LightReader

Prapancha

Pavee1014
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
395
Views
Table of contents
VIEW MORE

Chapter 1 - Chapter 1

"අහ්.. පාලක මැදිරිය අමතන්න.."

"ජේ.. අමතන්න.."

"හෙලෝ.. කාට හරි මාව ඇහෙනවා ද.."

"ශිට්.. කිසි දෙයක් වැඩ කරන්නේ නෑ.."

ඕ ගෝඩ්.. මොකද කරන්නේ මම..

කාත් කවුරුවත් නැතුව තනි වෙච්ච යානයේ පාලක මැදිරියට වෙලා සංඥාවක් ලැබෙනකම් බලන් හිටිය මට මුළු හතර වටෙන්ම පෙනුනේ, අන්ධකාර ක්ෂීරපථය විතරයී..

ඒත් එක්කම ඉස්සරහ වීදුරුවෙන් පෙනුන දෙයින් ඇස් අදහගන්න බැරි වුණා..

ආයෙමත් පිහිදපු ඇස් වලින් ඉස්සරහා බලන් හිටියේ, තත්පර ගාණක් යනකම් පියවි සිහියට එන්න බැරි වුණා නිසයී...

"ඕයී නැගිටපන්... ඉක්මනට.."

"නැගිටපන්.. දවල් හීන දැක්කා ඇති.."

"ලොක්කා උදේම මීටිමක් දාලා.. නැගිටිනවා.."

ඒ කටහඬින් වික්ෂිප්ත වෙලා ඇහැරුණාට පස්සේ තමයී මට තේරුණේ මෙච්චර වෙලා දැක්කේ හීනයක් කියලා.. ඒ මෙච්චර වෙලා කෑ ගැහුවේ රූම් මේට්ස්..

වෙලාව උදේ 7.30..

අපේ මූලස්ථානයට යන්න තව පැය භාගයක් උපරිම ඇති.. ඉතින් ඇහැරිලා, උදේ කෑම එහෙමත් අරගෙන මං කෙලින්ම යන්න පිටත් වුණේ අපේ මූලස්ථානයට..

ඉතින් සේරටම කලින් මං ගැන කියලා ඉන්නම්..

මගේ නම ලුවීන් අශ්වින් ද සිල්වා.. මෙහේ අය නම් මට කියන්නේ ලුවීJ7 කියලා.. J7 කියන එකේ තේරූම තව ටිකකින් ඔයාලටම තේරේවී..

මගේ රට ලංකාව ඒත් දැනට වැඩ කරගෙන යන්නේ, ඇමරිකාවේ නාසා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයෙක් විදිහට..

යානා කිහිපයකම ගගනගාමීයෙක් විදිහට,සේවය කරන මට දැන් මේ අවුරුද්දට වයස විසි පහක් වෙනවා.. ටිකක් කටකාර, අහිංසකකමත් උපරිම, තැනට හරියනම විදිහට වැඩ කරන්න දන්න පිරිමි ළමයෙක්..

ඉතින් මේ තමා මම..

කොහොම හරී, අපේ ක්වාටස් වල ඉදලා මූලස්ථානයට වැඩි දුරක් නොතිබ්බ නිසා, 8ට විනාඩියක් තියෙද්දී මූලස්ථානයට ආපු මට මුලින්ම හම්බවුණේ අපේ ටීම් එකේ හේඩ් ජේ ව..

එයා චීන ජාතිකයෙක්.. හරිම මිත්‍රශීලී වගේම, විනෝදබර කෙනෙක් තමා එයා.. හැමදාම උදේට එයාගේ හිනාව එක්ක වැඩ පටන් ගන්න ආස හිතෙනවා..

ඒත් අද එයාගේ මුණේ හැමදාම තියෙන ඒ හිනාව නෑ.. ඒ වෙනුවට ගොඩක් කලබලෙන් එහෙ මෙහෙ දුවන ගමන් හිටියේ.. ඉතින් කිසි කලබලයක් නැතුව එයා ළඟට ගිහින් මං සංසුන් විදිහට එයාට කතා කලා..

"හෙලෝ ජේ... ඔයා හොදින් නේද.."

"ලුවී... අපිට ප්‍රශ්නයක්.."

"ප්‍රශ්නයක්... ඒ මොකද්ද.."

මගේ කටහඬේ තිබ්බ සංසුන්බව ටිකක් බිඳිලා නොරිස්සුමෙන් මං ඇහුවා..

"අපේ ඩිපාට්මන්ට් හෙඩ් පීටර්, මීට්න් එකක් ගත්තා උදේ.. අපිට අනතුරක්... දැන්ම කෙනෙක් යවන්න වෙනවා.."

එහෙම කියපු එයා මට පොඩි ගැජට් එකක් අතට දුන්නා.. ඒ මොකද්ද කියලා මං දන්නවා වුනත්, ආයේත් ජේ දිහා බැලුවේ ඇහි බැමක් උඩට උස්සන ගමන්..

"ඔයාලා කියන්න හදන්නේ මට යන්න කියලාද.."

නිශ්ශබ්දතාවයට පිටුපාලා මං කතා කරද්දී අපේ ඩිපාට්මන්ට් හෙඩ් අපි ළඟට ආවා..

"අපි ළඟ ඉන්න හොදම කෙනාව මේකට යොදා ගන්න කියලා ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.. ඒ වගේම මේ වෙද්දී මුළු ලෝකයක් ඔයා මත විශ්වාසය තියලා බලාගෙන ඉන්නවා ලුවී.. විශේෂයෙන් ඔයාලගේ රටේ මිනිස්සු.."

එහෙම කිව්ව මේ හෙඩා අතේ තිබ්බ ෆෝන් එකක් මගේ පැත්තට දික් කලා.. ඒ වෙද්දීත් බ්‍රේකීන් නිවුස් වල,මගේ නම සඳහන් වෙලා තිබ්බා..

වැඩේට බෑ කියන්නවත් ඉඩ නොතියා එයාලා මගේ පිට මේ රාජකාරිය පැවරුවා..

දැන් මුලු පෘථිවියේම අනාගතය තියෙන්නේ මගේ අතේ.. ඒත් තවම මේ වැඩේ ගැන හරි අවබෝධයක්වත් නැතුව ඉද්දී එයාලා මට ජැකට්ස් දාගන්න කිව්වා..

මං ක්වාටස් එකේ ඉදලා එද්දීත් එයාලා මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා ඉවරයී..

ඉතින් මුළු පෘථිවියෙන්ම මට කියලා කවුරුත් නැති වෙද්දී, කා එක්කවත් දාලා යන්න බැරී තරම් බැදීමක් තිබ්බෙත් නෑ..

කොහොම හරී තව උපරිම පැය 168 ක් ඇතුලත, ඒ කියන්නේ සතියක් ඇතුලත පෘථිවි කක්ෂයට ආසන්නයෙන් ගමන් කරන ග්‍රාහක කෑල්ලක් පෘථිවියේ වදින්න නියමිතයී..

මට ඒ ග්‍රාහක කෑලී මිසයිල වලින් නවත්තන්න බැරි වුණොත් සමහර විට මේ ලෝක විනාශය වෙන්නත් පුළුවන්..

ඉතින් ඉක්මනටම ජැකට්ස් දාගෙන ලෑස්ති වුණ මම කෙලින්ම ආවේ LuviJ7 කියන කෝඩ් එක ගහපු මගේ යානය ළඟට..

ඒක තවම පරීක්ෂණ මට්ටමේ අවසාන අදියරේ තිබ්බා වුණත්, මේ වෙලාවේ ඒක පාවිච්චියට ගන්න මට සිද්ධ වුණා..

ඒ යානය දිහා බලන් බර සුසුමක් හෙලුව මම පෘථිවියෙන් යන්න කලින් අවසාන වතාවට මගෙත් එක්ක වැඩ කරපු හැමෝටම හග් එක ගාණේ දීලා අන්තිමට නැවතුනේ ජේ ළඟින්..

මගේ හිතේ මුලදී එයා ගැන පොඩි ක්‍රශ් එකක් තිබ්බා වුණත්, චීන්නු නාන්නෑ කියලා දැන ගත්ත දවසේ ඉදලා ඒ අදහස මං අතෑරගත්තා...

අනේ ලුවී උබ ඔහොම හිතන නිසාමද මන්දා උබ තාම තනිකඩ.. උබට නම් ගැලපෙන උන් පෘථිවියේ නෑ..

කොහොම හරී යානෙට නැගලා, තත්පර ගාණක් ගතවෙද්දී යානය පිටත් වුණා... යානයේ තවත් ගමන් සගයෙක් ඉද්දී, මුලු ලෝකෙම එකම නිවුස් එක මම කියලා දන්න නිසාම ටිකක් ගැම්මෙන් තමා මේ ගමන ගියේ..

මොකද මේ වෙද්දීත් කෙල්ලෝ කීයකගේ හීන කුමාරයාද මම..

ටිකෙන් ටික පෘථිවියෙන් ඈත් වෙද්දී එන හද ගැස්ම, කියා ගන්න බැරි අමුතු බය, ඒ වගේම කටු ඈනෙනවා වගේ දැනෙන සීතල, වචනයක් පිට කරන්න ඕනේ වුනත්, වචන වෙනුවට කටින් පිට වෙන දුම, මේ හැම දේම විද දරාගෙන මං මේ ආයෙත් උඩු ගත වුනේ මුලු මිනිස් සංහතියම වෙනුවෙන්..

ඒ වගේම මම ලාංකිකයෙක් වීමත් මට ආඩම්බරයක් වුණා.. මගේත් එක්ක යානයේ හිටය කෙල්ල කොරියානු සම්භවයක් තියෙන කෙනෙක් කියලා බැලු බැල්මට පේනවා..

එයාව මේ ගමනට කොරියානු රජයෙන් එවපු බවක් තමයී මට දැන ගන්න ලැබුණේ..

ඉතින් අපි යානය කක්ෂ ගත කරන්න කියලා පෘථිවියෙන් පණිවිඩ ලැබුණු තැනට ගියා.. ඒ යද්දී පෘථිවි දවස් පහක් ගෙවිලා ගිහින් තිබ්බා.. තවත් ඉතුරු දවස් දෙකක් වගේ කාලයක් වෙද්දී,,

හිමීන් යානයේ බලය අඩ පණ කරපු මම ග්‍රාහකය පැත්තට අපේ පලවෙනී මිසයිලය යවන්න සූදානම් වුණා.. පෘථිවියෙන් ලැබුණු උපදෙස් අනුව පලවෙනී මිසයිලය සාර්ථක කර ගන්න අපිට පුළුවන් වුණා..

"හෙලෝ J7 යානයේ නියමුවා අමතන්න.."

"හලෝව්.. නියමුවා සම්බන්ධ වී සිටිනවා.."

ඒ අර කෙල්ල..

"පළමු උත්සාහය සාර්ථකයී.. දෙවැනි මිසයිලය සූදානම් කරගන්න.. උපදෙස් අනුව ක්‍රියාත්මක වන්න.."

"හොදයී.. දෙවැනි මිසයිලය සූදානම්.."

......

"උපදෙස් ලැබෙනවා.. දෙවැනි මිසයිලය දියත් කරන්න.."

ඒත් එක්කම මම යවපු දෙවැනි මිසයිලයත් සාර්ථක වෙද්දී, නොහිතපු විදිහේ දෙයක් සිද්ධ වුණා..

ඒ ග්‍රාහකයේ කෑල්ලක් පෘථිවියේ චන්ද්‍රිකා පද්ධතියේ වැදුනා.. හැම සම්බන්ධතාවතක්ම බිඳ වැටුණා.. කරන දේ හිතාගන්න බැරිව යද්දී, පෘථිවිය එක්ක තිබ්බ සේරම සම්බන්ධතා බිඳ වැටුණා..

"අහ්.. පාලක මැදිරිය අමතන්න.."

"ජේ.. අමතන්න.."

"හෙලෝ.. කාට හරි මාව ඇහෙනවා ද.."

"ශිට්.. කිසි දෙයක් වැඩ කරන්නේ නෑ.."

ඕ ගෝඩ්.. මොකද කරන්නේ අපි කරන්නේ.... ඒ කෑ ගැහුවේ අර ගෑණු ළමයා..

කාත් කවුරුවත් නැතුව තනි වෙච්ච අභ්‍යාවකාශයේ, යානයක පාලක මැදිරියට වෙලා සංඥාවක් ලැබෙනකම් බලන් හිටිය අපිටට මුළු හතර වටෙන්ම පෙනුනේ, අන්ධකාර ක්ෂීරපථය විතරයී..

ඒත් එක්කම ඉස්සරහ වීදුරුවෙන් පෙනුන දෙයින් ඇස් අදහගන්න බැරි වුණා..

ආයෙමත් පිහිදපු ඇස් වලින් ඉස්සරහා බලන් හිටියේ, තත්පර ගාණක් යනකම් පියවි සිහියට එන්න බැරි වුණා නිසයී...

දෙයියනේ මේ මම එදා උදේ දැක්ක හීනේ නේද.. ඒත් එහෙම වෙන්නේ කොහොමද.. එදා දැක්ක දේ දැන් මේ වෙද්දී මෙහෙම සිද්ධ වෙනවා.. හරි පුදුමයී..

ඉතින් කටත් ඇරගෙන ඉස්සරහ බලන් හිටියේ වෙන්න යන දේ හිතාගන්න පුළුවන් නිසා..

ඒත් එක්කම යානය ආයෙමත් ක්‍රියාත්මක කරන්න හැදුවත් ඒක හරී ගියේ නෑ.. මොන වගේ ප්‍රශ්නයක් ද කියලා බලන්නවත්, බැරි වූණේ මේ යානය තවම පරීක්ෂණ මට්ටමේ එකක් නිසායි..

ඒත් එක්කම අපිට දැනුනේ යානය පහලට කඩාගෙන වැටෙන්න යනවා කියලායි.. අනේ දෙවියනේ ඒ දේ නම් වෙන්න එපා..

මං ප්‍රාර්ථනා කලේ දෙවියනේ අපේ ජිවිත බේරලා දෙන්න කියලායී..

ඒත් එක්කම මහා ශබ්දයක් එක්ක, යානය පහලට කඩාගෙන වැටෙන ගත්තා..

.

.

.

.

.

(Kul's word). කොහොමද කට්ටිය අලුත් එක..