LightReader

Chapter 52 - 52

අග්නී....

"...."

අග්නී....

"....."

ඇයි අග්නී කතා නොකරන්නෙ.....ඇයි අග්නී කතා නොකරන්නෙ .....ඇයි....ඇයි කියන්නකො අග්නි...මම මොන වැරද්දක් කෙරුවටද...මම මොන වැරද්දක් කෙරුවදට අග්නී...??

මම එයාව හෙල්ලුවා.....මාව යට කරන් ඉන්නවා මිසක්කා එයා වචනයක් වත් කතා නොකරනකොට හෙටින් පස්සෙ හැම නිදහසම නැති වෙන බව දන්න මම කෑ ගැහුවා...බැරිම තැන උරහිස හපලා ගැහුවත් එක්ක.....ඒ එක්කම එයා මූන ඉස්සුවා ....උස්සලා ඇස් පිල්ලම් ගැහුවා.....

" උඹ ගාවඩි මගෙ නාඩි නවතිනවා ශිවන්....උඹගෙ ගැහෙන පපුව ගාවදි මගෙ පපුව නවතිනවා ශිවන්....මට තේරේන්නෙ නෑ....උඹගෙ ආදරෙ ගාවදි මම පුදුම අසරනයි .....මට කියපන්....මට කියපන් ...එකම එක පාරක්....උඹට මාව දැනෙන්නෙ කොහොමද කියලා .....?"

එයා අහනවා මට එයාව දැනෙන්නෙ කොහොමද කියලා .....මට දෙන්න උත්තර තියනවද ...මට දෙන්නෙ උත්තර නෑ....අග්නි කියන්නෙ උත්තර නැති ප්‍රශ්නයක්...අග්නි කියන්නෙ.....ඇතුල් වෙන්න දොරක් තිබුනත් පිට වෙන්න දොරක් නැති වංකගිරියක්...

අග්නි කියන්නෙම කැටපත් පවුරක් ආදරේ කියන අකුරු තුනට පන පොවන හැටි අකුරු කරන්න ගත්තොතින් ඉඩත් මදිවෙන.....

මට කරන්න පුලුවන් එකම දේ අඩන එක් විතරයි . ...මගෙ පපුව පැලෙන්න ආවා.....මාව යශෝදරාව ගාවින් තියනවා තියා හිතන්නවත් බෑ .....ඒත්.....යශෝදරාව සිද්දාර්තයන්ට ආදරේ කෙරුවෙ කොයි තරම්ද....මමත් මගෙ අග්නිට ආදරෙයි ...ශාක්‍ය වංශයේ සිද්දාර්තයන්ට යශෝධරාව ආදරෙ කෙරුවෙ කොයි තරම්ද . ....

අසුර කුලේ ඉපදුන අග්නිට මමත් ආදරෙයි. .....

අග්නී...උඹ මෝහීනිගෙ පිරිමි පැතිකඩද කියලා අහන්න හිතුන වාර අනන්තයි අප්‍රමානයි .....

මම එයාගෙ බෙල්ල ගාවින් මූන තියාගත්තා ....නූල්පටක් නැති සර්වාංගෙ හිරි ගඩු පිපුන පිපුනා මයි....තවම ඒවට බහින්න බැරි උනා... .....

ගනින්න බැරු තරම් දත් පාරවල් බෙල්ලෙන් පහල වහගන තියනකොට මට මගෙ අග්නිගෙ ප්‍රශ්නෙට උත්තරයක් ඇතිව අසරන වෙලා උන්නා...

"ඒ ප්‍රශ්නෙ ඒ තරම් අමාරුද මගෙ ශිවන්... ...?"

අග්නී....මේලෝකෙ දරන්න බැරි වේදනාවක් තියනවා නම්....ඒ උඹගෙ ආදරෙ අග්නි....ඒ ආදරේ මට හරි බරයි අග්නි...සමහර මිනිස්සු ආදරේ හොය හොය නැහෙනවා.... මට....මට උඹ ආදරේ දරන්න බැරි තරම් දෙනවා.....

අග්නී.....මගෙ ආදරනීයම අග්නි.....උඹ මගෙ මුලු ජීවිතේම....මුලු ආත්මෙම සිංනක්කරන් ඉවරයි ...උඹවම ඕනා කියලා මැරුන මම වෙනුවෙන් උඹ කල්පයක් බලන් උන්නා....උඹට උනත් ආදරෙ දරාගන්න බැරි තැනක් ආවොතින් .....මාව මරපන් අග්නි....ඒක සැනසීමක්...මැරෙන්න තරන් ආදරෙයි...මැරෙන්න තරන් ආදරෙයි කියල මිනිස්සු කිව්වට....මේ තාක් දුරට ඒ වචන මේ තරම් බරයි කියලා මම.දැනන් උන්නෙ නෑ අග්නි.....ඒත්...දැන් මං දන්නවා.....උඹගෙ ආදරේ උපරිමේ..මගෙ ජීවිතේ අවසානෙ කියලා .....

මම එයාගෙ මූන දිහා බලාහන මාව මරලා දාපන් කියනකොට එයා හිනා උනා....එයා කවදාවත් මාව මරන්නෙ නෑ කියන දේ එ හිනාව් අස්සෙන් මට දැනෙනකොට මට වෙන්නෙ පද්මාවතී වෙන්න කියන එක ඉවෙන් දැනෙනකොට එයා මගෙ ඇගෙන් බැස්සා...

මගෙ ඇගෙන් බැහැපු එයා ඊලග පාර කෙරුවෙ මාව ආයාම පාරක් ඇදලා අරන් තුරුල් කරගත්තු එක වෙනකොට එයා පැත්තක උන්න නිඛිල් දිහා බලලා ලාවට හිනා උනා...හිනා වෙලා මගෙ පුතා කිව්වා ....

දෙවියනේ...අග්නි කිව්වා...අග්නි කිව්වා...බඩවැල නැති දරුවෙක් නෙවෙ...බඩවැල ඇති එකෙක් දුන්නොත්...ජිවත් වෙන්න පුලුවන්ද කියලා....

අග්නී....

මම එයාව හෙලෙව්වා....

අග්නී....අග්නී....

"...?"

මලානික පාට මූනෙ හැගීම් පිරුන ඇස් දෙක මා දිහා බලන් උන්නා....

අග්නි...මම මම....පිරිමියෙක්...එහෙව්...එකේ....

"මම මොකෙක් වගේද පේන්නෙ මගෙ ශිවන්.....මම දන්න තරමින්...උඹට උඹගෙ එකම මස්සිනා සතර අපාය ගැන කියලා දුන්නා.....සුරයන්ටත් වඩා අසුරයන්ට බලය වැඩි කියලා ඒකා කියල දුන්නා....දවල් කාලෙ රෑ කරන්න වගේම....රෑ කාලෙ දවල් කරන්න ....තරු දිශා මාරු කරන්න පවා අසුරයන්ට බලයක් තියනවා නම්....ඉෆ්‍රිත් උන මට උඹව බඩ කරන්න බැරි කමක් නෑනෙ ....?"

අනේ...අග් ...නීහ්....

"ඇයි ..උඹ අකමැතිද...මගෙනෙ...??"

එයා අහනව අකමැතිද කියලා .....අකමැති කම නෙවෙ....ඒත්....මම කොහොමද මේ දේවල් වලට මූන දෙන්නෙ.....මම ජීවත් වෙන්නෙ යතාර්තෙ ඇතුලෙද ..පොතක් ඇතුලෙද විශ්වාස කරන්න අමාරු හීනයක් ඇතුලෙද කියලා මට හිතා ගන්න බැරි වෙනකොට එයා අහනවා අකැමැතිද කියලා .....අකමැතී නෙවෙ දෙයියනේ.....ඒත් මම කොහොමද ඕකට මුන දෙන්නෙ....මිස්ටර් සමරවීර....ඒ අනිත් මනුස්සයා ....මම ඒ මනුස්සයට කෝල් එකක් දෙන්නෙත් මරන්න ගෙනියන හරකෙක් හා සමානව....එතකොට ළමයා....අම්මා අප්පච්චි ....මිනිස්සු.....

මගෙ ඔලුව විකාර වෙන්න ආවා....බඩක් උස්සගන.....??මම...අනේ.....අසනීපයක් කියන්ඩවත් පුලුවන් බඩේ ගෙඩියක් වත් කිව්ව හැකි...ඒත්....ඒත්. .

අනේ අග්නී...මේ අහන්න අග්නී....මේ අහන්නකො....

" ම්න්.."

මම ...මම අකමැති....නෑ...ඒත්.....ඒත්...අග්නි....අනේ .දරුවෙක් හම්බෙන එක...ඒක මහ....ඒක මහා ..අමාරුදෙයක්....ඒක...මහ වේදනාවක්නෙ අග්නී...අනික...අනික...බඩක්...අනේ අග්නී....

මට කියන්න දේවල් හුගාක් තිබුනා...ඒත් මට කියන්න බෑ....ඒත් මට කියා ගන්න හයියක් නෑ.....මම ඇඩුවා...මම මුනින් අතට හැරුනා.....මගෙ ඔලුවට ආව නැති දෙයක් නෑ .....

"මැනික...."

එයා මගෙ පිට දිගේ හිමින් අතගානවා.....එයාට ඕනෙ අගක් මුලක් හිතාගන්න බැරි වටේ පිටේ මිනිස්සුන්ට දෙන්න ඕනා උත්තර මොනවද කියලා හිතා ගන්න බැරිව පිස්සු හැදෙන්න ඔන්න මෙන්න උන්න මාව අඩන එක නවත්තන්න වෙනකොට ඒ තත්පර ගානෙම්ම එයා මාව එයාගෙ පැත්ත හරවන් තුරුල් කර ගත්තා ...

ආදරනීයම හාදුවක් නලල උඩ නවතිනකොට මූනට වැටුන කෙස් ගස් දෙක තුන එයා ඇගිලි තුඩු වලින් ආපහු පස්සට දැම්මා....

" දැන් අඩන්නෙ ඇයි . ."

අග්නී....ඒක...ඒකට මම කොහොමද මූන දෙන්නෙ අග්නී.....මේක මනුස්සලෝකෙ.....මාව මිනිස්සු ගල් ගහලා මරාවි...සාපයක් වැදුන එකෙක් කියලා මාව ගමෙන් එලවාවි....ඊටත් කට කතා ....පත්තර ටීවි වල පවා යාවි...අම්මා තාත්තා ...මම වැඩකරන තැන...ඊටත් බඩක්...බඩක් ආවම කියන්න පුලුවන් අඩුම ගානෙ මට ලෙඩක් වත් කියලා....ඒත්....ඒත්....දරුවා හම්බුනාම...මම කොහොමද අග්නී...මම.....

" හුස්ම ගනින්.....ඇයි මේ...මගෙ ශිවන්....රටේම ප්‍රශ්න ඔලුවෙ දාගන...?"

.......

එයා අහනවා ඇයි මේ හැම ප්‍රශ්නයක්ම ඔලුවෙ දාන් කියලා.....මගෙ අග්නි දන්නෙ නෑ යක්කුන්ටත් අන්ත මිනිස්සු මේ ලෝකෙ ඉන්නෙ කියල....මූනට අනේ කවදද බබා හම්බෙන්නෙ කියල අහලා නැති තැන මිනිස්සු කොච්චර කතා හදාවිද බඩේ ඉන්න එකා එලියට එන්න කලියෙන් ලමයට ජාතකේ හදාවි....මූනට මව් සෙනෙහෙස පිය සෙනෙහස ගැන කතා කරාවි...ඒත් නැති තැන ...අරහෙමයි...මෙහෙමයි ගගා කීදෙනෙක් එක්ක මාව කී පොලක නැති කරාවිද...මාව පත්තරේට දමාවි....මාව ෆේස් බුක් යූ ටුයුබ්...අනේ දෙවියනේ...මාව මිනිස්සු නැති කරාවි ....මූනට අයියෙ මල්ලියෙ ගගා උන්න උන් මොනවා නොකියාවිද....

අග්නී....මගෙ බඩ ලොකු වේවි.....මම වහන් කරන් ඉන්නම්...ලෙඩක් කියලා..ඒත්...ඒත්....අනේ අග්නී...

"දැන් මම කිව්වද උඹගෙ බඩ ලොකු වේවි කියලා....නෑනේද... ඇයි මැනික මෙච්චර කලබල...උඹලගෙ ගෑනුන්‍ට වගේ මෙන්න මේ ඇබිත්තන් බඩ ලොකු වෙන්නෙ නෑ .ඒත්....උඹට ඒ බර දැනේවි.....උඹට ඒ හැම වෙනස් කමක්ම දැනේවි....හැබැයි.....ඒක උඹට විතරයි ......අනික . .නැ...ඕන් නෑ.....ඒක වෙලාව ආවම බලමු..."

එයා මගෙ ඔලුව අතගෑවා...එයා කිව්වා ඒක දැනෙන්නෙ මට විතරලු....එත්....ඒත්....අනේ...ඒත්....

"සැරයක් කිව්වනෙ....ඒක ඒ වෙලාවට අපි බලමු...ඔච්චර හිතන්න එපා ශිවන්...උඹව පිස්සෙක් වේවි.... ".

එයා මගෙ ඔලුව අත ගෑව.....ඔච්චර හිතනන් එපා කියපු එයා මාව තුරුල් කරන් චුට්ට වෙලාවක් උන්න...ආයම මගෙ කම්මුලට පොඩි හාදුවක් තිබ්බා...

" හෙට අම්මා ඒවි....හෙට ඉදන් අග්නිට ලගට එන්න බැරිවේවි...ඒත් එහෙමයි කියලා ....මගෙ ශිවන් උඹ මෝඩ වැඩ කරනවා නෙවෙ...අම්මා පහන ඇවිලුවම උඹ දන්නවනෙ ...මට කොහෙවත් යන්න බැරි බව..."

එයා කියවනවා...ඒත් භෛරව් ..භෛරව් කිව්වනෙ එයාට පහන තිබ්බට යන්න පුලුවන් එයා කරන්නෙ අම්මව රව්ට්ටන එක කියලා ...ඉතින් මටත් බොරු කරන්නෙ ඇයි....සමහර විට...මගෙ කටින් පිට වේවි කියලද....??

වෙන්න ඇති ....එයාට බය ඇති...අම්මා මාව එයාගෙන් ඈත් කරාවි කියලා ....

මගෙ අග්නි මාව අත ගගා හුරතල් කරන්කොට මම භෛරව් කියපු දේවල් හිතින් හිත හිත එයාගෙ පපුවට තුරුල් වෙලා උන්නා. ....ඒත්....ඕනා නම් මට උපරිම විනාඩි පහක් දහයක් ඉන්න හම්බවෙන්න ඇති....කාපු බීපුවා කලත්තගන ඔක්කාරෙට එනකොට මං හෙලු වැහෙන්ඩ රෙදි පටක් පටලවන් එයාව තල්ලු කරන් අතින් කට වහන් එලියට දිව්වා .....

බ්වෑක්.....බ්වෑක්ක්.....බ්වෑක් .....

"ශිවන්....."

අග්...බ්වෑක්.....

මට වමනෙ යන්න ගත්තා ....කාපු කිසිම දෙයක් දිරන්න් හිතලවත් නැති වෙනකොට මං වමනෙ කෙරුවා .බීපු ඇල් වතුර උගුරෙ ඉදන්ම වමනෙ කෙරුවා ...

අනේ....අග්...නීහ්.....බ්වෑක්ක්ක්ක්.....

මගෙ ඇස්වලින් කදුලු ආවා....එයා මං දාපු වමනෙ එක දිහා බලගන ඉදලා මා දිහා නොබලා ඒකට පස් මිටක් දාලා වැහුවා ....වමනෙ යනවා.....ගියපු වමනෙ දැකලා ආයමත් වමනෙ යනවා...

මෙච්චර වෙලාම උන්න අර ආදරනීය අග්නිගෙ මූන වෙනස් උනා...හැබැයි ඒ මූනෙ තරහවක් තිබුන් නෑ.....හැබැයි ඒ මූනෙ කිසිම හැගීමක් නැති හිස් පිටුවක් වෙලා තිබ්බා ....

බ්වෑක් ....

ඇන්තූරියම් පැලවල කොල ඉවරයි .....ඒ කොල පුරාවටම තිබුනෙ මගෙ වමනෙ වෙනකොට දාපු වමනෙ වල ඉවසන්න බැරි කුයිලෙ ආයම මාව හෙම්බත් කෙරෙව්වා .....

නහයෙන් කටින් ඉහ මොල දැවිල්ල කරවගන එන වමබෙ කපු බීපු හැමදේම එලියට ඇදලා දැම්මා අවසානෙදි කටම තිත්ත කරවන් කහපාටට පිත පවා එලියට යනකොට මං එක අතක් කොර උන යටි බඩට වගේම අනිත් අත කොන්දට තියා ගත්තා ....

මට කැරකිල්ල වගේ....ඇගම පන නෑ....ඔලුව උස්සන් ඉන්න බෑ...කොටිම්ම කිව්වොත්...මගෙ සර්වාංගෙම මට බරයි....මටම උස්සන් ඉන්න පන නැති වගේ හැගීමක් දැනෙන කොට මං මගෙ වේදනා දෙන බඩ අත ගාගත්තා .....

අනේ.....අනේ...දෙවියනේ ...මම ...

තත්පර ගානයි ....වමනෙ දාලා දාලා හෙම්බත් වෙලා උන්න මට ඊලග පාර මාව කරකවලා අතෑරියා වගේ උනා....උස්සලා පොලවෙ ගැහුවා හා සමාන උනා.....මගෙ අත යටි බඩ හරහා එහා මෙහා යනවා එක්කම තත්පර ගානකට කලින් මාව පිස්සු වට්‍ටපු ඒ ප්‍රශ්නෙ මගෙ හිත අස්සෙ එහා මෙහා යන්න ගත්තා ....මාව පස්සෙන් පස්සට ගිහින් වැටෙන්න ගියා වගේම සීතල අතක් ඇවිදින් මගෙ ඉන වටෙ එතුන .

අග් ....නී....

"ප්‍රවේසමෙන්..."

අනේ අග්නී....අග්නී....මේ දැම්මම.....මෙ දැම්මම....එක පාරින්....

මට අහන්න ඕනා උනෙ එක පාරිම්ම මං බඩ උනාද කියලා උනත් මට ඒක අගගන්නවත් තේරුමක් නැති උනා....මට මං බඩ වෙලාද.....අග්නී....උඹ මෙච්චර ඉක්මනට මාව බඩ කෙරුවද කියලා අහන්නවත් හයියක් නැතිව මගෙ ඔලුව විකාර වෙන්න ආවා ...කොච්චර ආදරෙ උනත්....මැරෙන්න ආදරේ උනත්....එක පාර දරුවෙක් ...අනෙ මං මනුස්සයෙක්....කොච්චර උනත් මං ඉන්නෙ ඔලුව අස්සෙ එක එක විකාර පිරුන මිනිස්සු එක්ක කොටිම්ම දිවෙන් දිව ගාගන උන්නත් පිටිපස්සට කතා හදන මිනිස්සු එක්ක...මූනට හිනා වෙන පස්සට කතා හදන උන් එක්ක....එහෙම එකේ අග්නි මට කියන දේ එකම එක තත්පරෙන් තේරුම් අරන් හිත හදා ගන්න නම් මං වයිමා වෙන්න ඕනා....වයිමට උනත් බැරිව ඇති මේ තරම් ඉක්මනට දෙයක් තේරුම් ගන්න.....

මගෙ ඇස්වලින් කදුලු ආවා...මං තවම හිත හයිය කරන් නෑ....අනෙ මං ගෑනියක් උනා නම්....අග්නි ගෙ නමින් එකට දහයක් හරි වදන්න තිබ්බා.....මං අසුර ලෝකෙට අග්නිගෙ අඹුව උනත් නර ලෝකෙට ....???

"උඹ මෙ තරම් ඉක්මනින් බඩ වෙන් නෑ ශිවන් . ඇයි මගෙ මැනික මේ බය වෙලා ....ම්ම්ම්"

මම අග්නි දිහා බැලුවා ....එයා කිව්වා මන් මේ තරම් ඉක්මනට බඩ වෙන් නෑ කියලා ....

අග්නී.....

"උඹට මොනවා හරි අජීර්න වෙලා ....."

අජීර්න ..යක් ...අග්..නි....ඔයාට .....

ඔයාට....අනේ....ඔයාට....හොදටම ....

"ඔය ඉතින් ..මේ බලපල්ලකො රත්තරනෙ මේ පපුව ගැහෙන තරම් ..අනික උඹ හිතනවද....මං ඔච්චර ලේසියකට උඹව බඩ කරලා මාසයක් යනකන් නිකන් ඉදී කියලා ....මගෙ කොට මගුල .....මං තවමත් ආදරේ කරන්න ගත්තා විතරනෙ මගෙ ශිවන් ම්ම්...බය නොවී ඉදපන් .උඹට කාපු දෙයක් අජීර්න වෙලා...."

කිව්වට විස්වාස කරන්න....මෙච්චර වෙලාම දැනුන අර බර ගතිය පපුවෙ බර....ඔලුවෙ බර ගතිය යන්න යනකොට මං අග්නිගෙ ඇගට හේත්තු උනා.....එයා කිව්වා මට තියෙන්නෙ අජීර්නයක්ලූ....

මොනවත් මං කෑවෙ නැනෙ....

අග්නී....

මට වතුර ටිකක් ඕනා උනා.....පිත යනකම්ම වමනෙ ගියපු මට වතුර ටිකක් ඕනා උනා....මගෙ තොල් කට මේ හැම දේම නියගෙකට අහු උනා වගේ වේලිලා යනකොට මට වතුර බූලියක් තරම් බොන්න තිබහවක් එනකොට අග්නි මම කියන්නත් කලිම්ම අරන් ආව වතුර එක එයා කටට ලන් කරනවත් එක්කම මම එක හුස්මට බීගන බීගන බීගන ගියා උනත් අවසානම වතුර උගුර උගුරෙන් පහලට යනවා එක්කම මට ආපිට වමනෙ ගියා ...

උගුරෙන් පහලට ගියපු වතුර උගුරු ගාන වැවක් තරමට යන කොට මට කෙලින් ඉන්න බැරි උනා...මගෙ අග්නි මාව අල්ලන් උන්නා.....අවසානම හරියෙදි මම එයාගෙ අත් දෙක උඩට කඩා වැටිලා හරි අමාරුවෙන් හුස්ම ගත්තා ....

අනේ...අග්නී....ඇයි....අග්...නී...මේහ්...

මගෙ ඔලුව පුපුරන්න වගේ.....වමනේ ගිහින් ගිහින් උගුර දැවිල්ල ගත්තා...බඩ පපුව විතරක් නෙවෙ මගෙ කොදු ඇට පවා වේදනා දෙන්න ගන්නකොට වැට කඩුල්ල ගාවින් අමන්දියා මතු උනා....

අනේ අයියෙ...අපේ චුට්ටමාට වමනෙ යනවනෙ...

මම අග්නි දිහා බැලුවා...චුට්ටන්ටත් වමනෙ යනවලු....

කො..යි....වෙලේ...ඉදල...ද.....

ඌ කාලා පැය කාලක්....විතර ගියාට පස්සෙ ....ඌට දෙහිත් පෙව්වා.....

ඒ කියන්නෙ චුට්ටමාටත් බඩේ අජීර්නෙන්ද....

මං ඕකට කිව්වා අලුතෙන් දාන හැම මගුලම කන්න එපා කියලා දෙයක්කියන්ඩ බෑනෙ මගෙ බලු කට වහගනින් කියලා බනිනවනෙ...කොහෙද මූ අම්මව අල්ලෙ නටවනවා...

අමන්දියා බනිනවා....දෙහි ගෙඩියක් බීලත් ඌ වමනේ දානවාලු...අමන්දිගෙ ඇස් වලින් වහන් වෙලා උන්න අග්නි මගෙ වේදනා දෙන පිට කොන්ද අත ගගා හිමින් මුනු මුනු ගානකොට මම අමන්දියා දිහා බැලුවා....

චුට්ටන් විතරද කෑවෙ...

ඔව්...ඌ විතරයි කෑවෙ...ඌ විතරයි කියන්නෙ ඌ අපිට දුන්නෙ නෑ...කාල ඉතුරු බාගෙ ආපහු ඔතලා ෆ්‍රිජ් එකෙ දැම්මා හෙට උදේට කනවා කියලා....ඇරත් ඌ ඒක ෆ්‍රිජ් එකේ දාන්ඩ කලින් ඔතපු කොලෙ උඩ ලිව්වා මේක අල්ලන එලාගෙ අත කොරවෙයන් කියලා...එච්චරත් දේවල් කරපු කොත්තුව කාලා විහින් මැරෙන්ඩද...

අමන්දියා චුට්ටමාගෙ කෙරුවාව කිව්වා . චුට්ටමා නම් යකෙක්...අග්නි මුනු මුනු ගානකොට මම බැරි බැරි ගාතෙ වෙද ගෙදරට හැරුනා...

ඔය කොහෙද යන්නෙ....

කොහෙද ....අහන්නෙ .....ඌට මතුරලා දෙහි ගෙඩියක් දෙන්නම්....ගිහින්...මිරිකලා ඉස්ම වලය උනු ටිකක් දාලා බොන්ඩ දීහන්....

ආ..දෙහි හරියන් නෑ...

මේකි ඊට හපන්...මට පාන් කියා ගන්නබැරිව මම ඉන්නකොට අමන්දියා තව මගුල් කියවනවා...දෙහි හරියන් නෑලු...

"දෙහි එපා නම් ඒකට මොනවද හරියන්නෙ අහපන්....."

දෙහි එපානම්.....මොනවද...

ඌ කිව්වා ලමයගෙ මොරිසන් එක ඉල්ලන් එන්ඩ කියලා ..

මොකක්....අච්චර නාකියට....ලමයගෙ...මොරිසන්...එක? ඌට...ඕක හරියන් නෑ.....අසමෝදගම් එක අරන් යමන්...එහෙනම්....

මට කිව්වෙ මොරිසන්ස් ගේන්න කියලනෙ....

" මට පේන්නෙ මේකිටත් නිල් වෙන්න කන්න ඕනා වෙලා වගෙ"

මම ඉක්මනට අග්නිව අත පත ගාලා අල්ලන් කෙනිත්තුවා ....වෙලා.තියන දේවල් මදිවට අග්නියා අමන්දියටත් අල්ලන් ගැහුවොත් .....ඒක ඊට හපන් ....

මම වද කරලා පොර කරලා මතුරපු දෙහි ගෙඩියයි අසමෝදගම් එකයි දීලා අමන්දියව පිට කරලා යවලා එයාට වාරු වෙලා ගෙට ආවා .....

අනෙ දෙවියන්ගෙ පිහිටයි පුංචි එකාට මොකූත් නෑ අනෙ ඒකා නිදි...කොල්ලගෙ නින්දෙ තරම කියන්නෙ නින්දෙන් මෙට්ටෙ පුරාවටම කැරකෙනවා ...අග්නිටයි මටයි මැදිවෙලා නිදාගන්නකොට කකුල් දෙක අපි දෙන්නගෙම ඇගට දානවා....කැරකිලා කැරලා අවසානෙදි අග්නිගෙ අත් අස්සට හිරවෙන පුංචි එකාට එතනින් පස්සෙ අනෙ හොදටම නින්ද යනවා ....

"උඹටත් දෙහි ගෙඩියක් පොවන්නද මැනිකෙ "

අනෙ අග්නී එපා..වතුර චුට්ටක් බීලා අච්චර ගිය එකේ...එපා බෑ අග්නී...මගෙ ඇගට පන නෑ...

මම ගිහින් මෙට්ටෙන් වැතිරුනා ....එයා මට දෙහි පොවන්න අහනකොට එපා කියපු මන් මෙට්ටෙන් වැතිරෙනවා එක්කම අග්නිත් මගෙ ළඟින් වැතිරිලා මගෙ පිට කොන්ද අත ගාන්න ගත්තා...

අග්නී....

"ම්න්...."

තත්පර ගානක් යන්න ඇති.....නෑ තත්පර මිනිත්තු වෙලා මිනිත්තුත් පැය වෙනකොට අග්නිගෙ බෙල්ල ගාවට මූන තියන් උන්නා වගේම මම එයාට හිමීට කතා කෙරුවා එයා හූ මිටි තිබ්බා ...

අග්නි...මට නිල් වෙරලු කන්න ආසයිනෙ....

".....?"

අනේ අග්නී.....මේ කොහෙවත් නෑද්ද අග්නී...

"දැම්ම දොලදුකද....ම්ම්ම්ම්"

එයා හිමින් සැරෙ මාව අතගෑවා..නිල් වෙරලු අහලා තිබුනට මං කවදාවත් නිල් වෙරලු කාලා නෑ....ඒත්.....ඒක දක්කම කනවටත් වඩා මහා අමූතු හැගීමක් දැනෙනවා...

" රුද්‍ර=ශිව ආක්ශ =කදුළු... රුද්‍රාක්ශ කියන එකේ තේරුම....ශිව දෙවියන්ගෙ කදුලු .....උඹ දන්නවද ....උඹලගෙ අම්මා ඇයි උඹට ශිවන් කියලා නම තිබ්බෙ කියලා.....ම්ම්"

මෙච්චර වෙලා එයාගෙ බෙල්ල අස්සෙ මූන හංගන් උන්න මම අනිත් පාර එයාගෙ පැත්තට සම්පූරනම හැරුනා....සැරින් සැරේම බඩ කැලතෙන කොට යන්න දෙයක් නැති කමට ඔක්කාරෙ උනා....ඔක්කාරෙට එන වාරයක් වාරයක් ගානෙම මගෙ ඇස්වලට කදුලු පිරුනා...වමනේ ගිහින් ගිහින්ම අවසානෙදි මගෙ බඩ පපුව දැවිල්ල ගත්තා....වතුර පොදකින් වේලුන තොල කට තෙමා ගන්න ඕනා උනත් බොන වතුර උගුරට වමනෙ කලයක් විතර ආපිට යන හන්දා මම ඉවසන් උන්නා.....

ආය නම් කොත්තු කන්නෙ නෑ...

එයා මාව අත ගානවා ..වේදනා දෙන කොන්ද පිට ....යටි බඩ සීතල ඇගිලි ලතාවකට එහා මෙහා යනකොට අවංකවම පුදුමාකාර සනීපයක් දැනුනා...නිල්වෙරලු කන්න ආසයි කිව්ව මට එයා මගෙ නම ශිවන් කියල දැම්මෙ ඇයිද කියල දන්නවද ඇහුවා...

නෑ....ඇත්තටම නෑ.....දැනන් උන්නෙ නිල් වෙරලු කියන්නෙ ශිව දෙවියන්ට අයිති දෙයක් කියලා විතරයි ...

නෑ අග්නී .....ඇයි ඒ....

" උඹ හම්බෙන්න ඉන්නකොට උඹගෙ අම්මට ආවෙත් ඒ දොල දුකමයි.....නිල් වෙරලු කන්න.....නිල් වෙරලු කියන්නෙ රුද්‍රාක්ශ ....ශිව දෙවියන්ට කැප උන පලතුරක්....ඒ වගේම ඖශධයක්...."

ම්ම්ම්ම්.....

එයා කියනවා මට ශිවන් කියල නම තිබ්බෙ අම්මට මම ලැබෙන්න ඉන්නකොට නිල් වෙරලු කන්න ආසාව ආව හන්දලු.....අම්මට ඒවද කන්න හිතුනෙ .....

මම ඔහේ උන්නා...නිල් වෙරලු ඉල්ලපු මම ඔහේ උන්නා..හැබැයි ....අම්මා මට ඒ නම තිබ්බෙ නිල්වෙරලු දොලදුක හන්දයි කියල මතක් වෙනකොට මට ආය ආයම පිස්සු හැදෙන්න ගත්තා ...දෙවියනේ...මට...මට දොල දුක ඇවිත්ද...මෙර් අග්නි මාව රවට්ටනවද ....එහෙම නෑ කිය කිය මාව රවට්ටනවද...??...

නෑ.....එහෙනම් චුට්ටන්ට වමනෙ යන්න විදිහක් නෑ...

නෑ...අනේ...දෙයියනේ...ඒත්....ඒත් භෛරව් ...භෛරව් ආදරේ කරන්නෙත්....

අනේ අග්නීහ්.....

මට කැ ගැස්සුනා....මගෙ ඔලුව ආය ආය විකාර වේගන එනකොට මට කෑ ගැස්සුනා උනත්...අග්නි ගානකට ගන් නැතිව මගෙ කම්මුලකට සිනිදු හාදුවක් තියලා නමක් කෙදිරුවා .....

" මන්ධෝදරී...."

මන්ධෝදරී.....කාටද...කව්ද.....ඇයි මොකටද...අග්නි උඹ මාව රවට්ට්නවා....උඹ මාව රවට්ටනවා උඹ කියනවා ඒක එහෙම වෙලා නෑලු...එහෙනම්....එහෙනම්...ඇයි මටත් නිල් වෙරලු මතක් වෙන්නෙ අග්නී....අනේ ඇයි.....

"උඹට පිස්සුද බන්...වමනෙ දැම්මෙ මොලෙත් එක්කද...??"

එයා මට රැව්වා...මැනික.මැනික ගහා උන්න එයා.මට රවාගන උන්නා....

අග්නී...

" දන් උඹ පිලිගන්නෙ නැද්ද...උඹ බඩින් නෙවෙ කියලා ....."

නෑ...මං...පිලිගන්...ආඅව්ව්.....හ්හ්...ආඅව්ව්...හ්හ්හ්....අග්....නීහ්...

" එහෙනම් දැන් පිලිගනින්..."

එයා ගැහුවා.....අත මිටමොලවලාම.මගෙ යටි බඩ කොර වෙන්න ගැහුවා මම පාර කාගන කදුලු පුරවගන ඇකිලුනා ....අනේ...ඒක වේදනාවයි දෙවියනේ....

අනේ....අග්..නී...අනේ...හ්...

"උඹ බඩ වෙලා උන්නා නම් මම ජීවිතේටත් ඔය වගේ පාරක්.ගහන් නෑනෙ මැනික...එහෙම උනානම් මම උඹගෙ කකුල් වලට වැලි කැටයක් වත් පෑගෙන්නෙ දෙන්නෙ නෑ...ඒ තරම් මම උඹව පරිස්සම් කරනවා.....උඹ දැන් නැති ළමයෙක් ගැන කිය කිය නැහෙනකොට ...මට කරන්න පුලුවන් එකම දේ.මේක විතරයි .....විදවපන්..."

එයා මට නොබැන බැන්නා...හරියටම පල නොකිය පලා බෙද්දා වගේ....

" පෙරේතයා අහු වෙන හැම මගුලම කටේ ඔබාගන දැන් විකාර කියවනවා....."

එයා බනිනවා....අහු වෙන හැම මගුලම කටේ ඔබාගන විකාර කියවනවා....එහෙනම්...මොකටද එයා කනට නමක් මිමිනුවෙ.....? මොන මගුලටද...මන්ධෝදරී .....ඒක මොකටද ....

අග්නී.....

".....?"

ඇයි මන්දෝධරී කිව්වෙ.....මොකටද....

.." හේඑතුවක් නෑ...ඒ කොහොම උනත් උඹට ළමයෙක් හම්බෙන්න නෑ ...උඹ හිතනවද මම ගහෙන් ගෙඩි එන්නා වගෙ ළමයි දෙයි කියලා .....හොදට මතක් කරපන්.....මොන මගුලද කටේ ඔබාගත්තෙ කියලා ...හිතලා කට පියාගන ඉදපන් නැත්තන් ගහනවා පපු කැහුතු එලියට එන්ඩ" පපු කැහුතු එලිටට එන්ඩ ගහනවා කියලා .....

එයා මට බැන්න....එයා මට බැන්නා ...කෑවෙ මොනවද කල්පනා කරලා බලපන් කියනකොට මට හීන් දාඩිය දැම්මා.....කිරිබත් ...

මට කිරිබත් මතක් උනා.....අග්නින්දිහා බලන්නත් බය හිතුන මම නියපොත්ත කටේ ගහගත්තා ...

" උඹට තියෙන්නෙ සිහින් ඉගක්.....හිනා වෙන ඇස් දෙකක්.....ඉතින්....උඹට ආදරේට මන්දෝදරී කියන එක.....අසාදාරනද...?"

එයා මගෙ කනට මිමිනුවා...සීතල ඇගිලි තුඩක තිබුන දිග නියපොත්තක් මගෙ ඉන ගාව එහා මෙහා යන කොට එයා මට මන්ධෝදරී කියන්න හේතුව කිව්වා උනත් ...ඒ වචන අස්සෙ තවත් කතාවක් එයා හංගලා තිබ්බා....මන්ධෝදරී විභීශන එක්ක අසමමතෙක පැටලිලා උන්නා....රාවනා අසීමිතවම ආදරේ කරපු මන්දෝධරී රාවනාගෙ මල්ලි විභීශන එක්ක අසම්මතේක පැටලිලා උන්නා.....

අග්නී...අග්නි කපටියි ....අග්නි තනිකරම කපටියි.....මගෙ සර්වාංගෙම වර්නනා කරන ගමන් එයා කිව්වෙ මොකක්ද කියන්න මම තේරුම් ගත්තා ....අග්නි රාවනා නම්.....විභීශන කාල භෛරව් ....එයා...එයා නොකියා කියන්න හදන්නෙ.....

අග්නී.....

"ම්න්....."

.උඹ කපටියි අග්නී....උඹ කපටි මිනිහෙක්....උඹ මහ කපටි යකෙක් අග්නි....උඹ මාව හෙම්බත් කරනව අග්නි...උඹ මාව නොමරා මරනවා....උඹ කරන්නෙම ආදරේ දිදි මාව මරන එක අග්නී....

"ඇයි.....?"

උඹ ..උඹ මට මන්දෝධරී කිව්වා....උඹ මට මන්ධෝදරී කියන්න එකම හේතුව මගෙ ඉන හන්දද...නැති නම්.....උඹගෙ මලයා එක්ක මම කට පුරාවටම හිනා වේලා කතා කරපු හන්දද ...උඹ මන්දෝධරී ගෙ තැන දෙනවා නම්...භෛරව් කියන්නෙ විභීශනට නේද.....අග්නි කියන්නෙ රාවනට නේද....උඹ හිතන්නෙ..මම භෛරව් එක්ක අසම්මතේක පැටලේවි කියල...උඹ....උඹ මාව පරික්ශා කරනවා..උඹ මාව පරික්ශා කරනවා මගෙ අග්නී....

මම කෑ ගැහුවා...උගුරෙන්...

සනීපෙට නිදාගන ඉන්න පුංචි එකා දිහා බලන් උන්න මම අනිත් අතට එයාට උගුරෙන් කෑගැහුවා.....එයා හිනා උනා...අග්නී....අග්නී....

උපන්ගෙයිම මහ කපටියෙක්.....දරන්න බැරි තරම් ආදරේ දෙන අග්නි.....එයා හදන්නෙ වහෙන් ඔරෝ මාව පරික්ශා කරන්න වෙනකොට මම එයාගෙ ඇග උඩ නැගලා බෙල්ල මිරිකුවා....නිකන් නෙවෙ අත් දෙකෙම්ම.....

අග්නි...උඹ රාවන වෙන්න ඕනෙත් නෑ...මට මන්දෝධරී වෙන්න ඕනත් ඈ.....මට උඹෙන් එහා තව ආදරයක් ඕනෙත් නෑ.....උඹ මහරාවල් වෙයන්.....මට පුලුවන් පද්මාවති වෙන්ඩ...උඹ හිතනවා නම්...කොතකන හරි....කාලි විභීශ වේවි කියලා ....උඹ හිතනවා නම්.....කාලි කොතන හරි අලා උද්දින් වෙයි කියලා ....සැකයක් නෑ මට පුලුවන් පද්මාවති වෙන්ඩ.මට පුලුවන් උඹගෙ චිතකෙට පනින්න....මට පුලුවන් අග්නි.....උඹ වෙනුවෙන් මැරෙන්න....මැරෙන්ඩ තරම් ආදරේ නම්..මම ණොමැරි කොහොමද .....?

" මගෙ කොට මගුල.....වචනයක් කිව්වම හිතන දුර.....මං උඹට හෙට නිල් වෙරලු ගෙනල්ලා දෙන්නම්....."

ඕන් නෑ...උඹ මාව තෙහෙට්ටු කරවනවා අග්නී...උඹ මාව නොමරා මරනවා .....උඹ මහ කපටියෙක් ..උඹ මහ අමනුස්සයෙක් .. උඹ මහ.....

"උඹට පිස්සු වැටුන උම්මන්තකයෙක් .....ඔව්.....මන් උඹව නොමරා මරනවා .....ඔව් මං උඹව තෙහෙට්ටු කරනවා ...ඔව්...මන් උඹව හෙම්බත් කරවනවා ....මොකද .....උඹ මගෙ විතරක් හින්දා .....උඹ තව වචනයක් වත් කිව්වොත්.....අරකිගෙන් කාපු කිරිබත් වලට හරියන්ඩ මන් උඹව එලිවෙනකම්ම අඩවනවා ...."

අ.....

මට කට උත්තර නැති උනා ....සුදුමැලි මූනෙ රතු ඇස් දිලිසන්න ගන්නකොට ඒ ඇස්වල රස්නෙට මන් මගෙ මූන හංග ගත්තා ....අග්නී.....දෙවියනෙ අග්නී....

ලස්සනයි කිව්වත් මට දැන් දහපාරක් හිතන්න වෙනවා.....

මම උඹට ආදරෙයි කිව්වත් දහපාරක් හිතන්න වෙනවා ....

මන් ආදරෙ කරන්නෙ දෙවි කෙනෙක්ට නෙවෙ ....යකෙක්ට ....

"දැන් නිදා ගනින්.....හෙට උදෙම්ම අම්මලා ඒවි ....එතකොට මට උඹව මෙහෙම හුරතල් කරන්න බෑ ශිවන් ....."

එතකොට නිල් වෙරලු.....

"ගෙනත් දෙන්නම්...."

මං අග්නිගෙ ඇගට ආයම යට උනා.....තරහා ගස්සගත්තොත් වෙන්නෙ නිකරුනේ මැරෙන්න වෙන එක හන්දා මන් කපටි කමට මායන් වෙන්න ගත්තා ...

අම්මලා ආවම....අනිද්දට මොකුත් කරගන්න බැරිවෙයි නේද ඒයි....?

".....??"

නෑ ඉතින්.....ඔයාගෙ කොට මගුල කෑ..

"නෑ මන් උඹව අරන් යනවා ඒ ගැන දුක් නොවී ඉදපන්..."

අග්නී...මෙ...

"උඹ හිතුවද කෙම්මුරක් මගරින්ඩ මම මෝඩයෙක් කියලා .....මාව තම්බන්ඩ උඹගෙ ගොරකා මදි....උඹ පද්මාවති කෙසේ වෙතත් මන්දෝදරියෙක් නම් වෙයි ..."

අනේ අග්නී ...හ්...ආයමත් ..

"දෙකට ඉරනවා...අමු අමුවෙම්ම...."

.......

🥺ජොබී නිදහාස් ...

ජැක්කනේ!!!!

ආය හෙත එන්නාම් ...

යෙ යෙ එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩෝ ..

මම...

Ferdeesha ❤️💚😘 ..

More Chapters