"හෙලෝ මගේ රත්තරන් යාලුවනේ කොහොමද? ඔබ මේ එකතු වී සිටින්නේ සජීවීව විකාශය වෙන මයුරවංශ අවුරුදු උත්සවයත් සමඟයි! චිරාත්ගත සම්ප්‍රධායානුකූලව පොල් තෙල් පහන දැල්වීමට ආරාධනා කර සිටිනවා රෝස් මයුරවංශ ඇතුලු මයුරවංශ දෙවෙනි පරම්පරාවට."
තුර්ශ මයික් එක අරන් announce කරාට පස්සේ ආච්චි අම්මා එක්ක අම්මලා, තාත්තලා පොල් තෙල් පහන පත්තු කරනකන් මන් රෙශඛ්‍යගේ එහා පැත්තට වෙලා බලන් හිටියා. මේ සැරේ මන් ගෙමේ ගියේ නෑ. තුර්ශ එක්ක නැවතුනා මොකද නුවරඑළියේ යන්න එපැයි මගේ වෙන්න මහත්තයා එක්ක. අනේ එහෙම හිතනකොටත් කුචි වගේ.
"මොකද ඇඹරෙන්නේ සුදයියේ?"
"නෑ නෑ මුකුත් නෑ" මන් රෙශඛ්‍යට හිනා වුනාම රෙශඛ්‍ය 'sus' මූණක් දැම්මා.
"පළවෙනි තරඟය අලියාට ඇහැ තැබීම! හොඳයි ප්‍රථමයෙන් අවස් ථාව ලැබෙන්නේ අපේ අවුරුදු උත්සවයට පළවෙනි පාරට සහභාගී වෙන සවේන් දෙනෙත් පෙර්... ඩී සේරම්ට!" කිව්වම හිතෙන් හිත හිත හිටපු දේ තුර්ශගේ කටින්ම සභාව මැද්දේ ඇහෙද්දි ලැජ්ජ නිසා රෙශඛ්‍යගේ පිටිපස්සට ගිහින් හැංගුනාම රෙශඛ්‍ය පිටිපස්සට අත දාලා මගේ අතින් ඇදලා පිටෙන් තල්ලු කරන් ගිහින් බෝඩ් එකෙන් ඈතට ගෙනිහින් රෙදි පටියක් අරන් ඇස් දෙකේ බඳිනගමන මගේ කනේ තොල් දෙක ගෑවී නොගෑවී,
"දැනට ඇස් දෙක බැඳන් අලියට ඇහැ තියන්නකෝ සුදයියේ"
කිව්වම මට කෙල ගුලියකුත් ගිලුනා. මාව වට තුනක් කරකවලා තිබ්බම මන් හුනු කූරත් අරන් ඉස්සරහට ගියාම,
"ආ හරි හරි වමට වමට!"
"යට යට!"
"සවේ උඹ මන් කියන දේ අහපන්! දකුණට"
"සවී ඔය බොරු පුතේ වමට වමට!"
"උඩ"
"යට"
හුනු කූර වටේම යවල යවලා එක තැනක තිබ්බම,
"අහ් ඔය ඇහැක් විදිහට කනක් ඇන්දේ!" කියලා සුදු මාමා කෑ ගැහුවාම මන් බ්ලයිඩ්න් ෆෝල්ඩ් එක ඇදලා බලද්දි ඇහැ තියලා තියෙන්නේ කනේ.
"මේ අවස්ථාව කණාමුට්ටි බිඳීමටයි! කණාමුට්ටි බිඳීමේ සාදර අනුග්‍රහයෙන් ඩී සේරම් සමූහ ව්‍යාපාර අධිපති වජිර ඩී සේරම් මහත්මයා." කිව්වම ඔක්කොමලා හූ තිබ්බා
"ජයග්‍රාහී මුට්ටියේ 10,000ක් දාලා තියෙන්නේ!" තාත්තා කෑ ගහලා කිව්වම
"අනේ ඕවා ටොම් පච! ගියපාරත් අපි රැවටුනා. ආයේ රැවටෙන්නේ නෑ. අපි දැන් සහෝදරයෝ!" රිවිර මහප්පා කෑගැහුවා
"අද මුලු රට එක මිටකට සුභ නැකතට රට අන්‍රට!" තුර්ශ මයික් එකෙන් ආතල් දෙනවා
"අනේ මයින්ද මහත්තයා කාලාද දන්නෙත් නෑ!" චූටි මාමා ආච්චි අම්මට කිව්වම ආච්චි අම්මා මාමාව තල්ලු කරා.
