LightReader

Chapter 28 - 28

එයා ඉන්නවා...වහල උඩ.....කකුල් දෙකත් වන වන...මට පේන්නෙ එයාව විතරයි මම නොදැක්කා උනාට ඔය වහල උඩ තව කීයක් නම් ඇතිද ....උඹට මාව දාලා ගිහින් සමපෝශ ගිලින්ඩ.....

මම රවාගන උන්නා .එයා නෙවෙ ආයම මා දිහා හැරිලා බැලුවෙ අඩුම ගානෙ හිනා උනේ වත් ....

අප්පුච්චියෙ .....

හෙමින්...හෙමින්.....වැටෙයි ....

මම තවමත් උන්නෙ රවාගන ...අප්පච්චි අතේ උන්න කොලුවා අතින් බිමට බැහැලා දුවගන දුවගන එනකොට මම ඒ එන මගට දිව්වා...දුවලා අල්ලගත්තා ....

මගෙ පුතා .ඕකව ඉස්සරහා තියාගන යන්නෙ පරිස්සමින් .....

අප්පච්චිගෙ බයික් එකෙ තෙල් ටැංකිය උඩ ඉදන් උන්න නිකිල්ව මම මගෙ ඇගට තද වෙන්න බෙල්ට් එක තවත් ටිකක් තද කරගත්තා . ..ඒකා හැඩල් එකට අත ගහන්න හදනවා යන්න හදනවා...

සුදු පුතා පොඩ්ඩක් දගලන් නැතුව ඉදින්කො අප්පච්චි මේක දාගන්නකන් මගක් ගිහින් උඹ වැටෙන්ඩද ...

මම කොලුවට පොඩ්ඩක් සැර උනා.....කාර් එක හදවන්ඩ වකු ගඩු දෙකම වික්කත් සල්ලි මදියි කියලා හිතෙනකොට මට පිහිටට උන්නෙ අප්පච්චි ගෙ ඩිස්කවරිය විතරක් උනා.....මේක තාම ගත්තා වගේමයි.....අපි වගේ නෙවෙ...අප්පච්චිලා අම්මලා හැම දේම සීරුමක් නැතිව පාවිච්චි කරනවා ..මං මේක අරන් දුන්නෙ අප්පච්චි ගෙ උපන්දිනේට ....දැන් අවුරුදු කීයක්ද ....ඒත් තවම ගත්තා වගේමයි.....

අප්පුච්චියෙ ...ම්හුක් අපානේ .....පුතා...ත ....අපානෙ...නිකි....ත්ත....අපානෙ.....

මොනවද එපා.....නිඛිල්ට මොනවද එපා...ම්ම්...කෝ....ඔහොම ඉන්ඩකො දගලන් නැතුව.....පුංචියා මොන විකාරයක්ද මේ අන්දලා තියෙන්නෙ.....

පුන්තියේ ....දගන්න...අපානෙ....

පුංචි කොහෙද දැගලුවෙ කෝ....මෙ හෙල්මට් එක...යෝහ්...කොල්ලො....දැන් එකක් දෙනවා....උඹට මම.....

ම්ම්ම්ම්හ්.....අප්පුච්..චියේ...අපා...අපනෙ...අපානෙ....අග්ගියේ.....හ්....

"උඹට මාන්දමද බන්?ඔය මගුල ලමයගෙ ඔලුවට ලොකු වැඩියි තේරෙන්නෙ නැද්ද...?"

මගෙ ලමයා ගැන මම බලාගන්නම්...කවුරුත් ඒ ගැන වදවෙන්ඩ ඕන් නෑ...

" ඇත්තද....උඹ වරු කීයක් අඩන්ඩ ආසද?"

කීයක් හරි...මම මෙච්චර වෙලා අග්නී අග්නී කිව්වා කනට ගත්තෙ නෑ..ඒකට මූ ...එක පාරයි අග්ගියෙ ගෑවෙ...උන්න තැන් වලින් ආව ලස්සන....ඔව්....මං කව්ද...මගෙන් ඇති වැඩෙ මොකක්ද....මං ආදරේ කරන්නෙ කාටද...ඒ හැමෝම මට නැතිවෙනව මිසක් මට මගෙයි කියන්න ඉතුරු වෙන එකෙක් නැති කොට යකෙක් වත් මං ගාව ඉතුරු වෙන්නෙ නැතු එක සාදාරනයි ...

මම.කියෙව්වා .....මට දුක හිතුනා...මම උන්නෙ වේදනාවෙන්....ඒක මට මොන හැගීමෙන් ආව වේදනාවක්ද කියන්න තේරුන් නෑ...මම.උන්නෙ වේදනාවෙන්.....පුංචි එකාට ආරන්‍යා අන්දවලා තිබුන ජම්පි සූට් එකෙ.පටියක් උරහිසෙන් හැට පාරක් විතර බිමට වැටෙනකොට මට තරහා ගියා...මම උන්නෙ වේදනාවෙන් නිසාමද කොහෙද මට තරහා ගියා....මම පුංචි එකාටත් සැර උනා.....ඒකා හෙල්මට් එක දාන්න බෑ ගානකොටත් මම දාන්න හැදුවා .....ඌ දන්නෙ නෑ මට ඉතුරු ඌ විතරයි කියන්න...ඒත් මම දන්නවා මට ඉතුරු ඌ විතරයි කියන්න.....මේ ලෝකෙ කවුරුත් කාටවත් සදහටම අයිති නෑ කියන යතාර්තෙ දිහා මට කවදාවත් පියවි සිහියෙන් බලන්න බැරි උනා...මම එයාට අඩ ගැහුවා....ඒත් ආවෙ නෑ.....එයාට මම මීට කලින් කීපාරක් අඩ ගැහුවද ඒත් ආවෙ නෑ....ඒත් පුංචි එකා දගල දගල එක කියන්නෙ මොකක්ද හොයන්නවත් බැරි වෙන්න අග්ගියේ ගානකොට එයා ආවා.....මට බැන්නා....

" මගෙ ශිවන්...."

