LightReader

Chapter 2 - chapter 2

"විසල් ඔහොම ඉන්නවා!!"

"ඇයි අප්පච්චි?"

"හෙට හවසට සමරෙලගෙ ගෙදර පාටි එකක්. යන්න ලෑස්ති වෙනවා."

"ඒත් අප්පච්චි...."

"ඒත් මේත් නෙමෙයි අප්පච්චි කිව්වනෙ දැන්.... කිව්වම අහලා යන්න ලෑස්ති වෙනවා"

"හරි.."

ඒ කියන්නෙ හෙටත් රගපෑමක් තියෙන්නෙ. නානාප්‍රකාර පාටි වලට ගිහින් ලෝකෙ හොදම දෙමව්පියෝ විදියට කරන රගපෑමක්. දැකලා තියෙනවද සල්ලි,දේපල,යාන වාහන ඔය හැමදේම තිබිලත් හිතේ කිසිම සතුටක් නැති මිනිස්සු....

මමත් අන්න ඒවගේ.සමහරවිට මම සාමාන්‍ය පොඩි පවුලක දරුවෙක් වෙලා ඉපදුනානම් මම ගොඩක් සතුටින් ඉන්න මිනිහෙක් වෙන්න තිබුනා.වාසනාවක් තියෙනවනම් මම හරි ආසයි දවසක පවුලක් කියන හැගීම විදින්න.වෙන පවුල්වල අම්මලා තාත්තලා දරුවො එකට හරි සතුටින් ඉන්නවා දකිද්දි මට මං ගැනම දුකයි. විසල් කියන මනුස්සයාව ලෝකෙ මිනිස්සු දකින්නෙ හරි සල්ලි දේපල තියෙන වාසනාවන්ත කොල්ලෙක් විදියට. ඒත් මම කොච්චර අවාසනාවන්තද කියන්න දන්නෙ මමයි මගේ සහෝදරයො වගේ ඉන්න යාළුවො තුන් දෙනයි විතරයි.පිට ලෝකෙට දරදඩු චරිතයක් පෙන්නගෙන ඇතුලෙන් විදවන එක...ඒක හරි වේදනාවක්. 

"හහ් දැන්ද එන්නේ??? මොකියක් හරි වැඩකට නැති තේ උඩිච්චියක් එක්ක රවුම් ගහන්න ගියාද තමුසෙ!!!"

සෙතුමි විහාරා රාජනායක, මගේ එකම අක්කා....අක්කා කිව්වට අපි අතරේ එහෙම බැදීමක් නැතිම ගානයි. අක්කෙක්ට මල්ලි කෙනෙක් කියන්නෙ මහ මෙරක්ලු.....හැබැයි මට ඒ පින නැතුව ඇති....

"මං යන එන තැන්වලින් තමුසෙට වැඩක් නෑනෙ අක්කෙ රෙද්ද!!!"

එයා තව මොන මොනවද කියවනවා ඇහෙද්දි මම කාමරේට ඇවිත් දොර වහගත්තා.ගෙට ගොඩවෙලා පැය බාගයක් යන්නත් කලින් හිතේ තිබ්බ නිදහස සැනසීම පොලවට පස් වෙලා ගියා....

හිතේ අමාරුව යන්නත් එක්ක පැයක් විතර නාලා ඇදුමක් දාගෙන මම ඇදට ආවා...ඒත් සමහර වෙලාවට වතුරටත් බෑ ඒ වේදනාව දිය කරලා යවන්න....

හද පාරා ගිනි අවුලා

හදේ දැවෙනා ආදරේ මතක සගවා

ඉගි කරලා ලං වීලා

හුස්ම වැටෙනා පපුතුරේ පපුතුරේ සුවය විදිනා

රුවැත්තී ඔබ දෙඩුව රස තැන්

විදපු හසරැල් රෑ සීතලේ දවනවා

හිතැත්තී ඔබ වෙන්ව යන තැන් 

හිතට ගෙන දුන් 

සතුට අද කදුලින් ගලනවා..... (හද පාරා - මහිරු සේනාරත්න)

හිතට තිබුන එකම සැනසීම සංගීතය විතරක්ම වෙද්දි මම මේ ගෙදර ඇතුලෙ රැදෙන හැම වෙලාවකම කරේ සිංදු අහන එක...රිදෙනවා...නොසෑහෙන්න රිදෙනවා....කොච්චර දරදඩු කොල්ලෙක් උනත් පවුලෙ බාලයා විදියට හැමෝගෙම ආදරේ ලබන්න මමත් ආසයි. එක්කො දෙවියෝ මට ජීවිතේ දෙනකොට ආදරේ දෙන්න අමතක වෙලාද...කවදාවත් මං කැමති කෙනෙකුට ආදරේ කරන්නවත් මට නිදහසක් නැති කොට ආදරේ මට අකැපයි කියලා හිතන එකේ වැරැද්දක් තියෙනවද..... 

"චූටි බේබි කෑම ලෑස්තියි"

"මට දැන් කන්න බෑ සෝමා..."

බඩගින්නක් දැනුනෙත් නැති වෙද්දි ඇදේ වැතිරිලා සිවිලිම දිහා බලන් කොච්චර වෙලා කල්පනා කරාද මං දන්නෑ....

"චූටි බේබි මේ කිරි එකවත් බොන්නකෝ..රෑට කෑවෙත් නෑනෙ"

"මට බඩගිනි නෑ සෝමා...ඕක ඔහෙන් තියලා යන්නකො මං බොන්නම්...අම්මලා කෑවද?"

"ලොකු මහත්තයයි නෝනයි ලොකු බේබියි කාලා නිදාගන්න ගියා චූටි බේබි"

"හ්ම්ම්ම්...."

" හූල්ලන්න එපා රත්තරනේ...ලොකු නෝනලට පින නෑ චූටි බේබි වගේ රත්තරං දරුවෙක් ලැබිලත් මෙහෙම කරන්නෙ..."

"මේක මගේ ලැබීම වෙන්නැති සෝමා....මමත් එයාලා වගේ මිනිස්සුන්ව පහත් කරලා කතා කරන,සල්ලි වලින් මිනිස්සු මනින කෙනෙක් වුනා නම් එයාලට මට වඩා කෙනෙක් නැති වෙයි.....ඒත් එහෙම කරන්නෙ කොහොමද සෝමා අපි හැමෝම මිනිස්සුනෙ....."

"වූටි බේබි ගැන මං නොදන්නවැයි බේබි....මේ ගෙදර මට මනුස්සයෙක්ට වගේ සලකන්නෙත් චූටි බේබි විතරයි කොට....දැන් ඕවා නොහිතා මේක බීලා නිදාගන්න බේබි බුදුසරණයි...."

"හ්ම්ම් බුදු සරණයි සෝමා..."

කිරි එකත් අරන් headphone එකත් දාගෙන මම බැල්කනියට ගියේ හිත ටිකක් නිදහස් කර ගන්නත් එක්කමයි. සීතල රෑක උනුවෙන් දෙයක් බොන ගමන් සිංදුවක් අහගෙන තනියෙන් ඉදලා තියෙනවද.....ඒක විදලා බලන්නම ඕනෙ හරි ලස්සන මොහොතක්....

හැබැයි....තමන් එක්කම තනිවෙන එකයි අනිත් එය මැද්දෙ තනිවෙන එකයි කියන්නෙ දෙකක්....ඒක කවදාවත් එක වගේ වෙන්නෙ නෑ....

අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්

මගේ හිතේ කෙටි නැවතුම් යලි යලිදු දේවි විමසුම්

විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම්

ජීවිතේ වූ හරසුන් පෙම පසිදලාවී පැහැදුම්

ඒ දෑසින් කීව පිලියම්

මේ ප්‍රේමෙන් ගේන සැනසුම්

අල්තාරෙන් ආව ඇමතුම්

නවතයි මගේ හිතේ දෙදුරුම්..... (පෙම් තාලම් - Gavin Andrew)

පැයක් විතර එලියට වෙලා ඉදලා කිරි එකත් බීලා මම ඇතුලට ආවා. වෙලාව එකයි.අපි දැන් නිදාගමු මචං විසල්....නැත්නම් තොට උදේ පාන්දර අඩන බබාට කියලා තමා ඇහැරවගන්න වෙන්නෙ...

හෝව් හෝව් හෝව්!!!!දැන් ඇයි උඹට එයාව මතක් වුනේ ඈ.... අඩන බබා තාම අඩනවද දන්නෑ...නැතුව ඇති නේ අර හොදට සිරික්කිය දාන් හිටියෙ කට්ටිය එක්ක....නම මොකද්ද දන්නෑ හුරතලේගෙ...සැක් අහගන්න බැරි වුනානෙ...කොහෙද ඉතින් මෝන්ටිසෝරි බබා වගේ හොටු පෙර පෙර අඩන්න ගත්තනෙ.....හෙටත් එයිද දන්නෑ සූටි බබා....දොස්තර මහත්තයා ලගට ලෙඩ්ඩු පෝලිමට එයි කවදහරි ඇයි ඉතින් හුරතලේනෙ....

"ඕයි විසලයො නැගිටපන්..."

"ම්හ්හ්හ..හ්"

"නැගිටපන් බල්ලො බලපිය වෙලාව!!!! යන්න පරක්කු වෙනවා යකෝ නැගිටපන්"

"මොකද බං උදේ පාන්දර ගෙවල් වලට කඩන් පැනලා බෙරිහන් දෙන්නෙ මගුල"

"යකෝ හතහමාරයි වෙලාව!!!තෝ ෆෝනුත් සයිලන්ට් දාගෙන මොන හුත්තක්ද කියපන් කරන්නෙ ආ!!!බලපිය කෝල් කියක් අරන්ද කියලා හුත්ත!!!"

"ටහුක්!!!!! කීයයි කිව්වා???"

"හතහමාරයි බල්ලො!!!!!"

"මල හත්තිහුත්තයි!!!"

"පලයන් දැන්වත් ගිහින් ලෑස්ති වෙයන් හරකා!!"

මල මගුලයි. ඊයෙ අඩන බබා ගැන මනෝ පාරක් ගහන් ඉද්දි එහෙම්ම නින්ද ගියානෙ....උඹටත් විසල් නිදාගන්නැතුව මනෝපාරවල් ගහනවට හොද වැඩේ.

"විසල්!! මතකනෙ හවසට පාටි එක වෙලාවට යන්න ලෑස්ති වෙනවා.."

"හරි අප්පච්චි"

හ්ම්ම් මොනව කියන්නද මොනව කරන්නද හා කියලා එකග වෙනවා හැර..... ඇයි මට බැරි හිතුවක්කාර වෙලා එයාලා කියන කියන දේ නොකර ඉන්න...පුලුවන් මට බැරි නෑ ඒක...ඒත් ඒකෙන් වෙන්නෙ මට මේ තියෙන පොඩිම නිදහසත් නැති වෙන එක නෙමෙයිද...හැබැයි ඒකෙ තේරුම මම අවශ්‍යම තැනදිත් ඔලුව නමන් ඉන්නව කියන එක නෙමෙයි.මොකද මේ විසල් කියන්නෙ අමුම අමු යකෙක් ලෝකෙ ඉස්සරහ නිවිලා හිටියට....

 

වාහනෙ අරන් පාරට දාලා ඇරලා තියලා යන්න බැලුවට වැඩක් වෙන්නෑ කිරි අප්පට බල්ලො පැනපි කියලා දාර ට්‍රැෆික් එකක් සෙට් වුනා. මේ වෙලාවට මේ පාරවල් වල යනවා කියන්නෙ ගේමක් තමා. පරක්කු වෙලා නැගිට්ටා නම් දැන් හිටපන් විසලයො බකන් නිලාගෙන.ට්‍රැෆික් එකේ ඉන්නවනම් සින්දුවක් අහන එක තමා හොදම. Spotify playlist එක Bluetooth කරලා තියෙන නිසා මම drive කරද්දි මගෙ playlist එකට නම් නිවනක් නෑ....

It's a beautiful night,we're 

Looking for something dumb to do 

Hey,baby, think I wanna marry you 

Is it the look in your eyes,or is it this dancing juice 

Who cares,baby? I think I wanna marry you.... (Marry you - Bruno Mars)

අඩන බබා එයිද දන්නෑ අද නේ...කොල්ලා බයට එන එකක් නැද්ද දන්නෑ.....අනෙ අම්මේ මේ කොල්ලා ඊයෙ අඩපු විදිය...මූන චෙරි ගෙඩියක් වගේකරගෙන ඉකි ගහපු හැටි....හැබැයි කොල්ලව වටේ උන් ටික ඇස්වලින්ම කනවා ඇති...මං අහන්නෙ ඔච්චර හුරතල් වෙන්න ඕනෙද ඈ...එහෙම උනත් ඒක හැමෝටම පේන්න ඕනන්නෑනෙ කෝලං...

ඔහෙ හිටු!!! දැන් තෝ මොකටද එයා ගැන හිතන්නෙ ඈ....ඊයෙත් එයා ගැන මනෝ ගහලා තමා උදේ නැගිටින්නත් පරක්කු වුනේ....හොද සිහියට වරෙන් විසල් ආආආ ස්ට්‍රෙස්.....

කොල්ලගෙ රිය පැදවීමෙ අති දක්ශතාවය හේතුවෙන් ගානට වෙලාවට යුනි එකට ගොඩබාන්න පුළුවන් වුනා. හිටු කියලා සීයට දෙසීයෙ වේගෙන් lecture එකට දිව්වෙ උදේම තියෙන්න රෝසිගෙ lecture එක නිසා.උදේම ඒක සෙට් වෙනව කියන්නෙ දවසම මඤ්ඤං වගේ තමයි. නිදි කිරන්න තමා තියෙන්නෙ වෙන මොනාද. ආ තව බැනුම් අහන්න. කඩ්ඩෙං බනිද්දි ඔලුව වන වන ඉන්න තමා තියෙන්නෙ. 

"Good morning guys..."

"Good morning maam..."

"Let's talk about ******** today"

හයියෝ දැන් ඉතින් මේ මගුල අහගෙන හිටපන්කො. කම්මැලි යකෝ...

"Okay guys let's call it a day.remember to do the quiz on the unit site before the deadline."

Quiz නම් මොනාද පුතා. Copy කරා ChatGPT එකේ paste කරා වැඩේ හරි. පැය තුනක් නිදි කිර කිර පුටු රත් කරලා යාන්තං ඒක ඉවරයි.

"ඔක්කොටම ඉස්සෙල්ලා කන්න යමු බං යකෙක් කන්න බඩගිනියි"

"ආ ඒක නෙමෙයි විසල් මොක්දද බං අර අංකල් කිව්ව පාටි එකේ කතාව?"

කැන්ටිමෙන් රෝල්ස් 4යි පේස්ට්‍රි 4යි Nescafé 4යි අරන් කන්න වාඩිවුනාම තමයි ඒ සීන්කෝන් එක ගැන විනෝද් ඇහුවෙ. මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා. මූ මෙහෙම හිටියට හෙන මීටරෙන් ඉන්නෙ.

"අර සමරදිවාකර අංකල්ලගෙ ගෙදර බං. රෙද්දෙ පාටි තමා"

"ටසිරි යකෝ අරකිත් ඇතිනෙ ඉතින්..."

"ඒක තමා බං මාව එක්ක යන්න මෙච්චර රුදාව මෙයාලට...හහ් මම නොදන්න මොණරතැන්න කිව්වලු..."

"ඉතින් බං තෝ හිටපන් ගෙදර. දැන් ඔහෙ ගියාම අරකි උඹෙ කරේ නගින්න එයි."

"පිස්සුද බං ඔය එක එක ගෑනුන්ට කරේ නගින්න දීලා බලන් ඉන්න තරම් මං මී හරකෙක්ද....මං දැන් ඕකට නොයා හිටියොත් අප්පච්චි මාව ගෙදරට හිර කරයි එහෙමත් නැත්නම් අර මගුලෙ කසාදයක් ඇදලා ගනී. ඊට මීට වඩා හොදයි සද්ද නැතුව ගිහින් එන එක...ඒ නිසා අපි දැනට කට පුප වහන් ඉමුකො බං" 

"හ්ම්ම්ම හැබැයි ප්‍රශ්න දාගන්න එපා හරි....උඹටත් කේන්ති ගියාම ඉස්සරහ ඉන්න එකාව පේන්නෑනෙ."

"නෑ නෑ අවුලක් වෙන්නෑ බං"

හ්ම්ම් මාත් හිතනවා අවුලක් නැති වෙයි කියලා...

"සඳරු....මෙතනට එන්නෝ...."

ටසිරි කවුද මල්ලෙ ඒ බෙරිහන් දුන්න ටිං බෙලෙක්කෙ.....නූඩ්ල්ස් කෙල්ලෙක්නෙ බොලේ...ටසිරි අර අඩන බබා නේද යාලුවො පිරිවරන් එන්නෙ. බලන්න එපැයි සිරික්කිය දාගෙන එන හැටි....

"ඒ...කවුද බං ඒ කෙල්ල...අඩෝ ලස්සනයිනෙ බං බලපන් අර කොන්ඩේ....."

ඔන්න සුපුරුදු පරිදි පැණියා රාජකාරියට වාර්තා කරා.හෑපෝ මේකා නම්...උට බනින්න හැරෙද්දි හම්මට මෙන්න විනෝද් ඉන්නවා ඇසිපිය නොහෙලා අර කෙල්ල දිහා බලන්....ඔව් ඔව් මට පෙනී යනවා නූඩ්ල්ස් නෑනෙක් අපිට සෙට් වෙන්න යන බව....

"ඕයි ඕයි ඇති ඔය අනිමිස ලෝචනය කරා ඒකි දිහා බලන්...."

මූ ගැස්සිලා හරි සිහියට එද්දි කන් දෙකත් රතු වෙලා මුගෙ.හම්මෙ ඉතින්...

"ඒ බං අර එදා ටෙවොන් කේස් එකක් දැම්ම කොල්ලා නේද???"

"ඒ ඔව්ම තමයි. යකෝ පොඩි එකා හෙන හුරතල් පාටයිනෙ බං.අර බලපන් වටේ උනුත් ඒ කොල්ලා දිහා බලන්නෙ.හැබැයි මචං විසල් ටෙවෝන් කාරයගෙන් මෙයාව බේරගන්න එක සෑහෙන අමාරු වෙයි ඈ. උගෙ වනචර ඇස්වලට මේ වගේ කොල්ලෙක් අහුවුනා කියන්නෙ සෑහෙන ලොකු අවුලක්"

"අපිත් ඉන්නෙ මේකෙනෙ බං. උට ඕනෙ විදියට නටන්න හම්බෙන්නෑ"

මං ඕකව මරනවා අම්මපා ඇත්තමයි මොකක්හරි කාලකන්නි වැඩක් කරොත්!!!!

අඩන බබා වටේටම ඔලුව කරක කරක ඉද්දි මාව දැකලා කොල්ලා හිනාවුනා. ඇත්තමයි හරීම ලස්සන හිනාවක් ඒක.ඇස්වලිනුත් හිනාවෙනවා. ඒ හිනාව දැක්කම මොන හේතුවකටද මන්දා මට ඇත්තටම මතක් වුනෙ සුදු රෝස මලක්....ඒ තරම් පියකරු හිනාවක් ඒක....අර උදේ ඉදන් හිතේ තිබ්බ බර ගතියත් ගියා වගේ දැනුනෙ....කිචි කිචි ගගා කට්ටිය එක්ක කියව කියව කුරුල්ලෙක් වගේ කන්නෙ...හරිම හුරතලයක් තමා මේක...

"ඔයා හරි හුරතල්නෙ පැටියෝ....බයි කෑවද ම්ම්....අපි මේක කමු හරිද....රසයි මේවා...."

කාලා ඉවරවෙලා කැන්ටිමෙන් එලියට යද්දි හුරතලේ ඉන්නවා බලු පැටියෙක් එක්ක කතා කර කර...මං කිව්වෙ බොරුද මේකා නම් වැරදිලා යුනි ඇවිල්ලා තියෙන්නෙ....කෝලම....

