LightReader

Chapter 21 - 21

තවත් මොකක් හරි ඇදයක් කුදයක් කියන්න කලියෙන් මං දොට්ට බැස්සා.....අනේ බැස්සත් හරි..මට එක පාරම බැලුනෙ පොල් වත්ත අස්සෙ හැංගිලා තිබුන මගෙ ගෙදර දිහා බේබි හාමු එදා බඩු ගෙනත් දුන්නත් අම්මගෙ අතේ තුට්ටුවක් නැතුව ඇති....මහ තැන කප්පරක් සයිස් වැඩක් කිව්වොතින් මට අදත් ගුනේ මාමා ගාවට යන්න බැරි වෙනවා.....

අනේ ඉතින් වලව්වෙන් බැන්දා කියලා මට බේබි හාමුගෙ ආදරේ ලැබෙන්නෙ කාමරේ ඇතුලෙදි විතරයි ....පිටට ඇවිදින් අතක් වත් අල්ලන්න බෑනෙ...අරගෑනිගෙ ඇස් දෙක දුවන්නෙම බිබික්කමගෙ පස්සෙ තනිකරම පෙරේත දිස්ටිය වැටිලා වගේ.....

හාමුගෙ සුවද පිරුන ඇද රෙද්ද තවමත් මගෙ පපුවෙ...හාමුගෙ සුවද එන්නෙ ඇද රෙද්දෙන්ද නැතිනම්.....ඇද රෙද්ද ඇතුලෙන් එතිලා තිබුන සරමෙන්ද....අනේ මං කොට්ට උර පවා ගැලෙව්වා.....කීයට එයිද...මොනවා කයිද....පරිස්සමින් ගියාද.....

මගෙ හිත ඇතුලෙ ප්‍රශ්න කෝටියයි.....

කාර් එක තියන තැන හිස් ...මට එහෙම්න " අපේ" කාමරේ දිහාව බැලුනා...මීට දවසකට කලින් බේබි හාමුගෙ උනත් ...දැන් මැනිකෙට හොරාවට " අපේ " කියන්න අයිතිය ඕනාවටත් වඩා තියන මං ඇරලා දාපු ජනෙල් පියන් දෙක අස්සෙන් කාමරේ දිහා බැලුවා....

අනේ ඉතින් ඔතනනෙ ඉන්නෙ...අත් දෙකත් පිටිපස්සට බැදගන...ඇහැල ගස් දිහා බලාගන කොයි තරම් නම් වෙලාවක් ඉන්නවද....

මට හරි පාලුයි මගෙ ඉන්ධර් .....

හාමුව මතක් උනත් හරි....හීනිම හීනි හුලන් රැල්ලක් ඇවිදින් මගෙ කම්මුලටත් හාදුවක් තියාගන රැයක් එලිවෙනකන් නිදි වැද්ද දැන් හරි හිමීට හුස්ම ගන්න ඇහැල මලුත් නලවගන යන්න යනකොට හුලග හන්දම බිමට වැටුන ඇහල මල් දෙක තුන දිහා මං බලාගන උන්නා ...

හාමු ගාව ආදරේ තියනවා උතුරන්න.. .....

ආ....ඇසලයො...උඹ තාමත් ඔතනද...මක්ක කරනවද වගේ වගක් නැතුව ගස් කොලන් දිහා බලාගන....

අනේ අම්මගෙ රෙද්ද දිහා බලන්නෙ...මටත් ඉතින් මෙවෙලෙට තමයි අප්පච්චි කනමදයා වගේ බීගන ඇවිදින් කියවන අපිවත් එක්ක බඩ වෙන තිත්ත කුණුහර්ප මතක් වෙන්නෙ...යන්තන් හයහමාර පහු උනා විතරනෙ....මක්කටද මේ ගෑනි නහින්නෙ...

ඒකටත් එක්කම....ඊයෙ රෑ මහ හාමුවා මොනවත් දුන්නෙ නැද්ද දන්නෙ නෑ...

නාඹර අව් රැල්ල ඇවිදින් මුලු පොල් වත්තම වහගන මදිවට රෑ පුරාවටම නිදිවරාපු ඇහැල මල් උඩටත් වැටිලා තිබුනා...ඇහල මලක් දකින වරයක් ගානෙම මට මතක් උනේම ආදරේ උතුරන්න දෙන ඉන්ධර් හාමුව වෙනකොට මං උන්නෙ හීනෙන් ඒ සුවද හොය හොය....ඒ පපුවට ආයම තුරුල් වෙන්න ඇතිනම් කියලා හිත හිත ඒත්...එක තත්පරයයි.....මගෙ මුලු හීන ලෝකම එක පාරම කඩන් වැටුනා.....මහතැන බෙලි කටු මල්ල හොලව හොලව කගහනකොට මට ගිහින් මගෙ ඔලුව අර ඇහල ගහෙ කදේ ගහගන්න හිතුනා....

කොච්චරවාත්..කියවනවා...කියවනවා.....අම්මපා මේක ගොලු වෙලා යන්නෙ නෑනෙ...

කෝ...ගනින් ඔය බංකුව....බලපන් උඹ තැන් තැන් වල ටැග් ගැහි ගැහි ඉන්නවා අඩුම ගානෙ වතුර ටිකවත් පුරවල නෑනෙ බේසමට...

.මං අතේ තිබුන් ඇද රෙද්ද වෙන බේසමකට දාලා බේබි හාමුගෙ සරමයි රෑ ඇදපු ශර්ට් එකයි මැනිකෙට දුන්නා....වතුර පුරවලා නෑලු.....ඇයි යකො මෝටර් කරලත් වතුර තියනවා....කරන්ට් එක යනවා කියලා ටැප් එක අරින්නෙ නෑනෙ....පුදුම කුනුකමක් තමයි මගෙ අත් දෙක කැඩෙනවා මහ තැනට වතුර ඇදලා...

ආ බන් ඇසලයො.....

අපෙ මැනිකෙ....

ලින් කටෙ ඉදන් අඩි තුනහතරක් යටට යනකොට ලිද බැදපු ගල් පුරාවටම පාසි බැදෙනගමන් තිබුනා...දැන් දැන් නම් නම් නොදන්න ගස් පවා ගල් හිඩැස් මැදින් එලියට මතු වෙන්න අර තිබුන.....ලිද සුද්ද කරන්න කාලෙ හරි...අනේ අම්මෙ...ඔව්වා කියන්න යන්න හොද නෑ...කඹයක් ගැට ගහලා මාව බස්සයි...ඒ තරම් දෝදු මුන්ට.....

වැවුන ගස් වල වැදීගන ගියපු යකඩ පනිට්ටුව "තග්" ගාන සද්දෙන් වතුරට වැටෙනකොට සබන් කුඩු එකෙන් අහුරක් අරන් බේසමට දාලා මං වතුර දානකන් බන්කුව උඩ ඉදගන බලන් උන්න මැනිකෙ තනිකරම බන්කුවක් උඩ දාපු ගොම්බෙට්ටක් හා සමාන උනා.....

ඉදන් ඉන්න හැටියට මේ ගෑනිගෙ පපුව කොයි වේලෙ හරි එලියට පනී කියලමයි මට හිතෙන්නෙ...ඇයි...කකුල් නවන් ඉදගත්තම අර තම්මැට්ටන් දෙක දනහිස් වලට තද වෙනවා. ..ඇරත් මං දැකලා තියනවා මැනිකෙගෙ තන පටි වැලේ වනලා තියනවාතනිකරම පිට්ටු ගොට්ට සයිස් ...බිබික්කමත් දාහතර අවුරුද්දක් වත් ඕකෙ එල්ලිලා ඉන්ඩ ඇති....බිබික්කමද...මහ නාකියද දන්නෙ නෑ....ඒකත් වෙලාවකට මහ තැනගෙ පස්සෙන් කැරකෙන්නෙ සුගලා දේවි දැන් කොටහලු වෙලා ගෙට ගත්තු එකී ගානට...අනේ මන්දා....නාකියට කොන්දෙ කැක්කුම මේකට මොකක් හරි කරලද දන්නෙ නෑ...අනේ ඉතින් ඔය දොදල මැදින් පාර හොයන්න ටෝර්ච් ගහන්න ඕනා.....බේබිහාමු කියන්නෙ නම් බෙල්ලෙන් පහල ස්වර්ග දොරටුව කියලා ...ඉනෙන් පහල කියන්නෙම ස්වර්ගෙ කියලා.....

මහ තැනගගෙ තම්මැට්ටන් දෙක හන්දා ඇතුලට රිංගන්න බලන් ඉන්න දේව මන්ඩලෙම අර කානු පාර දිගේ හිර වෙනවා ඇති...

ඇරත්...මං හිතන්නෙ නෑ ඉනෙන් පහල ස්වර්ගයක් ඇති කියලා .....එක්කො බර්මියුඩාව...නැත්ත සතර අපාය....මොනා උනත්..මහ එකා නම් මැරෙනවා ඇති...ඇද රෙදි කෙසේ වෙතත් නාකියා අඩනව ඇති දැන් නම් බෑ කියලා

ශිහ් ...හිතන දේවල් මමත්!!!!

කෝ ඇසලයො මේකෙ මේ බේබි හාමුගෙ යට කලිසම...??

කරස්.....කරස්.....ගාන සද්දෙන් බොලොක්කෙ කැරකෙනකොට දහසක් දේවල් හිත හිත මං ලිදට දාපු වතුර පනිට්ටුව ආපිට උඩට ඇද්දා.....ඒ පාර යට කලිසමක් අහනවා ...මේක හිතන් ඉන්නවද දන්නෙ නෑ මං හාමුගෙ යට කලිසම ඇදන් ඉන්නවා කියලා ...බිබික්කමට කියන්න ඕනෙ අනේ උඹගෙ යට කලිසමෙ ඉදලා අම්මගෙ අතට ගුලිකරලා පලයන් කියලා මේ මොන මගුලක්ද මේ..ඒකට දැන පනහකටත් කිට්ටුයි ...තාමත් නොදරුවා කියලා හිතන් ඉන්නෙ.. ..

පාක්කුඩම වගෙ ඔක්කොම දැතටම පුදලා යන්න කියන්න ඕනෙ....ඇයි වදෙ ඒ මනුස්සයා ඊයෙ රෑ ඇදන් උන්න එක අද උදේ ඇගපත හෝදනකොට හෝදගන්න ඇති ඇරත්...මට මතකත් නෑ බිබික්කම යටට මොකක් වත් ඇදන් උන්නද කියලා ...

මං ඇස් කොන් වලින් සුගලා දේවි දිහා බැලුවා...පහුරු ගානවා...පහුරු ගානවා.....අනේ ඉතින් පොර කිකිලි වගේ පහුරු ගාන්නෙ මගෙ මිනිහගෙ අමුඩනෙ.....හිටපන්කො.....ඒකත් ඇවිදින් මගෙ මැනික ගගා ආයම ඇග උඩ නගින්ඩ මායන් වෙන්ඩ කලින් අම්මගෙ කල්කිරියාව ගැන කියලා දෙන්න....මොන දෙ නැතත් පොල් බිබික්කමට කියන්ඩ ඕනා අමුඩෙ කොහොම හරි අම්මට දීලා පලයන් කියලා...

බේබි හාමුගෙ යට කලිසම අහ අහ සිය පාරක් විතර සරම ගසන මැනිකෙ දිහා බලන් උන්න මං " මේකිට කියලා වැඩක් නෑය" කියන්න වගේ ඔලුව පොඩ්ඩක් දෙපැත්තට වනලා ආයම කට ඇරියා...නැත්තන් මගෙ අමුඩෙ ගලවලා දෙනකන් ඕක හොයාවි.....

මැනිකෙ....බේබි හාමු උදේ ඇගපත හෝදනකොට හෝදගත්තද දන්නෙ නෑනෙ... අර ඇතුලෙ නනා කාමරේදි....

අපෙ මැනිකෙ .....උදේම්ම ලිද ළඟ.....

අපෙ මහත්තයා නැගිටලා....මං මේ කොලුවගෙ රෙදි හෝදනවා....

ඇසලට දීලා ආවා නම්....

ඌට මේ රෙදි කන්දක් තියනවා හොදන්ට....මේන් මේ රෙදි කඩවල් දෙක තුනයි...

මනාපයක් ....මැනිකෙගෙ ආදරේනෙ ඉතින් ඔය.....

අනේ හැව් ..හැව්...ආදරේ නෙවෙ...ඕකට කියන්නෙ...එතකොට පුතන්ඩියට මං ආදරේ නෑනෙ...

මං මහ නාකියා දිහාත් රවාගන බලන් ඉදලා සබන් කුඩු එක අතට ගත්තා ....

මැනිකෙට හෝදන්ඩ නෙවෙ නාගන්න ඕන තරමට වතුර දාලා ඇද රෙද්දට සබන් කුඩු දදා මන් රෙද්ද පෙගෙව්වා....එච්චර අතුල්ලන්න දෙයක් නෑ...ඒ උනත් යට හරියෙ පුංචි අවර්න පැල්ලම් තිබුනා..එකක් නෙවෙ...නොසෑහෙන්න.....මැනිකෙ එහෙන් තප තප ගගා රෙදි හෝදනකොට මං මැනිකෙට ඉස්සරහින් රෙදි හේදුව...

ආ බන් ඇසලයො....

අපෙ මැනිකෙ....

කාගෙද මොකද ඔය ඕක....

ම්..මොකක්..ද මැනිකෙ....

මං උන්නෙ ඇගම වැහෙන්න ඇදුමක් දාගන...රැයක් එලිවෙනකම්ම ඉන්ධර් හාමුගෙ ඇගට යට වෙච්ච මට ආදරෙ සලකුනු හුගාරියක් බේබි හාමු මගෙ සර්වාංගෙ පුරාවටම ඉතිරි කරලා යනකොට මැනිකේ කතා කරපු විදිහට මාව ගැස්සිලා ගියා...

උඹ රිදෙයි කියල හිතාගන අතුල්ලන්නෙ මොකක්ද මං අහන්නෙ....

ආ...මේ...මේකද...මැනිකෙ...මේක..මගෙ...රෑ ඇදුම....

මගෙ මූන බෙරි උනා....මගෙ විතරක් නම් බැරියෑ.....මැනිකෙ මූනත්...මැනිකෙ උන්නෙ මං මගෙ ලිංගික අව යවෙ ගලවන් අතට අරන් ඉන්නවා හා සමාන හැගීමකින් වෙනකොට වතුරට තෙත් වෙලා වලාකුලක් තරමට සිනිදු වෙලා ගිපු රෑ ඇදුම දිහා සුගලා දේවි මහ නමනින්දාවෙන් බලන් උන්නා...

මොකක්....රෑ ඇදුම...ආබොල.....ඕක අමුහෙලුවෙන් වගේනෙ.....සීවරන් දෙයියනෙ....ආබොල...තෝ ඕක ඇදන්ද බේබි හාමුගෙ කාමරේ නිදියෑවෙ .. හහ්...අපූරුයි.....

අයියෝ ම්නිකෙ...වරදවාහිතන්ඩ එපා...මේකට යට බැනියමක් එක්ක දික් කලිසමක් තියනවා...අපෙ මැනිකෙ නිස්කාරනේ බය වෙලා....අරත්....අච්චර වැදගත් බේබි මහත්තයා හාව මං කොහොමද මැනිකෙ තනි රෙද්දෙ නිදා ගන්නෙ....

......

මං බොරු පෝලිමක් අතඇරිය....ගෑනි නහින්ඩ හදනවා...මහ මැනිකෙ දන්නවා නම්...මෙක ඇන්දත්...බිබික්කම මේකෙ තිබුන බොත්තම් ඔක්කොම ගලවන් හෝරා ගානක් විතරමගෙ බඩ උඩ නැගන් ඩක්කු පැද්ද කියලා මාව ලිදට දානවා...ඇරත් මේක හරි මගුලක්නෙ...බිබික්කටම කියන්ඩ ඕනෙ නේ උඹේ කවි කතාත් එපා...දිය වෙන වදනුත් එපා...උඹ ගිහින් අම්මටම තුරුල් වෙයන් කියලා ...දරු මල්ලො බලන්ඩ ආසාව.....එහෙනම් ඉතින් බිබික්කම ගෑනි ගාවට යවන්ඩ වෙන්නෙ ඇස් බැදලා...ගෑනිගෙත් අදාල තැන විතරක් ඇරල...මේක මහ වදයක් උනානෙ...ආවදෙන්කො....පොල් බිබික්කමට ඔක්කොටම කලියෙන් කියන්ඩඔඉනෙ උඹගෙ පෙකනි වැල තවම කපල නෑ කපාගනින් කියලා ....

මේකත් වනපන්....අන් යනවා හාමු මහත්තයට තේ එක දෙන්ඩ...ඇවිත් පොල් ටිකක් ගාපන්...කැකුලු හාල් තියනවනෙ.....කට්ට කරවල කෑල්ලක් තියනවා.....නන්දා එන්ඩත් තව හෝරාවක් වත් යයි.....උඹලගෙ සුද්දියා අද ඉස්කෝලේ යන්ඩ ඇතිද....

යන්ඩ ඇති මැනිකෙ...

ම්ම්ම්...ඒකි ඉගනගත්තොතින් තමයි...උඹ ආය කොහෙ යන්නද...වැඩක් පලක් කරලා හරි කීයක් හරි නන්දට දැන් අතට මිටමොලවන්ඩ ඉන්නෙ උඹ විතරනෙ.....

හ්ම්..හම්.....කාමරේ ඇති ලොකු හාමුගෙ සරමයි තව කමිස දෙක තුනකුයි ..ඒ ටික පෙගෙන්ඩ දාපන්කො....තෙල් උරලා ඇති ඇදුම් වලට ....

පැයක් තිස්සෙ සරම අතුල්ලපු මහ මැනිකෙ අවසානෙදි ඉන්ධර්ගෙ සුවද එලවලම දාලා තිබුනා.....වතුර ගසාපු සරම මං වැලට දැම්මත් මතක් උනේම නලල හාදුවක් තියලා ගියපු ඉන්ධර් හාමු වෙනකොට ගෙදරම බර කරට ගන්ඩ ඉන්නෙ මං විතරනෙ කියන බරම බර යුතුකම මට මතක් කරපු මහ මැනිකෙ පොල් ගෙඩියක් ගාව ගන්ඩ ඕනෙය කියලා එන්ඩ කිව්වා .....

උදේට කැකුලු බත් එක්ක සම්බෝල වෙන්න ඇති ...කරවලබදීද...තෙල් දායිද ...බැද්දම රසයි....එත් තනිකරම ලුණු කායන් වෙනවනෙ...එකනෙ වැඩේ ....

පොල් ගාන්ඩ කිව්වට ඔය ගෑනි මාව පොල් ගාලා අත අරීද...නෑනෙ..මහ තැනගෙ රෙදි පෙගෙන්ඩ දාපන් කිව්වට .පැයක් යන්ඩකලින් ඔය පඩංගුව හෝදන්ඩ කියාවි...නහයට ගන්ඩ බෑ බෙහෙත් තෙල් ගද...ඒ විතරක් නෙවේ...ඇයි මිදුල් දොරකොඩවල් අතුගාලා මට මුලු ගෙදරම දූවිලි පිහන්ඩ කියාවි...ඒකත් කමක් නෑ...මේක මේ ඇගිල්ලෙන් අතුල්ල අතුල්ල පිහපු තැනුත් බලන එකනෙ උහුලන්ඩ බැරි...අ.ර ග්‍රැමෆෝන් එක මට ලෙව කන්ඩ කියන්නෙ නැති ටික ව්තරයි .....

ලෙලි ගහපු පොල් ගොඩෙන් ලොකුම ගෙඩියක් තෝරපු සුගලාවති ඒක පැත්තකින් තියලා මහ නාකියට උදේ කිරිඑක රත් කරන ගමන් උන්නා...අනේ....අම්මේ.....ඒවල සෝබනේ.....කිරලා මැනලා තමයි ඔක්කොම....මේකටයි බිබික්කමටයි තේ එක ..බත් ගෙඩිය දෙනකොට සාම්බ්‍රානි දාලා.දුම් අල්ලන්නෙ නැති ටික විතරයි ....

ඉන්ධර් උදෙම්ම ගිහින් නේද මැනිකෙ....

එකනෙ මහත්තයා ...අරකා මට දෙතුන් වංගියක් කතා කෙරෙවලු...ඇහුන් නෑනෙ...අපෙ මහත්තයට ඇහුනද.....

ම්ම්හ්හ්...නෑ...කොහෙද ....රෑ එලිවෙනජාමෙටනෙ මැනිකෙ ඇහැ පිය උනෙ...

මං උන්නෙ දොර රෙද්දට එපිටින්...හාමුවගෙ තෙල් ගන්දස්සාර ගහන සරමයි ඊයෙ රෑ ඇදපු කමිසෙකුයි තවත් යට බැනියම් දෙකක් විතරයි කිලුටු බේසමේ තිබිලා අරන් ආව මං දොර රෙද්දට මෙහා ඉදන් මහ තැන් දෙකගෙ කතාවට කන් දුන්නා....

රෑ එලිවෙනජාමෙට ලු නින්ද ගියා කියන්නෙ...මක්ක කරලා එලි වෙනකන්....

මං ආයම කන්දුන්නා....

අපෙ මහත්තයාට දැගලිල්ල හරියට .....මගෙ කොන්ද නැ වගේ.....

මැනිකෙ මනාප නැතුවද.....වයසට ගියාය කියලා .....

..කට කට අපෙ මහත්තයා ....අරකට ඇහුනොත් ....

