LightReader

Chapter 5 - මන් කැමති විදිහට කරනවා

තුර්ශ හොඳටම පුදුම වෙලා. තාන්‍ය අයියා එයාව ඇදලා අරන් ඇඟිල්ලක් අල්ලලා ඒකෙන් ලැප් එකේ මොකක් හරි එබ්බෙව්වා. 

අපිට ලොකු screen එකේ 'uploading' කියලා පෙනුනම අපි ඔක්කොම හූ තිබ්බා. ඊටපස්සේ තමයි මෙතන ඉඳල වාතලයට වාශ්ප වුන මනුස්සයා නැවත මතු වුනේ ගිටාර් දෙකකුත් අරන්. ඒ අස්සේ තාන්‍ය බොසා තුර්ශගේ නළල ඉඹිනවා. ඌනම් තුර්ශට පන ඇරලා වගේ. සයෝද් මල්ලි, තාන්‍ය අයියා එක්ක ස්ටූල්ස් වලින් වාඩි වුනා. කොනක පාලුවා කියලා කෑ ගහපු තාන්‍ය අයියගේ යාලුවා sax එකක් අරන් සයෝද් ළඟින් හිටගත්තම තාන්‍ය අයියා සයෝද්ගේ අතින් එක ගිටාර් එකක් අරගත්‍තා. සයෝද් අනිත් ගිටාර් එකක් ප්ලේ කරන්නද කොහෙද යන්නේ! 

"මූ ගිටාරුත් ගහනවද? තව මොනා ගහනවද දන්නේ නෑ. හෙවී ඩියුටි කිව්වේ." මන් මටම කියාගෙන හිනා වුනා. මටත් පිස්සුනේ.

තුර්ශත් ඇවිත් මගේ ළඟින් හිටගත්තා. ඌගේ ඇස් වල කඳුලුත් දිලිසෙනවා. පවු අප්පා! ඌගේ ඇස් තාන්‍ය ළඟමයි. මන් තුර්ශ දිහා බලලා ආයේ ඉස්සරහ බැලුවේ ගිටාර් සද්දෙ පටන් ගත්ත නිසාමයි. මගේ ඇස් ගියේ මගේ දිහා බලලා හිනා වුන සයෝද් ට. මාත් පෙරලා හිනා වුනා. ගිටාර් එක අල්ලන් තියන දකුණු අතේ ග්‍රිප් එක නම් සැරයි කියලා පේනවා වුනත් වම් අතේ ඇඟිලි හරි මෘදුව ඒ තත් අතර ගියා. සුදුම සුදු අත් වල යන්තම් ඉලිප්පිච්ච නහර මට මෙතනටම පෙනුනා. හෙවී ඩියුටි මොනාද? මට දැන් හරිම කුතුහලේ. ඒක අහන්නම ඕනා. ඒත් දැන් අහන්න බෑ මොකද දැන් තාන්‍ය අයියා සින්දුව කියන්න පටන් අරන්.

"මීදුම් හැරුණු විට

සිනාවක් පිබිදුණු විට

ඔබේ ඇස් දෙක හමු වී

මගේ ලෝකය බැබළුණු විට

හදවතින් හදවතට

පිරුණු ප්‍රේමය තිබුණු විට

නුඹ නොමැතිව මගේ ලොව

සුළු වස්තුවක් වුණු විට

"නිල් අහසේ තරු පෙළ

සඳ බැබළුවා සේ

නුඹේ ඇස් දෙක මා දෙස

පෙම්බැඳුම් සේ

හදවතින් හදවතට

පිරුණු ප්‍රේමය තිබුණු විට

නුඹ නොමැතිව මගේ ලොව

සුළු වස්තුවක් වුණු විට" 

තුර්ශ ගේ ඇස් වල කඳුලු දැන් කම්මුල් වලිනුත් පහලට බේරුනා. මන් ඌගේ පිට අත ගෑවා. උන්ගේ ආදරයට මට දැන් ඊරිසියා හිතෙනවා. ආශු ඔයා හිටියනම්.... මන් ආයේ ඉස්සරහා බැලුවම සයෝද් මන් දිහා බලන්ම හිටියා. හැබැයි හිනාවක් නම් තිබ්බේ නෑ. ඒක තෝරන්න බැරි ඉරියව්වක්. එයා ගිටාර් එක කරෙන් අයින් කරලා පඩිපෙලෙන් පහලට පැන්න පාර නැවතුනෙ කෙලින්ම මගේ ඉස්සරහ! මාව පිටිපස්සට විසික් වුනා. 

"පිස්සුද ඕයි?" මට කෑගැස්සුනා.

"පිස්සු වුනත් බ්‍රෑන්ඩ් එක සුපිරී නේ අයියේ? තණකොල ගහලවගෙන යන්නේ!" 

"හොඳටම පිස්සු!" මන් ඔලුව වනලා ක්ලබ් එකේ කොනේම කොට තාප්පේ ළඟට ගියේ මුහුද පේනවද බලන්න. මගේ කොන්ඩෙයි ශර්ට් එකයි හුළං පාරට ඇවිස්සුනා. මන් අත් දෙකෙන්ම කොන්ඩේ හදනකොට ශර්ට් එක ඉස්සිලා හතර අතේ ගියා. ආශු... ඔයා හිටියනම් කොච්චර හොඳද පන? අපි දෙන්නම එන්න හිටපු තැනට මන් අද තනියම ඇවිත්. මුහුද පේනකොට මට නේත්‍ර ව මතක් වුනා. ගෝල් ෆේස් නම් ඉහේ කෙස් ගානට ඇවිත් ඇති. ඉස්සෝ වඩේ කකා ක්‍රීම් සෝඩා බිබී අපි කොයි තරම් ඇවිද්දද ආශු? ඔයාට මතකද පෝනියෙක් පිටේ යන්න ඕනා කියලා මන් එතන අඩි හප්ප හප්ප කෑ ගැහුවම අන්තිමට බස් එකට තියන සල්ලිත් එකතු කරලා ඔයා මාව පෝනියා පිටේ වටයක් යැව්වා. ත්‍රීවීලර් එකක් අරන් ගෙදර ගිහින් මාව බස්සලා මන් සල්ලි කොහොමද ඇහුවම 'මන් බලාගන්නම්' කියලා යන්න ගියාට අද වෙනකන් දන්නේ නෑ ඔයා ඒ ගාන ගෙව්වේ කොහොමද කියලා ආශු. 

"මොකද කරන්නේ?" ආයේ ගැස්සුනා! 

"පිටිපස්සෙන් ඇවිත් කතා කරන්නේ? ඉස්සරහෙන් එනවකෝ!" මන් කිව්වේ රවාගෙන බොරු තරහක් අරන්

"සවේන් අයියේ මන් ප්‍රශ්නයක් අහන්නම්?" මගේ එහා පැත්තෙන් තාප්පෙට හේත්තු වෙලා සයෝද් අත් දෙක බැඳගත්තම් මගේ ඇස් ගියේම අර ශක්තිමත් බාහු වලට.

"මොකක්ද?" මන් ඒවා දිහා බලන්ම කිව්වත්,

"අයියේ, ඔයා හිතන්නේ මේ ලෝකෙට ඉස්සෙල්ලම එන්න ඇත්තේ බිත්තරේද එහෙම නැත්තම් කිකිලි ද?" 

"අනේ මේ විහිලු කරන්න එපා හලො මගේ මොනෝ පාරත් කෑවා!" ඇයි අප්පා! මූ සීරීයස් ඉන්න වෙලාවක් ඇත්තෙම නැද්ද මන්දා ඒත් මට හිනා යනවා.

"මනෝ ගහන්නේ අයුශ් ගැනද?" ඒකනම් ඇහුවේ සීරියස් ඒත් මන් ගොලු වුනා! 

"ඔයා හිතනවද එයා ආයේ එයි කියලා?" මගේ ඉස්සරහටම ඇවිත් මගෙයි තාප්පෙයි අතර තියන හිඩසට රිංගනකොට මගේ අඩියක් පිටිපස්සට තියැවුනා. ඒත් දැන් සයෝද් මගෙයි තාප්පෙයි මැද්දේ තාප්පෙට හේත්තු වෙලා තාමත් අත් දෙක බැඳගෙන මන් දිහා බලන් හිටියා. ආයේ මන් නිරුත්තරයි. ඒ මට දෙන්න උත්තරයක් නැති නිසාද නැත්තම් මගේ හිතට එන අමුතු විපර්‍යාසය නිසාද?

"බලනවා! එයා ආවත් එකයි නාවත් එකයි. තමුසේ මූන එල්ලන් ඉන්න එක නතර කරනවකෝ. තනියෙන් හිටියොත් මූන කජු ලෙල්ල වගේ ඕන වෙලාවක. මන් ආස නෑ එහෙම." මොනාද? එයා ආස නෑ? ඉතින් මට මොකෝ? මන් එයා ආස දේ යෑ කරන්න ඕන?

"මන් මොකටද ඔයා ආස දේ කරන්නේ?" 

"එහෙම තමයි. මන් කැමති දේ කරනවා!" එකපාරට කෙලින් වෙලා මගේ මූනට එබුනම මන් ඇගෙන්ම පහලට පාත් වුනා. ඒක එහෙම වුනේ නිකන්මයි. 

"තේරුනාද?" ඒකට නම් මගේ පපුව බිමට පැනලා වැට උඩින් පැනලා මුහුදු බත් වුනා ඒත්, 

"තේරුනා!" මොනා? මන් ඇයි ඒක කිව්වේ? ඒත් තව හිතන්න කලින් එයා යන්න ගියා. නිකන්ම එහෙම යනවද මන් අහන්නේ? පිටිපස්ස හැරිලා බැලුවේ කොහේ ගියාද කියලා. ඒත් ටිකකින් ආයේ එනවා පෙනුනා. පුදුම විසයක් නේ තියෙන්නේ දේශාන්ව පූල් එකට තල්ලු කරලා වැටෙන්න කලින් අතෙන් ඇදලා ගත්තා. 

"ශක්තිමත්, වේගවත්" මන් හිස් අවකාශයටම කියලා තනියම හිනා වෙනකොට මගේ ඉස්සරහට කොලයක් දික් වුනා.

"මේක තියාගන්න. මේ මගේ මොබයිල් නම්බර් එක. ඒක අම්මා ළඟ තියෙන්නේ. ඒත් මට ඕන වෙලාවට use කරන්න පුලුවන්. ඔයාට එකක් නෑ කියලා දන්නවා. ඒ වුනාට ඕන වුනොත් කෝල් කරලා 'මංජු' ඉන්නවද අහන්න" මන් මොකුත් කිව්වේ නෑ. මට තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා.

"තේරුනාද?" ඒ වචනේ, ග්‍රිප් එක තරම්ම සැරයි.

"හා? ඔව්, ඔව් තේරුනා!" ආයෙ සාර්ථක යටත් කරගැනිමක්

"Good boy!" එහෙම කියලා මගේ ඔලුවේ කෙස් ටික ඇවිස්සුවා.

"යන්!" මාව ආයේ අතින් අල්ලන්නේ නැතුව ශර්ට් එකේ යට කොනකින් ඇදන් ගියේ ආයේ මට රිදෙයි කියලද?

"ඉතුරු කෑම කන්න!" කෙබාබ් එකක් ප්ලේට් එක උඩ තියලා එයා චීස් බෝල් එකක් කටේ ඔබා ගත්තා.

"හෙවී ඩියුටි කිව්වේ මොනාද?" ඒකනේ මට දැන් තියන ලොකුම ප්‍රශ්නේ. ඒක විසඳගන්නකන් මට නින්ද යන්නේ නෑ. එහෙම තමයි මට ප්‍රශ්නයක් ඔලුවට ආවොත් ඒක විසඳගන්නම ඕන.

"ආ! ඒක!" කියලා කටේ තිබ්බ ටික ගිල්ලා.

"අපි repair කරනවානේ" 

"මොනා? මොනාද repair කරන්නේ?"

"ලාම්පු රෙපයාර් කරේ" එහෙම කියලා හිනා වුනා.

"මොනා? ලාම්පු?" මූට නම් අන්ධකයිප්පුද කොහෙද.

"අයියෝ I- A- N- I- Q- A!" එහම කියලා උඩ බලන් හක හක ගාන්න ගත්තා.

"තමුසෙටනම් නම් හොඳටම පිස්සු!" 

"මොට්ටස්! හරි කමක් නෑ. ඇත්තටම අපි ගෙදර workshop එකක compressors repair කරනවා. ඒවා අලි තඩී! මේන් මෙච්චර ලොකු ඒවා" සයෝද් දැන් අත් දෙක දිග ඇර ඇර උස පලල පෙන්නනවා. 

"ඉතින් ඒවා උස්ස උස්ස තැන් තැන් වලින් තිය තිය, ඕවා ගලෝගෙන, මජං නාන් තමයි ඉන්නේ මන් ඕන වෙලාවක. ඒක ගැනයි මන් කිව්වේ හෙවී ඩියුටි කියලා. නැත්තම් ඉතින් dozer, bulldozers වල තමයි. තව ඉතින් වලවල් හාර හාර වතු වල වගා කරනවා, කැඩිච්ච වාහන හදනවා, හොරෙන් බයික් පදිනවා. අපේ තාත්තා කැමති නෑ නේ මට නිකන්ම CEO post එක දෙන්න. අපේ companies හැම එකේම labour ජොබ් එක කරලා තියෙන්න ඕන කියලා එයා කියන්නේ. මන් තේ හිටන් හදලා වැඩ කරන අංකල් ලට, අයියලට දෙන්න ඕනා. අපේ තාත්තා හරි නීති කාරයා අනේ. නිකන් ගිහින් කේක් ගෙඩිය වගේ පුටු උඩ තියන්න එයා කැමති නෑලු. එතකොට කිසිම දේක අගයක් නෑලු." ඒ ලොකුවට කතාවක් කරාමයි. එතකොට මේ මිනිහා මේ ලස්සනට හැඩට ඉන්නේ ජිම් ගිහින් නෙමෙයි. මේවා කරලා තමයි. දැන් නේ තේරුනේ. මූ මාලිගාවකට ඉපදුන කම්කරුවෙක් නේ! 

"තවුසේ යන්නේ කොහොමද අයියේ?" අතේ තියන ඔරලෝසුවෙන් වෙලාව බලලා සයෝද් ඇහුවේ කට්ටිය ඔක්කොම එකා, එකා කපල් එකට ටටා බායි කියලා සතුටින් විසිර යනකොට.

"පික් මී එකක් දාගන්න ඕන දේශාන්ට කියලා" මන් පුටුවෙන් නැගිට්ටේ දේශාන් කොහෙද බලන්න.

"මන් තමුසෙව ඩ්‍රොප් කරන්නද?" සයෝද්ට ලයිසන් තියනවා වගේ කතාව.

"ඔයාට ලයිසන් තියනවද?" 

"අහ් නෑ නෑ. Driver ඉන්නවා පහල" ආහ්, ඒක මිසක් ඒත්,

"නෑ නෑ කරදර වෙන්න එපා මට යන්න පුලුවන්" අද හම්බෙච්ච මනුස්සයෙක්ට කියලා ගෙදරට බස්සවගන්න එක එච්චර හරි නෑ වගේ. ඒත් සයෝද් නැගිටලා වටෙන් ඇවිත් මගේ ඉස්සරහා හිටගෙන ආයේ මගේ මූනට නැවුනම මගේ අත් දෙක පිටිපස්සෙන් මේසෙට තියැවිලා පිටිපස්සට නිකන්ම බර වුනා.

"මන් කැමති දේ කරන්න කැමති වුනා නේද?" මූ නිසා මට හදවතක් බද්ද කරගන්න වෙනවා කොයි වෙලේ හරි.

"රෑට තනියම පාරේ යන්න තවුසේ ලස්සන වැඩී!" මොනාද?

"අහ්?" 

"ඊළඟ දවසේ මුහුද ළඟට ආවොත් ශර්ට් එක යට කරන් එන්න!" 

"අහ්?" 

"අහ් අහ් අහ් කියන්නේ අන්තිමට යමතේ කුදසායි කියන්නද?" 

"අහ්?" මට ආයේ කියවුනා.

"‍යමතේ කුදසායි!!!!" ඒ කිව්ව මෙලෝ දෙයක් මට තේරුනේ නෑ හැබැයි මගේ කොන්ද රිදෙනවා නැවිලා ඉඳලා. 

"යන්!" මාව ආයේ ශර්ට් එකේ කොනෙන් අල්ලලා අරන් ගිහින් තානය අයියායි තුර්ශයි ළඟ නැවතුනා.

"ලොකූ අපි යනවා. මේ සවේන් අයියව මන් බස්සන්නම්! තානය බොසා තැන්කූ එහෙනම්. අපි කැපුනා!" සයෝද් තානය අයියට ෆිස්ට් බම්ප් එකක් දුන්න.

"Thanks සයෝද් මල්ලි හරියට මහන්සි උනා!" තානය අයියා කිවාම තුර්ශ හිනා වෙලා,

"අහ් හරී මංජු. සවේන් එහෙනම් බයවෙන්න දෙයක් නෑ. මංජු ඉන්නවනේ පලයං. හෙට හම්බෙමු!" 

"හරි බන්. තාන්‍ය අයියේ thanks මට invite කරාන මන් ගොඩක් enjoy කරා!"

"It was my pleasure මල්ලි! ඔයා තුර්ශගේ හොඳම යාලුවා වෙලා මන් හිතන්නේ. ඔයා ගැනමයි කියවන්නේ! සතුටින් ඉන්න ඕනා.!" තානය අයියාගේ රූපෙ තරම්ම, වචනත් ලස්සනයි. 

තුර්ශටයි තානය අයියටයි ටටා බායි කියලා මන් සයෝද් පිටිපස්සේ ගියා. එයා සුදු පාට Prado එකක පිටිපස්සේ දොර ඇරලා මට නගින්න කිව්වම මාත් ඉතින් නැගලා අයිනට ගිහිං වාඩි වුනා. ඉස්සරහා සීට් එකේ මැදි වයසේ මනුස්සයෙක් පිටිපස්ස බලලා මාත් එක්ක හිනා වුනා. 

"අංකල් මේ අයියව බස්සගෙන යමු මහරගමින්. අයියේ ඔයා අන්න අර මැප් එකේ ඔයාගේ ලොකේශන් එක දාන්න." කිව්වම මන් ඉස්සිලා ඉස්සරහට වෙලා screen එකේ ලොකේශන් එක තෝරනකොට ඉන ළඟින් දැනුන ස්පරශට මන් ගැස්සුනා. මන් පිටිපස්ස බැලුවම සයෝද් මගේ ශර්ට් එක පහලට අදිනවා. මන් හිනා වෙලා ආයෙ ඉඳගත්තා.

"ආයේ මේ ශර්ට් එක අඳින්න එපා. ඒක කොට වැඩීයි!" නැවතත් විධානයක්

"ආයෙ අඳින්නේ නෑ!" මන් ඒ වචන වලට යටත් වෙන විදිහ ගැන මටම පුදුමයි.

"අයියේ නැගිටින්න" 

"අහ්?" මන් හිටියේ සයෝද් ගේ උරහිස උඩ ඔලුව තියාගෙන. වස ලැජ්ජාවයි කටෙන් කෙලත් ඇවිත්! හයියෝ!!!! 

"අපි ඔයාගේ ගෙදරට ආවා!" එහෙම කිව්වම මන් වටපිට බලලා 

"හා හරි!" කියලා බහින්න ලෑස්ති වුනා. 

"ඔහොම ටිකක් ඉන්න!" කියලා ආයේ මගේ ශර්ට් වාටියෙන් අල්ලගත්‍තා.

"අංකල් පොඩ්ඩක් එලියෙන් ඉන්නවද?" එහෙම කිව්වම අර මනුස්සය "හරි මංජු බේබි" කියලා බැහැලා දොරත් වහලා යන්න ගියා. 

සයෝද් මන් දිහා බැලුවේ, තුර්ශ මහ ධාර්ශණික ටෝක් දෙන්න යනකොට බලන විදිහටමයි. 

"අයියේ, අයුශ් අයියාව අමතක කරන්න අමාරුයි කියලා දන්නවා. ඔයා එයා එනකන් බලන් ඉන්න එකත් හරි. ඒත් ඒ බලන් ඉන්න කාලෙදි ඔයාව අමතක කරන්න එපා. ඔයා ගැන හිතන්න. සතුටින් ඉන්න පුලුවන් දේවල් කරන්න. නටන එකම විතරක් නෙමෙයි, පාඩම් කරන එක විතරක්මත් නෙමෙයි, වෙන දෙයක්. එහෙම දෙයක් ගැන හිතලා මට කෝල් එකක් දීලා කියන්න. තේරුනාද?"

"තේරුනා!" 

"Good boy!"

විභාගේ හොයා ගත්ත එකාගේ අම්මට නම් කැස්සක්වත් හැදෙන්න හොඳ නෑ මන් නම් කියන්නේ. ඒත් මේ සැරේ මන් එලටම විභාගේ ලියනවා. කරුමක්කාර පැය තුනක් ඉවර කරනකොට බඩේ පණුවෝ වලවල් හාරනවා. 

"සවේන් එන්න කන්න!" මෙතුල බත් එකත් දිග ඇරලා ඉවරයි. ඒත් මන් දැන් යන්න ඕනා තුර්ශ ළඟට. 

"අනේ මචං මන් කැන්ටිමට යන්න ඕනා. උඹ කාපන්" කියලා උත්තරයක් හම්බෙන්න කලින්ම පන්තියෙන් එලියට පැන්නා. දැන් පන්තියේ එවුන් ලොකූවට වචන දාන්න එන්නේ නෑ ඒත් හොරෙන් කුටු කුටුව තාම යනවා. 

11-E එකට ඔලුව දාලා පිටිපස්සෙන් ගිහින් තුර්ශයගේ කරේ එල්ලුනා.

"හුක්! ආ! තෝද? මන් බැලුවා මොන මල යස්සයෙක්ද මගේ බොටුව කඩන්න යන්නේ කියලා"

"යන්කෝ බන්" මන් නහයෙන් ඇඬුවා

"හරි හරි යන්. දේශානයා, සඳරුවා ඔය විහඟයවත් අරන් වරෙන් යන්න"

කැන්ටිමට යන ගමන් තුර්ශයි, දේශානුයි උන්ගේ දිලිසෙන බැජ් පොඩි එවුන්ට පෙන්න පෙන්න මූනවල් වලින් පොඩි එවුන්ට පුම්බගෙන බය කරන් යනවා. මුන්ට නම් පිස්සු!

"අඩෝ තාන්‍ය අයියගේ සින්දුව හෝ ගාලා වයිරල් වෙනවා බන්. ටික්ටොක් එකේ කෙල්ලෝ මැරෙන්න හදනවා" මන් ඌට ඇහැක් ගැහුවා. හිරු ටීවී එකේ අර යන්නේ මොකක්ද මන්දා ටික්ටොක් පෙන්නන ලබ්බක්. ආන්න ඒකේ තමයි මාත් ඕක දැක්කේ. 

"අනේ cudu nona ලා හිතන් ඇති උන්ට කිව්වා කියලා ඒ සින්දුව. පෞ නේද බන්?" දේශාන් එහෙම කියලා තුර්ශගේ පිටට ගැහුවා.

"අස්සයෙක් ගිය උඩ බලපංකෝ. නැද්ද බන් දේශානයා" සඳරු තුර්ශට කට ඇද කරාම තුර්ශගේ මූන බලන්න වටිනවා!

මතු සම්බන්ධයි....

More Chapters