LightReader

Chapter 33 - 33

ඇසල ගිහින් කාර් එකට නැග්ගා නම්.....

අනේ..අයියන්ඩි....

මං දැන් අරුන්ධතීට කිව්වනෙ ම්ම්ම්...ගන්න ආව දෙයක් අරන් ගෙදර ගියා නම්.....

නන්දා කොහෙ යන්ඩද ...?ඒකි ගෙදර ගිහින් හරියනවැයි මයෙ පුතා....අප්පච්චි දොලහ වෙනකොට දවල් බතට එනවා...

ඉන්ධර්ට කලියෙන් කාර් එකට අගින්න විදානෙ හම්බුන මං අම්මගෙ කකුල් අල්ලල වදින්න හදනවත් එක්කම මහ දොදොලි ආයම මායන් වේන්න ආවා...ඇත්තමයි මේකි කට කැඩෙන කතාවක් කිව්වොත් අද මේකිට ගහන්නෙ ලපටියට උන ගැනෙන්න...

හිපන්කො...හිටපන්කො.....ඇයි මහ එකා පන්සලේ ලොකු තැනනෙ....දොලහ වෙනකොට ගිලින්ඩ...මහ රජ්ජුරුවන් වහන්සෙට ව්‍යංජන හතලිහක් එක්ක බත් පත දෙන්ඩ වෙන්ඩ ඇති ඔය නහිනෙ .....උඹගෙ තම්මැට්ටම් වලට තලපු කාලෙ ඉවරයි....ගෙවුන කඩිප්පු වලට දැන් වෙන වෙන උන් රතු රෙදි ඔතනවා මැනිකෙ උඹ නොදන්නවා උනාට.....

අම්මටයි ඉන්ධර්ටයි දෙන්නටම මැදි උන මං තාමත් නිදි ඇදුම පිටින් මිහිපිට අපාය පෙන්න පෙන්න මායන් වෙන දොදොලි දිහා මං රවාගන වගේ බලාගන උන්නා....

නන්දා කොහෙ යන්ඩද අහන්නෙ මෙතන ඇති නන්දෙක් නෑ අපෙ අම්මා...දැන් වත් නගාගෙ හරි නම කිව්වා නම්....

නගා...මොන නගා...මයෙ පුතා...ධර්මසේන අයියන්ඩි සහෝදර කම් කප්පාදු කෙරුවෙ මේකි නිදි පැදුරටත් නොකියා අර බේබද්දා එක්ක ගිය වෙලේ...එහෙව් එකීට උඹ නගා කියන්නෙ....ඒ කොහෙ නෑ කම්ද...

අම්මන්ඩිට ලේ නෑ කම් නැති උනාට...ඒකිට මට තියෙන්නෙ ඉරුගල්බන්ඩාර ලේ අපෙ අම්මා....අම්මන්ඩි ඉතින්....සහෝදර කම් ගැන දන්නවා තියා...අඩුම ගානෙ අර මැරෙන්ඩ වැටිලා උන්න අම්මා අප්පව වත් බලන්ඩ නොගිය ගෑනිනෙ.....

මයෙ පුතා.....!!!

උඹලා ඔය නිස්කාරනේ කෑ ගැහුවට කතාව ඕකයි....අරක්කු රේන්දකාරයො උන ...උඹලට තිබුනෙ කටේ ගෑවො නොගෑවි කුනුහර්ප තලන බාසාවක්.....වචන දහයක් ගත්තොත්...ඒකෙන් නවයක්ම අම්මගෙ පරම්පරාවෙ උන් කිව්වෙ කුනුහරුප....උඹලා මේ මෙහාට උනාට පස්සෙ....අප්පච්චිගෙ ලමා තැනී කම ගත්තට පස්සෙ ඉනට හවඩි බදින්ඩ...බෙල්ලට හත් මාල දාන්ඩ ගත්ත්ට පස්සෙ උඹලා කාපු පිගානට වැලි දාපු ගෑනියෙක් උනාට....මං එහෙම එකෙක් නෙවෙ බොල...සල්ලි තිබ්බට...උඹලා එකෙක් වත් දැන උගත්තු නෙවෙ අම්මන්ඩි....

මට හීක් ගෑවුනා....ඉන්ධර් කට අරිනවා කියන්නෙ ආය දොදොලිගෙ සායමේ යවන්න දෙයක් පවා ඉතිරි වෙන්නෙ නෑ කියන එක වෙද්දි මයෙ අම්මට කෑ ගහපු දොදොලිට ඉන්ධර් වචන වලින් දමලා ගහන්න ගත්තා..ඒකත් හරීම නිවුන විදිහට ..කොච්චර නිවුන විදිහටකිව්වත් ඒක තනිකරම කන අත ගාලා කනට ගහනවා වගේ වැඩක් වෙනකොට මං බලාගන අරකි පුපුරන පිපිරිල්ලට ගවුම් කර අස්සෙන් තම්මැට්ටන් දෙක පිම්බි පිම්බි ඇකිලෙනවා.....ඒ තරම් මේකිගෙ ආස්වාසෙයි ප්‍රස්වාසෙයි වේගවත්...

උඹලට දැන් තමා මේ අම්මගෙ අඩු පාඩු පේන්න ගහ්තෙ ..හිගන හැත්තක් ලොකු කරගන...උඹලා දැන් උඹලගෙ අම්මටත් අරියාදු කරනවා මයෙ පුතා....

.......

උඹ මක්කද තවත් මගෙ කට දිහා බලන් ඉන්නෙ...අම්ගෙන් දරුවව අයින් කරාපු එකී තෝ...පල කුසියට ගිහින් දවල් බතට තෝරපිය අර පලා වට්ටිය.....

අරුන්ධතී.....ගෙදර ගියා නම්....ඇරත් මං දැන් මයෙ මැනිකෙටත් වංගියක් කිව්වා...ගිහින් වාහනේට නැගලා ඉදපල්ලා කියලා .....දෙන්නගෙන් එකෙක්ට වත් මන් කියන සිංහල තේරෙන්නෙ නැතුවද බොලව්....අම්මන්ඩි වගේම නැතෑ මයෙ මයෙ මායියත්...මුරන්ඩු කම් ටික අම්මගෙන් එහෙම් පිටිම්ම අරන් ඇවිදින්...උඹලා ඔය මුරන්ඩු ගති මගෙ පැටව්ටත් බෝ කරනව නෙවෙ ඇසල ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

ඉන්ධර් මගෙ දිහාව වගේම අම්මා දිහාව එක පාරයි බැලුවෙ.....අම්මගෙ මුරන්ඩු ගති මං එහෙම් පිටිම්ම අරන් ඇවිදින් කියලා නෝක්කාඩු කියන ගමන් ඒවා මගෙ පැටව්න්ටත් බෝ කරනවා නෙවෙ කියනකොට මං බලාගෙන අරකිගෙ මූන හතැරැස් උනා....අමාරු ඇති....පුතාගෙ දරුවො වදන්නෙ මම කියල මතක් වෙනකොට අනේ හොර අරක්කු මායියා අර කොහෙදෝ තිබුන වාසනාවකට මැනිකෙක් වෙලා ...මේකි විහිදන රැස් බලාපියව්කො....

මං එන්න හැරුනා ..නිකන් නෙවෙ.....මහ අම්මන්ඩිට යන්නම් කියන ගමන් ඒකත් නිකන් නෙවෙ මයෙ ඉන්ධර් ඉස්සරහා ඒකිගෙ කකුල් දෙක අල්ලා වැදලම...මොකද ....ඉන්ධර්ට උනත් පේනවනෙ මොකීද කුනකට්ටි වගෙ එල්ලෙන්නෙ කියලා .....

අපි ගිහින් එන්නම් අම්මන්ඩි...

මගෙ ඉන්ධර් අත් දෙක පිටිපස්සට කරන් බලාගන ඉන්නකොට මං ඇහෙන නෑ හෙන ගානට මහ එකීට අපි ගිහින් එන්නම් අම්මන්ඩි කියන ගමන් ඉන්ධර්ට නොපෙන්නෙ ඒකිට රැව්වා.....රවලා කට කොනකින් මහ කැත විදිහට හිනා උනා විතරක් නෙවේ...ඒකිට පරිස්සමින් ඉදපල්ලා කියලත් කිව්වා.....

අපි එනකන් පරිස්සමින් ඉදපල්ලා අම්මන්ඩි...

හහ්...මට පරිස්සමින් ඉන්ඩ කියන්ඩ තෝ කියන්ඩ ඕන් නෑ බොල.....මට කියන්ඩ තියෙන්නෙ යන මගුලක තෝ මගෙ දරුවව පරිස්සම් කරාපිය....

ඔන්න පටන් ගත්තා අම්මගෙ රෙද්ද කියවන්ඩ....මට දොදොලිගෙ දිව අදින්ඩ හිතුනා ..මට දහනවයි තොගෙ නාකි ලපටියට පනහට කිට්ටුයි යකො කියලා කෑ ගහන්න හිතුනා..ඒත් ඉන්ධර් ඉන්න තැන හිතේ හැටියට බැන ගන්න බැරි මං අවසානෙදි කෙරුවෙ මහ අසරන විදිහටමගෙ ඉන්දර් දිහා බැලුවා හරියටම මං කොච්චර කලත් මෙච්චරයි අපෙ මහත්තයා කියන්න වගෙ....

මගෙ මක්ක පරිස්සම් කරන්ඩද අම්මන්ඩි ..හෙට අනිද්දා මට පනහයි....මං මයෙ මැනිකෙව පරිස්සම් කරනවා මිසක්කා මයෙ නොදරුවා මගෙ මොනවා පරිස්සම් කරවන්ඩද.....උඹලත් කොච්චර වත් එල්ලෙන්ඩ හදනවා...කකුල් අල්ලා වැදපු මයෙ මැනිකෙට ආශිර්වාද නොකර ආඩපාලි විතරක් කිය කිය උඹලා නිස්කාරනෙ පව් පුරෝ ගන්නවා....

අනික් කාරනාව.....මහ මැනිකෙ.... මං මනාප නෑ ඕන් උඹලා ඔය හැටි මයෙ එකාව හෑල්ලු කරනවට...උඹලා දෙන්නම මැනිකෙලා....එක මතක තියාගන උන්නොත් මං බොහෝම මනාපයි....ඉවසනවා ඉවසනවා කියලා කට පියවන් ඉන්ඩ මං පොල් පිත්තකින් කපාපු එකෙක් නෙවෙ අපෙ අම්මා....මයෙ එකාට බනිනකොට ඒකගෙ වාහෙ හැටියට මටත් තරහ යන තැන් නැතුව නෙවෙ ම්ම්ම්ම්....

මං එන්න ආවා...මගෙ දුක්බර බැල්ම ඉන්ධර්ට ගානට පත්තියන් වෙලා යනකොට ඉන්ධර් මේ පාර ටිකක් තදින්ම දොදොලිව අමතනකොට මං කදුලු පටල බැදුන ඇස් වලින් හිනා වෙවි ඒකි දිහා බලලා එන්න ආවා විතරයි අම්මත් මගෙ පස්සෙන් වැටුනා....

ආ නන්දා...උඹට කන් ඇහෙන් නැද්ද...තෝ කොහෙද ඔය දුවන්නෙ...

අපෙ අම්මා...උඹලටත් දැන් මං මෙච්චර කියන එක තේරෙන්නෙ නැතිනම්....වරෙන් උඹලට වෙද ගෙදරින් බෙහෙත් තුන්ඩුවක් ලියවන් එන්ඩ...එකම එක කියවනවා..උඹලට මක්ක වෙලාද ....ආය මේ ගෙදර කිසිම බැල මෙහෙවරක් අරුන්ධති අතින් වෙන්නෙ නෑ....

මයෙ පුතා....ඒකි නැතුව....

ඇයි...අම්මට බැරිද තමුන්ගෙ වාහෙගෙ බත් පත උයවන්ඩ...ගෑනියෙක් කියන්නෙ වාහෙගෙ බත් පතටත් අතගහන්ඩ ඕන එකියක් මිසක්...උජාරුවට වලව්ව වටේ ඇවිදින එකියක් නෙවෙ...උඹලට වැඩට කෙනෙක් ඕනා නම්...අර මෝලෙ කාගෙ හරි මායියෙක්ව අප්පච්චි ලව්වා ගෙන්න ගනිල්ලා ...අරුන්ධතීගෙ කාලෙ හමාරයි....උන් මැරෙනකන් දුක් විදින්ඩ ඕන් නෑ...එච්චරයි කතාව අහවරයි...!!

මං එන්න ආවා...කඩචෝරු මල්ලෙන් රවුම් මුරුක්කු පැකට් එක විතරක් අරගන ඉතුරු ටික අම්මගෙ අතට කරල මං කාර් එකෙන් ඉදගත්තා... හැබැයි අම්මා තාම නෑ.....මගෙ ඉන්දරුත් නෑ....මහ එකී මක්ක කියනවද දන්නෙ නෑ... .

ඇයි ..ඒකිගෙ අතපයට හොරි දාලද...පුතාගෙ බත් කට විතරයි ඒකිගෙ අත් වලට උයන්ඩ පුලුවන්....හිටපන්කො.....මහ වලව්වට ගියහම උයන්නෙ මං නෙ....මන් උඹගෙ පුතාට උඹගෙ බතුත් එපා කරවන්නම්කො.....

"කරස්....."

මං මුරුක්ලුවක් කටේ ඔබා ගත්තා.....කරස් ගාන සද්දෙත් එක්ක ලුණු මිරිස් පදමට අල්ලපු මුරුක්කුව හැපෙනකොට මගෙ කෙලවලට ඒ මුරුක්කුවෙ මිරිස් සැර හාමු උනා.....

අර ආවෙ....

වම් හක්කෙ තිබුන මුරුක්කුව දකුනට මාරු කරන ගමන් මං උඩ කුසියෙන් එලියට ආව අම්මයි ඉන්ධරුයි දිහා බලාගන උන්නා....

ආය කතාව ...ආය කතාව..මොනවා කියනවද් දන්නෙ නෑ..මොනවා කියෙව්වත් කාරි නෑ...අරකිට ඇහෙන් නැතුව ....කොච්චර ආය මෙහෙ එන්න එපා එපා කිව්වත්...අපි නැති බව දැනන් මක්ක කියයිද කව්ද දන්නෙ.....ඒ තරන් ගෑනි ඕකි....

ඇසල....

අපෙ මහත්තයා...

යමුද ම්ම්ම්...මෙතනම නවයයි...ම්ම්ම්....වැඩ රාජ කාරි බෝමයි මැනිකෙ...මහ වලව්වට යන්ඩ ඕනෙ...අද රෑටත්....ලොකුඅප්පගෙ වලවේ නැවතිලා....හෙට මහ වලව්වට යන්.....කතා කරගන්න දේවල්...නිවිහැනහිල්ලෙ කතා කරන්ඩ වටින කාරනා...ඒත්...මෙච්චර කලුත් මං දැන් ගිහින් හිහින් ඔව්වා කිව්වනෙ...දැන් ඉතින් මට ඔව්වට මේ තේ බිබී කතා කරගන්ඩ කාලෙ නෑ...

මං මීක් නැතුව අහන් උන්නා....ඒ අතරින් පතරට මුරුක්කුවකුත් කටේ දාගන හැපුවා....

ඉන්දර් කියනවා නිවීහැනහිල්ලෙ ගිහින් කතා කරන්න ඕනා කාරනාලු.....ඒත් දැන් එහෙම බෑලු.....දවස් දෙක තුනකට කිව්වා උනත්...මගෙ හිත කියන්නෙම ඊටත් වඩා වැඩි දවසක් යයි කියලා වෙනකොට මං තනි අතින් සුක්කානම කරකවන ඉන්ධර් දිහා බැලුවා....

අපෙ මහත්තයා.....දෙයක් අහන්න තියනවා.....

ම්න්.....කියාපල්ලා...මක්කද මයෙ මැනිකට අහන්ඩ තියෙන්නෙ ...

අපි යන්නෙ දෙතුන් දවසකට කිව්වට....ඇත්තටම...යන්නෙ දෙතුන් දවසකටමද ඉන්ධර්....

ම්ම්ම්ම්...නෑ...ඊට වැඩි වෙයි...

ඊට වැඩිවෙයි කිව්වෙ...???

මං හිතන්නෙ මට චුට්ටක් කෑ ගැස්සුනා.... ඉන්ධර් වගෙ වගක් නැතුව ඊට වැඩිවෙයි කියනකොට මට මතක් උනේම අම්මවයි සුද්දියවයි වෙනකොට මට කෑ ගැස්සුනා....

මක්කටද මයෙ මැනික මෙ කලබල උනෙ කිව්වා නම්.... ම්ම්ම්ම්

ඉන්ධර්....ඊට වඩා වැඩි වෙයි...කියන්නෙ.....අනේ...හාමු...අම්මන්ඩිගෙ හැටි දැන දැන...අම්මවයි සුද්දියවයි කොහොමද මං එහෙම දාලා එන්නෙ...ඇරත්...අප්පච්චි ඔය කොහෙන් හරි ආයම මතු උනෝතින්.....????

මයෙ නොදරුවා...කියන්ඩ කලියෙන් ඉතින් බය වෙනවනෙ ම්ම්ම්....උඹලා ඒවා ගැන හිතන්ඩ ඕන නෑ...වෙන්ඩ ඕන වත්පිලිවෙත් මං අරුන්ධතීට කියලා ආවෙ...ඇරත්..පොඩි එකීගෙ ඉස්කෝලෙ ගැන බලන්ඩ ඕනෙ.....ඒ ඔක්කොමත් මං හිතන්ඩ එපැයි මයෙ මැනිකෙ....උඹලා නිස්කාරනෙ ඇස්වලට කදුලු අරන් දුක් වෙන්න තියා ගන්නවනෙ ....

අරුන්ධතී ගැනයි...කෙලී ගැනයි ...මයෙ මැනිකෙ කලබල නොවී ඉන්න තරමට මං මානපයි...උන්ට දෙන්න පුලුවන් හොදම දේ මං දෙන්නම්...මයෙ මැනිකෙට තියෙන්නෙ...මයෙ මැනිකෙට දෙන්න පුලුවන් හොදම දේ මට දෙන එක.....තේරුනාද ම්ම්ම්ම්...

මං මීක් නොගා උන්නා.....අම්මටයි සුද්දියටයි දෙන්න පුලුවන් හොදම දෙන්නම් කියාපු ඉනදර් මගෙන් ඉල්ලුවෙ ඉන්ධර් බලාපොරොත්තු වෙන කිරිසුවද වෙනකොට මං ඒ කියන වචන අහගන උන්නා....

ඇසල...

අපෙ මහත්තයා ...

දැන් දැන් ඉදලම....කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා නම්...මනාපයි....ම්ම්ම්ම්....පැටියෙක් ඕනා ගගා...රෑ එලිවෙනකන්....නැහුනත්...දවල් වරුවෙ නැහුනත්.....වැඩක් නෑනෙ.....ඒකට ඉන්න පුලුවන් තැන ඌස්නෙ ගැහුවොත් ම්ම්ම්ම්...මං ඇලිස් අම්මට කියන්නම්...මයෙ මැනිකගෙ කෑම බීම ගැන බලන්ඩය කියලා....තියන චන්ඩ කමට අතට අහුවෙන හැමදේම කටට දාගන්ඩ හදන්ඩ එපා උඹලා තේරුනාද ම්ම්ම්ම්...

තේරුනා....

ම්ම්ම්...උඹලට විඩාවයි නම්....ඩිංගක් ඇහැපියවගනිල්ලා...එලිවෙන ජාමෙදිත් ආය මං උඹලගෙ ඇගට ගොඩ උනානෙ.....පව් මගෙ රත්තරන් ...පැටියෙක් හන්දා මං උඹලව තලනවා නොසෑහෙන්න.....හිතට දුකයි රත්තරනෙ උඹලා හීන් සීරුවෙ අඩනකොට....ඉකි ගැහුවෙ නැති උනත්....ඇස්වලින් කදුලු කාට බේරි බේරි පහලට වැටෙනකොට මට දුකයි මයෙ රත්තරන් ගැන...

රිදවන්නෙ නෑය කියලා කොච්චරවත් මං මටම පොරොන්දු දී ගත්තා උනත්.....උඹගෙ කෙදිරිය ළඟ ...ඉතින් මේ හිත ඉවසයිද ඇසල ම්ම්ම්....උඹලා මහ චන්ඩයි ඇසල.....වේදනාව හන්දා ඇඩුවා උනත්.....මනාපයක් නෑ මට යන්ඩ දෙන්ඩත්.....මයෙ මැනිකගෙ චන්ඩ කම්ම නේන්නම් ඔය එලිවෙන ජාමෙත් මාව ඇගට ගොඩ කරගත්තෙ ...පව් උඹලා.....තැලුනා රැයක් එලිවෙන්ඩම.....

මාව රතූ උනා ....ලැජ්ජා හිතුනා.....ඇත්ත ..බත් පතෙන් බාගයක් කවලා මාව තුරුලු කරගන නිදි කරවපු ඉන්ධර්ගෙ උගුරු ගැටේට තියාපු ඇබිත්තන් හාදුවත් එක්කම හැම දේම වෙනස් උනා...ඒ ඉන්ධර්ට නෙවෙ මට...හයිය අත් අස්සෙ....පලල් පපුවෙ උනුහුම එක්ක සනීපෙට නිදියන්න තිබුනත් මං කෙරුවෙ....ඉන්ධර් වෙනුවෙන් මගෙ හිතෙ ඉහවහ ගියපු ආදරෙ තවත් නම් වහන් කරන් ඉන්නම බැරි තැන ඉන්ධර්ට හාදු දීපු එක...වෙනදට නම් පපුවට උහුලන්න බැරි ආදර කතා කිව්වෙම ඉනදර් වෙනකොට ඒතරම් ලස්සන වචන ගොතා ගන්න බැරිම මං කෙරුවෙ ඉන්ධර්ට විතරක් නෙවෙ මටත් හති වැටෙනකන් හාදු තියන්න හදපු එක උනත්....අවසානෙ මං කරලා තියෙන්නෙ ගන් ඉවුරෙ ඉදන් හති ඇරලා ඇරලා නිවීගන ගියපු තොටියව ආයම ගග මැද්දට ගෙන්න ගත්තු එක....හති අරින හබල ආපහු පන ගස්සවපු එක....

රැයක් පිපුන කෝපි මල් හරි හිමීට නටුවෙන් ගැලවෙන වෙලාවක.....රැයක් එලිවෙනකන් ඇවිලුන ලාම්පුවත් නිවුන වෙලාවක...හද එලියත් කේඩෑරි වෙවි යන වෙලාවක ඉන්ධර් ආයම මාව යට කරගත්තා...එක තත්පරේකට වත් ඇහැපියවපු නැතිරැයක අවසානම හෝරාවත් රමනෙකිම්ම කෙලවර කරන්න හිතාපු තොටියා කේඩෑරි හද එලියෙන් උඩු ගම් බලා ඔරුව හබල් ගානකොට වැහුන ස්වරන විමානෙ දොරටු මටත් හොරාවට ඇරුන හැටි මටම හිතාගන්න බැරි වෙනකොට පුංචි පුංචි හබල් පාරවල් හිමි හිමීට ගඟ පුරාවට දිය රැලි ඇන්දා....

වාන් දාපු මහ වැලිය අවසානෙදි වාන් දාල...වාන් දාලා...හිදිලා ගියෙ දවස් දෙකතුනකට පෙරාතුව වෙනකොට දැන් තියෙන්නෙ නමක් නොදන්නවාඋනත්...කොච්චර වාන්දැම්මත් හැමදාමත් වතුර උනන මොන කර්කශක ඍතුවක් ආවත් හිදෙන් නැති ගගක් වෙනකොට වේදනාවෙ කදුලු අස්සෙම්ම හිනා උන මං ඉන්ධර්ට තුරුලු වෙලා හිතෙ හැටියට තිත්ත පැටව්ට උඩුගම් බලා පීනන්න මං ඉඩ ඇරියා.....වංගියක්..දෙකක්.....හබලේ දියරැලි පාරවල් එක්ක ගැස්සි ගැස්සී වෙව්ලාපු මං සුරතාන්තෙක අවසනෙ දැක්කෙ එලිවෙන යාමෙට වෙනකොට හබල් පත්තෙ අවසානෙ ගං පතුල ඉඹපු වෙලාවක තොටියා දාඩිය නාගන අවසානෙදි ගංගාව ඇතුලෙම ගිලිලා ගියා...!!!

ආදරෙ පිටාර ගලාපු අනුරාග රැයක් අවසානෙදි එහෙම ඉවර කරාපු මං ඉන්ධර්ගෙ අත් ගොබේට පුංචි හාදුවක් තියලා ලැජ්ජාවට රතු උන මුන වහන් කරන් ජනේලෙන් එලිය බැලුවා.....

වැහි මන්දාරමයි....උදෙම්ම වැහලද කොහෙදෝ...

ඉන්ධර්.....

ම්ම්ම්.....කියාපල්ලා...මයෙ මැනිකට බඩගිනි ඇති කියලා මං මේ කඩයප්පන් කඩයක්වත් බලන්නෙ.....උඹලා මොනාද කන්ඩ මනාප කිව්වා නම්....

මට පව් කියලා හිතුනා.....කවදාවත් කඩෙන් නොකන ඉන්ධර් මං හන්දා බඩගින්නෙ.....දැලියො කරවල කන්ඩ ඉන්ධර් මනාපයි...ඒත්..නොකා උන්නෙ මට ඌස්නෙ ගහයි කියලා...අනේ එහෙව් මනුස්සයා බඩගින්නෙ ඉන්නකොට මං කොහොමද කන්නෙ..???

මට ඒ හැටි බඩගින්නක් නෑ අපෙ මහත්තයා....

ඒ හැටි බඩගින්නක් නෑය කියලා...නොකා ඉදලා බෑනෙ මයෙ ඇසල ම්ම්ම්...කාලා බීලා පන ගහලා නොවුන්නොත් උඹලව හා මත් වෙයි ඉස්සරහට එන මාසවල ම්ම්ම්..මං මයෙ රත්තරන්ට ඔය ගැන අමුතුවෙන් කියන්න ඕන් නෑනෙ....ඇරත්..මයෙ ඇසල දැන් කෑම බීමෙන් එහෙම පරිස්සම් වෙයල්ලා.....මට බය ..උඹලගෙ ඔය හුරුතලේට ගිහින් මොනාවා කටේ ඔබාගනීද කියලා..මහ වලව්ව ගඩා ගෙඩි විමානයයි.....මං ඇලිස් අම්මට කියන්නම්කො...මයෙ රත්තරන්ට ඔය ගුන දොස් කියලා දෙන්ඩය කියලා...මට විසි හතර පැයම වලව්වෙ ලගින්ඩ බෑනෙ ම්ම්ම්ම්...මයෙ පනට තේරෙනවනෙ.....

මං ඉන්ධර් දිහාවට හැරුනා....අනේ තවම නිදි වැද්දෙ දවස් කියද.....ඒත්...ඉන්දර් කතා කරන්නෙ....මට....

මට මහ වේදනාවක් දැනුනා... තාම එහෙම එකක් නෑනෙ ඉන්ධර් කියලා ඒ හිත තලන්නත් දුක හිතුනා...ඉන්ධර්ගෙ බලාපොරොත්තුවෙ තරම දැකපු මම ඒ හිත කොහොම කියලා නම් රිදවන්නද....???ඊටත් මේ දෙන ආදරේ එක්ක....අනේ දෙයි හාන්දුරුවනේ...පාලුවට යවන්න නම් එපා මාව....රෑ දොලොස් පැයෙ නිදි මර මර නහින්නෙ කිරි හීනෙකටනෙ....

මක්කද උඹලා ඔය ඇබිත්තන් බඩ ගෙඩිය අල්ලන් කල්පනා කරන්නෙ ම්ම්ම්.....ඕක අස්සෙ තාම පැටියෙකුත් නැතුව....මොනවද මං මේ කියවන්නෙ බලනවද...ම්ම්ම්....

තෙ...හස්...ඔ...ඔයාට

මයෙ පනනෙ අම්මෙ උඹලා.....ඉතින් ඔය හුරුතලේට ඇස් කරකව ඇස් කරකව බලනකොට මට තේරෙන්නෙ නැතුවද.....ම්ම්ම්...මට උඹලගෙ හුස්මත් දැනෙනවා මයෙ ඇසල...මට උඹලගෙ බැල්මත් දැනෙනවා...ඊයෙ හැන්දෑ ජාමේ...තරහ වෙලා දිව්වට මොකද...මයෙ අම්මා වැට කඩුල්ල ගාවට වෙලා හූල්ලනවා ඇති කිය කිය මගෙ හිතට නොසෑහෙන්න වද දුන්නා...අඩාවිදෝ..අඩාවිදො කියකිය මයෙ හිත මටම වද දුන්නා රත්තරන් .....මක්ක කරන්ඩද...මං උන්නෙ ඉතින් ලොකු වැඩකනෙ.....

ඉන්දර් මගෙ අත අරගන ඒ අතට පටලව ගත්තා....ගෙදරින් එලි බහිනකොට ඉර පායලා තිබුනත්...ඉදල්ගස්හින්නට මන්දාරම් කරල තිබුනා වැහි මන්දාරමයි...ඉන්ධර්ගෙ අතේ උනුහුමයි...ඒ ආදරෙයි මැදට ඇහෙන නෑහෙන ගානට තාලෙ කවාපු අධිමාත්‍රාවක් යනකොට මගෙ ඉන්දර් මාව තේරුම්.ගන්න හැටි අකුරු කරනකොට මන් හරී ලෝබ කමින් අහන් උන්නා...

මට ලෝබයි.....ඉන්ධර් ආදරෙ අකුරු කරනකොට....මට ලෝබයි...ඉන්ධර් හාදු තියනකොට...

මට ලෝභයි...ඉන්ධර් මාව තුරුලු කරන් කනට මුනුනකොට...ඊටත් වඩා මට මං ගැනම ලෝභයි...සාගරයක් තරමට ආදරෙ දෙන මේ මනුස්සයෙගෙ පන මම නේද හිතනකොට...

වැහිමන්දාරම කියන්නෙම ආදරේ කරන්නම පුලුවන් හැගීම් පන ගස්සවන වෙලාවක් වෙනකොට ඉන්ධර් මගෙ දිහා බල බල ආදරේ අකුරු කරනකොට මං ඒ අත් ගොබේට ලාවට වගේ හේත්තු උනා...

මට උඹලව මහ හුගාක් දැනෙනවා මයෙ රත්තරනේ...තුරුලු කරන් ඉන්න හැම වෙලාවකම මට උඹලගෙ ඔය පොඩි පපුව ගැහෙන එක ඕනාවටත් වඩා දැනෙනකොට මට උඹල හිතන දේවල් තේරෙන්නෙ නැතිවෙයිද මයෙ ඇසල ම්ම්ම්....මයෙ නොදරුවා උඹ .....හිත දෙගිඩියා කරගන්ඩ කාරි නැ මයෙ අම්මට....වාහෙ වයසක උනාට මොකද ...උඹලගෙ උකුලට පැටියෙක් නොදෙන තරමට මං නිස්සාර නෑ මයෙ අම්මෙ.....එන පැටියා නිවී හැනහිල්ලෙ ඒවි. ...ඒ උනත් ඒ එනකන්...ඒකට නවමසක් ඉන්ඩ තියන තැන ඒකට අගුන උනෝතින්....පව් මයෙ රත්තරනෙ...ඇස් දෙක වගේ පරිස්සම් කරන්ඩ නම්.....ඒවත් බලන්ඩ ඕනා තේරුනාද මයෙ ඇසලට.....

