LightReader

Chapter 117 - 117

වලව්වෙ පයට පෑගෙන

මලත් ආදරේ හෙවනට...

සුලන් සුලන්

නුඹ කොතැනද

වරෙන් එදා වගේ

දුවගන උහුලන්නට බෑ දාහය

ගිනිගෙන දැවේ දැන් නම්....

මන් උන්නෙ අපේ ඇද උඩ..

ඇද විට්ටමට හේත්තු වෙලා දිගෑරගන උන්න කකුල් උඩ මගෙ කොල්ලව තියාගන නිදි කරවන ගමන්....ක්‍රිස්තියානි පාර්ටි එකට ආව මිනිස්සු යන්න යනකොට තෑගි ගොඩක් වෙනුවට ලියුන් කවර හම්බුන එක ගැන මම සතුටු උනා....සෙල්ලම් බඩු නොතිබුනාම නෙවෙ.....ඒත් ඉතින් ඔය හැටි සෙල්ලම් බඩු කන්නද.....

මං වෙලාවකට එහෙමත් හිතුවා....කොච්චර සෙල්ලම් බඩු තිබුනත් එයාට ඕනෙ වලදක කරමූඩියක් පනාවක්...ඔය වගේ සෙලන් කරන්න ගන්න හිතන්නෙවත් නැති දේවල් වෙනකොට සෙල්ලම්බඩු මොකටද හිතුනා....

මම දොයි දොයි දොයිය බබා කියනවා වෙනුවට ලමයව කකුල් උඩ තියාගන මානික්කාවතට අඩ ගැහුවා .....

මගෙ පුතා...දන්නවද අප්පච්චි ආස උනේ ගුනාදරී කෙනෙක් වෙන්න ..... ඇයි දන්නවද.....මගෙ පුතේ....සමහර මිනිස්සු....ඇස් දෙකෙන් ලෝකෙ දැක්කට....හිත අස්සෙන් ලෝකෙ දැක්කෙ නෑ....ගුනාදරීට ඇස් නෑ...ඒත් ඒකි හිත අස්සෙන් ලෝකෙ දැක්කා.....උඹ ලොකු වෙලා කවුරු උනත් කමක් නෑ....ගුනාදරීගෙ වගේ ...කෙටි හාමිගෙ වගේ.....පිච්චිගෙ වගේ හොද හදවතක් තියන කෙනෙක් වෙයන් මයෙ අම්මා....

සූප්පුවත් උරවන ගමන් නින්ද ගිහින් උන්න පොඩි එකා එක්ක මක කතා කෙරුවා ....

ගේ අස්සෙ පිගන් බඩු එහා මෙහා වෙන සද්දෙ එක්ක...පිලිගුවා දුවනකොට ලී පොලවට ඒකිගෙ නියපොතු වදින සද්දෙ ඇහුනා වගේම ගඩාපි පැටියා ඒකිට මොන මොනවදො කියනවා ඇහුනා....

අනේ දෝනියො එහෙ යන්න එපා මල්ලි බබා දොයිනෙ....

මම කකුලෙ දාලා නලව නලව උන්න පුංචි එකාව අරන් කොට්ටෙන් තියනකොට මං අහගන බිබික්කමා කෑ ගහනවා ඒ එක්කම දොර රෙද්ද අස්සෙන් දුඹුරු පාට හොම්බක් තෙට්ග නහයක් එක්ක දිලිසන ඇස් දෙකක් මතු උනා ....

වෙන කව්ද ඉතින් පලිගුවා ...

මම ලමයව රෙද්දෙන් පොවරවලා දෙපැත්තෙන් කොට්ට දෙකක් තියලා කුක්කු පිටි බීලා පිරිච්ච බන්ඩියට හිමින් තට්ටු කරන ගමන් පලිගුවා දිහා බලලා ඇද මෙට්ටෙට තට්ටුවක් දැම්මා විතරයි අරකී දූවලා ඇවිත් ඇදට නැග්ගා...

නැගලා පොඩි එකාව ඉව කරන්න ගත්තා ...කකුල් දෙක....ආයම පැම්පර්ස් එක....අත් දෙකෙ චූටි මූන.....අවසානෙදි මූන ලෙවත් කාලා මා දිහා බැලුවා විතරයි මම එන්න එපා කියන්න ඇගිල්ල උරුක් කෙරුවා ඒකි වටයක් කැරකිලා කොල්ල ගාවින් නිදාගන පැත්තට තියලා තිබ්බ කොට්ටෙ උඩින් ඒකිගෙ තෙත හොම්බ තියා ගත්තා .....

උඹත් ලොකු එකෙක් වෙලා නේද පලිගුවො ....ඈ දෝනියෝ...

මම හිමීට ඒකිගෙ ඔලුව මගෙ පිට අල්ලලෙන් අතගානකොට ඒකි දොන්ත බිබික්කම වගේ තලු මැරුවා.....

කකුල් දෙකේ මිනිස්සුන්ට වඩා උඹලා වගේ තෙත නහයො හරි හොදයි දෝනියො....

දිලෙසෙන ඇස් වලනි බල බල මගෙ ලමයෙගෙ අතක් ආයම ඉවකරන පලිගු මනිකෙගෙ ඔලුව අත ගානගමන් ඒකි එක්ක මම කතා කෙරුවා ...පලිගුවා.....ඇත්තටම ඒකි අපි හැමෝගෙම දරුවෙක් වගේ...පාරෙ අතරමං වෙච්ච තෙත නහයෙක් ...සීතලේ ගැහි ගැහි ගැහි මහ වැස්සට තෙමි තෙමි උන්න නුවර පිපුන පින්න මල...

උඹ මොකක් හරි කරපු පවකට තිරිසනෙක් උනාට....කරපු පිනකට දරුවෙක් වගේ හැදෙන්න ආදර්‍රෙ හම්බෙන්න පින තිබුනා පලිගුවෝ ....ඒත් සමහරු පිනට හම්බුන මනුස්ස ආත්මෙ තියාගන කරන්නෙම පව්....අපේම උන් තමා...

මම මගෙ කරගැට දාපු අත් දෙක දිහා බැලුවා.....අනිද්දා ඉදන් ආය වැඩ කියල මතක් වෙනකොට ...මට ඉබේටම හුස්මක් පිට උනා.....උන් මට හැම දේම නැති නොකෙරුව නම්....මම සැප විදින්න ගියා..මටයි කියලා තඹ සතයක් නැතුව මම.කොහොමද ජීවත් වෙන්නෙ ...

පලිගුවෝ...දෝනියෝ.....ආනේ...දෝනියෝ...මේ කෙල්ල නම්.....අනේ දෝනියො මල්ලි බබාව ඇහැරවන්න එපා දෝනියො ....පව්...කෝ අහකට අකට වෙයල්ලා කෙල්ලෙ.....යෝ මේ දෝනියා නම් හරී මුරන්ඩුයි අප්පා....

මම උන්නෙ සිවිලිම දිහා බලාගන කල්පනා කර කර... ලමයා දිහ ඇස් පිල්ලමක් වත් නොගහා උන්න පලිගුවා පොඩි එකා නින්දෙ ගැස්සුනත් ඉක්මනට ඔලුව උස්සලා බලනවා ...ආය ආ දිහා බලනවා අතින් කතා කරන්න හදනවා...ඒකිගෙ හිතේ කොල්ලා නැගිටලා කියලා.....ඒ එක්කම පලිගුවව හොයාගන ඩියෝනයා ආවා ඇවිත් අරකිට දෙකක් දීලා ඌ රිංගගත්තා ...

නිතේස් අයියේ .....

ම්ම්ම්ම්....

ඔයා බිනරියව බලන්න යන්නෙ නැද්ද ඒයි....

නැ...

ඇයි...

ඇයි අහන්නෙ.....නැති හින්දා...මගෙයි කියලා හැගීමක් නැති කෙනෙක් වෙනුවෙන් කාලෙ වෙන් කරනවට වඩා...මට මගෙයි කියලා දැනෙන කෙනෙක් ගාව නවතින එක වටිනවා ඒකයි ....

එතෝට අපි හෙට බදිනවා කියලා කියන්න යන්නෙත් නෑ.....

ම්හ්හ්ක්...නෑ...ඒත් නෑ.....

ඇයි නිතේස් අයියෙ...

ඩියෝනයා මගෙන් අහනවා ඇයි බිනරි බලන්න නොයන්නෙ කියලා.....ඇයි අපි කසාද බදින්න යනවා කියන එක ඒකිට කියන්න නොයන්නෙ කියලා...මං එහෙම්ම මගෙ ඵෝන් එක් අරන් ශෙනෝන්ගෙ ඵෝන් එකෙමන් ගත්තු ස්ක්‍රින් ශොට් එකක් පෙන්නුවා...

මේක හොදට බලපන්....උඹට හිතෙනෙ මොනවද කියලා මට කියපන්...

මම ඩියෝනය අතට ඵෝන් එක දීලා මම ආයම සිවිලිම දිහා බලන් උන්නා

මේක අපේ මිනිහද එව්වෙ නිතේස් අයියේ....ඈ...මන් ඕකව අද මරනවා.....

නෑ....කවුරුත් එව්වෙ නෑ ඩියෝන්...ඕක මමම ගත්තු එකක්...

නිතේස් අයියේ ....අනේ පුතේ.....

ඩියෝනයා ඵෝන් එක අතේ තියාගන කම්පා වෙන්න ගත්තා ...ඒ මැසේජ් එක මතක් වෙල ඇස් වලට කදුලු ඉනුවා...

ඒකි බයක් හැකක් හිතක් පපුවක් නැතිව ශෙනෝන්ටම ඒ මැසේජ් එක එව්වෙ මට පෙන්නන්න ඕනා හින්දනෙ...

උඹට ඒ මැසෙජ් එක දැක්කම මොනවද ඩියෝන් හිතෙන්නෙ....

" වලව්වෙ මිනිස්සු බැනුම් අහනව නම් බැනුම් අහන්නෙ සුදු අයියා හින්දා...සුදු අයියයි විතේනුයි අපේ නම කනවා මිනිස්සු වලව්වට බනින එක සාදාරනයි"

මම ඒ මැසේජ් එක ආයම සද්දෙට කියෙව්වා .....ඩියෝනයා අහක බලාගත්තා .....

එතකොට මමද වලව්වෙ නම කාලා තියෙන්නෙ.....එතකොට ඒකිට සීයා තාත්තා කරපුවා පෙනුන් නැද්ද...මම ආදරේ කරපු එකද වැරද්ද ඩියෝන්...මෙ මැසේජ් එක පරනයි....ඒත් ඒ වේදනාව අලුත්...මේ අකුරු පරනයි ..ඒත්...පපුවට දැනෙන වේදනාව අලුත් ඩියෝන්...මුනට සුදු අයියෙ කියලා මගෙ පිටිපස්සෙන් ඉදන් මෙහෙම කියනකොට පපුවට වේදනාවක් නැද්ද ඩියෝන්.....

උඹ අහලා තියනවද ඩියෝන් වතුර පවා හැම දාම ගැලුවෙ පහතම තැනින් කියලා .....වලව්වෙන් සුදු අක්කා ඇරුනම වෙන එකෙක් වත් මට උන්නෙ නෑ කියන එක දැන් දැන් දැනෙකොට මම කොහොමද කතා කරන්නෙ...මං උන් වෙනුවෙන් දෙපාරක් නොහිතා උදව් කෙරුවා ...උඹ දැක්කා....උඹලම දැක්කා ඒකිව හංගන් උන්න කාලෙදි මගෙ ඔලුව වලව්වෙ උන් කොයි තරම් කෑවද කියලා ...ඒකි අඩනකොට මමයි ඒකිගෙ ඔලුව අතගෑවෙ....කොච්චර සැර කෙරුවත් මමයි අප්පච්චි විතරයි ඒකිට උන්නෙ .....අවසානෙදි .....අවසානෙදි මෙන්න මේ වගේ දෙයක් කිව්වම කොයි තරම්...පපුවට වේදනයිද කියලා බලන්න ඕනා නම්...මගෙ ඇස් දෙක දිහා බලපන් ඩියෝන්.....

උඹ අහනවා ඇයි මම ඒකි බලන්න නියන්නෙ කියලා ....උඹ අහනවා ඇයි මම කසාද බදිනවා කියලා ගිහින් ඒකිට කියන්නෙ නැත්තෙ කියලා...මට කියපන් ඩියෝන්...මම ආදරේ කරන එකම ලැජ්ජාවක් කියලා මගෙම යාලුවට මැසේජ් එකක් දාලා මගෙ විතේන්ව අයිති කර ගන්න බැරිව ගිය කුහක කම වගේම මගෙ සතුට බලන් ඉන්න බැරිව තිබුන තරහව පිටට දාපු මගෙ නංගි මම අලුත් පඩියක් නගිනකොට ඒකි සතුටු වෙයි කියලා හිතනවද විතේන් .....

එදා වේදනාවට අත අල්ලන් සුදු අයියෙ කියලා බෙරිහන් දුන්න ගෑනි ඊට පස්සෙ සුදු අයියෙ උඹ ආවද කියලවත් ඇහුවද ...සුදු අයියෙ උඹත් අප්පච්චි කෙනෙක් නේද කියලවත් ඇහුවද...ඒකිව මම වලව්වෙන් බේරලා ඇරියට ඒකිට බැරි උනාද මාව මේ අපායෙන් ගලවගන්න මගෙ විතේන් උන්න තැනක් කියන්න....

ඒකිට තාත්තලා කියන්න එපාම කිව්වා කියමු....එතකොට මම..මමත් එපාම කියපු දේවල් කරලා නෙවෙද ඩියෝන් ඒකිව රට පැන්නුවෙ...ඒකිටත් තිබුනා සුදු අයියෙ විතේන් අයියා මෙහෙ ඉන්නවා කියන්න...

මම මගෙ ජීවිතේ හිනා උන තැන් වලට වඩා අඩාගන දරාගත්තු තැන් වැඩී ඩියෝන්..... මගෙම උන් මට ඔහොම කිව්වම දුකයි....

මට රිදෙනවා බන්....කොච්චර හිනා වෙලා කුනු හර්පයක් කියාගන උන්නත්....මට රිදුනා .....උන් කෙරුවෙ කාපු වලද විසික් කරපු එක....එගොඩෙන් මෙගොඩට ආව ඒ දන්ඩට පයින් ගහපු එක.....මුඉනිච්චාවට අනී සුදුඅයියෙ ගෑවට හිත ඇතුලෙ මොල්ලිගොඩ වලව්වෙ කුහකම් පැසවපු එක....

අවාසනාවට මගෙ සුදු අක්කා යන්න ගියා ....මම අදටත් විස්වාස කරනවා ..සුදු අක්ක මේක දැනගත්තා නම්....ජීවිතේට වත් මට වචනයක් කියන් නෑ කියලා ....මොකද ඒකි හැමදාම මගෙ හිනාවට ආදරෙ කෙරුවා ....

මට ආයම ඒ නෑ කම් ඕන් නෑ.....මවාගන ඉන්න නෑ කම් ඕන් නෑ මට උඹලා දෙන්න ඉන්නවා ඒ ඇති...

මම අවසානෙදි ඵෝන් එකේ තිබුන මැසේජ් එක ඩිලීට් කරල දැම්මා....

මම එහෙම්ම මූනින් අතට හැරුනා වගේම මෙච්චර වෙලා නිදාගන උන්න කොලු පැටියා ඇහැරගන කෙදිරි ගාන්න ගත්තා ...මට අමුතුවෙන් අඩන්න එපා පුතේ කියලා කියන්න ඕනා උනේ නෑ....මොකද මට කලින් ඩියෝනයා ලමයව වඩා ගත්තා ....

මගෙ චුච්චුවෝ.....අනේ....ඉතින්.....අපේ චූටි චුච්චුවා....මේ දෝනි අක්කා.....දෝනියෝ....අනේ දෝනියො....මේ බලපන් මල්ලි බබා අඩනවා.....මං මෙර් ලමයට කුක්කු පිටි එකක් හදාගන එන්නම් නිතේස් අපෙ සෙනෝන් මොනා කරනවද දන්නෙ නෑ.....එ ලමයටත් දැන් හරියට වැඩනෙ...

එන්න පුතේ අපි යමු සෙනෝන් අප්පච්චියව බලන්න...

ඩියෝනයා යන්න ගියා...මම තවමත් මූනින් අතට....වේදනා දෙන පපුව කොට්ටෙට යට කරගන....කමක් නෑ....උන් මොන කතාව කිව්වා උනත්...අවසානෙදි මම මගෙ ගමන ඇවිත් ඉවරයි.....ඒකි මොන දේ කිව්වත් මම මගෙ පවුල හදාගන ඉවරයි.....කොච්චර කොහොම කතා කෙරුවත් වලව්වෙ ලේනෙ ඇගේ දුවන්නෙ...අම්මා අත්තම්මලාගෙ උඩගු කම් කුහකම් තමා ලේවල දුවන්නෙ....ඒකිට ලැජ්ජාවක් උනේ මම ආදරේ කරන එක මිසක්..... ඒකිගෙ සීයා තාත්තා ගෑනු අනාත කරපු එක නෙවෙ ....

මොනවා කරන්නද ....ගහේ කටු උල්කරන්න ඕන් නෑනෙ...කමක් නෑ...මං අද මගෙ සතුට හොයාගන ඉවරයි ...

සුදු මහත්තයා ....තේශී....

ම්ම්ම්...

නිදිද සුදු අප්පො...

නෑ මැනිකෙ....

එහෙනම් ....

කොල්ලා ගාව පොඩ්ඩක් දිගෑදුනා ඒකා නැගිට්ටනෙ කෝ දැන් ...

ශෙනෝන් කඩේට අරන් ගියේ..ඒකට අපිව දකිනවට වඩා ස්ගෙනෝනයවයි දොන්ත බිබික්කමාවයි දැක්කම සන්තෝසයි ....බලන්ඩ ඕනා සුදු පුතා කිව්වම මූනට එන හිනාව ....

මුනින් අතට උන්න මම උඩ බෙලි අතට හැරිලා එයාව මගෙ ලගට ඇදලා ගත්තා ...ඇදලා අරන් එයාගෙ ඇගට අතයි කකුලයි දෙකම දාගන බෙල්ල පාමුලට හාදුවක් තිබ්බා ....

සුදු අප්පො.....

ම්ම්ම් මැනිකෙ ...

හෙට බිනර එනවා කියන්නෙ.....

එහෙමද...එනවා නම් ආව දෙන් මට එපා කියන්න බෑනෙ මැනිනෙ ..ඒකිට දැන් උඹෙත් සහෝදර කමක් තියනවා...මට නම් ආවත් එකයි නාවත් එකයි.....

උඹ තරහෙන්ද සුදු මහත්තයා ...

ම්ම්ම්හ්....නෑ....තරහවක් නෙවෙ ...කලකිරිමක් තියෙන්නෙ විතේන් ...කලකිරීමක් තියන තැන්වල මිනිස්සු කවදාවත් තරහ උනේ නෑ...මට මෙහෙම වෙලා මදි කියලා හිතාගන උන්නත් එකයි මලත් එකයි කියලා බලාගන උන්න මිසක්...

මගෙ පැත්තට හැරුන එයා මගෙන් අහනවා බිනරි එක්ක තරහද කියලා ...මිනිස්සු තරහ ගන්නෙ බැදීමක් තියන තාක් කල් විතරයි.....හැගීමක් නැති තැන බැදීම් බිදුන තැන ඉතුරු වෙන්නෙ කලකිරීමක් විතරයි ....

මම එයාගෙ කඩා හැලෙන හිස කෙස් අස්සෙන් ඇගිලි ගෙනිච්චා ....හැම දාම වගේ අදත් ඒ ඇස් දිලිසුනා.....ආදරෙ විතරක්ම පිරුන ඇස් ඇහි පිල්ලමක් නොගහම මා දිහා බලන් ඉන්නකොට මම හිනා උනා ...

කොල්ලා තව ටිකක් ලොකු උනාහම මාත් සල්ලි ටිකක් ඉතිරි කර ගත්තම අපි යමු මැනිකෙ....මොන දේ උනත්.....මොන ප්‍රශ්නෙ ආවත්...මට අපි කට්ටියම උන්න ගේ දාහෙන් සම්පතයි විතේන්...මිනිඅසු හැම දාම එකම විදිහට ඉන්නෙ නෑනෙ....ඔලුව උස්සගන්න පුලුවන් වෙන තරමට කීයක් හරිහියා ගත්තම අපි යමු...මට ආයම උඹ මම...ගඩාපියා....මේ හැමෝම එක්ක එකට ඉන්න ඕනා.....එතනයි මගෙ සතුට තිබ්බෙ එතනයි මගෙ ජීවිතේ තිබුනෙ විතේන් .....

මම මගෙ විතේන් දිහා බලාගන ආයම ගෙදර යන්න ඕනා කියනකොට එයා හා කියල කියන්න ඔලුව වැනුවා....ඇත්තටම මට ආයම යන්න ඕනා...පරන විතේන් ගාවට....මොන දේ උනත් කෑ ගහලා කුනුහර්පයක් කියාගන හිනා වෙලා ඉන්න ඕනා....එයා එක්ක ආදරේට රන්ඩුවෙන්න ඕනා....කොටිම්ම..මට ආයම අලුතෙන් ජීවත් වෙන්න ඕනා.....

මැනිකේ ..

ම්ම්ම්....

මගෙ විතේනයා උන්නෙ මගෙ උගුරු ගැටේ උඩ ඇගිලි ගෙනියන ගමන් වෙනකොට මේකා හිතලමද කොහෙද දෙපාරක් තුන් පාරක් නවාගන උන්න දනහිස සිතුවිල්ලකින් උනත් ඉහලට උස්සන්න පුලුවන් අරුම පුදුම මැජික් යශ්ටිය ගාව වද්ද වද්ද හොරා වගෙ ඇස් කරකවනකොට මෙච්චර වෙලාම හොදට කතා කර කර උන්න මමත් හොරාවට කුටු කුටු ගාන්න ගත්තා .....

අප්පච්චි යි තාත්තයි කෝ....

නිදි.....

යම් කිසි දෙයක් කර ගන්න කාලෙ ඇතිද .....

අපෙ බෑ අපේ තාත්තිට තියෙන්නෙ හා කන් දෙකක්.....

අනේ ඉතින්.....

පොඩ්ඩක් ඉදින් එහෙනම් මං දොර වහලා දොරයටට රෙදි කෑල්ලක් ඔබලා එන්නම්....

එව්ව්....වලත්තයා උඹ ඈ.....

අනේ ඉතින්....ආදරේටනෙ සුදු මහත්තයා ....

මට හිනා ගියා.... මගෙ විතේනයට එක සිග්නල් එකයි දුන්නෙ දොර්ස් යටට රෙදි කඩක් ඔබලා එනකොට මම ශෙනෝනයට කිව්වා දැම්ම ගෙදර එන්න එපාය කියලා ...නැත්තන් මගෙ හිච්චි දිසානයකයා ආව ගමන් කායයියා ගාපු ගමන් මටත් දරු කැක්කුම ඉහට ගහනවා.....

එයා ආවා....රෙදි කඩක් ඔබලා මුලු මූනම රතු කරන් ඇදට පැන්න මගෙ ජබ්බ විතේනයා කොට්ටෙ අස්සෙ මුන ගහන් හැංගෙනකොට මට හිනා ගියා ...

අනේ ඉතින් මගෙ දොන්ත බිබික්කම බොරුව මෙතන...

මුනින් අතට උන්න එයාගෙ ටී ශර්ට් එක උස්සපු මම පිටට එකම එක හාදුවක් තියලා බලන් උන්නා.....එයා දැන් හැරෙයි දැන් හැරෙයි කියලා ....විනාඩි...පහක් දහයක් ...නෑ එයා හැරුන් නෑ...මන් දැක්කා එයාගෙ උරහිස් ගැස්සෙනවා ....අනේ එයා අඩනවද.....ඇයි ඒ. ..

මැනිකේ...විතේන්....ඇයි මේ අඩන්නෙ.....

මම එයාගෙ ඔලුව අත ගාන ගමන් හිමින් මගෙ පැත්තට හරවගන්නකොට මං දැක්කා ඒ ඇස් කොන් රතු වෙලා තිබුනා...

ඇයි මගෙ විතේන් මේ...ඇයි මේ අඩන්නෙ....

එයා මොකුත් නැහැයි කියන්න ඔලුව හෙලවුවත් ඒ ඇස්වලින් කදුලු වැටුනා...මම සද්ද නැතිව උන්නා ..එයා මට හේතුව කියන කන් අඩන්න දීලා මම සද්ද නැතිව උන්නා

සුදු අප්පො....

ඇයි මගෙ විතේන් ...

අන්තීමෙදි ....එහෙම දවසක් ආවා නේද මගෙ නිතේශ් ...අවසානෙදි මම උඹගෙමයි කියලා ලියවෙන ලියවිල්ල අතට ගන්න දවස ලන් උනා මගෙ නිතේශ් .....උඹ දන්නවා...මට ඒ අවස්තාව කට උඩ තිබිලා පිට පිට නැති උන එකෙක්....මට වේදනාවක් දැනුනා...මට කියන්න බැරි තරම් වේදනාවක් දැනුනා....එකෙක්.....ඇස් පනාපිට මැරිලා ගියා අනිකා...උඹ....අනේ නිතේශ් උඹට මාව මතක නැති උනා...මම හිතුවා...මට කවදාවත් ආදරේ කරන්න එක වහලක් යටට යන්න පින නෑ කියලා මගෙ නිතේශ් ....

මම අසරන උනා.....උඹ නැති තැන මම අසරන උනා ....උඹ ඒකිගෙ උන දා මම අසරන උන ...අවසානෙදි අප්පෙක් නැති දරුවෙක් එක්ක මම අසරන උනා මගෙ නිතේශ් ...

ආය එහෙම වෙන්නෙ නෑමගෙ විතේන්....ආය කවදාවත් එහෙම වෙන්නෙ නෑ ..මං ඉන්නවා...මං උඹ ගාව ඉන්නවා මගෙ රත්තරන් .....

මන් දන්නවා මගෙ තේශි ...ශෙනෝන් කිව්වා වගේම උඹ මාව කවදාවත් අතාරින් නෑ කියලා ..... ශෙනෝන් කිව්වා වගෙම උඹ කවදම හරි මාව හොයන් එයි කියලා ...ශෙනෝන් කිව්වා වගේම....නියං කාලෙ පහු උනාම වසන්තෙ එන්නෙ බලන් ඉන්න උන්ට හීක් ගෑවෙන්න කියන එක මම විශ්වාස කෙරුවා මගෙ නිතේශ් ....උඹ මගෙ ගාව ඉන්නවා...මට සතුටුයි.....

උඹ මට හැම දාම කිව්වා ගුනාදරී වෙන්න කියලා ...ඇස් දෙකෙන් නැතිව හදවතින් ලෝකෙ දකින්න කියලා ....මම බලන් උන්නා....ඇස් දෙකෙන් නෙවෙ හදවතින්....මම උඹේ ආදරේ නව මාසයක් තනියෙන් පරිස්සම් කෙරුවා ...උඹ එනකන් මම එයා එක්ක බලන් උන්නා.....අද උඹ මගෙ ගාව ඉන්නවා මගෙ තේශී....අනේ මට ගොඩක් සතුටුයි මගෙ නිතේශ් ....මට පාර්ටි වලින් අනිත් කිසිම දේකින් වැඩක් නෑ මගෙ නිතේශ් උඹ ඉන්නවා නම්....

අහන් උන්නා...දෙපාරක්ම ලැහස්ති වෙලා එයාගෙ ඇස් පනා පිට හැම දේම නැති වෙලා ගියපු පිස්සෙක් වගේ විලාප තිබ්බ එයා අද සතුටට ඇඩුවා...වෙඩින් පාර්ටි එකක් නැති උනත් එයා උන්නෙ සතුටින්...ඒ ඇස් වලින් වැටුනෙ සතුටු කදුලු ....

මම උඹ ගාව හැම දාම ඉන්නවා මගෙ විතේන් ....උඹට මම නැතුව මාස නවයක් මගෙ වස්තුවව පරිස්සම් කරන්න පුලුවන් උනා නම්...තව ඉස්සරහට තව මාස නවයක් මාත් එක්කම මගෙ සුදු පුතාගෙ නංගි බබාව පරිස්සම් කරන්න පුලුවන් නේද විතේන් ....ම්ම්ම්

මම එයාගෙ කනට කෙදිරුවා....එයාගෙ ඇස් හිනා වෙනවා.....එයා ලැජ්ජාවට ද කොහෙ ආයම මගෙ උරහිස අස්සෙ මූන ඔබ ගත්තා ....

දැන්ම නෙවෙ ඉතින්..මගෙ චුච්චුවා තාම පොඩිනේ...ම්ම්ම්...ආ මැනිකෙ.....පුලුවන් නේද....

උත්තරයක් වෙනුවට හිනාවක් විතරක් දෙනකොට මං ඒ හිනාව අස්සෙ තිබුන උත්‍තරේ දැක්කා .....

ඊලග තත්පරේදි නලලට දුන්න හාදුව එක්ක උඩ ඇදුම් ඉතිරි වෙන්න ඉනෙන් පහල අඩ නිරුවත් වෙනකොට මගෙ ඇතින් උඩට ඉස්සුන එයාගෙ ටී ශර්ට් එකෙන් මම ඒ ඇත්දක පාට පපුව දැක්කා....අප්පච්චිගෙ දත් පාරවල් ගොඩක් මැද හිච්චි දිසානයකගෙ ලේන් දත් පාරක් දෙක තිබුනා.....

අප්පච්චිත් එකයි....සුදු පුතත් එකයි නෙ මැනිකෙ....

නිකටට දුන්න ආදරනීයම හාදුව එක්ක අදත් මං ඒ කිරි පාට කලවයන් මැදින් අදත් සුපුරුදු ගිනියම හොයන් යනකොට එයාට කෙදිරි ගෑවුනා....

ලතාවට ඉස්සරහට පස්සට පැද්දෙන ඇද අද නම් කෑ ගහනවා වෙනුවට නැලවිලි කවියක් කිව්වද කොහෙද ..මං හිතන්නෙ එයාටත් ඇහෙන්න ඇති මං ආයමත් එයාගෙන් කිරි හීන ඉල්ලනවා..මං ආසයි ආයමත් එයාව අතින් අල්ලන් යන්න...මට ආසයි එයාව පරිස්සම් කරන්න.....මට ආසයි මගෙ සුදු මහත්තයා එක්ක බලන් ඉන්න....

එයාට ඇහෙන්න ඇති මට අයාම අප්පච්චි කෙනෙක් වෙන්න ඕනා කියන එක.....

මං එයාගෙ ඇස් දිහා බලන් උන්නා...වෙනදට කාමරේ දෙවනත් කරන එයා අද මගෙ උරහිස මිරිකගන මගෙනැගේ එල්ලීගන උන්නා.....ආදරෙයි කියලා කෑ ගහලා කියන්න බැරි තැන මම හිමින් කනට මුමුනනකොට එයා මා දිහා බලන් මා එක්කම එහල පහල පැද්දෙන්නකොට මගෙ අතට තදවුන පපුවෙන් සුදු පාට කිරි කදුලු වැල් පහලට ගලන් ගියා .....

මං ආදරෙයි මගෙ විතේන් .....

සුරතාන්තයක් .....ආදරේ පිරුන සුරතාන්තයක් ....වෙව්ලන කලවයන් මැදින් මම තවමත් හති අරින ගමන් එයාගෙ ඇගට තුරුල් වෙලා ඉන්නකොට මගෙ විතේන් මගෙ හිස කෙස් අස්සෙන් ඇගිලි ගෙනිච්චා ...

සුදු පුතා.....සුදු මහත්තයා .....

එනවා තාත්තා .....

මගෙ විතේන්ට නින්ද ගිහින් තිබුනා එයාට විතරක් නෙවෙ මටත්.....ගලවලා තිබුන කොට කලිසම ඇදගත්තු මම ඊලග

පාර එයාවත් පොරවල ඔබපු රෙදි කෑලිත් අයින් කරලා මම දොර ඇරියා.....

කන්න එන්නෙ නැද්ද.....අර අප්පච්චි කන්න හැදුවා....

කන්න.....තාත්තා වෙලාව කීයද....

අටත්පහු වෙලා.....

අටත් පහු වෙලාලු.....ඒ කියන්නෙ පැය කීයක්ද.....අටත් පහු වෙලා ...අටත් පහුවෙලා කියනකොට මට ලමයව මතක් උනා...

තාත්තා පොඩි එකා....

අර අපේ කාමරේ නිදි අප්පච්චි සෙරිලැක් කවලා කිරි එකක් පෙව්වා...දැන් නිදි....විතේන් එක්ක් කන්න එන්න...

තාත්තා මා දිහා බලන් ඉදලා යන්න ගියා..මුලින් මුලින් අර තිබුන හිත් වේදනාත්මක කේන්තිය එක්ක නිතේශ් නිතේශ් කියල කතා කරපු තාත්තා දැන් දැන් සුදු පුතා සුදු මහත්තයා කියලා කිව්වා .....සුදු මහත්තයලා ගොඩයි....

මැනිකෙ ....විතේන් ...නැගිටින්න පන.....

ම්ම්ම්....

කන්න එන්න.....

මම නින්ද ගිහින් උන්න මගෙ විතේන්ව ඇහැරෙව්වා....නිදි මතේ උපරිනේට උන්නත් එයා හිනා උනා ....

සුදු මහත්තයා ලමයා කෝ.....

අප්පච්චි ලා ගාව නිදි.....

අනේ කැව්වද දන්නෙ නෑ....

කවලා කවලා කුක්කු පිටිත් පොවලා දොයිය කරවලා ...ඒ කියන්නෙ සුදු පුතාගෙ සෑ කුක්කු ටයිම් එකත් සුදු මහත්තයට නේ මැනිකෙ...

ශික්කෙ....උඹ මොන ජාතියෙ අප්පච්චි කෙනෙක්ද නිතේශ් .....උඹ මොන ජාතියෙද...

මොන ජාතියෙ වගේද පේන්නෙ....ඇත්තටම මැනිකෙ අර ලංකාවෙ දොස්තරයගෙන් අහලා බලන්නකො අනෙ කොල්ලගෙ බර මදි කියලා ත්‍රී පෝශ පැකට් එකක් ගන්න පුලුවන්ද බලන්න....

අනෙ මට උඹ එක්ක බෑ අප්පා.....

එයා මටත් එකක් ඇනගන ඇදුමත් හද හද ලාවට කොරත් ගගහා යන්න යනකොට මං ඒ පස්සෙ ගියා.....අපරාදෙ ලමයා ලංකාවෙ හම්බුනා නම්....

සුදු මහත්තයා අර ශෙනෝන් බ්ලේසර් ටික ගෙනත් දීලා ගියා ගිහින් බලන්න....

මට කුසියට ඇවිත් ඉදගන්නවා එක්කම අප්පච්චි මට ගිහින් බ්ලේසර් ටික බකන්න කිව්වා.....

හීනයක් .....මෙච්චර කල් සිතුවම් කරල තිබුන....හෙට දවසෙන් පාට වදින පුදුමාකාර ලස්සන වගේම ආදරනීය හීනයක්.....

මම බලන්න ගියා...එයත් මගෙ එක්ක ආවා.....

මගෙ එයාගෙ.....අප්පච්චි ගෙ තාත්තගෙ...ශෙනෝන්ගෙ.....ඩියෝන්ගෙ.....

ඇබිත්තකට නැති බෝ එකක් එක්ක කර පටි දෙකක්.....

සුදු මහත්තයා ....

අප්පච්චි මේ බෝ දෙක කාටද.....

ලොකු එක පලිගුවට....අනික චූටි පුතාට...

මගෙ මූනට හිනාවක් එක්ක කදුලක් ආවා ...අවසානෙදි ඒ දවස ආවා ....ඒක හීනයක්..

හීනයක් හීනයක්ම නොවී යතාර්තයක් වෙන තැන පුදුමා තරම් ලස්සන වෙනකොට මම බලන් උන්නා....ඇස් වලින් නෙවෙ මගෙ හදවතින් ...

අප්පච්චි ....

මම එහෙම්ම මගෙ අප්පච්චි දිහාවට හැරුනා.....

ලයිට් වැල්....අහස පාට කරන මල් වෙඩි නැතිව ගියාට....මගෙ හිත පිරිලා තිබුනා...වෙඩින්ක් කේක්..තට්ටු ගානක් ලොකු කේක් එකක්.....සප්‍රයිස් ඩාන්ස් නැති උනත් මගෙ හිත පිරිලා තිබුනා....

මොකද...මං අවසානෙදි ඒක කෙරුවා .....

මම දුන්න පොරොන්දුව රැක්කා....අප්පච්චි ට පුලුවන් උනා දුන්න පොරොන්දු රකින්න....

ඇත්ත තමයි .. ..නියං කාලෙට පස්සෙ පිපෙන මල් හරි සුන්දරයි .....

මම වගේම අප්පච්චි බලන් උන්නා....අපි තුන් දෙන්නාගෙම කසාද මුදු හදවලා තිබුනෙ එකම ඩිසයින් එකට...මම පුංචි බොක්ස් එකේ දාපු කසාද අතට අරන් බැලුවා ....පවුම් ගානක්....පව්ම්...එකහමාරක් ....එක්කො දෙකක් ....ඒත් මගෙ අල්ලට ඊට වඩා මුදුව බරයි වගේ දැනුනා ....

කසාද මුදුවක් කියන්නෙම බැදීමක් බරක්.....

සුදු මහත්තයා ....දැන් ඉතින් ඔය මදැයි ...හෙටින් පස්සෙ උඹට මට ආය කවදාවත් නුවර වැව රව්මෙ ඉදන් හූල්ලන්න දෙයක් නෑ මගෙ පුතේ .....මේ අප්පච්චිට සමා වෙයන්...අන්තීම වෙනකන් නොකිව්වට .....මං හින්දා උඹට තවත් කරදර කරයි කියලයි මං හැංගුවෙ නිතේශ් ....උඹ දන්නවා අප්පච්චි කොයි තරම් ආදරෙයිද කියන්න ..

උඹත් දැන් අප්පච්චි කෙනෙක් ....උඹ උඹේ දරුවට සුදු පුතා කියන කොට පපුවට දැනෙන හැගීමමයි....

අදටත් මේ අප්පච්චිට දැනෙන්නෙ.....

උඹ ඒකව පපුවට තුරුල් කරගන්නකොට දැනෙන හැගීමමයි....මේ අප්පච්චි ට අදටත් දැන්නෙන්නෙ..

"අප්පච්චි" උඹ කට පුරාවටම මට අප්පච්චි කියලා කතා කරන හැගීමම උඹටත් අද හෙටම අහපුවාම දැනෙයි පුතේ .....උඹ ගෙ අප්පච්චි ගෙ ආදරේ තරම.....

අවංකවම මට ඇඩුනා ....අප්පච්චිගෙ ආදරේ ඉස්සරහා මං හැමදාම අසරනයි....මොකද ඒ ආදරේ හරි බරයි...

සුදු මහත්තයා ආ ගාන්න ....මං කිව්වා මං කපන්නම් කියලා ඇහුවෙ නෑනෙ ...

මං මගෙ විතේන් උන්නෙ බත් කකා....තාත්තා අප්පච්චිට බත් කැව්වා ....මාලු කුට්ටියක් කපන්න ගිහින් අප්පච්චි අත කපාගන තියන කොට තාත්තා අප්පච්චි ට අපි ඉස්සරහම කැව්වා...කවන කවන වාරයක් ගානෙම නිකට යටට අත තියන ගමන් අප්පච්චිට තාත්තා කවන හැටි මම බලන් උන්නා.....

බත් පතේ මහා ලොකු දේවල් තිබුන් නෑ ලන්කා කඩෙන් ගෙනාව පපඩම් තිබුනා පොඩි පරිප්පු ඉවරයි කියලා කඩල පරිප්පු අරන් ඇවිත් තිබුනා තවත් කුසියෙ අඩුපාඩු තුන පහඑක්ක බල මාලුද කොහෙද ගෙනත් තිබුනා රෑට තිබුනෙ සම්බා බත් එක්ක බල මාලු කඩල පරිප්පු තෙල්දාල පපඩම් බැදලා මං විතේන් ලව්වා රටබ්ළූනු බෑවක් ලියව ගත්තා ....

කෝ...අප්පච්චි ආ ගාන්නකො....අර ලමයට කිරිඑකක් හදලා පොවන්න ඕනා පව් නොදරුවා හයට නිදා ගත්තු පාර

"අප්පච්චි" .....සුදු මහත්තයා කියන තාත්තා හිටපු ගමන් මගෙ අප්පච්චිට අප්පච්චි කිව්වා...හරියටම මගෙ විතේන් හා සමානවම...ඇත්ත මගෙ අප්පච්චි කිව්වා හරියටම හරි....එයාලට ආදරෙ කරන්න දන්නවා පපුවට දැනෙන්නම.....එයාලා දන්නවා ආදරේන් මනුස්සයෙක්ව ජීවත් කරවන්න....

මම දැක්කා මගෙ අප්පච්චිගෙ ඇස්වල තිබුන හිනාව ....

මම දැක්ක...මගෙ අප්පච්චිගෙ මූනෙ තිබුන සැනසීම....මට ඒ ඇති...මගෙ අප්පච්චි සතුටින් නම්....සැනසීමෙන් නම්.....ඒ ඇති......

මම බත් පතේ අවසානම බත් කටත් කටට ඔබාගන නැගිටිනකොටම මට ඇහුනා පුංචි එකා නැගිටලා අඩන්න ගත්තා .....

එපා මැනිකෙ මම බලන්නම්...

ඔය බඩහින්නට අඩන්නෙ සුදු මහත්තයා.....

මම අතහෝදන් අප්පච්චිලාගෙ කාමරේට එනකොටම මගෙ විතේනුත් පස්සෙන් ආවා...

සුදු මහත්තයා ....අප්පච්චි ගෙ පැටියා.....මගෙ හිච්චි දිසානායක ...ඕ.....අප්පච්චිගෙ චූටි ඇටයා...අවදානෙ ඉල්ල ඉල්ල අඩන්නෙ ඇයි ඉතින්...ඕ...අවදානේ නේද් ඉල්ලන්නෙ....අද මමියා චුච්චු නෑ...අප්පච්චි ඔක්කොම බූවනේ....ඕ...මගෙ ...සුදු පුතාගෙ චුච්චු නෑ...අද බෝතල් චුච්චු තමා.....

යෝ.....නිතේශ් ....අහකට යමන්කෝ...මගෙ පුතා කෝ...

කා...යයි ...පප්.....ප....කා...කා...යයි ....

ඔන්න...ඔන්න....ඔන්න ඉතින්....අනේ කොල්ලො...දෙනවා චූටි පුක පුපුරන්න...

මම බලන් උන්නා .....මගෙ පොඩි එකා සැරින් සැරේ ම දිහා බල බල කායයියා ගගා අප්පච්චි ලව්වා හදවගත්ත සූප්පු බෝතලේ උර උර මා දිහා බල බල කායයිය පප් පප් ගෑවා....මොනවා උනත් ඌ මගෙ පන.....

නින්ද ගියාද මැනිකෙ.....

හිස් වෙච්ච සූප්පු බෝතලේ පැත්තකින් තියන කොට මම බලාගන් පොඩි එකා නින්දෙන් කට උල්කරගන්නවා.....

නිදා ගන්න සුදු මහත්තයා .....

පුංචි එකා උන්නෙ මගෙ අත අස්සෙ...මට තුරුල් වෙලා.....රෑට ඇහැරිලා බය වෙයි කියලම රෑ එලිවෙනකම්ම පත්තු වෙන ලයිට් එකෙ එලිය මගෙ පැටියගෙ මූන පුරාවටම වැටිලා තියනකොට මම නිදා වැටි වැටි කොල්ලගෙ මුන දිහා බලන් ඉන්නකොට එයා මට නිදා ගන්න කිව්වා....

මම දිහා බැලුවා....එයා හිනා උනා ..පුංචි එකා අපි දෙන්නගෙම උනුහුම මැද ගුලි වෙනකොට මම ඇස් පියා ගත්තා .....

හෙට ලස්සන දවසක්.....මම ජීවිතේ උදා වෙනකන් බලන් උන්න දවසක්.....

නිතේස් අයියේ...සුදු පුතා.....මේ ඩියෝන් අම්මියා ආවා.....සෙනෝන් අප්පච්චියත් ආවා....පලිගු අක්කියත් ආවා...මගෙ රත්තරන් පුතෙ.....

මම උන්නෙ මගෙ කලිසමේ බෙල්ට් එක දදා.....මගෙ විතේන් කොලුවගෙ පැම්පර්ස් එක අන්දවන ගමන් උන්නා... ගඩාපි පැටියා ඒකටම අම්මා කියා ගන්න ගමන් ලමයව හොයාගන අපේ කාමරේට ආවා.....

සුදු පුතා....අපේ.....සුදු පුතා....ඩියෝන් අම්මියා ආවා .....මෙ පලිගු අක්කියා...නිතේස් අයියෙ ඉක්මන් කරන්න පුතේ....දැන් වෙලාව කීයද.....සෙනෝන්....සෙනෝන්....මෙහෙ එන්න අප්පච්චියො....අපේ ලමයව ගන්න.....යෝ....පලිගුවෝ....අහකට වෙන්න දෝනියෝ...මේ ලමයට තියන විසයක් ....මේ මල්ලි බබාව වැටෙයි දුවේ...

නිතේශයා .....

මං බ්ලේසර් එකත් දාගන හැරෙනකොට ශෙනෝන් ආවා..

ඌ ඇදගන....තනි කලු ෆුල් සූට් එකක් ...මං හිනා උනා...මගෙ ජීවිතේ මං ලගින්ම උන්න සහෝදරයා ...මට කවදාවත් ඌව යාලුවෙක් කියන්න බෑ....ඌ මගෙ සහෝදරයා මගෙ කොල්ලා කවදා හරි ශෙනෝන් අප්පච්චි කිව්වත් කහටක් නැතුව අහන් ඉන්න පුලුවන් තරම් ඌ මට වටිනවා....

මන් උඹට කිව්වා...ඒ වගේම ....අද වෙනකොට ඒ දවස ආවා නිතේශයා.....හැම දේම අවසානෙදි විස දුනා වගේ....අපි ආයම.....පරන තැනට එමු ...මන් උඹ ගාව හැමදාම ඉන්නවා....

මට ඒ වචන ටිකම ඇති...මට ඒ වචන ටිකම ඇති ...උගෙ වචනයක් වචනයක් ගානෙම තිබුනෙ තනිකරම සහෝදර කම විතරක් වෙනකොට බිනරිලා කියන්නෙ මොක්කුද කියල හිතුනා.....

මම ඌව බදා ගත්තා ...මොකද...මේ වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්නෙ අතේ ඇගිලි වලටත් වඩා අඩුවෙන්...

මටත් ඕනා ඒකමයි ..ආයමත්...උඹ මම....ඩියෝනයා....අපි හැමෝම එකම ගෙදරක ජීවත් වෙන එක...ආයම පරන ශෙනෝන්...පරන නිතේශ්ව අපි ගේමු ශෙනෝනයා...මට උඹගෙ වචන ටිකත් හයියක් බන්.....

සුදු පුතා....

එනවා තාත්තා .....

මම ශෙනෝන් දිහා බලලා මගෙ ගාව හිටන් උන්න මගෙ විතේන්ගෙ අතින් අල්ල ගත්තා ...ඉතින් අවසානෙදි " කවදා හරි දවසක" කියන දවස උදා වෙලා තිබුනා....

අපිව ජීවත් කරවන ..බලාපොරොත්තු ගොඩකට පන දෙන "කවදා හරි දවසක" දවස ඇවිත් තිබුනා....

දැන් ඔබේ ස්වාමියාව සිප ගන්න...

මගෙ පුංචි එකාව බෞතීස්ම කරපු පලියෙ අල්තාරෙ ගාව

මමයි මගෙ විතේනුයි....

ශෙනෝන් එක්ක ඩියෝන්....

මගෙ අප්පච්චි එක්ක තාත්තා ඉන්නකොට

දුකේදිත් සැපේදිත් අපි එකට ඉන්න පොරොන්දු දුන්නා....වාසනාවන්ත කාලෙ වගේම අවාසනාවන්ත කාලෙදිත් අපි එකට ඉන්න පොරොන්දු උනා...

ලෙඩ දුකේදි වගේම සුව සැපේදි පවා අපි එකට ඉන්න පොරොන්දු උනා...සදහටම ආදරේ කරන්න අපි පොරොන්දු උනා.....

.ජේසුගෙ ආශිර්වාදයත් එක්ක.....අපි එක පවුලක් විදිහට දවුරුම් දුන්නා වගෙම ආශිර්වාද කරපු වතුරෙන්(ආසිර්ප්පන් වතුර) අපේ මුදු ආශිර්වාද කරපු ෆාදර් මුදු මාරු කරවලා සිපගන්න කියනකොට මම එයාට හාදුවක් තිබ්බා...

අපි විවාහ උනා...

අවුරුදු ගානක් හිත් වේදනාවෙන් තැලුන අප්පච්චි තාත්තා ගාවදි ආයමත් ඒ නැති උන සතුට හොයා ගත්තා ...

අවුරුදු ගානක් එක වහල යට උන්න ශොනෝන් අවසානෙදි ඩියෝන්ව එයගෙමයි කියලා අයිති කරගත්තා .....

සුවද බෙදන මල් කොහෙ පිපුනාම මොකද.....කටු පදුරෙ රෝස දකකිනවා වෙනුවට..රෝස පදුරෙ කටු දැකපු වලව්වක ඉපදුන සුදු අප්පොට ජීවිතේ දුන්න එයාව මම අයිති කර ගත්තා ...

හිනා වෙන කැවුමකින් පටන් අරන් ..ජීවිතෙ වැටෙන්න ඕන හැම තැනිම්ම වැටිලා...අවසානෙදි මම දින්නා...

අහන්න ඕන හැම ඇනුම් පදයක්ම අහපු මම දින්නා.....

විදින්න ඕන හැම වේදනාවක්ම විදපු මම අවසානෙදි දින්නා...

කොන් වෙන්න ඕන හැම තැනිම්ම කොන් වෙච්ච මම...මගෙම උන් ගහපු ගල් මුල් වලින් තුවාල උන මම අද දින්නා.....

වලව්වෙ මිනිස්සු ඉහටත් ඉඩින් රැකපු නම්බුව පෙට්ටියෙ දාගන යන්න බැරි බව තේරුම් නොගෙන මට දීපු කප්පරක් දුක පවා මම උහුලලා අවසානෙදි මම දින්නා...

මම පල්ලියෙ සිවිලිමෙ ඇදලා තිබුන චිත්‍රෙ දිහා බලාගන එයා දාපු කසාද මුද්ද තිබුන අතින් මම මගෙ විතේන්ගෙ අත අල්ල ගත්තා .....

ස්වර්ගයේ ඉන්න දෙවියන්ට ඉස්තූති වෙන්න.....මම අද සතුටින්....උඩ ඉන්නතිස්තුන් කෝටියට පිහිට වෙන්න මම අද සතුටින් ...

මම අප්පච්චි දිහා බැලුවා...තාත්තා දිහා බැලුවා...ශෙනීන් දිහා බැලුවා...අවසානෙදි ඊයෙ පෙරේදා ලැබුන පුංචි එකාව තුරුල් කරන් අපි දිහා බලන් උන්න බිනරි දිහා බැලුවා.....

"මම ඒක කෙරුවා .....උඹලා උඩ දාගන රකින නම්බුවට වඩා...මට මගෙ ආදරෙ වටිනවා.."

මා දිහා බලාගන උන්න බිනරිට මම මගෙ ඇස් වලින් මම ඒක කෙරුවා කියන ගමන් අපේ එකට පැටලුන අත් දෙක උස්සලා පෙන්නනකොට ඒකි බිම බලාගත්තා ...

මම උඹ අම්මා කෙනෙක් උන එකට සතුටු උන එකට හදවතිම්ම සතුටු උනාට....උඹට මම සතුටින් ඉන්න එක බලන්න බැරි තරමටම මම උඹට කරපු වැරද්ද තවමත් උඹ මගෙ නංගි කියලා හිතන එකද මගෙ නංගි....?

මගෙ ඵෝන් එකෙන් බිනරිට ගියපු අවසාම මැසේජ් එක...මගෙ හැගීම් වලින් මා බිනරිට නංගි කියලා කියන අවසානම පාර...

අහස පුරාවටම මල් වෙඩි පත්තු නොවුනත්....අපිව පිලිගන්න කවුරුත් නොවුන්නත්...අපි පවුලක් විදිහට හිත සතුටින් එලියට එනකොට අම්මගෙ අතේ උන්න මගෙ පැටියා මාව දැකල අත් දෙක දික් කෙරුවා .....

ප...ප්....ප...ච්...චී.....

දෙයියනේ...අනේ...අප්පච්චි ...එයා කිව්ව...එයා...ඒක කිව්ව...අනේ රත්තරන්....අනේ අප්පච්චි .....අප්පච්චි මගෙ කොල්ලා මට අප්පච්චි කියලා කතා කෙරුවා .....

මට කෑ ගැස්සුනා....මෙච්චර දවසක් පප් පප් කාය...යි...ගගා උන්න කොල්ලා මට අද පප්පච්චි ගානකොට කෑ ගැස්සුනා...සතුටට කදුලු බේරුනා ....

මගෙ අප්පච්චි කිව්ව හරි.... අප්පච්චිගෙ පපුවට දැනුන හැගීම මං අද වින්දා ...ඉතින්...මීටත් වඩා තව තෑගි මොකටද ....

*

*

*

*

Happy birthday to you....

Happy birthday to you.....

Happy birthday dear nehara

Happy birthday to you.....

අවුරුදු තුනක්....හරියටම අවුරුදු තුනක් ...මං මගෙ කොල්ලව වඩාගන එයාගෙ අතින් අල්ලන් කේක් කැපුවා ....අවුරුදු තුනක් මගෙ විතේන් වැඩියෙම්ම අඩපු දවස මතක් කරලා අපි හිනා උනා....

මගෙ කොල්ලට දැන් අවුරුදු තුනයි.....

ඔරලෝසුවෙ කටු කැරකෙන වේගෙට කාලෙ ගියාද වාශ්ප උනාද කියන්න දන්නෙ උඩ ඉන්න දෙවියො විතරමයි ....

අපි හය දෙනාම උන්නෙ එකම ගෙදරක කාමර තුනක...අනෙ අපරාදෙ කියන්න ඕන් නෑ විදපු වේදනාවල් අමතක වෙන්න මගෙ කොල්ලට ආදරේ නම් ලැබුනා නොසෑහෙන්න...

ඌට අප්පච්චි ලා උන්නා නොසෑහෙන්න.....

මං අදත් වැඩට යන්න ලැහැස්ති වෙනගමන් උන්නා....ගන්න ගන්න හැම පඩියෙම්ම මං එක කොටසක් අයින් කර කර ලංකාවට දාන්න ආයම සැලෝන් එකකට ඕන කරන ඉදි කටු තුඩේ ඉඩම්ම ගත්තා ...

කතුරු අල්ලපු අත්වලට වාහන යකඩ කෑලි හුරු උනා වගෙම ඒ අත් දෙකට ආයම කතුරක් අල්ලන්න බැරි වෙන් නෑනෙ....

සුදු පුතා ...සුදු මහත්තයෝ...

චූටි මැනිකේ.....

පප්...පච්චි....යෝ....

ඕ.....පප්පච්චි යන්න යන්නෙ....

පප්...පච්...චි....යෝ....

ඕ....

අනේ ලමයො....චූටි මැනික...වැටෙයි....වැටෙයි....යෝ....දෝනියො....අනෙ පුතෙ අර මල්ලි බබාව බලන්න දෝනියො...යෝ....මේ හොද්ද කර උනානෙ.....අනේ නිතේස් අයියෙ පොල් කිරි ටිකක් වත් දියන් පුතේ ....පරිස්සමින් මගෙ විතේන් අයියෙ .....හෙමින් අඩිය තියන්න පුතේ .....

හැමදාම ඔහොමයි..

අපි ටික වැඩට යනකන් යුද්දෙ ...

ඩියෝනයා විතේනයා කුසිය සිරියාවක් කෙරුවා ....

මම ඇදගන කාමරෙන් එලියට එනකොට පප්පච්චී පප්පච්චී ගගා ආව මගෙ බටු ඇටේ මේ උදෙම්ම නැගිටන් ඒලගෙ සෙල්ලම්බඩු තියනකොට පොරවන රෙදි තුවා ඔක්කොම ඇදන් සාලෙට ගිහින් දාලා තිබ්බා...මේ පොඩි ඇටයන්ට නින්ද යන්නෙ නැද්ද මන්දා ...

සුදු මහත්තයා ...කොහෙද මේ නන්නෙ....ආ...

ප...ප්පච්චියෝ.....

ඕ...පප්පච්චියා යන්න යන්නෙ...මමිය ගෙන් කෝ බයි එක කියලා අහන්න....

ම්ම්ම්...බයි...එක...

ඔව් බයි එක...කෝ කියලා අහන්න...පප්පච්චියගෙ බයි එක.....

කෝත...බයි එක...

මගෙන් නෙවෙ බන්....මමියගෙන්.....උඹටත් දෙන්න හිතනව...පුක පුපුරන්න ..

ඕ.....දෙ....න්න...හිතෙනවා.....පුපුරන්න...

පුත...

ආ...ආ...ඔව්වා ඇහෙන්න කියලා මාව මරයි කොල්ලො..උඹලගෙ මමියට මේ ටිකේ හැම වෙලේම තරහා යනවා...

ම්ම්ම්ම්ම්ම්....මරයි...ත.....

ඔව්...මරයි...කෝ...මගෙ පුතා මමියට කතා කරන්න...

මමී....යේ.....හ්හ්....ම...මි....යේ.....

ඕ...

මං මගෙ ගාවට ආව කොල්ලව කුසියට යැව්වා ...ඒකට කතා කරගන්න බැරි දොන්ත බිබික්කමක් උනාට කියන්න ඕන් නැති කතා කියන්න නම් හොදට කට ඇරුනා...චූටි පකිච්චා මගෙ....

මං දැන් සතුටින් ....වැඩ ඇරිලා මැරිලා මැරිලා ගෙදර ආවා උනත් මට මගෙ කොල්ලගෙ මූන දකින එක තත්පරෙන් මගෙ හැම වේදනාවක් ම මැකිලා ගියා...එයාගෙ ආදරෙත් එක්ක කවන බත් කටක් එක්ක මගෙ බඩ ගින්න නිවිලා ගියා අප්පච්චි තාත්තා ආදරෙන් කතා කරන වචනයක් ගානෙ.....උඹට කරන්න පුලුවන් නිතේශයා කියලා ශෙනෝනයා තට්ටුවක් දාන වාරයක් ගානෙ ගෙදර ආවට පස්සෙ මම ආයාම ඉපදුනා...

මගෙ ලමයා මං බලන් ඉන්නකොට ලොකු උනා.. හැම දාම පැය විසි හතරෙම ළඟ ඉන්න බැරි උනත් ... මම ඉන්න පුලුවන් දවසට මගෙ කොල්ලා එක්ක කරන්න පුලුවන් හැම දේම කෙරුවා ...එයාගෙ හිනාව වෙනුවෙන් මම කරන්න පුලුවන් හැම දෙයක්ම කෙරුවා ...

එක්ක යන්න පුලුවන් හැම තැනම එක්ක ගියා....පප්ප්ච්චියෝ කියන පමාවට මම ලමයව වඩා ගත්තා හුරතල් කෙරුවා ...ආදරේ දුන්නා...

මම කාලයක් ජීවිතේ විදෙව්ව.....ආයම කාලයක් විදව විදව වින්දා.....

ඒත් දැන්....මම මගෙ ජීවිතේ හදවතිම්ම විදිනවා...

මගෙ විතේන් මගෙ ලගින්ම උන්නා .....අපි දෙන්නා ආදරේ කෙරුවා ...ආදරේ වින්දා....සමහරක් රැයවල් තිබුනා....එයාගෙ සුසුම් ඇරුනම වෙන කිසිම දෙයක් නෑ ....

සමහරක් රැයවල් තිබුනා.....රැයෙන් බාගයක් ඇද කෙදිරි ගෑව.....සුරතාන්ත ගනින්න බැරි වාර ගානක් ගාව හැමදාම නිරුවත හංගන බෙඩ් ශීට් එක අස්සෙදි මම එයාට කිව්වෙ ආදරෙයි මගෙ මැනික කියලා විතරක් වෙනකොට අවසානෙදි ... මම එයාගෙන් ඉල්ලපු.....කිරි හීනෙ.....අවුරුදු තුනකට කලින්....ඉල්ලපු ඒ හීනෙ ආයමත් සැබෑවක් වෙන්න මගෙ විතේන්....

මගෙ ආදරනීයම විතේන්...මාව ආයම අප්පච්චි කෙනෙක් කරන්න බලන් උන්නා...

මේ පාර නම් මට ඒ අත මගෑරුන් නෑ....ඒ පාර නම් ඒ ඇස් වල කදුලු පිරුන් නෑ...රවුමට නෙරපු කුස ඇතුලෙ දගලන මගෙ පුංචි පැටිය එක්ක කතා කරන්න...මගෙ සුදු මහත්තයට එයාගෙ මමීගෙ බන්ඩියට කන තියලා නංගි බබා එක්ක කතා කරවන්න එයගෙ මූනට හිනාවක් ගෙන්න මට පුලුවන් උනා.....

සුදු මහත්තයා ...

පරිස්සමින් මැනිකේ....

එයා කොන්දට අතකුත් තියාගන හිමින් හිමින් එනකොට මම ඉක්මනට ඉස්සරහට ගියා ...එක අතකින් මගෙ කෑම.එක...අනිත් අතෙන් කොලුවව අල්ලගන උන්න එයා මා ගාවට එනකොට මම එයා ගාවට ගියා.....

සුදු මහත්තයා ..හවස ඩොක්ටර් ගාවට යන්න ඕනා ...

මං දන්නවා මැනිකෙ වේලාසනින් මං එන්නම් ....

අනේ ඒ ඇයි ...මට ඩියෝන් එක්ක යන්න පුලුවන් ....

ඩියෝන් නෙවෙ නේද අප්පච්චි ...මට ආයම උඹව අඩවන්න බෑ මගෙ විතේන් .....මං එනකන් පරිස්සමින්....තේරුනාද.....තව දවස් කීයද ඒක නිසා පරිස්සමින් පන ...

ම්ම්ම්...පරිස්සමින් සුදු මහත්තයා .....සුදු පුතා කෝ පප්පච්චිට පරිස්සමින් ගිහින් එන්න කියලා ගෝඩ් බ්ලේස් කියන්න...

එයා බඩත් උස්සන් ඒ අස්සෙන් ලමයවත් වඩා ගත්තා .කොල්ලා බර කියන නාමයක් නෑ...මන් එහෙම්ම මගෙ විතේන්ගෙ නලලට හාදුවක් තියලා කට වටේම ගාගන විස්කෝතුවක් එක්ක ඔට්ටු වෙන කොල්ලගෙ විස්කෝතු සුවද පිරුන කම්මුලට හාදුවක් තියනකොට ඒකා හිනා උනා....

මගෙ සුදු මහත්තයා අප්පච්චි ගිහින් එන්නම් පුතේ ...ගෝඩ් බ්ලේස් ....ආදරෙයි.....

පප්පච්චියෝ...

ඕ මැනික...

ගෝත් ..බේශ්...ආ....තෙයි....කායයි...යෝ...

යෝ....ඉතින් මගෙ හුලතල් කාවයියා ....කෝ woo to the young to the woo...

හුරතලේ පිරුන කටහඩින් ගෝඩ් බ්ලේස් කියපු කොල්ලට මං පොඩි කාලෙ කරපු විකාරෙම කරනකොට මූ හිනා වෙවී මගෙ විතේන්ගෙ උරහිසේ මූන හංගන් ආයම මා දිහා බැලුවා ..

ගූ...තුත...ගූතූ...ත...ම්ම්ම්..ර..මි...

යේ.....හ්හ්....මගෙ පොඩි ඇටයා...

පොදි....ඇතයා....

අනේ තේශීහ්....පලයන්කො....දැන් වත් මේකා ඔක්කොම කියවනවා ....

පනයන්කෝ...තේ...තී....

සුදු පුතා....!!!!

මං එයාවයි ලමයවයි තියලා එන්න ආවා ....මගෙ ජීවිතේ දැන් සතුට පිරිලා ...

තව මාස තුන හතරයි.....අපි යනවා ...පලිගු අම්මියත් දැන් එකම එක කුක්කෙක් ඉන්න අම්මියෙක්....මගෙ විතේන්ට දරුවා ලැබුන ගමන් අපි හැමෝම ආයම යනවා ....

අපේ පරන ගෙදරටම ....වහලා දාපු සැලෝන් එකේ දොර පියන් ආයම ඇරේවි....

විකුනලා දාපු කම්පැනි එක ඇතුලෙ ආයමත් මුල්ලක ඉදන් මිස්ටර් නලින් ඔලුව බදාගන ඉදීවි....

මං කිව්වා වගේම ඉඩෝරෙන් පස්සෙ මල් පිපුනා ....එක රැයකින් නෙවෙ ...එක පැයකිනුත් නෙවෙ ...මේ අවුරුදු තුන ඇතුලෙ හරිම හිමීට .....බිමට වැටුන හැම දාඩිය බින්දුවකටම දෙවියො සාදාරනයක් ඉශ්ට කෙරුවා .....

දන්නවද ....

නියං කාලෙදි පිපෙන මල් හරි සුවදයි.....

මං වැඩට ගියා...අවුරුදු තුනක් අස්සෙ අවුරුදු හතරකින් ඉගන ගන්න ඕන දේවල් මං ඉගන ගත්තා ...උර හිස උඩ තිබුන දරු පවුලෙ බර මට කැප කිරීම් කියන්නෙ මොනවද කියන එක පීතෲත්වය ඇතුලෙන් ඉගැන්නුවා ....

අප්පච්චි වගේම තාත්තා මං වෙනුවෙන් ලන්කාවට ගියා ...වෙනමොකටවත් නෙවෙ ....මගෙම උන් හින්දා මට නැති උන හැම දේම ආය ගන්න....විතේන්ගෙ අම්මා ....හැමදාම මගෙ පැටියව බලා ගන්න ගෙදර ආවා ...දොන්ත ඩියෝනයා පලිගුවටත් අම්මා වෙලා ඒකගෙ පුංචි පැටියත් අම්මා වෙලා මගෙ කොල්ලගෙ විතරක් නෙවෙ වෙලාවකට අපෙත් අම්මා උනා....

වතුර වලට,වඩා ලේ ගනකම් කිව්වට....

මට නම් සහෝදර කම් වලට වඩා වලව්වෙ උන් ගංවඩු ගහපු....බිනරි අදටත් ඉද හිටක මැනිකෙලව ආරූඪ කරන් නටන්න හදන ගොබ්බ මානසීක අදහස් අස්සෙ උන් දෙන්නා මට ස්වර්ගෙන් එවපු දේව දූතයො දෙන්නෙක් උනා...

*

*

*

එන්න මැනිකෙ....කොන්ද රිදෙනවද .....

ටිකක්...තේශී...අද නම් හරි අමාරුයි ඇගට ...ලමයා එක්ක ඔට්ටු උන හින්දද දන්නෙ නෑ...

අනේ මැනිකේ...

මට දුක හිතුනා ...සෙන්ට් පෝල් එකේ වී ඕජී එනකන් පුටු පේලියෙ වාඩි වෙලා උන්න මං එයාගෙ අතට මගෙ අත පටලවන් උන්නා ....එයා ඉදගන්නවා...ආයම හිට ගන්නවා ...කොන්ද කැක්කුමයි කියනවා.

..ආයම යටි බඩ අල්ල ගන්නවා ...මීට,කලින් පාර මට මගෑරුන දේවල් අලුතින් දකිනකොට එයා අඩනකොට මට ඊට වඩා ඇඩෙන්න ආවා ...

මැනිකෙ...උඹට අමාරුයිද විතේන් ....ආ...අනේ කතා කරපන්කෝ....

තේ....ශී ..මගෙ...යටි....ආහ්හ්ව්..

අම්මා....

මෙච්චර වෙලාම ඉදගන උන්න ආයම හිටගත්තු මං ලව්වා කොන්ද අත ගාව ගත්තු මගෙ විතේන්ට කෑ ගැස්සෙනකොට මන් බිනරිගෙ දරුවව ගත්තු ඩොක්ටර්ව හොයන් දිව්වා ...එදා ගුටි කෑවට පස්සෙ මං ආයම මගෙ විතේන් එක්ක ආවම ආය නම් ගහන්න එපා කිය කිය ඒ ඩොක්ටර් හැමදාකම මට විහිලු කෙරුවා ...

එක්ස්කියුස් මී....අනෙ සමා වෙන්න...ඩොක්ටර් මගෙ විතේන්ට....

Labour pains ද

මං හිතන්නෙ...අනේ ඩොක්ටර් ...අනේ ඉක්මනට වරෙන්කො ඩොක්ටර් ....

තත්පර ගානක් යනකොට අවුරුදු තුනකට උඩදි ලේබර් රූම්.එකේ පිස්සු නටපු නිතේශ්ව ආයම මතු වෙනකොට මන් අර මනුස්සයට අදත් කෑ ගැහුවා ...හතර වටේටම කෝල් දදා අඩ ගැහැව්වා ...

ශෙනෝනයා අනෙ වරෙන්කො...

අම්මා විතේන්ට අමාරුයිනෙ...

කාවයියා ආවට කමක් නෑ අරකිව පැත්ත පලාතෙ ගේන්න එපා කියන්න

අප්පච්චි විතේන්ට අමාරු උනා....

මගෙ කටට කන් වලට කකුල් වලට සැනසීමක් තිබුන් නෑ..මගෙ විතේන්ගෙ කදුලු ගාව මාව දිය වෙන්න ආවා.....

අනේ කලින් පාර මම නැතිව කොයි තරම් අසරන වෙන්න ඇතිද....මං උන්නා නම් කී පාරක් හිතෙන්න ඇතිද ..

මැනිකෙ....විතේන් මං ඉන්නව..මං ඉන්නවා මගෙ විතේන් මන් ඉන්නවා...

අනේ තේශි ....

නාඩා ඉදින් වස්තුව ....අම්මලා එනවාමන් උඹ ගාව ඉන්නවනෙ මගෙ රත්තරන් .....

තේශි ..අනේ....උඹ එලියෙන් ඉදින්කො....

අනේ බෑ....මට බෑ...මං මේ පාර ගහන් නෑ මැනිකේ අනෙ යන්න කියන්න එපා...

එයා මාව එලවන්න හදනවා...ඇස් වලින් කදුලු වට්ට වට්ට එය මාව ලේබරූම් එකෙ එලවන්න හදනවා...දැනෙන විලිරුදාවට වඩා එයා එයා මං අදත් දොස්තරට ගහයි කියලද කොහෙද බය වෙලා උන්නා...

ඔය තාත්තට හොදටම විස්වාසද ඉන්න පුලුවන් කියලා ....

අනේ ඩොක්ටර් ප්ලීස්...

මගෙන් ගිය පාර ගුටි කාපු ඩොක්ටර් මේ පාරහ් සැරින් සැරේම මා දිහා බල බල විස්වාසද අහනකොට මගෙ විතේන් ඉන්න වේදනාව බල බල මට ඒකවත් හම ගහන්න හිතුනා...

මම බලන් උන්නා....අනේ එයාව ඉන්දවලා කොන්දට ලොකුම ලොකු ඉන්ජෙක්ශන් එකක් විද්දා...දෙයියනේ.....එයා ඒ වේදනාවටමද කොහෙද මාව මිරිකගන මගෙ පපුවට ඔලුව ගහගත්තා .....

ඇත්තටම සාමාන්‍ය ප්‍රසූතියක් උනත්...සිසේරිය එකක් උනත්.මොන තරම් වේදනාවක්ද...අනේ ඉතින් මේ වේදනාව ලෝකෙ ඉන්න හැම අම්මෙක්ම උහුලනවනෙ.....

තේශී....අනේ...උඹට ඉන්න පුලුවන්ද සුදු අප්පො ....

ඇද උඩ ඉදන් කෙදිරි ගාන එයා මගෙ අට අල්ලන් ආය ආයම එකම දේ අහනකොට මම.මගෙ විතේන්ගෙ මූනට ගාවට පහත් උනා....

නව මාසයක් තිස්සෙ උඹව අතින් අල්ලන්

ඇස් දෙකේ තියාගන ප්‍රවේසම් කෙරුවෙ මෙතනදි දාලා යන්න නෙවෙ මගෙ මැනිකෙ....

මං බලන් උන්නා....මම එහාටත් හොරාවට ගියා මෙහාටත් හොරාවට ගියා...දොස්තරලා වට වේගන අඩු බඩු දාන හැටි මම ලාවට අතරින් පතර දැක්කා...ලේ ගෑවුන නිල් පාට අත් මේස්....මගෙ විතේන්ගෙ මූන....මේ ඔක්කොම එක්ක රතුම රතු පාට වෙන පුලුන් කෑලි දැකපු මට දාඩිය දාගන ආවා...

තේ...ශී....

මං...මං..හොදින්...මං..හොදින්....අනේ මැනිකේ...තාම එකෙක්ව වත් එලියට ගත්තෙ නෑනෙ.....

අනේ...තේශීහ්හ්හ්හ්...

මම බලාගන උන්නා....එකම එක පැටියෙක්ව හරි දැන් ගනී...දැන් ගනී කියලා .....ඒත් නෑ....තවම නෑ....

උඩ හම කපාගන තවත් තට්ටු හතකට පස්සෙ ඉන්න මගෙ පැටව් දෙන්නගෙන් එක්කෙනෙක්වත් තවම ගත්තෙ නැති කොට මම බලන් උන්නා...

මම එයා ගාව ඉදගන ආයම බෙල්ල දදාඅ ඉස්සි ඉස්සි බැලුවා...කොල පාට රෙදි රතුම රතු පාට වෙලා තියනකොට ... මගෙ සර්වාංගෙටම දාඩිය දැම්මා වගේම එයාව එක අතකින් අල්ලන් උන්න මාව වැනෙන්න ගත්තා ...

ඩොක්...ටර්....මගෙ හස්බන්ඩ් ...ව...

එයා අමරුවෙන් ඉදන් එතන උන්න ඩොක්ටර් ට මොනමොනවදෝ කිව්වා.ඒත් මට ඇහුන් නැ....ලේ පෙගුන පුලුන් කෑලි මගෙ ඇගෙම හයිය උදුරගන්නකොට මාව වැනෙන්න ගත්තා...මගෙ ඔලුව කැරකෙන්ම ගත්තා ....

තාත්තා ....ඔයාට කලන්තෙට වගේ මෙතනින්න් වාඩි වෙන්න....

න්න්..නෑ..නෑ...මං හොදි....න්...මං...හො.....

දෙයියනේ තේශී.....!!!!

අපෙ අප්පො.....නිතේස් අයියත් කරගන්න වැඩ....අනේ විතේන් අයියෙ චූට්ටක් ඉන්න පුතෙ මේ කොට්ටෙ හදන්න.....

අඩේ නිතේශයා...නිතේශයා....

මදැයි ලමයි හම්බෙන්න ගිය උන්. .නැගිටපිය තවත් බුදියන් ඉන්නෙ... බලන්න බැරි මගුල් නොබලා ඉන්න ඕනා.....සුදු පුතා....මේ පප්පච්චියාට ඌව්ව වෙලා මේ.....නැගිටින කියන්න...

අනේ ශෙනෝන්...ඔය මනුස්සයට වතුර ටිකක්වත් ගහන්න ශෙනෝන්....මදැයි මං ඔය මිනිහට කිව්වා...මන්කිව්වා ...

එයා එක්ක ලේබරූම් එකට ගියපු මට ආයමත් එලියට එන්න උනේ ආයම ට්‍රොලියක වෙනකොට මට අවසිහියෙන් වගේ එයාලගෙ කට හඩවල් ඇහෙනකොට මම ලාවට ඇස් දෙක ඇරියා....ඇරල කෙලිම්ම එයා දිහා බැලුවා ....අනේ අර ඉන්නෙ...මෙච්චර වෙලාම ඇගට දැනුන පන නැති ගතිය මේ ඔක්කොම නැති වෙලා ගියේ එක තත්පරේකින් වෙනකොට දෙවියන්ගෙ ආශිර්වාදෙ මට ඉහටත් උඩින් හම්බෙලා එක දරුවෙක් ඉල්ලපු මට විදපු වේදනා අමතක වෙන්න දරුවො දෙන්නෙක් දීලා තිබ්බා....

මැනිකේ....

මම.ඇදෙන් පනින ගමන් කෑ ගහගන් එයා ගාවට දිව්වා.....

අනෙ...මගෙ වස්තුව ....

පප්පච්චියෝ...කායයි....යෝ..මේ...පප්පච්චියෝ...මේ....

මම උන්නෙ ඇස් වල කදුලු පුරවගන ඩියෝනයාගෙ වැඩේම ඵොටෝ ගන්න එක

මම එයා දිහා බලාගන උන්නා....

උඹට ගොඩාක් ස්තූතියි මගෙ විතේන් ...උඹට ගොඩාක් ස්තූතියි මගෙ පන....

අනෙ අප්පච්චියො....අපේ විතේන් අයියට බබුච්චලා දෙන්නම හම්බුනා.....ඔව්...අප්පච්චියො.....මේ ඉන්නෙ...මේ ඉන්නෙ...අපේ සෙනෝන් අඩනවා නිතේස්ටත් වැඩියෙන්.....

අප්පච්චි තාත්තා එක්ක විඩීයෝ කෝල් එකක ඉන්නකොට මම කොල්ලව වඩාගන ඇද ගාවට වෙලා එයා ගාව ගුලි වෙලා ඉන්න මගෙ පැටව් දෙන්නා දිහා බලලා මගෙ විතෙන් දිහා බැලුවා ....

එයාට කියන්න අප්පච්චි ....

ඒ මගෙ විතේන්ගෙ වචන...තේශි.....සුදු අප්පො ගාන එයා හරීම කලාතුරකින් මට අප්පච්චි කියනකොට මම.අතේ උන්න මගෙ කොලුලව බිමට බස්සලා එයාගෙ ගාව ගුලි වෙලා උන්න මගෙ පොඩි කොලු පැටියව අතට අරන් පපුවට තුරුල් කරගත්තා ....

මගෙ රත්තරන් පුතා...

කිරි සුවද එක්ක දරු සෙනෙහස උතුරනකොට මම එහෙම්ම ඩියෝන් දිහා වගේම ශෙනෝන් දිහ බලලා ශොනෝන් ගාවට ගියා....

ශෙනෝනයා.....

කියපන්...

උඹට.....අප්පච්චි කෙනෙක් වෙන්න ආස නැද්ද....

අප්...පච්...චි...කෙනෙක්...

ම්ම්ම්...

මම මගෙ අතේ උන්න පුන්චි පැටියව ශෙනෝන්ගෙ අත් වලට තිබ්බා...

මට ඉන්න එකම සහෝදරයා උඹයි ශෙනෝන්....මට උඹ වෙනුවෙන් දෙන්න පුලුවන් ලොකුම දේ...මෙන්න මෙච්චරයි ....මගෙ පුතාව...

නි....නි...තේ...ශ....යා....

මගෙ දරුවට අප්පච්චි කෙනෙක් වෙයන්....උඹ අපි වෙනුවෙ කරපු හැම දේටම අපි හැම සංසාරෙම නයයි ශෙනෝන්....

අනේ...නිතේ....ස්...අයියෙ...

මං.බලන් උන්නා...උන් දෙන්නගෙ ඇස් වලින් කදුලු කැට කඩාගන වැටෙනකොට ශෙනෝනයගෙ කටින් ඉබෙටම මගෙ පුතා කියන වචනෙ එලියට පැන්නා....

මගෙ පුතා....

හය මාසයකට පසුව....

නුවර වැව රවුම...

සුදු පුතා නිහාර...අනේ රත්තරන් වැටෙයි...හෙමින්...අනේ නලින් අර කොල්ලව ගන්න....

මමී...යේ.....හ්....

අනේ හෙමින් පුතේ...

දෝනියෝ.....අනේ දෝනියො....අහකට වෙන්නකො පුතේ...මං මේ ලමයට කිරි පොවනවනේ.....යෝ.....හ්...මේ කෙල්ල මට ලමයට කිරි එක පොවා ගන්න දෙන්නෙ නෑනෙ.....මගෙ පුතා මේක බොන්න අම්මෙ....මෙ පලිගු අක්කිය මගෙ පුතාට කුක්කු බොන්න දෙන්නෙ නෑනෙ.....

චෙස්ටර්....චෙස්ටර් ...කොහෙද ඔය දුවන්නෙ...මෙහෙට එන්න..මෙහෙට එන්න...අර අම්මියා මෙහෙ....හොද පුතානෙ එන්නකො.....මෙ මස් කට්ට මෙතන....

දහම් ඔයා ගාව නේද ගෙදර යතුර....ආ සුදු මහත්තයා ....

ඔව්...මේ සාක්කුවෙ...

මම උන්නෙ වැව රවුමෙ බංකුවක ඉදගන....අද අප්‍රියෙල් 14 වෙනිදා.....අවුරුදු ලබන්න තව පැය බාගයයි....

මම උන්නෙ එයාලගෙන් ඈතට වෙන්න....එයාලා හැමෝම දිහා බලාගන ... මගෙ කොලුවා වැව රවුම.දිගෙම දුවනකොට අවුරුදු දවසෙත් නිවාඩු නැති නලියා කොල්ලා පස්සෙ දිව්වා....

නිකොලි ෆ්‍රැන්සිස්කා...මගෙ පුංචි කෙල්ල...මගෙ වස්තුව ...මාව ආයමත් අප්පච්චි කෙනෙක් කරපු මගෙ කෙල්ල....එයා උන්නෙ මගෙ විතේන් ගාව වෙනකොට නිකොල් ෆ්‍රැන්සිස් .....මගෙ දුවගෙ නිවුන් සහෝදරයා.....ශෙනෝන්ගෙ පන ඩියෝනයගෙ හුස්ම ටික...වෙච්ච මගෙ ලේ.....උන්නෙ ඩියෝනය ගාව .....ඇබිත්තන් සයිස් කික්කියෙක් වෙලා උන්න පලිගුවා පවා එක්දරු මවක් වෙනකොට ඒකිගෙ ඇස් දෙක තිබුනෙම ලමයි ගාවට වෙනකොට ශෙනෝනයා පලිගුවගෙ එකම පැටියා....හස්කියගෙන් හම්බුන එකම පැටියා චෙස්ටර් පස්සෙ දුවනකොට අප්පච්චි වගේම තාත්තා උන්නෙ අවුරුදු ගානකට කලින් එයාලගෙ නම් ලිව්ව බංකුවෙ...

මේ හැමෝම සතුටින්...

මම සතුටින් ...

අවුරුදු හතරක් විතර වැහුන දොරවල් ආයම ඇරුනා....

Avon cosmetics එකට අලුත් දේවල් එකතු උනා.....ලදරු සබන්....ලදරු ක්‍රීම්...විතරක් නෙවෙ....මගෙ පුංචි පැටව්ගෙ පින්තූර ගහපු ඩිලිවරි ලොරි කොළඹින් හතර අතට යනකොට කලින් වගේම මගෙ සැලෝන් එකේ ආයමත් මගෙ අත් කතුරුවලට හුරු උනා....

වැහිලා ගියපු හෙදර කාමර ආයම ඇරිලා ගියා...හිස් වෙච්ච බිත්ති වල ආයමත් හිනාව පිරුන ඵොටො එල්ලුනා.....

පලිගුවගෙ....දොන්ත චෙස්ටර් ගෙ..මගෙ කොල්ලගෙ කරච්චලේ...කෙල්ල අවදානෙ ගන්න අඩන සද්දෙ.....මගෙ විතේන්ට පොඩ්ඩ බැරිවෙනකොට යකා ගිහින් ඒ හැම බැනුමක්ම.අවසානෙදි මගෙන් ඉවර වෙන සද්දෙ එක්ක මගෙ ජීවිතේ ආයම සතුටින් පිරෙන්න ගත්තා .....

අපිට අපිව ආයම හම්බුනා....

අපිට නැති උන සතුට සැනසීම ආයම හම්බුනා....

නුවර වැව දෙබෑ කරපු නිතේශ් ට පන දීපු විතේන් මට මගෙ ජීවිතේ දෙන්න පුලුවන් ලොකුම දේවල් දුන්නා...රසානි අම්මා එයාගෙ ආදරේ එක්ක බිනරි ගෙ දරුවා එක්ක ...කාවයියා එක්ක නවතිනකොට අපි ආයම අපිවම හොයන් ආවා.....

මම එහෙම්ම ඈතින් පේන දලදාව දිහා බැලුවා...

දලදා හාමුදුරුවනෙ ...මං.ආයම ආවා.....ඉස්සර වගේ හැම දාම අඩ අඩ දුක කියන්න නෙවෙ.....මෙ පාර නම්....උඩ ඉන්න තිස්තුන් කෝටියම මගෙ දිහා බැලුවයි කියන්න....මන් සතුටින් සැනසීමෙන් ඉන්නවා කියන්න...

මානිකාවතේ ඉනන් ගුනාදරී කෙනෙක් එක්ක මාත් ජීවත් වෙනවා කියන්න....

වලව්වෙන් තටු බැදපු මාව නිදහස් කරපු මගෙ දිසානායක මැනිකෙ එක්ක මම අද ජීවිතෙ අයමත් විදිනවා කියන්න....

දලදාහාමුදුරුවනේ ....ඔබ වහන්සේට පින්.....මට අවසානෙදි වත් සතුටක් දුන්නට.....

මම දලදව දිහා බලාගන පින් දීලා එහෙම්ම කර් එක ගාවට ගිහින් ඇතුලෙ තිබුන ඇබිත්තන් සයිස් මැටි වලන් සෙට් එක ගත්තා ....මගෙ විතේන් මට අරන් දුන්නා හා සමාන එකක්.....

මම එහෙමම් අත් ඔරලෝසුව බැලුවා....තව තත්පර එකයි ..දෙකයි.....තුනයි.....!!!

මුලු වැව රවුමෙම ගස් වල වහන් උන්න කුරුල්ලො රතින්ඥ්ඥා සද්දෙ එක්ක අහසට ඉගිලෙනකොට මම මගෙ ඵෝන් එක අතට අරගත්තා ....අරගන මගෙ මැනික කියලා තිබුන එයාගෙ නම්බර් එකට මැසේජ් එකක් යැව්වා ...හරියටම ...අපේ කතාව පටන් ගන්න හදන කාලෙ වගේම...

" සුභම....සුභ අලුත් අවුරුද්දක් වේවා....mr විතේන් 💩 " 

මම මැසේජ් එක යවලා එය්ය දිහා බලනකොට මං බලාගන එයා ඒක දිහා බලාගන හිනා වෙනවා....

සුදු මහත්තයා ...නිහාර....අප්පච්චි ගෙ කාවයියෝ....

මම එහා මෙහා දුවන කොල්ලට කෑ ගහන ගමන් මගෙ විතේන් ගාවින් ඉදගත්තා ....

පප්ච්චියෝ...පප්ච්චියෝ.....

.හෙමින්...හෙමින්...මගෙ පුතාට මෙන්න මේක....හරියටම මමියා පප්පච්චියට දුන්නා වගේම....

මම කොල්ලගෙ අතට වලන් සෙට් එක දෙනකොට පුංචි එකා එක අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා ...හරියටම මම වගේම....

සුභ අලුත් අවුරුද්දක් මගෙ විතේන්...

මම එයාගෙ මූන දිහා බලාගන සුබ අලුත් අවුරුද්දක් කියනකොට එයාගෙ ඇස්වලට කදුලු පටලයක් බැදුනා වගෙම.එයා මගෙ අත කිටි කිටියට පටලව ගත්තා ....

දන්නවද මගෙ සුදු මහත්තයා .....සුවද බෙදන මල් කොහෙ පිපුනාම මොකද කිව්වට....ඒ මල් පිපෙන්න ඕනේ උඹ වගේ රත්තරන් මනුස්සයෙක් ගාව මගෙ නිතේශ් ....නැත්තන් ඒ සුවද මැරිලා යාවි.....

හැම සංසාරෙම මට උඹ ගාවම පිපෙන්න දියන් මගෙ සුදු අප්පො.....

එයා හැම සංසාරෙම මගෙ ගාව පිපෙන්න දියන් සුදු අප්පො කියන ගමන් ආයමත් මගෙ උරහිසට ඔලුව ගහගන්නකොට

මගෙ මැනිකෙටත් හොරෙන් මගෙ ඇස් වලින් කදුලක් මහපොලව තෙමනකොට මම දලදාව දිහා බලාගන.මතු ඉප දෙන හැම ආත්මෙකදිම මගෙ විතේන්වම ඉල්ලුවා....

මගෙ අප්පච්චිවම ඉල්ලුවා.....

ඒ වගේම...මැරෙන්න වැටුනත් අතාරින්නෙ නැති උන් දෙන්නව ඉල්ලුවා .....

හැම දාමත් ආදරේ දෙන පුංචි තෙත නහයව ඉල්ලුවා...

ඉතින්.....සුවද බෙදන මල් කොහෙ පිපුනම මොකද කිව්වට....ඒ මල් පිපෙන්න ඕනෙම හරිම කෙනා ගාව.....

හරියටම ....

විතෙන්ගෙ නිතේශ් ගාව වගේ....නිතේශ්ගෙ විතේන් ගාව වගෙ...

දහම්ගෙ පහන් ගාව වගේ.....

පහන්ගෙ දහම් ගාව වගෙ....

ඩියෝන්ගෙ ශෙනෝන් ගාව වගේ....

ශෙනෝන්ගෙ ඩියෝන් ගාව වගේ.....

සුදු අප්පොගෙ නිමල් වගේ....

නිමල්ගෙ සුදු අප්පො වගේ...

ඉතින්...කාටත් කියන්නෙ ඉවසන්න.....නියං කාලෙ ඉවර උනාම....වසන්තෙ එන්නෙ බලාගන ඉන්න මිනිස්සුනට හීක් ගෑවෙන්න....

ගුනාදරි කෙනෙක් වෙන්න.....ඇස් දෙකෙන් ලෝකෙ නොබලා හදවතින් ලෝකෙ දකින කෙනෙක් වෙන්න.....

නිමි...

මුව පැතියත මහන්සි හැජිලලු....!!!!

More Chapters