LightReader

Chapter 36 - 36

මිහිරැතිම තැන්වලත් අඳුරු තැන් නැතුවද.. කතරක වුණත් මලක් ලෙස පතොක් නොපිපෙන්නේද..සුන්දර තැනක ගැවසුණු අසුන්දරත්වයත් , අසුන්දර තැනක ගැවසුණු සුන්දරත්වයත් ගසකට පොත්ත වගේ නොවෙද.. ඉතින් ජීවිතේ එහෙමයි.

Babybabe... ඒ වචනයේ ලස්සනකට වඩා ගැබ් වෙලා තිබුණේ ආදරණීයත්වයක්. හිත් පතුල පිරිමදින දයාබර සෙත් පැන් පොදක් වගේමයි ඒ වචනය. ඒ ආදරණීයම ආමන්ත්‍රණය හිත කොච්චර නම් මුදු සුසිනිඳු කරනවද කිව්වොත් සුළං රැල්ලකට අහු වුණු වරා මලක් වගේ නිදැල්ලේ නිදහසේ වා තලය සිසාරා තැනින් තැනට ගමන් කරන අපූරුව.

රළු ප්‍රේමය තුළ වුණත් මුණ ගැසෙන බොළඳබව ජීවිතේ කොයි තරම් නම් වෙනස් කරනවද.. ආදරේ කියන්නේ සාමාන්‍ය වචනයක්ම නොවෙන්නේ ඒ වචනය හිත් දෙකක් අතර ඇති වෙන සංකීර්ණ මනෝචිත්තයක් නිසා. ඒක ඒ තරමටම ගැඹුරු වචනයක්.

හිරිපොද වැස්ස පන්නිපිටිය කිට්ටු වෙද්දි නම් අඩු වෙලා තිබුණා. දෙපැත්තේ කඩ වීදි කහ , නිල් , රතු වර්ණවලින් ආලෝකමත් වෙලා තිබුණා. ගැරඬියගේ බයික් එකට නැගලා එයා එක්ක ආව ඒ දුර ප්‍රමාණය කොල්ලට නිකන් අනන්තයක් වගේ.

අකීකරු හිත දැන් දැන් එයත් එක්ක බැඳෙද්දී පන්හිඳ කියලා නමක් එයාගේ ජීවිත කතාවේ උන්නද කියලවත් මතක නැති තරම්. අර දැල්වෙන නේක වර්ණ විදුලි බුබුළු එක්කම වගේ තරඟයට නටන සත්සිඳුගේ හිත.. ඒ හිතේ ගැරඬියා ගැන පිරිලා යන හැඟීම් සමුදාය එසේ මෙසේ බරක් නෙවෙයි.

හීන් සැරේ හිත අස්සට ඇවිත් එයා ඒ හිතේ හොල්මන් කරන්න අරන්. හිත දෙතැනක නතර වෙනකොට එයාට දැනෙන්නේ ලොකු බයක්.

" මං මෙතනින් බහින්නම් සර්... "

එයා කිව්වේ ශ්‍රී සුමංගල මාවතට කිට්ටු වෙද්දි.

" විකාරද.. කටවහන් හිටපන්... "

" ඇයි ඉතින්.. ? "

" ඇයි අහන්නේ.. මං ඊයෙත් කිව්වනේ මං තමුසෙව මරන් කන්නෑ කියලා... "

" අනේ ඒකට... "

" ඇයි මොකක්ද ? ලැජ්ජද මාත් එක්ක යන්න.. ආ.. ලැජ්ජද? නෑනේ... අනේ මේ , ඔය හුත්තේ කතා නොකියා කට වහන් ඉඳපන්... "

එයා බයික් එක ශ්‍රී සුමංගල මාවතට දාන්න ඔන්න මෙන්න තියෙද්දි කිව්වෙ කේන්තියෙන්.

" හරි ඉතින්.. ඕකට ඔය තරම් කේන්ති ගන්න ඕනියැ... ඔන්න... "

" කේන්ති යන්නැද්ද යකෝ.. කියන කැරි කතාවලට... "

" අපූ කුණුහරුප කියන හැටි... "

" ආ..... බබානේ මෙයා.."

කොල්ලා ගැරඬියගේ උරහිස් දෙකේ එල්ලී ගෙනම කියවනවා.

" බබා තමයි... "

" ඔව් ඔව්, බබා තමයි.. හැබැයි මගේ බබා.. my babybabe... "

එයා බයික් එක ride කරන අස්සෙත් romantic වෙන්නයි හදන්නේ. කොල්ලගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙද්දි කොල්ලා යාන්තමට හිනා වෙලා අහක බලාගත්තා.

බෝඩිමට යන පාර ගාවින් නතර වුණු ගැරඬියගේ බයික් එකෙන් කොල්ලා බැස්සේ එයාගේ උරහිස් දෙක අල්ලගෙනමයි. එයා බයික් එකෙන් බැහැලත් බලන් උන්නේ ගැරඬියගේ මූණ දිහා. ඒ හරියේ තිබුණේ වීදි ලාම්පුවේ එළියත් එක්ක ඒ රෝමාන්තික ඇස් දෙක හරි ලස්සනට දිලිසුණා . කොල්ලා ඒ දෙනෙත් යුග දිහා බලන් උන්නේ හරි ආසාවෙන්.

" මං යන්නද සර්... ? "

එයා ඇහුවේ ඒ ඇස් දිහා බලාගෙනමයි .

" දැන්මම... "

" ඇඳුම් තෙතයිනේ ටිකක්... "

" තව චුට්ටක් ඉන්න බැරිද..? "

ඒ සංවාදය හරියට රහසින් වගේ මුමුණන වචන ටිකක්. සත්සිඳු හිස සලලා හා කිව්වේ තව ටිකක් ඉන්නම් කියන කාරණය..

" Babybabe... "

" ම්.... "

බයික් එක උඩ වාඩි වෙලා ඉන්න ගැරඬියගේ ළඟටම වෙලා සත්සිඳු මුමුණන්නේ එයාගේ ඇස් දිහා බලාගෙනමයි .

" ඔය හිතේ මං ගැන කිසිම හැඟීමක් නැද්ද? "

" තියෙනවා... "

" මොකක්ද.. ? ඉතින් කියන්නකෝ... "

" දන්නෑ... "

" ඒ කිව්වේ ? "

" ඒක කියන්න තරම් මට තේරුමක් නෑ... "

" ඒ ඇයි ? "

" මං දන්නෑ සර්... "

කොල්ලා කිව්වේ ලොකු හුස්මකුත් එක්කමයි . ගැරඬියා සත්සිඳුගේ ඇස් එක්ක පැටළී ගෙනම බලන් උන්නා.

" ඒ හැඟීම.. ඒක ආදරේ නෙවෙයිද.. ? "

එයා අහද්දී සත්සිඳු කළේ එහෙම්මම බිම බලාගත්තු එක. ඒ එයාගේ ඇස් දෙකේ තිබුණු ඒ බැල්ම දරාගන්නම බැරි තැන. ඒ වගේ මොහොතක හිතට එකඟව ඒ රෝමාන්තික ඇස් යුග දිහා කොහොම නම් බලන් ඉන්නද..

" ඇයි ඇස් මඟ අරින්නේ.. ? "

කොල්ලා නිහඬවම බිම බලන් හිස සැලුවේ එහෙම කළේ නෑ කියන්න වගේ.

" නැත්තේ මොකෝ.. එහෙනම් බිම බලන් ඉන්නේ... මගේ ඇස් දිහා බලන් කියන්න බැරිද ? ඒ ආදරේද නැත්නම් වෙන හැඟීමක්ද.. ? ම්..."

එයා තවමත් ඉන්නේ බිම බලාගත්තු ගමන්මයි.

" Babybabe... මේ බලන්නකෝ... "

" ම්... "

එයා යාන්තමට හිස ඔසවලා බැලුවා. ගැරඬියගේ ඇස් දෙකේ තාමත් අර සුපුරුදු රෝමාන්තික බැල්ම..

" මේ අහන්නකෝ... "

" මොකක්ද.. ? "

" Babybabe, ඔයා දන්නවද.. ජීවිතේ සැබෑ ඛේදවාචකය කියන්නේ මරණය නෙවෙයි. සැබෑ ඛේදවාචකය කියන්නේ අපි ජීවත් වෙලා ඉද්දිම අපේ අභ්‍යන්තරයේ තියෙන දේවල්වලට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්න එක.. ඉතින් ඔය හිතේ තියෙන හැඟීම්වලට මැරෙන්න ඉඩ දෙන්න එපා මගේ දරුවෝ.. හංගගෙන නොඉඳ හැමදේම කියන්න.. කල්ප කාලයක් වුණත් මං බලන් ඉන්නම්.. මගේ රත්තරන් ඒ හැඟීම් වචන කරලා මගේ ඉස්සරහා හුරතල් වෙවී මුමුණනකන්... "

" සර්... "

" ෂ්... අහන්න ඉන්න, මොකුත් කියන්න එපා.."

එයා ඇස් දෙකත් බොඳ කරගෙන මූණේ අඳුරු වැහි වලාවකුත් රඳවගෙන බලන් ඉන්න කොල්ලගේ දෙතොල් පෙති අතරට එයාගේ දබරැඟිල්ල තද කරන ගමන් පුරුදු සුපුරුදු රහස් මිමිණීමෙන්ම කිව්වා.

" දවසක් ඒවි මගේ ආදරේ කොච්චර ලොකුයිද කියලා තේරෙන.. ඒ දවස ආවම ඔය හිත අස්සෙ තියෙන දේවල් හංගගෙන ඉන්න එපා මගෙ දරුවෝ.. my babybabe... දවසක ඔයා හැමදේම කියනකන් මං ඉවසන් ඉන්නම්... දැන් හොඳ ළමයා වගේ බෝඩිමට යන්න... "

එයා කියන වචන ඇයි එච්චර කොල්ලගේ හිත පාරන්නේ.. ඔව්, ඒ වචන හරි හරියට හිත උදුරගන්නවා. තියුණු කිණිසි තුඩකට වඩා තීව්‍රව හිත හූරගෙන යන ඒ වචන එයා මුමුණන්නේ එයාගේ හදවතින්මයි. කොල්ලට ගැරඬියට කියන්න කියලා දෙයක් නෑ. හිත අස්සෙ නලියමින් තියෙන අනන්තවත් සිතුවිලි ගොන්නට පණ දෙන්න පුළුවන් නම් එයා මෙලහකටත් ඒවට පණ දීලා. ඒත් වෙන හිතකට පවරපු හිතක් තවත් ඒ වගේම සුන්දර හිතකට පවරන්නේ කොහොමද? ඒක ඒ දෙහිතටම දුක් දෙන අසීමාන්තික පව්කාරකමක් .

" පරිස්සමින්... "

සිඳුණු බිඳුණු හිතක් එක්ක බිඳුණු කටහඬින් සත්සිඳු මිගාන්ට එහෙම කිව්වා.

" ඔයත්... "

අනිත් පැත්තට ගැරඬියත් එහෙම්මම කිව්වා.

" හීතලේ ඉන්නෙපා සර්... "

ඒ මොහොතේ ආව සීතල සුළං රැල්ලක් ගතේ දැවටී ගෙන යද්දී කොල්ලා කිව්වේ ගැරඬියගේ මූණ දිහා බලාගෙන.

" අප්පා ඔව්.. නැත්නම් ඉතින් දන්නවනේ.. පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි තමා... "

මිගාන් අන්තිම කිව්වේ රහසකිනුත් රහසක් කියන්න තරමටම හෙමින්.

" පාන්කිරිත්තා..! ඒ මොකෙක්ද.. අර කුරුල්ලද.. ? "

කොල්ලා ඇහුවේ පුදුමයෙන්.

" ම්... එයත් කුරුල්ලෙක් වගේ තමා.. ඔහොම යන්නකෝ, තැපෑලෙන් තේරෙයි ඕවා... "

ගැරඬියා කිව්වෙ ඇහැකුත් ගහලා තොලත් හපාගෙන .

" මොකක් හරි වලත්ත කතාවක් වෙන්නැති... "

" ආ... මොන වලත්තකමක්ද.. ඇත්තනේ කිව්වේ... "

" මොකක්ද ? "

" ඇයි ඔයාට එහෙම නැද්ද ? "

" කොහොමද ? "

කොල්ලා අත් දෙකත් හරහට බැඳගෙනම ඇහුවා.

" පාන්කිරිත්තා උඩ පැන පැන නටන්නැද්ද..? ආ..."

මිගාන් ආයෙමත් රහසින් වගේ ඇහුවේ සුපුරුදු විදිහටම තොලත් කොණකින් හපාගෙනමයි. එයාට ගැරඬියා කිව්ව දේ තේරුණේ ඒ මොහොතෙදී. ඒත් එක්කම හිනාවක් පැන්නේ එච්චර වෙලාවක් හැංගිලා හිටියා වගේ..

" ලාදුරු නෑ මට.. හරිද...?"

කොල්ලත් කිව්වෙ රහසින් වගේ මිගාන්ගේ කණට කරලා.

" දන්නවා දන්නවා.. බලමුකෝ වැඩ කොහොමද කියලා අනාගතේ දවසක... "

" ආස ඇති... "

" ආසයි තමයි.. නැත්නම් ඉතින් ලෙඩක්නේ... "

මිගාන් ආයෙමත් කොල්ලට ඇහැක් ගහලා කිව්වා.

" මේ... යකා අවුස්සගන්නැතුව පලයන් ගෙදර... "

කොල්ලා බොරු කේන්තියකුත් මවාගෙන හිනාවෙන ගමන්ම කිව්වා.

" යනවා තමයි යකෝ.. පැළවෙන්නෑ මෙතන.. හැබැයි මේකත් මතක තියාගනින් කොල්ලෝ.."

" මොකක්ද ? "

" අද මෙහෙම තනියම ගියාට.. කවදාහරි දවසක මං තනියෙන් නම් යන්නෑ හරිද ? "

" එහෙනම්... "

" එදාට මං යන්නෙ මගේ babybabe වත් එක්කගෙනමයි... "

" ආ... හීනෙන් තමයි.. "

කොල්ලා කිව්වේ විහිළුවට වුණත් මිගාන්ගේ හිත නම් රිදුණා.

" ඇයි එහෙම කිව්වේ මගෙ දරුවෝ ? කවදාවත්ම ඔයා මගේ වෙන්නැද්ද එතකොට.. "

එයා කිව්වේ බිඳුණු කටහඬකින් .

" අනේ සර්.. සර්ගෙ හිත රිදුණද ? අනේ මං හිතලා කිව්ව නෙවෙයි.. ඉබේටම කියවුණා.. අනේ im sorry සර්... අනේ.... "

සත්සිඳු ගැරඬියගෙන් දහස් වාරයක් විතර සමාව ඉල්ලන්න ඇති. ඒත් ඒ හිත නම් හොඳටෝම රිදිලයි තිබුණේ.

වචන කියන්නේ මුවින් පිට කරන පුංචි දෙයක් කියලා හිතුවට තවත් හිතකට ඒ වචන මහමෙරක් වෙන්නත් පුළුවන් . ඒ වචන එයාගේ මුළු ලෝකෙම වෙන්නත් පුළුවන් . ඉතින් ඒ වචන පිට කරන පිට කරන වාරයක් පාසා පරිස්සම් වෙන්න ඕනි ඒ නිසයි.

" ඔයා කියන කියන හැම වචනයක්ම ඔයාට පුංචි දෙයක් වුනාට ඒවයින් පිච්චෙන්නේ මගෙ හදවත දරුවෝ.. මාත් මනුස්සයෙක්.. මටත් තියෙන්නේ හිතක්.. ජිම් ගිහින් ඇඟ හදන් හිටියට මං හිතක් පපුවක් නැති යකෙක් නෙවෙයි.. මේ හිතටත් ආදරේ දැනෙනවා.. ඔයා ආදරෙන් කතා කරද්දි මේ පපුව අස්සෙත් ආදරේ උතුරනවා මගෙ දරුවෝ.. ඒත් ඔයා ඔහොම කතා කරද්දි මට ඒක දරාගන්න බෑ.. ඔයාගේ ඔය හිතට ආදරේ කරන තරම දන්නෙ මං විතරයි.. ඔව්, මංම විතරයි.. ඉස්සර දවස්වල මං මොනා කළත් මාව වෙනස් මිනිහෙක් කරපු ඔයාට මං පණටත් වඩා ආදරෙයි මගෙ දරුවෝ.. ඒ නිසා මගේ මේ හිතට හීනෙකින්වත් , වචනෙකින්වත් රිද්දන්න එපා දරුවෝ.. මට ඕනි මගෙ babybabe ව.. මං ඒ අහිංසක ඇස් දෙකට හරි ආදරෙයි.. ඒ ආදරේ මෙච්චරයි කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.. ඒත් මේ පපුව පලලා පෙන්නන්න පුළුවන් නම් මං ඒකත් කරනවා.. ඔයා වෙනුවෙන්... "

මිගාන් කියන හැම වචනයක් වචනයක් ගානෙම කොල්ලා අහන් උන්නේ එකම එක වචනයක්වත් කතා නොකර. ඒත් වරදකාරී හැඟීමකින් පිට කරන හුස්ම පොදවල් දෙක තුනක්ම එයා පිට කළේ එයා කරපු වැරැද්ද තේරුම් අරන් වගේ. බිඳුණු කටහඬකින් ගැරඬියා ඔහේ කියවගෙන කියවගෙන ගියේ හිතේ තිබුණු හැම දේම ඒ මොහොත තුළ වචනවලට පෙරළන ගමන්.

" අනේ.. අනේ මට සමාවෙන්න සර්.. සර්ගෙ හිත ගොඩක් රිදුණා නේද.. මං සර්ගේ හිත රිද්දුවා.. "

එයා ගැරඬියගේ අත් දෙක තද කරලා අල්ලගෙනම කිව්වා. ඒ අත් දෙක හරි සීතලයි. රළුමත් නැති සිනිඳුමත් නැති අතරමැද්දක ස්පර්ශයක් ඒ අත්වල තිබුණා.

" දැන් ඒ ගැන හිතන්න එපා.. මොනා වුණත් ඔයා හිනා වෙලා ඉන්න ඕනි , හරිද ? මගෙ babybabe ගේ ඇස්වල කඳුළු තියෙනවට මං ආස නෑ.. ඔය ඇස් දෙකට මින් පස්සෙ කඳුළු තහනම්... "

එයා බලන් උන්නා විතරමයි. එයාගේ ඇස් දෙකේ ඒ මොහොතේ තිබුණේ එළියට පනින්න ඔන්න මෙන්න කියලා නලියමින් උන්නු කඳුළු බිංදු දෙකක්.

" දැන් ඉතින් යන්න.. ගිහින් ඇඟපත සෝදගන්න.. හොඳ coffee එකක් හදාගෙන බොන්න.. පරිස්සමින් ඉන්න මගෙ දරුවෝ.. ම්... ආදරෙයිනේ මං මගෙ babybabe ta.... "

එයා කිව්වේ කොච්චර නම් ආදරෙන්ද.. ඒත් හිත දෙතැනක නතර වෙලා එක අතක් තෝර ගන්න බැරුව හිරවෙලා නැවතිලා තියෙද්දි ඒ වචන හිත ඒ පැත්තට ටිකෙන් ටික ඇදගන්න හැටි එයාටත් දැනෙන්න වුණා. ඒත් පන්හිඳ... එයාගෙ ආදරේ.. කොහොම නම් ඒ ආදරේ අමතක කරන්න කියලද.. එයත් ආදරෙයි. මෙයත් ආදරෙයි. හිත ගොළු වෙලා ගිහින්. නතර කරගන්න බැරි තරමට වේදනාවකින් ගැහෙන හදවත මෙච්චර අකීකරු ඇයි ?

මතක නම් අවශේෂයන් හිත් පතුල තුළ තවමත් ඉතුරු වෙලා තියෙද්දි පන්හිඳ කියන සුන්දර පිරිමි පරාණය අමතක කරන්නත් බෑ.

දඩබ්බරයගෙ දඩබ්බර ආදරේ මෙච්චර හිත් පතුළ පිරිමදින්නෙ ඇයි ? සිත් අහසට ඇන්ද දේදුන්නක් වගේ එයා සත්සිඳුගේ ලෝකෙට පායපු හැටි.. ඒත් දේදුන්නක් වගේ නෙවෙයි , එයා නම් ඉරක්.. මුළු ලෝකෙම එළිය කරන ඉරක්. කොල්ලට ගැරඬියව දැනුනේ එහෙමයි.

ඒත් එයා නැති කරගන්න බැරි තරම් ලෝභකමකින් හිත පිරෙද්දී කොහොමද එයාව අත් හරින්නේ ? එයා අහිමි වීම නම් කවදාවත්ම එයාට දරාගන්න බැරි වෙන බව කොල්ලගේ හිත කියන්න වුණා. ඉතින් අවංක නැති වංක හිතකින් හිත අස්සෙ උතුරන් යන දහසකුත් හැඟීම් , සිතුවිලි ගොන්න එයා හිත් පතුළෙම හංගගෙන උන්නා.

" සර්... "

එයා කතා කළා.

" ම්... "

" යන්න කලින් පුංචි දෙයක් කරන්න පුළුවන්ද..? මං වෙනුවෙන්... "

" මොකක්ද දරුවෝ..? "

" සින්දුවක් කියන්න පුළුවන්ද? පද දෙක තුනක්... "

" අනේ ඉතින්.. ඕක මොකක්ද.. ? "

ඒ හඬ.. ඒ හඬ භාවනාවක් වගේ. මේ තරම් රළු පෙනුමැති පිරිමියෙක්ට මෙච්චර සංවේදී, සියුමැලි හිතක් ලැබුණේ කොහොමද ? ඒක නම් බුදුන් වහන්සේගෙනුයි , දෙවියන් වහන්සේගෙනුයි දෙන්නගෙන්ම අනිවාර්යයෙන් අහලා දැනගන්න ඕනි ප්‍රශ්නයක්..

එයා එයාගේ හඬ අවදි කළා.

" හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ...

අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ... "

එයා මුමුණපු ඒ වචන ප්‍රියා සූරියසේනයන්ගේ වුණාට ඒ හඬ අස්සේ තිබුණේ එයාගේ හැඟීම්. ඉසියුම් භාව පිරුණු මූණේ අනාරාධිත හාදුවක් තවරන්න හිතුණත් සත්සිඳු ඒ ආසාව එහෙම්මම පාලනය කරගත්තේ පන්හිඳ එයාගේ මතකයට ඇවිත් හිත ආක්‍රමණය කරන්න ගන්නවත් එක්කමයි.

සන්සුන් නොසන්සුන් හිත එයාට බෝඩිමට යන්න ඉඩ දෙන්නෙම නෑ. කණවැද්දුම් භාර්‍යාවක් වගේ ගිහින් හූල්ල හූල්ල ඉන්නවට වඩා එයා ළඟින් මෙහෙම ඉන්න එක කොච්චර නම් නිදහස්ද.. හිත පිරෙන සතුටු හැඟීමට පණ දෙන්න හිතෙන්නෙම හාදුවකින්. ඒත් මුලින් වගේම ඒ මොහොතෙත් අමාරුවෙන් නතර කර ගත්තු හිතට එයා අසීමාන්තික වේගයකින් වේවැල් පහර දීලා තරවටු කළේ නැවතියන් කියලමයි.

" මං කිව්වෙ ඉතින්.. දැන් යන්න , හීතලයිනේ... "

" ලස්සනයි... "

" මම...? "

" නෑ.. සින්දුව... "

" මං කැතද ? "

" ම්හ්... ඔයයි, ඔය හිතයි , සින්දුවයි... "

" love you babybabe... "

එයා උත්තර දුන්නේ නෑ. යාන්තමට හිනා වෙලා බිම බලාගත්තා විතරයි .

" පරිස්සමින්... "

කොල්ලා ගැරඬියා යන්න කිට්ටුව කිව්වේ රහසින් වගේ.

" ඔයත්, පරිස්සමින්... good night.. sweat dreams... "

" good night සර්... "

කොල්ලා එහෙම්මම බෝඩිම පැත්තට හැරිලා අඩි දහයක් , එකොළහක් ඉස්සරහට ගිහින් නැවතිලා ඊළඟ තත්පරේ හිස විතරක් ආපස්සට හරවලා මිගාන් දිහා බැලුවේ මූණේ අර අහිංසක හිනාව රඳවගෙනමයි. ඒ හිනාව.. ඔව්, ඒ හිනාව තමයි. නපුරු ගැරඬියගේ හිත උදුර ගත්තු අහිංසක හිනාව. ඒ හිනාව නම් එයාට වශියක්. ගැරඬියත් හිනා වෙලා එයා දිහා බලන් උන්නේ ඇසි පිය නොගසා.

සුදු සඳ එළිය යාන්තමට අහස් කුසේ මෝදු වෙනවා. හිරිපොද තැවරුණු තුරු අතරේ රැඳුණු පිනි පොද බිඳු ඒ එළියෙන් දිලිසෙනවා. ඒ රැයත් හරි සෞම්‍යයයි.

එයා ආයෙමත් හැරිලා යන්න යන දිහා කොල්ලා බලන් උන්නා. බෝඩිමට ගිහින් එයාගෙ දෑස් මානයෙන් නොපෙනී යනතුරුම මිගාන් බලන් උන්නා.

බෝඩිම් කාමරය ඇතුළට ගියපු එයා මුලින්ම කළේ shoes දෙක ගලවලා අයින් කරපු එක. Socks දෙකත් හොඳටම තෙත් වෙලා ගිහින්. ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවන අතරෙදියි එයාට ඇහුණේ මිගාන් බයික් එක start කරලා horn කරන හඬ..

ඒ මොහොතෙදි එයාට හිතුණේ දුවලා ගිහින් ආයෙමත් වතාවක් ගැරඬියව බදාගන්නමයි. ඒත් අකීකරු හිත නතර කරන් එයා ඇහුම්කන් දීගෙන උන්නේ kawazaki bike එක ශ්‍රී සුමංගල මාවතෙන් ගිනි පිඹගෙන වගේ යන හඬට..

දහසකුත් දේවල් හිත අස්සේ පෙරළි කරනවා. හුළඟට නටන ගොයම් පෙළක් වගේ එයාගේ හිතත් තාලෙට නටනවා. හරි හමන් වන්නමක් නම් නෑ. ඒත් ඒ හිත නටනවා. එයාගේ ක්‍රමයට බැලුවොත් නම් ඒක පහතරට බෙරේ වෙන්න ඕනි. මොකද කොල්ලා වැල්ලෙනේ..

ඇඳුම් ටික ඔක්කොම අයින් කරලා නිරුවත් වුණු කොල්ලා උන්නේ underwear එක පිටින්. Bathroom එක ඇතුළට යන්න ඉස්සර එයාට මතක් වුණේ ඔළුවේ නාන්න එපා, ඇඟපත සෝදගන්න කියලා ගැරඬියා කිව්ව කතාව. ඒත් මොන ජල්බරි අස්සේ වුණත් ඔළුවේ නාන්නෙ නැතුව නින්දක් කියලා නාම මාත්‍රයක්වත් එයාගෙ ඇස් මානෙකට එන්නෙ නම් නෑ. නෑවට පස්සේ දැනෙන ඒ නැවුම් බවත් එක්ක දැනෙන සුව පහසුව වැස්ස දවසට රෑ නිදි යහනේ සුව නින්දකට අත වනනවා. කොල්ලා bathroom එක අස්සට රිංග ගත්තේ හෙණ ගැහුවත් නානවා කියලා හිතාගෙන. එයා ආයෙමත් එළියට ආවේ පුරුදු සුපුරුදු විදිහටම පැයකට කිට්ටු කාලයක් ගිහින්.

සොඳුරු තත්පර ගෙවෙනවා. ඇතැමුන් එනවා. ඇතැමුන් යනවා. ඒත් ජීවිතය නම් එහෙම්මමයි. ඒ තමයි ඉතින් ජීවිතේ හැටි...

මීළඟ කොටසට ...

More Chapters