චික්කෙ....!!මගෙ කන් දෙකත් එක්ක මොකක්ද වෙලා ගියා..කට වචනෙට කුනුහර්ප කිව්වට මොකද...මං හිතුවෙ නෑ....මේ නාකි බඩු දෙක මෙහෙම කියලා .....නිස්කාරනේ උඩ පනින එකේ තව බිබික්කමක් වැදුවා නම් අහවරනෙ...කොච්චරවාත් මගෙ එකා. පස්සෙ පන්නන්නෙ.....

.ඇහෙන් නෑ..ඌ කාමරෙ....මැනිකෙ අර දුන්න ගුලිය නම්...පන්කාදු පහයි...ඇගපතට හරි හයියයි.....

චිහ් ...අපෙ මහත්තයා මේ විගඩන් දොඩවනවා....මන් මෙ මගෙ දරුවා ගැන කම්පා වෙනවා...බත් කටක් වත් පිටින් කන්නෙ නැති එකෙ..දවසම බඩගින්නෙ ඉදිදෝ කියලා හිතෙනකොට පපුව දැවිල්ලයි හරියට .....

විකාර....මට බේබි හාමු කිව්වා අදට ව්තරක් කන්නම් කියලා ...පපුව නම් දනව ඇති තමයි...මගෙත් තාම දනවා....කෝපි පාට ලප ගගා පොඩි බිබික්කම කෝපි මල් පිපෙනකන් තලපු තැලිල්ල මමනෙ දන්නෙ...ඔව්වා නම්..කෝපි නෙවෙ තනිකරම අඹේවෙල කිරි පැට්ටේරිය තමයි....අනික....ඔච්චරම බේබි හාමු මත්තෙ නැහෙන්නෙ.....ඒ මනුස්සයා දැන් තලතුනා මනුස්සයෙක්නෙ...

අම්මලාගෙ ආදරේ හැමදාම එක වගේ.....ඒත්...මේක...මේක මේ තනිකරම ලෝභකමක්නෙ...මං මොකටද ඉන්නෙ..මාව ගෙනේවෙ කොට්ටෙට විතරද....කොච්චර උනත්...මං මහත්තයට ආදරෙයි .. බේබි හාමුත් මනාප...දැන් මගෙ අතින් කහට එකක් බොන්න.... කොච්චර කොහොම උනත්..අනේ අපි දෙන්නත් දැන් කූඩුවක් හදාගත්තු උන් දෙන්නෙක්නෙ...සරමක් අල්ලන්න දෙන්නෙ නෑ....තේ එකක් හදන්න දෙන්නෙ නෑ.....

දවල් වෙලා ටැලිපෝන් කෝල් එකක් වත් දීලා බලන්ඩ අපෙ මහත්තයා

වාසිටියෙ වැඩ ඇති මැනිකෙ.... ටැලිපෝන් කෝල් දිදි නිස්කාරනෙ කොලුවට වද දෙන්න නරකයි...ඒකට හරියන්ඩ හෙට උදෙම්ම නැගිට්ටා නම් අහවරනෙ....හ්ම්..හ්ම්...ඉක්මන් කෙරුවා නම්..මට අද අර අටේ කෑල්ලෙ පොල් කඩන්න යන්ඩ තියනවා....

තව දුරටත් විකාර කතා අහන් ඉන්න බැරි මං හාමුවගෙ මුඩු තෙල් ගද ගහන සරම අරන් ලිදට දිව්වා.....

ඕන් ඔව්වා හරි ප්‍ර්වේසමෙන් මැදපන් ඇසල.....බිදිනවා නෙවෙ ...

එහෙමයි අපෙ මැනිකෙ.....

මං උන්නෙ කොස්ස අතේ තියාගන...කිව්වත් වගේ මට පොල් ගෙඩිය ගාලා නම් බේරුමක් නැති උනා.....කැකුලු හාලෙ බතට කොච්චි දාලා ගලෙ අඹරාපු පොල් සම්බෝලෙයි....කරවල බැදුමයි එක්ක බෙලෙක් පිගානෙ බත් ගිලපු මට දැන් ඉතින් තියෙන්නෙ කාපුව දිරවනකන් වැඩ කරන්න....

කාපු බීපු මහ තැන යන්ඩ යනකොට දෙපැත්තට පැද්දි පැද්දි යන තම්මැට්‍ටම රෑ ඇදුම ගලවලා අද ගිනි ගහන රතුපාට කපු ඔසරියක් ඇදගන අගස්ති මාල ජැට හුටාමාරත් ඇග වටේ ඔතාගන මට අන දෙන්න ගත්තා .....අරක පිහපන්...මේක පිහපන්...

අම්මා ආවලු...අනෙ මට අම්මා එක්ක කතා කරන්න තියා ඒ මූන දකින්න වෙලාවක් නැති උනා...සුද්දියා ඉස්කෝලේ ගියාද වත් අහන්න බැරි උනා...

.සම්පූරනම සාලෙ අතු ගාපු මං සාලෙ තිබුන බඩු මූට්ටු පිහන්ඩ ගත්තා ..අනේ..අම්මෙ...මේව හරි පරිස්සම්.....ඇත්දල....පිත්තල පහන්...පිත්තල මල්පෝච්චි .....

ඒ විතරක් නෙවෙ...බාබි හාමුගෙ පින්තූර පෝලිමක් තිබුනා....

.උඹ ඇත්තටම බඩගින්නෙද මගෙ ඉන්ධර් .....ඒක හන්දද....කොච්චර වතුර බිව්වත්...මට කටක් දෙකක් හිර උනේ.....

අතට ගත්තු බේබි හාමුගෙ තරුන කාලෙ පින්තූරේ පිහපු මං ඒ ඇස් දෙක දිහා බලාගන සෑහෙන්න වෙලාවක් උන්නා.. බේබි හාමු බඩගින්නෙද නැති නම්..ගෙදර උන් බඩගින්නෙද කියන්න උත්තරයක් හොයා ගන්න බැරිව මං වැට උඩ නවතිනකොට සාලෙ කොනක තිබුන ටෙලිපෝන් එක අඩන්න ගත්තා .....

ලොකු මැනිකෙ ...

ලොකු මැනිකෙ කෝල් එකක්.....

මන් පිහ දදා උන්න ඵොටො එක පැත්තකින් තියල මහ තැනව හොයන් ගියා....මහ තැන අම්මා එක්ක කෝප්පෙක....අම්මා පලා මිටියක් තෝරනවා..අරක පපුවට අත් දෙක බැදන් ආඩම්බර කම් කියවනවා....

ලොකු මැනිකෙ කෝල් එකක්....

හිටින් බලන්ඩ ...අපෙ අම්මෙ....දනිස් පොල්කටු කැක්කුම හරියට....

සැරයක් දෙසැරයක් අඩලා නැවතුන ටෙලිඵෝන් එක ආයම අඩන්න ගත්තා ....දොදොලවගේ නටන තට්ටම් පද්ද පද්ද ගියපු ලොකු මැනිකෙ ආයමත් අඩන ටෙලිපෝන් එක ගාවට ගිහින් මහා අහංකාරෙට හෙලො කිව්වා...

හැලෝ....හැලෝ...කව්ද මේ...

හැලෝ....හැලෝ...කවුදැයි මේ...හලෝ...

