LightReader

Chapter 26 - 26

මන් වෑවරෙ අතේ තියන් අප්පුවා දිහා බැලුවා...අප්පුවගෙ මුන තනිකරම සතපහක් වගේ වෙලා...

මදැයි පොල් බිබික්කම කරාපු හරියක්...මූ මේක මහ තැනගෙ කනේ තිබ්බොත් මට කනක් ඇහෙන්න වෙන්නෙ නෑ.....

උඹද දැන් වලව්වෙ පොඩි මැනිකෙ....

වෑවරේ අතේ තියාගන ඒක කරකව කරකව උන්න මට ඇහුනෙ අප්පුවගෙ නොරුස්සන කටහඩ....ඒකගෙ දකුනු ඇටෙ පන පිටින් ගලවගත්තා වගේ ඒකා හැසිරෙන්නෙ... 

අනේ නෑ....අප්පු ..සීයෙ....මන්

එහෙනම් ඔය පොඩි හාමු ගිරිය පුප්පන් කෑ ගහන්නෙ.... මක්ක වෙලාද..ආපහු ලෙඩේ මතුවෙලා විකාර කියවනවද...රත්...ඉදුලෙක් කොහොමද බන් අච්චර ලොකු වලව්වක ඉස්සරහා දොරෙන් ඇතුලට යන්නෙ....

ඔන්න ඔන්න අප්පුවා මගෙන් වෑවර පාර කන්න තමයි...ඇයි මං ඉස්සරහා දොරෙන් ඇතුලට ගියොත් වලව්ව මහ පොලවට සමතලා වෙනවද ඇරත් ..ඉදුල හේදුවත් අපි නම්බුයි....අප්පුවගෙ මායියා වගෙ පිට පිරිමි එක්ක මගෙ අම්මා වේස කමේ ගියෙ නෑනෙ....මොනා කරන්නද...අප්පුවට තියෙන්නෙ ලිංගික ඊරිසියාව...

මං උගුර පෑදුවා....

ඒක ඇත්ත.....ඉදුලෙක් කවදද වලව්වෙ ඉස්සරහා දොරෙන් ගියෙ හැබැයි...දැන් දෙදොහක ඉදන් වලව්වෙ බේබි හාමු නම් පස්ස දොරෙන් වරු ගනන් ඇතුලට යනවා.....

ක්..කොල්ලො....ම්..මක්ක....කිව්වා.....

ඇයි...අප්පු සීයගෙ කන් බෙරේ අමාරුවට තාම බෙහෙත් ගත්තෙ නැතුවද..මක්ක කරනන්ද අප්පු සීයෙ...වයසට යනකොට ඔහොම තමයි...අපිත් දන්න දා ඉදන් අප්පු සීයා වලව්වෙපොල් වතුවල පොල් රැක්කා..පොල් කැඩුවා මිසක්කා....මායියගෙ කලටි වල රහබලන්ඩ අප්පු සීයට බැරි උන හන්දනෙ ගමේම අරක්කු රේන්ද කාරයො ඇවිත් හොද හොද කලටි රෑ පානෙ ඇවිදින් බීලා ගියෙ....උඹට ඉතින් හැමදාම ගුඩු පොල් තමයි....

මන් එන්න හැරුනා...ඉන්ධර් ගාව හුස්ම ගන්නවත් පන නැති මං අප්පුවව වචනෙන් බඩ කරලා ඌට පපුකැනිත්තෙ අමාරුවකුත් හදවලම එන්ඩ ආවා...ඉදුලා ඉදුලා..යකො නමක් තියනවා නම් නම කියකො...මං එනවද ඌට මුර බල්ලා කියන්ඩ....ඉහ නිකට පැහෙනකම්ම ඒකා කෙරුවෙ වලව්වෙ වතු මුරකරපු එක...එනවා මෙතන රෙද්දක් කියාගන..

අප්පු උන්නැහැ....

අපෙ හාමු....

උඹ තවම අරුන්ට කිව්වෙ නැද්ද කරත්ත ටික ගයින්ඩ කියලා .....

අනේ බේබි හාමු මේ පූටකෙ ආයා බාලා ආයම පටවන්ඩ....

ඔව්....ආයම බාලා අයම පටවපන්...හැබැයි මමම බාලා...මමම පටවලා...උඹලා පොතේ තියන ගානයි කරත්තෙ තියන ගානයි..අර කලටි පදුරු අස්සට විසි කරාපු ගානයි එක්කහු කෙරුවොත් තොපිට යන එන මං නැතුවෙයි...

මං වෑවරේ බදාගන උන්නා...මං කිව්වෙ..මේකා නම් පොල් මත්තෙමයි....පොල් මත්තෙමයි....මහ තැන නාකියා එක්ක බුදියලා තියෙන්නෙ පොල් ගස් යටදෝ මන්දා...අරුන් එක ගෙඩියක් හරි හොරකරලා තිබ්බොත් අද උලෙ ඉන්දවයි...

ලියන මහත්තයා තාම නෑ...මේවා කීයටද අප්පු හාමි ඉවර කරන්නෙ....ඇරත් මෝලෙන් ගියපු ඩෙසිකට් වල බිල් මොකුත් නෑ.....මට්ටවල බිල් මොකුත් නෑ...අරහෙට මෙහෙට ගගා ලොරි ලොරි පටවනවා...එක බිලක් හරියට විසදලා නෑ...

මං එතනම තිබුන ලොකු ගහට හේත්තු උනා...එක අතට ඉන්ධර් පව්.....මොනවා උනත් තමුන්ගෙ දේවල් හොරකන් කරනකොට දුක නැද්ද....

ඇදන් උන්න සරම කැහැපට ගහගත්තු ඉන්ධර් හාමු ඇදන් උන්න කමිසෙ ගලවලා අතට අරගත්තා..

අප්පුවා මේක දීපන් මයෙ මැනිකෙට...උඹලා තොදොල් වෙවි යනකොට මටම කරත්ත දෙක තුනක් ගනින්ඩ පුලුවන් .....

එහෙමයි බේබි හාමු.....

අනේ එයා තනියෙන් නගින්ඩද යන්නෙ....මම බිබික්කමද මෙතන වෑවරේ බදාගන ඉන්න....එක්කො මාත් ගියා නම් හරි .අර ගිනි කාස්ටකේ සිමෙන්ති එක්ක ගල් වැලි එක්ක අදින මට මේ පොල් කරත්තෙකට නගින්ඩ බැරි කමක් නෑනෙ.....වෑවර උගුරක් බීපු මං ගෙඩිය පැත්තකින් තියලා කරත්තයක් ගාවට යන්න හැදුවත් දැනටමත් යට බැනියම පිටින් කරත්තෙට නගින්ඩ හදපු ඉන්ධර් මාව නැවැත්තුවා ....

ඇසල නාවට කාරියක් නෑ....මයෙ මැනිකෙට අව් පූටකේ අමාරුයි.....කාරි නෑ....පාඩුවෙ පැත්තකට වෙලා උන්නා නම් මනාපයි....උක්කුවා ඕක දියන් මගෙ කට කන්ඩ වගේ බලන් නොයිද...

ඒක ඊටත් හපන්...බීපු වෑවර උගුර මට නහයෙන් කටින් එලියට ආවා...අනේ ඉන්ධර් හාමු...හාමු ඔහොම කිව්වට අප්පුවලා පලිගන්නෙ මගෙන් අපෙ හාමු...ඔහොම නම්බු නාම දුන්නම උන්ටයි උහුලන්ඩ බැරි ඉන්ධර් ...දුප්පත් අපිව එලෙව්වොතින්.....අපි කොහෙ කියලා යන්නද.....??

මං මුනත් අමුතුන්කරන් බලන් උන්නා...මට ඉන්ධර් මක්ක කිව්වත් කාරි නෑ අනේ ඒත්... මේ මිනිස්සු.... ඇරත්....මේ විදිහට නම්බු නාම දෙනකොට හැමදාම ඉදුලා...රත්නපාලයගෙ එකා වැඩට ඉන්න එකා කියලා අහපු මගෙ පපුවට මේ වචන හරි බරයි හාමු...උඹ කොච්චර වත් කියන්නෙම මයෙ මැනිකෙ...අපෙ මැනිකෙ කියලා ....නිකන් මැනිකෙ කිව්වා නම් ඒත් ඉවසුව හැකි.....මගෙ කියලා බර කරනකොට .....උන්ටත් වාවන්න බැරුව ඇති බේබි හාමු....

දෙකට නැවීගන වගේ හාමුගෙ කමිසෙ ගත්තු අප්පුවා මගෙ ගාවට ආවෙම මූන නෑඹිලියක් කරගන වෙනකොට ගහ මුල ඉදන් නොසෑහෙන්න කල්පනා කර කර උන්න මං වෑවරෙ පැත්තකින් තියලා අප්පුවා එන මගට ගියා.....

..ඉද ගනින් මේක.....පොඩි මැනිකෙ වෙන්ඩ හිතුවට මතක තියා ගන් මහ රජ්ජුරුවන් වහන්සෙටත් අන්තප්පුරයක් උන්න කියලා ...බේබි හාමු හන්දා මං තොට නැවෙනවා මිසක්කා....නැත්තන් මගෙ බලු වත් නැවෙයි...

ඔව්...ඔව්....අප්පුසීයගෙ මායියට වගේද?ඒ රජ්ජුරුවන් වහන්සේලා රජකරන කාලෙම තමයි ඔය චින්චිමානවිකාවොත් වැහි වැහැල උන්නෙ...ඇරත් මං කිව්වද උඹට නැවෙන්ඩ කියලා ...ආ අප්පුවො....නැනෙ.....නිස්කාරනේ ලේ පුච්චගන්නෙ නැතුව ඉදපන්.....මං වලව්වෙ ඉදුලා උනාට....උඹගෙ ඉදුල නෙවෙ තව එකක්...මැටි පැලේ ඉදන් ආව එවුනුත් රජ උනා බොලව්...තෝ ඒකත් මතක තියා ගන්!

..මට නැග්ගා...මට නහුතෙටම නැග්ගා.. ඉවසනවා ඉවසනවා කියලා ....අපි වගේ ආවතේව කාරයන්ගෙනුත් බැනුම් අහන්ඩ මං ඒකගෙ අතපල්ලෙන් වැටිලද...මහ මැනිකෙ මක්ක කිව්වත් මං ඉන්ධර්ගෙ මැනිකෙ කියලා ඉන්ධර්ම කියනකොට මං මක්කටද මේ මුර බල්ලන්ට නැවෙන්නෙ....අප්පුවා අතේ තිබුන තිබුන ඉන්ධර්ගෙ කමිසෙ උදුරලා වගේ ගත්තු මන් ඒකගෙ මුනට ලන් වෙලා දත් මිටි කනකොට ඒකගෙ මූන බලන් ඉන්නකොට කලු ගැහුවා.....හැබැයි ඒකගෙ කට නම් පිය උන් නෑ....

හහ්...ඉදුල කොහොමත් ඉදුලමයි...බලන්ඩ බැරියෑ...අපිත් ඉන්නෙ මේවලනෙ...

මං කමිසෙ මිරිකන් බලාගන උන්නා...ඔව්....තොපි මේවල ගජබින්නෙට නෙ ආවෙ....සදහටම ජීවත් වෙන්ඩ නේ ආවෙ..... පරංගින්ට රෙද්ද උස්සපු උන්ගෙන් ආව උන්...ආවා මෙතන යන්නෙත් කුන්දු ගගහා...බකලයා....!

මට මල පැන්නා...කියන කතාවල තේරුම වත් දන්නෙ නෑ...ඒත් මහ මැනිකෙ ඔය පහතරට උන්ගෙ ඉන්ග්‍රීසි පෘතුග්‍රීසි වාසගමක් ඇහුවම පතුරු ගහන හැටි මතක් උන මං හිත යටින් අප්පුවට බැන බැන ගිහින් නමක් නොදන්න මහා කදක් තිබුන රූස්ස ගහට හේත්තු වෙලා ඉනදර්ගෙ කමිසෙ මගෙ දකුනු උරහෙට දාගන වෑවරෙ තියන් බලාගන උන්නා....

ආ අප්පුවො.....

බේබි හාමු.....

මේ කරත්තෙ තියන ගාන නෙවෙනෙ පොතේ තියෙන්නෙ ....ආ....?

කොලම කොල පාට ගස් කොලන් සිරි සිරි ගාන ගමන් එහා මෙහා පැද්දුනා...කොයි තරම් නම් අවු පූටකේ උනත් ගහ කොල පැද්දි පැද්දි හීතල හුලන් රැල්ලක් දුන්න හන්දම මට නම් දාහයක් නොදැනුන තරම් ...ඒත්....මගෙ ඉන්ධර් ගෙ මූන රතු වෙලා..පොල් පටවාපු උන්ගෙ මුනවල් දෙක වෙලා තිබුනත් ඉන්ධර් හන්දා කර කියා ගන්න දෙයක් නැති වෙනකොට උන් ආය ආය අර කරත්ත බබා ගනිනකොට කිව්වත් වගේ ලියන මහත්තයා ලියපු ගාන නෙවෙ පොතේ තිබ්බෙ....

අනේ හාන්දුරුවනෙ.....මෝලෙ මහත්තයට අපි කිව්වෙ මේ ගාන...ඒත් ....ඒ මහත්තයා ලියලා තියෙන්නෙ වෙන ගානක්.....අනේ.....බේබි හාමු බොරුවක් නෙවෙමයි....

අනේ අරකගෙ කිඹුල් කදුලු ...

හ්ම්..හ්ම්...නැගිටපිය නැගිටපිය ....නිස්කාරනේ උගුර කඩාගන්නවා.....තොපි හිතුවද මගෙත් ඉහ නිකට පැහුනෙ අකලෙට කියලා ....ධර්මේන්ද්‍රන් හාමු හැමදාම කියනවා පොල් අක්කරේට අද මෙච්චරයි ගගා....තොපි කරල තියෙන්නෙ මගෙ අප්පච්චිවත් රවටපු එක...ආ බොලව්...කරත්ත කීයක්ද බලපියව්...

දාඩිය බින්දු මතු උන මුලු මූනම රතු වෙච්ච ඉන්ධර් ඉනට අත තියන් අරුන්ට සැර වෙනකොට මට බලු නාමෙ දුන්න අප්පුවාට රෙද්දෙ රෙවෙන්ඩ ආවා...ඉන්ධර් ඒ තරම් තරහවකින් කතා කෙරුවෙ ...

ලියන මහත්තයා තාම නෑ.....

.ඉනට අත ගහන් උන්න ඉන්ධර් හාමු අනිත් පාර ආයම ලියන මහත්තයා නෑ කියනකොට නැවීගන වගේ උන්න අප්පුවා තක්කු මුක්කු වෙලා ඉන්ධර් හාමුදිහා බැලුවා.....

..බේබි හාමු අර එන්නෙ ලියන මහත්තයා ...

හ්ම්....

.මං ඈතින් එන ලියන මහත්තයා දිහා බැලුවා ..අල්පෝන්සුවා....වටකෙස් මැද හිස් මදිවට උස අඩි පහක් වත් නැති..කොටිම්ම මහ තැනගෙ තම්මැට්‍ටම ගාවට වත් උස නැති ඒකා තනිකරම ගොම් බෙට්ටක් වගෙ උනා.....කොටිම්ම ගොම්බෙට්ට කකුල් ඇවිත් වගේ උනා....එහෙන් බඩ..මෙහෙන් පුක...කපටි කම උතුරන මූන එක්ක කොට උන් කියන්නෙම කපටි කමේ උපත කියන වචනෙ අල්පෝන්සුවා යථර්තයක් කෙරුවා .....

..අල්පෝන්සු මහත්තයා ....

අ...මෙ....අපෙ....ඉන්ධර්....හාමුනෙ....හාමු..ධර්මේන්ද්‍රන් ...හාමු....තාම නෑ

අල්පෝන්සුවගෙ මූන බලන් ඉන්නකොට වෙනස් උනා...මං බලාගන අප්පුවා ඒ අස්සෙන් හොර හොරාවට අල්පෝන්සුවට ඉගිබිගි සාස්තරෙන් වෙච්ච කෙරිච්ච කියවන්න උත්සහ කරනවා.....

නෑ.....ඇයි...මං ආවම අල්පෝන්සුලාට කරදරද ම්ම්ම්ම්ම්ම්ම්ම්

.අය්..අයියො...මක්කද බේබි හාමු මේ කියන්නෙ....හැමදාම එන්නෙ අපේ ධර්මේන්ද්‍රන් හාමු හන්දා ඇහුවෙ....

අප්පච්චි එන්න වෙලා යාවි...ඒකට කාරි නෑ.....ලියන මහත්තයගෙ මේ මාසෙ පඩිය මං අද දෙන්නම්...

දෙවියනෙ ඉන්ධර් ...මේ මනුස්සයා මොනවද මේ කරන්න හදන්නෙ....තවත් නම් බලන් ඉන්න බැරි කමට මං අඩියට දෙකට ඉන්ධර් හාමු ගාවට ගියා....අල්පෝන්සුවට රස්සාව නැති උනෝතින් ..අනේ උගෙදරු පවුල.....

මට ඒ අස්සෙන් ඒවත් කල්පනා උනා...

.බ්..බේබි...හාමු...මේ මාසෙ පඩි ගන්ඩ...තව කල් තියනවනෙ.....

හ්ම්.....දන්නවා නොදන්නවා නෙවෙ.....මේ පාර නම් පඩිය විතරයි....අමතර පඩියක් නෑ අල්පෝන්සු මහත්තයා ...මදැයි දැන් ඔය අල්පෝන්සු මහත්තයා ලියන රස්සාව බදාගන උන්නා...

හාමු...මං.....මම අවුරුදු ගානක් මෙකෙ ලියන මහත්තයා ....

දන්නවා දන්නවා...මොකො මං නොදන්නෙ.....එහෙම දැනන් තමයි මම මේ ගරු නම්බු දීලා අච්චු නොකර ලියන මහත්තයට යන්ඩ දෙන්නෙ.... ... එක එකා යටි මඩි ගහනකන් බලාගන ඇස් කන් පියාගන ඉන්ඩද කියන්නෙ අල්පෝන්සු මහත්තයා....

ඉන්ධර්ගෙ ඇස් හීනි උනා...අල්පෝන්සුවගෙ ඇස් දෙක කිරල ගෙඩි සයිස් උනා... ...අප්පුවා එහෙන් මෙහෙන් පැන පැන අපු කම්මුතුයි ලියන මහත්තයා කිය කිය ව්‍යංගාර්තයෙන් කියනකොට එලිසමය කඩන් යන්න ඉන්ධර් හාමු අන්තීම තීන්දුව දුන්නා...

ලියන මහත්තයා ඉරුගල්බන්ඩාර වලව්වට කරාපු තරම දැන් හොදටෝම ඇති...ඔය පට්ටම මං අපිට ගන්නවා.....

ඉන්ධර් හාමු.....!බේබි හාමු කොහොමදැයි ධර්මේන්ද්‍රන් හාමුගෙන් නාහා එහෙම කරන්නෙ...ඇරත්...ධර්මේන්ද්‍රන් හාමු එපැයි මේවට තීන්දු දෙන්ඩ.....බේබි හාමු කොහොමදැයි ගහෙන් ගෙඩි එන්නා වගේ ඔහොම තීන්දු දෙන්නෙ....ඇරත්...මං ගියහම ඒ පට්ටම මොකාද කරන්නෙ.....

අල්පෝන්සු !!!!කට.....කට පරිස්සමින් .....උඹගෙ කට හඩ උස්සපන්....වෙන උන්ට...හැබැයි...මගෙ ගාවදි කතා කරපන් මට විතරක් ඇහෙන්ඩ...දැන් ඉරුගල්බන්ඩාර වලව්වෙ ධර්මේන්ද්‍රන් හාමුගෙ පුතා...ඉන්ධර්ද...අල්පෝන්සු ද කියාපන්?ඇරත්..ලියන පට්ටම ගන්ඩ ඕන තරන් උන් ඉන්නවා...උඹ මෙච්චර කාලයක් කරාපු සේවෙ හොදටෝම ඇති...උඹට පට්ටම නැති වෙන්ඩ හේතු කාරනා ඔඉන නම්....ඔන්න ඉන්නවා අප්පුවා...අහගනින්.....

මාව සීතල වෙලා ගියා....මගෙ ගාව උන්න ඉන්ධර් කට හඩ උස්සපු අල්පෝන්සුවට තරවටු කරපු ඉන්ධර් අල්පෝන්සුවා කට උත්තර නැති කරන ගමන් මා දිහා බලනකොට අනේ සත්තයි..මගෙ කකුල් දෙකෙන් පන යන්න ආවා..... ....

අනේ ඉන්ධර්....මට බෑ ඉන්ධර් හාමු...මට මෙච්චර ලොකු වගකීමක් ගන්න බැ හාමු.....මුන් ම එක්ක තරහා බදීවි ඉන්ධර් ...

දිගින් දිගටම මගෙ යටි හිත කන්නලව් කරනවා...වෙනදට ඉන්ධර් ගෙ වචනෙකිනුත් මාව තනි කරල ඉන්ධර්ගෙ පැත්ත ගන්න මගෙ උඩු හිත යටි හිත අද කෙලින්ම මගෙ පැත්ත ගත්තා උනත්...මගෙ දිහා බලන් උන්න ඉන්ධර් කට කොනකින් හිනා වෙනකොට මට මෙතනින් දුවන්න හිතුනා.....

ලියන පට්ටම අද ඉදන් ඇසල කරාවි....මයෙ මැනිකෙට පුලුවන් අල්පෝන්සු මහත්තයගෙ අඩුව පුරවන්න....එහෙම නේද ඇසල ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මං අඩියක් පස්සට ගියා...බයටම කටෙ කෙලත් නැතිව ගියපු මං පස්සෙන් පස්සට යනකොට මගෙ දිහා බලපු ඉන්ධර් මගෙ මූන ගාවටම පහත් වෙලා එහෙම නේද ඇසල කියලා තදිම්ම අහනකොට මං හා කියන්නත් බැරිව...බෑ කියන්නත් බැරිව අසරන උනා....

බ්..බ්.බේබි...හාමු.....

මොකද.....ම්ම්ම්...වාගෙගෙ දේවල් නිස්කාරනේ හොරු අරන් යනවට වඩා..මැනිකෙක් ඉන්නෙ ඔව්වා රකින්ඩ නෙවෙද ම්ම්ම්ම්ම්ම්ම්???කට ඇරලා මනාපයි කියාපන්....මං ඉන්නවනෙ ම්ම්ම්.....මේවා උඹගෙත් වස්තුව ...වාහෙම නැහෙන්නෙ මක්කටද ම්ම්ම්....

මට බය හිතුනා.....ඉන්ධර් ඉන්නෙ තරහවෙන්....අවුරුදු ගානක් තිස්සෙ වෙච්ච වංචාව දවස් ගානක් තිස්සෙ හොයලා හොයලා අවසානෙදි ඇත්ත එලි උනාට පස්සෙ ඉන්ධර් උන්නෙ කොටි හපුවෙක් ගානට වෙනකොට අල්පෝන්සුවා වගෙ කට දනිහට ඇවිදින් තිබුනා..අප්පුවට මේ වෙනකොටත් අපස්මාරෙ හැදිලා තිබ්බා.....

බ්..බේබි...හාමු...මක්කද කිව්වෙ....ලියන පට්ටම....මේ මේකට.....නන්දගෙ කොල්ලා ඇසලයට.....මූට පුලුවන්ද හාමු ඔව්වා කොරන්ඩ ...ඇරත් වලව්ව අස්සෙ දැලි හෝදනවට වඩා මූ දන්න දෙයක්

අල්පෝන්සුවා !!

මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා .....මගෙ දිහා බලන් උන්න ඉන්ධර් ලියන මහත්තය දිහාවට හැරිලා අල්පෝන්සුවා කිව්වා විතරයි ....එකවත් සීතල වෙලා ගියාද කොහෙද ....

අනෙ...ඉන්ධර් ....හාමු...

මට බය හිතුනා..කට වරද්දගත්තු අප්පුවට දෙකටම නැවෙන්න කතා කරපු ඉන්ධර් අල්පෝන්සුවව වචනෙන් අලුකරන්ඩ හැදුවා.....

මොකාද බොල නන්දගෙ කොල්ලා .....ඒකට නමක් නැද්ද ??අනික ඇසලයා.....තොපිලට මං අල්පෝන්සුවා කියනවද.....අප්පුවා කියනවද.....?? ඇස්ලයා ....කියාපියව් හරියට නම.....ඇසල මිසක්කා ඇසලයා කියලා කොහෙද තියෙන්නෙ...ඇරත්...මගෙ එකා දැලි නාන එක නම්බුයි බොලව් තොපි වගේ කන පතට රෙන උන් ගාව....

..බේබි...හාමු....මං..අනේ හාමු මං එහෙම දෙයක් නෙවෙ කිව්වෙ අපෙ හාමු.....

.එහෙම දෙයක් නෙවෙ....එහෙම දෙයක් නැතිනම් කොහොම දෙයක්ද...?අටපාස් උඹට වඩා.....ඒකට මොලේ තියනවා...අවුරුදු ගානක් තිස්සෙ උඹ මාස් පඩියට අමතරව මෙතනින් පඩියට හොර පඩි තුනහතර අරගන තියනවා අල්පොන්සො....තවත් මං ඇහැ පියවන් ඉන්ඩද කියාපන්....හොදට මතක තියාගනියව්...මං ධර්මේන්ද්‍රන් හාමු නෙවෙ වග...

..බේබි..හාමු.....

දැන් මයෙ මැනිකෙත් ලගකදි ඉදන් බීරි වගේ නේ.....ම්ම්ම්ම්ම්...කියපු කාරනාව ඇහුනනෙ....නිස්කාරනේ මගෙන් එකම.දේ නාහා ඉන්නවා නම් මනාපයි මන්...

මං බිම බලා ගත්තා ...මොකද ...ඉන්ධර් ළඟ උන්නත්...මට අල්පෝන්සුවා ගෙ මූන බලන්න බය හිතුනා....අප්පුවා කොහොමත් අල්පෝන්සුවගෙ පැත්තෙ වෙනකොට අමේ ඉන්ධර් හාමු මං පුරුදු විදිහටම වලව්වෙ ඉදුල් පට්ටම කරන්නම් කියන්න කට ගත්තා උනත්....වෙච්ච ගිනි ගෙඩි මදිවට ධර්මේන්ද්‍රන් හාමුත් වැඩියා.....

අනේ බේබි..හාමු....මුන් කියයි...දැන්....

මං හිතන්නෙ මං එහෙම කිව්වෙ නෑ...ලොකු හාමුගෙ ඩක්කුව දැක්ක ගමන් මට එහෙම කියවුනා....අටසිය ගනන් වල ගත්තා උනත්...තාමත් ගත්තා වගේම කිරි පාටින් දිලිසන කලුපාට මොරිස්මයිනර් එක බේබි හාමුගෙ කාර් එක ගාවින් නවතිනකොට කැනහිලෙක් වගෙ බලන් උන්න අප්පුවා වගේම අල්පෝන්සුවා කෙලින්ම ලොකු හාමු ගාවට දිව්වා....

ඇසල බයද...ම්ම්ම්?

මං ඉන්ධර් හාමු දිහා බැලුවා....හාමු අහනවා මං බයද කියලා...ඇයි දෙයියනේ...මං බය නැතුවද .....

එහෙම කියපු එක වැරදි...බේබි...හාමු...උන්....ඇවිත්....හාමුට....කේලම්.කියාවි...බේබි..හාමුලා...ඇවිදින් මහා රූස්ස ගස්....අපි නිකම්ම නිකන්...තුත්තිරි ගස්....එහෙව්..එකේ...මං...බය..නැතුවද බේබි...හාමු...

මයෙ අම්මව මං තනි කරන්නෙ නෑ කියලා විස්වාස නැතුවද ඔය වචන එකතු කරන්නෙ ම්ම්ම්ම්....

ඉන්ධර් හාමු මගෙ දිහා නොබලා...ඈතින් ඉන්න ධර්මේන්ද්‍රන් හාමුයි...කැනහිල්ලු දෙන්නයි දිහා බලාගන මුමුනනකොට මං මීක් නැතුව උන්නා....

මට ඕනෙ උඹගෙ ආදරේ විතරයි බේබි හාමු...ඊට එහා මට මේ වස්තුව මොකුත් එපා කියලා කියා ගන්න ඕනා උනත්....ඉන්ධර්ගෙ ගිගිරුම් ඉස්සර මං අසරන වෙලා උන්නා.....

බේබි...හාමු...ලොකු හාමු...එනවනෙ

බිම බලාගන ඉදලා..ඉදලා අවසානෙදි ඔලුව උස්සපු මං දැක්කෙ ඉක්මන් අඩි තිය තිය එන ධර්මේන්ද්‍රන් හාමුව වෙනකොට මං ඉන්ධර් ගෙ පිටිපස්සෙන් හැංගෙන්න ගියා උනත්....ඉන්ධර් මාව නැවැත්තුවා...

මං මෙතන....මක්කටද හැංගෙන්නෙ ඇසල...මං කිව්වෙ ඇත්ත මිසක්කා බොරුවක් නොවෙනකොට මගෙ මැනික හැංගෙන්ඩ හදන කාරනාව මොකක්ද කිව්වා නම්...ම්ම්ම්

අනේ හාමු උඹ මගුලක් කියනවා...මෙහෙන් මගෙ බඩේ බිත්තර තැම්බෙනවා... මහ තැන දැනගත්තොත් වසලා හමාරයි.....බඩවැල පිටින් ඇවිදින රන් කද මෙහෙ ඒකගෙ මැනිකෙ මං කියලා උඩප්පරන් ගහලයි කියලා ..... පෙකනි වැලෙ ආසාදනේ ඉහට ගහලා මාවත් එක්ක එලවාවි....

ඉන්ධර්.....මක්කද අර අප්පුවයි...අල්පෝන්සුවයි කියන්නෙ.....

ඇයි...මයෙ අප්පච්චි ට කැනහිල්ලු දෙන්නා ඇත්ත කාරනාව කිව්වෙ නැතුවද සරමත් කැහපට ගහන් මගෙ ගාවට ආවෙ ම්ම්ම්ම්....

අර අප්පුවා මක්කද කියන්නෙ කිව්ව නම්....

අප්පුවා කිව්වෙ මක්ක උනත්....ඒක හැබෑවනෙ මයෙ අප්පච්චි ...උඹ ඒක සහසුද්දෙම්ම දන්නවනෙ....ම්ම්ම්ම්ම්

ඉන්ධර් !!...

.ධර්මේන්ද්‍රන් හාමු.....!!

මාව පැත්තකට ව්සික් වෙලා ගියා වගේ දැනුනා...මුනට මුන බලාගන මේ වචන වලින් මරාගන්නෙ....ඉරුගල්බන්ඩාර හාමුයි...අනගත ඉරුගල්බන්ඩාර හාමුයි වෙනකොට අනේ නේ මොන මගුලක් වත් නැති මං පරඩැලක් වගේ ඒ මේ වැනුනා...

අප්පයි පුතයි දෙන්නම එකයි....උඩු රැවුල් කාරයො දෙන්නම උන්නෙ හරි ආඩම්බරෙට වෙනකොට දෙන්නගෙම පලල් පපු ඉස්සරහට පිම්බිලා තිබුනා... දෙන්නගෙම අත් ගොබ පිම්බිලා තිබුනා...හාමු කෙනෙක් ඉස්සරහා තවත් අනාගත මහ හාමු කෙනෙක් වචනවලින් ගහ මරාගන්නකොට අත පය ඉස්සෙයි කියන බයටද කොහෙද ...ඒ හාමුත්...මේ හාමුත් අද දෙක පිටිපස්සට බැදන් උන්නා.....

...ඒ ඇස් හීනි වෙලා....

වෙනසක් නෑ...මේ ඇසුත් හීනි වෙලා.....

ඉන්ධර් ...මක්කද උඹ අප්පුවට කියාපු හරුපෙ.....අල්පෝන්සුවව එලවලා ඒකට මේකව දැම්ම කියන හරුපෙ....ඒ මක්කද කියාපන් ඉන්ධර්...

.ධර්මේන්ද්‍රන් හාමු දත්මිටි කනවා ..අනේ බේබි හාමු...මං උඹට ඕක කලින් කිව්වා අපෙ හාමූ...

ඒ අස්සෙන් කවදත් වලව්වෙන් තැලෙන මම බයේ මුලු ගැන්වෙනකොට ඉන්ධර් මාගෙ ඇට්ටර ගැහුන අත් ගොබෙන් ඇදලා ලගට ගත්තා ....

මගෙ අප්පච්චි කතා කරන්නෙ අල්පෝන්සුවා ගැන නම්....ඒකට දෙන්ඩ පුලුවන් සුලු දඩුවමක් එක්ක මං ඒකව පහ කෙරුවා ....අට පාස් උන උන්ට ලියන පට්ටම දෙන්ඩ අප්පච්චි ගෙ අප්පච්චි මගෙ සීයා.....විමලසුරේන්ද්‍රන් හාමුට පුලුවන් උනාට....උඹගෙන් පස්සෙ මේවට අත ගහන්ඩ ඉන්න මං මනාප නෑ අප්පච්චි ....

විමලසුරේන්ද්‍රන් ...ධර්මේන්ද්‍රන් ...

ඉන්ධර් .....

මගෙ ඇගත් එක්ක හිරිවැටිලා ගියා... දෙවියනේ ඒ පිරිමි පරාන තුනටම තිබුනෙ ඇග හිරිගඩු පුප්පන මහ ගාම්භීර නම් තුනක්...මගෙ ඉන්ධර් කතා කෙරුවෙ ඇස් වලින් ගිනි පුපුරු පිට කර කර උනත්.... ඒ කතා බහ ඇහුනෙ මටත්....ලොකු හාමුටත් විතරක් වෙන්න ඉන්ධර් කටට මුද්‍රා තියාගන උන්නා.....

..දැන් උඹ අල්පෝන්සුවා ගෙ පට්ටම දෙන්ඩ හදන්නෙ මේකටද....

ඇයි....මේකට ඒවල භුක්තිය නැතුවද ම්ම්ම්ම්ම්ම්...

ඉන්ධර්..... !මේකට කොහෙද එවයි බුක්තියක්.....

මගෙ අප්පච්චි ...මගෙ එකා යනතන් අටපාස් එකෙක් නොවෙන බව මතක තියා ගත්තොත් හොදයි.... ....ඇරත්...වාහෙගෙ දේවල් භුක්ති විදින්ඩ මොකාගෙන්ද තහනමක් කිව්වා නම්...?

අනේ දෙයියනෙ මගෙ කකුලුත් එක්ක වෙව්ලනවා...මගෙ කකුලුත් එක්ක පන නෑ...ඉන්ධර් හාමු පලවෙනි වතාවට මට අයිතිය දීලා කතා කරනවත් එක්කම මගෙ කකුල් පන නැති උනා....

මෙච්චර දවසක් මගෙ මූනට විතරක් මගෙ මැනික කියපු ඉන්ධර් හාමු ධර්මේන්ද්‍රන් හාමු ඉස්සරහා අයිතිය දීලා කතා කරනකොට මගෙ කකුල් විතරක් නෙවෙ...මගෙ පපුවත් නවතින්න ආවා....

උඹගෙ එකා....ඉන්ධර් ...උඹ ඉන්නෙ හොද සිහියෙන්ද....අව සිහියෙන්ද කිව්වා නම්....උඹ අප්පුවට කියලා තියනවා.මේ ඉන්නෙ උඹගෙ මැනිකෙ කියලා ....

ම්ම්ම්....කිව්වා....ඒකෙ වැරද්දක් තියනවද මගෙ අප්පච්චි ....තියනව නම්..කියාපන් බලන්ඩ...මොකක්ද ඇසල මගෙ මැනිකෙ උනහම තියන වැරද්ද බලන්ඩ....

මං බිම බලාගත්තා ..මොකද ...මේ කතා බහේ අවසානෙ මගෙ පපුව කැක්කුම්.කරන අවසානයක් වෙයි කියන බයත් එක්ක මං බිම බලාගත්තා ...ඒත්...හාමුලා නෙවෙ නැවැත්තුවෙ.....

ඉන්ධර්...උඹ හොදාකාරවම දන්නවා..නන්දගෙ කොලුවව දුන්නෙ මක්කටද කියලා .....

ඔව්...මොකද නොදන්නෙ...හැබැයි...උඹලත් හොදාකාරවම දනන්වා..මං මේකව බදින්ඩ කැමති උනෙ....මෙතනින් එහාට කසාද ගේන්ඩ බෑය කියන පොරොන්දු පිට කියලා .....අම්මන්ඩි එක්ක උඹලා එවෙලෙ.. මගෙ හිත හදන්ඩ මගෙ හිත රවට්ටන්ඩ ඔලුව වැනුවත්....මං ඒ කියමන කිව්වෙ බොරුවට නෙවේ වග මතක තියැගත්තොත් බොහෝම හොදයි...මං හරි මනාපයි...අප්පච්චි උනත්...අම්මන්ඩිගෙ ඔලුවෙ ඔය මනස්ගාත අහවරක් කරනව නම්...මොකද...උඹලා ඔය මහ රෑ එලිවෙනකනුත් නිදි මරනවා ඇත්තෙ මගෙ ගැන හිතලා වෙන්ඩ ඇතිනෙ ම්ම්ම්ම්.....

මගෙ බඩත් එක්ක මොකක්ද වෙලා ගියා...මෙච්චර මගුලක් වෙලා තියන වෙලෙ අපෙ මිනිහා හදන්නෙ අවිලුන රැවුලෙන් සුරුට්ටු අවුලන්න..අනේ හාමු උන්දෙන්නා රෑ එලිවෙනකන් දොදොල් හැදි ගගා තම්මැට්ටම පලනව මිසක්කා උඹ ගැන නෙවෙ හිතන්නෙ කියන්න හිතුනත්....මගෙ බිබික්කමා උනත් කිව්වෙ අවකැපෙන කතාවක්දෝ කියලා සැක හිතුන මං මීක් නොගා උන්නා.....

.මේකව උඹගෙ මැනිකෙ කරගන්ඩ බෑ ඉන්ධර්....ඉරුගල්බන්ඩාර වලව්වට මැනිකෙක් ඕනෙ...ඒකි වදන්ඩ ඕනෙ....උඹට ළමයෙක් ඉන්ඩ ඕනෙ.....ආ..මිනිහෙක් විදිහට උඹට සතුටක් දෙන්ඩ මැනිකෙක් ඉන්ඩ ඕනෙ....අපලෙ ගෙවුනම...මේකව ආපිට යවන්ඩ ඕනා.....එහෙව් දේවල් තියන බව දැන දැන උඹ කොහොමද මෙකට ලමාතැනී පට්‍ටම දෙන්නෙ...ඇරත් මේකා සෙනවිරත්නයෙක්...මනාප නෑ....උඹට මේකව මැනිකෙ කරගන්ඩ දෙන්ඩ...උඹ මැනිකෙක් ගේන්ඩ ඕනෙ.....ගෑනියෙක්ගෙ ගාවට ගිහින් බලපන්..ආය එන්ඩ හිතෙනවද කියලා ....

මං මගෙ යටි තොල වෙන් වෙලා යන තරමට හපා ගත්තා ..... මහ නාකියා ඒ අස්සෙන් අමන කතා කියවනකොට මන් ඉන්ධර් දිහා දුකෙන් වගේ බලන් උන්නා...ඒකා හදන්නෙ මගෙ ඉන්ධර්ගෙ හිත වෙනස් කරන්ඩ...අප්පුවා කිව්වා වගේ....රජ්ජුරුවන් වහන්සට අන්තඃපුරයක්ම උන්නා.....එහෙම එකේ ඉන්ධර්ට....

මගෙ පපුව ඇදුම් කන්න ගත්තා .....යටි තොල හපාගන උන්න මං ධර්මේන්ද්‍රන් හාමු දිහා බලාගන කට තද කරන් ඉන්න ඉන්ධර් දිහා බලලා එතනින් අහක්වෙන්ඩ හැදුවත්..... ඉන්ධර් මගෙ අත් ගොබේටත් රිදෙන තරමින් මිරිකන් මාව ඇදලා ලගට ගන්නකොට ධර්මේන්ද්‍රන් හාමුගෙ ඇස් දෙක ගැස්සිලා ගියා.....ඉන්ධර් මගෙ දිහා බලුවා...නිකන් නෙවෙ..මාව පන පිටින් ආදාහනේ වෙන බැල්මක්...

උඹගෙ වාහෙයි උඹගෙ මහතැනයි කතා කරන්නෙ උඹගෙ ගැන වෙනකොට මගෙ මැනිකෙ උන උඹට මොකාද මෙතනින් යන්ඩ අවසර දුන්නෙ...ආ ඇසල.....????

බ්..බ්..බේබි..හාමු....

ඉදපන් මගෙ ගාව....

මං ගොත ගැහුවා.....මට ධර්මේන්ද්‍රන් හාමු දිහා බලනවා තියා හුස්ම ගන්ඩත් බය හිතෙනකොට ඉන්ධර් මගෙ අත මිරිකගන වගේ අල්ලන් මහ නාකියා දිහා ඇස් හීනි කරන් බලාගන උන්නා.....

අර උගුරු ගැටෙ දැන් දහපාරකට වඩා ඉහල පහල ගියා.....සරමෙ කොනක් අල්ලන් උන්න ධර්මේන්ද්‍රන් හාමු මාව අල්ලන් උන්න ඉන්ධර් දිහා රවාගන වගෙ බලන් ඉන්නකොට ඉන්ධර් අර ගැඹුරු කටහඩින්ම කතා කෙරුවා .....

මයෙ අප්පච්චි කියන්නෙ..මෙකට මැනිකෙ වෙන්ඩ බෑය කියලා නම්...මං පස්ස බලන්නෙ මේකව මයෙ මැනිකෙ කරලමයි බව මතක තියාගන්නවට මං මනාපයි ..... ඇරත්...දරු මල්ලො නැති එකම හාමු මම නෙවෙනෙ ම්ම්ම්ම්ම්ම්.....

අපලෙට හරි මොකට හරි....මං කිව්වා නෙ....මගෙ කසාද කෙරුවාව මෙතනින් අහවරයි...ඒ වචනෙ වචනෙමයි.....අපල පිට දාලා හරි මං ගෙනාවෙ....මෙ ඉන්ධර් ඉරුගල්බන්ඩාර ගෙ හරි මැනිකෙව.....හහ්....අප්පච්චි කියනවා....මිනිහෙක්ට සතුටක් දෙන්ඩ මැනිකෙක් ඉන්ඩ ඕනෙ බව....

.අනේ හාමු..අනේ....බේබි හාමු.....වදින්නම්....හාමු....ඕක නම්...කියන්න එපා අපෙ හාමු.....ඉන්ධර්ට හිර වෙලා උන්න මගෙ ඇදිවත ගැලවෙන්න වගේ ආවා...කොයි වෙලෙත් මදනෙ ගහන් ඉන්න නාකියා මගෙ මිනිහටත් කුලප්පුව ඇති කරන්ඩ කියාපු වචන හන්ද අප්පටවත් ඔලුව නවන්ඩ අකමැති ඉන්ධර් හැදුවෙ මට මවාපු ස්වර්න විමාන ගැන සාරාංශ කරනයක දෙන්ඩ වෙනකොට වෙනදට මහවැලිය වාන් දාන මගෙ යටි බඩේ අද මොකෙක් හරි බිත්තර තම්බන්න පටන් අරන් උන්නා....

අප්පච්චි ඔය කියන මැනිකෙලා දෙන සතුට ගැන උඹලා අමුතුවෙන් වද වෙන්ඩ කාරි නෑ.....මගෙ මැනිකෙත් උඹ ඔය කියන සැපම එ සතුටම මට දුන්නා මදි නොකියන්ඩ...උඹලට විස්වාස නැතිනම් ගිහින් අහපන් මගෙ හතර වියන් ඇදෙන් ඇද රෙදි විදවපු තරම උන් කියාවි.......උදෙ එලිවෙනකොට මගෙ හිත පිරෙන්ඩ සතුට මගෙ මැනිකෙ දෙනව නම්..ආය මොනවද ම්ම්ම්.....ඉතින්...එච්චරත් දෙන එකේ...මේකා මගෙ මැනිකෙ උනාම මක්ක වෙනවද අප්පච්චි ....ආහ්...?මට ආය පිට ගාටන්ඩ ඕන නෑ...

ඉන්ධර්....

ධර්මේන්ද්‍රන් හාමු...!!

මට දුවන්න හිතුනා ..මට ගිහින් මගෙ ඔලුව හත් කඩකට පලාගන්ඩ හිතුනා...ධර්මේන්ද්‍රන් හාමු ඉස්සරහා මහ රෑ නටන රතී කෙලිය ගැන අමු අමුවෙම කියපු ඉන්ධර් හාමු මාව ඇගට තද කරගන්නකොට මහ තැන ඉන්ධර් ගාවට අඩියකින් ලන් උනත්...ඉන්ධර් නෙවෙ හෙළ උනෙවත්.....

ඒකට හරියන්ඩ මට....කවියා අම්බානෙට කවි ලියන හදට බඩ විතරයි නොගියෙ...

උඹ මොනවද කියවන්නෙ කියන්ඩ උඹ දන්නවද ඉන්ධර් ... මේකා එක්ක උඹ...

මං බුදියෑවෙ මගෙ අඹුව එක්ක...ඒකෙ වැරද්ද මොකක්ද කිව්වා නම්....මැනිකෙක් ඉන්නෙ මක්කටද කියල උඹලමනෙ දැන් කිව්වෙ ...හැබැයි උඹලා නම් කන්නෙ වලව්වෙ පරිප්පුම විතරක් නෙවෙ පිට පරිප්පුත් කන බව මෙ ඉන්ධර් නොදන්නවා නෙවෙ අප්පච්චි ....ඒකත් හොදට මතක තියාගන්නවා නම්..මනාපයි.....

මාව මොකක්ද වෙලා ගියා...තාත්තාල පුතාලා වචන වලින් කා කොටා ගන්නකොට අවසානෙදි ඉන්ධර් මහ නාකියගෙ පරිප්පුවක් ගැන කියනවා එක්කම මාව නිකන් කරකවලා අතෑරියා වගේ උනා...

ඉන්ධර් ...

මං හිතනවා..මයෙ අප්පච්චි මං කියන කරුනු කාරනා තේරුම් ගත්තා කියලා ම්ම්ම්....ආය අප්පුවගෙ කතාවත් ....අල්පෝන්සුවාවගෙ කතාවත් අහන්...මගෙ එකාට රිදවන්නෙ නැති වෙයි කියලා හිතනවා...ඇරත්..අප්පච්චි ගෙ අතකොලුවො..මයෙ මැනිකෙට අරියාදු නොකරනව නම්...මං තවත් මනාපයි.....මොකද...මං මේකට පන ඇරලා ආලවන්තයි....

.ඉන්ධර් ...උඹට මේක කරන්ඩ දෙන්ඩ බෑ ඉනධර්.....මේකව වලව්වෙ පොඩි මැනිකෙ කරන්ඩ දෙන්ඩ බෑ....

හ්ම්....අප්පච්චි කියන්නෙ එහෙම නම්...අප්පච්චි ගෙ පිට පරිප්පුවල රසත්.....මට මහ අම්මන්ඩිගෙ කනෙ තියන්ඩ බැරි කමකුත් නෑය කියලා මතක තියාගත්තොතින් හොදයි.....

......

මං බලාගන උන්නා.....මහ නාකියගෙ මූන තනිකරම වැහි කාලෙට කොස් ගස් යට කුනු වෙන වැල ගෙඩියක් වගෙ ඥාව් වෙලා ගියා... මාව ඇගට හිර කරන් උන්න ඉන්ධර් හාමු මහ එකාගෙන් උත්තරයක් එනකන් බලන් ඉන්නකොට මමත් මහ එකා දිහා බලන් උන්නා...බලන් ගියහම මු තනිකරම දොදොල් කර්මාන්‍තයක්නෙ...

දොදොල් පත්ත ගෙවෙන්නෙ නැද්දො මන්දා....අනේ ඉතින් සුගලා දන්නවා නම්...ඉහෙ තියන් ඉන්න වාහෙ අමු වට බඩුවක් කියලා තම්මැට්ටම පුපුරලා මැරෙනවා...

