LightReader

BREATH OF LIFE

ANDRYRAFAELLO
273
chs / week
The average realized release rate over the past 30 days is 273 chs / week.
--
NOT RATINGS
9.4k
Views
VIEW MORE

Chapter 1 - 01

මගෙ.....ශිවන්...මගෙ.....අධීර...

එය මට මීක් කියන්න දුන්නෙ නෑ...මාව කිටි කිටියට තද කරගන මගෙ උරහිසට හාදුවක් තියනවා එක්කම උරහිසට තෙතක් එක්ක උනුසුමක් දැනුනා...මං දන්නවා...එ වැටෙන්නෙ කදුලු....මට අඩන්න එපා කියන එයාගෙ කදුලු...

මම හිමින් සැරේ එයාගෙ පැත්තට හැරුනා.....මගෙ අග්නි....මගෙ විතේන් ....මම අග්නි කියන්නද...මම එයාට නිතේශ් කියන්නද....

මගෙ ආදරනීයම අග්නි.....

මගෙ ආදරනීයම නිතේශ් .....මගෙ ආදරනීයම යක්ශ ආත්මය.....මගෙ ආදරනීයම සුදු අප්පො....

ඒ ඇස් වලින් සට සට ගාලා කදුලු වැටෙනවා...මට කතා කරන්නවත් නොදී එයා මාව තුරුල් කරන් සෑහෙන්න වෙලාවක් ඇඩුවා .....ඉකි ගගහම ඇඩුවා.....

මට..මට....ස්...සමාවෙයන්...මට....සමාවෙයන්...මගෙ.....මැනිකෙ...මට...මට උඹව....අදුනගන්න...අනේ....මට උඹව අදුනගන්න බැරි උනා....මට..මට...අනේ...ඒක පෙන්නපන්.....ඇයි..මට..මේක...පෙනුන් ..නැත්තෙ....ඇයි...මට..මේක දැනුන් නැත්තෙ....අනේ...කියපන්කො.....මගෙ විතේන් ....මගෙ ශිවන්.....

.එයා ආයම මාව අනිත් අතට හැරෙව්වා..මගෙ පිට මැද තිබුන කෝටු පාර සිය පාරක් දහස් පාරක් අතගෑවා...මට ගනින්න බැරි තරන් හාදු තිබ්බා.....

මං...මං..මේක ..උඹට...ගැහුවෙ...

ස්ස්...ස්....සාරන්‍යගෙ.....ස්ස්...සුදු....අක්..කගෙ....

මම බිම බලාගත්තා.....සාරන්‍යගෙ මලගේ උනත් වේදනාවක්....සුදු අක්කගෙ මලගෙදර උනත් වේදනාවක්...අවසානෙදි මම ලොකු හුස්මක් අරගත්තා ...අරන් එයාගෙ මූනම අත් දෙකෙම්ම අල්ලගත්තා ....

මම...උඹට අග්නි කියන්නද...

මම උඹට....ලමයගෙ අප්පච්චි කියන්නද.....මම උඹට නිතේශ් කියන්නද....ඒත් නැත්තන්...මම උඹට සුදු අප්පො කියන්නද කියන්න මට තේරෙන්නෙ නෑ මගෙ වස්තුව....ඒත්...උඹ කියන්නෙම මට ලෝකයක්....මටසමාවෙයන්.....මට අනේක වාරයක් සමාවෙයන් මගෙ...අග්නි...මගෙ නිතේශ් .....නොදැන කරපු හැම වරදටම....උඹට දෙන්න ඕනා ආදරේම වෙන උන් වෙනුවෙන් වියදම් කෙරුවට...මට සමාවෙයන්...මගෙ අග්නී....

උඹ...කිව්වා හරි..මේක..මේක...සංසාරගත ආදරයක් ...ගින්දර දැල් වගේ වෛරය බුර බුරම නැග්ගත්...අවසානෙදි ...උඹ මම ..පොරොන්දු රැකපු ආදරයක් මගෙ අග්නි... 

"කොට මගුල...දැන්...පන්ඩිතයි...."

..එයා කදුලු අස්සෙන්ම කියෙව්වා...මගෙ මූන අතගෑවා...ලගට අරන් කම්මුලට හාදුවක් තිබ්බා...හරියටම බැලුවොත් එක කම්මුලටම නෙවෙ...කට කොනට....කම්මුලට කියන්නත් බෑ කටට කියන්නත් බෑ...

" උඹ අවසානෙදි මාව හොයා ගත්තා "

මම උඹව හොයා ගත්තා.....මම උඹට දුන්න හැම පොරොන්දුවක්ම රැක්ක....මම උඹ වෙනුවෙන් ... හැම ප්‍රාර්ත්නාවක්ම කෙරුවා මගෙ අග්නි......උඹ ප්‍රාර්තනා කෙරුවා වගේම ...උඹට මනුස්ස ආත්මයක් වගේම එකම ආදරයක් ලැබුනා මගෙ අග්නි .....

තවමත් මගෙ පිට පුරාවටම ඇගිලි අරන් යන එයාට මං දුන්න හැම පොරොන්දුවම රැක්කා කියනකොට මං අහගන එයා ලොකු හුස්මක් ගන්නවා ....

අතීතය කියන්නෙ සදහටම අතීතයක් ....නොවුන දේවල් වලට වඩා උන දේවල් බොහෝමයි මගෙ අග්නි....මෝඩකමට කියපු කතා බොහෝමයි ..නොදන්න කමට උඹට දුන්න ගින්දර බොහෝමයි....

දන්නවද මගෙ රත්තරන් අග්නි....යකෙක් උනත් උඹට තිබුනෙත් හදවතක්...නිකන්ම නිකන් නෙවෙ.....වැහි පිට වැහි දාහක් වැහැලා වැහි වතුර වාන් දාන අකීකරු වැවක් වගෙ....ආදරේ වාන් දාපු අදහන්න අමාරු හදවතක්....

