LightReader

Chapter 29 - 29

මං හිනා උනා. ..මං විතරක් නෙවෙ....එ ඇසුත් හිනා උනා....කුසිය අස්සෙන් දඩ බඩ ගාන සද්ද වකාරෙට ඇහෙනකොට මම ඉන්ධර්ගෙ පපුවට හේත්තු වෙලා මේ ඔක්කම අහන් ඉදල ලොකූ හුස්මක් ගත්තා .....

හැබැයි ඒ හුස්ම එක්ක පිට උනේම තනිකරම ගින්දරක් .....

හ්ම්....කෝ ඉතින්...මට නාගන්ඩ දියල්ලකො ම්ම්ම්..මදැයි මේ කිලුටු පිටින් හුරුතල් උනා....මයෙ අම්ම මනාපද අද ඇතුලෙ නානකාමරේ නාගන්ඩ....

කාරි නෑ අපෙ මහත්තයා .....

මට මැරෙන්න තරන් ලැජ්ජාවක් ආවා...මටත් නොහිතෙන වෙලාවක මගෙ කටින් එක පාරම නිරායාසයෙන්ම අපෙ මහත්තයා කියන වචනෙ පැන්නා විතරයි..අනේ ඉන්දර්ගෙ මූනෙ ඉබේටම හිනාවක් ඇදුනා ..ඒකත් කට කොනින් නැතිව සම්පූරනම හිනාවක්....

අනේ ඉන්ධර් මම නෙවෙ ඇහල මල උඹයි ඉන්ධර් .....

නිතර දෙවේලෙ කට කොනින් හිනා වෙන හිනාව වගේ නෙවෙ දෙයියනේ...මේ හිනාව....තුන් හිතම පිරෙන තරන් ඒ හිනාව එ තරම් ලස්සනයි....

ඉතින් බලාපල්ලකො....ඔය අගේට කියන්නෙ...ම්ම්ම්..ඔන්න රතු උනා.....ජම්බු ගෙඩිය මගෙ...ලැජ්ජා හිතුනද...ම්ම්ම්..ලැජ්ජා හිතෙනකොට ජම්බු වෙලා බෑ... පුලුවන් නම්...ඉක්මනට ජම්බු ඉල්ලන තැනට වැටියන් තේරුනාද මගෙ ලමාතැනීට....

අනේ...බේබි හාමු...

මට දුවන්න හිතුනා...ඉන්ධර් කරන්න හදන්නෙම මාව මේ වචන වලින්ම පිස්සෙක් කරන එක....අනිත් ඔක්කොටම කියන්න ඕන දේ අනක් ගුනක් නැතුව කෙලිම්ම කියන ඉන්ධර් මට විතරක් ඕන දේ කෙලිම්ම නොකියා වටින් ගොඩින් කියනකොට අනේ කෙලින් කියනවා වගේ නෙවෙ මට මැරෙන්න තරමට ලැජ්ජා හිතුනා....

හ්ම්.....දැන් ඉතින් මට අද නාගන්න යන්න දෙන්නෙම නැද්ද ම්ම්ම්....

මම ඇස් දෙක කැරකෙව්වා....බොරුවට එකම දේ අහ අහ උන්නත් මං හිතන්නෙ ඉන්ධර්ටත් නාගන්න යන්න උවමනාවක් නැතුවද කොහෙද ....

කාලා නාන්න හොද නෑනෙ රත්තරනේ.....කෝ අහකට වෙයල්ල...මං උඹලව ඇති තරම් හුරතල් කරන්නම් ඉතින් හුරුතල් වෙන්ඩ ඔය තරම්ම මනාප නම්.....කෝ උඹලත් ගිහින් ඇගපත හෝදන් වරෙල්ලකො....කිව්වට අහන්නෙ නෑනෙ ඇතුලෙ කාමරෙන් නාගන්ඩ කියලා .....යනවා ඉතින්.....ගිහින් ඔක්කොටම පේන්ඩ ගිහින් මයෙ කෝපි මල් ටික පෙන්නලා එනවා....ලැජ්ජ නැති කොලුවා මගෙ....

අනේ...බේබි....හාමු.....

ලැජ්ජ හිතුනද ම්ම්ම්....මං දැක්ක දේනෙ කියන්නෙ.....කලිසම් කොටේකුත් ඇදගන ගිහින් නානවා...වතුර බාල්දි එක දෙක වැටෙනකොට හෙලුවෙන් ඉදපන් ඔයිට වඩා නම්බුයි කියන්න හිතෙනවා....ලැජ්ජා වෙලා මූන රතු උනාට...මං උඹ දිහා බලන් ඉන්නවා ඇසල...හැබැයි ....මගෙ හිතෙ තුන් හිතකවත් නරකක් තිබුන් නෑ.....උඹව දැකපු හැම දවසකම කෙරුවෙ ..කවියක් ලියන එක රෑට ඉතිරි කරලා...පින්සල අරන් උඹව අදින එක.....

මොන හේතුවටද කියන්න දන්නෙ නෑ....උදේ ඉදන් රෑ වෙනකන් පවුල් බර ඇදලා අතපය ඇට්ටර උනත්....උඹව මවලා තියෙන්නෙ...පිරිමි ඇස් ගිනිකන ගහන පාටක් එක්ක ඇසල...හීනි ඉගක් එක්ක...පිරුන තට්ටමක් කියන්නෙම.....කවියෙක්ට වගේම පින්සල් කාරයෙක්ට සුර විමනක දොරක් මයෙ අම්මෙ....ඒක උඹ දන්නවද....ඒකනෙ මං කියන්නෙ....මගෙ මැනික කියන්නෙම හුස්ම ගන්න චිත්‍රයක් කියලා ...ම්ම්ම්ම්

මං ඉන්ධර් දිහ බලාගන උන්නා... ඉන්ධර් ආසම දෙ....මගෙ සර්වාංගෙ ගැන වර්නනා කරන්න...කවියෙක් කොයි තරන් හදට ආදරේ කරනවද කියනවා නම්.....හදක් කවියෙක් එක්ක රමනය කරන වාර ගාන හදවත් දන්නෙ නැතිව ඇති...ගෑනු රූපයක්....නග්න රූපයක්...අඩ නිරුවතක් කියන්නෙම සිත්තරෙක්ගෙ පින්සල...සිත්තරාටම පරක් කරගන්න බැරි තැනක් වෙනකොට මං මට පන වගේ ආදරේ කරන මේ ආදරනීයම කලාකාරයා දිහා බලන් උන්නා.....

ඩිංගිත්තකට අහකට වෙයල්ලකො.....

ඇයි.....

කිව්වම අහල ඉතින් අහකට වෙයල්ලකො....උඹලා මගෙ තුවායත් ගලවනවා දැන්.....තියන චන්ඩ කම....දෙයක් පෙන්නන්ඩනෙ .....කෝ...කක්කුටු පැටියා වගේ එල්ලීගන ඉන්නවා....

ඉන්ධර් මාව ඒ දේහධාරි සර්වාංගෙන් අහක් කෙරුවා ....අනේ සත්තයි මට අහක් වෙන්න ලෝබ හිතුනා....ආදරේ පිටාර ගලන අර මහ මුහුද වගේ ඇස් දෙක .....වචනෙන් මේ තරම් කියන්න බැරි තරම් ආදරේ දෙන පපු කද ගාවින් මොන මනුස්සයද එක තත්පරෙකට වත් අහකට යන්න කැමති...

මං අයින් උනා...හැංගි හොරාවක් නැතුව කෙලින්ම ඉන්ධර්ගෙ අයිතිය මට දුන්න වෙලෙ ඉදන් මං කලින්ටත් වඩා හිතේ බයක් හැකක් නැතිවම ඉන්ධර්ට ආදරේ කරන්න පටන් ගන්නකොට මං හරි ලෝබ කනින් ඒ පපුවෙන් ඈත් උනා විතරයි ඉන්ධර් ගිහින් අර කලුවර ලීයෙන් හදාපු අල්මාරිය ඇරලා හතරට නවාපු කහ ගැහුන රෙදි කඩක් ගත්තා.....

විස්වාස කරන්න පුලුවන්ද .....මේ ඉන්නෙ මගෙ ඇහල මල කියලා ම්ම්ම්ම්....මතක් කරලා බලපන්...කවදද...මං අහක් කරනවයි කියලා උඹලව රවට්ටලා රතු සරමක් දුන්න දා.....මතකද මගෙ ඇහලමලට....ම්ම්ම්ම්.....

මගෙ කටේ කෙල හිදුනා....මේක.....මේ.....මේක මේ.....ඉන්ධර් හාමු ගිනිකන පාටක් කියලා අදින්ඩ අමනාපයි කියලා මට දුන්න සරමනෙ...

බේ...බි..හාමූ...මේ...ඉන්නෙ...එතකොට .....

හම්.....මගෙ සීලෙ හරියටම බින්දෙ උඹ එදයි ඇසල......මාමා කම පැත්තක දාලා...මං උඹට පැල් බැදගන ආදරේ කරන්න ගත්තෙ එදා ඉදන් ඇසල... කරුමෙට ....උඹලා....සොලොස් අවුරුද්දක් වත් පිරුන් නැති පැටියෙක්....නැත්තන් මං උඹව මගෙ මැනික කරන්...තුන් අවුරුද්දක් පිරිලා විතරක් නෙවෙ...මගෙ අතේ දෑ අවුරුද්දක පැටියෙකුත් ඉන්ඩ ගියා...

මං ඒ චිත්‍රෙ අත ගෑවා...හැබැයි හරි පරිස්සමට.....මගෙ ඇගිලි තුඩු වලින්...මට ලෝබ හිතුනා....ඇත්තටම මේ තරම් හීනි ඉගක් මට තියනවද හිතුනා.....මේ තරම් පිරුන තට්ටම් මට තියනවද හිතුනා.....

ඉටි රූපයක් වගේ....එකම...කැලලක් ..වත්...නෑනෙ....තෙහස්.....

මගෙ ඇස් වලට උඹ නිකැලල් මලක් ඇසල.....ඉටි රූප පරාදයි...උඹ තනිකරම ...ග්‍රීක දෙවගනක් ඇසල.....මහබඹාට වැරදිලා උඹට වැරදි ලින්ගෙ දීලදෝ...ඒත් නැතිනම්.....උඹව හිතලම මෙහෙම ලස්සනට මැව්වදො... මොන දේ උනත්....මයෙ අම්මව මවලා තියෙන්නෙ නම්...මටම තමයි ඇසල...මං හිතන්නෙ නෑ..මං තරම් උඹව පරිස්සම් කරන්ඩ එකෙක්..මේ සක්වල ගලින් එහාවත් ඇතිය කියලා ....

ඇත්ත...ඉන්ධර් හාමු කියන කතාව සහතික ඇත්ත..මං හිතන්නෙ නෑ ඉන්ධර් තරම් මාව පරිස්සමින් බලාගන්න කෙනෙක් මේ සක්වල ගලින් එහාවත් ඇති කියලා ....

චිත්‍රෙ අතේ තියාගන උන්න මං හරි ලෝබකම්න් ඒ ඇදපු රේඛා හැම එකක්ම හරි පරිස්සමින් අත ගෑවා....

මන් කිව්වනෙ...මගෙ ඇහල මල කියන්නෙම තනිකරම හුස්ම ගන්න චිත්‍රයක්....උඹලට පන දුන රෙදි කඩේ තියන සායම් පාටවල පවා නාඩි වැටෙනවා මගෙ ඇසල.....

මට කියාපන් මැනික.....කස්සපට විතරද පුලුවන් ....අඩනිරුවත් සුකුමාලියන්ව ගලෙ අදින්ඩ...ම්ම්ම්...ඇයි...ඉන්ධර් උන මට බැරිද.....මනාපයි...මට උඹව ආයම අදින්ඩ....ගස් අස්සෙන් දැකපු අඩ නිරුවතට වඩා.....මේ වියලක් අල්ලන් දුහුලෙන් විලිවහපු කඩුපුලක් වගේ මට උඹලව අදින්ඩ පෙරේතයි මයෙ අම්මෙ....

මගෙ ඇගත් එක්ක හිරිවැටිලා...ඉන්ධර් හාමු ආයම මාව පින්සල් පාරවල් වලින් අදින්ඩ අහනකොට අදින එක කෙසේවෙතත් ...අදින්න අහපු විදිහට මට පන යන්න ආවා....

කියාපන්....මනාපද ම්ම්ම්

හ්ම්ම්ම්....

මං දන්නවා...උඹලා කවදාවත් මගෙ වචනෙ අහක දාන් නෑය කියලා ....හ්ම්...යමල්ලා...දැන් වත් නාගන්ඩ....උඹලගෙ මේ කතා කරන ඇස් වලට අහු උනා කියන්නෙ....ආය එලි බහිනවා බොරු...මේවා තනිකරම වංක ගිරියක් මයෙ ඇසල.....මදෑ...දැන් මේ වයසක වාහෙව තෙහෙට්ටු කෙරුවා ...යමල්ලා...ගිහින් නාගන වරෙල්ලා.....ම්ම්ම්ම්

මං හිනා උනා.....හිනා වෙලා මටයි කියලා ගෙනත් දුන්න අලුත් තුවාය මං අතට ගත්තා ...ගෙදර ඉන්නකොට පිහාපු තුවායෙන් ඇග පිහනවට වඩා හොදයි වැලි කඩදහියක් අරගන ඇග මැදගන්න එක.....ඒ තරමටම ඒ තුවාය හම්පඩ වෙලා....පිහලා ඉවර වෙනකොට මුලු සර්වාංගෙම දනවා...ඒ තරන් හීරෙනවා ..අනෙ ඉන්ධර්ට කියලා අම්මටයි සුද්දියටයි තුවා දෙකක් අරන් දෙන්ඩ තිබුනා නම්.....

කමක් නෑ...හෙට යමින් ගමන් හෙමින් සැරේ කියලා බලනවා....ඇරත් මං මොකටද ලැජ්ජා වෙන්නෙ...මගෙ වාහෙ...ඇරත් මගෙ මාමන්ඩි...ආය මක්කට ටැග් ගැහෙනවද ....

මං අතට ගත්තු තුවාය කරට දාගන කාමරෙන් එලියට ආවා.....අරකි මුලු කුසියම පෙරලනවා..නිස්කාරනේ මගෙ අම්මට කෑ ගහනවා...පොඩ්ඩක් ඉදපන් දොදොලි...දැන් තමයි මටත් මගෙ වක ගැහුන කොන්ද කෙලින් කර ගන්ඩ හයිය ආවෙ.....