අග්නි ...හැගීම් දැනීම් නැති මැරුන හදවතක් තියනවා නම් මට ගෙනත් දියන්....අම්මා එහෙන් වහන් කරනවා..උඹ බාගෙට කියලා යනවා....ඇයි අග්නි මගෙ දෛවය ලියපු එකා මගෙන් මෙච්චර තරහා පිරිමහන්නෙ....

" උඹ්බ් ඇඩුවොත් ....මට කියපන් උඹ දන්නවද යකෙක් නලවන්න...උඹ අඩනකොට උඹට වඩා මට දුකයි....."

ඒකද අග්නි ආදරෙ කියන්නෙ...අඩනවා බලන්ඩ බෑ කියලා දාලා යන එකද ආදරේ කියන්නෙ.....

" ආදරේ කියන්නෙ අඩනකොට හුරතල් කරන එකම නෙවෙ ශිවන් .....උඹ අඩන්නෙ යතාර්තෙ ඉස්සරහා....මට කියන්නෙ උඹව බිබික්කමක් කරන්ඩ කියලද....උඹ කාගෙ කව්ද...උඹ මොකාටද ආදරෙ කරන්නෙ කියන්න මගෙ රැහෙ උන් දන්නවා.....මිනිස්සුන්ට ඇයි හෙන ගැහුවත් දරන් ඉන්ඩ කියන්නෙ ශිවන්...යතාර්තෙ ඉස්සරහා කෙලින් හිට ගන්ඩ ඕනා.හින්දා නෙවෙද.....මට කියපන්...මට කියපන්...උඹ අඩනකොට මම උඹ ගාවට ඇවිත් උඹව තුරුල් කරන් නාඩා ඉදින් මගෙ මැනිකෙ උඹගෙ ළඟින් මං ඉන්නවා කියලා කියන්ඩද..."

අග් නී...

"නෑ .නෑ ...අහගනින්...අහගනින්...

මැනිකෙ මට උඹලගෙ උන්වගෙ හුරතල් කිරිලි පුරුදු නෑ ශිවන් ...ආදරෙයි නම් ආදරෙයි කිව්වා...ලැබෙන කන් බලන් උන්නා ...ඇස් දෙක අස්සෙ තියන් හැමදාම පරිස්සම් කෙරුවා ...මං උඹ අඩනකොට කියනවා මොන දේ උනත් ළඟින් ඉන්නවා නාඩා ඉදින් කියලා මට කියපන් එක දවසකට හරි මට උඹ අඩන වෙලේක ඉන්න බැරි උනෝතින් උඹ ඊලග පාර අඩන්නෙ මම ළඟින් ඉන්නම් කියලත් ඇයි නාවෙ අග්නි කියලා නේද ??මට එහෙම බෑ...මට ඕනෙ කියනවට වඩා කරන්න...මං අහන් ඉදලා තියනවා උඹලගෙ මිනිස්සු කියනවා ඒ වචනෙ උනත් ඇති කියලා හිත හැදෙන්ඩ....ඒත් උඹම හිතලා බලපන් මගෙ රත්තරනේ එක වචනය ඇතුලෙ උඹලා කොයි තරම් නම් බලාපොරොත්තු ගොඩ ගහගන්නවද කියලා .....??උඹේ අග්නිට උඹ හිතන විදිහට හිතන්ඩත් ඕනෙ...මං හිතන විදිහට හිතන්ඩත් ඕනෙනෙ මගෙ මැනිකෙ .....කෝ නාඩා ඉදින් ඉතින්....දාලා ගියෙ නෑනෙ....."

අග්නි කියෙව්වා ....ඇස්වලට පේන්න නැවිදින් මගෙ බද වටේ අත් පටලවන් එයා කියෙව්වා අවසානෙදි එ සීතල ඇගිලි වලින් මගෙ කම්මුල් පිහිදලා හාදුවක් තිබ්බා...

අග්නී...

"අව්ව වැටෙන්ඩ කලියෙන් ගිහින් වරෙන්..මගෙ කොල්ලට සැර කරනවා නෙවෙ ..ප්‍රවේසමෙන් මගෙ ශිවන් ....හිස් බඩ නේද ඔය යන්නෙ....ගිහින් ඉක්මනට වරෙන් ...."

එයා මාව නැවැත්තුවා ...පුංචි එකාගෙ වැටිලා තිබුන පටියක් ආයම උරහිසට දාපු එයා මට ප්‍රවේසමෙන් ගිහින් එන්න කිව්වා ....

"ශිවන් ..."

බයික් එක ස්ටාර්ට් කරනවා එක්කම මට ආයමත් ඒ කටහඩ ඇහුනා ...

"ආදරේ කියන්නෙ මාත්‍රාවක් ...ඒත් උඹගෙ අග්නිට....අධි මාත්‍රාවක් ...යකෙක් උනත්...මෙ හිතටත් වේදනාව දැනෙනවා.....මට පුලුවන් කම තිබුනා නම් උඹව අඩවන් නැතුව ඉන්න.....මම කවදාවත් අඩවන් නෑ...ඒත්...යතාර්තෙ දැක දැක මම කොහොමද උඹ ගාවදි බොරු ගොතන්නෙ.....පරිස්සමින් ගිහින් පරිස්සමින් වරෙන්....අමතක කරන්න එපා....වෙරලු ගහෙ මුදුන් අත්තෙ උඹ වෙනුවෙන් මම ඉන්නවා කියන එක..."

අග්නි ආයම මාව ලගට අරන් මගෙ හිස්මුදුනට හාදුවක් තිබ්බා ...එයාගෙ වචන....ඒ හාදුව නොසෑහෙන්න බර වෙනකොට මං මගෙ කොලුවත් අරගන එන්න ආවා...

සුදු පුතා ...බයියන්න එපා.....

මම එන මගට සැරින් සැරේම කොලුවට බයියන්න එපා කිව්වා ..හුලන් පාර මූනට එනකොට පුංචි උන්ට නින්ද යනවා හරි ඉක්මනට ...

වෙනදට බයික් එකේ යනවා නම් එයාගෙයි මගෙයි මැද එයාගෙ උකුල උඩ ඉදගන මගෙ පිටට හේත්තු උන මගෙ කොලුවා දැන් අම්මගෙ අත නැතිව ...ඒ සුවද නැතිව ජීවත් වෙන්න හදනවා ...

සාරන්‍යා ..මට අයිති නොවුනත් .....ඒ ඉන්නෙ මගෙ පුංචි එකාගෙ අම්මා ...මට කවදාවත් වැරද්දක් නොකරපු මගෙ ගෑනි අග්නි මගෙ ජීවිතේට ආදරේ ගේනකන් මං ගාව උන්න කෙනා ...ඉතින් මන් කොහොමද කොතනකදි වත් තරහා ගන්නෙ .....මට තරහා ගන්න....අයිති නැති උන් අයිති නැති තැන්වල නැවතුනෙ අපි දෙන්නගෙම කරුමෙට වෙන්න ඇති එහෙමයි කියලා එයා හරි කෙනා ගාව නැවතුනා නම්.....අද මේ මොහොතෙත් ජීවත් වෙන්න ගියා....

අප්පච්චි ගෙ පන බයිය පුතා උනාද....

මම ලමයවත් අරන් වේගෙන් එන්නෙ නැතිව හරීම හිමීට කනත්තට ආවා....ඇවිත් හුලන් පාරට නින්ද යාගන ආව පොඩි එකාවමං වඩා ගත්තා .....

අම්මියේ . ...

මම උන්නෙ මිනි කන්දට ගහපු ඉටිපන්දම් අව්ලව අව්ලව.....තවම මල් වඩම් වල සුවද අලුත් පිට තිබුනා .....තවම පරවෙන්න වත් හිතලා නැති මල් වඩම් මැද මං අරලිය මල් පොකුර තියනකොට පුංචි එකාට මං කිව්වා අම්මිය බයියන් ඉන්නෙ කියලා ...ඒ කිව්ව වෙලාවෙ ඉදන් ලමයා අම්මියෙ ගගා අම්මව හෙව්වා .....

තවමත් ඉලව් සුවද නොගියපු මල් වඩම් වල මල් වල පෙති පරවෙන්න වත් හිතලා තිබුන් නෑ.....මල්වඩම් වලටත් මොනවා හරි බෙහෙත් ගහනවා ඇති...මම ඉදගත්තා ...එයාගෙ වගේම තවත් මලගිය ඇත්තෙක්ගෙ මිනි කන්දට අතර මැද.....

සාරාන්‍යා ...

මම මිමිනුවා...අග්නි කිව්වා වගේම එයා අනිවාර්යයෙන්ම කන්ද උඩට වෙලා බලන් ඉන්න පුලුවන් ....මගෙ පුංචි එකා එහාට දුවනවා මෙහාට දුවනවා....මම එයාට නටන්න දුන්නා...එයා මල්වඩමක් උස්සන්න හදනවා.....තනියම ඒක එක්ක කියවනවා .....මල් ගලවන්න හදනවා....බානෙ...බානෙ.....ගානවා...

එයාට අසනීපයක් නෑ.....ඔයා බයෙන් නම් ඉන්නෙ....බය නොවි ඉන්න.....

මම සාරන්‍යා එක්ක.කතා කෙරුවා ..මිනිස්සු මැරුනට ආදරෙ මැරෙන් නෑනෙ.....එයා මගෙ කොලුවා දිහා බලාගන ඇති ..කොල්ලා දුවන කොට වෙනදා වගේ වැටෙයි කියලා බයට එයා තාමත් පස්සෙන් දුවන්න හදනවා ඇති.....

මම එහෙම්ම ඇදන් උන්න ජැකට් එකේ ශිපර් එක පහත් කෙරුවා ....සාරාන්‍යා ....පොත් කියවන ගැහැනියක් ....ඉඩක් තිබුනොතින් එයා පොතක් කියෙව්වා ...ගේ ගාවින් නැගලා කටුනායක එයාපෝර්ට් එකට යනකන් ගංගානාත්ගෙ පැනි වලල්ලෙ රස බැලුවා ....කියවන ගැහැනියක් ලැබෙන එක වාසනාවන්තයි කියන එක මම නිතර දෙවේලේ එෆ් බී වෝල් එකේ දැක්කා...

වාසානාවන්තයි ...හැබැයි....එයාව අයිති වෙන්න ඕනා කෙනා මම නොවී එයාගෙම කෙනා උනා නම්.....

මම එහෙම්ම සරච්චන්ද්‍ර පන පොවපු පොත එලියට ගත්තා.....මං හිතන්නෙ මේලෝකෙ හුස්ම ගන්න මිනිස්සු වැඩියෙම්ම ආදරේ කරන්නෙ හැගීම් අකුරුන්කරන මිනිස්සුන්ට වෙන්න ඕනා.....නැත්තන් ඇයි සමහරුන්ට පොත් කියන්නෙ තනිකරම උමතුවක් වෙන්නෙ ...

සාරාන්‍යා .....ඔයාට මාව ඇහෙනවා නම් මට පුලුවන් ඔයා වෙනුවෙන් කියවන්න.....ඔයා ආසම කොටස.....

අප්පු...ච්චියේහ්.....අප්පු...ඊහ්...අපු....අප්පු.....අම්ම්..මියෙහ්.....

සුදු පුතා බලාගන....

මම පොතෙ එයා ආසම කොටස පෙරලන් බලන් උන්නා.....මගෙ අග්නි හරි....එයා ඉන්නවා.....එයා ඉන්නවා කියන්න මම දැනගත්තෙ එයගෙ කන්ද උඩ නැගලා ඒක උඩ දුවන පොඩි එකා හේතුවක් නැතිව එක පාරම කෑ ගහලා හිනා වෙන්න ගත්ත නිසා....මගෙ ඇගේ රෝම කෙලින් වෙලා ගියා...කොල්ලව වැටෙන්න ගියා ..ඒත් එක තත්පරෙන් වැටෙන්න ගිය ලමයව ආයම කෙලින් උනා...එයා ඉන්නවා....එ චුට්ට වෙලාවකින් මගෙ නිඛිල් ඉදගත්තා ..හැබැයි හරියටම බැලුවොත් කොල්ලගෙ තට්ටම් වැලි වල වැදුන් නෑ....එයා ඉන්නෙ සාරන්‍යගෙ උකුලෙ...

මම ඉන්නෙ සමාදානෙන් සැතපුන මිනිස්සු ගාව .....ඒ මිනිස්සු බලන් ඇති ...උන් අහගන ඇති .....අරලිය මලක පෙති දිහා බලන් උන්න නිඛිල් චූටි ඇගිලි වලින් මල කරකවනකොට මම ලොකුම ලොකු හුස්මක් ගත්තා ...අරන් එයා කහ පාට හයිලටර් එකෙන් පාට ගාලා තිබුන හරිය කියෙව්වා ...

" නොගියොත් යලි ආ නොහැකිය.යාම් හොදයි ගොස් ඊම්ද හොදයි.ලොව ඇත්තෙ යාම් ඊම් ය.නෑවිත් යන්නට බැරිය..නොගොස් එන්නට බැරොය.දැං මා පතමින් සිටින්නෙ මලවුන්ගෙ අවුරුදු දා නොපමාව පැමිනේවා කියාය.මෙවර ඔහු රදවා ගත නොහැකි නම් මම ඔහු කැටුව යන්ට සැරසෙමි....."

මීට....නොරිකො.....නොරිකො සං....දෙවොන්දෙරාගෙ ...නොරිකො සං....

සාරන්‍යා...ඔයා හරි.....එයත් හරි....මේ ලෝකෙ කිසිම බැදීමක්....කවදාවත් ස්තීර නෑ...නැවතීමක් නෑ.....තාවකාලිකයි....

මං දන්නවා ඔයා අහන් ඉන්නවා කියලා .....මං දන්නවා...ඔයා මා දිහා බලන් ඉන්නවා කියලා ...

මට...මට ඔයා ගාව බොරු කියන්න බෑ....මට කියන්න බෑ මට දුක නෑ කියලා ...මට කියන්න බෑ මම හොදින් කියලා ....දුකයි ....පාලුයි...ඒත්...මේක නම්....වෙන්න තිබුන දේ .....මහ බඹාටවත් නවත්තන්න බැරි වෙන්න ඇති ...

දැනන් උන්නෙ නෑ....උඹ ආයමත් අම්මෙක් වෙන්න යනවා කියන්න....දැනන් උන්නෙ නෑ..මම ආයම අප්පච්චි කෙනෙක් උනා කියන්න.....

දැනන් උන්නෙ නෑ...අපේ පැටියා චූටි අයියෙක් වෙන්න කියලා .....

මම දැනන් උන්නෙ නෑ සාරන්‍යා ....උඹ මගෙ නෙවේ කියන්න....සත්තයි ....මම දන්නව නම්...මට නිකන් වත් හිතුනන නම්...උඹ මගෙ නෙවෙ කියන්න....සත්තයි ...මම උඹව දැක්ක දා නොදැක්ක වගේ යනවා සාරාන්‍යා ...එහෙම උනා නම්...උඹ අද ජීවත් වෙනවා.....

මට සමාවෙයන් ...

මගෙ ඇස් වලින් කදුලු ආවෙ නෑ කිව්වොත් ඒක අමූලික බොරුවක්....මගෙ අග්නි කටින් කටටම අඩන්න එපා එපා කියලා එව්වා උන්නත් මම සන්වේදි උනා....කොච්චර කොහොම කිව්වා උනත් අයිති නැති බව දැන දැන බැදුනා උනත්.....බැදිමක් නැති එකෙක් එක්ක බැදීමක් ඇති උනත්...ඒක කෙලවර උන විදිහ හිතට වේදනාවක් ගේනකොට මම අත් දෙකෙම්ම මූන වහගත්තා ....මට කෑ ගහලා අඩන්න හිතුනා...ඒ උනත් ලමයා බය වෙන හන්දා මම හිත හයිය කරගන ලමයව ඉල්ලන්න මගෙ අත් දෙක එයාගෙ පැත්තට දික් කෙරුවා ....

.

මං පොරොන්දු වෙනවා....මගෙ හුසම වගේ අපේ පුතාව පරිස්සම් කරනවා කියලා ...

ස්තූතියි .... ..මාත් එක්ක ජීවත් උනාට ....

ස්තූතියි මාව අප්පච්චි කෙනෙක් කෙරුවට....

ස්තූතියි .....මොන තරම් ප්‍රශ්න ආවත්...අවසානම හුස්ම වෙනකන් මා එක්ක උන්නට.....

සාරන්‍යා ....ස්තූතියි ...මට ආදරනීයම බිරිදක් උනාට .....

ස්තූතියි ..ජීවිතේ දරාගත්තට...මං ප්‍රාර්තනා කරනවා...අයිති නැති බැදීම් ගාව නැවතිල දුක් විදපු උඹට පන වගේ රකින බැදීමක් ගාව නවතින්න ලැබෙන්න කියලා සාරාන්‍යා ....

මම එයාගෙන් සමාව ගත්තා..මම එයාට ස්තූතියි කිව්වා ....අවසානෙදි මම දැක්කා මෙච්චර වෙලා පොලවෙන් අගලක් විතර උඩට හිටින්න උන්න නිඛිල් බිම ඉදගන්නවා...ඒ එක්කම මගෙ දකුනු උරහිසට සීතලක් දැනුනා...

." ස්තූ...තියි..."...

මාව සීතල වෙලා ගියා...ඒ කටහඩ මාව සීතල කරලා ඇරියා...ඒත් ....එයාගෙන් කිසිම කරදරයක් නැති බව සීයට දහ දාහක් විතර මට විශ්වාස වෙනකොට මම මගෙ නිඛිල්ගෙ චූටි අතින් අල්ල ගත්තා...

සුදුපුතා....අම්මියට යනවා කියන්න.....

මම ලමයට අම්මියට යනවා කියන්න කිව්වා...යනවා මිසක් ගිහින් එන්නවා කියන්න නෙවෙ.....වෙන තැන්වලදි නම් මම හැම දාම කිව්වෙ ගිහින් එන්නම් කියන වචනෙ උනත්...අද යන්නම් කියන වචනෙ කියන්න කිව්වා...මොකද එයාව අපි නිදහස් කරන්න ඕනා ..එයාට එයාගෙ තැනට යන්න අපි එයාව නිදහස් කරන්න ඕනා.....

අම්මියේ....පුතා....නන්න...න්.....

කෝ...සාදු කියන්ඩ.....බුදු සරනයි කියන්ඩ....පුතා හොද ලමයෙක් වෙනවා කියන්න....

මම පුංචි එකාට එකින් එක එකින් එක කියනකොට අනේ ඒකා අකුරු ඇහින්දා .....

අම්මියේ ....සාතු....බුශ් .....තරනයි....හොදලමයෙක්....පුතා ....

මම අතේ තිබුන සරච්චන්ද්‍රව එයගෙ නම ගහපු ගල් ලෑල්ල ගාවින් හේත්තු කෙරුවා .....සමහර විටඕක දිරාවි.....නැතිනම්....එයා එක්ක ඒක නැතිව යාවි....

මම එන්න හැරුනා...ආපහු හැරිලා බලන්නෙ වත් නැතිව...ලමයට වත් හැරිලා බලන්න දෙන්නෙ නැතිව ....මොකද මේ වෙනකොට අමනුස්ස ප්‍රාන ගොඩාක් ....මේ වෙනකොට පින් ලැබුන් නැති අශුද්ද ආත්ම කීයක් නම් බලන් ඉන්නවා ඇතිද...එක හැරිලා බැලීමක් ඇති.....හිත දුර්වල වෙන තැනකදි ඒකත් ඇති උන්ට රිංගන්න....

මං ලමයව අරන් එන්න ආව.....ගෙදරින් එනකොට ඇල්වතුර වීදුරුවක් වත් නොබී වෙනකොට මට බඩගිනි දැනුනා ...ඒත් පිට්ටනියට ගියපු ගමන් මූනක් වත් හෝදන්නෙ නැතිව කන්න වත් ලමයට කන්න දෙන්නවත් හිතක් නැති මම ගෙදර ගිහින් කන්න බලාගන කන්න දෙයක් ගන්නත් එක්ක කඩේ ගාවින් නැවතුනා ..

පාරෙන් එහා පැත්තෙ දයාන් බේකර්ස් එක...මෙහා පැත්තෙ කෝප් සිටි එක....අම්මා කිව්වා සමපෝශ ගේන්ඩ කියලා ...අනිවාර්යයෙන්ම සමපෝශ ගේන්න කියන්න ඇත්තෙම්ම අග්නිට වෙන්න ඇති ..එයාට තමා ඔය ආසාව තියෙන්නෙ කොච්චර වත් ලගට ඇවිත් ඉල්ලන්නෙම සමපෝශ .....එයා එක කනවට වඩා ආස සුවදටද කොහෙද ....

මම ලමයව වඩාගන බේකරි එකට ගියා ..

...සුදු පුතා...මොනවද කන්නෙ.....

ම්ම්ම්....

මගෙ පුතා මොනවද කන්නෙ....

වීදුරු සෝකේස් අස්සෙ තිබුන එක එක ජාතියෙ කෑම වරග දිහා බල බල මම ලමයගෙන් මොනවද කන්නෙ අහනකොට ඒකා ඇගිල්ලක් කටේ ගහන් ඒ දිහා බලන් ඉදලා ඇගිල්ල දික් කෙරුවා...

මොනවද කිඹුල් බනිස්ද....

ම්ම්ම්..බනිත් ...

කිඹුල්ලුද .....ජෑම්ද.....

දෑම්.....බනිත්....

එච්චරද.....

ම්ම්ම්.....එත්තරත ....

එක තමා අහන්නෙ...එච්චරද ඕනෙ....ඇයි ආය සීයා තාත්තා එක්ක තේත් බොනවා නේද...මේකකුත් අරන් දෙන්නද...ක්‍රීම් බනිස් එකක්....

කීම්....

ඔව්.....අරන් දෙන්නද....

ම්ම්ම්ම්.....

මම එහෙම්ම ක්‍රීම් බනිස් ගෙඩියක් වගේම ජෑම් බනිස් ගෙඩියක් ගත්තා ...ඒත් මට අග්නිව මතක් උනා.....යකෙක් උනත් වෙලාවකට ඒකා පොඩි එකාට අන්ත වෙන්න හදනවා....මැරෙන්නඩ ගහන්න හදන අග්නියම වෙලාවකට නොදරුවෙක් වගේ උනා....

මම ආයම ජෑම් බනිසක් ගත්තා.....අම්මා අප්පච්චිට රෝස් පාන් එක්ක ආරන්‍යලාටත් බනිස් ගත්තු මම එහෙම්ම කෝප් සිටියෙන් ලමයට පැම්පර්ස් එක්ක සමපෝශ ගත්තා ....ඉස්සර හිතේ හැටියට බඩු අරන් කාර් එකෙ දාන් ආවට ලමයවත් ඉස්සරහ ඉන්දවන් මට හුගාක් දේවල් හැඩල් එකේ එල්ලන් එන්න බැරි හින්දම මම එතනින් නැවතුනා....

අප්පුච්චියෙ ....අල....

ම්ම්ම්...මොනවද...

අප්පුච්චියෙ ...අල....

ඉතින් මොනවද....

චොක්ක .....ට්.....ම්හුක්...අප්පුච්චියේ....

ඊක්කා..... ඒවා හොද නෑ...එ...ඒවා.....හොද නෑ.....

ඊහ්න්....ඊහ්...චොක්...කට්...

ඒ .ඒ...අම්මො....අම්මො.....ඒවා විකුනන් නෙවෙ තියෙන්නෙ...ඒවා.....විකුනන්න නෙවෙ තියෙන්නෙ...කෝ මගෙ පුතා....

ඊ....අප්පු....ච්චි..අග්...අගියේ...හ්හ්....අග්ගි....හේ...අල...න්...දී....පි.....යා.....ව්...

නිඛිල්!

හැමෝම මා දිහා බැලුවා ...ගත්තු බඩු කැශියර් එකේ තියනකොට එතන තිබුන කැන්ඩොස් රාක්කෙ දිහා බලපු කොල්ලා චොකලට් ඉල්ල ඉල්ල නහින්ඩ හැදුවා අවසානෙදි අනිත් අප්පච්චි ගෙ ගති ගුන එලියට ආවා.....එයා මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇදගන අරන් දීපියාව් ගාලා බෙරිහන් දුන්නා....

අප්පුච්චියෙ මේ....

කටවහපිය එපා මා එක්ක කතා කරන්ඩ....

ම්ම්හුක්....කතා...පිය.....අපානෙ.....පුතාත ...කතා...පිය ...කීන්න.....පුතා...ත...

කටවහන් ඕක ගිලපිය....හිටපන්කො....හිටපන්කො...මං අරූවත් අල්ල ගන්නම් උඹ මුරන්ඩුවෙලා අරූ හුරතල්.කරලා කරලා.....හිටපන්කො....

.

.ඌ .....ව්ව් ...හ්හ්....අප්පු....ච්චි ...යේ.....ම්ම්හු....අග්ගියෙ ...

අවසානෙදි නහින්ඩ හදපු කොල්ල මං ලව්වා චොකලට් එකක් අරවගන ටැංකිය උඩ ඉදන් ඒක අත් දෙකෙම්ම චොකලට් එක අල්ලන් උන්න කොල්ලා මගෙ මූනට ඒක දික් කරනකොට මම එකට සැර වෙලා උගෙ පිටට පොඩි ඩෑස් එකක් දුන්නා...දීලා ඒකවත් එක්කන් ගෙදර ආවා....

අප්පච්චි ....

ඇයි මේ කොලුවා අඩන්නෙ.....

.....

"ඇයි අර ලමයා අඩන්නෙ...."

...

"ඔහොම නැවතියන්.."

......

"ඇයි උඹගෙ කටෙ පස් ද?"

.....

"ආ...ඔහොම්ම කතා නොකරම හිටපියකො...."

අග්නි එයා මුරන්ඩුයි.....චොකලට් එකක් ඉල්ලලා අරන් දුන් නෑ කියලා ඔය..

"ඉතින් උඹ ගැහුවා"

චොකලට් එක අරන් දුන්නනෙ....

'නෑ මං අහන්නෙ උඹගැහුවා"

මම අරන් දුන්නනෙ....

"මම අහන එකට උත්තර නොදි උඹ අරන් දීපු ලබ්බෙන් වැඩක් නෑනෙ."

ඔව් ගැහුවා ....හැබැයි....ආ....ව්හ්.....හ්හ්හ්හ්හ් අග්නීහ්...

යකා ගැහුවා.....පිටට උනුවතුර හැලුවා හා සමානවම මං ඇකිලුනා....අග්නියා ගහපු පාරට මගෙ පිට පිපිරුවා හා සමානවම දැවිල්ල ගන්නකොට මන් ඇඹරීගන උන්නා...කෝප් සිටිය ගාව ඇහැට පේන්නෙ නැති ඩෑස් එකක් කාපු පොඩි ඇටයා ගෙදරට එනකම්ම සද්ද නැතුව ඉදලා වැට කඩුල්ලෙන් දානවත් එක්කම අඩන්න ගත්තා ...නිකන් නෙවෙ පරන දුකවලුත් මතක් කරකර....අඩන කොල්ලව ගත්තු අප්පච්චි යන්න යනකොට මන් බලාගන දේවාලෙ ජනෙල් තිරේ හෙළ උනා...රෙ එක්කම ආව අග්නි මිදුලෙ තියාගනම නඩුව විසදුවා හැබැයි මටත් ඇඩෙන්න තරම් පාරක් ගගලා ...

අග්නී.....හ්හ්...

"ඇයි"

හිටපන්....උඹ ඌව මුරන්ඩු කරවලා ..බලන් ඉදින්....උඹ ආසාවෙන් ඉන්ඩ ඇතිනෙ සමපෝශ ගිලින්ඩ...දැන් කාපන් ලබ්බක්...

"උඹට මැනයාවද බන් ...හැබැයි ශිවන් ඕක ඉරුවොත් මන් උඹව පොලවෙ ගහනවා ..."

ගහපන්....අප්පත් පොලවෙ ගහපු එකෙ ගහපන්...

"ඕක පැත්තකින් තියපන් .....හැබැයි....."

වට පිට බලලා අම්ම ළඟ පාතක නැහැයි කියලා තහවුරු කරගත්තු යකෙක්ගෙන් ගුටි කාපු මම එයාට ගෙනාපු සමපෝශ පැකට් එක අරන් ඉරලා විසික් කරන්න ගියා විතරයි එයා මැරෙන්ඩ හැදුවා ...එයා වගේම මන් උන්නෙ මිදුලෙ හින්දා අම්මගෙ කන්වලට සද්දෙ නෑ හෙන්ඩ අපිදෙන්නම රන්ඩු කෙරුවා ....

"ශිවන්....එපා.....ඇත්තමයි තොට ගහනවා පුක පුපුරන්ඩ...."

මං සම පෝශ එක දත් වලින් හිල් කරන්න හදනකොටම එයා මගෙ ගාවට ආවා...හැබැයි එයා මගෙ ගාවට එනවටත් වඩා වේගෙන් ත්‍රී විල් එකක් අපේ ගෙදර මිදුලෙ නැවතුනා...

"අහකට වෙයන් මැනිකෙ....ආව පිම්මට උඹවත් හප්පන් යනවා..."

කව්ද අග්නි ඒ....

අපි දෙන්නම තුශ්නිම් භූත උනා....ත්‍රීවීල් එකෙ ආව මනුස්සයා ත්‍රීවිල් එක නවත්තන්නත් කලිම්ම එලියට පැන්නා...

වෙදහාමිනෙ .....වෙදහාමිනෙ...

අග්නි මොකක් හරි කරදරයක් වගේ ...

" පොඩ්ඩක් පැත්තකට වෙයන් මැනිකෙ ....ඉරත් මුදුන් වේගන එනවා....."

ගේ පැත්තට යන්න ගියපු මාව අග්නි ඇදලා ගත්තා....ඇදලා අරන් එයා අහස දිහා බලලා ඉර මුදුන් වේගන එනවා කිව්ව....එයා ආව මනුස්සයා දිහාත් බැලුවා ඉර දිහාත් බැලුවා ..ඕනම වෙදගෙදරක මේක වෙන දෙයක් ...ආව මනුස්සයගෙ ගති ලක්ශන බලලා ගෙදරින් පිට වෙන්න කලින් උන් කාරනාවක් හිතට ගන්නවා.....අග්නිත් කෙරුවෙ ඒ දේ....මම බලන් උන්නා අර මිනිහා නහින්ඩ හදනවා අලුත් මූනක්....මේ පලාතෙ එකෙක් නෙවේත් වගේ ....

අනේ වෙද හාමිනේ ..

මොකද...මොකද මේ ....මොකද මේ නහින්ඩ හදන්නෙ උඹලා.....

අම්මා ආවා...කසාය මුට්ටියක් උනු කර කර උන්න අම්මා සායට උඩින් ඇදන් උන්න චීත්ත පටින් අත් පිහ පිහ උන්න අම්මා එනවා එක්කම අර මිනිහා අම්මා ගාවට දිව්වා. .මා ගාව උන්න අග්නිත් ඉක්මනට දේවාලෙට රිංගුවා..මොකද එයාදන්නවා අම්මා යනවා නම් එයාට අම්මා එක්ක යන්න වෙන්වා කියලා .....

අනේ වෙදහාමිනෙ .. ජයන්තයට යකා ගහලා ..ඒකා මට්ට වලට මාලුබාන්ඩ ගිහින් මේ පාන්දර ....දැන් ..දැන්....

හෝව් ..හෝව්.....පොඩ්ඩක් ඔහොම හිටපල්ලා....කියන එක නිවාඩුව කියපන්...උඹලා ඔය කියන විදිහට මට මොකූත් කරගන්ඩ බෑ අකුරක් වත් අඩු නොකර කියපන් ....

අර පහල මට්ට වල.....

මට්ට වල් කීයක් නම් තියනවද ....

.වෙදහාමිනෙ...අර ඊයෙ පෙරේද දොහක පවුලම මැරුනෙ ... ...අර ....දුවයි පුතයි උන්නෙ.....

මැරුන් නෑ උන්ව මැරුවනෙ ...

ආන් .....ඔව්...ඔව්.....

උඹලා ඔය කියන්ඩ හදන්නෙ අර දත් දොස්තර නෝනගෙ ගෙදර ගැන වෙන්ඩ ඇති නේ .....

එහෙමයි ...එහෙමයි ....වෙදහාමිනෙ....

එතකොට උඹල වෙන්ඩ ඇති මේ අලුතෙන් මුරේට ආවා කියන්නෙ 

අනේ එහෙමයි ...එහෙමයි.....නෝනෙ ...එහෙමයි ....

අපෙ මහත්තයා ....ඔය ලිපෙ දර කොටෙ එලියට ඇද්ද නම්.....

අම්මා...මාත් එන්නම්...

උඹලට මේවා එක්ක හැප්පෙන්ඩ බෑ මගෙ පුතා අහකට වෙලා ඉදින් මං බලලා එන්ඩ ....

අනේ අම්මා...අනේ ..කියන දෙ අහන්ඩ අම්මා...අම්මට පුලුවනිද ....

"අම්මා ගාව මං ඉන්නවා...උඹ ගෙදර ඉදින් . ඒ මුලු ගෙදරම යක්කුන්ට ගිය තැනක්....".

ඇදන් උන්න චීත්ත පට ගලවලා කොට බිත්තිය උඩින් දාපු අම්මා යන්න යනකොට මම අම්මා එක්ක යන්න හැදුවා....අම්මා යන්න හදන්නෙ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් උන ඩොක්ටර් පුන්‍යගෙ ගෙදර....ඒ මුලු පවුලම මැරුවා.....ආමි එකෙන් පැනලා හිටපු එකෙක් කියලා කියන්නෙ..... රත්නපුර පැත්තෙ ඉදන් මට්ට වලේ වැඩටයි ගෙදර වැඩටයි ආව මිනිහෙක් .....සමහරු කියනවා කෙල්ලට ආසා වෙලා කියල සමහරු කියනවා ගෙදර මිනිහගෙන් රුපියල් පන්සීයක් ද දහක්ද ඉල්ලලා දීලා නැතුව ඒ තරහට මරලා කියලා ..... එකා එකාව මැරුවා තනි මිනිහෙක් .නිකන් නෙවෙ...

මට්ටා වල ගාව කව්ද ඉන්නවා කියලා බලන්ඩ යමු කියලා මුලිම්ම මනුස්සයව එක්ක ගියපු මිනිහා ඔලුවට මන්නෙකින් කොටලා මරලා බෙඩ් ශීට් එකේ ඔතලා මට්ට වලට දාල තිබුනා.....මනුස්සයව් මරපු මිනිහා දෙවනිපාර ගෙදරට ඇවිත් මහත්තයා කතා කරනවා නෝන කියලා ගෑනිව....එහෙම නැත්තන් අර ඩොක්ටර් පුන්‍යව එක්ක ගිහින් පුන්‍යවත් මට්ට වල ගාවදි මන්නෙක් කොටලා මරලා ඇගට බෙඩ් ශීට් ඔතලා බෙල්ලට ගල් එල්ලලා වතුර වලට දාලා....තුන් වෙනි පාරට ආව මිනිහා ඉස්කෝලේ යන කොල්ලව අම්මයි තාත්තයි අඩගහනව කියල එක්ක යන්න ආවා වගේම කෙල්ලට ගිහින් කිව්වාඅ දොර වහන් ගෙට වෙලා ඉන්ඩ කියලා ..එහෙම කියපු මිනිහා අයියව එක්කන් ගිහින් අයියවත් මට්ට්වල ගාවදි මරන්ඩ හැදුවා අම්මා තාත්තා වගේ නෙවෙ කොල්ලට ගහපු පලවෙනි පාර උරහිසකටද කොහෙද වැදුනම කොල්ලා මන්න පාර කාගන කෑ ගහන් දුවලා තිබ්බා ඒත් ඒ කොල්ලට ගේට්ටුව ගාවට වත් යන්න හම්බුන් නෑ කොල්ලව මරලා ඒකවත් මට්ට වලට එබුවා...

හතර වෙනි පාර මිනිහගෙ ඉලක්කෙ උනේ කෙල්ලව වෙනකොට ගෙදර වැඩ කාරි බයෙන් මුලු ගැන් වෙනකොට මේකා අර ඉස්කෝලෙ යන අවුරුදු පහලවක් වත් පිරුන් නැති කෙල්ලව අමු අමුවෙම දූශනේ කෙරුවා ..නිකන් නෙවෙ කෑ ගහන දුවන හන්දා අත පය හතරම කඩලා දාල කටට යට ඇදුම් ඔබලද කොහෙද ....

එහෙව් ගෙදර යක්කු නැතිව ඉදීද .මහ රෑට කෙල්ල විලාප ගහන හැටි ඇහෙන ගෙදර යක්කු නැති වෙයිද ....මහ රෑට මට්ට වල ගාව හූල්ලන සද්ද එනකොට යක්කු නෑවිදින් ඉදීද ...

මට අම්මව තනියෙන් යවන්න හිත හදා ගන්ඩ බැරි උනා ....අග්නි මාව අලු කරන්ඩ හදනකොට අම්මා එපා කියන්ඩ කියන්ඩෝම මම බලෙන් ත්‍රීවිල් එකේ එල්ලුනා... ඉස්සර වගෙ නෙවෙ..... මට දැන් අම්මා අග්නි ..මේ දෙන්නවම ඕනා....

මගෙ පුතා කිව්වම අහලා පලයන් උඹලගෙ හිත ලෙඩ වෙන්ඩ තමා....

මට බැ....අම්මා...සැරයක් කිව්වනෙ...

🙂ආයම කොටසකින් එන්නාම්...

....................

අද මුව කායයියගෙ හැපි තූ තූ එක නෙ ...

මුලිම්ම ස්තූතියි ඔයාලා හැමෝටම...ඔයාලගෙ ආදරනීය ප්‍රාර්තනා වලට .

පරිස්සමින් සතුටින් ඉන්න අක්කෙ...කියන වචනෙ හැම සුභ පැතුමක් එක්කම තිබුනා.....

ඔයාලා හැමෝටම ස්තූතියි ගොඩාක්...මේ ආදරේට ...

.එ වගේම මමත් ප්‍රාර්තනා කරනවා...මං වෙනුවෙන් සතුට සැනසීම ප්‍රාර්තනා කරපු ඔයාලා හැමෝටමත් ඒ වගේම සතුට සැනසීම ලැබෙන්න කියලා....

අවංක්වම....අද නම් කේක් එකක් කැපුවෙ නෑ....අඩුම ගානෙ අද ඉව්වෙ වත් නෑ.....

කේක් එකක් කපන්න බැරි උනා කියලා මගෙ හිතේ අල්පමාත්‍රයක් තරන් වත් දුකක් නෑ...මොකද....මට කපන්න බැරි කේක් එක එයා කැපුවා මට නිවන්න බරි උන ඉටිපන්දම එයා නිව්වා...

ආදරනීය සදලි නංගි....ඔයාලගෙ පොඩි සාතන්....සසී .....මගෙ ජීව්තේට ලැබුන තවත් යාලුවෙක් ...යාලුවෙක් නෙවෙ ....අවංකවම සහෝදරියක්...මගෙ දුකේදි මටත් වඩා රිදෙන....මගෙ සතුටෙදි මටත් වඩා සතුටු වෙන එයා මං වෙනුවෙන් .මගෙ හිනාව වෙනුවෙන් මහන්සි උනා ..(අනිත් උන් තුන් දෙනා වාස්පවෙලා එකෙක් නාන්න ගිහින්...අනිකා පාඩම් කරලා...තව එකෙක්ට අම්බානෙට වැඩ සෙට්වෙලා ...)ඒත් ඉතින් එයා මං වෙනුවෙන් කේක් එක කැපුවා ...

ආදරනීයම සසී .....ස්තූතියි ඔයාට ගොඩාක්...හැමදාමත් මා ලගින්ම ඉන්නවට ....ඔයාගෙ මහන්සියට ..නිදිමරාගන රෑ දොලහා වෙනකන් ඇහැරන් උන්නට මට දොලහා උනාට ඔයාට පාන්දර තුනහ මාරයි ....ඉතින් මේ කැප කිරිම් අස්සෙ තියෙන්නම ආදර්‍රෙ නෙවේද ...උඹට මම හැමදාමත් ආදරෙයි මගෙ "බේසිකයෝ🥺🥺😘😘😘😘"

සුභ උපන්දියක් මගෙ චුක්කියො කියලා ආදරනීයම මැසේජ් එකක් එව්වට ....

ඉතින් ....ඔයාලා හැමෝටම අනේක වාරයක් ස්තූතියි ....ඔයාලා හැමෝගෙම ආදරේට ස්තූතියි ...එ වගේම මං වෙනුවෙන් ප්‍රාර්තනා කරපු එ සතුට සැනසීම ඔයාලා හැමෝටම ලැබෙන්න කියලා මම හදවතිම්ම සුභ පතනවා....

මුව කාවයියා ඇබිත්තක් ලොකු උනෝ!!!!....

පුම්චි පැතියත දුක හිතිලලූ🥺🥺🥺🥺

ආතරෙයි හැමෝටම...කායයියො ගෝනියක් තරමට ....

ආයමත් කියන්නෙ...හදවතිම්ම ස්තූතියි ඔයාල හැමෝටම.....😘❤️❤️

(ම්හුක්....වීජියෝ එක දාගන්ඩ බැනෙ අප්පුච්චියේ.....හ්...ම්ම්හුක්.....අග්ගියෙ...හ්🥺🥺)

ආයම හෙට එන්නම්.....

පරිස්සමින් ඉන්ඩෝ.....

මම.

Ferdeesha ❤️💚😘 ...

More Chapters