එන්නෙ නැතුවෙයි.....එන්නෙ නැතිවෙයි කියලා හිත කලකිරිවගන්ඩ එපා...උඹ නොදන්නවා උනාට....උදේ හවා මං බුදුන්ගෙන් පවා ඉල්ලන්නෙ මයෙ බිත්ති හතර මැදට කිරි සුවදක් දෙන්ඩය කියලා...තිස් තුන් කෝටියකගෙන් මං ඉල්ලන්නෙ.....මට ගුන යහපත් පැටියෙක් දෙන්ඩය කියලා.....එහෙව් ආරාධනා කරලා....ගෙන්නන පැටියව ගිනි කබලකද නව මාසයක් තියන් ඉන්නෙ...ඒවා පව් වැඩ මයෙ ඇසල...කාරි නෑ...අම්මා ළඟ නැති උනාට...මං උඹලගෙ අම්මා අප්පා වගේනෙ.....

වාහෙ උනත් රත්තරනෙ.....ගෙනාව මායියව රකින්ඩ ඕනෙ අම්මා අප්පා ගානට....උඹලා දීගෙක යන්නෙ අම්මා අප්පා පවුල හැමෝවම අතෑරලා...එහෙව් අතෑරලා ආව ගමනෙ වාහෙ දැනගන්ඩ ඕනා ආව මැනිකෙව ආදරෙන් බලාගන්ඩ....මයෙ රත්තරන්ට දුක් විදින්ඩ කාරනා නෑ...හිනා වෙලා ඉදින් මයෙ අම්මා...මේ වයසක මිනිහා උඹලට පන ඇරලා ආදරෙයි...ම්ම්ම්ම්ම්ම්

මගෙ ඇස් තෙමුනා...කඩයප්පන් කඩයක් හොයන්නවත් නැති උනත්...මට බඩගින්නක් නැති උනා...ඉනදර් ආදරේ කරන වචන වලින්ම මගෙ බඩ පිරුනා....මේ වයසක මිනිහා උඹලට පන ඇරලා ආදරෙයි කියනකොට මට මීටත් වඩා නම් දරාගන්න බැරි උනා.....

මගෙ තෙහස්...

ම්ම්ම්....කියාපල්ලා...අහන් ඉන්නෙ...

මං...ආදරෙයි.....

දැනෙනවා...මයෙ පන ආදරෙයි කියලා.....මට නොදැනෙනවා නම්....මං උඹලගෙ පපුවට තුරුලු වෙන්නෙ නෑනෙ ම්ම්ම්ම්ම්....බලාපන් මැනිකෙ ආන් අර ඉස්සරහා තියෙන්නෙ පොල් රොටි කඩයක්ද කියලා...

මං මගෙ බෙල්ල එලියට දාන්ඩ හැදුවා ...

ඔය මක්කද කරන්නෙ...තියන චන්ඩ කම.....බෙල්ල එලියට දානවද ඔහොම...අනේ අනේ උඹලා...

......

මං කිව්වෙ ඔහොම ඉදන් බලන්ඩනෙ ම්ම්ම්....කිසි පරිස්සමක් නැතුව එබෙනවනෙ ...ඉතින් කියපන්කො මං නැතුව උඹලව ගමනක් බිමනක් නම් යවන්නෙ කොහොමද...

....

පෙනේද....වැරද්දත් කරලා ඇස් කරකවන අපූරුව...උඹලා නම්...මහ හුරුතල් ලෝකයක් මැනිකෙ ....කෝ...බැහැපල්ලා ඉතින්.....මයෙ ඇහල මල උඹ.....

ඇත්ත....ගුනේ මාමා ගාව උන්න කොල්ලට මක්ක උනාද කියන්න මං වත් දන්නෙ නෑ.....අප්පච්චිගෙ වේදනා උහුලන්ඩ බැරිව....පවුල් බර කරට අරගත්තු ඇසල කියන්නෙම ඇතුලෙ ජීවත් වෙන ළමයා මරාගන කරන්ගැට්ටි උන මනුස්සයෙක් වෙනකොට ....ඉන්ධර් ඇව්දින් මං මරලා දාපු ලමයට ආයම පන පෙව්වා....

ඉන්ධර් කියන්නෙම...අප්පච්චි කෙනෙක්.....ඇද උඩ ගෙවෙන හතිලාන හොරාවෙදි මගෙ වාහෙ උනාට මොකද...ඉන්ධර් මාව රකින්නෙම අප්පච්චි කෙනෙක් ගානට වෙනකොට ලෝභ කමක් නොවී ආදරෙ දෙන ඒ අප්පච්චි හාව හුරතල් වෙන්න මං පුදුම තරන් ආස උනා. .... ....

ලෑලි වලින් හදාපු ඇබිත්තන් පොල් රොටි කඩේ අස්සෙ රොටී සුවදයි.....අල්ලක් සයිස් පුංචි පුංචි රොටි වීදුරු පෙට්ටිය ඇතුලට වෙලා මහ උජාරුවට ඉන්නකොට කැන්දකොලක් පිරෙන්න තිබුන ගලේ අඹරාපු උම්මලකඩ හැපෙන ලුණු මිරිස දැකලා මට කටට කෙල ඉනුවා....

ඉනදර්.....

මන් උන්නෙ කඩේ අස්සෙ.....වයසක උන්දා බෙලෙක් තසිම අතේ තියාගන මගෙ දිහා බලන් ඉන්නකොට කඩෙන් එලියෙ උන්න උන්න ඉන්ධර්ව හොයාගන මං එලියට යද්දි ඉන්ධර් ඉන්නවා...අර පෙත්ත වගේ ඵෝන් එක ඇගිල්ලෙන් එහා මෙහා කර කර...

අපෙ මහත්තයා....

ම්ම්ම්ම්ම්...නේ ලොකු අම්මන්ඩි කෝල් එකක් ගත්තා මැනිකෙ....මක්කද කියල අරන් බලනකන් ඩිංගක් ඉදිල්ලකො ම්ම්ම්ම්....

මම උන්නෙ සරමට කමිසයක් ඇදන් උන්න ඉන්ධර්ගෙ කමිසෙ කොනක් මිරිකගන.....කොස්පට්ටා සෙරෙප්පු දාපු සුදුම සුඩු කකුල් වල මහපට ඇගිල්ලෙ තිබුන තද කලු පාට කෙස් ගස් දෙක තුන කැපිලම පේනකොට මම මහෙ කකුල් දෙක දිහා බැලුවා.....ඒ කකුල් ගාව මගෙ කකුල් තිබ්බම කූඹි කකුලක් වගෙ.....

.ලොකු අම්මන්ඩි....

මගෙ ඇස් දෙක ගැස්සුනා...ඉන්ධර් ඔය කට පුරාවටම ලොකු අම්මන්ඩි කියන්නෙ මගෙ අත්තම්මට....අයිතියක් නොදුන්නත්...අයිතිය සදහටම උදුර ගන්න බැරිඋනත්....ඒ කතා කරන්නෙ මගෙ අම්මගෙ අම්මා වෙනකොට වෙනකොට අනුලා මැනිකේ කියලා කොදුරලා වගේ කතා කරන මගෙ සර්වාංගෙම හිරි පිපුනා 

ම්ම්ම්.....තව අඩ හෝරාවක් වත් යයි ..වැඩිම උනෝතින් හෝරාවක්...

පාරෙ වලවල්....එන්නෙ වත් කොහොමද.....ලොකු අම්මන්ඩි අර ඇලිස් අම්මට මහ හාමුගෙ කාමරෙ ලෑස්ති කරන්ඩ කිව්වා නම්....මට කතා කරගන්ඩ විදිහක් නැතුව උන්නෙ...දවල් බතෙන් පස්සෙ මං මහ වලව්වට යන්ඩය කියලා...

මං මීක් නොගා අහන් උන්නා...එක අතකට මහ වලව්වට යන එක හොදයි ....දොදොලි මොන මොනා ඔලුවට දාලා ද දන්නෙ නෑ....

ඇසල...මක්කද ඕනෙ කිව්ව නම්....

අර යකින්නි වෙලහට අනුලා මැනිකෙගෙත් ඔලුවට විස දාලා කාලා ඇති...

ඇසල....

ඒ කොහොම උනත්....මේ ඉන්නෙ මගෙ අම්මගෙ අම්මනෙ....දොදොලි මොකීද....අම්මගෙ අම්මට දරු කැක්කුම නැතුවද....

අපෙ මැනිකෙ....!!!

බ්..බ්..බේබි.....හාමු

උඹලා මොනාද ඔය හැටි ඔය අහස පොලව ගැටලන්ඩ කල්පනා කරන්නෙ කිව්වා නම්.....?

මාව ගැස්සිලා ගියා...අනුලා මැනිකෙගෙ කට හඩ ඇහුවා විතරයි මට රොටි වලට තිබුන පෙරේත කමත් නැති වෙලා ගියා...

අපෙ මහත්තයා....

හ්ම්....හිත රිදවන කාරනාවක් තියනවා නම්...නිස්කාරනෙ ඔය හිත් පොඩිය කැක්කුම් කරගන්නෙ නැතුව ඇහුවා නම්.....උඹලා අම්මෙක් වෙන්ඩ ඉන්න එකෙක් මැනිකෙ...නිස්කාරෙනේ ඔය හිත රිදවගන්ඩ එපා...අම්මෙක් වෙන්ඩ ඕන උන් ඉන්නෙමහිනා වෙලා...එහෙව් එකේ...මයෙ මැනිකෙ විතරක් මූන කලු කරන් උන්නොත් ඒක මටත් හිස රදයක්....කියාපල්ලකො බලන්ඩ මක්කද හිතට වද දෙන කාරනාව.....

මගෙ හිතේ ප්‍රශ්න කෝටියයි...මං දන්නවා...අපි එහෙන් පිටත් උන වෙලේ ඉදන් මහ එකී කී වංගියකට අනුලා මැනිකෙට ගන්ඩ ඇතිද ...මහ නාකියා නම් පරිප්පු හොද්ද හන්දා ආදා වගේ අපෙ පැත්තට ආවා.....ඒත්....මෙහෙ නාකියා....අම්මගෙ අප්පච්චි උනත් ඒකාමහ එක විදිහක්....ඇරත් මං ඔවුන් එන දාට වලව්වෙ ඉස්සරහ පැත්ත පලාතෙ ආවෙ නෑ....ආවෙ නෑ කියන්නෙ අම්මා එන්න දුන්නෙ නෑ....කොච්චර හේතු ඇහුවත්....මට කවදාවත් හරි හේතුවක් නොදුන්න අම්මා මාව බය කෙරුවෙ මාව ඒ වලව්වෙ වැඩ කාරකමට කුදලන් යයි කියන එක හන්දා...ධර්මසේන හාමුගෙයි අනුලා මැනිකෙගෙයි මූන මං ඈතින් තියා මිසක්කා කවදාවත් ලගටම දැකලත් නෑ.....

අම්මන්ඩි...අනුලා මැනිකෙගෙ හිතට මොනා දාලද දන්නෙ නෑ ඉන්ධර්....මාව ගහලා එලවයිද....අම්මව එලවපු උන්ට...මාව වහ කදුරු ඇති...ඉන්ධර්....මාව ගහලා එලව ගත්තොත් අපෙ මහත්.....

ඇසල!!!! ගහලා එලවනක් මං මගෙ අත් දෙක බැදන් ඉන්නවද බොල.....?? ආ බොල මැනිකෙ....තෝ ඔය කතාව මගෙ ඉස්සරහා දිගෑරියෙ රෙද්දක් පටලවන්ද??

මාව ගැස්සිලා ගියා...අඩිය බිම ගහලා කෑගහපු පාරට මං බලාගන කඩේ උන්න වයසක උන්දා ඉක්මනට අහක බලාගත්තා....

ඉන්ධර්ට තරහා ගියා... ගහලා එලවයි කිව්වා විතරයි මං බලාගන ඒ මුන කලු ගැහුවා....

ඇසල....මයෙ මැනිකෙ...මෙන්න මේක මතක තියාගන්.....තොට සීරුමක් කරන්නෙ මොකාද මං බාවනවා ඔවුන් ඔක්කොමව කොනක ඉදලම...ආයම නොකිව්වා කියන්ඩ එපා...ඇරත්...ඔය ධර්මසේන හාමු...මයෙ ලොකු අප්පච්චි..මට තියනවා ගනු දෙනුවක් ඒකා එක්කත් බේරගන්ඩ....කරාපු කොඩි විනේ මං කැප්පුවා විතරයි මයෙ මැනිකෙ..ආපිට කැප්පුවෙ නෑ...හැබැයි මට ආය කපන්ඩ බැරි කමකුත් නෑ....ඒ තරහත් මයෙ හිත අස්සෙ තියන් තමා මං මයෙ මැනිකෙගෙ අම්මගෙ උරුමෙ ආපිට අරන් දෙන්ඩ යන්නෙ ....

.......

ආන් බලාපිය අර ඈත පේන පන්සල දිහා.....තෝව මං ප්‍රාර්තනා කරලා තියෙන්නෙ අදක ඊයෙක ඉදන් නෙවෙ මයෙ මැනිකෙ....මං ගෞතමයොත් නෙවෙ...උඹලා ලේනකුලෙන් ආව යසෝදරත් නෙවෙ හැබැයි මයෙ අම්මෙ.....මිනිස්සු ප්‍රාර්තනා කරනවා...මොන සංසාර කන්නෙ හරි මං උඹලව ප්‍රාර්තනා කරලා තියනවා...සිදුහත් යසෝදරා ප්‍රේම පුරානෙ වගේ.....මාත් උඹලට අදක ඊයෙක ඉදන් නෙවෙ ආදරෙ කොරන්නෙ බොල...එහෙව් එකේ...තොට රිදවනකන් මං ඇහැකන පියන් බලන් ඉන්න එකෙක්‍ ය කියලා මාව හෑල්ලු නොකර ඉදපිය....අර ඈත පේන පන්සලේ වැඩ ඉන්න බුදු හාමුදුරුවො පල්ලයි...මං තෝව රකින්නෙ ඇහේ මුනෙ තියන් බොල....ආන් ඒක මතක තියාගන්....

මාව සීතල වෙලා ගියා ....යසෝදරාවත්...ගෞතමයො බුදුවෙනතාක් පාදපරිචාරිකාවක් වෙන්න පෙරුම් පිරුවා..දීපන්ංකර බුදුන්ගෙ සමේ ඉදන් නියතවිවරන ගත්තා.....ඒ වගේම මගෙ ඉන්ධරුත් හැම සංසාර කන්නෙම ඉන්ධර්ගෙම වෙන්නයි කියලා ප්‍රාර්තනා කරා කියනකොට මගෙ සර්වාංගෙ විතරක් නෙවෙ ආත්මෙ එක්කම වෙව්ලවන් යනකොට උඹලට මනාප දෙයක් ගනිල්ලා කියාපු ඉන්ධර් තරහව යැව්වෙ කාර් දොරෙන් වෙද්දි මං ගිහින් ආයම ඉදගත්තා....

බඩගින්නෙ නේද....හ්ම්...මනාප දෙයක් අරන් කන එකයි...

ඕන් නෑ...ඉන්ධර් බඩගිනි නෑ....

මං මිමිනුවා.....කාර් දොර කඩාගන යන සද්දෙන් දොර වහපු ඉන්ධර්ම මගෙ උකුල උඩට පර්ස් එක තියලා මනාප දෙයක් අරන් කන එකයි කියනකොට මං අර පර්ස් එක ආපිට ඉන්ධර්ට දෙන්න හදනවත් එක්කම ඉන්ධර් මහ නපුරු විදිහට මගෙ අත තදකරලම අල්ලගත්තා.....

මං උඹලව රකිනවා මිසක්කා....දාලා යනවා කිව්වෙ නෑනෙ...ම්ම්ම්ම්ම්.....නිස්කාරනෙ මගෙන් බැනුම් අහලා අඩන්නෙ නැතුව ගිහින් මනාප දේ අරන් ආවා නම්...

මට....බ්...බඩගිනි....

අපෙ මැනිකේ.....මං එකම දේ දහවංගියක් කියන මිනිහෙක් නෙවෙ.....ම්ම්ම්....ගිහින් අරන් ආවා නම්...

මං මොකුත් නොකියා උන්නා.....බඩගිනි නෑය කියලා ආයම කොයන්න ගියෝතින් අනිවාර්යයෙන්ම මීට වඩාබැනුම් අහන්න වෙයි කියලා හිතපු මං හිමින් සැරේ කාර් එකෙන් බැහැන් ආයම අර පොඩි කඩපොඩ්ඩට යනකොට පස්ස හරවන් උන්න වයසක උන්දා නවන් උන්න කොන්ද කෙලින් කරලා බුලත් කහට බැදුන දත් ඇන්ද එලියට දාලා හිනා උනා...ඇත්තටම ඇන්දක් කියන්න බෑ....වැඩි පුරම තිබුනෙ වීදුරු මහ.....

මොනාද මැනිකේ ඕනෙ....

මගෙ කනක් රත් උනා...වයසක උන්දා හරී යටහත් විදිහට මගෙන් ඇහුවාමොනාද මැනිකෙ ඕනෙ කියලා ...වයසක උන්දා ගාව මං තවම ලපටියෙක් හන්දා මැනිකෙ කිව්වදෝ ..නැතිනම්....ඉන්ධර්ගෙ ගොරනාඩුව ඇහිලා මැනිකෙ කිව්වදො.....ඒ කොහොම උනත්...පිට මනුස්සයෙක් මට මෙච්චර හරි නම්බු දීලා කතා කරාපු පලවෙනි පාර හන්දා මගෙ කනක් ඉබේටම රත් වෙනකොට මං වීදුරු පෙට්ටියෙ තිබුන පොල් රොටි වලට ඇගිල්ල තිබ්බා...

මේකෙන්...දෙකක් දෙනවද....

දෙන්නම් මැනිකෙ ...ලුණු මිරිසුත් දාන්ඩද...නැත්තන් මේ....කෙහෙකන් තියනවා....

කහම කහ පාට කෙහෙල් කැනක්....ආනමාලුවක්ද කොහෙද.....නැ..කෙහෙල් කැන් දෙකක්.....කෝලි කුට්ටු...ආනමාලුවට වඩා මගෙ හිත ගත්තෙ කෝලිකුට්ටුවෙ ගෙඩි උනත් මගෙ කටට කෙල ඉනුවෙ අර කට කාරවන් යන ලුණු මිරිස වෙනකොට මං මීයා වගේ අර කැන්දකොල ගොට්ට පුරවලාම තිබ්බ ලුණු මිරිස පෙන්නුවා...

මෙව්වා දෙන්න....

කපලා මැදට දාන්ඩඩ මැනිකෙ...නැත්තන් ගාන් කන්ඩ දෙන්ඩඩ....

මැදට...දානවද.... 

මගෙ කටහඩ කනට ඇහෙන් නෑ ගාන් කනවට වඩා...ලුනු මිරිසෙ ලුනු දෙහි මිරිස් වලට පොල් රොටිය පෙගුනම ඊටත් වඩා රසයි....ඒක හන්දම මං ලුනු මිරිස මැදට දාන්න කියලා ඒ දිහා කෙල ගිලගිලබලාගන උන්නා...

ලොකු උන්නැහැ...ඕන් ඕක අහවර කරලා මට කෙසෙල් ඇවරියකුත් කැපුවා නම්....

ඉන්ධර්...

ඒ උන්නෙ ඉන්ධර්...හරියටම මගෙ පිටිපස්සෙන් හිටන් උන්න මටත් වඩා සෑහෙන්න උසමහත ඉන්ධර් වෙනකොට මං මීයා වගේ ආයම ඉස්සරහා බැලුවා..මං තරහ වෙලා ඉන්නෙ...වෙලහට ඔය කෙහෙල් ගිල්ලන්ඩ යන්නෙ අරකිලාට වෙන්ඩ ඇති ඕකටම නෙස්ටමෝල්ට් ටින් එකයි ක්‍රීම් ක්‍රැකරුයි ගත්තා නම් ලෙඩෙක් බලන්ඩ ආවා වගේ යන්ඩ පුලුවන් .....

ආ මැනිකෙ...

මං අත්දෙකෙම්ම රොටි මුල ගත්තා..දෙන්නෙ නෑ එක කෑල්ලක් වත්....මට බැනලා මෙතන....වරෙන්කො අද මගෙ ගාවට....

මේන් මේකෙන් කපන්ඩද මහත්තයා....

ම්න්....ඔය ගෙඩි අඩු එක කැපුවත් කාරි නෑ...

ගෙඩි අඩු එක කපන්ඩලු....ඊ මේකගෙ ලෝබ කම....මේ ලපටියා මහ කුම්මැහියෙක්.....නෑගම් යනවලු...එක්කො කෙහෙල් කැනම අරන් යන්ඩ ඕනා....ගෙඩි දෙක තුනක් අරන් ගිහින් ඕක පුකෙ ගහන්ඩද???

අරකිත් දොදොලි වගේම නන්...පුකෙ ගහන්ඩ නේත්‍රප් පලමක් වත් අරන් යන්ඩ වෙයි...කෝලි කුට්ටු නම් මදි...ඇයි ඉතින් අර අලි තට්ටම් ඒ....ව් ශිහ්....විතරක්.....