ආ නන්දා උඹ තාම ඕක කූරු ගානවද....අත පන ඇතුව හාමු කරලා ඕක මේසෙට යවාපිය....තෝත් දැන් මෙච්චර කල් ඉදලා ඉදලා අරකා වලව්වට රිංග ගත්තා ව්තරයි ලමා තැනි වෙන්ඩ ආවද.....

මං බලාගන උන්නා....අරකි නැහෙන්ඩ හදනවා...එක පහු උනා විතරනෙ...ඇයි මහ නාකියා පන්සලේ හාමුදුරුවොද ඒකට දොලහටම ගිල්ලලා බුදියන්ඩ යන්ඩ හදන්නෙ...මේකිට තෙලේ ගහලා.....දොදොලි...හිටපන් ...අන අරකගෙ දොදොල් පත්තෙ කෙරුවාවත් මයෙ වාහෙ නැති වෙලාවක් බලලා තිගෙ කනට කරන්නම්.....

මැනිකෙ...මේන්....

ආ බොල කෝ මැල්ලුමෙ පොල්...

මේ තියෙන්නෙ මැනිකෙ....

කට වහපිය ....මෙ තියෙන්නෙ මැනිකෙ.....කෝ..කොහෙද....තී එනවද ඒ පාර මං අඩුවක් කිව්වම ආපිට ඒක පෙන්නන්ඩ.....?

මං දත් ඇන්ද පූට්ටු කරන් බලන් උන්නා....තව බැනපන් කිය කිය මං බලාගන උන්නා.....මගෙ අහිංසක අම්මා දෙකට නැවීගන වගේ හිරමනේට යනකොට නාගන්ඩ ආව මං මහ නාකියත් වෙච්ච කෙරිච්ච දේවල් වලට හුස්ම අල්ලන්ඩ බැරිව ඒකලාගෙ නාඩගම් මඩුවට රිංගන් දොර වහගත්ත එකේ....මගෙ ඉන්ධරුත් දැන්ම නොඑන එකේ අවසානෙදි ඉන්ධර්ගෙ ලමා තැනී පට්ටම හිස් මුදුනෙ ඉදම්ම දාගත්තා ....

අපෙ අම්මා...මක්කද ඔය කරන්ඩ හදන්නෙ.....

ආ...ඔය ආවෙ...ඔය ආවෙ කියනකොටම..මගෙ දරුවව දැලේ දාගන...තොට නම් හොදක් වෙන්නෙ ඈ...

ඇයි ලොකු මැනිකෙ උඹගෙ දරුව තාම තන කිරි බොන එකාද ...ඒකා තාම තන කිරි බොනවා නම් කියාපන්...මං ඒකව ඒවන්නම් උඹලා ගාවට...එහෙම නැත්තන්...මට පුලුවන් ඒකව හරහට ගන්ඩ බැරි උනාට ඇදේ දිගා කරවලා මගෙ තනක් හරි කටට ඔබන්ඩ.....එතකොට උඹලගෙ ලපටියාගෙ මොලේ එන්නෙ නැතෑ අනුන්ගෙ දැල් වලට අහු නොවී ඉන්ඩ...

මන් හිතන්නෙ මට ලැජ්ජා නහරෙ කපා ගන්ඩ සිද්ද උනා..හරියටම මගෙ ඉන්ධර් කිව්වා වගේම..කියන දේ කෙලිම්ම කියන්ඩ ඕනා නම් මැනිකෙ මං ලැජ්ජා නහරෙ කපාගන හරි කියනවා කිව්වා වගේම මාත් මගෙ ලැජ්ජා නහරෙ අම්මා ඉන්නවා කියල වත් නොබලා බෙල්ල මුලින්ම කපලා දැම්මා....

මට ඉවසන්ඩ පුලුවන්ද මගෙ අම්මා මෙච්චර බැනුන් අහනකොට ....වලව්වෙ බැල මෙහෙවර කෙරුවත්.....අම්මා අප්පා පවා අත ඇරියත්...යකෝ මේ මගෙ අම්මනෙ....!!

..සීවරන් දෙයියනෙ....මේකගෙ වනචර කටක තරම...ආ යකො....තොට පොඩි මැනිකෙ කම දීලා ව්සි හතර පැයක් වත් ගියේ නෑනෙ....තොගෙ රැස් වලල්ලෙ තරම....

මං කට කොනකින් හිනා උනා...මහ මැනිකෙ දිහා බලලා දෙයියො බුදුන්ට පවා අවනඩු කියන මහ නක්කල් හිනාවක් දැම්මා හිනා වෙලා හිරමනෙ උඩ උන්ඩි වේගන උන්න අම්මා දිහා බලලා කෙලිම්ම ගිහින් පලා හට්ටිය දිහා බලලා ඒක එලියට ගෙනල්ලා බැලුවා කොහෙද මේකි මේ නහින්ඩ හදන පොලේ අඩුව කියලා බලන්ඩ.....

මයෙ අම්මා ඔය පොල් ගෑම පැත්තක තියලා බත් ගෙඩියක් බැදගත්තා නම්....දැන් සුද්දියත් එන වෙලාව....පව්...ඒකි සහගින්දරෙ එනවා ඇත්තෙ....ඇරත් පලා මැල්ලුමක් කියන්නෙ පලා මැල්ලුමකට මිසක් පොල් මැල්ලුමක්ට නෙවෙනෙ ....පලා අහුරක් අතට ගත්තම බාගයක්ම තියෙන්නෙ පොල් නම්....ආය පලා නොදා පොල් කනවනෙ....මයෙ අම්මා බත් ගෙඩියක් ඔතන් යන්ඩ...මං මයෙ හමුට බත් පතක් බෙදාගන යන්නම්...ඉන්ධර්ට මගෙ අතින් කන්ඩ මනාපයි කියලා පොරේ...

මං හීනි නූලෙන් මහ තැනට වින කරන්ඩ ගත්තා...මගෙ අම්මගෙ මගෙ මූනටම ඉදුලා දැලි වලන් හෝදන උන් කියලා බැනපු එකී ජාතක වෙලා තියෙන්නෙම පාත රට අරක්කු රේන්ද කාරයෙක්ට කියලා දැනගත්තු තැන ඉදන් මට මගෙ අම්මට මැනිකෙ පට්ටම දීලා කතා කරවන්ඩ වැඩ සලස්සන්ඩ දැම්ම ඕනා උනා... 

.ආ...යසයි තොගෙ කතාව දැන් . ආ බොල...බත් ගෙඩි බැදන් යබ්ඩ කියන්නෙ මේවා තොගෙ අම්මා අප්පගෙ බූදලේද ..ඇරත්...මහ හාමුට බත වත් නොබෙද... ..මයෙ කොලුවට බත් ටික වත් නොදී....ඇරත්...වලව්වෙ මහ කුමාරි හාමි උන මමවත් නොකා තොපිට බත් බදින්ඩ...හහ්...තොපි අතු කොටු පිරෙන්ඩ ගෙනල්ලා තියනවනෙ පාක්කුඩම් ටිකට බෙදන් යන්ඩ.....

මං ලොකු මැනිකෙ දිහා බලලා මගෙ උරහිසෙ තිබුන තුවාය ගසලා අනිත් උරහිසට මාරු කරගත්තා ....කරගන මහ අම්මන්ඩි හිටගන්න උජාරුවෙම්ම හිටගත්තා ..... 

ලොකු මැනිකෙට අමතක ඇති...ඔය අස්වද්දන කුඹුරු කට මට්ටන් පුරවන අතු කොටු ඔක්කොම මගෙ වාහෙගෙ විත්තිය...එහෙව් එකේ....වාහෙගෙ දේවල් මැනිකෙට නැතුව මොකාටද කිව්ව නම්.....ආ මැනිකෙ ...

ආ යකො.....පෙනේද ..පෙනේද...මගෙ කට...මගෙ කට....බඩේ බඩවැල් නැතුව උන්න හිගන හැත්ත තොපි...ඉදුල් වලින්ම ලොකු වෙලා තොපි මටම රැස් දානවද....යකො මම ඉරුගල්බන්ඩාර හාමුදුරුවන්ගෙ ලේලි පොඩ්ඩ...

මං මික් නොගා උන්නා....මොකද...මං තාම මේ හැම දේම දන්න බව අම්මට ඇගෙව්වෙ නැති හන්දා ..තම්මැට්ටමි ඒකිගෙ ලාඩන් ගහලා වගේ තියන සෙරෙප්පු දෙක දාගන කුසිය පුරාවටම මී හරක් හානවා වගේ එහාට මෙහාට චරස් බරස් ගගා යනකොට අත් දෙක හෝදගත්තු මං දොදොලෙ යුවලගෙ මේසෙට යවන බත් තසිමට බත් දැම්මා....

ලොකු මැනිකෙ...මේන් බලාපන්...උඹලටයි...උඹලගෙ වාහෙටයි බත්. ...ඇරත් උඹලා ඔච්චර කන්ඩ එපා...පෙනේද....කාලක්‍රියා කරපු

විමලසුරේන්ද්‍රන් මහ හාමුගෙ ලේලි පොඩ්ඩ දැන් තනිකරම සූකරිය වගේ.....ඇරත් මහ හාමුට තාම හයිය හත්තිය තියන එකේ...වාහෙව සතුටු කරන්ඩ පුලුවන් ඇගක් හදාගනින් ලොකු මැනිකෙ ..නැත්තන් මිනිස්සු ගිහුන් ලගින්නෙම අම්බලන් වල.....අම්බලන් වල ලැගලා පිට පින්තාලි වල වතුරට දිව ගාල ආව දාකට කදුලු බොන්ඩ තියාගත්තම අපිටමනෙ වදේ.....

මං හිතන්නෙ මගෙ කටින් පනින සහ ගහන කතාවලට දොදොලිගෙ පන යන්ඩ ආවා...ඒකි හුස්ම ගන්න වේගෙ කොයි තරන්ද කියනවා නම් තිරික්කල රේඅ දුවාපු හරකෙක් ගානට වෙනකොට හාරලා වගේ කැපුන හැට්ට කරෙන් අර තම්මැට්ටන් දෙක දැන් පනී දැන් පනී කියලා නට හිතුනා...

අනෙ ඕකට තලලම අරකගෙ කඩිප්පු දෙක උදේට කැඩෙන්ඩ වගෙ එනව ඇති... ..

ආ බොල..... තෝ මොකාගෙන් අහලද ඔය බත් බෙදන්නෙ....මයෙ පුතාට කැට ගැහුන බත් කන්ඩ බැරි බව තෝ දන්නෙ නැද්ද....ඇරත් තෝ මෙ තසිමට බත් බෙදලා තියනා හැටි බලපිය.... මේ ඇසලයා තෝ හිතන්ඩ එපා තොට මේ වලව්වෙ ලමා තැනී කම ගන්ඩද දෙයි කියලා .....

ඇයි ලොකු මැනිකෙ මගෙ වාහෙගෙ දත් නැතුවද??ඇරත් දෙන්නෙක්ට කන්ඩ බත් කදු ගහන්ඩද කියන්නෙ...අනික් කාරනාව අපෙ මැනිකෙය ඇහුනනෙ ...වලව්වෙ ඉන්න මුදුන් ලී දෙකම මාව පොඩි මැනිකෙ කියලා පිලි අරන් ඉවරයි.....මන් මගෙ වාහෙගෙන් රැයවල් දෙකක් තැලුන එකා.....මං දන්න හැටියට නියම හාමුලා නිදි වදින්නෙ නම් තමන්ගෙ මැනිකෙ එක්කල විතරයි .... ඔය අනිත් හමුලා නම් මං දන්නෙ නෑ...

.ආ බොල....තෝ ඔය වහෙන් ඔරො මට කියන්නෙ මගෙ වාහෙ වෙන ගෑනු එක්ක ලගිනවා කියලද ....

මං කිව්ව එකක් නෑනෙ ලොකු මැනිකෙ...මැනිකෙමනෙ දැන් ඔය කියන්නෙ...නිස්කාරනේ ලේ ටික පුච්ච ගන්ඩ එපා අපෙ මැනිකෙ.....උඹලට ඕනෙ ඉන්ධර්ගෙ පැටියෙක්ගෙ මූනවත් වත් නොබලා මැරිලා යන්ඩද.. 

ක්‍රෑ...හ්...තූ තෝ...!

මහ නාකි දෙන්නට ඇති වෙන්ඩ බත් බෙදපු මං මගෙ වාහෙගෙ අම්මා එක්ක ඇරගන්න ගමන්ම හොදි දීසිත් කෑම මේසෙට යවලා ඉන්ධර්ගෙයි මගෙයි බත් පත වේවැල් කූඩෙන් වහලා අම්මටයි සුද්දියටයි තුන් වේලකටඇති වෙන්ඩ බත් බෙදලා තියන හොදි මාලුත් ඔක්කොම බේදනකොට අරකිට අපස්මාරෙට එන්ඩ ආව.....

මට ඕනෙ අම්මව මෙතනින් පිටත් කරගන්ඩ.....මගෙ අම්මා ඉන්නකොට මෙතන මට හිතු මනාපෙට බහින් බස්වෙන්ඩ බැරි උනා වගේම මගෙ අම්මා සිය පාරක් විතර අනේ පුතේ නවත්තපන් පුතෙ..මහ හාමු උඹලව දඩු කදේ ගහයි පුතේ කියන කතාව විඩින් විඩටම කියනකොට මං අම්මව හනිකට පිට කෙරුවා ....

අපෙ අම්මා.....බේබි හාමුයි මායි අද අපේ ගෙදර ලගින්නෙ...රෑ බතට මං උයන්නම්.....ඉන්ධර් මගෙ අතින් කන්ඩ මනාපයි කිව්වා.....

මොකක්...මයෙ පුතා තොපෙ හිගන ගුබ්බෑයමට රින්ගන්ඩ....මයෙ කොල්ලා තොපෙ හැලි වලන් වල ඉදෙන ලුණුයි බතුයි ගිලින්ඩ....නෑ...නෑ....තොට ඕන දීපන්කරෙක පල මගෙ කොල්ලව තියලා...හිතෙ ඇති තොගෙ මනාපෙය නටනකන් මන් බලන් ඉදී කියලා .....හිතේ ඇති තොපි ඉදුල් කාල කාලා මෙතන ..එනවා මයෙ එකාව අරගන යන්ඩ...වහාම ලෑස්ති වෙය මේ කසාදෙ කටු ගාන්ඩ...මං මේ වලව්වෙ මහ මැනිකෙ බොල.....අර හිගන්නිට හිතෙ ඇති මගෙ කොලුවව බෑන කරගන්ඩ...

බත් ගෙඩිය බැදගත්තු අම්මා පොල් වත්ත දිගෙ දුවනව බලාගන උන්න මං තුවාය පුටුව උඩින් දැම්මා...අරකි කියවනවා කියවනවා කටට නිවනක් නෑ....හිගන ගුබෑයම...ඉදුල් කකා කිය කිය මගෙ අම්මට හිගන්නි කියනකොට මගෙ ඇගෙ ලේ නටන්ඩ ගත්තා...ඒකි පිට එකී...නියම වලව්වෙ උරුමෙ තියන මගෙ අම්මට අරක්කු කාරයෙක්ගෙ දෝණියැන්දා අඩත්තේට්ටම් කරනකොට මට ඉන්ධර්ව වැහීගන ආවා.....

මැනිකෙ....

මං දත් මිටි කාගන උනත් හිමින් කතා කෙරුවා ..මොකද ...එතකොට ඇහෙන්නෙ ඒකි මට දෙහි කපන සද්දෙ විතරයි ..මං කියවන එක ඇහෙන් නෑ....ඇරත්....මගෙ ඉන්ධර් වහෙන් ඔරෝ අවසරේ දුන්නෙම මරාගන්ඩ වෙනකොට මං අඩියක් දෙකක් මැනිකෙ ගාවට කිට්ටු උනා...

අරකි තුයන මහන්තත්ත කමය ඔසරි පට චටස් ගාන සද්දෙන් ගසලා දැම්මා...දැන් තමයි මැනිකෙ උඹ මෙ ඇසලගෙ හැටි දැනගන්නෙ ..බලන් ඉදින් මගෙ උරුමෙ...ආපිට මං අරගන්න හැටි ... 

ලොකු මැනිකේ.....

හහ්...ලොකු මැණිකෙ....තොට තවත් දිව නැවෙනවද මට ලොකු මැනිකෙ කියන්ඩ...වලව්වෙ ඉදුල් කාපු එකා....අපිටයි වැරදුනෙ. ....අර හිගන්නිට වැටෙන්ඩ තැන දීලා...

මගෙ සර්වාංගෙම ලේ උනු වෙන්ඩ ගත්තා .....අරක්කු කාරයගෙ දූ ඩිංග ආය ආයමත් මගෙ අම්මට හිගන්නි කියනකොට මං දත කට හොදට මැදගත්තා ....

මං හිතන්නෙ ...මං තව දුරටත් උඹලට ලොකු මැනිකෙ කියන්ඩ ඕන් නෑ අම්මන්ඩි ...එහෙම නේද.. . ඇරත්..උඹ ඔය හිගන්නෙ කියන්නෙ මයෙ අම්මට..මයෙ අම්මා නියම මැනිකෙක් බොල...අරක්කු රේන්ද කාරයෙක්ට ජාතක උන එකියක් නෙවෙ.....පූරුවෙ කරාපු පවකට පව් ගෙව්වට මයෙ අම්මා උඹලගෙ අතපල්ලෙන් වැටෙන්ඩ ඕන ගෑනියෙක් නෙවෙයි බොලව්.....

ඇසල....!!....

...සුගලා දේවි!!!!

මං ගිගිරුවා....දත්මිටි කාගන ඇස් රතු කරගත්තු මන් පලවෙනි වතාවට මගෙ ගෙරවිල්ල මහ මැනිකෙට දානකොට ඒකි තක් බීර් උනා..හැබැයි ..ආයමත් කට ඇරියා...

අම්මන්ඩි .....හහ්...හිතේ ඇති තෝ මට අම්මන්ඩි කියන්ඩ.. ඇරත් දැන් තෝ මට කියන්නෙ තොපෙ අම්මට මැනිකෙ කියන්ඩද.... ආබොල.....

ඔව්...කියාපන්....නන්දා නෙවෙ...මයෙ අම්මගෙ නම.....අරුන්ධති මහාමායා ඉරුගල්බන්ඩාර බොල...බලාපිය ඒ නමේම තියන බර....පාතරට අරක්කු රේන්දකාරයන්ගෙ දූ ඩිංග මහ උජාරුවට හවඩි බැදලා හත්මාල දැම්මට...මගෙ අම්මා උපතිම්ම මැනිකෙක් බොල...උඹල වගෙ වාහෙගෙ පිහිටෙන් මැනිකෙලා උන උන් නෙවෙ.... 

ඇසල...කට පියවපන්..මං තොට මේ කියන්නෙ හොදින්.....තෝ තොහෙ තැන දැනගන ඉදපන්....තොපි ඉන්නෙ මේ වලව්වෙ බැලමෙහෙවර වලට නම්...ඒ විදිහට ඉදපන්...බේබද්දට ජාතක උන එකා.....

මං හිනා උනා..මං මහ නරක නපුරු වියරු විදිහට හිනා වෙන ගමන් තවත් අඩියක් දොදොලි ගාවට තිබ්බා.....

මගෙ තැන....දැන් අම්මන්ඩි ඔය කියන මගෙ තැන මොකක්ද කිව්වා නම්....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...දැනගන්....

මම විමලසුරේන්ද්‍රන් ඉරුගල්බන්ඩාර ගෙ පලවෙනි මී මුනුබුරා බොල...එකයි මගෙ තැන....

අම්මන්ඩි.....උඹලා මෙන්න මේක හොදට මතක තියාගන්නවා නම්...මනාපයි මම....

මං දැන් කලින් ඇසල නෙවෙ...ඉරුගල්බන්ඩාර වලව්වෙ පොඩි මැනිකෙ...උඹ හොදට බලන් ඉදපන්..මං මගෙ උරුමෙ ආපිට ගන්නවා...උඹලට ඇහෙනවද අම්මන්ඩි ...මේ ඉදුලා...එකගෙ උරුමෙ ආපිට ගන්නවා.....ටිකෙන් ටික....ටිකෙන් ටික...

උඹලා ඔය උජාරුවට ඉනෙ ගහන් ඉන්න යතුරු කැරල්ල බොහෝම ඉක්මනට මගෙ අතට ගන්නවා....ඔන්න බලපන් ලොකු මැනිකෙ මං ඉදල්ගස් හින්නෙ මහ වලව්වෙ ඉදන් මගුල් පෙරහැරේ මේ වලව්වට පය ගහනකොට උඹට අනිවාර්යයෙන්ම සිද්ද වෙනවා මට මල් දාපු වතුර වීදුරුවක් අල්ලන්ඩ...අන්න ඒක මතක තියාගනින් අම්මන්ඩි ...

දොදොලිගෙ මූන බලාගන ඉන්නකොට පත්තර පිටුවක් වෙලා ගියා.....ඒකිගෙ තරහවෙ තරම කොයි තරම්ද කියනවා නම් මහ එකිව වෙව්ලන්ඩ වගේම ඒකි ඉනේ එල්ලන් ඉන්න වලව්වෙ බරම බර යතුරු කැරල්ල තදින්ම මිරිකන් මගෙ දිහවට රවාගන ඉදල ඉදලා කට ඇරියා.....

මේ යතුරු කැරැල්ල ගන්ඩ උඹ..... ...හහ්....තොට පුලුවන්ද මේ වලව්වෙ යතුරු කැරල්ලට අත තියන්ඩ.....එකටම පැටියෙක් වදාපිය....එතකොට මං තොට මේ යතුරු කැරල්ල දෙකට නැවීගන ඇවිදින් හරි දෙන්නම්.....තොට පුලුවන්ද ඒක.....?? ඉර බටහිරෙන් පෑව්වත් තෝ එලිවෙනකන් වනචර කම් නැටුවත්....තොට පුලුවන්ද ඉරුගල්බන්ඩාර ලේ කැටියෙක් ගේන්ඩ???

හිගන හැත්ත....!ආවා මෙතන උරුමෙ ඉල්ලගන....බොහෝම ඉක්මනට මං ආපිට තොපෙ කසාදෙ කටු ගානවා.....

මං හුස්මක් ගත්තා ..... .....ඉහ මොල පුපුරලා යන්ඩ එන කේන්‍තිය සුනාමියක් වේගන එනකොට මං තත්පරයක් ඇහැ පියවන් ඉදලා ආපිට ඇරියා....

.උඹ කියන්නෙ...ඔය යතුරු කැරල්ලට මට අතගහන්ඩ බෑ කියලද.... බලන් ඉදපන් මහ මැනිකෙ...නටන්ඩ පුලුවන් සන්නි දහ අටම නටලා හරි....මං අවුරුද්දක් යන්ඩ කලින්...මගුල් පෙර හැර එන්ඩ කලින් හරි.....ඉන්ධර්ගෙ පැටියෙක් ගේනවා....ඇරත්...මං එලිවෙනකන් වනචර කම් කෙරුවත්...ඒ නටන්නෙ මගෙ වාහෙ එක්ක බොල.....මගෙ වාහෙත් ඔය අනිත් උන් වගේ පිට පරිප්පු කන්ඩ දුවන එක නවත්තන්ඩ නම්..මට විසි හතර පැයම උනත් වාහෙට මගෙ බඩ උඩට නගින්ඩ දෙන්ඩ වෙනවා...ඇරත්...වාහෙ එක්ක බුදියන එක වනචර කමක් නම්....මහ රෑට නහින තොපි කොච්චර නම්.වනචරද අම්මන්ඩි ?????

ඇසල.....!!!!

.ශ්ශ්ශ්.....සද්ද එපා අම්මන්ඩි ...මෙතන ඇසලලා නෑ...මං පොඩි මැනිකෙ....මනාප මට එහෙම කතා කරනවට...හොදට ඇස කන් ඇරන් බලන් ඉදින් අම්මන්ඩි.... අවුරුද්දක් හරි...දෑවුරුද්දයක් යනකොට හරි...උඹලට ඉන්දර්ගෙ පැටියෙක් නලවන්ඩ වෙන්නෙ නැද්ද කියලා .....මගෙ මාමන්ඩිටත් කියාපන්.....ඇඹුල් ජාති හොයන්ඩ දැම්ම ලෑස්ති වෙන්ඩ කියලා ....මොකද..මං අද හෙටම කිරි පබලු වැල් අමුනන්ඩ පටන් ගන්නවා....සන්නි දහ අට නෙවෙ...කිරිකොරහා නටලා හරි...මං ඉන්ධර්ගෙ පැටියෙක් ගෙනාවෙ නැත්තන් මේ වහල යටට.....උඹ මට ඉජුහ් කියපන් අම්මන්ඩි ....මගෙ වචන හොදට මතක තියාගනින් සුගලා මැනිකෙ.....!

තව කාරනාවක්.....දැන් වත් මගෙ වාහෙව එල්ලන් ඉන්න පෙකනි වැල කපපන්...නැත්තන් අම්මන්ඩි උඹටත් එක්කයි පිටගැස්මට එන්නෙ ..මාව ගෙනාවෙ කොට්ටෙට විතරක් නෙවෙනෙ...මගෙ අතපය හයියයි....අම්මන්ඩි පුතා මැදට මං එන්නෙ නෑ වගේ...මං මනාපයි....වාහෙගෙයි මායියගෙයි මැදට උඹලත් නාවොත්.....!

මන් ගස්සගන වගේ පල්ලම් බැස්සා... යතුරු කැරල්ල මිරිකන් උන්න මහ අම්මන්ඩි යක්සාවේසෙන් වගේ බලාගන ඉන්නකොට මං හුස්මක් නොගෙනම කියවලා කියවලා එන්ඩ ආවා....

දෙයි හාමුදුරුවනේ...අනේ ප්‍රාතිහාර්‍යක් කරල වත්.....මට දරුපැටියෙක් දෙනවා නම්.....

කට වචනෙට යක්සාවෙසෙන් දොඩවලා දොඩවලා ආව මන් චස් ගාන සද්දෙත් එක්ක ලිදට යකඩ පනිට්ටුව අත ඇරියා....

බලන් ඉදපන් මහ දොදොලි...මං නව මාසයක් කොට්ට හරි බදිනවා.... ඒ කරලා මෙච්චර කල් උඹලා සූරගත්තු අපේ රීරිමාංසෙට හරියන්න මං අපේ උරුමෙ ආපිට ගන්නවා...බලන් ඉදපන් මහ අම්මන්ඩි.....රෑ එලිවෙනකන් හරි මං මගෙ වාහෙව බඩ උඩට ගන්නවා.....

උඹ මගෙ අම්මට හිගන්නි කියපු කටින්ම....අරුන්ධති මැනිකෙ කියවන්නෙ නැද්ද බලපන්...මට ඉදුලා කියපු කටින්ම මයෙ පුතා කියවන්නෙ නැද්ද බලාපන්...

සීතලම සීතල වතුර බාල්දි එක පිට එක පිට සීයක් විතර ඉහට හලාගත්තු මන් අවසානෙදි නාගන කරගන තුවායත් පටලවන් ගෙට ආවා....ඒ එනකොටත් දොදොලයි දොදොලියි කෑම මේසේ....අරකිගෙ මූන තනිකරම බඹර කඩන්ඩ ගිහින් බඹරු ඇනපු එකෙක් වගෙ වෙනකොට අනේ...මහ පරිප්පුවා නම් පාඩුවෙ ගිල්ලා.....

විලිසංගෙ නැති එවුන්.....

අපෙ මැනිකෙ...කන ඩිංගවත් මට සැනසීමෙන් කන්ඩ දුන්නා නම්.....ඇරත් මයෙ පුතා කිව්වනෙ ඌ මනාප මේකට කියලා ....අහවර කරාපුවා ආය ආය උඩට ඇදලා උඹලා මගෙනුත් අහගන්ඩ යන්නෙ....

අනේ..මගෙ රත්තරන් ටික වගේ මාමන්ඩිය....උඹ පිට පරිප්පු හන්දා හරි සැලන්ඩර් උනානෙ...ඒ ඇති...

බේබි හාමු...

තවම නෑ...

තුවාය පිටින් කාමරෙට ගියපු මං ඉන්ධර්ව හෙව්වා ...ඉන්ධර් වෙනුවට උන්නෙ ටීඑම් මහත්තයා .... සමහර විට ඇවිලුන ගිනි නිවන්ඩවත් කෝකිලටෙක්ට අඩ ගැහුවදෝ....