"මේ මං එන්නම් උඹලා පලයං"

"හරේ...ඉක්මනට වරෙන්"

මං සද්ද නැතුව පිටිපස්සට වෙලා බලන් හිටියා මේකගෙ හුරතල් වැඩ ටික. අර බලු පැටියගෙ ඔලුව අතගානවයි කතා කරනවයි කෝලං ගොඩයි.....

"ක්හ්ම්...."

මං පොඩ්ඩක් උගුර පෑදුව පාර කොල්ලා ගැස්සිලා ගියා. එච්චර බය වෙන්න ඕනෙද යකෝ මට...

"බය වුනාද ම්ම්..."

"න්..නෑ..."

යකෝ ගොත ගැහෙනවත් එක්ක. හයියෝ මං යකෙක් නෙමෙයි බං ඔච්චර බය වෙන්න.

"කොහොමද ඉතින් ම්ම්..."

"හොදයි අයියේ...අයියත් හොදින් ඉන්නව නේ...."

"ම්ම් ඉන්නවා ඉතින්....දැන් ලෙක්චර්ස් ද?"

"ඔව් අයියෙ....හතරට ඉවර වෙන්නෙ."

"සඳරූ....එන්න යමු..."

"යන්න යන්න...පරක්කු වෙයි...මාත් යනවා"

"හරි අයියෙ...පරිස්සමට යන්න....."

සෝමගෙනුයි අපේ සෙට් එකෙනුයි පස්සෙ මෙහෙම පරිස්සමට යන්න කියපු පලවෙනි කෙනා...හැබැයි ඒ කවදාකවත් නොදැනුන උණුසුමක් අද එයා ඒ වචන ටික කියද්දි දැනුනා මට....

"හරි....ඔයත් පරිස්සමට....ආ ඒක නෙවෙයි ඔයාගෙ නම සඳරු ද?"

"ඔව්නෙ....සඳරු මේනුක...."

එහෙම කියලා දත් තිස්දෙකම පේන්න විරිත්තලා කොල්ලා දිව්වා.මේනුක.... ලස්සන නමක්...

"මේ අවුලක් දාගන්නැතුව පරිස්සමට ගිහින් වරෙන් ඈ...විස්තරේ කියපන් රෑ වෙලා."

"හරි..."

ගෙදර එද්දිත් අම්මලා යන්න ලෑස්ති වෙනවද කොහෙද.මං ගිහින් නාලා ලෑස්ති වුනා.black trouser එකකට grey color longs sleeve shirt එකක් ඇදලා අත් දෙක වැලමිටට පොඩ්ඩක් පහලට වෙන්න නැමුවා.CHANEL DE BLEU perfume එකත් ගැහුවා. White shoes දෙක දාලා watch එකත් දැම්මා. දැන් හරි ඔය ඉන්නෙ හැඩට.යන තැන කොහේ වුනත් පිලිවෙලට ලෑස්ති වෙලා යන එක තමයි තමයි මගේ විදිය. 

"සෙතුමි ඔයා ඔයාගෙ වාහනේ නේ එන්නෙ?"

"ඔව් අප්පච්චි"

"මමත් මගෙ එකේ එන්නම් අප්පච්චි"

අපේ ගෙදර මුළු පවුලම එක වාහනේ යන්නෙම නැති තරම්. එහෙම යන්න තරම් බැදීමකුත් නෑනෙ. මම ඉතින් මගේ සුපුරුදු වන්ඩිය range rover එකේ තමයි ගමන් බිමන්.

පැය බාගයක් වගේ යද්දි අපි සමරදිවාකර අංකල්ලගෙ ගෙදර ආවා. හෙන සෙනගක් ඉන්නවා. මගෙ ඔලුව දැම්ම ඉදලම කැක්කුමයි. දැන් ඉතින් ඉදපන්කො මුංගෙ පංපෝරි අහ අහ. 

"හායි විසල් අයියා....ඇයි අනේ පරක්කු වුනේ.....මං බලන් හිටියනේ....."

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ඔන්න දිග චැපියක් ගෙනාවා අද.....

තරුව ඔබලා අදහසක් කොටන් යන්න මගේ ලමයිනේ...

මං ආදරෙයි❤️

නැවත එනතුරු,

Loveinsouls.

More Chapters