LightReader

Chapter 37 - සුදයියේ මට නගිනවා

"සවේන් දෙනෙත් ඩි සේරම් මොනාද ඔයාට ඔයාගේ ආදරවන්තයාගේ ඉදිරිපත් කිරීම ගැන කියන්න තියෙන්නේ?" තුර්ශ මගේ ඉස්සරහට මයික් එක ගේනකොටත් මන් හිටියේ රෝස පාට ඔසරියෙන් බූරු ඇඳකුත් හදාගෙන බිම වැටිලා බඩ අල්ලගෙන.

"හීක් හීක් හීක්... හරි ලස්සනයි හීක් හීක් හීක් වේ.. රි ගුඩ්!" කිව්වම සේරමල්ල හිනා වෙන්න ගත්තා.

"හොඳයි ගෞරවනීය විනිසුරුතුමිය දැන් බලාගෙන ඉන්නවා මේ උණුසුම් තරඟයේ ජයග්‍රාහීකාව නම් කරන්න. ඊට කලින් මට තියනවා විනිසුරුතුමිය ගැන වදන් පෙලක් කියන්නට මයික්‍රපෝනය භාර දෙන්න නිමල් ලෙව්ඛේබණ්ඩාර මහත්මයාට" 

"ස්තූතියි ලොකු බබා. ඔව් ඉතින් විනිසුරුතුමිය ගැන කියනවනම් ඉස්සර මට මතක් වෙනවා එඩ්මන්ඩ් මයුරවංශ හොඳින් පදන් වුනාම කියන උදාන වාක්‍යක්. 'අනේ උඹලෑ අම්මා තමයි බන් මේ පැත්ත පලාතටම හිටපු ගිනි සිලුව. උඹලෑ අම්මා එක්ක ගත්තම උඹලා නිකන්ම නිකන් පුන්නක්කු ගානයි. මෙලෝ ලස්සනක් නෑ බන්!'. එහෙම කිව්වම තමන්ගේ බෑනා එක්කම ගානට පදන් වෙලා ඉන්න නැන්දම්මා, ඒ කිව්වේ රෝස් මයුරවංශගේ අම්මණ්ඩි හැමදාම කිව්වේ මෙන්න මෙහෙම 'උඹට දෙන ගෑනියෙක්ද බන් මන් උඹට දුන්නේ?'" 

"ස්තූතියි ස්තූතියි! මේ අවස්ථාවේ මතක් කරනවා අපේ දිවංගත ආදරණීය සීයා එඩ්මන්ඩ් මයුරවංශ සහ මුත්තාච්චිව. මන් හිතන්නේ එලොවෙත් දෙන්නා සප්පායම් වෙලා බුලත් විටක් කකා බෑනා නැන්දම්මව චොපර් එක පිටිපස්සේ තියන් යනවා ඇති. හැබැයි භාගයක් දුර යනකොට මුත්තාච්චි බිම වැටෙන එක තමයි අවුල" 

හැමෝම හිනා වුනා. මේ කතා මොනාද කියලා හරියටම නොතේරුනත් එකක් තේරෙනවා මුන් අත්තා මුත්තා කිරිකිත්තගේ ඉඳලම ආතල් පවුලක්.

"හොඳයි ආච්චි අම්මේ මෙන්න මයික් එක කියන්න අපිට කවුද මෙවර මයුරවංශ අවුරුදු කුමරිය? විජ්ජුලතාද? ශමිලාද?"

ආච්චි අම්මා මයික් එක අරන් දෙපාරක් තුන් පාරක් මයික් එකට පිඹලා,

"ජැස්ටින් මං, මං" 

ආච්චි අම්මත් මුන්ටම ගැලපෙන එකක්! තුර්ශ මාවයි රෙශඛ්‍යවයි ආච්චි අම්මා ඉස්සරහා මිදුල මැද්දෙන් හිට්ටෙව්වම මන් දෙපැත්තට කැරකි කැරකි ඉන්නකොට රෙශඛ්‍ය කොණ්ඩේ කන පිටිපස්සට දදා මට ගැස්සුවා. තාමත් රංගණයේ ඉන්නේ මගේ මනුස්සයා. මූ මොන ජාතියේ එකෙක්ද මන්දා!

