LightReader

Chapter 17 - දෙවියන්ගේ භාරේ

උදේ පාන්දර කිරිබත් හදලා, රුවන් වැලි සෑය ළඟ ඒවා දවල් 12 වෙනකන් බෙදුවා. අන්තිමට පාන් කියාගන්න බෑ. ආයේ සයෝද්ලගේ අනුරාධපුරේ ගෙදරට ගියා. 

රෑ පාටි එකක්. ඒක නම් මරුවට තිබ්බා. තුර්ශ හෙන ලස්සනට පරන හින්දි සින්දුවක් කිව්වා. ඒක නම් මරු. 

"සවේන් අයියේ මෙහෙ එනවකෝ!" සයෝද් මට කුස්සියේ පැත්තට කතා කරා.

"ඇයි?"

"උඹ අර පූසට ඩබ් කරපන්. අපි ලොකූට ආතල් එකක් දෙමු" කියලා විස්තරේ හරියට පැහැදිලි කරාම මන් ගිහින් ගහක් අස්සේ හැංගිලා,

"කෑවද බන්?" කියලා ඇහුවම

"මං කෑවා බං. උඹ කෑවද?" සයෝද් හයියෙන් කිව්වම, මාලුවා ඇම ගිල්ලා

"කාත් එක්කද බන් උඹ ඔය කතා කරන්නේ?" තුර්ශ සයෝද් ළඟට ආවා.

"මොකද බං පූසා දිහා බලං බය වෙලා වගේ බලං ඉන්නේ?"

"මේ චන්ද්‍රා නැන්දගේ පූසා කතා කරනවා බං!" සයෝද් කියද්දි මට නම් හිනාව තද කරන් සූ බරකුත් සෙට් වුනා

"උඹට අමු කැවිලද බං? සත්තු කතා කරනවද? මෝඩ යකෙක් මූ!" තුර්ශ සයෝද් ගේ ඔලුවට ගැහුවෝ

"පූසෝ කතා කරනවද බූරුවෝ?" කියලා අයේ තුර්ශ කිව්වම මන්,

"ආ පැටියෝ කොහොමද?" කියලා ඇහුවා විතරයි තුර්ශ,

"දුවපන්!" කියාගෙන් මංජුවත් ඇදන් දුවද්දි මන් බඩ අල්ලන් ගහෙන් මෙහාට ඇවිත් හිනා වුනා.

"වරෙන් නිදාගන්න!" තුර්ශ A/C එකත් on කරලා ඇඳට පැන්නා.

කාමරේ ඩබල් ඇඳවල් දෙකක් එකට ලං කරලා තියෙන්නේ. කොට්ට තුනයි තිබ්බේ. තුර්ශ මට උගේ කොට්ටෙම බාගයක් දුන්නම මන් ඒක උඩ ඔලුව තියාගත්තම තුර්ශ මගේ ඇඟ උඩට කකුලක් දාගත්තා. සයෝද් බාතෲම් එකේ ඉඳන් ඇවිත් ටවල් එකත් පුටුවක් උඩට දාලා මන් දිහා කන්න වගේ බලන් ඉඳලා,

"ලොකු අයියේ! මට ඊරිසයයි හොඳේ! මනරු සහෝ එහාට පලයං! ලොකූ අයියා ඔහොම කකුල දාගන්නේ මට!" මට හිනා යනවා. ඒක නිසාම වෙන්න ඇති. මේ ලොකු අයියා මන් ගත්ත නිසා ඉරිසියාවෙම වෙන්න ඇති. මන් ඉතින් නැගිටින්න හදද්දි තුර්ශ මගේ වටේ තව අතකුත් දාගත්තා. 

"අනේ පකෝ නිදාගනින් වද දෙන්නේ නැතුව!" තුර්ශ එහෙම කියලා හරිබරි ගැහිලා ඇස් පියා ගත්තා. සයුල් මල්ලිත් නිදි.

"අපේ ලොකූගේ පස්සේ ආපු අඟ මනරු සහෝගේ පුකේම ඇනියන්!" 

එහෙම කියලා සයෝද් මගේ එහා පැත්තෙන් අනික් පැත්ත හැරිලා නිදාගත්තා. මන් කල්පනා කරේ මන් ගෙදර හිටියනම් අදත් මහ මුස්පේන්තු දවසක් වෙන්න තිබ්බා නේද කියලා. මේ දවස් දෙකට කොයි තරම් සතුටු වුනාද?

"මොනාද කල්පනා කරන්නේ බන්?" තුර්ශ එකපාරට ඇහුවම මන් ඌට හිතේ තියන දේම කිව්වා,

"උඹට පිං බන්! උඹ නැත්තම් මන් මැරිලා!" 

"පකක් කියවන්න එපා බන්!" තුර්ශ මගේ බෙල්ල අස්සේ ඌගේ මූන ගහගත්තාම මන් තුර්ශව බදාගත්තා. මගේ පන නේ ඉතින්! ඒ ටිකට තුර්ශට නින්ද ගිහින්. සයෝද් ආයේ අනික් පැත්ත හැරිලා මගේ පිටිපස්සෙන් මන් දිහා බලං ඉන්නවා මට දැනෙනවා. ටිකකින් මගේ ශර්ට් එකේ යට වාටියෙන් ඇදෙනවා තේරුනා. මන් තුර්ශව හෙමින් එහාට කරලා අනික් පැත්තට හැරුනාම එයාගෙයි මගෙයි ඇස් එකම මට්ටමේ. කවදාවත් දැනිච්ච නැති අමුතුම විදිහට මගේ බඩේ යම්කිසි දෙයක් පොපියනවා මට තේරෙනවා. 

මන් එයාට තව ටිකක් ලං වෙලා කොට්ටෙකුත් නැති නිසා මගේ දකුණු අත නවලා ඒක උඩින් ඔලුව තියා ගත්තා. දැන් අපි දෙන්නගේ මූනු තවත් ළඟයි. සයෝද් එයාගේ කොට්ටෙන් එහාට වෙලා ඉතුරු වුන කොට්ට බාගෙ උඩට තට්ටු කරාම මන් ඒ කොට්ටෙන් ඔලුව තියා ගත්තම එයාට ලොකු හිනාවක් ගියා. 

"ලයිට්ස් ඕෆ් කරන්නේ නැද්ද?" මන් ඇහුවම

"ලයිට්ස් ඕෆ් කරාම මන් ඔයාව බලන්නේ කොහොමද අය්යේ?" 

මූ 'ඔයා' කිව්වා නේද මට හිනාවක් ගියේ නොදැනිමයි. සයෝද් තව ටිකක් මට ලං වෙනකොට මට එහාට යන්න හිතුනෙත් නෑ. එයා එයාගේ නහය ගෙනත් මගේ නහයේ වදිනකන්ම ලඟට ආවත් මන් හෙල්ලුනේවත් නෑ. එයා තාමත් මගේ ශර්ට් වාටියෙන් අල්ලන් ඇස් දෙක පියා ගත්තාම මමත් ඇස් පියාගත්තා. නොදැනිම නින්ද ගියා. ඒත් එකපාරටම මට වෙනසක් තේරිලා ඇහැරුනාම සයෝද් ඇඳ උඩ ඉඳගෙන ඉන්නවා

"සයෝද්!" මන් කතා කරත් බැලුවේ නෑ

"මල්ලී ඕයි!" මන් ආයේ තට්ටුකරා. ඒ ගමන මූ ඔලුව වටේට කරකවනවා! ආවේස වෙලා වගේ. යකෝ බය හිතෙනවනේ!!

"තුර්ශ නැගිටපන්! මංජු!!! මන් තුර්ශට තඩි බානකොට සයෝද්,

"දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා

මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා

ඔබේ මිනි නිල් දෑස වසා

මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා"

මූ විහිලු කරනවද මහ පාන්දර? අත් දෙකත් උඩට කරන් මොකක්දෝ අදිනවා. බය හිතෙනවානේ අප්පා. මූට හොල්මනක් වැහිලද? මන් හිමින් සැරේ මංජුගේ උරිස්සට තට්ටුවක් දාලා "සයෝද්! සයෝද්!" ගෑවම සයෝද් ඇස් පියන්ම මගේ පැත්තට හැරුන පාර මාව උඩ විසික් වෙලා තුර්ශගේ කකුල් දෙක උඩ ඉන්දැවුනා. 

ඒ පාර සයෝද් එක අතක් කරකවලා මට විතර්ක මුද්‍රාව පෙන්නුවම මගේ ඇස් දෙක දොට්ට පැන්නා. හත්තුකේ!!! හොල්මනක් කිව්වට මූට ඉන්තේරුටම දෙයියෙක් ආවේස වෙලා නේද? ඒක ඊට වඩා භයානකයි! අමතක වෙච්ච භාරයක්වත් තියනවද දන්නේ නෑ මෙහේ ඔප්පු කරන්න. ඒත් මන් නෙමේනේ භාර වුනේ. තුර්ශයි සයෝද් නේ ඝණ දෙවියන්ට! අනේ දෙයියයනේ!!! ගැත්තාට කමා කල මැනවි. හෙටම භාරේ ඔප්පු කරවනවා!

ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය

කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව!

"තුර්ශ මොක-මොකක්ද උඹේ මල්ලිට වෙලා තියෙන්නේ?" ඒත් මට අහලා කට ගන්න හම්බුනේ නෑ! සයෝද් ආයේ අත් දෙක උස්සන් එක අතක් උඩින්ම තියන් අනෙක් අතෙන් මොකක්දෝ අදිනවා ඇස් දෙකත් වහන් උඩ බලාගෙන. දැන් නම් දාඩියයි! සූ බරයි!

"අඩෝ! මට බයයි!" මන් කෑ ගැහුවා! 

"බය වෙන්න එපා බන්!" තුර්ශ මගේ පිටට තට්ටුවක් දැම්මා. 

"ඌ ඔය වජිර බාප්පගේ ගල් වලේ සරුංගල් අරිනවා" මොනා? ගල්වලේ සරුංගල් අරිනවා? කාත් එක්කද? මොනාද අදින්නේ? සරුංගල්? මහ රෑ? මගේ නහයට නහය තියන් ශර්ට් කොනෙන් අල්ලන් ඉඳලා? 

යම්කිසි වැරැද්දක් සිදු වෙලා තියනවා!

වැව අයිනට වෙලා තුර්ශයි, සයෝදුයි, විනුකයි, ලිනුකයි, තුර්ශයා, සෙනූ, නුවී, එක්ක ඉඳගෙන හකුරු කෑල්ලක් එක්ක වෙනිවැල් ගැට එකක් බිබී ඉද්දි සයුල් ඇවිත් සයෝද් ගේ කරට පැන්න පාර සයෝද් ඌව අනික් පැත්තට අරන් පොලේ ගහලා,

"ඉඳිබුවා" කියලා කෑ ගැහුවම සයුල් "උඹ පුක බරියා!" කියලා කෑගහගෙන අම්මට කේලම කියන්න දිව්වා.

මේ පවුලනම් මාර අසාමාන්‍ය පවුලක්!

"අයියගේ ඇස් දෙක නිකන් එමරල්ඩ්ස් වගේ!" මිනුකි කිව්වම මන් ඒ සූටි කෙල්ලව ලඟින් වාඩි කරගත්තා. සයෝද් හිනා වෙන්නේ ඇයි දැන්? 

"ඇත්තද? තැන්ක්‍යූ! හැබැයි ඒවා එමරල්ඩ්ස් තරම් වටින්නේ නම් නැතුව ඇති!" මන් එහෙම කියලා පොඩි කෙල්ලගේ පෝනී ටේල්ස් දෙක උඩට කරලා ගැසුවා.

"මේ තුර්ශයා, මොකක්ද බන් අර සිතුල් පව්වේ කන්ද පාමුල තියන බිත්තරේ?" එහෙම කිව්වම සේරමල්ලා හිනා වෙන්න ගත්තා

"ඒක අයියේ අපි කවුරුත් ඉපදෙන්නත් කලින් වෙච්චි සිද්දියක්ලු" නුවී නංගි කිව්වම,

"ඔව් ඔව්! එතකොට අපේ අම්මයි තාත්තයි කසාද බැඳලත් නෑලු" තුර්ශයා කිව්වා

"මෙයාලා ඔක්කොමල්ලා සිතුල් පව්වේ යන්න ලෑස්ති වෙලා අපේ තාත්තා ඒ කාලේ අම්මව බඳින්න ලෑස්ති කරන් හිටපු කාලේලු. ඉතින් තාත්තත් ගිහින් ඒ ට්‍රිප් එක. යන්න කලින් හැමෝටම බත් ඔතන කොට සුදු මාමා ළඟ තිබ්බලු සුදු පාට ප්ලාස්ටික් බෝලයක් බැලූ බැල්මට බිත්තරයක්මලු. ඕක ඇල්ලුවට ඇල්ලෙන්නේම නෑලු ලිස්සනවලු. ඕක අපේ චූටි චම්මා අපේ තාත්තගේ බත් එකට තියලා බැඳලා පත්‍තර කොලෙත් ලකුණක් දාලා"

"ඔව් ඔව්!" ඒ ගමන විස්තරේ කියන්නේ විනුක.

"අපේ අම්මා ඒ කලේ හරි ඇට්ටරී ලූ. ඒගොල්ලොනම් එතකොට බැඳලා. අපේ අම්මයි තාත්තයි" අහ් ඒ කියන්නේ නිමල් අංකලුයි චූටි චම්මයි.

"ඉතින් අම්මා සිතුල් පව්වේ කන්ද උඩට ගිහින් බත් එක රිවිර බාප්පට දීලා. රුවිර බාප්පා බත් එක ඇරලා බිත්තරේ කඩන්න හදනවා හදනවාලු ඒක ලිස්සනවලු! අන්තිමට මල පැනලා බිත්තරේ විසික් කරලා දාලා" 

"හරි අපරාදයක් ඒ වුනේ නැද්ද ලොකු අය්යේ! නැත්තම් ඊළඟ බිත්තරේ කවන්නේ තාන්‍ය අයියටනේ!" ඔක්කොම කුකුල්ලු වගේ හිනා වෙන්න ගත්‍තම තුර්ශ ඔලුව කසාගෙන කසාගෙන ගියා. 

මුන් ඒ කාලේ ඉඳන්ම පිස්සු පවුලක් නේ අප්පා!

"එතකොට මොකක්ද බන් අර ඝණ දෙවියන්ගේ භාරේ?"

"ආ ඒක! හම්බෝ!!!" සයෝද් හිනා වුනා හොඳටම 

"ඔන්න අහගන්න සවේන් අයියේ. මේවා රස එවා! එක පාරක් අපි ඔන්කෝල් ට්‍රිප් එකක් ගියා රත්නපුර පැත්තේ. කොහොමහරි දවල්ටත් හොඳටම දෙසා බෑවා මරු හෝටලේකින්" 

දැන් තුර්ශත් හිනා වෙනවා. සයෝද් කියාගෙන ගියා

"රැයක් හරිය වාහනේ එනකොට මට ඉවසන්න බෑ කක්කා බර. මන් ලොකූ ගෙන් ඇහුවා"

"අහ් හිටපන් මන් කියන්නම්" තුර්ශ පැන්නා.

"මූ මගෙන් ඇහුවා ලොකු අයියේ කක්කා බරයි ඕයි මොකද කරන්නේ කියලා. මටත් කියාගන්න බැරුව තිබ්බ ප්‍රශ්නේ ඒකයි. මටත් බොකක් සෙට් වෙලා තිබ්බේ. ඒකනම් පුදුම බොකේ අමාරුවක් බන්. කොහොමහරි එක හෝටලයක්වත් සෙට් වෙන්නේ නෑ. ඔක්කොම ෆුල්. අපිට කක්කා දාගන්න තැනක් නෑ බන් පුදුම ඉවසිල්ලක් ඉවසුවේ මු එහාට ඇඹරෙනකොට මන් මෙහාට ඇඹරෙනවා."

"සවේන් අයියේ කොහොම හරි මට නින්ද යන්න කලින් තමයි මෙයාලට කක්කා බරයි කිව්වේ මට නින්ද ගිහින් නැගිටිනකොටත් මුන් දෙන්නා තාම බරේ. ඉතින් හිතන්නකෝ පුදුම වේදනාවක් ඒක."

"අපේ දුක අහලා තමයි බන් වෙරලියද්ද සින්දුවක් ගැහුවේ බොක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ලැට් එක නැතුව නම් කියලා" 

මට නම් දැන් හිනා වෙලාම ඉල ඇටත් එක්ක ඇඹරිලා මන් සයෝද් ගේ පපුවට පිට හේත්තු කරන් බඩ අල්ලන් හිනා වෙනකොට සයෝද් මාව උරහිස් අල්ලලා තව එයාට තද කරගත්තා.

"ඉතින් සුදු චම්මා කිව්වා දැන් කරන්න දෙයක් නෑ ළමයිනේ සමන් දෙයියන්ටවත් භාරයක් වෙන්න කක්කා දාන්න තැනක් සෙට් වුනොත් හෙට උදේම සමන් දේවාලේට පලතුරු වට්ටියක් පූජ කරනවා කියලා" තුර්ශ කියද්දි මට නම් දැන් බොකු ඇඹරිලා කලන්තේ වගේ

"ඒ වෙලාවට ඉතින් තිස්තුන් කෝටියෙන්, හරි දෙයියා හරි තෝරලා දීපු එකයි වැදගත්. අපි දෙන්නම වැදගෙන ඉතින් බර තද කරන් භාරයක් වුනා. අනේ බලන්න දෙවියන්ගේ හාස්කම්! ඊළඟට නවත්තපු හෝටලේ ඉඩ තිබ්බා. අපි දෙන්නා දිව්වා දිවිල්ලක් ආයේ රූම් කීස් අයිති කාරයගෙන් උදුරන් දිව්වේ නැද්ද බන්?" තුර්ශ ඇහුවම සයෝද් හිනා වෙලා ඔව් කිව්වා. එයා මගේ උරහිස් අල්ලන් වෙනම ආතල් එකක් ගන්නවා මට පේන්නේ.

"උඹලා භාරේ ඔප්පු කරා නේද?" ඇයි යකෝ අර ඊයේ වැහුනේ සමන් දෙවියෝද දන්නේත් නෑ නේ!

"අහ් ඔව් ඔව් ඊලඟ දවසෙම" තුර්ශ හිනා වුනාම සයෝද්,

"ඇයි මතකද නුවරඑලි ඔන්කෝල් ට්‍රිප් එක?" 

"අම්බෝ දෙසැම්බරේක! පට්ට සීතලයි! අපිට සෙට් වුනේ අන්තිමට හීටරයක්, උණු වතුරවත් නැති කන්දක් උඩ පොඩි ගෙයම්. ඔක්කොම හෝටල් බුක්. එලියේ තමයි ටොයිලට්ස් දෙක තිබ්බේ. එකක මන්, අනිකේ සයෝද්. ටොයිලට් දෙක වෙන් වෙලා තියෙන්නේ එක බිත්තියෙන්. අපි දෙන්නා දැන් කාරිය අහවර වෙලා වතුර ගත්තම පුප හෝදන්න! පිස්සුද? වතුර ගාවන්නවත් බෑ සීතලේ පුක ගල් වෙනවා. මන් මංජුගෙන් අහනවා, 

'මල්ලි හේදුවද?' මංජු එහා පැත්තෙන්

'උඹ හේදුවද?'

'නෑ බන්'

'උඹ හේදුවද?'

'නෑ බන්'

'මේක හරියන්නේ නෑ අපි එකේ ඉඳන් තුනට ගණන් කරලා පස්ස හෝදමු"

"ඕන්න ඔහොම තමයි අපි නුවරඑලියේ ගිහින් පස්ස හේදුවේ. පුප නම් ගල් වුනා!" 

හිනා වෙලා හිනා වෙලා ආයේ ගෙට යනකොට මට whatsapp notification එකක් ආවා. සයෝද්ගෙන්? මන් පිටිපස්ස හැරිලා බලද්දි එයා phone එක සාක්කුවට දාන් අහක බලා ගත්තා. මන් notification එක touch කරාම

'මට ඔය දෙනෙත් එමරල්ඩ්ස් වලටත් වඩා වටිනවා' 

මතු සම්බන්ධයි.....

More Chapters