මන් මැනිකෙ දිහා ඇස් යටින් බලාගන ආයම පින්තූරයක් පිහන්න ගත්තා ....දහ වංගියකට වඩා හලෝ හලෝ ගගා නැහුන මහ තැන ඵෝන් එක තියලා යන්න යනවත් එක්කම ආයම ආයම ඵෝන් එක ඇඩුවා...ආයම පරන සෙල්ලමමයි ...කොච්චර හැලෝ...හැලෝ..... ගගා නැහුනත් එහා පැත්තෙ මීක් නෑ...කිව්වට විස්වාස කරන්න දැන් ඔය වැඩේ පිට පිටම දෙතුන් වංගියක් වෙනකොට සුගලාදේවිගෙ මූන කුන්ඩහට්ටියක් වේගන ආවා...

මොකෙක් හරි පරයෙක් කොලොප්පමකට වත් ගත්තද.....??

ඔන්න මැනිකෙ ආයමත්.....

හැලෝ....මේ මොකාද මේ කොලොප්පම් කොරන්නෙ කියනවා නම්...උඹ දන්නවද මං කව්ද කියලා...මං ඉරුගල්බන්ඩාර වලව්ව් මහ මැනිකෙ....මහ හාමුගෙ මැනිකෙ...වාසිටියෙ උගන්නන පොඩි හාමුගෙ අම්මා...මොකාද උඹ.....කොලොප්පමකට ගත්තද මාව....?

ඉතින්.....එහා පැත්තෙ එකාට පාන්ද....නෑනෙ...නේ....

මං හිත යටින් හිනා වෙවි වලවේ මහ මැනිකෙ ගගානහින්ඩ හදන මහ තැන දිහා බලන් උන්නා..

මොකෙක් හරි මාව කොලොප්පමකට අරගන.... 

මැනිකෙට ආව තරහව ගියෙ ඵෝන් එක පිටින්...දඩාස් ගාන සද්දෙත් එක්ක ඵෝන් එක තියපු මැනිකෙ ආවට වඩා වේගෙන් පද්ද පද්ද කුසියට යනකොට මං අර සදුන් ලීයෙන් කැටයම් කපාපු මල් වැල පිහින්න ගත්තා විතරයි ආයමත් කෝල් එකක් ආව....

මැනිකේ....

ඕන් ඔය කුපාඩියා මොකාද බලාපන් ඇසලයො...මගෙ කකුල් රුදාව ඒ කෙරෝලට මේ කරෝලට දුවලා.....

එහමයි මැනිකෙ ....එහෙමයි.. බලනම්කො අපෙ මැනිකෙට අරියාදුන්කරන පඩත්තරයා මොකාද කියලා ...

කතා කරපු එකා මොකා උනත් මැනිකෙගෙ හිත හදන්ඩත් එක්ක ඇනුම්පදයක් කියපු මමත් ඉක්මනට ඵෝන් එක ගාවට දුවල සුදුපාට රිසිවරේ කනේ තියා ගත්තා .....

හෙලෝ.....

"මැනික...."

හත් දෙයියනෙ...අනේ බේබි හාමු....!!මාව සීතල උනා....පඩත්තරයා කියලා බැනලා තිබුනෙ මගෙ ඉන්ධර්ට වෙනකොට මං කටට අත තියා ගත්තා ...ඒ කටහඩ...අනේ ඒ කටහඩ ඇහුවත් හරි...මගෙ පපුවත් එක්ක හිරි වැටිලා ගියා...මගෙ ඉන්ධර්....

බ්..බේබි හාමු.....

මගෙ ඇහල මල උඹ මතක් උනා.....මගෙ මැනික මක්කද කරන්නෙ ම්ම්ම්....

අනේ..බේබි හාමු.....

මං කටට අත තියාගන කුසිය දිහාවට ඇස් කරකව කරකව මිමිනුවා....අනේ මාව මතක් උනාලු...මටත් මතක් උනා...අනේ මට කියන්න හිතුනා...උඹ ගිය තත්පරේ ඉදන් මටත් මතක් උනාය කියලා ....

ම්ම්ම්...බේබි හාමු තමයි.....දැන් සුදු මහත්තයා කියන්න කාලෙ හරි නේද ම්ම්ම්ම්ම්ම්...

........

ඇයි....මගෙ මැනිකට ලැජ්ජද...එහෙම කියන්න.....ම්ම්...

න්..නෑ...ඒත්....කාටවත්...ඇහුනොත් ...

ම්ම්ම්...කවුරුත් ළඟ පාත නැති නම්....කතා කරපන් ඒ විදිහට....මනාපයි මගෙ මැනිකගෙ කටින් එහෙම අහන්න....කොයි වෙලාවෙත් බේබි හාමු...බේබි...හාමු...මං උඹව මගෙ කරගන අහවරයිනෙ.....පපුවට තුරුල් උනහම විතරද මං සුදුමහත්තයා ?

.......ම්ම්ම්

මං හොරගල් ඇහින්දා.....හාමු ඉන්නෙත් හත් ගවුවක් දුර....කියන වචන ඇහෙන්නෙත් ..මෙ දගර ගැහුන වයර් එක දිගේ...ඒත් .....කියවන වචනයක් ගානෙ මාව සූකිරි කැටයක් දියවෙන්නා හා සමානව දිය වෙන්න ආවා....මාව අයිති කරගන ඉවරයි කියපු විදිහ එක්ක මගෙ යටි බඩ දිගේ හිරියකුත් ගියා...

මැනික....

ම්ම්ම්...

"ආදරෙයිද සුදු මහත්තයට ම්ම්ම්ම්ම්..."

මගෙ කන් දෙක රත් උනා.....ආදරෙයිද සුදු මහත්තයට කියලා බේබි හාමුමම් කොදුර කොදුර අහනකොට මගෙ බඩ ආයම කොර වෙන්න ගත්තා .....ආදරෙයි කියලා කියා ගන්න ඕනා උනත්...අනේ ඒක මට කියා ගන්න බැරි උනා.....ඉන්ධර් හැම වෙලේම මාව වචන වලින් ගොලු කරනවා.....

.

කෝ ඉතින්...මනාප නැද්ද කතා කරන්න ම්ම්ම්ම්.....දන්නවද.....මෙහෙ....හරීයට මල් පිපිලා...කහපාට මල්.....දුසිම් ගනන් පිපිලා ...මගෙ ඇහල මලේ පාට හැම තැනම තියනවා ....මට ආසයි මැනිකව එක්ක එන්න....දන්නවද ..මෙහෙත් ඉන්නවා අත්වැල් පටලන් ආදරේ කරන කවියො වගේම කිවිදියො නොසෑහෙන්න...උන්ගෙම හදවල් එක්ක තැන් තැන් වල තනිවෙච්ච ...

......

මගෙ ඇහල මල....මනාප නැන්ද...හන්තානෙන් මතු වෙන හද කොයි තරම් ලස්සනද කියලා මගෙ ගාව ඉදන් බලන්න....ම්ම්ම්ම්.....

උඹ මාව පිස්සු වට්ටලා ඇසල...නාකි මට උඹ කියන්නෙම මෝහිනියක් වගෙ ..හීනි ඉග දැක්කම මන්දෝධරී පරාදයි වගෙ....ආදරේ ගාවදි මිනිස්සු වහවැටුනම හරි අමාරුයි ඇසල....උඹව සත් මහලක හිර කෙරුවොතින් ...එදා උන්න දිඝ ගාමිනි පරාදයි ඇසල.....

මැනික අහල තියනවද ..හෝපලු පිපෙන්නම ලස්සන ගෑනු ගහට පයින් ඇන්නම කියලා ...ඒත්...මට හිතෙනවා....මගෙ මැනික ඇන්නොතින් ....ඍතුවක් නැතිවම හෝපලු පිපෙයි කියලා ...

.......

මට හුස්ම නෑ වගෙ...එයා මට නොකියා කිව්වෙ...මං අශෝකමාලට වඩා ලස්සනයි කියන එකද...අනෙ ඇයි ඉන්ධර් උඹ මේ තරම්ම මට ආදරේ.....???

මේ පලුවම හරි හිස්වගෙ ඇසල ....මතක් වෙන්නෙම ගෙදර තියලා ආව මගෙ ඇහැල මලව....මතක් වෙන්නම.....පලල් උරහෙට යටවෙලා කොදුරපු ඇහැල මලව...උඹ දන්නවද.. මලක් උනත්. .ලස්සනම....බඹරු එක්ක මුමුනකොට ..හරියටම ...මගෙ මැනික...රෑ එලිවෙනකම්ම මගෙ එක්ක මිමිනුවා වගේම....මලක් උනත් සරාගීම.....හොර හොරාවට පෙති දිග ඇර ඇර ආපහු හොර හොරාවට අකුලනකොට ..හරියටම ...මගෙ ඇහල මල...පාර පෙන්න පෙන්න වහන් කරගත්තා වගේම... ....දන්නවද....ඇසල...උඹ කියන්නෙම...බිදෙන් බිද තොල ගාන්න ඕන අමෘතයක්.....

........මං මගෙ කකුලෙ ඇගිලි දහයෙම්ම මහ පොලව බදාගත්තා ...හරියටම මාව මේ දැන් වැටෙයි...දැන් වැටෙයි කියන බයට වගේ.....

ඔය කියෙව්වා මදෑ.....මගෙ ඇසලට කොහොමද දැන් ම්ම්ම්ම්...මං දන්නවා....නොසෑහෙන්න විඩාව ඇති...ළඟ ඉදන් ඔලුව අතගාන්නවත් කාලයක් නැති උනා...කොහෙද ....උඹගෙ ඇස් සැරින් සැරේම කිවේම මට උඹව තව තව තලන්න කියලා ...ඉතින් මැනික මට කොහෙද ඔය ඇස් ගාව නිනව්වක්...ම්ම්ම්...උඹ මට යට උනහම හරි චන්ඩයි....තෙත් වෙවී කියන්නෙම තව තලපන් කියලා .....කාරි නෑ...මනාපයි මං නොසෑහෙන්න ....ස්වර්ගයක් උනත් තියෙන්නම ඔනෙ සරුසාරෙට මිසක්...මිනිහද ස්වර්ගයක් කර්කශකෙට ලිව්වෙ ඇසල!

මගෙ කන් දැන් නෑ වගෙ....කොහොමද අහපු බේබි හාමු ආයම මගෙ හපන් කම් කියවනකොට මට මැරෙන්න තරම් ලැජ්ජා හිතුනා.....ආයමත් අර මට පිස්සු හදවපු ස්වර්ගෙ ගැන කියෙව්වා .....අනේ දෙයියනේ හාමු කරන්නෙ..ආයමත් මට ආසසාවක් ඇති කරන එක නෙවෙද.....??සත්තයි මං ගෑනු පරානයක් උනා නම්...ඊයෙ රෑ නැහුන හැටියට ...ඇඹුල් කදුලු මේ වෙනකොටත් හාමුගෙ ලේ ධාතුවකට පන දෙන්න ගියා.....

හ්..හොදයි.....බ්..බේබි...හාමු....

මං දහසක් දේවල් හිතේ තියාගන. ..එක උත්තරයක් විතරක් ගොත ගැහුවා....

ම්න්..ම්න්.....ඇගපත කැක්කුම් කරනවා නම්....පෙනඩෝල් පෙත්තක් බීපන්...එන හදිස්සිය මිසක්...මට උඹගෙන් කොහොමද වත් අහන්න බැරි උනා...ඒකයි මං තකහනක් මැනිකට ගත්තෙ...ඩිංගක් ඇහැ පියවන්නවත් පුලුවන් කමක් තිබ්බා නම්..මට දුකයි ....අමතක නොකර පෙති දෙකක් ගිලහන් තේරුනාද.....

හාමු මහත්තයා කියවනවා...මෙහා පැත්තෙ උන්න මං ගොලු බේත් බීලා අහන් ඉන්නවා.....අනේ බේබි හාමු මට පෙන්ඩෝල් බොන්නලු....ඇත්ත..මගෙ යටි බඩයි කලවයි නෑ වගේ....මහ මැනිකෙ හන්දා දුව දුව වැඩ කෙරුවට මොකද.....ඇවිදින වාරයක් ගානෙම කලව කැක්කුම් කරනවා නොසෑහෙන්න...ඇති තැන්වල කඩියා වගේ දිව්වට මොකද ..ඉදගන්නකොට නම් මට ස්වර්ගෙන් ඉහට ගහන වේදනාව ස්වර්ගෙන්මද එන්නෙ කියලා හොයා ගන්න බැරි උනා....රත් උන ගිනි ගල් දැන් අපායෙ ලෝදියට එබුවා හා සමාන උනා.....

එහෙමයි....බේබි...හාමු...

ම්ම්ම්ම්....ආයාමත් බේබි හාමුලු...එදා අර යස අපූරුවට සුදු මහත්තයා කිව්වෙ ම්ම්ම්ම්...කෝ ඉතින් ඒක.....??

.......

ලැජ්ජද....ම්ම්...කාරි නෑ....ආයම.....ඇදට වැටුනම එහෙම කොදුරපන්.....ඇද විට්ටමයි...මගෙ උරහෙයි මිරිකගන සුදු මහත්තයා කියලා කොදුරනකොට උඹගෙ ඇස් දෙක පුරාවටම ආදරේ ගලනවා නොසෑහෙන්න.....මගෙ වැවුන උඩු රැවුල වදින වාරයක් ගානෙම උඹ කිව්වෙම සුදු මහත්තයා වෙනකොට මට දැන් මගෙ රැවුලත් එක්කත් ඊරිසියයි හොදටෝම....

අනේ..බේබි හාමු....මට ලැජ්ජයිනෙ.....මං හිතින් මුමුන මුමුන මගෙ නියපොතු වලින් අර දගර ගැහුන වයර් එක කොනිතු ගැහුවා.....

බේබි ..හාමූ....

ම්ම්ම්.....

හාමු...එන්නෙ කීයටද...

ඉර බැහලා හෝරාවක් වත් වෙයි.....ඇයි.....ඉන්ධර්ගෙ මැනිකට පාලුද ම්ම්ම්...

හ්ම්.....

දන්නවා...මතක්වෙන බව....මනාප දෙයක් තියනවද .....එනකොට අරගන එන්න.....ම්ම්ම්ම්....මැනික කන්ඩ ආස දෙයක් තියනවා නම්...කියපන්...උඹගෙ සුදු මහත්තයා මනාපයි අරන් එන්ඩ...හැබැයි ඉතින්...ඔය අත්වලින් තේ එකක් නම් ඕනා....තේරුනාද ....මනාප දැන් මගෙ මැනිකගෙ කහට කෝප්පෙටනෙ.....ම්ම්...මදැයි දැන් අම්මගෙ තේ බිව්වා ...

අනේ මට දුක හිතුනා..මේ අවුරුදු ගානටම අප්පච්චි වත් නාහපු දෙයක් මගෙ ඉන්ධර් අහනකොට මට නොසෑහෙන්න දුක හිතුනා....මගෙ ඇස් වලට කදුලු පිරුනා...අප්පච්චි කෙනෙක් දරුවෙක්ගෙන් අහනවා වගෙ මනාප දෙයක් කියලා මගෙ අත්වලින් කහට එකක් ඉල්ලනකොට මන් හරි හිමීට මිමිනුව...

ඔය තරම්ම මට ආදරේ දෙන්න එපා...මගෙ ඉන්ධර්.....

 මට ඇඩුම් ආවා...ඒත් මං මගෙ වචන එලියට දැම්මා....

එහෙනම්...කාටද දෙන්න ඕනෙ ම්ම්ම්...

මට.....මට..මේ ආදරේ...හරි බරයි.....හාමු...

ම්ම්ම්...දන්නවා...ඒකයි...මං..දැන දැනම උඹට තවත් බර දෙන්නෙ...එතකොට ...කවදාවත් මගෙ ඇහැල මලට පරවෙන්න බෑනෙ...ම්ම්ම්.....ආදරෙයි මැනිකට... මට ඕනෙ මගෙ මල හැමදාම මගෙ ගාව පිපෙන්න .....ඉතින් ආයමත් කියන්නම්....ආදරෙයි මේ හාමු...මගෙ මැනිකෙට.....

මාත්....ආදරෙයි....මගෙ ඉන්ධර් ....

හොරාවට කතා අර කර උන්න මං හරි අමාරුවෙන් බේබි හාමුට ආදරෙයි කියනකොට මං අහගන එයා එහා පැත්තෙ ඉදන් ලොකූ හුස්මක් ගත්තා...හරියටම ...ඒ වචන දැනුනෙ එයාගෙ පපුවට කියන්න වගේ...

.උඹ මගෙ ළඟ නම්...පැය ගනන් තනිකරම තත්පර වගේ....උඹ මගෙන් දුර ඉන්නකොට ...තත්පරත්....දැන් පැය වගේ.....මැනික නැතුව පාලුයි නොසෑහෙන්න....දුවගන ඇවිදින් තුරුල් කරගන්න හිතනවා පපුවට උඹව...

......

බය වෙච්චන් ගමන් මුව පැටියෙක් වගේ ගැහෙන ඇස් දෙකයි....ඉවරයක් නැතුවම උස් පහත් වෙන පපුවයි.....එක්ක...මට උඹව මතක් වෙනකොට හරි ලෝබයි ඇසල....

...

කාරි නෑ....තව හෝරා කීයද....ම්ම්ම්.....මහ රෑට හද පායනකනුත් අහසට පාලුයි නේන්නම්...කවියෙක්ට උනත්....කවියක් ලියන්න හද මතු වෙනකන් ඉවසන්න එපැයිනෙ ම්ම්ම්ම්ම්....

මැනික දන්නවද...හදක් උනත්...පායන හැමදවසකම අලුත් වෙනවා...කවියෙක් උනත්...නිදිවදින්න...අලුත් පද පේලි හොයා ගන්නවා...එහෙම නැති උනොත්...හද උනත් අමනාප වෙනවා...කවියා අසරන වෙනවා...මේ කවියා මනාපම.....කවියා ගාව අසරන වෙන හද දිහා බලන්න මිසක්ක.....හද හන්දා අසරන වෙන කවියෙක් වෙන්න නෙවෙනෙ...ම්ම්...මලක් රොන් දුන්නා මිසක....බඹරෙක් රොන් දෙනවා ලියවුනේ කොහෙද ඇසල... .....මැනික මනාපද...අලුත් කවිපේලියක් හන්දා හදක් අඩනවා බලන්න....

මං අහගන උන්නා....ඉන්ධර් ගෙ කටහඩ එන්න එන්නම බාල වෙනවා...අර මිමිනිල්ල එන්න එන්නම වැඩිවෙනවා.....ඒ විතරක් නෙවෙ...අලුත් රැයක් ගැන....අලුත් හදක් ගැන හිමි හිමීට මුමුනනකොට මට දැන් ඉදම්ම බඩ කලතන්න ගත්තා .....ඉන්ධර් හාමු හොර හොරාවට අදත් වියන් බැදපු ඇද පද්දවන්න මනාපද වටින් ගොඩින් අහනකොට මං මගෙ යටි තොල තදිම්ම හපා ගත්තා .....

මගෙ ඇහල මල උඹ...

බේබි...හාමු...

ම්ම්ම්.....කියපන්...පාලුද මයෙ අම්මට ම්ම්ම්...ඉවසන් ඉදපන්.....ලගට ආවම හෝරාවකට වඩා තුරුල් කරගන්න මං විගහට එන්නම් ...මැනික...

....

ඇසලට තෑග්ගක් තිබ්බා...

මට.....?බේබි හාමු...මටද...

ම්ම්...පොත් මේසෙ තියන නිල්පාට පොත අස්සෙ.....

මට හිනාවක් මතු උනා.....බේබි හාමු කිව්වා මට තෑග්ගක් තිබ්බා කියලා ....අනේ..බේබිහාමු.....!

එහෙනම් තියන්නද ම්ම්ම්ම්.....

හා බේබි හාමු....තුරුනුවන්ගෙම සරනයි...

තුරුනුවන්ගෙ සරනයි උඹටත්.....අමනාපයක් නැතිනම්...මැනිකට පුලුවන්ද ආදරෙයි කියලා කියන්න....බේබි හාමු නොකිය...මං මනාපම විදිහට...??

...ඇසලයෝ...මොකාද ඔය කතා කරන්නෙ....

.අ..අනේ බේබිහාමු...

අම්ම නේද...

එ..එනවනේ...මං...මං....

ටෙලිකොම් එකෙන් කියාපන්...තරහ යන්නෙම ඕකයි මට....වාහෙ උනත් උඹව නිදහසේ මට විදින්ඩ තහංචිමනෙ....

ඉන්ධර් හාමුගෙ කටහඩ වෙනස් උනා....මෙච්චර වෙලාම හරි ආදරෙන් කතා කරපු ඉන්ධර් හාමු තරහෙන් වගේ ආඩපාලි කියන්කොට මං දෙපැත්තට වැනි වැනි එන මහ තැනට බොරු කිව්වා....

මැනිකෙ....මේ...ටෙලිකොම් එකෙන්....

මොකෙන්...ටැල්පෝම් කොම්පැනියෙන්ද....

එහෙමයි...අපෙ මැනිකෙ....

මක්කද කියන්නෙ...

මැනිකෙ තව හත් ගව්වක් දුරයි....වෙලාවෙ හැටියට මට කටට බොරුත් නොඑනකොට මන් කෙකර බෑවා....

Incoming outgoing හොදට පැහැදිලිද අහනවාය කියපන් .....

ඇතියාන්තන් ...ඉන්ධර් හාමු මාව බේරගත්තා...ලයින් එකේ උන්න හාමු එහා පැත්‍තෙ ඉදන් මට බොරු උගන්නනකොට මං මෙතන ඉදන් බොරු පැලුවා.....

මැනිකෙ...ඉන්කමින්....අවුට් ගොයින් පැහැදිලිද අහනව...

මොකක්....ඉන්....කමින්...

මැනිකෙ....පෙරගෙවුම්...පසුගෙවුම්....සබදතා ගැන අහන්නෙ මං හිතන්නෙ...අනේ මැනිකෙ...මටත් ඉංග්‍රීසි බෑනොවෑ....

අහකට..අහකට පලයන් බලන්ඩ....මමම අහන්නම්....

සුගලා මගෙන් ඵෝන් එක උදුරගන්නකොට මන් මොනවද කියන්නෙ අහන් උන්නා...

හැලෝ.....මක්ක කිව්වා.....පෙර...පසු...හැලෝ.....හැලෝ....

ඔය ඩිංගට තියලනෙ.....ඔය ඩිංගට තියලනෙ....හිටපන්කො...ලොකු හාමු ආවම ඔය හෙඩොපිස්ද මොකක්ද කියන මහතැනට යන්න...

හෙඩොපිස් නෙවෙ අපෙ මැනිකෙ...හෙඩ්..ඔෆිස්....

මොකක්...මේ..මේ...උඹ එනවද මට උගන්නන්ඩ...පලයන් පලයන් ටැග් ගැහෙන්නෙ නැතිව...

ඵෝන් එක දිහා කන්න වගෙ බලන් උන්න මැනිකෙ මාවත් එලවනකොට ඒ අල්ල පනල්ලෙ මන් කාමරේට දිව්වා...දුවලා අස්පස් කරන මුවාවෙන් බේබි හාමුගෙ පොත් මේසෙ ඇවිස්සුවා ....එයා මට තෑග්ගක් තිබ්බා කිව්වා .....

මගෙ ඉන්ධර්ගෙ අකුරු....!

පොත අස්සෙන් හම්බුන හතරැහට නවාපු කොලේ දැකපු මට මුලිම්ම මිමිනුනෙ එච්චරයි .....

කවියක් නිදාගන උන්න මාව ඇහැරවන්න කලියෙන් ලියාපු මගෙ ඉන්ධර් හාමුගෙ කවියක් ...

රෑ අහසෙ සඳේ රැස් නිල් වළා

උතුරන්න

බේරිලා පේවෙලා කවුළුවෙන්

මතුවෙන්න

ළිං අඩියෙ යට ඉදන් ඔච්චමට

හිනහෙන්න

පුලුවනිද 'සඳ ' ඔබට මගෙන් ඉවතට යන්න...?

තලතුනා ගඩ එක්ක වෙළි වෙළී

හිනහෙන්න...

ඉදහිටක කෝපයෙන් ගිලිහිලා

විසිරෙන්න...

බඹරුන්ට රොන් ගන්ට දෙනු එපා

හැකිලෙන්ට

තලතුනා ගසට හිමි "ඇහළ" මල

සුපිපෙන්න....

 

තව හුගක් තියනවා ඒත්.....මට කියවන්න හුගක් ලෝභයි....ආදරේ වෑහෙන අකුරු අස්සෙන් ඉන්ධර් හාමු ලියලා තියන වචන එක්ක මගෙ හිත කිව්වෙම..අදත් ගිනිගල් වලට නිදිමරන්න වෙන බවක් වෙනකොට මං සිනිදු ඇද රෙදි දාපු ඇද රෙදි හරි හිමින් අත ගෑවා...

ඒකියන්නෙ...අදත් ...වක්කඩ ගාව තෙත බේරෙයිද....??.

.හාමුගෙ ආදරේ දරන්න බැරිවම මාව මැරිලා යයිද..... ...

ඇසලයෝ...

මේ එනවා මැනිකෙ...

.ආන් අර කොස් ගෙඩිය කඩපන්.....

මගුල..අද ඉතින් කොදු කැඩුනොත් මගෙ කවියට වෙන්නෙ හදට ඉනිමන් බදින්න... !!!

🌼හුගාක් දේවල් කියන්න නෑ ලමයි....

උඩම කවිය එව්වෙ Alexandria_Great නංගා...තව බාගයක් එහෙම්ම ඉතිරුයි...මං ඒක හිමිට ලියන්නම්...

ඒ වගෙම jin gunyao නංගිගෙත් ලස්සන කවියක් තියනවා.....ඒකත් දාන්නම්....

නුඹ ඍතුවක් කියවන ඔයාලා හැමෝටම මං හරි ආදරෙන් කියන්නෙ....මගෙ කතාව පරිස්සම් කරලා දෙන්න....වෝට් එකක් කමෙන්ට් එකක් උනත් හරි කලාතුරකින් ඉල්ලන මං හරි හිත්වේදනාවෙන් මේක ඉල්ලන්නෙ.....

රන්හුය කියවපු ඒ රීඩර්ස්ලා ඉන්නවනම්..මම ඒ ඕතර් එක්ක කතා කෙරුවා .. ඒ ඕතර් මට හරි සුහදව කතා කෙරුවා .....මගෙ ප්ලොට් එක දන්නෙ මම විතරයි ...ඉතින් අවසානය නොදැන.....මගෙ කතාව මට නැති කරන්න.....ss අරන් ගිහින් ඒ ඕතර්ගෙ ඔලුව කන්න එපා..මොකද....මම අනුන්ගෙ කතාවක් ඇගිලි කඩාගන වචන 5000-6000ක් දාන කෙනෙක් නෙවෙ ඒ කතාව කියවපු දෙතුන් දෙනෙක් කිව්වා මේක ඒ වගේ නෙවෙ කියලා .ඉතින් ඒ ඕතර්ම අපි දෙන්නටම සාදාරනයක් වෙන විදිහට හරි නිහතමානිව කියපු එකේ..මං ඒ වචනවලට හුගාක් ගරු කරලා..මං.මගෙ කතාව ලියනවා...

ඉන්ධර් කියන්නෙ....මගෙ වස්තුවක්...ඇසල කියන්නෙ මට වස්තුවක්....මම හරි ආදරෙන් ඉල්ලනවා..ඔයාල මෙක මට නැති කරන්න එපාය කියලා ..මොකද මම හොරෙක් නම්....මමම හැංගෙනවා...

වේදනාව.නොසෑහෙන්න තියන් ලිව්වෙ....අවුරුදු දෙකකින් මෙහෙම චෝදනාවක් ආවෙ....ඉතින්.....රන්හුයෙ ඕතර්ගෙ රීඩර්ස්ලා ඉන්නවා.නම්....මං.කියන්නෙ..කතාව අවසානෙ නොදැන....මට හොර නම දෙන්න එපාය කියලා ..මේක හරි නිහතාමනි ඉල්ලීමක්.....

ස්තූතියි ....

ආයමත් එනකන්....සතුටින් ඉන්න.....

මං හරි තෘප්තිමත් ...මං වෙනුවෙන් කතා කරපු හැමෝම.වෙනුවෙන් ...ස්තූතියි ...හිත රිදුන වෙලේක මගේගාව උන්නට....

ආදරෙයි...මගෙ එකම වත් කම ඔයාල හැමෝටම ...!!!

නදීශා උදානි පොන්නම්පෙරුමගේ ප්‍රනාන්දු !!

More Chapters