LightReader

Chapter 39 - 39

චස්.....

මම ගුනිකූරක් ගැහුවා...ඇවිලුන ගිනිකූරෙ අමූතු ඩයිනමයිට් සුවද.මගෙ නාස් පුඩු වලින් ඇතුලට ගිහින් ආයම එලියට එනකොට මම පහන් පැලේ පහන ඇවිලුව...ගැට ගස්ලබු ගෙඩියකට රටා තියලා කපලා මං ඒක පුරාවටම හදුන් කූරු ගැහැව්වා.....පෙති තැලෙන්නෙ නැතිවෙන්න කඩාගත්තු සුදු මල් බොකු ගැහුන වතුර පීරිසියෙ පාවෙනකොට මම.බුද්ද පූජාවට කිරි එකක් තිබ්බා ..නිකන් නෙවෙ කිරි තේ එකක්... බුලත් අතක්...බිස්කට් දෙකක් තුනක්...හැබැයි මම මගෙ ජීවිතේට් මේ වෙනකන් කොහෙදි වත් බුදු හාමුදුරුවංගෙ පිලිම වහන්සේලා ගාවට සල්ලි දාලා නෑ...එලියෙන් තියන පින් කැටේට දානවා ඇරෙන්න....

හැම දේම අතාරින්න කියපු බුදු හාමුදුරුවො ගාවට මොකටද පොට්‍ට කාසි.....

මං අත්දෙක වැද ගත්තා...පුංචි එකා නිදි තවම....නැත්තන් මං ලමයව වඩාගන එයා එක්ක වදිනව පුංචි උන් වහ තෝරන කාලෙ ඉදන් උන්ව මේවට ලැදි කරන්න ඕනා...පස්සෙ තේරුම් අරගන තව ලන් වෙන එක වෙනම දෙයක්....

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ...

මම අත් දෙක වැදගන ඇස් පියාගන තථාගතයානන් ගාව වැදවැටුනා.....ඒත් මම එක සම්මතයක් ආයම බිද දැම්මා.....හැමදේම අතාරුන්න කියපු බුදු හාමුදුරුවො ගාවට පොට්ට කාසි නොදමන මමම අත් දෙක වැදගන ප්‍රාර්තනා කරන්න ගත්තා ...

මම වෙනුවෙන් නෙවෙ...මගෙ අග්නි වෙනුවෙන්....

මම වෙනුවෙන් නෙවෙ...මගෙ පුංචි එකාගෙ අප්පච්චි වෙනුවෙන් .....

එයාගෙ හිතේ තියන ප්‍රාර්තනාව මොකක්ද කියන්න දන්නෙ නෑ මං ඇහැව්වේත් නෑ.....මොකක්ද කියලා.මට අහන්න උවමනාවක් ආවෙ නෑ...අවංකවම කිව්වොත් මං ආසයි.....අග්නිගෙ උරහිස උඩ ඔලුව ගහන් වෙන උන් වගේ හීන මවන්න....හීන දකින්න....හැබෑ කරගන්න බැරි උනත්...එක දවසක් හරි ඒ හීනෙක ජීවත් වෙන්න....

මං අග්නිගෙන් අහලා නෑ...මගෙ අග්නි....ඔයාගෙ ප්‍රාර්තනාව මොකක්ද කියලා ...මට බයයි.....එයාගෙන් ඒ දේ අහලා...එයාට ඒ දේ නැති වෙයි කියලා ....ඒත්...මට දැනෙනවා....මගෙ අග්නිගෙ එකම ප්‍රාර්තනාව මම කියලා ...

මම හැම දාම බුදු හාමුදුරුවො ගාව ප්‍රාර්තනා කෙරුවෙ මෙච්චරයි .....එයා ප්‍රාර්තනා කරන්නෙ මොකක්ද....මගෙ ඉල්ලීම් නැතත්....මගෙ ප්‍රාර්තනා නැතත් ....මගෙ අග්නිගෙ ප්‍රාර්තනාව ඉශ්ට කරන්න කියලා ...

ගෞතමයො බුදුවෙනතාක් බිම්බාව හැම ආත්මෙකෙම ඉන්න ප්‍රාර්තනා කෙරුවලු.....රාහුලයො ඉපදුනාමත්...ගිහි ගේ හැර ගියාමත්...බිම්බාව කදුලු බිබී හරි ඉවසුවලු.....ඇත්තටම යශෝදරා කුලේ ගැහැනියක් නොවුනත්....මට මගෙ අග්නි වෙනුවෙන් තව සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් උනත් ඉපදෙන්න පුලුවන් නම්...

අනේ හාමුදුරුවනෙ...මට ඉපදෙන්න වරම් දෙන්න....මේතාක් වෙනකන් මමම කිව්වෙ ඉපදීම දුකක්...ඉපදීම දුකක් කියලා .....අනේ...ඒත්....දැන් මං ප්‍රාර්තනා කරනවා මට ඉපදීමක් දෙන්න...

මම ඇස් ඇරියා ....මගෙ ප්‍රාර්තනාව කොයි තරම් දුරද කියනවා නම් දකින කවුරු හරි හිතාවි මම හිටගන නිදිය කියලා ....

මම ඇස් ඇරියා ....අම්මා නැති දවසට දෙකට ඇන්තූරියම් මල් තරහා වෙලා ගිහිල්ලා ..මගෙ අග්නියා පොලවෙ ගහලම සමහර තැන් හිස් වෙලා.....

මම බලන් උන්නා....මිදුල අතුගාන්න ඕනා.....වෙද ගෙදරට එන මිනිස්සුන්ට ටැප් එකෙන් අත තියලා බොන්න දෙනවට වඩා අම්මා හැම දාම කිව්වෙ ගුරුලේත්තුවට වතුර පුරවලා සුද්ද කරපු පොල්කටු ටික හරි මැටි කොප්ප ටික හරි තියන්න කියලා....රනවරා මුට්ටියක්...කොල කැද හැලියක් ...කවදාවත් කෙම්මුරේදි වැරදුන් නෑ...මොකද අම්මා දන්නවා අම්මගෙන් වෙද කම් කරන්ඩ එන්නෙ පයින් එන තරම් ලගක ඉන්න මිනිස්සු නෙවෙ කියලා ...බොන්න දුන්නට කන්න දෙන්න තරම් ලොකූ වත් කමක් නැති උනත් පොඩි දෙයකින් හරි අපි උන්ගෙ බඩගින්නට මුක්කු ගැහුවා...

මම ඉදල ගත්තා...ඉදල අරන් රටා තියලා අතුගාන්න හිතාගන මම හිමින් හිමින් අතු ගාන්න ගත්තා ....අමන්දියගෙ ගෙදර මලකරදරේ ....අරුන් තුන් දෙනා කා ගන්නවා....

කුප්පමේනියා.....කුප්පමේනියා.....පූස්...පූස්.....පුස්ස්...පූස්ස්ස්....

මම පොල් අත්තෙ හැඩේ තියලා ළමයා අඩනවද කියලා බල බල අතුගානකොට චුට්ටන් ඒකගෙ කටු බොඩිය එලියෙ දාගන ඒකගෙ පූසව හොයනවා....

අයියේ ....

මොකද ...

මම ඇන්තූරියම් පෝච්චි එහා මෙහා කර කර අතුගානකොට චුට්ටන් අපේ මිදුලට ආවා...

අපේ කුප්පමේනියා ආවෙ නෑ...

මං දැක්ක කුප්පමේනියෙක් දැක්කෙ නෑ බන්...වැඩිය සද්ද නොකර ඕකව බලපන් කොල්ලා තාම බුදි ...

ආ...ආ...ආ...ඒකට මේ බෙර තලනකොටත් යකෙක් ගහලා වගේ නින්ද යනවා මම මේ කුප්පමේනියව හොයන්න කතා කෙරුවොත් තමයි ඔය ඇටයා නැගිටින්නෙ....

මේකගෙ කට....මූ ඔලුවත් කස කස ළමයා නිදි සද්ද කරන්න එපාය කිව්ව එකට මූ කතා දහයක් කිව්වා...අග්නියට ඇහුනනම් මේගෙ පිටේ ඇගිලි පාර හිටින්න ගහනවා.....

කුප්පමේනියා .....කොහෙද පුතේ ඉන්නෙ.....අර අම්මා හොයනවා...යෝ....හ්...මේ ජඩ පූසා....උදේ පාන්දර අවලමෙ යනවනෙ.....

වෙරලු ගහ වටේම මම හිමින් හිමින් අතු ගානකොට අරූ පූසව හොය නැහුනා . කිව්වත් වගේ ඒ ජඩයත් කොහෙ මගුලෙ යනවද මේ උදේ පාන්දර ...අමන්දියගෙ හිරිහැර ඉවසන්න බැරුව ඇති...

වෙද ගෙදරට එකා දෙන්නා එකා දෙන්නාඑන්න ගත්තා....අරූ තාම රෑට ඇදපු කොටු කොටු කටකලිසම පිටින් කහ කහ පූසව හොයානවා..මුගෙ කට දැන් තමයි බෙහෙත් ටිකක් කොටන්ඩ මෝල් ගහ දුන්නම මූට පන නෑ.....

කුප්පමේනියා ...කොහෙද බන් ඉන්නෙ...ඇත්තමයි පූසො...මං උඹව යකඩ බඩු කාරයෙක්ට විකුනලා දානවා....

චුට්ටන්....

බෙහෙත් ගන්න ආව මිනිස්සු මේකා දිහා බලන් ඉන්නවා...දෙයියනෙට පින් අයිති වෙන්න අර වරත්තු පූසත් ඉවසල බැරිම තැනමියෑව් ගානකොට අපි දෙන්නම ඔලුව උස්සලා බැලුවා....

මෙ ඉන්නෙ...පුරි කෑසා!!!!මූ කොහොමද මෙච්චර උඩ නැග්ගෙ...මූට මෙච්චර උඩ නගින්න බෑනෙ....ආ කුප්පමේනියා උඹට තටු ආවද....අම්මා දැක්කා නම් චූටි පුතා ගිහින් ඉන්න දුර...අපිට තමා දවල්ට බත් නැතිවෙන්නෙ ..බැහැපන්....මෝඩ මූසලයා....

"යසයි පොඩි ගස් බල්ලා කියපු කතාව....ඈ මැනිකෙ ...පේනවද....මිනිස්සු ගොඩේම මූ පූසට කැරි පූසා කිව්ව්නේ...ඈ මන් අහන්නෙ එහෙම කියනවද....කැරි පුසා...ඒක කුනු හර්පයක්නෙ.....නේ මැනිකේ...ඈ.....ලැජ්ජයි....අනික මෝඩ මූසලයලු...."

අග්නී.....හ්....

මම හිමීට මිමිනුවා.....ඒක කුනුහර්පයක්නෙ....ඒක කුනු හර්පයක්නෙ ගගා

මම හැරිලා බැලුවා.....මේකා ඉන්නවා...හැබැයි චායාවක් වගේ...මට අග්නිගෙ මූන ඇල්ලුවෙ නෑ....මම බලාගන උන්නා....අග්නියා මහපට ඇගිල්ලෙන් බිම හාර හාර හොරෙක් වගෙ ඉන්නවා

අග්නී...

".මොකද.."

ඇත්ත කියපන් අග්නි.....

"මොනවද"

උඹ නේද කුප්පමේනියව ඔච්චර උඩින් ගිහින් තිබ්බෙ.....??

" පිස්සු....මේ මම....උඹ දැක්කද...?"

අනේ නිකන් ඉදින් අග්නි.....

".ම්හුක්...එකා මොකටද රොටි කෑල්ලක් ගත්තා කියලා...අම්මා අප්පා මතක් කෙරුවෙ...එහෙම ඕන් නෑනෙ..නේ....?අනික...අපේ අප්පච්චිටත් ඇහුනා නම්...ඕකගෙ පෙනහලු එලියට එන්ඩ ගහයි....ආ නැද්ද...."

අග්නියා බොරු කියනවා....ඉෆ්‍රිත්ව කවදාවත් ඕනවට එපාවට ගේන්න බැරි බව දන්නවා....ගගෙ උඩම අත්තක ඉදන් බිමට බැහැගන්න හදන කුප්පමේනියවගන්න හදන චුට්ටන් දිහා බලපු මම අග්නි දිහා බැලුවා ...තියන නොසන්ඩාල කම....

අග්නී...

"ඇයි ඉතින්...."

මෙච්චර වෙලාම පොලව හාර හාර උන්න අග්නියා ඊලග පාර ඒකගෙ දබරැගිලි දෙක එකට එක පූට්ටු කරන්න ගත්තා..මූ මහ බිබික්කමක්.....

අග්නි ...චුට්ටන්ව වැටෙයි ....අරන් දෙන්න...

"ම්හුක්👉👈...වැටුනොත් කොන්ද කැඩේවි ...කැඩුනොත් මෙහෙ බෙහෙත් ජාති තියෙන්නෙ ..."

අග්නි විහිලුවට ගන්න එපා....කොල්ලා ගස් බඩගාලා වැටුනොත් ...

"වැටුනොත් මොනවා වෙන්නද?"

මම අග්නියා දිහා බලාගනම උන්නා ...එකා නෙවෙ මං කියන දෙ මායිම් කරන්නෙ..මං ඉදල බිමට දැම්මා..අග්නියට ගහන්න බැරි කමට ඉදල බිම දාලා යන්න ගියා විතරයි අග්නි මාව අල්ල ගත්තා ....

"අම්මො අනෙ ඔයාට යන තරහා..."

මාව ඇදලා ගත්තු අග්නි අම්මො අනෙ ඔයාට යන තරහා කියාගන ගහ දිගෙ බඩගානකොට මං බලාගන ගහෙ අතු ලාවට එහා මෙහා වෙනවා...ඊට පස්සෙ කාගෙත් ඇස් වහලා එයා කුප්පමේනියව අරගන බිමින් තියනකොට ඒකා නිකන් මන්ද මානසිකව වැටුන එකා වගේ සෑහෙන්න වෙලා බලන් ඉදලා නැට්ටත් ඊතලයක් වගේ හදාගන දුවන්න ගත්තා චුට්ටන් ඒ පස්සෙ දිව්වා..දැන් ඕකා නාලා කාලා ඔක්කොම කරලා එනකොට සාම්බ්‍රානි කැට කුඩු කරන්ඩ වෙන්නෙ හෙට.....කපටියා.....

අද වෙද හාමිනේ නැද්ද පුතේ ...

මම උන්නෙ වෙරලු ගහ යට....අතුගාලා එක්කාහු කරපු කොල ටික ඉදලටම ගන්නකොට අනේ වයසක උන්දෙක් ඇවිත් අම්මව අහනකොට මම නැගිට්ටා ....කහ ගැහුන බැන්ඩෙජ් පටිකින් දකුනු අතම වෙලලා තිබුනා...මම උන්දගෙ අත දිහා බලන්න කලියෙන් සර්වාංගෙ දිහා බැලුවා...රේන්ද අල්ලපු හැට්ටෙ කර කොහෙවත් ....හැට්ටෙ.පලු දෙකට ගහපු කටු දුසිමක්...අනේ උන්දගෙ බෙල්ලෙ එල්ලන් උන්න කලු පටිය පුරාවටම තිබුනෙ හැට්ට කටු ...ඇදන් උන්න චීත්තෙ යටින් තව චීත්තයක් ....දිය වෙලා ගියපු පොල්ගහ ලකුන බාට දෙකක්....

" ටක්කෙටම මැනිකෙ පින් පඩියෙන් බෙහෙත් ටිකක් ගන්න එන දරුවො අතෑරපු උන්දෙක්.....අනේ මූනට නාහා හිනින් විස්තර අහපන්...මට මෙ වයසක උන්දලා අඩනවා දකිනකොට හත් අටදෙනෙක් මරල දාන්න හිතෙනවා"

අග්නි හිමි හිමීට මගෙ කනට මුමුනන්න ගත්තා ....ඇත්ත...මෙච්චර වයසට ගිහින් බෙහෙත් ගන්න තනියෙන් එනවා කියන්නෙ....

අත්තම්මා අතට තෙල් අතගාවගන්නද....?

මම උන්දගෙ මූන දිහා බලලා කට පුරාවටම අත්තම්මා කිව්වා....අපිදකුනෙ මිනිස්සු....දකුනෙ මිනිස්සුන්ගෙ කට පුරාවටම ඔය කතා තියනවා...අනිත් පලාත් නරකයි කියනවා නෙවෙ..ඒත් ඉතින් දකුනෙ එකෙක්ගෙ ගෙදරට ආවත් ඇති .....බත් කටක් නොකා යන්න බෑ.....

තෙල් ටිකක් ගාවගන්න පුතේ....මට එන්ඩයි කිව්වෙ සදුදා....පින් පඩිය හම්බුනෙ ඊයේ....

අවංකවම මගෙ පපුව හෝස් ගාලා ගියා.....මට අග්නි ඉන්න දිහාවට ඉබේම හැරුනා.....මගෙ අග්නි කිව්වා හරි.....මගෙ පපුවට මහා වේදනාවක් දැනුනා.....පින් පඩිය ගන්න බැරි උනායින් උන්දට තෙල් ගාගන්න බැරි වෙලා...පින් පඩිය ....ඒත්.....ඒත්...පින් පඩිය....කීයක්ද....රුපියල් දෙසීයක්ද දෙසිය පනහක්ද කොහෙද .....

පින්පඩිය හම්බෙනකන් බෙහෙත් ටිකක් නැහැ කියන්නෙ...අනේ ඇත්තටම දරුවො අතෑරලද...?

අවංකවම මට මහ වේදනාවක් දැනුනා....අවංකවම මහා කලකිරීමක් දැනුනා....අනිවාර්යයෙන්ම පින් පඩිය ඔය හැට්ටෙ ඇතුලෙ ඇති.....

අත්තම්මා උදේට මොනවා හරි කාලද ඉන්නෙ...

මම කාලත් නෑ...කන්න හිතලත් නෑ....වෙද ගෙදර වැඩට එන කවුරු හරි කොලකැද මුට්ටිය ලිපට කරලා ඇති ...ඒ උනත් මට ඒ රතු ගැහුන ඇස් දෙක දැක්කම කොලකැද කෝප්පයක් බොන්න කියන්න හිතුන් නෑ...

" මැනිකෙ මං උඹලට තෙල් ගාන්ඩ උගන්නන්නම්....ඊට කලින් මුන්දට කන්ඩ මොනවා හරි දීලා හිටිල්ලා.....බඩේ බඩබොකු පිටකොන්දට ඇලිලා.....අනිවාර්යයෙන්ම දවස් ගානක් කාල නැතිව ඇති ...පින් පඩිය ගන්නකන් බෙහෙත් නැත්තන් උන්දගෙ බඩට තේ කහට විතරක් වෙන්න ඇති....මට හරි වේදනයි මැනිකෙ.....මිනිස්සු අපි යක්කු යක්කු ගෑවට.....උඹලගෙ උන් ගාව සමහර වෙලවට උඹලාගෙ උන් යක්කුන්ට වඩා හිතක් පපුවක් නෑ.....එගොඩින් මෙගොඩට ගියාට පස්සෙ ඒ දන්ඩට පයින් ගහන උන් උඹලට ඉන්නෙ...කෑවට පස්සෙ කාපු වලදට වැලි දාන උන් උඹලට ඉන්නෙ... අම්මලා නිකන් හරියටම ඉටිපන්දම් වගේ මැනිකේ....ඇවිලිලා...ඇවිලිලා...අවසානෙදි දිය වෙළා යනවා.....වටේම උන්ගෙ ඇස් පාදලා අවසානෙදි පිච්චිලා යනවා..."

මම අහන් උන්නා...මගෙ අග්නිට දුක හිතිලා....එයා මහෙ උරහිස මිරිකන් ඉන්න විදිහෙම්ම තේරුනා මගෙ අග්නිට වේදනාවක් දැනිලා කියලා ....මම උන්දා එහෙම ඉන්නකොට අග්නි දිහාවට හැරුනා....

අග්නී.....දන්නවද..මගෙ...අග්නී.....සමහර අම්මා තාත්තා මැරෙන්න වයසට ගිහින්ම නෙවෙ මගෙ අග්නී....පාර පනිනකොට පරිස්සමින් පන්නවපු.....අතෑරෙයි කියලා බයට හැමදාමත් අත තදින් අල්ල ගත්තු අත සදහටම අතෑරලා දාපු දවසටයි අග්නි...අම්මා තාත්තට....ආදරෙයි කියන ගොඩක් උන් ඉන්න රටක කොහොමද මගෙ අග්නි නැත්තන් මෙච්චර මහලු මඩම්.....දන්නවද....මිනිස්සු හරි ගැඹුරුයි...උන් නිකන් ...පොත් වගේ....එක එක පිටු අස්සෙ එක එක හැගීම්.....මිනිස්සුන්ට පුලුවන් අග්නි...පන ඇරලා ආදරේ කරපු මනුස්සයෙක් නැති උනහම අඩි පහක් හයක් යට වලදාලා මොකුත් නොවුනා වගේ ගෙදර ඇවිදින් ආයම ජීවත් වෙන්න....දුක උනත් ලුනු වගෙ.....ටික කාලෙකින් දිය වෙලා යනවා....

මම මගෙ ඇස් වලට නොපෙනෙන අග්නිට රහස් මුමුනලා අත්තම්මදිහාට හැරුනා...

අම්මා නැති උනාට කාරි නෑ අත්තම්ම...මට පුලුවන් තෙල් ටික අත ගාවන්ඩ....තාම වෙදකම් කරන්ඩ ගත්තෙ නම් නෑ.....අත්තම්මා කාලද?

මට නිකන් අහන්නත් මොකක්ද වගේ....කාලද ඉන්නෙ අහන්නත් දුකයි වගේ.....සමහර වචන තියනවා...වෙලාවකට ඒ වචන හරි බරයි.....මම උත්තර නැතිව වචන ගොලුවෙන ඒ මූන දිහා බැලුවා ...කාල නැති උනත් මම අහලා කෙරුවෙ තවත් ඒ තුවාලෙට ඇගිල්ලෙන් ඇන්න එකද මන්දා ...කාලෙකට කලින් මේ අම්මත් පාට නොකරපු හීන හිතේ තියගන ලමයිගෙ හීන පාට කරන්න හුනු කූරු දෙන්න ඇති...."ගෙදර පස් දෙනයි කේක් කෑලි හතරයි...මං ඕවට ආස නෑ පුතෙ උඹලා කාපල්ලා...ඒ තමයි අම්මා...."මේ වගෙ වචන අනන්තවත් ඇස් දෙකට හම්බෙන්න ඇති ... ඒත්...ඒ වචනවල තිබුන අම්මගෙ කැපකිරිම් අද මේ අම්මා ගාවදි මට ඕනවටත් වඩා දැනෙන්න ගත්තා ...

මං බොරුවක් ගෙතුවා ....සමහර වෙලාවට මිනිස්සුන්ගෙ අඩන ඇස් ගාවදි අපිට බොරු කියන්න වෙනවා ....."මුසාවාදා වේරමනී සික්ඛාපදන් සමාධිආමි ..."මං සාදාරන හේතුවක් ගාව සිල්පදයක් කැඩුවා ....

අත්තම්මා ...මේ අත්වලට බෙහෙත් තෙල් අත ගාලා මදිනෙ ....වේදනාව අකා මකා වෙලා යන්ඩ ගුලිත් දෙනවානෙ .. දැන් කාලෙ පැන්ඩෝල් පෙත්තටත් බඩ දනවා .....අහිතක් හිතන්නෙ නැත්තන් බෙහෙත් වරුවක් ගිලින්ඩ කලියෙන් බත් කටක් කාලා උන්නොත් බඩේ කොරෙන් ගැල වෙන්ඩ පුලුවන් ම්ම්ම්...

උදේ තේ කහට බීලා පාන් කෑල්ලක් කෑවනෙ පුතේ...

පාන් කාලා හරියන් නෑ අත්තම්මා...පාන් වල පිටි ...ම්ම්ම් ඔව්වා පිපෙන්ඩ දාන ජාති.... ඔව්වා ගිලලා බෙහෙත් ගිල්ලම බඩ පිපෙන්ඩ එනවා ....ඉතින් ..උඹලට ඉස්මුරුත්තාව කියනවා බඩ ගල් ගෙඩිය වගේ කියනවා ...කොස් ගෙඩිය වගේ කියලා කියනවා ...එහෙම වෙන්නෙ නැතෑ පාන් පිටි ගිල්ලම....

මං උන්දගෙ හිත නම්මගන්ඩ රටේම බොරු මැව්වා ...බඩේ ගින්දර ගාව උන්දා අසරන වෙලා උන්නත් ලැජ්ජාව හන්දදෝ පස්ස ගැහුවා ..ඒත් අවසානෙදි උන්දා මගෙන් බේරෙන්න බැරිම තැන මගෙ පස්සෙන් ආවා...ඇවිදින් කුසියෙන් ඉදගත්තා .....

"සුදු පිගානකට බත් බෙදපන්....හැන්ද යටටම නොගහා ඇට වෙන් වෙන බත් පරිස්සමට අරගන බෙදපන් ...මතක් කරලා මාළු මිරිස් ටික උන්දැට දාපන් මැනිකෙ...."

වයසක අත්තම්මා කෑම මේසෙ ඉදගන හූල්ලගන වගෙ කල්පනාවක ඉන්න්ස්කොට ඊයේ රෑ ඉතුරු උන හොදි පිනිවලට උදේ බතක් විතරක් අලුතෙන් උයපු මම පිගානකට බත් බෙදනකොට මගෙ අයිතිකාරයා ඇවිදින් එකින් එක කියනකොට මං එයා කියන දෙ අකුරට කෙරුවා .....

"සුදු පාට පිගානක දෙන්ඩයි කිව්වෙ ....සුදු පාට උඩට පාට වැටුනම පාට කැපිලා පේනවා...උන්දට කන්ඩ පිරිය එනවා ....ඉබේම උඹලට පින් දෙනවා ...මාලු මිරිස් ටික දෙන්ඩයි කිව්වෙ ...උඹලා ඔතනින් කන්ඩ ආසම මාලු මිරිස් හන්දා.....උඹ ආසම දෙයක් තව එකෙක්ට දෙනවා කියන්නෙ මැනිකෙ උඹට තව කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ දේ දෙන්ඩ පුලුවන් කියන එක....ඒකයි දානයක් කියන්නෙ.....ගිහින් දීපල්ලා..."

එයා බත් එක අත් දෙකෙම්ම අල්ලන් උන්න මගෙ ඔලුව අත ගාලා කනට කොදුරනකොට මං ගිහින් බත් එක මේසෙ උඩින් තියලා වතුර වීදුරුවකුත් තිබ්බම අනේ උන්දා මගෙ අත් දෙක අල්ලගන සෑහෙන්න වෙලා බලන් ඉදලා බත් එක දිහා බැලුවා .....ඒ එක්කම මගෙ පුංචි එකා නැගිටලද කොහෙදෝ අප්පුච්චියේ ගානවා ඇහුනා....

අප්පුච්චි...යේ...හ්...

ඕ....හ්.....

ම්ම්ම්හුම්....අප්පු...ච්චියෝ...හ්...අග්ගියේ....

මේ එනවෝ.....

ම්හ්...ම්හ්...අමන්ජියේ.....හ්.....හ්...

අමන්දියා බුජි තාම...

තු....ත්තා ....න්...

චුට්ටනුත් ගෙදර තාම....

කා...ක්කයෝ ...බත්ත....න්...නකෝ ...අප්පු ..ච්චියේ....අග්ගියේ...අග්ගියෝ.....

පේනවද.....

මම කාමරේට යන්න කලින් මගෙ පස්සෙන් ආව අග්නිගෙ ඉලේට ඇගිල්ලෙන් ඇන්නා.....රෑ එලිවෙනකන් මා එක්ක මෙට්ටෙ උන්න කොලුවව මං නැකිටිනකොට ආපහු ඒකගෙ තොටිල්ලට දැම්මා....දැන් නැගිටන් රටේම උන්ට අඩගහනවා අවසානෙදි අග්ගියේ ගාගා අග්නියටත් කෑ ගහන්න ගත්තා ....අන්තීමෙදි පොර අඩන්න ගත්තා ....

අග්ගියේ....ඈ.....

"ඕ...ඕ...මගෙ පුතා ...අප්පච්චි ගෙ පැටියා මේ ඉන්නෙ අග්ගියා...ඇයිමේ ..."

එයා මට කලින් ඉස්සර උනා....අග්ගියේ ගගා උන්න කොලුවව එයා වඩා ගත්තා විතරයි එයා ආයම අග්නිගෙ පලල් උරහිස උඩ ඔලුව ගහගන්නකොට මං කොල්ලගෙ පැම්පර්ස් එකට අත තියලා බැලුවා ...

චූ දාගන ඒකයි නැගිටලා තියෙන්නෙ . .තාම නිදිමතෙ ඉන්නෙ....

"මේකව ආය බුදි කොරෝනවද..."

ඔව්...පැම්පර්ස් එක මාරු කරලා නිදි කරවනවා මේ පේන් නැද්ද චූ දාලා දාල ඒක බරවෙලා ...ලමයට තෙත හින්දා ඇහැරිලා තියෙන්නෙ....

"අනෙ මැනිකෙ.....ආයම...."

ආයම කියන්නෙ...කොල්ලා ඇහැරලා බෙහෙත් කොටන්ඩද...තෙල් ගාන්ඩද....

"අද සෙනසුරාදනෙ මැනිකෙ...."

ඉතින් ..සෙනසුරාදා කියලා....

"සෙනසුරාදා කියන්නෙ ..මේකව දැන් මෙහෙම නිදි කෙරෙව්වම මේ යක් පැටියා රෑ එලිවෙනකන් ඇහැරන් ඉදිවි ..එහෙම උනාම මං කොහොම මැනිකෙ උඹෙ ඇග උඩ නගින්නෙ"

යෝ...අග්නීහ් ..පැත්තකට වෙන්ඩ ඒයි...මොන වල් කමක්ද මේක ...

"එපා මූව බුදි කරවන්ඩ....අන්දලා දියන් මං තියා ගන්ඩ "

මම අග්නිට රැව්වා...අද සෙනසුරාදා ..කෙම්මුර....එයාගෙ දවස....එයා ලමයව නිදි කරවන්න එපා එපා.ගගා මාව.කන්න හදනවා....කොල්ලට ඒ අස්සෙන් නිදිමත බේරෙනවා..මූ නම් යකාගෙ අප්පච්චම තමා...

අනේ අග්නී ...තාම අටටත් නෑ...දහය වෙනකන් නිදාගත්තුදෙන්...පව්...මේකා රෑට නැගිටින් නැ අනේ....

" හා...හා...ඉතින්...හැබැයි දහය වෙනකොට නැගිටින්න ඕනා හරිද...."

උඹ මහ වලත්ත පියෙක්.....

" ම්හුක්..."

මම අග්නි අතෙ උන්න පුංචි එකාට අලුත් පැම්පර්ස් එක ඇන්දුවා...අනේ ඒකා අග්නියගෙ බෙල්ල බදාගන හොදටම නිදි...රෑ මැද නැගිටන් කියවපු එයාට දැන් ආයම නින්ද ගිහින්.....

" මැනිකෙ...මේකට මොකුත් පොවන්නෙ නෑ...පව්නෙ...."

නිදිකරවන්න එපා ගාපු අග්නිම ඊලග පාර මොනවත් පොවන්නෙ නැද්ද අහනකොට මම එයාගෙ මූන බැලුවා.....එයා එහෙමයි.....එක තත්පරෙන් ඒ හිත මෙලෙක් වෙලා යනවා.....

එතකොට එයා නැගිටින්නෙ නැද්ද අග්නී ....

" ම්න්...කමක් නෑ....නැගිටපු දෙන්"

එයා ලමයව මගෙ අතට දුන්නා...මම එහෙම්ම කොල්ලව වඩාගන කුසියට එනකොට එයත් මගෙ පස්සෙන් ආවා...

අග්නී.....එයා....කොහෙද ගිහින් තියෙන්නෙ බත් එකත් දාලා....

ලමයා ගාවට යන්න කලින් උන්න වයසක උන්දැ උන් නෑ....අත් එකට අතක් වත් නොගහම උන්දා යන්න ගිහින් තිබුනා.....ඇයි ඒ ....මම චායවක් ගානට ඉන්න අග්නි දිහා බැලුවා...

අග්නි මේ ලමයව අල්ලගන්න ..මන් බලලා එන්නම්...බැරි ගාතෙ කොහෙ ගියාද කියලා .....

" උන්දැ නෑ...යන්න එපා...."

අග්...නී....

".....".

මම අග්නි දිහාවට හැරුනා....එයා දැන් ආයම මගෙ ඇස් වලට පේන්න ඉන්නවා....ඒ ඇස් මොන මොනවදෝ කියනවා ඒත් මට ඒ ඇස් මොනවද කියන්නෙ කියන එක හොයා ගන්න බැරි උනා....

මම බත් එක දිහා බැලුවා ....බත් එකෙන් එකම එක කටක් වත් කාලා නෑ.....ඒ එක්කම මම උන්දා ඉදගන උන්න පුටුව දිහා බැලුවා . පුටුව උඩ පොතක්....පාට ගියපු....ඉරිලා යන්න ඔන්න මෙන්න ගියපු...කහ ගැහුන පොතක්....

අග්නි මේ...

"ම්ම්ම්..."

මම පොත අතට ගත්තා ....දෙවියනෙ...මේක මන්තර වෙද හෙදකම ලිය උන පොතක්.....වෙදකමේ උඩිම්ම තියන බෙහෙත් වට්ටෝරු හදන පොතක්....

අග්නී ..මෙකෙ..මේ...

"එපා මට කියන්ඩ....හිමින් සැරේ අකුරින් අකුර කියවපන් මැනිකෙ නිවාඩුව....මම කිව්වා වගේම උඹ අත්පොත් ගහන්ඩ කාලේ හරි...ඕකෙ නැකත් තියනවා.....ඕකෙ යෝග තියනවා. ..ඒ හැම දේම බලලා ඉගන ගනින් මගෙ ශිවන්....."

එයා කියනවා මට හැම දේම නිවාඩුව අකුරින් අකුර කියවල ඉගන ගන්ඩලු..මන්තර ජප කරනකොට අකුරු වරදින්ඩ බෑ.....උච්චාරන වරදින්ඩ බෑ...සමහරක් මන්තර ජප කරනකොට කෙල ගිලින්ඩ පවා අකැපයි....සමහරක් බෙහෙත් එකදහස් වාර ගානක් ජීවන් කරවන්ඩ ඕනා.....මම පොත දිහා බලාගන උන්නා...ඒ ආව උන්දා මේක තියලා ගිහින්....මම බත් පත දිහා බැලුවා....

" බත් එක ඉව කරලා බලපන්...."

බත් එක දිහා බලන් උන්න මට එයා බත් එක ඉව කරලා බලන්ඩ කියනකොට මම බත් පත අතට අරන් ඉව කරලා බැලුව....බත් පතේ මෙලෝම සුවදක් නෑ...තෙල් පෑදුන සැමන් එකෙ තිබුන කුරුදු පොතු එනසාල් සුවද මේ මොකුත් නෑ...

අග්නී....

" ...මලගිය ඇත්තෙක්....."

මාව සීතල උනා...සීතල උනා නෙවෙ මාව අඩියක් දෙකක් පස්සට ගියා ....

" උඹලට ඒ මූනුවර මතක නැති උනාද මැනිකෙ....."

එයා අහනවා ඒ මූනුවර මතක නැති උනාද කියලා ...ඒ මූනුවර....ඒ මූනුවර ...කව්ද...කාගෙද ඒ මූනුවර ....කාගෙද ඒක....කාගෙද ....

" උඹලගෙ හීන වලට එන මලගියඇත්තා කව්ද කියලා උඹලට අදුරගන්න බැරි උනාද මගෙ ශිවන්...."

.දෙ....යියනෙ...අත්.....අත් ....

මගෙ කටේ කෙල හිදුනා .....මගෙ උගුර කට පවා වේලිලා ගියා ....එතන ඉදලා තියෙන්නෙ අත්තම්මා....මගෙ...අප්පච්චි ගෙ අම්මා....මම නොදරුවා කාලෙන් අත්තම්මා මැරුන හන්ද මට අත්තම්මගෙ මූන නිච්චි නෑ අනික ගෙදර තියන ඵොටෝ වල පවා මූන බොද වෙලා....මට නිකන් මොකක්ද වෙලා ගියා.....සමහර දාට හීනවලට ආවා උනත් මට කවදාවත් උදේ වෙනකොට ඒ මූන මතක නෑ.....අත්තම්මා පින් පඩියෙන් බෙහෙත් ගත්තා කියන්නෙ. අප්පච්චි ...අප්පච්චි අත්තම්මව බලලා නැද්ද????

මගෙ ඔලුව විකාර වෙන්න ආවා...මගෙ ඔලුව හත්කඩකට පැලෙන්න ආවා...මගෙ අප්පච්චි එහෙම නෑ...අනේ..මගෙ අප්පච්චි එහෙම නෑනෙ.....මගෙ අප්පච්චි කවදාවත් ඒ තරන් නපුරු නෑනෙ....

අග්නී...අනෙ...අග්නී.....අත්තම්මා....මගෙ අප්පච්චි ...අත්තම්මව අතෑරියද ....ආ...අග්නී...මගෙ....අප්පච්චි ...අත්තම්මව...

"නෑ....."

එහෙනම්....

" අත්තම්මා අප්පච්චිව අතෑරියා "

එ...එ...ඇයි...

" උඹට තෙහෙට්ටුයි මගෙ ශිවන් ....තවත් ප්‍රශ්න නාහා ඉදින් ...."

එයා ලමයව උකුලෙ ඉන්දවගන පැත්තට හරවගත්තා ...කොල්ලා ආයම නිදිකිරා වැටෙන්න ගත්තා .මලගිය ඇත්තෙක් දීලා ගියපු පොතක් හන්දා මාව කරකවලා ඇතෑරියා .....බත් පතේ සුවද උරාගත්තු අත්තම්මා ඒ වෙනුවට පොතක් දීලා යනකොට මට දැන් මේ වරේ නොගෙන ගැලවීමක් නැහැයි කියන එක ආය ආයමත් මතක් වෙනකොට මට මගෙ අම්මවත් මතක් උනා.....

අග්නී.....

"දැන් ඕක හොද එකා වගේ පැත්තකින් හංගපන් මැනිකෙ....අදට ඔය හිතුවා ඇති...."

එයා මට පොත පැත්තකින් හංගන්න කියලා කියන කොට මම පොත දිහා බලන් උන්නා...ඒ එක්කම වැට කඩුල්ල දිහාවෙන් ලතෝනියක් ඇහුනා....

"එ....එක්කො...මැනිකෙ...ඔය පොත දියන්කො මමම හංගන්නම්..මෙ ළමයත් නැගිට්ටද කොහෙද. ....මං නිදි කරවලම එන්නම්"

අග්නියා මාරු උනා...ලග තිබ්බ පොත බලෙන් වගේ උදුරගන නිදි ලමයව ආයම නිදි කරවන්නම් කියන ගමන් අග්නියා මාරු වෙනකොට මම ලතෝනිය ඇහෙන්නෙ කාගෙන්ද බලන්ඩ දිව්වා වගේම මට උතුර දකුන මාරු උනා....

දෙයියනේ ..අර ත්‍රීවිල් කාරයා...

අයි ..යෝහ්.....කොන්ද.....අයියෝ...හ්හ්....අයි....අම්මෙ...හෙමින්...හෙමින්...අල්ලපියා....ව්....අනෙ....අම්මෙ.....බුදු...සන්තෝ....කතරගම..දෙය්...හා....න්දුරුවනේ....

අග්නී.....දෙයියනෙ අග්නි මේ මිනිහට ගහලද ..මූට පෙරේදා එනකොට ඉහින් බහින ලෙඩක් තිබුන් නෑනෙ.....මේ අග්නියා....

මම දත්මිටි කකා ලෙඩා ලගට දුවනකොට වෙද ගෙදර අනිත් මිනිස්සුත් දුවන් ආවා....

ඇයි ඇයි මෙ...මොකද මෙ?

මේන් මූ මද්දහනෙ කොකෝවා කඩන්න ගහකට නැගලා අත්ත පිටින් කඩන් වැටිලා..කොන්ද එතන තිබුන ලින් ගැට්ටෙ ඇනිලා....

මට ඉබේටම අත පපුවට ගියා....ඉස්පිරිතාලෙ අරන් නොයා මෙහෙ ගෙනාවෙ අහනඩත් බැරි කමට මම ඒකව උස්සන් ආව උන් එක්කම පස්සෙන් දුවනකොට අග්නියා ජනෙල් තිරේ අස්සෙ ඉදන් හැංගිලා බලන් ඉදලා මාව දැක්කා විතරයි ඉක්මනට මාරු උනා...

වරෙන්....අද රෑට උඹට හුලන් තමයි අග්නි...බලන් ඉදින්.....මේ ශිවන් හොදට හොදයි .නරකට නරකයි.....

🥺ජොබී නැකිත්තනේ....ම්හුක්....

🙂ආය කොටසකින් එන්නාම්....

😸අලුත් නලුවා කුප්පමේනියාත ස්තූයි ගොඩාක්....මියෑව්ව්ව්ව්... ..

...................

MELODY OF A AUTUMN PEONY

මහත්තයා ...කලු සුදු රූපයක් පාට කරන්න එකම එක හුනු කූරක් ඇතිද මහත්තයා ....ඇදපු චිත්‍රයක්...එක පාටින් සායම් කරපුවාම ...ඒ චිත්‍රෙ කැත වෙන්නෙ නැද්ද මහත්තා ....?

(යෙවීන්....)

ම්ම්...කැත වෙන්නෙ නෑ.....මුලු චිත්‍රෙන්ම ආසම තැන විතරක් පාට කරන්න.....අනිත් ඒවා මගාරින්න.....මේ ලෝකෙ කිසිම චිත්‍රයක් කැත නෑ යෙවීන්.....මොකද....එකම එක පින්සල් පාරකට උනත්...බලන මිනිස්සු වහ වැටෙන තැන් තියනවා...මිනිස්සු කතා ගොතනවා...අතේ තියෙන්නෙ රතු පාටහුනු කූරක් විතරම නම්.....රූපෙ හදවත විතරක් රතු පාටින් පාට කරන්න ....අනිත්වා අතාරින්න

මොකද...ගැහෙන්න ඕන හදවත විතරක් හින්දා ....තේරුනාද....

(සංධීර්)

........ජොබීගෙ🥺🥺🖋️🖋️

මං ජන්නවා...මං....ජන්නවා.....ඔන් හෝල්ඩ් ගැන අහන්න යන්නෙ කියලා...

එපා....එපා.....ජොබීගෙ...හිත කඩන්ඩ ...එපා.....හ්හ්....

දින නියමයක් නෑ....ඒත් දෙන්නම්....ඈ...!!

මම...

(ජො .මු.ක.හ.කැ....)

FERDEESHA ❤💚 ....

More Chapters