LightReader

Chapter 79 - 79

ටක්.....ටක්.....

පිල්ලියක් ආපිට හරවන හැටි...

මම හතර පස් වෙනි වතාවටත් නහය පිහදැම්මා....කහ පාට ගැහුන මන්තර පොතේ පිටු උඩට වැටුන නහයෙන් ආව ලේ බින්දු අකුරු බොද කරලා අරිනකොට කකුල් දෙක උඩ තියාගන නිදි කරකරව උන්න නිඛිල්ගෙ කලවෙකෙ තිබුන නිල්පාට වෙච්ච කෝටු පාර දිහා බලාගන මම දත්මිටි කෑවා....

ටක්.....

.තවත් ලේ බින්දුවක්...

.පිල්ලියක් පන ගස්සන හැටි.....ආපිට කප්පන හැටි.....ඇගට වැහුන යකෙක් එලවන හැටි...අත් බෙහෙත් වර්ග...ගෙවුන සති දෙක පුරාවටම මම නිදි නැතුව ඉගන ගත්තා.....

.අග්නී....

ගෙවිලා ගියේ දවස් දාහතරයි....

කාලිගෙ සාපෙට අහු උන මම හිත සතුටිම්ම ඒ සාපෙ භාර ගත්තා...

අග්නි නැතුව....කාලි නැතුව...ඒ සුවද නැතුව හරියටම තවත් සති දෙකක් ගෙවිලා යනකොට මම නිකන් පිලිකාවක් හැදුන ලෙඩෙක්ට වඩා අන්ත වෙනකොට ඉතුර් දවස් හතට විතරක් හරියන්න මගෙ ගාව හුස්ම තිබුනා.. ... 

..අග්නි....මට...සමාවෙන්න.....උඹමයි...කිව්වෙ...කියන්න පුලුවන් දේවල් තියනවා.....කියන්න...බැරි දේවල් තියනවා කියලා .....

මම සාක්කුවෙ තිබුන සුරේ එලියට ගත්තා...

මොන හේතුවටද කියන්න දන්නෙ නෑ...එදා කැර්කොප්පුවෙදි මගෙ අතට අහු උන සුරේ...වෙන එකෙක්ව රකින්න දාපු සුරේ...ගෙටබ්ගොඩ වදිනකොටම ගෙයි හතර කොනටම ජපකරන් ආව අම්මා කියන වෙස් ගත්තු කුවන්නට බැරි උනා මාව නම්මගන්න....ඒත්..නම්ම ගන්න බැරි උන එක ඇරුනම...අනිත් හැම වසක්ම මට වැදුනා...

ම්ම්...ම්ම්....සි...ද්..දෙනවනෙ....අම්..අමියේ...අපා...අපානෙ.....අග්...අග්...අගියේ....අපා...නේ....

ශ්ශ්...ශ්ශ්...මගෙ පුතා...අප්පච්චිගෙ රත්තරන් පුතා...දොයියපන්....දොයියපන්...මගෙ...සුදු මහත්තයා ...මගෙ....රත්තර.....න්...දොයියපන්....

කකුල් දෙකේ දාලා නිදි කරව කරව උන්න ළමයා නින්දෙන් අඩන්න ගත්තා.....නින්දෙනුත් ඉකි ගහගන්න ගත්‍තා අම්මියේ...අම්මියේ..ගහන්න එපා...ගගා..පොඩි කමට අග්නියට කතා කරලා මගෙ නොදරුවා තවත් ගුටි කාලා තිබුනා...ගෙවුනෙ සති දෙකයි...මගෙ මුලු ගේම අපායක් උනා....මගෙ නිඛිල් උදේ ඉර පායපු වෙලාවෙ ඉදන් ඇහැ පියවන ටික වෙනකම්ම හේතුවක් නැතුව පවා ඇඩුවා.....

හොදට කාපු ලමයට කන්න බැරි වෙන්න පටන් ගත්තා....වෙනදට සම්පූරනම කිරි බෝතලේ බොන ළමයා කිරි එකෙන් උගුරක් බීලා වමනේ දාන්න ගන්නවා....බඩේ ඉන්න එකා දගලන එක සමහර් දාට නැත්තටම නැති උනා....

මම අග්නිව එලව ගත්තා ....

මම භෛරව් ව එලව ගත්තා.....

යක්කුන්ගෙ පවා ඇස්වලට කදුලු දුන්නා...

මගෙ ආරකශාවටම මාව එලව ගත්තා වගේම කොහොමත් මැරෙන බව දන්න මම ඒ දෙන්නව මගෙ ගෙදරින් එලවගත්තා...හොදින් කිව්වොත් කවදාවත් අහන්නෙ නැති හන්දම මම කෙරුවෙ ඒ ඇස් වලින් කදුලු වට්ටවලා යවපු එක...

ම්ම්ම්.....අග්..ගියේ...තුත්....තා.....න්න්....අපානෙ....අප්පුච්චියේ .....

නිඛී.....ල්....චූටි වස්තුව....අප්පච්චි කුක්කු එකක් හදල දෙන්නද ....මගෙ පුතාට කවුරුත් ගහන්න එන්නෙ නෑ...මගෙ සුදු පුතාට කවුරුත්ම ගහන්න එන්නෙ නෑ.....මගෙ.....වස්තුවට....මගෙ පුතාට. .. .....

සැරින් සැරේම දාඩිය දාගන හීනෙන් ගැස්සෙන ගහන්න එපා ගගා හැමෝටම අඩගහන නිඛිල්ව මම ඇහැරවන්න හැදුවා ඒත් එයා නෙවෙ ඇහැරුනේ.. .එය නෙවෙ මගෙ දිහා ඇහැක් ඇරලා බැලුවෙ....ඒ වෙනුවට ලමය කෙරුවෙ අත පය ගසපු එක...

හීනයක්.....

මම වගේම එයාටත් හීනෙන් වද දෙන්න අරන්...

අතේ තිබුන පොත ආපහු ඇදුම් අස්සෙම හංගපු මම කකුලෙ දාලා උන්න ළමයා අරගන හරි අමාරුවෙන් නැගිටගත්තා ....මගෙ කකුල් දැන් ගිනි කූරු වගේ...ඇගේ තියන ඉල ඇට ගනින්න පුලුවන් තරම් ....කල්න් උන්න මස් පිරුන ශිවන් කියන්නෙ පින්තූරෙකට සීමා වෙච්ච කෙනෙක් වෙනකොට මම වේදනාව උහුලගනම නැගිට්ටා.....නැගිටලා කොල්ලගෙ ඔලුව මගෙ උරහිසට තියා ගත්තා.....

ටොක්...ටොක්....ටොක්...ටොක්...

බුලත් කොටනවා...මහ රෑ දහයත් පහුවෙන්න එනවා.....බුලත් කොටනවා...කොන්ඩෙත් කඩාගන...මුලුගේම මූසල කරන්න එක අතකින් ලේඩි සූර සූර උන්න කුවන්නා අනිත්පාර බුලත් කොටන්න ගත්තා....කුවන්නා වංගෙඩියට කොටන වාරයක් වාරයක් ගානෙමමගෙ උරහෙ උන්න ලමය අඩන්න ගත්තා...

මයෙ පුතා....

මගෙ ඇස් කොන් රතු උනා....

අවුරුදු ගානක් එක දිගටම කතා කරපු කටහඩම ..එකම දශමෙකින් වත් වෙනස් නොවීම මගෙ පුතා ගානකොට මේ ඉන්නෙ අම්මා නෙවෙ කියලා කියන්න කාටද පුලුවන් ...අඩුම ගානෙ අප්පච්චිටවත් අදුනන්න බැරි වේවි.....

මම ලමයගෙ පිට දිගේ අතගාන ගමං හතර දිග්බාගෙම මූසල වෙන්න ආයම ලේඩි සූරන කුවන්න දිහා බැලුවා...

ඇයි අම්මා...

මක්ක කරනවද උඹ මේ රෑ වෙලා...

ලමයට කිරි එකක් හදල දෙන්න...ඔහෙ ඔය මහ රෑ ලේඩි සූරන්න තියාගත්තෙ ඇයි අම්මා ඇරත් දැන් වරුවක ඉදන් ඔය බුලත් කොටන එක නවත්තන්නෙත් නෑ...මේ ලමයට නිදා ගන්නත් නෑ අම්මා...ගිහින් නිදාගන්න දැන් දහයත් පහුවෙන්න එනවා

හිත අස්සෙ තියන තරහව පැහෙන තෙල් කටාරමක් තරන් වෙන කොට මම උපරිම සන්සුන් කටහඩින් කතා කෙරුවෙ මට අද රැය කොහොම හරි ගෙවා ගන්න ඕනා හන්දා..මට හෙට එලිවෙනකොට ලමයවත් අරන් මෙහෙන් යාගන්න ඕනා හන්දා වෙන මොකටවත් නෙවෙ මට නේ ගෙදරින් කොල්ලව යවා ගන්න ඕනා හන්දා....කුවන්නගෙ එකම ඉලක්කෙ මම....ලමයටත් වඩා මම ....මරාගන්න උවමනාව තියෙන්නෙ මාව....

මම හිත හදන් ඉවරයි.....කැලැන්ඩරේ අවසානම දවස් හත කැපිලා ඉවර වෙනකොට මම අග්නිගෙ ප්‍රාර්තනා හැම එකක්ම ඉශ්ට කරලා මේ වේදනාවල් හැම එකෙම්ම නිදහස් වේව්....

ඕකට මේ රෑ කිරි පොවලා රෑ එලිවෙනකම්ම හුජ්ජ වක්කරන්ඩද මයෙ පුතා....

කොල්ලා බඩගින්නෙ අඩනකොට මට සැනසීමකින් ඇස් පියවන්න පුලුවන්ද අම්මා...අනේ මන්දා ඔහේ කතා කරන්නෙම මාව හැදුවෙ නැතිවිදිහටමෙ ...ඇයි අම්ම මේ..අම්මා අමුතු වෙලා...

ක්ක්..කොහෙ...ම්..මම??

ඔව්....අම්මා නේන්නම්....අම්මා වෙනදා මෙහෙම නෑනෙ...අපිටත් කලින් අම්මනෙ ලමයට කවන්න පොවන්න හදන්නෙ....අපිටවත් නොදි අම්මනෙ ලමයගෙ ඇදුමෙ ඉදන් හෝදන්නෙ...එහෙව් කරපු පුංචි එකාටමනෙ අම්මා අද කෝටුවක් කැඩෙනකම්ම ගහලා තියෙන්නෙ....වෙලාවකට මට සැකයි ඔහේට යක්ස පරානයක් වැහිලද කියලා....

..උඹගෙ මොලේ කොලොප්පම්ද !!!

මගෙ සීමාව ටික ටික පැනගන ආවා...මට ඉවසන්න පුලුවන් තරන් ඉවසපු මට තව තව ඉවසන්න බැහැයි කියල හිතෙනකොට මම ඒ තරහව ටිකෙන් ටික පිටදාන්න ගන්නකොට එයාගෙත් මූන වෙනස් උනා..ඉස්සර මෙහෙම නෑ...අරහෙම නෑ ගානකොට ඒ ඇස් එහා මෙහා දිව්වා ...

මගෙ මොලේ නම් තවම කොලොප්පම් නෑ අම්මා..හැබැයි.....ආය ආය ලමයට නිස්කාරනේ ගහන්න තියාගන්න එක නවත්තගන්න අම්මා....එහෙම නොවුනොත් අම්මට පුලුවන් ආපිටම ඔය රෙදි පෙරෙදි අරන් ගෙදර යන්න.....

නිස්...කාරනේ....උඹ....ඔය....වදා...පු අ...ම්මටද....මයෙ...පුතා...ඔහොම..කතා කරන්නෙ.....මම..මේකට ආදරෙයි..නෙ...මයෙ....පුතා...මූට ..මොකටද....අප්පච්චිලා...දෙන්නෙක්.....උඹල..ව...අපි...හැදුවෙ...ඇහේ...කනේ....ති...

අනේ අම්මා...බොරුවට අඩන් නැතුව ඉන්න....ලමයගෙ කකුල නිල් වෙලා.....අම්මට මගෙ වචනෙට රිදුනා...අම්මා කකුල නිල් වෙන්න ගහනකොට ඔහොම හිතුන් නැද්ද...

තවත් රගපෑමක්...ලමයට ගැහුවොත් ගෙදර යන්න කියන වචන මගෙ කටින් එලියට පැන්නෙම පිහිතුඩවල් වගේ සැරට වෙනකොට කුවන්නා පිරිමි අසරන කරන ගෑනු කදුලු පිට දාන්න හදනකොටම මම තවත් පාරක් සැර උනා.....

මම බලන් උන්නා.... බොරුට ඉකි ගහන කුවන්න දිහා මම බලන් උන්නා.....

කිසිම හැගීමක් නැති වතුර බින්දු ටිකක් ඇස් වලින් එලියට දාන ගමන් මාව රවට්ටන්න...මම ජීවත් වෙන්නෙ කොහොමත් තව සතියයි.....ඒ සතිය ගෙවුනම මැරෙනවා මිසක්කා...ඊට කලින් නම් මාව මැරෙන්නෙ නැති බව දන්න හන්දම මම කුවන්නා ගාව කෙලින් උන්නා....ඇග ඇතුලෙ මොන වේදනාව තිබුනා උනත් මම කුවන්නා ගාව කෙලින් උන්නා...ඒකි බුලත් කොටන වාරයක් ගානෙම ඇට කටු පොඩි වෙන්න ආවා උනත් මම කෙලින් උන්නා....මෙච්චර කාලෙකටම මම කෙරුවෙම මෝඩ වැඩ....

.මෙච්චර කාලෙකටම මම කෙරුවෙ අග්නිට වේදනාවක් දෙන වැඩ... ඒත්....අවසානෙදි වත්....මගෙ අතින් අග්නිට සාදාරනයක් වෙන්න ඕනා.. අවසානෙදි වත්...මෙ සංසාරගත ආදරේට නිගාවක් නොදී මට මැරිලා යන්න ඕනා වෙනකොට බොරූවට කිඹුල් කදුලු හලන කුවන්නා දිහා බලපු මම එන්න එනකොට ඒ ඇස් වල ගින්දර හා සමාන තරහව මම එතනම දැක්කා උනත් නොදැක්කා හා සමානව නොතේරුනා හා සමානවම එන්න ආවා....

මයෙ පුතා.....ඕකව දියන්....උඹ කිරි හදපන්...

කමක් නෑ අම්මා...

එහෙනම් උඹ ඉදගනින් මම හදනම්....

ඕන් නෑ අම්මා.....

කුවන්නා මායන් වෙනවා.....මගෙ පස්සෙන් කැරකෙනවා...ලමයව ඉල්ලපු කුවන්නා ඊලග පාර කිරි හදන්න අහනකොට මම ඒකටත් හරස් කපනකොට ආයම කිඹුල් කදුලු හලන්න ගත්තා .....

.උඹට...මේ අම්මව...දැන්....වැඩක්...නැද්ද...මයෙ....පුතා.....උඹට...මේ ...අම්මව...

අනේ අම්මා..මනස් ගාත නොකියව ගිහින් නිදාගන්න ...මම ලමයව නොදුන්නෙ මගෙ අතින් අම්මා ගාවට ගියහම අඩන හින්දා....කිරි හදන්න එපා කිව්වෙ අම්මා ලමයගෙ කිරි එකට මුලු ඓඉනි බෝතලේම හලන හින්දා....නැතුව වෙන එහෙකට නෙවෙ...මන්දන්නෙ නෑ...අම්මට ලගකදි ඉදලා මොකක් වෙලාද කියලා....

..මොකක් වෙලාද ...මට මොකක් වෙන්නද ..තොට යක්කු එක්ක ලැගලා ලැගලා තෝව වදාපු අම්මගෙත් වැරදි පේන්න ගන්නවා...කොහෙවත් යන යකෙක්ට අප්පච්චි කියනකන් තෝ කට උර ඇරන් බලන් ඉන්නවා.....ගෙවල් දොරවල් අමනුස්ස විමාන වෙලා....ඒවලින් ගලවපු අම්මට වඩා තොට කොහෙවත් නැති මලපෙරේතයෙක් ලොකු උනා...

හරි ...කුවන්නගෙ නියම ස්වරූපෙ ටික ටික එලියට එන්න ගත්තා....

මම උන්නෙ කොලුවගෙ කිරි එක හොලව හොලව වෙනකොට කරන්න හදපු එකම දෙයක් වත් හරි ගිය නොගිය තැන කුවන්නා ඉනට අත් දෙක තියාගන බෙරිහන් දෙනකොට මම ඒත් ගානක් ගන්නෙ නැතුව කොල්ලව අරන් නොන්ඩි ගගහම මිදුලට බැස්සා .....

කොහෙවත් යන දහපදුරාවෙ යකෙක්ට පූට්ටු උනේ තොට තිබ්බනෙ යකො ගෑනියෙක් ගෙනත් දෙන්නයි කියන්න...වෙදහාමිනේගෙ එකම කොල්ලා යකෙක් එක්ක මගුල් අහනවා කියලා දැනගත්තොත් මොකක් වෙයිද...ආ යකො....මූ මෙ දැන් වචන ඇහිද ඇහිද කතා කෙරුවට හරියටම කතා කරන දවසක් එනවනෙ...එතකොට තෝ ඔව්වට දෙන උත්තර මොනවද???

සලබලාන් ...!!

.

පිගානක් කුඩු උනා...

මම නෙවෙ උත්තර බදින්න ගියේ ...ලමයවත් වඩාගන මහ රෑ අඹ ගහ යටට ආව මට කුසියෙන් පිගන් කුඩුවෙන සද්දයක් ඇහුනා. හුස්මක් නොගෙනම කුවන්නා පුරුදු කටහඩිම්ම කතා කර කර බනිනන කොට මම මගෙ හිත ගල් කරන් උන්නා.....

මගෙ අග්නි හරි...ඇත්ත බොරුව මොකක්ද කියලද් හොයන්න බැරි තැන් එනවා...ඒක ඇත්ත...

සුදු මහත්....කැහ්...කැහ්...කැහ්.....

මම ලමයට කතා කෙරුවා ...ඒත් වචන දෙක තුනකට වඩා මට කතා කරන්න් බැරි උනා....පපුව හාරගන එන කැස්සත් එක්ක මම කටට අත තියලා කහිනකොට මගෙ අල්ල රතු පාට උනා... . මට හුස්මක් පිට උනා. 

ඇත්ත....මගෙ මරනය නොසෑහෙන්න වේදනාකාරි වේවි....

අත දිහා බලන් උන්න මම මගෙ අල්ලත් එක්කම හිනා වෙලා ආයම ලමයට කතා කරනකොට අනේ ඒකා චූටි කට ඉරෙන තරමට ලොකූ ඈනුමක් ඇරගනම නැගිට්ටා වගේම.මගෙ අතේ තිබුන සූප්පු බෝතලේ අතට දෙනකොට චූටි අත් දෙකෙම්ම කිරි බෝතලේ අල්ලගන මොකූත් නොකිම කටේ ගහගන්න හැදුවා උනත් ළමයා වඩා ගන උන්න මට විනාඩි ගානක් ඉවරයක් නැතුවම එකදිගට එක දිගට...එකම දිගට කැස්ස අල්ලා හිටියා...

.කැහ්....කැහ්...

කැහැල කැහැලම මගෙ උගුර තුවාල වෙලා...කැහැල කැහැලම මගෙ පිට කොදු කැඩෙන්න වගේ...කැහැල කැහැලම මගෙ බඩ කොර වෙලා වගේ යනකොට මම නාස් පුඩු වලින් එලියට ආව ලේ බින්දු මගෙ පිට අල්ලෙන් පිහිදගන බංකුව උඩ ඉදන් පපුව පිරෙන්න හුස්මක් ඇල්ලුවා....අනේ මගෙ කොල්ලා බය වෙලා මගෙ මගෙ දිහා බලන් උන්නා...

අප්පු...ච්චියෙ.....කැහ්...කැහ්....ගා...න්නෙ....අයි.....අප්...පුච්චියෙ.....

.අප්පුච්චියට ...කැහ්.....ඌයි..යා...වෙලානෙ...

ඌ...යියා....වෙලාත...පුතා....ත්....

නෑ...කැහ්...නෙ....මගෙ...පුතාට...ඌයි...යා වෙලා...නෑනෙ.....අප්පච්චි ගෙ...පුතා...කැහ් ...කැහ්...

මට ආයම කැස්ස් ඇල්ලුවා...වචනයක් දෙකක් කතා කරපු මට ආයම කැස්ස අල්ලනකොට අනේ මගෙ නිඛිලුත් බොරූවට කහින්න ගත්තා....අවසානෙදි ළමයා කිරි එළ කටේ ගහන් උරවන්න ගත්තා....

උඹලගෙ අප්පච්චිට හෙන විතරයි ගැහුවෙ නැත්තෙ ......

පෝයට පායන්න බලන් ඉන්න හද නැති අහස දිහා බලාගන මම කිරි බෝතලෙ උරවන ලමයගෙ හිස් මුදුනය හාදුවක් තියපු මම එහෙම්ම මගෙ බඩට අත තියාගන අග්නිගෙ දරුවන්ට කතා කෙරුවා .....අවංකවම මට ගහලා නැත්තෙ දැන් හෙන විතරයි....

මුලු අහසම පාලුවට ගිහිල්ල.....තව දවස් හතයි....කෙම්මුර ලගයි...එක කෙම්මුරේකදි...මම වරම ගනීවි...අනිත් කෙම්මුරේදි....මම යන්න යාව්...එතනින් පස්සෙ ...එතනින් පස්සෙ ....හැම දේම විසදේවි .....මෙච්චර කල් දුක් විදපු මට සැනසීමක් ලැබේවි... 

මම ලොකූ හුස්මක් ගත්තා ඉස්සර වගෙ දැන් පපුව පිරෙන්න හුස්ම ගන්නවත් බෑ...හුස්ම පවා බර වැඩි.....පාලුවට ගියපු අහස දිහා බල්න් උන්න මම එහෙම්ම අපේ ගේ දිහා බැලුවා...

එලි නොබැස්සා උනත්...කුවන්නා ගෙයි ඇතුලෙ නොන්ඩි ගගහ සක්මන් කරනවා....කකුල කැඩිලාලු.....කකුල කැඩිලා නම්...යමන්කො...

මම හිතින් බැන බැන ගේ දිහා බලන් උන්නා...ලාවට එන හුලගත් එක්ක අඹ අතු හෙලවෙනකොට මට අග්නිව මතක් උනා.....වෙරළු ගහ මතක් උනා.....කාලි එයාව විහිලුවට වත් එවන්නෙ නැති වේවි...මම ගැන හිතනවා ඇති.....මාව මතක් වෙනවා ඇති...ඒත්.... මම කිව්වෙ යකෙක්ටවත් උහුලන්න පුලුවන් කතාද.....මම කිව්වෙ යකෙක්ට වත් ඉවසන්න පුලුවන් කතාද .....ඒත්...මට කරන්න තිබුන එකම දේ ඒක...සාලෙ ඉදන් ලමයට මල ජරහන්ත ගිල්ලෙව්වත් කුවන්නගෙ කන තිබුනෙ මගෙ ගාවට...අපි ගාවට.....මගෙ හිත රිදේවි කියලා ඒ දෙන්නා මගෙන් හැංගුවට..මම කරන්න දෙයක් නැති කමට ඒ දෙන්නට රිදවලා ගෙයින් එලවගත්තා ...

අග්නී.....උඹ මොනවා කරනවද...කොහේ ඉන්නවද....දන්නෙ නෑ මගෙ අග්නි...උඹ කොහෙ උන්නත්....මෙතන නෑ...උඹ මගෙ ගාව නෑ කියන්න මම දන්නව මගෙ අග්නි...මොකද ...මට උඹව මේ වෙනකොටත් නැති වෙලා හමාරයි ...කමක් නෑ...ඉන්නෙ.කොතන සතුටින් ඉන්න උත්සහ කරපන්....උඹ මම වෙනුවෙන් මෙච්චර දේවල් කරපු එකේ....මම.උඹ වෙනුවෙන් වේදනා වින්දට කමක් නෑනෙ...මොකද ...මැරුනත්...මම උඹගෙනේද මගෙ අග්නී....

අප්පුච්චියෙ....

.ඕ..ඕ....ඇයි මගෙ වස්තුව...

මටත් නොදැනිම.මගෙ ඇස්වලින් කදුලු වැටිල තිබුනා...කොට මගුල කිය කිය මසක්කන්ද....උඹට මාන්දමද අහ අහ මගෙ පස්ස පාරෙ කැරකුන අග්නි ගැන හිත උන්න මම ආයම පියවි සිහියට ආවෙ මගෙ නිඛිල්ගෙ කටහඩත් එක්ක වෙනකොට මම කදුලු පිහිදන් ළමයා සිහා බලනකොට කොල්ලා ඈත අහස දිහාවට ඇගිල්ල දික් කෙරුවා .....

කෝ....නානෙ.....

මොනවද...මොනවද නැත්....තේ......

අම්බිලි.....මා...මා...කෝ...නානෙ....අප්පුච්චියෙ.....

අම්බිලි මාමා දොයි.....

දොයි....හී.....අයි..එ....ඔව්...අප්පුච්චියෙ.....ඔව්....අයි....

.දොයියමත ඇවිල්ලානෙ ඉතින්....ඒකයි.....

අයි ..ඒ.....ඔව්...මත එන්නෙ...දොයිය.....

යෝ.....මත එන්නෙ දොයිය නෙවෙ....දොයිය මත....එහෙම නේන්නම්....දැන් රෑවෙලානෙ....ඒකයි...

ම්ම්ම්ම්ම්...

ම්ම්ම්

මගෙ පන්ඩිතයා...මගෙ නිඛිල් අම්බිලි මාමව අහනවා.....මට පුලුවන් අම්බිලි මාම නෑකියන්න විතරයි ...ඒත්...මගෙ අග්නි ගාව ඉන්නකොට ඔය කතාව කිවා නම් එයා අම්බිලියෙක් මවලා හරි දෙන්න ගියා...ඒතරම් ඒ ආදරේ බරයි .....ඒතරම් මගෙ අග්නිගෙ ආදරෙ පිරිලා ...එත්.....ඒත් දැන් කෝ.....දැන් මගෙ අග්නි කෝ....

තවමත් අම්බිලියව අහන කොල්ලව උකුලෙ තියන් මම ඔහේ ඉදන් උන්නා... අග්නි නොඑන බව දැනගත් මම ඔහේ උන්නා.. .කාලයක් මම වෙන කෙනෙක් එනකන් මේම අඹගහ යට බලන් උන්නා...දැන් අග්නි එනකන්.....

එතනින් පස්සෙ .....

මම එනකන් කව්ද බලන් ඉන්නෙ...??

මම එනකන්....මේ අඹ ගහ යට කව්ද හිටන් ඉන්නෙ.....

කිසිම කෙනෙක් නෑ....කිසීම කෙනෙක් නෑ.....

අප්පුච්චියෙ පුතාව...පුතාව...බත්තන්න...අප්පුච්චියෙ පුතාව...නිතිල්ව.....නිතිල්ව...

.මගෙ උකුලෙ ඉදන් උන්න ළමයා බස්සන්න ගගා දගලලා දගලලා අවසානෙදි කොල්ලා බැහැගත්තා ...

වැලි අල්ලන්නෙ නෑ...

ලයිට් එලිය මිදුලට වැටිලා තිබුනත් ඒ එලියෙන් බාගයක් අඹ අතු හොරකන් කරන් උන්නා.....මගෙ නිඛිල් මේ රෑ මිදුල පුරා වැනි වැනි ඇවිදින ගමං චුට්ටන්ට වගේම අමන්දිට කෑ ගහන්න ගත්තා උනත් ලමයට ඉස්සර තරන් කෑ ගහන්න හයියක් නැති වෙනකොට මම ඉකමනට ගිහින් වඩා ගත්තා....

තු.....ත්.....කැහ්....කැ....හ්....තා....න්

.චුට්ටන්ලා බයි ඇති වස්තුව ...මගෙ පුතා එන්න.....අප්පච්චි බයිය කරවන්න...

මම ලමයව වඩාගත්තා...කොල්ලගෙ ඇග ආයම ටිකක් රස්නෙයි .....ඇග රස්නෙ ලමයව කරපින්න ගත්තු මම වෙලාව දහය පහුවෙලා කියන එකත් අමතක කරලා මට මෙච්චර කාලෙකට වැඩ එපා කරවපු එකම චරිතෙ උන මිස්ටර් සමරවීරට කෝල් එකක් ගත්තා...

..රින්ග් වෙනවා.....

එක පරක්.....දෙපාරක්...

.නිදි ඇති.....

මගෙ හිත ගැස්සුනා මට මේ සතිය ඇතුලත කොහොම හරි මගෙ ලමයව පරිස්සම් කරගන්න ඕනා වෙනකොට මම බැනුම්.අහන්න බලන් ආයම පාරක් ගත්තා...ඒ ගන්නවා එක්කම මගෙ හිතට සැනසීමක් ගේන ගමන් මිස්ටර් සමරවීර ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ....

හෙ..හෙලෝ...මිස්ටර් සමරවීර.....සමා...වෙන්න...මිස්ටර් ..

සමර වීර....මෙවෙල...කතා කෙරුවට...

....

මම හුස්මක් ගත්තා....මේ වෙනකන් කාගෙන් වත් මේ වගෙ ඉල්ලමක් නොයිල්ලපු මම් මගෙ දරුවව පිටස්තර එකෙක් ගාව තියාගන්න පුලුවන්ද කියන් එක නොවදිනා වැදුම් වැදලා අහනකොට සමරවීර නෝනට පින් අයිති වෙන්න ලමයව බලාගන්නම්.කියනකොට මම් කොල්ලව අත් දෙකෙන්ම තද කරලා තුරුල් කර ගත්තා ....තුරුල් කරන් ගනින්න බැරි තරම්.ඒ මූනට හාදු තිබ්බා.....

මගෙ නිඛිල් .....

අප්පුච්චියේ..... අයි....ඔව්...අයි...

අප්පච්චි දිහ බලන්න...

මෙක වෙන්න ඇති...සමහර විට...මේක වෙන්න ඇති...මම මගෙ ලමයව දකින අවසානම වතාව..... ආයම බංකුව උස ඉදගත්තු මම කොල්ලව උකුලෙ තියාගන මන් ඒ හුරතල් චූටිමූන අත් දෙකෙම්ම අල්ල ගත්තා....

මගෙ රත්තරන් ....උඹට...ගොඩාක් පින්.....අවුරුදු ගානකට පස්සෙ හරි....අප්පච්චි ගාවට ආවට...

අප්..පුච්චියෙ....

මගෙ...නිඛිල් .....අප්පච්චි ...උඹට....හුගාක්....ආදරෙයි ....අප්පච්චි ...මගෙ.....මැනිකට...හුගාක්....ආදරෙයි .....අප්පච්චි මගෙ.පුතාට....මගෙ රත්තරන් පුතාට.. මගෙ වස්තුවට.....හුගාක් ආදරෙයි....

.අප්පුච්චියගෙ අස්තුවත.....

..ඔව්.....අප්පච්චියගෙ අස්තුවත....ආඅදරෙයි...

.මම ලමයගෙ මූන දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා.... ඒ චූටිමූන ඒ ඇස් ඒ හිනව...ඒ හුරතකේ දිහා මම සෑහෙන්න බලන් උන්නා...මම නිඛිල්ව දකින දකින අවසානම පැය ගාන.....මගෙ නිඛිල්ව දකින අවසානම දවස් බාගෙ....

මම එහෙම්ම ලමයව අරන් ගෙට එනකොට අම්මටයි කියල වෙන්කරපු කාමරේ දිර්ස් බාගෙට ඇරිලා තිබුනා....මම හිමීට බෙල්ල දැම්මා.....

නිදි...

එක්කො...නිදි වගේ රගපානවා...

..නැත්තන් ඇස් වහන් හෙන ඉල්ලනවා.....

..හූනියන් කරනවා.... 

ඉදිමිලා තියන කකුල පුපුරන්න වගෙ තියනකොට මම ඒ කකුල දිහා ඇස් හීනි කර බලන් ඉදල ලමයවත් අරන් මගෙ කාමරේට ගිහින් දොර වහලා දැම්මා....

මගෙ පුතා අපි දොයියමූ.....

.කාමරේට ආව ගමන් මම කෙරුවෙ ලමයගෙ ඇදුම් කැඩුම් ටිකක් අරන් බෑග් එකකට දාපු එක වගේම මන්තර පොත තියනවද කියලා බලපු එක වෙනකොට ඒ පොත එහෙම්ම තිබ්බා හැබැයි...අල්මාරියෙ රෙදි ඇදල ආපහු තිබ්බ විදිහටම හදපු බවක් තිබුනා....

මට හිනා ගියා...මට කට කොනකින් හිනාවක් මතු උනා.....

කුවන්නා....උඹ මගෙන් හංගන්න හැදුවට මම දන්නෙ නැතිවෙයි කියලා හිතුවද.... 

නමපු ඇදුම් තිබුන පිලිවල වෙනස් වෙලා...ඇදපු ඇදුම් නමලා තිබුනා උනත් ඒ තිබ්බ තැන් වෙනස් වෙලා....මීට තත්පර ගානකට උඩදියි කාමරෙන් ගිහින් තියෙන්නෙ. ...එහෙනම්....අනිවාර්යයෙන්ම නිදි නෑ....හොරට ඉන්නවා ඇත්තෙ...

ලමයගෙ ඇදුම් ටික බෑග් එකකට ඔබපු මම එහෙම්ම ලයිට් ඔෆ් කරල කොල්ලව අරන් මෙට්ටෙට වැටෙනකොට අනේ නිදා වැටෙන්න ගත්තු ලමයා මගෙ අත අස්සෙම නිදා ගන්නකොට මම ආය ලමයව කොට්ටෙකින් වත් නොතියා ඔහේ තුරුල් කරගන උන්නා....

අද රෑ ගෙවුනම....දවස් කීයද....හෙට....අගහරුවාදා .....අනිද්දා...අනිද්දයි..දවස... බදාදා......ගෙවුනම....සෙනසුරාදා ... 

සෙනසුරාදා ඉරපයන හැටි මම දකීවි....ඒත්.. බහින හැටි දකින් නැති වේවි......මගෙ මරන මංචකේදිවත්....අග්නි ඒවිද.....අඩුම ගානෙ මරන වේදනාව වත් උහුලගන්න.....

නැති වේවි....

අග්නිව මට නැති වෙන්න ඕනා.....

ඒකයි කාලි ඉල්ලපු ප්‍රාර්තනාව.....

..අඩලා අඩලා....අවසානෙදි අඩන්න කදුලු නැති මම ඔහේ උන්නා..... ඉදහිටක ඇහෙන බස්සෙක්ගෙ සද්දෙ වගේම....වවුලෙක්ගෙ තටු ගහන සද්දෙ.....මූසල විදිහට කැ ගහන් යන කෑරලෙක්ගෙ සද්දෙ ඇරුනම වෙන සද්ද බද්ද මොකූත්ම නැති වෙනකොට කටට ලේ රස දැනෙන කැස්සක් එක්ක මං ඇස් පියා ගත්තා...

කැහ්.....

කැහ්...

කැහ්.....ක්හ්....කැහ්...කැහ්...

කැස්ස.....එක දිගටම කැස්ස.....එක පාර පටබ් ගත්තු කැස්ස ආයමත් විනාඩි ගානකට ඇදිලා යනකොට මං ඇකිලීගන හුස්ම අල අල්ල කහින්න ගත්තා.....හිතේ නිදහසක් නැතිවම ගින්දර එක්කම ඇස් පියා ගත්තු මට ඇගේ වේදනාව එක්කම නින්ද ගිහින් තියනකොට මහ පාන්දර ජාමෙ ඇල්ලුව කැස්ස එක්ක මම හුස්ම අල්ල අල්ල කහින්න ගත්ත වගේම මෙසෙ උඩ තිබුන වතුර කෝප්පෙ ගන්න මම අමාරුවෙන් නැකිටන් ලයිට් එක දැම්මා.....

..ද්..දෙයියනේ... 

න්...නි..නිඛිල්...

නිඛිල්...නිඛිල් නෑ....මගෙ ලමයා නෑ.....මට තුරුල් වෙලා නිදාගන උන්න මගෙ කොල්ල නෑ...කැහැ කැහැ උන්න මට කැහැලම පන යන්න එනකොට ඇරලා දාලා තිබුන දොර වගේම හිස් උන මෙට්ටෙ දැක්කම මගෙ තිබුන පන ටිකත් සම්පූරනම යන්න යන කොට මම වැටිවැටි කාමරෙන් එලියට දිව්වා.....

නිඛිල්.....

.....

නිඛිල්.....සුදු පුතා...

සුදු මහත්තයා....උඹ කොහෙද .....

අනේ...රත්තරන් උඹ කොහෙද මගෙ පුතේ.....

..මම.මුලු ගෙදරම ලයිට් දැම්මා....කෑගැහුවා .. කුවන්නා උන්න කාමරෙටපවා දිව්වා 

නිදි...කුවන්න නිදි.....ඔක්කොම කරලා නිදි.....

මයෙ....පු....

චටාස්!!!!...

හිතේ පැසවන වේදනාව....අම්ම්ගෙ රූඔඑ හන්දම කට පුරා අම්මෙ කියපු කුවන්නටම මම අත දිගෑරලම කනට ගැහුවා... ගහලා බෙල්ලෙන් අල්ල ගත්තා ...

මගෙ ද...රුවා....ක්...කොහෙද.....උඹට.....මැරෙන්...ඩ ...නම්...ඕනෙ...උඹයි...මමයි....දෙන්නම.....එකට....මැරෙමු....ඒක.....කමක්....නෑ.....හැබැයි....මගෙ....පුතා...ඌ මැරෙන්ඩ....බෑ...කියපන්....මගෙ.....ළමයා....

මම බෙරිහන් දුන්නා.....මයෙ පුතා...මයෙ පුතා ගගගා දගලපු කුවන්නා මාව තල්ලු කරපු පාරට මාව විසිවෙලා බිත්තියක වැදුනා.....ඒ උනත් මම නෙවෙ අතෑරියෙ...වේදනාවෙ අවසානම තැන උන්න මං ආයම ගිහින් කුවන්නගෙ උරහිස් වලින් අල්ලන් එලියට තල්ලු කරනකොට කුවන්නා කිඹුල් කදුලු හලන්න ගත්තා .....වදාපු අම්මාට නේද මෙහෙම කරන්නෙ ගගා කෑ ගහලා අඩන්න ගත්තා .. එත් මම නෙවෙ මයිම් කෙරුවෙ මං මුලු ගේම කන පිට ගගහා පිස්සෙක් වගෙ මගෙ නොදරුවව හෙව්වා .....

නිඛීල්...

අනෙ මගෙ පුතෙ උඹ කොහෙද නිඛිල් ...

අග්නී....හ් මගෙ කොල්ලව හොයා දියන් අග්නී...

වැටි වැටි මන් ලමයව හෙව්වා ....අනෙ ඒකා නෑ.....අල්මාරිය පවා ඇද්දා....ඇතුලට රින්ගන්ද බලන්න....අනේ ....ඌ ඒත් නෑ.....

කුවන්නා...මං මරාගන මැරෙනවා.....

මං යටගිරියෙන් බෙරිහන් දුන්නා ...

.නිඛීල්.....මගෙපුතේ.....නිඛීල්....මගෙ රත්තරන් පුතේ.. 

මං කෑ ගැහුවා මුලු ගෙදරම පෙරලුව.....ඒත් නැ...කෑ ගහලා දෙවනත් කරලා යන්න තැනක් නැතිවෙනකොට මම බාතෲම් එක මතක් වෙලා බාතෲම් එකට දිව්වා ....

දොර වහලා.....මං දොර අරින්න හැදුවා ....ලොක්.....

දොර ලොක් වෙලා....

නිඛිල්.....

...පුතේ... .

මගෙ පුතේ.. උඹ ඇතුලෙද....

පන නැති අතපය වලට කොහෙන් පන ආවද කියන්න දන්නෙ නැති වෙනකොට මං පුලුවන් තරම් දොරට ගැහුවා .....ඒත් එන්න එන්නම දොර තද උනා.....

කුවන්නා...මේ දොර ඇරපිය...

මගෙ කොල්ලව මරා ගන්නෙ නැතුව මේ දොර ඇරපිය යකෝ...

මං කෑ ගගහම අගුලට ගැහුවා ...මට හති.....

වතුර ඇරපු සද්දයක් ලාවට වගෙ ඇහෙනකොට මගෙ හිතට ආවෙම මහ මූසල හැගීමක් වෙද්දි මේ වෙනකොටත් බාගෙට මැරිලා උන්න මම ඇගේ තිබුන ඉතුරු හයිය දාලා දොරට පයින් ගහනවත් එක්කම දොර අගුල කඩාගන දොර ඇරුනා වගේම වතුර කටමට්ටමට තිබුන බාත් ටබ් එක දැකපු මට සිහි නැති වෙන්න ආව.....

වතුර කටමට්ටන්...

වතුර ගලාගන යනවා....

කද කොටස ඇතුලට වැටෙන්න ඇබිත්තන් කකුල් වල වලලු කරෙන් උස හරිය විතරක් බාත් ටබ් ගැට්ටෙ තියනවා දැකපු මම තුන් ලෝකෙත් එක්කම හෙලවිලා යන්න කෑ ගැහුවා .... 

.නි.....නි...නිඛීල්...!!!!!!!!!

🥺ජෝබිත නිදහස් වෙන්න දෙන්න.....

😔ආයම එන්නම්.....

පයිස්සමින් බුජියන්න...

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters