LightReader

Chapter 51 - 51

අග්නී.....

එයා පිටිපස්සෙන් ඉදන් එක එක දේවල් කියනකොට මම එයා කියන කියන හැම දේම කෙරුවා ..... ...අරූ බිම වැටිගන වමනෙ කරනවා...

" අහපන් ඒකා ඔය අවනඩුව පිලිගන්නවද නැද්ද කියලා ....."

එයා කියනවා මේ අවනඩුව කෙරුවද නැද්ද කියන එක පිලිගන්නවද නැද්ද අහන්න කියලා ...

උඹල දැන් ඔය කරපු පව් කාර කම පිලිගන්නවද.....පැටියා බඩේ ඉන්නකොට ඒකිව අරගන ගිහින් මස් කරපු අවනඩුව පිලිගන්නවද.....???

අනේ..අනේ...බුදු මහත්තයෝ...අනේ...ඕක බොරුවක්...ඕක අමූලික බොරුවක්....අයියෝ....බුදුන් පල්ලයි.....දෙයියො බුදුන් පල්ලයි....

" ඕක ඇත්තක්...අරූගෙ ගාව තාම කුයිලෙ එනවා.....ඕකලා තුන් දෙනාම සප්පායන් වෙලා ඉන්නෙ....ඔය වමනෙ කරන එකයි වැස්සිව ලිස්සෙ.....ඔය වමනෙ කරන එකා තමයි වැස්සි මැරෙන්ඩ කලියෙම්ම ඒකිගෙ බඩ පැලුවෙ....ඕකා තමයි වැදෑමහ වත් නොකපා පැටියගෙ බෙල්ල කැපුවෙ..."

මට මාරයා ආවෙස වෙන්න ආවා....කරපු වැරද්ද එසේමෙසේ එකක් නෙවෙ බව දැන දැන අරූ අත් අල්ලන් වැද වැද බොරු කියනකොට මට අග්නිට වඩා මාරයා ආවේස උනා .

ආ බොලව් .....තොපි අත් වැදලා දෙයියො බුදුන් පල්ලයි කිය කිය නහින්නෙ මේ එසේ මෙසේ තැනක ඉදන්ද...ආ.....පන අදින වැස්සිගෙ පන යන්න කලියෙන් ඒකිගෙ බඩ පැලුවෙ මේකා නෙවෙද...ආ.....වැදෑ මහවත් නොකපා පැටියගෙ බෙල්ල කැපුවෙ මේකා නෙවෙද.....තොපි මේ බොරු පලන්නෙ දෙයියො බුදුන් ට තුන්සිය හැටපස් දවසෙ සතියෙ හත් දවසෙ...විසිහතර පැයේම පහන් අවුලන කන්නලව් කරන දෙයොයො පවා ලගින තැනක.....එහෙව් එකේ තොපි කොහොමද ඔය බොරු ගොතන්නෙ....ආ.....

මම මනෙ දදා උන්න එකාගෙ පිට මැදටම ගැහුවා ...සෙම එක්ක ලේ කැටියක් හිර උන ඒකා ආයම සෙම ගුලිය එලිය දාලා ඒකා නෙවෙම කියන කොට අග්නි මගෙ ගාවට ආවා....

"ගලවගනින් ඕකට නොතේරෙන්න කෙස් අහුරක් ...හිරකරපන්.ඕකගෙ කටහඩ තුන් වරුවක්....ලෙඩේ කියාගන්ඩ තියා...ඕකට කෙලින් ඉන්ඩ බැරිවෙන්ඩ ....අර මිනිහගෙ කදුලු වලට හරියන්ඩ....බැදපන් මේකගෙ කට තුන් වරුවක්....."

අග්නි කියවනවා...අග්නි මාව හොලවනවා....ජීවිතයක් උදුරගන්න අයිතිය නැති උනත්..දෙයියන්ගෙ කුයිලෙ කැරකෙන විමානෙ ඉදගනත් මුන් කෙරුවෙ දෙයියො බුදුන් නමින් පලි ගහපු එක වෙනකොට අග්නිටත් තරහව ඉහ වහ ගිහින් තිබුනා....මුන් වෙනුවෙන් සාදාරනයක් කෙරුවොත් බඩ ගෝස්තරේ හොයා ගන්න පොලව එක්ක ඔට්ටුවෙන අහින්සකයාගෙ ඇස්වලින් වැටුන කදුලු වලට මොකද වෙන්නෙ....

මම අග්නි කියපු විදිහටම ඒකගෙන් හිස් කෙස් ගස් දෙක තුනක් ගලවගත්තා ....ගලවන් හංග ගත්තා ....දෙයියො බුදුන් පල්ලයි ගගා උන්න එකාට එක පැයකට දෙකකට වමනෙ යන එක නැති වෙන්න කෙමක් කරපු මම ඒකට යන්න ඇරලා වැටකඩුල්ල පනින කන් බලාගන උන්නා....

"උඹ ගැලෙව්වද ඒකගෙ කොන්ඩ ගස් දෙක තුනක්.....?"

උන් යනවත් එක්කම අග්නි මගෙ මූන දිහා බැලුවා...බලලා ඒකගෙ කොන්ඩ ගස් දෙකතුනක් ගැලෙව්වද අහනකොට මම ඌට නොදැනෙන්න ගලවගත්තු කෙස් ගස් දෙක තුන අග්නිට පෙන්නනකොට එයා ඒක සීතල ඇහිලි තුඩුවලින් අරගත්තා ....

අග්නී....

"ම්න්..."

මොකක්ද අග්නි ඔයා කරන්න හදන්නෙ...ඇයි කොන්ඩ ගස්...කොහොමද කට හිර කරන්නෙ...?

" උගුර කට හිරබැන්දුම.....අහලා තියනවද....මේක අමානුශික මායා කර්මයක් ශිවන්...මේක කරන්නෙ හුගක්ම බහ තෝරන වයසෙ පුංචි උන්ට...හරියටම මගෙ පුංචි එකාට වගේ ...ඒත් ...හරියටම කෙරුවොත් ලොකු උන්ටත් බැරි කමක් නෑ...."

මම අග්නි දිහා බලන් උන්නා...එය අතේ තිබුන කෙස් ගස් දෙක තුන ඇගිලි තුඩු වලින් අඹර අඹර උගුර කට හිරබැන්දුම ගැන කියනකොට මගෙ පුංචි එක කියල් කියන වචන දෙක තුන කිව්වෙ මගෙ ආස් දිහා බලාගන...හරි බරට වෙනකොට මම භෛරව්ගෙ අඩවියේදි එයාව ගෙන්න ගන්න ඕනා කමට ළමයා මගෙ මගෙ ගගා මම දෙස් දෙවොල් තිබ්බ හැටි මතක් උන මට අර මනුස්සයට වඩා බය හිතුනා.....ඒ මනුස්සයට කලින් මගෙ කට බදී කියල හිතුනා...මොකද අග්නි ඒ වචන දෙක තුන කිව්වෙ මගෙ මූනට ලන් වෙලා ඇසුත් හීනි කරන් මහ නපුරු කට හඩකින් වෙනකොට මම මගෙ කට අතින් වහගත්තා ....එයා හිනා උනා .හැබැයි ඒක මහ කුරිරු හිනාවක්...ඒ හිනාව අස්සෙ තිබුනෙ තනිකරම පලිගැනීමක් විතරක් වෙනකොට එයා මගෙ ගාවට තවත් අඩියක් ලන් වෙනකොට මම කරන්න පුලුවන් නට කරන්න තිබ්බ එකම දේ පැනල දුවනවා වෙනුවට එයාගෙ ඇගේ එල්ලුන එක වෙනකොට එයා සෑහෙන්න වෙලාවක් මොකුත් නොකිය ඉදලා මගෙ හිස්මුදුනට හාදුවක් තිබ්බා .....

" මට යකඩ ඇනයක් ගෙනත් දියන්...."

එයා යකඩ ඇනයක් ඉල්ලුවා.....පව් කරලා සරනක් හොයන් ආව උන් තවමත් මග ඉන්නකොට එයා මගෙන් යකඩ ඇනයක් ඉල්ලුවා....අර ආව එකාට ත්‍රීවිල් එකට නගින්න වත් පනක් නැතිව ආයම වමනෙ කරනකොට අග්නි ඒ දිහා බලන් උන්නා මම යකඩ ඇනයක් හොයාගන දිව්වා....

මේ තියෙන්නෙ ....අනේ...යකඩ ඇන කිව්වට රබන් ඇන ඉස්කුරුප්පු ඇන පරාල ඇන හැම ජාතියකම ඇන තියනවද ....ආයම ඕන එක මොකක්ද අහන්න ගියෝතින් අග්නි අනිවාර්යයෙන්ම මගෙ බෙල්ල මිරිකනවා ...ඊට වඩා තියන හැම එකෙම්ම අරන් යනවා .....

මම ඇන පෙට්ටිය දිහා බලන් ඉදලා හැම එකෙම්ම ඇනෙ ඇනෙ අරන් එයා ගාවට දිව්වා ...

අග්නී...අනේ..මිටියක්...මිටියක් ගේන්න බැරි උනානෙ...ඉන්න...ඉන්න මම මිටියක් ගේන්න අරන් එන්නම්....

එයාගෙ අතට ඇන අහුර දීපු මම ආපිට දුවන්න හදනකොට එයා මගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගත්තා .....

." මෝඩ කොට මගුල...උව මිටි හොයන් එනකොට පෙර හැර ගිහින් හමාරයි ..ඔන්න බලා ගනින්.....ඒකා දැන් වමනෙ කරලා හෙම්බත් වෙලා කතා කරනවා .....ශිවන් උඹ මට ගෙනාවෙ ඇන අහුරක් ....මේකට ගන්නෙ දිග අගල් තුනක් හරි හතරක හරි ඇනයක් ....මේකට රබන් ඇන හරියන් නෑ....ඔන්න බලන් ඉදින්....."

මං මීක් නොගා උන්නා...මොකද මේක විහිලු කරන වෙලාවක් නෙවෙ ....මේක අග්නි එක්ක හුරතල් වෙන්න ඕන වෙලාවකුත් නෙවෙ ....

මං උන්නෙ අග්නි ගාව හිටගනම වෙනකොට අරකා වමනෙ දාලා දාලා අවසානෙදි හෙම්බත් වෙලා කතා කරනවාවෙක්කම අග්නි අර කෙස් ගස් තුන හතර ඇනේ වටේට ඔතලා එතනම තිබුන පොල් ගහට තියලා ඇගිල්ලෙන් තද කෙරුවා ....

"බලන් ඉදපන්...ඕකා ආයම එන්නෙ නැද්ද කියලා ..."

එයා මගෙ කර වටේ අත දාගන මාව ලගට ඇදලා ගන්නකොට මම හහොරාවට කැහැලා බැලුවා තියන වසකමට මගෙත් කටහඩ උදුරගනද බලන්න....

අග්නී....

"ම්න්...කෝ...සුදු පුතා හිට ගන්න.....හිට ගන්න ඉතින්....ඉක්කෙ....මේ ජෝ හෝදන්නෙ හෙලුවෙන් නේද...."

අග්නි උන්නෙ නිල්පාට බේසමට බැහැලා වතුරෙ නටන කොල්ලව එක අතලින් අල්ලන් වෙනකොට උනුවතුරට එකතු උන බේබි සබන් වල සුවද නාස් පුඩුවලට සනීපයක් ගෙනාව ...හෙට අම්මලා එනවා....අනිද්දා වැඩර යනවා කියලා කලා වැවට යන්න ඕනා....එතනින් පස්සෙ මට හුස්මක් කටක් ගන්න වෙන්නෙ නෑ.....අනිත් එක භෛරව් කිව්ව විදිහට අග්නිට පහන තිබ්බත් හතර දිග්බාගෙම යන්න පුලුවන් ...එයා කරන්නෙ අම්මව රවට්ටන එකලු....එතකොට අම්මා දන්නෙ නැද්ද මේ කාගෙ කව්ද කියලා .....

අම්මා හිතන් ඉන්නෙ මේ අඩුකුලේ යකෙක් කියලද...

භෛරව් කිව්වෙ බොරුවක් වෙන්න බෑ කල්පයක් පෙරුම් පිරුව අග්නි අම්මා ගාව රගපානවා කියන එක සැක කරන්නත් බෑ.....මොන දේ උනත් ලමයට අග්ගියේ ගාන එක නවත්තන්න ඕනෙ.....ඒත්.....

අග්නී....

"ම්න්...."

අග්නි අපෙ අම්මා ....අපෙ අම්මා ඔයාගෙ නම දන්නවද ...මන් අහන්නෙ ඔයාට අම්මා මොන නිමින්ද කතා කරන්නෙ.....?

මං දන්නවා ...පුංචි එකාට තේරෙන දෙයක් නෑ.....කොල්ලට අග්ගියේ ගාන්න එපා කිව්වට වැඩකුත් නෑ...මට දැනගන්න ඕනා උනේ අම්මා අග්නිට කතා කරන්නෙ මොන නමින්ද කියලා දැනගන්න ඕන උන මම එයාගෙන් නම අහනකොට එයා ලමයව තුවායෙන් ඔතාගන කන් වලට පිම්බා....පිඹල ඒකගෙ බටු ඇට මූනට හාදුවක්....නෑ....තුන හතරක් තියලා එක අතකින් වඩගන මා දිහා බැලුවා.....

" මොකක්ද ඇහුවෙ...?"

ඔයාට අපේ අම්මා මොකක් කියලද කතා කරන්නෙ.....මම අහන්නෙ අග්නි කියලද...නැත්තන් ....

"චිත්‍රාල් සෝම පාල කියලා ..."

දෙවියනෙ අග්නී.....හ්...

"ක්ලැරන්ස්....විජෙ.....විජේ....මොකාද කියලා "

අනේ අග්නි....විහිලු නෙවෙ අග්නි....ඔයා කොහෙන්ද ඔව්වා ඉගන ගත්තෙ ඇරත්....

" අර එහා ගෙදර එකා හැම වෙලේම ඔය නම් දෙක කියනවා....."

කව්ද....චුට්ටන්ද....

" ම්න්.....ඌ අදත් කිව්වා....එ උන්ගෙ තාත්තගෙ නමද?"

අනේ අග්නි...ඔයාටත් විකාර අග්නි.....මම අහපු දේට උත්තර දෙන්න් අග්නි..අම්මා හෙට එනවා...ඔයා දන්නවා...ළමයා ඔයාව හොයනවා...අග්ගියෙ ගගා කෑ ගහගනවා....අග්ගි අප්පුච්චියෙ ගානවා...කොටිම කිව්වොත් ළමයා මට වඩා එකතු ඔයා ඔයාට....එයාට මාව ඕනා බඩගිනි උනහම විතරයි ...එයාට මාව ඕනා නිදි කරවගන්න විතරයි .....එතනින් එහාට එයාට ඕනා ඔයව ඕනා අග්නි...

මම එයාගෙ අතේ උන්න ලමයව පිහ පිහ කියවනකොට එයා අහන් උන්නා....

" මහරාවල්"

මො...මොකක්....

"..."

අනේ අග්නි කියන්නකො....

" එකපාරයි කියන්නෙ...එක පාර අහගනින්....."

අනේ...අග්නීහ් ....

මම මුරන්ඩු උනා...එයාගෙ ඇගෙ එල්ලුනා.....එල්ලි එල්ලි...එයාගෙ නම ඇහුවා....එක අතක උන්න ලමයව අනිත් අතට මාරු කරගන්න ගමන් එයා එයාගෙ ඇස් වල ගාලා තිබුන අදුන් අරන් මගෙ ඇස් වල ගෑවා...ගාලා මගෙ නහයෙන් පහල කොටස එයා එයාගෙ අත තියලා වහන් කරලා ඇස් දෙක විතරක් ඉතිරි කෙරුවා ...

"මන් නැති දාක උනත් උඹ මගෙන් පිට යන්න හදන්න එපා ශිවන් ...මම මහරාවල් නම්...."

මම පද්මාවතී වෙන්න ඕනද මගෙ අග්නී...

"....."

එහෙම නොවී කොහොමද අග්නී....උඹ කියන්නෙම ගින්දරක් නම්....උඹ නැති තැන මං ඇවිලෙන් නැතිව කොහොමද ....ඛල්ජිට බැරි උනා පද්මාවතිව අයිති කරගන්න...පද්මාවති සිංහල....මහරාවල් වෙනත් දේශෙක.....ඒත් පද්මාවති ආදරෙන් බැදුනා නේද අග්නි.....එහෙව් එකෙ.....අසුර උඹට නර මම ආදරෙ කරන තරමට....මන් පද්මාවක් නොවී කොහොමද උඹ සිංහයෙක් නම්...මම නිදිකුම්බාවක් නෙවේද අග්නී...එහෙව් එකේ...මම කොහොමද පද්මාවක් නොවී ඉන්නෙ.....උඹ අග්නියක් නම්...ඒත් පිච්චෙනවා....උඹ මහරාවල් නම්....මට ඒත් පිච්චෙන්න වෙනවා...උඹෙන් පිට වෙන දාතු පව මගෙ යටි බඩ පුච්චනවා....උඹේ ආදරෙ පවා මාව පුච්ච්නවා....

මගෙ අග්නී.....මගෙ ආදරනීයම අග්නි......උඹ කියනවා උඹ නැති දාකට...උඹෙන් පිට යන්න එපාය කියලා ....උඹ නැති දාකට මට ජීවිතයක් ඇයි මගෙ අග්නි ....ඊට වඩා නරක නැද්ද...මම පද්මාවති වෙලා...ජවුහාරයක් කරන එක.....( ස්වයං ගිනිතබා ගැනීමක්.....) ආ මගෙ අග්නී...

මම එයාගෙ පපුවට හේත්තු උනා....එයා මාව රිදවන්න හැදුවා...එයා නැති දාක උනත් එයාගෙන් පිට යන්න එපා කියනකොටම මම එයාට ඊට වඩා රිද්වන්න මම පද්මවති වෙන්න ඕනද අහනකොට එයාගෙ ඇස් දෙක ගැස්සුනා.....

පද්මාවති එක්ක ගෑනු එක්දහස් හයසීයක් ජවුහාරෙට ගියා...මහරාවල් අලා උද්දීන් ඛල්ජි අතින් මැරුනත්....යුද්දෙට ගිය තමන්ගෙ ආදරනීයන්ට දුන්න තැන වෙනත් එකෙක්‍ට දෙන්න බැරිගෑනු කෙරුවෙ ගින්නට පැනලා නම්බුකාර විදිහට මැරිලා ගිය එක.....එක අතකට ඒක මිනිහගෙ චිතකෙට පැනලා මැරේනවා වගේ...ඒත්...මනුස්සයෙක් ආදරේ කරනවා....ඒත්....හරියටම ආදරේ කරන්නෙ එකම එක පාරයි...පද්මාවති රතන් සිංට ආදරේ කරපු තරම කොයි තරම්ද ..මම මගෙ මහරාවල්ට ආදරෙයි ...ඉතින්...අග්නි නැති දාක...ඒ අග්නියෙම්ම මාව අලු වෙලා ගිය දෙන්....

මම එයාව දාලා ගෙට එන්න ආවා...එයා තවමත් ලමයව වඩාගන එක තැන ඉන්නකො මං කාමරේට ගිහින් කොල්ලට රෑට අන්දන ඇදුම් පොඩි දෙක එක්ක පියරු මලයි ඕඩික්ලෝන් බෝතලෙයි මෙට්ටෙ දානකොට එයා ආව...හැබැයි මගෙ අග්නිගෙ මූන වෙනස් .....පුංචි එකාව තුවායෙන් එතුවත් එයාගෙ ඇදුම කොල්ලා තෙමලා තිබ්බා .....අපි වගෙ කලිසන් ටී ශර්ට් නැතිව හොයන්න අමාරු....හිතන්න අමාරු අගක් මුලක් නොතේරෙන ඇදුම් පටලවන් ඉන්න අග්නිගෙ සිනිදු උඩකය ඇදුම ඇගටම ඇලිලා දෙකට බෙදුන පපුව ඉලිප්පිලා තිබුනා

"ශිවන් ...."

ම්ම්ම්...

"ඇයි මට රිදවන්න හදන්නෙ ...."

ඇයි අග්නි.....

"ජවුහාරයක් කියන එකේ තේරුම දන්නවද ....?"

එයාගෙ ඇස් අමුතු වෙලා ගියා ..කොච්චර මරන් කන්න හැදුවත් මගෙ අග්නිගෙ ආදරේ සමහර තැන් සමනල තට්ටටත් වඩා මෘදු වෙනකොට මං දැනට ඒ ප්‍රශ්නෙට උත්තරයක් නොදී මගෑරිලා ...ඒත් එයා මාව අල්ලගත්තා .....

"උත්තරයක් දීපන්...මගෙ ශිවන් "

අග්නී ...

මං ලමයව මෙට්ටෙ උඩින් තියලා එයා දිහාවට හැරුනා ....තෙත් උන කෙස් රොදවල් කැරලි වෙලා ගිහින් තියනකොට මං ඇගිලි තුඩු වලින් ඉස්සිලා උඩු තොල අතෑරලා යටි තොලට හාදුවක් තිබ්බා ...නෑ...වැරදුනා....මං හාදුවක් තිබ්බෙ නෑ සීතලම සීතල යටි තොල මන් චුට්ටක් සූප්පු කෙරුවා ....වැඩියෙනුත් නැති...අඩුවෙනුත් නැතිව.....හැගීම් ඇහැරෙන්න නොදි....ඇහැරෙන්න...මං ආයම ළමයා දිහාවට හැරෙනකොට එයා යටි තොල උඩ එයාගෙ ඇගිලි තුඩු ගෙනියන ගමන් උන්නා ...

ගොම්මන පහුවෙනවා...හැමදාම ඉර පායන්න කලින් නටුවෙන් ගිලිහෙන්න ඕන බව දැන දැන සේපාලිකා පිපෙනවා ....මල ඉර උදේ ඉදන් නැහුන උන්ට ඩිංගක් ඇස් පියාගන්න ඉඩ දීලා තැඹිලි පාට අහසක් ඉතුරු කරලා යන්න ගියා උනත් හද පායන් එනකොට අර තැඹිලි පාට වලාකුලු වලට පාට අකුලගන්න වෙනවා.....

මන් පුංචි එකාගෙ ඇග පුරාවටම පියරු ගාලා ඔලුවට ඕඩි ක්ලෝන් දාලා අතුල්ලලා කොන්ඩෙ පීරුවා .....කොන්ඩෙ වැවිලා....ඒත්....කපන්න තහනම්.....එයා උඩට ඇදන් උන්න ඇදුම ගැලෙව්වා ...මොකද ඒකට වතුර උනලා.....ඇත්දල පාට හමක් නැති එයාට තිබුනෙ සුදුමැලි පාට හමක් වෙනකොට මම අතපත ගාන.....කෙදිරි ගෑවෙනකොට මිරිකන පපුවෙ තිබුන හරි අපූරු තැන කැපිලා පෙනුනා ....

අග්නී....

"ම්න්....."

රෑට....

මං ළමයා ගාවින් දිගා උන අග්නි දිහා බලලා රෑට මොනවද අහනකොට එයා ඕන දෙයක් කියලා උරහිස් ඇකිලුවා ...මන්දන්නවා .....රතන් සින්ගෙ පද්මාවති එයාගෙ හිත තුවාල කරවනවා .....

චුට්ටක් ඉන්න මං මොනවා හරි හදන්නම් අග්නි....

" ම්න්..."

එයාගෙ උත්තර කෙටියි....ඒත් ම්න් ගෑවත් ඒවා හරි බරයි...මං එහෙම්ම ඇගපත හෝදන් ඇදුමක් මාරු කරගන්න ටවල් එක පිටින් ඇතුලට ආවා ....අග්නිගෙ ඇස් වලින් මාව නිරුවත් වෙන්න දීලා මං හිමීට හිමීට ඇදගත්තා ....ඒත් අග්නි නෙවෙ ලගට ආවෙ....සීතල ඇගිලි සර්වාංගෙ පුරාවටම යන්න අග්නිව පිස්සු වට්ටන තැන් අතපත ගාන්න අග්නි නෙවෙ ආවෙ...එයා ඔහේ උන්නා...

කී පාරක් කෙරුවද....

මං ටවල් එක ගසන ගමන් කීපාරක්ද එකෙම කෙරුවද අහනකොට එයා ඇස් හීනි කෙරුවා ...හරියටම මං මොනවද අහන්න කියන්න තේරෙන්නෙ නෑ කියන්න වගෙ අග්නි ඇස් හීනි කරනකොට මං මෙට්ටෙ ගාව දනගහන් ඒ සීතල මූනට එබුනා ...

මං ඇහුවෙ ඇස්වලින් මාව නිරුවත් කරන් කී පාරක් මාව උඹගෙ කරගත්තද කියලා .....

"එකපාරක්වත් නෑ..."

අග්නී....

"උඹ මට උත්තරයක් නොදෙනවා නම්....ඇයි මං උඹට උත්තර බදින්නෙ.....ම්ම්ම්ම්...."

අග්නී.....ඒක ...ඒක හදිස්සියෙ කියන්න බෑ අග්නි..හැමදේම ඉවර උනාම...සීතල උනත්...මට මේ පලල් පපුවට තුරුල් වෙලා කතා කරන්න ඕනා.....සේපාලිකා මලක සුවද ගව් ගානක් ඈතට දුවනවා වගෙ....උඹේ ආදරේත් කල්පයක් දිගයි....එහෙම ආදරයක්.....වචනෙන් දෙකෙන් කියලා ආදරේ නාස්ති කරගන්න මට බෑ අග්නි.....

මං එලියට ආවා පුංචි එකාට එයාගෙ ඇග උඩ නැගන් නටන්න දුන්න අග්නි ගොලු වෙනකොට මං එන්න ආවා.....

දිලීප.....පොඩී .....පුතු .....සනී.....පයට....

නිදී...

මන් උන්නෙ පහන් පැල ගාව බුදුන් වැද වැද.....සේපාලිකා මල් වල සුවද හැම තැනම කැරකෙනකොට අම්‍රිතා සුවද කූරු මගෙ ප්‍රාර්තනාවන් හැම එකකම අහන් ඉදල හිමින් ඇවිලි ඇවිලි යනකොට මට චුට්ටමාගගෙ බෙලෙක්කෙ ඇහුනා ....ඒකා ක්ලැරන්ස් ව අමුවෙන් හමගහනවා...මගෙ අග්නිත් ඔය නම් පුරුදු වෙලා තියෙන්නෙ මේකගෙම්ම තමා...

දිලීප....පොඩී.....ආ....සිවන් අයියෙ...

මම පහන් පැල ගාවින් එන්න එනවත් එක්කම චුට්ටමගේ කටහඩ ඇහිලා මං හැරිලා බැලුවා....

මොකද උඹ කොහෙද මුමුන මුමුන යන්නෙ....

කොත්තු ගේන්ඩ....හන්දියෙ අලුතෙන් කොත්තු කඩයක් දාලා .....අද ගත්තොත් මුල් දවස හින්දා වැඩියෙනුත් හම්බෙනවා ..මොකද කියන්නෙ .....කොත්තුවක් කාලා ඊජීබි එකක් බොමුතේ .. .

චුට්ටමා කියවනවා...මූ මේ මට තියන ආදරෙට නෙවෙ එතනිනුත් කීයක් හරි කොටා ගන්න ...එක අතකට මට ආය මොකුත් හදන්න ඕනෙත් නෑ....

ආ චුට්ටා.....න්න්.....

ආ....දැහැමිනි අක්කෙ....කොහෙද මේ අවේලාවෙ දිලිසි දිලිසි මායන් වෙන්නෙ....

මම උන්නෙ චුට්ටන් අතෙ කොත්තුවක් ගෙන්න ගන්නවද නැද්ද කියලා හිත හිත වෙනකොට දැහැමිනි දිගට දිගෙ සුදු ගවුමකුත් ඇදන් මොනවදෝ උස්සන් එනකොට අරකා මැදින් පැන්නා.....

අද ගෙදර කිරි බාරයක් තිබ්බා.....ඉතින් මේ මෙහාටත් කිරිබත් දෙන්නයි කියලා ලොකු අම්මා කිව්වා....

කිරි දානයක් ....ඒමොකක්ද ....

මං කල්පනාකෙරුවා ...චුට්ටමා දැහැමිනියට කොයි වෙලෙත් හින්ට් එකක් ගහන්නම බලන් උන්න එකෙක් වෙනකොට ඒකා ඒකිගෙ අතෙ තිබුන පීරිසියටත් බෙල්ල දැම්මා...

කිරිබත් ....අපිට කොහෙන්ද පූසෝ බූල් බල්ලො...මෙතන මේ එක්දරු පියාට විතරක් කිරිබත් කැටයක් ඔතන් ආවට අහැට කනට පේන්ඩ ඉන්න කොල්ලට ගේන්ඩ උඹෙ අත් දෙක කොර වෙලාද දැහැමිනී...

අරූ අරකිට හින්‍ට් පාස් කර කරෝම කැරකෙනකොට ඒකිත් තසිම බදාගන උන්නා...මගෙ අග්නි දැක්කොතින් මට අද රෑ එලිවෙනකම්ම කම්කිරිබත් පෙන්නයි කියලා බයට මම චුට්ට්ටමාට ටිකක් ඉන්න කියලා කොත්තුවක් ගේන්න සල්ලි ගන්න යනකොට දැහැමිනි මාව නැවැත්තුවා ...

අයියෙ ..

ඇයි ...

..මේක....

චුට්ටන්ට දෙන්න...

එහෙම කියන්න එපා....මේක දානයක්නෙ....කෑල්ලක් හරි කන්න .....පව් සිද්ද වේවි...

මං දැහැමිනී දිහා බැලුවා ඒකි කියනවා එපා කිව්වොත් පව් සිද්ද වේවි කියලා ඒක ඇත්ත් ..ඒත් ඒකි දෙයක් දෙන්නෙ මෙ ගෙදර ලේලි වෙන්ඩ බලාගන කියලා අම්මා කියපු කතාව ආය ආයම මතක් වෙනකොටත් නොකා බැරි කමට මං පොඩිම පොඩි කෑල්ලක් කටෙ ඔබාගන්නකොට මේකි තවත් කෑල්ලක් මගෙ කටට බලෙන් එබුවා විතරයි එක පාරම ඒකිගෙ ඔලුව බේරන් අමු පොල් වල්ලක්ම බිම වැටුනා ....

මගෙ දෙයියනෙ.....තව ටිකෙන් මගෙ ඔලුව ....

කොහෙද සිහිය නෑනෙ.....ඇහැට කනට පේන්ඩ ඉන්න කොල්ලො දෙන්නෙක් දැක්කා විතරයි දැහැමිනිගෙ දැහැමි කම වාශ්ප උනා ...

.

අනෙ මේ චුට්ටන් කට පියාගන ඉන්නවද ....උඹගෙ ඔය කටු බොඩිය දිහා බල බල උඹට කැමති වෙන උන්ට පිට ගැස්මට බොන්ඩ වෙනි වැල් ගැට දෙන්ඩ ඕනා ඇයි කොහෙන් ඇල්ලුවත් කටුනෙ.....

දැහැමිනි මේ...

මං මාරු උනා....බිම්ට වැටුන පොල් වල්ලෙ ඇට්ටි ගෙඩි සීසීකඩ යනකොට මං ඉක්මනට ගෙට දිව්වා .....මොකද මං දන්නවා ඕක මගෙ ඊරිසියා කාරයගෙ වැඩක්...

"කෝ....සුදු පුතා අප්පච්චිට ඊ ගාලා පෙන්නන්ඩ"....

අග්ගියේ...හ්...

"ඕ.....කෝ ඉතින් ඊ....ගාන්ඩ"

බානෙ .....අග්ගියෙ....අප්පුච්චියො....බානේ.....

"මොනවද....මොනවද බැරි..."

මම උන්නෙ දොරින් එපිට .....අග්නි පුංචි එකා එක්ක කියවනවා ....එයා උන්නෙ කලින් හිටපු විදිහටම තමයි.....එතකොට පොල් වල්ල....ඉබෙ වැටුනද.....නෑ....වෙන්න බෑ...ඒක කොහොමත් වෙන්න බෑ.....

"මොකද ඔතන ඉදන් කරන්නෙ"

ආ...අ...අග්...මේ....එනවා ...

මාව උඩ ගියා දොර රෙද්ද ගාව ඉදන් පොල්වල්ල කව්ද වැට්ටුවෙ ගගා කල්පනා කර කර උන්න මාව ඊලග තත්පරේදි උඩ ගියා .. ..එයා අහනවා මොකද මෙතන කරන්නෙ කියලා ...එයාගෙ කටහඩ පවා සාමාන්‍යයි..එතකොට ඒක කරලා තියෙන්නෙ මගෙ අග්නි නෙවෙද ???

අග්නී.....

"ම්න්..."

කොත්තු කමුද...

එලියෙ ඉදන් මොකද කරන්නෙ අහනකොට මං හැරෙන තැපෑලෙන් කාමරේට ගිහින් මොකුත් නොවුන එකා වගේ ඉදන් කොත්තු කමුද අහනකොට එයා මගෙ දිහා බැලුවා ...

""ඔය කට අටෙ තියෙන්නෙ මොනවද ?"

එයා ආපිට කොල්ලා එක්ක කතාවට වැටුනා ...වෙනදා රන්ඩු කරන්න එන එයා අද රන්ඩුවට ආවෙ නැති උනා...චුට්ටමාට කොත්තුවක් ගන්න සල්ලි දීපු මගෙන් ඌ ප්‍රවාහන ගාස්තු කියලා තවත් පනහක් ඉල්ලන් යන්න යනකොට මං ඈතින් යන දැහැමිනි දිහා බලන් ඉදලා ගෙට ආවා...

ඇත්තටම ඒ කව්ද....ඒ මගෙ අග්නි නෙවේද ...ඒ පොල් වල්ල අලුත්.....වැටෙන්ඩ හිතලා වත් නෑ....

ඇතිද සුදු මහත්තයට ...

අතිනෙ ....දයියනෙ..අග්ගියේ ....තුත්තාන් .....දයියනෙ.....

හරි....ජෝ බොන්නකො...එතකොට දයියා ඉවරයිනෙ ...

තු....ත්තා....න්...අග්ගියෙ...දයිය....නේ.....

එපා කියන්න එපා කියන්නත් මගෙ පිගානට අත දාගන කාපු පොඩි එකා දැවිල්ලයි දැවිල්ලයි ගානකොට අග්නි ලමයට වතුර පෙව්වා .....අම්මා හෙට එන හින්දම කුසියත් අතුගාලා කාමරේට එනකොට මගෙ අග්නි කල්පනාවක උන්නා වගේම පුංචි එකාට නටලා මහන්සියට නින්ද ගිහින් උන්නා ...

අග්නී....

"ම්ම්ම්...ම..."

නිල්පාට හද එලියට මිනිස්සු මේ තරම් ආදරේ කරන්නෙ ඒ හද එලිය රෝමාන්තික හින්දදො මන්දා .....

මං උන්නෙ අග්නිගෙ අත උඩ කොලු පැටියා බිත්තිය අයිනෙ සැපට නිදාගන්නකොට මං උන්නෙ අග්නිගෙ ආදරනීය අඩත්තේට්ටම් වලට යටවෙලා වෙනකොට මටත් නොදැනිම මගෙ කකුල් එයාගෙ ඉනවටෙ පැටලිලා තිබුනා .....

"මං උඹට ආදරෙයි ...."

එයා මුමුනවා ...දැනෙන නොදැනෙන ගානට හාදු තියන අග්නි මට ආදරෙයි කියනකොට මං එයාගෙ මූනට වැටෙන හැම කෙස් කැරැල්ලක්ම පස්සට කරනකොට එයා හිනා උනා ....ඒ ඇස් ආදරනීය වෙල.....

ආයමත් හාදුවක් ...

ආයමත් හාදුවක් ....

ආයමත් ....ආයමත් හාදුවක් .....

මගෙ සම්පූරනම දෙතොලම තිබුනෙ අග්නිගෙ කට ඇතුලෙ වෙනකොට මටත් නොදැනිම මගෙ ඇස් අඩවන් වෙලා තන පුඩු ඇහැරිලා උන්නා .....අග්නි අඩ නිරුවත් වෙනකොට මං සම්පූරනම නිරුවතින් උන්නා . ...එයා ආදරෙයි කියනවා නිමාවක් නැතිවම ...

"මං උඹට මැරෙන්න තරමට ආදරෙයි .....මම මහරාවල් නම්.....උඹ මගෙ පද්මාවති වෙනවද ශිවන් ....."

එයා ආයම අහනවා ලතාවකට එහා මෙහා වෙන එයාගෙ සීතල ඇගිලි මගෙ පපුව පුරාවටම යනකොට එයා අහනවා මම පද්මාවති වෙනවද කියලා ....එයා මහරාවල් නම්...මං පද්මාවති නොවී කොහොමද ....

ඔව්...උඹ මගෙ මහරාවල් නම්...මං පද්මාවති නොවී කොහොම අග්නි....

"ඒත්....ඒක වේදනාවක් ....ඒක ඉවසන්න බැරි වේදනාවක් නෙ....."

ඒත් .....ඒ ගින්නට වඩා .....උඹ මාව එක මොහොතකටවත් තනිකරලා ගියෝතින් පපුවට දැනෙන ගින්දර හරි රස්නෙයි අග්නී...උඹ නැති තැන වෙන එකෙක්ගෙ වෙනවට වඩා ...ගින්නට පනින එක හොද නැද්ද මගෙ අග්නී....

මගෙ බෙල්ල පාමුල සීතල උනුසුම දෙකම එකට කැටි කරපු හාදුවක් තියන ගමන් උන්න අග්නිගෙන් මං ආපිට ප්‍රශ්නයක් අහනකොට එයා කෙලින් උනා...ඒ ඇස් අඩවන් උනා.....ආදරෙ වැඩි කමට ඒ ඇස් මත් වෙලා ....මට මොහාන් රාජ්ගෙ නිල් කටරොලු මතක් උනා....

ගෑනියෙකුට දරා ගන්ඩම බැරි හැගීම මොකක්ද දන්නවද ....

මොකක්ද ....

එයා මිනිහෙක්ට ආදරේ කරනවට වඩා ඒ මිනිහ එයාට ආදරේ කරනවය කියලා දැනෙන හැගීම.....

මට ඒ වචන මතක් උනා....සැරින් සැරෙ අග්නිගෙ දත් වලින් වේදනා විදින තනපුඩු කොච්චර උනත් අග්නිවම ඉල්ලනකොට ....මං උඹට මැරෙන්න තරම් ආදරෙයි කිය කියෝම එයා ඉවරයක් නැතුවම හාදුතියනකොට. සත්තයි මගෙ පන ගියෙ නැති ටික විතරක්ම උනා....එයා මාව මරන්න හදනවා ....අග්නිගෙ ආදරෙ පතුලක් නොපෙනන සාගරයක් වෙනකොට මගෙ ආආදරනීයම යක්ශ ආත්මය හරි සූක්ශම විදිහට මාව මරන ගමන් උන්නා .....

අග්නී...හ්.....අනෙ...මට බෑ ...

"මොනවද"

.අග්නි මාව මැරේවි...මේ ආදරෙ බර වැඩියි අග්නී...උඹ අහනවා උඹ නැති දාක උනත් උඹෙන් පිට යන් නෑනෙද කියලා ..මට කියපන් මගෙ රත්තරන් අග්නි....මගෙ ආදරනීයම යක්ශ ආත්මය.....උඹ එක තත්පරයක් මාව තනි කෙරුවත්...මාව උමතු වෙන්න එනකොට උඹ නැති උනෝතින් උඹෙන් පිට නෙවෙ...මට මගෙ හුස්ම ගන්නවත් බැරි වේවි ...

අනෙ ..අග්නි.....උඹ මෝහනයක් ...උඹ තනිකරම ගින්දරක්.....උඹ මහරාවල් නම්....මම පද්මාවති නම්.....මාව උඹෙන් උදුර ගන්න එන සුල්තාන් කව්ද කියන්න මම දන්නෙ නෑ ...ඒත්.....මට කරන්න තියෙන්නෙ පද්මාවති ගින්නට පැන්නා වගෙ.....ආදරේ හිතේ තියන් ගින්නට පනින්න .....

මං කියෙව්වා ..පිස්සෙක් වගෙ කියෙව්වා .....මං මගෙ අත් වලින් එයාව අත ගගා පිස්සෙක් වගෙ උමතුවෙන් කියෙව්වා .....

."උඹ ඒ තරම් මට ආදරෙයිද.....ම්ම්ම්ම්ම්...."

ඔව් ...අනෙ....ඔව් ...අග්නී...ඔව්...මට උඹ නැති තැන ජීවිතයක් නෑනෙ ..අග්නී....

"ඒත් එහෙමයි කියලා මට උඹව මරා ගන්න බෑ"...

ඒ කියන්නෙ උඹ මාව දාලා යනවා ....එහෙමද අග්නි...ආ....එහෙමද ....

"නෑ....කවදාවත් නෑ.....දාලා යන්න බලන් පෙරුම් පුරන් නෑනෙ...."

එහෙනම් .....අරහෙම කියන්නෙ....

"උඹේ කටින් කොච්චර ආදරෙයිද කියලා අහගන්න ඕනවට ...යකෙක් උනත්....මං ආදරේට පෙරේතයි.....සෘංගාරෙට පෙරේතයි...උඹ කෙදිරිගානකොයට .....වේදනාවට උරහිස්වල එල්ලෙනකොට ....අවංකවම මං උඹට වහ වැටුන යකෙක් ....උඹගෙ සුවදට.....උඹගෙ ආදරේට වහ වැටුන යකෙක්.....උඹගෙ නිරුවතට.....වහ වැටුන මම.....හැම කෙම්මුරේදිම ඇග උඩ නගින්න බලන් ඉන්න උඹේ හෙලුවට පිස්සු වැටුන කලු කුමාරයෙක් ශිවන් .....එහෙම එකෙ....මට කියපන්....මං නැති දාක...උඹව වෙන එකෙක් ගත්තොත් .....මට ඉවසන්න පුලුවන්ද කියලා ..."

.අනෙ අග්නීහ්හ්....

"මට උඹව නොමරා මරන්න ඕනෙ....ශිවන් ....උඹ මැරුනත් මගෙ....ඒත්....ඒක නෙවෙ මගෙ ප්‍රාර්තානව....මං උඹට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නොතින් ...උඹ ජීවත් වෙනවද මගෙ මැනික.....?"

අනෙ අග්නීහ්හ්....ඇයි අග්නි මේ....

මගෙ ඇස් වලින් කදුලු වැටුනා ...එයාගෙ මේ වචන ඔක්කෝටම වඩා බර වැඩි වෙනකොට මගෙ ඇස්වලින් කදුලු වැටුනා ....එයා කියනවා ජීවත් වෙන්න තව බලාපොරොත්තුවක් දුන්නොතින් ජීවත් වෙනවද අහනවා.....මං කොහොමද දෙයියනේ එහෙම ඉන්නෙ....

"මගෙ ශිවන් .....හදිස්සියෙ හරි....උඹ බඩ උනෝතින් ...උඹට පුලුවන්ද ජීවත් වෙන්න....??"

දෙයියනේ අග්නිහ්හ්...

"යකෙක්ට ආදරේ කරන්න පුලුවන් නම්.....ඒක වෙන්න බැරි කමක් නෑනෙ....??"

අග්නී....අග්නී...මොනවද ...ඔයා මේ....

"මගෙ අම්මට මාව හම්බුනා වගෙ.....බඩවැල නැතිව නෙවෙ ....බඩ වැල ඇතිව ....උඹට ජීවත් වෙන්න වෙනවනෙ....??"

අග්නී...හ්හ්හ්

🙂ජොබී නිදහාස්...

🥺මෙ ළමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න....

🤓ආයම යෙ යෙ එක්ක එන්නම්.....

මම...

ජොබී....🤭

Ferdeesha ❤️💚😘 ...

More Chapters