උඹගෙ ආදරේ කියන්නෙම උමතුවක්....උඹ කියන්නෙම ආදරේට තවත් නමක් මගෙ අග්නි...බඩ වැල නැතිව ඉපදුනත්....උඹ ගාව තිබුනෙ මහ මෙරක් තරම් ආදරයක්....කරපු කරුමෙටද....නැත්තන් .....ඒ ගෑනු පරානෙගෙ අවසානම සිතුවිල්ලටද කොහෙද ...බඩවැල නැතිව ඉපදුන උඹට මේ ආත්මෙ බඩවැල දුන්නෙත්...මනුස්ස වේසෙන් උන්න අමනුස්සයෙක්.....වෙන්න තියනවා නම් දෙයක් එක සක්කරයගෙ පුතා වයිමටවත් නවත්තන්න බෑ මගෙ අග්නි....ඒක ඇත්ත.....

දුකක් විදින හැම තැනම මං හිත හදාගත්තෙම පවක් ගෙවෙනවා කියලා ....අවසානෙදි මොන දුක විදලා හරි....උඹ මම එකතු උනා නේද මගෙ අග්නි...

මං එයාගෙ මුලු මූනම මගෙ අත් දෙකෙන් අල්ලන් මහා ලොකු පන්ඩිතකතාවක් කියන්කොට ඒ ඇස් වල කදුලු නලියෑවා....

මගෙ අග්නි ..සෙංකඩගල රොබරෝසියාව...මේ කොට මගුල උඹට ආදරෙයි අග්නි....මට කියන්න තේරෙන්නෙ නෑ...සතුට වැඩිකමටම මාව මැරෙයිද මන්දා... . ඒත්....මං දැන් මැරුනත්.....මට උඹට දෙයක් කියන්න තියනවා මගෙ දිසානායක හාමු.....

.එයා හුස්ම ඉහලට අල්ලන් මගෙ පන්ඩිත කතා අහන් උන්නා....

අවංකවම මාව මැරෙන්න යනවද කියන්න මටම සැක හිතුනා....මම භය උනා අනේ මට නම් මැරෙන්න බෑමයි හිතුනා....ඒත් මට කියන්න ඕන දේනොකියා මැරෙන්නත් බැහැයි හිතුනා....

අග්නී.....ජීවිතේ ....දුක සතුට වේදනාව ගෙවුන කාර්තු නොසෑහෙන්න තිබුනා....ඒත් ...ඒ හැම කාර්තුවක්ම ගෙවිලත්....මං උඹ ගාව....උඹ මං ගාව ඉන්නවා .....මන් ඉල්ලන්නෙ මෙච්චරයි .....මොන කාර්තුවක් ගෙවුනත්....සුවද බෙදන මල් කොහෙ පිපුනහම මොකෝ කිව්වත්....ඒ මල් පිපෙන්න ඕනෙ හැමදාම හරිම කෙනා ගාව....රොබොරෝසියා නෙවෙ...මොන මල උනත්....පිපෙනව නම්...පිපෙන්න ඕනෙ හරිම කෙනා ගාව...

මං....මේ උඹ ගාව ඉන්න මේ මොහොතෙ පවා මං තවමත් විශ්වාස කරනවා....ජීවිතේ ලස්සනම දවස් එන්නෙ තව ඉස්සරහට කියලා ...

මට උඹ එක්ක හැම කාර්තුවක්ම පහු කරන්න ඕනෙ මගෙ අග්නි.....

මට ජීවත් වෙන්නත්....එකම හෙතුව උඹ විතරක් වෙයන්....මට මැරෙන්නත්...එකම හේතුව උඹ විතරක් වෙයන් ....මොකද ....මගෙ ජීවිතේ...මේ මුලු සංසාරෙම...

මට හම්බ උන හොදම හමුවීම නම්....ඒ උඹ විතරමයි මගෙ අග්නි...

"එ තරම්ම මට ආදරෙයිද මැනිකෙ...."

නොසෑහෙන්න.....නොසෑහෙන්න ආදරෙයි මගෙ සුදු අප්පො...

එයා හිනා උනා.....අවසානෙදි මගෙ නලලට ආදරනීයම හාදුවක් තියලා ආයම පෙරලන් අර කෝටු පාර දිගා බැලුවා ....

මං පාර හිටින්නම උඹට ගගලනෙ මැනිකෙ.....

ඔව්....උඹ මාව පොලවෙත් ගැහුවා...සතුටු වෙයන් තේශි....මං මෙහෙම හරි ඉන්නවට....

අග්නියගෙ අස්සෙන් ලාවට ලාවට අර බිබික්කන් නිතේ මතුවේගන එනකොට මං මගෙ "යක්ස මිනිහගෙ "කම්මුලක් මිරිකුවා ...මං හිතන්නෙ මං සර්ව සම්පූර්නයි....මට ආයම දෙවියන්ගෙන් ඉල්ලන්න දෙයක් නෑ...

මැනිකෙ...මොකද කියන්නෙ මේ පාරත් පාර හිටින්නම ගහන්නද...

අනෙ මෙ අහකට පලයන් සුදුමහත්තය ..උඹ මේ පාර පාර හිටින්න ගහපුවල ප්‍රතිඵල තමයි අර ඇද උඩයි පහල ගෙදරයි නිදියන් ඉන්නෙ...

ඉක්කෙ යකෝ....කියපු කතාව උඹ.....

ආ..ආ...අනෙ...අනේ...නිකන් ඉදින්.....නිතේශ් ...

පහල ගෙදර ...විතේන්....පහල ගෙදර ....

උඹ මම ඉන්නවා නම්....එයා නෑවිදින් කොහොමද මගෙ අග්නි.....මම ප්‍රාර්තනා කෙරුවෙ...අපි හැමෝම...අපිට අපි නැති උනා නම්.....ආයම අපිට අපිවම හම්බෙන්න ඕනෙ නැද්ද මගෙ අග්නි....

මගෙන් පිට උන කඩප්පුලි කතාවට හිනා උනත් පහල ගෙදර කියනවා එක්කම එයාගෙ මූන ඒ ඇස් දෙක අමුතු වෙලා ගියා ...මට මතක් උනා වගේම එයාටත් මතක් වෙන්න ඇති අපි දෙන්නටම මතක් උනා වගේම .....එයාටත් මතක් උනෝතින් ....

අ....ප්පු....ච්....චි...යේ....

එයයි මායි මූනට මූන බලාගත්තා ....කොල්ලා නින්දෙන් නැකිටන් කෑ ගහනවා...ඇබිත්තන් කලවෙ උඩ තිබුන උපන්ලපේ...කුවන්නගෙන් වැදුන පාර කියන්න මට මතක් උනේ දැන් වෙනකොට ඒ ඉන්නෙ නිහාර කියනවට වඩා ඒ ඉන්නෙ මගෙ නිඛිල්....අපේ නිඛිල් කියන හැගීම පපුවට දැනෙන කොට යන්න හදපු අග්නිව මං අල්ල ගත්තා

කොල්ලා වැටේවි....බහින්න බැරුව ...

තව....එක පාරක්....එක...පාරක්....කතා කරන්න...දියන්...අග්..නී....

මං එයාව අත් දෙකෙම්ම අල්ලගන්නකොට එයා මගෙ දිහා ඇස් ලොකු කරන් බලන් උන්නා එක්කම මගෙ පපුවම හත් කඩකට පලාගන අවුරුදු තුනක් විතර උන මගෙ කොල්ලා ආයම කතා කරනකොට මගෙ ඇස්වලින් කදුලු කැට නිමක් නැතිවම කඩාගන වැටෙනකොට අග්නි....මගෙ ආදරනීයම නිතේශ් කාමරේට දිව්වා....

අග්....ගියේ...අප්...පුච්චියේ..

ආයම අප්පච්චිවම හොයාගන වරෙන් පුතේ කියලා කියපු හැටි ආය ආයම මට මතක් වෙනකොට පැම්පර්ස් එක පිටින් නිදිකරවලා උන්න ලමයව වඩාගන ආව අග්නි මගෙ දිහා බැලුවා ....

මීටත් වඩා... උඹගෙන් මට ඉල්ලන්න දෙයක් තියනවද මගෙ ශිවන් ....මීටත් වඩා මට උඹගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් තියනවද මගෙ විතේන් ...උඹ කිව්වා වගේම ....ගෙවෙන හැම කාර්තුවකම උඹලා හැමෝම මගෙ ගාව අපි අපි ගාව ඉන්න ඕනා මගෙ විතේන් ...

එයා මාවයි ලමයවයි තුරුල් කරගත්තා.....

අග්ගියේ ගගා උන්න පොඩි එකා ආයම තේශී කිව්වා ....අප්පුච්චියේ ගාන ගමන්ම මට ආයම මමීයේ කිව්වා .....මීට වඩා දෙයක් මට තව ඕනෙද ....

තේශී . ..

ඕ...

නැකිටපු එකේ මොනවහරි බොනවද ?

මං උන්නෙ කුස්සියෙ ...කෙල්ලට නම් සිහි නැතිවෙලා වගෙ නින්ද ගිහින් තියනකොට මං නින්දෙන් උනත් කමක් නෑ කියලා ලමයට ආයම කිරිපෙව්වා....කිරි මස් තියන අත පය බෝල ගෙඩි වගෙ වෙනකොට ඔලුව පිටිපස්සෙන් තිබුන පාර තවමත් කෙස් අඩු හින්දා හොදටම පේනකොට මන් හොදටම නින්ද ගිහින් උන්න කෙල්ලගෙ කනට කෙදිරුවා ....

"එක නත්තලක් මග ඇරුනට කමක් නෑ

....අදින් ඉදන් උඹට හැමදාමත් නත්තල් තියේවි රත්තරන් "...

කිරි බීපු කට තවත් චුට්ටක් උල්වෙනකොට මං මූන වැහෙන් නැති වෙන්න බ්ලැන්කට් එකෙන් පොරවලා ආයම කුසියට ඇවිදින් වතුර එකක් රත් වෙන්න තියලා ලමයගෙ සූප්පු බෝතලේට කිරි.පිටි දාන ගමන් එයාගෙන් මොනවා හරි බොන්න ඕනද අහනකොට උන් දෙන්නගෙම්ම මීක් සද්දයක් නැති තැන මං එහෙම්ම ඇද්න් උන්න රොබ් එක හද හද එයාලා දෙන්නව බලන්න යනකොට සෙල්ලම්බඩු තියන කාමරෙන් මට සද්දයක් ඇහුනා.....

මන් ගිහින් හිමීට බෙල්ල දැම්මා...

අග්..ගියේ.....තේතී...

ම්ම්ම්....කියලා තියනවා නේද අප්පච්චිට නම කියලා කතා කරන් නෑ කියලා ...

ම්ම්ම්....කියල තියනවා නේ....ඔව්...නේ...අග්ගියෙ.....කියලා ....තියනව්..නේ...තේතී.....

යෝ...හ්...උඹ මගෙ පොල්කාවයියා.....කො එන්න අප්පච්චි මගෙ පුතාට අලුත් කතන්දරයක් කියලා දෙන්න.....

මං බලන් උන්නා.....කොල්ලා උන්නෙ එයාගෙ උකුල උඩ වෙනකොට ඒකා ඵෝන් එක අතේ තියන් කතන්දරයක් හොයනවා .....

ආ මේ තියෙන්නෙ....

ම්ම්ම්...මේ....තීන්නෙ.....

ඔන්න එකෝමත්....එක රටක.....අග්නි....කියලා....යකෙක්....

උන්නලු...

උන්නලූ...අග්ගියත....අප්පුච්චියෙ.....

ඔව් ඔව්.....ඔන්න දැන් ඒකා බෙල්ල කඩන්නලු යන්නෙ....

කතාකරලා වැඩක් නෑ....කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑනෙ...ඒකා ඵෝන් එක දිහා බලන් මගෙ කොල්ලව රවට්ට රවට්ට කටට එන කතන්දර මවනකොට මං කෝපි එකක් හදාගන බැල්කනි එකට ගියා....

එලිවෙන්න කිට්ටුයි...

අද දවස වෙනදටත් වඩා ලස්සනයි....

අද පායන ඉර වෙනදටත් වඩා ලස්සනයි .....

ලස්සනයි....නෑ....නෑ....වෙනදටත් වඩා ආදරනීය වෙයි...අවසානෙදි ...ඒ හැම දේම හරි ගැස්සුනා ...අවසානෙදි ...ඒ හැම ප්‍රාර්තනාවක්ම ඉශ්ට උනා...

මදුරුවෝ කාගන කනතු අස්සෙ රිංගන්.....එයාට නොදැනෙන්න මන් එයාගෙ ලගින්ම උන්නා....මං උඹට ආදරෙයි මගෙ විතේන් කියන වචනෙ ඒ කටින් එලියට එනකන් මම එයාට නොදැනෙන්න එයාගෙ ලගින්ම උන්නා....

මං උඹට මැරෙන්න තරම් ආදරෙයි කියපු අග්නිම ...මේ ආත්මෙදිත් මට මැරෙන්න තරම් ආදරේ දුන්නා....මට නැති උන හැම සතුටම ආයම දුන්නා ...මට නැති උන මගෙ හැම දරුවම ආයම එයා මට ගෙනත් දුන්නා ....

සංසාරීක ආදරෙක.....ආදරනීයම අවසානය.....

නෑ මේක අවසානයක් නෙවෙයි....මේකයි ඒ ආදරේ පටන් ගැම්ම....ආදරේකට තියෙන්නෙ ඉපදීම් විතරයි ...මිය යෑම් කොහෙද ...

මැනිකෙ....

මගෙ කන ගාවින් එයාගෙ කටහඩ වගේම මගෙ බද වටේ එයාගෙ අත එතෙනකොට මං එයාගෙ දිහාවට හැරුනා....එයා ආයමත් නින්ද ගියපු මගෙ පුංචි එකාව වඩාගන ඉන්නකොට මං අතෙ තිබුන කෝපි මග් එක එයාගෙ කටට ලන් කෙරුවා .....

මගෙ අග්නි....

අපිට බැරිද ආයමත් ප්‍රාර්තනාවක් කරන්න....

මං එයාගෙ මූන දිහා බලන් අපිට බැරිද ආයමත් ප්‍රාර්තනාවක් කරන්න අහනකොට එයාගෙ ඇස් මගෙත් එක්ක කතාවක පැටලුනා.....තත්පරයයි දෙකයි....අපේ කතා බහ කුඩු කරගන පහල ගෙදරින් උදෙම්ම කචබචේ ඇහෙන්න ගත්තා ...

යෝ....පුතුකී.....අඩන්න එපා.....මේ අප්පච්චිට පිස්සුනෙ.....අනෙ ඇත්තමයි සෙනෝන්....මං හැමදාම කියලා තියනවා ලමයට ඔය යක්කු ඉන්න කතන්දර පෙන්නන්න එපා කියලා .....කොයි වෙලෙත් ඕකම ඔබනවා....ඇත්තමයි සෙනෝන් මට දැන් හරියට තරහා යාගන එන්නෙ...මට ළමයි තුන් දෙනෙක්ගෙ වැඩයි....උඩ ගෙදර ළමයි දෙන්නගෙ වැඩයි එක්ක ඔයාගෙ වැඩත් කරන්න බෑ සෙනෝන්....

වෙනසක් නෑ....අයියගෙම මල්ලිනෙ..ඌත් උඹ වගේම තමයි අග්නි අර නොදරුවව බය කරලා.....

ම්හුක්....ඉතින් අපි මොනවා කියලා දෙන්නද.....

හුකුක්...හුකුක් නෙවෙ උඹලා දැන් මිනිස්සු අග්නි.....

මං මගෙ ගාව උන්න අග්නියගෙ ඔලුවට ඇනලා ඒකව එහෙම්ම දාලා පහල්ස් ගෙදරට යන්න හැරුනා ...

කොහෙද ඔය යන්නෙ.....

මගුලෙ....

හා එහෙනම් දවල් වෙන්න කලින් ගිහින් වරෙන් මැනිකෙ...නොකා උන්නම මට ඇග වෙව්ලන්න ගන්නවා....

කන බනේම තමයි උඹට....

මගෙ මූනෙ හිනාවක් ඇදුනා....එයා අතේ උන්න කොල්ලව අරන් කාමරේට යනකොට මං ගිරියෙන් කෑ ගගහා අඩන ලමයව බලන්න පහල ගෙදර යනකොට පොල්කටු හැන්දකින් ගුටි කාපු කාලි මේ උදෙම්ම හිරමනයක් උඩ ඉදගන බුම්මන් උන්නා....

ඩියෝන්....

අනෙ විතේන් අයියෙ ....මේ පුතුකියා අඩනවනෙ .....අඩන්න එපා පුතුකියේ...මේ දෝනියත් ඉන්නවනෙ.....

කො දෙන්න....

අර මිනිහා හැමදාම ලමයව ළඟ තියන් බහු බූත බලනවනෙ ....අනෙ පරිස්සමි විතේන් අයියෙ...මගෙ පුතුකියගෙ ඔලුවට අත තියන්න ඒයි .....බලාගන...අනේ...මගෙ...පුතුකියා....ඇත්තමයි...මට එන තරහවට නම් අනේ සෙනෝනයව ගෙදරින් එලියට ඇදලා දාන්න හිතෙනවා.....

අරකා බනිනවා.....ඉවරයක් නැතුවම බනිනවා...පොඩි එකා මුනත් රතු කරන් අඩනකොට මම.ලමයව උකුලෙ තියන් නලව නලව සූප්පු බෝතලේ කටට තියනකොට චූටි ඇස් වලින් කදුලු වක්කෙරුනා වගේම ලමයට කලින් ඩියෝනයා ඇඩුවා...කොච්චර කොහොම ළමයි බලාගත්තා උනත්.... වෙලාවකට අපි හැමෝගෙම අම්මා උනත් ඒකගෙ දරුවා අඩන වෙලාවට ඩියෝනයත් අඩනවා.....මට තේරෙන්නෙ නෑ ඩියෝන් පුදුම තරම් මේ ලමයට ලෝභයි...වදාපු මටවත් අල්ලන්න දෙන්නෙ නැති තරන් ලෝභයි....මම අතට ගත්තා උනත් ඌ සැරින් සැරේම බල බල අරහෙන් අත තියන්න මෙහෙන් අත තියන්න කිව්වා...

අවංකවම...ඩියෝන් ආදරේ කරන තරම කොයිතරම්ද කියනවා නම්...ඒකට කිරි එරුන් නැති එක විතරමයිද කොහෙද.....

ඉන්න විතේන් අයියෙ..මන් රෙද්දක් අරන් එන්නම්...යෝ...මගෙ පුතුකියට සීතලයිනෙ....පලිගුවෝ...අහකට යන්න දෝනියො...මේ මල්ලි බබාව පොරවන්න එපැයිනෙ...අම්මියට හරියට වැඩ.....සෙනෝන්.....සෙනෝන්...

ඇයි....

මේ සුදු පුතාව චූ දම්මන්න එක්ක යන්න...යෝ ..ඒ ළමයත් එහෙන් අඩනවා.....උඹ නම්කමකට නැති අප්පච්චි කෙනෙක් සෙනෝන්...දැන් තමා හිතෙන්නෙ නිතේස් අයියගෙ හොර ගෑනිම වෙලා ඉන්න තිබ්බා නම් හොදයි කියලා...

ඒ නම් උඹ මගෙන් මැරුම් කන්න තමයි ඩියෝනයා...

කිරි පොව පොව උන්න කොලු පැටියගෙ ඔලුව අත ගගා උන්න මම අරකගෙ කියුම් අහගන නිතේශ්ගෙ හොර් ගෑනි වෙල ඉන්න තියනව නම් හොදයි කියනවත් එක්කම මම ඒකට මුනු මුනු ගගා බනින්න ගත්තා වගේම බැනුම් අහපු ශෙනෝනයා පලිගුවගෙ පැටියව වඩාගන ආවා...

නින්ද ගියාද.....

ම්ම්ම්.....නින්ද යාගන එන්න...

ඔය...ආයමත් ගියාද එතනට....අහකට...අහකට....යෝ....අහකට යමන් සෙනෝන්.....ලමයව නොදි කරවගන්න දීලා...කෝ බලන්න පුතේ...මගෙ පුතුකියට නින්ද ගියාද....

ඔව්....

මගෙ....වස්තුව ....නෙ...ඉතින්...මේ...ඉන්නෙ.....එන්න පුතුකියෝ...අම්මියා ගාවට....මගෙ...පුතානෙ...ඉතින් මේ...

මගෙ අතෙ ඉදන් බාගෙට නින්දයාගන ආව ලමයට මට හාදුවක් වත් තියන්න හම්බුන් නෑ...උකුස්සෙක් වගේ ආව ඩියෝනයා කොල්ලව වඩාගන කාමරේට ගිහින් දොර වහගත්තා .....අවංකවම ...ඩියෝන්..මම වත්..නිතේශ් වත් ලමයව වඩාගන්නවට ඒ තරම් කැමැත්තක් තිබුන් නෑ...ඒක ශෙනෝන් පවා දැනන් උන්නා....

ඌ බයයි...විතේන් ....කොයිම වෙලාවක හරි....ඔයාලා ආයම ලමයව ගනී කිය්ලා.....

කාමරේ දිහා බලන් උන්න මගෙ උරහිසට අත තියපු ශෙනෝන් දිහා බලන් උන්න මම ටික වෙලාවක් ඒ මුන දිහා බලන් ඉදලා නැගිට්ටා.....

කාලි...

...?

මම කතා කෙරුවා ....දතින් දත මතු වෙන බලු පැටියගෙ දත් කොකියන්න අරන් තියනකොට ඒකගෙ රබර් මස් කට්ට ශෙනෝන් ඌට හපන්න අල්ලන් ඉන්නකොට මම ශෙනෝන් නොකියා කාලි කියනකොට ඒ ඇස් ගැස්සුනා....

අමතක මතක...අපි දෙන්නටම මතක් උනා නම්.... එයාට අමතක වෙලා කොහොමද නේද...

අපි දෙන්නටම මතක්...උනා නම්....උඹට මතක් නොවී බෑ නේද කාලි...??

...ශ්...එයාට.....අග්....නිට....

මතකයි....ඒ හැම දේම අවසානෙදි එකට එක...පෑස්සුනා.....කාලි......

මම එයාගෙ අත උඩින් අත තියා ගත්තා...

උඹයි...මමයි....අපිට අපි ණය පියවගත්තා කාලි.....මගෙ....අග්නි ආයම මට ලැබුනා.....ඒ වගේම ....උඹ ප්‍රාර්තනා කරපු විදිහටම ...මම උඹට..මගෙ අගෙන් කොටසක් වෙච්ච මගෙ දරුවව දුන්නා....

මම එයාට වෙච්ච පොරොන්දු ආය ආයම මතක් කරනකොට එයා වහල තිබුන එයාලගෙ කාමරේ දිහා බලනකොට මම ඒ මූන දිහා ඇස් පිල්ලමක් වත් නොගහ බලන් උන්නා....හැම ප්‍රාර්තනාවක්ම අවසානෙදි යතාර්තයක් වෙනවා.....අමාරුවෙන් හරි....විශ්වාස කරන්න අමාරුම තැන හරි....එත්...

නෑ...එක්කො....වචන වලට වඩා....විදින්න තියන හැගීම්....විශ්වාස කරන්න අමාරුම කාර්තුවක හරි යතාර්තයක් උනෝතින්....

කාලි...

ඇතුලෙන් ලාවට ඇහෙන ඩියෝන්ගෙ නැලවිලි කවිය අහන් උන්න ශෙනෝන් අතේ උන්න බලු පැටියව චුට්ටක් හොලවනකොට මම අතේ උන්න බලු කුක්කව ඉල්ල ගත්තා.....

අද හොද දවසක්.....පුලුවන් ....නම්....උත්සහ කරලා බලන්න...

ශිවන්.....

මම විශ්වාස කරනවා...ජීවිතේ ලස්සනම දවස් එන්නෙ ඉස්සරහට කියලා ...විශ්වාස කරන්න අමාරුම කාර්තුවල පවා මල් පිපුන දවස් තිබ්බා...එහෙම නොවුන නම්.....සර්වාංගෙම වැහැරිලා ගියපු මගෙ දරුවා කොහොමද කාටත් හොරාවට මගෙ ගාව පන ගැහුවෙ කාලි....

විශ්වාස කරන්න අමාරුම කාර්තුවල පවා මල් නොපිපුන නම්....පොල් පිට පොල් ගැහුවත්...අවසානෙදි අග්නිට පෑහෙන් නෑයි කියපු මම ආත්මයක් ගිහිල්ලත් පෑහුනෙ කොහොමද කාලි...

මම ප්‍රාර්තනා කරනවා.....උඹ කරපු හැම කැපකිරීමකටම.....සාදාරනයක් වෙන්නයි කියලා.....මම ප්‍රාර්තනා කරනවා....අග්නි විදින සතුටම....ඒ හිනාවම...ඔය මූනෙත් ඇදෙන්න කියලා ....

පුලුවන් නම්.....මල් නොපිපෙන කාර්තුවක වසන්තයක් ගැන බලාපොරොත්තුවක් තියාගනින් කාලි...එච්චරයි ...

දෝනියෝ...එන්න පැටියො....අපි යමු...

ශෙනෝන් වෙච්ච කාලි මගෙ දිහා අඩන්න ඔන්න මෙන්න වගේ බලන් ඉන්නකොට මම පලිගුවවයි ඒකිගෙ කුක්කවයි අරගන ගෙදර එන්න ආවා...

සුදුපුතා....නිහාර...

නිතේශ් ....

ලමයෝ......

කෝ..මගෙ කෙල්ල....

මම උන්නෙ කාමරේ ...කෙල්ලගෙ පැම්පර්ස් එක අන්දව අන්දව ....එලියෙන් ඇහුන දහම් අප්පච්චි ගෙ කටහඩ වගේම මගෙ තාත්තගෙ කටහඩ එක්ක මම කාමරේ ඉදම්ම ඇයී කියකා අහනකොට අප්පච්චි කාමරෙට එනකොට තාත්තත් ඒ පස්සෙම්ම ආවා....

අයිගෝ...මෙ.....චූටි දිසානායක මැනිකෙ මොකත...මේ.....හෙකු කොට්ටෙන් කරන්නෙ....ආ....කෝ....අප්පුච්චියා.....කෝ....මගෙ....පුතාගෙ....චූටි....අයියා.....

අනෙ අප්පච්චි මේක අන්දවන්නකො ...මට තව ඇදුමක් වත් දාගන්න බැරි උනා අප්පච්චි ...මේ නිතේශ්ගෙ වැඩ හින්දා...කොච්චර කිව්වත් දෙයක් වෙලාවට කරන්නෙ නෑ.....

කෝ දැන් ඕකා.....

අර කේටරින් එකට ගියේ....ඒකත් කියලා කියලා දැන් යවාගත්තෙ.....ගේ වන්නියක් වගේ...රැට ඇදගන්න ඇදුම ගලවන්නවත් මට වෙලාවක් නෑ...ඒකට මොකද තවත් ලමයි හදන්න කතාව...

දහම්....ඇහෙනවා නේද මහලොකු පුතන්ඩියගෙ කෙරුවාව...ආ.....කෝ...අහකට...අහකට....කෙල්ලගෙ කකුල කඩන්නද යන්නෙ...ලමයි හැදුවලු...පැම්පර්ස් එකක් අන්දගන්න තේරෙන්නෙ නෑ..... මේ අනිත් බිබික්කම....

පිලිවලට උන්න මම නිතේශ් හින්දම විසිහතර පැයම දුම්මල වරම අතට අරන් උන්නා...දවසින් දවස ...දවසින් දවස එයාගෙ ආදරෙ එන්න එන්න වැඩි වෙලා යනකොට කොල්ලගෙ දාංගලේ වගේම දවසම නිදාගන්න කෙල්ලත් දැන් දැන් පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනකොට මගෙ ගෙදර ආදරනීයම යුද්ධ පිටියක් වෙනකොට මගෙ අග්නි මගෙන් බැනුම් අහපු නැති දවසක් නැති උනා.....මිස්ටර් නලින් මගෙන් බැනුම් අහපු නැති දවසක් නැති උනා.....

කෝ..දැන් මේස් දෙක දාන්න...මොකද දහම් වෙව්ලන්නෙ...

රිදෙයි කියලා බයයිනෙ.....පව්නෙ...මේ කකුල් වලට සපත්තු බර වැඩියි මැනිකෙ...

කට පියන් අහකට වෙනවා දහම්....ලමයට සපත්තු නොදාද ගෙනියන්නෙ...

මැනිකේ...අපි ආවා.....

මැනිතේ...ආවා.....අපි....

කෑම ගෙනාවා...

ගෙනාවා...තෑම...

කොහෙන්ද තියන්...නේ.....

තියන්නෙ....තොහෙන්ත.....

එ අනිත් කරදර දෙක....මහ යකා කියන්නෙ මොනවද පොඩි යකා වචන මාරු කර කර හරි කියෙව්වා ...මගෙ නිඛිල්...මගේ ආදරනීයම කොලු පැටියා...තනිකරම.එයාගෙම අච්චුවක්...නහය කට...ඒ රැවිල්ල.....ඒ බැලිල්ල...ඒ ගමන.....මගෙයි කියන්න කිසිම දෙයක් නැති කොල්ලා..එයාගෙ අඹාපු රූපයක් වෙනකොට එයා යන්නෙ කොහෙද ඒ හැම තැනකම පස්ස පාරෙ ගියා...

එයා ලොකු වෙනවා....පන්ඩිත කම් කියනවා...පන්ඩිත කම් කරනවා...වෙලාවකට අග්නි කියනවා අහන් ඉදලා පොඩි කමට උනත් "ආතරෙයි....අප්පුච්චියෙ මැනෙන්න තරම් " කියනවා....

දවසින් දවස ගෙවි ගෙවි යනවා....තවත් මාසයක් ඉවර වෙලා....තවත් මසයක් පටන් අරගන්නකොට අප්පච්චි තාත්තා අපි හැමෝම ඇතුගලට ‍යන්න ලැහැස්ති උනා....වෙනමොකටවත් නෙවෙ....අද දානෙ...වෙනකාගවෙත් නෙවෙ....කොච්චර කොහොම නපුරු කම් කෙරුව උනත්.....දුක් විදින ඒ ආත්මෙ කුවන්නා වෙනුවෙන් ...ඒ වගේම මොල්ලිගොඩ මහ හාමු වගේම මහ මැනිකෙ වෙනුවෙන්.....ආය ඉපදීමක් නැති උන හැමෝම වෙනුවෙන්....

මැනිකෙ...නාගන්නවද.....

තේශි ලමයට කවන්න කො...අපි කනකොට කීය වෙයිද....

හා.....කවන්නම්...ඊට කලින්...බඩ්ඩක් ඕනෙ....

මොනවද...

හාදුවක් ....

අනේ...නිකන් ඉදින් සුදු අප්පො.....

ඇයි...මගෙනෙ....ආදරෙයි මැනිකෙ....මැරෙන්න තරම්......

අප්පච්චි වගේම තාත්තා කෙල්ලව වඩාගන ගේ පුරාවටම යනකොට නිතේශ් ගෙ පස්ස පාරෙ ඇවිදින ලමය දිහා බලපු මම එයාට කන්න දෙන්න කියනගමන් බාතෲම් එකට රිංගන්න හැදුවා උනත් යන්න ගියපු මාව් එයා ආයම ඇදලා අරන් මගෙ කම්මුලට හාදුවක් තිබ්බා...

ස්තූතියි ...මගෙ ශිවන්...දුන්න පොරොන්දු රැක්කට....ආයම මාව හියා ගත්තට....කවදාවත්..මදි නොකියන්න ආදරෙ දුන්නට.....උඹ කිව්වා වගෙම.....ඉපදෙන හැම සංසාරෙකම මගෙම වෙයන්...හැම කාර්තුවකම.මගෙ ගාවම පිපියන් මගෙ ශිවන්...මගෙ අධීර...මගෙ ආදරනීයම කොට මගුල...මගෙ අහංකාර දිසානායක මනිකෙ....හොදට අහගනින්...."මම උඹට මැරෙන්න තරම් ආදරෙයි".....මේ ආදරේම උමතුවක්....

ඒ ප්‍රාර්තනාව හැම ආත්මෙදිම යතාර්තයක් වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා මගෙ අග්නි .....

වතුර මලෙන් එන උනුසුම් වතුර බින්දු සර්වාංගෙම තෙමාගන යනකොට අනිත් දේවල් වලින් අංග සම්පූරනම නොවුනත්...අග්නිගෙ ශිවන් හැටියට....නිතේශ් ගෙ විතේන් හැටියට මම අංග සම්පූරන වගෙම හිතේ සතුටුන් ජීවත් වෙලා ඉන්න මනුස්සයෙක් වෙලා උන්නා...එයා කිව්ව හරි....මේ ආදරේම උමතුවක්.....

මම ප්‍රාර්තනා කරපු ජීවිතේ...එයා ප්‍රාර්තනා කරපු ජීවිතේ.....අවසානෙදි නර දුක් විදලා හරි අපි විදිනකොට අවාරෙදි පිපෙන හැම මලක්ම අනිත් මල්වලට වඩා සුවදයි කියලා හිතුනා....

නමෝ තස්ස භගවතෝ....අරහතෝ.....සම්මා ...

සම්බුද්ධස්ස....

හුලන් වල සනීපෙත් එක්ක නින්ද ගියපු කෙල්ලව මම උකුලෙ තියාගන ඉන්නකොට නිතේශ් ලමයගෙ අත්දෙක වන්දවගන උන්නා....අප්පච්චි ගාව තාත්තා ඉන්නකොට ශෙනෝන් වගේම කොලු පැටියව තුරුල් කරන් ඉන්න ඩියෝන් අපිට එහායින් වැදගන උන්නා.....

අවුරුදු ගානකටන් කලින් ....ආත්මෙකටත් කලින් මම මෙතනට ආවා....නිකන් නෙවෙ ..නොමැරි මැරි මැරි මම මෙතනට ආවා....ඒ දවස අදයි....එදා හංගපු ඒ පබලු මාලෙ වගේම අවසිහියෙන් ලියපු කඩදහිය ආපිට ගොඩ ගන්න දවස අද වෙනකොට බුදුන් වැදපු එයාලා තෙල් මල් පහන් වගේම හදුන් කූරු සුවද ගෙන ඇතුගල පුරාවටම ඇවිද්දා...

ඒක....මෙන්න මෙතන වෙන්න ඕන...

මම වටෙම කාරකුනා...හරියටම නිච්චියක් නැති උනත්...ඒ තැන් මෙතනමයි කියල හිතපු මම වට පිට බලලා හිමින් හිමින් හාරන්න ගත්තා...

කන්ද උඩ හන්දම හුලන් එනකොට ඇතුගල් අහස වලාකුලුවලින් බර වෙලා තිබුනා....මෙච්චර වෙලාම පායලා තිබුන ඉරත් වලාකුලු අස්සෙ හැංගිලා යනකොට වටපිටාව ටිකක් අන්දකාර උනා.....

කල්පෙකට කලින් වෙච්ච වැරදි හදන්න හදපු මට අවසානම මොහොතෙත් වැරදිලා යනකොට ඒ හේතුවෙම්ම නොසෑහෙන්න දුක් විදලා අද සැනසීමක් තිබුනා....

අව්ලල තියන හදුන් කූරුවල සුවද උඩ හුලගට ගහගන යනකොට හුකන් රල්ලක් එක්ක ආව බෝ කොලයක් මගෙ ඇදුමෙ පැටලෙනකොට පස් වලින් වැහිලා තිබුන බාගෙට දිරාපු සුදු රෙදි කඩ දැකපු මම එලියට ඇදලා ගත්තා.....

මේ තියෙන්නෙ ඒ මාලෙ...

එක්කෙනෙක්ට එක ඇටේ ගානෙ වෙන් උන...අමුනනකොට අත පය පවා කොරවෙලා ගියපු ඒ මාලෙ...මම ඒ මාලෙ දිහා බලන් උන්නා...එක සම්පූරනම මුතු මාලයක්...එදා අවසිහියෙන් උන්න මට ඒක ගැන ලොකූගානක් නොගියත් මගෙ ඉස්සරහ තියන ඒ මාලෙ දිහා මම බලන් උන්න...

මම නොමැරි මැරුන....අතපය පවා කොරවෙලා ගියා....දනහිස් පොකටු කැඩෙන්න තරන් වේදනා වින්දා.....

මාලෙ අමුනනකන් විදපු හැම වේදනාවක්ම මම වින්දා...මම එහෙම්ම ඒබාගෙට දිරලා තිබුන කඩදාසි කෑල්ල අතට ගන්නකොට එන්න එන්න හුලන් පාර තද උනා වගේම බලි කුරුටු හා සමාන අකුරු වලින් ලියලා තිබුනෙ විතේන් නිතේශ් ගැන වෙද්දි ඒ හැම අකුරක්ම බලාගන ඉන්නකොට මැකිමැකි යන්න ගත්තා වගේම අතේ තිබුන කඩදාසි කෑල්ල ටිකින් ටික ගින්දර නැතිවම අලුවෙන්න ගන්නකොට මම ඉක්මනටම අවසානම කෑල්ල දිහා බැලුවා...

"අවසානම මොහොතේ දී....බලාපොරොත්තු ...නැතිතැනක පවා..හිනා රැල්ලක්....ඉප..."

මැනිකෙ....

අනේ....තේ.....ශීහ්...

මට කියවගන්න බැරි උනා.....මේතාක් වෙච්ච කෙරිච්ච හැම.දේම ඒ කඩදාසියෙ මගෙම බලි කුරුටු අකුරුවලින් ලියවිලා තියනකොට අවසානම වචන ටික මට සම්පූරනම කරගන්න ඉඩක් නොතියම කඩදාසිය පිටිම්ම අතුරුදහන් වෙලා යනකොට මම අතේ තිබුන මුතු මාලෙ දිහා බලලා එයා දිහා බැලුවා...

මැනිකෙ....ඇයි....

ත්ත්...නිතේ...අහ්.....ස්...සුදු...අප්පො...මේක....මේ.......

මේක....

එයා මගෙ අතේ තිබුන මාලෙ අතට ගත්තා වගේම මම බලාගන එයා ඒ දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උනා...මෙච්චර වෙලාම ලමයව වඩාගන මහ අම්මන්ඩි වගේ හතර වටේම ඇවිදපු ගඩාපි ඩියෝනයා සැරින් සැරේම ඔලුව අල්ලගත්තා වගෙම එකා අතේ උන්න.ලමයව ශෙනෝන්ට දෙන්න හදනකොටම මම එතනට දිව්වා....

ම්ම්..හුක්...සෙනෝන්...අනේ මේ පුතුකියව චුට්ටක් ගන්න සෙනෝන්...මගෙ....ඔලුව කැරකෙනවා...මාව.....ව්....වැටෙන්න.....

ව්...වගේ........මට...න්න්..නිකන්.....ව්ව්...වමනෙට.....ව්ව්..වගේ....ස්...සෙනෝන්....න්........වි...විතේ....න්.....අයියෙ.....ඩ්...ඩියෝන්...බබාව....ව්ව්....වැටෙන්න.....ය්ය්....යන්නෙ..........

ශෙනෝන් ...මේ ලමයව අල්ලගනින්...

මම කැරකිල්ල අල්ලලා වැටෙන්න ගියපු ඩියෝන්ව වත්තම් කරගන්නවා එක්කම වමනෙට වගේ කිය කිය කිය උන්න ගඩාපි පැටියා මගෙ ඇගම තෙමාගන වමනෙ දානකොට මට කියවගන්න බැරිව ගියපු වචනෙ අවසානෙදි මගෙ ඇස් පනා පිට යතාර්තයක් වෙනකොට මම ශෙනෝන් දිහා බලනකොට මම බල්ලගන කදුලු පුරවන් උන්න ශෙනෝන් ලමයව වඩාගන බුදු පිලිමෙ දිහාවට දුවනවා.....

එහෙනම්.....විශ්වාස කරන්න අමාරුම කාර්තුවකත් මල් පිපුනා....සංසාරයක් පුරාවටම පතාගන ආව ආදරනීයම හදවත් හතරක් තදින්ම බැදෙනකොට මතක අමතක වෙන්න කලින් මම එයා වෙනුවෙන් ප්‍රාර්තනා කරපු ඒ හීනෙ යතාර්තයක් වෙන ගමන් තිබුනා...

ඉතින්.....සුවද දෙන හැම මලක්ම පිපෙන්න ඕනා..හරිම තැන නෙවේද...

"අවසානම මොහොතේ දී බලාපොරොත්තු නැති තැනක පවාහිනා රැල්ලක් ඉපදේවි ...."

ඒ වචන ඇස් පනාපිට යතාර්තයක් වෙනකොට මම සුදුමැලි උන කාලිගෙ අඹුව දිහා බැලුවා...

උඹ වාසනාවන්තයි මගෙ ඩියෝන්...

බ්බ්...බ්බ්බ්වෑ.....ක්...අනෙ....ව්.....වි...තේ....න්....අයි....යෙ...........!!!!!!

 ........ අවසානයි.......

ජොබියා.....නිදහාස්.....!!!

එහනම්...ඉතින්...ඔන්න...අදින් පස්සෙ.... කෙම්මුර....වගෙම බ්‍රීත් එක්ස්ට්‍රා..අවසානයි.....

කොටස් අනූ එකක් මාත් එක්ක උන්න ඔයාලා වෙනුවෙන් මම හදවතින්ම ස්තූතියි කියනවා....

ඒ වගෙම්ම කවර් එක හදලා දුන්න

Anastasiawang27 නංගිට වගේම....

කෙම්මුර වෙනුවෙන් කවියක් ලියල දුන්න හැම කෙනෙකටමත්...හදවතිම්ම ස්තූතියි කියනවා...

එහෙනම්...

ආයම එන්නම්...

යෝ.....ඔන් හෝල්ඩ් ටික....🙂🙂🙂🙂 දැන් ඉතින් ඒව ලියපන් කො!!!😂😂

මුව පැතියත දුක හිතිලලූ...

මම.....

Ferdeesha ❤️💚😘 ....