මං ඇස් දෙක පොඩි කරන් අහක බලාගත්තා....වෙනමොකටවත් නෙවෙ..... මට දොදොලිගෙ තට්ටම් මැද කෝලි කුට්ටුවක් හිරවෙලා තියනවා මැවිලා පෙනුනා.....

මේ ගෙඩි දෙක තුන ඇතැයි මහත්තයො

ඇති ලොකු උන්නැහැ...මුරන්ඩු කමට ලුනුමිරිස් තලියක් රොටිය මැද්දට ඔබන් ගියාට මොකද ඕක කාලා ඇස්වල කදුලු පුරවන් හොටු හූරන්ඩ ගත්තම මං එපැයි ඔව්වත් බලන්ඩ....මට ඔය ගාන කිව්වා නම්....

මගෙ කට තද උනා...

මට කෝලි කුට්ටු එපා උනා....

අනෙ දෙයියනේ දැන් ඔය කෙසෙල් ඇවරිය ගත්තෙ මට ගිල්ලන්නද...අනේ ඉන්ධර් මට ඔව්ව එපානෙ....ම්හුක්....!!!

ම්ම්....ඉදල්ලා මේක...

ම්..මට...කෙසෙල්....එපානෙ...ඉන්ධර්....

ඔව්වා ගිලල කට දැවිල්ල ගන්ඩද...මුරන්ඩු කම් නොකර ගනිල්ලා රත්තරනේ බලපල්ලා.....උඹලා පොඩියට උන්නට එක වචනෙත් ඇති ගස්සවන් යන්ඩ....මං එපාය ආය තරහා උනාම යාලු කරගන්ඩ....කෝ...මයෙ අම්මා මේක ගනිල්ලකො....

මං ගස්සලා වගේ අහක බලාගත්තා....මටෝන් නෑ ඔය කෙසෙල්...බැනලා මෙතන...හරි කෙලිය උනානෙ තරහ වෙන වෙන පාර එක එක එව්වා උස්සන් ඇවිත් මාව යාලු කරගන්ඩ...

මං අහක බලාගනම රොටිය ලෑටි ගාන්ඩ ගත්තා . ....කෙසෙල් ඇවරිය තාම ඉන්දර්ගෙ උකුලෙ වෙනකොට වැහි මන්දාරම අස්සෙත් උදෙම්ම පිපුන මල් දිහා වගේම කොලම කොලපාට ගස් කොලන්....ඈතින් පේන කදු දිහා බලාගන මං රොටිය කන්න ගත්තා....

තියන චන්ඩකම නෙ උඹලගෙ....හ්ම්...කාරි නෑ...ඔහොම්ම තරහා පිරිමහපල්ලකො...එක මායියෙක් තරහා උනාම.....තව මායියෙක් ඇදට ගන්ඩ බැරි තරම් මේ ඉන්ධර්ට අහේනියකුත් නෑ හැබැයි.....

මගෙ ලේ කෝප නොකර ඉදපන් තෙහස්!උඹ මගෙ.....වෙන ගෑනු එක්ක ලගින්ඩ ගියොත් මං උඹවත් මරලා ඒකිවත් මරලා මාත් මැරෙනවා ඒක දැනගනින්.....

මන් අතේ තිබුන රොටිය මිරිකන් යකා වගේ කෑ ගැහුවා...

වෙන මායියෙක් ගන්ඩ බැරි තරම් අහේනියක් නෑ කිව්වා විතරයි මං අර උකුකෙ තිබුන කෙසෙල් ඇවරිය උදුරල වගේ අරන් ඒකත් වන වන කගහනකොට මං බලාගන ඉන්ධර් අහක බලන් හොරාවට හිනා වෙනවා.....

හිතෙ ඇති මෙතන වෙන මායියලාව ඇදට ගන්ඩ...ඔව් ඉතින් හැම ඉරුගල්බන්ඩාරයම එකයිනෙ....අප්පලා පුතාලා....සීයලා...ඔක්කොටම මායියලා වැහි වැහලා....

........

ඒකට මොකද කියන්නෙ නම් උඹ මගෙ.භ්භ්භ්භ්....ම්ම්හ්...භ්භ්...භ්භ්.....ම්ම්.....

මගෙ පන උඹ...මක්කද මේ නහින්නෙ....ම්ම්ම්....ඔය තරම්ම ආදරෙයිද රත්තරනේ ම්ම්ම්ම්....විහිලුවක් කෙරුවෙ මයෙ අම්මෙ....හැම ඉරුගල්බන්ඩාරම පිට ගියාට....නිදානයක් වගේ මායියෙක් ළඟ තියන් වෙන උන් ගාවට යන්ඩ තරම් උඹලගෙ ඉන්දර්ට පිස්සු නෑ මයෙ අම්මෙ...උන් පිට යන්ඩ ඇත්තෙ....ඒ මැනිකෙලාව මදි හන්දා....ඒත්.....මයෙ අම්මගෙන් පිට යන්ඩ තරම් මට උඹගෙන් අඩුවක් නෑනෙ ම්ම්ම්ම්....

බ්..බේබි....හාමු...

ම්ම්ම්...බේබි හාමු තමයි...හැබැයි...මයෙ මැනිකෙගෙ විතරයි තේරුනාද....කොලොප්පමක් කෙරුවෙ.....හිතට අරන් ඔය හිත රිදවගන්නව නෙවෙ...උඹ ඇරුනම මට වෙන උන් ඕනා නම්...උඹගෙ වයසට හරියන්ඩ මට පැටව් ඉන්ඩ ගියා.....ඒත් මං නහින්නෙ උඹගෙ මත්තෙමනෙ....ම්ම්ම්.....බඩ දැවිල්ල ගනී කියලා මේක ගත්තේ....හීන් සීරුවෙ කාපල්ලා...පව්...කහට එකවත් බීගන්ඩ බැරි උනානෙ උඹට ම්ම්ම්ම්.....

ආදරෙයි මයෙ රත්තරන්ට....

මං බිම බලාගත්තා...කොලොප්පමක් කෙරුවෙ කියලා මගෙ හිත හදන ඉන්ධර් තනි අතින් වහනේ එලවපු ඉන්ධර් මගෙ කට හැපුවා....හැම ඉරුගල්බන්ඩාරයම එකයි කියනවා එක්කම මාව ඇදලා ගහ්තු ඉන්ධර් මට රිදෙන්නම මගෙ කට හපලා මගෙ කටට මුද්‍රා තිබ්බා....

ආදරෙයි මයෙ රත්තරන්ට .. ඉන්ධර් වචන දෙක තුන අස්සට පුදුම විදිහට ආදරේ කවලා තිබුනෙ මාව විතරක් ඇති කියලා මගෙ හිත හදාපු ඉන්දර් අවසානෙදි මගෙ කම්මුලට පුංචි හාදුවක් දීලා ආදරෙයි මයෙ රත්තරන්ට කියනකොට මං හිනා උනා.....මොකද මට ඉන්දර් එක්ක තරහා වෙලා ඉන්න බැරි උනා....

අනේ දෙයියනෙ මොන යකාද මේ වගේ ආදරයක් නැති කරගන්නෙ...??වචනවලට ආදරේ කවන මනුස්සයෙක්ව මොකාද එපා කියන්නෙ...ආදරේ පරිසමාප්තියක් ව මොකාද එපා කියන්නෙ...??

මැනිකෙ.....

ම්ම්ම්ම්.....

තව ඩිංග දුරයි ....උඹලට පේනවද අර කදු ගැට්ට...

.....

ආන් ඒක උඩ තියන අර රට හුනුගාපු වලව්ව බලපන්...ආන්...ආන්...අර තියෙන්නෙ....

මං ඇස් දෙක ලොකූ කරන් බලන් උන්නා...අම්මගෙ වලව්ව දැකපු පලවෙනිම පාර මේක වෙනකොට මන් ඉන්ධර් පෙන්නපු වලව්ව දිහා බලාගන උන්නා...

මං ළඟ ඉන්නවා තේරුනාද....ම්ම්ම්....

ඉන්ධර්ට මාව තේරුනා...තේරෙන් නැතිව තියේවිද....

මෙච්චර වෙලාම කඩතොලු වෙච්ච පාරක ආව කාර් එක හිමින් හිමින් කදු ගැට්ට උඩට නගිනකොට වලව්ව ට අයිති භූමි බාගෙ මොන තරම් ලස්සනද හිතුනා..අනෙ මගෙ අම්මා මේකෙ මැනිකෙක් වෙලා ඉදලනෙ අර නර දුක් විදින්නෙ...

මං බලාගන උන්නා....හිමින් හිනින් උඩට ආව කාර් එක වලව්වෙ ගේට්ටුවෙන් ඇතුලට යනවත් එක්කම වලවේ හාමුයි මැනිකෙයි මග බලාගන් උන්න හැටි දැක්කම මං බයටම ඉන්ධර්ව මිරිකුවා....

කෝ වරෙල්ලා...ඔය කට පිහින්ඩ.....නොදරුව මගෙ....කට වටම ගාන්...

ඉන්ධර්.....

ම්ම්ම්.....මං කිව්වනෙ මැනිකෙ.....මේක උඹලගෙ උරුමෙ.....මේක උඹගෙ අම්මගෙ වලව්ව....මයෙ අම්මට තියෙන්නෙ මගෙ නගාගෙම මුන වෙනකොට උන් කොහොමද රත්තරනේ උඹලව අහක දාන්නෙ....ම්ම්....ඇරත් ..මයෙ මැනිකෙ උඹ...ඒ අයිතියම ඇති උඹලට කෙලින් බලන්ඩ තේරුනාද.....ම්ම්ම්ම්...වරෙල්ලා.....

මං හිමින් සීරුවෙ ඉණ්ධර් එක්ක එලියට බැස්සා...

මං මුලිම්ම දැක්කෙ අනුලා මැනිකෙව...මගෙ අම්මගෙ අම්මව....දෙයියනෙ.....මගෙ අම්මගෙ මුනමයි දෙයියනේ....මගෙ අම්මගෙ මුනමනෙ.....දුක් විදලා කරන්ගැට්ටි වෙලා කලු ගැහුවත්...අම්මට තියෙන්නෙ මේ මුනනෙ ..මේ පාටනෙ ....

ඉන්ධර් පුතා.....

ලොකු අප්පච්චි...

මං මීයා වගෙ ඉන්දර් පිටිපස්සෙන් ඇවිත් හිටගන්නකොට මං බලාගන මහ උන් දෙන්නා මා දිහා බලාගන උන්නා...

අපි හිතුවෙ පුතා උදෙම්ම පිට වෙයි කියලා .....

නෑ ලොකු අම්මන්ඩි...වැඩ රාජකාරි වගයක් තිබුනා...ඇරත්....දැන් ඉතින් තනි පංගලමෙ ලෑස්ති වෙලා එන්ඩ බෑනෙ...

......

අරුන් දෙන්නා මික් නොගා උන්නා...ඉන්ධර් මගෙ දිහාවට හැරුනා....

මැනිකෙ...කසාදෙන් පස්සෙ ඉස් ඉස්සරෝම ආව නෑගමනෙ.....වැන්දා නම්....

ඉන්ධර් මට ඇස් වලින් මහ උන් දෙන්නව පෙන්නලා වදින්ඩ කියනවත් එක්කම මහ නාකියා අහක බලාගත්තා වගේම මැනිකේ ඒකිගෙ අගස්තිමාලෙ ඇට ගනින්ඩ ගත්තා... .ඒ මගුල් ඔක්කොම.දාලා මං උන් දෙන්නට වැන්දා....

තුරුන්වන්ගෙ සරනවත් මේ මොකුත් නෑ...

අපෙ මැනිකෙ....ඔය හැටි වැටිගන නොයිඩ නැකිට්ටා නම්...

මං නැගිට්ටා ....අරුන් දෙන්නා තාම එහෙම්මයි...හැබැයි ඉන්ධර් පොර කුකුලා වගේ.....උගුරු ගැටෙත් දහපාරකට වඩා උඩ පහල යනකොට මං බලන් උන්නා...

ඉන්ධර් පුතා ඇතුලට ආවා නම්...නගා කිව්වා හිස්බඩමයි ආවෙ කියලා....

නැතුවට කාරි නෑ ලොකු අම්මන්ඩි....මං ආවෙ නෑගම් උනාට....මේක රාජකාරි ගමනකට පෙරලා මං මයෙ මැනිකෙ එක්ක මෙහෙම්ම මහ වලව්වට යනවා.....

ඉන්ධර්...උඹ ආ පයිම්ම එහෙ යන්ඩ. ....

ධර්මසේන හාමු....මං ගරු බුහුමන දුන්නෙ උඹලා දෙන්නටම....හැබැයි උඹලගෙන් ආපිට මට විතරයි ඒ සැලකිල්ල ලැබුනෙ...මයෙ මැනිකෙ උඹලගෙ කකුල් ගාව වැද වැටෙනකොට...කටවලට හෙන ගහල තිබුනද කිව්වා නම්...මේ ඉන්නෙ මයෙ මැනිකෙ විතරක් නෙවෙ....උඹලගෙ දෝනියන්දා අරුන්ධතිගෙ කොලුවා..උඹලගෙ මුනුබුරා.....

එහෙව් දෝනියැන්දෙක් උන්නෙ ඉස්සර.....ඒකි මැරිලා දැන් වලලපු තැනා ගසුත් පැලවිච එකේ කොහෙන්ද මට මුනුබුරාලා.....

ඇත්ත.....උඹලා හිතන් ඉන්නෙ එහෙම.....ඒත් ඇත්ත කතාව ඒක නෙවෙනෙ....ම්ම්ම්....ඇරත්....උඹලා කොච්චර ඒකිව පිටමන් කෙරුවත්...ඒක්ගෙන් අම්මා අප්පා කම උදුරගන්ඩ බෑනෙ....ම්ම්ම්ම්ම්ම්...මේකගෙ උරුමෙ උදුරගන්ඩ බෑනෙ .....ම්ම්ම්....ඇරත් ..මං දන්නවා....මං එන මගට අම්මන්ඩි ලොකු අම්මන්ඩිගෙ කනට විස පුරවන්ඩ ඇති...කාරි නෑ...එහෙනම් ඉතින් උඹලා ඔහොම නම්....මට සිද්ද වෙනවා ....පත්තිරු ටික උඹලා නැතුවම අරුන්ධතී අතට දීලා පිහල වලව්ව ඒකිටයි කෙලීටයි දීලා දාන්ඩ...

ඉන්ධර්.....! අපි තාම ජීවත් වෙනවා....ඒකිට මෙච්චර වස්තුවක් තිබිලනෙ දුක් විදින්ඩ ගියේ...අර බස්නායක නිලමෙව කතා කරලා තිබුන බව දැන දැනම නේ ඒකි පර වැඩට උන්න එකා එක්ක ගියේ ...ඒකගෙ අතපය ගැටගහලා බෝගම්බරේ ගිල්ලුවත් මදි...පා...හරයා ...ඒකගෙන් ජාතක උන උන්ට මේ වලවේ ඉඩනෑ ඉන්ධර්.....

මං අත් මිට මොලව ගත්තා.....බේබද්දා උනත්....අප්පච්චිගෙ අත පය ගැටගහලා බෝගම්බරේ ගිල්ලුවත් මදී කියාපු නාකියා අහක බලාගන අත් දෙක පිටිපස්ස්ට බැදගන්නකොට මගෙ ඉන්ධර් මුකූත් නොකිය උඩු රැවුල කරකවනකොට මට ඉහිලුම් නැතිව ගියා.......

මට මේ වලව්

මයෙ මැනිකෙ ඇසල.....පැත්තකට උනා නම් මං මනාපයි...උඹලා නොදන්න කාරනා තියන එකෙ...මට කතා කරන්ඩ දීලා පැත්තකට වෙයන් ම්ම්ම්ම්...

.ඒත් ..ඉන්ධර්

ඇසල...මැනිකෙක් උනහම....හාමුට පිටින් යන්නෙ නෑ .....එක වංගියක් හාමුට පිටින් ගියපු උන්ව රකින්ඩ ඉතින්.....මණිමේඛලා පිට මනිමේඛලා දහයක් දුන්නත්....යන එකී යනවා....මයෙ මැනිකෙ පාහරයෙක්ට ජාතක උනාට කාරි නෑ...හැබැයි....වාහෙට පිටින් වෙන පැදුරුවල ළඟින් නැති මැනිකෙක් වෙයන්....ඒ ඇති මට.....

ඉන්ධර්...!!!

මගෙ කටෙ කෙල හිදුනා...ඉන්ධර් කියාපු හරුපෙ මොකක්ද කියන්ඩ තේරුන් ගන්ඩ මට තත්පර ගානක් වෙලා යනකොට කියපු දේට එකටම නැග්ගෙ ධර්මසේනයට වෙනකොට ඉන්දර් මහ සීතල විදිහට හිනා උනා ඇත්තටම ඉන්ධර්ට එහෙම හිනාවක් තියනවද කියලත් හිතන්න බැරි තරම් අමාරු වෙන තරන් ඒ හිනාව සීතල වෙනකොට මගෙ මැනික් කටුව ගාවින් තදින්ම අල්ලපු ඉන්දර් මාව එයාගෙ පිටිපස්සට කරගන නාකියට ලන් උනා වගේම අම්මගෙ අම්මන්ඩි උන අනුලට බෙල්ලෙ වැල දාගන්ඩ හිතිලදො අර අගස්ති මාලෙ අත් වලින් මිරිකන් උන්නා .....

ධර්මසේන හාමු....!මං මැරිලා ඉපදුන එකෙක් නෙවේය කියලා මතක තියා ගන්නවා නම් මං බොහෝම මනාපයි හාමු ...ඇරත් ..... උඹලගෙ මැනිකෙට අරියාදු කරනකොට අමාරුයි වගේ තමයි බොල මට මයෙ එකාට අරියාදු කරනකොට අමාරුව....

මයෙ නොදරුවා උඹලගෙ කකුල් ගාව දන ඔබලා කකුල් අල්ලනකොට උඹලගෙ හිත් නිකන් වත් උනු උනෙ නැතිද.....මේකා උඹලගෙ මුනුබුරා....ඒක උඩ ඉන්න දෙයියන්ට වත් වෙනස් කරන්ඩ බැරි එකේ.....උඹලා කොහෙ වෙනස් කරන්ඩද කියාපියව් ලොකු අප්පච්චි?

 අනේ...ඉන්ධර්.....

මං තවත් අඩි දෙකතුනක් පස්සට ගියා.....මොකද කතා කරකර උන්න ඉන්ධර්ව නවත්තන්ඩ හදාපු මං දිහා ඉන්දර් හැරිලා බලපු බැලිල්ල එක්ක මාව අඩි දෙකතුනක් ඉබේම වගේ පස්සට යද්දි ඉන්ධර් ඇදන් උන්න සරමෙ කොන ඇගිකි තුඩුවලට ගත්තෙ කකුලෙන් වෙනකොට මාව තවත් අඩියක් පස්සට ගියා ...මොකද මහ දොදොලා එක්ක රන්ඩු කරත් මේ තරන් තරහවක් ඒ ඇස් වල තියනවා දැකපු නැති මං මේ වෙලාවෙ ඉන්දර්ගෙ තරහව මොන තරම්ද කියන එක හරියටම දැක්කා....

මං මයෙ එකාව උඹලගෙ කකුල් ගාව කීයට වත් නම්මන්නෙ නෑ...හැබැයි මං උඹලට අවස්තාව දුන්නා...නිකන් හරි ඔලුවට අතගහනවද බලන්ඩ....ඇරත්..මයෙ මැනිකෙගෙ මුන උඹලගෙ දෝනියන්දගෙ කපාපු පලුව වෙනකොට මේකට අත ගහන්ඩ බැරි තරන් ඒ තරන් උඩගුවද

ඉන්ධර්....මං කිව්වා...ඒකි අපේ පවුලෙන් පිටමන් කෙරුවෙ අපේ වචනෙට පිටු පාපු දාමයි ....අර බේබද්දා එක්ක ගිය දාමයි....අච්චර හොද බස්නායක නිලමෙව දාලා මේකි අර පාහරයා එක්ක ගියදාම ඒකි අපිට මැරුනා කියන්නෙ....ඒකිගෙ දරුවෙක් වත් මේ වලව්වට අයිති නෑ කියන එක බොල....!

මං බිම බලාගත්තා....මොකද මට කතා කරන්ඩ දේවල් නැති හන්දා...

ධර්මසේන ලොකු හාමු ඔය බස්නායක හාමු ගැන කතා කරන්නෙ රෙද්දක් ඇදන්ද කිව්වා නම්.....ඇරත්...ලොකු අම්මන්ඩි ඔය තරන් බස්නායක නිලමෙව අරුන්ධතීගෙ කරපිට ගස්සවන්ඩ හැදුවෙ ඒකගෙ මහ එකාගෙ ඇදට නැග්ගට පස්සෙ ඒ රහ වැටිලා වෙන්ඩ ඇති...එහෙමනෙ.....???

ඉන්ධර් ...මං උඹගෙ ලොකු අම්මා...

