙ....
හැබැයි....ඒ වෙනකොට උඹගෙ තාත්තා කාටත් හොරාවට ගිහින් තමන්ගෙත් අඩුපාඩුවක් තියනවද බලන්න ගිහින් තිබුනා....
යෙවීන්...යෙවීන්...යෙවීන්.....මල මිනිස්සු පවා සාක්කි කියන එකේ.....හැම රහසක්ම...එලි වෙන දවසක් එනවා.....අම්මට දරුවෙක් ලැබෙන්න යනව දැනගත්තම...ඔය මහ උන්දා අම්මට සැලකුවෙ කොහොමද කියන්න උඹම දන්නවා ඇති...හැබැයි පුතේ..උඹගෙ තාත්තට එක පාරම ඒ සතුට පිලිගන්න බැරි උනා...
මොකද....ඒ වෙනකොටත් ....තාත්තා තමන් තමයි වද කියලා දැනන් උන්නා..හැබැයි.....ඒක තාත්තා විතරයි ....තාත්තා දැනන් උන්නා....නෙහාන් අම්මට පන ඇරලා කියලා ...තාත්තා දැනන් උන්නා උඹගෙ බාප්පා ඔහෙ ආව කියලා ...
දන්නවද යෙවී...සැකේ කියන්නෙ හරියටම පිලිකාවක් වගේ.....එක් පාර උඩ දුවන්න ගත්තම ඒකට නැවතීමක් නෑ..මරාගන මිසක්.....නවතින්නෙ නෑ...
මම අහන් උන්නා...ආයමත් උසාවියෙ නඩු අහන්න පටන් ගත්තා .....ආයමත් සංධීර් ගරු අධිකරනෙ ඉස්සරහා සාක්කි එලියට දාන්න ගත්තා ..මට තිබුනෙ අහගන ඉන්න විතරයි....
මම අහන් උන්න ඇස් දෙක් ලොකු කරන් කට ඇරන් අහන් උන්නා.....
පිටට කොච්චර අම්මා ගැන වද උනත්...ගෑනි මිනිහගෙ කාමරෙ දොර වහුනම....ඒක වෙනම ලෝකයක් යෙවීන් ...එතන වෙනම උසාවියක්....උඹගෙ තාත්තා පලවෙනි කම්මුල් පාර ගහනකොට අම්මගෙ බඩට මාස දෙකයි...නැත්තන්...දෙකහමාරයි.....අපි එහෙම කියමු...උඹ දන්නවා.....සාමන්‍ය ගැබ් ගැනීමට වඩා නල දරු උපත් හරි ප්‍රවෙසම්....ඒත් නැති නම්...දරුවො හිටින් නැතිව ඉදලා ඉදලා දරුවො හිටපු අම්මලා හරි ප්‍රවෙසම් ...
පැහෙන තෙල් කටාරමක් වගේ පැසව පැසව උන්න තාත්තා උඹගෙ අම්මට ගැහුවා.....
අහන්න හැදුවෙ එක දෙයයි...හැබැයි...හිතෙ කලබලෙ වැඩි කමට ඇට නැති දිව තවත් හැරවුනා...
ඔය ළමයා මල්ලිගෙ නේද කියලා..... ඒ වගේම උඹට ළමයි හිටියෙ කොහොමද .....???
වෙන මොකුත් ඇහුවෙ නෑ....වෙන මොකුත් ඇහුවෙ නෑ....හරි...තමන් වද බව දන්න රෙහාන්ට බ්‍රේක් නැති උනා...
උඹ හිතන්නෙ එතන මොක වෙන්න ඇති කියලද...ම්ම්ම්ම්...
අනේ නෑ....රෙහාන්...මේ උඹගෙ....දරුවා කියයි කියලද....ම්ම්ම්...
සමහර විට එහෙම වෙන්න තිබුනා....අම්මා තනියෙන් උන්නා නම්....හැබැයි....වාසනාව....
කියන්නෙ උඹගෙ බාප්පා ආවා....
එතනින් එහා මොකක් වෙන්න ඇතිද....ම්ම්..බාප්පගෙනුත් ඒ ගැම්මටම මගෙ ගෑනි එක්ක බුදියෑවද කියල අහන්න ඇතිද යෙවීන් ....
මම බලන් උන්න...ඇත්තටම ..එහෙම අහන්න ඇතිද.....ඇරත්....සංධීර් බලන් උන්න වගේ මේවා දන්නෙ කොහොමද .....අම්මා කිව්වද...බාප්පා කිව්වද....නැත්තන් ...
මගෙ ඔලුව පුපුරන්න වගෙ...
යෙවීන්...සංජාන...දන්නවද ඇබිත්තම.....මට වෙලාවකට ටෙලිපති වගේ....උඹ ඔය ඇබිත්තන් කුකුල් මොලෙන් හිතන්නෙ...මම කොහොමද ඔය ඔක්කොම දන්නෙ කියලා නම්....උඹගෙ තාත්තා අම්මට කම්මුල් පාර ගහන්න පැයකට කලින් තාත්තා වදයි කියන රිපෝර්ට් එක මම බාප්පට යැව්වා...කොහොමද කින්ද මන්ද අහන්න එපා...
පෙරකදෝරුවා ඇත්ත බොරුව කරනවා බොරුව ඇත්ත කරනවා කියන්නෙ...කට කහනවට නෙවෙ.....අනික උන් කාක්කො වගෙ....කාගෙ හරි කේස් එකකට අත ගැහුවොත්....ඇදන් ඉන්න යටකලිසමෙ පාට ඉදන් හොයනවා ...නැති සාක්කි මවනවා...සාක්කි ඕනා නම් උන් පොලව පලන් අපායට හරි යනවා ....එහෙම ගියපු වෙලාවක උඹගෙ තාත්තා ගැන මම අහම්බෙන් දැනගත්තා කියලා හිත හදාගනින්....මොකද ගුරෙක් උනත් උගන්නන්නෙ ගුරු මුශ්ටිය තියාගන...හරි...
තාත්තා ඇහුවෙ එක දෙයක්....ගැහුවෙ එක කම්මුල් පාරක්....කොච්චර කොහොම උනත්..ලේ වලට රිදෙනවා කියලා අහලා තියනවද....ගැහුවෙ උඹගෙ අම්මට උනත්....රිදුනෙ උඹගෙ බාප්පට....වෙන මොකටවත් නෙවෙ.....තාත්තට කලින්....උඹගෙ බාප්පා තාත්තෙක් උන හින්දා....මොන මගුල උනත්.....ඒ ඉන්නෙ තමන්ගෙ දරුව හින්දා.....
පිලිගත්තා ....
එ බිත්ති හතර අස්සෙ රෙහාන් සුධීර ෆර්නෑන්ඩොපුල්ලෙ පිලිගත්තා ....තමන් වදයි කියලා ...ඒවගේම උඹගෙ අම්ම බාප්පා පිලිගත්තා ඒ ඉන්නෙ නෙහාන්ගෙ දරුවෙක් කියලා ...හැබැයි....උඹගෙ තාත්තා හිතපු හැටියට නෙවෙ සාක්කි එක්ක නලදරු කියලා ඔප්පු කරලා ....
හරි....
එ පරිච්චේද එතනින් ඉවරයි...නැවතීම් තිතක් නොතියා හුස්මක් අරන් කමාවක් දාලා පහලට වරෙන්...දැන් උඹ අහන්න හදන්නෙ....තාත්තා වදයි කියලා අම්මා දන්නවා නම්.....ඇයි.....අම්මා දුක්ගන්නාරාල උනේ කියල නම්.....
මිනිස්සු ආදරෙ කරන්නෙ ජීවිතේටම එක පාරයි හින්දා ...රෙහාන්-නෙහාන් කියන්නෙ....හාත්පසිම්ම වෙනස් යෙවීන්.....ඕන ජඩ වැඩක් කරලා උඹගෙ බාප්පට පුලුවන් ...ඔව් මං කෙරුවා තමයි කියලා පිලිගන්න...හැබැයි...උඹගෙ තාත්තා ....
නෑ.....රෙහාන් එහෙම නෑ...
අම්මගෙ හොද පුතා...කොයිවෙලෙ ස්වර්ගෙට ඇදන් යයිද කියන්න දන්නෙ නෑ.....
එකම හේතුව...උඹගෙ තාත්තා කේටරින් එක කෙරුව උනත්....පාලනෙ බලෙ ගෙනිච්චෙ මහ උන්දා....මිනිස්සු කවදාවත් ...අත ලෙවකන්න බලන් මීවද කඩන්නෙ නෑ යෙවීන්....
අම්මා පොරොන්දු වෙනවා තාත්තගෙ වැරද්ද වහන්න.....ඒ වගේම තාත්තා පොරොන්දු වෙනවා....ඒ දරුව බාප්පගෙ කියන්න පිට නොදා ඉන්න...ඒ වගේම උඹගෙ බාප්පා පොරොන්දු වෙනවා.....කවදාවත් අයිතිවාසිකමක් නොකියා ඉන්න...
මිනිස්සු පොරොන්දු රකිනවා....මොකද පොරොන්දු තියෙන්නෙ කඩන්න නෙවෙ හින්දා.....හැබැයි ..ඒ පොරොන්දු රැක්කෙ ඔතනින් උඹගෙ අම්මයි බාප්පයි විතරයි .....තාත්තාට රකින්න බැරි උනා.....තාත්තා පොරොන්දු කැඩුවා....දරුවා නැති උනා.....
අම්මා ආයම වද ලේබලේට වැටුනා.....ඔතනදි තවත් නිලියෙක් එනටර් වෙනවා.....
ශෙහානි...
හරි....
උඹ හිතන්නෙ ශෙහානි කියන්නෙ අහසින් වැටුන කෙනෙක් කියලද....ම්ම්ම්....
ම්හු....ක්...නෑ..... ....නෑ...බබෝ...නෑ...
මුලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකට ඇවිත් හදිසියෙ කැපිලා ගිය කැරක්ටර් එකක්...
සංධීර් හිනා උනා....මට හිනාව අමතක උනා...අම්මා දුන්න පොරොන්දු රැක්කලු.....තාත්තා විතරක් රැක්කෙ නෑලු...ඒ අස්සෙන් අලුත් ගෑනි...ඒ ගැනි ආවත් හරි....තාත්තට අම්මව වහ කදුරු උනා...
උඹ හිතන්නෙ....ඔය කෙල්ල තාත්තගෙ නෙවෙ කියන්න තාත්තා දන්නෙ නැහැයි කියලද.....???
දන්නවා...තාත්තා නොසෑහෙන්න දන්නවා.....
මහ උන්දා අම්මගෙ දරුවා නැතිවෙනවත් එක්කම යුද්දෙ ප්‍රකාශ කෙරුවා ....උඹගෙ අම්මා බලාපොරොත්තු උනා...තාත්තා අම්මගෙ පැත්තෙන් හිට ගනී කියලා ..අම්මා අවසානම මොහොත වෙනකන් තාත්තට දුන්න පොරොන්දු රැක්කා උනත්...තාත්තා කවදාවත් අම්මට දුන්න පොරොන්දු රැක්කෙ නැ....යෙවීන්.....
ශෙහානි කියන්නෙ....මහ උන්දා උඹේ අම්මටත් කලින් තාත්තට ජෝඩු කරපු එකක්.....උඹගෙ තාත්තා අම්මට ආදරෙ කරලා..හොරාවට බැන්දා....ඒක ඇත්ත....
හැබැයි...තාත්තට ලැබුන දෙයක් නැ... බැන්ද දවසෙ ඉදන් අපවාද විතරයි ....කොච්චර හිත උඩින් හිනා උනා උනත්...ඒ ඉන්නෙ බාප්පගෙ ලමයෙක් කියන්න දන්න තාත්තා සීයට සීයක් හිත හදා ගත්තෙත් නෑ යෙවීන් .....කොයි වෙලෙත් ඉන්නෙ පිච්චි පිච්චි ...මොකද.....ඇත්ත කියන්නෙ.....වතුර යට හංගපු රබර් බෝලයක් වගේ...කොයි වෙලෙ හරි උඩ මතු වෙනවා.....
හොදටම කල්පනා කරල බැලුවොත් ....උඹගෙ අම්මා ගාව බාප්පා ඉන්න වාරයක් ගානෙ තාත්තා පිච්චෙනවා...එකට කියන්නෙ මගෙ කියන හැගීම තියන හින්දා ඇතිවෙන ඊරිසියාව නෙවෙ යෙවීන්....මට බැරි දේ උඹ කෙරුව කියන ඊරිසියාව .....
මට බැරි දේ උඹට කෙරුවා කියන කුහක කම...
උඹගෙ තාත්තා අම්මව අතාරින්න හිතුවා.....හරි...අම්ම කවදාවත් තාත්තා වදයි කියල කියන්නෙ නෑ කියන්නත් දන්නවා...මොකද...අවසානම තත්පරේ වෙනකන් උඹගෙ අම්මා තාත්තට ආදරෙ කෙරුවා ....අවිස්වාස නම්....තාත්තා ඉන්න තැනක උඹගෙ අම්මගෙ ඇස් බලපන්.....මේ මොහොතෙ පවා...තාත්තට අම්මා අදරෙ කරනවා....
කොහොම හරි....උඹගෙ තාත්තා උඹව අරන්...අම්මව අයින් කෙරුවා ...මහ උන්දා කියපු විදිහටම අර ගෑනිව ගත්තා ....හැබැයි.....උඹව ගත්ත එක හේතුවක්....උඹට ආදරෙ නැතුව නෙවෙ යෙවීන්...හැබැයි...එදා උඹව රෙහාන් පාවිච්චි කෙරුවා .....තමන්ට ලමයෙක් හදන්න බැරි බව උඹගෙ තාත්තා දන්නව වගේම....උඹගෙ අම්මා වගෙ නෙවෙ....අලුත් පොර කියන්න දන්නව.....අම්මා ඉවසුවට.....මහන් උන්ද කර ගස්සවපු ගෑනි ලෝකේ කාලා වතුර බීපු එකක් කියන්න දන්නවා.....උඹව තාත්තා නොදී උන්නෙ.....රෙහාන්ට තාත්තා කියලා කතා කරන්න බලු බල්ලෙක් නැති වෙවි කියලා ...හැබැයි.....උඹගෙ තාත්තා නොදැන උන්නට ඒ ගෑනිට ඇමතියා එක්ක බරටම හුටපටයක් තිබුනා.....
මුලින් මුලින් මහ උන්දා ආයම ළමයි සීන් එක දානකොට කිව්වෙ තාම මුලනෙ...තාම මුලනෙ....යෙවීන් කුඩයිනෙ ගගා....තාත්තා උඹගෙ පිට දැම්මා.....
හරි .....
තාත්තා අම්මා නැති දරුව ගගා උඹව පාවිච්චි කෙරුවා තමන්ගෙ අම්මා ඉස්සරහා ...අනික....ඔය ශෙහානි කියන ගෑනිටත්.....ජෝගි නටනව ඇර දරුකැක්කුමක් තිබුන ගෑනියෙක් නෙවෙ හින්දා ඒකත් උඹගෙ තාත්තට වාසියක් උනා.....ගෑනිගෙ කැරට්ටුව පහු පහු වෙනකොට උඹලගෙ මහ උන්දා වගෙම අර නැන්දා කියන ගෑනු පරානෙ ඇරෙන්න උඹගෙ තාත්තා දැනගත්තා ....
හැබැයි ටික කාලයයි....උඹ නැති උනා....
අන්න එතනින් පස්සෙ තමයි යෙවීන් සෙල්ලම පටන් ගන්නෙ.....මහ උන්දා පුරුදු විදිහටම සද්දෙ දාන්න ගන්නවා.....ටිකක් ඉවසනවා.....ආයම ඉවසනවා....තවත් ටිකක් අමාරුවෙන් ඉවසනවා....හැබැයි....එතනින් එහාට....ඉවසීම පුපුරලා යනවා.....උඹගෙ තාත්තා අම්මට දුන්න ගින්නට වෙන්න ඇති ඔය ගෑනි ගාව දෙකයි පනහට වටෙනවා.....ගෑනි කියන්නෙ කොහොමත් සංකර ගෑනියක් හින්දා...තාත්තා ගෑනිට ඕන මගුලක යන්න නිදහස දෙනවා.....වෙන මොකටවත් නෙවෙ.....තාත්තා බයයි ගෑනිව ගෙදර ඉදින් කියල හිරකරන්න ..
එකට එකම හේතුව....උඹගෙ තාත්තා බය උනා කොයි වෙලෙ හරි ගෑනිටම එපා වෙලා ළමයෙක් හදමු කියයි කියන කතාව අහන්න.....රෙහාන් ශෙහානිට නිදහස දෙනවා ...දවස ගානෙ පාර්ටි යන්න...ක්ලබ් බහින්න...නිදහස ඕන තරම්...සල්ලි ඕන තරම් ...හැබැයි...උඹගෙ තාත්තා එතන ඉදන් තමයි නියම විදවීම පටන් ගන්නෙ.....හිටු කිව්වොත් එක තැන හිටපු ගෑනියෙක් එලවගන....උන්න දරුවත් නැති කරගත්තු උඹගෙ තාත්ත විදවන්න ගත්තෙ එතන ඉදන්....පාර්ටි බහින ගෑනි එන්නෙ රෑට රෑවෙලා....
කරන්න දෙයක් නෑ....අම්මා රෙහාන් ගැන හිතන් ඉන්නෙ මහ උජාරුවෙන් ....මිනිස්සු ගාව අම්මා පුතා ගැන කතා කරන්නෙ උජාරුවෙන් ...එහෙම තැනකදි...අම්මෙ මාමයි වද කියල කිව්වොත්....එක තත්පරෙන් ඔය ඔක්කොම කකුල් ගාව කඩන් වැටෙනවා....
නෙහාන් වගෙ නෙවෙ රෙහාන් .....අම්මව හොර්‍ර්න් බැන්දා ඇරුනම....තමන්ගෙ නම තියන් ඉන්න හදන එකෙක්.....තත්වෙ ගැන හිතන එකෙක්...උඹගෙ බාප්පා එහෙම එකෙක් නෙවෙ ඒකයි මහ උන්දට බාප්පව වහ කදුරු....
ඔය අතර තුර පාර්ටි බැහැපු ලේලි පොඩ්ඩ බඩ වෙනවා...ලේලි දන්නවා ළමයා රෙහාන්ගෙ නෙවෙ කියලා ....මිනිහත් දන්නවා.....ළමයා ඒකගෙ නෙවෙ කියලා .....හැබැයි...අන්න ඒක මිනිහා තමන්ගෙ පැත්තට හරවගන්නවා..දැනන් උන්නත්...දන්නෙ නෑ වගේ රගපානවා.....
එදා ඉදන් අද වෙනකන්...උඹගෙ තාත්තා කරන්නෙ රගපෑමක් යෙවීන් .....
එදා ඉදන් උඹගෙ තාත්තා කරන්නෙ උගුරට හොරාවට බෙහෙත් බොන එක.....හම්බුනෙත් කෙල්ලෙක් ....නම ගෙනියන්ඩ කෝ කොල්ලෙක්....ඇරත් කෙල්ලගෙ ඇත්ත අප්පා සිල්වා කාරයා ...මොකක් හරි උනෝතින් ගෑනි කෙල්ලව අරන් යනවා....උඹගෙ තාත්තා ගෑනු දෙන්නෙක් නැති උන....ලමයි නැතුව තනි උන අසාර්තක දරු පවුල්කාරයෙක් විදිහට හංවඩු ගැහෙනවා.....
දැන් උඹ ඔය කතාව තාත්තගෙන් ඇහුවොත් උත්තර හම්බෙයිද යෙවීන් ...
ම්ම්ම්....
නෑ.....
ඇයි තාත්තෙ අම්මට මෙහෙම කෙරුවෙ ඇහුවොත් උත්තර හම්බෙයිද යෙවීන් ....
නෑ....
ලොවෙත් නෑ....
යෙවීන් මම ආයම කියනවා මාව සුලුවෙන් හිතන්නත් එපා.....මන් දෙයක් එක පාරක් කියන්නෙත් විහිලුවට කියලා හිතන්නත් එපා කියලා ....
ඔන්න මම උඹව මහන්සි නොකර කියන්න ඕන දේ කිව්වා .....
කොහොම උනත්....මට කියන්න තියෙන්නෙ උඹගෙ අම්මා පව් කියලා යෙවීන්.....දුන්න පොරොන්දු රකින මිනිස්සු අඩුයි...
මට බැරි උනා උඹට දුන්න පොරොන්දුව රකින්න.....
මම උන්නෙ බිම බලාගන ....
මම උන්නෙ දෙන්න උත්තර වගේම අහන්නත් උත්තර නැතිව ....
බාප්පා....තාත්තා ....අම්මා....
ඒක මහ ඛේදවාචකයක් වගෙ...
කොහොම උනත්.....තාත්තට ආයම අම්මව ඕනෙ නෑ.....
කන්න බොන්න දීලා මාව බලාගත්තා ....කට පුරා පුතෙ කිව්වා ...එත් සමහර වැරදි තියනවා කිරිකලේට ගොම බින්දුවක් දැම්මා වගෙ තමයි....
මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙවෙ...හැබැයි....අම්මා මී මැස්සියක් නම්...තාත්තා වැද්දෙක්...මොකද....වැද්දෙක් මීවද දහයක් කැඩුවත්.....වැද්දට බෑ මීයක් බදින්න....
යෙවීන්.....මට කියපන් ....උඹට ඕන කරන උත්තර හම්බුනාද කියලා ....ම්ම්....
ඇබිත්තම ...මිනිස්සුන්ගෙ හිත් කියන්න තනිකරම නඩු අහන උසාවි....හාර්දසාක්ශිය නඩු අහනකොට ....ඔය මොන පෙරකදෝරුවත් කැලෙ යෙවීන්...
දැන් ටික් දොයියන්න...ඇති හිතුවා.....වෙලාව තාම එකොලහයි....අර යක්සයා අද හවස් වෙන්කොට මෙහෙ ඒවි....
කරන්න තියෙන්නෙ .....උඹ මොකුත් දන්නෙ නැ කියන්න විතරයි ...මාව බේරන්න කියලා පන්ඩිත වැඩ නොකර මං කියපු දේ විතරක් කරපන් ඇබිත්තම ....
දැන් දොයියගන්න....ඇති ඔය හිතුවා ...ම්ම්ම්ම්
එයා මාව රෙද්දෙන් පෙරෙව්වා ....දැන් හිතුවා ඇති දොයියන්න කිව්වා ...
සමහර විට මාව හෙට උසාවි ගෙනියාවි ....
මට කියන්න තියන එකම දේ....නම්....මට මරනීය තුවාල කරපු එකම කෙනා අශාන් කියන්න විතරයි ....
එර් කොහොම උනත්...ඊටත් වඩා මට ඕනෙ තාත්තගෙ නූන දිහා බලලා ඇයි අම්මව අතෑරියෙ කියන ප්‍රශ්නෙ අහන්න විතරයි ...මට උත්තර ඕන් නෑ...මට උත්තර ඕනෙම නෑ....මට උත්තරයක් ඕනෙම නෑ....
කොච්චර කොහොම උනත් බාප්පා බලන් ඉන්න ඇති ඒ ලමයගෙ මුන බලන්න.....
කොච්චර කොහොම උනත් බාප්පා ආසාවෙන් ඉන්න ඇති ඒ ලමයව අතට අරන් එක පාරක් හරි ඒ ඇබිත්තන් මූන අතගාන්න....
මම යටිතොල හපාගන ඇස් පියාගන්නකොට සංධීර් මගෙ නලලට හාදුවක් තියලා නිදාගන්න කියන්න වගේ මගෙ පස්සට හිමින් තට්ටු කරනකොට මම මගෙ ගාව ඉදගන උන්න එයාගෙ ඇගට මගෙ මූන හේත්තු කරගත්තා ...
බාප්පෙ උඹයි අම්මයි දෙන්නම පව් බාප්පෙ.....
මන් දන්නෙ නෑ...මිනිස්සු අවංක වෙන තරමට ලස්සනයි....පරාර්තකාමි වෙන තරමට තවත් ලස්සනයි.....මිනිස්සු ආදරනීය වෙනකොට ..අවංකවම හිතට මහ සැනසීමයි...
මුලින් මුලින් ආදරෙන් උන්න තාත්තට....කොන්ද කෙලින් තියාගන කතා කරන්නම බැරි උනාද....
අම්මට පුලුවන් උනා නම් දුන්න පොරොන්දු රකින්න....ඇයි තාත්තට බැරි උනෙ තාත්තා දුන්න පොරොන්දුවත් ආපිට රකින්න....ඇයි තාත්තට බැරි උනෙ දමලා ගහලා අම්මව මාව අරන් යන්න....
ගෑනු පව්....උන් අම්මා තාත්තා හැමදේම දාලා මිනිහා ගාවට එන්නෙ උන්ගෙ හයිය තියනවා කියලා හිතාගන .....
ඒත්....අම්මා....
අවංකවම අම්මට වාරුවක් ඕන වෙලේමයි අම්ම තනි උනේ...ඒත්....අවුරුදු දහ අටක්....දැන් ද අටක්.....අදටත්....මහ උන්දා දන්නෙ නෑ තමන්ගෙ පුතා වදයි කියලා ...
අම්මගෙ රෙද්ද...
මට කියන්න තියෙන්නෙ එච්චරයි ....
අවස්තාවාදියි....
කොන්ද පන නැති කම.....අම්මන්ඩිගෙ කටට ඔය තරම් බයද....අනික මිනිස්සු අමට වද වෙන්න ඕනා කියලා හිතාගන වද වෙන්නෙ.නෑනෙ....
තාත්තා අම්මට ආදරේ නම්....මොන දේ උනත් අම්මගෙ පැත්තෙන් හිට ගන්න ඕනා....ඇරත්...බාප්පා පවා අච්චර කැපකිරීමක් කරලා....
ඊරිසියාව ...කුහකම....තමන්ගෙම ලේ වලට ඊරිසියාකාර කම් කරන මිනිස්සුන්ගෙන් මීට වඩා.මොනවා බලාපොරොත්තු වෙන්නද.....
හිටපන්කො...මං මගෙ වාසගම වෙනස් කරනවා.....නල්ල මලේ ප්‍රනාන්දුපුල්ලෙ
.ගන්නවා කෙලිම්ම ඒකනායක.....
නැත්තන් තාත්තගෙ නම....
හිතේ ඇති මං ලව්වා පරම්පාරාව ගෙනියන්න....
මට කොහොමත් ඔය මගුල කරන්න වෙන්නෙ නෑ..මං මිනිහෙක් හොයන් ඉවරයි...
ආව දෙන්කො මොකෙක් හරි මටත් යැයි යැයි ගාගන...මං කරන්නම්....සංධීරයටත් එච්චරයි ....තියනවා වෙඩි ඕකත් මාව දාලා යන්න හැදුවොත්...අම්මා පා...මං නම මරලා දානවා...ඒ කරලා.මාත් නියගල අලයක් තම්බන් පොල් එක්ක අනන් කනවා ..දන්නෙ නැතුවයි මගෙ හැටි ඉතින් ආය....
ඒ උනාට පව් මගෙ අම්මා...
මොනව උනත් හිතන්න ඇතිනෙ අම්මා ගාව තාත්තා ඉදී කියලා....
හරි....අම්මව අතෑරියා ...ඒ මදිවට මාවත් උදුර ගත්තා ....දැන් එයිද දන්නෙ නෑ අලුත් ගෑනිත් අඟේ හුඥේ....පඥේ ගාන්.....වරකො....ඇදලා අරිනවා සට පට සත්ත පඩි වෙන්න...
කමක් නෑ...මගෙ අම්මා මෙච්චර වෙලත් ජීවත් වෙනවනෙ...
හෙනගැහුවත් දරාගන ඉන්නවනෙ.....
ඇත්ත...අම්ම කියන්නෙ අහසක්...
එක අතකට කවියන්ට වැරදිලා.....උන් ගෑනුන්ව ලිව්වෙම සියුමැලි කරලා...
ඔය කියන විදිහට සියුමැලි ගෑනු ඉන්නව නම්.....අම්මා වගේ ඉවසන් දරන් ඔන්න ගෑනු බොරු....
මම මගෙ මූන කොට්ටෙ ආස්සෙ ඔබාගන්න ගිහින් ඇස්වල කදුලු පුරවගන ආයම උඩ බෙලි අතට හැරුනා...
බාප්පා කියන්නා වගෙ මගෙ කට තාරපුකක් වෙලා.....වේදනයි....
මගෙ දත් ගැලවුන වෙලේ මහ උන්දට දත් ගැලවෙන්න ගහන්න එකෙක් නැති උනානෙ...
ආවදෙන්කො රෙහාන් කාරයා.....
යෙවීන්....ගාගන...
කමක් නෑ..මං මගෙ ලෝයර් එක්ක කතා කරලා...කස්ටඩි ඩිවෝර්ස් එක්ක් දානවා..ඒ දාලා කෙලිම්ම වාසගමත් මාරු කරනවා
යෙවීන සංජාන ප්‍රනාන්දුපුල්ලෙ වෙනුවට
ම්ම්ම්...
විශ්ව සංජාන ඒකනායක.....
ඔය තියෙන්නෙ...
ඇබිත්තම්ම...
ම්න්...
මොනවද ඔය මුනු මුනුගගා කියවන්නෙ.....ම්ම්ම්
ම්ම්...මොකුත්....න්න්..නැ...හ්....
ම්න්....බඩගිනිද....
න්න්.....නැහ්.....
එයා මගෙ ඔලුව අත ගෑවා.....අත ගානකොට මම ආයම ඇදෙන් ඉදගත්තා ...
ස්...සංදීර් .....
ම්න්....
ම්ම්..ම්ම්..මං.....ත්ත්....තීර්නයක්....ග්ග්....ගත්තා .....
........?
ම්ම්..මං....ත්ත්...
ඇටයෝ.......!!!
මගෙ කට වැහුනා...ඇද උඩ ඉදගන සංධීර්ට මම තීරනයක් ගත්තා කියනවත් එක්කම බාප්පා ඇටයෝ ගාන් ආවා විතරයි මම හිතින් බාප්පට ජඩයා කියලා කිව්වා...
මූ නම් ජඩයෙක්ම තමයි...
බ්බ්...බ්..බාප්පෙ....
කෝ බලන්ඩ උඹේ කට.....යෝ....හ්හ්....තාර පුකක් වගෙ තමයි තාම....සංධීරයා ඉදා උඹෙ ඇදුම්....ජොක්කු ඔක්කොම තෙතයි...මගෙ එකක් ගෙනාවෙ ඇදපන් ඒක ගානක් නෑ....
මම බලාගන සංධීර්ගෙ මූන දෙක වෙනවා..මේ බාප්පා නම්.....
බාප්පා ආවෙ අතින් කටින් එල්ලන් වෙනකොට එයා කාමරෙ එහා මෙහා යන ගමන් අරක මේක කියනකොට මම බාප්පා දිහා බලන් උන්නා.....
සුදු මහත්තයා ....උඹට අම්මා සුප් එව්වා....සංධීරය උඹටත් එව්වම තමයි....දත් නෑනෙ තොපි දෙන්නගෙම....
බාප්පා...
කට පුරාවටම සුදු මහත්තයා කියලා කියන ගමන් සුප් එක අරන් මගෙ ගාවට එනකොට මට බාප්පව බදාගන්න හිතුනා...හැබැයි ඒත් එක්කම දොර ඇරුනා.....
රෙහාන්.....
රෙහාන් ප්‍රනාන්දුපුල්ලෙ ...
තාත්තා තාත්තා කිය කිය කතා කරපු....අම්මව අසරන කරපු රෙහාන්.....
මම හිතෙන්නෙ මට ඉවසීම නැතිව ගියා....
ලාවට කනක් පිහදපු මම ඔලුව වනනකොට සංධීර් මා දිහා බැලුවා.....බලලා මිමිනුවා...
ඇබිත්තම.....
එ ...එලියට.....ය්...යන්න....ස්...සංධීර් .....
යෙ....වීන්.....
එයා මගෙ මූන දිහා බලන් උන්නා....මම එයාට එලියට යන්න් කිව්වා.....බාප්පා පවා මම සංධීර්ට එලියට යන්න කියනකොට සංදීර් කන් දෙක පිහන මා දිහා බලලා මාව අල්ලන්න හැදුවා විතරයි ...එයාට කලින් මම එයාගෙ මැනික් කටුව ගාවින් අල්ලන් එයාව එක්කන් දොර ගාවට ගිහින් එයාව එලියට තල්ලු කරලා දත්මිටි කෑවා....
..
ත්ත්.....තවත්.....බ්බ්....බෑ.....ස්ස්...සංධීර් ....ම්ම්ම්..මාව....පුපු.....රාවි....
දඩාස්....
මං දොර වැහුවා....බාප්පා වගේම තාත්තා මා දිහා බලන් උන්න වගේම අවුරුදු ගානකට පස්සෙ මාව දැකපු තාත්තා ආයම සුදු පුතා ගාගන මගෙ ගාවට එනකොට මම අඩියක් පස්සට ගියා....
සුදු පුතා...
.
ශ්ශ්...ම්ම්....මිස්ටර් .....ර්...රෙහාන්....අපිට.....ව්...විසදගන්න....න්න්..නඩුවක්....ත්ත්...තියනවා...හ්..හරි........
😊 තිත්ත කැකිරි පන්තියෙ ජොබී....නිදහාස්.....
යෝ.....පන්ති මාරුකරනවා ඉවරයක් නෑ😂😂😂👉👈
මම
Ferdeesha ❤️💚😘 ....