"මේ දැන් අවුරුදු කුමාරිය කවුද කියැලයි කියන්නයි යන්නේ. ඉස්සෙල්ලාම විජ්ජුලතා ගැන කියනවනම්, ඇඳුම හොඳා. කොන්ඩමෝස්තරය හොඳා. ආභරණත් හොඳා. ඉදිරිපත් කිරීම සංවරයි. හොඳ ලාලිත්‍යවත් නැටුමක්. හැබැයි කටහඬ ඇහෙනවා මදි.

ඉන්පසු ශමිලා, පොච්චියෝ!!! කට නම් ඉතා අසෝභනයි. ඒ වුනත් පස්ස සෝභනයි. නර්ථනය ඉතාම අලංකාරයි. අන්තිම හරියෙදි ඇඳුම ගැලවුන නිසා ලකුණු අඩු වෙලා තියනවා. ඊළඟ පාර හොඳට කටු ගහලා අන්දවන්න ඕනා ඒ කණ්ඩායම.

මයුරවංශ අවුරුදු කුමරිය ශමිලා ලියනාඅරච්චි!!!" කිව්වගමන් රෙශඛ්‍ය මට දිව දික් කරා.

"හයියෝ හැමිනෙනවා!!!" තුර්ශ කිව්වම මටත් හිනා ගියා

රෙශඛ්‍ය ආච්චි අම්මා ළඟට ගියාම එයාට ප්ලාස්ටික් මල් පොකුරකුයි කොස් කොල වලින් හදපු ඔටුන්නක් දාලා පපුව මැද්දෙන් පේපර් රිබන් එකකුත් සෑශ් එකක් විදිහට දැම්මම ඒ කණ්ඩායම ඇවිල්ලා ආච්චි අම්මගෙන් කිරිටොපිය ගානේ අරන් ගියා. 

"ඔව් ජයග්‍රහණ කරපු කණ්ඩායමට චූටි චම්මාගේ සූදුරු කිරි ටොපි ලැබුනා. චූටි චම්මාගේ කිරි ටොපී වලට සූදුරු බෝතලය වැරදිලා වැටිලා කියලා යන කට කතා බොරුවක් බවත් එය අලුතින්ම අත්හදා බැලූ කෑම වට්ටෝරුවක් බවත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා" 

"කෝ මගේ විජ්ජුලතෝ වරෙං ඇඳුම් මාරු කරන්න" කියලා මාවත් ඇදන් පිටිපස්ස දොරෙන් ගිහින් කලින් දැක්කේ නැති කාමරේකට ගිහින් දොර වහලා ඉන වටේ අත දාලා ළඟට ඇදලා අරන්

"සුදයියේ උඹ දන්නවද? අපි දැන් ඉන්නේ වලේ කාඹරේ. මේකට තමයි හැම මයුරවංශ කපල් එකක්ම බැඳලා ඉස්සෙල්ලාම පදිංචියට ආව කාමරේ."

"සිරාවට?" මන් කාමරේ වටේම බැලුවා. පරණ වුනත් කාමරේ සීතලයි. ඇඳකුයි, කණ්මාඩි මේසෙයි විතරයි තියෙන්නේ. 

"ඔව්. ඒත් අපිනම් ගේ කපල් එකක් නෙමේ දැන් ලෙස්බි කපල් එකක් වගේ ෆීලිං එකක් එන්නේ නැද්ද සුදයියේ උඹට?"

"රෙශඛ්‍ය!" 

"තරහද දැන් මන් අවුරුදු කුමාරි වෙච්චි එකට?" ඔරවන් ඉන්න මන් දිහා බලල ඇහුවම,

"හ්ම් ඔව්!" මන් ගස්සලා අහක බලා ගත්තා.

"අප්පේ! කෝ මෙහෙ බලනවා! මගේ මැණිකේගේ ලස්සන" කියලා මූණ ආයේ හරවගෙන තොල් වලින් හාද්දක් තියලා

"එන්න ඇඳුම් මාරු කරන් ඉක්මනට යමු. දැන් බනිස් කන්න තියනවා" 

කිව්වම මන් ඇඳ උඩින් ඉඳගෙන බලං ඉන්නකොට එයා සරම උඩින් ඇඳන් හිටපු ඔසරිය ගලෝලා අයින් කරනකන් ඉඳලා 

"රෙශඛ්‍ය!"

"හ්ම්?"

මන් යටි තොල හපලා ඇස් වලින් එන්න කිව්වම

"සුදයියේ?"

"එන්නකෝ!!!" අත් දෙක දෙපැත්‍තට විහිදන් ඇඳ උඩින් හාංසි වෙනකොට රෙශඛ්‍ය හෙමින් මගේ ඇඟට උඩට ඇවිත් ඇස් වල ගිලුනම මම ඒ මූණ අල්ලලා,

"මන් ඔයාට ගොඩක් ආදරෙයි බබා! ඔයා මොන වගේ කෙනෙක්ද කියලා තාම මට හරියටම තේරෙන්නේ නැති වුනත්, මන් ඔයාගේ හැම විදියටම ආසයි, ආදරෙයි. හැමදාම මෙහෙම ඉන්න රෙශඛ්‍ය"

"සුදු අයියේ, ඔයාව සතුටෙන් තියන්න මන් ඕනම දෙයක් කරනවා. ඔයා ජීවිතේට ඇති තරම් අඬලා තියනවානේ. ආයේ අඬවන්නේ නෑ කවදාවත්!"

"ඔයාට හොඳටම විශ්වාසද රෙශ්ඛ්‍ය?" මන් කුප්ප හිනාවක් දැම්මම

"සුදයියේ උඹනම්...." කියලා මගේ බඩ මිරිකුවා

"ඇයි?"

"ඇයි තමයි! අමුවෙන්ම කියන්නද?"

"කියනවා ඉතිං!"

"උඹව හුකනකන් මට කැරි අසහනයක් තියෙන්නේ!"

"රෙශඛ්‍ය!!!!" 

"හැබැයි අපි බඳිනකන් මන් උඹව හුකන්නේ නෑ. කෙහෙම්මල් සංස්කෘතිය නිසා නම් නෙමෙයි හැබැයි." මගේ කොන්ඩේ නලලෙන් අයින් කරලා ඉඹලා,

"උඹට වෙන අලාභහානි වලට මන් සම්පූර්ණයෙන් වගකියන්න ඕන නිසා. මට ඊටපස්සේ උඹව ආයේ ගෙදර යවන්න බෑ. මන්ම බලාගන්න ඕනා" 

මන් එයාගේ බෙල්ලෙන් අත දාලා මගේ මූණට ලං කරන් තොල් වලට තොල් තියාගත්තම කවදාවත් වුනේ නැති තරම් මෘදුව මගේ තොල් එයා සිපගත්තා. රෙශඛ්‍යට soft love making නුත් පුලුවන් කියලා මේ දැනුයි දැනගත්තේ.

"මන් උඹට ඒක්කෝටි හැත්තෑ ලස්සයක් ආදරෙයි සුදයියේ!"

"මන් උඹට එක්කෝටි හැත්තෑ ලස්ස පනස්දාහක් ආදරෙයි රෙශඛ්‍ය!"

ඔසරිය ගලවලා දාලා කමිසේත් ඇඳන් එලියට යනකොට කට්ටිය කාලත් ඉවරයි. මාත් කිරිබත් කෑල්ලක් කාලා, කෙසෙල් ගෙඩියකුත් කෑවා.

"දැන් එළඹෙන්නේ බනිස් කෑමේ තරඟය! දැන් බනිස් එල්ලලා පැදුරු දාලා ලැහැස්ති කරලා තියෙන්නේ. තරඟ කරුවන් කරුණාකර ස්ථානගත් වෙන්න!" තුර්ශ කියපු ගමන් ඔක්කොම පොඩි මයුරවංශලා පැදුර උඩ ඉඳගන්නකොට රෙශඛ්‍ය මාවත් ඇදන් ගිහින් පැදුරේ වාඩි වුනාම තුර්ශත් ඇවිත් එහා පැත්තෙන් වාඩි වෙලා,

"අපි කන්නේ බේකරි බනිස් විතරයි සවේ. මේ ඇත්තමයි!" 

"පලයං තුර්ශ" 

"එකායි, දෙකයි, තුනායි!" 

සේරමල්ලා එල්ලෙන බනිස් කනකොට චම්මලා ජූස් වීදුරු අරන් හිර වෙන එවුන්ට පොවනවා. රෙශඛ්‍ය නම් කටවල් දෙකට බිම දාගෙන බනිස කාලත් ඉවරයි.

ඊළඟට තිබ්බේ දෙහි ගෙඩිය හැන්දමත තියන් යෑම. ඒකේදි චූටි මාමාට දෙහි ගෙඩියක් මදි වෙලා එයා අරන් ගියේ චූටි අල ගෙඩියක්. නිමල් බාප්පා හැටට හැටේ දෙහි ගෙඩිය අරන් ගියාම සැකේට බැලින්නම් යටින් දෙහි ගෙඩිය කපලා. හරියට තරඟය දින්නේ තුර්ශ. ඌට නම් ගේමක් තිබ්බෙම නෑ. හොඳට දෙහි ගෙඩි ගෙනිහිල්ලා පුරුදුයි වගේ.

"හොඳයි දැන් යෝගට් කැවීම!" 

රෙශඛ්‍ය ඇස් බැඳන් මට යෝගට් කවලා මූන පුරා, ඇඟ පුරා යෝගට්. බ්ලයින්ඩ් ෆෝල්ඩ් එක ගැලෙව්වම මිනිහාගේ මූනේ මල් හතයි කුප්ප හිනාව දාලා උඩ බලං ඇස් කරකවලා කනට ලං වෙලා

"සුදයියේ මට නගිනවා ඕයි!" 

"රෙශඛ්‍ය!" 

"යෝගට් කාලා මෙහෙම ලස්සන නම්.... ම්ම්ම්ම්ම්"

"‍රෙශඛ්‍ය!!!" 

"අභිරූපණ රංගනයටයි දැන් අවස්ථාව! ඉස්සෙල්ලාම සුදු මාමා! සින්දුවක් තෝරගෙන ඇවිත් ඒක රඟ දක්වන්න ඕනා. කට්ටිය කියන්න ඕන මොකක්ද කියලා සින්දුව"

දැන් සුදු මාමා ඇස් දෙක පෙන්න පෙන්න නෑ නෑ කියනවා.

තුර්ශ,

"බලන්න ලස්සනයි මට බලන්න බෑ ඇස් නැති හින්දා" කියලා කිව්වම සුදු මාමා ඉනට අත් දෙක තියන්,

"මේක සින්දුවක්! හරිද? මේක සින්දුවක්"

රෙශඛ්‍යගේ වාරේ ආවම රෙශඛ්‍ය අතින් මලක් පෙන්නුවා

"අහ් මලක් නුඹ මලක්" නුවී කෑගැහුවම ඔක්කොම තුර්ශ දිහා බලලා හිනා වුනා. 

ඊටපස්සේ රෙශ්ඛ්‍ය නෑ නෑ කියලා ඉන ළඟට අත් දෙක තියන් ඇඟිලි වලින් තටු ගැහුවාම තුර්ශ,

"චූ....ටි කුරුල්ලෙක්" මට හිනා යනවා. හොඳ චූටි කුරුල්ලා. දැක්කනම් කියයි කුරුල්ලගේ තරම!

"බඹරා බඹරා!"

"අහ් මලට බඹරෙකු සේ!"

"අහ් හරි හරි ඒක තමයි" රෙශඛ්‍ය එහෙම කියලා 

"මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කියලා මගේ ළඟට ඇවිල්ලා මාව වටයක් කැරකෙව්වා"

ඒපාර අම්මා කිමෝනෝවක් ඇඳන්, ජපන් කුඩේකුත් අරන්, ලී සපත්තු දාන් එනකොට තුරශ,

"මේ අවස්ථාව ඉතාම විශේෂ අවස්ථාවක්, ජපානයේ ටෝකියෝ හන්දියේ සිට පැමිණි යකුශි අකාශී මියාමා මහත්මිය පැමිණෙනවා! කොනිචිවා!" කියනකොට අම්මා චූටි චූටි අඩි තිය තිය ෆෑන් එකත් ගහගහ එනකොට මටනම් දැන් බඩ බොකු ඇඹරිලා. අම්මා දෙකට නැවෙනකොට තුර්ශත් දෙකට නැවෙනවා. ආයේ අම්මා දෙකට නැවෙනකොට තුර්ශත් දෙකට නැවෙනවා.

"මේ අවස්ථාවේ ඇය අපිට වචන ස්වල්පයක් කීමට කැමතී. හචි කචී කුචි කුචි කුචී?" මයික් එක අම්මට දික් කරාම අම්මා

"කුචී කුචී" කිව්වම

සුදු මාමා

"මට හරි කුචී කුචී"

මතු සම්බන්ධයි...

More Chapters