LightReader

Chapter 19 - සමහර ආදර කතා ඉංග්‍රීසි කෝස් එකක් වගේ

*සැලකිය යුතුයි. The Windchime කියවා නැති අයෙක් නම් කරුණාකර මෙම කතාව මෙතනින් කියැවීම නවත්වා, The Windchime කියවා අවසන් කර මෙය කියවන්න පැමිණෙන්න කියා කරුණාවෙන් ඉල්ලා සිටිනවා!*

"දැන් පරිස්සමට ගෙදර යන්න වස්තුවේ!" එහෙම කිව්වම මට වාවගන්න බෑනේ දෙයියෝ! 

"අනේ ආශූ අපි දෙන්නා පැනලා යමු! අපි හැංගිලා ඉමු." මන් ඒ ශර්ට් එක ඇද ඇද පින්සෙන්ඩු වෙන්න ගත්තම ආශු මාව කිටිකිටියේ තුරුල් කරගත්තා. තුර්ශ පිට අල්ල පැත්ත හපාගෙන් අහක බලාගත්තේ කඳුලු හංගන්න කියලා තේරුනා. 

"මගේ රත්තරන් මැණිකට ඊට වඩා ලස්සන අනාගතයක් උරුමයි රත්තරනේ. තාම උසස් පෙළවත් නොකර ඒවගේ තීරණයක් අරන් කොහොමද සවී?" 

"අනේ මට ඕන නෑ ආශු! ඔයා මාව බලාගන්නවනේ!" 

"සවේන් අපි යමු බන්!" තුර්ශ මාව ආශුගෙන් එහාට අදිනකොට

"තුර්ශ ආශුට කියන්නකෝ මාව අරන් යන්න කියලා!" 

"සවී මේ ආත්මෙදි නැති වුනත් වෙන ආත්මෙක හරි මන් උඹ ලඟට එනවා මගේ පන!" ඒ අත් අත ඇරුනා එයා යනවා. ඇයි!!!!

"ආශූ!!!!"

"අපේ ගෙදර ගිහින් යන් බන්. මෙහෙම ගෙදර යන්න බෑනේ!" තුර්ශ මාව පපුවට හේත්තු කරන් ඔලුව අතගගා පික්මී කැබ් එකේදී කියද්දි මන් මුකුත්ම කිව්වේ නෑ. 

"අයියේ මන් ලොකේශන් එක චේන්ජ් කරා මහරගම පහු කරලා කොට්ටාවට යමු" තුර්ශ driverට කිව්වා.

"තුර්ශ ආශු මට කතා කරයි නේද?"

"ඔව් අනිවාරෙන් කතා කරයි බන්!" 

"ඔව් එයා කතා කරයි." මන් phone එක අරන් messenger open කරේ දැන්මම එයා message එකක් දාලා ඇතිද බලන්න. ඒත් නෑ. මන් ආයේ phone එක පහලට දාලා තුර්ශගේ පපුවට හේත්තු වුනාම තුර්ශගේ ඇඟිලි මගේ කෙස් අස්සෙන් යනකොට නිකන්ම ඇස් පියවුනා.

තුර්ශගේ ගෙදර ගිහින් රිවිර අංකල්ට කියෝලා ගෙදරට කතා කරලා රෑටත් කාලා අංකල්ම ගෙනත් ගෙදර බැස්සුවා. රිවිර අංකල්, මිහිරි ආන්ටි, තුර්ශ්‍යා නංගි සෑහෙන්න මගේ හිත හැදුවා. ආශු ආයේ කතා කරනවා කියලා මට දැන් හොඳටම විශ්වාසයි. රිවිර අංකල් ගේ වචන වලින් මැරිච්ච මනුස්සයෙක්ට උනත් පන දෙන්න පුලුවන් ඇති. ඒ ගෙදරට පය තිබ්බ පලවෙනි වතාවෙම මට තේරුනේ මන් සුරංගනා ලෝකෙකට පය තිබ්බා වගේ. ඒ තරම් සෙනෙහස පිරුණු ගෙදරක්. කන්න බෑමයි කියද්දි ආච්චි අම්මා මට බතුත් කැව්වා. 

විටින් විට පණිවිඩයක් ඇවිත් ඇතිද කියලා බලපු වාර අනන්තයි. අන්තිමේ ඇඳට වෙලාම ඉන්න බැරි නිසා වොශ් එකක් දාන්න ගියා. එනකොට තුර්ශගෙන් වට්සැප් message එකක්.

'උඹ අද අයුශ්ව දැක්කනේ බන්! වෙන දේවල් හිතන්න එපා සවේන්. හැමදේම හරියයි! උඹ සතුටෙන් නේද?'

'අනේ මට පුදුම සතුටුයි බන්! මට හිතෙනවා දැන් හැමදේම හරියයි කියලා. 😇'

'ඔව් බන් හැමදේම හොඳින් වෙයි 🥳'

'අයුශ් ආයේ කතා කරාද?'

'කතා කරයි. මන් මේ බලන් ඉන්නවා 🫢'

'හරි බන්. මන් නිදාගන්නවා. උඹත් නිදාගනින්. 🍆🫵'

'ගුඩ් නයිට ප$යෝ 🍑🍆💦'

'ගු.න.බු.ස! Http! 🍆💦👄'

වෙනදටත් කලින් ඉස්කෝලෙට යාගන්න පුලුවන් උනේ එහා ගෙදර පියරත්න අංකල් ත්‍රීවිල් එකේ හන්දියට ලිෆ්ට් එකක් දුන්න නිසා. Phone එකට නැගිටපු ගමන් බැලුවත් පණිවිඩයක් තිබ්බේ නෑ.. තාම නැගිටලා නැථ්ව ඇති. දවල් වෙනකොට එකක් එයි. ඉතින් phone එක එහෙම්මම සාක්කුවේ දාන් ඉස්කෝලේ එන්න පිටත් වුනා. 

සික්කට phone එකත් ඕෆ් කරලා දුන්නම "මොකෝ පුතා අද මූනේ මලක් පිපිලා වගේ සන්තෝසෙන්?" මන් සික්කා අංකල් ට හිනාවක් දාලා පන්තියට එනකොට කොල්ලෝ දෙතුන් දෙනෙක් පන්තියේ හිටියා.

"ආ නැට්ටුවාගේ මූන අද හරි එලියයි නේ මොකෝ උඹ හොඳ අඩව්වක් ඇල්ලුවද?" එකෙක් කිව්වම මන් ඌගේ බඩට එකක් ඇන්නා.

තුර්ශලා ඇවිත් හිටියෙත් නෑ. හශිරයි උගේ අඹුවයි නම් ක්‍රිකට් ප්‍රැක්ටිස් වෙන්න ඇති. මන් කොස්ස අරන් පන්තිය අතු ගාලා කුණු ටික ඩස්ට්බින් එකට හලනකොටම,

"සවේන් අයියේ"

පිටිපස්ස බැලුවම සයෝද්, සාක්කුවට අත් දෙකත් දමාගෙන. මූනේ කලින් මන් කිසි දවසක නොදැකපු බැල්මක්. ඒක සතුටුදායක එකක් නොවුනත් මන් හිනා වුනා. මන් කොහොමත් හදවතින්ම සතුටෙන් ඉන්න දවසක් මේ. 

"සයෝද් මල්ලි!"

"පොඩ්ඩක් බාස්කට් බෝල් කෝට් එකට එනවා!" කියලා හැරිලා යනකොට මන් කොස්සත් තියලා එයාගේ පස්සෙන් බාස්කට් බෝල් කෝට් එකට ගියාම එයා මන් එනකන් දොර අල්ලන් ඉඳලා මන් ඇතුලට ආවට පස්සේ දොර අත ඇරියම ඒක නිකම්ම වැහුනා. සයෝද් ගිහින් පැවිලියන් එකේ පහලම පඩියෙන් ඉඳගත්තම මාත් ගිහින් එහා පැත්තෙන් ඉඳගත්තා. ටික වෙලාවක් යනකන් සයෝද් පහලට නැවිලා අත් දෙක අතුල්ල අතුල්ල ඉස්සරහා බලන් ඉඳලා,

"අයුශ් අයියා ආවාලු නේ?" ඒකද මේ මූන නරක් කරන් ඉන්නේ?

"හ්ම්!" 

"තමුසේ සතුටින් නේ?" මෙච්චර වෙලා ඉස්සරහට යොමු වෙලා තිබ්බ ඇස් දැන් මගේ ඇස් වල නැවතිලා. ඒ ඇස් වල දුකක් තිබ්බත් මුවින් හිනා වුනා. හිත රිදෙනවා ඇති එයාගේ. ඒත් මන් 'ඔව්' කියලා ඔලුව වැනුවේ තවත් මේ පුංචි කොල්ලට බලාපොරොත්තු දීලා රිදවන පවුකාර වැඩේ කරන්න ඕන වුනේ නැති නිසා.

"එහෙනම් එච්චරයි!" එහෙම කියලා නැගිටලා මගේ ඉස්සරහින් හිටගෙන,

"සමහර ආදර කතා ඉංග්‍රීසී කෝස් එකක් වගේ නේද බන්?"

අහ්?

"මාස තුනයි නැත්තම් හයයි ඊටපස්සේ ඉවරයි." එහෙම කියලා හිනා වෙලා යන්න ගියා. ආයේ පිටිපස්ස හැරිලාවත් බැලුවේ නෑ. මට රිදෙනවා! හේතුවක් හොයාගන්න බැරි වේදනාවක්! 

ආයේ පන්තියට යනකොට බෙල් එකත් ගහලා. ඒත් විහඟ විතරයි තුර්ශගේ පන්තියේ. ඌ මාව දැකපු ගමන් ඇවිත් කරට අතක් දාගත්තා.

"කෝ අනික් එවුන්?" මන් ඇහුවම,

"ආ අද ඔක්කොම කට් එක දාලා වගේ බන්. හශිර ආවෙත් නෑ" 

"එහෙමද?" හරි වැඩක් නේ. තුර්ශ එන්නේ නැත්තම් මට අනිවාරෙන් කියනවනේ. 

"විහඟයා ආශු ආවා බන්!" 

"හොඳයි බන්! මේ... උඹ දැන් පන්තිය‍ට පලයං." කියලා යන්න ගියා. ඌට මොකක් වෙලාද? ආ... අද සත්‍ය ප්‍රේම බෘංගරාජයා නෑ නේ ඒක වෙන්න ඇති. මන් අතින් හිනාවත් වහන් ගිහින් පන්තියෙන් ඉඳගත්තා.

"සවේන්!!!" ඉස්කෝලේ ඇරිලා බිල්ඩිමෙන් බහින කොටම පහල ඉඳන් දේශාන් කෑ ගැහුවා. 

"මොකෝ බන්! උඹලා කොහෙද හිටියේ? යුනිෆෝම් පිටින්? හශිර උඹ මොකද මේ බොටමයි ජර්සි එකයි ගහන්?" 

"ඒක වැඩක් නෑ. මේ වරෙං යන්න. රිවිර අංකලුයි තුර්ශයි ඇවිත් අපිව අරන් යන්න!" 

"ඒ මොකටද?"

"මේ මන් සයෝද් හොයන් එන්නම්." හශිර දිව්වා.

"වරෙංකෝ!"

"මොකටද කියහංකෝ!"

"මේ..මේ.. අද අංකල් අපිව ලන්ච් එකට අරන් යනවලු" ශා ගුඩ් නිව්ස් එකක් නේ! 

"පොඩ්ඩක් හිටපං!" මන් ඌව දාලා කැන්ටිමට දිව්වේ තුර්ශ ඊයේ කරපු උදව්වට මොනා හරිම ඌට දෙන්න ඕන කියලා හිතේ තිබ්බ නිසා. කැටිමට ගිහින් පෝටෙලෝ එකක් අරන් ආයේ හශිර හොයන් එනකොට සයෝදුත් හිටියා. සික්කගෙන් phone එකත් ඉල්ලගෙන දේශාන්, හශිර, සයෝද් එක්ක පාර පැන්නා.

"අඩෝ තුර්ශයා! උඹලා කොහෙද බන් ගියේ? මේ මන් උඹට පෝටෙලෝ එකකුත් ගත්තා. ඉඳා!" මන් වාහනේට නැගලා තුර්ශ ළඟින් ඉඳගත්තාම දික් කරන් හිටපු පෝටෙලෝ බෝතලේ ඌ හිනා වෙලා අතට ගත්තා. ඒත් ඇස් දෙක රතු වෙලා. මොකක්ද දන්නේ නෑ අවුල. 

"රිවිර අංකල් අපිව අද කන්න එක්කන් යනවා වගේ. මොකෝ ආන්ටිගේ බර්‍ත් ඩේ එකද? මන් ඇහුවම ආන්ටි හිනා වෙලා ශේඩ්ස් දෙකක් දාගත්තා. අවුව සැරයි කොහොමත්.

"අහ් මහප්පද අපිව ගන්නේ අද? කෝ කෝ මනරු සහෝ එහාට පලයං! අඩෝ ඉඩ නෑ නේද? කෝ උඹ වෙරෙන් මෙහෙට" මංජු මාව උස්සලා ඔඩොක්කුව උඩට අරන් තුර්ශගේ එහා පැත්තෙන් වාඩි වුනාම මට හිතා ගන්න බෑ මේ මලයකාගේ වෙස් මාරු කිරිල්ල. මන් හිතුවේ කාලයක් යනකං මාත් එක්ක මූඩ් ගහන් ඉඳී කියලා. හශිරයි, දේශානුයිත් ඊටපස්සේ නැග්ගම සයෝද් ගේ ඔඩොක්කුවේ උඩ ඉඳගත්තම හිතට ආව මොකක්දෝ අමුතු අපහසුතාව මග ඇරවගන්න මාත් විහිලුවක් කරන්න හිතුවේ සයෝද් මාව අමතක කරලා දැන් වෙන කෙනෙක් ගැන හිතන්න ඕනයි කියලා අඟවන්නමයි,

"දේවයන් වහන්සේගේ ඔඩොක්කුවේ නැගලා ගිහින් දේවීන් වහන්සේගෙන් මට මරණ දණ්ඩනය ලැබෙයිද දන්නේ නෑ!" 

ඒත් ලැබුන උත්තරේ වෙනස්ම එකක්!

"බිය නොවන්න රාජකීය නාටිකාංගනාවනි, නුඹ වෙත එසේ කිපීමට මා හට දේවීන් වහන්සේ කෙනෙක් නොමැත."

"එසේද? එසේනම් දැන්ම දේවීන් වහන්සේ කෙනෙක් සොයා ගත මැනවි දේවයන් වහන්ස!" ඒ ගමන මූ සින්දු කියන්න ගත්තා

"පියඹා යනවා මා ආකාසයේ... 

අවසානයි පේමාදරේ

හිවලෝ

දර කඩියෝ

කොවුලෝ

බිං ඌරෝ

ලිං ගෙම්බෝ

ගස් පත්තෑයෝ

රෑ බදුල්ලෝ

මිදුනා මා ආදරෙන්...." 

ලන්ච් කියලා කිව්වම මන් හිතුවේ කොහෙ හරි රෙස්ටෝරන්ට එකකට කන්න යනවා කියලා. ඒත් ඇවිත් නතර කරේ තුර්ශලා ගෙදරමයි. ආන්ටි අපි ඔක්කොටම බත් බෙදලා දුන්නා. මගේ බත් එකට විතරජ් එපා කියද්දි බිත්තර, මාලු, චිකන්, සොසේජස් සේරම දාලා ඔක්කොම කෑවේ නැත්තම් අනලා කවනවා කියලා තර්ජනය කරා.

"මොකෝ තුර්ශයා බත් ටික අත ගාන්නේ?" බත් ටික අතගගා මූනත් එල්ලන් ඉන්න තුර්ශගෙන් ඇහුවම ඌ නෑ මුකුත් නෑ කියලා ඔලුව වැනුවා. මොකක් හරි අවුලක් තියනවා. තුර්ශ කවදාවත් මෙහෙම ඉඳලා නෑ. නැව ගිලුනත් ඌට බෑන්ඩ් චූන්. යම් කිසි දෙයක් සිදු වෙලා තියනවා.

"උඹ කාපන්කෝ! මේ, මේ තාන්‍ය අයියා එක්ක පොඩි අවුලක් ගිහින් ඉන්නේ තුර්ශ" ආහ් ඒකයි මේ. හශිර කියනකන්ම මූට බැරි වුනා හොඳම යාලුවා වුන මට කියන්න. ගොනා! ලොකු වලියක් ගිහින් වගේ. නැත්තම් කවදාවත් තුර්ශ ඔච්චර අවුල් යන්නේ නෑ. අනික ඉතින් උන් දෙන්නා අතර වලි යන්නෙම නැති තරම් නේ. ඔහොම තමයි long distance relationships ගෙනියන එක හිතන තරම් ලේසි නෑ. කාලා ඉවර වෙලා ඌගේ හිත හදන්න ඕනා.

"මංජු උඹ කාලා ඉවරනම් මාත් එක්ක පොඩ්ඩක් උඩට වරෙන්" තුර්ශ අත හෝදන් උඩට යනකොට සයෝදුත් අත හෝදන් උඩට ගියා. මේ අවකාශය හරි නුහුරුයි. මොකක් හරි වැරැද්දක් තියනවා. ඒත් මොකක්ද? මට එතකොට ආශුව මතක් වුනා. Phone එක! ඒක ඔන් කරේවත් නෑනේ. මන් phone එක සාක්කුවෙන් අරන් ඔන් කරා ඒත් අන්ලොක් කරන්න කලින්,

"මේ මචං සවේන්, උඹ කාලා ඉවර නම් මගේ පිඟානත් හෝදපන්කෝ" දේශාන් ඌගේ පිඟාන මට පාස් කරාම හශිරත් හිනා වෙලා ඌගේ එකත් මට පාස් කරා. මාර යාලුවෝ තමයි මුනුත්! රෙද්ද! 

"මන් තොපිලගේ වැඩකාරයද?"

"අනේ උඹ හොඳ එකානේ!" යැයි යැයි තමයි හශිර! මන් උන්ට ඔරෝලා පිඟන් තුන අරන් කුස්සියට ගියා.

ආයේ ඇවිත් phone එක අතට ගත්තම 'Iphone disabled for 1 hour' 

'හත්තුකේ!!! මොන මඟුලක්ද තොපිලා කරේ?' මන් අර භූතයෝ දෙන්නගෙන් ඇහුවම,

"නෑ බන් උඹේ phone එකෙන් hotspot දීගන්න බැලුවේ. මගේ data ඉවරයි බන්. බලහංකෝ ඒක unlock උනේ නෑ නේ!" දේශාන් ව නම් මරන්නයි වටින්නේ!

එතකොටම තුර්ශයි, සයෝදුයි පහලට ඇවිත් මට ඇදුමක් දීලා නාගෙන එන්නයි කියලා බාතෲම් එකට තල්ලු කරා. නාගෙන, ඇඳුම් මාරු කරන් එලියට එනකොට ඔක්කොම තාම යුනිෆෝර්ම් පිටින්. 

"උඹලා ඇඳුම් මාරු කරගන්නේ නැද්ද?" මන් කට්ටියගෙන් අහගෙන සයෝද් ළඟින් වාඩි වුනා. මිහිරි ආන්ටි වතුර වීදුරුවකුත් අරන් මගේ එහා පැත්තෙන් ඇවිත් හිටගත්තාම රිවිර අංකලුත් ඇවිත් මගේ ඉස්සරහා තනි සෝෆා එකේ ඉඳන් හිටපු තුර්ශගේ උරහිසට තට්ටු කරන් තුර්ශගේ ළගින්ම හිටගත්තාම තුර්ශ,

"සවේන් මේ කියන්න යන දේ අහලා උඹ පුලුවන් තරම් සිහියෙන් ඉන්න බලපන්. අපි උඹ එක්ක ඉන්නවා. මෙතන ඉන්න අය වගේම අපේ පවුලේ හැමෝම ඉන්නවා." සයෝද් මගේ කර වටේ අතක් දාගත්තා. මොකක් හරි වැරැද්දක් වෙලා තියනවා. මට මේ අවකාශයේ ලොකු වැරැද්දක් දැනෙනවා. බය හිතෙනවා....

"සවේන්, උඹේ අයුශ් තව දුරටත් මේ ලෝකේ නෑ බන්" නෑ! එහෙම වෙන්නේ කොහොමද? ඔලුවේ හෙනයක් පිපිරුවා. එච්චරයි.... හැම දේම කලුපාට වුනා.

මතු සම්බන්ධයි

More Chapters