LightReader

DEVOTED TO YOU

ELIZABETHSOFIA
182
chs / week
The average realized release rate over the past 30 days is 182 chs / week.
--
NOT RATINGS
14k
Views
Synopsis
COMPLETED
VIEW MORE

Chapter 1 - 01

SAYASH 'S POV....

ශ්‍රී ලංකා...මාතා....

අප ශ්‍ර්‍රී...ලංකා....

නමෝ....නමෝ.....නමෝ....නමෝ....මාතා..

සුන්දර සිරිබරිනි....

සුරැදි අති සෝභමාන

ලංකා...

දානත් නෑ මානත් නෑ.....බලපන් ජාතික ගීයෙම්ම කියන්නෙ බොරුනෙ....

කට පියන් ඉන්නවකො පොඩ්ඩක්....

නෑ මං කියන්නෙ...ඔන්න බලපන් දාන්‍ය දනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය කෝ...කොහෙද මල් පලතුරු තියෙන්නෙ බලපන්...පෙරේදා රෑ අප්පච්චි ගෙනාව ඇපල් ගෙඩියම පන්සීය ගානක්...ඉතින් කොහෙද බූරුවො පලතුරු තියෙන්නෙ....ඉස්සර අපි සීයට ඇපල් ගෙඩි පහක් ගත්තා .....දැන්....

පොඩ්ඩක් කටපියන් ඉදපන්කො.....ආව පලවෙනි දවසෙම උඹවයි මාවයි දැන් එලවනවා...මේක අර ගමෙ එක වගේ නෙවෙ කියලා අයියා කට කැඩෙනකන් තොටයි මටයි ඔලුවට ඇන ඇන කිව්ව නේද.....?

කිව්වා ඒක හරි...ඒ උනාට ජාතික ගීයට උනත් බොරු කියන එක එච්චර හොද නෑ.....අප ශ්‍රී....ලංකා...නමෝ...නමෝ...නමෝ...නමෝ...මාතා....

ඔලුව වත් උස්සලා නොබලපු මම උන්න තැනින් හිමින් සැරේ අඩියක් පැත්තකට උනා.....

කොරෝනා ...අරක..මේක...තෙල් ප්‍රශ්න..වතුර ප්‍රශ්න...කෑම බීම...එකී මෙකී නොකි හැම මගුලෙ ප්‍රශ්නයක්ම ඉවර වෙලා ඒලෙවල් පටන් ගන්නකොට පෙබරවාරි මාසෙ උනා....හරියටම පෙබරවාරි හය වෙනිදා....එලිසබෙත් ආච්චිගෙන් නිදහස් උන දවස පහු වෙලා ඊලග දවස නෙවෙ අනිත් දවස වෙනකොට අපිට තිබුන නිදහස ආපිට අපෙන් උදුර ගත්තා .....

වෙනමොකුත් නෙවෙ..."අපො සාපේ..."ඉවර වෙලා උසස් පෙලට ඉස්කෝලේ පටන් ගත්තා...

වෙලාවකට මට හිතෙනවා...එන්ගලන්තෙ උන් අපිට නිදහස දුන්න වෙලේ ආපහු යටත් කරගත්තා නම් එකක් කියලා...යටත් විජිතයක් වෙලා හරි උන් අපිව නැගිට්ටවන්න ගියා....ඒත් නැත්තන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න ඕනා.....

රටේම ඉන්න නලුවොයි..නිලියොයි...ගායකයොයි....

කසිප්පුවොයි.....කෝච්චිවල යනකොට මාලකඩපු උනුයි...මිරිස් කුඩු වලින් ගහගත්තු උනුයි ඔක්කොම දියවන්නාව අල්ලන් කරන විකාරෙ දැක්කා නම් අවුරුදු ගානකට කලින් සුද්දන්ගෙන් රට බේරගන්න මැරුම් කාපු සරදියෙල්ලා මේව දැක්කා නම් මුන්ට වලෙන් නැගිටලා ඇවිදිල්ලා ගහනවා.....නැත්තන් වෙඩි තියනවා.....

සුදුම සුදුපාට කිරි කොක්කු වගේ යුනිෆෝම් ඇදපු කෙල්ලො කොල්ලො පෝලිමට ඉදන් ජාතික ගීය කියනකොට ගියපාර ඉස්කෝලෙන් දුන්න යුනිෆෝම් රෙද්දෙන් මහපු අලුත්ම කලිසම දිහා දෙපාරක් තුන්පාරක් බලපු මම කොහෙන් හරි ඉරිලා යයිද කියලා පන බයේ උන්නා.....වෙන මොකටවත් නෙවෙ...මුන් කලිසන් රෙදි කියලා දීලා තියෙන්න පෙරහන් කඩදාසි....ඒතරම් රෙද්ද තුනියි...සුදු කලිසමට යටින් යටසායක් අදින්න ඕනෙ....

ඉස්කෝලේ මුලම දවස හන්දම වගේම ඒලෙවල් පටන් අරගනත් සතියක් ගියාට පස්සෙ ඉස්කෝලෙට එන මමයි...මම කිව්වෙ...සයාශ්...මගෙ අයියයි....අයියයි කිව්වෙ ගැලපීම අතින්...රූපෙ අතින්...ගතිගුන අතින්...මොන මගුලකින් වත් එකම එක දශමයක් සමාන කම් නැති මගෙ නිවුන්නා සනාශ්.... අප්පච්චි ගාවට වෙලා රැස්වීම ඉවර වෙනකන් බලන් උන්නා...

(සයාශ් ශෙහාර...)

(සනාශ් නිහාර)

සනාශ්.....

අප්පච්චි ....

මෙන්න මේක හොදට අහගන්නවා...චූටි අයියා මේ ඉස්කෝලෙ ගුරුවරයෙක් බව ඇත්ත...හැබැයි...තමුන් විශේශෙම්ම තමුන්...ඒ දරුවගෙ ගුරුපට්ටම ගහලා යන වැඩ කෙරුවොත්.....

මූව කන්දකාඩු යවන්න අප්පච්චි ...

කටවහපිය ගහලයා....අලුත් ඉස්කෝලේ කියලා බලන් නෑ.....ගහනවා තොට සට පට සත්ත පඩි වෙන්න....

මුන්ට කියන කට හොදයි බිම උලාගන්නවා වගේ බැල්මක් දාපු අප්පච්චි අහක බලගත්තා...ජාතික ගීය කියනකොට අරූගෙ මල වදෙන් බේරෙන්න පැත්තකට උන මම මට වඩා කොහොමත් ඇට්ටර උන ,මිනිත්තු ගානකින් වැඩිමල් උන අයියට කුටු කුටු ගගා අවවාද අනුසාසනා දෙනකොටම මම ගිහින් මැදින් පැනල ඌව කන්දකාඩු යවන්න කිව්වා....

දහසක් මල් විකසිත වෙන....මේ සුන්දර උදෑසන...ලා හිරුරැස්...

ලා හිරුරැස්...මං කියන්නෙ නෑ...දහසක් මල් විකසිත වෙන කෙසේවෙතත් අපි වගේ මල් කැකුලු නම් පරවෙලා යනවා...

අරූ ආයම කියවන්න ගත්තා....ඇත්ත...කියවන කෙල්ල අතයි කටයි...හැම මගුලම නටව නටව කියවනකොට මටත් ලා හිරු රැස් නෙවෙ....වෙන වෙන රැසුත් පහල වෙන්න ගත්තා ...ඒ උනත්.....ගමේ ඉස්කෝලේ වගේ නෙවෙ.....ගමෙ ඉස්කෝලේ නම් රැස්වීම පටන් ගන්නකොටම අපි දෙන්නගෙන් එකෙක් අනිවාර්යයෙන්ම කලන්තේ දාන නාට්ටිය හැමදාම රගපානවා...ඒත්...මෙහෙ එහෙම බෑ...මෙහෙ එහෙම බෑ කියන්නෙ.....මං ඕලෙවල් ඉවර උනත් එක්කම මගෙ හැම දඩබ්බර කමක්ම නවත්තලා දැම්මා.....

වෙන හේතුවක් නිසා නෙවෙ...මගෙ අම්මා අප්පච්චි විදින දුක දැකලා...

මගෙ පවුලෙ හතර දෙනයි....ඒ අම්මයි අප්පච්චි අයියයි මායි...මං දන්න තරමින්.....අප්පච්චි අපි දන්න දා ඉදලම උන්නෙ රට.....පස්සෙ අම්මා....රට කිව්වේ යුරෝප් රටක් නම් නෙවෙ....වැස්සක් වහින්නෙවත් නැති ...අව් සැරට රත් උන වැලි කැට පවා පුපුරන ගිනි ගහන අරාබි කරේ.....එක්සත් අරාබිය....හැමෝම ඔය ඩුබායි...ඩුබායි..අබුඩාබි ....සාජා කිය කිය කියන්නෙ...අන්න එහෙ...

අවුරුදු එකොලහක්ම අප්පච්චිගෙ අම්මා අප්පච්චි ගාව ඉදන් ගමේ ඉස්කෝලෙට ගියපු මායි අයියයි ඒලෙවල් වලට ගමෙන් නගරෙට ආවා....නගරෙට ආවා කියන්නෙ...අප්පච්චිගෙ ලොකු අක්කා...නෑ කමට ලොකු අම්මා....ලොකු අම්මගෙ පුතා උගන්නන ඉස්කෝලෙටම අපි දෙන්නව ගෙන්නගත්තා...වෙන මොකටවත් නෙවෙ....ආච්චම්මට වගේම සීයා තාත්තට අපි වගේ මදාවියො දෙන්නෙක් එක්ක ඔට්‍ටු වෙන්න බැරිම හන්දා ලගම තියන සෙන්‍ට්‍රල් එකටත් නොදා අපි දෙන්නට වීඅයිපි ටිකට් එකක් මෙහෙට දාලා දුන්නා....

අප්පච්චි ...

මොකද...

අප්පච්චි අදම යනවද.....

නැතුව....මං නොයා කොහොමද .....අම්මා බඩුවගයක් එනකොට අරන් එන්න කියලා කිව්වා..ඒකත් අරන් ‍යන්න ඕනා....

....අප්පච්චිලා හැමදාම ඔහෙ.....අපි ලොකු වෙනවා දන්නෙත් නෑ...අපිට ඕනම කාලෙ අම්මයි අප්පච්චි දෙන්නම නෑ....එක්කො...අපි දෙන්නවත් ඔටුවො බලන්න වත් අරන් යන්න අප්පච්චි ...නැත්තන් ලුනුයි බතුයි කන්න හරි ඔය දෙන්නෙත් මෙහෙට එන්න....

මීට විනාඩි ගානකට කලින් කටදාන්න ගිහින් බැනුම් අහපු මම පැත්තකට වෙලා ඉදන් සනාශ් අප්පච්චි ගාව ඉදන් කියවන දේ අහන් උන්නා....ඇත්ත.....අම්මා අප්පච්චි අපි දෙන්නා ලොකු වෙනවා වත් දකින්න නැතුව ඇති.....ඒත්...එයාලා මෙහෙ ඉදලත් මොනවා කරන්නද...

සනාශ් කියනවා ලුනුයි බතුයි කන්න හරි මෙහෙට එන්න කියන්නලු....ඇත්තටම ඌටයි මටයි අම්මා අප්පච්චි නැති අඩුව අනන්තවත් දැනිලා තියනවා....අම්මා අප්පච්චි එවන සල්ලි වලින් අඩුපාඩුවක් නැතුව බඩ පිරෙන්න කාලා ඇදලා උන්නට සමහර තැන් තිබුනා ඒ හැම දේකටම වඩා අපි දෙන්නට අම්මා අප්පච්චි නැති අඩුව දැනුනා...

ජීවිතේ කියන්නෙ....සල්ලිම නෙවෙ....

සල්ලි කියන්නෙ ජීවිතෙමත් නෙවෙ....

ඒත්...සල්ලි නැති තැන ජීවිතයක් කොහෙන්ද....

මගෙ අම්මා ගෘහසේවිකාවක්.....අප්පච්චි ...අප්පච්චි ඉන්නෙත් අම්මා වැඩකරනම ගෙදර ඩ්‍රයිවර් විදිහට.....

අම්මා අප්පච්චි විදින දුක ගැන නම්...මං හිතන්නනෙ අපිට කියන්න වචන නෑ.....උදේ පාන්දර කුසියට යන අම්මා රෑ හත අර වෙනකනුත් උන්ට කන්ඩ තම්බනවලු....අපෙ කුසිවල වගේ නෙවෙ තනිකරම කල්දේරම් වලටලු උයන්නෙ.....උන්ට ඉන්නෙත් සුලු පටු පවුල් නෙවෙ වෙනකොට පඩි පෙල් වගේ ළමයි වගේම හැත්ත බුරුත්තක්ම ගෙදර ඉන්නවලු....

අපේ ගෙවල් නම් සාලෙයි කුසියයි කාමර දෙකක් හරි තුනක් එක්ක බාතෲම් එකක් උනාට.....අම්මා කියනවා අම්ම වැඩකරන ගෙදර බාතෲම් තියනවලු දහයකට වැඩිය .....

ගෙවල් නෙවෙලු...තනිකරම මාලිගාලු...

මං කැමති නෑ.....අවංකවම ආසාත් නෑ....මතක් කරන්නවත් ආස නෑ...ළමයි උනාම...කොල්ලො උනාම දඩබ්බරයි...ඉස්කෝලේ යන කාලෙදි කොහොමත් දඩබ්බරයි...ඒ උනත්....ඌටයි මටයි....අම්මා අප්පච්චි ගෙ වේදනාව මහන්සිය දැනුනා....බාගෙට මැරිලා...මැරිලා ඉන්න අම්මා සමහර දාට කෝල් එකේදිම නිදා වැටෙනකොට මෙ පැත්තෙ ඉදන් මායි අයියයි අම්මා නිදා වැටෙන හැටි බලන් උන්නා...

මං හිතනෙ.....රට විරුවො කියන උන් කවදාවත් සැපක් විදින්නෙ නැතිව ඇති....රනවිරුවො වගේමයි.....රට විරුවොත්.....ජීවිතේ ජීවත් කරවන්න පුදුම සටනක් ගෙනියන්නෙ....

සනාශ්....

මං තවත් මොනව හරි කියන්න ගියපු අයියගෙ අත මිරිකගත්තා ..මොකද...අප්පච්චි දැන් කටපියන් ඔව්ව අහන් උන්නට අපි නැති තැන කල්පනා කරනවා...

ළමයි...අවේලාවෙ වතුර බොන්න.....කැන්ටින් අස්සෙ රිංගන්න....චූබර අර බර මේ බර...කක්කා බර ඔව්වා ආව කියලා අවේලාවෙ ඇවිදින්න තහනම්...හරි.....අවේලාවෙ ගිහින් මට අහු උනෝතින්...දනගස්සනවා.....

තව එකක්...විශේශෙම්ම ඔය ඒලෙවල් අයියලා...කොන්ඩා....රැවුල්....මෙ ඔක්කොම හරියට තියෙන්ඩ ඕනෙ....රැවුල් වැවිලි බෑ...තාත්තලා නෙවෙනෙ....අනික ගෑනු ළමයි....කොන්ඩෙ ගෙතුවම කෑලි පැනිලි....බැ....ඇහිබැම් දෑකැති වහෙ බෑ...නියපොතු වැවිලි බෑ...හරි...ගවුමෙ ඉන දනිහෙ තියෙන්ඩ බෑ...දනිහෙන් උඩ ගවුම තියෙන්ඩ බෑ....කොල්ලො....ඔලුවට ජෙල් උලන්ඩ බෑ.... ඒ වගේම ඔය ක්‍රීඩා කරන උන්.....උඹලා ගහන බෝලයක් උදේ ගහපල්ලා....වෙලාවට පන්තියට වරෙල්ලා...සීයට අසූව නැත්තන්....නෝ ඇඩ්මිශන් හරි....!

ආපො...අරූද කොහෙද විනය බාර එකා...බලපන් ඌට නම් ගුටිකන මූනක් තියෙන්නෙ...මේ බලපන් මල්ලි මගෙත් කොන්ඩෙ වැඩිද කියලා ..මූ ආව දාම මොකක් හරි කිව්වොත් චක්කිය...

මගෙ ගාව උන්න සනාශ් එයාගෙ කඩා හැලෙනකොන්ඩෙ අතින් ඇද ඇද නහයෙන් අඩනකොට මම උගෙ කොන්ඩෙ දිහා බලලා මගෙ කොන්ඩෙ අත ගෑවා....

අද මුල්ම දවසනෙ...මොකුත් කියන එකක් නෑනෙ...

මන්දා...ඕන මගුලක් අර සූකිරි කැට වගේ ඉන්න කෙල්ලො ගාව නැතුව...බලපන්.... අර ලස්සනම උන් ටික ඉන්නෙ ආර්ට් එකෙයි කොමර්ස් එකෙයි වෙන්න ඇති....හරි....එතනින් එහා...ටිකක් පඬි ශේප් එකට ඉන්නෙ අනිවාර්යයෙන්ම බයො, මැත්ස් කරන උන් වෙන්න ඇති..ඊට එහා පැත්තෙ ඉන්නෙ තනිකරම කොලයක් වැටුනත් ඊයා ගාන තාමත් කෑම පෙට්‍ටියෙ කෑම ගේන ඉංග්ලිශ් මීඩියම් වෙන්න ඇති....

ම්ම්ම්.....

මගෙ කන නෑ වගේ...අරහෙන් මුලු ගුරුමන්ඩලේම උන් සැරින් සැරේ ස්ටේජ් එකට නැග නැග දේශනා දිදි යනකොට මෙහෙන් මූ කෙල්ලො ටෝක් කරන්න ගත්තා ....හොද වෙලේට මූ කොමර්ස් කරන්නෙ....ආර්ට් එකට ආවා නම් එතනත් ඉන්න වෙන්නෙ නෑ...ඒ උනත් වැඩක් නෑ.....චූටි අයියා කිව්වා ආර්ට් සෙක්ශන් එකයි කොමර්ස් එකයි එක බිල්ඩින් එකෙ තියෙන්නෙ කියලා ..... 12,13 ආර්ට් දෙකට එහා පැත්තෙ 12,13 කොමර්ස් එක කිව්වා.....ඔෆිස් එක ගාවලු සයන්ස් මැත්ස් උන් ඉන්නෙ.....අයියා බයෝ ටීචර් ....

මොන මගුල උනත් කමක් නෑ...මූ හින්දා ඉස්කෝලේ මැද දනගහන්න වෙන්නෙ නැති වැඩ වෙනවා නම්...

සයාශ්...

අප්පච්චි ....

රැස්වීම ඉවරයි...ආරව් සර් ඉන්නවද බලන්න....

චූටි අයියද....

මෙහෙ ඇති චූටි අයියෙක් නෑ සයාශ්....සර් කියනවා....

.....

මං හිමීට සනාශ් දිහා බැලුවා....කොච්චර සර් කියන්න හැදුවත් කියවෙන්නෙම චූටි අයියා කියලා ...අප්පච්චිව දැන් කොයි වෙලෙ හරි පුපුරනවා.....

කට පියන් අරූ ඉන්නවද බලපන්...කවුරුත් නැති තැන අයියා කියමු...ඉන්න තැන සර් කියමු...අපි නොදන්න චූටියනෙ....

අප්පච්චි කට පියවනවත් එක්කම සනාශ් ඇවිත් මගෙ කන ගාවට මුමුනකොට මම ලාවට ඔලුව හොලවලා පේලියට පන්තියට යන ලමයි ගොඩේ ඇස් කරකව කරකව උන්න මම ළමයි පන්ති වලට යන හැටි බලන් උන්නා.....

පෝලිම් ගැහිලා යන කෙල්ලො කොල්ලන්ට අලුතින් ආව අපි දෙන්නව මැජික් වහෙ වෙනකොට හතර වටෙ ඇහැ දදා ඇබලයා වගෙ කැරකෙන

සනාශ්ට වැලමිටෙන් ඇන්න මම එයාට රවනකොට අපි ගාවින් ගියපු කෙල්ලට මූ උගෙ දත් ඇන්දම එලියට දලා අර පෙට්ටි හිනාව දැම්මා.....

ඒ විතරක් ගෑණු හොරා....

නිකන් ඉන්න එකේ හිනාවෙයන්...

මම සනාශ් ගාවින් ඈතට උනා..මොකද ආව දවසෙම මට රතු දත්ත පොතට ඇතුල් වෙන්න බෑ.....

සනාශ්ට ඕන විකාරයක් කරගන්න දුන්න මං පොත් බෑග් එකත් පිටෙ බැදන් අප්පච්චි ගාව ඉදන් මගෙ අලුත් ඉස්කෝලේ පුරාවටම ඇස් කරකවන්න ගත්තා.....

ඇහැල මාසෙට කහම කහපාට මල් පිරෙන ඇහැල ගස් පෝලිමක් මල් නැතිව උනත් හෙවන බෙදනකොට රෝසපාට අරලියක ගහක මල් පොකුරු පිටින් පිපිලා තිබුනා...ඒ කිට්ටුවම නමක් නොදන්න තවත් ගහක් වගේම ආපනශාලාව කියල ගහලා තිබුන පොඩි කාමරේ ගාව මහෝගනි ගහක් තිබුනා.....

පිහිඹියා....බෙහෙත් නෙල්ලි.....තව කොහු අඹ ගහක් එක්ක මේ ඉස්කෝල.වත්ත පිරෙන්නම ගස් හිටවල තියනකොට වතුර ටැප් පෝලිම ගාව තවත් මොකක් හරො ගහක් තිබුනා.....

ලැබ් එකට යන පාර...ඔෆිස් එකට යන පාර....පන්ති තියන බිල්ඩින් වලට යන පාර.....අනිත් හැම තැනකටම යන පාර දෙපැත්තෙ පවා මල් වලින් පිරුන බෝගන්විලා පෝච්චි තිබුනා....

බොරු කියන්න ඕනා නෑ...අවංකවම ලස්සනයි....තනි සුදු ඇදුමට නිල්පාට ටයි එක...

මේ හැම දේම පිලිවලයි.....ඒ කොච්චර්ස් කොහොම උනත්...සනාශ්ගෙ හිත කෙසෙවෙතත් මගෙ හිතේ චකිතයක් නොතිබුනාම නෙවෙ...මොකද...ගමෙන් නගරෙ කියන්නෙ.....වෙනස් තැන්දෙකක්...ගමේ පොඩි ඉස්කෝලෙ නම්.....සයාශ්....සනාශ් කියනකොටම මුලු ඉස්කෝලෙම අපි දෙන්නව දැනන් උන්නා...

දැනන් උන්නා කියන්නෙ.....සිල්වත්තු විදිහට නෙවෙ...සනාශ් කියනකොටම මිස්ලා සර්ලා පටන් ගන්නෙම "ආ...පෝ....අර වසවර්තියො දෙන්නද" අහලා...ඒ උනත්...මොන වසවර්ති කම් කෙරුවා උනත්....ඒ ඉස්කෝලෙ අපිට අපේ ගෙදර වගේ උනා.....කොච්චර දැගලුවත්.....අපි ඉගන ගත්තා ...හැබැයි ඉගන ගත්තා කියන්නෙ...පන්තියෙ පලවෙනියා නෙවෙ...හැබැයි අන්තිමයත් නෙවෙ...පලවෙනි දහය අස්සට රිංගන්න පුලුවන් කම තිබුනා...

අපිට මොනවද පුලුවන් ...මොනවද බැරි කියන්න....ඒ ගුරුවරු දැනන් උන්නා....

ඒත්...නගරෙ...අලුත් ඉස්කෝලයක් කියන්නෙ....මට වගේම සනාශ්ට අලුතෙම්ම පටන් ගන්න වෙනව....අලුත් හැමදේටම පුරුදු වෙන්න වෙනවා...

මන් ලොකුම ලොකු හුස්මක් ගත්තා.....මොකද ....අලුත් පන්තියෙ ..අලුත් ළමයි කතා කරයිද නැතිද දන්නෙ නැති හන්දා.....බලමු...බලමු...මොකක් හරි කිව්වොත්....පලවෙනි මාසෙ දෙකෙ ඉවසලා...තුනෙ හතර පනිනකොට නෙලනවා....මොකද ගමෙ ඉදන් ආවා කියලා කොළඹට කිරි ගමට කැකිරි වෙන්න බෑනෙ...නෙ.....

මාමෙ.....

ආරව් පුතා...

මං උන්නෙ බිම බලාගන වෙන කල්පනාවක වෙනකොට සනාශ් ආව වෙලේ ඉදන් උගෙ කොන්ඩෙ හැදුවා.....ඇදුම හැදුවා...විනය බාර සර් කොන්ඩෙ කපාවි කියලා ඒකගෙ කොන්ඩෙ තට්ටෙටම අලවගන්න හැදුවා...ඒ අතරෙ අපි ගාවට ආරව් සර්....එහෙම නැතිනම්...ගෙදරට චූටි උන චූටි අයියා ආවා...

(ආරව් මහිම)

එන්න ඔෆිස් එකට ගිහින් ප්‍රින්සිපල් සර්ව හම්බෙමු...

ආරව් අයියා ....නෑ..නෑ...සර්....මා දිහා වගෙම කොන්ඩෙ හදන සනශ් දිහා බලලා ප්‍රින්සිපල් සර්ව හම්බෙමු කියනකොට මම ඔලුව වනලා කෝකටත් කීකරු දරුවෙක් කියලා පෙන්නන්න අප්පච්චි ගාවට ලන් වෙනකොට කොයිවෙලෙ හරි පොලව පලාගන අපායට ඇදන් යන සනාශ් ආරව් සර් ගාවට ලන් උනා...

චූටි අයියෙ...මෙහෙ...කොන්ඩෙ ශේප් නේ....පිනා කේස් දායිද ...

කට වහපන් සනාශ්....උඹව නම් සතියක් යන්න කලින් ඉස්කෝලේ එලවනවා...ආරව් පුතා...මෙන්න මූ මොකක් හරි කෙරුවොත් නෑ කම් නොබල ගහන්ඩ.....

ම්ම්ම්...ආසයි වgay නේ අප්පච්චි ...

උඹගෙ කට මට කවදාවත් හදන්න බෑ සනාශ්...දැන් වත් ඉගනගනින්...

මට විතරක් කියන්නෙ මූටත් කියන්නකො අප්පච්චි ...මූත් මම වගේනෙ....

ඇයි මං කොහෙද උඹ වගේ වෙන්නෙ.....

ඇති ඕක...කොයි වෙලෙත් බල්ලො බල්ලලු වගේ කාගන්නවා....

"අපි නැතුව ගිය දාකට උඹලා කොහොම ඉදීද දණ්නෙ නෑ..."නේ අප්පච්චි ....ඕකනේ කියන්න ගියෙ.. ....

සනාශ් කට වහපන්කො....අප්පච්චිව තරහ ගස්සන්නෙ...

මං මගෙ නිවුන්නව කෙනිත්තුවා...අප්පච්චි කියන්න ඕනා ටික ඌම කියපු සනාශ් ආයමත් අර පෙට්ටි හිනාව් දානකොට මං බලාගන අපිව ගෙනත් අරින්න.....අපිව හදලා ගන්නම් කියපු චූටි අයියා සනාශ්ගෙ බෝක්කු කට ඉස්සරහා කන්පියුස් උන්ගා බුන්ගා වෙලා බලන් ඉදලා ඔෆිස් එකට යන පාර පෙන්නන ගමන් අපිව එක්කන් ගියා...

පොඩි මාමෙ...මෙතනින් ඇතුලට යන්න....

ආරව් සර් එතනින් නවතිනවා එක්කම සනාශුයි මායි අප්පච්චි පස්සෙන් ඔෆිස් එකට ඇදුනා ....

පිනා තට්ටයෙක්...

කට වහපියකො.....

ඉතින් ඇත්තනෙ....අර බල වට කෙස් මැද හිස්.....

මං නහින්න හැදුවා...කිව්වත් වගේම ප්‍රින්සිපල්ට උන්නෙ වටකෙස් මැද හිස් උන මනුස්සයෙක් වෙනකොට අප්පච්චි පස්සෙන් ගියපු මායි සනාශුයි දැහැමෙන් සෙමෙන් හිට ගත්තා .....

ම්ම්ම්.....ගනන් වලට ඒ නේද දෙන්නගෙම....

එහෙමයි සර්.....

ඕලෙවල් රිසාල්ට් ශීට් එක දිහා බලන් උන්න ප්‍රින්සිපල් සර් දෙන්නටම ගනන් වලට ඒ නේද අහනකොට අප්පච්චි හරි යටහත් විදිහට උත්තර දුන්නා ..මාත් හරී යටහත් විදිහට හිනා උනා.....අරුත් එ විදිහටම හිනාඋනා....

"විමුක්ති සද්ධහමංගල"

ප්‍රින්සිපල් සර්ගෙ නම ලියඋන කලු පාට ප්ලාස්ටික් කොටුව දිහා බලන් උන්න මම අප්පච්චි එක්ක් ප්‍රින්සිපල් සර් කතා කරනවා අහන් උන්නා....අප්පච්චි අප්පච්චි ගෙ රස්සාව වගේම අම්මාගෙ රස්සාව ගැන කියනකොට මම වගේම සනාශ් මීක් නොගා අහන් ඉන්නකොට ප්‍රින්සිපල් සර් ඔක්කොම අහන් ඉදලා මේ ලමයි ගමෙ ඉස්කෝලෙටත් වඩා හොදට මෙහෙ ඉගන ගන්න කියන ගමන් අප්පච්චි ට මොන මොනවදෝ ගාස්තු වගයක් ගෙවන්න කියනකොට අප්පච්චි ඔලුව වැනුවා...

ගානක් කඩාගත්තද මන්දා....

සනාශ් මුමුනවා....

කොහෙද අප්පච්චිට කියන්න තිබුනෙ උළු මෝලෙ උළු අදිනව කියලා ...

ම්ම්ම්.....

අම්මත් ඔයන් කොහෙ හරි දර පලනවා කියන්න තිබ්බෙ....

ම්ම්ම්ම්ම්.....

හැම ලබ්බටම ම්ම්ම්..ගාන්නෙ මොනව හරි කියපන්කො....

කට පියන් ඉදපන්කො පොඩ්ඩක්....මේක ගමේ ඉස්කෝලෙ නෙවෙ මෝඩයො...

ඉස්කෝලේ බැජ් එක නැතුව උන්න අපි දෙන්නට අලුතින් බැජ් වගෙම ටයි පටි දෙකකුත් අරගත්තු අප්පච්චි ගෙවන්න තියන ගාස්තු ගෙවනකන් අපි දෙන්නම ඔෆිස් එකෙන් එලියට ඇවිදින් දෙන්නට දෙන්නා සහයෝගෙන් අපි දෙන්නගෙ ටයි පටි දෙක ගැට ගහගන්න ගමන් උන්නා වගේම සනාශ් ආයමත් කියවන්න ගත්තා ...

ළමයි....තරු ලකුන දාලා ලියා ගන්න....

ඔෆිස් එකත් එක්කම තිබුනෙ ලැබ් එක...12,13 සයන්ස් එකයි මැත්ස් එකයි...ඒ ඇහුනෙ ආරව් සර්ගෙ කටහඩ වෙනකොට මම මගෙ ටයි එකෙ ගැටේ හදන ගමං ලැබ් එක දිහ බැලුවා....ඒ ළමයි පොත් ගුල්ලො වගෙ ලියාගන උන්නා...උන් නෙවෙ වට පිටක් බලන්නෙ...අහස කඩන් වැටුනත් උන් නෙවෙ ලියන එක නවත්‍තන්නෙ....

සයන්ස් උන් නේද.....

ම්ම්.....ඔව්....

ගුල්ලො වගේ.....එව්ව්...

එව් ගාන්නෙ.....අපිත් ගියා නම් ඔය ටික තමයි...

යන්ඩ එපැයි...උඹට නලු ඌස්නෙ ගහලනෙ ආර්ට් කරන්න ඕනා උනෙ....

උඹට පොලි මුදලාලි කෙනෙක් වෙන්න ඕනා වෙලානෙ කොමර්ස් කරන්න ආවෙ...

.ඌයි මායි ආයමත් එතන ඉදන් කාගන්න පටන් ගත්තා ....එතන උන්න උන් එකෙක් වත් අපි දිහා වත්...අඩුම ගානෙ සර් දිහා වත් ඔලුවක් උස්සලා නොබල ලියන හැටි බලන් උන්න සනාශුයි මායි අවසානෙදි එක දෙයක් තේරුම් ගත්තා ...

ඒ ගමෙ වගෙ නෙවෙ....නගරෙ තරගෙ වැඩී කියන එක.....

සයාශ්.....

ම්ම්ම්...

අපරාදෙ ...අපිට තිබ්බෙ මෙහෙ එන්න බෑ කියන්න...ගමෙ සෙන්ට්‍රල් එකටම යන් කියන්න....මෙහෙ වියදම් වැඩිද මන්දා...

අප්පච්චිට ඉතින් ඕනම උනානෙ....

බලමු....ඔන්න තමුසෙ ඔය එක එක මගුල් වලට සල්ලි දෙනවා නෙවෙ....

මං මොන මගුලට සල්ලි දෙන්....ආහ්...ව්ව්....!!

ඔෆිස් එක ඇතුලෙ නැවතුන අප්පච්චි තවමත් එලියට නාව කොට සයන්ස් එක දිහා බලන් උන්න සනාශ් අපිට මෙහෙ නෑවිදින් ඉන්න තිබුනා කිය කිය කියවන්න ගන්නකොට මටත් ලමයිගෙ හයිෆයි කාරකම් දැකලා අපරාදෙ මෙහෙ ආවෙ කියන එක හිතෙද්දි ඌට උත්තර බදින්න ගියපු මගෙ පිට මැදටම ඇඹරිලා යන්න මොකක් හරි හොද පාරක් වැදුනා...

බෝලයක් ....ඒක බාස්කට් බෝලයක්...පාර කාපු මං පිට අල්ලන් සනාශ් දිහා බලනකොට සනාශ් බෝලෙ දිහා බලලා මොකාද යකො ගැහුවෙ කියන්න වගෙ බෙල්ල දාලා බලනකොට එතන කොල්ලො තුන් හතර දෙනෙක් හිටන් උන්නා...

ප්‍රැක්ටිස් ගිය උන්ද කොහෙද ...

ඕහ්.....සොරි....සොරි මල්ලි....රිදුනද .. ..

එතන හිටපු එක කොල්ලෙක් ඇඹරීගන ඉන්නවා දැක දැක රිදුනද අහනකොට සහෝදරයා වෙනුවෙන් හිටපු ගමන් මද්දුම බන්ඩාර වැහෙන සනාශ් අර බෝලෙ අතට ගත්තා ....

අනේ...නෑ අයියෙ....මූ රබර් වලින් හැදුන එකෙක්නෙ....මූට රිදුන් නෑ.....නේ මල්ලි....

සනා....ශ්.....කට පියාගනින්...

පොඩ්ඩ වෙලාවක් වක ගැහිල උන්න මන් එන්නත් කලින් විදු මව බබලවන්න හදපු සනාශ්ව අතින් මිරිකනවා එක්කම සොරි කියපු එකා අපි ගාවට ආවා .....

සමාවෙන්න .....

....

එයා දැක්කෙ නෑ....

අපි ගාවට ආව කොල්ලා ආයම පාරක් සමාව ඉල්ලුවා වගේම එයා දැක්කෙ නැ කියලා කියන ගමන් මා දිහා බලලා ලාවට හිනා උනා.....

මල්ලිලා අලුතෙන්ද.....

ඔව්...

මේ ළඟ පාතකින්ද .....

නෑ අපි දෙන්නා හොරොව්පතානෙ ....

බෝල පාර කාපු මගෙපිට මැද කසන තරම් දැවිල්ල අල්ලපු හන්දා කසාගන්නත් බැරිව අතගාගන්නත් බැරිව උන්න මන් කට තද කරන් ඉන්නකොට අපි ගාවට ආව අපිට වඩා වැඩිමල් කියන්න පුලුවන් කොල්ල අහන ප්‍රශ්නවලට සනාශ් උත්තර දෙනකොට මන් බලාගන ඒ කොල්ලා සනාශ් දිහා බලාගන හිනා වෙනවා...

හරි.....අත් වැරදීමට සමාවෙන්න මන් ශෙනිරු.....බාස්කට් බෝල් ටිම් කැප්ටන්

(ශෙනිරු හිමංස...)

ඒකා ටිම් කැප්ටන් කෙනෙක්ද ....ශෙනිරු .....නම ශෙනිරුලු...ආයම පාරක් සමාව ඉල්ලපු ශෙනිරු සනාශ් දිහා බලලා වැඩිපුරත් හිනා උනා වගේම බෝල පාර කාපු මගෙන් සමාව නොගෙන මගෙ නිවුන්නගෙන් සමාව ගන්නකොට මන් ඌට රවාගන ඉදලා අනිත් පැත්ත හැරෙනකොට ඒකත් එක්ක ආව කොල්ලො නඩෙත් අරූ බොරුවට කටට ආවා නමක් උන හොරොව්පතාන ගමෙන් ආව කිව්ව අපි දෙන්නා දිහා බලන් උන්නෙ ගමෙ කාක්කො දෙන්නෙක් ගානට දාලා වෙද්දි මන් බලාගන එකෙක් විතරක් උගෙන් අපි නයට අරන් පොල්ල තිබ්බ ගානට අපි දෙන්නා දිහා රවාගන බලන් ඉන්නවා...

හරියටම බකමූනෙක් වගෙ

ඒ මොකද යකෝ ඒ.....මූ රවන් ඉන්නෙ.....

නිර්වාන් ...ඇවිත් මෙයාගෙන් සමාව ගන්න....

මන් බෙල්ල හැරෙව්වා.....අපි දෙන්නා ගාව උන්න ශෙනිරු ...එයා කාටද මන්දා ඇවිත් සමාව ගන්න කියලා කිව්වා ....ඇත්තටම කිව්වා නෙවෙ ....අන දුන්නා...ඌ නම් කලර්ස් පෙන්නනවද මන්දා.....

කොහොම උනත් සනාශ් ගෙන් සමාව ඉල්ල ඉල්ල හිටපු ශෙනිරු කාට හරි මගෙන් සමාව ගන්න කියනකොට මන් මට ගහපු එකා මොකාද බලන්න ආපිට කොල්ලො නඩෙ දිහා බැලුවා ....

මේ අර බකමූනනෙ.....

"සමාවෙන්න"

(නිර්වාන් අශේන්ද්‍ර....)..

යෝ.....සෝට් ඉස්ටෝරියක් වේවි.....මේක.....

මේක නම් මේ bts army නංගිලා දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ request එකකට ලිව්වෙ....මන් taekook ලියල නැති නිසා taekook yizhan දෙක එකට කරලා ලිව්වා.....කමක් නෑනේත🥺🥺🥺...

අනික මට ඒ නම් ප්‍රනවුන්ස් කරන්න බැරි නිසා මන් yizhan ලියන විදිහටම සිංහල නම් දෙකක් දැම්මො....ආර්මී....බයින්ඩ නම් එපෝ🥺🥺🥺

ඔන්න ආර්මිලා ඉල්ලපු ස්කූල් රොමෑන්ස් එක ....

ඒනම්...බෝගම්බරෙත් එක්ක හෙට එන්නම්.....

පරිස්සමින් ඉන්ඩො.....

මම

Ferdeesha ❤️💚😘 ....