අප්පච්චි .....

ඉන්ධර් ආයම කතා කෙරුවා ....මෙච්චර කල් වට වන්දනාවෙ ගියපු මහ හාමුවගෙ රති කෙලිය ගැන දැනගත්තු නිසාදො මහ තැන තක්බීර් වෙලා අවසානෙදි අපි දිහා බැලුවා ....

මන් හිතන්නෙ...අප්පච්චි මනාපයි...ඇසලව.....වලව්වෙ පොඩි මැනිකෙ විදිහට බාර ගන්ඩ...ම්ම්ම්ම්.....

උඹලට මනාප දෙයක් කරගනින් ඉන්ධර් ...හැබැයි..මයෙ මැනිකෙ දැනගන....උන්දගෙ හිත රිදවන් එ ඇස් වලින් කදුලු වැටුන දාක මං බලාගන්නම්....මේ ධර්මේන්ද්‍රන් නරකයි කියනවා නෙවෙ.ඉන්ධර් ....

මයෙ අප්පච්චි ට උනත් මටත් කියන්ඩ තියෙන්නෙ එච්චරයි ....උඹලා මං නැති තැන මගෙ එකාට අරියාදු කරලා...අඩවලා තිබුනොත් මාත් බලාගන්නම්.....මෙ ඉන්ධර්ගෙ හැටි...අප්පා උනත් දන්නෙ නෑ...අප්පච්චි අම්මට ආලවන්තයි වගෙ තමයි....මං මගෙ එකාට....හ්ම්...හ්ම්...කාරි නෑ...අප්පච්චි දැන් මයෙ මැනිකෙව පොඩි මැනිකෙ විදිහට බාර අරන් අහවරයිනෙ....ම්ම්ම්ම්ම්ම්..ඒකත් මදැයි....

දැන් ඉතින් ලියන පට්‍ටම ඇසල ගත්තා කියලා වැරද්දකුත් නෑනෙ.....ම්ම්ම්ම් එහෙම නේද අපෙ අප්පච්චි .....

.........

මගෙ ඇහල මල ...මක්කද මේ හුස්ම හිරකරන් ම්ම්ම්....

මං උන්නෙ තක් බීර් වෙලා...හොර මගුල් අහු උන හන්දදෝ මහ එකා මට පොඩි මැනිකෙ පට්ටම දීලා යන්ඩ යන්න මං ඉන්ධර් ගෙ කමිසෙ මිරිකන් අනත මනතෙන් වගේ බලන් උන්න...මහෙ ඉන්ධර් උරහිස් වලට අත් ති‍යලා මාව ඒ පැත්තට හරවගත්තා ...

.

මුව පැටියෙක් වගේ...මක්කද මේ මයෙ ඇසල ගැහෙන්නෙ කිව්වා නම් ම්ම්ම්....

අනේ..බේබි...හමු...

දැන් ඉතින් ..මයෙ අම්මට අපෙ මහත්තයා කියන්ඩ අයිතිය ඕනාවටත් වඩා තියන එකෙ කට ඇරලා....අපෙ මහත්තයා කියාපන්කො රත්තරනෙ...ම්ම්ම්ම්...මනාපයිනෙ...

අහන්ඩ ...

මං බිම බලාගත්තා ...කොයි තරන් නවත්තන්න හැදුවත්..මට බේබි හාමු කියන එක නවතන්ඩ බැරි වෙනකොට මං ඉන්ධර් හාමුට හරි අමාරුවෙන් අපෙ.මහත්තයා කියන්න හිත හදාගන ඒ මුන දිහා හරි අමාරුවෙන් බැලුවා....

අපෙ....මහත්තයා ....අනෙ...මට...උඹගෙ..ආදරේම..හරිබරයි ....මගෙ ඉන්ධර්....එහෙව්...එකෙ...මේ තානන්තර.....මක්කටද...ඉන්ධර්...

ඉතින් උඹ මගෙ නෙ ම්ම්ම්ම්ම්.....උඹ ඉන්ධර්ගෙ පනනෙ.....

........

මයෙ අම්මා ඉන්ධර්ගෙ හඳනෙ ඉතින්...වාහෙගෙ දේවල්..මැනිකෙට ඇර කාටද....ම්ම්ම්..... දැන් ඉතින්....මහ හාමු ඉන්න තැන බයෙ ගැහෙන්ඩ කාරි නෑ...තේරුනාද....ම්ම්ම්...මං කිව්වනෙ...මගෙ මලව මං රකිනවා කියලා ....

......ම්ම්ම්.....

කෝ ඉතින්.....මූන ඩිංගක් උස්සපල්ලකො....ඇයි මෙ වහන් කරන්...ලැජ්ජා වෙන්නෙ ඇයී ඉතින්...මූනත් රතු කරන්...කෝ.....ඉතින්....මං උඹගෙනෙ රත්තරනේ ...

මම බිමට බර කරන් උන්න මූන හිමින් ඉස්සුවා....ඉන්ධර් බලන් ඉන්නවා....මහ මුහුද වගේ ගැඹුරු ඇස් හිනා වෙනවා..කතා කරනවා.....ඒඇස් කියන්නෙම මාව තුරුල් කරගන්න ඕනයි කියන එක උනත්....මෙතන ඉන්න මිනිස් පරාන මට එ පපුව තහනම් කෙරුවා ...මං හිනා උනා....ආදරේ සුරක්ශාවෙ ඉහලම තැන උන්න ඉන්ධර් ඉරුගල්බන්ඩාර මගෙ හිතෙ තිබුන එක වේදනාවක් නැති කරලා...මට හිතෙ නිදහසෙ ඉන්ධර්ගෙම වෙන්න පාර කපල තිබුනා....

වට පිටාව හොරාවට බලපු මං ඉන්ධර් ගෙ අත අරන් පිට අල්ලට හාදුවක් තියලා ආයම මොකුත් නොවුන එකා වගේ ඉන්නකොට හිනා උන ඉන්ධර් හාමු මගෙ නහය චුට්ටක් මිරිකුවා ...හිනා.උනා..අනේ එහිනාව පුදුම ලස්සනයි.....මටම ලෝභයි....

චන්ඩ වෙලා තියන තරම උඹ...කාරි නෑ.....දග වෙයන්.....එහෙමත් මනාපයි මම....හුස්ම ගන්න ඇහල මල මගෙ...

මගෙ....ඉන්ධර් .....

හ්ම්ම්ම්.....උඹ හරි.....මම උඹගෙ ඉන්ධර් .....එතකොට උඹ ඇවිදින්....ඉන්ධර්ගෙ ලමාතැනී....!!

.....

🌼ඉන්තර්ගෙ ලමාතැනී බුජි....😂😂

ආයම කොටසකින් එනකන්....දරු පැංචව ඇහැරවන්නෙ නැතුව හෙමින් යන්න.ඈ....

පයිස්සමින් ඉන්ඩෝ....

ආතරෙයි අනෙ....

මම...

ජොබී

Nedeesha !

More Chapters