ඒ හන්දද ලොකු අම්මන්ඩි මං ලව්වා ගැට අන්නාසි ගෙන්නවන්ඩ හැදුවෙ....ඒ හන්දද ලොකු අම්මන්ඩි ඒකා එක්ක යහන් ගත උන එක මගෙ අතටම අහු උන වෙලේ මගෙ කකුල් ගාව වැද වැටුනෙ. . උඹව සීයා තාත්තා පයින් ගහලා එලවන්ඩ ගියා මේවා දන්නවා නම්...උඹගෙ වාහෙට මගෙ ලොකු අප්පච්චිට කොන්ද කෙලින් උනේ අරුන්ධති රත්නපාලයා එක්ක ගිය වෙලේ විතරයි....ඇරත් ඔය බස්නායක නිලමෙ කියන එකාට ලෙඩක් තියනව කියන්ඩ තොපි දන්නෙ නැතුවද....ඇරත් මොකාද බොලව් ඒකට නිලමෙ කම දුන්නෙ.....???

උඹලා මේක අහගනිල්ලා ලොකු අප්පච්චි...මං මෙහෙ ආවෙ බොහෝම හොදින් මේවා විසදන්ඩ...මයෙ අප්පච්චිත් නොදන්න කාරනා මං දන්නවා...අටේ කෑල්ලට හොර පත්තිරු හදවගන ඒ බූදලේ අයිති කරගන්ඩ හදන එක මම නොදන්නවා නෙවෙ බොල...ඇරත්.....මේක අරුන්ධතීගෙ උරුමෙ...බොලාලට තියෙන්නෙ ජීවිත බුක්තිය විතරයි ....

අනිත් කාරනාව රතනපාලයා ගැන නම්....ඒකා යස අගේට ඩ්‍රයිවර් රස්සාව කරන් ඒකට පුලුවන් හැටියට නගාව බලාගත්තා.. ....උඹලා ඒකි ගැන හෙව්වෙ නැති උනාට මං හෙව්වා...මොකද උඹලා ඔක්කොටම වාසානව තිබ්බෙ එකෙක් වදලා ඇකිලිලා යන්ඩ වෙනකොට මට උන්න නගා ගැන මං හෙව්වා...

ලොකු අප්පච්චි උඹ...උඹයි උඹලගෙ මායියයි එකතුවෙලා කරපු හරිය මං නොදන්නවා නේ බොලව්...

මං උන්නෙ මගෙ අතේ ඇගිලි දහයම අඹරගන....කිව්වත් වගෙ මගෙ ඉන්ධර් වැඩකට අතගහන්නෙ අතේ තුරුම්පු තියන් වෙනකොට හාමුලගෙ මැනිකෙලගෙ නාඩගන් එලි වෙනකොට මං බලාගන අනුලා උඩැක්කියට කර කියාගන්න දෙයක් නැතුව අහස පොලව එකට අල්ලාලා ගැට ගහන්න හදනවා....

යකො බලන් ගියහම ඉරුගල් බන්ඩාරලා කියන්නෙ තනිකරම බඩු කාරයොනෙ ....වලව්ව නිකන් බඩු පොට් එකක් වගේනෙ . .. මහ හාමුවා.....මයෙ අම්මගෙ සීය ඒකට මැනිකෙල දෙකයිලු...අපේ මනුස්සයගෙ අප්පට ගෑනු විමානයයි...ළමයි කෝටියයි.....එතකොට....මයෙ අම්මගෙ අම්මා...ඒකි එහෙන් පිටින්ම

" විලාසිනියක්" නෙ...නැත්තන් මයෙ අම්මට කතා කරයි කියන අර මොංගල් නිලමෙගෙ අප්පගෙ ඇදට නගිද...ම්ම්ම්.....ධර්මසේනයගෙ එක්කො පොඩි ඇති....අපරාදෙ ... වැල් පෙනෙල කැද ටිකක් හාතවාරිය ටිකක් මුරුංගා ටිකක් කන්න දුන්නා නම්...මැනිකෙට අඩ අඩ දුවන්න වැඩේ නැගලා යන්න ගියා ..කොහෙද ඉතින් මූත් පොල් පස්සෙ යන්න්න් ඇති...නාකියා පොල් පස්සෙ ගියා ..මැනිකෙ පිට ගියා.....

මගෙ ඉන්ධර් කිව්වත් වගේ....මනිමේඛලා පිට මනිමේඛලා දැම්මත් යන එකී වැටෙ ඉදන් හරි රෙද්ද උස්සලා පුක එලියට දානවනෙ....ම්ම්ම්ම්...මරු වලව්ව හැබැයි....කමකට ඉන්නෙ මයෙ වාහෙ විතරද කොහෙද ...ඒත් ඔය කිව්වට ...දැක්කන් මගදි කියාපු කඩප්පු කතාව....

ලපටියවත් මං උල තියනවා අප්පා වගේ පිට හෑනුන්ට කවි කියන්ඩ ගියොත්...

අනේ ඉතින් උඹගෙත් ඔය ලපටි බිජ්ජ කපනවා ඉන්ධර් මං ආය නොකිව්වා කියන්ඩ එපා....

.එතකොට උඹට ආය කවි කියන්ඩත් බෑ.. හබල්ගාන්ඩත් බෑ මොකුත් නෑ....කෝපි මලක් තලාගන පොල් ගෙඩියක ගනන් බලාගන පාඩුවෙ ඉන්ඩ තියෙන්නෙ....ආය උඹ මගෙ හැටි දන්නෙ නෑ ඉන්ධර්.....ඔව්..ඔව්...මාත් ඉතින් උඹලගෙම එකෙක්නෙ...කොහොම කිව්වත්..... එක පාරින් පැටව් දෙතුන් දෙනෙක්ගෙන් බඩ උනා නම්...මේකා පිට යයිද ??? නෑනෙ....අනේ ඇත්තමයි මං මූව උල තියනවා අම්මාපා.....ගහනවා උඹට පොල් මන්...

එහෙන් ඉන්ධර් බොහෝම වැදගත් විදිහට දත් මිටි කකා මහ උන් දෙන්නගෙ ඇගට ගානට මඩගහනකොට මං මෙතන ඉදන් හත්මුතු පරම්පරාවටම සෙත් පිරිත් සජ්ජායනාවක් කෙරුවා...ඒකත් මහ අසික්කිත විදිහට...

මක්කද ඉන්ධර් අපි උඹලට කෙරුවෙ කිව්වා නම්....කියාපාන් බලන්ඩ මක්කද මං උඹලට කරාපු හරිය කියලා මටත් දැනගන්ඩ....

.හහ්. ..තකහනක් මැනික් හින්නට ගිහින් බන්ඩි ගුරා ලව්වා මට කාරපු පිට කාරනාවයි....මයෙ මැනිකෙගෙ අප්පට එන්ඩ කියලා පොව්වපු තේ එකට දාපු තෙලයි ගැන මං උඹලට මොන සිංහලෙන්ද කියන්ඩ ඕනෙ කිව්වා නම්...මං උඹලට බොහෝම පැහැදිලිව කියල දෙනවා...හැබැයි උඹලා එකක් මතක තියාගනිල්ලා...මං ඇවිත් යක්කු බැදන් උනත් වැඩ ගන්න මිනිහා...මට කරාපු පිට කාරනාව මං කැපුව විතරයි ලොකු අම්මන්ඩි.....මං ඒකම උඹලට ආපහු හරවලා එව්වොත් එවන්නෙ ඇදිවත පවා නැතුව හිස් ලූ ලූ අත දුවන්ඩ මේ හතර දිග් බාගෙ පුරාවටම ආය මං නොකිව්වා කියන්ඩ එපා....

ඉන්ධර්....උ ....උඹලා....මක්කද....මේ කියන්නෙ...

ගොත හැහිලි ඕන නෑ අපෙ ලොකු අප්පච්චි...මට වෙන්ඩ ඕනා කරුනු කාරනා ඒ විදිහටම ඉස්ට සිද්ද උනාම....ලගම තියන නැකත එක්ක මයෙ මැනිකෙව...මයෙ මායියව ..උඹලා මෙ වලව්වේ ඉදන් මයෙ වලව්වට එවන්ඩ ඕනෙ.....නිකන් නෙවෙ...ඒක මගුල් පෙරහැරක්...දෙන්ඩ ඕන ගරු නම්බු නාම විතරක් නෙවෙ මං එවනවා උඹලට සන්නසක්...මගුල් සන්නසක්....ඒක පිලි අරන් ..බොහෝම.වැදගත් විදිහට මයෙ මැනිකෙව මට ගෙනත් දෙන්ඩ ඕනේ....

අරුන්ධතීආයම මේ වලව්වෙ පොඩි මැනිකෙ වෙන්ඩ ඕනෙ...ඒක අනිවාර්‍යයි....උඹලගෙ පරම්පරාවෙ පුරුක මම...ඒක..ගෙනියන්නෙ මම ....මගෙ වංශෙ උඩට ගෙනියන එකම එකා මම...එහෙව් එකේ...මයෙ පැටව්ගෙ අම්මව මට ඕනෙ බොහෝම ගරු ගාම්බීරව....ඒක මතක තියාගනිලා ලොකු අප්පච්චි ....

හැබැයි ඒක එහෙම නොවුනොත් ඒක කරගන්න හැටිත් මං දන්නවා...හොදට මතක තියාගනිල්ලා...

මං ඉන්ධර් ඉරුගල්බන්ඩාර.....

මට නම් කතා කරන්න කට උත්තර කොහොමත් නෑ...කෑ නොගහා උනත් තනි කෙලින් උන්න ඉන්ධර් ඉරුගල්බන්ඩාර දත් මිටිකාගන කියන දේවල් එක්ක මට කට උත්තර නැතු වෙද්දි වලව්වෙ වැඩකාර මිනිස්සුන්ට දුවාගන්න තැන් හොයාගන්න බැරිව තක්කු මුක්කු වෙනකොට ඉන්ධර් මහා සුලිසුලගක් වගේ මගෙ දිහාවට හැරුනා.....

අපෙ මැනිකෙ ..නැග්ගා නම් වාහනේට.....මට වෙන්ඩ ඕනා කාරනා වෙනකන්...මහවල්ලවෙ ඉන්ඩ පුලුවන් ...නැගපන් මගෙ මූන කන්ඩ බලන් ඉන්නෙ නැතුව ....මං බලාගන්නම් මෙතනින් එහාට මක්කද වෙන්නෙ කියලා...

ඉන්ධර්...

කිව්වම අහලා නැගපිය!

😮‍💨නැගපිය.....ඔව්....ආය

ම්හුක්....

ආය කොටසකින් එන්නම් අනේ....

ආතරෙයි මයෙ රත්තරන්ලා ඔක්කොටම

මම

ජොබී

Nedeesha

More Chapters