LightReader

Chapter 6 - මට ඉන්නේ තුර්ශ විතරක්ම නෙමෙයි

"තුර්ශ මට දෙයක් කියපන්" කැන්ටිමෙන් මාලු පාන් එකක් අරන් එකක් තුර්ශගේ කටේ ගැහුවා.

"මොබබ්බ?" මාලු පාන් එක අතින් අල්ලන්නෙවත් නැතුව හක්කේ තියන හපනවා මූ. මල්ලි වගේම නැතෑ.

"සයෝද්, ඌ මොන වගේ එකෙක්ද?" මට පුදුම කුතුහලයක් මේ අඩි හයට වඩා උස උසට ගැලපෙනම හැඩි දැඩි දේහයක් තියන මටත් වඩා අවුරුද්දක් බාල පොඩි එකා ගැන තියෙන්නේ.

"ආ... මංජු, ඇයි ඌ උඹට ඕනනැති විහිලුවක් කාරද? ඌ එහෙම තමයි ගණන් ගන්න එපා උඹ!" තව මාලු පාන් කෑල්ලක් කඩා ගෙන හපනවා ඌ.

"විහිලුනම් කරා තමයි. ඌ ඇයි අපිට වඩා ලොකු?"

"ඌගේ තාත්තා මහතයි බන්. අපේ මාමලා උසයි. ඌට ජාන දෙක කලවං වෙලා ඇවිත් තියෙන්නේ. ඌ දවසම කරන්නේ වර්ක්ශොප් එකේ බර අදින එක. හරකා වගේ. අවුරුදු 10 වෙනකොට ඌට අපේ වජිර බාප්පගේ සියලු හෙවී ඩියුටි විහිකල්ස් drive කරන්න පුලුවන්. බාප්පට තියනවා බන් ගල් වලක්. ඕක හෙන පදාසයක් බන්. ඌ මාව ඩෝසරේ තියන් ඕකේ කොනටම යනවා. ගිහින් ගල් කොරේ උඩටම නැගලා සරුංගල් අරිනවා. අපි තාමත් අගෝස්තු නිවාඩුවට සරුංගල් අරිනවා. ඌට පුදුම සරුංගල් පිස්සුවක් තියෙන්නේ. ඔය ගල්වලේ තියනවා ඌම කපපු පොන්ඩ් එකක්. ඒකේ ගුරාමී දාලා ඉන්නේ. ඌ උන්ව විදුලි වේගෙන් අතින් අල්ලගන්නවා බන් මට නම් හිතන්නවත් බෑ. තුර්ශ සයෝද් ගැන කියන්න කියන්න මට මතක් වෙන්නේ ට්වයිලයිට් එකේ ජේකබ්ව. 

"ඉතිං ඉතිං?" මට තව අහගන්න ඕනා. ඇයි කියලා දන්නේ නෑ. මූ හරි interesting චරිතයක් නේ.

"ඌගේ ඔය උස මහත, සුද නිසාම ඊළඟ රාජකීයේ බෑන්ඩ් ලීඩර් තමයි. දැනට ඩ්‍රම්ස් වල ඉන්නේ. තව බාස්කට් බෝල් ටීම් එකේ වයිස් කැප්ටන්. කාරාතේ බ්ලැක් බෙල්ට් එකක් තියනවා. ඌට ඉන්නවා මල්ලි කෙනෙක්. ඌ තුන වසරේ. ඌව අල්ලන් ඌ රෙස්ලිං කරනවා. ඒ කොල්ලාගේ වැඩේ අඬන එක. ඒ වුනාට ඌත් ආයේ ඒවටම යනවා. උන් දෙන්නටම පිස්සු. හොරෙන් බයික් අරන් පාරේ ගිහින් නිමල් බාප්පා ඌව ඉහේ කෙස් ගානට පොලිස්සියෙන් බේරං ඇති. චූටි මාමගේ බයික් එක ඕන වෙලාවක ඌ ළඟ. වාහනයක් කැඩෙනකන් බලං ඉන්නේ ඒක කෝටු මස් කරන් මුල ඉඳන් අටවන්න. හවස් වෙනකොට ඌව පැය 6ක් surfexel එකක දාලා පොඟන්න තියලා තමයි හෝදන්න ඕනා. තව ඉතින් වීඩියෝ ගේම්ස් පිස්සෙක්. ගණන් වලට තමයි දක්ශ ඒ වුනාට ඌට කොමර්ස් කරන්නලූ ඕනා."

යකෝ මූ මාර යකෙක්නේ. නෑ යකෙක් කියන්නේ ඉතින් යකෙක් තමයි. දාඩියයි වගේ. යෞවනයේ පොපියන පානය තමයි මේ වෙලාවට හොඳ.

"ඇන්ටි මට ක්‍රීම් සෝඩා එකක් දෙන්න!" 

"මොනාද බන් කල්පනා කරන්නේ?" මෙතුල ඉංග්‍රීසි පීරියඩ් එකේ මැඩම් නැති නිසා මන් මනෝ ගහන් ඉන්නවා දැකලා ඇහුවම

"මුකුත් නෑ බන්!" 

"අද මාත් එක්ක කනවා නේ?" 

"බලමු"

"උඹට මොකද ඔච්චර තුර්ශත් එක්ක තියන ෆිට් එක? කලින් උඹ එක්ක වචන දෙකකට වඩා කතා කරලා නෑ නේ!" මෙතුලගේ ඇස් දෙකේ තිබ්බේ ඉරිසියාව. ඒක හොඳටම පේනවා.

"ඔව් ඒත් දැන් එහෙම නෑ." මන් ඕනෑවට එපාවට කියලා පෙල පොත පෙරල ගත්තා.

"උඹලා දෙන්නා යාලුද?" ඒකටනම් මට මල පැන්නා.

"මෙතුල තමුසේ හිතුවද මන් ළඟින් ආශ්‍රය කරන කරන හැම කොල්ලා එක්කම හැ$නෙන්න යනවා කියලා?" මගේ කණ් දෙකෙන් දුන් දානවා දැන්

"හරි හරි මන් නිකමට ඇහුවේ. තරහා ගන්න එපා!" මෙතුල මගේ අතින් අල්ලගත්තා. 

"ඕන නැති විහිලු කරන්ම එන්න එපා මෙතුල! තුර්ශ කියන්නේ මගේ හොඳම යාලුවා!"

"එතකොට අයුශ්? මම?" මෙතුලගේ අත මගේ අත උඩ තද වෙනවා. ඒත් මට ඒක එච්චර ගානක් වුනේ නෑ. මොකද අපි කොහොමත් අර සිද්දියට කලින් ළඟින්ම හිටියා.

"අයුශ් මන් ආදරය කරන කෙනා. මගේ හොඳම යාලුවා තමයි. ඒත් මේ වෙලාවේ එයා මගේ ළඟ නෑ. ඒ නිසා මට හොඳම යාලුවෙක් ඕනා. ඒ තුර්ශ!" 

"එතකොට මන්?" මෙතුල මන් දිහා බලන් හිටියේ අයුශ් එක්ක මන් යාලුයි කියලා දැනගත්තු දවසේ වගේමයි. 

"ඔයා... ඔයා යාලුවෙක්" මන් එහෙම කියලා අත ගන්න හදද්දි මෙතුල මගේ අත තව තද කරා.

"මට රිදෙනවා! අත අරින්න!" මන් අත ඇඹරුවා

"සවී... අයුශ් ගේ තැන මට දෙන්න. මන් අයුශ්ට කලින්ම ඔයාට ආදරේ කරා. මන් කියන්න පරක්කු වුනා. ඒකයි මගෙන් වුන වැරැද්ද. දැන් අයුශ් නෑ. ඌ ආයේ එන්නේ නෑ සවී. ඔයා ඒක දන්නවා. ඔයා පිලිගන්න කැමති නෑ!"

"පිස්සුද උඹට? අත අරිනවා!" මන් සියලු විරිය දාලා අත ඇදලා ගත්තා.

"සවී, තුර්ශට බෑ ඔයාට තේරුම් ගන්න. මට පුලුවන්. ඌ ළඟට යන්න එපා. මන් ළඟට එන්න." මට නම් දැන් මූගේ කන් අඩිය රත් කරන්න හිතිලා තියෙන්නේ. ඒත් මන් ජීවිතේට මනුස්සයෙක්ට අත උස්සලා නෑ. අනික මෙතුල මට වඩා ලොකුයි. ඇත්තම මන් පන්තියේ ඉන්න පොඩිම එකා. මට මූට ගහන්නත් බෑ. මොන මගුලකට හරි මගේ ඔලුවට ආවේ සයෝද්ව! එයා හිටියනම් මූව අර ෆෑන් එකේ එල්ලලා ස්විච් එකත් ඔන් කරනවා. ඔක්කොටම වඩා මට මල පනින්නේ මූ මට 'සවී' කියනකොට!

"ඉස්සෙල්ලාම මට සවී, සවී කියන එක නතර කරනවා! අනික මගේ හිතේ අයුශ් ඇර වෙන කාටවත් ඉඩක් නෑ! අයුශ් එනකන් මන් එයාට පොරොන්දු උන විදිහට ඉන්නවා මෙතුල! එයා ආයේ එනවා. අනික උඹත් අනෙක් එවුන්ට එකතු වෙලා මගේ ජීවිතේ අපායක් කරනකොට, මාව අන්ත අගාදයට තල්ලු කරනකොට, මාව බලෙන්ම ඒ අගාදෙන් ගොඩ ගත්තේ තුර්ශ. ඌ උඹලා එකෙක් වගේවත් නෙමෙයි. උඹව තුර්ශගේ ළඟින්වත් තියන්න බෑ! තුර්ශ කියන්නේ කාටත් ලැබෙන්න ඕන හැබැයි ලබා ගන්න තරම් හැමෝම පින් කරලා නැති යාලුවෙක්. මන් පින් කරලා තියනවා. ඒ නිසා මන් ඌව අත අරින්නේ නෑ. උඹ තනියම කාපන්. මන් යනවා! අනික තමයි උඹ ආයේ මට මේවගේ අනවශය යෝජනා ගෙනාවොත් උඹට වෙන්නේ කොහෙ හරී කාණුවක වැටිලා ඉන්න. මොකද මට ඉන්නේ තුර්ශ විතරක්ම නෙමෙයි!" මන් කෑම එකත් අරන් 11 E එකට ගියා.

"මොකෝ උඹගේ මූන?" සඳරුවා මගේ කරකට අතක් දාගත්තා. මන් හිතලම හිනා වුනේ මුන්ට ඕවා කිව්වොත් මුන් ගිහින් ගේම අදිනවා කියලා ඉන්තේරුවෙන්ම දන්න නිසා.

"අද කූණිස්සෝ ගෙනාවා. උඹ ආසයිනේ?" තුර්ශ බත් එක දිග ඇරියා. මිහිරි ආන්ටිගේ බත් තමයි බත්! 

"සිරාවට?"

"නෑ ධමනියට!" තුර්ශගේ කට නම්....

"අපේ සයෝද් කූණි කන්න පුදුම පෙරේතයිනේ. අද උදේම සුදු චම්මා හදලා එවලා තිබ්බා!" 

"සයෝද් කූණිස්සෝ කන්න ආසද?" මට නිකන් අමුතු පොපියන ෆීලිං එකක් එන්නේ ඇයි?

"අහ් ඔව්! තව ඉතින් උඹට වගේම ඌටත් යෞවනයේ පොපියන චමත්කාරය තමයි ඕනා" තුර්ශ කූණිස්සෝ සම්බෝලේ කරපිංචා අයින් කරලා බත් ටික අනලා මට කවනකොටත් මට හිනා යන හේතුව හොයා ගන්න බැරුව දේශාන් මගේ දිහා බලන් හිටියා. 

"හු$තෝ next period is සිංහල!" ක්‍රිස්ට් කෑ ගහන් තුර්ශ ළඟට පොතකුයි පැනකුයි අරන් ආවා.

"තෝ කවිය ලිව්වේ නෑ?" තුර්ශ බත් කටක් ඌගේ කටෙත් එබුවා

"අනේ be a good පකා and මට කවියක් ලියලා දියන්කෝ!"

"Good samaritan දැන් update වෙලාද? හරි උඹ මට මොනාද දෙන්නේ ඕක ලියලා දුන්නොත්?" තුර්ශ දේශාන් ගේ රොටී කෑල්ලක් කඩන් කෑවා.

"මන් උඹට යෝ වදතං එකට ජේසු ගෑවුනේ කොහොමද කියලා කියලා දෙන්නම්!" 

"ආහ් good deal Krist! එහෙනම් ලියා ගනිං" තුර්ශ උගුර පෑදුවා

"මහඹබු නිදැල්ලේ

ගසමින් සිටියේ අල්ලේ

වැදී සුළැඟිල්ලේ වැටුනා 

ගලක් පල්ලේ..." මට බත් ඇටයන් නහයේ ගියා. සඳරු විහඟව කටේ තිබ්බ වතුරෙන් නාවලා. ඌ "හෑයියා!" ගාගෙන අත් දෙක ගසනවා. 

"මොනාද හු$තෝ!!!!" ක්‍රිස්ට් කෑ ගැහුවා.

"මොනාද තුර්ශ! යාලුවෙක් උදව්වක් ඉල්ලුවම ඔහොම විහිලුවට ගන්නවද? මෙහෙ වරෙං ක්‍රිස්ට් මන් උඹට කියන්න කවිය. ලියා ගනිං" දේශාන් ක්‍රිස්ට් ගේ කර වටේ අත දාලා ළඟට ඇදලා ගත්තා. ක්‍රිස්ට් ආයේ පෑන අරන් ලියා ගන්න ලෑස්තිය.

"ඒ ගල දෙබෑවිය

මැදින් සිදුරක් ඇති විය

වටේටම කලු විය

අහෝ ලෝකෙට

හු$ත බිහිවිය!" ක්‍රිස්ට් පොත දේශාන් ගේ ඔලුවේ ගැහුවා. මන් නම් බඩ අල්ලන් යන්තන් පුටුවකට බර වුනා. විහඟ තාම සර්වියට් එක අරන් ඇඟ පිහිදනවා. 

"උඹ මගේකා!" තුර්ශ දේශාන් ට හයිෆයිව් එකක් දුන්නා. 

"අඩෝ එදා අපේ ගෙදර පිරිත දවසේ ඕක හැදුවේ අපි දෙන්නා! උඹට තාම මතකද?" දේශාන් ඇහුවම

"ඒවා අමතක වෙන්න මැරිලා ඉපදෙන්න වෙයි මගේ සක්කිලියෝ!" 

මතු සම්බන්ධයි....

More Chapters