LightReader

Chapter 12 - 12

අරකි මර ලතෝනි ගහනවා.....ඉලව් රකින්න ආව කොල්ලො කුරූට්ටො....දීග යන සයිස් ඉලන්දාරි...ශ්‍රීලංකන් එයාර් ලයින් එකේ එයා හොස්ටසලා කියලා හිතාගන අර යන්තමට ඇටෙන් පොත්තෙන් බේරුන උන්ට පේන්න රගන තවමත් පපුව ලෑලි වගේ තියන තේ අල්ලපු එකීලා වගේම ආව සනුහරේම එබි එබි බලනකොට මමත් ගිහින් ඉස්සිලා බැලුවා...

මගුල මට උස නෑ ...ඉන්න උන්ගෙ ඔලු ගොඩ හින්දා මට මර ලතෝනි ගහන දැහැමිනියව පේන්නෙ නෑ...මම ඇගිලි තුඩු වලින් ඉස්සුනා.....

"පත්තර පිටුවක් තියන්නද මගෙ මැනිකෙට....."

අග්නී...ඕකා ඔහොම්මමයි.....මූට එක එකාගෙන් ඇහෙන එක හොද කතාවක් වත් මතක නැති උනාට කුනු කතා ඇනුම් පද ඔක්කෝම මතකයි....එයා මගෙ පිටිපස්සෙන් ඉදන් මට පත්තර පිටුවක් දෙන්නද අහනකොට රූපෙ නැතිව කටහඩ විතරක් ඇහුන යකා මහත්තයට රවාගන්න බැරුව මම වට පිට බලලා ඉන්න දිහාව කොහෙද කියලා හොයන්න බැරි වෙන්න මූ ඇනුම් පදේ කියලා දුවලා හින්දා කාටත් හොරාවට හතර වටේටම මැද ඇගිල්ල පෙන්නලා සෙනග අස්සෙන් දැහැමිනීව හොයන් ගියා....

අම්මටම සිරි.....දැහැමිනීට හැමිනිලාම ගිහින් තියෙන්නෙ....ආ....හක්.....සුපිරි.....ආය....සු..පි....රි.....සී...ඕ.. ආර් ඒ කොර!!!දැහැමිනිට ඔය උනුසුමෙම්ම තුවායකුත් එතුවා නම් ඒකිට පන පිටිම්ම දිව්‍ය ලෝකෙ ගේට්ටුව ගාවට ගිහින් ආපිට එන්න පුලුවන් කමක් තිබුනා .....

ඇත්තටම අග්නි අපාය එහෙම දැකලා ඇතිනේ....නැතුව යයිද ..අම්මා ගාව උන්නට...දෙයියන්‍ට ආව තේව කම් කරන් දේවාලෙ අස්සෙ බිබික්කමක් වගේ උන්නට...අග්නියා ඕක දැකලා ඇති...

අරකිගෙ කදුලු අස්සෙ....එයා මගෙ හිතේ ඉතිරි කරලා යන්න ගියපු වේදනාව අස්සෙ මට තවත් බහුබූතයක් ඔලුවට එනකොට එයා කොහෙ ඉන්නවද කියලා හිතා ගන්න බැරිව මම වටපිට බැලුවා .....

මේ යකා කොහෙ මගුලෙ යනවද මන්දා.....

" ඇයි මොකද උඹ සකබඹරෙ වගේ කැරකෙන්නෙ..?"

එයා මාව කෙනිත්තුවා...දැන් මගෙ තට්ටම කොයිවෙලේ හරි හිල් පෙනේරෙයක් වෙනවා...මේකා මහ වනචර යකෙක්...ගැහුවොත් ගහන්නෙ පුකට....කෙනිත්තුවොත් කොනිත්තන්නෙත් පුක....කලිසම ගලවලා බැලුවොත් පුකට ඩෙංගු රක්තපාතෙ හැදිලා වගේ රතු ලප.....

මම ඔයාව හෙව්වෙ ...

එයා කොනිත්තපු පාර අත ගාන ගමන් මම මිමිනුවා..... ගම් හතක් හෙලවෙන්න හූ හතක් තියන් දුවන යකෙක් වගේ දැහැමිනී කොල්ලො කුරුට්ටන්ගෙ කර මතින් ඉස්පිරිතාලෙ යනකොට ඒකිගෙ ලොකු අම්මා උන ලුනු පොල් කටුව පවා හොයන් එන කට වාචාල ගෑනි ඒ පස්සෙන් දිව්වා ....

" මට ඒකීව පේන්න බෑ..."

මටත්....

"අනේ නිකන් ඉදින් ...උඹට මම එදා නොකිව්වා නම් වෙලහට ලුනුත් දීලා.....ගොන් හුත්තා...."

මගෙ දෙයියනේ අග්නී...කොහෙන්ද ඔය උනු හර්ප ඉගන ගත්තෙ....

එයාව නොපෙනුනත් මම මුනු මුනු ගගා දිවෙ කටෙ නොගෑවි කුනු හර්ප පලන්න පටන් අරන් තියන අග්නියට තරවටු කෙරුවා ...මේ යකා ඔක්කෝම අහන් ඉදලා මයිනෙක් වගේ කුනු හර්ප පලනවා...මයින්නුත් එහෙමනෙ අහන් ඉදලා ඉදලා කුනුහර්ප පලනවා වගෙ අග්නියත් කියවන උන්ගෙ කටවල් දිහා බලන් ඉදලා කුනුහර්ප පලන්න ඉගනගන තිබුනා.....

"කුනු හර්ප පලන්න ඉගන ගත්තෙ කියන්නෙ....උඹලගෙ උන් නේන්නම් ඔය කනත්ට පහු කරන් යනකොට තනියෙන් යන්න බයෙ කුනු හර්ප පල පල යන්නෙ...අහන් ඉන්න යකින්නියො ඉබේ බඩ වෙනවා...ඇත්තටම උඹලා නම් මහ මෝඩයි...."

මට උත්තර නැති උනා....අවංකවම මාත් හිතට බයක් දැනුන දාකට තනියෙන් එනවා නම් කනත්ත ගාවින් අමු කුනු හර්ප පල පල යනවා. ...අවංකවම මට ලැජ්ජත් හිතුනා....

" ඇරත් කව්ද කියන්නෙ යක්කු කුනු හර්ප වලට බයයි කියලා ....බුදු බනට ...හීලෑ උනාට උන් කුනුහර්ප වලට බය නෑ ශිවන්...උඹලා නිස්කාරනේ යක්කු ඉස්සරහා ලැජ්ජා වෙනවා...."

එතකොට ඔයාල බය නැද්ද....

" උඹට මැනයාවද?උඹලා අපිට බය වෙනවා මිසක්කා...අපි කොහෙද උඹලට බය.....ඔන්න ඉතින් උඹලා " අනේ යකො...යකො..යකෝ ගාන වාරයක් ගානෙ නම් උඹලාට නොපෙනේන්න ඔය ළඟ පාත උඹලට වහන්න බලන් ඉන්න යක්කු නම් යකො කියන වරයක් ගානෙ ලගට එනවා....."

ඒ මොකටද .....

" ඒක ඉතින්...ලගට එන එකාගෙ හිතේ තියන දේ අනුව තමා වෙන්නෙ....."

ම්ම්ම්....ම්ම්ම්

දැහැමිනියගෙ කකුලෙ හුටපටේ හින්දා වට වෙච්ච මිනිස්සු ආය ආය යන්න යනකොට පරිප්පු හොද්දක....කරවල හොද්ද සුවද උඩු හුලගෙ පාවෙලා යනකොට මං බලාගන එයා මූන උඩට කරන් ඉව අල්ලනවා.....අනේ ඇත්තටම එයාට බඩගිනි ඇතිනෙ නේද....

කරවල සුවද ....හුලගට පාවෙන කොඩි වැල් වල සද්දෙ එක්ක කනත්තෙ තනි උන සාරන්‍යව මතක් කරනකොට මගෙ ඇස් වලට ආය ආයම කදුලු පිරේනකොට මගෙ කම්මුලට සීතලක් දැනුනා....

" නාඩා ඉදින් මැනිකෙ...උඹ දුක් උනාට....ඒකිව බලාගන්න ඔය ඕන තරම් කනත්තෙ උන් ඉන්නවා....උඹලා බය වෙන්නෙ නැත්තන් කාරනාවක් කියන්ඩද....."

එයා මට කියනවා දුක් වෙන්න එපාලු....නාඩා ඉන්නලු.....අවංකවම අග්නි කියන්නෙ වතුර වගේ.....අවස්තාව අනුව හිතන්න බැරි වේගෙනෙ වෙනස් වෙනවා..මොනවා උනත්...එයාගෙ අම්මගෙ කරුනාවන්ත හදවත එයා ගාව තියනවා....ඒ ඔක්කොමත් හරි.....තරහා ගියහම අග්නි තරම් යකෙක් මේ ලෝකෙ කොහේ වත් ඇති කියල මට හිතෙන තරමා එය වෙනස් වෙනවා....

මම බලන් උන්නා...එයා අහනවා බය වෙන්නෙ නැත්තන් මම කාරනාවක් කියන්නද කියලා ....යකෙක් එක්ක ඉදන් ආයම මට අමුතුවෙන් බය වෙන්න දෙයක් තියනවද...

යකෙක් එක්ක ඉන්න මට ආයම බය වෙන්න අමුතුවෙන් දේවල් තියනවද....

"ඔක්කොමත් හොදයි මට උඹගෙ ඔය පන්ඩිත කම තමා පේන්න බැරි...එන තරහවට ගහන්න හිතයි පුක පුපුරලා යන්න...."

ශිහ්....ඇත්තමයි අග්නි ...තමුන් මහ වනචර යකෙක්.....කොහෙන් හරි අවසානෙදි ඉවර කරන්නෙ මගෙ .....ශිහ්...මට කියන්න ලැජ්ජයි.....

" අනේ...නිකන් ඉදින් මැනිකෙ ඔය ලෑටි පුක මං දකින්නෙ අදක ඊයෙක ඉදන් නෙවෙ ....අනික...මං...උඹව දන්නෙත්....අදක...ඊයෙක....නෙවෙ....උඹ මම හම්බ උන පලවෙනි පාරත් නෙවෙ මගෙ ශිවන්.....ඒ...වගේ..."

අග්නි...

.....

අග්නි.....කියන්න ගත්තු දේ ඉවර කරලා ඉන්නකො අග්නි.....ඇයි...හැම දාකම හැම කතාවක්ම අතර මගින් නතර කරන්නෙ...

මම එයාගෙ මූන දිහා බලාගන ඇයි හැම දාම හැම කතාවක්ම අතර මගින් නතර කරන්නෙ අහනකොට එයා අහස දිහා බැලුවා...බලලා ආපහු මා දිහා බැලුවා...

අග්නී..

මම එයාගෙ ගාවට අඩියක් කිට්ටු වෙලා අතින් අල්ලන්න ගියා ....ඒත් එයා පස්සට පැන්නා...මට දුක හිතුනා..මොකද මම දමලා ගහනවා වගේ නෙවෙ.....එයා මාව ඈතට කරනකොට ....මට වේදනවයි...

" මගෙ ශිවන්...උඹ නොදන්න....මම විතරක් දන්න...හුගාක් දේවල් මම තනියෙන් දරා ගත්තා .....යකෙක්ට වත් දරන්න බැරි දේවල් උඹ කොහෙ දරන්නද මැනිකෙ...හිත හයිය කරගනින්...පතාගන ආව උන් ...අවසානෙදි කොතනක හරි එකතු වෙනවමයි.....මේක උඹගෙයි මගෙයි කතන්දරෙ ශිවන්...කාලයක් තිස්සෙ පත් ඉරු අස්සෙ ලියවෙන....තව කාලෙකට ලියවෙන්න තියන.....

අමතක කරන්න එපා....ඒ කතන්දරේ අස්සෙදි උඹලට හුගාක් මිනිස්සු හම්බ් වේවි....හුගාක් මිනිස්සු උඹට නැති වේවි...ඒත් මතක තියාගනින්.....ගරලා ගරලා අවසානෙදි මැනික් ගල් ඉතුරු වෙනවා හා සමානවම ....උඹ මම ඉතිරි වේවි ...ඒ වගේම උබට මට අපේමයි කියන්න අතේ ඇගිලි ගානටත් අඩුවෙන් මිනිස්සු ඉතිරි වේවි....."

අග්නී.....

"මේක කතන්දරයක්...උඹ නොදන්න...මම විතරක් දන්න...."

මට තේරුන් නෑ දෙයියනේ....එයා කියපු මෙලෝ දෙයක් මට තේරුන් නෑ...මම එයාගෙන් තව තව දේවල් අහන්න හැදුවා ...ඒ උනත් එතනින් එහා එයා ආයම කතා නොකර උන්නා ...කොටිම්ම කිව්වොත් උභ්භතෝකෝටිකේකට මාව පටලවලා එයා යන්න යනකොට මං කන්න ගත්තු පාන් කෑල්ල එතම දාලා ඉලව් රක්කින්න ආව උන්ගෙන් ඈත් වෙලා තට්ට තනීයම පුටුවකට වෙලා ඉදගන උන්නා...එයා මට කියන්න හදපු එක දෙයක් වත් ඉවර කෙරුවෙ නෑ.....එයා මට දුක් වෙන්න ඉඩක් නොදී කතාවක් කියන්න හැදුවා....ඒ කතාව අස්සෙන් තව කතාවක් මතු උනා...අවසානෙදි ඒ කතාවත් නෑ....මේ කතාවත් නෑ.....

මම පුටුවක ඉදගන තවත් පුටුවකට කකුල් තියා ගත්තා ...ගහපු හට් අස්සෙ උසම උස පුටු කදු ගනන් තියනකොට මං බලාගන පොඩි උන් කදු වගෙ එකට ගහපු ප්ලාස්ටික් පුටුවල ඉදගන කෑ ගහානවා...උන් උසම පුටු කන්දට පොරකනවා...

මෙතන හැමෝම ඉලව්ව රකිනවා...ඒත් එයා ...එයා මල මිනිස්සු ගොඩක් ගාඑඅ තනි වෙලා...ඇත්තටම කාගෙ තනිද මකන්න ඕනෙ.....

උඹට තනියිද සාරන්‍යා...

මටත් නොදැනිම මගෙ කටින් වචන එලියට පැන්නා.....ඇත්තටම එයාට තනියක් දැනෙනවද...නැත්තෙ මොකද...අනේ ඉතින් ඒකි තනියෙන් ඉන්න කැමති එකියක් වත් අන්දකාරෙ ඉන්න කැමති එකියක් වත් නෙවෙනේ...

"ඒකිට තනියක් නැහැ මැනිකෙ....ඔය හූල්ලන එක නවත්තපන්කො..."

අග්..නි...

ඒ එයා ..එයා ආයම ඇවිල්ලා...මාව දාලා ගියපු එයා ආයම ඇවිල්ලා ...මං කියවන හැම දේම අහන් ඉදලා ඒකිට තනියක් නෑ....හුල්ලන එක නවත්තපන් කියලා කියන ගමන් මගෙ කොදු නාරටිය දිගේ එයාගෙ සීතල ඇගිලි උඩ පහල ගියා....

"උඹලා නොදන්නවා උනාට.....ඔය හැම කන්දකම අයිති කාරයා වල උඩට වෙලා ඉදන් ඉන්නවා...උන් බලන් ඉන්නවා.....උඹලා ඉටිපන්දමක් මලක් අරන් බලන්ඩ ඒවි කියලා ...ඒකිට දැනටමත් එතන උන්ව හම්බෙලා ඇති....ඔය තාප්පෙ දිගටම උන් ඉදගන බලන් ඉන්නවා.....නම කොටපු ගල් ලෑල්ල උඩට වෙලා උන් ඉදගන බලන් ඉන්නවා..ඒ උඹලා දිහා ...උඹ දුකයි දුකයි කියලා අර නොදරුවව අරගන ඔය කනතු ගානෙ බඩගානවා නෙවෙ..."

එයා කියවනවා....උන් බලන් ඉන්නවලු...මල ගිය උන් බලන් ඉන්නවලු තාප්පෙ උඩට වෙලා බලන් ඉන්නවලු.....නම කොටපු ගල් ලෑල්ල උඩට වෙලා බලන් ඉන්නවලු මලක් ඉටිපන්දමක් අරගන ඒවි කියලා බලන් ඉන්නවලු.....මට ලමයවත් අරගන කනතු ගානෙ බඩ ගානවා නෙවෙ කියලා සැරත් කෙරුවා .....

ඇයි ඒ....

" ඇයි අහන්නෙ....උඹ හිතන්නෙ එ කෙරුවාව හොදයි කියලද දවස ගානෙ කනතු ගානෙ බඩගාන එක...ම්ම්ම්.....ඒක හොද දෙයක් නෙවෙ ...ඒක හොද දෙයක් නෙවෙ ..මගෙ ශිවන් ඒක හොද දෙයක් නෙවෙ ...."

එයාගෙ කට හඩ වෙනස් උනා ....ඒ කෙරුවාව හොදයි කියලද හිතන්නෙ කියලා අහපු එයාගෙ කටහඩ වෙනස් උනා.....

"ශිවන්....මේ හැම දේම....රැදිලා තියෙන්නෙ "බලන් "ඉන්න එක උඩ....සංසාරෙ හැම තැනකම හැමෝම කරන්නෙ කවුරු හරි වෙනුවෙන් බලන් ඉන්න එක...

මිනිස්සු....යක්කු ප්‍රෙත කුම්භාන්ඩ පිසාච..අපා...දෙපා සිව් පා ...පෙනෙන වගේම නොපෙනන හැම බලවේගයක්ම රැදෙන්නෙ ඕක උඩ....උඹ ඒකිට ආදරෙයි ..උඹ අදත් යනවා ....හෙටත් යනවා ....ඉන් අනිද්දත් උඹ යනවා ....අද ආවම ඒකි කන්ද උඩට වෙලා බලන් ඉන්නවා ....උඹ අඩනවා බලන් ඉන්නවා.....උඹ කියන ඒවා අහන් ඉන්නවා...උඹ යන්න යනකොට ඒකිට දුක හිතෙනවා ....උඹ හෙටත් යනවා.....ආයාම අනිද්දත් යනවා....ඒ ගියපු හැම දවසකම උඹ ඒකිට බලාපොරොත්තුවක් දීලා එනවා....ඒකිව උඹ එනකන් බලන් ඉන්න තැනට වැඩ සිද්ද වෙනවා....ඒකි පහුවදා ඉදන් උඹ එනකන් බලන් ඉන්න පුරුදු වෙනවා.....

බලන් ඉන්න එක "ආසාවක් "වෙනවා...ආසාව තණ්හවක් වෙනවා...තන්හාව "අයිති කර ගැනීමක්" වෙනවා ....ඒකි බය වෙනවා උඹ එක දවසක් හරි නෑවිදින් ඉදීවි කියලා ඒකි බය වෙනවා ...උඹව ඕනා වෙනවා.....උඹව ලගට ගන්න බලනවා ....හැමදාම කනත්ත අස්සට බඩ ගාපු උඹ ටිකෙන් ටික....හරි හෙමීට ලෙඩ වෙන්න ගන්නවා ....උඹටත් නොදැනි උඹව ටික ටික ඒකි ලෙඩ කරවනවා...

අවසානෙදි උඹ මැරිලා යනවා ....එදායින් පස්සෙ ඒකිගෙ මිණි කන්ද ගාව උඹත් ඉදගන ඉන්නවා ඒකිත් එක්කම මොකද ඒකි බලන් උන්නා...අවසානෙදි උඹ ආවා .....

අග්..නී.....

"මිනිස්සු මැරුනට මතක මැරෙන් නෑ....මිනිස්සු මැරුනට....බැදීම් මැරෙන් නෑ මගෙ ශිවන්.....ඒකි අවසානෙදි උඹව ඒකිගෙ ගාවට අරගනී....අන්න ඒක හන්දා උඹ හූල්ලලා හූල්ලලා ඒකිට උඹ එනකන් බලන් ඉන්න තැනට වැඩ සිද්ද කරන්න එපා ශිවන්..."

එයා මට මම නොදන්න කතාවක් කිව්වා...කොයි තරම් ආදරේ උනත්...දාලා යන්න එපා ගගා ඇඩුවා උනත්...සමහර තැන් වලදි මනුස්ස හිත පුදුමාකාර තරම් හෙලවිලා යනකොට මාව සීතල වෙලා ගියා ...

අයියෙ ....ලමයා අඩනවා.....

මම.උන්නෙ අග්නි දිහා බලාගන...එයා කියපු වචන තත්පර ගානකට මාව ගොලු කෙරුවා ...මගෙ සර්වාංගෙම සීතල වෙලා ගියා ....මම ඇහි පිල්ලමක් වත් නොගහම අග්නි දිහා බලන් ඉන්නකොට සාරන්‍යගෙ නංගි දරුවා අඩනවා කියාගන මාගාවට එනකොට මම ඉබේටම පුටුවෙන් නැගිට්ටුනා...

මට බෑ මගෙ කොල්ලව දෙන්න .....

සුදු පුතා.....අප්පච්චි ගෙ සුදු මහත්තයා ...ඇයි මේ.....

අම්මියේ.....හ්හ්

එයා අඩනවා..නින්දෙන් නැගිටපු මගෙ පොඩි එකා අඩනකොට මම ගිහින් නලලට පිටට අත තියල බැලුවා...

සුදු මහත්තයට බඩ්ස් ගිනිද....අප්පච්චි මොනවා හරි හදාල දෙන්නද...

අප්...පුච්චියෝ ....ම්ම්හුක්ක්...

ඕ...අම්මියෝ...ඇයි....

" පව්...බඩහින්නෙද කොහෙද ...."

එයාව මම එතනම දාලා ආවා උනත් ඊලග තත්පරේදි අග්නි ආයම මාව හොයන් ඇවිල්ලා.....එයා මගෙ පුංචි එකා අඩනවට කැමතිම නෑ.....අඩන පොඩි එකාව වඩාගන මම එහාට මෙහාට් යන ගමන් නලවනකොට එයත් මගෙ පස්සෙන් එහාටත් ආවා...මෙහාටත් ආවා....

අප්පු..ච්චියෝ....

ඕ...මගෙ පුතාට බඩගිනිද...

පුතාත...

ඔව්...මගෙ පුතාට බඩගිනිද...

මම බලන් උන්නා....රවුම් ඇස් වල කදුලු පුරවන් ඈනුමක් අරිනකොටම මම.ඒ කටට පොඩි හාදුවක් තිබ්බා.....

අප්පච්චි බයි කවන්නද....

ම්ම්හ්හ්.....

බයි නොකෑවොත් මගෙ පුතාවත් අර කිරියා වගේ උඩ යයි.....

" නිකන් ඉදපන් බොරු නොකියා.....ලමයි උඩ යන් නෑ...."

දෙයියනෙ අග්නි.....

" ඉතින් ඇත්තනෙ.....ලමයි උඩ යන් නෑනෙ....."

එයා එක්ක බෑ...බත් කන්න හොර ලමයට බොරුවක් කියනකොට එයා ආයම අර පරන කතාව අදින්න ගත්තා .....මේකා මහ කමකට නැති යකෙක්....

මගෙ පුතාට අප්පච්චි බයි කවන්නම්....

" ඉතින් ඒකොහොම උනත් ලමයි....හා..හා..හරි....හරි....."(ඒත් ඉතින් උඩ යන්නෑනෙ....)

මම එයාට රැව්වා කොච්චර කිව්වා.උනත් එකම එක කියන්න හදන අග්නිට මම රවනකොට කොච්චර උනත් අවසානෙදි අරක මුනු මුනු ගෑවා..

මම ලමයව වඩාගත්‍තා වඩාගන එක උකුලක ඉන්දවගත්තා .. ..පුංචි එකා ඇගට අමාරු හින්දද කොහෙද උර හිස අස්සට මූන ගහන කොට මං බලාගන අග්නියා හොරාවට හොරාවට කොල්ලව ඉඹිනවා ..කම්මුල් අත ගානවා ....ලමයව අදිනවා ....

මගෙ සුදු පුතා කියනවා....ආයම සුදු මහත්තයා කියනවා ....හේ බාගන වගේ උන්න මගෙ පුංචි එකා එක පාර හිනා උනා....එයා කිචි කවනවා....

ඇත්තටම එයා මගෙ කොල්ලට ආදරෙයි.....

ඔයාට මොනව හරි ඕනද අග්නි.....

මට දුක හිතුනා ...එයා කරවල කෑල්ලක් වත් පුලුටු කරලා දෙන්නෙ නෑ කියපු වෙලාවෙදි ඒ මූන තිබුන හැටි මතක් වෙලා මට දුක හිතුනා ...

" අර කහපාට එව්වා ඒවා තියනවද.....අර හදන්නෙ....."

ත්‍රී පෝශද....

" උඹලගෙ අම්මා මගෙන් වැඩ ගන්නවා විතරයි කන්න බොන්නවත් දෙන්නෙ නෑ....."

අග්නී....

.....

එයාගෙ කටින් මම නොදන්න දෙයක් එලියට පැන්නා.....එයා කියනවා අම්මා වැඩ ගන්නවා විතරයි කන්න දෙන්නෙ නැහැලු.....ඊලගපාර මම එයාට කතා කරනකොට අග්නි අහක බලාගත්තා ....මට ඒ මූන දකිනකොට බඩ පපුව පත්තු වෙලා ගියා.....පාන් කෑල්ලෙ තෙල් වාටිය කෝ කියල අහපු හැටි මතක් වෙලා මට වේදනාවක් දැනුනා.....

පව්....

මට හුස්මක් පිට උනා...එයා මා දිහා නොබලා වෙන පැත්තක් බලන් උන්නා.....මම.ලමයව වඩාගනම කුසියට ගියා....ගිහින් පොසි එකාගෙ පිගානගකට බත් හැන්දක් එක්ක ලමයට වෙනනම තියලා තිබුන සුදු පරිප්පු ටිකයි තම්බපු බිත්තරෙයි බත් එකට දාගන මම එහෙම්ම ත්‍රී පෝශ එකට කිරි ටිකක් උනු කරලා දාලා තලපයක් හැදිගාලා ඒකත් අරන් මම කාමරේට ගියා....

අග්නී.....

මම කතා කෙරුවා ...එය නෙවෙ ආවෙ....එයා ගිහිල්ලා....ආයම එයා යන්න ගිහිලා.....මම එයාට හදපු ත්‍රී පෝශ එක දිහා බලන් උන්නා...

මගෙ සුදු මහත්තයා ...අපි බයි කමු

ම්ම්හ්හ්ක්....

අනේ ඉතින් ....බයියන් නොකා උන්නොත්.....අපි දන්නෙ නෑ.....

" ඕක බොරුවක්....උඩ යන්නෙ නෑ....."

යෝහ්...අග්නී...හ්....

එයා ආවා...අවංකවම මගෙ හිතට සැනසීමක් දැනුනා...එයා ආව....මම පුංචි එකාට බොරු පිට බොරු කියන ගමන් බත් කවනකොට මං බලාගන එයත් පොඩි එකා වගේ අර ත්‍රී පෝශ එකේ සුවද උරනවා....

ම්ම්හ්හ්....අප්පු....ච්චියෝ....ම්ම්හ්හ්....අපා..නේ....

ආ...අපානෙ කියලා බෑනෙ..කෝ මගෙ හොද පුතා වගේ ආගාන්නකෝ....

මම ආයම බත් චුට්ටක් කටට ලන් කරනකොට මං බලාගන පොඩි එකා අග්නි දිහා බලන් උන්නා.....අප්පුච්චියො කියලා මට එයා මට වෙනුවට අග්නිට අඩගහනකොට ත්‍රී පෝශ එකට ඉව කර කර උන්න අග්නි අනිත් පාර මගෙ ගාවට ආවා

අප්පුච්චියෝ....

" ඕ....මගෙ පුතා බයි කනවද..."

කෝ ආ ගාන්න මේ....අප්පච්චියා බලන් ඉන්නෙ....අප්පච්චි ට පේන්න ආ...ගාන්නකො...

කොල්ලා අග්නි එක්ක කතාවට පැටලෙනකොට මම ඒ අස්සෙන් මායන් දදා බත් එක චුට්ට චුට්ට කැව්වා.....කවල වතුරත් පොවලා කටත් පිහලා කොල්ලට පොඩ්ඩක් එහෙම ඉන්න දීලා ආයම ඇදට දැම්මා...

"අදත් කතන්දරයක් කියනවද...."

ඒ අග්නි.....එයා දැන් බිත්තිය අයින එයාටම කියලා ලියාගන....මගෙ කොලුවා මැදින් ඉන්නකොට මම අනිත් පැත්තෙන් උන්නා....දැන් ලමයට වඩා අග්නියට කතන්දර අහන්න ඕන වෙලා...

අග්නියා දොන්ත බිබික්කමක් වෙලා....

උඩ බෙලි අතට උන්න කොල්ලා එයාගෙ දිහාවට හැරුන වගේම එයා පොඩි එකාට හිමින් හිමින් පස්සට තට්ටු කෙරුවා ..... දොයියන්න බබා කිව්වා...විනාඩි පහයි ඒකා ආයම හැරුනා .....

"අද කතන්දර කියන්නෙ නෑ....?"

එයා දෙවනි පාරත් කිව්වා....එයා කතන්දර අහන්න ඔය තරම්ම ආසද නැත්තන් මු මාව ගොනා කරලා මගෙන් කතන්දර අහන් ඒකගෙ යක් පැටව්න්ට කියන්නද .....???ආ..නේ...මට මොකද.....

" යක්කු ගහන කතාවක් ඇත්තෙම්ම නැද්ද....නැත්තන් ඔය...යක්කු ගැන හොද දෙයක් වත් ....අනික උඹලා ඔය කියන තරම් යක්කු කලුත් නෑ ..උඹලා යක්කු කියලා අදින්නෙම රා කලයක් වගේ බඩක් තියන උන්වනෙ.....අනික කලුයිලු....."

එයා ආඩපාලි කියනවා...යක්කු ගැන කතාවක් ඇත්තෙම නැද්ද අහනවා...මගෙ නිඛිල් ඇගිල්ලක් කටේ දාගන්න ගමන් ආයම අග්නියා ගාවට රෝල් උනා .....

එක කතාවක් තියනවා...මහසෝනා ගැන ..

" ජයසේනයා ගැන....කියපන් බලන්න...."

හැබැයි ඒක කැතයි...

" උඹලා කවදද අපි ගැන ලස්සන කතාවක් කිව්වෙ...."

නෑ....ඒක මෙහෙමයි ..හොර පොල් කඩන මිනිහෙක් මහ රෑක පොල් ගහකට නගිනවා කියලා හිතාගන ජයසේනයගෙ කකුල දිගේ නැගලා ඒකගෙ....

" චික්කෙ....ඒකා ඇට කූට්ටෙමෙන් ඇදලද? උඹල මහ වනචර මිනිස්සු...යකෙක්ට වත් ඉන්න දෙන්නෙ නෑ....වෙන කතාවක් කියපන්...මටත් එක්ක ලැජ්ජයි....".

මට හිනා ගියා....අග්නියගෙ මූන රතු වෙලා....ඒ මදිවට කනකුත්...මූ නම් වැරදිලා යකෙක් වෙලාද මන්දා.... ඇද්දෙ ජයසේනයගෙ ඇට කූට්ටම ලැජ්ජා හිතිලා තියෙන්නෙ අග්නියට.....

" අර දොර ඇරපන් අමල් බිසෝ කතාව කියපන්..."

මොකක්...දොර ඇරපන් අමල් බිසෝ...?

"ඔව්....අර කියන්නෙ.....අම්මත් ආව...තාත්තත් ආවා.....දොර් ඇරපන් අමල් බිසෝ ඒකෙ යකෙක් ඉන්නවා නේ...ඒක කියපන්...."

මේ මහ රෑ යක්කු ඉන්න ඒව කියලා කොල්ලා බය වෙන්නද ...

"එතකොට මූ මේ තුරුල් වෙලා කට දිහා බලන් ඉන්නෙ යකෙක්ගෙ නෙවෙද..?"

ඇත්ත පොඩි ඇටයා ගිහින් අග්නියා ගාව තුරුල් වෙලා කට දිහා බලන් ඉන්නවා....එක්කො ලමයා මුගෙ උල් දත් දැකලද....??

අග්නි ...

ම්න්...

ඔයාට උල්දත් තියනවද...

" උඹට නම් අන්දකයිප්පු...."

දෙයක් අහන්නම බෑනෙ . .කොයි වෙලෙත් මොකක් හරි කියනවා...

අන්ත ....කයි ..උඹ ....ත

ආ...ආ...ආ.අග්නියා....හ්...

මම මැරෙන්න හැදුවා.....ඇගිල්ල උරවපු පොඩි එකා මා දිහාවට හැරිලා උඹට අන්දකයිප්පු කියනකොට අග්නියා නේ ලෝකෙ දෙයක් නොදන්න එකා වගේ අහන් ඉදලා අත් දෙකෙන් මූන වහගත්තා ..හැබැයි...මෙච්චර වෙලාම මගෙ මූනෙ තිබුන හිනාව එකම එක තත්පරේකින් මැකිලා ගියා...

අග්..නි....අනේ....

මම එයාගෙ හමගියපු මැනික් කටු දැක්කා...ඒවා රතූ වෙලා...ගැඹුරට කැපිලා.....මෙච්චර වෙලාම ඇදේ දිගා වෙලා උන්න මම ඇදේ ඉදගත්තා....එයාගෙ අත අරගන එයා දිහා බැලුවා විතරයි එයා අත් දෙක මගෙන් හංගගන පුංචි එකෙක් වගේ කදුලු පුරවගත්තා...

" රිදෙනවනෙ . .."

අනේ ....අග්..නී.....

මට කිය උනා...එයා කවදාවත් මං ඉස්සරහා ඔහොම කියලා නෑ....එයා කවදාවත් මං ඉස්සරහා ඔහොම මුලු ගැන්විලා නෑ...එයා අත් දෙක කකුල් අස්සෙ ගහගත්තා .....අනේ දෙයියනෙ කකුල් වලත්....

අග්නී...අනේ..මගෙ අග්නී...

මට කිය උනා....හිතා මතා නොවුනත් මට එක පාර මගෙ අග්නි කියලා කියවුනා.....කකුල් වල වලලකර ගාව තිබුන පාරවල් දැකලා මට එයාට වඩා වේදනා දැනෙනකොට මගෙ අග්නි කියලා කියවුන....මං බලාගන ඒ ඇස්වලින් කදුලු බින්දුවක් පහලට වැටුනා...

" උඹ අවසානෙදි ඒක කිව්වා ශිවන්....."

ම්..මොනවද ....

" මගෙ...අග්නි කියලා...."

...

එයාගෙ ඇස් වල කදුලු තිබුනත් ඒ ඇස් දිලිසන්න ගත්තා ..එයා කිව්වා මං අවසානෙදි ඒක කිව්වා කියලා ....ඒ කියන්නෙ එයා මම එයාට එහෙම කතා කරනකන් බලන් ඉදලද...මම ඒ කකුල් අත ගෑව..ඒත් එයා ඒවා හංගගත්තා .....කව්ද එයාට මෙහෙම කෙරුවෙ.....??

අග්නී....කව්ද අග්නි මෙහෙම කෙරුවෙ....

"......."

කියන්නකො...කව්ද උඹට මෙහෙම රිදෙව්වෙ ...

" මගෙ අග්නි කියන්නකො.."

එයා ආයම ඇස් දෙක බෝල කෙරුවා ...මගෙ අග්නි කියන්නකො කිව්වා.....ඇත්තටම ....එයා....එයා මගෙ කව්ද....?ඇයි මෙහෙම...

මගෙ....අග්නී....කව්ද....උඹට මෙහෙම කෙරුවෙ ....

මම එයාට ආයම මගෙ අග්නි කිව්වා...ඒත් එතනින් එහා එයාගෙන් ආයම මගෙ ප්‍රශ්නවලට එකම එක උත්තරයක් වත් ගන්න බැරි උනා....එයා මගෙන් ඒ තුවාල වහගත්තා .....

අග්නී...

"උඹගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර හෙට හම්බෙයි..දැන් නිදා ගනින්...."

අග්නී..අනේ...

"ඇයි කියන දේ තේරෙන්නෙ නැද්ද ?"

......

"බිම් කරුවලේම යමන් ශිවන්..උඹලගෙ අම්මගෙ කන්වලට යන්න දෙන්න එපා..උඹ යන්නෙ එහෙයි කියලා ...වහන් කරපන් යන තැන....."

එයා මට කියනව අම්මට දැනගන්න දෙන්න එපාය කියලා ...ඇයි ඒ...අම්මා මොනව හරි හංගනවද.....නැත්තන් ....මට යන්න නොදෙයි කියලද.....

නෑ මං කියන් නෑ.....

"ම්න්..."

ඒත් මට කියනවද....

" පරිස්සමින් ගිහින් වරෙන් මගෙ ශිවන්..."

අග්නී....අග්නී...!!

එයා ගියා...පරිස්සමින් ගිහින් වරෙන් කියපු එයා යන්න ගියා .....මෙච්චර වෙලාම ඇදෙ හිස්තැන මකපු එයා යන්න ගියා...එතකොටයි මං දැක්කෙ.....එයාට තුරුල් වෙලා හිටපු මගෙ පුංචි එකාට නින්ද ගිහින්....

අග්..නී...

🤓ගුම් මෝනිම්...කායයියා....නැකිත්තා...

ආය කොටසකින් එන්නා....ම්....

පයිස්සමින් ඉන්ඩෝ...

ආතරෙයි...චුක්...චුක්...චුක්...

මේ ලමයා බයි කන්න යන්නෙ ඔය ලමයිනුත් බයි කන්න නැත්තන් උඩ යයි😂

Ferdeesha ❤️💚😘 ..

More Chapters