LightReader

Chapter 19 - 19

තේ..ශී...අනේ....

එපා.....විතේන් ....එකෙක්...එන්න...එපා..

මන්..ගාවට.....තොපි...එකෙක් එන්නෙ නෑ මගෙ ගාවට...

මාව ඇදගන වැටෙනවා එක්ක එයා අඩාගන වගේ එනකොට මම කෑ ගැහුවා.....එකෙක්ට ලගට එන්න එපා කියනකොට පොඩීලා මං බලාගන ලොකු අම්මව තල්ලු කරනවා මාව බේරගන්න කියලා...ඒ උනත් ඒ හැම මැනිකෙම එක වල්ලෙ පොල් වෙනකොට කවුරු කියලා බේරන්නද.....අප්පච්චි දත් මිටි කාගන උන්නා උනත් අප්පච්චි අසරනයි...මෙතන තනි යුද්දයක්....වලව්ව අස්සෙ වලව් වලව් වලට කාගන්නවා...උන් හැමෝගෙම ඉත්තා උනේ අසරන මම වෙනකොට මම වේදනා දෙන පපුව මිරිකන් ආයම නැකිටගත්තා ....

සීයා තාත්තා ...සීයා තාත්තට නොසෑහෙන්න අමාරු ඇති..නේ...නොසෑහෙන්න...අමාරු...ඇති...මෙතන...ඔන්න...වලවේ...සුජාත..

මැනිකෙලා ඇරුනම....අවජාතක බේබි හාමුලා....කුමාරි හාමුලා ඇති මේ සෙංකඩ ගල පිර්‍ර්න්නම...

නිතේශ් ...උඹ සීමාව පනිනවා නිතේශ් ....

සීමාව...අදක නෙවෙ මං මේ සීමාව පනින්න උන්නෙ...සීයා තාත්තා ...අදක ඊයෙක නෙවෙ...උඹලා...ගෑනු ඇදට ගත්තෙ කුලමල බලලද...ආ සීයා තාත්තා...බල්ලා වටේ ගිහින් එන්නෙ කනුවට වගේ...උඹත් ජඩකමේ ගිහින් එනකොට කුමාරිහාමි නාවලා හෙට ගත්තට.....සරමෙ පිහන්න බැරි ඒවා මෝරපු දාට අත්තම්මා යකින්න වගෙ ගැට අන්නාසි වතුවල කරක් ගැහුවෙ උඹේ ජඩ වැඩ වහන්න කියන්න අපි නොදන්නවද...ආ සීයා තාත්තා....

මන් කෑ ගැහුවා...සීයා තාත්තගෙ මූන තරහටම වෙව්ලනකොට ඊලගපාර මට හම්බෙන්නෙ බස්තම් පාර කියන එක දන්නවා උනත් මම කෑ ගැහුවා...මැනිකේලාගෙ හාමු මහත්තුරු ඇස් ලොකු කරන් ඉන්නකොට අප්පච්චි ගෙ හපන් කම් අහපු දූවරු ඔසරි පොටෙන් කට වහගත්තා උනත් උන්ගෙ තිබුන මාන්නෙටම උන් මට විරුද්ද උනා.....

නිතේශ් ඕක නවත්තපන්....නිතේශ් ....උඹයි සීයා තාත්තයි දෙන්නෙක්...උඹයි සීයා තාත්තයි දෙන්නෙක්.....

ඔව්...අත්තම්මා..මායි...සීයා තාත්තයි දෙන්නෙක් උනේ වාසනාවට...එහෙනම් මමත් මේ වෙනකොට ගෑනු කීයකග් බඩ උඩ නගින්න ගියාද...මොකද අවලන් ලේ අවලන් ලේමනේ...

නිතේශ් ....කටවහපන්...පර බල්ලා....තෝ කාගෙ ලේවලටද යකො අවලන් ලේ කිව්වෙ....

වම් කම්මුල හරහා වැදුන පාරට මට ඔලුවෙ එක පැත්තක් හෙල්ලුනා හා සමාන වෙනකොට මම කවදාවත් නැතිව සීයා තාත්තගෙ මූනටම අවලන් ලේ කිව්වා...කවදාවත් වචනෙට පිටින් නොගියපු මම අද ගුටි කාගන එකට එක කිව්වා..වලව්ව හින්දා මට නැති උන දේවල් බොහෝමයි....වලව්ව හින්දා මට නැති උන සතුට බොහෝමයි...ලමා කාලයක් කවදාවත් නැති මම ඉස්කොලෙදි හැම දාම තනි උනා....සෙල්ලන් කරන්න ආසාවට ලගට ගියා උනත් මට කවදාවත් උන් එක්ක බට්ටයක් පනින්න...ටකරයක් ගහන්න බැරි උනා...ආසාවට වැවට නාන්න යන්න බැරි උනා....වයස තිස් ගාන වෙලා අදවත් මට හරියට පීනගන්න බෑ.... වැස්ස කාලෙට කොල්ලො කුරුට්‍ටො කෙහෙල් බඩවලින් බෝට්ටු හදන් වතුරෙ නටනකොට ගෑනු ගොඩක් අස්සෙ උන්න මම ජනෙල් කූරුවල එල්ලිලා බලන් උන්නා...ආසවට ගහෙන කඩන් අඹ ගැටයක් කාලා බලන්න මට වරම් නැති උනා...මම අමුම අමු පොන්නයෙක් හා සමාන උනා...

රන්ඩුවකදි බයේ මුලු ගැන්වෙන්න මිසක් ඇයි උඹ මට මෙහෙම කරන්නෙ අහන්න මගෙ කට පන නැති උනා...ඉපදෙනකොටම වලව් මාන්නෙ ඔලුවට ඔබපු අපේ තටු දෙක අමු අමුවෙම කපා දාලා ඉගිල්ලෙන කුරුල්ලො දිහා මහ පොලවෙ ඉදන් බලන් ඉන්න උන් අපිව පුරුදු කෙරුවා...

නාස් පොල්ල දිගේ කදුලු පහලට වැටෙන කොට මම හුස්ම ඇල්ලුවා.....වේදනා දෙන පපුව පුපුරලා යන්න ආවා උනත් මම කෑ ගැහුවා.....අවුරුදු තිහක් යනකන් හිරකරන් උන්න අසීමිත වේදනාව මම සීයා තාත්තගෙ මූනටම පිට කෙරුවා....

කවදාවත් පන්තියෙ ඉන්නකොට යාලුවෙක් උන් නැති මන් ජීවිතේ මෙලො හසරක් නොදැන උන්න...ඉලන්ගරත්න සුදු අප්පොට නිමල් කෙනෙක් මැව්වට මේ නිතේශ්ට නිමල් කෙනෙක් මවන්න දෙයියන්ට අමතක වෙලා ගිහින් තිබුනා...

නාස් පොල්ල දිගෙ වැටෙන කදුලු පිහන ගමන් මම හිනා උනා....නිකන් නෙවෙ උන්මන්තකයෙක් හා සමානව...වේදනා දෙන පපුවට ගහගන්න ගමන් මම හිනා උනා....හිනා වෙන ගමන් සීයා තාත්තා ගාවට ගියා.....

පන්සලේදි පින් කැටේට ලොකුම කුට්ටිය දැම්මත් මොල්ලිගොඩ හාමුදුරුවන්ව පන පිටින් අපායට ඇදන් යන එක නවත්තන්න දළදා හාමුදුරුවන්ට වත් බැරිවේවි... සීයා තාත්තා.....උඹ එහෙන් පිටින්ම කුනු ගොඩක්...උඹ එහෙන් පිටිම්ම පව් කදක්.....

බුදුන් ගාවදි ඔය අත් දෙක කොච්චර එකතු කෙරුවත් ඔය අත්වල නූපන් ලමයි කීයකගෙ ලේ ගෑවිලා ඇතිද අත්තම්මා....උඹලට .....යන්න අපායවල් නෑ.....උඹලා ඔහොම නෙවෙ....කොහොම කිව්වත්...මම ඒකිව කරගහන් නෑ...නෑ කියන්නෙ නෑ..පුලුවන් දෙයක් කරපන් අත්තම්මා....