කණාමුට්ටි බිඳින්න කට්ටිය පෝලිමේ යනකොට මන් ගාර්ඩ්න් චෙයර් එකට වෙලා අයාන් ගෙඩිය හුරතල් කර කර හිටියා.
"හෝව් හෝව් ඔහේ යන්න එපා!" පොල්ලක් අරන් මගේ පැත්තට කෙලින්න එන චූටි චම්මාව දැක්කම මන් අයාන් ගෙඩිය කරේ තියන් පැනලා දිව්වා.
රෙශඛ්‍ය මිදුල අයිනේ හට් එක යට ඇරලා තිබ්බ කෑම මේසෙට වග කියනවා. මන් බැලුවම බොරු හිනාවක් දාලා මගෙන් ජූස් ග්ලාස් එකක් උස්සලා ඕනද ඇහුවම මන් හා කියලා ඔලුව වැනුවම මට එකක් ගෙනල්ලා දුන්නා.
"සුදයියේ මුට්ටිය බිඳින්න යන්"
"යන්නම් යන්නම්" මන් බීම එක එක උගුරට බීලා ග්ලාස් එක රෙශඛ්‍යට දුන්නම නාදි නැන්දා ඇවිත් අයාන් ව අරගෙන මාව කනා මුට්ටි බිඳින්න තල්ලු කරා. දැනට නුවී බිඳපු මුට්ටියෙන් කුකුල් සායන් විතරයි වැටුනේ. ඔය කියනවත් වගේ තාත්තා 10,000ක් දාලාද දන්නේ නෑ.
"සවේන් අයියේ ඔහොම්මම ඉස්සරහට යමු!"
"C'mon මගේ මැණිකේ!" මට හිනා යනවා රෙශඛ්‍ය! ඕක නවත්තනවා.
"මගේ පන c'mon!" ඒපාර අනෙක් එකා!
"තෝ මොකෝ?"
"අහ් ගහන්න ගහන්න!"
මන් හොඳට වැර අරන් දීලා ඇද්දම 'ටෝං'
"අඩෝ සවේන් උඹට තියෙන්නෙර් සරස්වතී නෙමෙයි ධනලක්ශ්මී බැල්ම!" තුර්ශ ඇවිත් මාව වඩාගත්තම මන් බ්ලයින්ඩ් ෆෝල්ඩ් එක ගැලෙව්වම තමයි දැක්කේ 5000 කොළ දෙකක් බිම.
වතුර පුරෝපු බැලුන් අල්ලන එක තමයි ආතල්ම වැඩේ. මන් බැලුම් ඇල්ලුවේ තුර්ශ එක්ක. රෙශඛ්‍ය උස වැඩි නිසා එයා චූටි මාමා එක්ක බැලුන් අල්ලන්න ඕන කියලා තමා විනිශ්‍ය මණ්ඩලයේ තීරණය වුනේ. මූන බෙරි කරන් මටත් ගස්සන් ගිහින් චූටි මාමා ඉස්සරහෙන් හිටගත්තට බැලුන් අල්ලනකොට නම් හක හක ගාගා හිනා වෙනවා. වතුර පුරෝපු බැලුම අරන් ඒක මිරික මිරික
"මේ වැඩෙව් හෙන ආතල් නේ ලොකූ?"
"උඹට දැන් බැලුන් අල්ලන එකද ආතල්? අඩෝ පවු බන් සවේ!" ඒ කියපු ගමන් මිනිහා බැලුම බිමට අත ඇරලා මන් දිහා බැලුවම මන් බොරුවට එරෙව්වා
"ඉව්ව්ව් අපි ඔව්වට නෑනේ සුදයියේ! මේ ඇත්තමයි මන් ආස ඔයාගේ ගම්මිරිස් ඇට මිරිකන්න විතරමයි!" කියලා මගේ පපුව උඩින් අත තිබ්බම,
"රෙශඛ්‍ය!"
"වරෙං සවේ!" කියලා තුර්ශ මාව ඇදන් ගිහින් කාමරයක් ඇතුලට දාලා වැහුවම මන් උඩ බිම බැලුවා. ඒත් පිටිපස්සේ අම්මයි, ලොකු අම්මයි, නාදි නැන්දයි, සුදු නංගී රෝස පාට සාරියකුයි, මේකප් පෙට්ටියකුයි, මාල කරාබු උස්සන් මාත් එක්ක හිනා වුනා. මාත් හිනා වුනා ඉතින්.
"ශර්ට් එක ගලවන්න සවී" අහ්? මොනා?
"අම්මා?" මන් අත් දෙකත් පපුවට ක්‍රොස් කරන් තියන් බය වෙලා ඇහුවම
"අවුරුදු කුමාරිට අන්දන්න යන්නේ!"
අන්තිමට කණ්නාඩිය බලද්දි මන් හිටියේ රෝස පාට ඔසරියක් ඇඳන්, සුදු පබලු මාල හතක් එල්ලන්, නලල් පටි තියලා, වලලු දාලා, කලුපාට යටසායක් ඔලුවේ දාන් ඒකට උඩින් අරලිය මල් ඔටුන්නක් දාගෙන.
"අම්මෝ මේකගේ ලස්සන! මටනම් ඊරිසියයි ඕයි!" සුදු නංගි මගේ මුණ මිරිකලා මූනේ තව රෝස පවුඩර් ගානකොට නාදි නැන්දා සුද්ද කරපු පොල් කටු දෙකක් උස්සලා 'ටොක්, ටොක්' ගාලා එකට වද්දනකොට මගේ මූන දෙකක් වුනා.
"පුස් ගෑනුන්ට අවුරුදු කුමාරි දෙන්නේ නෑ විනිසුරු"
එහෙම කියලා අම්මා මන් ඇඳන් හිටපු හැට්ටේ අස්සට පොල් කටු දෙක බස්සලා හරියට ස්ථානත කරලා,
"හොඳ තරඟයක් දෙන්න ඕනා සවී!"
කියලා දොර ඇරියම මන් එලියට ගියාම මට ඉස්මොල්ලේ ගියා.
"රෙශඛ්‍ය!"
"කවුද? මම ශමිලා ලියනාඅරච්චි!"
කියලා ෆෑන් එකක් අරන් පවන් ගහගෙන ගහගෙන ගිහින් බොරු කුක්කු දෙකත් උඩට කරන් ඔලුවට දාලා තිබ්බ සායත් ෆ්ලිප් කරන් ටොක් ටොක් ගගා කකුලටත් වඩා චූටි අඩි උස සපත්තු දෙකක් දාගෙන නිල් පාට සාරි පොටත් ගස්සන් යන්න ගියා. මට හිනා වෙන්නවත් ඉස්පාසුවක් නැති ගානට ශොක් වෙලා ඉන්නේ.
"ලේසි වෙන්නේ නෑ සවේන් අයියේ! දැක්කනේ අපි සුපිරි කෑල්ලක් බස්සලා ඉන්නේ ගේමට" සෙනූ නංගි කිව්වම මට බකස් ගාලා හිනාව පැන්නා.
"ආ එහෙමද? අඩෝ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද ශමිලා?"
"ඔබ පුල පුලා බලා සිටි අවස්ථාව තමයි දැන් එළඹෙන්නේ? මයුරවංශ අවුරුදු කුමරිය!!!"
හැමෝගෙම අත්පොලසන් නාදය හූ හඬ මැද්දේ,
"අම්මේ තාත්තේ අයියේ... ආ නෑ! අයියලා නෑ. මන් නේ අයියා හරි කොහොමහරි, නංගියේ මල්ලියේ අද ඉතාම විශේෂම අවස්ථාවක්. පෙර කිසිදා නොවූ දෙයක් තමයි අද වෙන්න යන්නේ! මේක ඇවිල්ලා ගාල්ල රිච්මන්ඩ් එකයි මහින්දෙයි බිග්මැච් එක වගේ. ආදරවන්තයන්ගේ සටනක්. එහෙනම් පිළිගන්න පළවෙනි තරඟකාරිය ඉතාම සුවිශේෂී තරඟකාරියක්, කෙල්ලන් පවා ඊරිසියා කරණ අන්දමේ රූ සපුවක් ඇති විජ්ජුලතා!!!!"
"මොකා???" මට එච්චරයි කියාගන්න පුලුවන් උනේ සුදු නංගි මාව මිදුලට තල්ලු කරා.
තෙතනේ නා නේ නා තෙතනේ තෙතනේ නා නේ නා
තෙතනේ නා නේ නා තෙතනේ තෙතනේ නා නේ නා
දැන් නටපන්කෝ! හොඳ වෙලාවට දන්න සින්දුවක්. මේවා ඉතින් අපිට වැඩ යෑ. එක අතක් උකුලට අරන් අනික් අත තාලෙට වන වන අඩිය තියනකොට
"සුපිරී!!!!!"
"අම්මෝ සුදයියේ!!! මේවට තමයි මට... පෙසර් නගින්නේ"
රන් උකුලේ නිතබේ සැලෙනා
ඔබ යන්නේ හනිකේ මැකිලා
රන් ගොයමේ සුවදක් වැදිලා
සුවදයි- සුවදයි -නිලුපුල් මැණිකා
බොරු කොන්ඩේ ගස්සලා බැලුවා
තෙතනේ නා නේ නා තෙතනේ තෙතනේ නා නේ නා
තෙතනේ නා නේ නා තෙතනේ තෙතනේ නා නේ නා
ආච්චි අම්මට ආයුබෝවන් කියලා
"මගේ නම සවෙ..."
"නෑ නෑ විජුජුලතා!!!" තුර්ශ කෑ ගැහුවම
"අ... විජ්ජුලතා! වයස 18යි" කියලා වටයක් කැරකිලා ගියාම ඔක්කොම හූ තිබ්බා.
"එසේනම් පිළිගන්න මීළඟ තරඟකාරිය... ඉතාම ප්‍රභල තරඟකාරියක්. වහා ගිණි ඇවිලෙන සුලුයි. ඇවිලුනොත් ඇට දෙක පුක වටේ යන්න දෙන මේ තරඟකාරිය ශමිලා ලියනාඅරච්චී!!!!" කියපු ගමක් රෙශඛ්‍ය මිදුලට ආවේ,
"ඔය අනිත් ගෑනු වගේ නෙමෙයි මම!!!!
හැමෝගෙම හූ හඬ මැද්දේ රෙශඛ්‍ය වටයක් කැරකිලා,
"ඔය රුක්මණී වගේ නෙමේ මම, විජ්ජුලතා වගේ නෙමේ මම. ඒවගේම හොඳට දැනගන්න ආච්චි අම්මේ මම ශමිලා ලියනආරච්චි කියලා"
'අහංකාර නගරේ
පුරගනක්ද උබ ලදුනේ
තරමට ඉගත් බොහොම පොඩි
ලැමත් බෝම ඇති දිගැස් තියන ළදුනේ
රෙශඛ්‍ය ඇස් දෙකේ දෙපැත්තට ඇඟිලි ගෙනියනවා මට නම් හිනා වෙලා පන යනවා. මට බෑ දෙයියනේ! මගේ මනුස්සයා නේද මේ?
කව් රුද නෝක්කාඩු කීවේ...
කව් රුද නෝක්කාඩු කීවේ...
තරමට ඉගත් බොහොම පොඩි
ලැමත් බෝම ඇති දිගැස් තියන ළදුනේ
කුක්කු දෙක අතින් උස්ස උස්ස පුක වන වන ට්වර්ක් කරනකොට මන් තුර්ශව අල්ලන් හිනා වෙලාම බිම පත බෑවුනා.
අහංකාර නගරේ
පුරගනක්ද උබ ලදුනේ
තරමට ඉගත් බොහොම පොඩි
ලැමත් බෝම ඇති දිගැස් තියන ළදුනේ
කව් රුද නෝක්කාඩු කීවේ...
කව් රුද නෝක්කාඩු කීවේ...
තරමට ඉගත් බොහොම පොඩි
ලැමත් බෝම ඇති දිගැස් තියන ළදුනේ
මතු සම්බන්ධයි.....