මං මැනිකගෙ කෙල්ල දිහා බලලා යන්න කිව්වා උනත් අත්තම්මගෙ වචනෙට බය උන පොඩි එකී අඩන්න හදන ඇස් ගල් කරන් රෙදි ඇහින්දා.....මගෙ විතේන් දුකෙන් වගේ බලන් උන්නා....
විතේන් .....ඔයා යන්න මගෙ කාමරේට....
ස්..සු....නි..නිතේශ් .....
ඇයි....ආයම මම එකම දේ කියන්න ඕනෙද?තමුන්ට පාර දන්නවනෙ....මෙතනට වෙලා බලන් ඉන් නැතිව යන්න පුලුවන් .....
උඹ මොකද නිතේශ් ඒ දරුවට සැර කරන්නෙ....ඒ ළමයා මොනවා කෙරුවටද....අනික මේ වලව්වෙ වැඩකරන එකියක් හින්දා ඔච්චර නහින්නෙ?උඹලට වලව්වට එනකොට යක්කු වැහෙනවා...ඇරත් ඉස්සරහින් නැතුව පස්සෙන් එන සිරිතක් තියනවද සුදු මහත්තයා ආ?
සැරකරන්නෙද....සැරකරන්නෙ සිංහල වෙලත් සිංහල නොතේරෙන හැත්තවල් ඉන්නවනෙ....ඒකයි.....කව්ද කියන්නෙ මේ ඉන්නෙ වලව්වෙ වැඩකාරියක් කියලා මොන පොතේද තියෙන්නෙ....?අනික....අවසානෙදි නවතින්නෙ ගෙදර ඇතුලෙ නම් කොහෙන් ආවත් මොකද?
මං අත් දෙක පිටිපස්සට බැදන් කෙලිම්ම අත්තම්මා දිහා බැලුවා...මගෙන් බැනුම් නාහා බැනුමක් අහපු විතේන් ඇස් වලින් පවා"අනෙ සුදු මහත්තයා රන්ඩුවෙන්න එපා" කියනකොට මං ඒ ඇස් මගෑරියා ....එයා පිටිපස්ස බල බල යන්න ගියා....
මන් දැන් තනිකරම හාමු කෙනෙක් වගේමයි ....අපි හැමෝගෙම පුරුද්දක් තිබුනා අත් දෙක ඉස්සරහට වඩා පිටිපස්සට බැදගන්න....සීයා තාත්තා ...අප්පච්චි ලොකු අප්පච්චි මේ හැමෝම අත් බැන්දෙ පිටිපස්සට...කොළඹ රටෙ කුරුදු වත්තෙ උන්නා උනත් මගෙ විතේන් කිව්වා වගේම හාමු පට්‍ටම මගෙ ලේවල තියනකොට මම තනි කෙලින් හිටගන අත් දෙක පිටිපස්සට බැදන් ඒ මූන දිහා බලන් ඉදලා උගුර පෑදුවා...
අත්තම්මා .....
මං ආයම කතා කෙරුවා ..පොඩි එකී දෙකට නැවීගන රෙදි ඇහිදිනවා...පාට ගියපු චීත්ත ගවුම දිය වෙලා ගිහින් තිබුනා....ඉස්සරහින් නැවෙනකොට හැදීගන එන ළපටි දෙතන දිය උන ගවුම් කරෙන් වගේම කෙල්ල උස ගිහින් නිසා පරන ගවුම කොට වෙලා තියනකොට ඒකිගෙ ඇත්දල පාට කකුල් බාගයක්ම එලියට පැනලා තිබුනා ....
කොලඹ රටේ නෝනලා පොශ් වෙන්න හිතාගන අල්ලි දෙකක් වත් දුරට අඩිය තියන්න බැරි වියත් දෙකේ කොට කෑලි ඇන්දට එදා වේලෙන් හුස්ම අල්ලන....වලව්වෙ දර දිය අදින උන්ගෙ ගවුම් කඩමාලු කොට උනෙ ඇදලා ඇදලා හෝදලා හෝදලා පට්ටම පරන ව්ව්ලා යනකොට වගේම ඇගින් පතින් හැදුනත් චීත්ත රෙදි යාරයක් ගන්නත් උන්ට වත්කම නැති හින්දා අදින ඇදුම් ඇගටම කොට වෙලා යනවා ...
රෙදි අහුලලා දූවිලි වැදුන රෙදි ආයම ලිදලගට දාලා අනිත් ඒවා වනන කෙල්ල දිහා බලන් උන්නා....
මේ ළමයි ඉන්නෙමදැන් පරිස්සම් කරන්න ඕන වයසෙ ..
අම්මයි දුවයි දෙන්නා එක්කම බුදියෑව හාමුවට තමන් ගේ ලේ කියලා ගානක් නැතිවෙන්න පුලුවන් .....අම්මගෙ පැදුරු කඩමාල්ල කියලා කෙලීගෙ එක පෑගෙන්න පුලුවන් .....එහෙම උනොත් උන් අඩලා දොඩලා පලි ගහල වැඩක් තියනවද ..මොකද දෙයක් උනාට පස්සෙ උඩ ඉන්න දෙවිවරු ස්වර්ගෙන් බැහැලා එනවා කියලද....
මට හදිසියේම සෙංකොට්ටන් මතක් උනා.....මහින්ද ප්‍රසාද් හරි අපූරු දෙයක් ලියලා තිබුනා....
"උඹට කියන්න අපේ කිරි අම්මා කෙනෙක් හිටියා මාගල්වත්තෙ ,වංසා රිදී කියලා..කුණුහර්ප කියනවා කටේ නොගෑවී.මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදි මගෙ ළඟින් ඉදගන මේ මං උඹගෙ හිත හදන්නා වගේ ම මගෙ හිත හදන්න හරිහරියට මහන්සිවුණා.ඒ ගෑණී කියපු කතාවක් මට අද වාගේ ම මතකෙ තියනවා...ඒ කිරි අම්මා කිව්වා....ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේ ය,හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ජාතියක් ය අත නිකං තියාගන ඉන්න පුරුද්දක් උන්ට නැත.අර අහවල් පලහිලව්ව නිකං තියාගන ඉන්න උන්ට පුරුද්දක් උන්ට නැත,අන්න ඒ හංදා උඹ ළඟ තියන හක්ගෙඩි දෙකයි පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපාය කියලා...."
මම කෙල්ල ගැන කල්පනා කෙරුවා ..
අත්තම්මා ඉවරයක් නැතිව මගෙ විතේන් ගැන හාරාවුස්සනවා....ඒ උනත්...මගෙ විතේන් ඉන්නෙ මාගාව....අද ඊයෙ පිපුන මල ඉන්නෙ වලව්වෙ වෙනකොට මම කෙල්ලට කතා කෙරුවා ...
ඔය ලමයට ඔය ගවුමට උඩින් ඇදගන්න චීත්තපටක් වත් නැද්ද...?
බේබි...හාමු.....
මම අත් දෙක පිටිපස්සට කරගනම අත්තම්මවත් ළඟ තියන් නඩුව විසදන්න ගත්තා .....
ආ බොල බොන්ඩියේ.....තොපිලට කියලා තියනව නේද බේබි හාමුලා ඉන්නකොට සංවර වෙයන් කියලා...කොහෙද ....තොපිට පොඩි වයසෙම්ම මදනෙ ගහලා අවසානෙදි ගහක් ගලක් අයිනෙ පදුරක් අස්සෙ බුදියල බඩවෙලා මෙහෙ හිගන්නො වදනවා....තොපිට නම් මොකද මෙහෙ ගිලින්ඩ ඕන තරම් බත් හට්ටි ගනන් තියනවනෙ තෝත් එකයි...තොපෙ මහ පරට්ටිත් එකයි.....දුවපිය අහකට.....
අත්තම්මා ....කට...කට පියාගන ඉන්න ඕනා..
නිතේශ් ...
කිව්වනෙ සැරයක්....කට පියාගන්න කියන්නෙ ආය කට අරින්න නෙවෙ.....
මම අත්තම්මා දිහා බලන් සැර උනා...අර කෙල්ල බය උනා.....ඒකි කවදාවත් දැකලා තිබුන් නෑ මේ බේබි හාමු කටහඩ උස් කරනවා...ඇරත් වලව්වෙ වැඩකාරයො කියලා හංවඩු ගහපු ඒ අසරනයො ඉස්සරහම.....
ඔය ලමයට යන්න පුලුවන්
ඒකි කොහෙ යන්නද මෙහෙ වැඩ එකාකාරෙට
ඒ කෙල්ල මෙහෙ ඉදන් මොන මගුල කරන්නද අත්තම්මා ??ඇරත් කෙල්ලගෙ නෙවෙනෙ මගුල....ලැජ්ජාවක් කියන එකක් ගෑවිලා වත් නැද්ද මොල්ලිගොඩ මැනිකෙ???
මං කෙලිම්ම අත්තම්ම දිහා බැලුවා වගේම අඩුවකට උන්න අනීතා මැනිකෙත් වෙන්න මොනවද නොදැන හිනාවකින් මූන පුරවගන අපි ඉන්න දිහාවට ආවා...
සුදු පුතා ....ඇයිමෙ වලව්වෙ පිටිපස්සෙන් ඇවිත්...මං අර සූරියබන්ඩාර වලව්වෙ දරුවව දැකලා තමා එලිබැස්සෙ....
අනීතා...මෙන්න මේ කොල්ලට මොන යකෙක්ද මේ වැහීගන එන්නෙ බලපන්.....
ඇයි අම්මා.....
ඔය ලමයට මම ගෙදර යන්න කියලා කිව්වා කනට ඇහුන් නැද්ද....ආ
ස්ස්..සමාවෙන්න...බේබි...හාමු...
අම්මයි අත්තම්මයි කුටු කුටු ගානකොට අඩන්න බැරි කමට කෙල්ල දාලා දාලම ගෙවිලා ගියපු රබර් සෙරෙප්පුවෙන් බිම හාරනකොට මං කෙලීව එලෙව්වා...මොකද මෙතනින් එහා දිගෑරෙන්නෙ ඒකිගෙ ජාතක කතාව වෙනකොට මට කෙල්ලව මෙතන තියාගන්න උවමනාවක් නැති තැන මං කෙල්ලව එලවගන අම්මා දිහා වගේම අත්තම්මා දිහා බැලුවා
මොකක්ද සුදු පුතා ඒ කෙරුවෙ.....ඒකිව යවලා කව්ද අර බිම මදින්නෙ....
ඇත්තටම අම්මට වත් අත්තම්මටවත් හිතක් පපුවක් නැද්ද ??අනික අත්තම්මා මොන වෙට්ට කතාද ඒ කෙල්ලගෙ මූනට කිව්වෙ ආ අත්තම්මා
මං වැරද්දක් කිව්වෙ නෑ සුදු මහත්තයා ඇගපත හැදුන එවුන් දැනගන්න ඕනා පිරිමි ඉන්න තැන විලිවහන්න...
නැත්තෙ කොහෙද ....ඒකී ඊයෙ පෙරේදා නේද ලමිස්සියෙක් උනෙ ...වලව්වෙ ඉදුල් හෝදන උන්ට චීත්ත යාරෙත් මහ හුගක් බරයි ඒක වත් ඔය ඔලුවට දැනෙන් නැද්ද අත්තම්මා ආ....වලපයයි ගොඩ පයයි තියන් කියන කතාද ඔය...බඩ වෙනවා තියා ඒ කුනුහර්පෙ නොදන්න පොඩි එකීට කුනුහර්ප පද කියන්න ඔය හිත ගලක්ද අත්තම්මා ආ??
සීවරන් දෙවියනෙ සුදු පුතා මොනවද උඹ මේ කියන්නෙ නිතේශ් ....
ඇයි මං කියන්න වරදක්ද...ඒකි හිතලා කොට ගවුම ඇන්දෙ නෑ...ඒකිව උස ගියත් ඇගපත හැදුනත් ඒකිට විලි වහන්න චීත්ත යාරයක් අරන් දෙන්න එකෙක් නෑ..එතකොට ඒකට පලි ඒකි උස ගිය එකද??ගවුම දියවෙලා ඇකිලිලා ගිය එකද....නැත්තන් ඔහේලා පරවැඩ ගත්තට තඹ දොයිතුවක් නොදෙන එකද?
නිතේශ් උන්ට කන්ඩ ටික දෙනවා නම්.. ඉන්න හිටින්න තැන දෙනවනම්...මාසෙට ගානක් දෙනවා නම්
හෝව් හෝව් අම්මා..හෝ....ව්...කන්ඩ ටික දෙනවා ....ඒක හරිගස්සන්න අපි කාලා ඉතුරුවා උන් කනවා කියලා .....ඉන්න හිටින්න දෙනවා කියනවා නම් ඒකත් හරිගස්සන්න නමට ඉන්න තැනක් කියලා ....පඩිය ගැන කියනවා නම්.....පාරෙ ඉන්න හිගන්නොත් හිගා කාලා ඔයිට වඩා හම්බ කරනවා.....
අනික..මැනිකගෙ කෙල්ලට....අමුතුවෙන් පරිස්සම් වෙන්න දෙයක් නෑනෙ....මොකද මේක ඒකිගෙත් අප්පගෙ වලව්වනෙ නේ අත්තම්මා....ආ....මං හරිනෙ මොල්ලිගොඩ මැනිකේ...ම්ම්ම්ම්ම්???
නිතේශ් !!!
මං අත් දෙක බැදගනම අත්තම්මටයි දුවටයි පස්ස හරවන යටි තොල හපාගන උන්නා වගේම ගස් කොලන් අස්සෙන් දුවන මැනිකගෙ කෙලීව මං ඈතට දැක්කා....
නිතේශ් .....මොකක්ද උඹ කිව්ව හරුපේ ....ආ නිතේශ් .....
අත්තම්මා මාව ඇදලා අරන් ඒ පැත්තට හරවනකොට මං කෙලිම්ම අත්තම්මගෙ ඇස් දෙක දිහා බැලුවා ...
ඇයි....මං වරදක් කිව්වද මොල්ලිගොඩ මැනිකෙ....?? මැනිකා බඩ උනෙ....මොල්ලිගොඩ හාමුදුරුවො අතින් කියලා ....මේ වලව්වෙ මහපොලව අස්සෙ ඉන්න ගැඩවිල්ලු පවා දන්නවනෙ.....අත්තම්මා අන්නාසි වතු අස්සෙ නැහුනෙ මැනිකට ගිල්ලවන්න ගැට අන්නාසි හොයන්න කියලා අපි නොදන්නවද???
නිතේශ් ....උඹ මොනවද මේ දොඩවන්නෙ.....නිතේශ් ...
දොඩවන්නෙ උඹලගෙ මහ එකාගෙ කෙරුම් තමයි....
කටවහපන් නිතේශ් කට වහපන්....
කටවහන්න....මම.....?? නෑ..නෑ....ඒ කටවහපු කාලෙ ගියා...ඒ කාලෙ ගියා...
අම්මා වගේම අත්තම්මා එකට එක කියන මාව කොහිල කොටුව දිහාවට ඇදගන ගියෙ කුසියෙ කැවිලි හදන්න ආව උන්ට ඇහෙයි කියලම වෙනකොට මේ වෙනකොට අම්මා මගෙ පිටට දෙක තුනක්ම අතෑරලා තිබුනා.....
මං අත්තම්මගෙ අත ගසලා දාලා ලෙහිලා ගියපු මගෙ කොන්ඩෙ ආයම ගැට ගැහුවා ....අත්තම්මා වගේම අම්මා මගෙ මූන බලන් උන්නා...
කොච්චර කැපුවත් හුස්මටත් වඩා වේගෙන් මගෙ රැවුල වැවෙනකොට උදේ රැවුල කපපු පාර තවම හිටලා තියන මගෙ මූන දිහා අම්මා බලන් උන්නා.....අනිවාර්යයෙන්ම එයා බලන් ඉන්න ඕනා මොකද මම කියන්නෙ මගෙ අප්පච්චිගෙම පලුවක් වෙනකොට ඇස් හීනි කරන් රවන් උන්න මා දිහා අම්මා බලන් උන්නා....
සුදු පුතා උඹට මොකක්ද ඒ පාර හැදුන කුලප්පුව ආ....මේ කොහේවත් යන එකියක් හින්දා උඹ අපිටත් දෙස් තියන්නෙ? උඹට එක එක කාලෙට එක විගඩන් ඔලුවට ගහනවා.....එක කාලයක් අර කොගෙවත් උන්න එකියක් අල්ලන් නැහුනා....දැන් මේ වැඩට ඉන්න එකියක් අල්ලන් නැහෙනවා...ගෙට ගොඩ වෙන්නත් කලින් උඹට මොන යකාද වැහුනෙ සුදු මහත්තයා ...?
මාව ඇදන් ආව අම්මා ඔසරි පොට හද හද මට දෙස් තියනකොට මං කටකොනින් හිනා උනා
මට වැහුන යකෙක් නෑ...හැබැයි....මං කෑගැහුවෙ දහ අටවත් පිරුන් නැතිව වලව්වෙ වැඩකාර කමට ගත්තු කෙල්ල වෙනුවෙන් ....අවජාතක කියලා මොන තරම් පට්ට ගැහුවා උනත්....අම්මා ඒ කෙල්ලට තියෙන්නෙ සීයා තාත්තගෙ ලේ නේද??ඒකි නෑ කමින් මට පුංචි අම්මෙක්....නෑ කමින් අම්මට නංගි නේද ආ අම්මා
නිතේශ් ....
කටින් බය කරගත්තු කාලෙ ගියා අත්තම්මා ...
කොහෙවත් යන පරට්ටියෙක් කොහොමද වලව්වෙ හාමුදුරුවන්ගෙ ලේ වෙන්නෙ...
ඒක අහන්න ඕනා වලව්වෙ හාමුදුරුවන්ගෙන් තමා අත්තම්මා ...සීයා තාත්තට උන්නෙ එක මැනිකෙක් නෙවෙනෙ....සීයා තාත්තට උන්නෙ අන්තපුරයක්නෙ....
නිතේශ් කටවහපන්..
ඇයි මං කටවහන්නෙ
උඹට ඕනෙ පොඩීගෙ කසාදෙ කාලා දාන්ඩද...
ඕක ඉතින් කෙරුනත් ඒකි හිත හොදින් යනගමනක් නෙවෙනෙ මිනිස්සු දෙන්නෙක් එක්ක දීග යවන්න ලොකු අම්මලාටත් පිස්සු ....නිකන් නෙවෙ සහලවලා.....දේපල තන්හාවටයි නම්බු නාමවලටයි වලව් බේරන්න ළමයි බිලිදෙන්න උඹලා විහාර මහදේවිලද නෑනෙ ...එහෙනම් රොත්ත පිටින් නුවර වැවට පැනපල්ලා....මොකද උඹලත් සුලු පටු වැරදි නෙවෙනේ කරලා තියෙන්නෙ....
සීවරන් දෙයියනෙ...නිතේශ් උඹට මොන හෙනයක්ද නිතේශ් මෙ ගහලා තියෙන්නෙ ආ..උඹට දැන් අපිට වඩා වලව්වෙ ඉදුල් කන පරට්ටියෙක් ලොකු උනෙ කොහොමද නිතේශ්
අත්තම්මා මට දෙහි කපන්න ගන්නකොට මං අහක බලා ගත්තා .....
ඒකි කොහෙවත් යන පරට්ටියෙක් නෙවෙ ඒකි සීයා තාත්තගෙ....මට ඒ කැක්කුම තියෙන්නෙ..අනික මැනිකා බලෙන් රෙද්ද ඉස්සුවෙ නෑනෙ....සීයා තාත්තා නේන්නම් උන්ගෙ පිලිකන්නට ලගින්න ගියේ රෑට රෑට.....හදපානෙ වලන් මැස්ස ගාවයි....වහපු ගබඩා කාමරෙටයි කතා කරන්න පුලුවන් උනා නම් උන් කියයි මොල්ලිගොඩ හාමුවගෙ කෙරුවාව...උඹලා ඔකොම්මල්ලා ඒකිට දැන් වෙට්ට පද කියනවා....ඒ උනාට තමුන්ලා සර්ව සම්පූර්නද....
.......
මගෙ අප්පච්චි කනවට පවුල් කනවා....
නිතේශ්
මං තවම කියලා ඉවර නෑ අම්මා...ඔයාලා හැමදාම කෙරුවෙ සීයගෙ වැරදිවලට හුනු ගාපු එක....ඔයාලා හිතන් ඉන්නෙ සීයා තාත්තා මහ රජ්ජුරුවො කියලද...යුද්දෙට යනකකොට අගබිසවට මනිමේකලාවක් දාලා ගිහින් පන පිටින් ආවා උනත්...නාව උනත්....අනිත් දවස් වලත් කෙරුවෙ වටේට ඇන ඇන උන්න එක....ඒ වගේම තමා වලව්වෙ හාමුදුරුවොත්...මැනිකෙට මැස්සෙක් වහන්න නොදි වහන් ඉදලා වටේටම ඇනලා එනවා...මැනිකෙලා කරන්නෙ නාවලා ගෙට ගන්නවා...ඔව්වා හරිද අම්මා ආ....ඔව්වා හරිද....අම්මලා අතත්ම්මලා වලව්වෙ වැඩකාරයො කිය කිය ගරහන්නෙ තමුන්ගෙම ලේවලට....ඒකිගෙ වේසා කමට රෙද්ද ඉස්සුව කිය කිය ගරහන උඹල සර්ව සම්පූරනද අම්මා..ආ....වටේටම අන දිදී යන සීයා තාත්තා බෝසත්ද මම අහන්නෙ ආ....????
නිතේශ් .....කටවහපන් නිතේශ් ....
ඇයි...ඇත්ත කියනකොට වේදනායිද.....ආ අම්මෙ...අම්මා කවදාවත් සර්ව සම්පූරන උනේ නෑ....මට අම්මා ගැන හැමදාම තිබුනෙ කලකිරීමක් විතරයි.....අප්පච්චි හරි....අප්පච්චි සීයට දාහක් හරි....අප්පච්චි ඉන්නවට ඉන්නවා කියන එක හරි.....
මොනවද නිතේශ් හරි...මොනවද හරි...උඹ කියන්නෙ වටේ පිටේ ඉන්න හිගන හැත්ත වලව්වෙ ඉදුල් හෝදන හැත්ත ඔක්කොම වලව්ව අස්සට ඔබා ගන්න කියලද ආ නිතේශ් උත්තර දීපන්...උත්තර දීපන්...අනික උඹගෙ අප්පච්චිට මම මොනවයින්ද අඩුපාඩු කෙරුවෙ...මම නියම මැනිකෙ කෙනෙක් විදිහට දිසානායක වලව්වට පය ගැහුවෙ ..එහෙම එකේ...උන්වයි අපිවයි පාස්සවන්නෙ කොහොමද නිතේශ් ආ....?
නිදිවදින්න හොදනම්..ඇයි උන්ට උන්ගෙ අයිතිය දෙන්න බැරි....ආ...බඩ උඩ නැගන් උඩ පනිනකොට ඔව්වා හිතුන් නැද්ද...ආ....අම්මලා අපේ උන්ව දීග දෙන්න වංශෙ හොයනවා...කුල බලනවා.....ආ...එතකොට ඔව්වා සීයා තාත්තට අකපැද.....ආ අත්තම්මා.....අපේ නම්බුව ගැන හිතලද බඩ දරු ගැනු මරල දැම්මෙ.....අම්මා කියනවා නියම මැනිකෙ කෙනෙක් විදිහට ගියා කියලා...අම්මට මතක් වෙලා තියෙන්නෙ උද්දච්ච කමයි...බොරු ආඩම්බරෙයි අරන් යන්න විතරයි...
නිතේශ් .....කටවහපන්...උඹ මගෙ ලේ කෝප කරනවා....
අපෝ නෑ...තවම නෑ.....මම තවම වලව්වෙ හාමු පට්ටම ගැහුවෙ නෑ.....එහෙම උනාම ඔය ලේ ඔයිට වඩා කෝප වෙයි...ඔයා කවදාවත් හොද අම්මෙක් උනෙත් නෑ...හොද බිරිඳක් උනෙත් නෑ....ඔයා කෙරුවෙ අප්පච්චිලාගෙ වලව්වට වහ වැටුන එකයි...දිසානායක වංශෙට වහවැටුන එකයි...මගෙ අප්පච්චි ට දෑවැද්දට ලැබුනෙ තනිකරම හිස රදයක්....මගෙ අප්පච්චි විදවනවා.....අදටත් විදවනවා...අම්මා ලැජ්ජා වෙන්න...අම්මගෙ අඩු පාඩු මම කියන එකට අම්මා කවදාවත් අප්පච්චිගෙ ආදරේ දැක්කද...නෑ.....මගෙ වේදනාව දැක්කද...න....අප්පච්චිගෙ ආදර්‍ර දැක්කද...නෑ...අම්මා හැමදාම දැක්කෙ වලව්වෙ මාන්නෙ විතරයි....
අප්පච්චි අද පින් දෙනවා මගෙන් පස්සෙ කවුරුත් නැති උනාට....අප්පච්චි අඩුම අම්මා ගාවට වත් එන්නෙ නැත්තෙ ඇයි....පුතා උන මටම කියන්න ලැජ්ජයි...අම්මා දන්නෙ නෑ...පිරිමියෙක් වෙනුවෙන් බලන් ඉන්න...අම්මා දන්නෙ නෑ..පිරිමියෙක් වෙනුවෙන් ආදරේ දෙන්න...අම්මා දන්නෙ මිනිස්සුන්ගෙ හිත් අවුලන්න....කොහෙවත් යන වලව්වෙ වංසයක් කබල් ගාන්න.....
නිතේශ් උඹ අහල ගම් හතම අවුලවන්න ද යන්නෙ..ආ නිතේශ් ....උඹට ඕනෙ අපේ නම්බුව නැති කරන්නද ආ නිතේශ් .....
මමකෑ ගැහුව...අප්පච්චි විදින වේදනාව මතක් කරන් කෑ ගැහුවා...අහිංසක කෙල්ලෙක්ගෙන් මරව මරව වැඩ ගන්න එකට කෑ ගැහුවා....පොඩීව එක ගෙයි කන්න දෙන වේදනාවට කෑ ගැහුවා..මෙච්චර කල් පැහි පැහි තිබුන වේදනාව මම හිමින් පිටදාන්න ගත්තා ....
අම්මා..දෙයක් කියන්නම්....කසාදයක් බදින්නෙ...ජීවිත කාලෙදිම සතුටින් ඉන්න...උන් දෙන්නට දෙන්නා ආදරෙ කරන්න....ජීවිතේ විදින්න නැතිව නම්බු නාම රකින්න නෙවෙ...සමාවෙන්න...අම්මෙ....මාව වදපු නයටයි.....කිරි පොවපු නයයි මට ගෙවලා ඉවර කරන්න බැරි වේවි...ඒත්...ඒදෙක නොදී පවා ගෑනුඅම්මලා වෙනවා...මහාමායා දේවිය සිද්දාර්තව වැදුවා විතරයි ...කව්ද හැදුවෙ කව්ද ...?අම්මෙක් වෙන්න දසමසම කුස දරන්න ඕන් නෑ...අම්මෙක් වෙන්න ඕනෙ නමට නෙවෙ...අම්මට මැනිකෙ පට්ටම ගහන්න පුලුවන් උනාට...අම්මට බැරි උනා අම්මෙක් වෙන්න...අම්මට බැරි උනා....අප්පච්චිට හොද ගෑනියෙක් වෙන්න....මගෙ අප්පච්චිට අම්මව තිත්ත වෙලා ඉවරයි....මගෙ අප්පච්චිව හෙම්බත් වෙලා ඉවරයි...
හැබැයි.....කවදම හරි....ඉවසලා බැරිම තැන අප්පච්චි විත්ති කූඩුවට නැගලා නඩුකාර හාමුදුරුවො ගාවදි අනීතා මැනිකෙවෙ දික්කසාද කරනවා කිව්වොත්....මම අනිවාර්යයෙන්ම මගෙ අප්පච්චිගෙ පැත්තෙ හිටගන්නවා....
නිතේශ් ....!!!
චටාස්....!!!!!!
සීවරන් දෙයියනේ..නිතේශ් .....
එකම දිගට හුස්මක් නොගෙනම මම කෑ ගැහුවා...හුස්මක් අල්ලන්නෙ නැතිවම කෑ ගැහුවා...අවසානෙදි කනහරහ වැදුන පාරත් එක්ක මගෙ ඇස්දෙක රතුවෙලා යනකොට මම අම්මා දිහා බැලුවා වගේම ඊලග පාර ගහන්න හදපු අත මැනික් කටුව ගාවින් අල්ලගත්තා
නිතේ .....ශ්....
හොදටම ඇති.....හොදටම ඇති...
මම මිමිනුවා...තරහව වැඩි කමට මට කතා කරගන්න බැරිවෙනකොට මම අම්මා දිහා බලන් මිමිනුවා....
ගුටි කාපු අඩපු නිතේශ්ව ආය මගෙන් විහිලුවටවත් හොයන්න එපා.....
නි..තේ...ශ්...අතෑරපන්...නිතේශ් ...උඹට මොන යකාද නිතේශ් වැහිලා ඉන්නෙ...අනේ...අම්මා...හ්...මගෙ...අත.....අම්..මාහ්....නිතේ....ශ්...
දෙයියන්ගෙ නාමෙන්...අම්මව අතෑරපන් නිතේශ් ....
මම අම්මගෙ මූන ගාවටම මගෙ මුන ගෙනාවා.... අඩනවා ඇරෙන්න කවදාවත් කට ගහපු නැති ....ගැහුවොත් ගුටි කනවා ඇර අත අල්ලපු නැති අම්මා මාව දැකලා බය වෙලා උන්නා....
මෙච්චර කල්ම...මම උන්නෙ ඇස් කන් පියාගන .....මෙච්චර කල්ම මම උන්නෙ අඩ අඩ. .හැබැයි...ආය නෑ...ආය හොයන්නවත් බෑ.....ඒ ගුටි කාලා අඩපු කාලෙ ඉවරයි.....හොදට උන්න මනුස්සය්ගෙන් ගුරු පඩුරු ඉල්ලපු ගුරා තමා අර අහිංසකයෙක්ව අංගුලි මාලා කෙරුවෙ .....ගුරුමුශ්ටිය තියාගනත් උගන්නපු ගුරාට තිබුනා ගුරු භක්තිය බලන්න ඔයිට වඩා ගුරු පඩුරෙ බර අඩු කරන්න.....හැමෝම ගැරහුවෙ අංගුලිමාලට විතරයි ...හැබැයි...ඇගිලි සීයක මාලයක් ගුරුපඩුරට ඉල්ලපු ගුරාව දැක්කෙ නෑ.....අන්න ඒවගේම තමා මේ නිතේශ් ...උඹලා දකින්නෙ මම කටගහන එක විතරයි..හැබැයි...උඹලා මට දුන්න වේදනාව ගැන කවුරුත් කියන්නෙ නෑ....හොදට ඉන්න මාව අංගුලි මාලෙක් කෙරුවොත්....උඹලව බේරන්න බුදුන්ටත් බැරි වෙයි ....මොකද බුදුන් පවා ගත්තෙ මනුස්ස ධර්මෙ පැත්ත.....අංගුලි මාලාට ඇගිලි අනූ නවයක් හම්බෙලා....සියවෙනි ඇගිල්ල මදිවෙනකොට අවසානෙදි හොයන් ගියෙ අම්මව....හැබැයි...මෙ නිතේශ් අංගුලි මාලා උනොත්...මුලිම්ම කපන්නෙ අම්මගෙ ඇගිල්ල....අන්න ඒක මතක තියාගන අනිත් පාර අත උස්සන්න පුලුවන් ....
අම්මගෙ මූනට දත් මිටිකාගන මුමුනපු මම ඒ අත අතෑරලා දැම්ම වගේම ඒ දෙන්නව කොහිල කොටුවෙම දාලා එන්න එනකොට අම්මගෙ අඩෝවැඩියාව මට ලාවට ඇහුනා....
අනේ....අම්මා..හ්..බලන්නකො...මේ කොල්ලට මොන යකෙක්ද අම්මා වැහිලා තියෙන්නෙ.....
අර පර බැල්ලි ගිය දා ඉදන් මූට නිවනක් නෑ...පොඩ්ඩ බැරි වෙනකොට ආවෙස වෙනවා....හිටින්කො.....මම රෑටම කතා කරන්නම් ගුරුන්වහන්සෙට ...මූට නූලක් මතුරවන්න...
මම එන්න අවා....ඒ දෙන්න මොන මොනවදෝ කියනකොට මං එන්න ආවා...ඒ එනකොට ගෙදර දුවපු මැනිකගෙ කෙල්ල වලව්වෙ මැනිකෙ අච්චු කිරීම් වලට බයේද කොහෙද කෙල්ල පාට ගියපු චීත්තපටක් ඇදන් ලොකුම ලොකු උඩුවියන් රෙද්දක් වනන්න නැහෙනවා
තියන මුරන්ඩු කම කෙල්ලගෙ...
බ්..බ්..බේබි...හාමු....
බේබි හාමු...බේබි හාමු තමයි කෝ මෙහෙට දෙනවා..ඇටකිච්චට රෙද්ද උස්ස ගන්නත් බෑ....
මං කෙල්ලගෙ අතින් උඩුවියන උදුරන් වැලට දැම්මා...ඒකිගෙ ඇදුම් ඔක්කොම දියබත් වෙලා..
ඔය ලමයට බැල්ලි පැටියෙක් දුන්නොත් දවසක් විතර බලා ගන්න පුලුවන්ද ..
අනේ බේබි මහත්තයා දැන් ඉන්නවද
දැන් නෑ ලමයො.....හවසට ගෙනත් දෙන්නම්...හැබැයි හෙට ඕනා ආයම....
පොඩීව අන්දවන්න ආවම ඩියෝනයට ඒකගෙ පලිගුවව මගඇරෙයි ඌව කවුරු හරි හොරකන් කරන් යයි කියලා ඩියෝනයට වඩා මට බය හිතෙනකොට මන් මැනිකගෙ කෙල්ලගෙන් බැල්ලි පැටියව බලාගන්න පුලුවන්ද අහනකොට කටු ගැහුන පොඩි මූනෙ හිනාවක් පිපුනා..
ඔය ළමයා මේක වනලා ගෙදර යන්න....
මට කෙල්ල ගැන දුක හිතුනා...පව්..මේ වයසෙ ඉන්න උන් සැප විදිනකොට මේ වගෙ මල් කැලේට පරවෙනවා.....මං කෙල්ලට ගෙදර යන්න කිව්වා ...ඒත් කෙල්ලගෙ අම්මයි අත්තම්මයි දෙන්නම මෙහෙ අර ගොරකා විමානෙත් පහු කරන් ඒකි තනිපංගලමෙ ගිහින් බයවෙන්නද
ලමයො....
බේබි හාමු...
මගෙ කාමරෙ පැත්තට ආවොත් පොත් දෙක තුනක් තියනවා දෙන්නම්...තනිපංගලමෙ ගෙදර යන්න එපා...
පින්සිද්ද වෙනවා බේබි හාමු...
ම්ම්ම්...ම්ම්...
මං අත් දෙක පිටිපස්සට බැදන් පරන කුසිය දිහාවට ඇහැ දැම්මා...එකම කඩි ගුලයි...පිටි කොටනවා ...පිටිහලනවා...පැනි උනුවෙනවා...එකම යුද්දයයි....
බේබි හාමු.....
මම යන මගට කොන්දත් කුදු කරන් ලේන්සුවක් වම් උරහෙ දාගන ආව සියාතු සීයා හරි බයාදුව කතා කරනකොට මං එහෙම්ම නැවතුනා ...
සියාතු සීයා...
බේබි හාමු ..අර ඇවිදින් ඉන්න පොඩි බේබි හාමුට පහල කුඹුක ලිදෙන් නාන්ට ඕනැලු...
ඉතින්...
බේබි හාමුගෙන් අහන්ට කිව්වා මං එක්ක නාන්ටද කියලා
ඇයි....ඒ හාමුට මං එනකන් වත් ඉන්න බැරි තරම් හ්ද්දිස්සිලුද....ඇරත් මේ ගිනි මද්දහනෙ ලින් ගාවට යනවද?උඹටවත් තේරෙන්නෙ නැද්ද
මම චුට්ටක් සද්දෙට කතා කෙරුවා මොකද මම උන්නෙ මගෙ කාමරෙ ඉස්සරහට වෙනකොට හොරෙක් වගෙ ජනෙල් තිරේට මුවා වේගන ඉන්න මගෙ විතේන්ගෙ කොන්ඩෙ මං රේන්ද අස්සෙන් දැක්කා වගේම ඒකා දුවන සද්දයක් ඇහුනා....
අනෙ හාමු....කෝප ගන්ට එපානොවැ හරි සීදේවි බේබි හාමු කෙනෙක් ඒ මූන බලාගන බැහැයි කියන්නෙ වත් කොහොමද අප්පෙ....
හහ්....සීදේවි...හොද සීදේවි සියාතු දන්න තරම තමයි....හුම්..හුම්...කාරි නෑ කාරි නෑ....මම වතුර අදින්නම්....බේසමක් විතරක් ගිහින් තියන්න...
බේබි හාමුට පුලුවනියෑ වතුර අදින්ට...
ඇයි මගෙ අතපය කොර වෙලාද.....
අපෙ...අප්පොච්චියෙ බේබි හාමු මොකෑ මේ අද කවදාවත් නැතිව කෝපාවිශ්ඨ වෙලා...
මං කේන්තියෙන් නෙවේ සීයෙ...මං කලකිරිලා ඉන්නෙ...ඒව ගැන වැඩක් නෑ බේසමක් විතරක් තියන්න....
මං සියාතු සීයව යවලා කෙලිම්ම මගෙ කාමරෙට ආවා....ඊයෙ මට හැන්ද උරුක් කරපු විතේන්ව හොයන්නත් නෑ...කොයිවෙලෙන් නලින්ව කන්න හදන මිස්ටර් විතේනව හොයන්නත් නෑ.....විතේන් පූස් පැටියෙක් වෙලා...මම ඇතුලට ඇවිත් දොරවහනකොට එයා මා දිහා හොරෙන් බලලා බිම බැලුවා වගේම මමත් මොකුත් නොකියම ගිහින් කලුවර අල්මාරියෙ පියනක් බරාස් ගාන සද්දෙන් ඇරියා....
සුදු අප්පො...
ම්ම්ම්ම්....
එයා හිමින් කතා කරනව...මං එයාට මගෙ කලිසමකුයි මට බතික් සරමකුයි ගත්තා එයාට සරුන් අදින්න දන්නෙ නෑ.....කඩන් වැටෙනවා .....සියපාරක් ලගට එනවා ගැටේ තද කරන්න කියාගන....
මං කලුපාටට හුරු එකපැත්තක ගරා යකාගෙ වෙස් මූන තිබුන සරම අරන් උඩට එකට ගැලපෙන්න අත් කොට ශර්ට් එකක්.ගත්තා ...
ආ මේ ටවල් එක....
තේශී ....
ම්ම්ම්
හැරෙන්නකො ..
මන් හැරුනා.....එයාම මගෙ අත් දෙක අරන් එයාගෙ බද වටෙ ඔතා ගත්තා .....කලුවර කන්නාඩියෙ පැත්තක තිබුන කන්නාඩියෙන් පේන අපි දෙන්නා දිහා බලන් උන්නා...
දිසානායක හාමුගෙ මැනිකෙව දැකලා නෑ කිව්වා නේද ම්ම්ම්...
හ්ම්ම්ම්...
මේ ඉන්නෙ ඒ මැනිකෙ තමයි...
උඹ හරි නපුරුයි වගෙ තේශී....
එයා මගෙ කම්මුල් දෙපැත්තටට අත් දෙක තියා ගත්තා ....
මං නපුරු නෑ විතේන් ....හැබැයි ඉදලා ඉදලා යන තරහව මට හරි අමාරුයි ....
මං එයාගෙ නලලට හාද්දක් තියනකොට එයා එහෙම්ම මගෙ පපුවට කම්මුලක් හේත්තු කර ගත්තා
මගෙ නපුරු හාමුවා ...
මං හිනා උනා....එයාගෙ ඔලුව චුට්ටක් අත ගෑවා අවසානෙදි තුවායත් කරේ දාන් සබන් පෙට්ටියයි ශැම්පු බෝතලෙයි අතේ අරන් වලව්ව වත්ත පිටිපස්සෙ කුඹුක් ගහ යට තිබුන ලිද ලගට ගියා.....
මං වතුර අදින්නම්.....
කොට කලිසම පිටින් උන්න එයා දිහා බලලා මං වතුර අදින්නම්.කියනකොට එයා එහෙම්ම බේසම ගාව තිබුන ලී බංකුවෙ ඉදගත්තා
..
මෙහෙම්ම නාවන්නද
යකඩ පනිට්ටුව සීතලම සීතල වතුර හියන් ගැඹුරු ලින් පතුලෙ සවාරියක් ගිහින් එනකොට පනිට්ටුව පිරෙන්නම වතුර අරන් එද්දි මං වතුර පනිට්ටුව අතෙ තියන් එයාගෙන් මෙහෙම්ම නාවන්නද අහනකොට මං බන්කුවෙ ඉදන් උන්න එයාගෙ ඔලුවට වතුර වක්කරනකොට එයා නිකන් දුම්මල වලින් ගුටි කාපු යකෙක් වගේ හූ තිබ්බා මට හිනා ගියා
මගෙ....අම්මෙ...හ්...තේ...ශී....හ්හ්හ්....
යකෝ....සීතලයි...පගෝ.....හෙමින් දාකෝ.....
ඇයි මං තොට කිව්වෙ පගො ළිඳේ වතුර සීතයි කියලා ...
මගෙ අම්මේ...බන්....ඇටදෙකත් එක්ක හිරිවැටිලා ගියා....
.හිරි වැටුනට කමක්නෑ දෙක ගහනකොට බඩු වැඩ නම්...
ඉද්දකින්....උඹ නම් මහ වලෙක් සුදු මහත්තයා ...උඹට තියෙන්නෙම අර නාකි හාමුවගෙ වලත්ත කම්...
ඒක හරි.....ඇදට නැග්ගමත්....අපෙ අප්පච්චි වගේ ඇල්වතුරත් නිමලා බිව්වොත් ...උඹ මාව අල්ලන් රේප් කරනවා ....
පිස්සා උඹ...
මං හිනා උනා....එයා හිනා උනා....ආයමත් මම එයාගෙ පරන සුදු මහත්තයා වෙනකොට ලී බංකුවෙ ඉදන් උන්න එයාව මං ලිදෙන් වතුර ඇදලා නෑව්වා ....බාතෲම් එකට ගිහින් ශවර් එක යට හිට ගන්නවට වඩා ඒක එයාට දැනුනා.....ඒක මට දැනුනා ....එයා බාගයක් නාලා....මම ඉදගත්තා ....එයා මාව නෑව්වා....ඒක මට කියන්න තේර්‍ර්න්නෙ නෑ.....කුඹුක හින්දම වතුර සීතල වෙලා ගිහින් තියනකොට ගස් හෙවන යට ඉදන් එයයි මායි නාගත්ත ...මේ පැත්තට කාටවත්ම ඇහැ ගැටෙන්නෙ නැති කොට වතුරෙන් පෙගුන කලිසම් ඇගටම ඇලුනා .....එයාගෙ දෙතොලම සීතලට වෙව්ලනකොට එයාට සීතලයි කියන්නමද කොහෙද වෙව්ල වෙව්ල මගෙ ගාවට එනකොට තෙත බරිත වෙලා උන්න මම එයාව තුරුල් කර ගත්තා .....කලින් පාර තරහවට රතු උන ඇස් මේ පාර වතුරට රතු උනා.....හැම්දාම ලා රෝස පාටට තිබුන එයාගෙ දෙතොල අද ලින් වතුරෙ සීතල එක්ක වැහි මන්දාරම එක්ක සට සට ගාලා ගැහෙනකොට මට තවත් මගෙ හැගීම් හිර කරගන්න බරි තැන මම ඒ සට සට ගාන දෙතොලට පහත් උනා...
ඒ පපුව වේගෙන් ගැහෙනවා...ඒක මට දැනෙනවා...
ඒ ඇස් අඩවන් වෙනවා මං දකිනවා ..ලෝබ කම....ආදරෙ....මේ හැම දේම දෙන ඒ ඇස් අඩවන් වෙනකොට මගෙ කෙස් ගස් දිගෙ බේරිලා පහතට රූටපු වතුර බින්දුවක් එයාගෙ යටි තොල උඩ නවතිනකොට මත් වෙලා වගෙ උන්න මං වතුර බින්දුවත් එක්කම ඒ රස උරා ගත්තා වගේම හිතලම යටි තොල තුවාල කෙරුවා ....

සුදු මහත්තයා .....
ඒ එයාගෙන් පිට වෙච්ච කෙදිරුමයි.....
එයා එක්ක වරුවක් විතර නාපු මං එයාව එක්කන් ආයමවලව්වට ආවා වගේම ඇදුම් මාරු කරන් කෑම මේසෙට දිව්වා ...එයා කොට කලිසමක් ඇදන් ඉන්නකොට මං සරමක් ඇදන් උන්නා....කුස්සියෙ වැඩට උන්න කුස්සි අම්මලා එක පේලියට ලෑලි බංකුවෙ ඉදන් බෙලෙක් පිගන් වල බත් කනකොට වලව්වෙ හාමුදුරුවො වට කර ගත්තු මැනිකෙලා කෑම මේසේ වාඩි උනා.....
සුදු මහත්තයා ඔය දරුවටත් එක්ක බෙදන්න.....
මීට පැය ගානකට කලින් මට යකා වැහිලා තියෙන්නෙ කාගෙ හරි මොකකට හරි කියලා හිතන් උන්න අම්මයි අත්තම්මයි වෙච්ච දේවල් අමතක කරේ නැති උනත් හොතේ හංගන් අමතක උනා වගේ රගපෑවට හුරුන්වහන්සෙ ලව්වා නූලක් මතුරවන්න වැඩ බාර දීලා තිබුනා.....
ඔය දරුවා මෙහෙ නවතිනවැයි.....මං අහන්නෙ ලන්කාවෙ.....
අත්තම්මා අදත් මගෙ විතේන්ගෙ පස්සෙන් පන්නන්න පටන් අරන් තිබුනා..එදා කේන්දරේ ගැන කිව්ව දා විතේන් ඉන්න පළාතෙන් නොගියට මෙදා පොටෙ ගුරෙක් ලව්වා මොකක් හඑඉ මගුලක් අහන් එකට රැවටිලා උන්න අත්තම්මා ආය ආයම මගෙ විතේන්ට ඇහැ ගහනකොට කාටත් හොරාව මේසෙ යටින් අපි දෙන්නගෙ කකුල් දෙක එකට පැටලිලා තිබුනා....
ඔව්...අත්තම්මා...මෙහෙ බිස්නස් තියනවනෙ....යන්න විදිහක් නෑ...
අනේ හොදා .....මෙහෙට වෙලා ඕක කරන් කසාදයක් බැදන්...දරු මල්ලොහදන් ඉන්ට බැරියෑ....
මම කෙලින්ම මගෙ විතේන් දිහා බැලුවා...ඒකට ඒවා ඇහෙන් නෑ...ගම් කුකුල් මස් අන්ඩක් එක්ක ඔට්ටු වෙනවා මිසක්.....කොහොම උනත්...උඹ දෙන උත්තර අනුව තමයි පුතේ පස්සට තෙල් සාත්තුව හම්බෙන්නෙ....මම හිතින් මිමිනුවා.....
ආ දරුවො...
ඕ...ඇයි...අත්තම්මා....
දැන්...ඉතින්....තව කසාදය...ක්....
ඔව්..අත්තම්මා...තව කසාදයක් නම්...කරගන්න ඕනා තමයි.....
ඒකනෙ.....ඒ දරුවට එච්චර වයස කියන්නත් බෑනෙ...
ම්ම්ම්...ඔව්....අනික...ළමයි...තුන්දෙනෙක් ගෙ තාත්තෙක් කියලා කොහොමත් කියන්න බෑනෙ අත්තම්මා.....
මම වම්බටු මෝජුවෙ උන්න බැදපු හාල්මැස්සව කටෙ දාගන්නකොට මගෙ මැනිකෙ දිවෙ කටේ නොගෑවි බොරු හැලුවා.....
දරුවොන්ව නම්...කාටද වැඩි දරුවෝ....මං අහන්නෙ....ඉතින්...හොද් දැරිවියෙක් හම්බුනෝතින්.....
මං..මංගල කින්කිනියට දාලා තියෙන්නෙ අත්තම්මා.....ඒත් මම ඒක අයින් කෙරුවා .....
මංගල කින්කිනියට..... ??
ඔව්....ඒක මං මේ අයින් කෙරුවා.......
ඒ මොකො.....කාව ..හරි...හම්බ උනාද...
මං බලාගන මගෙ එකා ගිලින ගමන් මංගල කින්කිනියට ඇඩ් එකක් දාල අයින් කරා කිව්වා විතරයි අත්තම්මගෙ මූනත් ටිකක් මෙව්වා වෙලා ගියා වගේම මං ඒකගෙ කකුල මිරිකුවා ...
ම්ම්ම්...නෑ අත්තම්මා ....එහෙම කවුරුත් හම්බුන් නෑ...
ආ...ඒක මිසක්...ඉතින් ඇයි හදිසියේම අයින් කෙරුවෙ...
ආ...මේ...ඒක....
මං විතේන් දිහා බලන් පිට උගුරෙ යන්න කලින් ඉක්මනට බත් ගුලිය ගිල්ලා ..මොකද මූ ගිල ගිල උනත් දැන් කියන්න හදන්නෙම නොහොබිනා කතාවක් වෙනකොට මෙච්චර වෙලා මං පාගන් උන්න කකුල වෙනුවට එයා මගෙ කකුල පාග ගත්තා විතරක් නෙවෙ...කන ගමන් උනත් තියන වලත්ත කමට මගෙ ඉනට පහලින් අත තිබ්බා....
මොකක්ද දරුවො.....
මේකයි..අත්තම්මා ....ඒක....ඇවිත්....සුලූ වැරද්දක් ...
සුලු වැරද්දක් කියන්නෙ....
සුලු වරදක් කියන්නෙ....මේකයි..මගෙ වයිෆුයි....වයිෆ් ගෙ නංගියි.....නිවුන්නු.....මං....එන්න කලින් ...දවසෙ ....රෑ පාර්ටි...එකකට ගිහින් උන්නා....
ඉතින්....
ඉතින්....දන්නෙ නැද්ද අත්තම්මා.....
ඔය ළමයා බොනවද ....
ජිවිතේට නෑ...ජීවොතේට නෑ...හැබැයි මෙහෙමයි....එදා....ඒ පාර්ටි...එකේදි....මූඩියක් විතර බිව්වා...
ආහ්....ව්.....
මොකද සුදු මහත්තයා ...
න්...නෑ...නෑ...මොකුත් නෑ...
මොකුත් නෑ නෙවෙ යකොඩෝ මේ කුපාඩියා බොරු හලන ගමන් මගෙ වටිනම කියන දේ හුරතල් කර කර ඉදලා එක පාරම මිරිකුවා වගේම කෑ ගැස්සුන පාරට මට කදුලුත් ආවා...මූ වලත්ත කම්.කරනවා මදිවට බොරු හලනවා ...බොන්නෙ නෑලු ....බොන් නෑ නානවා ....මට තවත් අහන් ඉන්න බැරිම තැන මං හයියම මස් කෑල්ලක් හොයන් හපන්න ගත්තා...ඒ අස්සෙන් රන්දිකව හිරි වැටිලා ගියා...අත්තම්මත් පන්න පන්න අහනවා මූ එලව එලව බොරු හලනවා...
ඉතින් එදා මොකද උනේ ..
ඉතින්....අත්තම්මා....එදා...හරියට...වැහි...දවසක්....වයිෆ් ...මට කෝල් කරලා එන්න කියනකොටත් මට ටිකක්....විතර....වෙරි....ඇත්තටම ....වෙරි ගුඩ් ..
අපෙ අප්පේ....ඉතින්....
ඉතින්...මං....ආවා....මං...ආවා...තමයි.....මං...එනකොට ...මගෙ....සෙනෙහෙ බර....වයිෆ්...ඉන්නවා....මං...එනකන් .....ගමේනෙ....කොල්ලොනෙ....වෙරිනෙ.....
වැස්සනේ...අත්තම්මට...කියන්න...ඉතින්....මගෙ....අතින්....වෙරි...මතේම....
හරි...හරි....ඒත්...ඔය දරුවගෙ...දැරිවිට එතකොට ළමයෙක් හම්බුවෙන්න කිව්වනෙ...
යා ..යා .. ....
ඉතින්....කොහො...ම...නෑ...මං...අහන්නෙ...
ආහ්...අත්තම්මා.....ඩෝන්ට් තින්ක් අබෞට් ඉට්..
මට දැන් යටි බඩ පවා කොර වෙනවා...මූ මහ යකෙක්....අර නාකි ගෑනි වචනවලින් බඩ වෙනවා....යක්ස කොල්ලා මං ඒකව කෙනිත්තුවා උ නෙවෙ නවත්තන්නෙ.....
තේරුන්...නෑ ලමයො....
ඒ ගැන හිතන්න එපා කියලා කිව්වෙ.....බබා හම්බෙන්න ඉන්නකොට බඩ...එක්ක අමාරුයිනෙ....නිතේශ් මට ඔය පපඩමක් දෙන්න...මං කොතනද කිය කිය උන්නෙ....ආ...බඩ එක්ක අමාරුයිනෙ...ඒක...මන්...වයිෆ්ගෙ...කකුල මගෙ කරට ගත්තා ...ලේසි....සරලයි...සුන්දරයි .....
කැහ්....කැහ්.....
සීවරන් දෙයියනේ කොල්ලො...අර ගැබ්වරීව...
ඒක..නෙවෙ ..අත්තම්මා...ප්‍රශ්නෙ...
මට පිට උගුරෙ ගියා ....බිනරි මේසෙන් නැකිටලා දිව්වා ...පොඩී ඉවසන්නම බැරි තැන අතින් කට වහගත්තා වගේම මෝඩ අත්තම්මා පපුවට අත තියා ගන්නකොට සීයා තාත්තා අත්තම්මගෙ කකුල දිහා බලන් ඉදලා අහක බැලුවා ...ඔය ගෑනිගෙ කකුල දැන් කරට ගත්තොත් උකුල් ඇටෙ පනිනවා ....
එහෙනම් ...
එදා....ඇත්තටම ...මගෙ...අතින් ඒ සුලු....වැරද්ද....වෙලා...තියෙන්නෙ...මගෙ....වයිෆ්ගෙ...නංගිට .....කෙල්ල....ප්‍රෙග්නන්ට් ලු.....ළමයා ..මගෙ උනොත්...මං..නංගිව බදිනවා...නොවුනොත්....මම....ආයම මංගල කින් කිනියට ඇඩ් එකක් දානවා...
යක්සයෝ ...
මට කෙදිරි ගෑවුනා....අත්තම්මගෙ මූන පාට වැටුනා ....තවත් වෙලා ඉන්නම බැරි තැන මං සරමත් එක පැත්තකින් උස්සන් කෑම මේසෙන් නැකිටිනකොට මගෙ වල් මැනික තවත් බත් හැන්දක් පිගානට දාගත්තා ....
කාපු බීපු උන් මේසෙන් නැකිටලා යන්න ගියා...සීයා තාත්තා ඉස්සරහා තිබුන කවිච්චියේ දිගෑදෙනකොට මගෙ විතේන් මගුලට හදපු උනුම උනු වැලි තලප කෑල්ලක් අතේ තියන් ලෑටි ගගා ඵෝන් එක දිහා බලන් උන්නා....
සරම ඇදන් උන්න මං ඇදන් උන්න ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවන ගමන් මිදුලට බැහැලා ඈතින් පේන දලදාව දිහා බලන් අත් දෙක පිටිපස්සට බැදන් හිට ගත්තා ....
වලව්වෙ ගේට්ටුවෙ දෙපැත්තෙ සිංහ කොඩි දෙක මද හුලගට හෙලවෙනවා....ගොක්කොල ආරුක්කුව ගහන්න කපන් ආව ගොක්කොල අතුදෙක වයසක උන්දැලා දෙන්නෙක් වියනකොට මන් අත් දෙක බැදන් කිරිගල් පිරුන මිදුලෙ හිමින් අඩි තියන ගමන් කල්පනා කෙරුවා වගේම පහත පාරේ ඇත් ගොව්වෙක් එක්ක ලැසිගමනෙන් යන ඇතා දිහා බලන් උන්නා..
ඒකා වදින්න යනවද කොහෙද ....
සද්දන්තයගෙ දල දෙක පූට්ටුවේවි...කවදා හරිකරඩුව වඩම්මන්න ඉන්න උන් තමයි....
තව මාස දෙකකින් ඇසලෙ...එදාට තමයි ඉතින් උන්ගෙ ආඩම්බරේ බලන්න පුලුවන් ....එදාට මුලු දලදාවම ලස්සනයි ....
ඇසලෙට කලින් මුලු සෙන්කඩගලටම වැහැලා අවසානෙදි ....මුලු නුවරම පේ වෙන හැටි බලන්න ආසයි....
එයත් එක්ක එන්න ඕනා.....

අත් දෙකත් පිටිපස්සට බැදන් මම ඈතින් පේන දලදාව දිහා බලන් උන්නා වගේම අතේ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා ....මං බැලුවා ...
ඒක එයාගෙන්...
මගෙ සුදු අප්පො....ඔහොම ඉන්න එපා සුදු මහත්තයා ...මට බලන් ඉන්න බැරි තරමට ලෝභයි....බේබි හාමු කිව්වට උඹ ගාව තියෙන්නෙම මොල්ලිගොඩ හාමුදුරුවො ගාව වත් නැති ගටක් වෙනකොට මට උඹ දිහා බලන් ඉන්නත් ලෝබයි මගෙ තේශී....අනේ වරෙන් කෝ....එලියෙ උන්නා ඇතිනෙ....
මං එයාගෙ මැසේජ් එක බලලා එයා දිහා බැලුවා ... කිව්වත් වගේම ඒ ඇස් තිබුනෙම මා ගාවට වෙනකොට කාටවත්ම ලේසියෙන් හිනාවක් නොදෙන දිසානායක හාමු වෙච්ච මම වැරන්දාවෙ උන්න මගෙ මැනිකෙට හිනාවක් දීලා ඇස් හීනි කරනකොට එයා ඉදන් උන්න පුටුවෙන් නැකිටලා හාමුගෙ සිරියහන් ගබඩාවට රිංගන කොට මං උගුර පාදන ගමන් අත් දෙකත් පිටිපස්ස ට බැදන් හාමු මහත්තයා එනකන් උඩු වියන් බැදපු ඇදෙ තනිරකින දිසානායක මැනිකෙව හොයන් ගියා .....
මං එහෙම්ම දොර වහලා දාලා අත් පිටිපස්සට බැදන් අගස්ති මාල නොදාපු දිසානායක මැනිකෙ දිහා බලන් උන්නා.....
බෝරිච්චි හැට්ට නොඇන්ද ...අතින්වියපු ඔසරිය නොඇන්ද මැනිකෙ දිහා බලන් උන්නා ..
ඉනට හවඩියවත්....ඔලුවට හවරියවත් නොබැන්ද මගෙ මැනිකෙ දිහා බලන් උන්නා....
ආදරනීයම විතේන් .....
දිසානායක හාමුදුරුවො වලව්පට්ටම දෙපිටින් ගියත් කමක් නෑ කියලා සිරියහන් ගබඩාවට කැන්දගත්තු පහතරට මැනිකෙ.....
ආදරනීයම විතේන් ....
ලොවීනා වගේම මෙට්ලන්ඩ් ආන්ඩුකාරයාගෙ ආදරේ ගල්කිස්සම ගිනිතිබ්බා වගේම ...
දස්කොන් මහ අදිකාරම් ගෙයි ප්‍රමිලගෙයි ආදරේ මාලිගාවම ගිනිතිබ්බා.....
බුන්නිගෙ හදවත අනුන් වෙනුවෙන් ගිනි ගද්දි....
නිතේශ් වගේම ...විතේනුත්...මුලු සෙන්කඩගල වගේම මොල්ලිගොඩ වලව්වම ගිනි තියන බව දැන දැනම මං ඇදට නැගලා කුසුමාසන දේවිටවත් නැති තරම් ලස්සන ඇස් දෙකක් තිබුන ඒ මූන දිහා බැලුවා ....
ප්‍රමිලටවත් නැති තරම් ලස්සන රෝස දෙතොලක් තිබුන එයා දිහා බැලුවා ...
රොඩි කිරිඅම්මටත් වඩා පිරුන පපුවක්...තිබුන ඒ හැඩි දැඩි පපුව දිහා බැලුවා ....
ඒ මූන රතු උනා....
මගෙ මැනිකෙට ලැජ්ජා හිතෙනකොට හාමු වෙච්ච මං උඩුවියන් බැදපු ඇදෙ රේන්ද පටි ලෙහලා දානකොට මුලු ඇද වටම තනි සුදු තිර රෙදිවලින් වැහිලා යනකොට එයාව මං මගෙ පැත්තට හරව ගත්තා .....

.
🤭ඉහික්...
ගුච් මෝනිම්....
මේ ළමයා බුජි....
මම
Ferdeesha ❤️💚😘 ...