සුදූගෙ මූනෙ වේදනාව දැක දැක....ඒකිට වහපොවනකොට උඹට නිකන්වත් හිතුන් නැතිද අම්මා ඒකි පව් කියලා...ඒකි අම්මාගෙ තන කිරි පවා බීලා තියනවා නේ...එක බඩ වැල කඩාගෙන ආවෙ නැති උනත්...අපි දෙන්නම උඹෙන් කිරි ඉරුවා නෙ අම්මා....නිකමට..නිකමට හිතුන් නැතිද....උඹගෙ ලේත් ඒ ඇගේ දිව්වා කියලා...ආ අම්මා....නෑ..නෑ උඹල ඔක්කොටම ලොකු වලව් මාන්නෙ.....උඹලා ඔක්කොටම ලොකු මේ කසිකබල් වලව් මාන්නෙ....අම්මගෙ රෙද්දෙ වලව්ව....

නිතේශ් ....උඹ කියෙව්වා හොදටම ඇති නිතේශ් ....උඹ කරන්න ඕනෙ මොනවද...කියන්න ඕනේ මොනවද....තීරනේ කරන්නෙ මම...අපි....නැතුව උඹ නෙවෙ නිතේශ් ...උඹලා හැදෙන්න ඕනෙ අපිට ඕනා විදිහට....

නෑ..නෑ...මම අදින් පස්සෙ...තොපි....

කටවහපිය...කට වහපිය....පිට එකෙක් ඉන්නකොට තොට ලැජ්ජාව බය කියන එක නැති උනාද නිතේශ් ආ.....

ඇයි..නැවැත්තුවෙ..ගහපන්...ගහපන්...ලොකු අම්මා ...උඹට...උඹගෙ කෙල්ල මැරිලා හත් දොහක්.. ..පාලොස් දොහක් යනකන් ඉවසන්න බැරි වෙලා අර පොඩි එකීව වලව්වට විකුනන්නෙ රෙද්දෙ නම්බුවටයි.....බූදලේට තන්හාවටයි...උඹලා හැමෝම....වලව්වෙ නම්බුව වෙනුවෙන් සුදූව මරා ගත්තා .....වලව්වෙ නම්බුව රකින්න ඕනා නම්...එක එක දාට එක එක ගෑනු නොමරා...වලවේ හාමුදුරුවන්ව මරලා දැම්මා නම්....අදටත් මොල්ලිගොඩ නම්බුව රැකිලා...

නිතේශ් ....උඹ...

අනීතා....අත තියන් නෑ...උගෙ අප්පච්චි මැරිලා නෑ අනීතා...

මම නහර පුප්පන් කෑ ගැහුවා.....උන් හැමොග්ම්ම ගුටි කාපු මම සෙන්කඩගලටම ඇහෙන්න කෑ ගැහුවා....නම්බුව රකින්න නම් මරන්න ඕනේ සීයා තාත්තව කියන ගමන් මම කෑ ගැහුවා...මෙච්චර වෙලා අඩ අඩම මම කියපුවා තරහෙන් අහන් උන්න අම්මා...අත්තම්මා සීය තාත්තා මාව දැනටමත් බාගෙට මරලා තිබුනකොට සීය තත්තව මරලා දාන්න කියනකොට මගෙ අම්මා මට ආයම ගහන්න අත උස්සනකොට අප්පච්චි කෑ..ගැහුවා....

අප්පච්චි අම්මයි කියන්නෙ අහසට පොලව වගේ වෙනකොට වලව්කාර උනත් මගෙ අප්පච්චි අහිංසක චරිතයක් උනා.....අනීතා මැනිකෙ හැමදාම කෙරුවෙ අප්පච්චිගෙ අහිංසක කමෙන් ප්‍රයෝජන ගත්තු එක වෙනකොට කවදාවත් නැතිව...ජීවිතේ පලවෙනි පාරට කවදාවත් උස් හඩින් ඇහුන් නැති අප්පච්චිගෙ කටහඩට අත්තම්මා පවා ගැස්සිලා ගියා.....

අම්මගෙ අතේ තිබුන හීනි රත්ත්‍රන් වලලු ඇඹරිලා යනකොට අප්පච්චි ඒ අත අතාරින්නැතිවම උන්නා.....

දහම්.....දහම්.....අත..අතාරින්න..දහම්....

දහම් තමුන්ට ඕනා අපේ එකම දරුවව නාස්ති කරනන්ද...

හොදටම ඇති අනීතා....හොදටම ඇති.....කටවහපන් ....උඹගෙත් කන පුපුරන්න ගහන්න කලින් කටවහපන් අනීතා ...

මං බලන් උන්නා...මම විතරක් නෙවෙ මොල්ලිගොඩ මැනිකෙලා ඔක්කොම බයවෙලා වගේ උන්නා...නිසල දිය ගැඹුරුයි කියනව වගේ මෙච්චර කල් කට වහන් උන්න අප්පච්චි තවමත් අම්මගෙ අත අල්ලන් කෑ ගැහුවා.....

දහම්....තමුන්ට අමතක වෙලාද අනීතගෙ අප්පච්චි මෙතන කියලා ....

නෑ අප්පච්චි ...මට අමතක නෑ.....මට කොහොමත් අමතක නෑ හැබැයි....ඒ වලව්වෙ ඔක්කොටම අමතක උනා මගෙ දරුවගෙ අප්පච්චි මෙතන කියලා...උගෙ අප්පච්චි මම....උඹලා හැමෝම ඌට පාර පිට පාර ගහනකොට ඌට වඩා රිදුනෙ මගෙ ලේ වලට..... ඌ මගෙ කොල්ල මිසක් මොල්ලිගොඩ වලව්වෙ උන්ගෙ නෙවෙ ..

දහම්...තමුන් හොද සිහියෙන්ද දහම්...මේ අත අතාරින්න....ඔයා කොහොමද අප්පච්චිට එහෙම කතා කරන්නෙ දහම්.....ආ..තමුන් කොහොමද මගෙ අප්පච්චි ඉස්සරහා මට මෙහෙම කරන්නෙ...

මෙහෙම කරන්නෙද....උඹ මගෙ කසාද ගෑනි හින්දා අනීතා.....උඹට රිදෙනකොට වලව්වෙ මොල්ලිගොඩ හාමුදුරුවන්ට රිදෙනවා වගේ තමයි...මගෙ එකාට ගහනකොට මට රිදෙනවා අනීතා....

දහම්...ඔය කෙලීව අතෑරපන්....

අම්මා...මං හිතන්නෙ මේක මගෙයි මගෙ ගෑනිගෙයි කාරණාවක්.....කරුනාකරලා පැත්තකට වෙන්න...මොකද...ඔය කවුරු කොහොම කිව්වත්...මගෙ එකාට තියෙන්නෙ මගෙ ලේ මිසක්....මොල්ලිගොඩ ලේ නෙවෙ කියන එක කවුරු කවුරුත් මතක තියා ගත්තොත් හොදයි ..උගෙ ඇගේ දුවන්නෙ මොල්ලිගොඩ ලේ වත්...රන්දෙනිගල ගල ලේ වත් නෙවෙ...දිසානායක....ලේ....අන්න ඒක...හොදට මතක තියා ගනින් අනීතා.....

කාර් එකට වාරුවෙලා මම ගැහෙන පපුව අල්ලන් ඉන්නකොට අප්පච්චි වේදනාවෙන් ඉන්න මා දිහා බලාගන ඒ හැමෝටම දෙස් තිබ්බා...වෙනදට අත්තම්මට සීයා තාත්තට පිටින් නොයන අප්පච්චි අද එ හැමෝටම කෑ ගහනකොට මං බලාගන වලව්වෙ හාමුදුරුවො අත් දෙකෙම්ම බස්තම මිරික උන්න වගෙම අප්පච්චි අම්මව තල්ලු කරලා ඇරියා.....

දහම්....තමුන් හදන්නෙ අපේ දරුවව නැති කරන්නද දහම්...ආ...උත්තර දෙනවා දහම්....

අනීතා...මම මේ තාක් වෙනකන් ඌට නියපිටින් පාරක් ගහලා නෑ අනීතා...උඹයි..උඹගෙ වලව්වෙ උනුයි හැදාම දරුවන්ට තැලුවා...උන්ට ජීවිතයක් නෑ ,නිදහසක් නෑ....උඹලා උඹලගෙම දරුවන්ව මරා ගත්තා ...සුනීතා සුදූව මරාගන්නකොට ඒකිගෙ අප්පච්චි කටපියන් උන්නා වගේ මගෙ එකත් මරගන්නකන් මම කට පියන් ඉන්නද අනීතා ආ...උඹ කියන්නෙ උඹලගෙ නම්බුව බේරන්නයි....බූදලේ රකින්නයි මගෙ එකාද කර ගහන්නෙ.....ඌට ජීවිතයක් තියනවා.. උඹලා අපේ කාලෙ වගේ නෙවෙ අනීතා.....මට ඉන්නෙ ඔච්චරයි .. .මට ඉන්නෙ ඔච්චරයි අනීතා...උඹට ඕනෙ මගෙ කොල්ලව මරාගන්න නම්...හොදට මතක තියා ගනින් අනීතා අන්න එදාට තමයි උඹ මගෙන් මරුම් කන්නෙ....

දහම්.....නවත්තපන්...උඹ මොන හයියටද මං ඉස්සරහම කෑ ගහන්නෙ...උඹට අමතක උනාද උඹ ඉන්නෙ මොනවලව්වෙද කියලා....

අප්පච්චි පුලුවන් තරම් අම්මට දෙස් දෙවොල් තිබ්බා...වෙනදට අම්මගෙ එක වචනෙට උනත් කීකරුවෙන අප්පච්චි අද චන්ඩ වෙලා තිබුනා...ලොකු අම්මලා වගේම ලොකු අප්පච්චිලා අප්පච්චිව නවත්තන්න හැදුවත් මෙල්ල නොවුන අප්පච්චි සීයා තාත්තට පවා දෙස් තිබ්බා....

මම ඉන්නෙ මොන වලව්වෙද කියන්න මට වඩා හොදට වලව්වෙ හාමුදුරුවො දන්නවනෙ....හැබැයි....මේ ඉන්නෙ මගෙ දරුවා මිසක්.....වලව්වේ හාමුදුරුවන්ගෙ දරුවා නෙවෙ අප්පච්චි ....මට අනිත් හැම දේටම වඩා මගෙ කොල්ලව වටිනවා.....

ඒ කියන්නෙ කොල්ලව වටිනවා කියලා ඌව ඕන රොඩියෙකට හරි දෙනවද දහම්

ඕන හුලවලියෙක්ට....බෙර වායෙක්ට හරි උඹ අපේ දරුවව දෙනවද දහම්...මම උගෙ අම්මා....මම කවදාවත් ඌට නරකක් කරන්නෙ නෑ දහම්...ඌ ජීවත් වෙන්න ඕනෙ වැදගත් විදිහට....මම මේවල නීති අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ දහම්

අනීතා...හුලවාලි...රොඩී කියලා ජාතියක් නෑ අනීතා ඒ ඔක්කොම උඹලා හදාගත්තුවා.....අනීතා ...දරුවට ආදරයක් තියනවා නම්....ඌට උගෙ පාඩුවෙ ජීවත් වෙන්න දීපන්...මොකද..මම කැමති නෑ..මගෙ කොල්ලා....අවසානෙදි ඔය මැනිකෙක් කරගහන් මම වගේ දුක් විදිනවා බලන්න...තමුන්ගෙ අප්පච්චි වගේ ගෑනු පස්සෙ යනවා දකින්න....

දහම්...

කයවහපන් අනීතා....නිතේශ්ට දැන් අවුරුදු තිහක්....අපි කසාද බැදලා අවුරුදු තිස් දෙකක්.....අනීතා..මම එදා ඉදන්.....අදටත්... මේ මොහොත වෙනකම්ම.... මේ තත්පරේ වෙනකම්ම උඹට ආදරේ කරන්න උත්සහ කරනවා අනීතා...උඹ ගෑනියෙක් විදිහට මට වෙන්න ඕන කිසිම දෙයක් කරලා නෑ අනීතා.....උඹ මට ආදරේ දීලා නෑ...උඹ මාව සතුටින් තියලා නෑ...කුස රජ්ජුරුවො පබාවති ගාවට එනවා වගේ මහ රෑ දෙගොඩ ජාමෙ ඇවිත් උඹ යන්න යනවා...මට ඒ මගුල් නැති උනත් මම උත්සහ කෙරුවා..අනිත් ගෑනු මිනිස්සු වගේ හිනාවෙලා ඉන්න...

මමත් ආසයි මගෙ ගෑනි දරුවා එක්ක කොහෙ හරි යන්න....ඔය ඔසරි පොටෙන් එලියට ඇවිත් බලපන් අනීතා....උඹලා මොනවද විදලා තියෙන්නෙ කියලා ...ගෑනියෙක් මිනිහෙක්ට දෙන්න ඕන දේ නොදුන්නම පිට යනවා...උඹ වලව් මහන්තත්ත කම ඉහට ගහන් උන්නා කියලා මම වෙන ගෑනු පස්සෙ ගියෙ නෑ අනීතා...මම ඒත් උත්සහ කෙරුවා උඹට ආදරෙ කරන්න...මගෙ කොල්ලටත් උඹ වගේම ,උඹගෙ අම්මා වගේම ගැනියෙක් හම්බ උනොත් වෙන්නෙ උඹගෙ අප්පච්චි වගේම රටපුරාවටම ගෑනු එක්ක බුදිය බුදිය යන්න...

දහම්....

කටවහපන් අනීතා..උඹ කතා කරන්නෙ උඹගෙ කසාද මිනිහට....දිසානායක වලවේ හාමුට.....උඹගෙ වංශෙ කබල් ගාන්න කලින්...උඹ මගෙ ගැන බලපන්...මගෙ කොල්ලව බලපන්....උඹලා අපි...එකෙක් වත් ජීවත් වෙන්නෙ නෑ..මැරිලා යනවා...හැබැයි...අපි විදපු දුකම දරුවන්ට දෙන්න ඕන නෑ අනීතා.....

දහම් උඹ කියන්නෙ නිතේශ්ට ඕන පදේට අපි නටන්න ඕනා කියලද දහම්...

නෑ අප්පච්චි හැබැයි..මගෙ කොල්ලට අයිතියක් තියනවා...උගෙ ගෑනි කව්ද කියන එක ඌට තීරනේ කරන්න...

ඔව්...ඔව්...එක පාරකුත් කොහෙදන චන්ඩාලියෙක් කරගැහුවෙ.....ඔව්වා අපිට ගැලපෙනවද දහම්.....වලව්වෙ හාමු කෙනෙක් පෑහෙන්න කුමාරි හාමිලාට මිසක් කොහෙවත් යන රොඩීන්ට නෙවෙ....

.ගැලපෙනවද නැද්ද බලන්න ඕනා ඌ මිසක්....අපි නෙවෙ අම්මා....මුගෙ මේ ගුටි කාපු මූනයි ඇට ගැහුන සැකිල්ලයි දිහා බලලාවත් මගෙ කොලුවව අතාරින්න අම්මා...මේ ඉන්නෙ මගෙ එකා මිසක් වෙන එකෙක් නෙවේ.....සුදූගෙ අප්පචිට බැරි උනාට ඒකිව බේරන්න....මම කවදාවත් මගෙ කොලුවව උඹලට මරාගන්න දෙන්නෙ නෑ....ඌට හොද කාවද කියන්න තීරනේ කරන්නෙ ඌ....එච්චරයි ....

දහම්...ඒ ඉන්නෙ මගෙ මුනුබුරා ....ඌ කරන්න ඔනේ මොනවද කියන්න තීරනේ කරන්නෙ මම....

අප්පච්චි ...ඌ මගෙ කොල්ලා...ඌට ඕන දේ ඌ කරයි එච්චරයි ...

දහම්....

කටවහන් ඇතුලට පලයන් අනීතා....ආය මීක් ගෑවොත්...බලා ගමු....උඹට උඹේ අප්පච්චි ඉස්සරහා මගෙ අතෙ හයිය බලන්න ඕනා නම් මා එක්ක කටගහපන්.....මං උඹෙ කසාද මිනිහා කිව්වම අහලා මැරුම් නොකා පලයන් අනීතා ගෙට....

මම අහන් උන්නා....මම හුස්මක් නොගෙනම අහන් උන්නා....අවසානෙදි මම වේදනා දෙන පපුව අල්ලන් ඉන්නකොට අප්පච්චි ඇවිත් මහේ ශර්ට් එක උස්සලා ඉල ඇටගැහුන සර්වාංගෙම පෙන්නන පෙන්නත් කෑගැහුවා....මෙච්චර වෙලාමකෑ ගහපු අම්මා අවසානෙදි තාත්තගෙ කටට බය උන පාර සද්ද නැතුව ඉන්නකොට මං බලාගන අත්තම්මා වගේම සීයා තාත්තා පුපුර පුපුර ගෙට යනකොට අනිත් සනුහරෙත් ඒ පස්සෙම ඇදුනා....අවසානෙදි මමයි අප්පච්චි විතේනුයි ඇරුනම වලව් වත්ත පාලුවට යනකොට මම ඔහේ බිම වැටිලා ඉදන් උන්නා...

නිතේශ් ....

අ...ප්...පච් ..චි....

මේ දරුවවත් අරන් පලයන්.....මම උඹව අද බේරුවා ..ඒඋනත් මේ වලවේ සට කපට අම්මන්ඩිලා කාගෙන්වත් බේරුමක් නෑ නිතේශ් උඹ පලයන්.....

අප්පච්චි මගෙ මුන දිහා බල බල අවසානෙදි යන්න කියනකොට මම කතා කරන්න හැදුවා උනත් මට කතා කරගන්න වත් හයියක් නැතිවෙනකොට අප්පච්චි විතේන් දිහා බැලුවා.....

මගෙ දරුවව අරන් යමන් පුතෙ....

ලේ නහර පවා ඉලිප්පුන ඇස් දෙකේ කදුලු පටලයක් මෝදු වෙලා තියන කොට අප්පච්චි යන්න ගියා වගේම විතේන් මා දිහා බැලුව....

සුදු මහත්තයා ...අපි...යමු....නිතේශ් ...මට...

මට...උඹව....මෙහෙ...තියන්න..හිත නෑ....නිතේශ් ..... ඩියොන්ලා...කිව්වට..මම..කවදාවත් දැනන්...උන්නෙ...නෑ නිතේශ් ....මම...අනේ..මට...සමාවෙයන්...මගෙ මැනික.....මට...සමාවෙයන්කො.....

මම ඒ ඇස් දිහා බලන් උන්නා...වේදනා දුන්න පපුව මගෙන් හුස්ම ඉල්ලනකොට මම මට දැනෙන වේදනාවටම...මට හුස්ම අල්ල ගන්න වාරුවක් නැති කමටම එයාව එක අතකින් මිරිකගන හිර වෙන හුස්ම හරි අමාරුවෙන් අල්ලගත්තා ....

තේශි .....එපානෙ...අනේ..හුස්ම...අල්ලපන්කො...මගෙ...රත්තරන් ....අනේ...තේශි..

මට...මෙහෙම කරන්න ..එපා...රත්තරන් ..අනේ....තේ....ශි....හුස්ම...අල්ලපන්.....මගෙ.....වස්තුවේ....

එයා අඩනවා....පුපුරු ගහන කම්මුල් අත ගගා එයා අඩනවා....එයාට එහෙම කරන්න එපා කිය කිය අඩනවා.....එයා අඩනකොට මට අඩන්න එපා කියලා හරියටම කියා ගන්න බැරි උනත් මම හති අරින ගමන් හුස්ම අල්ල අල්ල එයාට නාඩා ඉන්න කිව්වා වගේම මගෙ වෙව්ලන අත්වලින් ඒ කදුලු පිහදැම්මා....

නා...ඩා...ඉන්න.....මං...මං....හො...දින්.....මං...හොදින්....මං....අදී...ශ්...වගේ..දාලා...යන්..නෑ....

මට කිය උනා..මම හිතලා කිව්වෙ නැති උනත් ඉකි ගගහා අඩන...හැමදාම මගෙ ඉස්සරහා අදීශ් ගෙ මරනයේ වේදනාව උහුලන...මාව දාල යන්න එපා ගගා අඩන එයාගෙ කදුලු මටත් උහුලන්න අමාරුවෙනකොට මම ඒ කදුලු පිහදලා නාඩා ඉන්න එයාව දාලා යන්නෙ නෑ කියනකොට එයා මගෙ අත් දෙකම අල්ලන් හාදුවක් තිබ්බා...

මං..උඹට...කවදාවත් ය ...න්න..දෙන්නෙ...නෑ...තේශි...කවදාවත් ...නෑ...රත්...

මම තෝන්තුවෙන් වගේ එයා කියන දේවල් අහනකොට ඇදන් ඉන්න අමාරු සරම ගලවලා විසික් කරපු එයා අදත් මාව උස්සගන්නකොට පන නැති මගෙ අතපය බෙල්ල මේ ඔක්කොම පහලට කඩා වැටුනා...හරියටම මලකදක් හා සමානවම....දත් මිටි කාගන මගෙ බරම දරාගන උන්න එයා මාව උස්සගන යනකොට ඒ ඇස්වලින් වැටෙන කදුලු මහ පොලවටත් උහුලන්න බැරිද උනා වගේම විදපු වේදනාව අහසටත් උහුලන්න බැරිව කුඩුපොතක් ගියා...

තේශි ...මගෙ..මැනික.....

එයා අතගානවා.....මොල්ලිගොඩ වලව්ව ඇස් පේන මානෙන් යන්න යනකොට මලකද වගේ හුස්ම අල්ලන මාව අත ගගා එයා මට කතා කරනවා....ඇස් පියන් උන්න මම එයා කියන හැම වචනයක්ම අහන් උන්නා....මම නින්දෙන් කියලා හිතාගන උන්න එයා එයාගෙ දුක එලියට දැම්මා.....එව් ඇස්වලට නිවනක් නැතිව ඇති.....ඒ අත්දෙකට නිවනක් නැතිව ඇති.....එක අතක්න් ඩ්‍රයිව් කරන ගමන් එයා මගෙ වේදනා දෙන පපුව අත ගගා එයාගෙ දුක කිව්වා....

මම දැනන් උන්නෙ නෑ...මගෙ....මැනික...උන්..මේ තරම්...මේ තරම් අමනුස්සයො කියලා...මං කවදාවත් දැනන් උන්නෙ නෑ.....තේශි.....මං පිස්සෙක් වගේ ආදරෙ දෙද්දි...දැනෙන ආදරෙ දැනෙන්නෙ නෑ වගේ ඉන්න හෙතුව මම දැනන් උන්නෙ නෑ මගෙ තේශි....

තමන්ගෙම මිනිස්සු ඉස්සරහා උඹ විදවන තරම් ....තමන්ගෙම උන් උඹව පාගන තරම් මන් දැක්කා....මට...සමා වෙයන් මගෙ සුදු මහත්තයා ...මට...මට...බැරි උනා...පුපුරු ගගන තරම් වේදනා දෙන කම්මුල් අත ගාන්න...උඹ වැටෙන කොට අල්ල ගන්න....උන් උඹගෙ පරන තුවාල ආය ආයම පාරනකොට උඹට වඩා මට රිදුන තේශී...

මට...සමාවෙයන් ..මගෙ සුදු අප්පො....

එයාගෙ වචන ඒ කදුලු ඒ වේදනාව මගෙ පපුවට පිහිපාරවල් ගොඩක් ගෙනාවා....

දාල යන බව දැන දැනම ආදරේ දෙන තරම් වේදනාවක් මේ ලෝකෙ කොහෙවත් නැතිව ඇති.....අදීශ් යන බව දැන දැන ආදරේ දීපු එයා අවසානෙදි හෙම්බත් උනා....ආදරෙ මිනිස්සුන්ව නොමරා මැරුවා...හැගීම් දැනීම් හැමදාම මිනිස්සුන්ව හිර කෙරුවා .....

මම හැමදාම ප්‍රාර්තනා කෙරුවා නිමල් කෙනෙක්...සුදු අප්පොට ජීවිතේ කියා දුන්න නිමල් කෙනෙක්....වලව්වෙ මැනිකෙලා එකතු වෙලා කෙරුවෙම මේ සුදු අප්පොව හැමදාම තලපු එක වෙනකොට මට මේ තාක් වෙනකන් නිමල් කෙනෙක් හොයා ගන්න බැරි උනා..මං නොදන්නවා උනාට මගෙ අප්පච්චි එයාගෙ වේදනාව හරි ලස්සනට හන්ගන් ඉදල තිබුනා...බලන් ගියහම අපි හැමදාම වලව්වට තැලිලා මිසක් ජීවිතේ විදලා නැහි බව මතක් වෙනකොට මට වචන වලට දරන්න බැරි වේදනාවක් දැනුනා.....

අතුල් පාරවල් වැදුන කම්මුල් ඉදිමිලා තියනකොට මට ඉන් හේලර් එක උරවගන්නවත් කට ඇරගන්න බැරි උනා.... දත් ඇන්දම වේදනා දෙනකොට හුස්ම අල්ලගන්න අමරුම තැන මම දෙකට නැවුනා.....

සුදු මහත්තයා ....තේශි.....

ඒ එයා.....අඩපු ඇස් දෙක ආයම අඩන්න හදනකොට මම නැකිට්ටා ...නැකිටලා ඒ අත උඩින් උඩින් අත තියා ගත්තා ....

මං ...හින්දා...අඩන්න...එපා...විතේ...න්...මේ...ලස්සන....ඇස්....කැත....වෙයිනෙ...

අකුරු අහුලපු මම අඩන්න එපා කියනකොට එයා වේදනාව වැඩි කමට යටි තොල හපාගන්නකොට මම හිනා උනා...

මේ සංසාරෙ සිහිනේ මේ...

ආදරනීයම මතකේ වූ...

දෑසෙ ගෑවුන සෙනෙහේ මේ...

මා හැරදා සුලගේ පාවූ...

සිනහව මියැදි තරු නිවුනාලු

දෑලෙ වලාවන් යලි නෑලු....

ආදරේනම් කවුරුන් වේදෝ....

මා තරමින් ඔය සිත සෑදු....

තේශි....

එයා මට කතා කෙරුවා.....තවමත් මගෙ අත තිබුනෙ එයාගෙ අත උඩ වෙනකොට එයා ඒ අත හරි හිමින් පිරිමැද්දා....

ඔයාට...බොන්න දෙයක් අරන් දෙනනම් මැනික....

ඉදිමුන කම්මුල් අත ගානකොට මම ඔහේ උන්නා.....සැරින් සැරේම මගෙ මුන දිහා බලාගන එක එක දේවල් අහන එයාගෙ කටට නිවනක් තිබුන් නෑ....මට තව දුරටත් එයාව තෙහෙට්ටු කරවන්න ක්නා උනේ නෑ.....ඉස්සරහින් එන ලයිට් එලි වල කහපාට එලි මූනට වදින වාරයක් ගානෙම මන් ඒ මූනෙ හැගීම් දැක්කා....වේදනාව අහස උසට තියනකොට මං එයාගෙ මූන මගෙ ඇගිලි තුඩු වලින් අල්ලනකොට එයා කාර් එක පාරෙ අයිනට කරලා නවත්තලා මගෙ දිහා බැලුවා ...

විතේ....න්..... මෙච්චරටම...ආදරේ කරන්න ඉගන ගත්තෙ කොහෙන්ද විතේන් ....ආදරේ නොකරන බව දැන..දැන... මේ තරම්..ආදරයක්...කොහෙන්ද...විතේන් ...අඩන ඇස් අස්සෙ...මේ තරම් ආදරයක්....ලෑලි පපුව...අස්සෙ...මේ තරම්....හැගීමක්.....උඹ...ගාව..කොහොමද විතේන් ...මේ තරම්...ආදරයක්....

මම එයාගෙ මුන අත් දෙකෙම්ම අල්ලන් මේ තරම් ආදරයක් කොහෙන්ද අහනකොට එයා හිනා උනා.....

එයා එහෙම්ම ඉන්නකොට එයාව දාලා මම කාර් එකෙන් එලියට බැස්සා.....පායපු හද තවමත් අහසෙ තියනකොට ඇගට දැනුන සීතලත් එක්ක මම දෙපාරක් තුන්පාරක්ම කහින කොට වෙනදා වගේම අදත් එයා මාව පෙරෙව්වා ...

ඔයව අසනීප වෙයි පන.....

ඒ එයාගෙ වචන....

බොනට් එකට හේත්තු වෙලා උන්න මම ඔහේ බලන් උන්නා.....එයාව ගැහෙනවා...සැරින් සැරේ හද වහගන යන වලාකුලු මොන මොන මොනවද කියනකොට මට බැරි උනා එයාව සීතලේ ගල් වෙන්න අරින්න.....

මං සීතලට ගැහෙන එයා දිහා බලලා මගෙ අත් දෙක දෙපැත්තට කෙරුවා....වියලුන් නැති කදුලු අස්සෙම්ම ඒ මූනෙ අහිසංක හිනාවක් මතුවෙනකොට එයා මගෙ අත් දෙක මැදින් හිටන් එයාගෙ පිට මගෙ පපුවට හේත්තු කර ගන්නකොට මගෙ අත් දෙකම එයා වටේ එතුනා .....

ඉතින්....

ආදරේ කියන්නම ඕනෙද පරිස්සම් කරන්න .....ආදරෙ කරන්නම ඕනෙද වේදනාවක් නොදී ඉන්න...වේදනාවක් නොදී පරිස්සම් කරනවා කියන්නෙත් ආදරේ නෙවේද .....

මගෙ ප්‍රශ්නෙට එයාගෙන් මට තවමත් උත්තරයක් නැති උනත් එයා කල්පනා කරනවා කියන එක මම දැක්කා.....සෑහෙන්න වෙලාවක් ඔහේ උන්න එයා අනිත් පාර සම්පූරනම මගෙ පැත්තට හැරුනා වගේම ඊලග පාර මගෙ අත් එයාගෙ බද වටේ එතුනා.....

මගෙ සුදු අප්පො.....

හද පායන බව දැන දැනම තරු පායනවා නම්....

උදේ පිපිලා හවස පරවෙන බව දැන දැනත් ආයම පහුවදා මල් පිපෙනවා නම්...

මිනිස්සු මැරෙන බව දැනදැන ජීවත් වෙනවා නම්...

ලැබෙන් නැති බව දැන දැනත් ආදරේ කෙරුවම මක් වෙනවද ...

සුදු අප්පො...ධර්මා...චාලිගෙන් අවසානෙදි අහනවා මෙහෙම....

"චාලි මට කොච්චරක් ආදරේද ...."

චාලිට වචන නෑ තේශි හැගීම් තිබුනා.....

ධර්මා....අවසානෙදි ...චාලි මං ඔයාට ආදරෙයි කියනවා..

චාලි දැනන් උන්නා....ධර්මට චාලි නැතිව බෑ කියලා ....

අවසානෙදි ....චාලි ධර්මට අදරේට තව ආදරයක් දීලා ගියා....

මගෙයි උඹෙයි කතාවෙදි ....කවදා හරි ...මට ධර්මා වෙන්න වේවි.....මැනික උඹ චාලි වේවි.....ඒත්...මට පුලුවන් ....උඹ මාව දාලා යන බව දැන දැනම ආදරේ කරන්න .....

මගෙයි උඹෙයි කතාවෙදි...කවද හරි....උඹ ධර්මා වේවි.....මට චාලි වෙන්න වේවි....ඒත් මට පුලුවන් ...මට උඹව දාලා යන්න වෙන බව දැන දැනම ආදරේ දෙන්න....

ඒත්...සුදු මහත්තයා .....හොදට බැලුවොතින් .....උඹ ධර්මා උනත්....මම චාලි උනත්...මම ධර්මා උනත්...උඹ චාලි උනත්....මම උඹට ආදරේ කරලා තියේවි ....දාලා යන බව දැන දැනත් වගේම ....දාලා යන්න වෙන බව දැන දැනත්...මම උඹට ආදරේ කරලා තියේවි නිතේශ් .....

දාලා යන බව දැන දැනත්....අදීශ්ට ආදරේ කරපු මට.....උඹට ආදරේ දෙන එක....මං දන්නෙ නෑ...මට උඹෙ ප්‍රශ්නවලට උත්තර නෑ සුදු මහත්තයා .....ඒත්....මං දන්නවා එක දවසක් ඒවි.....උඹ මට පන වගේ ආදරේ කරාවි මගෙ නිතේශ්...උඹටවත් උඹේ ආදරේ දරන්න බැරි වෙන්න උඹ මට ආදරේ දේවි මගෙ නිතේශ් ...

උඹ ආසයි නම් පියාඹන්න....සුදු අප්පො මට පුලුවන් උඹට තටු දෙන්න....

උඹ ආසයි නම් ජීවත් වෙන්න...මට පුලුවන් උඹට හුස්ම දෙන්න....

ආදරේ කරන්න ඉගන ගත්තෙ කොහෙන්ද කියන්න නම්...දන්නෙ නෑ මැනික.....ඒත්....මගෙ තේශි.....මල් කොහෙ පිපුනාම මොකද සතුටින් නම් ඒ හදවත .....??

මං අහක බැලුවා මොකද මට ඒ වචන දරන්න අමාරු උනා...වචනයක් වචනයක් ගානෙම තිබ්බෙ පපුව පිරෙන්න ආදරක් වෙනකොට එයා ආයමත් මගෙ පිරිමි පපුව මැද ආදරෙ හෙව්වා....ඇස්වලින් එලියට ආව කදුලු බින්දු ඉදිමුන කම්මුල් හෝදන් යනකොට මං ලොකු හුස්මක් අරන් එයා දිහා බැලුවා ...

විතේන් ...

කියන්න සුදු මහත්තයා ....

පු...ළුව..න්ද....මාව....තුරුල්...කර...ගන්න..

මෙච්චර වෙලාම මගෙ පපුව මැද නොදුන්න ආදරේ උරගාන එයාගෙන් මාව තුරුල් කරගන්නවද අහනකොට එයා හිනා උනා.....මට තේරෙන්නෙ නෑ....එයාගෙ හිනාව තනිකරම අමු මායාවක්....

එයා මගෙ අත් වලින් එලියට ඇවිත් අත් දෙක දෙපැත්තට කරන් මට එන්න කියනකොට උස මදි නිසාම මං බොනට් එක උඩ වාඩි වෙලා එයාගෙ පපුව මැදට මූන තියා ගත්තා .....

පපු තුරින් මුව තියන්

අහන් ඉන්නට එපා...

කියන්නට දෙයක් නෑ

ඉතිරි වී මට කියා....

මගේ සිනා ඔබගෙ....

මගෙ කතා ඔබගේ....

ළඟ තියා ගන්න ආදරෙන්

දෑසේ ගෑවුන සෙනෙහේමේ

ම හැරදා සුලගෙ පාවූ....

සිනහව මියැදි තරු නිවුනාලු

දෑලෙ වලාවන් යලි නෑලූ....

ආදරේ නම් කවුරුන් වේදෝ

ඔබ තරමින් මගෙ හිත සෑදු.....

මං උඹට ආදරෙයි මගෙ සුදු අප්පො..

එයාට නින්ද ගියා....මගෙ පපුවෙ තිබුන වේදනාව උරා ගත්තු එයාට අවසානෙදි නින්ද ගියා....සෑහෙන වෙලාවක් ඒ පිරිමි පපුවෙ ආදරෙ දුන්න එයාගෙ අත්වලට සැනසීමක් දීපු මම එයාගෙන් යතුර ඉල්ලන් ඩ්‍රයිව් කෙරුවා ..මග දුරක් එනකොට එයාටත් නොදැනිම නින්ද යනකොට වෙනදා වගෙම එයාගෙ ඵෝන් එක අතත් බිමට වැටුනා වගේම ඵෝන් එක අරගන්න ගියපු මගෙ පපුව ගැස්සිලා ගියා එයාගෙ ලොක් ස්ක්‍රීන් එක දැකලා....

..

මටවත් මතක නැති මගෙම ඵොටෝ එකක් එයාගෙ ලොක් ස්ක්‍රින් එකේ තියනකොට මම කාර් එක අයිනකින් නවත්තලා බැහැලා එහා පැත්තෙන් ගියා එයාගෙ බෙල්ල අනිත් පැත්තට කඩා වැටිලා.....

අඩලා අඩලා තෙත් උන කම්මුල් හිතන්න බැරි තරම් මෘදු වෙනකොට මං ඒවා මගෙ ඇගිලි තුඩු වලින් පිරිමැද්දා ....එයාට තෙහෙට්ටුවටම නින්ද ගිහින්....

තේ...ශි...මං...ඉන්..නව..නෙ....

එයාගෙ හීනවල ඉන්නෙත් මම....එයා කොදුරනවා.....

ශීට් එක හිමින් සීරුවෙ පස්සට කඩපු මම එයාව බ්ලැන්කට් එකෙන් පෙරෙව්වා ...

ම්ම්ම්හුක්....ම්ම්ම්ම්...ම්හු....

ශ්ශ්...දොයියන්න...දොයියන්නකො.....

දාලා තිබුන සපත්තු දෙක එකට එක අතුල්ලන ගමන් එයා කෙදිරි ගානකොට මම එයාගෙ සපත්තු දෙක ගලවලා හිමින්සීරුවෙ පස්සට තට්ටුවක් දාන ගමන් දොයියන්න කියනකොට එයා තලු මැරුවා...හරියටම අර දොන්ත ඩියෝන් හා සමානවම....

කහපාට ලයිට් එලි පාර පුරාවටම එලිය දෙනකොට සැරින් සැරේ කෙදිරි ගාන එයාට තට්ටු කර කර මං ඩ්‍රයිව් කෙරුවා .....පාර පුරාවටම තිබුන වාහන අවසානෙදි නැත්තටම නැති උනා වගේම ඉදලා හිටලා ගියපු වාහනයක් අපෙ තනි මැකුවා...

තේ....ශී...ම්ම්හුක්...ම්ම්ම්...

එයා නින්දෙම්ම දගලනවා ...එක අතකට ඉන්නම බැරිව යනකොට මං එයාව මගෙ අත් ගොබේට හේත්තු කරගන්නකොට එයා මගෙ අත අත් දෙකෙන්ම තුරුල් කරගත්තා නින්දෙම්ම ....මං දන්නෙ නෑ...එක හරිම රෝමාන්තිකයි ...මට පලවෙනි පාරට එයාගෙ සුවද ...ඒ උනුසුම දැනුනා...

එයා උනුහුම හොයනවා ....කොච්චර කොයි විදිහට උන්නා උනත් එයා තවමත් හුරතලයක් කියන්න සැරින් සැරෙ එලියට එන එක දේවල් එක්ක මං එයාගෙ මූන ....

දොයිය ගන්න.....ඔයාට තෙහෙට්ටුයි ...

එයාගෙ අපාර්මන්ට් එකට ගියෝතින් මට එයාව ඇහැරවන්න වෙනවා.....ජිවිතෙ පලවෙනි වතාවට මට පිරිමි පපුවක් ගැන හරි සියුම් ලෝභ කමක් දැනුනා.....මොකද ඒ පපුව ඇතුලෙ සැන්සීම තිබුනා.....නිවීම තිබුනා.....

ඇහැරවන්න ලෝභ මම එයාව මගෙ අත් දෙකට උස්සන් මගෙ ගෙදරට ආවා.....

බිත්තිය අයිනෙ වෙනුවට කාමරේ මැද හරියෙ තියන මගෙ ඇදෙන් මං එයාව තිබ්බා...

එයාව වැටේවිද ....

මගෙ හිත මටම වදදෙනකොට මං එයාව වැටෙන්නෙ නැතිවෙන්න ඇද අයිනට කොට්ටා තිබ්බා....

කකුලෙ තිබුන මේස් දෙක ගලවපු මං එයාව බ්ලැන්කට් එකෙන් පොරවලා මමත් මගෙ උඩට ඇදන් උන්න ටීශර්ට් එක ගලවලා කලිසම පිටිම්ම එයාට එහා පැත්තෙන් ඇදට වැටුනා....

තත්පර ගානයි එයා කෙදිරි ගාගන රෝල් වේගන මගෙ ගාවට ඇවිත් එක කකුලක් මගෙ ඇගට වගේම එක අතක් මගෙ බඩ උඩින් තියා ගත්තා .....මාව කොන්ක්‍රීට් උනා වගෙ උනා...

හී.....මේ....නිතේස්....අයියා...ඇයිල්ලා....

ඩියෝන් ගෙදර යමු ඩියෝන් ...

ම්හුක්...බෑ...මට බෑ....

එයාලා නිදිනෙ බබා මටත් නිදිමතයි ඩියෝන් එන්නකෝ...

බෑ කිව්වනෙ...මං යනවා මගෙ නිතේස් අයියා ගාවට ...

තෝව හදන්න බෑ...

බෑ තමා...

ආ....ව්ව්හ්....අත.....හිරි...වැටිලා....

වම් අතට දැනුන වේදනාව එක්ක මම ලාවට ඇස් ඇරියා වගේම මගෙ අත හිරි වැටෙන්න හේතුව අත උඩ නිදාගන උන්නා....දොරකොඩ ගාව කුටු කුටු ගාන සද්දෙ වගේම අවසානෙදි අඩන සද්දයක් එක්ක මට පොඩි ගඩාපියාගෙ සද්දෙ ඇහෙනකොට ඕකා අවොත් ලෝක නඩුවක් වෙන නිසා මම එයාව මගෙ අත උඩින් හිමින් අයින් කරල නිදිවගේ ඇස් පියා ගත්තා ...

හී.....නිතේස් අයියා...දොයි....විතේන් අයියත් දොයි....හු...හ්...ඩියෝන් බබත් දොයි...

ඒකගෙ කුඩික්කි කටෙ සද්දෙ එක්ක මට ඇද මැද බරවෙනවා වගෙ දැනෙද්දි මං ඇස් දෙක තදින්ම පියා ගත්තා ....ඒ චුට්ටකින් මගෙ ඇගට අඩු දෙකක් වගේම පපුව උඩට අතක් වැටුනා.....ආයම ඒ අත මගෙ ඉදිමිලා තිබුන කම්මුල් පුරාවටම ගියා ...

හුහ්...අර නාකි....එලදෙන මගෙ නිතේස්ට ගහලනෙ ..මං කිව්වා..නෙ....අර...මිනියට....යමු කියලා .....ඇහුවෙ නෑනෙ ආව දෙන්කො සෙනෝන්...

එයා කියවනවා .....මගෙ ඇග උඩ තිබුන ඒකගෙ අඩු දෙක එහා මෙහා වෙනකොට එකා මගෙ මුනට එබීගන කියෙව්වා වගේම කතා කරන වචනයක් ගානෙම ඒ කටින් චොකලට් සුවදක් ආවා....ශුවර් එකට මිනිහා ගම්මැද්දෙ යන්න කලින් කෙලෝග්ස් කාලා ...

නිතේස්....අයියෙ....දොයියෑවා ඇතිනෙ.....

කම්මුල් පුරාවටම අර පොඩි ඇගිලි ගියා වගේම ඒක මට දොයියෑවා ඇති කිව්වා....

හී...මේ....චුම්චුවා.....අපේ...සෙනෝන්ට වඩාහරි ලස්සනයි අප්පා....ඩියෝන් බබා ආතරෙයිනෙ....විතේන් අයියා ගාවත් ඇතිනෙ..

මොන ඌරෙක්ද මන්දා....මාව කුරූ ගාගා උන්න ඩියෝනයගෙ චූටි ඇගිලි මගෙ පපුව ගාව නවතිනකොට මට තේරුනා මූ හොරාවට හොරාවට උම්මා දෙනවා.....මූව හදන්න බෑ...ජම්මෙටවත්....මං නැකිට්ටොත් මූ කියවන එක නවත්තන්නෙ නැති වෙන හින්දා කන්දෙක රතු කරගත්තු මම මැරිලා වගේ ඉන්නකොට ඒකා දගලලා දගලලා අවසානෙදි විතේනවත් ඇහැරෙව්වා..

ගුම්...මෝනිම්...විතේන් ...අයියෙ ...නයිස් ටු මාට් යූ...

ම්හුක්...ගුම්....මෝ...නිම්...චු...ටි...මැනික....මං...මේ....

ඔයා ඉන්නෙ ..අපෙ...නිතේස්ගෙ ගෙදර ඒයි...මේ...නිතේස්...මේ ඉන්නෙ...මේ දොයි තාම ...

දොයි නේ...න්නම්....

හොර නින්දෙ උන්න මං ඒකගෙ කතාවට කන් දෙක දාන් උන්නා ...මූ කතා කෙරුවට ඒකගෙ අත් හොරෙන් හොරෙන් කූරු ගෑවා වගේම මං දත් ඇන්දම තද කරන් මැරිලා වගේ උන්නා ..

විතේන් ...මේ...ඒයි....

ම්ම්.....

අපේ..නිතේස්ගෙ මූන...ඉදීමිලා ...තියෙන්නෙ ඇයි...

.......

ඇත්ත කියපන් ඒයි.....අර...නාකි..පාපිස්ස....අපෙ කොල්ලට ගැහුවා නේත....

ම්ම්....

කොච්චරද ...කීයක් ...හුගක්.....

හුගක්....

ඇයි...ඇයි....ඔයා...බේරුවෙ නැත්තෙ ...ඇයි...ඔයා ගහන්න එපා කිව්වෙ නැත්තෙ....මං..කිව්වනෙ....මං...කිව්වනෙ....අපෙ නිතේස්ව බලා ගන්න කියලා ...

මට...සමා...වෙන්න....ඩියෝන්...

මෙච්චර වෙලා හොරෙන් කුටු කුටු ගගා උන්න පොඩි ගඩාපියා විතේන්ව කන්න හැදුවා ....ඊයෙ රෑ වෙච්ච දේවල් එක්ක විතේන් තවමත් උන්නෙ දුකෙන් වෙනකොට අර යක් පැටියා මගෙ බඩ උඩ ඉදගන කම්මුල් අත ගගා මැරෙන්න හැදුවා ....ඌට ශෙනොන් ගැනවත් මෙච්චර කැක්කුමක් නැතුව ඇති..

.

විතේන් ...අයියෙ ....අපේ..නිතේස්ට හුගාක් ගැහුවෙ කව්ත...අනීතද....සුනීතද....නාකි පාපිසි දෙකද...

නාකි...පාපිස්සි....

හුගක් ගැහුවත.....මං අහන්නෙ ....අඩන්නම...

ම්ම්ම්ම්ම්..

ම්හුක්....විතේන් ...අයියේ.....

කියන්න චූටි මැනික...

ඩියෝන් බබාට බඩගින්නක් ඇවිත්නෙ ඉතින් බලන්නකො.....අපේ සෙනෝන් මට කන්නවත් දෙන්නෙ නෑනෙ....ඔයාට පුලාන්ද....සෙනෝන්ගෙ බබාට කුක්කු පිටි එකක් හදා දෙන්න....පිජ් එකේ කුක්කු බෝතලයක් තියනවනෙ.....කුසියෙ පැන්ට්‍රි එක අස්සෙ මං හංගපු මයිලො පෙට්ටියක් තියනවා ඒකෙනුත් දාන්න...හැබැයි ඒයි ඒ පෙට්ටිය ආයම හංගන්න....නැත්තන් මේ නිතේස් මගෙ පිටි එක කනව....අනිත් එක..."සීනි" කියලා ගහපු බෝතලෙ තියෙන්නෙ ලුනු..."ලුනු" කියලා ගගපු එකේ තියෙන්නෙ සීනි හරිත ඒයි නැත්තන් කූඹි යනවා ...අපේ නිතේසට සල්ලි නෑනෙ හැමදාම සීනි ගේන්නත්....දැන් ගිහින් හදන්නකො.....

මං කට තදකරන් අහන් උන්නා අරු මායිම් දාලා දාලා විතේන්ව කිරි හදන්න යැව්වා වගේම මගෙ සාක්කුවට අතදාලා ඵෝන් එක අරගත්තා ..

මේ යකා මොන මගුල කරන්න හදනවාදෝ මන්දා....

ම්හුක්...නාකි පාපිස්ස....මගෙ නිතේස්ට ගහලා....ඉදුපියකො තොට දෙන්නම්...

මං ලාවට ඇස් දෙක ඇරගත්තා මගෙ බඩ උඩම ඉදන් උන්න ඒකා දිවත් පැත්තට දාගන මං බලාගන ඵෝන් එක ඔබනවා....

දැන් හරි ..නෝ...නම්බර් ගැහුවා....මේ තීන්නෙ.....අත්තම්මා...නිවන් ගීන් අපිත...හුග...ක්...ඈ...තයි....

මූ අත්තම්මා නිවන් ගිහින් කියන ගමන් ඵෝන් එක කනේ ගත්තා වගේම දෙපාරක් තුන්පාරක්ම උගුර පෑදුව....

ආ....කුමාරි හාමි.....තෙඋඩිච්චි ...උඹ කෝල් කරන කන් තමා මං හිටියෙ...උඹ මගෙකොල්ලට ගහලා උඹට හොදක් සිද්ද වෙන්න එපා පට්ට බැල්ලි...ගහනවා තොට මම වැලි....උඹ ඔසරි පොට බෙල්ලෙ එල්ලන් ගම වටේ ගියාට උඹට කොල්ලො කැමති වෙනවද.....තොපිද බඩු අපිනෙ බඩු.....ගුදමාර්ගෙ ආදායම් මාර්ගෙ කරගත්තු නාකි කැරපොත්ති....

බබා...

අනේ කොල්ලො...බැනපිය මෙන්න මේකිට...

මං නැකිට්ටා....මං නැකිට්ටෙ නෑ....අත්තමට කියපු කියුම් වලට මට ඇස් පියන් ඉන්න බැරි වෙනකොට මූට බැනගන්න බැරි තැන මූව හොයන් ආව ශෙනෝන්ටත් ඵෝන් එක දීලා පොර කුකුලා වගෙ පුම්බන් උන්නා...

ඩියොන්...බහිනවකො...

මට බෑ....ඇයියෙ...ආ ඒයි...අර නාකි පාපිසා ගහනකො අත පය තිබුන් නැතිද..ඈ නිතෙස්....සෝක් එකට තිබ්බ මූනනෙ....

ඩියෝන් බබා බහින්න බහින්න ඔය කොහෙද ඉදන් ඉන්නෙ....

අනෙ සෙනෝන් මේ...පොඩ්ඩක් ඉන්නවත වාතයක් නොවී මේ ලමයගෙ කම්මුල් දෙක ඉදිමිලා ඒක පේන් නෑ මං ඉදන් ඉන්න තැන පේනවා....උඹ තමයි සෙනෝන් දවසටත් මිනිහා....

අරූ මගෙ ඇග උඩ ඉදන් අත්තම්මට දේව සාප ඉල්ල ඉල්ල මගෙ කම්මුල් අත ගෑවා වගේම ශෙනොන්ටත් අල්ලන් බැන්නා.....

ඈ නිතේස්....ඇයි මට මෙහෙම වද දෙන්නෙ...මං කියලා නේ යැව්වෙ.....මට ඊයෙ ඉදන් හරි හමන් කෑමක් බීමක් නෑ.....නින්දක්නෑ...

අනේ ඩියෝන්...ඇයි බබා උඹ ඔය බොරු කියන්නෙ..මුගෙ බොරු නිතේශයා උඹට දෙන්න කියලා හංගපු දිවුල් එක බොනකොට පාන්දර එකයි ගානක්.....තොට ගහනවා පුක පුපුරන්න බොරු කියනවට ,වර මෙහාට නැගගන හුරතල් වෙනවා ...

බෑ....අනෙ....නිකන්...ඉදුපියකො...

සෙනෝන්.....විතේ....න්....අයියේ....නිතේස්....අනෙ කොල්ලො ගහපියකො මූට....මට කොයි වෙලෙත් ගහනවනෙ....

මට හුස්මක් කටක් ගන්න නොදී උන්න ඩියෝනයා බොරු පලලා පලලා අවසානෙදි මගෙ රතු උන කම්මුල් වලට පුලූවාන් තරම් ඒකගෙ කුනුකෙල පෙරුන කටින් උම්මා දුන්නා ...මූ මහ ගල් ආදෙක්...

ඒ උනාට..මට..දුකයිනේ ඒයි.....ඩියෝන් බබා හරි ආතරෙයි නෙ නිතේස්...ආය එහෙම යන්නෙ නෑ ආ..ඔන්න දැම්ම කිව්වා...ආව දෙන්කො ඔය වෛජන්ති මාලා...අම්බපාලි....නවදැලි හේනෙ අගුරු උන වැදිරි.....අනේ...ඕකිව නිවන් යවන්න කෙනෙක් නෑනේ.....

ඩියෝන් ....

මට...තරහා ගිහින් ඉන්නෙ සෙනෝන්...මට දැන් හරීයට තරහා ගිහින් ඉන්නෙ.....අත්තම්මා කෙනෙක් විකිනීමට ඇත කියලා ඇඩ් එකක් වත් දාමුත ඒයි...ඈ සෙනෝන්....

ඩියෝන් විකාරද....

ම්හුක්....විකාර නේන්නම්....ඒගෑනිව කව්ද නිකන් ගන්නෙ නොමිලේ දීමට ඇත කියලා ඇඩ් එකක් දාමුතේ...ශකබුම්ම්ම්ම්...!!!

ඩියෝන් දෙයියන්ගෙ නාමෙට බැහැපිය මගෙ ඇගෙන්....

අනේ....ඔහොම චුට්ටක් ඉන්න ඒයි...මට ඔයා නැතුව කොච්චර පාලුද...අනික..මගෙ චුම්චුවා...කොහෙද මේ සෙනෝනයෙක් උන්නට චුම්චු ටිකක් වත් දෙනවද

අනෙ මං තොට දෙන්නෙම නෑනෙ....රෑ එලිවෙනකන් කූඩැල්ලාවගෙ ඉන්නෙ කව්ද දන් නෑ....හොර මිනිස්සු වෙන්න ඇති...බොරුවෙ පියා උඹ.....

මගෙ කන් බෙරේ පුපුරන්න වගෙ....නැකිටගන්න පනක් නැති මං උන් දෙන්නගෙ කන්දොස් අහන් ඉන්න බැරි තැන කන්වලර ඇගිල්ලක් ගහගත්තා වගෙම කුසියෙනුත් මොන මොනවා හරි කුඩු පට්ටම් වෙන සද්දයක් ආවා...

ඩියෝන්...අත...ගන්නවකො...කොහෙද ඕයි ඔය අල්ලන්නෙ....

බෑ....මගෙනෙ....

අත ගනින්කො ඩියොන්...අර මිනිහා ඉන්නෙ...අල්ලගනින්කො....

බෑ...ඒක සෝස පාට නෑනෙ....

ලැජ්ජාවක් නැති පොඩි එකා උඹ . .

ඉවසලා ඉවසලා බැරිම තැන මං අමාරුවෙන් ඇද විට්ටමට හේත්තු වෙලා ඉදගත්තා වගේම අත පය තියන් ඉන්න බැරි පොඩි ගඩාපියා ලැජ්ජාවක් නැතිව් චුම්චුවක් එක්ක ඔට්ටු වෙනකොට ඒකට කිරි හදන්න ගිය විතේන් ආවා....හැබැයි ඒ මූන පුපුරලා යන්න ඔන්න මෙන්න වෙනකොට තවමත් මට වද දිදි උන්න ඩියොන්ට රවාගන වගේ ඉන්නකොට මං ඉක්මනට ඒකව මගෙ උකුලෙන් විසික් කෙරුවා ...

චූටි මැනික ආ...

ආයමත් චූටි මැනිකලු...මගුල....

මගෙ මූන දිහා බලන් උන්න එයා මාව කන්න වගෙ දත් මිටි කාගන ඩියෝන්ට චූටි මැනික කියනකොට මං අරූගෙ ඔලුවට ටොක්කක් ඇන්නා වගේම ටොක්ක කාලා අඩාගන වගෙ කිරි එකට අත දික් කරපු පොඩි එකාගෙ කිරි එක ගන්නකොට ඒක ලෙස්සලා බිම වැටුනා ...

සලා....න්....

අර...මගෙ...කු...ක්කු.....එක....අනේ...හ්....වි...තේ...න්...අ...යි...යේ....

ගෙදර ගිහින් කූක්කු බොන්න බබී...

මං හිතන්නෙ ඒක ලෙස්සලා වැටිලා

නෑ වගේ...ඒ ගඩාපියා හිතලම වට්ටලා වගේ.....

අම්මො....ආය හෙට...

පයිස්සමින් ඉන්ඩො...

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters