LightReader

Chapter 10 - 10

නිතේශ් ....නිතේ....ශ් ....

අතේ තිබුන ඵෝන් එක බිමට වැටෙනකොට මම පපුව අල්ලන් එහෙම්ම ඉදගද්දි මට එයා මගෙ මූන දෙපැත්තට තට්ටු කර කර කතා කරා වගේම කෝල් එක කට් නොවුන ඵෝන් එක තවමත් වැඩ කෙරුවා....එහා පැත්තෙන් අඩන ගෑනු කටහඩට කන් දීගන උන්න එයා ඇස් හීනි කරගන බලන් උන්නා වගේම මම හුස්ම අල්ල ගන්න බැරිව දැගලුවා....

මගෙ දිහා අමූතුවට බලන් උන්න එයා එහෙම්ම ඔලුව පොඩ්ඩක් ගැසුවා වගේම මගෙ ගාව දන ඔබාගන මගෙ කම්මුල් වලට තට්ටු කරන්න ගත්තා ...

අදීශ්.....අදීශ්...අනේ....අදීශ්ඇස් අරින්න අදීශ්....

මම උන්නෙ හුස්ම අල්ලගන්න බැරිව වෙනකොට එයා මගෙ ගාව දන ඔබාගන වෙන කාගෙදො නමක් කියන ගමන් ඇස් අරින්න කිව්වා වගේම මම එයාගෙ කොලර් එකේ එල්ලුනා...

වි...විතේ....වි ....විතේන් ....

බය බයවෙන්න එපා...මං ..ඉන්නවා..මං ඉන්නවනෙ...මං ඉන්නවනෙ...මං....ඉන්නවනේ.....අනෙ...

බබී...මං ඉන්නවනෙ....

එයාගෙ හැසිරීම මං ගාව අමුතු උනා වගේම එයා මටත් වඩා බය උනා....වැටුන ඵෝන් එකෙන් සද්දයක් නැති උනත් ඒකත් අතට ගත්තු එයා මාවත් උස්සගන ආයම සැලෝන් එක ඇතුලට දිව්වා වගේම ස්ටාෆ් එක පිරුනත් එයා ඒ කාටවත්ම එන්න නොදි මම ඇදන් උන්න උඩ ඇදුම අහන්නෙ බලන්නෙ හිතන්නෙ නැතිවම ගලවළා දැම්මා...

අදීශ්...අදීශ්.....ඔයාට ඇහෙනවා නේද .හුස්ම ගන්න..හුස්ම ගන්න....හොදට...හුස්ම ගන්න...මන් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ....මං...ඉන්නවා..මං ...ඉන්නවා.....

විතේන්.....වි...තේන්.....ඩියෝ...න්ට...එන්න....කියන්න....

මම අකුරු අහුල අහුල ඩියෝන්ට එන්න කිව්වා උනත් එයා නෙවෙ කන් ගත්තෙ...මීට කලින් උන්න අර අහංකාර විතේන් යන්නම ගිහින් තිබුනා වගේම එයා උන්නෙ සෑහෙන්න බයවෙලා ...එයා මගෙ මූනට පහත් වෙලා කාගෙදො නමක් මුමුන මුමුන බය වෙන්න එපා එයා ඉන්නවා...මාව ඉක්මනට අරන් යන්නම් කියනකොට එයාගෙ බෙල්ලෙන් එල්ලුන ලොකට් නෙක්ලස් එකේ මම එල්ලුනා වගේම ඩියෝන් කෑගහගන ආවා....

නිතේශ් ...නිතේශ් ඇයි මේ ..නිතේශ් .....

ඩියෝන්.....මට...මගෙ..පපුව...පපුව....

ශෙනෝන් ඇම්බුලන්ස් එකට කෝල් කරන්න..ශෙනෝන්....

මේ වෙනකොට මම ගාව උන්නෙ ඩියෝන් වගේම ශෙනෝන් වෙනකොට විතේන් හෙන අමුතුවෙලා මා දිහා මං දිහා බලන් උන්නා වගේම මම ඇම්බුලන්ස් එකට කතා කරන්න හදන ශෙනෝන්ව නැවැත්තුවා....

.එපා...මට...යන්න බෑ....මට යන්න..ඕනේ...මට...

කොහෙද ..කොහෙද උඹට යන්න ඕනෙ....මට ඇත්ත කියපන් මොකද උනේ...

.මචන් ...මට...මට...එයාට කරදරයක් ...

කාටද.....කාටදකරදරෙ කියපන්... විතේන් ..මෙයා කාටද කතා කෙරුවෙ....

කෙල්ලෙක්ට..

මීට කලින් මිස්ටර් විතේන් මිස්ටර් විතේන් ගගා බයෙන් වගේ කතා කරපු ශෙනෝන් කෙලිම්ම විතේන් කියලා කතා කරා වගේම බයවෙලා වගේ උන්න විතේන් ඇහෙන නෑහෙන ගානට කෙල්ලෙක්ට කියනකොට එක තත්පර ගානකින් ශෙනෝන්ගෙ ඇස් රතු උනා....

මට කියපන්....ඒ සෙනාරිද...ආ....ඒ සෙනාරිද...මං උඹව මෙතන මැරෙන්න අරිනවා ඒ සෙනාරිද නිතේශ් ....ආ....නිතේශ් ...මරන්න කලින් කියපන්....

න්න්..නෑ...ශෙනෝන්...නෑ....නෑ.....පො...පොඩී.....පොඩීට....

මම මගෙ අත් දෙකෙම්ම පපුවට ගහගත්තා වගේම මම සෙනාරි නෙවෙ කිව්වම එයා සංසුන් උනා...උදේ ආව පපුවෙ ඇම්ම ආයම ආවා වගේම මුන්ගෙ කෑගැහීම් වලටද කොහෙද පපුවෙ අමාරුව යන්න යනකොට බය උන ඩියෝන් මට වතුර එකක් ගෙනත් පෙව්වා....

මට කියපන් මොකද උනේ කියලා....

සෑහෙන වෙලාවකට පස්සෙ හැම දේම සන්සුන් වෙලා යද්දි විතේන් මට එහා පැත්තෙන් ඉදන් මගෙ දිහාම බලන් උන්නා...විනාඩි ගානකට උඩදි අඩ අඩ කතා කරපු පොඩී කියපුදේවල් ආය ආයම මතක් වෙනකොට මම එහෙම්ම නලල මිරික ගත්තා ....

මචන් ...කලබල නොවී කියහන්කො....අපි බය වෙනවනෙ බන්....

ඒකනේ ඒයි....කියන්නකො...අපි බ යවෙනවනෙ....ඒ කොහොම උනත් සෙනාරි නෙවේ නම් කමක් නෑ....

කව්ද සෙනාරි කියන්නෙ.....

මම උන්නෙ තවමත් නලල මිරිකගන වෙනකොට ශෙනෝන් මගෙ නිරුවත් පිට අත ගාන ගමන් වෙන දේ අහනකොට හුරතල් බොටමා මට ඒයි කිව්වා විතරක් නෙවෙ සෙනාරි නෙවෙ නම් කමක් නෑ කියලා ගැස්සුවත් එක්ක.....මේ ඔක්කොම අහන් උන්න විතෙන් සෙනාරි කව්ද කියන එක ඇහුවා වගේම මම විතේන් දිහා බැලුවා....එයා ආයම පරන විතේන්ම වෙනකොට ඒ ඇහිබැම දෙක රැලි වැටිලා තිබ්බා....

සෙනාරි කියන්නෙ මෙයාගෙ කලින් ගෑනු සතා..

බබා....

ඉතින් ඇත්තනෙ ....ගෑනු සතානෙ....

ඩියෝන් ඔය ඇති නවත්තනවා..

මං මැරුනත් ඔච්චරයි.....බොටමා පැනලම සෙනාරිට ගෑනු සතා කියන කොට මං බලාගන විතේන් ලාවට ඔලුව හොලවනවා.....වගේම ශෙනෝන් බොටමව කන්න හැදුවා....

නිතේශ් මොකද උනේ හෙමින් කියපන්.....ඔක්කොටම කලින් කිරි එකක් ගෙනත් දෙන්නද උඹට...

මට මොකුත් එපා බන් මගෙ ඔලුව යකගෙ කම්මල වගේ..මට කියපන් ශෙනෝන් මිනියක් ගෙන් අස්සෙ තියන් මගුලක් තීන්දු කරන්නෙ කොහොමද කියල

මොකක්.....

අනේ බන් උන් පොඩීව සුදූට තීන්දු කරපු එකාට දෙන හදනවා...ඒකිට තවම විස්සනෙ...ඒකිට වඩා අරූ හද්ද නාකියි...ඇයි...ඇයි ශෙනෝන් මේ මිනිස්සු මෙහෙම කරන්නෙ....ඇයි බන්...ඇයි....මට වත් අපේ උන් කාටවත් සැනසීමක් නොදෙන්නෙ ඇයි..මගෙ සුදූව වලදාන්නවත් කලිම්ම බම්බුවෙ නම්බුවක් බේරන්න ඇයි උන් අපිව බිල්ලට දෙන්නෙ....මං උන් හින්දා අවුරුදු හතරක මගෙ ආදරේ මරල දැම්මා...උන්ට එතනින් වත් ඇතිවීමක් නෑ...උන් සුදූව මරා ගත්තා ...බඩේ උන්න දරුවව අමු අමුවෙ මරාගත්තා ...දැන් ඒක හැම පවටම වන්දි ගෙවන්න ඕනෙ පොඩීද බන්...අනේ ඒකි පොඩීනෙ තවම.....

මම දෑතින්ම ඔලුව බදා ගත්තා .....මගෙඇස්වල කදුලු දිහා බලන් උන්න විතේන් මං බලාගන අත් දෙක මිටිමොලවන් උන්නා වගේම අනිත් පාර නැකිටල හිටගන සාක්කුවට අත් දෙක දාන් මගෙ දිහා රවාගන වගේ බලන් උන්නා...ඒ හැම රැවුමක් ගෙරවුමක් මැදම මට ඇහුනෙ සුදූ එදා රෑ ඒකිව බේරගන්න ඉල්ලුවා හා සමාන විලාපයක් වෙනකොට මගෙ තුන් හිතම කීරිගැහුනා...." අනේ සුදු අයියෙ....මාව එක්ක යන්න සුදු අයියෙ....මුන් මාව සුදූගෙ නාකි මනමාලයට දෙන්න යනවා...අනේ මාව බෙරගන්න...මාව අරන් යන්න දෙන්න එපා..ඒ හාමුවා මාව මරයි සුදු අයියෙ ..."

මරයි නේන්නම්...අවුරුදු දහයකටත් වඩා වැඩිමල් හාමුවා පොඩීව එක රැයෙන් හපයක් කරයි.....උන් සුදුගෙ මලකදේ රස්නෙ යන්නත් කලින් ගෑවුන දැලි වහන්න සුදු හුනු ගාන්න පටන් අරන් තිබුනා.....හුස්ම ඇතෑරපු සුදූගෙ ප්‍රේමවන්තයා වලව්වෙ ගේට්ටුව ගාව වැද වැටිලා අවසානම පාරට සුදූව බලන්න දෙන්න කියලා ඒ උනත් ඒ අසරනයට හම්බෙලා තියෙන්නෙ වලව්වෙ හාමුදුරුවන්ගෙ බෙහෙත් තුවක්කු පාර වෙනකොට පිස්සෙක් වගේ අඩා වැටුන කොල්ලා වලව්කාරයො ගොඩක් ඉස්සරහා මුලු වලව්වටම හෙන ඉල්ලලා තිබුනා.....

ඌ ඉවසයිද....ඌ ඉවසයිද...ඌත් කොච්චර බලාපොරොත්තු තියන් ඉන්න ඇතිද සුදු වලව්වෙන් එනකන්....උන්ගෙම කියලා පොඩි පැලක් හරි අටවන් දරුවා එක්ක ජීවත් වෙන්න.....ඈතින් උන්න සුදූව ලගින් තියාගන්න ...කිරි සුවදින් ගේ පුරවන්න....ඇබිත්තන් චූටි කටෙන්"අප්පචි" කියන එක අහන්න ඌ කොයි තරම් හීන මවන්න ඇතිද ගෑනි යන්න ගියා ....බලාපොරොත්තු මවපු දරුවා යන්න ගියා ....ඉතින් ඌ උහුලයිද.....

.

අවසානෙදි ඒ හැම පවටම කරගහන්න උනේ සුදූගෙ නංගි පොඩීට වෙනකොට ඒකි කොහොම නාකි හාමුවෙක් එක්ක ඔට්ටු වෙන්නද.....කොච්චර උනත්.. පිරිමි එක්ක ඔට්ටු වෙන්න ගෑනු හයිය වෙන්න එපැයිනෙ.. උන් අපි හැමෝගෙම අත්තටු කපලා දැම්මා....අහස තිබුනත් ඉගිල්ලෙන්න අපිට උනේ කූඩුවෙ ඉදන් බලන් ඉන්න....

දන්නවද වෙන කොල්ලෙක්ට තිබුන ලමා කාලෙ මටතිබුනෙම නෑ....කොටකලිසමක් ඇදන් ගහක් ගලක් නගින්න.... පාරෙ අයිනෙ කඩල කරත්තෙකින් කඩල ඇටයක් කන්න.....ආසවට යාලුවෙක් එක්ක ඇලක නාන්න...මේ ඔක්කොම මට උන්ට අකැප උනා....කොල්ලො කුරුට්ටො වැස්සෙ නටනකොට අපි ජනෙල් කූරුවල එල්ලිලා බලන් උන්නා.....

උන් අපිව නොමරා මැරුවා.....උන අපිව නැත්තටම නැති උනා.....හිතේ තියන අසරන කම කොච්චරද කියනවා නම්....කලින් උන්න නිතේශ් මැරිල ගිහින් අඩ පන වෙච්ච නිතේශ් කෙනෙක් උන් ඉතිරි කරලා තිබුනා...

"සුදූ මාව අරන් යමන් සූදූ පින් සිද්ද වෙයි...."

"සුදු අයියෙ මාව හෙනියන්න දෙන්න එපා සුදු අයියෙ..."

මට උන්ගෙ විලාපෙ කන් අස්සෙන් ඇහෙනකොට මටත් නොදැනි මගෙ ඇස්වලින් කදුලු හැලුනා....මීට මාස ගානකට උඩදි උන්න දරදඩු නිතේශ් මැරිලා ගිහින් තිබ්බා වගේම උන් මාව සම්පූරනම දුර්වලයෙක් කරලා තිබුනා.....වලව්වෙ නීතිය හිට්ලර් නීතිය හා සමාන වෙනකොට දෙයක් උනහම කරගන්න ඕන දේ අපි කවදාවත් දැනන් උන්නෙ නෑ...

ශෙ..නෝන්.....උන්...පොඩීව....නම්බුව වෙනුවෙන්.....රන්දෙනිගල වලව්වට...විකුනලා...සුදූගෙ...මලකදෙ...රස්නෙ...වත්...ගිහින්..නැතිව...ඇති...ඒකි අඩනවා...ඒකි....අඩනවා..ඇයි..බන් උන් අපිව විකුනන්නෙ...ඒකි අරන් යන්න එන්නලු...මට සුදුව නැති උනා....උන් හදන්නෙ පොඩීවත් මරා ගනන්ද....අපි අවුරුදු ගානක් මේ දුක විදිනවා...ආස කෑමක් කන්න නෑ.....ආස ඇදුමක් අදින්න නෑ....හිත හදන් ආදරේ කරන්න බැ....උන් අපිව වදල තියෙන්නෙ උන්ගෙ නම ගෙනියන්න.....

මම කියවන එක අහන් උන්න බොටමා ඇස් දෙක පිහා ගත්තා වගේම විතේන් මන් කියන අකුරක් ගානෙම අහන් උන්නා.....පපුවටත් බර දරන්න බැරිවෙනකොට හදවත පුපුරන්න ආවා වගේම මම එහෙම්ම මාව හාන්සි කරවලා තිබුන සෝෆාවෙන් නැකිටලා හිටගත්තා ...

උඹ කොහෙද යන්න යන්නෙ.....

මන හිට ගත්තා උනත් මාව පිටිපස්සට විසික් උනා වගේම වැටෙන්න ගියපු මාව විතේන් අල්ල ගත්තා වගේම ශෙනෝන් මැරෙන්න හැදුවා...

මචන්..මං....මං..යන්න...ඕනා...මං..යන්න...ඕනා..... උන්..උන් පොඩීව....

පොඩීව නෙවෙ ඉදගන් කන පලා ගන්නෙ නැතිව...තොපේ ඔක්කොටම පිස්සු...නිකන් නෙවෙ සහලවලම පිස්සු ....

ශෙනෝන් .....!! යකො මං යන්න ඕනා...මාව අතෑරපන්...උන් අවසානෙදි සුදූට කරපුදේම පොඩීටත් කරයි...ඒකිත්...ඒකිත් එල්ලෙන්න හැදුවොත් ....මං මොකද කරන්නෙ... ඒකි මැරුනොත් ...තොපි වගකියනවද...ආ ශෙනෝන්....තොපි වගකියනවද ...

මම ශෙනෝන්ගෙ කොලර් එකෙන් අල්ලන් හොලව හොලව කෑ ගැහුවා.....ශෙනෝනුත් අනිත් අතට මට කෑ ගැහුවා වගේම මාව ආයම සෝෆාවට තල්ලු කෙරුවා...

උඹට මොලේ කියන එක කලදක්වත් තියනවද ආ නිතේශ් ...අර නාකි හාමුවා මොනවා හරි වෙච්ච ගමන් ගන්නෙ තුවක්කුව...මට තවම මතකයි ඕකා එදා ඩියෝන් පුටුවක ඉදගත්තා කියලා මූ පුටුව එලියට දාන්න කිව්වා...එදායින් පස්සෙ මම හිතා ගත්තා තොපේ ඔය නාකි පකා පාරෙ වැටිලා මැරුනත් වතුර උගුරක් දෙන්නෙ නෑ පෙට්‍රල් දාලා පන පිටින් ගිනි තියනවා කියලා ....ආ යකො ගෙදරට ආවම වාසගම අහලද ගෙට ගන්නෙ...තොපිට පිස්සු...සහලවලම පිස්සු....

මම අහන් උන්නා...ස්ටාෆ් එක තක් බීර් වෙලා වගේ බලන් ඉන්නකොට අත පය වන වන කෑගහම ශෙනෝන්ගෙ ඇස් දෙක ගොරකා වෙලා තිබුනා. .ඌ කියපු අකුරක් නෑරම ඇත්ත ...එදා ඩියෝන් ඉදගත්තු පුටුව පවා උන් විසි කෙරුවා...උන් උන්දෙන්නට ගැරහුවා....උන්ට අසමජ්ජාති කතා අහන් ඉන්න බැරි වෙන්න කිව්වා...මූනටම අමනයො කිව්වා...

මගෙ පපුවට උහුලන්න අමාරු වේදනාවක් දැනුනා...මං නිකන් කොන් වෙලා වගේ හැගීමක් දැනුනා.....වලව් වංශෙ හින්දා මේ නිතේශ් හැමතැනම අසරන උනා....ඇගපත ඔක්කොම වෙව්ලන කොට බැනුම් අහගන උනත් මම විතේන් ගලවලා දාපු ටීශර්ට් එක අතර අරන් නැකිට්ටා ....

.නිතේශ් .....යන්න එපා...උන් ඔයාට මොනවා හරි කරයි...ශෙනොන් කියන්නකො...යන්න එපා කියලා ..අනේ ඒයි...යන්න එපා මචන් .....

අත ගනින් ඩියෝන්....උඹල මට ගහලා මැරුවත් මම වරදක් කියන් නෑ බන්....උඹලා මාව පන පිටින් පිච්චුවත් මම වරදක් කියන් නෑ...අවංකවම මම උඹලා හැමෝම ඒක්ක ඊරිසියයි...උඹලාට තියන ජීවිතේ මම විදලා නෑ....උඹලා හිනා වෙන සැහැල්ලුව මගෙ ජීවිතේ තිබුන් නෑ...මෙහෙට නිතේශ් ගෙදරට සුදු පුතා....වල්ලවට බේබි හාමු....මං ජීවත් වෙන්නෙම අපායක ශෙනොන්....ගෙදරට එන මිනිස්සු බයෙන් එන්නෙ...අපිට කට පුරා මාමෙ කියලා කතා කරන්න බෑ....උන්ට අපේ හුලගක් පවා තහනම් කරලා ..අනේ මොකාද ශෙනෝන් මේ වලව් මැව්වෙ. . .

එහෙන් සුදු නැති උනා...සෙනාරි නැති උනා...දැන් පොඩී.....

සෙනාරි ගැන කතා නොකර ඉදින්...

ඔව්....ඒ ගෑනු සතා ගැන කතා නොකර ඉදින් ඒයි.. ..සුදු අක්කට කරපු දේට නම් අත්තම්මට හෙන හතේ හත් වරක් චක්කරේ වත් ගහන්න ඕනා නේද ශෙනෝන්....

බබා කට පියන් යනවා යන්න මෙතනින්.....

බොටමා උගෙ හිතේ තියන තරහව හැම පැත්තෙම්ම එලියට දැම්මා වගේම වල්ව්වෙ පැටිකිරිය ආන්‍යාව වගේම විතේන් අකුරක් නෑරම අහන් උන්නා.....ස්ටාෆ් එකේ උන් අත්තම්මලා ගැන දන්න නිසාම කට පියන් ඉන්නකොට මම ඒ හැමෝගෙම්ම කොන් වෙලා වගේ දැනුනා...

.තවමත් පපුව හිර කරනකොට මම අසරන විදිහට ශෙනෝන් දිහා බැලුවා ....

මාව එක්කන් යමන් ශෙනෝන්.....ඒකි පව් බන්.....ඒකි පොඩි කෙල්ල බන්.....ඒකිලා කොහොමද බන් නාකි යක්කු එක්ක ඔට්ටු වෙන්නෙ...අපිට උඹලට වගේ කාටත් ඉහලින් යන්න බෑ ශෙනෝන් ..උන් අපිව හැදුවෙම හිටු කිව්වොත් හිටු කිව්ව තැන ඉන්න.....

මචන් නිතේශ් උඹ ගියොත් ඔතන තව අල වෙනවා...අපි බලමු...කලබල වෙලා බෑ නිතේශ් ...පොඩ්ඩක් ඉදින්කො...අනික උඹට අසනීපයි...උන්ට උඹලා මැරුනත් ගානක් නෑ...නැතිනම් සුදූගෙ මලකද ගේ ඇතුලෙ තියන් මගුල් තුලා කතා කරයිද බන්...පර සක්කිලි....

මම අහන් උන්නා...මට අහන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ....සීයා තාත්තලා උන් කරපු වැරදි වහගන්න අපිව බිල්ලට දෙන කොට අපිට උනේ හැමදාම අන්ද ගොලු බීරොවෙන්න...සල්ලාල හාමුවෙක්ට දුන්න පුංචි අම්මගෙ දුව පලවෙනි දවසෙම ගෙදර එනකොට මධු සමේම ගිනි ගොඩක් කරලා තිබුනා...සුදු පිරුවටේ තිබුනේ ලේ බිංදුවක් වෙනකොට ලේ පැල්ලමක් වෙනකොට උගෙ විකුර්ති කාමාශාවන් වලට ඒකි මුලු රෑම බෙල්ට්පාරවල් කාලා තිබුනා...නිල් වෙච්ච කම්මුල් වගේම බෙල්ට් පාරවල් හිටපු සුදු පාට කලවා තැව්වෙත් සුදු අක්කා වෙනකොට හවස් යාමෙදි ආයමත් වලව්වෙන් ඇවිත් ඒකිව අරන් යනකොට ඒකි මුලු සෙන්කඩගලටම ඇහෙන්න කෑ ගැහුවත් අපි ඇස් කන් වහන් උන්නා...මොකද....අපිට කරන්න දෙයක් නැතිනිසා...දැන් දරුවො දෙන්නෙක් වදපු ඒකිට ජීවත් වෙන්න තියන එකම හේතුව දරුවො දෙන්න විතරක්ම වෙනකොට වෙන ගෑනු අස්සෙ ලැගල එන හාමුවව නාවලා ගෙට ගන්නකොට ඒ ඔක්කොම පව් දොරකොඩදි වේලුනා...

ශෙනෝන්....

මං කතා කෙරුවා....

.

මං ජීවිතේ හැමදාම ප්‍රාර්තනා කෙරුවෙ මට අවුරුදු හැටක් හැත්තෑවක් වෙනකන් උන්නොත් ඇති කියලා...ඒ උනත්...මට දැන් හිතෙනවා...මම අවුරුදු හතලිහෙන් මැරුනා නම් හොදයි කියලා...ඒකියන්නෙ...තව අවුරුදු දහයයි.....මට ඒකත් වැඩී...මට මේ මොහොතේ පන ගියත් ඒ ඇති බන්...මට මහන්සී ශෙනෝන් ...මට උඹලට වචන කරන්න බැරි තරම් මහන්සී... ශෙනෝන් කුරුල්ලෙක්ව රත්තරන් කූඩුවක දැම්මත් වැඩක් නෑ උගෙ අත්තටු කපලා නම්...කන්න දෙන්නෙ රත්තරන් හැන්දකින් උනත් වැඩක් නෑ..කැව්වෙ වහ නම්....මට දැන් හිතෙනවා කොහෙ හරි ගිහින් මොනවා හරි කරන් මැරෙන්න ...

මැරුනම හරිද...

මම මගෙ කටට එන ඔක්කොම කියා ගන කියාගන යනකොට මෙච්චර වෙලාම සද්ද නැතිව උන්න විතේන් වචනයක් කතා කෙරුවා ....

ඒ උනත් මට එයාට උත්තර දෙන්න වත් කාගෙන් වත් මොකුත් අහන්න ඕන කමක් නැතිවෙනකොට මග මැරුනත් නුවර යන්න ඕනා කියලා හිතන් නැකිට්ටා වගේම මගෙ ඵෝන් එකට කෝල් එකක් අවා...අප්පච්චි ...ඒක අප්පච්චිගෙන්.....

අප්පච්චි .....හෙලෝ....

නිතේශ් කොහෙද ....

අප්පච්චි මං එන්න හදන්නෙ.....

කොහෙ එන්නද නිතේශ් කොහෙ එන්නද...උඹ පනට ආදරයක් තියනවා නම් නෑවිදින් ඉදින් පුතේ උඹලගෙ අම්මලගෙ මාන්නෙ ඉස්සරහා අපිට කොදු නැතිව ඉන්න වෙලා තියෙන්නෙ...

අප්පච්චි ...පොඩී...පොඩී..ඒකිට....

ඒකි..උඹ වෙනුවෙන් බිල්ලට යන්න කැමති උනා සුදූ....උන්ට ඕනා උනේ දේපල පිට නොයා නම්බු නාම එක්ක උඹවත් ඒකිලාගෙ දෝනියැන්දෙක්ට කර ගහන්න...මෙහෙන් එන එක කෝල් එකක් ආන්ස්වර් කරන්න එපා...පොඩි දෝනි හරි මම කතා කරොත් ඇරෙන්න වෙන එකෙක්ගෙ වත් කෝල් එකක් ආන්ස්වර් කරන්න එපා...සුදු දෝනිගෙ මලකද තියන් මුන් තවත් වංශෙ කබල් ගානවා...මට වැදුන ලොකුම හෙනෙ උඹගෙ අම්මව බැදපු එක...මට උන දේ උඹට වෙනවා බලන්න මම ජීවත් වෙන්න ඕන් නෑ නිතේශ් ....

අප්..පච්චි...පොඩ්....අනේ..අප්පච්චි ..ඒකි කිව්වා..ඒකි...

ඒකි හිත හදාගත්තා.....වලව් නීතිය පන්සලේ හාමුදුරු නමටත් උඩින් යනකොට අපි මොනවා කරන්නද සුදු...මට උඹට මොකුත් වෙනවා බලන්න බෑ පුතේ..ඒක නිසා නෑවිදින් ඉදින්....

මම හරි අසරනයි..අප්පච්චි ..මම හරි අසරනයි....මට මගෙ කියන කිසිම දෙයක් රැක ගන්න බැරි උනා...

ඒවා...අපේ කරුම සුදු.....මං කියන දේ අහපන් පුතේ ..නෑවිදින් ඉදින්.....අම්මා එනව මං තියන්නම්....

හෙලෝ..අප්පච්චි ...අප්පච්චි ...හෙලෝ....

කෝල් එක කට් උනා වගේම මම ගහක් කැපුවා හා සමානවම සෝෆාවට වැටුනා...

මට තෙහෙට්ටුයි බන්...

තවත් වචනයක් වත් නොකියපු මම උඩ කය නිරුවතින් මල කද වහේ ඉන්නකොට මගේ ගාව ගාටපු ඩියෝන්ව ඇදගන ශෙනෝන් යන්න යනකොට මං බලගන විතේන් ඇහිපිල්ලමක් වත් නොගහම මා දිහා බලන් උන්න වගේම මම ගලවලා තිබුන ටී ශර්ට් එක මගෙ ඇග උඩට දාගත්තා .....

ඕක මම දැකලා අත ගාලත් ඉවරයි....

මට පොලව පලන් යන්න හිතුනා...එයා කිව්වා දැකලා අතගාලත් ඉවරයි කියලා..එ උනත් මම උන්නෙ ආපිට එයාට උත්තර බදින තත්වෙක නොවෙනකොට පරන අහන්කාර විතේන්ම මතු වෙලා තිබ්බා වගේම එයා මගෙ ගාවට ඇවිත් මගෙ මූන ගාවට ලන් උනා...කාපු නිකොටින් බබල් ගම් එකේ සුවද තවමත් තියනකොට එයාගෙ ඇදුමෙන් ලාවට ඩන්හිල් සුවද තිබ්බා.....

පරිස්සමින් .....

එයා එච්චරම තමා කිව්වෙ...ඉන් එහා වචනයක් නොකියා ආන්‍යවත් එක්කන් කැශියර් එක ගාවට ගිහින් බිල් එක පෙ කෙරුවා ආය නිකමට වත් හැරිලා බැලුවෙ නෑ යන්න ගියා.....

ඒ කොහොම උනත්..මාව උස්සන් ආවෙ එයා ....

නුඹසදක් වෙලා පායා....

මට එලිය උන වගයි...

නුඹ සදක් සේම බැසයි...

මට ඉතිරි කලුවර්‍යි...

මගෙ මතකෙ එපමනයි....

රෑ එකොලහත් පහුවෙලා....මගෙ සුදූගෙ චිතකෙ ඇවිලෙන හැටි මම බලන් උන්නා...සුදූහෙ වීයෝව වගේම පොඩීගෙ වේදනාව...මගේ ආත්මෙම මැරුන වේදනාව ....ඒක තුන් කොන් විලාපයක්...

වට්සැප් එකෙන් එවලා තිබුන වීඩියෝව එක්ක මම සෑහෙන වෙලා මෙ බැල්කනියෙ උන්නා.....මට ඉතිරි එයාගෙ මතක විතරයි ....ආය ඉතින් කව්ද සුදූ කියලා අම්මෙක් වගෙ කවන්නෙ....."සුදූ මේ තේ එක...සුදූ මෙ බත් කට විතරයි....සුදු මගෙ ඇහිබැම හදනවකො..." මේ වචන සදහටම අතීතයක් මතකයක් විතරයි .....

ජීවිතේ වැඩියෙම්ම ආදරේ කරපු ගෑනු චරිත දෙකක්ම එක පාරම මැරුනා...උන් මරා ගත්තා ...අප්පච්චි මට එන්න එපා ගගා වැද වැටෙනවා....බැදීම් මාව පුලුවන් තරම් අසරන කෙරුවා.....

මචන් ...

මම හැල හොල්මනක් නැතිව ඔහේ බැල්කනියට වෙලා ඉන්නකොට ශෙනෝන් ආවා...උගෙ අතේ ග්ලාස් දෙකක් එක්ක බ්ලැක් ලේබල් එකක් තිබ්බා....

සැන්ටින් ඕන් නෑ....අමුවෙන් ගහමු....

මගෙ ගාවට ආව ශෙනොන් බිම ඉදගන ග්ලාස් එකට වක්කරනකොට මම ගොලුව වගේ බලන් උන්නා...ඌ කොච්චර සතුටින්ද...

නිතේශ් මං කියන් නෑ...උඹට කල්පනා කරනන් එපා...අරක එපා මේක එපා කියලා ..ඔය මොකා.මොන ටෝක දැම්මත්....උ ඒ ප්‍රශ්නෙට වැටුන දාට ඌ දැනෙයි ඒ දුක...වටෙ ඉදන් කොහොම කැස්සත් වෙදනාව දන්නෙ තුවාලෙ තියන එකා මිසක් වෙන උන් නෙවෙනෙ...ඒ උනත්...මං කියන්නෙ...උඹ පොඩ්ඩක් ඔලුව කල්පනා කරපන්..අර නාකි පරට්ටි ඔය වලව්ව මැරුන දාට අරන් යයි ....ඒ තරම් මාන්නෙ.....

ශෙනෝන්ට අනක් ගුනක් නෑ..තැනක් නොතැනක් නෑ බනිනවා...උන් දෙන්නව අපේ අත්තම්මලාට අරහන්....වලව් කාරයො හිතන්නෙ ජීවිතේ කියන්නෙ බැන්දා..ලමයි හැදුවා ඉවරයි කියලා ....ඒ උනාට උන් දන්නෙ නෑ ජීවිතේ කියන්නෙ සැහැල්ලුවෙන් හුස්ම ගන්න එක කියලා .....

.මගෙ අතට ග්ලස් එක දීපු ශෙනොන් අහස දිහා බලන් උන්නා...උගෙ බොටමා නිදි ඇති.....

කෝ උඹේ වලිගෙ....

දොයි...

මං එහෙම්ම ඌ දිහා බැලුවා....

උඹ වාසනාවන්තයි ශෙනෝන්...

වාසනාවක් නෙවෙ බන්...මට ඕන දේ මම ගහ මරාගන හරි ගත්තා ...ඒ අතින් උඹ පට්ටා පව්...උඹට මහ නීරස ජීවිතයක් තියෙන්නෙ...උඹ තවම ජීවිතේ විදලා නෑ නිතේශ් ....

කටට හලගත්තු අරක්කු උගුර බඩ බොකු පුච්චන් යනකොට මං උ කියන දේ අහන් උන්නා.....

ශෙ...නො....න්.....

ඊලග තත්පරෙ ඌට වත්....මටවත් කට අරින්න උන් නෑ..පොඩි බොටමා නැකිටන් බෙඩ්ශීට් පිටිම්ම ඇවිත් තිබ්බා..ඇවිදින හොල්මනක් වගේ....මූ ගෙදරට අදින්නෙම මහ ලදරු පාට ඇදුම්....බාච්චු හූඩියක් විතරක් ඇදන් උන්න බොටමා ඇවිත් බිම ඉදන් උන්න ශෙනෝන්ගෙ උකුලෙ හරහට ඉදගත්තා වගේම ඒකගෙ අර එක මයිලක් වත් නැති රාබු අඩු දෙක මගෙ කකුල් උඩට දාගත්තා ...ඔව්වා මට අමුතු දේවල් නෙවෙ...මං බලන් උන්නා..මං ඉන්නවා කියලා ගානක් නෑ...හරස් අතට උකුලෙ ඉදගන උන්න බොටමා නිදිකිරා වැටෙනකොට අම්මෙක් දරුවෙක්ගෙ ඔලුව අතගානවා හා සමනවම ශෙනෝන් ඩියෝන්ගෙ ඔලුව අතගෑවා....ඌට තවම වයස විසි තුනද...විසි දෙකද කොහෙද .....

.ඒ ආදරෙ හරි හැගීම් බරයි...බලන් ඉන්නත් ලෝබයි.....

ම්ම්ම්ම්....හ්හ්හ්හ්...

ආ. .හ්...හරි..හරි...චූචි මදුරුවෙක්නෙ කාල තියෙන්නෙ...දොයියන්න දොයියන්න.....

කොහෙන් හරි ආව මදුරුවෙක් බොටමගෙ අත කනකොට නින්දයාගන ආව පොඩි ගඩාපියා කෙදිරුව වගෙම අරුත් අම්මන්ඩි වගේ හුරතල් කෙරුවා .....

කාටත් ලැබෙන්න ඕනෙ ඒවගේ ආදරයක් ...

අරක්කු උගුරු බඩ පපු පුච්චන් ඔහේ පහලට බහිනකොට මං ඔලුව බිත්තියට හේත්තු කර ගත්තා .....

.නිතේශ් ....

ම්න්...

උඹ සෙනාරි ගැන තවම හිතනවද

නැහැ ....

එහෙනම්...ඒකිව මතක් වෙනවද 

ම්න්....

උඹ කාව හරි හොයා ගනින්.....ඔහොම හූල්ල හූල්ල ඉදලා තේරුමක් නෑ....අත්තම්මට කහින් නැතිව ඉන්න කියහන්....ඔය ගෑනි මැරුනත් නයෙක් වෙල හරි ඔය වත්තෙ ඉදී බන්.....

ගහක් ගලක් වහෙ ඉන්න මට ශෙනෝන් කාව හරි හොයා ගන්න කිව්වා....ඒත්.....

සෙනාරිව අමතක කරන්න මට තව කාව වත් ලන් කරගන්න බෑ බන්...එකෙක් ගෙ අඩුව පුරවන්න නෙවෙ..මට ඕනෙ අවංකවම ආදරේ කරන්න.මගෙ වාසියට ....මගෙ වේදනාව බෙදා ගන්න තව කෙනෙක් ලන් කරන් මට ඒ කෙනාට දුකක් දෙන්න බෑ බන්...

හරි...මං කියන්නෙ.මෙච්චරයි ...ආය සෙනාරි ගැන ඕන් නෑ....

කොහොමත් නෑ තමා.....

එහෙනම් එච්චරයි .....

ශෙනෝන් ....

ඩියොන්ව හොරෙන් හොරෙන් ඉඹ ඉඹ උන්න ශෙනෝන්ට මම කතා කෙරුවා.....

කියපන්....

කව්ද බන් අදීශ කියන්නෙ.....??

අදීශ ....

ම්න්.....මට අමාරු උන වෙලේ අර විතේන් බය වෙලා වගේ මට අදීශ අදීශ ගගා මැරෙන්න හැදුවෙ.....

මම ශෙනෝන් දිහා බලාගන උන්නා වගේම එයා මොකුත් නොකියා මගෙ ඵෝන් එක අරන් එෆ් බී ගියා.....

අදීශ් ඔකිදු සේනානායක...මේ ඉන්නෙ...

ශෙනෝන් මගේ දිහාවට ඵෝන් එක හැරෙව්වා ....කොල්ලෙක් ....කඩවසම් ...දැක්ක ගමන් කිව්ව හැකි සල්ලි කදක්.....

කව්ද බන් මේ....

මං ඵෝන් එක අතට අරන් බැලුවා....

විතේන්ගෙ බෝයි.....

මොකක්....

ම්න්....හැබැයි...දැන් නෑ....

ඇයි..ඒ.....

උඹලා මේ රට් ගැන ඇත්තටම දන්නෙ හරි ටිකයි බන්....

ඇත්ත...අපිට උඹලට වගේ නිදහසක් නොදුන්න කොට කොහෙ දැනගන්නද....ඉතින් කියහන්කො ඇයි දැන් ඒක නැත්තෙ....

මම ආයම ශෙනෝන් දිහා බලන් උන්නා....

උඹට පේනවද ..අර එහා ලේන් එකෙ තියන බිල්ඩින් එකේ අන්දකාර වෙච්ච ෆ්ලැට් එක...

අපි ඉන්නතැනට ටික දුරක් ඈතින් තිබුන බිල්ඩින් එක දිහාවට ශෙනෝන් අත දික් කෙරුවා....එක කොටසක් සම්පූරනම අන්දකාර වෙල තිබ්බා....

උන් දෙන්නා ඕකෙ තමා අවුරුදු ගානක් එකට ජීවත් උනේ.....

ඉතින්....

ඒක හෙන සීරියස් ලව් එකක් ...

කොල්ලා බූට තිබ්බද....

ම්හුක්...පිස්සුද බන්...මුන් පිස්සුවෙන් වගේ ආදරේ කෙරුවෙ....අවුරුදු ගානක්...ඒ ලව් එක තිබ්බා...උන්ගෙ ගෙවල් වලින් අවුලක් නෑ..මොකද උන් වැඩි පුර ලන්කාවෙ ජීවත් වෙච්ච නොවුන උන්...ඒ මිනිස්සුන්ට ඒවා සාමාන්‍ය දේවල්

....ඉතින්.....

අවුරුදු ගානක් ලව් කරා...ලිවින්ටුගෙදර් උන්නා.....අවසානෙදි උන් දෙන්නා මැරි කරන්න ප්ලෑන් කරා..උන් උන්නෙ ෆ්‍රාන්ස් වල....ආයම ෆ්‍රාන්ස් යන්න ,වෙඩින් වලට මේ ඔක්කොටම ඩේට් පවා ෆික්ස් කරා....උන්ට මොන ඇස්වහ වැදුනද දන්නෙ නෑ බන්...කොල්ලා අසනීප උනා....

මොකද උනේ....

හාර්ට් ඇටෑක්.....හොස්ප්ටිල් ඉදලා සනීප වෙලා ගෙනාවත් එක්ක...ඒත්..බන්...ඇවිත් දවසයි උන්නෙ...කොල්ල නිදි ඇදේම නැතිවෙලා තිබ්බා...

ශෙනෝන් ගෙ වචනත් එක්ක මට මගෙ පපුව කීරි ගැහිලා ගියා...හැමදෙම හොදට වෙලා තියෙද්දි වෙ වගෙ දෙයක් උනොත්....මට හුස්ම හිරවෙන්න ආවා.....

නිකමට හිතපන් නිතේශ් ඒක මොන වේදනාවක්ද කියලා ....උඹට සෙනාරි වෙන එකෙක් එක්ක ජීවත් වෙනවා කියලා ඒකිව අමතකම කරලා දාන්න පුලුවන් ..මේක....අවුරුදු ගානක් එකට ජීවත් වෙලා පිස්සුවෙන් වගේ ආදරෙ කරලා ....අවසානෙදි නැති උනාම ....

මචන් නිතේශ්....ඒක මිනිහෙක්ට උහුලන්න අමැරු වේදනාවක් .....කොල්ලට ඩිප්‍රෙශන් හැදිලා කොල්ලව අම්මලා ආයම අරන් ෆ්‍රාන්ස් ගියා...ඌ අමු පිස්සෙක් උනා...ඒ ලව් එක නම් බන් මම දන්නෙ නෑ....මචන් විතේන් මහ අමුතු කැරැක්ටර් එකක් උනත් ඌ අරූට පට්ටම ආදරෙන් උන්නා....පස්සෙ පස්සෙ ට්‍රීට්මන්ට් කරලා කරලා තමා කොල්ලා ගොඩ ආවෙ....

ඔය උගෙ AVON කොස්මැටික්ස් එක පටන් ගත්තෙ පස්සෙ ....

ADHISH OKINDU +VITHEN NELISHA

ඔන්න ඔය නම් දෙකේ මුල් අකුරු දාලා තමා ඌ එවෝන් එක පටන් ගත්තෙ.....ඌ අන්තෙටම වැටුනා.....හැබැයි බන්...ඌ නැකිට්ටා.....අන්න ඒ වගේ එකෙක් හම්බෙන්වා කියන්නෙ බන්...ආය...කියලා වැඩක් නෑ...

ම්ම්ම්..ම්ම්ම්ම්...

ආ..හරි...හරි...හරි...අපි යන් අපි යන්...

ශෙනෝන්ගෙ උකුලේ උන්න බොටමා ආයම කෙදිරි ගානකොට ඌ කොල්ලව බෙඩ්ශීට් එකෙන් ඔතාගත්තා .....

ප්‍රශ්න නැති උන් නෑ බන් නිතේශ් ....හැබැයි...අපි පන දාන් ලව් කරත්.....ඌ නෙවෙ නම් අපේ ඉරණම් කාරයා ..ලොවෙත් ඒක හරියන් නෑ බන්..ඒක නිසා....දැන් ඔව්වා හිමින් අමතක කරමු..උඹේ හරියන එකා සෙනාරි නෙවෙ වෙන්න ඇති.....හැමදේම හරියයි.....

ම්ම්ම්ම්ම්...

මං යනවා බන් මේකට කරමතේ මගෙ පස්ස පාරෙ එනවා අඩියක් ගහන්නවත් නෑ මගුල.....

කෙදිරි ගගා උන්න බොටම වඩාගත්තු ශෙනෝන් යන්න යනකොට මම ඒ කොල්ලගෙ ඵොටෝ දිහා බලන් උන්නා...

.

උඹත් පව්..මාත් පව් ....මොනව කරන්නද...උඹත් පනවගේ ආදරෙ කරන්න ඇති. . ...

ඒ තත්පරර ගානකින් විතේන් ඵොටෝ එකක් අප්ලෝඩ් කරලා තිබ්බා.... හරිම දුක හිතෙන මූනක්.....

-ALWAYS BE READY TO SAY GOODBYE TO ANYTHING ...-

උඹටත් හරියන කෙනා ඉක්මනට හම්බවෙයි විතේන් ...

මම එහෙම්ම එයාගෙ මැසෙන්ජර් එකට මැසේජ් එකක් දැම්මා එයාගෙ මේකප් ආර්ටීස්ට් එන්නම් කියලා ....

ඉතින්.මැසේජ් එකට ලයික් එකයි...වදුරෙක් ඇස්දෙක වහන් ඉන්න ඉමෝජියක් වෙනකොට ඉමෝජි ගැන තේරුමක් නැති මම මේ අවුරුදු කාලෙ නිසා හිනා වෙලා ඉන්න කැවුම් දෙක තුනක් යැව්වා...අද තවම දාසයනේ..... 💩💩💩💩 හැබැයි රිපලයි ආවෙ නෑ.....

💩හිනා වෙන කැවුම්.....

💩ආය එන්නම්...

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

...FERDEESHA ❤💚 ...

More Chapters