LightReader

Chapter 43 - 43

තේශීහ්...අනේ....හුස්ම ගනින් මගෙ සුදු අප්පො...

අනේ..නිතේස්.....සෙනෝන්....ඉක්මනට එලවපියකෝ...අනේ දෝනියෝ....නිතේස් මාමියට ඌයියා වෙලානෙ ...ඕකිලාට හෙන හතම වැදියන් ඒස් වාහ් පුක් ...පුක්...අප්පා...මගෙ...නිතේස්...

මම අහන් උන්නා....මගෙ විතේන් පිස්සෙක් නොවී පිස්සෙක් වෙලා....එයා මගෙන් දකින්නෙ මාවද...නැතිනම්...අදීස්වද කියන්න මම දන්නෑ...කාව දැක්කා උනත්..මට වැඩකුත් නෑ.....මොකද එයා මං ගාවදි අසරන වෙලා ඉවරයි ...

මචන්...නිතේශයා...හුස්ම ගනින්....පගො..අනේ...හුස්ම ගන්කො.....උඹ දැක්කෙ නැද්ද විතේන්...උඹ දැක්කෙ නැද්ද.....

නිතේස් .....අනේ...හුස්ම ගනිල්ලකො...අනේ...අප්පච්චියගෙ ඵෝන් එකත් වැඩ නෑ....කෑ නොගහා ඉන්න පලිගුවෝ....අම්මියට තරහා ගිහින් ඉන්නෙ...අනේ...මගෙ...නිතෙස්...පපුව රිදෙනවද ඒයි...මං අතගාන්නම්...හිමින් හුස්ම ගමුකෝ...හිමින්...අපි ඉන්නවනේ...නිතේස්....අපි ඉන්නවනේ....

මචන්....වැව රවුමෙන්...නවත්ත....පන්.....

මම වචන එකතු කෙරුවා...හුස්ම අල්ලන්න බැරි වේදනාවට වඩා හැගීම් පපුව පාරවනකොට මම එයාගෙ උකුලෙන් හරි අමාරුවෙන් නැකිටගත්තා

තේ....ශී...

මාව මැරෙන් නෑ....පන...

එයා මගෙ පපුව අත් දෙකෙම්ම අත ගෑවා වගේම මාව තවත් කෑ ගස්සවන්න බැරි බයටමද කොහෙද ඩියෝන් වැව රවුමට කාර් එක හරවනකොට ගඩාපි පැටියගෙ කටට නිවනක් නැති උනා වගේම චූටි පලිගුවා මීක් නොගා බලන් උන්නා.....

සුදු අප්පො...

මට...අමාරුවක් නෑ විතේන් ..මට වඩා අමාරු මගෙ හැගීම් වලට ...මට වඩා අමාරු බැදීම් වලට .....එකම දේ ආය ආය කියවනකොට මටත් දරන්න බැරි තැන් එනවා මගෙ විතේන් ....

මං එයාගෙ කදුලු උනපු ඇස් දෙක පිහදැම්මා...ශෙනෝන් කාර් එක නවත්තනකොට ඩියෝනයා කික්කිව උස්සන් බැස්සා උනත් උගෙ ඇස් දෙක තිබුනෙම මගෙ ගාවට වගේම කාර් එකෙන් බැහැපු මම පොඩි වෙලා ගියපු සරම ආයම තද කරලා ගැට ගහ ගත්තා ....මගෙ විතේන්ට සැනසීමක් නෑ....ඒ අත් දෙකෙම්ම මගෙ පපුව අත ගානවා ඉවරයක් නෑ...

නිතේශයා....අර ....

පාර පනින්න බලන් ගඩාපි පැටියගෙ අතින් අල්ලන් උන්න ශෙනෝන් මට වැව රවුමෙ කෙරවලේම තිබුන සිමෙන්ති බංකුව පෙන්නුවා ...

.

අප්පච්චි ...තට්ට තනීයම වැව රවුම දිහා බලන් ඉන්නවා

දම්පාට උන හැන්දෑ අහසෙ තනි රකින්නත් වලාකුලු තියනකොට මගෙ අප්පච්චි විතරක් මිනිස්සු පිරුන තැනක තට්ට තනීයම ඉදන් ඉන්න හැටි දහම් කෙනෙක් නොවුන දහම් කෙනෙක් උන මම වේදනාවෙන් බලන් උන්නා..

සෙසෝන්....අප්පච්චියා නේත සෙනෝන් ඒ...අපේ නිතේස්ගෙ අප්පච්චියා නේත ඒ....පලිගුවො...අර සීයා තාත්තා ....

එපා බබී කරදර කරන්න...

ගඩාපි පැටියා අප්පච්චිව දැකලා යන්න හැදුවා වගේම ශෙනෝන් එයාව අල්ල ගත්තා .....මටත් ඉදගන්න ඕන උනා...මගෙ අප්පච්චිට ඇහැ ගැටෙන් නැතිව යන්න....විතේන් ගෙ නිවනක් නැති අල්ලගත්තු මං ඒ බය වෙලා තිබුන මූන දිහා බැලුවා ...

දැන් ඇති මගෙ මැනික....උඹට මහන්සී...

තේශී ....ඉදගන්න ඕනෙද ...

එයා මගෙන් අහනවා ....ශෙනෝන් වගේම ඩියෝන් අපි දෙන්නව තනිකරල කික්කි පැටියව අරන් යන්න යනකොට මං එයා එක්ක අප්පච්චි තට්ට තනියම ඉදන් හූල්ලන සිමෙන්ති බංකුවට මෙහායින් වාඩි උනා.....

රෑ බෝ වේගන එනකොටම දලදාවේ කහ එලි පත්තුවෙන්න ගත්තා ....ආදරේ විදින මිනිස්සු තම තමන්ගෙ ලෝකවල තනිවෙනකොට වලව්වෙන් බැට කාපු දිසානායක හාමුලා දෙන්නෙක් ඈත අහස බලන් හීල්ලුවා .....

එයා බරට බරෙ ලොකුම ලොකු හුස්මක් අරන් පිට කරනකොට මං එයා දිහා බැලුවා ...එයාගෙ අතේ තිබුන මගෙ ඵෝන් එක දිහා බලන් උන්න එයා මං දිහා නොබලා වැව් බැම්ම දිහා බැලුවා ....

එයා බලන් ඉදලා තිබ්බෙ මගෙයි පොඩීගෙයි ඵොටො එක දිහා....

මං ඒ ඵොටෝ එක දිහා බලන් උන්නා...ඒ ඇස්වල හැගීම් කියවන්න උත්සහ කෙරුවා .....ඇත්තටම මේ හැම දේටම එකම හෙනේ මමද මන්දා ...මම ආදරේ දුන්නා අයියෙක් විදිහට....ගෑනු ගොඩක් මැද මට කාත් කවුරුත් නැතිවෙනකොට මම ලන් උනේ උන්ටන විතරක් වෙනකොට උන් ඇහැට දැකපු එකම පිරිමි පරානෙ මම උනා....එයා බලන් ඉන්නවා.....එයාගෙ ඇස් දෙක වේදනයි නොකියා වේදනයි කියනවා...කොහෙන් බැලුවත් තොන්ඩුව වැටුනෙම මගෙ බෙල්ලට....

මැනික...මගෙ තුන්හිතකවත් එහෙම දෙයක් නෑ විතේන් ....

මං එයාගෙ අතට උඩින් අත තිබ්බා...මං දන්නවා සුදු අප්පො..මගෙ තේශි ගගා හිත හැදුවත්...පොඩී මට ආදරේ කරනවා කියලා දැනගත්ත වෙලේ ඉදන් ඒ පපුව ඇවිලෙනවා කියලා ...මොන දේ කොහොම කිව්වා උනත්...මිනිස්සුන්ට බැදීම් ඉස්සරහදි දැනෙන්නෙ පුදුම වේදනාවක් වෙනකොට දත් තිස් දෙක මැද ඉන්න දිව වගේ වෙච්ච මං හැම වේදනාවකිම්ම තැලෙන ගමන් උන්නා....

මගෙ නිතේශ් ....

එයා කතා කෙරුවා ...හැබැයි ඒ මූනෙ හිනාවක් වත්..අඩුම ගානෙ ඒ ඇස් දෙක මා දිහාවත් නොබලම මගෙ නිතේශ් කියනකොට මං ඇයි කියලා වත් නාහම එයාගෙ අත උඩින් මගෙ අත තිබ්බා...

නෑනා අයිති මස්සිනාටද සුදු මහත්තයා ...

එයා අවසානෙදි මගෙ මූන දිහා බැලුවා මං තත්පර ගානකට ගොලු උනා ..

නෑනා අයිති මස්සිනාට කියලා කොහෙ ලිව්වත්...මස්සිනාට නෑනා කියන්නෙ නෑනමවිතරක් නම්..මස්සිනා හොයන්නෙ හිත නැවතින තැන මිසක් සම්මතේ ගාව නෙවෙ නේද විතේන් ....

එයා හිනා උනා...හැමදාම ලෝභ කම පිරුන ඇස් මලානික වෙලා ගිහින්....

ල්

එහෙන් පොඩී උඹව ඉල්ලනවා....අනිත් පැත්තෙන් උඹව වලව්වට දෙන්න හදනවා ....සෙනාරි ගැන කිය කිය උඹට තවමත් දෙස් තියනවා ....උන්ගෙ කටින් ඒ නම් කියවෙන වාරයක් ගානෙම මම පිච්චෙනවා තේශී.....උඹට අයිතිවාසිකම් කියන්න අය බොහොමයි නිතේශ් ....මට බයයි...අවසානෙදි මටත් ඔය පොකුරෙම මලක් වෙන්න වෙයි කියලා...මට ඕනා තනි මලක් වෙන්න මිසක්කා....මල් පොකුරක එකක් වෙන්න නෙවෙ නිතේශ් .....

එයා අඩන්න හදනවා ....එයා හරි.....කී දෙනෙක් නම් ඉන්නවද ....එයාට මගෙම වෙන්න කී දෙනෙක් එක්ක නම් හර්තාල් කරන්නද...එක්කො මාව කෑලි කපලා හතර වාහල් කඩේ එල්ලන්න ඕනෙ...

ඒත් නැතිනම් කාලි අම්මා පුංචි එකාව දෙකට ඉරලා එක පලුවක් කරේ දාන් අනිත් පලුව තාත්තට විස්ක් කරා වගෙ මාවත් දෙකට ඉරලා විසික් කරන්න ඕනා...

කවුරු කීදෙනෙක් ආවා උනත් මගෙ හිත නැවතුනේ එයා ගාව විතරක්ම වෙනකොට කී දෙනෙක් මං වෙනුවෙන් බලන් උන්නා උනත් මං හැරෙන්නෙ එයාගෙ පැත්තට විතරක්ම වෙනකොට මං එයාට කතා කෙරුවා

කවුරු කොහොම මොන කතා කිව්ව උනත්....මං අයිති උඹට විතේන් .....මට සැනසීමක් තියෙන්නෙ උඹ ගාව විතරයි ..මට නිවීමක් තියෙන්නෙ උඹ ගාව විතරයි මගෙ විතේන් ....උඹල ගාව ආදරේ නැති නම්...උඹලා ගාව සැනසීම නැති නම්...මගෙ අප්පච්චි අදටත් පවා පරන මතක අස්සෙ හූල්ලන්නෙ නෑනෙ....

මිනිස්සු නැවතුනේම හිත නිවන තැන මිසක්.....වෙන තැන්වල නෙවෙ මගෙ මැනිකේ.....

මම එයා දිහා බලාගන ඒ හිත හැදුවා එයා කදුලු මැදින් ලාවට හිනා උනා....ඒ හිනාව අස්සෙ වේදනාව පිරිලා තිබුනා ....මට දුක හිතුන..මං ගැන නෙවෙ මගෙ ආදරනීයම විතේන් ගැන...කොච්චර මගෙ හිත හැදුවත් ඒ හිත තිබුනෙම තැලිලා වෙනකොට මම අසරන උනා නොසෑහෙන්න.....

මගෙ සුදු අප්පො...මට පොරොන්දු වෙයන්.....මම කන්නගී කෙනෙක් උනත්....උඹ නම් ජීවිතේට කෝවලන් කෙනෙක් වෙන් නෑ කියලා ....මාධවීලා දාහක් ආවත්..මේ කන්නගි ගාව විතරක්ම නවතිනවා කියලා ..

එයා මගෙන් පොරොන්දු ඉල්ලනවා ඈත තිබුන දලදාව දිලිසෙනවා....වැව රවුමෙ උන්න මිනිස්සු යන්න යනවා...

තට්ට තනියම මතක ඒක්ක හුස්ම ගන්න මගෙ අප්පච්චි ඉදන් උන්න සිමෙන්ති බන්කුව ගාව දනගහන් ඉදලා මොන මොනවා හරි හොයලා හොයලා යන්න ගියා ...

මම එහෙම්ම මගෙ විතේන්ගෙ ඇස් දෙක බැලුවා

දන්නවද මගෙ විතේන් ...මේ අහසේ තරු කොයිතරම් පෑව්වත්....හද පායපු ගමන් අර තරු අමතක වෙනවා....රෑ අහසට හද කොයි තරම් ලස්සන උනත්....ලෝකෙම මිනිස්සු හද ගැන ගුන කිව්වත්...මට ඕනෙ ඉරකට ආදරේ කරන්න....මොකද ...හද නැතිව මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් උනත්....ඉර නැතිව කාටද ජීවත් වෙන්න පුලුවන් ...ඉර එලිය කොච්චර සැර උනත්...අපිව ජීවත් කරවන්නෙම ඒ එලියම නෙවෙද මගෙ විතේන් ...

මම එය දිහා බලන් උන්න.. එයා හරි හෙමින් මගෙ උරහිසට බර වෙනකොට මට ඉබේටම හුස්මක් පිට උනා...ඒ බර වෙච්ච හුස්ම අස්සෙ නොකියපු කතා හුගාක් හැන්ගිලා තිබුනා....මම කාගෙ හිත හදන්නද....මට දැන් පොඩී ඉස්සරහට යන්න බයයි මගෙ විතේන්ගෙ හිත තැලෙයි කියලා...පොඩී යන්න යයි .....උන්ගෙ අප්පච්චිලාට අම්මලාට ඉහලින් මම යන්නෙ කොහොමද .....උන් කරන්නෙ වදපු ණය අපෙන් ගන්න එක....උන් අපිව වදලා තියෙන්නෙ ආදරෙට නෙවෙ උන්ගෙ ඕනෑ එපා කම් කරන්න....

මගෙ විතේන් ....උඹ මගෙ ගාව ඉන්නකොට මේ හිතට දැනෙන් සැනසීම මට කියන්න තේරෙන්නෙ නෑ විතෙන් .....මේ ලෝකෙ කවුරු කොහොම මොනවා කිව්ව් උනත්....මම ආදරෙ කරන්නෙ උඹටයි...මට උඹට තරම් ආදරේ විස්තර කරන්න දන්නෙ නෑ ඒත්..මට කියන්න ඕනේ.....මම උඹට මගෙ පපුවෙ තිබුන අවසානම ආදරෙ බින්දුවත් දුන්නා කියලා ...ආදරේ කරන මිනිස්සු....ආදරේ ඉල්ලන මිනිස්සු....තාවකාලිකව ලන් වෙන්න ආව මිනිස්සු ටික කාලෙකින් යන්න යාවි....ඒත්....හදවතින් බැදුන මිනිස්සු හැමදාමත් ඉතිරිවෙනවා නේද මගෙ විතේන් ....

මේ බේබි හාමුට ඉන්නෙ එක මැනිකෙයි....ඒ උඹ ම විතරයි මගෙ විතේන් ....

මම එයාගෙ අතේ තිබුන ඵෝන් එක ඉල්ලන් පොඩීව තුරුල් කරන් ඉන්න ඵොටෝ එක ඩිලිට් කරලා දැම්මා...

මට බයයි සුදු මහත්තයා ...

එයා මගෙ මුන දිහා බැලුවා...එයාට බයයි කිව්වා .....

.ඇයි පන ඒ....

උඹ දවසක මට ඇරෙන්න තව කෙනෙක්ට ආදරේ කරයි කියලා.....උඹ එහෙම කරයිද සුදු මහත්තයා ....

එයා මගෙන් අහනවා එයා ඇරෙන්න මම වෙනකාට හරි ආදරේ කරයිද කියලා....මම එහෙම්න අන්දකාර වෙලා තිබුන අහස දිහා බැලුවා.....

වෙන්න පුලුවන් ....මං උඹ ඇරුනම...තව කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් විතේන්.....

ත් .....තේශී...එත...කොට..මම.....

මට...උඹ...ඉන්නකොටම එයාට ආදරේ කරන්න වෙනවා විතේන් ...මම එහෙම ආදරේ නොකෙරුවත් ඒ හිත පව්....ඒක තුන් කොන් ආදරයක් නොවී....එහෙම එකක් වේවි...උඹලා දෙන්නම මට ආදරේ දේවි....මම උඹලා දෙන්නටම ආදරේ...දේවි...

ස්...සුදු..මහත්....ත්තයා...

එයා අඩන්න හදනවා...මාව දාලා යන්න හදනවා...මම බලන් උන්නා..ඒඇස්වලින් කදුලක් එලියට වැටෙන කන්....

ඇයි...ඉතින් සම්පූර්නම කතාව නාහා අඩන්න හදන්නෙ...මම උඹ ඉද්දිම තව කෙනෙක්ට ආදරේ කරාවි...උඹ මට වෙනදා වගේම සුදු මහත්තයා කියනකොට ...එයා මට" අප්පච්චි "කියල කතා කරාවි...ඇයි මගෙ මැනිකෙම නේද කීව්වෙ කෙලි පැටියෙක් ඕනා කියලා.....ඉතින් එහෙම උනාම මම ආදරේ නොකර බෑනේ නේද...මම අප්පච්චි උනාම කොහොමද ආදරේ නොකර ඉන්නෙ .....ඉතින්...උඹලා දෙන්නම මට ආදරෙ කරනකොට මම උඹලා දෙන්නාටම ආදරේ නොදී කොහොමද මගෙ විතේන්....මැනිකෙයි...චූටි මැනිකෙයි....

අනේ තේශි...උඹ මාව බය කරවනවා.....මෙ පපුවත් එක්ක ගැහෙනවා....

ගැහෙන හැටි අල්ලලා බලන්න තිබ්බා මෙතන කවුරුත් නැතිව උන්නා නම්

නිකන් ඉදින් සුදු මහත්තයා ....උඹ මාව බය කරනවා...පිස්සු හාමුවා...තේශි...මට උඹව නම්...අත් අරින්න බෑ...තේශි...කවදාවත්

ඉතින් මං කිව්ව්ද කොතනක වත් උඹව අත් අරිනවා කියලා නෑනෙ....විතේන් ....ඉබේ හම්බෙන ආදරේට වඩා...දුක් විදලා හිමි කරගන්න ආදරේ වටිනාකම හුගක් වැඩී මගෙ විතේන් .....මොන දේ උනත්....උඹ මගෙ...මම උඹේ.....එච්චරයි ...

උඹයි අප්පච්චි හරි පව් නිතේශ් .....උඹලා කෙරුවෙම අනුන්ගෙ පව් වලට කරගහපු එක....උඹයි අප්පච්චි කෙරුවෙම විදින්න ආස ජීවිතේ හිර කරනුන් විදවන දුන්න ජීවිතේ ඇතුලේ ජීවත් වෙන එක.....වලව්වත් හරියටම ඉස්කෝලයක් වගේ සුදු මහත්තයා .....නීති විතරමයි ...නීති විතරමයි..කොහෙ බැලුවත් නීති...උඹලා හිටගත්තත් වැරදි ..ඉදගත්තත් වැරදි...නිදියෑවත් වැරදි....උඹලා දෙන්නම පව් සුදු මහත්තයා ...අප්පච්චි එහෙන්...උඹ මෙහෙන්...

එයා හරි හිමීට කියවනවා...අපි පව්ලු....මිනිස්සුන්ට අපේ දුක පෙනුනට වලව්වෙ උන්ට පෙනුන් නැති එකනෙ ඔක්කොටම වඩා දුක.....දෙයියොත් වෙලාවකට අහක බලපු එක.....මං එහෙම්ම අප්පච්චිගෙ ඉදන් උන්න සිමෙන්ති බංකිව දිහා බැලුවා.....

මගෙ අප්පච්චි තවමත් මේ වැව රවුමට ඇවිත් වරු ගනන්ඒ මතක එක්ක ඉන්නවා ඇති...මෙතන හුග දෙනෙක්ගෙ වලලපු ආදර කතා ඇති විතේන් ...මගෙ අප්පච්චි පව්...අම්මට කවදාවත් බැරි වේවි අප්පච්චි වෙනුවෙන් මූනට හිනාවක් ගේන්න....හැබැයි උඹගෙ අම්මට පුලුවන් වෙන්න ඇති...අම්මය බැරිව ඇති ඒ උකුල උඩ අප්පව්චිගෙ ඔලුව තියන් ඔලුව අත ගාන්න....ඒත් උඹගෙ අම්මට පුලුවන් ඇති...අම්මට බැරි වෙන්න ඇති ඇවිලුන හිතක් කවදාවත් නිවන්න...ඒත් උඹගෙ අම්මට පුලුවන් වෙන්න ඇති. .ඒකයි තවමත් ඇවිලෙන වාරයක් ගානෙම අප්පච්චි නිවෙන්න තැනක් හොයන් එන්නෙ.....

පිරිමි ආස හැමදාම නිවෙන්න විතේන් .....අනිත් උන් කෙසේ වෙතත්...මායි අප්පච්චි ආස පාඩුවෙ ඉන්න....අපිට ලුනුයි බතුයි දුන්නත් අපිකනවා...ගෙදර කෑම රස නෑ කියලා මගෙ අප්පච්චි කවදාවත් පිට හෝටල්වලින් කෑවෙ නෑ කන්න බැරි උනත් රහ ගුන හොයන් නැතිව ගිල්ලා මිසක්.....ඒත් විතේන් මනුස්සයෙක්ගෙ ඉවසීම නැත්තටම නැතිව ගිය දාට ඒ මිනිහා සමහර දේවල් අතාරින්න පුලුවන්....ඒ අතාරින එක....සදහටම වෙන්නත් පුලුවන් විතේන් ...හරියටම අප්පච්චි අම්මව සදහටම අතෑරියා වගේ....

මම ඈත පේන දලදාව දිහා බලන් කියෙව්වා...එයාගෙ ඇස් දෙක නුවර වැව රවුමත් පහු කරලා දුර ඈතක යන්න ගිහින් තිබුනා....අට ඕනා මගෙ අප්පච්චිගෙ ආදරේ ආයම එයාට ගෙනත් දෙන්න...මොනම දරුවෙක් වත් කැමති නෑ අම්මා තාත්තා වෙන්වෙනවා හීනෙකින් වත් දකින්න...ඒ උනත්.....දරුවෙක් විදිහට මම හැමදාමත් අප්පච්චිගෙ පන ගිය ඇස් දෙක දැක්කා.....

මම නැකිට්ටා...එයා මගෙ දිහා බැලුවා.....පාලුවට ගියපු වැව රවුමෙ එකෙක් දෙන්නෙක් ඉතිරි වෙනකොට මං බලාගන චූටි පලිගුවට හුලන් පුම්බපු බෝලයක් අරන් දීලා දුවා ගන්න තරම් වත් දික් නොවුන චූටි කකුල් වලින් ඒකි බෝල පස්සෙ දුවනවා ...අරු මහ අම්මන්ඩි වගේ වැටෙයි දෝනියො ගගා එනවා....උන් ගාව මොනවා තියනවා කියලද .. ...මං දෙන සැලරි එක ඇරුනම උන්ගෙ පොත්වල තඹ සතය්ක් වත් නැති කොට උන්ට මොනවා කියලා නම් රකින්න තියනවද ..ඒ උන්ට...ශෙනෝනයගෙ මුලු ලෝකෙම තියෙන්නෙ ඔතන.....ඩියෝනයගෙ මුලු ලෝකෙම තියෙන්නෙ ඔතන ..දඩාවතේ යන බැල්ලි පැටියෙක්ට ජීවිතයක් දුන්න උන් දෙන්නගෙ ගාව තියන නිදහසෙන් බින්දුවක් වත් නෑ...මට සැනසීමකට තියන එකම දේ විතේන්ම විතරක් වෙනකොට ඒකත් ...නොකියා උන්නට මම මහ ගිනි ගොඩක් මැද හොයන් ගියපු සැනසීමක් හා සමාන උනා...

සුදු අප්පො.....කොහෙද යන්නෙ ...

මම එයාව දාලා ආවා...ඒත් එයා නෙවෙ තනිවෙන්න කැමති උනේ...මම එයා දිහා බැලුවා .....

අවුරුදු ගානකට කලින් උන්න අනිත් සුදු අප්පොව...

මම අප්පච්චි ඉදන් උන්න බන්කුවට ගියා.....එයා මොනවා හෙව්වද කියන්න දන්නෙ නෑ...ඒඋනාට අප්පච්චි හොයපු දේම මටත් හොයන්න ඕනා වෙනකොට මම බන්කුව පුරාවටම මගෙ ඇස් ගෙනිච්චා ....

තේශි ..මොනවද ඔයා හොයන්නෙ...

අප්පච්චි හොයපු....අප්පච්චිට හම්බෙන්න තිබිලත් හම්බ නොවුන.....අදටත් හම්බවෙයි කියලා තවම බලන් ඉන්න දෙයක් විතේන් .....

මම ගල් සිමෙන්ති බන්ජුව පුරාවටම අරමුනක් නොවුන්....අඩුම ගානෙ හොයපු දේ නමවත් නොදන්න දෙයක් බිම බඩගාගන පවා හෙව්වා....

වි....තේ....න්.....

තේශි.....

මම උන්නෙ දන ඔබාගන...ඵෝන් එකේ ටෝර්ච් එක ගහගන සිම්නෙති බන්කුවෙ යටින් ඇතුල් පැත්තට මූන ඔබාගන වෙනකොට අවසානෙදි ඇස් වලට කදුලු උනපු දෙයක් හම්බුනා වගේම මගෙ විතේනුත් එබුනා ....

පාට මැකිලා ගිහින්.....අවුරුදු ගානකට කලින් කුරුටු ගෑව....ආදරේ බිතු සිතුවමක්....

Daham ras....

ඒ දෙන්නගෙ නම.....අකුරු නෑ...ඒවා මැකිලා ගිහින්...දහම්ගෙ රසානිව මැකිලා ගිහින්...හරියටම රසානිට දහම්ගෙ ජීවිතේ ඉඩක් නෑ කියන්නමද මන්දා....කොටපු අවුරුද්ද නවසියෙ කියලා තිබුනත් දිනේ මේ හැම දේම මැකිලා ගිහින්....ඉතින් මේ සිමෙන්ති බංකුව අප්පච්චිගෙ වගේම එයාගෙ අම්මාගෙ ආදර කතාව අහන් ඉන්න ඇති....අප්පච්ව්හිගෙ කකුල් අල්ලලා වැදලා " කොහෙ උන්නත් සතුටින් ඉන්න දහම් " කියනකොට මේ බංකුව අහන් ඉන්න ඇති.....අප්පච්චිලා වරු ගනන් හීන දැකපුවා අහන් ඉන්න ඇති....හන්තානට පායපු හදම මෙතනටත් පේනකොට අප්පච්චි එයයි එක වහලක් යටට එන්න හීන දකින්න ඇති...

උඹගෙයි...මගෙයි...නම්...දෙකම දීලා තියෙන්නෙ මෙතන.....උඹගෙ අම්මා...නිතේශ් සෙයෝන් කියලා දානකොට ...මගෙ අප්පච්චි විතේන් නෙලීශ කියලා නම දීලා.....උඹලාට පුලුවන්ලු...හරි ලස්සනට නම් හදන්න...

එදා ඒ නම් දෙකටම අප්පච්චි අප්පච්චිගෙ නම..දිසානායක කෑල්ල දුන්නට....පූරුවෙ කරුමෙකට උඹට දාන්න වෙලා තියෙන්නෙ සිල්වා කියලා.....

මම ඉදගන එහෙම්ම සිමෙන්ති බන්කුවට ඔලුව තියා ගත්තා ..මට අප්පච්චි ගැන දුකයි....මට මං ගැන දුකයි....මම අඩන්න හිතුවෙ නැති උනත් අප්පච්චිගෙ වේදනාව ගාව මාව දිය උනා....

මගෙ අප්පච්චි කියනවා....උඹලා ඉන්නෙ අපිට ජිවිතේ උගන්නන්නලු විතේන් .....මගෙ අප්පච්චි කියනවා...උඹලා ආවෙ අපිට හුස්ම දෙන්නලු....

මගෙ අප්පච්චිට ජීවිතේ උගන්නපු.....හුස්ම දීපු උඹගෙ අම්මා යන්න ගියත්....එයාගෙ හිතේ තවමත් ඉන්නවා කියන්න නෙවෙද විතේන් අප්පච්චි මෙතනට වෙලා වරු ගානක් අනන්තයක් නොපෙනෙන අහස දිහා බලන් ඉදලා මේ නම හොයලා යන්න ගියෙ.....

මේ අකුරු එ දෙන්නම වෙන්න ඇති කොටන්න ඇත්තෙ....අත් දෙක එකට පැටලුන දවසක ආයමත් ඇවිත් බලන්න....සෙංකඩගල අහස යට නම ලියපු ඒ දෙන්නා හරියටම අල්තිනායිනුයි...දුයිශේනුයි වගේ ..ඒ දෙන්නත් හම්බ උන ගම වෙච්ච "අයිලය" පොප්ලර් පැල හිටවන්න ඇත්තෙ....ඉන්දපු පැල ගස් වෙනකම්ම බලන් ඉන්න වෙන්න ඇති.....ඒත්...අවසානෙදි මොකද උනේ විතේන් ...

නොහැකි වුවත් අද ඉන්නට නුඹ

තුරුලේ...

තාමත් නුඹේ සුවද දැනෙනවා මට

වැව රවුමේ...

පින් මදි වුවත් තැනුමට අපගේ

ලෝකේ....

යදිමින් සෙනෙහෙ අඩනවා හද

හොර රහසේ...

මතකද අයිලයේ පොප්ලර් පැල

සිටුවාලා..

අප ආදරයේ සංකේතය සිහි

කෙරුවා...

ගුරු ගීතයේ අල්තිනායි

මුනගස්වා...

ඇයි ඔබ ගියේ මා හද ගිනි

අවුලාලා...

ගියමුත් අප දෙදනා මාවත්

දෙකක...

අදටත් සාප කරනෙමි කුල මල

වලට....

අයදිමි මැරෙනමොහොතේ හෝ

සොහොන ළඟ ..

සිටින ලෙසට මල් පොකුරක් අතින් ගෙන.....

"අයිලය" දුයිෂෙන් සහා අල්තිනායින් හමු වූ ගම....

(XZhan_1005 ස්තූතියි ගොඩක්ම ගොඩක් නිතේශ්ගෙ අප්පච්චිගෙ ආදරේ වචන කෙරුවට.....🥺🥺❤️)

විතේන් .....

සුදු අප්පො.....

දෙයක් ඉල්ලන්නම් දෙනවද ...

මොනවද නිතේශ් ....

ඇස් පියවෙන්න එක මොහොතක් තියලා හරි මගෙ අප්පච්චිට සැනසීමක් දෙන්න පුලුවන්ද .....??

එයාගෙන් මම ඉල්ලුවා...එයා මගෙ අත් දෙක උඩින් අත් දෙක තිබ්බා.....

විතේන්...මං ආසයි...මම මැරෙන මොහොතේ මම මේ ලෝකෙ වැඩියෙම්ම ආදරේ කරන කෙනාව මතක් කරගන්න...මොකද.....මරනේ වේදනාව මකන්න පුලුවන් ඒ ආදරේට විතරයි...ඒ උඹ විතරයි මගෙ විතේන් ....මරනෙ වේදනාව පවා මකන පුලුවන් උඹට විතරමයි...

වැව රවුම පාලුවට ගියා.....මේ වෙනකොට අම්මා අප්පච්චි ලව්වා මට කෝල් සීයක් විතර ගත්තා ...එයා එක්ක මම උන්නෙ තවමත් වැව රවුමෙ වෙනකොට ආයමත් කෝල් එකක් ආවා....

අප්පච්චි .....

අප්පච්චි නෙවෙ...අම්මා....සුදු පුතා ...ගෙදර එන්නෙ නැද්ද ....

ඇයි ...ආවම මගෙ ලේ පුච්චවන්නද.....

නිතේශ් ඔහොම මුරඩු වෙන්න එපා නිතේශ් .....අපි උඹට නරකක්

හා...හා....ඇති.....ආයම පටන් ගත්තා මං එන්නම්....හැබැයි...අත්තටම්මටයි අනිත් උන්ටයි කියන්න. .හෙට එන වහන්තරාව මගෙ ඇගෙ ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා එහෙම උනොත්...මම බලෙන් හරි මගෙ ගෑනිව ගෙට ගේනවා.....

නිතේ ..

මම ඵෝන් එක කට් කරලා ඕෆ් කරලා දැම්මා....ආයම ත් පරන තැටිය මට හෙන ගැහුවත් පරන තැටිය ..එයා මා දිහා බලන් උන්නා....

සුදු අප්පො.....බලෙන් ගේන ගෑනි කව්ද...

මං ගේන ගෑනියෙක් නෑ....මට කියන්න ඕනා උනෙ ඒක නෙවෙ..බලෙන් ගේන මිනිහව කියලා ...අර නාකි ගෑනි අද රෑ මැරුනොත් දවස් හතක් නිදි මරන්න වෙනවා මට බෑ නිදි මරන්න....

ඔව් උඹට වෙන ඒවට නිදු මරන්න පුලුවන් ...

ඒකට තමයි පන උනන්දුවයි කැපවීමයි කියන්නෙ....මගෙ විතේන් බිබික්කම...

අනෙ එපා යකො....

ඇයි ...ඇත්තනෙ බිබික්කමක් වගෙ තමා...පුක තඩි විතේනයා....කොහෙන් ඇල්ලුවත් කිලෝ එකයි.....

තොට තියෙන්නෙ ලෑලි පුකක් කියලා මං මැරෙන්නද .....

මට හිනා ගියා ....එයා කියවනවා ..කියවන්න ගත්තමයි වල්කම් කරන්න ගත්තමයි මට මගෙ විතේනයා එක්ක හැරෙන්නවත් බැරි උනා....ඒ උනත් මන් ආදරෙයි හිතෙ එකයි කටේ එකයි නැතිව හැම දේම කියන කෙනෙක්ට...වෙලාවකට යාලුවෙක් ...වෙලාවකට අප්පච්චි කෙනෙක් ..වෙලාවකට ආදරනීයම බිරිඳක් හා සමාන වෙන මගෙ විතේන් කියන්නෙම අසම සම කෙනෙක් වෙනකොට එයාට පුලුවන් උනා මාව ඒ පපුවෙ තියන් සනහවන්න...

දෝනියෝ....හෙමින් අප්පා..මේ ලමයව වැටෙනවා ඉවරයක් නෑ..අනෙ සෙනෝන් මේ පකඩ පැකට් එක අල්ල ගන්න...සෙනෝන් මේ අල්ල ගන්න කියලා විතරයි කිව්වෙ හරිතේ....

අපි දෙන්නම ඉදන් උන්නෙ අප්පච්චිගෙ ආදරේ ගැන අපිටත් වඩා අහන් උන්න සිමෙන්ති බංකුව ගාව බිම වෙනකොට බෙල්ලට රතු පාට පටියක් දාපු චූටි පලිගුවා හුලන් පුරවපු ඉරි ඉරි බෝලෙ හපන්න දගලනවා ඒකි බෝලෙට පනින වාරයක් ගානෙම බෝලෙ චුට්ටක් විසික් වෙනවා ...ඒකි වැටි වැටි බෝලෙ පස්සෙ දුවනවා...ඒකිත් දැන් පොඩි බෝලයක් වගෙ....

චූචි මැනික.....කූ..කූ.කූ...

මං ඒකිට අඩගැහුවා විතරයි ඒකි බෝලෙත් දාලා දූවල මගෙ ගාවට ආව...ඔන්න ඉතින් ඒකිට පිස්සු හැදෙනවා සන්තෝසෙ වැඩි කමට ලෙව කකා අඩනවා...බැල්ලි කික්කිගෙ චූටි වලිගෙ ෆෑන් එක පරාදයි....කුක්කු සුවද පිරුන ලාවට දතක් දෙකක් මතු වෙන චූටි කට...තෙත නහය ..දිලිසන ඇස් දෙක..චූටි පලිගු මැනිකෙ.....ඒලි නම් පලිගුවක්ම තමයි...

අපෙ අප්පෙ..... නිතේස් ....හරි මහන්සී ඒයි....මේ ළමයා දුවනවා දුවනවා ඉවරයක් නෑ...කොන්ද නෑ වගේ ඒයි..

ඔන්න උඹෙ හොර ගෑනි දුක කියනවා....

ඌහ්හ්...කොනිත්තන්නෙ ඉතින්....

ළමයා වදපු ගෑනි වගෙ ගඩාපියා චින්චව් ගෙඩි දෙකක් සයිස් ඒකගෙ ඇබිත්තන් පස්ස පිටිපස්සට දාන් කොන්දට අතකුත් තියන් ඒකගෙ දුවගෙ දාංගලේ ගැන කියනකොට මගෙ විතේන්ට ආයමත් ඊරිසියාවක් ඇවිත් තිබුනා වගේම මට බැන බැන මාව කෙනිත්තුවා ....

නිතේශයා..මේ අප්පච්චි ගත්තා ..උඹගෙ ඵෝන් එක ඕෆ්ලු....ගෙදර එන්නලු....අම්මා ගැන එයා බලාගන්නම් කිව්වා..

අනේ ...සාදු...අනීතා මැනිකේ අදත් අපෙ අප්පච්චියාගෙන් කයි....ආය මදි නොකියන්න...ගහන්න ඕනා තමයි ඔය ගෑනියට....අපේ නිතේස්ගෙ ලේ කෝප කර කර...ඇයි අපෙ අප්පොච්චියේ.....නිකන් කටක්ද තියෙන්නෙ නෑනෙ ...තනිකරම චමුදිතයා වගෙ....

ආ..මෙ...ඔන්න නිතේස් ...අත්තම්මලා අදත් අර කරෝල තෙල් ගාන් උන්නොත් ඔන්න මටනම් බෑ අනෙ ඒ පොල් මුඩු අල්ලන්න.....ඔන්න දැම්ම කිව්වා ..ඇයි අනෙ....ඒවල ගද යවනවා වගේද....මට හරියට වැඩ...

හා හා....උඹ ඕන දෙයක් කරපන්....ඒ බැරි නම් ඔලුවට ගින්දර හරි තියපන්...

මං ඩියෝනයට ඕන මගුලක් කරගන්න කියනකොට ඌ හිනාවෙලා මවෙබතේ උන්න බැලි කික්කිව වඩාගන නලවන්න ගත්තා ....

සුදු අප්පො..

ඇයි පන බඩගිනිද ...

සෑහෙන්න වෙලාවකට පස්සෙ අපි එන්න ආවා වගේම පාරෙ අයිනෙ තිබුන රොටි කඩේ දැකලා මගෙ විතේන් ඇගිල්ලෙන් ඇන්නා...ඇත්තටම ගෙදර හදන රොටිය මේ පාරෙ අයිනෙ හදන ඒවල ළඟින් වත් තියන්න බෑ ඉනාවක් වත් දානවද මන්දා...

ශෙනෝනයා ඔතනින් පොඩ්ඩක් නවත්තහන්....

අනේ...ඔව් සෙනෝන්..මට නම් බෑ වලව්වෙ බත් ගිලල වමාරින්න.....

ගඩාපි පැටියත් කන්කෙදිරි ගාන්න ගත්තා වගේම සෑහෙන දුරකට ගිහින් ශෙනෝන් කාර් එක නැවැත්තුවා ...

රොටී....ඉදිආප්ප .....ඌරු..මසුත් ...නෑ බොලේ....හොරාවට වල් ඌරුමසුත් පුච්චපුවාත් තියනවා .....

ශෙනෝන්....

මං හිමින් සැරෙ ශෙනෝන්ව ඇදලා ගත්තා

කියහන්...

වොලට් එක නෑ මෙන්ඩිස් එකක් ගන්න සල්ලි තියනවද ?

මං ඒකට වල් ඌරු මස් එක පෙන්නලා ගල් බෝතලයක් ගන්න සල්ලි තියනවද අහනකොට ඌ උත්තර නොදී හිනා උනා....අනෙ අම්මෙ ඇති යාන්තන්....හිතෙ ගින්දර යන්න බොන්න පුලුවන් ...

සුදු අප්පො...

කියන්න පන...

අපි...මෙහෙන් කාල යමුකො...අර එලියෙ බංකු තියනවනෙ.....වැව්මාලුත් ඉන්නවා

පනපිටින්ද...?

අනෙ නිතේශ් ...කන්න අරන් දීකෝ....මටත් නම් බෑ වලව්වෙ බත් ගිලින්ඩ....උන් කන්න දෙන බත්කටට ගෑනු කරේ ගහන්න යනවා මට බොරු කියලා විසේ යනවා...

හා ඉතින්....අඩන්නෙ ඇයි....කන්න තමයි නැවැත්තුවෙ ....

ම්හුක්....ඇයි වදේ. .

එයා මගෙ ලගට ඇවිත් මාව කූරු ගෑවා ඇත්ත තමයි තෙල් පෑදුන වැව් මාලු වැව් මාලු දැක්කම මගෙත් කටට කෙල උනන්න ගත්තා වගේම එයටයි ගඩාපි පැටියටයි ඕන එකක් ගිලින්න දීලා මායි ශෙනෝනයයි අහුමුලුවල රින්ගන්න ගත්තා

නිතේශයා....

ම්ම්ම්

රා තියනවා.....මෙවෙලෙ ආය මෙන්ඩිස් හොයන්න යන වෙලේ රා කට්ටක් ගහමුද...

මම එබිලා බැලුවා....ඇත්ත තමයි...රා තියනවා ...කිතුල් රා....මම ශෙනෝන් දිහා බලලා ඇහැක් ගැහුවා....

නිතේස්....

ම්ම්

ඔයාල මෙතන බොන්නද යන්නෙ....

හ්ම්ම්ම්හ්ම්ම ඇයි.....

මගුලත් කටෙ තියන් බොන්න....??

ගඩාපි පැටියා ඇවිත් මාව කොනිති ගහනකොට බැල්ලි කික්කි සුදු පාට ඉදිආප්පයක් එක්ක ඔට්ටු වෙවී උනා වගේම ඊලග තත්පරේදි විතේනුත් ම්ණ් ගාවට ආවා...

තේශි....

ම්ම්

අපි බොනවද ...

නෑ....

එහෙනම් ....අර ශෙනෝන් ගන්නෙ...

මායි....එයයි....ඔය දෙන්නා නෑ...

ඇයි ඒ...

එහෙම තමයි...

විතේන් මාදිහාබලලා ඇස් දෙක හීනි කර ගත්තා වගේම ශෙනෝන් රා එකක් අරන් එලියට ආවා...

තේශී...

ම්ම්ම්...

එයා ආයමත් මගෙ අතින් ඇද්දා...

මේ...හ්...

ඇයි...

අද රෑටත්....අපි....අතරෙ මොකක් හරි සිද්දවෙයිද මගෙ නිලමෙ...

යකෝ....විතේනයා...දවසට තුන්පාරක්.....පාන්දරත් වැඩ ඇල්ලුවා.

ගිනිමද්දහනෙත් වැඩ ඇල්ලුව...ආයම රෑත්....

අනේ නිලමෙ.....එතකොට මැනිකෙට පුලුවන්නෙ " අනින්ට නිලමෙ අනින්ට " කියලා කෑ ගහන්න...

අනිනවා තොට මං...

මං හිනා උනා...ඒකා කට ඇරියොත් කඩප්පුලි කතාවක් වෙනකොට මාව අවුස්සපු එයා ලී බංකුවෙ ඉදන් කකුලක් වන වන ගඩාපි පැටියා එක්ක කන කොට මායි ශෙනෝනුයි ඊට එහායින් ඉදන් රා කට්ටක් ගැහුවා....

පැයක් විතර යනකොට බඩපිරෙන්න කාපු අපි හතර දෙනා අනිත් අතට වලව්වට ආවා...

මුලු වලව්වම කහම කහපාට ලයිට් එලිවලින් බබලනකොට වලව්වෙ මැනිලෙගෙ හාමු මහත්වරුන්ගෙ වාහන එක පෙලට වත්තම අයිති කරන් තිබුනා වගේම ගේට්ටු කනු දෙකේ තිබුන සිංහ කොඩි දෙක වගේම ගොකොල ආරුක්කුව ආයමත් මට පොඩීගෙ මූන මතක් කෙරුවා ..

දැරනියගල වලව්වෙන් ආව මොරිස්මයිනර් එකක් යන්න යනකොට දැරනියගල හාමු මාව දැකලා ලාවට ඔලුව වනාගන ගියා වගේම

මෙච්චර වෙලාම විදපු සතුට දියවෙලා යයි කියලා බය හිතේ තියන් මං හිමින් සැරෙ ගෙට ඇතුල් වෙනකොට ගේ ඇතුලෙ මැනිකෙලා පිරිලා උන්නා වගේම ගේ ඇතුලෙ ඉදන් ගුරුන්වහන්සෙ මාමා එලියට ආවා...

ආ ඔය ආවෙ ගුරුන්නාන්සේ...බේබි හාමු...

🤭ආය එන්නම්...

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩක්...

මම

Ferdeesha ❤️❤️❤️😘

More Chapters