LightReader

Chapter 50 - 50

චටාස් ...!!!

නිතේශ් .....නවත්තපන්....

මං කම්මුල් දෙකටම අත දිගෑරලම ගහපු පාර එක්ක අම්මා ඇවිත් මාව අල්ල ගත්තා...ඒත් ඊලග තත්පරෙදි මං අම්මගෙ අත ගැසුවා ..අත ගසලා තල්ලු කරල ඇරියා...

විනීතා මැනිකේ ....මං උඹට ඔය ගැහුවෙ....පලවෙනි එක...උඹ වැරදි ගොඩාක් හංගන් නිර්දෝශී මට අත ඉස්සුවට....දෙවනි එක..දෙවනි එක ගැහුවෙ...අම්මෙක් වෙලා උඹට උඹගෙ දුව පරිස්සම් කරගන්ඩ බැරි එකට....

තුන්වෙනි එකක් ගහනවා නම් ගහන්නෙ...ඔක්කොම කරලා සුදනා වගෙ ඉන්න එකට...හතර වෙනි එකක් ගහනව නම් ගගන්නෙ වලව්වෙ වෙට්ට නම වෙනුවෙන් ඕනම ගූගොඩක් හත් පොලේ හරි ගාන්න උඹ බලන් ඉන්නවට...මං එතනින් පස්සෙ උඹට ගහන් නෑ මොකද මගෙ හිතේ උඹ ගැන තරහව තවම වෛරෙකට පෙරලුන් නෑ....හැබැයි...වෛරෙකට පෙරලුනොත් උඹට මුනක් ගේන්න වෙයි...හරි....

නිතේශ් ...උඹ මොන හයියටද මට ගැහුවෙ කියපන්....ආ නිතේශ් ....උඹ මොන හයියටද මට ගැහුවෙ....

එහෙනම්...ලොකු අප්පච්චි ...උඹ කොහොමද අරූට ගැහුවෙ, උඹ ගාව මොන හයියක්ද තිබුනෙ මම මෙතන ඉද්දි මා එක්ක ආව එකාට ගහන්න...ආ....කතා කරපන්.

ගැහුවෙ...ගැහුවෙ යකෝ...ඌ මගෙ කෙල්ලව අරන් ගිය හින්දා...ඌ මගෙ කෙල්ලව අරන් ගිය හින්දා. ...

තූ ....ඉද්දකින් ගොබ්බ හුත්තා....මූට සිංහල තේරෙන්නෙම නැනෙ...ඈ විනිතම්මෙ වාහෙට තුන්වෙලේම දෙන්නෙ අර පහල රත්තිගෙ පුන්නකුද. ..නැත්තන් තනකොලද....???ඔච්චර කියලත් එකම එකම දෙ කියන්නෙ මොන මෝඩකමක්ද බන්....දෙයියො මොල බෙදන වෙලාවෙ උන්නෙත් කාගෙ හරි වංසයක් කබල් ගගාද.....?? ඒකවත් කියපන්....උඹලා මහ සාප...අවංකවම උඹලා මහ සාප....නේ වලව්වටම සැදුනෙ සුදූව මරාගත්තු සාපෙ....බලපන් උඹලව හැදි ගෑවිලා යන්නෙ නැද්ද කියලා ..උඹලට වැහි නැති හෙන පවා ගහයි. ...ඒ තරම්ම උඹලා මහ සාප....සාප කියන්නෙ සාපවලත් හොදම එක.....මේ කොල්ලා ඒකිව අරන් ගියා නම්...මේ ගුබ්බෑයමට එනවද ලොකු තාත්තේ ආ.....ඌට ගෑනු නැතුවද මේ කොහෙවත් නැති වලව්වක් බදාගන මන්දමානසික කාරයො වගේ නම්බු පස්සෙන් දුවන උන්ගෙ තැන් වලින් ගෑනු ගන්න....ආ....ලොකු තාත්තේ....

උඹට නම් පිස්සු...උඹ මේ ගැනිගෙ සල්ලිවලට පෙරේත කමට මේ ගෑනිව බැදගන අද බින්න බැහැන් පින් බත් ගිල ගිල ඉන්නවා..ඔයිට වඩා නම්බුයි මල් චීත්තයක් ඇදන් කුසියට උයන්න ගියා නම්...උඹ මහ ගෑනියෙක්...කොන්දක් නෑ....උඹය කොන්ද කියන දේ ඇත්තෙම නෑ.....උඹට. .උඹ...මහ ...අනික ..උඹ මෙහෙ බින්න බැස්සෙ ....මොන හේතුවටද කියන්න අපි නොදන්නවද ....මං නොදන්නවද .....ආ...ලොකු අම්මෙ...තමුන් මෙතන වංසෙ ගැන

කබල් ගෑවට....තමුන් මේකව ගොනා කරන් බැන්දෙ ගෙදර කිරි කාරයාගෙ

නිතේශ් .....නවත්තපන්...

ඇයි...අමාරුද...ඔසරිය ඇදන් අගස්ති මාල ගහන් දැන් රහත් උනා වගෙ ඉනනෙ...

කිව්වම අහල කටවහපන් නිතේශ් පිට එකෙකුත් ඉන්න තැන උඹ ලැජ්ජා කරන්නෙ උඹෙ උන්ටමයි .....නැත්තන් මන උඹට...

නෑ සියා තාත්තා....ඇයි. .... උඹ බයිනේත්තුව ඉස්සුවෙ වෙඩි තියන්නද....තියපන්....උඹ දන්නෙ ඔච්චරයි ...හැබැයි ..උඹට මාව මැරුවොත් ...මං රැයක් දවලක් නැතුව මේ වලව්වෙ ඉදලා උඹව ගන්නවා... ....අහන් ඉදින්....මං මේවා අවුරුදු ගානක් උහුලන් උන්නා...තොපිලා අතේ වැරදි තියාගන අනුන්ට පද හදන තොපි අමු කුනු ගොඩවල් ...

අනිල් හාමු මේකි උඹේ අඹුව වෙන්න කලින් කිරි කාරයා එක්ක ලැග්ග එකියක්...උඹෙ නම විතරයි ...ඇති පිත්තමක් නෑ....උඹලා ඔක්කොම ඇගිලි දික් කෙරුවෙ වැරදි තියාගන....ඒ වගේම තොපි වැරද්ද පැටෙව්වෙ කවදාවත් වැරද්දක් නොකරපු උන්ට...එදත් එහෙමයි...අදත් එහෙමයි සාප කාර මූසල වලව්ව....තූ උඹලා තූ....

නිතේශ් ....නිතේශ් ....උඹගෙ වැදි බනෙන් වැඩක් නෑ....මගෙ කෙල්ලව ගෙනත් දියන්.....හංගන් ඉන්න තැනකින්...

යකො.....ගෙනත් දියන්...

.

තොට කියන කට හොදයි ගලක උලා ගන්න .....උඹ මහ මෝඩ මූසලයෙක් ලොකු අප්පච්චි ....උඹ මහ ගොන් ගහක්....උඹ තනිකරම අර බබානිසා වගෙ....ගෑනි වෙන එකෙක් අතින් අනාත වෙලා ළමයෙක් බඩට ආවම ඒකි කෙරුවෙ නෝන්ජල් බබා නිසා ලව්වා පපුවෙ අමාරුව කියලා තනයක් මිරිකවගන ඒ අස්සෙම්ම චීත්තපට ගලවලා කකුල් පලල් කරපු එක...අවසානෙදි බබානිසා කර ගැහුවෙ අනුන්ගෙ ලමයෙක්ට වගේම උඹ කර ගැහුවෙ පිරුවටයක් දාලා උඹගෙ ඇස් බැදපු කපටි දෙනක් ළඟ උඹ මහ ගොන් නාම්බෙක්....තු...උඹ....තූ..

මං කියෙව්වා...බැන්නා....ඉවරයක් නැතුවම ..ඒ අස්සෙන් මට සෙන්කොට්ටන් එකේ නෝන්ජල් බබානිසාවත් මතක් උනා....කොච්චර කිව්වත් මෝඩ කමෙ උපත උන මෝඩ කමට යකා ආවේස උන බිනරිගෙ තාත්තා ආය ආය එකම එක කියවනකොට බ්‍රේක් නැති මගෙ කටෙන් කුනුහර්ප වැලකට වඩා කිය උනා...මට තරහා වැඩි කමට කතා කරගන්න බැරිවෙනකොට මං අත් දෙකෙම්ම ඔලුව කසා ගත්තා වගේම ගුටි කාපු මෝඩ හාමුවා පිස්සුවෙන් වගෙ කඩා පනිනකොට මගෙ විතේන් මන් දිහා බල බල පාර දිහා බලන් ඇකිලීගන උන්නා ....එයාට ඒ වැදුන පාරට මූනම සුදු මැලි වෙලා ගිහින් තිබුනා...

නිතේශ් ...උඹ නටනවා...නටනවා හොදටම වැඩී නිතේශ් ...උඹට...උඹටමම...

ඇයි....උඹ මගෙ කොල්ලට මොනවා කරනන්ද.....ආ අනිල් ....

ද්...දහම්....

අප්...පච්චි.....

ඔව්...මම දහම් තමා...උගෙ අප්පච්චි ඉන්නකොට උඹ මොන හයියකටද ඌට අත ඉස්සුවෙ...අනික....උඹ කාගෙ හයියටද අනිකට අත ඉස්සුවෙ...නඩුව විසදුවා නම්...

කියපු දේවල් අහගන ඉන්න බැරි තැන ලොකු අම්මගෙ වාහෙ මට ගහන්න අත උස්සන් එනකොට ගහන්න ආපු අත මගින් නැවතුනා...ඒ වෙන කවුරුත් නෙවෙ මගෙ අප්පච්චි ...මගෙ පැත්තට ඉන්න එකම කෙනා වෙච්ච මගෙ අප්පච්චි ....එයාගෙ පැත්තට හිටගන්න ඉන්න එකම කෙනා වෙච්ච අප්පච්චි වෙනකොට එයා ලොකු තාත්තගෙ අත මිරිකන් අල්ලන් ඉදලා අත හයියෙම්ම ගසලා දැම්මා...

අම්මා..අම්මා.....ගුරුන්වහන්සෙ මාමා.....

අප්පච්චි කතා කරලා කට වහන්නවත් හම්බුන් නෑ අම්ම ඵෝන් එකත් උස්සන් අත්තම්මා ගාවට දුවන් එනකොට අප්පච්චි අම්මව අලු වෙලා යන විදිහට බලන් උන්නා....

අනීතා ...මොකක්ද කරන්න හදන්නෙ...

දහම්...බිනරි.. නෑ දහම්..

ඒක තමයි මං දැන් තේරෙන සිංහලෙන් ඇහුවෙ මොනවද කරන්න හදන්නෙ කියලා .....

අංජමක් වත් බලන්න කියලා ....

මායි අප්පච්චි මූනට මූන බලා ගත්තා වගේම මගෙ විතේන් යන්තම් වගෙ කෙලින් වෙනකොට නන් එයාව එක්කන් ගිහින් සීයා තාත්තා ඉදගන්න ලොකු හාන්සි පුටුවෙ ඉන්දෙව්වා ...

තේශී.....හ්හ්..ම්ම්ම්...

ඇයි මගෙ මැනිකේ ...අනෙ උඹට හුගක් රිදෙනවද ..

න්න්...නෑ...ඒත්....එපා....රන්ඩුවෙන්න .....අර..මිනිහා..මැරෙයි ...අපේ...අතෙ වැරද්දක් තියනවා....සුදු..මහත්තයා ..

මගෙ බඩ පපුවම ඇවිලිලා ගියා ...එයා මුමුනනකොට මාත් මිමිනුවා.....එයා වේදනාව හංගන් උනත් කිව්වෙ රන්ඩුවට යන්න එපා කියලා වෙනකොට මම එයා දිහා බලලා මගෙ අප්පච්චි ගාවට එන්න ආවා....වලව්වම ගිනි ගොඩක් වෙලා තියෙද්දි පොලීසියට යන්නෙ නැතිව අම්මලා හදන්නෙ අංජනමක් බලන්න වෙනකොට අප්පච්චි මන් දිහා බැලුවා....හරියටම මුන්ට කියලා තේරුමක් නෑ වගේ.....

උඹ මෙච්චර වෙලාම කියෙව්වෙ මුන් එක්කද පුතේ.....??

......

අනීතා...

දැන් තමුන්ලා ටික ගොන්නු වගේ ඔක්කොම එකතු වෙලා බලන්න හදන්නෙ අංජනමක්ද???ආ අනිල් උඹට මගෙ කොල්ලට ගහලා අත පයේ හිරි ඇරගන්න වෙලාවෙ තිබුන් නැද්ද පොලිසියට යන්න...උඹට මොලේ කියන ඒක නැද්ද අනිල්....අර දරුවට ගහලා...ඒ ගහපු පාරක් නරක තැනකට වැදුනා නම්...හැබැයි අනිල්...උඹ මේක මතක තියා ගනින්...උඹේ වාසනාවට දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් කොල්ලට නරක දෙයක් වෙලා නෑ...හැබැයි උඹේම කරුමෙට ඌට මොකක් හරි උනා නම් උඹව කාටලින් මරන්නෙ මමයි...අන්න ඒක හොදට මතක තියා ගනින් අනිල්....

.උඹ අප්පච්චි නේද?? යකො කෙල්ලව හොයන්න අන්ංජනම් එලි බලලා හරියන් නෑ...ගිහින් නුවරම පීරපිය.....අගුවක් අගුවක් ගානෙම හරි පීරපිය...මෙතනෙ මේ ගෑනු කියන කියන පදේට නටන්නෙ....යකො තේරෙන්නෙ නැද්ද ලමය නැති උනාම කරන්නෙ පොලිසියට යන එක....අහු මුලු ගානෙ හරි කාගෙ කාගෙන් හරි අහලා දැකද කියන එක අහන් ඒකිව හොයන් යන එක.....

උඹ මොකක්ද කරන්න හදන්නෙ....උඹ කරන්න හදන්නෙ මේ මෝඩ ගෑනු මැද ඉදන් අන්ජම් එලි බලන්න හදන එක.....කොන්දක් තියන පිරිමියෙක් වෙලා ලමයව හොයපන් මගෙ උන්ට අතපය ව්සික් කරන්න කලින් ...

අනිතා.....ඔය මනස් ගාත නවත්තලා පොලීසියට ගිහින් පැමිනිල්ලක් දානවා...

දහම්...අනෙ....පොලීසියට...

ඇයි..උඹලට පොලීසියට යන්න බෑ ලැජ්ජා හින්දා?මොල්ලිගොඩ හාමු ඔය කබල් නම්බුවට වඩා කෙල්ලගෙ ජීවිතේ නම් වටින්නෙ කරුනාකරලා පොලීසියට යනවා මෝඩ ගෑනු ටික වටකරගන ලැජ්ජාවක් නැතිව අංජනම් එලි බල බල ඉන්නෙ...කොන්ද පන තියන පිරිමියෙක් වගේ...තමුනලට දන්නෙ බොරුවට කාව හරි සැක කරන් අතේ පයේ හිරි ඇරගන්න විතරයි.....මෝඩකමට දේවාල අස්සෙ රිංග රිංග අතේ තියන තඹ දොයිතුව කපුවන්ට දිදි පොල්.ගහලයි මිරිස් අඹරලයි එක එකාට හෙන ඉල්ලපුවල ප්‍රතිපා තමයි ඔය....මෝඩ කමක සීමාවක් තියෙන්න ඕනා.....

අනික බිනරිගෙ අම්මෙ තමුන්ගෙ කෙල්ලව කොල්ලෙක් ඉන්න කාමරේකට යවනකොට ලැජ්ජාවක් තිබුන් නැද්ද...ඔව් ඉතින් අප්පගෙ වෙට්ට ගතිම නේන්නම් දූ සිංගලාටත් ගිහින් තියෙන්නෙ....

දහම්....

ඇයි අනීතා....උඹලා මගෙ කොල්ලා අර දුප්පත් කෙල්ල එක්කලා යාලු උන වෙලාවෙ ඒකිගෙ ගෙදරට ගිහින් බැනලා ලැජ්ජා කරලා ආවා....පස්සෙ ඒකි වැඩ කරන තැනට ගියා....ඒකිට පාරෙ බැහැලා යන්න්ස් දුන්නෙ නෑ....මූට උඹලා ඒකිව අතාරිනකම්ම.කෑ ගැහුවා...අදටත් කෑ ගහනවා.....උඹලා නම්බුව බලනවා...මොල්ලිගොඩ හාමුදුරුවො නමට..සායම යවාගන ඉවරයි.....ගස් ගල් ගාමෙ පදුරු අස්සෙ ගෑනුඑක්ක බුදියලා ළමයි හම්බෙන්න ආවම මහ එකී යනවා හොර් අඹුවන්ට අන්නාසි ගැට හොයන්....උඹලා නම්බුව ගැන හෙව්වා...ඒ උනාට බිනරිගෙ අම්මෙ...මේක හොදට මතක තියා ගත්තොත් හොදයි....තමුන්ගෙ මිනිහට කොන්දක් නැතුව මෙහෙට වෙලා ලැගන් උන්නට මට කොන්දක් තියනවා...තමුන් මෙතන වංසෙ ගැන කබල් ගෑවට රෙදි නැන්දට සල්ලි කොල දෙක තුනක් මිටිමොලවලා රෙද්ද ගැන බොරු කෙරුවට...මගෙ උන් නම්නු පිට ඉන්නවා...උඹලා මේක හොදට මතක් තියා ගනිල්ලා...අදින් පස්සෙ ...මගෙ උන්ට අතක් හරි තිබ්බොත් මමයි අත කඩන්නෙ...

අනිල්....උඹට මොලෙ කියන එක කුරුල්ලෙක්ට තරම් වත් තියනවා නම් මේ ගෑනුඑක්ක අංජනම්.එලි බල බල ඉන්න වෙලේ ගිහින් නුවර පීරල හරි කෙල්ල හොයා ගනින් ගැනූන්ගෙ පදේට නටලා නටලා පිරිමි කමට ලැජ්ජ නොකර.....

මං අහන් උන්නා...අප්පච්චි මැනිකෙලාට රෙදි අකුලගන යන්න කියපුව අහන් උන්නා....විනීතම්මා අද මෙතන කුල මල හෙව්වට....වංසෙ කබල් ගෑවට බදින්න කලිම්ම කිරිකාරයා එක්ක ලැගපු එකියෙක් ...ලොකු තාත්තා තනිකරම සෙන්කොට්‍ටන් එකේ ඉන්න බබානිසා වගේ ඌ දන්නෙ නෑ ගෑනිම ඌ ලව්වා වැඩේ කරගන්නකම්.....අනිලාට උනෙත් එක...මහලොකු මැනිකෙලා ඔසරි පොරවන් අගස්ති මාල දාන් ඉනට හවඩි බැදන් උන්නට වැඩක් නෑ මුන්ගෙ ඔලුවෙ ඉදන් කුනු.....

අනිල්...කොන්දක් ඇතුව වැඩ කරනවා...අතපයේ හයිය පෙන්නෙ නැතුව....ඔය මොල්ලිගොඩ හාමුදුරුවන්ටයි...මහ මැනිකෙලාටයි ඔක්කොටම ඇහෙන්ඩ මං මේ කියන්නෙ....මගෙ එකාගෙ ගැන මම් බලා ගන්නම්....තමුන්ලා තමුන්ලගෙ දරුවො ගැන බලා ගන්ඩ ඔනා...වංශෙ කබල් ගාන්න මන් ළමයි හැදුවෙ නෑ....පිරිමියෙක් නම් ඉන්න ඕනා පිරිමි විදිහට...අනිල් උඹලත් හරියට ඉස්සො වගේ කොන්දක් නෑ...ඔලුවෙ ජරාව ඒ උනාට පට්ට ගනන්....හැබැයි.....උඹ එක්ක බලනකොට ...ඉස්සන්ට කොන්දක් තියනවා කියලා හිතෙනවා....උඹලා ඉස්සන්ට අන්තයි.....ආයම ඔය අතපය දික් කරන්න කලින් තමුන් හොදට හිතලා බලලා අතපය විසි කරනවා..ගැනීගෙ පදේට නට නට පිරිමි කමට ලැජ්ජා නොකර....

අනීතා.....

ද්..දහම්...

ඔය මගුල් වලින් වැඩක් නෑ...ගිහින් ඇන්ට්‍රි එකක් දානවා....කෙල්ල නෑ කියලා...උඹලට මොලෙ දෙන්න දෙයියන්‍ට අමතක වෙලා....

නිතේශ්

අප්පච්චි ...

අර ලමයව එක්කන් යන්න ලැහැස්ති වෙනවා....

දහම්...ඔයා කොහෙ යන්නද ..මෙච්චර දෙයක් වෙලා තියෙනකොට ...

මං කොහෙ යන්නද අහන්නෙ උඹට ඇස් දෙක නැද්ද අරලමයගෙ මූන කට නිල් වෙලා....කව්ද දන්නෙ කොහෙට කොහෙට වැදුනද කියලා..... බත් කන හරකා දෙයක් කියන්න කලින් ඇනලා ඉවරයි....කෙල්ලව ඕනා නම් ගිහින් හොයන් නැතිව මෙතනට වෙලා බයිනෙත්තු බදන් ඉන්නවනෙ...කොල්ලට මොකක් හරි උනොත් අනිල්....උඹ ලෑස්ති වෙයන් කූරු ගනින්න යන්න හරි....දන්නෙත් නෑ දැක්කෙත් නෑ අහන්නත් කලින් කෙලලා ඉවරයි ....උඹ වගේ එකෙක් මේ ගෑනිව කර ගහපු එක ආය අහන්න දෙයක් නෙවෙ...

දහම්....ඇතිනේද දැන් ඔය කියවිල්ල..පිට මිනිස්සු ඉන්න තැන්වල තමුන් ඔය උඩ බලාගන නේදකෙල ගහන්නෙ....

උඩ බලන් කෙල ගහන එක නම්බුයි අප්පච්චි .....උඩ බලන් කෙල ගහන එක නම්නුයි.....අපේ අම්මා අප්පච්චිලාටත් මොල්ලිගොඩ මැනිකෙ කෙනෙක්ට.මාව කර ගස්සවනකන් නින්ද ගියේ නෑ...උඹලත් එහෙමනෙ මේ ගෑනිව මගෙ කරේ ගහනකන් උඹලට නින්ද ගියෙත් නෑ.....අන්තීමට දවස් හතක් මගුල් කාලා ගෙනත් තියෙන්නෙ හූනියමක්.....මොලේ නැති මගුලක්....

දහම්.....තමුන්ට මාව හූනියමක් වගේද පේන්නෙ දහම්....ආ දහම්....ඔව් ඉතින්....තමුන්ට ඒකාලේ වෙන කව්ද උන්නලු නෙ.....ඒකනෙ මාව හැමදාම හූනියමක් වගේ පෙනුනෙ...

ඔව් ඉතින්...මං කරල තියෙන්නෙ මැනිකකට පයින් ගැහුව වගේ වැඩක්....තනිකරම දිලොසෙන කොලේක ගොම්බෙට්ටක් ඔතලා දීලා....

දහම්....දැන් ඔය කතාව ඇති....තමුන්ට දැන්ද මගෙ දුවගෙ අඩුපාඩු පේන්නෙ.....

අපො නෑ අම්මා...අදක නෙවෙ..මන් තමුන්ගෙ දුවව බැන්ද දා රෑම තමා අඩු පාඩු හොයා ගත්තෙ....හිතේ කිසිම තෙතමනයක් නෑ...වලව් මාන්නෙ විතරයි.....උඹලා අන්ජනම් එලි බරි නම් කනප්පු කරකවලා හරි කෙල්ලව හොයා ගනින් මම යනවා මගෙ කොල්ලව අරන්...උඹලා ඊලග පාර කියයි මගේ එකා කෙල්ලව අරන් ගියා කියලා එහෙමට වෙස්නෙ උඹලට පෙරලෙන්නෙ....

ආ අනිත් එක...අනීතා....මොල්ලිගොඩ ලොකු මැනිකෙටයි...හාමුදුරුවන්ටයි මම මේ කියන්නෙ...මගෙ කොල්ලව ඔය රන්දෙනිගල ගල වලව්වෙ මැනිකෙලාට පංගරාත්තු කරන්න ඉන්නවා නම්...වහාම ඒක නවත්තගත්තා නම්..උගෙ අප්පච්චි මම නෙ.....මම ඌට මගුලක් කතා කරන්නම්....

දාහම්...එහෙම කොහො

එහෙම කොහොමද කියන්නෙ....ඌ උඹගෙ අප්පගෙ නෙවෙ ඌ මගෙ....උඹට මටනිහලින් යන්න ඉඔනා නම්...පලයන්...හැබැයි...උඹ මගෙ ගෑනිද නැද්ද කියන එක මම බලාගන්නම්....හොදට මතක තිය්ස ගනින් අනීතා .....උඹ නාඩගම් නැටුවොත්.....මං මේ කසදෙත් කටු ගාලා දානවා...

දහම්...ඔහොම නවතිනවා...දහම්.....

අනීතා...තමුන්ට එක්කො මෙහෙ ඉන්න පුලුවන් .නැත්තන්....මා එක්ක ගෙදර යන්න එන්න පුලුවන් හරි ...අනුන්ගෙ මගුල් වලට ඔලුව දාලා මෙතන මගෙන් මැරුන් කන්න හදන්න එපා අනීතා...

මං අප්පච්චි දිහා බලන් උන්නා ....තනි කෙලින් හිටගන අත් දෙකත් පිටිපස්සට බැදන් අතින් පයින් නැතිව කටින් විතරක් කතා කරපු අප්පච්චිගෙ වචනවලට හැමෝම සැලන්ඩර් වෙලා යනකොට අත්තම්මා මීයට පිම්බා වගේ උන්නා....මගෙන් ගුටි කාපු බිනරිගෙ අප්පච්චි මගෙ අප්පච්චිගෙ වචන එක්ක ගුටිකාපු මූන තවත් රතුකරගන්නකොට බදින්න කලින් කරපු කෙරුම් එලි උන බිනරිගෙ අම්මා අංජනම් එලි පස්සෙන් දිව්වා....අවසානෙදි සීයා තාත්තා තනියම කොහෙ හරි යන්න යනකොට මම මගෙ විතේන්ව වත්තම් කරන් එන්න හැදුවා වගේම අවුරුදු ගානක් නිකමෙක් වගෙ පින් බත් ගිලපු වීරසේකර හාමු බිනරිගෙ අප්පච්චි විනීතගෙ කම්මුලෙ ඇගිලි අච්චුව හිටින්න ගැහුවා....

අනිල්....මේ...අහ්...ආව්හ්...අනේ....හ්හ්

තෝ...පරට්ටි ...මිනිස්සු එක්ක ලැගලා.....

ඔයින්.ගියා මදැයි.....

ගුටි මුරේකට පස්සෙ ඇවිලුන වලව්ව තවත් අවුලපු මමයි අප්පච්ව්යි එයාව අරන් එන්න ආවා....එයා මගෙ ඇගට වාරු වෙලා උන්නා වගේම කාර් ගේට්ටුව ගාවදි අප්පච්චිට ආයම පරලා උනා....

නිතේශ් .....

අප්පච්චි

මෙහෙට වරෙන්.....විතේන් ...වරෙන් මෙහාට.....

මම එයාගෙ මුන බැලුවා....එයා මගෙ මූන බැලුවා..දැන් ඉතින් ආයම ගුටි කනවා....අනිත් උන් ඉස්සරහා කොහොම යකා උනත් මම මගෙ අප්පච්චි ගාව හැමදාම මුනිවත රකිනකොට මම එයාව එක්කන් ගිහින් අප්පච්චි ගාව හිට ගත්තා හැබැයි මුනක් වත් උස්සල බැලුවෙ නෑ....ඒ එක්කම කම්මුල් පාරක් වදින සද්දයක් ආවා...ඒත් ඒක...

.

අප්පච්...චි .....

මං හිතන්නෙ මට ඔලුව උස්සලා බලලා කටවත් අරින හම්බුන් නෑ .ඊලග පාර මගෙ කන් දෙදරවගන ගියා ගුටි කාලා උන්න එයාගෙත් කම්මුල රත් වෙන්න ගහපු අප්පච්චි මටත් අතදිගෑරලම ගැහුවා.....ගුටි කාලා උන්න එයා නෙවෙ මීක් කිව්වෙ ..

දන්නවද තොපිට මම ගැහුවෙ ඇයි කියලා ???කතා කරපියව්....

.....

....

විතේන් ....

අප්ප...ච්චි....

අප්පච්චි තමයි ....මොලේ කියන එක කලදක් නැද්ද ආ.....ඔය ඔලුව අස්සෙ මොනවද තියෙන්නෙ මේ අනිත් ගොනා ...තොට තේර්‍ර්න්නෙ නැද්ද ...තොට කට තිබුන් නැද්ද.....ඒකිව එතනදිම උස්සන් ගියහම මිනිස්සු දකිනවා කියන්න...කැමරා වලින් පේනවා කියන්න....මුන්ට මොලේ නැති හින්දා හොදයි ..මුන්ට තියෙන්නෙ දේවාල පස්සෙ යන මොලයක් හින්දා හොදයි ..ගොන් නාම්බො දෙන්නා ....

මමයි එයයි නෙවෙ ඔලුවක් ඉස්සුවෙ අප්පච්චි මට ගොනා කිය කිය බනින ගමන් තවත් දෙක තුනක් පිටට අතාරිනකොට මම බිම බලාගන උන්නා වගේම මං අහගන අරූ ම්හුක් ගගා කෙදිර් ගානවා ඕකා හින්දා මාත් ගුටිකනවා..මුගෙ අම්මත් ඔය වගේ වෙන්න ඇති නෑම්බියෙක්....

පුතත් එකයි...අනික....ත් එකයි ...මං දන්නෙ නැද්ද ගොන් කම...කෙරුවොත් දෙන්නම ගොන් වැඩ.....හිතුවක්කාර කම බෝකරන් ඇවිත් ගහන්නෙ උඹට පිට පුපුරන්න

අප්පච්චි ....

මම ඔලුව උස්සලා බැන්නා...හැබැයි ..එයා එතනදි මට නෙවෙ බැන්නෙ කියන්න මට හොදටම තේරුනා....මොකද...එයා බැන්නෙ මගෙ විතේන් දිහා බලාගන වෙනකොට මගෙ අප්පච්චිට එයාගෙ කාලෙ මතක් වෙලා තිබුනා වගේන එයාටත් නොදැනි එයා අම්මගෙ මුරන්ඩු කම් බෝකරන් ඇවිත් කියනකොට මගෙ විතේන් අප්පච්චි දිහා බලන් උන්නා....

අප්පච්චි ....එයා....එහෙම කියනකොට දාලා එන්නෙ..කොහොමද ....

දාලා එන්නෙ කියන්නෙ...දැන් ඔහොම උස්සපුවාම හරියනවද ගහෙන් හගෙඩි එන්නා වගේ... ආ විතේන්.....ඔව්වා ලේවල පුරුදු ඔක්කොම කරන්නෙ ගහෙන් ගෙඩි එන්නා වගේ අවසානෙදි අඩනවා ...

අප්පච්චි බනිනවා...එක්කො එයා බනින්නෙ මගෙ විතේන්ට නැත්තම් එයාගෙ අම්මට...ඒ කොහොම උනත් අප්පච්චි ගහපු බැනපු හැම දේම තරහට වඩා බයට කියනන් අපිදෙන්නම දන්නකොට ගහන තරමක් ගහපු දෙන්...බැනපු තරමක් බැනපු දෙන් කියලා කට වහන් උන්නා.....

අප්පච්චි ...අම්මලා මොනවා කරයිද....

මොනවා කරනන්ද ..උඹගෙ අම්මා දන්නෙ අර නාකි ගුරා ගාවට යන්න තමයි කොයි වෙලෙත් රිංගන්නෙ ඕක අස්සටමනෙ...උඹ මගෙ නෙවෙද දන්නෙත් නෑ ගුරාගෙද දන්නෙත් නෑ....

අනේ අප්පච්චි ....හ්

අප්පච්චි තමයි ...අම්මගෙ මෝඩ මොලේ තමා උඹටත් ඔය ගිහින් තියෙන්නෙ....

මොකද තෝ හිනා වෙන්නෙ...අනේ අප්පච්චි බලන්නකො මූ හිනා වෙනවා මගුල.....මූට තමා මෝඩ මොලයල් ගිහින් තියෙන්නෙ මගුල..ඌරු මොලේ...නැත්ත ගෑනු උස්සන් එයිද....මටයි ගෑනු හොරා කියන්නෙ...තෝ හින්දා මම ගුටි කනවා....

වලව්වෙ නම්බුව රකින්න ඕනා හින්දා කෙල්ල පැනල ගිහින්ද බලන්න මේ ආත්මෙටවත් පොලීසියෙ පස් පාගන්නෙ නැති මැනිකෙලා නිලමෙලා ඊලග පාර නවතින්නෙම සූනියම් අප්පච්චි කියන සූනියම් දෙයියන්ගෙන් වැඩ ගන්න ගුරෙක් ගාව වෙනකොට අම්මා කොයිවෙලෙත් මොකක් හරි උනාම එහෙ රිංගන හින්දම මම අප්පච්චිගෙ නෙවෙ ගුරාගෙ කියනකොට අරූ කට කොනින් හිනා උනා...ඌට නම් මොකද...මම එපැයි හැම පැත්තෙම්ම ගුටි කන්න....

මම හිනාව නැවැත්තුවා.....දැන් හිනා වෙන්න නෙවෙ...බිනරි ඉන්නෙ අපිගව නම්...ඒකිව යවනකන් පරිස්සම් කරන්න වෙනවා.....

අප්පච්චි ....බිනරිව....

මං දර්මෙට කිව්වා ගේ අස් කරන්න කියලා...දැන් ඉතින් අම්මව කොළඹ එක්ක යන්න වෙන්නෙ නෑ..ආවොත් තියන තන්හාවට ඔය ගෙදර සුද්ද බුද්ධ කරන්න යනවා..මොකක් හරි පිලිවෙලක් කරන කම් ඒකිව බලාගන්න වෙනවා....

අප්පච්චි ....මං...එයාව....මං කිව්වෙ...අපි....මෙයයි..මායි....මේ...කතා...උනෙ....ප්‍රාන්ස්...යවන්න.....

ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාර කරන්න බෑනෙ දරුවො...

මං....අපේ...ගෙදර...එක්ක...කතා..කෙරුවා...

එනනත් කලින් ඔක්කොම කරලා...මං කිව්වෙ....ඔක්කොම කරන්නෙ ගහෙන් ගෙඩි එනවා වගේ....උඹලව හදන්න බෑ....ඔක්කොම එකයි...දැන් අරකි කෝ....

අපි...ගාව...

ම්ම්ම්ම්...

අප්පච්චි ...බලනවද...

ඔය කෙල්ල දැන් මාව දැක්කත් බය වෙනවා..කමක් නෑ..අද රෑට ඉදපු දෙන්...හෙට පාන්දරම ඇහැරවලා තියපන් මම අරන් යන්න එන්නම්....

හුම්....

විතේන් .

අප්පච්චි

කෝ බලන්න ඔය ඇදුම ඉස්සුවා නම්

න්න්..නෑ...එක්කො...එපා...අප්පචි...

මම විතේන් දිහා බැලුවා..මූ මොකද ඇබරෙන්නෙ??

විතේන් ඕක උස්සලා අප්පච්චිට පෙන්නන්න....

එයා බිම බලන් හොරෙක් වගේ බිම පහුරු ගානවා..මෙච්චර වෙලාම මැරෙන්ඩ වැටිලා උන්න විතේනයා ඒ පාර දොන්ත බිබිකමක් වෙලා...

කන් ඇහෙන් නැද්ද විතේන් ඕක පෙන්නවකො....

ම්හුක්...අප්පච්චි ....කමක් නැද්ද...චුට්ටක් විතර පෙන්නුවට....

කොල්ලො ඔක උස්සපන් බන් තැල්ම හිටලද බලන්න.....

මේ ලමයට ලැජ්ජයිනෙ....

මොන මගුලද කියන්නෙ විතේන් ....ඕක උස්සනවකො ඕයි....ලැජ්ජයි කියන්නෙ.....

මං බලන් උන්නා...මූ ඇබරෙනවා...හරියට මේ වෙන මොනවා හරි බලන්න හදනවා වගේනෙ මූ ඇඹරෙන්නෙ.....මං සැර කෙරුවා...

නිතේස්....මේ ඒයි...👉👈ම්හුක්....

ewww....මොකද.....ඔය කතා කරන හැටි....අර ගඩාපියා වගේ ඇගත් එක්ක මොකක්ද උනා.....

ම්හුක්...අපි දෙන්නා අතර යම්කිසි දෙවල් ගොඩක් සිද්ද උනානෙ ඒයි.....මේ ලමයගෙ ඇගේ...ඔයල මයගෙ දත් පාරවල්...බ්බ්බ්බ්..බ්බ්බ්...භ්හ්...භ්හ්...භ්හ්....භ්හ්....බ්භ්න්න්හ්හ්...භ්හ්....

න්න්..නෑ...අප්පච්චි ...මං...මේ...ඒ...තැලුම්..පාරවල් බලාලා...බෙහෙත්...දාන්නම්....

තොපි දෙන්නටම ලැජ්ජා නෑ..නැහැදිච්ච කොල්ලො දෙන්නා...

අප්පච්චි ඔලුව වනලා යන ගියා වගේම මං ඉක්මනට එයාව ඇදලා අරන් කාර් එකට තල්ලු කෙරුවා ...

ඌව්හ්....අප්පා.....හෙමින් යක්සයො...රිදෙනවා...හැම තැනිම්ම ගුටි කාලා...ඇගපත නෑවගේ.....

අනේ....එතන නිල් වෙලානෙ...අපි බෙහෙත් ටිකක් ගේන්න යමුද.....

ආව්..හ්...ඕන් නෑ...

උඹට රිදෙනවනෙ මැනිකෙ.....

මං එයාවත් දාගන මග දුරක් ඇවිල්ලා කාර් එක පාරෙ අයිනකින් නැවැත්තුවා.....නවත්තලා අප්පච්චිට පෙන්නන්න බැරිව හැංගුන එයාගෙ ටී ශර්ට් එක උස්සලා බලනකොට යටි බඩ ගාව නිල්ම නිල් පාට වෙලා තිබුනා.....එයා හිනා වෙනවා...එයා විහිලු කරනවා...ඒත්...එයා ලොකු වේදනාවක් හංගනව....මගෙ ඇස් වලට කදුලු එකතු උනා....

අරූට තව දෙක තුනක් ඇනගන්න බැරි උනානෙ....

උඹ තව ඇන්නා නම් ඌ මැරෙයි තේශි....අර ගෑනිට ඇදලා ඇරපු පාරට මම හිතුවා ඒකිගෙ කන් බෙරේ හිල් වෙල යයි කියලා....

නෑ මගෙ විතේන්.....ඔය මං අවුරුදු ගානක් තද කරන් උන්න වේදනාවෙන් ටිකයි මං එලියට දැම්මෙ....උන් හැම දාන කෙරුවෙ ඇදේට ඇවිදලා අපිට කෙලින් යන්න කියලා අපිව මරවපු එක...නමට මොල්ලිගොඩ කියලා උජාරුවෙන් උන්නට.....අපියි දන්නෙ ඒකෙ ඇත්ත....මිනිස්සු කවදාවත් පිට මිනිස්සු ඉස්සරහා තමන්ගෙ ඇත්ත තත්වෙ පෙන්නන්නෙ නෑ විතේන් .....උන් කරන්නෙ හොදයි වගේ රගපාන එක මිසක්...වෙන දෙයක් නෙවෙ.....

මගෙ අප්පච්චි පව් විතේන් ...සමහර විට...මං මගෙ අප්පච්චිට වඩා ටිකක් වත් වාසනාවන්ත ඇති . ...උඹ මගෙ හයියට ඉන්න හින්දා මං කෙලින් ඉන්නවා...ඒත්....උඹගෙ අම්මට ඕන උනත්...ඉන්න බැරිව යන්න ඇති විතේන්...අපේ හයියට අප්පච්චි උන්නට...අප්පච්චි ගෙ හයියට කවුරුත් ඉන්න නැතිව ඇති විතේන් ...

මගෙ අප්පච්චි තවමත් කරන්නෙ...නොලැබෙන උඹගෙ අම්මා මත්තෙ වැටීගන ලැබුන දෙයින් විදව විදව හූල්ලන එක මැනිකේ....

මම උඹට මැනිකෙ කියලා කතා කරනව නම්...මගෙ අප්පච්චි උඹගෙ අම්මට කොහොම කතා කරන්න ඇතිද.....

මනුස්සයෙක් මරන්න ගහන්න අනින්න කපන්න කොටන්නම ඕන් නෑ විතේන් ...වචනවලින් මනුස්සයෙක්ව නොමරා මරන්න පුලුවන් ...උඹලා හැමදාම කෙරුවෙ වේදනාව හංගන්....අපිට හිනා වෙන්න තැනක් හොයපු එක.....වේදනාව හංගන්...අපිව නිවපුඑක.....අවසානෙදි ...කිසිම දෙයක් නොකියාම යන්න යන එක.....ඒක මහ වේදනාවක් මගෙ විතේන්....මේලෝකෙ හැම කෙනෙක්ම සතුටින් ඉන්න ඕනා.....

මේ ලෝකෙ හැම කෙනෙක්ටම හම්බෙන්න ඕනා විතේන් කෙනෙක්....වැටෙන හැම වෙලාවකම වේදනාව හංගන් හරි අනිකව කෙලින් කරන එකෙක්.....මං උඹට හරි ආදරෙයි මැනිකේ...මං උඹට පනවගේ ආදරෙයි ...මට ආයමඋඹ එක්ක අර පොඩි වලන් හට්ටියේ උයන්න ඕනා.....එදා තිබුන ඒ සතුට සැනසීම මට වච්නවලින් මෙච්චරයි කියන්න බෑ මගෙ විතේන්...

ගඩාපියා කිව්වා හරි.....උඹ හරි ආදරනීයයි තේශි....වෙලාවකට ඔහේ ඉන්න....ඉදලා ඉදලා යකා නගින උඹ ඇතුලෙ ඉන්නෙ හරි ආදරනීයම වගේම අහිංසක කෙනෙක්...

ඉතින් ආදරනීයම මනුස්සයෙක්ට හම්බෙන්න ඕනා ආදරනීය කෙනෙක් නෙවෙද සුදු අප්පො....

මම එහෙම්ම එයාගෙ උකුල උඩ ඔලුව තියා ගත්තා ....වේදනා වින්දා උනත් එයා මගෙ ඔලුව අත ගෑවා.....මොන වේදනාවක් වින්දා උනත් එයාට ලන් වෙන හැම මොහොතකම මම හරි සැනසීමක් ලැබුවා...

අපි යමු මැනිකෙ උඹට අමාරුයි.....

මම තත්පර ගානකින් නැකිටලා එයාගෙ කම්මුලට හාදුවක් දීලා අවුල් උන කොන්ඩෙයි සුදු මැලි උන මුනයි අතගෑවා.....

අපි මොනවා හරි බොමු .....

හා....තේශි ...සුදු පාට දෙයක් බොමුද.....

හා....මොනවද ඕනෙ.....මේ රෑ නම් එලකිරි එපා.....සෙම හැදෙවි...අනික මෙහෙට කොයි වෙලෙත් චුරු චුරු වැස්සනෙ.....

මං එයාගෙ ටී ශර්ට් එක අස්සෙන් අත දාලා තැල්ම තිබුන තැන හිමින් පිරිමදිනකොට අනේ එයා ඇස් දෙක වැහුවා....පව් මගෙ කොල්ලට...

මොනවද් මගෙ විතේන්ට ඕනෙ....

ඩ්‍රයිව් කරන ගමන් උන්න මම එයා දිහා බැලුවා....එයා උන්නෙ ඇස් පියාගන.....

ම්ම්ම්ම්....මොනවා හරි...ඇගට පන එන දෙයක්....

ඇගට පන එන ....ම්ම්ම්...හා...අපි මොනව හරි ගමු...ඇගට පන එන....

හුම්....සුදුපාට...දෙයක් නම්...වඩාත්...හොදයි.....අධිප්‍රෝටීන් නම්.....තවත් හොදයි.....ඒක...දැන්...දුන්නත්...

හොදටම හොදයි......මේ ලමයට...ඇගට පන නෑනෙ...සුදු ..අප්පෝ.....ඔය....පාරෙ....අයිනෙන්...නැවැත්තුව නම්...ඒකත්....හොදයි...

විතේනයා.....හ්හ්හ්හ්හ්.....!!!

ම්හුක්....ලෝබ කම.....

🙂ආය හෙච...

අහිම්සකයි මං ...බබෙක් වගේ තොම්ත.....

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම.

Ferdeesha ❤️💚😘 .....

More Chapters