හෙමින් හෙමින් කන්නාඩි මේසෙ ගාවට ගියපු මං පුංචි සුවද කුප්පියක් අරගන බෙල්ල දෙපැත්තට වගේම උරහිස් වලට ගාගන ආපිට මේසෙන්ම තියලා ටී එම් මහත්තයා එක්ක මුමුනන ගමන් මං කලුවර අල්මාරිය ඇරලා ඇදුමක් හෙව්වා ...

හතර වටටම ඇස් දෙක ගිහින් ගිහින් අවසානෙදි නතර උනෙ මගෙ ඉන්ධර්ගෙ සුදු පාට ශර්ට් එකක් ගාව වෙනකොට මං එයාගෙන් නාහම ඒක අරන් ඇදගත්තා ....

තනිකරම බාච්චුවක් උරහිස්වලින් කඩා වැටෙනවා ..දනිහට වඩා වියතක් විතර උඩින් තිබුන දුහුල් කමිසෙ ඇදගත්තු මං ජනෙල් කූරුවල එල්ලීගන ඈතින් පෙනුන දුප්පත් කුමාරි හාමිගෙ දුප්පත් පැල දිහා බලන් ඉන්නකොට ටී එම් මහත්තයා ඉර හදටත් හොරාවට කරන ආදරයක් ගැන කියනකොට මං සින්දුවට කන් දීගන ඉන්නවත් එක්කම මගෙ පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහුනා....

මං දන්නවා...ඔය ඉන්ධර්....

මයෙ පින්න මල....

කඩා හැලෙන උරහිස් අත හන්දම බාගෙට නිරුවත් උන උරහිසක් උඩට තියපු උනුසුම් චුම්බනයක් එක්කම මගෙ සර්වාංගෙම හිරි වැටීගන යනකොට ඉන්දර් හාමුගෙ කටහඩ මගෙ යටි බඩ කැලතෙව්වා....ඒ තරම්ම ඒ කටහඩ ඇහුනෙ කෙදිරීමක් එක්ක.....

බේ..බි හාමු....

කෝ.....හැරියල්ලා බලන්ඩ.....

කෑම කාමරෙන් එන පිගන් කටු සද්ද එක්ක ඉන්ධර් තවත් හෙමින් මුමුනකොට අනෙ සත්තයි මගෙ කකුල් ඉබේටම ඉන්ධර් දිහාවට හැරුනා....

ඇසල ...

මං නෙවෙ කතා කෙරුවෙ නාගන ආවත් ඉන්ධර් උන්නෙ බෙල්ල ගාවට වැවුන කොන්ඩෙ ගැටගහන් උනත් අර කොන්ඩ මලට අහු නොවෙන කෙස් අහුරු නල්ල් දෙපැත්තෙන් අක්බඹරු වෙලා පහලට වැටිලා තිබුනා ..... උඩු අතට කරකවාපු රැවුලයි....මගෙ අයිතිය උදුරන් නැවතුන වතුර බින්දු රැදුන ඇත්දල පාට උඩකය සර්වාංගෙයි කියන්නෙම වෙනමම සිත්තමක් වෙනකොට මට ඉන්ධර් අහන එකටවත් උත්තර දෙන්න බැරි උනා...කොටිම්ම සුගලට දෙහි කපන කට ඉන්ධර් ගාවදි සීල් වෙලා ගියා...

දන්නවද....මගෙ මැනික හරි හැඩයි උඹලගෙ වාහෙගෙ ඇදුම් වලට....මනාපයි....ඔහොම අදිනවට....එතකොට ....උඹලා මගෙම වස්තුව කියන එක...තව තව මහෙ හිත උගන්නවා මට.....

බ්..බේබි..හාමු.....

ම්ම්ම්.....සීතලද රත්තරන්ට ම්ම්ම්ම්...

මං උරහිස් එක්ක ඇකිලුවා...මගෙ දිහා බලන් උන්න ඉන්ධර් හරි පරිස්සමට ඒ පිට අල්ලෙන් මගෙ කම්මුලක් අතගානකොට මට ඉබේටම උරහිස් ඇකිලුනා.....

.දන්නවද ඇසල....හීතල කියන්නෙම... ස්වර්න විමානෙක අගුලට...හැගීම් වලට.....උනුහුම කියන්නෙම... ඒ අගුකෙ යතුරට.....හැගීමක් සනසවන්න පුලුවන් එකම දේ නම්....ආදරෙයි රතියයි මැනික...උඹ අද වෙනදටත් වඩා හැඩයි....උඹ සුවදයි ...මගෙම සුවදයි....

කතා කරන ඇස් හරි කෝලයි...ඒත්...උන් හරි කපටියි.....උන්ට ඕනෙ ..මේ දාහය වෙලේ.....ඇද වියන් හොලවන්න....එහෙම නේද ම්ම්ම්ම්...

න්..නෑ....බේබි....හාමු....

කාරි නෑ....බොරු කියනකොට ගොත ගැහෙනවා ...කියාපන් ...මං නැති තැන මයෙ ඇසලට අම්මන්ඩි දොස් තිබ්බද.....

මං බිම බලාගත්තා ...එයා නැති වෙලේ තමයි හොද හොද සෙල්ලම් තිබුනෙම.....

කෝ.....මේ බලාපන්....

බිම බලාගත්තු මගෙ මූන ආපිට උස්සපු ඉන්ධර් එයා ගාව කීකරු වෙන මගෙ ඇස් දිහා හරි ආදරෙන් බලන් උන්නා ...

මුව පැටියෙක් වගෙ.....ඇයි රත්තරනෙ මගෙ ගාව මෙ තරම් අහිංසක ම්ම්ම්ම්.....මගෙ පැටියා උඹ...කියාපන් ...මක්කද කිව්වෙ හිත රිදෙව්වද උඹගෙ ...මයෙ ඇසල...මේ අහපන්....උඹ දැන් සමනලයෙක් මැනික...හැබැයි....අම්මන්ඩිට උඹ තවම පරන දලඹුවා....කාරි නෑ...මේ අත් තටු හිමින් දිගෑරපන්.....උඹ එක්ක පියාඹන්ඩ මන් ඉන්නවනේ ම්ම්ම්ම්...

මන් ඔලුව වැනුවා ....මගෙ දිහා ඇහිපිල්ලමක් වත්නොගහම බලන් උන්න ඉන්ධර්ගෙ උගුරු ගැටෙ පිට පිට දෙනුන් වංගියක්ම ඉහල පහල යනකොට ඉන්ධර් අඩියෙන් අඩිය මගෙ ගාවට එනකොට පස්සෙන් පස්සට ගියපු මට යන්න එන්න තැනක් නැතිව ඇද කනුවකට හේත්තු වෙනකොට ඉන්ධර් මගෙ මූනට පහත් උනා ....

උඹ ඇවිදින් තනිකරම හුස්ම ගන්න චිත්‍රයක් ....කස්සපගෙ බිතුසිතුවම් පරාද කරවන උඹ ඇවිදින් මාව උමතු කරන හුස්ම ගන්න චිත්‍රයක් මගෙ ඇසල....නිවුන් හන්සයො නැති උනාට.....කෝපි මල් රහට වහ වැටුන මට.....නෙලුම් මල වෙනුවට.....ඇහල මල් වැලක් අතට දීලා උඹවත් අදින්ඩ හිතෙනවා මේ ඉන්ධර්ගෙ කාමරේ බිත්ති පිරෙන්ඩම...

මට උඹව දැක්කම හරි ලෝභයි ඇසල........උඹ ඇවිදින් අතිශයෝක්තියෙන් වනන්න ඕන මලක්.....හාදුවලින්ම හෙම්බත් කරවලා....ආයම හාදුවකිම්ම පන ගහන්න ඕන මලක්....

මං විස්වාස කරනවා.....එදා දැක පුහදට වඩා....මයෙ මැනිකගෙ ගෙට ගොඩ වෙන හද පිටාර ගලන තරන් ආදරනීය වෙයි කියලා ...

බ්..බේබි හාමු....

ම්ම්.....අපෙ මහත්තයා කියාපන්.....

අ..අපෙ.....ම්...අනෙ .....ඉන්ධර් ....

මට හීල්ලුනා.....අපෙ මහත්තයා කියාපන් කියපු ඉන්ධර් හාමු මගෙ නිරුවත් උරහෙට හාදුවක් තියනවා එක්කම මට ඉන්ධර්ගෙ අත් ගොබක් මිරිකුනා වගේම ඒ ඇසිල්ලේම මගෙ මූන පුරාවටම බෙල්ල පුරාවටම හාදු වැස්සක් මහ මුරන්ඩු විදිහට වහින්න ගත්තා ...ස්වර්ග දොරටු ගාව පිපුන කෝපි මල් ඒ වැස්සෙ ඉවරයක් නැතිවම තෙමුනා...!!!

හිරුට හොරෙන් ....සඳුට හොරෙන්

තරු මල් උයනේ....

ලොවට හොරෙන් සැදූ ලොවයි

අපේ ...ආදරේ....

මගෙ තෙහස්....

ම්ම්....කියපන් රත්තරන් ...මක්කද ඕනෙ මැනිකට ම්ම්ම්ම්.....

මන් උන්නෙ ඉන්ධර්ගෙ පපුවට ගුලි වෙලා.. නොහිතපු වෙලාවක වැහපු හාදු වැස්ස උකුල් ඇටවලින් ඉහල සර්වාංගෙ දියබත් කරලා අවසානෙදි වැහි පායලා තියෙද්දි....සුරක්ශාව වාන් දාන පපුව උඩ මන් ගුලි වෙලා ඉදන් ඉන්ධර්ට මිමිනුවා .....

මන් මනාපයි අපෙ මහත්තයා ....

මනාපයි....අපෙ මැනිකෙ මක්කටද මනාප කිව්වා නම්....ම්ම්ම්....

මන් ඒ පපුවෙන් ඔලුව කෙලින් කරන් ඉනදර්ගෙ ඇස් මුන කට දිහා බලන් ඉදලා හිනා උනා 

.

ම්ම්.....කෝඉතින් මක්කටද මයෙ අම්මා මනාප. ....කියාපල්ලකො අගේ නොකර.....

දෙන්නා තුන්දෙනා වෙන්ඩ මන් මනාපයි මගෙ තෙහස්....

එච්චරයි මන් කිව්වෙ...හදිසියේ දැනුන ලැජ්ජාව එක්ක මන් මගෙ මූන හංගනවා එක්කම ඉන්ධර් මාව ඇදලා ගත්තා ...අනෙ දෙයියනෙ මට ලැජ්ජයි.....

මක්කද මැනික උඹ ඒ කිව්වෙ ....ඉන්ධර් පැටියෙක් ගේන්ඩ උඹ මනාපද මගෙ ඇසල.....ආ මයෙ අම්මෙ....පැටියෙක් ගේන්ඩ ....උඹ මනාපද.. ..

........

එහෙනම් ඉතින් .....දැන් ඉදම්ම මගෙ ඇසලටයි මටයි කිරි පබලුවැල් අමුනන්ඩ නහින්ඩ වේවි ම්ම්ම්ම්...

අනේ .. ඉන්ධර් ...

ඇයි ....ලැජ්ජද ම්ම්ම්.....මක්කට ලැජ්ජා වෙනවද ....නරකක් නෙවෙනෙ ...පැටියෙක් ගැනනෙ අහන්නෙ....අප්පච්චි වගෙ ආඩම්බර කාරයෙක් ...මනාපද ම්ම්ම්.....

මන් මූන හැංගුවා....ඉන්ධර් හන්දා කොයි වෙලෙත් රක්තපාතෙ හදාහන්න මට ඒ වචනත් එක්ක දැම්ම විලි රුදාවට ආවත් මන් මගෙ මහපට ඇගිල්ල ඉන්ධර්ගෙ ඝන ඇහිබැම දිගෙ අරන් යනකොට එයා මගෙ දිහා බලාගන උන්නා.. ....

මගෙ තෙහස්.....

ම්ම්ම්...කියාපල්ලා....මොනවද ඒ ගමන හංගන්නෙ ම්ම්ම්...

ඒ පැටියා කොල්ලෙක් උනෝතින්.....එයාට අපි මොකක්ද දාන්නෙ අප්පච්චි ...

අනෙ රත්තරනෙ ...උඹ ඔය මක්කද කරන්නෙ මයෙ ඇසල.....ම්ම්ම්...මගෙ චන්ඩයා...අප්පච්චි අප්පච්චි කියන්නෙ.....පැටියෙක් ගේන්ඩ ඔච්චර තදියම.....ඇත්ත කියාපන්...මං නැති අල්ල පනල්ලෙ උඹලා කුසියෙ ඉදන කාගත්තා නේද ම්ම්ම්ම්......

බ්බ්..බේ..බි...හාමු....

චන්ඩයා උඹ...හ්ම්...තදියම කරනවා නම්...දෙන්නම් ඉතින්....මගෙ ඍතුව උඹ.....කොලු පැටියෙක් උනෝතින් ....අප්පච්චි වගේම ආඩම්බර කාරයෙක් නම් වෙන්ඩම ඕනෙ. .....ඒක මගෙ හීනයක් ඇසල.....මන්දා ...ඒකා කෙලි පැටියෙක් උනත්...කොලු පැටියෙක් උනත්...මන් පන ඇරලා ආදරෙයි .....

ම්ම්.....කාරි නෑ.....උඹලට....දැන් හදන්ඩ කලින් හදිස්සි නම ගැන නම්....උඹට නම තියාපු මමම ඉන්ධර් පැටියටත් නම තියන්නම්.....

තෙහස්...

මගෙ පපුවට ඩයිනමයිට් පාරක් වැදුනා...උඹට නම තියාපු මමම කියනකොට මගෙ පපුව ගැල උනා.....එතකොට ... මගෙ නම තිබ්බෙ ඉන්දර්ද අනෙ දෙවියනේ ....මන් ඇස්වල කදුලු පටලයක් පුරවන් ඉන්ධර් දිහා බලන් ඉන්නකොට පපු කුහර අස්සෙ ඉඩක් නැති වෙන්නම ආදරේ පුරවන් උන්න් මගෙ ඍතුව...මගෙ වියපත් බඹරා මගෙ දිහා බැලුවා .....

හම්බ උනා....

.....

උඹගෙයි මගෙයි පැටියගෙ නම ...ඔන්න අහගනින් මැනික ඉරුගල්බන්ඩාර වලව්වෙ උරුමෙ....

"ස්නේහ මනමේන්ද්‍රන්...!!!!".....

🌼👉👈...යෝහ්.....ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩලා පුතුකියනෙහ්.....

ආතරෙයි අනෙ උතුරන්න...

මන් ජොබී.....

Nedeesha .....

More Chapters