LightReader

Chapter 77 - 77

වේදනාත්මකයි....

මම භෛරව් ගෙ මූන දිහා ඇස් දිහා බලන් උන්නා...මගෙ මරනය වේදනාත්මකයි කියපු එයාට මගෙ මූන දිහා බලන්න බැරිවද කොහෙද මගෙන් මූන හංගනකොට මම ඒ අතින් අල්ලගත්තා .....

අග්නිව දරා ගන්න.....

කොයි වෙලෙත් රන්ඩුවට බර වෙච්ච මගෙ හැම ගතියම නැතිවෙලා ගියා.. තව දවස් විසි එකයි.....හැමදේටම....හැමදේටම.....බිත්තියෙ එල්ලිලා උන්න කැලැන්ඩරේ දරාගන උන්න යකඩ ඇනෙත් දුකින් වගේ බිමට නැවිලා උන්නා....මගෙ පුතාට මොනවා වෙයිද.....ලැබෙන දරුවා අග්නිගෙ වෙයි .අනේ ඒත් මගෙ නිඛිල්....ඒයා අසරන වෙයිනෙ.....අප්පුච්චියේ.....අප්පුච්චියෙ ගගා ඉන්න කොල්ලට මං නැතිව ජීවත් වෙන්න පුලුවන් වෙයිද...අම්මා ඉනෙත් අබලන් වෙලා...පෙරේදා රෑක අප්පච්චිගෙන් ආව ඵෝන් කෝල් එකේදි කිව්වෙ අම්මට දැන් බෙහෙත් ගුලියක් අඹරන්නත් අමාරුයිලු.....

භෛරව් ....

....

මගෙ පුතාට..මගෙ....නිඛිල්ට....අනේ...ඒකට මං නැති අඩුව දැනෙන්න දෙන්න එපා.....භෛරව් ....මං නෑ කියලා.....මාව....අමතක කරන්න එපා...භෛරව් ...මං....න්න්

"පොරොන්දු වෙනවා...උඹට දැන් තෙහෙට්ටුයි වස්තුව"

මම තව කතා කරන්න හැදුවා...ඒත්...මට කතා කරන්න තරම් මහා හයියක් තිබුන් නෑ...ඉස්සර කටර් එකක් වගෙ කියවපු කටට පන ගැහුවෙ දැන් හරි හිමින්...පොතේ බාගයක් කියවගන යනකොට උන් මගෙ කට හඩ පිට පිට දෙපාරක් හිර කරලා තිබුනා...මටත් නොදැනි මගෙන් කෙස් අහුරක් අරගත්තු උන් කට හිරකර බැන්දුම් ගුරුකම කරල මගෙ කටහඩ උන් මගෙන් උදුරගන්න හදලා තිබුනා....

අග්ගියේ....මේ...අතිද....ඔව්...මේ...පොල්....

"කෝ බලන්ඩ...."

අතිද අග්ගියේ...ඔව්.....පුතා....ගෑවා....ඇතිද....

" කිව්වා නේද අග්ගියෙ ගාන්ඩ එපා හොද නෑ කියලා ...."

ඔව්නේත....කිව්වා නේත අග්ගියෙ.....හොද නෑ කීලා....

" ලමයො....අප්පච්චිට නම කියන්නෙ නෑ....."

ම්හුක්....අප්පුච්චියට....නම...කියන්නෙ නෑත අග්ගියේ . ...

" කෝ...මගෙ වස්තුව අහකට වෙන්න....අත ඌයියා වෙයිනෙ...."

ම්හුක්...තුත්තක්.....පුතාත....තුත්තක්....අප්පුච්චියෙ...පුතාත....

" යෝ උඹ මාව රවට්ටන්න හදනවා....පොල් කන්නෙ නෑ බඩ සිදෙයි....."

මට හිනා ගියා...මෙච්චර වෙලාම මලානික වෙලා උන්න මගෙ මූනට හිනාවක් මතු උනා.....හට්ටි මුට්ටි පෙරලෙන කුසියෙන් මගෙ නිඛිල්ගෙ වගේම.මගෙ අග්නිගෙ කියවිල්ල ඇහුනා...ඒකා ගිරා පැටියෙක් වගේ...මෙච්චර වෙලාම අප්පච්චි නොකියපු කොල්ලා පොල් ටිකක් කන්න උවමනාව එක්ක කපටි කම එක්ක අප්පුච්චියේ කියනකොට මට ලාවට හිනාවක් මතු උනා....

" අග්නිගෙ වස්තුව...."

මගෙ ගාව උන්න භෛරව් මගෙ ඔලුව අතගෑවා....වෙන්දට නම් ඇගෙ එක අංශුමාත්‍රයක් ඇල්ලුවත් භෛරව්ව කන්න හදන අග්නි දැන් පාඩුවෙ උන්නා...එක්කො....මාව් කෑගස්සවන්න එයාට හිතක් නැතුව ඇති....වෙලාවකට එයා මවා පෑවා.....

අවංකවම දැන් මම් ශාරිරිකව වේදනා දෙනවට වඩා මානසීකව වේදනා විදින්න ගත්තා.....අතින් පයින් කන ගුටියක වේදනාව හෝරාවක්...දෙකක් තුනක්...සමහරවිට දවසක් ගෙවලා යනකොට වේදනාව අකාමකා වෙලා යනවා උනාට හදවතට දැනෙන දුක එසේ මෙසේ දුකක් නොවෙන්න ගත්තා ....

ශෝකාන්තයක් ...ඒකත් නිකන් හරියටම සමහර කතා සමහර ෆිල්ම් බැලුවම සතියක් දෙකක් දවස් ගානක්...සමහර විට මුලු ජීවිත කාලෙම වේදනාවක් ඉතිරිවෙන්න කතාව ඉවර වෙන කතාවක් ඇතුලෙ තියන දුකක් වගේ.....

මම මට කතා කරපු භෛරව් දිහා බැලුවා ....එයා ආයම අර සලුව අස්සෙ හංගගත්තු අඹ වල්ල එලියට ගත්තා...

" කනවද.....??"

ඔව්....පුලුවන්ද අච්චාරුවක් හදලා දෙන්න....මගෙ කටට අපුලයි.....

"පුලුවන්..."

මම හිනා උනා...දෙපාරක් නොහිතම පුලුවන් කියනකොට මම හිනා උනා...සමහර විට මගෙ හිනාව දැන් නිකන් විරිත්තුමක් වගේ ඇති...අර සමහරු කියන්නෙ දත් ඇන්දෙන් පොල් ගාන්න පුලුවන් කියලා....මමත් දැන් ඒ වගේ.....මගෙත් දත් ඇන්දෙන් දැන් පොල්ගාන්න පුලුවන් ....

අඹ අච්චාරුව හදන්න ගියපු භෛරව් යන්න ගියෙ මාව තනිකරලා වෙනකොට මුලුගේ පුරාවටම කෑ ගගහා ඇවිදපු කරපු මට ලෙඩෙක් වගෙ ඇදකට වැටිලා...කාමරෙ අස්සෙ ඉන්න එක එපා උනා.....මම නැගිට්ටා...නැගිටල හිටගත්තා ....

ආව්...හ්....

..කෙදිරි ගෑවුනා...මගෙ කොදු ඇට පෙල නැ වගේ හැගිමක් දැනෙනකොට මම කොන්දට අත තියාගත්තා...ලෑල්ලක් වගේ බඩක් තිබුනා උනත් මට බඩ බර බව දැනුනා....එයා සැරින් සැරේම දගලනවා දැනුනා....වෙලාවක් කලාවක් නෑ.....හරියටම ගෙඹි පැටියෙක් වතුරෙ පීනනවා වගේ....එයා ඇතුලෙ එහාමෙහා පීනනවා වගේ දැනුනා.....එදයින් පස්සෙ ආයම සමනල්ලු පියෑඹුවෙ නෑ.....ඒ වෙනුවට සමනල්ලුන්ගෙ තටුත් කඩාගන ඇතුලට ආව අග්නිගෙ චූටි වස්තුව සමනල්ලු අමතක වෙන්න දගලන්න ගත්තා ....

" සුදු මහත්තයා ...කෝ අහකට වෙන්නකො ...දත් හිරි වැටෙයිනෙ....."

මහු...ක්...නානෙ.....

." උඹ දැන් ඕකට අඹ ගිල්ලවලා...දවල්ට නොකා උන්නොත් උඹටයි ගහන්නෙ මම..."

" ආ...මේක හරි මගුලක් උනානෙ....මේකා දුන්නෙ නැත්තන් අඩනවනෙ....ඇඩුවමත් මටනෙ බනිනෙ.....අනේ මෙ...උඹගෙ ළමයි හැදිල ඇති අග්නි....."

"...."

ආයමත් කා ගනන්නවා....

හිරමනේ උඩ ඉදන් උන්න භෛරව හොකරෙට බොකරෙට පිහිය අල්ලන් අඹ කපනකොට මගෙ අග්නියා මහ අම්මන්ඩි වගෙ ඉනට අතකුත් තියාගන ලිප්බොක්කෙ නැගන් කිරිබත් හදනවා...ඒකගෙ කොන්ඩෙ පිස්සිගෙ පලාමල්ල වගේ....බාගෙට ගාපු පොල් බෑවල් හැමතැනම....නිඛිලා ඌරු පැටියෙක් වගේ.....ඒකගෙ අප්පච්චි ගාවටත් යනවා බාප්පා ගාවටත් යනවා.....එහෙනුත් මොනවා හරි කනවා මෙහෙනුත් මොනවා හරි කනවා.....

මං නැති දවසකුත් එනවනෙ නේද...එදාටත්...එදාටත් ඒ තුන් දෙනා මෙහෙම ඉදීවි.....

...අග්නී....

කල්දේරමක් ලිප තියලා වගෙ හතර වටිම්ම ගිනි ඇවිලෙන දරලිප ගාව උන්න අග්නි ගාවට ගියපු මමඅරුන් දෙන්නා ගැන හිතන් නැතුව අග්ඉ පිට්පස්සෙන් බදාගත්තා...

මට එකම එක ව්නාඩියක් වත් නැති කරගන්න හිතුන් නෑ.....එකම එක විනාඩියක් වත් එයාගෙන් ඈත් වෙලා ඉන්න හිතුන් නෑ.....

මරනය මොකක් උනත් .....කදුලක් වෙනුවට මගෙ මූනට හිනාවක් මතු වෙලා ඇස් පිය උනෝතින් එ ඇති මට..... ...

"ඇයි මැනිකෙ බඩගිනිද ...තව චුට්ටම චුට්ට වෙලාවයි හරිද...."

"තනිකඩ මගෙ ඉස්සරහා ඉඹ ඉඹ ඉන්නෙ.....උඹ ඕකට කිරිදැම්මෙ නෑනෙ අග්නි...එයාව පැත්තකට කරලා ඕක උයපන්....."

මගෙ නලලට හාදුවක් දීපු අග්නි තව චුට්ටයි කියලා මාව පොඩ්ඩක් හුරතල් කරන්න ගියා විතරයි අඹ කප කප උන්න භෛරවයා නහින්න ගියා....මම එහෙම්ම බත් මුට්ටියට එබිලා බැලුවා...

.කැකුලු හාල් වෙනුවට උයලා තියෙන්නෙ සම්බා හාල්...වෙන වෙලාවක්ම් නම් මම අග්නියව ගස් යවලා...ඒත් කාලා බඩගියත් කමක් නෑ කියලා අනේ මම හිනා වෙනකොට අප්පච්චිලා පුතාලා එකතුවෙලා කකුලෙන් පාගන්න පුලුවන් තරන් පොල් රැලි ඇදපු පොල් එක දිහා බලපු මට දුවන්න හිතුනා....

අග්නී ....ඔහොම ඉන්න මේක බ්ලෙන්ඩර් කරමු....

" අනේ මැනිකෙ....අග්ගියා දන්නෙ නෑනෙ ඉතින්....ඔව්....අග්ගියා..දන්නෙ නෑනෙ අප්පුච්චියෙ..... "

අතින් මිරිකනවට වඩා කකුලෙන් පාගන්ස් එක හොදයි කියලා හිතුන පොල් එක මම බ්ලෙන්ඩර් කරමු කියනවා එක්කම දැලි නාගන දුම් කාගන උන්න මගෙ අග්නියා දොන්තයෙක් ව්‍ර්න්න හැදුවා විතරයි අඹ අච්චාරුවට මිරිස් බෝතලේම්ස් හලපු භෛරවයා උරහිස් අකුලන් බනින්න ගත්තා විතරක් නෙවෙ පොඩි යකත් අපි කියන ඔක්කොම කිය කිය ඌට් කුසිය අපායක් කෙරුවා අග්නියට බේසම කියලත් කිව්වා අග්නියා නහින්න හැදුවා

..." එව්ව්....මේ මොන බේසමක්ද මේ..."

බේතමක්ත මේ...අග්ගියේ බේතමක්ත මේ....

..." කාලි....!!!"

"කෝ ආ ගාපන් මැනිකෙ....."

නිඛිල්ව උකුලෙ ඉන්දවන් උන්න මට එයා කිරි බෙරෙන කිරිබත් පිඩක් කටට ලන් කෙරුවා ...ගෑස් ලිපෙ ඉව්වා නම් ගේ පිපිරිලා ...දර ලිපේ උයලත් කුසිය අපාය වෙලා....ඒත් තවමත් මගෙ දිහාවට අත දික් කරන් බලන් උන්න අග්නිගෙ ඇස්වල වේදනාව වහගන ආදරෙ පිරිලා තියනකොට මං කට ඇරියා ....

" සුදු මහත්තයා ආගන්න ....."

ගලේ අඹරපු ලුඹු මිරිසට කටේ තිබුන අපුල ගතිය කපාගන යනකොට නිඛිලට කුණුමිරිස් කන්න බැරි හන්දම තවත් චූටි පිගානකට සීනි කලවම් කරපු කිරිබට් බෙදපු අග්නි ලමයට හැන්දෙන් කැව්වා...

මගෙ ඇග වේදනාවයි.....රිදෙන්නෙ නැති එක තැනක් කියන්න බෑ...හතර වටින්න වේදනාවයි...

" මගෙ ශිවන් ...."

අග්නී....

"මට කියපන්....මැනිකෙ...කොහෙද රිදෙන්නෙ.....??"

කටට ඔබපු කිරිබත් පිඩ උගුරෙන් පහලට යනකොට මුලු උගුරම වීදුරු කටුවලින් සූරනවා වගේ හැගීමක් දැනෙනකොට මම උගුර අල්ලන් ඇස් දෙක තද කරගත්තා ....එක අතකින් පුටු ඇන්ද මිරිකගත්තා ....

අනේ...අග්...නීහ්.....ඇති...අග්...නී....කන්න බෑ.....

බඩගින්න දැනුනත් කාගන්න ඕන කම තිබුනත් කටට දාගන්න එක උගුරෙන් පහලට යවාගන්න මම බගෙට මැරෙනකොට මම කන්න බෑකිව්වා....ඒ එක්කම අග්නි අතේ තිබුන කිරිබත් පිගාන කුඩු පට්ටම් කරලා දැම්මා...

සලා....න්න්....

අග්...අග්නී....

" අග්නි....."

අ...අගියේ...අප්පුච්චියෙ....අපා..නෙ....අපානෙ...පුතා...ත..... පුතාත....අප්පුච්චියේ....

නෑනෑ....මගෙ පුතා...මගෙ වස්තුව ....අනේ අග්නී...ඇයි මේ...

" ඇයි මේ...ඇයි මේ අහන්නෙ...ඇයි අහන්නෙ....මටත් ඉවසන්න පුලුවන් සීමාවක් තියනවා ශිවන් ....සිල් බිදගන්න බැරි බව දන්න හන්දම උන් එන්න එන්නම උඹට වද දෙනවා නම්....උඹව රිදව රිදව මම රකින සීලෙ මොකක්ද ශිවන්....උඹව නොමරා මර මර මම බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියපන්..."

"අග්නි....අග්නි සංසුන් වෙයන් ..අග්නී....අග්නී....සංසුන් වෙයන්....."

"සංසුන් වෙන්න.....උඹ මට කියන්නෙ මගෙ කරටත් නැගල ඔලුවට අතත් හෝදලා යනකන් සංසුන් වෙන්නද කාලි භෛරව් ...උඹ මට කියන්නෙ ඒකි තව නටනකන් බලන් ඉන්නද....ඒකිට ඕනෙ එක දෙයයි...ඒකිට ඕන එකම දෙයයි..."

මං....මං..කොහොමත් මැරෙනවනෙ මගෙ අග්නි....

දඩාස්.....!!

අග්...නීහ්....

මං නිඛිල්වත් තුරුල් කරන් අත් දෙකෙන් කන් දෙක වහගත්තා .....ලිපේ තිබුන කිරිබත් මුට්ටිය අරගන පොලවෙ ගහපු පාරට මගෙ අතේ උන්න කොල්ලා හැංගි හැංගි අඩන්න ගන්නකොට අග්නිට මගෙ වචන ඉහිලුම් නැතුවද කොහෙද එයා භෛරව්ටත් අතදිගෑරලා කනට ගැහුවා.....

කන පුපුරන්න ඇති.....ඒ පාර මම කෑවනම්...අනිවාර්යයෙන්ම මාව මැරෙනවා....ඒතරම් වේගෙකින් එයා භෛරව්ට ගැහුවා වගේම පාර කාපු භෛරව් අඩි දෙක තුනක් පස්සට ඇදිලා ගියා.....

" උඹ...මොනවද...මූට...කිව්වෙ...ම්ම්ම්??"

අනේ...අග්නී...අග්නි....නවත්තපන්...අග්...නි...

"උඹ...මොනවද...මේකගෙ....ඔලුවට....දැම්මෙ...ම්ම්ම්....???"

"අග්නි....එයා අහනකොට ..."

"කාලි භෛරව් ...!!!ං

පාර කාපු භෛරව් කන අල්ලන් ඉන්නකොට යක්ශාරූඪ වෙච්ච අග්නි මුලු කුසියම කුඩු පට්ටම් කරන්න්ස් ගත්තා ඒ එක්කම මන් ගිහින් ඒ අත් වල එල්ලුනා ...

අග්නි.....අනෙ අග්නී...ඕක නවත්තපන් යකෝ....නවත්තපන් ..මේ ලමයා එහෙන් අඩනවා....අනිත් පැත්තෙන් මට කෑ ගහගන්න බෑ.....අග්නි පින් අයිති වෙයි .අනෙ පින් අයිති වෙයි. ...නවත්තපන්...

මං මරාගන්න අයියා මල්ලි මැද ඉදන් කෑ ගැහුවා ....ගුටිය කාපු භෛරව් එලියට යන්න යනකොට මේ ඔක්කොම අස්සෙ තැලෙන ළමයා යටිගිරියෙන් අඩන්න ගත්තා . .මං කොල්ලව වඩා ගත්තා ....

"මෙහෙ දියන් ..."

අග්නි....

"උඹට පුලුවන්ද බඩත් උස්සන් වඩා ගන්න...?"

අග්නි මට බඩත් උස්සන් ළමයෙක් වඩාගන්න වත් දෙන්නෙ නැති තරම් උඹ මං ගැන වද වෙනවා නම් ඇයි අග්නි ඔහොම හැසිරෙන්නෙ ඇයි උඹ ඔහොම කරන්නෙ....ඇරත්....ඇරත් භෛරව් කියපු කතාවක් නෑ මමයි ඇහුවෙ අග්නි ...

අඩන කොල්ලා මගෙ බෙල්ල බදාගත්තා .....ඒත් අග්නි නෙවෙ ලමයව දුන්නෙ ...කොල්ලව උරහිසේ තියාගන පස්සට තට්ටු කර කර මාව මරන්න හැදුවා .....

අග්නි....

"මේ දැම්ම පලයන් කාමරේට ..."

අග්නි ...මේ අහපන් අග්

"මාව කේන්ති ගස්සවන්න එපා ශිවන් ....උඹ ඉන්න තත්ත්වෙ එක්ක මට උඹවයි ...මේකවයි....ඔය ඇතුලෙ ඉන්න එකාවයි ඔක්කොම නැති කරන්න එපා ශිවන් එ දැම්ම පලයන් ....."

මගෙ කටින් එලියට ආනයවචනයක් හින්දම යක්ශාරූඪ වෙච්ච අග්නි ඊලග මොහොතෙ කිව්වෙත් ඒකමයි.....

මේක වේදනාවෙ ඉහවහ යෑමක්ද තරහව ඉහවහ යාමක්ද....

.කවපු කිරිබත් පිට උගුරෙන් පහලට යවාගන්න බැරිව අසරන උන මම අනිත් පාර අග්නිගෙ හැගීම් ඉස්සරහ අසරන වෙලා යනකොට කරබාගන කාමරේට ගියා ...

දඩාස්...!!!!

.මට උලුවැස්ස පන්නන්න හම්බුන් නෑ.....අග්නි ඇවිදින් දොර කඩන්න හැදුවා .. ඒ වහපු වැහිල්ලට සරනේරු ඉතුරු උනොත් හොදයි කියලා හිතෙනකොට මං මෙට්ටෙ උඩට ගිහින් ඔහෙ ඉදගත්තා ....අග්බි අතේ උන්න කොල්ලා දගලලා දගලලා රූට්ටලා කොහොම හරි මගෙ ගාවට ඇවිදින් ආයම මගෙ බෙල්ල බදාගත්තා ...

"ශිවන්....."

.අග්නි ....තරහා අරන් කෑ ගහන්න කලින් මං මෝඩයෙක් නෙව්ව් කියන එක තේරුම් ගනින් අග්නි.....නිස්කාරනේ භෛරව්ට ගැහුවට භෛරව් ගෙ අතෙ වරදක් නෑ අග්නි..... උඹට මගෙ කටින් පැනපු වචනෙට නම් හිත රිදුනෙ ඒක දරාගන්න පුරුදු වෙයන් අග්නි.....මොකද අවසානෙ ඒක....දරාගන්න අමාරුයි අමාරුයි කියලා කොයිතරම් යතාර්තෙට පයින් ගැහුවා උනත්....ඒක නේද ඇත්ත අග්නි....??

මං මාව මරන්න බලන් ආව අග්නිගෙ කට වහලා දැම්මා...

.අග්නිට තරහා ගිහින් නෙවෙ ...අග්නි ඉන්නෙ වේදනාවෙන්...එයාගෙ මූනෙ මස් පිඩු ගැහෙන්න ගත්තා

"මං උඹව පාවිච්චි කෙරුවද මගෙ ශිවන් ???"

අග්නී!!!

ටික්...ටික්...ටික්.....ටික්.....

ඔරලෝසුවෙ කටු ඔහේ කැරකුනා...කැරකෙන වටයක් ගානේම මගෙ කාලෙ මගෙන් උදුර ගත්තා ...තත්පරෙන් තත්පරේ උනත් ගෙවි ගෙවි ගියෙ මගෙ ජීවිතෙන් කොටසක් වෙනකොට

තත්පර ගානක්...විනාඩි ගානක්....ඉදලා ඉදලා එකපාරම අග්නි අහපු කතාව එක්ක මං කෑ ගැහුවා .....

"මමයි ප්‍රාර්තනා කෙරුවෙ....උඹ ඉල්ලුවෙ මාව විතරක් උනත්.....මම උඹව විතරක් නෙවෙ උඹෙනුත් දේවල් ඉල්ලලා....එහෙම බැලුවම ...මං උඹව පාවිච්චි කෙරුවා වගේ නෙවෙද මගෙ ශිවන් ...??"....

එතකොට උඹගෙ අප්පත් කෙරුවෙ ඒකද ????

මමත් වචනවලින් අනිත් අතට අග්නිට දමලා ගැහුවා ...

අග්නි උඹම නේද කියන්නෙ මැරෙන්න තරම් ආදරෙයි මැරුනත් මන් උඹගෙ....නොමැරුනත් මං උඹගෙ කියලා ....එහෙම කියන උඹම ඇයි අග්නි මෙහෙම හැසිරෙන්නෙ...අග්නි ..මං මනුස්සයෙක් ...අමරනීයත්වයක් නෑ අග්නි . . .මම...අද හෙට නෙවෙ උනත් කවදා හරි මැරෙන්න ඕනා මගෙ අග්නි....මෙලෝකෙට එනකොටම මම....අපි ....හැමෝම මරනෙත් එක්ක එන්නෙ මැරෙන්න බලාගන එන්නෙ මගෙ අග්නි...හැම හමුවීමකම වෙන්වීමක් තියනවනෙ මගෙ රත්තරන් ...ඉතින් ....ඇයි මේ ....ඇයි මෙ මෙච්චර තරහා ගන්නෙ අග්නි ....

මං කදුලු පුරවන් බලන් ඉන්න අග්නිව මගෙ කෝටු ගැහුන අත්වලින් තුරුල් කරගත්තා ..ඉස්සර කොහෙන් ඇල්ලුවත් මස් ගුලියක් අහුවෙන්ස් මන් කෙට්ටු කේඩැරිවෙලා ගිහින් තියනකොට මට අග්නිව බදලා වත් අල්ලන්න බැරි උනා .....

"කියන වචනයක් ගානෙම ලේසි උනත් .....ඉතුරු වෙන මට දුක නැද්ද මගෙ ශිවන් ...??ජීවත් උනත් මගෙ මැරුනත් මගෙ කිව්වට...මට පුලුවන්ද උඹ ඇස්පියනවා බලන් ඉන්න...??"

මගෙ අග්නී....උඹමයි කිව්වෙ ....උඹ මාව ප්‍රාර්තනා කෙරුවා ....මං උඹව ප්‍රාර්තනා කෙරුවා මේක සංසාරගත ආදරයක් කියලා .....ඒ වගේම උන් අපි පස්සෙන් එන්න සංසාරගත වෛරෙකට කියලා ...ඉතින් ...මේ හැමදේම ඉවර වෙන්න ලගයිනම්...ඇයි මගෙ අග්නි මේ දුකෙන්..අපි පිවම ප්‍රාර්තනා කරපු උන් මගෙ අග්නි ....අපි අපිවම ඉල්ලපු උන් ....ඉතින්.....මැරුනත්....මං උඹගෙ නම් අපි එකට මූන දෙමු අග්නී...

"අමරනීය සංසාරයක්...මගෙ ශිවන්.....මට ....ඕනෙ.....අමරනීය සංසාරයක් මගෙ මැනිකෙ.....කටින් කොච්චර කිව්වා උනත්...සමරහ දේවල් යතාර්ත වෙනකොට ඉවසන්න අමාරුයි මගෙ ශිවන් ....

යක්ශාරූඪ වෙච්ච අග්නි අවසානෙදි මෙට්ටෙ උඩ මූනින් අතට පෙරලුනා....ඔරලෝසුවෙ කට්ට නැවතීමක් නැතිවම කැරකෙනකොට මං කැලැන්ඩර් පිටුවෙ කපන්න තියන තවත් කොටුවක් දිහා බලන් ඉදලා එහෙම්ම අග්නි ගාවිම්ම දිග වෙනකොට ඇදන් උන්න කොට කලිසමෙන් එලියට ආව කලවෙක රතුපාට පලු සුදු කකුලෙ ඕනාවටත් වඩා කැපිලා පේනකොට සංසාර ගත ආදරේකට වඩා සංසාරගත වෛරයක් කොයිතරම් හයියද හිතුනා...

මයෙ පුතා ....

මයෙ පුතා උඹ ඉන්නවද .....?

මයෙ පුතා...නිඛීල්....

අම්මියේ.....අම්...අමියේ.....හ්..අම්මි....අම්මි...අම්මියේ.....

යෝ.....මගෙ රන්කද....කොහෙද මෙ දුවන්නෙ...කොහෙද මගෙ වස්තුව දුවන්නෙ ...කෝ අප්පච්චි ...

කෝත.....ඔව් ....අම්මියෙ....කෝත අප්පුච්චියා....ඔව් කෝත....

ඉතින් කොහෙද අප්පච්චි .....යෝ....තාම කතා කරගන්න බෑනෙ...කොහෙද අප්පච්චි .....

අප්පුච්චියා බයිනෙ ...අග්ගියයි ...අප්පුච්චියයි බයි ..නෙ ....

අග්ගියා.....කව්ද අග්ගියා.....

අප්පුච්චියත ..තමයි.....අග්ගියා ...අම්මියෙහ් ...වඩා....වඩා....ම්හුක්...අම්මියෙ....අම්මියේ.....අම්...මි...යේහ් ....පුතාව...පුතාව....වඩා...වඩා....

 

මං උන්නෙ මර නින්දක .....ඇවිලුන ගින්දරක් නිවපු මට අග්ගිනිට තුරුල් වෙලා සැපටම නින්ද ගියා .....

මැද උන්න නිඛිල්ගෙ චූටි අතපය අග්නිගෙ මගෙ ඇගවල් බදු අරන් තිබුනත් මට සැපටම නින්ද ගියා වගේම ඒ ටිකකිම්ම මට හීනෙන් වගෙ අම්මගෙ කටහඩ ඇහුනා....කොල්ලගෙ කෑ ගහන කටහඩ ඇහුනා එක්කම මන් ගැස්සිලා නැගිට්ටා ....

අම්මියෙ...

ඕ...මගෙ පුතා කන්න....

අම්මා.....ඔව්මයි....ඒ අම්මා....මං ඇද මෙට්ටෙ දිහා බැලුවා ....අග්නී.....අග්නි නෑ . හැබැයි දොර රෙද්ද හෙලවුනා. ඒ කියන්නෙ අග්නි ඉන්නවා .....අම්ම අසනීප තියන් මෙහෙ ඇවිත්ද....අනේ....කිව්වා නම් එක්ක එන්න හරි යනවනෙ...

මගෙ උනට හිනාවක් මතු උනා ..පපුවට සැනසීමක් දැනුනා හංගන්න රහසක් තිබ්බා උනත් අම්මගෙ අතින් බත් කටක් කන්න පෙරුම් පුරන් පෙරේතකම් කරපුමට හතරමහ නිදානයක් පහල උනා වගේ දැනුනා....

අම්මගෙ ලමයගෙ කටහඩ ආයමත් ඇහෙනව එක්කම මං පොරවන් උන්න රෙදි එහාට මෙහාට කරලා යන්න යනවත් එක්කම මගෙ අත්ගොබෙන් කවුරු හරි තදින් අල්ල ගත්තා ...

"එපා යන්න...."

අග්නී....අග්නි

"එපා යන්න....."

මාව අල්ලන් තියෙන්නෙ අග්නි යන්න ගියපු මාව අල්ලන් උන්නෙ අග්නි වෙනකොට එයා මට යන්න එපා කියන එක දෙපාරක්ම කිව්වා .....නොකියම ආව අම්මව බලන්න දුවන්න හදපු මගෙ ඇස් බැමි ඇකිලුනා...

අග්නි.....මගෙ අම්මා ඇවිත් තියෙන්නෙ අග්නි .....ඒ මගෙ අම්මා.....ඒ මගෙ අම්මා අග්නි....මාව අතාරින්නකො....

මට නොපෙනෙන්න උන්න අග්නි මාව එන්න එන්න තද කරනකොට මං ඒ අත්වලින් ගැලවෙන්න හැදුවා ....එහෙන් අම්මා කොල්ලගෙන් මම කෝ කිය කිය අහනවා මෙහෙන් අග්නි මාව අල්ලන් යන්න එපා කියනවා ...

අග්නි....අනෙ මාව අතෑරපන්කො.....

මන චන්ඩ උනා අග්නිගෙ දඩු අඩුවට හිර වෙලා උන්න මම චන්ඩ උනා...

මයෙ පුතා .....උඹලා නිදිද....මෙ ගේට්ටු දොරවල් හායි ගාලා ඇරලා දාලා ....අපූරුයි කොලුවා එලියට ගියා නම්.....උස්සන් ගියත් දන්නෙ නෑ.....

මේ....එනවා අම්මා.....

අම්මා එහෙන් කියවනකොට මං කාමරෙ ඉදන් කෑ ගැහුවා ...මෙච්චර වෙලාම පේන්න නොහිටපු අග්නි පේන්න ආවා අග්නි විතරක් නෙවෙ....භෛරව් පවා ආවා.....ඒ මූනවල් දෙක අමුතු වෙලා ගිහින් තිබුනා....අම්මා ඉන්නකොට මගෙ ගාවට අග්නි භෛරව් කොහොමත් එන්නෙ නෑ....ඒක සාමාන්‍යයිනෙ...

" දුර්වලම තැන.....උන් අල්ලන් තියෙන්නෙ දුර්වලම තැන අග්නි....."

"ම්න්...."

අග්නී...මාව අතෑරපන්කො....අග්නීහ්.....අම්මා ඇවිත්...අම්මා....අනේ...අම්මා ඇවිත්.....මට යන්න දියන්කො අග්නී.....

මම දැගලුවා.....අග්නි භෛරව් මූනට මුන බලාගන කොදුරන දේවල් ගානකට නොගත්ත මම දැගලුවා.....ඇත්තම කියනවා නම්...මට අග්නිගෙන් බේරිලා අම්මා ගාවට දුවන්න ඕනකමක් වගේ දැනුනා..... අම්මගෙ කටහඩට මාව ඇදිලා යන ගතියක් වගේ දැනෙන්න ගත්තා... . 

" මං හිතන්නෙ උඹට මට ගහන ඇහිපිල්ලම පවා ප්‍රවේසම් කරන්න වෙයි භෛරව් ....ඒකි උලුවැස්ස පැන්නුවෙම හතර කොනට ජප කරගන....."

"....ලමයව ගෙන්න ගනින්..."

" මං හිතන් නෑ කොලුවව ගෙන්න ගන්න පුලුවන් කියලා..."

" මොන දේ කරලා හරි...මගෙ ලමයව ගනින් මෙතනට..."

මයෙ පුතා...

අම්මා ආයම අඩ ගහනවා....අග්නියි භෛරවයි දත් මිටි කනවා ඒත් මම නෙවෙ ගානකට ගත්තෙ... කෙලින් කටින් ඉන්න බැරි උන මට දැන් කෙලින් කටින් ඉන්න නෙවෙ අම්මගෙ කටහඩ එක්ක නැති පනත් උඩට මතුවෙන්න ගත්තා .....

අග්...නි....මාව.....මාව....අතෑරපන්කො...අම්මා...යාවි.....අම්මා...යාවි....

" ඒ උඹගෙ අම්මා නෙවෙ..."

උඹට මොලෙ හොද නැද්ද අග්නි ...උඹට මොලේ හොද නැද්ද.....මගෙ අම්මා දිහා බල බල අම්මා නෙවෙ කියන්න...ඒ මගෙ අම්මා....උඹට අදුනන්න බැරි උනාට අම්මව අදුනන්න මට පුලුවන් ....ඔය ඇහෙන් නැද්දෙ අම්මගෙ කටහඩ...

මට අම්මව ඕනා උනා.....ගැබ්බර කාලෙට ගෑනුන්ට තමනගෙ අම්මව ඕන වෙනතරම කොයි වගේද....ඊට වඩා දෙගුනයක් මට අම්මව ඕන වෙනකොට මම අග්නිගෙ අත් හපන්න ගත්තා...හරියටම දගකරන බලු පැටියෙක්ව අපි ඉස්සරහා අත්වලින් අල්ලන් හුට ගැස්සුවම ඒකා අඔඑ අත් හපන්නෙ ඒ හා සමානවම මම අග්නිගෙ අත් හප හප දගලන්න ගත්තා ....

" අග්නි....එයාව යවපන්.....ඉන්න තත්වෙ එක්ක....අම්මව හොයනවා.....".

"යවලා...යවලා....එතනින් එහාට....එතනින් එහාට මොනවද කරන්නෙ...අරන් ගිහින් මරලා දානකන් බලන් ඉන්නවද? ම්ම්ම්.....??"

" ඒත්....දැන් අත නෑරියොත් .....වෛරබන්දවන්න පුලුවන් ....අතැරපන්...."

"......…"

" අග්නි...චන්ඩ නොවී අතැරපන්....උඹ මම අපි දෙන්නම ඉන්නවා..."

"මම අතාරින්නම්...හැබැයි...මොකක් හරි උනොත්....උඹව මම බිල්ලට ගන්නවා...කාලි....ඕනම හයිය හිතක් කඩා වැටෙන තැනක් එනවා.....සමහර ඇස් බැන්දුම් වල හයිය ගාව යක්කු පවා අසරන වෙනවා....මෙතන උඹ මම උන්නත්...අපි දෙන්නත් මගෙ එකාට වඩා අන්ත වේවි .....මට මූට යන්න දෙණ්න බෑ කාලි....මම හුස්ම වගෙ රකින එකාව මට යවන්න බෑ.....හැබැයි....මොකක් හරි උනොත්....සක්කරයා පල්ලයි...මම උඹව අරන් ගිහින් ගහනවා ගලේ හිමාලෙම දෙදරවන්න...."

".....ගනින්....දැන් වත් මේකව අතෑරපන් ....උඹට දැනෙන්නෙ නැද්ද අග්නි...මේකව ගෙන්නවා කියලා ....

"

"....වෙසගන...!!"

අම්මියේ...මේ...අම්මියෙ...මේ....

බනිස් නේ....මගෙ පුතා ආසයිනෙ ජෑම් බනිස් වලට....සීයා තාත්තනෙ අරන් දුන්නෙ...මගෙ මැනිකට ගිහින් දෙන්න කියලා.....

සීයා....තාච්තා ....ජෑම්...බනිත්....මගෙ.....මැනිකතද....අම්මියෙ ...ඔව්...අම්මියෙ.....මයෙ....මැනික...පුතාත....

මම දැගලුවා.....අග්නි උලුවැස්ස ගාව ඉදන් කුනුහර්ප පලනකොට මම අග්නිගෙ අත් දෙක පුලුවන් තරන් හැපුවා....අම්මගෙ කටහඩ ඇහෙන වාරයක් ..වාරයක් ගානෙම මම දැගලුවා....අවසානෙදි අග්නි මාව අතැරියා වගේම මම අම්මව හොයාගන සාලෙට දිව්වා....

අම්මා...

කතරගම දෙයි හාන්දුරුවනෙ .....මයෙ පුතා....මොකද අප්පා ඔයනැට ගැහිලා ගිහිල්ලා....

මම අම්මා ගාවට දුවනවත් එක්කම අම්මා මගෙ සර්වාංගෙ දැකලා කම්මුලට අත ගහගත්තා....සාලෙ බිම ඉදගන උන්න කොල්ලා ඒකගෙ චූටි කකුල් උඩ පිගානක් තියාගන ජෑම් බනිස් කකා උන්නා.....මුන පුරාවටම සීනි කැට.....

අම්මා....ඇයි අම්මා එනවා කියලා කිව්වෙ වත් නැත්තෙ ...ඇරත් අම්මට අසනීපයි...අප්පච්චි කතා කරපු වෙලාවෙදිත් කිව්වා අසනීපයි කියලා ....

මම අම්මගෙ ගාවින් ඉදගත්තා .....එහෙම්ම කකුල දිහා බැලුවා.....තවම රතු පාටයි...මම එහෙම්ම කකුලට අත තියලා බැලුවා...

තවම රස්නෙයිනෙ අම්මා.....

තව දෙතුන් වංගියක් බෙහෙත් බැන්දම අඩුවෙයි මයෙ පුතා....උඹලව දෙතුන් පාරක්ම හීනෙන් දැක්කා ....දැකපු දවසෙ ඉදලම හිතට නිවනක් නෑ...ඒකයි තකහනියෙම දුවන් ආවෙ. අනික මේකා ආව දා ඉදලා අප්පච්චිට සාංකාව....

අම්මා මගෙ ඔලුව අතගෑවා.....සනීපයි.....

අම්මගෙ ඇගිලි තුඩු මගෙ අතරින් පතර තියන හිසකෙස් අස්සෙන් යනකොට මට පුදුමාකාර සනීපයක් ගෙනාවා වගේම මං බලාගන අග්නි දත්මිටි කාගන බලන් ඉන්නවා..මොන යකා වැහිලද මන්දා....

මයෙ පුතා...

ම්ම්

ඇයි මේ උඹලගෙ කොන්ඩෙ ගිහින්.....උඹල අසනීපයක් වත්ද...

උනුවතුරටද කොහෙද අම්මා....

උඹලව ඇදිලා ගිහිල්ලා....කන්නවත් වෙලාවක් නැතුව ඇති.....

.මගෙ ඔලුව අතගගා උන්න අම්මා මම ඉන්නකොටම පුටුවෙන් නැගිටලා ගේ පුරාවටම විදින්න ගත්තා.....

පුළුටු ගදයි...උඹලා පුලුටු බැද්ද....??

න්න්...නෑඅම්මා..ඇයි...

ම්ම්ම්...නෑ....සිනි ගද ගහනවා....වහලා තිබ්බ ගෙවල්නෙ ...යක්කු පෙරේතයො රිංගලද දන්නෙ නෑ...අහක යන යක්කු උනත් රිංගන්ඩ එන්නෙ හිඩැස් තියන තැන්වලටනෙ දඩාවතේ යන හැත්ත උනත් හිතන්නෙ මෙවා අම්බලන් කියලනෙ මයෙ පුතා.....

සලාන්...

දෙවියනේ හෝම් තියටර් එක...ගේ පුරාවටම එහා මෙහා බල බල උන්න අම්මා නෝක්කාඩු කිය කිය එහා මෙහා යනකොට මං බලගන අග්නි ඇස් දෙක රතුන්කරන් බලාගන උන්නා.....දඩාවතේ යන හැත්ත කියනවත් එක්කම බිත්තියෙ තිබුන දඩාරියන් සයිස් ටීවි එක දෙකට මැදින් වෙන් වෙනවත් එක්කම අම්මා අත් දෙකෙන් කන්දෙක වහගන්නවා එක්කම අම්මා අඩියට දෙකට මගෙ ගාවට ආව....

මං උඹට කිව්වෙ මයෙ පුතා....මේ ගෙ අස්සට අසසට ගහනකොටම මට හිතුනා....

න්න්..නෑ අම්මා.....එහෙම නෑ.....

නෑ නෑ....නෙවෙ.....බලපන් උඹගෙ හැටි...ඇදිලා ගිහිල්ලා.....මේක හරියන් නෑ මයෙ පුතා......මේක යක්කු ලගින අම්බලමක් වෙලා....පෙරේත ගදේ බෑ....මූසල පාට වෙලා ගිහිල්ලා...දඩාවතේ යන උන් ලැගලද කොහෙද .....

අම්මා ආය බනිනවා....ආයම ආඩපාලි කියනවා....මම අම්මා දිහා බලලා අග්නි දිහා බැලුවා .....කැඩුන ටීවි එකේ කැලි එල්ලෙනකොට අම්මා උන්නෙ ඇහිබැම රැලි කරන් වෙනකොට අග්නි උන්නෙ අම්ම දිහා බලාගන.....

අම්මට අග්නිව දැනිලවත්ද.....??

😔ජොබී නිදහාස්....

..🥺ආය එන්නම්...

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters