LightReader

Chapter 11 - 11

මම හුස්ම ගත්තා ..හැබැයි...අතුලතින් සම්පූරනම මැරිලා ගිහිල්ලා....

මහෙ නාඩි වැටුනා...හැබැයි වැටෙන්න ඕනා හින්දා ඒ නාඩි වැටුනා....

අඩි හයක් පහලට කපපු වලේ බෙල්ට් පටි වලින් එයාව පහලට ඇදෙන කොට මම බලන් උන්නා...මම දන්නෙ නෑ මන් කොහොම බලන් උන්නද කියන්න වත් මම දන්නෙ නෑ...පලවෙනි පස් මිට මායි මගෙ පොඩි එකයි දැම්මද කියන්න මම දන්නෙ නෑ...මගෙ හදවත මැරිලා ගිහින් තිබුනා....

අඩන්න ඇස් වලට තව කදුලු නැති වෙලා ඇස් වේලිලා ගිහින් තිබුනා...බර උන නහයෙන් විතරක් හොටු දියර ගලන කොට මන් බලාගන මගෙ පුංචි එකා හිනා වෙවි වැලි නෑවා...එයා දන්නෙ නෑ වෙන්නෙ මොනවද කියලා ...එයා දන්නෙ නෑ එයාගෙ අම්මියා ආයම එන්නෙ නැහැයි කියලා ....එක අතකට මටත් ඇස් වහලා අරින තත්පරේදි හැම දෙම අමතක වෙලා යනවා නම්....

අනිච්චාවත සංඛාරා .....උපත....විපත....සාරාන්‍යා විහාරි පතිරනගේ ....අවසන් කටයුතු...

එයාගෙ මරන දැන්වීම් කොලෙ පුරාවටම තිබුන අකුරු මම එකක් නෑර කියෙව්වා .....එකා එකා එනවා පස් මිටක් දානවා යනවා....අවසානෙදි හැමෝටම පස් මිටක් දාන්න ඉඩ දීලා බලන් උන්න මිනි වල කපපු මනුස්සයො දෙන්නා අවසානෙදි උදැල්ලෙන් පස් අරන් පෙට්ටියට දානකොට පස් මිටවල් පෙට්ටියට වැටෙන සද්දෙ ඇහුනා...

සස්....ස....ස්..සස්...

ඒ සද්දෙ.....ඒ සද්දෙ මගෙ කන් දෙක පහුරු ගෑවා හදවත කීතු කීතු වලට ඉරලා දැම්මා....අවසානෙදි ඒ සද්දෙත් නැත්තටම නැති වෙලා ගිහින් මගෙ ඇස් පනාපිට අලුත් පස් කන්දක් විතරක් ඉතිරිවෙනකොට ගොම්මනේ කහ ඔආට ඉටිපන්දම් එලි ඇවිදින් මිනි කන්ද වහගත්තා ....

අප්පු...ච්...කැහ්...කැහ්.....අප්...පු...කැහ්....

සුදු පුතා...

කැ.හ්...කැහ්....

සුදු මහත්තා....ඇයි මගෙ පුතේ.....

මම උන්නෙ මේ ලෝකෙ නෙවෙ.....මම උන්නෙ මොන ලෝකෙද කියන්නෙ මම වත් නොදන්නකොට මෙච්චර වෙලාම වැලි නාපු පොඩි එකා මගෙ ගාවට කෑ ගහන් එනකොට කැස්සක් ඇල්ලුවා වගෙම අනේ මගෙ නොදරුවා කැහැලම වමනෙ කෙරුවා ...කහම කහ පාට සෙම ගුලියක්.....මෙච්චර වෙලාම අවසිහියෙන් ඔහේ බලාගත්තු අත බලන් උන්න මට දෙලෝ රත් උනා වගේම මම කහ පාට සෙම ගුලිය හාර හාර බැලුවා....

මොන යකාද කොල්ළට පැගිරි ගිල්ලුවෙ....මේකව ගිනි කබල වගෙ රත් වෙල අප්පච්චි .....

කිසිම හිරිකිතයක් නැතුව්ම දබැරැගිල්ලෙන් මම සෙම ගුලිය කූරු ගෑවෙ මගෙ දරුවා ඉන්නෙ අසනීපෙන් නිසා...අග්නි කොහොම මොනවා කිව්ව උනත් මගෙ නොදරුවට කිඹුහුමක් ගියා උනත් මට දෙලොව රත් වෙනකොට මම වේලෙන්න හිතලා වත් නැති සාරන්‍යගෙ මිනි කන්ද දිහා බැලුවා...

උඹලව මගෙන් උදුර ගත්තු එකා මොකාද කියන්න මම දන්නෙ නෑ ...හැබැයි ....මෙච්චර කාලෙකට මම නොගත්තු හැම දේම අපිට අරගන උඹව මගෙන් ගත්තු වගේම....මගෙ කොල්ලව මගෙන් ගන්න බලන් ඉන්න එකාව මම නැති කරනවා සාරන්‍යා .....

මම කෑ ගැහුව....වමනෙ ගොඩෙ තිබුන නොදිරපු පැගිරි බික්ක දැකපු මට මාරාවේස වෙනකොට ඒ හැමොම.බලන් ඉන්නකොට මම මල් වඩමකටත් පයින් ඇනන් කැහැ කැහැ ඉන්න කොල්ලව වඩාගන කාටත් කලින් මිනිපිට්ටනියෙන් එලියට ආවා.....

සුදු මහත්තයා ....අප්පච්චිගෙ වස්තුව ...මගෙ රත්තරන්ට කව්ද පුතේ ඔව්වා දුන්නෙ ....

මම නලලට වගේම පිටට පිට අල්ල තිය තියෝම කව්ද මගෙ පුතාට මොනවද දුන්නෙ අහනකොට එයා ආයම කැහැලා..කැහැලා මගෙ ඇගේම වමනෙ දැම්මා.....එක පාරක් දෙපාරක් තුන් වෙනි පාර නම් නහෙන් පවා එලියට එනකොට පොඩි එකා හුස්ම ගන්න බැරිව දගලනකොට හැම අප්පච්චි වගේම මම හිරිකිතයක් නැතුවම මගෙ නොදරුවගෙ නහයට කට තියලා ඉරෙව්වා...උරවලා සෙම අයින් කරල දැම්මා...කොල්ලා.අත පය ගහලා අඩාගන හුස්ම ඇල්ලුවා .....

අප්....අප්..පු....ච්චියෙ.....හ්හ්...

ඕ....ඕ..ඉන්නවා....අප්පච්චි ඉන්නවා...මගෙ පුතා ගාව...ඉන්නවා...අපි බෙයියා ටිකක්.ගේන්න යමු....මගෙ පුතේ.....අපි බෙයියා ටිකක් ගේන්න යමු...

මගෙ පුතා.....කොල්ලට මොකද...

මම උන්නෙ ගේට්ටුව ගාව..මිනි කනත්තෙ ගේට්ටු ගාව වමනෙ නාගන.....ඒ එක්කම අම්මා සාරන්‍යගෙ නංගි වගේම අයියා දුවගන ආවා....

අයියෙ චූටිට මොකද අයියෙ ...

එන ඒමටම දුවගන ආව එයාගෙ අයියා මගෙ අතේ උන්න කොලුවව බල බල මොකද අහනකොට මම අම්මා දිහා රවාගන බලන් උන්නා.....

එක්කො...උඹ මට මේ වරය ගන්න දියන් ...නැත්තන්...මූත් එක්කම මට මැරෙන්න ඇරපන්...

මගෙ ජීවිතේ මං පලවෙනි පාරට අම්මට කෑ ගැහුවා ...මගෙ ඇස් වලින් ගින්දර පිටවෙන්නා හා සමානව රතු වෙලා යනකොට අම්මව අඩියක් දෙකක් පස්සට විසි උනා.....ඒතරම් ආවෙගෙකින් මම කෑගැහුවා .....

ශිවන්.....පු...තේ....

අයි..යේ.....

එපා ....එපා...මට කතාකරන්න එපා.....මට තොපි එකම එකෙක් වත් කතා කරන්න එපා....මට දැන් උන්නත් එකයි මැරුනත් එකයි...එක්කො මම...නැත්තන් ..කරපු එකා.....

මම එන්න හැරුනා...උන කොල්ලව අනේ නාගනම පයින්ම මම එන්න හැරුනා ...යන්නෙ මොන දොස්තර ගාවටද මම දන්නෙ නෑ...මම එන්න ආවා...කාර් එක කොහෙද යන්නෙ මොකේද කියලවත් මතක නැති මම එන්න හැරුනා....

අයියෙ.....අයියෙ....

මම නෙවෙ හැරුනෙ....එයාගෙ අයියා මගෙ පස්සෙන් අයියෙ කිය කිය එනකොට මම නෙවෙ නැවතුනේ ....

අයියෙ ඔහොම යන්න බෑනෙ අයියෙ...අනික පයින්...මේ..න් කාර් එකෙ යතුර ඊයෙ රෑ මං ගිහින් අරගන ආවා....ඔහොම යන්න බෑනෙ...ගිහින් ඇදුමක් ඇදගන යන්න....

මම අතෙ තිබුන යතුර උදුරලා වගේ අරගත්තා ....මට ඒ කා එක්ක වත් තරහවක් නැති උනත් මම ඒ කොල්ලට රැව්ව්වා....කෑ ගැහුවා.....අවසානෙදි තල්ලු කෙරුවා ...

මචන්.....නිශ්මිකයා...

ආරාද්‍ය පාඩුවෙ ඉදින්...හරි...පාඩුවෙ ඉදින්.....පාඩුවෙ කියන්නෙ..මං ඉන්නෙ දැන් හොද සිහියකින් නෙවෙ....උඹට නැති උනේ අක්කා විතරයි .....හැබැයි උඹේ අක්කා එක්ක මට හැම දේම නැති උනා..මට ඉතුරු මෙච්චරයි .....උඹට වටින දේවල් මට වටිනවා වෙන්න පුලුවන් ...මට වටින දේවල් උඹට වටුන් නැති වෙන්න පුලුවන් ...ඒත් මේ ඉන්නෙ..මට මගෙයි කියන්න ඉතුරු එකම දේ...එකම දේ...මෙච්චරයි ...මට මේකව නැති කරගන්න බෑ...මට මේකව නැති කරගන්න බෑ බන්....

මම කොල්ලව අරගන කාර් එක හොයාගන දිව්වා .....මගෙන් කොච්චර බැනුම් ඇහුවා උනත් ආරාද්‍ය මගෙ මස්සිනා මගෙ පස්සෙම්ම ඇවිත් කොලුවව උදුරලා ගන්නකොට ආරාන්‍යත් කෑ ගහන් ආවා....

උන් බය වෙලා...කවදාවත් කෑ නොගහන මම කෑගැහුවම උන් බය වෙලා.....

නිශ්මික ගෙදර ගිහින් යමු.....

අනිත් හැමෝම මට ශිවන් කියනකොට සාරන්‍යගෙ මල්ලි විතරක් මට නිශ්මික කිව්වා...වෙලාවකට මචන් කිව්වා...ඒක මස්සිනා කමටත් වඩා ළඟින් මගෙ පපුවට දැනෙනකොට පුංචි එකාව කාර් එකේ තියන්ම එයා ඇදුම් ඔක්කොම ගැල්වෙව්වා .....

අන් බන් පොඩි එකාට බඩ එලිය යනවා . ...නංගි තමුසෙ ගාව ලේන්සුවක් වත් නැද්ද....

කාර් එකේ විහිලුවටවත් රෙදි කෑල්ලක් තිබුන් නෑ...අනේ මගෙ නොදරුවට අඩාගන්න බැරි වෙනකොට ඒකා හෙම්බත් වෙලා උන්නා..ලේන්සුවක් ඉල්ලුවට ලේන්සුවකුත් නැති තැන ආරාද්‍ය ඇදන් උන්න ශර්ට් එක ගලවලා කොල්ලව ඔතා ගත්තා ...

අනෙ බන්...ලේ යනවද නෑනේද 

නැ..නෑ...පෙන පෙන...යන්නෙ කොල්ලට මොනවද කැව්වෙ ...

අනේ මේකා කැවෙ නෑ අප්පා....මගෙ පුතේ ....සුදු මහත්තයා ....මට කියපන් රත්තරන් මොනවද උඹට කව්ද කැව්වෙ කියලා ....

මම උන්නෙ මෙලෝම සිහියකින් නෙවෙ....මෙලෝම සිහියකින් නෙවෙ ....පාරෙ වාහන එනවද නැද්ද වත් මට දැනුන් නෑ...මිනි පිට්ටනියෙ ඉදන් මහ දුරක් නොවුනත් අද මට හැම දේම ගව් ගානක් දුර උනා....

අනෙ ඉක්මනට අරන් වරෙන්.....

මලගෙදරට ආව වාහන පාර දෙපැත්තම අයිති කරන් තිබුනා...මගෙ වාහෙනෙ මගෙම ගෙදරට දාගන්නවත් ඉඩක් නැති වෙනකොට ඉලව්වට ආව මිනිස්සු හට් අස්සෙ ඉදන් ඇපල් කෑලි පාවෙන දොඩම් බීම බොන ගමන් උන්නා...සමහරක් බුලත් විට වට්ටිය අයිති කරන් උන්නා...පොඩි උන් අත් වල බිස්කට් පුරවන් උන්නා....ඒ හැම දෙනාම පැයක් යන්නත් කලින් මගෙ දරුවගෙ අම්මව අමතක කරලා උන් උන්ගෙ ලෝකවල උන්නා...සමහරක්ගෙ මූනෙ ලාවට හිනාවක් තිබ්බා .....සමහරක් උන් ගෙ මූනෙන් එලියට පනින හිනාවල් උන් බලෙන් තද කරන් උන්නා...

මම කොලුවව උදුරන් ඇතුලට දුවනකොට මං බලාගන මටත් කලින් දොර රෙද්ද හයියෙන් හෙළ උනා....ඒ කියන්නෙ මටත් කලින් එයා දිව්වද කොහෙද.....

සුදු පුතා...අප්පච්චිගෙ දෙයියෝ....අඔඉ යමු රත්තරන් ....උඹව මම මේ ලෝකෙ වටේ ගිහින් හරි සනීප කරගන්නම් ...අනේ....අනේ....අනේ...මගෙ දෙයියෝ....අනේ උඹ ගියෝතිම් නම්...අප්පච්චි මැරෙයි පිස්සෙක් වෙයි මගෙ පුතේ ....අනේ....හ්...

නිශ්මිකයා....ඒහ්...ඒහ් ..නවත්තපන්...අනේ...නවත්තපන්කො....

මම උන්නෙ ලමයව හෝදවන දිහා බලාගන...ආරන්‍යා ලමයව සාරන්‍යා හා සමානවම පරිස්සමින් හෝදවනකොට මලානික ඇස් දෙක.සුදුමැලි උන මූන....මේ ඔක්කොම එක්ල අනේ ඒ අහින්සක බැල්ම එක්ක මට එයාව නැතිවෙයි කියන බය මාවම පිස්සෙක් කරනකොට මම මගෙ කොන්ඩෙ ඇදගත්තා ....කම්මුල් වාට ගහගත්තා .....ආරාද්‍ය මාව අල්ලගන්න ආවා....

ඒත් එයා පරක්කුයි...ඒත්.....ආරාද්‍ය පරක්කුයි.....වෙනමොකවත් නෙවෙ ...ඒ වෙනකොටත් අග්නි මාව අල්ලගන ඉවරයි.....ඒ වෙනකොටත් අග්නි මාව කිටි කිටියට තදකරගන ඉවරයි....කාටත් නොපෙනන අග්නි මාව තදකරගන ඉවරයි ....

" දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ...ලෝකයම දුක මත පිහිටා ඇත...එහෙමයි කියලා මගෙ ඇස් ඉස්සරහම උඹ ඔහොම රිදවගන්නකොට යකෙක් උන මටත් රිදෙනවා මගෙ ශිවන්...පුංචි එකාව අරන් යමන්.....මම උඹ එනකන් බලන් ඉන්නවා....."

අඩන මගෙ කදුලු කාටත් හොරාවට පිහිදිලා යනකොට මම වමනේ ගෑවුන ඇදුම ගලවලා පැත්තක දාලා කලුම කලු ඇදුමක් ඇදගන ආයම කාමරේට යනකොට මගෙ පස්සෙන් ඇවිත් උන්න අග්නි මුල්ලක ඉදලා මා දිහා බලන් ඉදලා මාව අතින් ඇදලා ගත්තා ....

" හිනා වෙන්න තියන ඇස් ඔය හැටි අඩවන්න එපා මගෙ ශිවන් .....එහෙම උනෝතින් .....සතුටු කදුලු ආව උනත්...ඒ කදුලු වලට වටිනාකමක් නැති වේවි ..මේ කදුලු හරි ගනන් මගෙ ශිවන්....."

මගෙ පැටියට මොකුත් වෙන්නෙ නෑනෙ අග්නී....උඹට අප්පච්චි කියලා කතා කරන මගෙ පැටියට මොකුත් වෙන්නෙ නෑනේද ... ..

" හොද එකා වගේ ගිහින් පුංචි එකාට බෙහෙත් ටිකක් අරන් වරෙන්..."

එය මගෙ මුලු මූනම ඒ සීතල අත් දෙකෙන් අල්ලන් මගෙ මූනට එබෙනකොට මම එයාට කීකරු උනේ හරියටම අතරමන් වෙල උන්න හා පැටියෙක් එයගෙ අම්මා ගාවදි කන් දෙක පහත් කරනවා වගේ....මම එයාට හීලෑ උනා....අවංකවම අග්නි...කොයිතරම් ගිනි ගත්තා උනත්.....මං අඩන හැම වෙලේකම මාව් නිව්වා...

අග්නී...

"ම්න්.."

මගෙ පුංචි එකාට පැගිරි ගිල්...

"ශ් ...ශ්....අපි බලමු...දැන් යන්න...නැත්තන් මට හිතෙයි උඹගෙ පුක පුපුරන්න ආයමත් ගහන්න...."

එයා මගෙ නහයට තට්ටුවක් දැම්මා.....මගෙ හිත හැදුවා....අවසානෙදි එයා ආයමත් අර පුරුදු විදිහටම කෑ ගහනකොට මම එන්න හැරුනා.....ඒක එයාගෙ හැටි.....අග්නි හරි ආදරනීයයි...ඒත් එයා ඒ ආදරේ පිට දාන්න හරි ලෝබයි..."යකාගෙ ආදරෙ...."

ශිවන් ....

මම ආයම නැවතුනා ...එයා මට ආයම කතා කරනකොට මගෙ කකුල් ඉබේටම නැවතුනා .....

"මටයි කියන්න ඉන්නෙ උඹ විතරයි පරිස්සමින් ගිහින් වරෙන්..."

අග්නී...

ඒ එයාගෙ වචන.....මටයි කියන්න ඉන්නෙ උඹ විතරයි කියපු අග්නි ආයමත් දොර රෙද්ද හොලවගන අතුරු දහන් වෙලා යනකොට මම කාමරේට ගියා ..

කෝ...පුංචියට මේ කාසම අන්දන්න හිටගන්න.....

ම්ම්ම්.....හ්හ්...සි...දෙ...නා...නේ....

කොහෙද අම්මියෝ...කොහෙද මගෙ පුතාගෙ සිදෙන්නෙ....

ම්ම්ම්.....හ්හ් ..ම්ම්ම්.....

කෝ...ඔන්න...ඔන්න...චූචී...චූචී..හා පැංචෙක් එනවලූ...මෙන්න මෙහෙක..මෙන්න...මෙහෙම.....

මම බලාගන උන්නා.....එයාගෙ නංගි අමාරුවෙන් උන්න පොඩි එකාට අඩන්න නොදි හිනස්සවන්න හදනවා ....එයාගෙ ඇගිලි තුඩු වලට කොල්ලට කිචියිද කොහෙද ඒකා අමාරුව ඇගේ තියාගන හරි අමාරුවෙන් හිනා වෙනකොට මම ලමයව වඩාගන හාදුවක් තිබ්බා....

මාත් එන්නද අයියෙ ..

එපා මන් තනියෙන් ගිහින් එන්නම්....

පොඩ්ඩ්ක හිටපන් මං එන්නම්....උඹට පුලුවන්ද ලමයව තනියෙන් අරන් යන්න....

ආරාද්‍ය ඇවිත් මගෙ අත් උන්න කොලුවව අරගන මටත් කලින් ඉස්සර උනා... ඇත්ත....මම කොහොමද මගෙ ඔලුවෙ තියන තත්වෙ එක්ක තනියම යන්නෙ.....

අප්පුච්චියෝ....

ඕ...වස්තුව ....

ම්ම්හ්හ්ක්.....සිදෙනානෙ....

කොහෙත මගෙ පුතාගෙ සිදෙන්නෙ...

ම්ම්ම්හුක්...සිදෙනානෙ...

මම උන්නෙ ලමයව වඩාගන...නොම්මරේට හම්බුනේ දහනවයෙ ඉලක්කම වෙනකොට නගෙ අතේ උන්න පුංචි එකා සිදෙනවන් ගගා බඩ අල්ලනකොට එයාගෙ බඩෙන් ආයම සද්දයක් ආවා...ලමයට ආයම බඩ යනවදෝ මන්දා...මගෙ යටි හිත පුලුවන් තරම් දෙවියන්ට කන්නලව් කරනකොට මම එතන උන්න පොඩි උන් දිහා බලන් උන්නා.... ..

බබාග් නමයි වයසයි.....

නිඛිල් සස්මික අවුරුදු දෙකයි මාස අටයි....

.ඇවිදපු අඩියක් අඩියක් ගානෙම මම ප්‍රාර්තනා කෙරුවෙ මගෙ පැටියට සනීප වෙන්න කියන එක වෙනකොට ඈත අහස පායපු තරුවක් එයාගෙ අම්මා කියලා හිතාගන මම එයාගෙනුත් පිහිටක් ඉල්ලුවා ....

කෝ බලන්න බලමු මේ බබාට මොනවද තියන අමාරු කම් කියලා....

මහෙ උකුලෙ උන්න දරුවගෙ ඔඉටට පපුවට වෙදනලාව තිබ්බ ඩොක්ටර් සෑහෙන්න වෙලා ඉදලා මා දිහා බැලුවා ...

බබාට සෙම ..කූල් ජාති ඇල් ජාති වලින් පරිස්සම් කරගන්න....මෙටනින් එක බෙහෙත් වේලක් පොවන්න...

හොදමයි ඩොක්ටර් ...

මං බලන් උන්නා..වෙදනලාව කරේ දාගන උන්න ඩොක්ටර් කව් ඇන්ඩ් ගේට් එකෙන් හම්බුන පොතක බෙහෙත් තුන්ඩුව ලියනකොට මම පොඩි එකාව අල්ලගන ඉදගන උන්නා...බෙහෙත් වේලකුත් එතනම අඩව අඩව පොවා ගත්තු මට ලමයට අජීර්නයක් කියනකොට බය වෙන්න ඕනද නැතිද කියන්න හිතා ගන්න බැරි උනා....අජීර්නයක් කියන්න දන්නව උනත් පැගිරි කව්වෙ මොකාද කියන්න දන්නෙ නැති වෙනකොට මම එතන ඉදගනත් සිය පාරකට වඩා ලමයට ලොකු අමාරුවක් නෑනෙ ද ඇහුවා.....

නිශ්මිකයා....බෙහෙත් දුන්නනෙ බන්...

ඔව් බෙහෙත් නම් දුන්නා...ඒ උනාට මගෙ හිතේ තියන තුවාලෙට බෙහෙත් කරන්න උඹ දන්න කියන දොස්තර කෙනෙක් ඉන්නවද ආරාද්‍ය....

මට තව දුරටත් සුක්කානමට අත ගහන්න බැරි උනා...සූප්පුව කටේ ගහපු ලමයව හරහට ගත්තු මම අනිත් පැත්තෙන් ඉදගන්නකොට ආරාද්‍ය මගෙ හිත හදන්න ගත්තා ....ඒත්...මට ඒ වචන එකක් වත් හිත හදන්න ඇති නොවුනකොට මම ඊලගට අහපු ප්‍රශ්නෙත් එක්ක එයා ගොලු වෙලා ගියා ..

ආරාද්‍ය ..මං උඹව හැමදාම දැක්කෙ මස්සිනාට වඩා යාලුවා වගේ.....උඹට පුලුවන් නම්...මට හිත සුව කරන්න පුලුවන් කෙනෙක් ගෙනත් දීපන් ...පින් අයිතිවෙයි....පින් අයිති වෙයි.....මට ඉන්නෙ මෙච්චරයි මගෙ හිත වැටුනොත් වැටුනමයි ආරාද්‍ය...වෙනදට මං වෙනුවෙන් බලන් ඉන්න ඇස් නෑ කියන හිතට මහ වේදනාවක් ගේනවා ආරද්‍ය.....මට තව දවසක් අඩන්න පුලුවන් දෙකක් අඩන්න පුලුවන් ...එතනින් එහාට මම අඩන්නෙ කොහොමද ...මම මේ ලමයා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනා....මම මගෙ කොල්ලව සනීප කරගන්න ඕනා....

එතනින් එහාට අපි දෙන්නගෙන් එකම එක්කෙනෙක් වත් කතා කෙරුවෙ නෑ.....බෙහෙත් වේල පොවපු හින්දද කොහෙද කොල්ලට මට තුරුල් වෙලාම නින්ද ගිහින් තිබුනා...

සාතිශ්‍ය සංවේගය....

මම ඈත තියාම එයාගෙ බැනර් එක දැක්කා ....ඒ අකුරු දකිනකොට ඉබේටම මගෙ අතේ උන්න කොලුවව මට ඉබේටම තද උනා....

"මොනවද කිව්වෙ....."

......

"ලොකු දෙයක් කිව්වද...."

.......

"කතා කරපන්කො "

.......

එය මගෙ පස්සෙන් එනවා...ලමයට කොහොමද අහනවා....මොකද කරන්න කිව්වෙ කියලා අහනව..මගෙන් උත්තරයක් ගන්න බැරිම තැන එයා මාව උරහිස් දෙකෙන් අල්ලගන හෙලෙව්වා .....

අජීර්නයක්ලු...

" ඉතින් උඹට ඕක කට ඇරලා කියන්න බැරිද..?"

අග්නි....

"ම්න්.."

ඇයි අම්මා මට මගෙ වරේ ගන්න නොදී හැමදාම වලක්කන්නෙ?

"දන්නෙ නෑ...."

දන්නෙ නැද්ද නැත්තන් උඹ මට කියන්නෙ නැද්ද අග්නි....

"...."

එයාගෙන් උත්තරයක් නැති තැන මම ඇදේ ඉදගන ලමයගෙ වෙලාපත්කඩේ දිහා බලන් උන්නා...

"උඹගෙ අම්මා..."

ඇයි මගෙ අම්මා මට ඒක ගන්න නොදෙන්නෙ...මට දේව සාප වත් වැදිලද කව්ද දන්නෙ අග්නී.....අනික උඹව මගෙන් වහන් කරන් ඉන්නෙ ඇයි අග්නි ...

".....කොච්චර කොහොම වහන් කෙරුවා උනත්.....පතා..ගෙන...."

අග්නී....

එයා කිව්වෙ නෑ....එයා නැවැත්තුවා ....මොන දේද කියන්න දන්නෙ නෑ...අම්මා මාව වැලැකුවා...එයාගෙන් මාව හංගන්න හේතුව මොකක්ද කියන්න මම නොදන්නවා උනාට එයා දන්නවමයි කියලා මගෙ හිත කියනකොට මම එයාගෙ ගාවට ලන් උනා.... 

අග්නි....දන්න දෙයක් තියනවා නම් හංගන්නෙ නැතුව කියන්න අග්නි...

"මං දන්න රෙද්දක් නෑ..."

එයා මාව තල්ලු කෙරුවා...මං දන්න රෙද්දක් නෑ කියන එක එයා බර කරලම කියලා අහක බලා ගන්නකොට මම ඇද මැද නිදාගන උන්න මගෙ පුංචි එකා දිහා බැලුවා ...

"හෙට ගුරුන්වහන්සෙ මාමගෙන් උඹට ඕන හැම උත්තරයක්ම ලැබේවි මගෙ ශිවන්..."

එය මගෙ ඔලුව අතගෑවා ...මට ඕන කරන හැම උත්තරේම හෙට ගුරුන් වහන්සෙ මාමගෙන් හම්බෙයි කියලා කියපු එයා මගෙ පුංචි එකාගෙ ගාවින් දිගා උනා.....

"කොහෙද උඹ හොරෙක් වගෙ රූටන්නෙ"

මට කාමරේ ඇතුලෙම ඉන්න බෑනෙ....

"ඇයි අරකි හැදි ගාන පරිප්පුවෙ රහ බලන්න යන්න ඕනද....කාමරෙ ඇතුලෙම ඉන්න බෑ කියන්නෙ...."

දෙයියනේ අග්නි .....මම මෙතන ඉදලා කොහොමද ..අර පිට මිනිස්සු තනි රකිනවා මම මෙතන නිදාගන්නද.....

"හා....හා....යමන්කො....යමන්කො....."

එයා ලමයගෙ මූන පුරාවටම ඇගිල්ලක් අරන් යන ගමන් හිමින් සැරේ ඔලුව අත ගානගමන් උන්නා....වෙලාවකට ඇබිත්තන් සයිස් හාදුවක් තිබ්බා.....එයාට මගෙ දරුවව බලාගන්න කියන එක මට අමුතුවෙන් කියන්න ඕන් නැති උනා..මොකද එයා හැමදාමත් මගෙ පුතා ගාව උන්නා.....

අයියේ ...

...

"...."

අයියේ.....

" මං කිව්වෙ...මං කිව්වෙ...අන්න...හොර ගෑනි හොයන් ඇවිල්ලා....අනෙ ඇත්තමයි යකින්නියන්ගෙ වත් මෙහෙම මායන් නෑ...."

ඒකි මොකටද මටකතා කරන්නෙ...

" මං කොහොමද දන්නෙ ගිහින් අහපන් ..."

එයාගෙනුත් බැනුම් අහන් එලියට එන්න හදනකොටම දොරෙන් එපිට මට දැහැමිනි ගෙ කටහඩ ඇහුනා..ඉද්දකින් අයියේ හුයියේ ගානවා...කටහඩ තනිකරම දවුලක් වගේ....මම එයා දිහා බැලුවා....වෙනසක් නෑ එයා හැමදාම පුපුරනවනෙ...

ඇයි .....මොකද.... 

මම එලියට නොයා මග නැවතුනා...නැවතිලා මොකද අහන ගමන් අග්නි දිහා බැලුවා ...

මේ වෙදහාමිනේ නැන්දා කන්න කතාකරනවා...

" ඒකි ගෑනිනෙ...ඒකයි ඔය කන්න බොන්න කතා කරන්නෙ..."

මට බඩගිනි නෑ...

බබාට කවන්...

අනේ මේහ්....නංගි....පොඩ්ඩක් පාඩුවෙ ඉන්නවද .....

මට ඒකිට අමතන්න ඕනා උනා...අනේ නංගි මේහ් කියලා එතනින් එහාට ඒකිව හිටගන බඩවෙන්න කුනුහර්ප පලන්න හිතුනා.....මම ඉවසුවා....වෙන මොකටවත් නෙවෙ අවසානෙදි වස් වදින්නෙ අර අහිංසක ගෑනිට....

"මැනිකෙ...."

මම අග්නි දිහා බැලුවා...හිටපු ගමං උඹ බන් ගාන කන රත් වෙන්න පිට පුපුරන්න ගහන හිටපු ගමන් ආයම මාව වැලදගන්න...."යකෙක්ගෙ " ආදරෙ "මිනිස්සුන්ගෙ" වචන අස්සෙ හංගලා කතාර කරන එයා ඊලග තත්පර්‍රෙදි මගෙ ගාවට ඇවිත් ඇහිබැම රැලි කරලා බලාගන උන්නා.....

"උඹ හෙට ඉර නගින්නත් කලියෙන් පලයන් අර ගුරාව හොයාගන ...පැගිරි පුසුඹ එන්නෙ ඕකිගෙන්....."

ඒ කියන්නෙ මේකිද මගෙ නොදරුවට.....

"ම්න්....ම්ම්න්..න්...."

මම ඕකිට....

" එපා ඉක්මන් වෙන්න...ඒකි එක්ක පලයන් අර පොල් ගහ යට පුටුවට....අන් දැක්කා වේලුන පොල් වල්ලක් තියනවා

..අද පෝයක්...උඹලගෙ අම්මා මගෙ පහනටත් තෙල් දාලා බැමි තද කරනවා....වෙනදා වගේ මට මොකුත් කරන්න බෑ....."

මම එයා දිහා බැලුවා...එයා තවමත් ඉන්නෙ පුපුර පුපුර වෙනකොට මම එලියට ආවා...ඒකි ඉන්නවා...ඒත් පැගිරි සුවදක් වත් නෑ...අරයා කොහොමද කිව්වෙ.....

අපි හැමෝම එකට කන්න යන්නෙ.....අයියත් එනවද...

නෑ මගෙ ඔලුව කැක්කුමයි...මම තනියෙන්ම කන්නම්....

ඒකි මාව උන්ගෙ ගොඩට ගන්න පෙලෙඹෙන කොට මම ඒකිව පොල් ගහ යටට අරන් යන්න අඩි පාර කපන ගමන් ඇහැට පේන්නෙ නැති පාන් වාටියක් එක්ක පරිප්පු හැන්දක් දාන් ගහ යටින් ඉදගන ඒකි එයිද කියලා බලන් උන්නා...

" කෝ අප්පා තෙල් වාටිය...."

අග්නී....

මාව සීතල වෙලා ගියා.....මේ යකා මාව කොයි වෙලේ හරි මරලා දානවා...සද්දයක් බද්දයක් නැතුව එකපාර කන ගාවින් එන සීතල කටහඩ හැම දාම මගෙ සර්වාංගෙම අදත් සීතල වෙලා ගියා ...මම අරකි එනකන් බලන් ඉන්නකොට එයා පාන් නහට්ටෙ තෙල් වාටිය අහනවා...මොන තෙල් වාටිද මම පාන් ඔලුවක් අරන් ඇවිත් තිබ්බෙ ....

".කොහෙද....උඹලගෙ අම්මා කරවල කෑල්ලක් වත් පුලුටු කරන් නෑනෙ.....අනෙ මැනිකෙ ලමයට හදන අර කහ ගුලියක් වත් හදපන්කො.....ඒකෙ සුවද පංකාදුයි බන්...උඹලා වගේ මට ගිලින්ඩ පුලුවන් යෑ....සුවද උරනවා මිසක්කා....."

මට පේන්නෙ අග්නියට දොල දුක හැදිලද කොහෙද .....

අරකිගෙ ඔලුවට පොල් අත්තක් වැට්ටුවොත් හදලා දෙන්නම්.....

"පොල් අත්තක්...බෑ...වේලුන ඇට්ටි ගෙඩි දෙක තුනක් බාවන්නම්....අද ඔව්වා කරන්න හොද නෑ..."

වේලුන ඇට්ටි ගෙඩි වට්ටපුවාම හොදද....

ඊටවඩා හොදයි පොල් කද මගෙ ඔලුවට වට්ටලා

" උඹ මැරුම් කන්න යන්නෙ ..උඹ මගෙන් මැරුම් කන්න යන්නෙ ...."

මම දැනන් උන්නා....මම ඉගන ගත්තා ...එයාව තරහා අව්ස්සන්න පුලුවන් එකම ආයුදේ ඒක වෙනකොට මම ඒක කියව කියව අරකිට ඊට වසා වැඩි දෙයක් කරන්න හිතුවා ...

එහෙනම්.....ඒකිට ඊට වඩා දඩුවමක් දීපන් අග්නි...ඊට වඩා දෙයක් කරපන්....මට හෙන ගැහුවත් කමක් නෑ...මගෙ කොලුවව ලෙඩ කරවන්න එපා අග්නි...ඒකා දන්න දෙයක් නෑ අග්නි...පින් අයිති වෙයි....ඌ මගෙ හුස්ම ටික....

මම කියෙව්වා ....මට මගෙ දරුවා අසනීප වෙන එක දරන්න බැරි වෙනකොට මම අත් මිටි මොලවන් එයාදිහා බලන කොට මන් බලාගන අග්නි යටි තොල හපාගන බලන්.ඉන්නවා...ඒතත්පර ගානයි....කොල පොඩි වෙවි එයා යන පාර විතරක් මම දැක්කා.....

එකිව නොමැරුවත් මගෙ දරුවට කරපු දේට අනිවාර්යයෙන්ම ඒකිට රිදවපන් අග්නි..... .

මම තෙල් වාටියක් නැති පාන් කෑල්ලෙ ඔලුව හරිය කටේ ඔබා ගන්නවා එක්කම කුසිය පිටිපස්සෙන් බෙරිහන් දෙන කටහඩක් ඇහුනා වගේම මන්බලාගන දෙන්නෙක් තුන්දෙනෙක් ඒ පැත්තට දුවනවා...

උඩ හම ගිහින්ද .....

හොද වෙලේට එක අතකුයි කකුල් දෙකයි විතරක් උනේ....ඇගටම වැටුනනා නම් කොහොමද

එහාට දුවන කොල්ලො කුරුට්ටො එබි එබි කසු කුසු ගානකොට මමත් ඒ පැත්තට දිව්වා...

ඇයි මල්ලි...මොකද....

දැහැමිනි අක්කට කෝපි හදන්න ලිප තිබ්බ ලොකු වතුර මුට්ටිය හැලිලු.....

🙂ගුත් මෝනිම්....පුම්ති කායයියා ආවා....

🙂මෙ ලමයා බුජි නෑ....ඔයලමයිනුත් බුජියන්න එපා....

ආය කොටසකින් එන්නම්....

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters